ජයතිලක බණ්ඩාර නම් ඔහු....
රජරටින් බිහිවූ ජයතිලක බණ්ඩාර 71කැරැල්ල
හමුවේ ක්‍රියාකාරී වූ කලාකරුවන් කිහිප දෙනාගෙන් එක් කලාකරුවෙකි. ඒ නිසාම ඔහුට
බන්ධනාගාර ගත විමට සිදුවිය. එයින් නිදහස් වූ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ “විමුක්ති
ගී” ප්‍රසංගයටත්, එතැනින් කාලයේ රාවය, කපුගේ ගී සැඳෑව, කම්පන ආදී ගි ප්‍රසංග
කෙරෙන් ජනතාව හමුවට පැමිණියේ සැබෑ ජනතාවාදී ගායන ශිල්පියෙකු ලෙසිනි. රජරට සේවයේ
ගායන ශිල්පියකු, සිතාර් වාදකයකු වශයෙන් පමණක් නොව, ගුවන් විදුලි නිවේදකයකු වශයෙන්ද
කටයුතු කළ ජයතිලක බණ්ඩාරට සිය ගුවන්විදුලි රැකියාව අහිමි වූයේ ජනතාවාදී කලාකරුවකු
ලෙසින් සිය දේශපාලන ස්ථාවරය වෙනස් නොකල බැවිනි. ඔහු තරු දිදුලන රටක තරුවක්
නොවේ. හතළිස් වසරකට ආසන්න කාලයක් ගී
ලොවෙහි සැරිසරමින් තම රසිකයන්ට රසවින්දනය බෙදා දෙමින් හඬක් නැති ජනතාවට උතුරා ගලන ගී හඬක් වෙමින් සිටියි.
මාර්තු මාසෙ 20 වෙනිදා එනම් අද ජයතිලක බණ්ඩාරයන්ගේ 60 වන උපන්දිනය, අද දවසේම ඔහු වෙනුවෙන් මේ සටහන තැබීමට ලැබිමත් සතුටක්....එහෙයින් අද පටන් සති කීපයක් මේ ජනතාවාදී
කලාකරුවාගේ ගී හඬට සවන් දෙමු............
පසුගිය
මාසයේ මීගමුව
මාරිස්ටෙලා විදුහලේ
විදුහල්පතිතුමා විසින්
සිසු දරුවන්
, දෙමව්පියන්
සහ ගුරුවරුන්
වෙනුවෙන් සංවිධානය කර
තිබූ රසවින්දන වැඩසටහනකි. එය මේ සටහන ලියන්න ආසන්නම
හේතුව බව මෙහි ලා සඳහන් කරමි. මීගමුව
මාරිස්ටෙලා විද්‍යාලයේ
දින දොළහක් පුරා
පැවති ඒ
රස වින්දන
වැඩසටහන් මාලාව
බොහෝ දෙනෙකුගේ දෙනෙත් අරවන්නක් විය.
මාරිස්ටෙලා
විද්‍යාලයේ විදුහල්පති සහෝදර
පියතුමන්ට අවශ්‍ය වූයේ
නම් පාසලේ සම්පත්
භාවිතා කර
මේ රටේ
ජනප්‍රිය කලාකරුවන්ගේ
සහභාගීත්වයෙන් එකී
රසවින්දන වැඩසටහන
සංවිධානය කිරිමට
ඉඩකඩ තිබූ
නමුත් දින
දොළහක් පුරා පැවති
ඒ රසවින්දන
වැඩසටහන සඳහා අරැයුම්
කර තිබුණේ
ජනප්‍රියත්වය හඹා
නොගිය , වචනයේ
පරිසමාප්ත අරුතින්ම
කලාවේ
සැබෑ රුව ගුණ හඳුනන ජනතාවාදි කලාකරුවකු
යැයි කිව
හැකි ගායන
ශිල්පී ජයතිලක බණ්ඩාරයන්ට ය.
ගුවන්
විදුලි නාලිකාවලින්
නිරන්තරයෙන් ගීත
නොඇසෙන, පත්තරවල මුල්
පිටු සරසන්නෙ නැති, රූපවාහිනියෙන්
නොදකින
ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන්
විසින් ඉදිරිපත්
කළ ඒ රස වින්දන
වැඩසටහන ගැන
සඳහන් කරන්නට
පෙර මේ
කලාකරුවා තුළ
ඇති තුළ
ඇති සුවිශේෂ
බව කුමක්ද
කියා වටහාගෙන සිටීම ඔහුගේ නිර්මානවල ගුණ සුවඳ විඳගන්නට ඉවහල් වනු ඇත.
ජයතිලක
බණ්ඩාරයන් මුල්වරට
හමුවන්නේ අසුව
දශකයේ අග
භාගයේ පාසල්
සිසුවකුව සිටියදී
රජරට සේවා
ගුවන් විදුලියට පා තැබූ දිනෙකය. ඒ වන
විටත් ජයතිලක
බණ්ඩාරයන්ගේ ගීත රජරට
සේවය ඔස්සේ
නිරන්තරයෙන්
ඇසුණු නිසාත්, පොදු
ජනතාව වෙනුවෙන්
නිරන්තරයෙන්
පෙනී සිටින
ගායන ශිල්පියෙකු
බව දැන
සිටි නිසාත්, එදා මට ජයතිලක බණ්ඩාරයන් හඳුනාගන්න
අපහසු නොවුණි. ඉන් පසු මට ජයතිලක බණ්ඩාරයන් නැවත හමුවූයේ
කපුගේගේ 'කම්පන
"
ගී ප්‍රසංගය
ඇරඹිමෙන් පසුව
ය. ඒ කොළඹ
දි ය. ඒ නිසා ඔහු ගැයූ
සිය ගණනක් ගීත අතරින් කාටත් අසා හුරු පුරුදු මේ ගීයෙන්ම අපි ජයතිලක බණ්ඩාරයන්ගේ නිර්මාණාත්මක සංගිත ගමන් මග ගැන කතා කරමු.
කන්න ගත්තු තම බත්පත
දුගියෙකුගේ
කුස ගින්දර
නිවාගන්න දෙන්න කියා කී අප්පච්චී
මිය
පරලොව ගිය දවසෙත්
දුගියන්ටයි
දන් දුන්නේ
ඒ
පින ගෙන නිවන් දකින් අපෙ අප්පච්චී
ඉනේ
තියෙන ඇදිවත වුව
දුගියෙකුගේ
අයැදුම උඩ
දන්
දීපන් කියා කිව්ව අපෙ අප්පච්චී
මිය
පරලොව ගිය දවසෙත්
දුගියන්ටයි
දන් දුන්නේ
ඒ
පින ගෙන නිවන් දකින් අපෙ අප්පච්චී
රබන්
ගසා අපි අවුරුදු කන දවසේ
ගෙදරට
ආ දුගියාටත්
අවුරුදු
දුන් අපෙ අප්පච්චී
මිය
පරලොව ගිය දවසෙත්
දුගියන්ටයි
දන් දුන්නේ
ඒ
පින ගෙන නිවන් දකින් අපෙ අප්පච්චී
පදමාලාව:
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය:
විශාරද ගුණදාස කපුගේ
ගැයුම:
ජයතිලක බණ්ඩාර
ගෙදර සහ හිරගෙදර
අනුරාධපුර
පානියන් කඩවල
ගාමිණී විද්‍යාලයෙන්
මූලික අධ්‍යාපනය
ලැබූ ජයතිලක
බණ්ඩාරයන් පහේ
ශිෂ්‍යත්වයෙන් සමත්ව
අනුරාධපුර මධ්‍ය
මහා විද්‍යාලයට ඇතුළු
වූයේ සිය
ද්විතීය අධ්‍යාපන
කටයුතු සඳහා
ය. බාල කාලයේදී අම්මා කියා
දුන් නැළැවිලි
ගීයත්, ගැමි ගීයේ
රිද්මයත් නිසි
අයුරින් රිද්මයානුකූලව දැන හඳුනාගැනිමට අනුරාධපුර
මධ්‍ය මහා
විද්‍යාලයේ පාසල්
වේදිකාව අත්වැලක්
විය. ඒ පාසල්
වේදිකාව ඔහුගේ ගායන මංපෙතෙහි
මුල්ම ගී සැරසිල්ල
විය.
එහෙත්, ජයතිලක
බණ්ඩාරයන්ගේ පාසල්
දිවයේ කඩඉම්
වසර වූයේ
1971
වසරයි. එවකට
ජයතිලක බණ්ඩාරයන්
උසස් පෙළ
හදාරන සිසුවෙකි. හැම කෙනෙකුටම සිය ජිවිතයේ මුහුණ දීමට සිදුවන අභියෝගාත්මක සිදුවීම් කොතෙකුත් ඇත. ඔහුටද
එවැනි අභියෝගාත්මක අවස්ථාවකට
මුහුණ දෙන්නට
සිදු වූයේ
ඒ වසරේදී
ය. එහි ප්‍රථිඵලය වූයේ උසස්
පෙළ විභාගය
ඇස පෙනෙන
මානයේ තිබියදී
ජනතා විමුක්ති
පෙරමුණේ ක්‍රියාකාරිකයකු
ලෙසින් දේශපාලනයට සම්බන්ධ වීම නිසා 71 කැරැල්ලේ
සාමාජිකයෙකු ලෙසින්
අත්අඩංගුවට පත්
ව සිරගතවීමට
සිදුවිම ය . එතැන් සිට ජයතිලක
බණ්ඩාරයන්ගේ යොවුන්
දිවිය
ගෙවෙන්නේ සිර
කඳවුරක් තුළය.
වංකගිරියේ
විසල් අරණේ
මුර
ගැසූ අම්මා
නදී
දෙතෙරෙහි මළ පුතුන් දැක
විකල්
වූ අම්මා
සොයා
අබ මිට දොර දොරේ වැද
හති
හැලූ අම්මා
පුතු
බදාගෙන අන්ධ නෙතිනුත්
වැළපුණා
අම්මා
කැඩී
කූඩුව දියෙහි වූ
පැටවුන්
පැතූ අම්මා
වලිගයෙන්
සිඳු දිය ඉසින්නට
වෙර
දැරූ අම්මා
කදුළු
දෝරින් කල්වාරි
කඳු
දොවාලූ අම්මා
නොඑන
පුතු ගැන අදත් තනිවී
අඬනවා
අම්මා
නොඑන
පුතු ගැන මග බලාගෙන
අඬනවා
අම්මා
ගීපද:
පොඩිරත්න අඟමලේ
සංගිතය:
ප්‍රේම් රංජිත් විජේවික්‍රම
ගැයුම:
ජයතිලක බණ්ඩාර
කිනම් මොතක
හෝ මිනිසකුට ජීවිතයේ අහඹු ලෙස හමුවන සිරගෙයද ජීවිතයේ
හමු වූ සුන්දර නවාතැන්පොළක්
කර ගන්නට බුද්ධිමත් මිනිසකුට ගතවන්නේ සුළු මොහොතකි. සිරගෙදර තුලදී ලද කටුක අත්දැකීම් සමග විටින් විට සිදුවන හමුදා
පොලිස් පහරදීම් සහ ප්‍රශ්න කිරීම් හමුවේ ගත රිදුම් දිදී ඇස කඳුළින් තෙමා දැමුවද,
ඉනූ කඳුළැලි මකා දමමින් සිපිරි ගෙයද කලාවේ
තවත් සොඳුරු ගීතමය නවාතැන්පොළක් කරගත්තේ ය.
ඇසට අසුවන මායිමෙන් ඇසුණු ගී රාවය
එසේ හිර කඳවුර තුළ කටුක හා අමිහිරි අත්දැකීම් වලින්
දවස ගෙවෙද්දී එක් දිනක් ජයතිලක බණ්ඩාරයන් ගීයක් ගයමින් සිටින මොහොතක සිය ගීයට ඒ හිර කඳවුරේම එහා කාමරයෙන් තවත් ගී රාවයක් මතු
විය. කාමර දෙක එකිනෙකට නොපෙනුනත් කඳවුර සිසාරා
මතුව ආ ඒ මියුරු ගී රාවය ජයතිලක
බණ්ඩාරයන්ගේද හිත බැඳ ගැනීමට සමත්විය. ඒ ගී රාවය කාගේද කියා සොයන්නට ජයතිලක
බණ්ඩාරයන්ගේ හිත විමසිලිමත් වන්නට විය. එක් කාමරයක් සිටින සිරකරුවන් අනෙක් කාමරයේ
සිටින සිරකරුවන් සමග කතා බහකට හෝ අදහස්
හුවමාරුවකට තරම් ඉඩක් නොලැබුණ බැවින්, එහා
කුටියෙන් මතුව එන ගී රාවය ජයතිලක
බණ්ඩාරයන්ගේ හිත තුල නළියන්ට විය.
එක් දවසක කඳවුරේ කෑම බෙදන පැයේදී එකිනෙකා සිය
ආහාර වේල ලබාගැනිමට පෝලිමේ යද්දී එහා කාමරයේ සිරකරුවන් පිරිසද ඊට නුදුරින් සිය කෑම
වාරය එනතුරු පෝලිමේ සිටින බව පෙනුණි. ජයතිලක බණ්ඩාරයන් තම පෝලිමේ ඉදිරිට ඇදෙන ගමන්
තරමක් දන්නා හඳුනන සහෝදර සිරකුවකුට ළංවිය.
“මේ සහෝදරයා.. කවුද කාමරයේ සිංදු කියන
සහෝදරයා..” සෙමින් විමසීය.
“අර කෙළවරේම ඉන්නේ ... ඒ තමයි කරු සහෝදරයා”
සගයා දුරින් සිටි තවත් සහෝදරයෙකු දෙසට අත
දිගුකරමින් ජයතිලක බණ්ඩාරට පෙන්වීය.
ටිකෙන් ටික කෑම පෝලිම් දෙකම ළංවෙද්දී ලද ඉසිඹුවක දී එහා
කාමරයේ සිට ගී ගැයූ සහෝදරයාට කිට්ටු විය.
“මං ජයතිලක එහා කාමරයේ ඉන්නේ... සහෝදරයා උඹ
කොහේද?”
මං කරු, ගම දිවුල්ගනේ ”
එදා යාන්තමට කතාබහක් කළා විනා වැඩි විස්තරයක්
කරන්නට අවස්ථාව නොලැබුණි. දෙපිරිසම නැවතත් සිය කඳවුරු කුටි තුළට කොටු විය. ඒත් සිරගෙදර කුටි දෙකෙහි බිත්ති අතරින් වෙනදාට වඩා
තියුණු මුහුණුවරකින් වේදනාව පිරි ගී රාව
දෙක රෑ පුරා විටින් විට දෝංකාර දෙන්නට විය.
අනුරාධපුර හිර කඳවුරේදී සෙබලුන්ගේ
පහර දීම් ප්‍රශ්න කිරීම් වලින් පසුව ඔවුහු
පොළොන්නරුව හිර කඳවුරට මාරුකිරිමට
බන්ධනාගාර නිලධාරින් සහ හමුදාව කටයුතු කළහ. පොළොන්නරුවට සිරකරුවන් ගෙනයාමට සූදානම්කර තිබූ බස් රථයට ගොඩ වූ ජයතිලක බණ්ඩාරට එහා කාමරයේ සිට ගී ගැයූ “කරු” ද පොලොන්නරුව කඳවුරට රැගෙන යාමට ගෙනැවිත් විත්
සිටින බව දුටුවේය. එය මහත් අස්වැසිල්ලක් වුයේ අල්ලපු කාමරයේ ගී ගැයූ සහෘදයාද ඒ ගමනේදිම හමුවිමයි.
තමන් සමග අල්ලපු කාමරයේ ගී ගැයූ කරු සහෝදරයාද දැන් පොලොන්නරුව කදවුරට යන බව දැනගත් ජයතිලක බණ්ඩාරට ඒ මොහොතේ නිම් හිම් නැති විය. දෙදෙනාම හොඳින් දැන හඳුනාගන්නට ලැබෙන්නේ පොළොන්නරුව හිර කඳවුරේ දීය.
පොළොන්නරුව හිර කඳවුරේ ගෙවූ ජීවිතය අනුරාධපුර හිර කඳවුරේ ජීවිතය සේම කටුක අත්දැකීම්වලින් පිරි එකක් විය. කැරැල්ලට සම්බන්ධ වූ තරුණයන්ට එවකට පාලකයන්ගේ දැඩි මර්දනකාරී පීඩනයන්ට මුහුණ දිමට සිදුවිය. එහෙත් කැරැල්ලට සම්බන්ධ වූ සිරකරුවන් සිය අයිතිවාසිකම් උදෙසා පෙළගැහෙන්නට වූහ. එහි ප්‍රතිඵලය වූයේ ජයතිගලක බණ්ඩාරයන් ඇතුලු කඳවුරේ සිටි කැරලිකරුවෝ කඳවුර තුළ අරගලයකට ප්‍රවිශ්ඨ වීමයි. අවසානයේදී කඳවුර තුළ අරගලයෙන් කැරලිකරුවන්ගේ අයිතිවාසිකම් වලට ජය අත්විය. ඉන් පසුව පොලොන්නරුව හිර කදවුර තුළ සිරකරුවන්ට සෑහෙන්න තරම් නිදහසක් ලැබුණි. අනෙක් කාමර වල සිටින සිරකරුවන් එකිනෙකා හදුනා ගැනිමටද අවස්ථාව ලැබුණි.
තමන් සමග අල්ලපු කාමරයේ ගී ගැයූ කරු සහෝදරයාද දැන් පොලොන්නරුව කදවුරට යන බව දැනගත් ජයතිලක බණ්ඩාරට ඒ මොහොතේ නිම් හිම් නැති විය. දෙදෙනාම හොඳින් දැන හඳුනාගන්නට ලැබෙන්නේ පොළොන්නරුව හිර කඳවුරේ දීය.
පොළොන්නරුව හිර කඳවුරේ ගෙවූ ජීවිතය අනුරාධපුර හිර කඳවුරේ ජීවිතය සේම කටුක අත්දැකීම්වලින් පිරි එකක් විය. කැරැල්ලට සම්බන්ධ වූ තරුණයන්ට එවකට පාලකයන්ගේ දැඩි මර්දනකාරී පීඩනයන්ට මුහුණ දිමට සිදුවිය. එහෙත් කැරැල්ලට සම්බන්ධ වූ සිරකරුවන් සිය අයිතිවාසිකම් උදෙසා පෙළගැහෙන්නට වූහ. එහි ප්‍රතිඵලය වූයේ ජයතිගලක බණ්ඩාරයන් ඇතුලු කඳවුරේ සිටි කැරලිකරුවෝ කඳවුර තුළ අරගලයකට ප්‍රවිශ්ඨ වීමයි. අවසානයේදී කඳවුර තුළ අරගලයෙන් කැරලිකරුවන්ගේ අයිතිවාසිකම් වලට ජය අත්විය. ඉන් පසුව පොලොන්නරුව හිර කදවුර තුළ සිරකරුවන්ට සෑහෙන්න තරම් නිදහසක් ලැබුණි. අනෙක් කාමර වල සිටින සිරකරුවන් එකිනෙකා හදුනා ගැනිමටද අවස්ථාව ලැබුණි.
මේ අතර වාරයේ සිය නිවසේ තිබූ සිතාරය පොළොන්නරුව
කඳවුර තුළට ම ගෙන්වා ගැනිමට ජයතිලක බණ්ඩාරට හැකි විය. එතැන් පටන් ඔවුහු හිර කඳවුර
තුළ ගීත ගායනය, නාට්‍ය
නිර්මාණය කරමින්
රඟ දැක්විමත්
සිතාර් වාදන ඉදිරිපත් කර ගී ගැයීම කළහ.
කඳවුරේ සෙසු සහෝදරයන්ටද රසවින්දනය
බෙදා දෙමින් බන්ධනාගාර ගතව හුන් සිරකරුවන්ගේ රසවින්දනය ඉහළට ඔසවා
තැබීමට ඔවුන් දෙදෙනාට හැකි විය.
යොවුන්
විය හිරගෙදර
ගෙවෙද්දී ඉන්
නිදහස ලබන
ජයතිලක බණ්ඩාරයන්
නැවතත් සම්බන්ධ
වන්නේ ජනතා
විමුක්ති පෙරමුණේ
"විමුක්ති
ගී" ප්‍රසංගයට ය. විමුක්ති
ගී ප්‍රසංගයේ
ගී ගැයිම නොකළ ද, වසර දෙකකට
වැඩි කාලයක්
විමුක්ති ගී
ප්‍රසංගයේ සිතාර්
වාදකයා වූයේ
ඔහු ය. විමුක්ති
ගී ප්‍රසංගය
සහ ජනතා
විමුක්ති පෙරමුණ සමග
ඇතිකර ගන්නා
දේශපාලන මත ගැටුම්
හේතුවෙන් ඔහු "විමුක්ති
ගී" ප්‍රසංගයෙන්
මෙන්ම ජනතා
විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී
දේශපාලයෙන්ද ඉවත්
විය. ඉන් පසු ජයතිලක
බණ්ඩාරයන්ට රැකියා
විරහිත භාවයේ
තරම දැඩිව
දැනෙන්නට විය. එහෙත් සිය
ජීවිතයේදී ඉගෙන
ගත් විමුක්තිකාමී දේශපාලනයට
අමතරව තවත් එක දෙයක්
තිබුණි. ඒ සංගීතයයි. ඒ වන විටත් ක්‍රියාකාරී
දේශපාලනය අතහැර සිටි නිසා සංගීතමය ගමන් මග
තෝරාගන්නට ඔහුට
නැවතත් විය.
එදා ඒ සංගීත ගමනේදී අනුරාධපුර සිර කඳවුරේදීම
ඔහුට හමුවු
සිය දේශපාලන
සගයා වූ කරූ ද ඒ වන විට නිහස ලබා සිටි බැවින් ඔහු ද සිටියේ රැකියා
සොයන අරගලයක නිරත
වෙමිනි. කරූ ද ගල්ගමුවේ සිට අනුරාධපුරයට කැඳවාගැනිමට ජයතිලක බණ්ඩාර ඇතුළු පිරිස කටයුතු කළහ. එදා ජයතිලක බණ්ඩාරයන් සමග ඒ සංගිත චාරිකාවට ගල්ගමුවේ සිට එකතු වූ කරූ අන්
කිසිවකු නොව අද අප දන්නා
කරුණාරත්න දිවුල්ගනේ
නම් වූ
හද බැඳි
ගායන ශිල්පියා
ය. අනතුරුව
මේ සුමිතුරන්
දෙදෙනාගේ මිතුදම
ඔස්සේ දෙදෙනාම
එකම මගක
යමින් ගම්බ්ම්
වල ඇවිදිමින් ගොවි, කම්කරු
අරගල වලට ගීතයෙන් පණ පොවමින්, වැඩකරන ජනතාව වෙනුවෙන් කැපවී
ඔවුන්
දිරිමත් කරමින් ගීයෙන් අත්වැලක් සැපයී
ය.
රජරට සේවයේ නවෝදය
ගුවන්
විදුලියේ රජරට
සේවය ඇරඹෙන්නේ මේ කාලයේ
දී ය. රජරට
සේවය ඔවුන්
දෙදෙනාගේ මහගෙදර
බවට පත්
වන්නට වැඩි
කාලයක් ගත
නොවුණි. එහිදී ඔවුන් දෙදෙනාට එදා
රජරටින් හමු වූ, සිරිල් රජපක්ෂ,
කුලසේන ෆොන්සේකා, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, විජයානන්ද
ජයවීර, සේන ගුණසේකර
ආදී ජ්‍යෙෂ්ඨ
මාධ්‍යවේදින්ගේ නොමද
ඇසුරත්, පසු කාලයේ දේශපාලන
ස්ථාන මාරු ලැබ රජටට පැමිණි ප්‍රේමකීර්ති
ද අල්විස් සහ ගුණදාස කපුගේගේ
ඇසුරත් රජරට කර්කශ බිමෙහි සුදු කරඹ මල් මතට වට පිනි පොදක් ලෙසට දැණුණා විය හැකිය.
කොළමින් රජරටට පැමිණි මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු මෙන්ම කලාකරුවෝද කොළඹ ප්‍රධාන ගුවන් විදුලියේ සිමාවන් තුළ කිරිමට නොහැකි වූ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් පිළිබදව නවමු අත්හදා බැලිමට කිරීමට රජරට සේවා ප්‍රාදේශිය ගුවන් විදුලිය තෝතැන්නක් කර ගත්හ. විශේෂයෙන්ම රජරට සේවයේ විකාශය කරන ලද ගුවන් විදුලි වැඩසටහන්වල ස්වාධීනත්වය ඉහළින්ම පවත්වා ගැනීමට හැකි වූ නිසා උපරිම අසීමිත නිදහසකින් නිර්මාණ කරණයේ නියැලීමේ වාසනාව ඔවුන්ට හිමිවි ය. ඔවුන් රජරටදී ලබාගත් ඒ දැනුම සහ භාවිතය නිසා ගීතයේ සංගීතයේ මෙන්ම සියලු කලාවන්ගේ රස පිරුණු තැන්ද එදා රජරට ගුවන්විදුලි ශ්‍රාවකයන්ගේ නැණ නුවණ දල්වන්නට දැවැන්ත ආලෝකයක් සැපයී ය.
කොළමින් රජරටට පැමිණි මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු මෙන්ම කලාකරුවෝද කොළඹ ප්‍රධාන ගුවන් විදුලියේ සිමාවන් තුළ කිරිමට නොහැකි වූ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් පිළිබදව නවමු අත්හදා බැලිමට කිරීමට රජරට සේවා ප්‍රාදේශිය ගුවන් විදුලිය තෝතැන්නක් කර ගත්හ. විශේෂයෙන්ම රජරට සේවයේ විකාශය කරන ලද ගුවන් විදුලි වැඩසටහන්වල ස්වාධීනත්වය ඉහළින්ම පවත්වා ගැනීමට හැකි වූ නිසා උපරිම අසීමිත නිදහසකින් නිර්මාණ කරණයේ නියැලීමේ වාසනාව ඔවුන්ට හිමිවි ය. ඔවුන් රජරටදී ලබාගත් ඒ දැනුම සහ භාවිතය නිසා ගීතයේ සංගීතයේ මෙන්ම සියලු කලාවන්ගේ රස පිරුණු තැන්ද එදා රජරට ගුවන්විදුලි ශ්‍රාවකයන්ගේ නැණ නුවණ දල්වන්නට දැවැන්ත ආලෝකයක් සැපයී ය.

එකල
උසස් ගී එක පිට එක රජරට සේවය
ඔස්සේ දිනපතා නිර්මාණය වෙමින් රසික විඥානයේ වපසරිය තව තවත් පුළුල් කරන්නට සමත්
විය. රජරට සේවා නවරැල්ල නමින් නිරන්තරයෙන්
ප්‍රචාරය වූ
ගීත අතරින් ජයතිලක බණ්ඩාරයන්
ගැයූ මිහිරිම
ගීත රැසක් අදටත්
මගේ සිහියට
නැගේ. මගේ මතකයේ
හැටියට ඒ
ගීත සියල්ලම
රජරට ශ්‍රවන
කලාපයේ ශ්‍රාවකයන්ගේ
රසවින්දනයේ සීමා
මායිම් පුළුල්
කළ ගීත
බවට පත් වූවාට කිසිඳු
සැකයක් නැත. මතු දැක්වෙන්නේ
ජයතිලක බණ්ඩාරයන් රජරට සේවයට ගැයූ
එදා ජනප්‍රියත්වයට පත් වූ ගීත අතරින්
කීපයකි.
(1)
මලක් නම්
සිනාසී පරවී
වැටෙයි
සඳත් රෑ මුදුන් දි සමුගෙන වඩියි
එහෙත් ආදරේ
නම් ඒ
වගේ නොවෙයි
කලු සුදු
යාවී කුලමළ
ඇදෙයි
සදාකල් හදේ
දුක් වේදනා
දෙවයි
ගී
පද: රත්න ශ්‍රී
විජේසිංහ / සංගිතය: ගුණදාස
කපුගේ / ගැයුම: ජයතිලක
බණ්ඩාර
(2)
අතු අග
පිපි මල මහිම
බලන්නේ
නුඹේ
නමට පිපි
එ මල නෙලන්නේ
මලේ
මහිම හැම
දාම රැඳෙන්නට
නෙළා තියන්නේ කොහිද
කියන් මට
ගී පද: මහින්ද දිසානායක
/ සංගිතය: ගුණදාස
කපුගේ/
ගැයුම: ජයතිලක බණ්ඩාර
සමග යාපා
එදිරිසිංහ
(3)
දෑත කරගැට මතු වුණා දෙන්
සිලිටි ගත හැඩි දැඩි වුණා දෙන්
මලක් නොවුනට කමක් නෑ නුඹ
සුවඳ නොතකන ලෝකයේ
සිලිටි ගත හැඩි දැඩි වුණා දෙන්
මලක් නොවුනට කමක් නෑ නුඹ
සුවඳ නොතකන ලෝකයේ
ගී
පද: සිඩ්නි මාකස් ඩයස් / සංගිතය: ගුණදාස
කපුගේ / ගැයුම: ජයතිලක
බණ්ඩාර
(4)
ගොලු
සැවුල වද නොදී හඬලන්න
කොර
අසුනි වද නොදී දිවයන්න
නිවට
සිවලුනි තොපට කාලයයි
වද
නොදී සිහසුනෙන් බැසයන්න
ගී පද: මහින්ද චන්ද්‍රසේකර /සංගීතය : ප්‍රේම්
රංජිත් විජේවික්‍රම/ ගැයුම : ජයතිලක
බණ්ඩාර
(5)
නිසරු කරසක පොළව බිඳගෙන
නැගුණ කටු පඳුරේ
පිපී හිනැහෙන සුදු කරඹ මල
ඔබය අපෙ අම්මේ
නැගුණ කටු පඳුරේ
පිපී හිනැහෙන සුදු කරඹ මල
ඔබය අපෙ අම්මේ
ගී පද: මහින්ද දිසානායක /සංගීතය : ගුණදාස
කපුගේ / ගැයුම : ජයතිලක බණ්ඩාර
එදා රජරට
සේවය ඔස්සේ ඇසුණු මේ ගී සියල්ල ජයතිලක
බණ්ඩාරයන් රජරට සේවයෙන් ජාතික මට්ටමට පැමිණි ගායන ශිල්පියෙකු
ලෙස හදුනා
ගන්නට වැඩි කලක් ගත වූයේ නැත. එමෙන් ම ඔහු හොඳ රසවින්දකයෙකු බවට පත්කිරිමට
ඔහු ගැයූ මේ ගීත නිර්මාණවලට හැකි විය.
ඒ නිසාම, රජරට
සේවය ඔස්සේ
ඇරඹුණ මේ නව
ගීත ප්‍රබෝධය
හේතුවෙන් නන්දන මාරසිංහ, කපුගේ, මහින්ද
දිසානායක, දිවුල්ගනේ, සහ
ජයතිලක බණ්ඩාරයන්
ඇතුළු රසවතුන්
සමූහයගේ වෑයමෙන්
රජරට ජනතා
කලා කේන්ද්‍රය අරඹන්නට
මුල පිරුවේය.
රජරට
කලා කේන්ද්‍රය
සමග ඇරඹුන ගිතය
සහ සංගීතය පිළිබඳ මේ නැවුම් කතිකාව ඔස්සේ "කාලයේ
රාවය" ප්‍රසංගය සහ “කපුගේ ගී සැඳෑව” රජරට
ජනතාවගේ රසිකත්වය
නවමු දිශාවකට
හරවන්නට සමත්
විය. රජරට කලා
කේන්ද්‍රයත්, රජරට සේවා
ගුවන් විදුලියත්
හරහා ගොඩනැගුණ
මේ නව සංගීතමය ප්‍රබෝධය ඔස්සේ රජරටින් දක්ෂ
සංගිතවේදීන්, ගායක ගායිකාවන්
මෙන්ම ගීත
රචකයන් රැසක්ද
ජාතික මට්ටමට
පැමිණියහ. එසේම පසු කාලයේ
කපුගේ විසින්
"කම්පන" ගී
ප්‍රසංගයට අරඹන්නට
දැවැන්ත පන්නරයක්
ලැබූයේ “කාලයේ
රාවය” ප්‍රසංගයෙනි.
ඒ
අයුරින් රජරට සේවයෙන්
ලද නිර්මාණාත්මක
අත්වැලත්, කාලයේ රාවය
ප්‍රසංගයත් ඔස්සේ
නැවුම් හුස්මක්
ගන්නා ජයතිලක
බණ්ඩාරයන්ට රජරට
සේවයේ ගායන
ශිල්පියෙකු, සිතාර් වාද්‍ය
ශිල්පියෙකු, ලෙසින් පමණක්
නොව නිවේදකයෙකු
වශයෙන් කටයුතු කරන්නටත්, කරුණාරත්න දිවුල්ගනේට ගුවන්විදුලි නිවේදකයෙක් මෙන්ම
ගායන ශිල්පියෙක් ලෙසින් කටයුතු කරන්නටත්
අවස්ථාව උදාවිය.
ඒසේ
වුවත් 87, 88 සහ 89 වර්ෂවලදි
නැවත ජනතා
විමුක්ති පෙරමුණේ
දෙවන විමුක්ති
අරගලයේ සටන
ආරම්භ වන
විට ජයතිලක
බණ්ඩාර, දිවුල්ගනේ සහ
ගුණදාස කපුගේ
ඒ විමුක්ති
මාර්ගයේ ප්‍රසිද්ධ ක්‍රියාකාරී
දේශපාලනයෙන් බැහැර
ව සිටිය
ද තරුණ
දේශපාලන අරගලය
හමුවේ ගිනි වැදී
ඇවිලෙන “තරුණ
ගැටළු සඳහා
වහාම දේශපාලන
විසඳුම් සෙවිය
යුතුය” යන දේශපාලන
ස්ථාවරය වෙනස්
නොකර සිවිල් ක්‍රියාකාරිකයන් ලෙසින් ඒ තරුණයන් වෙනුවෙන්
තවදුරටත්
පෙනි සිට
අහිමිවන තරුණ ජීවිතවලට එරෙහිව හඬ අවදි කළ
බැවින් ගුණදාස කපුගේ, කරුණාරත්න දිවුල්ගනේ මෙන්ම
ජයතිලක බණ්ඩාරටද රජරට
සේවා ගුවන්
විදුලියේ එතෙක්
දරමින් සිටි
රැකියාවන් අහිමි
විය. අනතුරුව එ් වන විට පැවති තත්වය හමුවේ රජරට සේවය හමුදා පාලනටයට යටතට පත්විමත් සමගම මහ සෑයේ රන්කොත බඳු රජරට සේවය
බිඳ වැටිම ඇරඹුණි.
වැව්
දිය සිඳුණා රන්කොත බිඳුණා
පින්කෙත
ගිනි වැදුණා
වැව්තාවල්ලේ
අපට උරු නැති
දිව
මාලිග සැදුණා
රුක්
දෙවියන් ළඟ රෑ තුන් යාමෙට
උලමගෙ
හඬ ඇහුණා
කල්ප
විනාශයේ සත් හිරු පායා
ගම්
හත හඬා වැටුණා
ගම
ගිලගන්නට රකුසෙකු එන බව
රෑ
හී නෙන් පෙනුණා
දඹුළු
විහාර් මහ සෙල් පිළිමේ
කරුණා
ඇස තෙමුණා
ගීපද:
පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
සංගිතය:
ප්‍රේම් රංජිත් විජේවික්‍රම
ගැයුම:
ජයතිලක බණ්ඩාර
රැකියා
අහිමි වීමෙන්
පසු කපුගේ, දිවුල්ගනේ, සහ
ජයතිලක බණ්ඩාර
රජරටින් කොළඹට
පැමිනෙන්නේ රජරටදි
ගැමි මිනිසුන්ගේ
සරල දිවිය ඇසුරින් ලබාගත්
ජිවිතාවබෝධයද සමග
ය.෴
ජයතිලක බණ්ඩාර කපුගේ සමග එක්ව 88 දී ප්‍රේමදාස
ජනාධිපතිවරයාට එරෙහිව කළ සංගීතමය අරගලය ඊළඟ කොටසින්...
විශේෂ ස්තූතිය:
ජයතිලක බණ්ඩාරයන්ට,
රජරට සේවයේ ප්‍රවින ගිත රචක රංජිත්
රූපසිංහ මහතාට
තුසිත කුමාර සහෘදයාණන්ට සහ
වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර
සහෘදයාණන්ට (යසනාත් සිතුවිලි )
කියවමින්......
ReplyDeleteහසිත...
Deleteස්තූතියි
විවේකයක් ලැබෙනකම් හිටියා අස්වැන්නට ගොඩවෙන්න . ඔබේ ලිපි කලබලේට කියවල රසයක් ගන්න බෑනේ .
ReplyDeleteජයතිලක බන්ඩාරයන් වගේම , කරුණාරත්න දිවුල්ගනේ මහතා ගැනත් නොදත් කරුණු ගොඩක් දැනගත්තා . මේ තමයි සැබෑ කලාකරුවො .
"වැව්දිය සිඳුණා" ගීතය මම අහන්න උත්සාහ ගත්තා නොහැකි උනා .
අද 60 වන විය සපුරන ඒ සුන්දර කලාකරුවාට , සුභ උපන්දිනයක් පතනවා වගේම් නිරෝගී දිවියක්ද පතනවා ..
ස්තූතියි දයා ඔබටත් .
This comment has been removed by the author.
Deleteගිම්...
Deleteසමහර වෙලාවට මේ ලියන ඒවා බර වැඩි ඇති. ඒත් ඒ අවස්ථාවෙදි ලිව්වේ නැත්නම් එයින් වැඩක් නෑ.වැව් දිය සිඳුණා පොඩි ටෙක්නිකල් ගැටලුවක්. ඒක විසදන්න අපහසුයි. ලැබුනොත් ඉදිරියේදි නිවැරදි කරන්නම්
ස්තූතියි ඔබටත්
නිදුක් නිරෝගී සුව පිරුණ සුබ උපන්දිනයකට ආසිරි
ReplyDeleteහද අමතන නව ගී උල්පත් වේවා
හද සනසන මියුරස තනු මුසු වේවා
හද පුබුදන මෙහෙවර ඉන් මතු වේවා
හද ඉපදුණ සුබ දිනයට ජය වේවා....
ස්තුතියි අයියේ... අගනා ලිපියක්..
ReplyDeleteකතා කළ යුතුම නමුත් ප්රෛසිද්ධ මාධ්ය් තුළ එතරම් කතා බහකට ලක් නොවුණු අපුරු කලාකරුවෙක්.. අද පරපුර මෙවැනි අප්ර්තිහත ධෛර්යයෙන් යුත් මිනිසුන් ගැන දැන ගත යුතුමයි...
තරූ..
Deleteඅපේ ඉතිහාසය තුල සඟවා තැබු කලාකරුවන් අතර ජයතිලක අයියත් ඉන්නවා. ඒ වුණත් ඒතරම් සොදුරු කලාකරුවන් අපට හමුවන්නේ කලාතුරකින්.
ස්තූතියි ඔබටත්.
දයාගේ පෝස්ට් දඩි බිඩියේ කියවන්න බෑ නේ . .
ReplyDeleteකල් අරගෙන හෙමීට ගීත අහ අහා හරියට අර රස කෑමක් ඩිංග ඩිංග කනවා වගේ රස කර කර විඳින්න ඕනනේ . .
ඒ නිසාම සමහර ඒවා මිස් වෙනවා.
කලබලෙන් දුවන ජීවිතේට නතර වෙලා ගිමන් නිවන්න කාලේ සොයා ගන්න අපහසු නිසාම.
මේකත් නිවාඩු පාඩුවේ සින්දු ටිකත් අහලාම හිතෙන දේවල් ටික කියන්නම් . .
සමාවෙන්ට ඕන කලින් ටික හරියට කියවන්න බැරි උනාට.
සමාව ඉල්ලලා වැඩක් නෑ පාඩුව මටයි . .
දුකා..
Deleteකමෙන්ටුවක් නොලීවත් දෛනිකව ඇති කාර්බහුලත්වයේ ගිලෙමින් ලැබෙන විටක් ඇවිත් කියවන්න.
ස්තූතියි ඔබටත්.
ඔහුගේ ගී අසා තිබූ බවක් නම් මතකයක් නැහැ..ඒ නිසා මේ බෙදා දුන් හැම ගීයම නැවුම් රසයක් එක් කරනවා..
ReplyDeleteඊළඟ ලිපිය එනතුරු බලා සිටිනවා..
රූ..
Deleteජනප්‍රියත්වය හඹා නොයන විට ඔවුන්ගේ නිර්මාන අපෙන් බැහැර වෙනවා. ඒත් සදාකල් පවතින්න කීපයක් කළත් ඒක ප්‍රමානවත්. මේ සටහන් පෙළ විවිධ ඉස්ව්වලින් සාකච්ඡාවට බදුන් වෙනවා.
බොහොම ආසාවෙන් සිරගෙදර කතාව කියෙව්වේ දිවුල්ගේ.. මම ඒක අහල තිබුනා කොහේ හරි.. ඊයේ මාත් ඔය කලාව යන්තමට අතගෑවා. අද තමා දැක්කේ ඔබ ඒකේ පරක් තෙරක් හොයාගෙනම ගිහිල්ල විත්තිය.. මේක මට අප්ඩේට් වෙලා තිබුනේ නෑනේ.
ReplyDeleteදේශකයා..
Deleteමේ සටහන ලියන්න දිග කාලෙක ඉඳන් හිතේ තිබුණා ඒත් ඒකට සුදුස වෙලාව හමුවුණේ නෑ. ඒ හමුවුණ මොහොත තමයි මේ.
ස්තූතියි
ඔහු ගැන කලින් අසා තිබු බවක් මතක නෑ. අර සිර කඳවුරේ කතාව ලස්සනයි.
ReplyDeleteමෙයා දැන් ඉන්නේ ඔස්ට්‍රේලියාවෙද?
ගිම් කීවා වගේ මේ ලිපියේ රස විඳින්ට ඕනි හිමිහිට. ගී අසමින්. :)
පොඩ්ඩි..
Deleteජයතිලක බණ්ඩාරයන් ඉන්නේ ලංකාවේ. අනුරාධපුරේ. ඕස්ට්‍රේලියාවට ප්‍රසංගයකටවත් ආවොත් කියන්නම් එතකොට ඕස්ට්‍රේලියාවෙදි ඔබටත් මේ ගායන ශිල්පියාණන්ගේ ගී රසවිදින්න හැකිවේවි.
මේක කියවනකොටම මතක උනේ පවනේ තියන ඝාතකයා කියන සින්දුව...........
ReplyDeleteසඟ වේද ගුරු ගොවි කම්කරුවන් කියන කොටස...............
අමානවක..
Deleteඅපි ඉදිරියේදි විරෝදාකල්ප ගිත සාහිත්‍යය වෙනමම කතාකරමු.
ස්තූතියි ඔබටත්.
දයා..... අස්වැන්නට ගොඩවුණා. නෙළාගන්න බොහෝ දේ තිබුණත් උඹ දන්නවා මට තියෙන කාලය ගැන.මම මෙතන උඹ කියලා ඇමතුවේ ඊට වඩා හොද වචනයක් හොයා ගන්න බැරිවුණ නිසා. ඊට වඩා ළඟ වචන නෑ මම හිතන්නේ.
ReplyDeleteජයතිලක අයියලාට ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය තුළ ප්‍රබල මිනිස්සු ඉන්නවා. ප්‍රබල දේ කරලා තියෙනවා. වාසනාව කියනනේ ඒ ඉතිහාසයේ එක තැනකදී අපිත් ඔවුන් හා එකට ඈඳෙනවා. විශේෂයෙන් සාධු ජනරාව කරණ යුගයේදී. මට මතකයි මමයි තිඹිරියි ( තිඹිරියාගම බණ්ඩාර ) දළුපොතයි ( මහින්ද කුමාර දළුපොත )කුරුණෑගලට සාධු ජනරාව ගෙනාපු හැටි. අපට සත පහ අතේ නැතිව හිටියේ. වැඩේ කිරීමේ අරමුණ විතරයි තිබුණේ. වැඩේ හොඳට කෙරුණා. සත පහ අතේ නැකිව අපි ඊට වැ දේත් කළ බව උඹ දන්නවා.
සාධු ජනරාව එදා යන අතරේ එහි හමුදා සෙබලාගේ නිවැසියන්ගේ ඛේදවාචකය පිඵිබඳ ගීතයක් තිබුණේ නෑ. ඒ සදහා මහින්ද චන්ද්‍රෙස්කරයන් අදහස් දැක්වීමක් පමණයි කළේ. ඒ නිසාම මම ඒ සදහා ගීතයක් ලිවුවා. තල් අරඹ උඩින් ඉගිල්ලිලා එන්න බැරිද මල්ලියේ කියලා. ඒක මට වෙසෙස් සැමරුමක්. මේ මතක හරිම වටිණා දෙයක්. ජීවත් වෙන්න. මිනිස්සු ජීවත් වෙන්නේ මේ වගේ දේවල් වලින්. වෙන දේ වලින් නොවෙයි. උඹට ස්තුතියි ජීවත්වෙනවා කියා හිතන්න අවස්ථාවක් දුන්නට... තල් අරඹ ගීතය අහන්න ඕනෑ කෙනෙක් ඉන්නවා නම් මේ ඔස්සේ එන්න.http://www.yasanathsithuwili.blogspot.com/
යසේ..
Deleteජයතිලක අයියලා ගොඩ නැගූ ඒ ඉතිහාසය තුළ යම් තැනකදී ඊට පසුකාලයේ අපි ඔවුන් සමග අත්වැල් බැදගන්නේ ඒ රජරටින් ගොඩනැගුණ දැවැන්ත චින්තනය නිසා. ඒ පුරාවෘත්තයට උඹට, මට, තිඹිරිට, දලුපොතට, එකට හමුවෙන්න ලැබිමත් අපේ භාග්‍යයක්.
ඒ නිසා මේ දැවන්ත චරිත අපට කියාදුන් අතීතය තුල ඔවුන් අපේ වීරයන් වෙද්දී ඔවුන් ගොඩනැගූ භූමියේ අපි යාන්තමට ඇස් අරින කුඩා බිම්මල් කියලයි මට හිතෙන්නේ. අපි ඉදිරියේදි තවදුරටත් මේ ගැන කතා කරමු.
ස්තූතියි යසේ.. උඹට
හරිම වටිනව,
ReplyDeleteමේ මිනිස්සු ගැන මෙහෙමවත් කියවන්න ලැබෙන එක අපි පෙර කළ මහා පිනක්.
නිදුක් නිරෝගී බව ලැබේවා ජයතිලක බණ්ඩාරයන්ට
දයියා..
Deleteරජරට පුරවෘත්තයේ දැවන්ත යුග පුරුෂයන් වන්නේ මේ කලාකරුවන් තමයි.
මේ සිද්ධි මට සමීපතාවක් දැනෙනවා මොකද මේ යුගයේ තාරුණ්‍යයේ සිටි කෙනෙක් නිසා. ගතවෙන සෑම මොහොතක්ම අවිනිශ්චිතව ගෙවුණු ඒ යුගය කෙසේ නම අමතක කරන්නද ? රජරට හිටියනම් ඔය ටික වත් රස විඳින්න පුළුවන්. දඬුවම් ලබා රජරට ගිය සියලු දෙනා එතනින් පිට වන්නේ පුදුමාකාර පරිණත භාවයක් සමග. ඒ අතින් රජරට සේවය විශ්ව විද්‍යාලයක් වගේ.
ReplyDeleteසුදීක..
Deleteරජරට සේවය මෙතෙක් ලංකාවේ බිහි වූ හොඳම ගුවන්විදුලි නාලිකාව බවට පත්වන්නේ එක්තරා යුගයක් දක්වා විතරයි. ඒ විශ්ව කෝෂය මේදක්වා තිබුණානනම් මේවන විට මේරට රසිකත්වට දැවැන්ත වෙනසක් වෙන්න තිබුණා. ඒ අතින් එක්තරා යුගයකදි අපිත් ඒ රජරට කොටස්කාරයෝ වුණා. ඒගැන නම් දැනෙද්දි ලැබෙන්නෙ ලොකු සතුටක්. ස්තූතියි
මේ පොස්ට් එක එනකම් බලන් හිටියේ.අදටත් ලංකාවේ දෙමල මිනිස්සුන්ට වෙලා තියෙන අයිතිවාසිකම් ගැන කතා කරන්න ඉන්න ස්වල්ප දෙනා අතරින් ජයතිලක බණ්ඩාරයන් මුල් තැන.ඒ ඔවුන් කලාව තුලින් යම් දෙයක් ගත්තු නිසා සහ නියම කලාව කියන්නේ මනුස්සකම කියන එක වටහා ගනිපු නිසා. දවා පිච්ච මල් අසපුව,පදවියේ දුව මම ආසම සින්දු දෙක ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන.ඒ ගීත ගැනත් ඉදිරි ලිපි වලදී පල වේවි කියල හිතනවා.ඇත්තටම කාඩ්බෝඩ් කලාකාරයෝ වෙනුවට ජයතිලක බණ්ඩාර වැනි කොන්දක් ඇති කලාකාරයන් මිනිස්සු අතරට වන්න ඕන.ඒ සඳහා ජනතාවාදී කලාකරුවන් විදියට දයානන්ද අයියේ ඔබ ඔබේ යුතුකම ඉටු කරන එක දකින එක ඇත්තටම සතුටක් !
ReplyDeleteනුවන්..
Deleteඅපි ඉදිරියේදි ඒ ගැන පිලිවලින් කතා කරමු. සැබෑ ජනතා කලාකරුවන් කවුද කියා කියන්න මේ හොද අවස්ථාවක් වේවි. ඒ ගමනේදි මටත් හැකි පමණ මගේ යුතුකම ඉටුකරන්නට හැකි වේවි.
ස්තූතියි නුවන්
ජයතිලක බණ්ඩාරයන්ගේ සිංදුනම් මම අහලා නෑ.පද රචනානම් බොහොමයක් කියවලා තියෙනවා.
ReplyDelete‘71අරගලයට සම්බන්ධ වී සිරගතව සිට නිදහස් වූ බොහෝ දෙනෙක් පසු කාලයේ දී කලා කේෂ්ත්‍රයට එක් වුනා. ගායකයින්, සංගීතඥයින්, සිනමා කරුවන්, රංගන ශිල්පීන්, චිත්‍රශිල්පීන්, කවියන් , ගීත රචකයන්, නව කතාකරුවන්...වැනි සෑම ක්ෂෙත්‍රයකම පිරිස් ඒ අතර වුනා. චිත්‍රශිල්පී ජනක රත්නායක හා කරුණාසේන ජයලතු ත් එසේ සිරගතව සිට නිදහස ලැබූ අයයි.
හැබැයි ඔවුන් සිරගත වන්නේත් ....ඉන් නිදහස් වන්නෙත් කලාවට “ඉඩක්” තිබූ සමාජයකට යි. ජයතිලක බණ්ඩාර ලා ට දිවුල්ගනේල ට යම් දෙයක් කරන්න පුළුවන් වුනේ ඒ නිසයි.
’89 දීත් සිරගත වූ වන් අතර ත් එවැන්නෝ හිටියා. කේමදාසයන්ගේ “කිලර්” සහ හදගමගේ “හෙණ” නාට්‍යයත් - වැනීසියේ වෙළෙන්දා, හුණු වටයේ කතාව ත් ඇතුළුව නාට්‍ය ගණනාවක් බූස්ස රැදවුම් කදවුරේ වේදිකාගත වුනා. නිතරම ගීත ප්‍රසංග පැවැත්වුනා. ශිල්පීය ප්‍රදර්ශනත් චිත්‍ර ප්‍රදර්ශනත් පැවැත්වුනා. බිත්ති පුවත් පත්, සගරා, හා පත්තරත් කළා. (මම වැඩකලේ ඒ අංශයේ යි) ඒත් ඔවුන් කලා ක්ෂේත්‍රයේ බොහෝ දුර ගියේ නෑ. හේතුව, කෙතරම් දක්ෂ වුව ත් “71 දී මෙන් නොව ඔවුන් නිදහස් වන්නෙ කලාවකට “ඉඩක්” නැති සමාජයකටයි. ඒ නිසා ඔවුන් කලාව වෙනුවට ආර්ථික සුරක්ෂිත තාවය සලකලා (බොහෝ දෙනෙක් )විදේශ ගතවෙනවා.
මේ පෝස්ට් එක බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙලා තිබුණෙ නෑ. හේතුව මොකද්ද කියලා හොයලා බලන්න
ReplyDeleteසුමිත්
Delete71 ත් 89 ත් වෙනස ඇතිවන්නේ එහි දේශපාලන චින්තනය සහ කාලත් සමගයි. ඒ යුග දෙක දෙවිදියකට ඉතිහාසය තුල මහා දැවැන්ත චරිත නිර්මානය කරනවා. 89 වන විට ඒ සියලු දේවල් අහිමි වෙනවා. ඒක දේශපාලන ආර්තික සහ සාමාජීය කරුනුත් එක්කමයි ඒ වෙනස සිදුවන්නේ.අපි තවදුරටත් ඉදිරියේදි මේ ගැන කතා කරමු.
ස්තූතියි සුමිත්
මේක කියවද්දි දැණෙන හැඟීම කියන්න වචන මදි. කොහොම නමුත් අන්තිමේදි මට දැණුනෙ දුකක්.
ReplyDeleteමම 10-11 පන්තියෙ ඉන්න කාලෙදි ජයතිලක බණ්ඩාර, මහින්ද දිසානායක ඇතුළු කණ්ඩායමක් අපේ ඉස්කෝලෙ වැඩමුළුවක් කලා පැය කීපයක. ඒක මගේ ඔළුවට හොඳට ටොකු ඇනපු බව මතකයි. මට මතක විධියට ඒකට කොල්ලන්ගෙන් ඒ තරම් යහපත් ප්‍රතිචාර ලැබුණෙ නෑ. ඔවුන් නව පරපුරට (ඒ කාලෙ රූකාන්ත, අතුල අධිකාරි) දෙහි කැපීමත් එක්කයි එහෙම වුණේ.
කොහොම වුණත් ජයතිලක බණ්ඩාර අදටත් මට 'වැදුණ' ගායකයෙක් නෙවෙයි. මම ජීවත් වෙන සමාජය වෙනස් වෙලා තියෙන නිසා වෙන්න ඇති. නමුත් ඔහුගෙ ස්ථාවරයත් ඔහුගෙ දේශපාලනයත් මම බොහොම කැමති දෙයක්. ඔහු අවසානයේ ආත්ම තෘප්තිය පමණක් තමාට ඉතිරි කරගන්න විධියෙ කලාකරුවෙක්.
මේ සටහනේ තියෙන අම්ම සහ අප්පච්චි ගැන ගීත දෙකම මම කලින් අහල තියෙන ගීත. මම හිතන්නෙ ඔහු ගයපු රසවත්ම ගීත දෙකක්!
හරේ...
Deleteඅපි ඉදිරියේදි රස වින්දන ගැන මිට වඩා පුලුල් ව කතා කරමු. එවිට ඇයි ඒ යුගයේ පාසල්වල සිසුන්ගෙන් එවැනි ප්‍රතිචාරයක් අත්වුනේ කියන කාරණාව පැහැදිලි කර ගත හැකියි.
ජයතිලක අයියා වගේ කලා කරුවෝ ජනප්‍රියත්වය ආභරණයක් හෝ පළදනාවක් කරගන්නෙ නෑ. නිර්මාණාත්මක කාර්යයන්වලදී ඔවුන් තම දායකත්වය උපරිමයෙන් ලබා දෙනවා. එතැනදි ඉතිරිවන්නේ ඔබ කිය න විදියට ආත්ම තෘප්තිය පමණයි.
ඉදිරියේදි තවත් වෙනස් ගි කිපයක්මඅහමු.
ලිපිය කියවාගෙන යන්කොට මට අතපසු උන යමක් මතක් උනා.
ReplyDeleteමීට මාසයකට දෙකකට උඩදි මම වෘත්තීයමය වැඩකට කපුගේ මහත්මයගෙ මහ ගෙවල් කිට්‍ටුවෙන් ගියා. අපේ අල්ලපු ගමේනෙ කපුගේ.මාපලගම බස් යන ප්‍රධාන පාරෙන් ගමට හැරෙන තැන එතුමාගෙ ප්‍රතිමාවක් ඉදිකලානෙ ජ.වි.පෙ. ඒක තාමත් හොඳින් නඩත්තු වෙනව .පොටෝ කීපයකුත් ගහන් ආව බ්ලොග් ලිපියක් ලියන්න හිතන්.ඒක අමතක උනා.
ජයතිලක මහත්මයගෙ ගීකීපයක් කොහෙන් හෝ අහල තිබෙනවා මතකයි.සැබෑ කලාකරුවන්,ජනතාවගේ කලාකරුවන් කියන්නෙ මොවුන්ට.සල්ලි,බලය පස්සෙ ජනතාව මුලාකරමින් ඉන්න අදකාලෙ පුහු කලාකරුවන් කව්ද..මේ මිනිස්සුත් එක්ක බලන්කොට.
වී පොකුර..
Deleteකලාකරුවන් විසින් ගොඩනගන මේ මහා ඉතිහාස පුවත් අපට කියා දෙන පණිවුඩය ඉතිහාසය සහ වර්තමානය සසඳන්න කියන එකම තමයි. ඒ අතීතයෙන් අපට ලබාගත හැකි දේවල් බොහොමයි
ස්තූතියි
අදත් බොහොම අපූරු සටහනක්.. ඒ මේ වගේ පුදගලයන් ගැන මම ගොඩක් දේවල් නොදන්න නිසා..
ReplyDeleteමට මේක අප්ඩේට් වෙලා තිබුනේ නෑ.. පස්සේ දාපු ලින්ක් එකෙන් තමයි මේ ඇවිත් කියෙවුවේ..
දිනේෂ්...
Deleteපොඩි කාර්මික දෝෂයක් තිබුණා.. ඒක නිවැදි කළා දැන් හරි..
මේ ගැන මෙච්චර විස්තරයක් දැන ගත්තේ අද..
ReplyDeleteතරුවා...
Deleteමේ කෙටි සටහනක් පමණයි. තව හොදම දේ ඉදිරියටයි
ජනතාවාදී කලාව සඳහා නුඹට තව තවත් ශක්තිය හා ධෛර්යය !
ReplyDelete- සරත් පතිරණ -
සරත් පතිරණ
Deleteස්තූතියි මමත් ජයේ අයියාට ප්‍රාර්ථනා කරන්නේ ඒ සිතුවිල්ලමයි
This comment has been removed by the author.
ReplyDeleteමට නිකමට හිතුනා නම "කරු" ගම "දිවුල්ගනේ" කිව්වම කරුණාරත්න දිවුල්ගනේ ගැනවත්ද කියන්නේ කියලා..ඒ හිර ගෙදර කතාව හරි රසවත්, පුදුම හිතෙනවා වෙලාවකට..
ReplyDeleteපැතුම්..
Deleteසඅගවුණ අතීතයක නොසැගවුන කතාවක් . තවත් ඉදිරියට කියවන්න එන්න එවිට තවත් මිහිරම අතිතයක් මතකයට ඒවි.
කරුණාරත්න දිවුල්ගනේ මහතා සිරගත වෙලා හිටපු කෙනෙක් කියල කලින් දැනගෙන හිටියේ නැහැ. නොදන්නා විස්තර ටිකක් දාගත්තා. ඒ කාලේ කලාකරුවන් අතරේ තිබුණ සුන්දරත්වය දැන් නැහැ කියල හිතෙනවා.
ReplyDeleteඅසරණයා...
Deleteදැන් එවැනි සුන්දරත්වයක් ගොඩ නැගෙන්නෙ නැත්තේ සියල්ල මුදල මත තීරණය වක නිසා. ස්තූතියි ඔබටත්
මට ලංකාවේ දේශපාලනය අපුල වෙන්න එක හේතුවක් තමා මෙන්න මේ කරණ. ලංකාවේ තිබුන සංගීත රසවින්දනය මේ අපුල දේශපාලනය අපිට නැති කලා...........දැන් බොරුවට වැඩි බන කියුවට අපි රසවින්දනය අතින් මොට උනේ ගොඩක්ම ඔය අපුල දේශපාලන හින්දා.
ReplyDeleteමොනා උනත් ඔබ කරන මේ කාර්ය මට නම් ඉස්තරම් මොකද, මේවගේ අතීතයක සැරිසරන්න පාර දන්නා අය හරි අඩුයි. මම නොස්තැල්ජියානුවෙක් නොවූනත් ඒ රසවින්දනිය ඉතිහාසයට මම කැමති. වරතමානයට ඒ කාලේ තිබුන රස්වින්දනයට කිට්ටු වෙන්නවත් බැහැ.
මොනතරම් වටිනා ලිපියක්ද . හිමින් ගී රස විඳිමින් ..ඔබට පින්
ReplyDeleteජයතිලක බන්ඩාරයන් ගැන නම් අවංකව මං දැඅගෙන හිටියෙ නෑ , කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා නම් මං පුංචිකාලෙ ඉඳන්ම ආස ගායකයෙක්ලු.. :)
ReplyDeleteඒත් අද දවසෙ මේ ප්‍රවීණයන්ට තියෙන තැන දැක්කම ඉතාම කණගාටුදායකයි....
මේ ලිපිය මඟ ඇරිලා අදයි කියෙව්වෙ..
ReplyDelete