අන්ගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍ය ලංකාවේ වේදිකා නාට්‍ය ඉතිහාසයේ සුවිශේෂ නාට්‍යයක්. අවුරුදු තිස්පහකට පමණ එපිට සිංහල නාට්‍ය වේදිකාවේ රඟ දැක්වුණ අන්ගාරා ගඟ ගලා බසී නාට්‍ය මුල්වරට වේදිකා ගත වුණේ 1978 වසරේ දී ය. එවකට දර්ශන වාර සිය ගණනකට වැඩි ප්‍රමාණයක් රට පුරා ප්‍රදර්ශනය වෙමින් අවසන් වූ මේ නාට්‍ය නූතන සිංහල නාට්‍ය වේදිකාවට නැවත ලබා දෙන්නත්, ඒ හරහා පුරන්ව ඇති වේදිකා නාට්‍ය යළි අස්වද්දන්නටත් රංජිත් ධර්මකීර්ති නම් වු අග්‍රගණ්‍ය නාට්‍යකරුවා විසින් නැවතත් අන්ගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍ය කරළියට රැගෙන පැමිණ සිටියේ මේ සැන්දෑවේදීය.
එදා සිංහල නාට්‍ය වේදිකාවේ රැව්දුන් චෙරි උයන, හිරු නැති ලොව, නාස්තිකාර මහත්තයා, මෝදර මෝල, සහ ආඬිරැලේ නාඩගම රංජිත් ධර්මකිර්ති නාට්‍ය කරුවාගේ සෙසු නාට්‍යයෝ ය. එවැනි නාට්‍යකරුවකුගේ මේ අනර්ඝ නිර්මාණය වූ අන්ගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍ය අද සිටින නාට්‍ය ප්‍රේක්ෂකයන්ට කුමන ආකාරයෙන් වැදගත් වන්නේද කියන කාරණයත් එක්කම 1979 - 80 දි විතර මේ වේදිකා නාට්‍යය වේදිකා ගත වූ අවස්ථාවක සජිවිව පටිගත කරගත් ගීත කීපයකුත් මුල් නිර්මාණවලින් ම ඒ සජීවි ස්වරූපයෙන් ම ඔබට අහන්නත් ලැබෙන දුර්ලභ අවස්ථාවක් අස්වැන්න තුළින් ලැබෙනවා.
විසිවන සියවස මැද භාගයේදි ඒ කියන්නේ 1960 වගේ කාලයක ඇලෙක්සි අර්බුසොෆ් නම් වු රුසියානු නාට්‍යකරුවා විසින් නිර්මාණය කරන ලද It Happened in Irkutsk ( එය සිදු වූයේ ඉර්කූට්ස් නුවර ය. ) නම් වූ මේ රුසියානු නාට්‍යය යුරෝපයේ රටවල් ගණනාවක විවිධ භාෂාවන්ගෙන් පරිවර්තනය වෙමින් වේදිකාව මත රඟ දැක්වුණා. ඒ සෝවියට් රුසියානු වේදිකා නාට්‍ය සම්පූර්ණයෙන්ම සිංහලට පරිවර්තනය වී වේදිකා ගත වූයේ අන්ගාරා ගඟ ගලා බසී යන නමින්.
මේ කතා පුවතට පාදක වෙන්නෙ සයිබීරියාවේ අගනුවර වන ඉර්කූට්ස්ක්. බයිකාල් විලෙන් ගලා යන එකම ගංඟාව වන අන්ගාරා ගඟ ගලා බසින්නෙ ඉර්කූට්ස්ක් නගරය හරහා. මේ නගරයේ සංවර්ධනය වෙනුවෙන් මහා වේල්ලක් බදින්නට දිවා රෑ නොබලා වෙහෙසෙන ඉදිකිරීම් වැඩ බිමක කම්කරුවන් පිරිසක් අතර ඇතිවන ඉතාමත් සිත්ගන්නා සුළු ප්‍රේමණිය කතා පුවතක් මේ නාට්‍යයට තේමාව වී තියෙනවා. තරුණයන් දෙදෙනෙක් සහ තරුණියක අතර ඇති වන ත්‍රිකෝණ ප්‍රේමයක් රුසියානු සමාජවාදී දේශපාලන ක්‍රමය පසුබිමෙහි තබාගෙන ආදරය, ප්‍රේමය තුරුළු කරගත් මේ නාට්‍ය පැය දෙක හමාරකට ආසන්න කාලයක් පුරා වේදිකාව මත දිග හැරෙනව.
අන්ගාරා ගඟ ගලා බසී වේදාකා නාට්‍ය නාට්‍යමය ජවනිකා 17 ක් සමග ගීත 13 සමග ගීතාත්මක ශෛලියෙන් සංගීතමය නාට්‍යයක් ලෙසින් වේදිකා ගත වෙන මෙය සෝවියට් සමාජවාදී දේශපාලනයේ බිඳ වැටීම එක අතකින් නිරූපණය කරන අතර ම එසේ බිඳ වැටෙමින් පවතින සමාජවාදී දේශපාලන ක්‍රමයක් තුළ මිනිසුන්ගෙ අතීත ආකල්ප බිඳ නොවැටී පවත්වාගෙන යන්නේ කෙසේද යන්නත්, ඒ ඔස්සේ මිනිසුන්ගෙ සිත් ප්‍රේමයෙන් පුරවන්නටත් ආදරයට ආදරය කරන්නේ කෙසේද යන්නත් කියා දෙනව .
![]() |
1978 දී එඩ්වඩ්, සුනිලා, රම්‍යා, දිද්දෙණිය, නීල් අලස්,
මනෝරත්න, සහ ස්විනිතා පෙරේරා වේදිකාවේ
|
එදා මුල් වරට 1978 දි අන්ගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍ය වේදිකා ගතව තිබුණේ සිංහල නාට්‍ය වේදිකාවේ කීර්මත් වූ මේ රංගන ශිල්පීන් පිරිසත් සමග ය.
වාල්යා - සුනේත්‍රා සරච්චන්ද්‍ර
ලැරීසා - ස්විනිතා පෙරේරා / සෝමලතා සුබසිංහ
සර්ජි - නිශ්ශංක දිද්දෙණිය
වික්ටර් - නීල් අලස්
රෝඩික් - ජයලත් මනෝරත්න
ඒ වගේම මේ නාට්‍ය සඳහා ආචාර්ය අජන්තා රණසිංහ විසින් ගීත 13ම රචකා කර තිබු අතර එදා කේමදාසයන්ගේ සංගීතයට නාට්‍ය වේදිකාව මත සජීවිව රංගනයේ යෙදෙමින් ගායනයේ නිරත වූයේ ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස්, එඩ්වඩ් ජයකොඩි, සුනිලා අබේසේකර සහ රත්නා ලාලනී ජයකොඩි සහ රම්‍යා වනිගසේකර ඇතුළු ගායන වෘන්දයකි.
අන්ගාරා ගඟ ගලා බසී
අන්ගාරා ගඟ ගලා බසී
පෙමින් පෙඟුණ නව යොවුන් පැතුම්
පෙමින් පිරුණු මදහසින් නුවන්
හැඟුම් උදම් වී පවන් සලන සඳ
එවන් පහන් රොද සෙමෙන් උරා
අන්ගාරා ගඟ ගලා බසී
ඉවුරු තලා පෙණ මුතුළැල් පළඳා
සිතින් සිලිටි රළ තරඟ දිගේ
ඔබ මෙන් අප මෙන් මිනිසුන්
දහඩිය දහරින් කඳුළින් සුසුමින්
ජලයෙන් විදුලිය උපදවනා
විසිවන සියවස විස්කම් දනවන
විදුලිය කම්හල ඉදිකරනා බිම
අන්ගාරා ගඟ ගලා බසී
අන්ගාරා ගඟ ගලා බසී
ගීත පද මාලාව: ආචාර්ය අජන්තා රණසිංහ
සංගිතය : ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස්,
එඩ්වඩ් ජයකොඩි සහ සුනිලා අබේසේකර
අන්ගාරා ගඟ ගිතය මෙතනින් අහන්න
සදාකාලික ප්‍රේම ත්‍රිකෝණයකට මැදි වන වාල්යා, වික්ටර් සහ සර්ජිගේ ආදර අන්දරය සරළ පෙම් පුවතකට සිමා කළ නොහැකි ය. ප්‍රේමයෙන් පිරුණු ජීවිත තුළට ආදරයේ සදාකාලික බලාපොරොත්තු ප්‍රේක්ෂකයන්ට ළඟා කරවයි. නාට්‍ය ආරම්භ වන්නේ නාට්‍ය අවසන් වන ජවනිකාවෙනි. ඉන්පසු නැවත නැවතත් අතීතයටත් වර්තමානයටත් සංක්‍රමණය වෙමින් නාට්‍යයේ කූඨප්‍රාප්තිය ( Climax) කරා ළඟාවේ.
මේ නාට්‍ය සෝවියට් රුසියාවේ වේදිකා ගත වන යුගය වන විට සමාජවාදී ක්‍රමය සහ සමාජවාදි සංස්කෘතිය පැවතියේ බිඳ වැටෙමිනි. එසේ වුවත් විනෝදකාමී ජීවිතයක් ගත කළ වික්ටර් වැන්නෙකු සර්ජි විසින් ගොඩනගන සමාජවාදී දේශපාලන ආකල්ප නිසා මිනිස් ජීවිතය යනු වඩාත් ගැඹුරින් සහ වගකීමෙන් යුතු එකක් බවට වටහා ගනී. ඒ නිසා නාට්‍ය ආරම්භයේ වේදිකාවේ හමුවන වික්ටර් නම් වූ සෙල්ලක්කාර තරුණයා නාට්‍ය අවසන් ජවනිකාවේදී සර්ජි විසින් ගොඩනැගූ සමාජවාදී කොමියුනිස්ට් දර්ශනයේ සැබෑ කොටස් කරුවකු බවට පත්වේ. ඒ අන් කිසිවකු ලෙසින් නොව ආදරයට ආදරේ කරන ප්‍රේමයෙන් පිරුණු පිරිපුන් මිනිසකු ලෙසිනි.
මේ නාට්‍ය සෝවියට් රුසියාවේ වේදිකා ගත වන යුගය වන විට සමාජවාදී ක්‍රමය සහ සමාජවාදි සංස්කෘතිය පැවතියේ බිඳ වැටෙමිනි. එසේ වුවත් විනෝදකාමී ජීවිතයක් ගත කළ වික්ටර් වැන්නෙකු සර්ජි විසින් ගොඩනගන සමාජවාදී දේශපාලන ආකල්ප නිසා මිනිස් ජීවිතය යනු වඩාත් ගැඹුරින් සහ වගකීමෙන් යුතු එකක් බවට වටහා ගනී. ඒ නිසා නාට්‍ය ආරම්භයේ වේදිකාවේ හමුවන වික්ටර් නම් වූ සෙල්ලක්කාර තරුණයා නාට්‍ය අවසන් ජවනිකාවේදී සර්ජි විසින් ගොඩනැගූ සමාජවාදී කොමියුනිස්ට් දර්ශනයේ සැබෑ කොටස් කරුවකු බවට පත්වේ. ඒ අන් කිසිවකු ලෙසින් නොව ආදරයට ආදරේ කරන ප්‍රේමයෙන් පිරුණු පිරිපුන් මිනිසකු ලෙසිනි.
හුළඟක් හුළඟක් පාලු හුළඟක්
කොහන්දෝ පාවේ
අඳුරු කළුවර කඩතුරා
ගඟටඋඩින් සැරි සරා
හුළඟක් පාලු හුළඟක්
පහනින් පහනම නිවී නිවී යන
ගොම්මන් රෑ යාමේ
නවාතැන වෙත ඇය ඇවිදින් නැත
ගොම්මන් රෑ යාමේ
හුළඟක් හුළඟක් පාලු හුළඟක්
කොහන්දෝ පාවේ
ගීත පද මාලාව: ආචාර්ය අජන්තා රණසිංහ
සංගිතය : ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස්,
එඩ්වඩ් ජයකොඩි සහ සුනිලා අබේසේකර
හුළඟක් පාලු හුළඟක් ගිතය මෙතනින් අහන්න

මේ නාට්‍යයේ සංගීතය සහ ගායනය එහි රංගන ශිල්පීන්ගේ තරමටම වැදගත් තැනක් ගනී. මුළු නාට්‍ය පුරාම නැගෙන්නේ කේමදාසයන් විසින් බටහිර සංගීතය ඔස්සේ මවන ඔපෙරා ශෛලියයි. නැතහොත් බටහිර මුද්‍රා නාට්‍යයේ ශෛලියයි.
විශේෂයෙන්ම රුසියානු ජන සංගීතයේ එනජනප්‍රිය සංගීත භාණ්ඩයක් වූ ස්පැනිෂ් ගිටාරයේ නාදය සමස්ත නාට්‍ය පුරාම භාවිතා කරයි. තාල භාණ්ඩ භාවිතයෙන් තොරව තත් සංගිත භාණ්ඩ පමණක් උපයෝගී කර ගනිමින් රුසියානු සංගීතයේ හරය තුළට කිඳා බැස ස්පැනිෂ් ගිටාරයෙන් දැවන්ත සංගීතමය ආයෝජනයක් සිදුකර තිබේ.
අන්ගාරා ගඟ අසබඩ
කළුවර මැද සුදු තිරයක
සිනමා පටයක් සෙමින් දිග හැරේ
ඉතාලියෙන් මෙතෙර ගෙනා මේ සිනමා කතන්දරේ
සයිකලයක් අහිමි වූ මිනිසකුගේ කඳුළැල්ලයි
ඔහුගෙ සුසුම් වැලපිල්ලයි
සිනමා හල හැම දෑසක් රිදී තිරේ රැඳී රැඳී
අසරණ වූ මිනිසාගේ ඉරියව් හා ඇත වෙලී
ඔහුටත් ඇත අඹුදරුවෝ පාපැදියෙන් දිවි රැකෙනා
එවන් මහඟු බයිසිකලේ හොරෙන් අරන් ගිහින්
රෝම නගරෙ විදි පුරා ඔහුගේ ඒ කඳුළයි
දූලි ගැටෙන නගරය මැද ඔහුගේ ඒ සුසුමයි
ගීත පද මාලාව: ආචාර්ය අජන්තා රණසිංහ
සංගිතය : ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස්,
එඩ්වඩ් ජයකොඩි සහ සුනිලා අබේසේකර
අන්ගාරා ගග අසබඩ ගීතය මෙතනින් අහන්න
එදා කේමදාසයන්ට මේ නාට්‍යයේ සංගීතය නිර්මාණය කිරීමේදී වාදනයෙන් සහය වී ඇත්තේ අර්නස්ට් සොයිසා (ස්පැනිෂ් ගිටාරය), ගුණසේන කුරේ, නිමල් ඩයස්, ක්ලින්ටන් ගුණවර්ධන සහ රොනී ලේටින් ( ඩබල් බේස්) යන වාද්‍ය ශිල්පීහු ය.
එසේ ඒ අතීතය වර්තමාන අන්ගාරා ගඟ ගලා බසී වේදිකාවට රැගෙන එන විට කේමදාසයන් අප අතර නැතත්, කේමදාසයන්ගේ ඒ සුපුරුදු සංගීත රිද්මය දශමයකින් හෝ වෙනස් නොකොට ඒ සංගීත ආකෘතියෙන් ම ඒ ජවයෙන් ම මෙදා ප්‍රති නිර්මාණය කර තිබුණේ සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ශාන්ත පීරිස් විසිනි. එසේම සංගීතඥ ශාන්ත පීරිස් විසින් කේමදාසයන්ගේ එදා ගායන වෘන්දය වෙනුවට සෞන්දර්යය විශ්ව විද්‍යාලයේම සංගීතය හදාරන දක්ෂතම සිසු සිසුවියන් පිරිසක් දායක කරගෙන තිබුණේ දශක තුන හමාරක වෙනස ප්‍රේක්ෂකයාට නොදැනෙන ලෙසිනි.
රැයක් පුරා වැහි වැටුණා .... වැහි වැටුණා
රැයක් පුරා... ඔබ නොනිඳා පහන් කළා
කල්පනා ලෝකේ
සීත සමීරේ ඔබ පය පාමුල
පිනිබර හිමිදිරියේ
පළමු අරුණු රේඛා
පැතිරේ.. පැතිරේ..
හුදෙකලාව පාවෙමින්
තනිකමෙන් ගෙවුණ ඔබේ
තුරුණු දිවිය මේ රැයින්
මේ උදයෙන් නිමවේවි ළදුනේ
ගීත පද මාලාව: ආචාර්ය අජන්තා රණසිංහ
සංගිතය : ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස්,
එඩ්වඩ් ජයකොඩි සහ සුනිලා අබේසේකර
රැයක් පුරා ගීතය මෙතනින් අහන්න
“වික්ටර්: වාල්යා
වාල්යා: මට ඔහොම ආදරයෙන් කතා කරන්න එපා
වික්ටර්: කවදාවත්?
වාල්යා: මම පස්සෙ කතා කරන්නම්
වික්ටර්: එයා ඈතට ඈතට දුවගෙන යනව එයාගෙ දෑස්වල කඳුළු පුරවාගෙන මූණ සිනාවකින් සරසාගෙන, එයා පාලමෙන් එගොඩ වෙලා අන්ධකාරය තුළට දුවගෙන දුවගෙන යනව...එයා කවදා හරි මගේ බිරිද වෙයිද? එයා කවදා හරි මට කැමැත්ත දෙයි ද? ඒත් කවුද ඒක දන්නෙ? ඒක තවත් කතාවක්. තවත් අන්දරයක්. මම මෙතන අතර මග නැවතිලා, මේ පාලම උඩ හිටගෙන එයා දිහාවෙ බලාගෙන මම ඇත්තටම එයාට කොයිතරම් ආදරේද කියල හිතමින් ඉන්න මේ මොහොතේ මේ කතාව අවසන් වෙනව.”
වික්ටර් සෝවියට් රුසියානු සමාජවාදී ක්‍රමය බිදවැටෙද්දි ජීවිතය තේරුම් ගත් මිනිසකු ලෙස එසේ කියද්දී මේ නාට්‍ය අවසන් වෙනව. ඒත් ප්‍රවීන නාට්‍යවේදී රංජිත් ධර්මකිර්ති නාට්‍යකරුවාගේ අන්ගාරා ගඟ ගලා බසී දශක තුන හමාරකට පසුව වේදිකාවට ගෙන එමින් සෝදාපාළුවට ලක්ව ඇති සිංහල නාට්‍ය වේදිකාව යළි සරසනු ඇති සේම මෙන් යුගයක නූතන ප්‍රේක්ෂකයන් හමුවේ ආදරයට ආදරය කරන්නත්, ආදරයෙන් ආදරය ලබන්නත් හැකි සංවේදී මිනිසකු බිහි කරන්නට සමත් වන බව පසක් කරමින් අන්ගාරා ගඟ සිංහල නාට්‍ය වේදිකාවේ දූවිලි සෝදා අනාගතය සොයා ගලා බසින බව ඒ අඳුරු රගහළ තුළ දි මට දැනුණි.෴
පළමු සහ අවසන් ඡායාරූපය රඟහල වෙබ් අඩවියෙනි
විශේෂ ස්තූතිය:
අන්ගාරා ගඟ ගලා බසී නාට්‍යයේ වසර තිස් පහකට එහා පටිගත කරගත් ගීත සියල්ලම ලබා දුන් ස්විනිතා පෙරේරා මහත්මියට
අගේ ඇති විස්තරයක්. හුගක් තොරතුරු දැනගත්තා.. ස්තුතියි ඔබට. ආයේ කියවන්න ඕන..ගීත ටික නං හොයාගත්ත එක හෙන වටිනවා...
ReplyDeleteදේශකයා..
Deleteමේ ගිත ටික නම් ලැබුණෙ මේ නාට්‍යට සම්බන්ධ කලාවට සම්බන්ද කෙනකේගෙන්. ඒ ගැන නම් මටත් සතුටුයි.
මේ වගේ නාට්‍යයක් නරඹන්ට තිබුනානම් වටිනවා. රුසියානු කතාවල එන ආදර කතා ගොඩක් වෙනස්වෙන්නේ දේශපාලන පසුබිමත් එක්ක වෙන්ට ඇති කියලා හිතෙනවා.
ReplyDeleteගීත ලස්සනයි. සංගීතෙත් එහෙමයි. ලියවිල්ලත් වෙනදා වගේම අපූරුයි.
අලුත් වචනෙකුත් ඉගෙන ගත්තා. //කූඨප්‍රාප්තිය// :)
අලුත් නලු, නිලියන් ගේ විස්තර නෑ නේද?
පොඩ්ඩි..
Deleteරසියානු කලාකෘතිවල කලාත්මක බව යටින් සෝවියට් රැසියානු දේශපාලන ක්‍රමය ගැන කතාවෙනවා. ඒක නිර්මානයේ මතුපිට දකින්නට නැතත් නිර්මානයේ සමස්ථ අරුත සමග බද්ධව පවතිනවා.ඒක තමයි රුසියානු පොතක් චිත්‍රපටයක්, නාට්‍යයක් බැලුවත් දක්න්න ලැබෙන්නේ..
මේ නාට්‍යයේ රගපාන්නේ කොළඹ සෞන්දර්ය විශ්විද්‍යාලයේ නාටය හා රංග කලාව වගේම ගායනයටත් දක්ෂ තරුන පිරිසක්. ඊට අමතරව, සම්පත් තෙන්නකෝන්, අමා විජේසේකර, වගේ ප්‍රවීන අයත් රගපානවා
මෙන්න මෙතනින් අලුත් පරන සියලුම දෙනාගේ වගේම එඩ්යඩ් 1978 දී ඉදිරිපත් කල ගායනයක් බලන්න පුළුවන් කෙටි වීඩියෝවක් තියෙනවා එතිනන් හැකිනම් ටිකක් බලන්න.
http://www.youtube.com/watch?v=VOonKtLxzns
බොහෝ වෙලාවට අලුත් නලු නිලියන් යොදාගෙන කරන පැරණි නාට්‍යය මුල් එක තරම් රසවත් වෙන්නෙ නෑ . ඒත් ඔබගේ විචාරය අනුව මේ නාට්‍යයනම් බලන්න යන්නම හිතෙනවා . බලමු අවස්ථාවක් ආවොත් .
ReplyDelete…ස්තූතියි දයා හැමදාමත් වගේ ඔබ අපිව දැනුවත් කරනවාට .
ගිම්..
Deleteමේ නාට්‍යයේ කාලයේ වෙනස හැර රංගනයේ නම් වෙනසක් දකින්නේ නැහැ. පැරණි නාට්‍යය හා සමානවම රසවත්ව නූතන තාක්ෂණයත් එක්කම තියෙනවා.
කාලෙකට පස්සේ බලපු හොඳ වේදිකා නටයක් පහුගිය සතියෙක සෙනසුරාදාවක මාත් ලයනල් වෙන්ඩ් එකට ගිහින් බැලුවා
ReplyDeleteමේ ලිපිය කියවද්දිත් එකින්කෙ ජවනිකා එ විදියටම හිතේ මැවුනා
ජය!
කලුවර හීනය
Deleteඔබ අස්වැන්නට බොහොම ගෞරවාන්විතව පිලිගන්නවා. ඔබත් මේ නාට්‍ය බැලුවා කිව්වම සතුටක් දැනුනා. අපූරු නාට්‍යයක් තමයි
ඇත්තටම ලස්සන නාට්‍යයක් කියල හිතෙනවා, අවස්තාවක් ලැබුනොත් බලන්නම්.රුසියානු නවකථා ටිකක් විතර තේරුම් ගන්න අමාරුයි, නාට්‍යය බලනකොට නම් ගැටලු ඇතිවෙන එකක් නැහැ. ගීත ටික නම් හෙමින් සැරේ රස විඳින්න ඕනේ.
ReplyDeleteසෝන්යා..
Deleteසියානු කලාකෘතිවල කලාත්මක බව යටින් සෝවියට් රැසියානු දේශපාලන ක්‍රමය ගැන කතාවෙනවා. ඒක නිර්මානයේ මතුපිට දකින්නට නැතත් නිර්මානයේ සමස්ථ අරුත සමග බද්ධව පවතිනවා.ඒ නිසා දේශපාලනය ගැන කතාකරන නිසා තේරුම්ගන්න අමාරු වුනත් හොඳ කලාකෘතියක දේශපාලන සම්බන්දතා නිවරදිව තේරුම් ගන්න පුලුවන්
මේක කියවගෙන යද්දි.., මට මේ නාට්‍ය බලන්නම ආසාවක් ආවා.. :( ඒත් යන්න බැරිවෙයි!!! ඒත් මම මේ ලිපියෙන් එක වින්දා.. ස්තූතියි ඔබතුමාට!!
ReplyDeleteහිතුවක්කාරි..
Deleteයම්වෙලාවක නාට්‍යයක් බලන්න හිතුනොත් ඒදවසට ඔබ ඉන්න ළඟපාතක පෙන්වනවානම් බලන්න.
වේදිකා නාට්‍ය බලා තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩු ගානක්..මං ගැනම කලකිරෙනවා..මොකක් හරි වැඩක් වැටිලා ඒවගේ චාන්ස් එකක් මිස් වෙනවා... දයා අයියා මේ තරම් විස්තර හොයාගෙන අපිට දැනගන්න සලස්සන එක වෙනදා වගේම අගේ කරනවා,
ReplyDeleteපැතුම්
Deleteඅපිට හැමදේටම තියෙන්නේ කාලය. ඒකාලය කුමන හෝ අවස්ථාවක මැනේජ් කරගෙන අනස්ථාවක් ලදොත් බලන්න මේකාලේ ප්‍රවේශ පත්‍රයක මිලත් සෑහෙන්න ගානක්. ඒකත් දැනෙනවා
අහලම නැති සින්දු කීපයක්! ස්තූති වේවා...
ReplyDeleteහරේ..
Deleteවේදිකා නාට්‍යවලත් ජනප්‍රිය ගීත තියෙනවානේ. මේ ජනප්‍රිය නොවූ හොද ගීත
අද වෙනස් විදියක ලිපියක්. වේදිකා නාට්‍ය ගැන. මම අහල තියන හැටියට ගොඩක් නළු නිලියෝ කියන කතාවක් තමයි ඔවුන් වඩාත්ම ආදරේ කරන්නේ රිදී තිරෙටත් පුංචි තිරෙටත් වඩා වේදිකාවට බව. ඒක ගොඩක් වෙනස් සජිවී මාධ්‍යක් මම හිතන්නේ.
ReplyDeleteසයුරි..
Deleteඅද ඉන්න නළු නිළියන්ට වඩා අතීතයේ ගොඩක් දක්ෂ රංගන ශිල්පීන් ආවේ වේදිකා නාට්‍ය හරහා.වේදිකාව කියන්නේ රංගනයේ මහගෙදර වගේ තමයි. එයින් යම් ශිල්පියෙකුට ලබාගත හැකි දැනුම සහ අවබෝධය විහාලයි මොකද එය සජීවිව ප්‍රේක්ෂකයන් ඉදිරිපිට ඉදිරිපත් කරන රංගනයක් නිසා.
එවැනි ශිල්පියෙකු රංගනය තුළින් කුතුහලය, ත්‍රාසය , භීතිය, හාස්‍ය, සහ විනොදයත් සජීවිව ඉදිරිපත් කරන්න පුරුදු වෙනවා ඒ රංගන අභ්‍යාස ඔවුන්ගේ ජීවිතය නිර්මාණාත්මක ගෙත්තමක් කිරිමට ප්‍රමානවත්
වෙනස්ම කිව්වට ගීතය ගැවි ඇත.පුළුල් විස්තරයක්.සාර්ථක විචාරයක් දයා අයියේ.බලන්න හිතෙනවා.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ගයානි..
Deleteලැබුනොත් කොළඹ අවට ඉන්නවනම් බලන්න.
වේදිකා නාට්‍යක් පලමු වතාවට බැලුවෙ පසුගිය මාසේ. එදා මගේ ගොඩක් කාලෙක ඉදන් තිබ්බ බලාපොරොත්තුවක් ඉටු වුනා කියල දැනුනා.
ReplyDeleteමේක හොද විස්තරයක්.
ජය !
සෑම්..
Deleteමුල්වතාවට නාට්‍යක් බැලුවා කිව්වම පුදුමත් හිතුනා. ඉඩක් ලදොත් ඉඳ හිට මෙවන් නාට්‍යක් බලන්න ඒකත් වින්දනිය ඉසව්වක්
සැහෙන කාලෙකින් නාට්‍යක් බැලුවේ නෑ.
ReplyDeleteරංගි
Deleteඉඩක් ලදොත් ඉඳ හිට මෙවන් නාට්‍යක් බලන්න ඒකත් වටිනවා
බොහොම ස්තුතියි මේ වැදගත් තොරතුරු වලට. වේදිකා නාට්‍ය නම් බලන්න ඉඩ ලැබෙනව බොහොම අඩුයි විදේශයක ඉන්නකොට. මේ රටවලට ආවත් එන්නෙ ජනප්‍රිය කොමඩි වගේ ඒවා මිසක් හොඳ ඒවා නෙමෙයි.
ReplyDeleteතිසර..
Deleteවිදේශගතවෙලා ඉන්නව නම් හොද විදේශීය නාට්‍ය බලන්න පුලුවන්නේ. ඒකම ප්‍රමාණවත්
වේදිකා නාට්‍ය මේ වෙනකොට නැතිවෙලාම ගිහින් වගේ. මම කවදාවත් බලල නැහැ
ReplyDeleteකෝරලේ මහත්තයා..
Deleteඉඩක් ලද විටක ලැබුනොත් බලන්න
ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.
ReplyDeleteජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.
ස්තූතියි,
මම ඔබේ හිතවත් අභීත
අභීත
Deleteමේ හැමදෙයක්ම වින්දීය ඉසව් නිසා ඒතරම් දුර හිතට ගන්න එපා.මේ ලෝකයත් මීට වඩා ලස්සන කරමු
කවදාවත් නොඇසූ සිංදු කිහිපයක් තිබුන.
ReplyDeleteස්තුතියි නොදන්නා නාට්‍යක් ගැන විස්තර ගෙනාවට.
අසරනයා..
Deleteඅවුරුදු 35 පැරනි නාටයයක් මේ ගීත කවදාවත් ජනප්‍රිය වූ ඒවා නොවේ
නියමයි. හැමදාම වගේ.
ReplyDeleteලිපිය කියෙව්වේ දවස් 10කට විතර ඉස්සර. සිංදු ටිකත් අහලාම කොමෙන්ට කරන්න හිතපු හින්දා පරක්කු වුනා.
ReplyDeleteමම මේ නාට්‍යය මීට කලින් බලලත් නැහැ, අහලත් නැහැ. ඒ වුනාට කේමදාසයන්ගේ සංගීතයත් එක්ක මේක නම් ඉතාමත් ලස්සන නාට්‍යයක් වගේ.
අලුත් ඉසව් හොයන්න කේමදාසයන් නම් උපන් හපන්කම් තිබූ පුද්ගලයෙක්. මම අහල තියනවා මොකක් හරි චිත්‍රපටයකට සංගීත නිර්මාණය කරද්දී වීදුරුවක් උඩට වැලි දාලා ඒක සූරද්දි එන ශබ්දයත් උපයෝගි කරගෙන තියනවා කියලා.
අන්ගාරා ගඟ හා මට ඇත්තේ බොහෝම සමීප අත්දැකීම්, මම එය නැරඹුවේ කුමන වසරකදී දැයි මට මතක නැත. මම ඒ කාලයේ කුඩා දැරියකි. මෙහි වාල්යා මගේ ගුරුතුමියයි - සුනේත්‍රා සරච්චන්ද්‍රයන් අපේ පාසලේ පෙරදිග ගායන හා නාට්‍යය ගුරුවරියයි ඒ කාලයේ. ඇගේ හඬ කවදත් පාසලේදීත් මා වෙත හිරිගඩු නගන්නට සමත් වූ බව මතකයි. ඇගේ සුන්දර රූපයත් දිගු කෙස් කලඹත් කුඩා අපගේ නෙත් සිත් සැනසූවා. ඇන්ග්ලිකානු පාසලක් වූ අප පාසලේ බොදු පුබුද ඇති කලේ ඇයයි. වාර්ෂික භක්ති ගීතය ලකල් ප්‍රසංගයක් කලේ ඇයයි. මගේ ගුරුතුමී රඟන මේ නාටකය මම බැලුවේ උදම් සිතින්. මෑතක අන්ගාරා ගඟ වේදිකාගත වන බව දැක බස් රියේ සිටි මට කඳුලු නවතා ගනු බැරිවුනා. ඔබට ස්තුතියි බෙහෙවින් මේ කියවූ මා ඇසූ මා නැවත ඒ අතීතයට ගියා.
ReplyDeleteඅන්ගාරා ගඟ හා මට ඇත්තේ බොහෝම සමීප අත්දැකීම්, මම එය නැරඹුවේ කුමන වසරකදී දැයි මට මතක නැත. මම ඒ කාලයේ කුඩා දැරියකි. මෙහි වාල්යා මගේ ගුරුතුමියයි - සුනේත්‍රා සරච්චන්ද්‍රයන් අපේ පාසලේ පෙරදිග ගායන හා නාට්‍යය ගුරුවරියයි ඒ කාලයේ. ඇගේ හඬ කවදත් පාසලේදීත් මා වෙත හිරිගඩු නගන්නට සමත් වූ බව මතකයි. ඇගේ සුන්දර රූපයත් දිගු කෙස් කලඹත් කුඩා අපගේ නෙත් සිත් සැනසූවා. ඇන්ග්ලිකානු පාසලක් වූ අප පාසලේ බොදු පුබුද ඇති කලේ ඇයයි. වාර්ෂික භක්ති ගීතය ලකල් ප්‍රසංගයක් කලේ ඇයයි. මගේ ගුරුතුමී රඟන මේ නාටකය මම බැලුවේ උදම් සිතින්. මෑතක අන්ගාරා ගඟ වේදිකාගත වන බව දැක බස් රියේ සිටි මට කඳුලු නවතා ගනු බැරිවුනා. ඔබට ස්තුතියි බෙහෙවින් මේ කියවූ මා ඇසූ මා නැවත ඒ අතීතයට ගියා.
ReplyDelete