අසම්මත නාදයක සිර කළ සිවුරුහන් සංගීතයේ රිද්මය....
සංගීතයේ, ගීතයේ
රසමුසු තැන් සොයා ඇවිදින වෙලාවට අහන්න
විඳින්න ලැබෙන සමහර නිර්මාණ අපූර්වත්වයකින් පිරුණ ඒවා. ඒ වගේම ඒ නිර්මාණකරුවන්ගේ සැබෑ ගුණසුවඳ විහිදුවන
සැබැම නිර්මාණ විදියටයි මට හැඟෙන්නේ. මොහොතකටවත්
හිතෙනවද ගීයක් ඇහෙන වෙලාවක ඒ ගීතය බිහිකරන්න ගීතරචකයා, සංගීත අධ්‍යක්ෂකවරයා,
ගායකයා හෝ ගායිකාව හැරුණු විට ඒ නිර්මාණය පිටුපස ඒ ගීතය මනරම් නිර්මාණයක් කරන්නට
වෙර දැරූ නිර්මාණාත්මක හැකියාවන් ඒ ගීතයට එකතු
කළ මොන තරම් පිරිසක් ඉන්නවද කියලා. ඇත්තටම බැලුවොත් ගීතයක් නිර්මාණය කිරිමට
නොයෙක් අන්දමින් සිය නිර්මාණ දායකත්වය ලබාදෙන පිරිස අතර වාද්‍ය ශිල්පීන්, පටිගත කිරීමේ
ශිල්පින්, කාර්මික ශිල්පින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා ගීතයක් ගැන අදහස් දැක්වීමේදී ඔවුන්ගේ
කාර්ය භාරය සුළුකොට තැකිය නොහැකියි.
ඒ නිසා ගීතයක්
ඉතා සියුම් මනරම් සැරසිල්ලකින් සරසන්න ඒ පිටුපස සිටින වාද්‍ය ශිල්පින් අතරින් තවත්
වාද්‍ය ශිල්පියෙක් සහ ඔහුගේ අපුර්වතම නිර්මාණාත්මක හැකියාව අද අස්වැන්නෙන් සටහන් කරන්නයි මගේ මේ වෑයම.
මට කාලෙකට පස්සෙ මතක් වුණේ අපට හිටපු තවත්
එවැනි අති දක්ෂ වාද්‍ය ශිල්පියෙක්. මට විතරක් නොවෙයි 70,80 දශකවල නිර්මාණවල
තිබූ ගුණ සුවඳ පිළිබඳව නිරන්තරයෙන් කතාබහ
කරන රසවතුන්ටත් මේ ශිල්පියා පිලිබඳව හොඳ මතකයක් ඇති.
ඒ අසූව දශකයේ නිර්මාණය වූ පරණ කැසට් පට කීපයක් අතරින් මොහුගේ මේ නිර්මාණ
එකතුව අහන්න පුඵුවන් තරමට යාන්තමට හදා
ගත්තත්, මේ වාද්‍ය ශිල්පියාගේ මුහුණ
ඇතුළත් කැසට් කවර පවා නැවත ප්‍රයෝජනයට ගන්න නොහැකි තරමට දිරාපත් වී ඇති නිසා මට අද සිදුවන්නේ
හොලිවුඩ් සිනමාවේ සුපිරි රංගන ශිල්පියෙකු
වූ Clint Eastwood ගේ පිංතූරයකින් ඒ
අඩුව පිරිමසා ගන්න. ඒ විතරක් නෙවෙයි මේ කතා පුවතේ එක තැනකට ඒ සුපිරි රංගන ශිල්පියා
වන Clint Eastwood වත් එකතු වෙනවා. ඒ නිසා අද අස්වැන්නට
හේතු පාදක වන මේ වාද්‍ය ශිල්පියාගේ
පිංතූරයක් මේ අන්තර්ජාලයේ හැම අස්සක් මුල්ලක් නෑරම විමසුවත් සොයාගන්න ලැබුණෙ නැති එක එක්තරා අන්දමක
කණගාටුවක්.
මේ වාද්‍ය
ශිල්පියාගේ වාද්‍ය භාණ්ඩය වුණෙත් “බටනලාව“ අසූව දශකයේ සෑම පටිගත කිරිමකට ම අත්‍යවශ්‍යයෙන්
ම සහභාගී කරගත් මේ වාද්‍ය ශිල්පියා එදා ඒ සංගීතවේදීන් වගේ ම ගායක ගායිකාවන් විස්න පවා හැදින් වූයේ “බටනලා නිහාල්“ යන නමින්. ඒත් පසු කාලයේ ඒ කියන්නේ අසූව දශකයේ මැද භාගයේ විතර
ලංකාවේ සුවහසක් සංගීත රසකාමින් වගේම සංගීත ක්ෂේත්‍රෙය් බොහෝ දෙනෙක් ඔහු හඳුන්වන්න පටන් ගත්තේ “විස්ලිං නිහාල්“ යන
නමින්. මේ තරම් අසිමිත කලා කුසලතායක් සහ වාද්‍ය හැකියාවකින් හෙබි මේ වාද්‍ය
ශිල්පියා අන් කිසිවකු නොව නිහාල් සී ජයවර්ධන හෙවත් විස්ලිං නිහාල් ය.
විස්ලිං
නිහාල් සහ ඔහුගේ නිර්මාණ පිලිබඳව ඒ අතීත මතකවන් ඔස්සේ එක වරම
කතාබහ කරන්න කලින් මේ කතාබහට පුර්විකාවක් වශයෙන් සම්බන්ධ වන තවත් ආනුෂංගික කරුණු
කාරණා කිපයක් ම තියෙන නිසා ඒ කරුණු කාරණා කිපය මගහැර මේ කතාව පටන් ගත්තොත් මේ සටහන තුළ අඩුවක් ඇතිවිය
හැකි වන නිසා විස්ලිං නිහාල්ගෙ මේ සටහනට ඒ
කරුණු කාරණා ටිකත් එකතු කරගෙනම මේ කතාබහ ගොඩ නැගිය යුතු වෙනවා ඒ නිසා ඒ ආනුෂංගික
කරුණුත් එක්කම මේ විස්ලිං නිහාල් ගැන කතාබහ කරමු.
ගෙවී ගිය
වසර කිපය තුළ සුපිරි තරු තෝරන “සුපර් ස්ටාර්ස්“ වැඩසටහන් ගණනාවක් ලංකාවේ රූපවාහිනී
නාලිකාවල ක්‍රියාත්මක වුණි. මේ වැඩසටහන් වලට තරග කළ ඇතැම් තරගකරුවන් තමන්ගේ ස්ථානය
තහවුරු කරගැනීමට තමන් දන්නා සියළු ශිල්ප දැක්විමට පසුබට වූයේ නැහැ. සිරස ටී.වී.
නාලිකාව පුරෝගාමී වෙමින් ඇරඹූ ඒ
වැඩසටහන් මාලාවේ සිරස සුපර් ස්ටාර් “සීසන්
ටූ“ වැඩසටහනේ අවසන් තරගකරුවන් දොළොස් දෙනා
අතර සිටි තරගකරුවන් අතරින් සිටි ප්‍රදීප්
රංගන තරගකරුවා අවසන් මහා තරගයට පිවිසිමට පෙර පැවති අවසන් පූර්ව වැඩසටහනේදීත්,
අනතරුව ජයග්‍රහණය වෙනුවෙන් පැවති අවසන් මහා තරගයේදිත් තමන්ගේ ප්‍රතිවාදී තරගකරුවා
වූ සුරේන්ද්‍ර පෙරේරා අභිබවා ගොස් ජයග්‍රහණය කරන්නට අවසන් තුරුම්පුව ලෙස භාවිතා
කළේ ගීතය අතර මැද දී විසිල් වාදනයකි.
එසේම දෙරණ
නාලිකාවේ ක්‍රියාත්මක වු “දෙරණ ඩ්‍රීම් ස්ටාර්‘ වැඩසටහනේ දී ද අවසන් තරගකරුවන් 12
දෙනා අතර සිටි “උපේක්ඛා“ නම් යොවුන් ශිල්පිණිය ද අවසන් මහා තරගයට පිවිසිමට මේ
විසිල් වාදනය තුරුම්පුවක් ලෙස භාවිතා කළ අයුරු මතක ය. එහිදී අවසන් මහා තරගයෙන් ඇය ජයග්‍රාහිකාවක
වූවාය. එහෙත් මේ “විසිල් කිරිම“ එහෙමත් නැත්නම් "සිවුරුහන් බැම" ශිෂ්ට සම්පන්න සමාජය තුළ එතරම් පිළිගැනිමක් නැති වාද්‍ය
ශිල්පයකි. අපේ වැඩිහිටියන් පවා මෙය
නොහොබිනා ක්‍රියාවක් එහෙමත් නැත්නම් නරක පුරුද්දක් යැයි අතීතයේ පටන්ම උපකල්පනය කර
තිබුණි. අදට ද මේ විසිල් කිරිම පිළිබඳව ශිෂ්ඨ සමාජයේ පවතින පිළිගැනීම එසේම ය. එය මහා නොහොබිනා
ක්‍රියාවකැයි ඇතැමුන් අදද විශ්වාස කරති.
එහෙත්
සුපර් ස්ටාර්ස් වැඩසටහන්වලදී ප්‍රදීප් රංගනත්, උපේක්ඛාත් යන දෙදෙනා ම තමන්ගේ ජයග්‍රහනයේ අබියස සිට
ඔවුන් විසින් ඉදිරිපත් කළ ඒ විසිල්
වාදන ලංකාවේ නූතන සංගීත පරපුරට නැවුම්
අත්දැකිමක් වුවද ඒ විසිල් වාදනය ලංකාවේ සංගීතයටත්, ජාත්‍යන්තර සංගීතයටත් අලුත්
අත්දැකීම් නොවේ. ඒ අයුරින් විවිධ ගීතමය සහ සංගීතමය අවස්ථාවන්ට විසිල් වාදන භාවිතා
වූ අවස්ථාවන් ගණනාවක් අපට හමුවෙයි. එයින් එවන් ශිල්ප දක්වමින් ලංකාවේ විසිල්
වාදකයෙකු ලෙසින් අද්විතිය ස්ථානයක් හිමිකර ගන්නේ
නිහාල් සී ජයවර්ධන හෙවත් විස්ලිං නිහාල් ය.
ඒත් ජාත්‍යන්තර
සංගීත ඉතිහාසයේ ජනප්‍රියම සහ විශිෂ්ටතම විසිල් වාදනය අපට අසන්නට ලැබෙන්නේ බටහිර ගොපලු චිත්‍රපටයකිනි. ඒ 1967 දී ඇමරිකාවේදී තිරගත වූ Sergio Leone අධ්‍යක්ෂණය
කළ Clint Eastwood ප්‍රධාන චරිතය රගපෑ බටහිර ගොපළු චිත්‍රපට මාලාවේ විශිෂ්ඨතම සිනමා
නිර්මාණයක් වූ For A Few Dollars
More චිත්‍රපටයේ ය. එම චිත්‍රපටයට ඇතුළත්ව තිබූ මියුරු පසුබිම්
සංගිතයට විසිල් වාදනයක් ඇතුළත්ව තිබුණි. For
A Few Dollars More චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා වූ Ennio Morricone ගේ විශිෂ්ඨතම
සංගීතයෙන් හැඩ වී මුලු ලොවම එකම රැයකින්
වසඟ කරගත් ඒ විසිල් වාදනය එදා මෙදා තුර සංගීත ඉතිහාසයේ අසන්නට ලැබුණ විශිෂ්ඨතම විසිල් වාදනය ලෙස බොහෝ
සංගිත රසිකයෝ සළකති.
ඒ නිසා මේ
කතාවේ පුර්විකාව හැටියට 1967 ඇමරිකාවේදී තිරගත වූ
Sergio Leone අධ්‍යක්ෂණය කල Clint Eastwood ප්‍රධාන චරිතය
රගපෑ For A Few Dollars More චිත්‍රපටය ඇරඹෙන මුල් විනාඩි
03 පමණක් මේ වීඩියෝවෙන් බලමු. මෙය උපුටා ගැනිම යූ ටියුබ්වලින්.
එදා
හොලිවුඩ් සිනමාව හරහා එක් රැයකින් ලොවක් මවිත කළ මේ විශිෂ්ඨතම විසිල් වාදනය ඊට දශක
දෙකකට පමණ පසුව නිහාල් සි ජයවර්ධන හෙවත් විස්ලිං නිහාල් විසින් තමන්ගේ නිර්මාණයක්
ලෙසින් මහින්ද බණ්ඩාරගේ සංගිතයට පසු කාලයේදී ප්‍රති නිර්මාණය කර ලාංකික සංගිත රසිකයන්ට සමීප කළේ මේ අයුරිනි.
For A Few Dollars More චිත්‍රපටයේ තේමා වාදනය විස්ලිං නිහාල්ගේ අපූර්වතම විසිල් හඬින්
මෙතැනින් අහන්න.
ඒ තමයි විස්ලිං නිහාල් වෙනුවෙන් තබන මේ සටහනේ පූර්විකාව. මේ පෝස්ට් එක තරමක් දිගු වැඩි නිසා විස්ලිං නිහාල් සහ ඔහුගේ අපූර්වතම නිර්මාණ, ඔහු ඉතිරි කර තබා ගිය ඒ නිර්මාණ ගැන ඒ නිර්මාණත් සමගම ඉදිරි සතියේ කතා කරමු.
ඒ තමයි විස්ලිං නිහාල් වෙනුවෙන් තබන මේ සටහනේ පූර්විකාව. මේ පෝස්ට් එක තරමක් දිගු වැඩි නිසා විස්ලිං නිහාල් සහ ඔහුගේ අපූර්වතම නිර්මාණ, ඔහු ඉතිරි කර තබා ගිය ඒ නිර්මාණ ගැන ඒ නිර්මාණත් සමගම ඉදිරි සතියේ කතා කරමු.
ඔබෙනුත් විශේෂ ඉල්ලිමක්:
90 දශකය
ආරම්භයේ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචියට
ගිය නිහාල් සී ජයවර්ධන හෙවත් “විස්ලිං නිහාල්“ පිළිබදව හෝ ඔහු වර්තමානයේ සිටින
තැනක් දන්නා සහෘදයෙක් වේ නම් ඒ තොරතුරු සමග මට මේ ලිපිනයට මේ එකක් එවන්න. ඉදිරි
සටහනට එය බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි.
මගේ ඊ මේල් ලිපිනය: dayanandarathnayake@gmail.com