මම නිරන්තරයෙන් කතා කරන්නෙ 70, 80
සහ 90 දශකවල බිහි වූ මෙරට සිංහල සුභාවිත
ගීත ගැන. ඒ නිසා මගෙන් බොහෝ දෙනෙක් අහන්නෙ ඇයි මේ නූතන සංගීතකරුවන් ගැන ලියන්නෙ
නැත්තෙ කියල. ඔවුන්ගෙන් හොඳ නිර්මාණ බිහිවෙන්නෙ නැද්ද එහෙමත් නැත්නම් මම ඒ සංගීත
නිර්මාණ අහන්නෙ නැද්ද කියල. ඒ නිසා අද අස්වැන්න තුළින් නූතන
සංගීතකරුවන් සහ ඔවුන්ගේ සංගීත නිර්මාණ ගැන ඔබත් සමග මගේ අදහස බෙදාගන්න කල්පනා
කළෙමි. ඒ නිසා මේ ලිපිය අවසාන වන විට ඔබට ම හිතන්න පුළුවන් ඇයි මම මේ නූතන සංගිත
නිර්මානකරුවන්ගෙන් ඈත් වන්නේ කියලා.
පසුගිය අවුරුදු දොළහ, ඒ කියන්නේ 2000 වර්ෂයෙන් පස්සේ ලංකාවෙ සංගීතය
විශාල වෙනස්කම් වලට ලක් වුණ කාල පරිච්ඡේදයක්. විශේෂයෙන්ම එතෙක් දේශීය ජන ගී සම්ප්‍රදාය
සහ උතුරු ඉන්දියානු රාධාරී සංගීත සම්ප්‍රදාය හදාරා සිටි බොහෝ නිර්මාණකරුවන්ගෙන් බිහි වුණේ සරල ශාස්ත්‍රීය සම්ප්‍රදාය ඇසුරින්
නිර්මාණය වූ ගීත සහ සංගීත නිර්මාණ. කේමදාස, නිමල් මෙන්ඩිස් සහ ක්ලැරන්ස් විජේවර්ධන වැනි සංගිතවේදීන් ඇතැම්
අවස්ථාවල බටහිර සම්ප්‍රදායන් සහ බටහිර සංගීත ක්‍රමෝපායන් ඔවුන්ගේ නිර්මාණ තුළට
ගොනු කරගත්තද, ඔවුන් එසේ කළේ ඒ ඒ නිර්මාණයේ
පසුබිම අනුවයි.
ඒත් 2000 වර්ෂයෙන් පස්සෙ එතෙක්
පැවති මෙරට සංගීත සම්ප්‍රදායන් වෙනස් නව පරපුර කටයුතු කර තිබුණි. ඔවුන් සිය සංගීත
ගමන් මාර්ගය හදාගන්නෙ සංගීතය පිළිබද පුළුල් දැනුමක් විදේශ රටවලින් ලබා ගැනීමෙනි. විදේශයන්හි සිට සංගීතය හදාරා ඒ ලබාගත් දැනුම
ඔවුන් ලංකාව තුළ කුමන ආකාරයෙන් භාවිතා කළේ ද යන කාරණය ගැන ගැටළු මතුවන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය.
කලාව සහ සාහිත්‍යය රටක මිනිසුන්ගෙ
කලාත්මක රසාස්වාදයන් සහ වින්දනීය දැනුම පුළුල් කිරිමට ඉවහල් වේ. ඒ නිසා කුමන ආකාරයකින්
සංගීතය පිළිබඳ දැනුමක් ලබා ගත්තද අවසානයට ඒ ලබාගත් දැනුමේ වාසිය හිමිවිය යුත්තේ
රටක ජනතාවට ය. ඒත් යම් නිර්මාණකරුවකු හෝ නිර්මාණකරුවන් අතින් නිර්මාණ ලෙසින් බිහි වන්නෙ වෙළඳපොල ඉලක්ක කරගත් නිර්මාණ
නම් ඒවා සිල්ලර වෙළඳපොළෙහි අලෙවි කළ හැකි
ඉවත ලන වෙළඳ භාණ්ඩ වීම වැලැක්විය නො හැක. පසුගිය වසර 10 -12 පුරා මෙරට නිර්මාණය වූයේ
එ වැනි වෙළඳපොල සංගීත සංස්කෘතියකි.
ජනප්‍රිය සංගීතය ගැන විවිධ මතවාද
ඇති වෙමින් පැවති යුගයක ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි වැනි
ශිල්පින්ගේ ගීත හරහා ඇති වන රැල්ල පසු කාලීනව රූකාන්ත, චන්ද්‍රලේඛා, ආත්මා ලියනගේ,
නාමල් උඩුගම සහ අතුල අධිකාරී වැනි ශිල්පීන් අතින් ක්‍රමයෙන් වෙනස් වෙන්නට පටන් ගත්තේය.
මේ ශිල්පීන්ගෙන් පසුව ඇති වූ
නූතන සංගීත යුගයට එකතු වන භාතිය ජයකොඩි, සංතූෂ් විරමන්, ඉරාජ් වීරරත්න වැනි
ශිල්පීන්ගෙ සංගිත සම්ප්‍රාප්තිය සිදුවන්නෙ අනූව දශකය අග භාගයේදි. ඒ ඔවුන්
විදේශයන්හි ලබාගත් සංගීතය පිලිබඳ දැනුමත් සමගිනි. ඒ වන විටත් මෙරට ජනප්‍රිය සංගීතය
යනුවෙන් ලේබල් වූයේ සන්ෆලවර් සංගිත රැල්ල,
නොන්ස්ටොප්ගී රැල්ල, සේම මල් සහ පන්සල්
සංගීත සංස්කෘතියයි. එය අද දවසේ ආදරේ යාදින්නක් නැත්නම් කංකෙඳිරිගෑමක් දක්වා ව්‍යාප්ත වි ඇත. මේවා සියල්ල සංගීත රසිකයන් විසින්
අපේක්ෂා කළ දේවල් නොවුවත් වෙළඳුන් විසින් ඒ සදහා වෙළඳපොලක් නිර්මාණය කිරීමට සමත් විය. එය සිදු
වූයේ ගීතයක නිර්මාණත්මකව තිබිය යුතු අවශ්‍යතාවයන්
පසෙක දමා වෙළඳපොල භාණ්ඩයක් අළෙවි කර ගන්නා පරිද්දෙනි.
ඊට බල පෑ එක් හේතුවක් වුයේ ඒ වන විට මේ රටේ කලාව සහ සංස්කෘතිය පිළිබදව
බුද්ධිමය සංවාදයක් ඇති කළ හැකි පිරිස් ප්‍රමාණාත්මකව බිහි නොවීම. බිහිව සිටි අය ද සිය ජීවිතවලින් සමුගෙන තිබීමයි.
එවැනි පසුබිමක් යටතේ නූතන සංගීත සංස්කෘතිය ඇරඹුන ද ඒ පසුබිම
යටතේ ගීත යැයි හඳුන්වමින් සිල්ලරට
විකිණෙන ප්‍රේමයත් ඒවාට ගොනුකර ඇති වීඩියෝ රූප ද ජනතාවගේ රස වින්දනය බලෙන් පැහැර ගනිමින් සිටී.
එවැනි පසුබිමක් යටතේ නූතන ගීත
පිලිබඳව විමසුම් කරද්දී අසු වූ ගීත කීපයක්
ඔබේ අවධානයටද යොමු කරමි.
හිනිපෙත්තටම නැග ජය පෙන්නා
ජය නාදෙ පෑවත් ලොව හොල්ලා
පෙර කාලෙ තරු වෙත හද බන්දා
නව රැල්ලෙ තරු අද ජය ගත්තා...
භාතිය සහ සංතූෂ් ගයන මේ ගීය
සඳහා නිකුත් කළ නිල වීඩියෝව ඔබ නිරන්තරයෙන් දකින්න ඇති. මා එය මෙහි නොදැම්මත්, එහි
ඇති රූප රාමුව තරමක් හෝ ඔබේ මතකයට නංවමි. මේ
නිල වීඩියෝ රූප රාමුවේ සිටින ජාතික ඇදුම අඳින වියපත් ගුරුවරයෙක් විසින් රස වින්දන පාඩමක් උගන්වන්න හදන විට ඔහු පන්තයේ
සිසු සිසුවියන්නේ අමනෝඥ උපහාසයකට ලක්වෙයි. අවාසනාවක තරම නම් මේ රූප රාමු සදහා භාතිය සහ සංතූෂ්ද පෙනී සිටීමය.
ඔවුන් මෙයින් අපේක්ෂා කළේ කුමක්ද, මෙයින් සමාජයට , දුන් ආදර්ශය කුමක්ද, ඔවුන්
අතින් සිදු වුයේ විලි ලැජ්ජාවකින් තොරව ගුරු භක්තිය කෙළෙසීම පමණි.
ඒත් මිට කළින් සුනිල් එදිරිසිංහ
විසින් අසූව දශකයේ පාසල් ගුරුවරයෙකු පිළිබඳව මහින්ද චන්ද්‍රසේකර ලියූ පද පෙලක් ගැයුවේ මෙසේය.
පැන
මඩකඩිති වැව් තාවුළු වැහි කාලේ
පෙන්නා
මග නොමග නොවැටී යන තාලේ
සිප්
කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ
අපෙ
ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
සුනිල් එදිරිසිංහ එසේ ගයද්දී
අමරදේවයන් ඊට පසු කලෙක ගුවන්විදුලියේ
මධුවන්ති වැඩසටහනකට රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පද පෙලක් ගැයූ හැටි මට මතකය. “ගුරු
තරුව සෙමෙන් බැස යයි” ගිතයේ අවසන් පද පෙළ මෙසේය.
එක මලක
නම් නොවේමැයි
මල් යායක
සිරස නැමෙයි
පිතු
ස්නේහයෙන්
ලොව
කියාදුන්නු
ගුරු පාද
පියුම් සුවඳයි.
ඒ අනුව සුනිල් එදිරිසිංහ,
අමරදේව, මෙන්ම භාතිය සහ සංතූෂ්ද ගුරුවරයෙකු පිලිබඳව ගැයුවේ රසය සහ ගුරු භක්තිය එකිනෙකට වෙනස්
වන පරිද්දෙනි. ඔවුන්ගේ ගීවල ස්වරය,
රිද්මය, අරුත එකිනෙකට වෙනස් ය. ඒත් අවාසනාවකට සුනිල් එදිරිසිංහ සහ අමරදේවයන් ගැයූ
ගී දෙකම පාසල් යන වයසේ දරුවන් නොදන්නා
නමුත් භාතියගේ සහ සංතූෂ්ගේ ගීතය කටපාඩම් ය.
ඒ මට දකින්න ලැබුණ එක ගීයකි. ඒ වගේම හැත්තෑව, අසූව දශකවල බිහි වූ ගීත සාහිත්‍යයේ
පිරි ආදරය, ප්‍රේමය, විරහව, යන
සංකල්පනාවන්හි සිටි පෙම්වතා හෝ පෙම්වතිය එදා ගීත රසිකයන්ගේ සියුම්
ඉඳුරන් පවා අවදි කරන චරිත බවට පත්ව තිබුණි. ඒ එදා ය. ඒත් නූතන ගීත සාහිත්‍යයේ ඇසෙන විරහ
යාදිනි වල හමුවන පෙම්වතුන්ගේ ස්වරූපය
මෙසේය.
මං ඉම්බ
තොල්පෙත්ත ඉදිමිලා තිබුණාට
තොල්
සායම් දියවෙන්න වෙලා ගියා මචං
මල්
මත්තේ නැහුණාට කොච්චරක් දුකයිද
තොල්පෙත්ත
හැපුණාට ඔහොම තමයි ඉතිං
චින්ති නම් ගායකයෙකු ගයා තිබු මේ ගීයේ අරුත යළි පැහැදිළි
කරන්නට අවශ්‍ය නොවේ. ඒ නූතන පෙම්වතා සහ පෙම්වතිය කළ දේත්, ගීයෙන් ගායකයා ගැයූ දේත් පැහැදිළි ය. එදා නන්දා මාලනිය සිය ගීතයෙන් ප්‍රේමය
නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි කිව්ව ද මේ ඇසෙන ගීතවල
රාගය හැර වෙන කිසිවක් නැත. එහෙත් චින්තිගේ ඒ ගීය සහ දිවුල්ගනේ ගැයූ මේ ගීයේ
වෙනස බලන්න
රෝස තොල්
සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි
ඔබ ආදරේ
කියා දුන්නෙත් ඒ වගේ තමයි
මේ රැයයි
සඳයි හරියට ඒ ඔබයි මමයි
හීනයක්
වගෙයි හිත පාරවයි රිදෙයි
ප්‍රේමය සහ රාගයේ වෙනස ගීත
දෙකෙන් පැහැදිළිය. කිසියම් කලා කෘතියක නිර්මාණකරුවාට සංයමයක් අවශ්‍ය බව කියන්නට සිදුවන්නේ මෙතැනදීය. එවන් හර සුන් ගීත රැල්ලක් නූතන
සංගීතකරුවන් අතින් නිර්මාණය වෙද්දී ඒ පරපුරේම නූතන නිර්මාණකරුවකු කසුන් කල්හාර මේ
සැඩ පහරේ උඩු ගං බලා පිනන්නේ මෙසේය.
රෝස මල්
යායේ
රෝස
කුමාරියේ
නුඹ
මගෙයි මා ඔබෙයි
ප්‍රේම
ගී රාවේ පාවේ
සීත කඳු
තීරේ..
රෝස තොල්
පෙති සැලී සැලී
කීව
රහසයි ආදරේ
රෝස මල්
සේ මල් පිපේ
මා ළයේ -
ආදරේ නිසා
සුන්දරයි
මේ ජීවිතේ
සිත
පවනැලි ඇදී ඇදී
රෝස
දෙකොපුල් සිඹින්නේ
ඒ වගේ
මා ළං වෙලා
කුමරියේ
- හාදුවක් පුදා
ගයන්නද
ගී ආදරේ..
ගී
පද: ආනන්ද පද්මසිරි
සංගීතය :
එච්.එම්.ජයවර්ධන
ගැයුම: කසුන් කල්හාර ජයවර්ධන
මේ ගීතය කසුන්ගේ ගීත අතර තරමක්
පැරණි ගීයකි. මේ ගීතය කිසිදු ගුවන්විදුලි නාලිකාවකින් ප්‍රචාරය වන බවක් ඇසී නැත.
බැලූ බැල්මට ම මේ ගීය තනුවට ලියු ගී පද මාලාවක් බව පෙනේ. එහෙත් කසුන්ගේ ගායනය මෙන් ම ඔහුගේ පියාගේ සංගීත නිර්මාණයද ගී පද මාලාවේ ඇති කටුක බව මග හරවයි.
![]() |
කසුන් කල්හාර |
ගීතය සංගීතය, මෙන්ම සියළු
සාහිත්‍යාදී කලාවන්ද සමාජ කැඩපතක් බඳු ය.
එයින් පිළිබිඹු වන්නේ මිනිසුන්ගේ චින්තනයයි. ඔවුන්ගේ රස වින්දන මට්ටමයි. මේවා
මිනිස් චර්යාවන් සමග අනුබද්ධ වෙමින් නිරන්තයෙන් ගැටෙමින් මිනිසුන්ගේ වින්දනිය
සීමාම මායිම් පුළුල් කරයි.
එහෙත් නූතන සංගීතකරුවන් සමාජය
තුළ ගොඩනගන ව්‍යාපාරික ගීත රැල්ලේ ප්‍රතිවිපාක විඳින්නට සිදුවන්නේ මුළුමහත්
සමාජයටමය. රසිකයන් නිර්මාණයක් කරා හඹා ගොස් සොයා රස විඳින ක්‍රමයක් වෙනුවට නූතන
ගීතය රසිකයා හඹාගොස් ඔහුගේ අකැමැත්තෙන් වුවද බලෙන් ඇඟේ එල්ලන ක්‍රමයක් අද නිර්මාණය
වී ඇත.
එපමණක් නොව මේ ගීතවලට නිර්මාණය වන බොහෝ ගීත විඩියෝ නිර්මාණාත්මක බව
පසෙක තබා බොලිවුඩ් සිනමාව තුළ ගොඩනැගුණ ස්ත්‍රී ශරීරයේ සෘංගාර රසය පරයමින් හොලිවුඩ් සිනමාවේ (බටහිර සිනමාව) රාගය සහ
ලිංගිකත්වය බලෙන් මතුකර පෙන්වීමේ වෑයමක නිරතව සිටී. ඒවාටම හරියන ගීතද එක පිට එක
නිර්මාණය විමත් ඒවාට මාධ්‍ය මගින් ලැබෙන නොමසුරු දායකත්වයත් මේ ගීත බලෙන් රසිකයාගේ
කරේ එල්ලීමේ තවත් කලාවකි.
නුඹ
හැඩකාරයි කටකාරයි සොකරී යන්න එපා
පැණි රස
කෑම දිව ගාල කංසා බොන්න සොඳා
සුර ලොව
පේන සැප ගාව මා අත් හරින්නෙපා
නුඹ
වැතිරීල උඩුකුරුව සයනේ ඉන්න සුදා
මෙසේ ගොඩ නැගෙන නූතන ගීත සාහිත්‍යයෙන්
රසිකයන්ට ලැබෙන්නේ මොනවාද? චින්තිගේ නුඹ හැඩකාරයි යන මේ ගීතයට වඩා නිහාල් නෙල්සන්
අසූව දශකයේ ගැයූ “ගුණෙ අයියගෙ කාමරේ” වැනි ගීයක සංයමය ඇත. කිව යුතු දේ සෘජු ප්‍රකාශන රීතියක් උපයෝගී කරගෙන
කිව්වත් “මස්කට් පැණි බූන්දි තියෙනව මගේ කාමරේ” වැනි තරමක ව්‍යංගාර්ථයක් හෝ රඳවා
ගැනිමට නිහාල් නෙල්සන්ට හැකි වූයේ හැත්තෑව අසූව දශකවල ගොඩ නැගි තිබූ ඒ සරල රස
වින්දනයේ සීමා මායිම් ඔහු හොදින් දැන සිටි නිසාය.
රම්බරි
කියපං උඹෙ නොම්බරේ
තන්දුරි
කමුද නොදා බර බරේ
වාකරෙ
කවුද ඉන්නෙ ජරමරේ
අම්පාරෙ
මල්ලි නිදිද කාමරේ....
ලහිරු ගීය ගැයුවේ සාමාන්‍ය
රසිකයෙකුට පවා තිබිය යුතු සරල රසවින්දනය නැති අයෙකු ලෙසිනි. ඔහු ගීය ගැයුවේ “රම්බරි” වචනයේ තේරුම පවා නොදැන ය. කලින්
හදාගත් ගී තනුවට අතනින් මෙතනින් ඇහිඳ ගත් මුළුමණින් ම හිස් සහ බොල් වචන අමුණා ගැයූ
ගීයත්, කුමාරදාස සපුතන්ත්‍රී ප්‍රවීණ ගේය පදරචකයා විසින් ලියා එඩ්වඩ් ජයකොඩි ගැයූ
“මා රම්බරී” ගීතයත් අහසට පොළව සේය.
එඩ්වඩ්ගේ ගීතයේ “මාරම්බරී” වචනය
සපුතන්ත්‍රී විසින් ඔහුගේ භාෂා දැනුම උපයෝගි කරගෙන නිර්මාණය කරන ලද්දක් බව ලහිරුගේ
ගීයේ රචකයා විසින් නොදැන සිටින්නට ඇත. මේ රචකයන් දෙදෙනා ගීත දෙකම ලියා ඇත්තේ ගී
තනුවට වුවත් සපුතන්ත්‍රිගේ ගී පද රචනය සාහිත්‍යයෙන් අනූනය. අනෙක් අතට එඩ්වඩ් මෙන්ම
සපුතන්ත්‍රීත් මාරම්බරී කියන්නේ ප්‍රේමයෙන් පිරුනු සිත් ඇතිව ය . එහි ආදරණීය බව පුරවා ඇත.
![]() |
විරාජ් සුලෝචන |
අනෙක් කාරණය නම් ගීතයකින් වුවත්
පෙම්වතියට අමතන ස්වරූපයක් ඇත. කුමන අයුරින් පෙම්වතිය ඇමතුවත් එහි ආදරණිය බවක්
නැත්නම් ඒ ප්‍රේමවන්තයා මස් මඩුවක හෝ මාලු ලෑල්ලක වැඩ කරන්නෙකු විය යුතු බව මට හැඟේ. ඒ නිසා ලහිරු “රම්බරි කියපං උඹෙ
නොම්බරේ” කියා කියන්නේ මස් මඩුවක හෝ මාලු ලෑල්ලක සිට විය යුතුය.
ඒත් නූතන ගීත රැල්ලේ සැබැ
දක්ෂයන් නැතුවා නොවේ. ඇතැම් යොවුන් ශිල්පීන් ජනප්‍රියත්වය හඹා නොගියද, නිර්මාණය කරන ගීත දෙක තුන පවා ඉතා
උසස් රසයෙන් යුක්තය. මේ දවස්වල රූපවාහිනි නාලිකා ඔස්සේ දකින මේ ගීය මා සිත් පැහැර
ගත් නිර්මාණයකි. ගායන ශිල්පියා නවකයෙකු වුවත් ඔහුට පදමාලාවක් තෝරා ගැනීමේ තිබෙන
සහජ දක්ෂතාවය මේ ගීයෙන් ප්‍රත්‍යක්ෂ වේ. මේ භද්‍ර යෞවනයාට වසන්ත කුමාර කොබවක
විසින් ලියා ඇති මේ ගී පද මාලාව සිල්ලර මිලට මාර්කට් එකේ විකිණෙන ශිල්පියෙකු ලෙස
නොව ඊට වඩා ගුණාත්මක නිර්මාණ බිහිකරන්නෙකු පත්වන බවට අපට ඉඟියක් සපයයි.
මල් යායක
හැඩ දකින්න ආසයි
දකින්න
ආසයි ඔබගෙන්
ගං යායට
එය කියන්න ආසයි
කියන්න
ආසයි සැනෙකින්
සංසාරෙම
මේ ලස්සන ඇත්නම්
පිරේවි
තුන් සිත සතුටින්
පිපුණේ කොහොමද
කවදා කොතැනද
නො අසමි
කිසිදා මලකින්
සුවඳ
විඳිමි සිත පිරියෙන්
නැගුණේ
කෙලෙසද දිලුණේ කොහාමද
නො අසමි
කිසිදා සඳකින්
එළිය
දකිමි රෑ අඳුරෙන්
ඔබගේ
හදවත පිරුණේ කාටද
නො සොයමි
කිසිදා රහසින්
පැතුම්
වඩමි සිත දිරියෙන්
මහදේ
පිබිදෙන සෙනෙහේ කොඳ මල
සරසමි
මතු දා සෙනෙහෙන්
පහන්
කරමි ඒ සුවඳින්..
ගේය
පද: වසන්ත කුමාර කොබවක
සංගීතය :
රොෂාන් ප්‍රනාන්දු
ගැයුම: විරාජ් සුලෝචන
ඒ නිසා යම් නූතන ශිල්පියෙකුගේ
ගීත නිර්මාණයක හරවත් බවක් හෝ සංයමයක් ඒ නිර්මාණය තුළ ගැබ්ව නැත්නම් ඔහු කොතරම්
දක්ෂයෙකු වුවත් ඒවා හරවත් නිර්මාණ ලෙසින් පිළිගැනිමට නොහැක. ඒ නිසා අපට සිදුවන්නේ
හැම නිර්මාණයක්ම රස විදිමින් හොඳ දේ පමණක් ඉතිරිකර තබා හරසුන් නිර්මාණ ගං දියේ
සැඟව යන්නට ඉඩ හැර ඉවුරු දෙපසට වී බලා පමණි.෴
වටිනා කාලය බිඳක් වැය කර ගී රස විඳිමින්
කියවූ ඔබට ස්තූතියි. වෙලාවක් ඇත්නම් මීට වඩා වෙනස් වූ ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න
මට නම් හිතෙන්නෙ ඇත්තටම අද පරම්ම්පරාව ගංජා ගහලා ඒක විඳෝගන්න බැරුව තමයි සිංදු කියන්නෙ. මීට කලින් පරම්පරාව ගංජ තියා මොනවා පාවිච්චි කලත් රසිකයා ගැන හිතුවා ඔහුගේ රසවින්දනය තව කෙනෙකු සමග විඳින්න නිර්මාන කලා අද අය නිර්මාන කරන්නෙ ගංජා මානසිකත්වය ඔලුව පුරා පුරෝගෙන ඒ කියන්නෙ ඒ අය හිතන්නෙ අපිත් ගංජා ගහලා කියලා
ReplyDeleteලොකු ජෝන්..
Deleteඇත්තටම තියෙන්නේ නිර්මාන කියලා අපේ කනෙන් රිංගලා සාක්කුවට විදින කලාවක්. ඒකෙ රසවින්දනය බිංදුවයි..එයාලා නිර්මාන කියලා පරිගණක ඇසුරින එක එක දේවල් කරලා.එයාලා මාර්කට් වෙනවා.
මේවා නොදන්න පරම්පරාව අහුවෙනවා. මට කණගාටු ඒකයි. පුළුවන් තරම් මේ නූතර රසික පරම්පරාව එයින් මුදාගන්න උත්සාහ ගන්න එක යුතුකමක්..
මේක නිකං ඔළුව අත ගගා ටොකු අනිනව වගේනෙ ලියල තියෙන්නේ... :-)
ReplyDeleteපරම්පරාවෙන් පරම්පරාවට ජීවිතේ දැණෙන විධිය වෙනස් වෙන නිසා ඔය හැමදේම වෙනස් වෙන එක එහෙමම වෙයි. ඒක අද වෙනකොට මාකට් එකත් එක්ක තදින් බැඳිලා. මාකට් එක ඉතිං අද වෙනකොට පවතින්න උවමනාම දෙයක් වෙලානෙ තියෙන්නේ. හැබැයි අද වෙනකොට සංගීතය රසවිඳින්න තම තමන් ආස කුලක වලට වෙලා ඉන්න එක තමයි ස්ටයිල් එක. තමන් ආස සින්දු ටික අහනවා. අනිත් ඒවා ගණංගන්නෙ නෑ. හැමෝම එහෙමයි.
අද නූතන අය තව අවුරුදු ගාණකින් පරණ වෙද්දි ඒ වෙනකොට හැදෙන නූතන පරපුර ගැනත් මෙහෙමම කියයි ;-)
ඇත්තටම මට ටොක්කක් අනින්න ඕනෑ වුනා ටිකක් දැනෙන්න.
Deleteමේ නූතන පරම්පරාව ගැන හෝ ඔවුනේ නූතන තාක්ෂනික මෙවලම් ගැන මට ගැටලුවක් නෑ ඒත් ගැටලු තියෙන්නේ ඔවුන්ගේ භාවිතයත් එක්ක.
ඒ භාවිතය මාකට් කළ යුත්තේ නිර්මාණාත්මකව. ඒක නැතිවෙනකොට තමයි ඉවසුම් නැත්තේ..
කාලය වෙනස් වුනත් රසය හෝ නිර්මානාත්මක බව වෙනස් නොවිය යුතුයි. එතකොට අපිට මිට වඩා හිතන්න පුළුවන්.
මා දන්නා අයුරින් වර්තමාන ගායන ශිල්පීන් අතුරින් රොමේෂ් සුගතපාල ඉතා හොඳ ගායන හැකියාවක් ඇති අයෙක්.
ReplyDeleteඅර රම්බරි කියපන් උඹේ නොම්බරේ කියන එක හරියට ඇරපිය ඇරපිය ජොසියා දොර - මාළු කඩේ මාළු කඩේ ජෙමා මම වගේ එකක් නේද ?
@ සු දී ක
Deleteඔව් ඔව් රොමේෂ් සමස්ත ලංකා ගායන තරඟවලින් ප්‍රථම ස්ථානය දිනාගත්තු පොරක් :D
සිරාවටම! මිනිහගෙ සමහර සින්දුවල පද රචනානම් මෙලෝ රහක් නෑ. ඒත් සින්දු රහ වෙලා තියෙන්නෙ මිනිහගෙ සංගීතෙයි ගැයිල්ලයි නිසා තමයි!
Deleteමිනිහා නලෝ නලෝ කියනවා! :)
Deleteමමත් මේ කතාවට එකඟයි..රොමේෂ්ගේ සින්දු ලස්සන වෙලා තියෙන්නෙ හඬ පෞරුෂය නිසා..
Deleteඑත් පද රචනා තෝරගෙන තියන හැටි අගය කරන්න ඕන..
සුදීක/ හසිත/ හරේ../ අඩවි රජ / රූ..
Deleteරොමේෂ්.. ලක්ෂාන් දෙන්නා වගේම සෙන්ටිග්‍රේඩ්ස් ලත් හොද වැඩ කරන කීපදෙනෙක් ඇත්තෙන්ම ඔවුන්ගේ සංගීත බාවිතය ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. විහේෂයෙන්ම සංගිතය පැත්තෙන්, ඒත් පදමාලා පැත්ත ටිකක් ඉස්සරහට ගන්න හැකිම් ඒක ඔවුන් ලබන ජයක් වෙනවා
මාත් එච්චර බරපතල විදියට සින්දු අහන කෙනෙක් නම් නෙවෙයි.. ඒත් නව පරපුරේ ගීතනම් අහන්න එච්චර කැමැත්තක් නෑ.. ගීත කීපයක් ඇරෙන්න අනිත් ඒවා අහනවා නෙවෙයි.. ඇහෙනවා... රේඩියෝ එකක් දාපු වෙලාවේ ඉඳලා අපිට අස්සවන සින්දුනේ ඒවා...
ReplyDeleteඒත් අර මල්, පන්සල් වගේ බස් වල දාන්නම ගහපු සින්දු ටික තරම් එපා කරපු සින්දු ටිකක් මට තාම හම්බුවෙලා නෑ මෙච්චරකල්.. ඒ අතින් ඔය රම්බරී හොඳයි කියලා හිතෙනවා.. අඩුගානේ අඬවැඬියාවක් නෑ... එක කැසට් එකක් තිබ්බා මට මතකයි සින්දු 16ක් යනවා එකම තනුව.. කිසිම වෙනසක් නෑ... හි හි..
හොඳ ගායන හැකියාවල් තියෙන ශිල්පීන් ඉන්නවා මේ තරැණ පරපුර අතරත්.. ඒත් ඔවුන්ට මාකට් එකක් හොයා ගන්න නම් රැල්ලට යන සින්දු කියන්න වෙනවා.. කසුන් කල්හාරට ඒ ප්‍රශ්නේ තිබ්බේ නෑ.. අම්මා තාත්තා හදලා දුන්න නම තිබ්බ නිසා.. මේ රැල්ල ඇති කරන්නේ රේඩියෝ චැනල්ස්.. වැදගත් කියන්න පුළුවන් රේඩියෝ චැනල් එකක්වත් හොයාගන්න බැරි රටේ වැදගත් නිර්මාණ ඔවුන් හරහා බිහිවෙයිද... රේඩියෝ චැනල් වලින් භාෂාවත් විනාස කරනවා, මිනිස්සුන්ගේ රසවින්දනයත් විනාස කරනවා... සල්ලි දීලා රේඩියෝ අස්සනවා.... මම නම් මේ ඇති වෙලා තියෙන තත්වයට වැඩි පුරම වගකියන්න ඕනේ කියලා හිතන්නේ දෙකයි පනහේ රේඩියෝ චැනල්ස්...
හිරු..
Deleteරේඩියෝ චැනල් වලට සල්ලි වියදම් කරන්නේ කැසට් සමාගම්. එතකොට හොද නිර්මාන කරන අයට කැසට් කාරයෝ සල්ලි වියදම් කරන්නෙ නෑ පාඩුයි කියලා.. මාකට් කරන්න පුළුව්න් නම් සල්ලි විසි කරනවා. එතන තියෙන්නේ තනිකරම සල්ලි ගනුදෙනුවක්..
උන් හදන්නේ අපේ ඔලු ටික කුරුවල් කරන්න. එක අතකින් මෙහි යටි අරමුණක් තියෙනවා කියල හිතෙනවා. මොකද හොඳ දේවල් අහල දැනල මිනිස්සු බිද්ධිමත්ව හිතන්න ගත්තාම ආන්ඩු වැටෙනවා. ඒ නිසා හිතන්න පුලුවන් සමාජයක් බිහි නොකිරීමට ඔවුන් වගබලා ගන්නවා
මම ගොඩක් ගොඩක් ගොඩක්ම සතුටු වෙනව, “රසවින්දනය සහ නිර්මාණකරණය යකු කුමක්ද“ කියා කිරි බොන අවධියේ සිටම මට කියා දෙන්න පුළුවන් අම්මා කෙනෙකු මට ලැබීම ගැන..... නව රැල්ල කොතරම් රැල්ලට ගියත්, ඒ තොරා බේරා ගැනීම සඳහා හුරු කළ පන්නරය නිසාම මම හිතනව අපි නිවැරදි දේ දකින බව....
ReplyDeleteබොහොම අගනා සාරවත් ලිපියක්... ස්තූතියි ඔබට
සිත්තරී..
Deleteපොඩි කාලෙ කියා දුන්න අන්න ඒ රසවින්දය සහ නිර්මාන කරනය තමයි අපි මේතරම් හෝ දුර හිතන්න පොළඹවන්නේ.. හැම දෙමව් පියෙක්ම එහෙම හිතනවනම් ඔය එන හැම රැල්ලක්ම වෙරළෙ හැපිලා ආයෙමත් දියඹටම යාවි.
එතකොට වැල් පිරිසිදුවට තියේවි.
දයා අද දවසේ සුභාවිත ගීතය පිළිපඳව ලියැවුනු අපුර්වතම සටහනක් ලෙසින් මේ වියමන හදුන්වා දෙන්න හැකියි. ඔබ ඉතා වෙහෙසි තොරතුරු සම්පාදනය කොට ගනිමින් මනරම් ලෙස මෙය ගොඩ නංවා තිබෙනවා ස්තුතියි.
ReplyDeleteනලීන්..
Deleteඇත්තටම මේ නූතන පරම්පරාව වෙනුවෙන් නිවැරදිව යමක් කරන්න හිතුනා. විශේෂයෙන් රසවින්දනය පැත්තෙන්..එක් නිසා තමයි මේ..
වික්ටර් රත්නායකට “හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්“ කියලා ලියන මහාචාර්යතුමාම චාමර වීරසිංහට ඒ අදහසම ලියනකොට “මහරගමට වහින්නැතුව වහින්න ඕනෑ තැනකට“ කියලා ලියන්නෙ ඇයි?
ReplyDeleteනව පරපුරේ හොඳ නිර්මාණ එළියට එන්නෙ නැති වෙන්න ප්‍රධානම හේතුව තමයි ප්‍රයිවට් බස්වල ඩ්‍රයිවර්ලා විදියට වැඩ කරපු අය රේඩියෝ චැනල්වල වැඩ කරන එක. හැබැයි සුනිල් එදිරිසිංහගෙ, අමරදේවගෙ සින්දු දාගෙන යන ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලත් ඉන්නවා.
නියමෙටම සංසංදනයක් කරලා තියෙනවා. අවාසනාවට අද කාලේ එන බොහොමයක් සිංදු කොත්තුරොටී සංගීතෙටම අනුවම තමා කෙරෙන්නේ. ප්‍රයිවෙට් බස් එකකට නැංඟවෙලේ ඉඳලා ඇහෙන්නේ ඔක්කෝම මේ ජාතියේ. දුර ගමන් සේවා බසයක රෑට යන්න එපා වෙනවා මේ නිසාම,මර හඬ සංගීතෙ නිසා පොඩ්ඩක් සිත සංසුන් කරගෙන නින්දක් දාගෙන යන්න ගමනක් යන්න බෑ.
ReplyDeleteඅයියේ, අර රම්බරී කියන්නේ රම්බා දේවියට නේද? මා-රම්බරී කියලා අදහස් කලේ මගේ රම්බා දේවිය කියන එකනේද? මට ඕක කොහේදි හරි ඇහුන අර්ථදැක්වීමක්.හරියටම මතක නෑ. එතකොට ඒක තම ප්‍රියම්බිකාවට කරන ගෞරවනීය ඇමතුමක්. ඒක එක්ක සසඳද්දි "රම්බරි කියපන් උඹෙ නොම්මරේ" කියන ඇමතුම අහසයි පොළවයි වගේ
තොටියා..
Deleteඒක එඩ්වඩ් මා රම්බරී සෝ එකේ පැහැදිලි කරනවානේ.
දිව්‍යලෝකෙ දෙවගනන් අතර සිටින සුරූපීම දෙවඟන තමයි රම්බා දේවිය. ඉතින් ඇයට ඇගේ පෙම්වතා අමතන හැටි තමයි මා රම්බරී.. කියල. මගේ සුරූපිනිය, මගේ රුවැත්තිය වගේ අදහසක්. ඒ වචනය ශබ්ධ කෝෂයේ ඇති වචනයක් නෙවෙයි ගීත රචකයා තමන්ගේ පරිකල්පන ශක්තියෙන් නිර්මානය කරගත්ත වචනයක්.
"රම්බරි කියපන් උඹෙ නොම්මරේ" මේ සිංදු කියන යෝදයා ඒක දන්නෙත් නෑ. ඕහේ කියලා.තමන්ගේ නොදැනුවත් කම රටටම ප්‍රදර්ශනය කරලා.
මේ පරම්පරාවෙ කෙල්ලෙක් වුණා කියල අලුත් ගීත අන්ධ භක්තියෙන් වැළදගන්න තැනක මම නෑ.ඒ වගෙම පරණ ගීත විතරක් හොදයි නවරැල්ල හොද නෑ කියන තැනත් නෑ.හැම කාලෙකම එපා කරපු සින්දු සහ විදිය හැකි සින්දු තියෙනවා.අතීතයට වඩා අද විදිය නොහැකි සින්දු සෑහෙන්න වැඩියි-ඒ බව පිලිගන්නවා...කෙසේ නමුත් ඉරාජ්ලාගෙ පරම්පරාවට කෙලෙසකවත් එකග වෙන්න බෑ.හිතේ වැඩි පැත්ත බර 60-70-80 සහ 90 දශකයෙ මුල භාගයෙ ඇතැම් සින්දුවලටයි...කසුන් කල්හාරගෙ මේ ගීතය නම් මීට කලින් අහල තිබුණෙ නෑ.ස්තූතියි මේ ලිපිය වෙුනවෙන්!
ReplyDeleteමමත් එය හැම දෙයක්ම අහනවා. ඒත් විදින්න පුලුවන් දේවල් ඉතිරි කර ඉතිරි සියල්ල බැහැර කරනවා. ඒත් මේ රසිකයන් අනුවන අය බවට ඒත්තු ගන්වලා කරන වැඩවලට මම කැමති නෑ.හැම නිර්මාණයක්ම වින්දනයෙත්, ආනන්දයෙත්, ප්‍රඥාවෙත් තොටුපලක් විය යුතුයි.
Deleteනූතන පරපුරේ ඉන්න නදික ජයවර්ධන, නදික ගුරුගේ ගැන අයියාගේ අදහස දැනගන්න කැමතියි
ReplyDeleteමමත්!
Deleteහසිත../ අඩවි රජ.
Deleteනූතන පරපුරේ නදීක ජයවර්ධන තුළ ඉහලම ගායන හැකියාවක් තියෙනවා. ඒත් ඔහුගේ නිර්මාණ කිපයයි මම අහල තියෙන්නේ.. නදීක ගුරුගේ සංගිතයෙක් විදියට ඉදිරියටම ඒවි. ක්‍රියේටිව් සංගීතය පැත්තෙන් විය යුත්තේද එයයි.
කසුන් කල්හාර තමයි නව පරපුරේ ඉන්න හොදම සහ දක්ෂම ශිල්පිය
ReplyDeleteරංගි..
Deleteකසුන්ගේ ගායනයත්, සංගීත නිමැවුම් ටිකත් ඔහු දක්ෂ නිර්මාණ කරුවෙක් බවට පත්කර තියෙනවා. ඒ.් ඔහුට පෙර අපර දෙදිගම සංගීත ඥානය ඇති නිසා ඒ හැම පැත්තකින්ම වැඩක් ගත යුතුයි කිය හිතනවනම් හොදයි
කසුන් කල්හාර, නදීක ගුරුගේ කියන ගායකයෝ දෙන්නම උඩුගං බලා පීනන ගායකයන් විදියට මම දකිනවා... ඒ වගේම හසිත කියන්නා වගේ නදීක ජයවර්දනත්... ඒත් අනිත් ගායකයෝ ගැන නම් කිසිම පැහැදීමක් ඔබේ වගේම මගේ හිතෙත් නෑ. අද සල්ලි තියෙන ඕනේම කෙනෙක්ට නිකන්ම පද ටිකක් ගලපලා ඒකට මියුසික් වීඩියෝ එකක් කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසයි ගීත කලාව අද වෙද්දි මේ තරම් පහත තත්වයක තියෙන්නේ...
ReplyDeleteප්‍රාර්ථනා..
Deleteමෙතැන් ඇත්තටම සිදුවෙන්නෙ ලාබය අරමුණු කරගත් ගනුදෙනුවක්. ඒත් ඔය අපි දකින මියුසික් වීඩියෝවක් කරන්න අවම වශයෙන් ලක්ෂ 5 න් ඉහල ගනනක් වෙනවා. ඒ ගාන දීලත් අපිට බලන්න වෙන්නේ තුට්ටු දෙකේ වීඩියෝ
මේ කාරණාව පිළිබඳව අපි අනන්තවත් සාකච්ඡා කර තිබෙනවා. මේ සමහර ගීත අහද්දී ඇඟේ මාලු නටනවා. විශේෂයෙන් ම චින්තිගේ ගීත. ගීතයක් කියන්නේ මොකද්ද කියලා වත් අවබෝධයක් නැතිව,පසුබිම් සංගීතයක් එක්ක ඔහේ වචන ටිකක් කියවලා, තමන් මහා ලොකු Artists ලා කියලයි කතාව.
ReplyDeleteකසුන් කල්හාර කියන චරිතය මම එතරම් ප්‍රිය කරන එකක් නෙවෙයි. ඔහුගේ සමහර ගීත බොහොම ආසාවෙන් අහපු ඒවා වුණත් සමහර ඒවා, මට නම් මෙලෝ රහක් නැති ඒවා. නමුත් රැල්ලට අහු නොවී ඔහු යන්න උත්සාහ කරන ගමන බොහොම අගය කළ යුතුයි.
මට තවත් ගීතයක් හමු වුණා. ගත යුත්තක් තිබෙනවා කියලා දැනුණා. නිකමට අහලා බලන්න වටිනවා කියලා හිතෙනවා.
http://www.arunalla.tk/2013/03/blog-post.html
ජය වේවා!
රැංගෝ..
Deleteඅන්න ඒ ගීය හොද ලදමාලාව වුනත් සංගීත නිර්මානකරුවා මුලුමනින්ම අසාර්ථකයි. ඒක තමයි අත්දැකීම් සහ භාවිතයේ මද බව කියන්නේ..
This comment has been removed by the author.
ReplyDeleteගීතයේ පරිහානිය සිද්ධවෙන්නෙ සංස්කෘතික පරිහානියත් එක්කමයි...
ReplyDelete1.කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන
ඉබි ගමනින් එන්නේ
උදේම නාගෙන චීත්තෙ ඇඳගෙන
ආච්චි මේ එන්නේ.....
2.ආච්චියේ බොලන්නේ
පාත් වෙලා වරෙන්නේ....
3.ආච්චියේ පෝච්චියේ වතුර නටනවා
ආච්චිගේ මූණ කන්න පූසි රවනවා....
4.ආච්චි වුනත් මොකද මචං ලව් කරනවනම්
පුරුදු සතා බර අදිනවා කන්න දෙනවනම්...
5.@$$%**##@*
මම බිහිරි වුන එක වසනාවක් කියලත් හිතෙනවා.
//මම බිහිරි වුන එක වසනාවක් කියලත් හිතෙනවා//
Deleteසමාවෙන්න..පැහැදිලි මදි..??
සුමිත්..
Deleteඔබ හරියටම හරි.. අපි මුල ඉදලම ක්‍රමයෙන් වැරැද්දුවා.. වැඩිහිටියන් හාස්‍යට ලක්කරන හැටි දරුවන්ට කියා දුන්නා. ඒවා කාලයෙන් කාලය වෙනස් වෙවි අපි අද විදවනවා.මේ සංස්කෘතික බිදවැටිම නැත්නම් පරිහානිය ඒනිසා මෙවන් දේවල් අහල දැනල මිනිස්සු බුද්ධිමත්ව හිතන්න ගත්තාම ආන්ඩු වැටෙනවා. ඒ නිසා හිතන්න පුලුවන් සමාජයක් බිහි නොකිරීමට ඔවුන් වගබලා ගන්නවා
වීපොකුර..
Deleteඒ අතීතය සුමිත් සහෝදරයගෙන් නැවත විමසා පළක් නෑ මල්ලියේ. හිතට දැනේනේ වේදනාවක් විතරයි.
සමාවෙන්න... ගෙට්‍ටුවෙදි හමු උනත් ඒ ගැන හාංකවිසියක් දැන උන්නෙ නෑ..!
Deleteලිපියෙ තියන සමහර කරුණු වලට නම් එකඟ වෙන්න බැරි හැඩයි දයා අයිය...සිංහල ගීතාවලිය 100% විවේචනය කරන්න තරම් පරිහානියක් මම නම් දකින්නෙ නෑ...සිදුවී ඇත්තේ හොඳ නිර්මාණ ජනතාව අතට පත් කිරීමට නිර්මාණ කරුවන්ට අවස්ථාවක් නැතිකමයි...මෙයට වගකිවයුත්තේ අපෙ රටේ ජනමාධ්යයන් මිස යොවුන් පරපුර නොවෙයි....නව රසික සමාජය පවා විද්‍යුත් මාධ්‍ය මගින් සිර කර තබාගෙන සිටිනවා...FM මාධ්‍ය රටාව තුලින් ඔවුන්ගෙ ඔලුවල බලහත් කාරයෙන් නොමනා දේ ඇත්ල් කරන්නට තැත් කරනවා...මේවා අහන දකින අපිද "ලංකාවේ හොඳ දේවල් වලට තැනක් නතැ"යි සිතමින් සිටිනවා..
ReplyDeleteරනිල්..
Deleteමට හිතෙන්නෙ අපි දකින මතුපිටට වඩා මේ විනාශය දැන් 90% ක් විතර ඔඩු දුවලා. පරිගණකයත් එක්ක සංගිතය කරන නවරැල්ල සිමිත හොඳ නිර්මාණ කරන පිරිසත් අතර අසිමිතව ඊට එරෙහිව කටයුතු කරන පිරිසත් ඉන්නවා. ඒ පරිහානිය සිදුවෙන්නෙ එයාල අතින්.
හොද නිර්මාන කරන අයට මුදල් නෑ ව්‍යාපාරිකයන් එක්ක හැපෙන්න. ඒකට ජනමාධ්‍ය තල්ලුවක් දෙන්නෙ නැ සහතික ඇත්ත. හොද දක්ෂයන්ගේ සැබැ නිර්මාන තැටිපටි ගබඩාවල සිරකර තබාගෙන ඉන්නවා. ඒ නිර්මාන හොයාගෙන ගිහින් රස විදින්න හැකි සමාජයක් අපට නෑ. ඒකයි අවුල
මට අල්ලෙන්නෙම නැත්තෙ Live show ... අප්පිරියයි
ReplyDeleteයසිත්..
Deleteලයිව් ෂෝවල අවුලක් නෑ. ඒත් අපේ සල්ලි අරන් සීඩී එකක් දාලාඒකට "මයිමිං' කරන එකයි ඉවසන්න බැරි.ඒකියන්නේ ඔවුන්ගේ සජිවි ගායනයේ නොහැකියාවයි.
නව රැල්ලේ ගීත ගැන මගෙත් එතරම් පැහැදීමක් නැහැ. ඒ බොහෝ ගීත වල මා දකින්නේ ඝෝෂාකාරී සංගීතය වගේම භාෂාවේ අවභාවිතය. සිංහල භාෂාව මනාව හසුරුවන්නෙකුට කිවයුතු කවර අදහසක් වුව සංයමයකින් යුතුව ප්‍රකාශ කළ හැකියි කියා මට හිතෙනවා. ඒත් කාලයෙන් කාලයට සංගීත වින්දනය වෙනස් නිසාද එකම ආකාරයේ ගීත දැන් බිහිවන්නේ?
ReplyDeleteමැණික්
මැනික්..
Deleteකාලයෙන් කාලයට මේ සියලු දේ අලුත් විය යුතුයි.ඒත් මේ අය භාෂාව වගේම රස වින්දනයත් මරනවා. ඕනැම සංගිත ක්‍රමයක් තුළ නිර්මානාත්මකව කරන්න පුලුවන් දේවල් බොහොමයි. මෙතැන සිදුවන්නේ රසිකයන්ගේ මුදල් කොල්ල කන එකයි.
//රූකාන්ත, චන්ද්‍රලේඛා, ආත්මා ලියනගේ, නාමල් උඩුගම, අතුල අධිකාරී,භාතිය ජයකොඩි, සහ සංතූෂ්//
ReplyDeleteමෙයාලගේ සින්දු නම් අහලා තියනවා.
භාතිය, සන්තුෂ් පොඩ්ඩක් අපේ සංගීතය ප්‍රයේෂණාත්මකව ඉදිරිපත් වෑයම් කරලා තියනවා කීවොත්, (හැම එකම නෙමේ ) මම වැරදිද?
'සමනල් හැඟුමන් අතරේ' කියන්නේ කවුද? ඒකත් ලස්සන සිංදුවක් නේද?
හැබැයි නූතන සිංදු හිතේ රැඳෙන්නේ නැති ගතියක් තියනවා. පරණ ඒවා ඇහුවොත්, ඔලුව ඇතුලේ කැරකෙනවා නිතරම.:D
සමනල් හැගුමන් අතරේ-උරේෂා රවිහාරි
Delete//හැබැයි නූතන සිංදු හිතේ රැඳෙන්නේ නැති ගතියක් තියනවා. පරණ ඒවා ඇහුවොත්, ඔලුව ඇතුලේ කැරකෙනවා නිතරම.//
එකගයි 100%ක්.මේ ගතිය මට එහෙම වැඩිපුරම දැනෙන්නෙ ටී.එම් ජයරත්නගෙ,දිවුල්ගනේගෙ ගීතවල(සිතින් මා නොසැලී,ඇසට හසු වන මායිමේ වගේ ගීතවල..)
පොඩ්ඩි..
Deleteභාතිය සහ සංතූෂ් කරන සමහර නිර්මාන පිලිගත හැකි මට්ටමක් නූතන සංගිතයේ කර තියෙනවා. ඒත් සමහර ඒවා වෙනත් නිර්මානවල ඡායාව පේන්වා. එවිට ඒවා සැබෑ නිර්මාන නෙවෙයි.
ඉතින් ඒවෙලාවට එක මකුණෙක් කෑවත් එකයි ඔක්කොම මකුණො කෑවත් එකයි කියල තමයි කියන්න වෙන්නෙ.
නූතන සිංදු ඔලුවෙ රැදෙන්නෙ නැත්තෙ බොල් වචන පිරිල තියෙන නිසාත් ඒවායින් සංවේදී හැඟීම් ඇතිවෙන්නෙ නැති නිසාත් තමයි
වර්ෂා..
ඔන්න පැහැදිලි කරල තියෙනව නියමෙටම
සටහන හරිම රසවත්. හුඟක් දේවල් එක්ක එකඟයි. අද ඉන්නා අය හොඳ දේ තොරා ගන්න දන්නෙ නෑ. සාහිත්‍ය රසය ඇතිව ගීයක් ලියන්න නොදන්නා කමෙනුයි මෙහෙම වෙන්නෙ. මගෙත් අලුත් ගීතවලට වැඩි කැමැත්තක් නෑ. සමහර ඒවා ප්‍රිය කරනවා.
ReplyDeleteචාන්දි..
Deleteනූතනයේ බිහිවන ගොඩක් ගිත මුලින්ම සංගිතය නිර්මානය කරලා ඊට පස්සේ ඒවට වචන ලියන ගීත තමයි මේ යුගයේ 90% ක් විතර බිහි වන්නේ.
ඒක පොඩි මාර්කට් වැඩක්. මොකද රිද්මය විතරයි මිනිසුන්ගෙ මනසට දාන්නේ. අර්ථයට මුල් තැන දුන්නොත් රටේ ජනතාව හිතන්න පෙළඹෙනවා. එහෙම ජනතාව බුද්ධිමත්ව හිතුවොත් මේ රටේ බොහෝ දේවල් වෙනස් වෙනවා. ඒකට බයයි
ඇත්තටම දැන් ටිපි ටිප් වගේ එක සිංදු වලටනම් වඩා මාත් රසවිදින්න පුළුවන් ගීත වලට ගොඩක් කැමතියි...
ReplyDeleteතරුවා..
Deleteඇත්ත තමයි ටිපි ටිප් වගේ අන්තිමේදි කාපු දේකුත් නෑ බඩ පිරිලත් නෑ
නව රැල්ලේ ගීත මම අහනවනම් හරිම අඩුයි . ගීයක් අහලා විඳින රසය මේ ගීත වලින් මට දැනෙන්නේ නෑ .
ReplyDeleteගිම්..
Deleteඒත් ඉතින් දවසේ තුන් තිස් පැයේ මේවා අපට බලෙන් අහන්න දෙනවනේ
ඇත්ත මෙතන තියෙන ගොඩාක් සිංදු ප්‍රසිද්ද වෙන්නේ ගුවන්විදුලි මාද්‍ය වල පැයකට සැරයක් වගේ එකම සිංදුව දාවනය කරලා. මම හිතන්නේ ගායකයා මුදල් දීමෙන් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්.
ReplyDeleteඉඳල හිටලා තරුණයකුගේ අතින් නිර්මාණය වන සැබෑ නිර්මාණයක් නිසි ඇගයීමකට ලක්වෙන්නේ නැත්තේ ඔබ කිවූ වවාගෙ රසිකයාගේ අවාසනාවට.
අසරණයා..
Deleteඒක මයි වෙන්නේ මුදල් වියදම් කරල හිතුමතේට ගිත ප්‍රචාරය කරගන්නවා හැබැ දක්ෂයන් හැංගිලා ඉන්නවා. වියදම් කරන්න මුදල් නැති නිසා..
අද නූතන අය තව අවුරුදු ගාණකින් පරණ වෙද්දි ඒ වෙනකොට හැදෙන නූතන පරපුර ගැනත් මෙහෙමම කියයි කියල දෙවැනි කමෙන්ට් එකේ තියන කාරණාව ගැන යමක් කියන්න හිතුනා. ඒ ප්‍රකාශය පොඩ්ඩක් විතර හරි. මට මතකයි අපි පොඩි කාලෙ අපේ තාත්තලා පැරණි ගීත (50-60 දශකවල) සහ නූතන ගීත (70 දශකය) සන්සන්දනය කරනවා. ජෝතිපාලලා වික්ටර්ලා පවා තාත්තලාගේ ගැරහුමට ලක් වූ අය. ඒක අර ඉහත කමෙන්ට් කරුවා සඳහන් කරන පරම්පරා ගැටුමේ ප්‍රතිපලයක්.
ReplyDeleteඒ වුනාට, මේ වර්තමාන ගීතය ගැන එහෙම හිතන්න බැහැ. ඒක මෙන්න මේ වගේ උදාහරණයකින් පැහැදිළි කරන්නම්.
දූරියන් කන්න කැමති නැති කෙනෙක් සහ ජම්බු කන්න කැමති නැති කෙනෙක් අතර සිදු වෙන විවේචනයත්, ජම්බු කන්න කැමති නැති කෙනෙක් සහ කුඩු ගහන්න කැමති නැති කෙනෙක් අතර විවේචනයත් වෙනස් නේද? උදාහරණය ටිකක් සැර වැඩි වුනත් එච්චර වැරැද්දක් නැහැ.
Mobileman
Deleteකාලයෙන් කාලයට තාලයෙන් තාලයට සංස්කෘතිය කලාව, වෙනස් විය යුතුයි. ඒක විය යුත්තෙ රසිකයන්ට ගෝචර වෙන විදියට. පරම්පරා ගැටුමෙන් හොඳ නිර්මාන බිහි වෙනවා. ඒත් හැම දෙයක්ම නිර්මානාත්මක විය යුතුයි.කලාව විශිෂ්ඨත්වයේ සළකුනක් විමට නම් ඒවායේ කලාත්මක ගුණය තුලින් පවතින යථාර්ථය පිලිබිඹු විය යුතුයි. හැම නිර්මාණයකින්ම හොඳ රසවින්දයෙක් වගේම බුද්ධිමත් රසිකයෙකු බිහි විය යුතුයි.ඒ ඔස්සේ පරම්පරා ගැටුමක් නිර්මානාත්මක අරගලයක් වුණාට කමක් නෑ.
"උදාහරණය ටිකක් සැර වැඩි වුනත් එච්චර වැරැද්දක් නැහැ."
ඇත්තෙන්ම ඔව්..
කසුන්ගේ සමහරක් ගීත වලට මම කැමතියි. විචාරය ගැන කිනවා නම් ගීතයට ආදරය කරන එයට කැක්කුමක් ඇති කෙනෙකු ගේ හදවතට දැනේන රාවය වෙයි.එපමණයි මට කිමට ඇත්තේ.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ගයානි..
Deleteගීතයට ආදරය කරන තැනැත්තා ලෝකයටම ආදරය කරන්නෙක්.
bathiya santhushlage samahara sindu arenna anith ekakwath mata allanne na. eyala aluth deyak karapu bawa aththa unath wadi hariyak apita gochara nowena ewa kiyalai mata hithenne. rabmari wage sindu dance karannanam hodai :) padha malawanam therumk nathath sangithaye waradak na matanam. matath pennama bari mal saha pansal sindu.
ReplyDeleteaththatama rambari kiyana wachanaye theruma mama danneth naha.
සයුරි..
Deleteරම්බරි වගේ ගිත මේ කනින් අහුවා අනිත් කනෙන් පිට කරා. එච්චරයි. අපි මේ ටික ටික හරි උත්සාහයක් ගන්නේ යම් දවසක හිත්න්න හැකි රසිකයන් සමූහයක් හදන්න. එතකොට මිනිස්සු බුද්දිමත්ව අනාගතය තීරනය කරාවි.
රම්බරී වචනයේ තේරුම දිව්‍යලෝකෙ දෙවගනන් අතර සිටින සුරූපීම දෙවඟන තමයි රම්බා දේවිය. ඉතින් ඇයට ඇගේ පෙම්වතා අමතන හැටි තමයි රම්බරී.. කියල කියන්නේ. මගේ සුරූපිනිය, මගේ රුවැත්තිය වගේ අදහසක්. ඒ වචනය ශබ්ද කෝෂයේ ඇති වචනයක් නෙවෙයි කුමාරදාස සපුතන්ත්‍රී නම් ගීත රචකයා තමන්ගේ පරිකල්පන ශක්තියෙන් නිර්මානය කරගත්ත වචනයක්. බලන්න කොයිතරම් ලස්සන වචනයක්ද මේ ගායකයා කිලිටි කරල තියෙන්නෙ කියලා.
ඔය භාතිය - සංතුෂ් කියන්නෙ ගායක ඩබලක් ද...?
ReplyDeleteමම මෙච්චර කල් හිතාගෙන හිටියෙ බාල ඇඩි වල පෙනී ඉන්න නිරූපණ ශිල්පීන් දෙන්නෙක් කියලා..... ;)
හපොයි..මේ ඩබලට මේ කොමෙන්ටුව පෙන්නන්න හැකියාවක් නැද්ද..හික්ස්..
Deleteඇයි මචං සංගක්කාර කියල කෙනෙකුත් පිටි විකුනන්නෙ...!මහේල කියල එක්කෙනෙකුත් එක්ක බීම විකුනන්නෙ. පව් නේ..!
Deleteසුමිත්..
Deleteඅන්න දැක්කද හිතෙන හැටි.. ඊට වැඩිය හිතන්න දෙයක් නැ තමයි.
රූ...
මේක දැක්කොත් ඒක ඇත් ඒ දෙන්නට හැදෙන්න.
වීපොකුර..
බලන් ගියාම නිර්මාණ කරනයේ යෙදෙන වෙළෙන්දෝ..ඇත්ත තමයි ඊට වඩා යමක් නෑ ඔවුන්ගෙන් ගන්න
නව රැල්ලේ මම ආසම කසුන් කල්හාරයන්ට.. ඔහුගේ ඕනම නිර්මාණයක හරි අපූරු අහගෙන ඉන්න පුලුවන් ප්‍රිය ගතියක් තියෙනවා.. කෙටි වචන පෙලක් උනත් දිගු සංගීතයක් යොදාගෙන ඔහු ඒකට අපුරු බවක් එක් කරනවා.. " සද සද වගේ" සිංදුව ඒකට උදාහරණයක්..
ReplyDeleteඅනික් අයගෙත් හොදයි කියලා හිතෙන ඒවා නැතුවම නෙමෙයි.. ඒත් හුගාක් ඒවායේ තියෙන්නේ ඉක්මනින් ජනප්‍රිය වෙන්න ඕනාවට කරපු නිර්මාණ..
හුගක් වැදගත් ලිපියක් අයියේ..
දිනේෂ්...
Deleteඒ අතින් කසුන් මේ නුතන පරම්පරාවේ ලොකු වැඩක් කරනවා. ඔහු පෙර අපර දෙදිග සංගිත ඥානයෙන් විශාල ප්‍රයෝජනයක් ගන්නවා.
ගායකයන්ගෙ වරදට වඩා මම දකින්නේ හොද ගීත රචකයෝ හිග කමක් ගැන.
ReplyDeleteඑහෙමත් නැත්තං ගායකයන්ගේ ගීත තෝරා ගැනිමේ දුර්වල තාවය ගැන.
ජය වේවා. !
ඇයි මේ ඉන්න අපේ උච්ච ස්වර ගායකයා
Deleteහි හි... සෑම් සින්දු කියනකොට අපිට දුක හිතෙනවා... උච්ච ස්වර අල්ලන්න බඩ බදාගෙන නැවෙන හැටි දැකලම... හි හි...
Deleteදයාට සැමා අමතක වෙලා..?
Deleteසෑම්...
Deleteහොද ගිත රචකයන් හිටියත් ඒය තෝරා ගන්නේ ඔවුන්ගේ නිර්මාණවලට ගැලපෙන ගිත රචකයෝ ඒ අයත් ඉතින් ඉල්ලන දේ දෙනවා. ඒක තමයි ජනප්‍රිය වෙන්න පුලුවන් හොදම විදිය කියලා..
අද කාලේ මිනිස්සු සින්දු ලියන්නේ එක රැයින් ජනප්‍රිය වෙන්න හිතාගෙන රින්ගින් ටෝන් මාර්කට් එකට, ගායකොයොත් එහෙමයි. මුල පදවලට අග වචන ගැලපෙන්නේ නැති අයිය කියනවා වගේ හරසුන් කටුක සංගීතය අපිට ඇහෙන කොට හිසරදයක්. ඇත්ත තත්වේ ඒ බිහිවෙන කලාකාරයෝ අහසින් වැටුන තරුවක් වගේ එක පාරටම කවද හරි නිමිලා යනවා. පැවැත්මක් නෑ, සින්දු වලටත් එහෙමයි..උපරිම මාසයක් ජනප්‍රිය වෙයි ඊටපස්සේ ඒවා වැළඳගන්න ජනතාවටම ඒවා එපා වෙනවා.
ReplyDeleteපැතුම්..
Deleteඅද බිහිවන සිංදු හරියට "ඩිස්පෝසබල්" නිර්මාණ. ඇහුවා විසි කරා..
මේ සෝදා පාළුවට මාධ්‍ය වග කියන්න ඕන..ඒවායේ මුල් පුටුවල රැඳී සිටින්නන් මොට්ට වුනාම කොහොමද අපිට ඕන වුනත් හොඳ සින්දු අහන්නේ?
ReplyDeleteඅනිත් අතට මේ කියන සින්දු තියන සීඩී එකක් හොයාගන්න කොච්චර මහන්සි වෙන්න ඕනද? සාමාන්‍ය කැසට් කඩේකට ගිහින් කසුන්ගේ පවා සීඩි එකක් ඇහුවාම මෝඩ තාලෙට හිනාවෙනවා..
කොහොම වුනත් ඔළුව අතගාලා ටොකු ඇනලා ලස්සන සින්දු දෙකක් බෙදාගත්තට පින්..
රූ...
Deleteඇත්ත.. මේ තනිකරම මාධ්‍ය කරුවන් විසින් තමන්ගේ තරගකාරීත්වය තියාගන්න සහ ආදායම් උපයා ගන්න කරන රසික රැවිටිමක්.
අර්ථයට මුල් තැන දුන්නොත් රටේ ජනතාව හිතන්න පෙළඹෙනවා. එහෙම ජනතාව බුද්ධිමත්ව හිතුවොත් මේ රටේ බොහෝ දේවල් වෙනස් වෙනවා.
මම සමහර වෙලාවට පිට කොටුවෙ මල්වත්ත පාරට ගියාම එක් කැසට් සාප්පුවේ පැය ගානක් ඉන්නවා මට ඕනෙම නිර්මාණය හම්බ වෙනකල්..
නොදන්න චිත්‍රපටයක්, උසස් නිර්මාණයකින් යුත් ගීයක් වගේම හොඳ ගායනා ගැනත් ඔබෙන් උගත් දේ බොහෝමයි. ඒ වගේම මේ අලුත් ගායකයාගේ ගීතයත් ඉතාම සංයමයකින් ගායනා කරන එකක්. නූතන ගීතවල ගොඩාක් තියෙන්නේ ශබ්ද රසය තමා. අනිත් එකාරණය ප්‍රේමය , ආදරය ජීවිතයට අවශ්‍යයි තමා හැබැයි ඒ ගැන විලාප නම් වැඩක් නැහැ.මොනා කරන්නද පුලුවන් ඒවා අහනවා ,බැරි ඒවා අථැරල දානවා.උඩින් සඳහන් කරල තිබුන වගේ රොමේෂ් හොඳ ගායකයෙක්. කොහොම උනත් පැරණි ගීතවල මිහිර නව පරපුරේ ගීතවල අඩුයි.
ReplyDeleteස්තූතියි අපව දැණුවත් කරනවාට.
සෝන්යා..
Deleteමේ ගායකයා අලුත්ම අලුත් ඔහුට සංගිත කණ්ඩායමක් පවා තියෙනවා. ඒත් ඔහු තමන්ගෙ මුල්ම නිර්මාන ටික ගැන සෑහෙන්න උනන්දුවෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහු සංගිතය උගත් කෙනෙක්. ජාත්‍යන්තර පාසල ඉගනගත් තරුනයෙක්.
ඒඅතින් ඔහුගෙ නිර්මානාත්මක බව හරිම ඉහලයි
නව පරපුරේ ගීත එක් යුගයකදී එපා උනා..අප්පිරිය උනා. ඒ නිසා දැනුත් අහන්නේම නැති තරම්.ඒ නිසා මොනව කියන්නද..?
ReplyDeleteවීපොකුර..
Deleteමම නවපරපුරේ ගිත අහනවා ඒ අහලා හොද දේවිතරක් තබා ගන්න්වා..
නව පරපුරේ හරසුන් ගායනා බොහොම වුණත් හරවත් ගායනා නැතුවාම නොවෙයි... කසුන් කල්හාර, ප්‍රදීප් රංගන වැනි අයගේ ශෛලීන්ට මම නම් කැමතියි...
ReplyDeleteඅනූ...
Deleteනවපරපුරේ හරවත් නිර්මාන හොයන්න තමයි අමාරු. දක්ෂයෝ නෑ කියන එක එයින් අදහස් වෙන්නෙ නෑ.
දයානන්ද,
ReplyDeleteකසුන් කල්හාරගේ සින්දු බොහොමයක් ඉංග්‍රීසි හෝ වෙන බාශාවකින් ගයපු සින්දුවක කොපියක්. ඔහු ප්‍රසිද්ද වූ "සද ..සද වගේ" සින්දුව ඉංග්‍රීසි සින්දුවක අමුම කොපියක්.
ඔබ කියන්නේ පරණ ප්‍රසිද්ද වුන ගායකයන් හොඳ පද මාලා පාවිච්චි කල කියලද? එහෙනම් මිල්ටන් මල්ලවරච්චිගේ
"මේ ...
මැයි ගහ යට...
දවසක් දා ....
වැස්සට...
අපි උන්නා.."
කියනවට වඩා මට, භාතිය සන්තුෂ් ගෙ
" මල් පැන් පොදක්..
කිනිත්තක් අගින්..
ඉසින්නා වගේ..මට
ඔබේ ආදරේ.."
කියන එක ලස්සනයි.
සංගීතයේ හොඳ සහ නරක සාපේක්ෂයි. ඉස්සර වගේම අදද හොඳ සහ නරක නිර්මාණ තියෙනව එක එක පුද්ගලයාගේ රුචිකත්වය අනුව. එක තමුන්ගේ රුචිකත්වය අනුව විවේචනය කරන්න යාමයි මෝඩකම. ඕනෙම නිර්මානයක් තියෙන්නේ රස විදින්න. ඒක තමුන් රස විදනවද නැත්ද කියන එක තමුන්ගේ ප්‍රශ්නයක්. තමනට රස විදින්න බැරි නිර්මාණයක් තිබ්බ කියල තමන්ට බලපාන්නේ නැහැනේ නේද?
සඳ සඳ වගේ සින්දුවේ ඉංගිරිස් එකේ නම් කියන්නකෝ. ඒක කෙහොමත් හොඳ ඇති!
DeleteDr.Alban
Deleteනූතන සංගිතකරුවන් බොහෝ දෙනෙක්ගේ සංගිත නිර්මාණ බොහොමයකම වෙනත් සංගීත නිර්මාන සහ සංගිත ආකෘතිවලින් ලබාගත් ඡායාවන් එහෙමත් නැත්නම් අනුකරන සේයාවන් තියෙනවා. ඒක අපට වලක්වන්න බැහැ. එහෙම වුණත් ඒ ලබාගන්නා දේ හරියට නිවැරදිව භාවිතා කරන්නේ නම් ගැටලු ඇතිවන්නේ නෑ.
අනෙක් අතට අපි මොනව කිව්වත්, මොනව ලිව්වත්, මොන මතවාදයක් ගොඩනැගුවත් යම් ගීයක් හෝ කලාකෘතියකට කැමති පුද්ගලයා ඒක කෙසේ හෝ රස විඳිනවා. ඒක අපට වලක්වන්න බැහැ. ඒත් යම් කාතියකින් සමජය කෙරෙහි අයහපත් බලපෑමක් ඇතිකරනවා නම් ඊට එරෙහිවිම යුතුකමක්.
මේ සටහන සැකසීමේදී භාතිය හෝ සංතූෂ්ගේ නිර්මාණ සියල්ලම මේ සටහනට අදාල කරගෙන නැහැ. ඒක එසේ කරන්නේ නම් වෙනත් ආකාරයකින් කළ යුත්තක්. ඒවගේම කසුන්ගේ ගීසියල්ලත් මම වෙනම අරගෙන සාකච්ඡාකර නැහැ. කසුන්ගේ ගීය යොදාගත්තෙත් ඔහුගේ පියාගේ සංගිත නිර්මානයක් නිසා.
හුදෙක්ම නූතන සංගිත කරුවන්ගෙන් තෝරාගත් නිර්මාණ කිපයක් ගැන පමණයි මම කතා කළේ. හොඳ නිර්මාන සියක් කරලා එක් නරක් එකක් කළත් ඒගැන අදහස් ප්‍රකාශ කල යුතුයි.
@ හරේ..
ඇත්තටම මමත් කැමතියි එවැනි දේ දැනගන්න...
\\"නූතන සංගිතකරුවන් බොහෝ දෙනෙක්ගේ සංගිත නිර්මාණ බොහොමයකම වෙනත් සංගීත නිර්මාන සහ සංගිත ආකෘතිවලින් ලබාගත් ඡායාවන් එහෙමත් නැත්නම් අනුකරන සේයාවන් තියෙනවා. ඒක අපට වලක්වන්න බැහැ. එහෙම වුණත් ඒ ලබාගන්නා දේ හරියට නිවැරදිව භාවිතා කරන්නේ නම් ගැටලු ඇතිවන්නේ නෑ."\\
Deleteමේ දෙයදී මම ඔබ සමග යම්ටක් දුරට එකගයි. මොකද අපි අපේ රටේ මුල් තැනෙහි තබා තිබෙන ප්‍රේමසිරි කේමදාස මහතාත් ඔහුගේ බොහොමයක් නිර්මාණ කර තිබෙන්නේ බටහිර තනු සම්මිශ්රනය කරමින් සමහරවිට ඒවා එලෙසම යොදා ගනිමින්. නමුත් මට තෝරාගන්න බැරි ඔබ "ඒ ලබාගන්න දේ හරියට නිවැරිදිව බාවිතා කරනව" කියන සීමාව ලකුණු කරන විදිහ. ඔබට නිවරදයි කියල පේන නුතන සෝල් සංගීතය බාවිතා කරන කසුන් කල්හාර හා වැරදියි කියල පේන නුතන රැප් සංගීතය බාවිතා කරන චින්ති යන දෙන්නම භාවිතා කරන්නේ අනුකරණ සංගීතය නේද? ඔබ කොහොමද එක්කෙනෙක් වැරදියි අනික් කෙනා නිවැරදියි කියල කියන්නේ.
\\ ඒත් යම් කාතියකින් සමජය කෙරෙහි අයහපත් බලපෑමක් ඇතිකරනවා නම් ඊට එරෙහිවිම යුතුකමක්.\\
මේකත් එක අන්තවාදයක් නේද. හොදයි අපි ගමු ඔබ අරන් තියන උදාහරණයම.
\\"චින්ති නම් ගායකයෙකු ගයා තිබු මේ ගීයේ අරුත යළි පැහැදිළි කරන්නට අවශ්‍ය නොවේ. ඒ නූතන පෙම්වතා සහ පෙම්වතිය කළ දේත්, ගීයෙන් ගායකයා ගැයූ දේත් පැහැදිළි ය. එදා නන්දා මාලනිය සිය ගීතයෙන් ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි කිව්ව ද මේ ඇසෙන ගීතවල රාගය හැර වෙන කිසිවක් නැත."\\
ඔබට අනුව "ප්‍රේමය" සමාජය කෙරෙහි යහපත් බලපෑමක් ඇති කරන අතර "රාගය" සමාජය කෙරෙහි අයහපත් බලපෑමක් ඇති කරයි. මටනම් මේ දෙකම අවශ්‍ය අතර එකක් වත් අනික පරයා උන්ක්රුෂ්ට වන්නේ නැත. මෙහිදී නන්දා මාලිනිය "ප්‍රේමය" ගැන කතා කරන අතර චින්ති තවත් සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍ය වන "රාගය" ගැන කතා කරයි. මේ දෙක හොඳ සහ නරක වශයෙන් වෙන්කරන්නට ගොස් පටලවාගෙන ඇත්තේ ඔබය. ඔබ චින්තිට එරෙහිවිම යුතුකමක් ලෙස සලකා ඇත්තේ "රාගය" නරක යයි සිතන පසුගාමී සමාජ ගැන සිතාය.
නියමෙට ලියල තියනවා
ReplyDeleteයසිරු..
Deleteස්තූතියි
භාතිය සන්තුෂ් ඇත්තටම හැකියාවක් ඇති දෙන්නෙක් . නිරෝශාත් එක්ක කියන ''කිරි කෝඩු '' ඇත්තටම ලස්සනයි . වැඩිය අසා නැති නිසා අනික් ගී ගැන කියන්න අදහසක් නැහැ .
ReplyDeleteකල්හාර තුල හැකියාව වගේම සංයමයක් තියෙනව . සමහර අලුත් අයගේ ගී අහන්න අප්පිරියයි . වෙලාවකට උපේක්ෂාවෙන් හිතද්දී හිතෙනවා ඉස්සර බස් වල බලයෙන් අස්සවන්නේ නැත්නම් ඕන එකක් . අපිට හොඳ දෙයක් විතරක් අහල නිකන් ඉන්න පුළුවන් .
හැමදාම හොඳ ගීයක් දෙකක් හඳුන්වා දෙනවාට ස්තුතියි ..
බින්දි..
Deleteහැම ශිල්පියාගෙම සාර්තක නිර්මාණ තියෙනවා. එ්ත් ඉදහිටලා එකක් දෙකක් නරකට කළාම ඒක සමාජයටම නරක පූර්වාදර්ශයක් සපයනවා
නව පරපුරේ හොඳ දක්ශයෝ ඉන්නවා, සමහර විට අපි ප්‍රවීන කියලා කියන අයටත් වඩා. නමුත් වෙලා තියෙන්නේ ගීත 'නිර්මාණකරණය' ට වඩා, ගීත 'අලෙවිකරණය'ට පෙළඹීමයි.
ReplyDeleteගිහාන්..
Deleteඇත්තටම මෙතන වෙලා තියෙන්නේ ඒකම තමයි තමන් යම් වෘතිතියකට එළමුනාම ජීවිත්ව සිටින කාලය තුළ හොද ආදායමක් උපයා ගැනීම මූලික පරමාර්ථය වෙලා.එතැනදි ඔවුන් නිර්මානයක නිර්මාණාත්මක බව පසෙක ලා වෙළඳපොල වෙනුවෙන් නිර්මාණ කරනවා
මටනම් බොක්කටම වැදුනා..නියම පොස්ට් එකක්...අම්මපා මම මගේ සින්ඩියක් කලානම් මේ පොස්ට් එක අවුරුද්දක්වත් දිගටම වෙනමම පොස්ට් එකක් විදිහට දාලා තියනවා...අයියේ ඔයා මොන කෙනෙක්ද කොහේ ඉන්නවාද මොනවා කරනවාද කියන්නවත් මම දන්නේ නෑ...ඒත් ඔයා මේ ලංකාවට ගොඩාක් වටිනා කියන කෙනෙක්...ඔයාට පුලුවන්නම් මට මගේ ඊ මේල් එකට ඔයාගේ නො: එක එවන්න...මට ඔයාව බ්ලොග් ජීවිතේ මුණ ගැහුන වටිනාම කෙනා...ඔයාට ජය වේවා කියන්න දෙයක් නෑ අයියේ...ඔයාට ජය වෙනවා...කවදාවත්ම බ්ලොග් ජීවිතේ අතාරින්න එපා.හැමදාමත් ඉන්න...වටිනවා බ්ලොග් ලෝකෙටම ගොඩාක්....ඔයාගේ වචන ගැන මම ගොඩාක් සතුටු වෙනවා...මොකද කිසිම කෙනෙක් ඔය මාතෘකාව ගැන කතා කරන්නේ නෑ..ඔයා වටින කෙනෙක් අයියේ....
ReplyDeleteඋමා (දසුන්)
Deleteස්තූතියි මල්ලියේ.. මම ඊ මේල් එකක් එවන්නම්
ඔබ කියන දේ තුල යටි පෙලක් ඇති බවයි පෙනෙන්නේ.. මට හිතෙන්නේ අත්වාරුවක් වගේ දෙයක් තමා ඔබ දෙන්නේ. ඒක හරියට අල්ලගත්තොත් ගොඩ. මටත් නුතන පරම්පරාව ගැන තියෙන්නේ සතුට මිශ්‍රවු දුකක්. හොද දක්ෂයන් හිටියත් නිසි කල් බලා නිර්මාණකරණයේ යෙදෙන්නේ නෑ. අනික දැං මේක වෘත්තියක් බවට පත්වීම තුල තරගකාරි ආරෝවක් තමා ඉදරියෙන් තියෙන්නේ. ඒ ගැන ලූෂන් කිව්ව කතාවක් මට මතක් වෙනවා... දක්ෂයින් අතර මම හිතන්නේ සංගීත් විජේසූරිය අති දක්ෂයෙක්. කසුන් වගේම. ඒත් සංගීත් තමන්ගේ දක්ෂතාවය හරියට හදුනගෙන නෑ මයේ හිතේ. නියම නිර්මාණ කාර්යය ඔහු කරනවානං හොද දක්ෂ ගායකයෙක් වෙන බව අනිවාර්යයයෙන් කියන්න පුළුවන්.. ඒත් එකක් කියන්න ඕන හුග දෙනෙකුට කලාව මුදල් හොයන මාධයයක් උනාම එහි ගුණාත්මක භාවය, මානුෂික ගතිය ගිලිහී යනවා. මම නං කලාකරුවෙක් කියල දකින්නේ සමාජයට ආදරයක් තියෙන කෙනෙක්...
ReplyDeleteදයානන්ද අයියා,
ReplyDeleteසියයට දෙසීයක් එකඟයි ඔබතුමාගේ අදහස් වලට. රසවින්දනයක් නැති පරපුරකට ඇස් පාදන්න ගන්න උත්සාහය අගය කල යුතුමයි.
ඇසට හසු වන මායිමේ කියන සෝන්ග් එක දෙන්න පුලුවනිද .අනේ ලොකු උදව්වක්
ReplyDelete