එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Sunday, 24 March 2013

෴ හඬක් නැති මිනිසුන් වෙනුවෙන් නැගෙන ගී හඬ෴




ජයතිලක බණ්ඩාර නම් ඔහු....

රජරටින් බිහිවූ ජයතිලක බණ්ඩාර 71කැරැල්ල හමුවේ ක්‍රියාකාරී වූ කලාකරුවන් කිහිප දෙනාගෙන් එක් කලාකරුවෙකි. ඒ නිසාම ඔහුට බන්ධනාගාර ගත විමට සිදුවිය. එයින් නිදහස් වූ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ “විමුක්ති ගී” ප්‍රසංගයටත්, එතැනින් කාලයේ රාවය, කපුගේ ගී සැඳෑව, කම්පන ආදී ගි ප්‍රසංග කෙරෙන් ජනතාව හමුවට පැමිණියේ සැබෑ ජනතාවාදී ගායන ශිල්පියෙකු ලෙසිනි. රජරට සේවයේ ගායන ශිල්පියකු, සිතාර් වාදකයකු වශයෙන් පමණක් නොව, ගුවන් විදුලි නිවේදකයකු වශයෙන්ද කටයුතු කළ ජයතිලක බණ්ඩාරට සිය ගුවන්විදුලි රැකියාව අහිමි වූයේ ජනතාවාදී කලාකරුවකු ලෙසින් සිය දේශපාලන ස්ථාවරය වෙනස් නොකල බැවිනි. ඔහු තරු දිදුලන රටක තරුවක් නොවේ.  හතළිස් වසරකට ආසන්න කාලයක් ගී ලොවෙහි සැරිසරමින් තම රසිකයන්ට රසවින්දනය බෙදා දෙමින් හඬක් නැති ජනතාවට  උතුරා ගලන ගී හඬක් වෙමින් සිටී.

එහෙයි අද පටන් සති කීපයක් මේ ජනතාවාදී කලාකරුවාගේ ගී හඬට සවන් දෙමු............

මේ පෝස්ට් එක බ්ලොග් අඩවි වලට එකතුවී නැතිබවට සහෘදයන් බොහෝ පිරිසක් ඊමේල් සහ මුහුණු පොත ඔස්සේ මාවෙත දැන් වූ  නිසා නැවත පළකරමි.  පහත දැක්වෙන  මාතෘකාව මත ක්ලික් කරන්න

Related Posts Plugin for WordPress, Blogger...