tag:blogger.com,1999:blog-5237566227786563166.post6052825270514861085..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ විජය කුමාරතුංග ගැයූ ඔබ නෑසූ ගී෴දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-5237566227786563166.post-5143159891304627122019-06-09T20:21:33.801+05:302019-06-09T20:21:33.801+05:30වේදනා කියන කැසට් එකේ තියෙනව "කුරුල්ලන්ගෙ ගීත ...වේදනා කියන කැසට් එකේ තියෙනව "කුරුල්ලන්ගෙ ගීත නාද නවතනු බැරිවේය තොපට, සුපුල් කුසුම පිපී නටනු වලකනු බැරි වේය තොපට..." කියල සින්දුවක්..පුලුවන්නම් හොයල දෙන්න..Amila Udana Jayarathnehttps://www.blogger.com/profile/16165866872041238416noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-46950233479173249562017-11-21T14:18:39.995+05:302017-11-21T14:18:39.995+05:30http://meemessasinhalasongs.com/free-sinhala-mp3/s...http://meemessasinhalasongs.com/free-sinhala-mp3/song/download-wahale-yata-leeye_vijaya-kumaranathunga-sinhala-mp3.html

මේකේ තියෙනවා අහන්නPriyankahttps://www.blogger.com/profile/15435323172997377942noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-24563241671095346042014-01-20T10:21:12.747+05:302014-01-20T10:21:12.747+05:30මේ කැසට් පටයේ එන තවත් මගේ මතකයේ රැඳුණ ගීත කීපයක්; ...මේ කැසට් පටයේ එන තවත් මගේ මතකයේ රැඳුණ ගීත කීපයක්; පුළුවන් නම් ඒවත් දාන්න.

කුරුල්ලන්ගෙ ගීත නාද
වහලේ යට ලීයේ, එල්ලී මිය ගිය මගේ මලේ
උපන් බිමට පිටුපා
අතුරේ අනතුරු ගමනද මිහිරියි මිතුරේ
තව ධර්මිෂ්ට සමාජය කියලා සිංදුවකුත් තිබ්බා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-66363170556702034672013-09-02T10:23:47.636+05:302013-09-02T10:23:47.636+05:30විජය කුමාරතුංග කියන්නෙ මම මගේ ජීවිතේ වැඩියෙන්ම ගරු...විජය කුමාරතුංග කියන්නෙ මම මගේ ජීවිතේ වැඩියෙන්ම ගරුකරන පුද්ගලය (ගිහියන් අතර). එතුමාගේ මානව දයාව, කරුණාව මුළුමහත් සමාජයටම විශාල ආදර්ශයක්. මා ලඟත් විජය කුමාරතුංග මැතිතුමාගේ ගීත විශාල ප්‍රමාණයක් තියෙනව. මම ඒවා බොහොම අමාරුවෙන් හොයාගත්තෙ එතුමාට සහ එතුමාගෙ ගීත වලට තියෙන කැමැත්ත නිසාමයි. නමුත් ඒ ගීත වැඩි ප්‍රමානයක් තියෙන්නෙ කැසට් පට වල. නැත්නම් share කරන්න තිබුන. Anonymoushttps://www.blogger.com/profile/13871183247982189866noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-68196555675787487672013-08-05T11:44:49.974+05:302013-08-05T11:44:49.974+05:30සොල්දාදුවෝ ගීතය අන්තර් ජාලයේ සොයන විටයි මට මෙම බ්ල...සොල්දාදුවෝ ගීතය අන්තර් ජාලයේ සොයන විටයි මට මෙම බ්ලොග් පිටුව හමු වුණේ. මෙම ගීතය අන්තර් ජාලයේ ඇතැයි යන්න පවා මුලින් මම බලාපොරොත්තු නොවුණෙමි. මෙම ගීතය වෙනුවෙන් ඔබට වචනයෙන් කිව නොහැකි තරම් ස්තුතියි. මෙවන් ගීත වල සැබෑ වටිනා කම තේරුම් ගැනීමට හැකි ආකාරයේ දුර්ලභ හදවතක් තිබීම ගැන ඔබ ඔබ ගැනම සතුටු විය යුතුයැයි සිතේ.Prageeth Jayasinghehttps://www.blogger.com/profile/05014340651225175645noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-60025772955069708682012-06-09T11:51:33.580+05:302012-06-09T11:51:33.580+05:30බොහොම් ස්තුතියි මේ ගීත වලට. විජය යනු අසාමාන්‍ය හඬ ...බොහොම් ස්තුතියි මේ ගීත වලට. විජය යනු අසාමාන්‍ය හඬ පෞරුෂයක් තිබූ කෙනෙක්. විජය මිය යනකොට මගේ වයස අවුරුදු දෙකයි. ඒත් පසු කාලීනව විජය ගේ ගීත මෙන්ම රඟපෑම් වලටත් මම ඉතාමත් ඇළුම් කරන්න ගත්තා.
මංජුල ගේ ගායනය ඇසෙන විටම මට එය විජයගේ ගායනයෙන් වෙන් කර හඳුනා ගන්න පුළුවන්. මංජුලගේ කටහඬ වගේම ගායනයත් විජයගේ කටහඬට උපරිම සාධාරණය ඉටු කළත් විජයගේ ගායනයේ තිබෙන මොකක්දෝ ගුණයක් ඒ ගායනයේ අඩුයි. ඒ කුමක්දැයි කියන්නට හරියටම බැරි වුණත් විජයගේ ගායනය ඇහෙනකොට හදවත ඇතුලෙ දෝංකාර දෙන ගතියක් දැනෙනවා.
කරුණාකර ඉතිරි ගීතත් අප වෙනුවෙන් ඉදිරිපත් කරන්න.
මඟ බලාගෙන ඉන්නවා! :)ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-91495191477162961612012-02-22T22:53:02.561+05:302012-02-22T22:53:02.561+05:30සෝරෝ..ට
සෝරෝ.. මම හැමදාමත් කලේ වෙනස් දෙයක්. මේකත්...සෝරෝ..ට

සෝරෝ.. මම හැමදාමත් කලේ වෙනස් දෙයක්. මේකත් එහෙමයි. තවත් දවසක විජයගේ ඉතිරි නො ඇසූ ගී අහමු. ස්තූතියි ඔබට කාලය ටිකක් මිඩංගු කර මේහේ ආවාටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-1830819288752805942012-02-22T22:50:03.681+05:302012-02-22T22:50:03.681+05:30හරී..ට
හිත හොඳ හැමෝගෙම ආයුෂ කෙටියි. ඒ හිත හොඳ වැඩි...හරී..ට
හිත හොඳ හැමෝගෙම ආයුෂ කෙටියි. ඒ හිත හොඳ වැඩිකම නිසා. හැබැයි මට හිතෙන වියට නම් විජය හොදම රංගනය අරඹන්නෙ දේශපානයෙන්. ඒ නිසයි විජය ජනතාවාදී නායකයෙක් වුණේ. හැබැයි ඒ දේශපාලනය තුළ ඔහු අද හිටියනම් මේ රට මීට වඩා වෙනස් වෙන්න තිබුණාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-84642794910115032162012-02-22T22:44:58.506+05:302012-02-22T22:44:58.506+05:30@ outsider
හරියට හරි. ඔබේ අදහස් සියල්ල සමග මම එකඟ...@ outsider

හරියට හරි. ඔබේ අදහස් සියල්ල සමග මම එකඟවෙනවා.මේවන විට යථාර්ථවාදී කලාකරුවො නැහැ.දේශපාලනට කිසිඳු සබඳකමක් නොදක්වන කලාකරුවන් හැර සෙසු අය කලාවේ මුලාවෙන් ජනතාව රැවටුවා. මට කනගාටු ඒකයි.
සුනිල් ආරියරත්න මහත්මයාටත්, නන්දාටත්, කලා ලෝකයේ ජනතාව වෙනුවෙන් තනිවම කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා මේ යථාර්ථය හමුවේ ඔවුන් දෙදෙනා මුනිවත රකිනවා.වෙනදේ බලා ඉන්නවා. අනෙක් අය නිවට නියාලු විදිහට කඩේ යනවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-90853573820335852332012-02-22T22:37:05.938+05:302012-02-22T22:37:05.938+05:30ලොකු ජෝන් ට
ලොකු, මම විජය දැකලා තියෙන්නේ චිත්‍රපට...ලොකු ජෝන් ට

ලොකු, මම විජය දැකලා තියෙන්නේ චිත්රපටවලිනුයි. ඡායාරූපවලිනුයි විතරයි.ඒත් ඔබ ඔහුව ජීවමානවම එක මෙහොතක හෝ දැක තියනවා. ඒ අතින් ඔබ හරිම වාසනාවන්තයි. මගේ සිංහල චිත්‍රපට ලෝකයේ ඔහු අමරණීය පෙම්වතා ඒතරමටම ඔහුගෙ රංගනයටත් ගායනයටත් කැමතියි. ස්තුතියි ඔබේ සටහනටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-57075185051788392232012-02-22T22:32:19.393+05:302012-02-22T22:32:19.393+05:30ශානි ට
ස්තුතියි ශානි. හැමෝම අහලා තිබුනේ දඟගෙයි දඩ...ශානි ට

ස්තුතියි ශානි. හැමෝම අහලා තිබුනේ දඟගෙයි දඩුවම් ගීයයි. ඒක ජනප්‍රිය වුනේ මෑත කාලයේ මංජුල වර්ණකුල නිතර නිතර ගැයූ නිසා. මට ඔනෑ වුනේ විජයගේ මුල්ම ගීය දෙන්නයි. හැබැයි මේ කැසට් පටයේ අනෙක් ගීත 09 ඇහුවොත් සමහර විට පුදුමත් හිතේවි මේ විජයද කියලා. අපි ඒ ගීත ටිකත් අස්වැන්නෙන්ම මතු දවසක අහමු.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-65683515494105339762012-02-22T19:42:37.627+05:302012-02-22T19:42:37.627+05:30දඟගෙයි දඬවම්න ම් අහලා තියෙනවා අනිත් දෙක අහලා නෑ......දඟගෙයි දඬවම්න ම් අහලා තියෙනවා අනිත් දෙක අහලා නෑ... බොහොම ස්තූතියි...!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-79552367573744931822012-02-22T16:11:53.072+05:302012-02-22T16:11:53.072+05:30මමත් කැමති ගායකයෙක්...අන්තිම එක ඇරෙන්න අනික්වා නෑස...මමත් කැමති ගායකයෙක්...අන්තිම එක ඇරෙන්න අනික්වා නෑසූ ගීම තමයි..

විජය හරිම හොඳ මනුස්සයෙක් කියලා දන්නා හඳුනන බොහෝ අය කියනවා..ඔහු දේශපාලනයට නාවානම් තවමත් ජීවතුන් අතර කියලත් කියන්නෙ ඒ අයම තමා..ඒ බොහෝ අය සීදුවෙ....

වටිනා චරිතයක් නැතිවීම ගැන කණගාටුයි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-5825745484391339052012-02-22T10:14:28.885+05:302012-02-22T10:14:28.885+05:30පල වෙනි සිංදු දෙක නම් අහල නෑ වගේ. පස්සෙ වෙලාවක අහන...පල වෙනි සිංදු දෙක නම් අහල නෑ වගේ. පස්සෙ වෙලාවක අහන්න ඕනි. මොකද ඔන්ලයින් ගීත අහන්න අමාරුයි තියෙන පහසුකම් එක්ක. ඩවුන්ලෝඩ් කරගන්න පුඵවන් ගීත විතරයි ගොඩක් දුරට අහන්න වෙන්නෙ.

කොහොමත් විජය කුමාරතුංග කියන නඵවට වඩා මම කැමැති වුණේ විජය කුමාරතුංග කියන දේශපාලකයට සහ ගායකයටයි. පුංචි කාලෙ ආශාවෙන් බලපු විජය කුමාරතුංග කියන වාණිජ සිනමාවෙ වීරයාට වඩා ඔහුගේ ගීත සහ දේශපාලනය මහ පොළොවෙ පැවතුණා කියල මට හිතෙනව. ඒ වගේම ලංකාවෙ අද තියෙන මේ කැත දේශපාලනය මේ තරම් රජ වෙන්න හේතු වුණේ විජය වගේම මරා දැමුණු සැබෑ මිනිසුන්ගේ අඩුපාඩුව නිසායි.
කපුගේ, විජය, කේමදාස ජනතාව අතරම මිය ගියා. ඒත් සුනිල් ආරියරත්න මහදුරැන් හෝ නන්දා මාලිනිය ජනතාව අතර මියගියේ නැති අතර ජනතාව අතර ජීවත් නොවන බවද අද වන විට පැහැදිලි වෙමින් තිබේ. ඒත් ඔවුන් අවස්ථානුකූල හොඳ බිස්නස්කරුවන් විය හැකි බවද ඇතැමුන් යම් යම් තැන් වල පවසා තිබෙනු දැක ඇත.

හැමදාම වගේ ඔබේ ලිපිය ඉතා අගනේය. ස්තූතියි එයට.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-35109898305747550052012-02-22T00:56:47.758+05:302012-02-22T00:56:47.758+05:301980 නැත්නම් 81 මම වනාතමුල්ලෙ තට්ටු නිවාසයක උන්නෙ ...1980 නැත්නම් 81 මම වනාතමුල්ලෙ තට්ටු නිවාසයක උන්නෙ දවසක් විජයකුමාරණතුංග අපෙ ෆ්ලැට් එකට ආවා විජය පොදු මිනිහගෙ මිනිහෙක් කියලා මට එදා තෙරුනෙ නෑ. මොකද මම එතකොට පාසලෙ 1 නැත්නම් දෙකේ. ඒත් පස්සෙ කාලෙක මට විජය කියන්නෙ කවුද කියලා තෙරුනා. ස්තුතියි ගීතවලට . නිවාඩු පාඩුවෙ සින්දු ටික අහන්න ඕනෙ.Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-46005427218128753302012-02-22T00:41:30.768+05:302012-02-22T00:41:30.768+05:30අදහස් දැක්වූ බොහෝ දෙනෙකු වගේ මම අසා තිබුණෙත් දඟගෙය...අදහස් දැක්වූ බොහෝ දෙනෙකු වගේ මම අසා තිබුණෙත් දඟගෙයි දඬුවම් ගීතය පමණයි.. ඔහුගේ අසම රංගනය හා බැඳි ගායනය අපූරුයි.. කටහඬ බොහොම ප්‍රබලයි. විටෙක ප්‍රේමනියයි.. විටෙක විප්ලවකාරියි.. අසා නොමැති ගීත දෙකක්ම අසන්නට සැලැස්වීම ගැනත් අසා තිබූ ගීතයේ මුල් ගායනය අසන්නට සැලැස්වීම ගැනත් මගේ හද පිරි ස්තුතිය...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-9597982305976289602012-02-21T23:03:41.443+05:302012-02-21T23:03:41.443+05:30නුවන් ට
අසූව දශකය බොහෝ විප්ලවකාරී නිර්මාණ වලට තෝත...නුවන් ට

අසූව දශකය බොහෝ විප්ලවකාරී නිර්මාණ වලට තෝතැන්නක්. කපුගේ, නන්දා, කේමදාස, විජය වගේම සිනමාවෙ ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක ලොකු වැඩ කොටසක් කළා. ඒ යුගයේ.

ඔබ වැන්නෙකුගේ අදහස් මට හරිම වැදගත්.මෙහෙම හරි හමුවෙන එක සතුටක්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-39072140797903966812012-02-21T23:00:02.254+05:302012-02-21T23:00:02.254+05:30ඩිෂාන්..ට
ඩිෂාන් ගොඩක් කාලෙකට පස්සෙ, ස්තුතියි පැමි...ඩිෂාන්..ට
ඩිෂාන් ගොඩක් කාලෙකට පස්සෙ, ස්තුතියි පැමිණියාට.

විජයගේ මේ "වේදනා" කැසට් එක 1983 දී විජය විසින්ම එළිදැක් වූ එකක්. ගීත 12 යි. 12ම ලිව්වෙ සුනිල් ආරියරත්න මහතා. නියම ලේ රත්වෙන සිංදු සෙට් එකක්. මම කැමතිම ඒගේ ගීත වලට

මේ කැසට් පටයේ තවත් රසවත් ගීත 09 ක් තියනවා ඉතිරි ගීත ටිකත් ඉඩක් ලැබෙන් පරිදි ආයෙ වෙලාවක මෙහෙදිම අහමු. නැත්නම් ඔබ ලංකාවට ආවාම හමු වූ වෙලාවක බෙදාගෙන අහමුදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-37232230804203721942012-02-21T22:55:24.432+05:302012-02-21T22:55:24.432+05:30සයුරී..ට
සයුරී. හැමෝම අහලා තිබුනේ දඟගෙයි දඩුවම් ගී...සයුරී..ට
සයුරී. හැමෝම අහලා තිබුනේ දඟගෙයි දඩුවම් ගීයයි. ඒක ජනප්‍රිය වුනේ මෑත කාලයේ මංජුල වර්ණකුල නිතර නිතර ගැයූ නිසා. මට ඔනෑ වුනේ වජයගේ මුල්ම ගීය දෙන්නයි.

විජය වගේ දුර්ලභ මිනිසුන් බිහිවීමත් දේශපාලනයට යොමුවෙන්න එක හේතුවක්. හැබැයි ඒ පොදු ජනතාව වෙනුවෙන්. ඒ නිසා විජය සදාකාලික අමරණිය මිනිසෙක්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-70336981479012512182012-02-21T22:51:16.348+05:302012-02-21T22:51:16.348+05:30ඔබ නොදුටු ලොවට
ස්තුතියි ඔබේ සටහනට. මටත් ඕනෑ වුනේ ...ඔබ නොදුටු ලොවට

ස්තුතියි ඔබේ සටහනට. මටත් ඕනෑ වුනේ විජගේ නෑසූ ගීත ටිකක් දෙන්නයි. ඒ උත්සාහය හරි වගේ
විජය 1983 දී නිකුත් කළ මේ කැසට් පටයේ තවත් රසවත් ගීත 09 ක් තියනවා ඉතිරි ගීත ටිකත් ඉඩක් ලැබෙන් පරිදි ආයෙ වෙලාවක මෙහෙදිම අහමු.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-1163070279982223682012-02-21T22:48:12.621+05:302012-02-21T22:48:12.621+05:30ලකිසිරි..ට
ස්තුතියි ලකිසිරි ඔබේ පැමිණිම වෙනුවෙන්....ලකිසිරි..ට

ස්තුතියි ලකිසිරි ඔබේ පැමිණිම වෙනුවෙන්.

විජය තරම් මිනිසුන්ගෙ ආදරය දිනාගත් නළුවෙක් නෑ ඇත්ත. ඒත් එහෙම ජනතාව ආදරය කළ නළුවෙකුට එරෙහිව ගිනි අවියක් ඔසවන්න තරම් හිතක් තිබුණද කියල හිතෙනවා.
විජය ආවෙ හන්තානෙ කතාවෙන් ඔබ නිවැදියි. විජය මියගියේ තරුණ ජවයත් එක්කමයි. ඒ නිසා ඔහු සදාකාලික පෙම්වතා වගේම සදාකාලික තරුණයෙක්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-89958060603902896332012-02-21T22:42:45.817+05:302012-02-21T22:42:45.817+05:30රූ..ට
රූ.. සුනිල් ආරියරත්නයන් අසූව දශකය ආරම්භයේ ව...රූ..ට

රූ.. සුනිල් ආරියරත්නයන් අසූව දශකය ආරම්භයේ වැඩියෙන්ම ලිව්වෙ විරෝධාකල්ප ගී. නන්දාගේ සත්‍යයේ ගීතය, කපුගේ ගේ කාලයේ රාවය, ඒ නිර්මාන ඔස්සේ නව ජවයකින් සමාජ අනුවර්තනයක් කළා. විජයත් එහෙමයි. අද ඒවගේ අය හිඟයි.

ස්තුතියි ඔබටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-91779096403729615782012-02-21T22:39:17.711+05:302012-02-21T22:39:17.711+05:30මධුරංගට
මධුරංග, දඟගෙයි දඪුවම් ගීය ජනප්‍රිය වුනේ ම...මධුරංගට

මධුරංග, දඟගෙයි දඪුවම් ගීය ජනප්‍රිය වුනේ මෑත කාලයේ මංජුල වර්ණකුල නිතර නිතර ගැයූ නිසා. මටනම් විජයගෙ රංගනයත් ගායනයත් දෙකම අමෘතයක් වගේ දැනෙනවා.

මම විජයගෙ ගීත අතරින් කාලෙකින් නෑසුන මේ ගී තෝරගත්තෙ වෙනසක් සදහා.
එච්.ඩී.ප්රේමරත්නගෙ සහරාවේ සිහිනය චිත්‍රපටයේ වලාකුලක්ගෙන ගීයත් මරු. හැබැයි .ඒකම සුනිල් එදිරිසිංහත් ගැයුවා. මගේ මතකයේ හැටියට සුනිල්ට ඒ ගීය වෙන්වෙන් සරසවි සම්මානයත් ලැබුණා වගේ ටිකක් මතකයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-73561045280369704682012-02-21T22:33:42.621+05:302012-02-21T22:33:42.621+05:30නිසූපා..ට
ඇත්ත නිසූ.. විජයගෙ ගැඹුරු හඬ පෞරුෂය ගීත...නිසූපා..ට

ඇත්ත නිසූ.. විජයගෙ ගැඹුරු හඬ පෞරුෂය ගීතයට ආලෝකයක් වුණා.ඔහුගෙ හඬ අනෙක් ගීහඬවල් වලින් වෙනස්ම එකක්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-32614751473307894322012-02-21T22:31:00.235+05:302012-02-21T22:31:00.235+05:30@..hare
ස්තුතියි ඔබට, මේ විජයගේ මුල් කාලෙ ඔර්ජිනල...@..hare

ස්තුතියි ඔබට, මේ විජයගේ මුල් කාලෙ ඔර්ජිනල් සිංදු සෙට් එකක්. දඟගෙයි දඬුවම් ගීය ඔර්ජිනල්ම එක. විජය මියගිය පසුව මේක අලුත් සංගීතයට හැදුවද මංදා. මට නම් නිතරම ඇහුනෙ මංජුල වර්ණකුල ගැයූ ගීයයි.

අදටත් ගීයෙන් සමාජය කෙරෙහි ලොකු බලපෑමක් කරන්න පුලුවන්. නමුත් කලාකරුවන් පළමුව අවංකව ජනතාවාදී වෙනවනම් විතරයි. ඒත් අද එවැන්නක් දක්න්ට නැහැ. මිල මුදලට තනතුරුවලට දේශපාලකයන්ගේ එහෙයියන් වෙලා ඔවුන්ට කඩේයන.වන්දනා කරන කලාකරුවන් පිරිසක් අද ඉන්නෙ. එතකොට ගීයෙන් සමාජය මෙහෙයවන්න බැහැ.

අනික ඒ අයට රසිකයන් රවට්ටන්නත් බැහැ. ඒකය් අද තත්වය ජනතාව නිද්‍රාශීලි වුනේ නියම කොන්දක් ඇති කලාකරුවන් නැති නිසා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.com