පසුගිය සැප්තැම්බර් මාසෙ අගදී අස්වැන්න මගින් ඉටුකරල දෙන්න කියල පුංචි ඉල්ලීමක් ලැබුණා කලා ක්ෂේත්‍රය නියෝජනය කරන තවත් සහෘදයෙකුගෙන්. ඒ ඉල්ලිම ලැබිලා මාසයකට වැඩිය ගතවුණත් අස්වැන්නෙ සටහන් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒත් ගෙවුණු සතියේ තිබුණ අවිවේකි බව හේතුවෙන් නිර්මාණාත්මක යමක් සටහන් කරන්න මටත් වෙලාවක් නොතිබුණ නිසා අද අස්වැන්නෙන් ඒ සහෘද ඉල්ලීම පිලිබඳව පුංචි සටහනක් සටහන් තබමි. ඒ සටහන කියවන්න කලින් මෙන්න මේ පුංචි ළමා ගීයත් මුලින්ම අසා ඉන්පසු පණිවුඩය කියවන්නට සහෘද ඔබට ඇරැයුම් කරමි.
අ යන්න අලියාටයි - අලියා කලු පාටයි
ඉ යන්න ඉබ්බාටයි - ඉබ්බා කලු පාටයි
එ යන්න එලුවාටයි - එළුවා සුදු පාටයි
ක යන්න කපුටාටයි කපුටා කළු පාටයි
ගි යන්න ගිරවාටයි - ගිරවා කොළ පාටයි
බ යන්න බඹරාටයි - බඹරා කලු පාටයි
මො යන්න මොනරාටයි - මොනරා නිල් පාටයි
ව යන්න වළහාටයි - වළහා කලු පාටයි
ගීපද මාලාව - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
ගැයුම - විශාරද නන්දා මාලනී
“අ යන්න ” ගීතය මෙතනින් අහන්න
නන්දා මාලනී සංගීත ආශ්‍රමයෙන් දැයේ දූදරුවන්ට පණිවුඩයක්...
සම්මානලාභී ප්‍රවීන ගායන ශිල්පිණී විශාරද නන්දා මාලනිය විසින් මෙහෙය වනු ලබන සංගීත පන්ති සඳහා 2013 වසරට නවක සිසු සිසුවියන් බඳවා ගැනීම මේ දිනවල සිදුකෙරේ.
යහපත් සංගිත රුචියක් ඇති ප්‍රබුද්ධ සංගීත රසික පිරිසක් බිහිකිරීමේ උදාර අරමුණින් යුතුව වසර 27 ක් මුලුල්ලේ නන්දා මාලනිය විසින් සිය සංගීත ආශ්‍රමයේ පවත්වාගෙන එනු ලබන මෙම සංගිත පන්ති මාලාව දෙමා පිය - ගුරුවර - වැඩිහිටි බොහෝ දෙනාගේ ඉමහත් පැසසුමට ලක්වී ඇත.
මෙම සංගීත පන්ති වලදී වයස අවුරුදු 8 සිට 12 දක්වා වූ කුඩා දූ දරුවන් සඳහා,ඒ වයස් සීමාවන්ට ම විශේෂිත වූ මූලික ස්වර අභ්‍යාස සහිතව දරුවන්ට පහසුවෙන්ම ගායනා කල හැකි මධුර ගීත මාලාවක් ඔහුන්ගේ කටහඬ පුහුණුව සඳහාම උගන්වනු ලැබේ.
වයස අවුරුදු 12 සිට 15 දක්වා වූ දරුවන්ට පාසල් විෂය මාලාව හා සම්බන්ධ කෙරැණු දේශිය ජන ගායනා සහ රාගධාරී විෂය ඇතුළත් සංගීත පාඨමාලාවක් ද,
යොවුන් වියේ සිටින අයට තම ගායන හැකියාවන් ප්‍රගුණ කර ගැනිම සඳහා ඉන්දියවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පිඨයේ ප්‍රවේශිකා, ප්‍රථම සහ ඩිප්ලෝමා යන සංගිත පාඨමාලාවන්ද පැවැත්වේ.
මේ සම්බන්ධයෙන් අයදුම්පත් 2012 නොවැම්බර් මස 30 වැනි දිනට පෙර මුද්දර සහිත කවරයක් එවීමෙන් පහත සඳහන් ලිපිනයෙන් ලබා ගත හැකිය.
ලේකම්,
නන්දා මාලනී සංගීත ආශ්‍රමය,
අංක 30, විජයබා මාවත,
නාවල පාර,
නුගේගොඩ.
අස්වැන්නට ලැබුණ පණිවුඩය තමයි ඒ. දැයේ දූ දරුවන්ගේ යහපත් හෙට දවස වෙනුවෙන් සිදුකරන වැඩසටහනක් නිසා මට ලැබුණ ඒ ඉල්ලීම එලෙසින්ම අද සටහන් කළෙමි. අවශ්‍ය නම් මේ පණිවුඩය ඔබට හෝ ඔබේ පවුලේ හෝ ඔබ දන්න හඳුනන ඥාතියකුගේ හෝ මේ සම්බන්ධයෙන් කැමැත්තක් දක්වන හිතමිතුරු කෙනෙකුගේ දැන ගැනිමට සළස්වන්න.
ඒ කොහොම වුණත් අද ඇහන මේ සංගිත රටා එක්ක හිතනකොට නම් මේ පණිවුඩය හොඳයි කියල හිතෙනවා. මොකද ගීත විදියට සංගීතය යොදා ගයන විරිදු මෙන්ම, හරසුන් බොළඳ අඳෝනා ගිත වැසි වසින සමයක නන්දා මාලනියගේ මේ වෑයම උසස් රසවින්දන පරපුරක් බිහිකීරීම උදෙසා කරන හොඳ වැඩක්. ජනප්‍රියත්වය පසු පස හඹා යමින් කිසිඳු සමබර බවක් නැතුව, මඳ සුළඟටත් ඇද වැටේ යැයි බියෙන් කඹ දිගේ එහා මෙහා දුවන ඇඹලයන් වගේ ජනප්‍රිය සංගීතකරුවන් පිරිසකගේ සංගීත රටාවන් නිසා අපේ දෙසවන් අගුලු වැටිල තියෙන නිසා තමයි නව රසවින්දන පරපුරක් බිහිකිරීම යුගයේ අවශ්‍යතාවයක් කියල හිතෙන්නෙ . ඒ නිසා මේ සතියට මෙන්න මේ පුංචි ළමා ගීයත් මෙතනින් අහලම අද මෙතැනින් නික්ම යන්න.
අඹ කමූ දඹ කමූ
දොඹ මල් පෙති ඇහිඳිමූ
කඹ දිගේ ඇවිදිනා
ඇඹලයන් එළවමූ
කොහොඹ කළේ කුඹල් කටේ
රඹුටන් මල් කිඹුල් පිටේ
තඹ පාටයි ඇඹුල් ඇටේ
දුඹුරු පාට දිඹුල් ගැටේ
කුඹුර එහා දඹල වැටේ
බඹරුන් මල් කලඹ වටේ
දඹරන් මිණි සළඹ ගැටේ
නුඹ ඇයි තව කොළඹ රටේ
ගීපද මාලාව - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
ගැයුම - විශාරද නන්දා මාලනී
“අඹ ඹ යන්න ” ගීතය මෙතනින් අහන්න
අද අස්වැන්න ඉටු කලේ පුංචි ඉල්ලිමක්. ඒ නිසා කොමෙන්ටුවක් නොදැම්මාට කමක් නැහැ. කියෙව්ව එක හොඳටම ප්‍රමාණවත්. ලබන සතියේ සිට සුපුරුදු ලෙසම සංගිතමය කතිකාව ගොඩනගමු. ස්තූතියි අස්වැන්න කියෙව්වාට. ඔබටත් සුවබර විවේකී සතියක්.෴
විශේෂ ස්තූතිය: අවශ්‍ය තොරතුරු ලබාදෙමින් සහ මේ සඳහා සහාය දැක්වූ සහෘද රනිල් මුදුන්කොටුව සොහොයුරාට.
