එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Friday, 15 February 2013

෴ විජය ගැයූ නෙළා නොගත් ප්‍රේමයේ ගී අස්වැන්න... ෴




විජය කුමාරතුංග නම් වූ මානව හිතවාදී කලාකරුවා, දේශපාලඥයා සමු අරන් පෙබරවාරි මාසෙ 16 වනදාට හරියටම අවුරුදු 25ක්. අවුරුද්දකට එක වතාවක් හෝ මා ආදරය කරන ගෞරව කරන මෙවැනි සොඳුරු මිනිසුන්  ගැන මතකය අවදි කිරිමත් එක්තරා ආකාරයක සතුටක්.  ඒ අනෙකක් නිසා නොව මේ රටේ  ජනතාවගේ රසිකත්වය උසස් තලයකට ගේන්න ජීවිත කාලයම කැප කරපු කලාකරුවන් වන නිසා.  මෙවන් මිනිසුන්  ජීවිතයෙන් සමුගෙන බොහෝ කල් ගියත් හැම විටම දැනෙන්නෙ  මේ දැන් හිටියා වගේ උණුසම් හැඟීමක්.  මෙවන් කලාකරුවන්  මේ රටේ කලාව  සහ ජනතාව වෙනුවෙන් සදා අනුස්මරණීය සේවයක් ඉටු කර ඇති  නිසා මෙවන් සොඳුරු මිනිසුන් ගැන නැවත නැවතත් අතීතාවර්ජනයක් කිරීම අපේ  යුතුකමක් කියලයි මට හිතතෙන්නෙ.

ඒ නිසා නිරන්තරයෙන් මා ආදරය කරන මගේ හිතට වඩාත් සමිපව දැනුන මේ සොඳුරු රංගන ශිල්පියා, ගායන ශිල්පියා, දේශපාලඥයා. එහෙමත් නැත්නම් කලාතුරකින් හමුවන මානව හිතවාදී කලාකරුවකු වශයෙන් විජය කුමාරතුංගයන් වෙනුවෙන් අද අස්වැන්න සටහන් කරනව. ඒ ටිකක් සුවිශේෂ ආකරයෙන්. සාමාන්‍යයෙන් විජය ගැන වැඩිපුරම කතාබහට ලක් වෙන්නෙ ඔහුගේ දේශපාලන දර්ශනය සහ රංගනය ගැන වුවත් ඔහුගෙ ගායනය  ගැන ඉතාමත් අඩුවෙන්ම කතා කරන නිසා මා ඔහුගෙ ගායනය ගැන පමණක් සඳහන් කරන්නම්.

එක එක යුගවල විසු කලාකරුවන් අතර අපූර්ව නිර්මාණාත්මක සබඳතා හමුවෙනව.  එවන් විරල අවස්ථාවක විජයගේ ගී හඬ කේමදාසයන්ගේ සංගීතයෙන් හැඩවුණ ආකාරය ගැන කතා කරන්න මම තෝරාගත්තෙ කේමදාසයන්ගෙ සංගීතයට විජය ගැයූ එහෙත් ජනප්‍රිය නොවූ,  මතකයෙන් බැහැර වූ මනරම් ප්‍රේම ගීත කීපයක්.  මේ ගිත ඔබ අහන මුල් වතාව වෙන්නත් පුළුවන්.  ඇතැම් විට මේ ගී ඇසූ පසුව ඇයි මේ ගී ගීත සාහිතයයෙන් බැහැර වුණේ  කියල නැවත් හිතන්නත් පුළුවන්. ඒ වගේම මේ ගීත අසුවාම විජය - කේමදස සංගීත සුසංයෝගයක් තිබුණද කියල ඔබට හිතෙන්න පුලුවන්. ඒ නිසා බොහෝ දෙනෙක් නොදන්නා එවැනි සුසංයෝගයක ගී මිහිරත් එක්කම අපි ඒ ගැන ටිකක් කතා කරමු.

විජය කුමාරතුංග - ප්‍රේමසිරි කේමදාස සංගීතමය සබඳතාවය අපේ සිංහල ගීත සාහිත්‍යයේ හමුවන මහා සංගීතමය සුසංයෝග තරම් ගැඹුරට විහිදුන එකක් නොවුනත්, ඒ හරහා බිහිවු ගීත, ලාංකේය ගීත සාහිත්‍යයට සදාකාලික සුන්දරත්වයක් එකතු කරල තියෙනව. ඒත් ඒ ගීත  කිපය පවා නියමාකාරයෙන් ගීත රසිකයන් අතරට ගියේ නැහැ.  ප්‍රමාණාත්මකව බලන විට විජය - කේමදාස සුසංයෝගයෙන් බිහිවූ   ගීත සංඛ්‍යාව  20 හෝ 25 ක් .  එය මෙ තරම් සුලු සංඛ්‍යාවක් වුවත්,  මේ අපූර්ව දුර්ලභ  සුසංයෝගය තුළින් බිහිවූ ගීත නිර්මාණ අපේ ගීත ක්ෂේත්‍රයේ නිර්මාණාත්මක මියුරු ඵලයන් ය.  මේ ගීතවලින් ඇතැම් ගීත පළමු පටිගත කිරීමෙන් ම අවසන් වූ බවක් දකින්නට ඇති නිසා ඒවා විවවේක බුද්ධියෙන් රසවිඳිය යුතු ගීත කියලයි හිතෙන්නෙ. ඒ වුණත් මේවා නූතන පරපුරට රස විඳින්නට  කිසිඳු සංරක්ෂණය කිරීමක් සිදුවී නැහැ. අනෙක් අතට මේ ඇතැම් ගීත ලියූවෝ කවරහුද යන්න පවා මේ වන විට සොයාගත නොහැකි තත්වයකට පත්වෙලා තියෙනවා. අපට හඳුනා ගත හැකි එකම සාධකය වන්නේ කේමදාසයන්ගේ සංගීතයත්, විජයගේ ගී හඬත්  පමණි.
 
නිදසුනක් ලෙස කේමදාසයන්ගේ සංගිතයට විජය කුමාරතුංගයන් ගැයූ "රාංකුරුලු වෙස් අරගෙන" ගිතය ගත හැකිය. මේ ගීතය පදමාලාවෙන් වගේම සංගීතයෙන්ද  පිරිපුන් ගිතයක්. විජගේ ප්‍රතාපවත් රංගන ශෛලිය පමණක් නෙව ඔහුගේ මන බඳින රූපකාය මොහොතකට අමතක කළොත්,  ඔහුගේ මේ ගායනයත් ගීතයට එකතු කරන්නෙ අපූර්ව ප්‍රේමනීය සුන්දර අත්දැකිමක්.  ඊටම ගැලපෙන්න නීලාගේ මියුරු ගායනයත් ගීතය පුරා විහිදුවමින් ප්‍රේමණිය හැඟීම් සමුදායක් අපේ සිතුවිලි වලට යා කරනව.

                   රාං කුරුළු වෙස් අරගෙන
                   රූං කියා ඉගිලෙන්නට
                   සීන් සිනිදු පියාපතක්
                   නුඹටයි මටයි ලැබේවි
                   නුඹටයි මටයි ලැබේවි

                   අහස් තලා නව නිල්ලේ
                   සිහිල් රැයේ සඳ ඇල්ලේ
                   රිදීවලා දෝලාවේ
                   මේ මන්ද මාරුතේ
                   රෑ යාමේ හමුවෙමු දෝ
                   ළංවී අපී..

                   සාගරයේ රළ රැල්ලේ
                   පබළු ලතා මුතු ලැල්ලේ
                   තරංගයේ නෞකාවේ
                   මේ සිහින මාවතේ
                   රෑ යාමේ හමුවෙමු දෝ
                   ළංවී අපී..

ගේය පද:  ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම:  විජය කුමාරතුංග සමග නීලා වික්‍රමසිංහ
 
රාං කුරුළු වෙස් අරගෙන” ගීතය  මෙතනින් අහන්න
                  

විජයගේ නම කී පමණින් මැවෙන්නේ ඔහුගේ අතිවිශිෂ්ට රංගනයේ ප්‍රතිභාවයි. සිනමාවේ අග්‍රගණ්‍ය ප්‍රේමවන්තයාගේ රංගනය හමුවේ ඔහුගේ ගායනය පිළිබඳ ඉඟියක් පවා අපට නොදැනේ.  එමෙන් ම ඔහුගේ  දේශපාලන භූමිකාව සිහියට නො ඒ.  එහෙත් කලාකරුවකු සතු හැකියාවන්  කිසියම් ක්ෂේත්‍රයකට පමණක් සිමා කිරිම සාධාරණ නොවේ.  මෙවැනි වූ විවිධ ක්ෂේත්‍රයන් ස්පර්ශ කළා වු පොදු ජන හදවත් දිනාගත් ආදරණීය මිනිසකුගේ හැසිරීම කලාව කලාවක් වශයෙන් ඔසවා තබන්නට හේතු වූවා විනා ඒ ගැන බුද්ධිමය සංවාදයකට ලක් කළ හැක්කේ එහි අන්තරගතය බුද්ධිමත්ව විමසා බැලීමෙනි. එසේ නොමැතිව විජය කුමාරතංගයන්ගේ කලාත්මන මිනිස් හදවත හඳුනාගැනිමට පුලුවන් කමක් නැත.

1969 වර්ෂයේදී තිරගත වූ සුගතපාල සෙනරත් යාපාගේ "හන්තානේ කතාව" චිත්‍රපටයෙන් විජය එක රැයින්ම සිනමා තරුවක් බවට පත්වූවත්, ඔහුගේ ගායනය පිලිබඳ හැකියවන් දර්ශනය වන්නට පටන්ගන්නේ 1978 / 79 කාලයේ දී සිටය. ඒ මෙරට කැසට් පට නිෂ්පාදන ක්‍රියවලිය බිහි වූවාට පසුවය.
 
ඇතැම් විට විජයගේ සිනමා ගමන් මග තහවුරු කර ගැනීම  ඔහුට දුෂ්කර කාර්යයක් වූවා සේම ඔහුට සිය සංගීතමය ගමන් මග තහවුරු කර ගන්නට අපහසු වූයේ එවකට මෙරට පැවතියේ ආණ්ඩුවේ ගුවන්විදුලිය සහ රූපවාහිනී චැනල් දෙකක් පමණක් විම ය.  ඒවා සියල්ල එවකට පැවති ආණ්ඩුවේ අධිකාරී බලයට හා පාලනයට යටත්විමත් හේතුවෙන් විජයගේ ගායනයට දොරගුළු වැටුණි.  මාධ්‍ය නොමැතිව ගායන ශිල්පියකුට නැගි සිටිය නොහැකිය. එසේ තනිවම නැගී සිටින්නට නම් ජනතාව අතරට ගොස් ගායනයෙන් තම හැඟීම් අවදි කල යුතුය. ඒ නිසා විජය දේශපාලඥයෙකු සහ රංගන ශිල්පියෙකු ලෙසින් ජනතාව අතර රැඳුණත් ඔහුට ගායන ශිල්පියෙකු ලෙස ඒ මග ගමන් කරන්නට නොහැකි විය.

ඒ නිසාම විජයගේ ගී හඬ අපට ළගා වූයේ  ගුවන්විදුලි හෝ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ නොව කැසට් පට හරහාය.  ඒ නිසා ඔහුගේ රසිකයන් සිතූයේ විජය රංගනයෙන් ඇති කරගත් ජනප්‍රියත්වය හරහා ගායකයකු ලෙසින්ද ස්ථාවරයක් ගොඩ නගන්නට උත්සාහ ගන්නා බව ය. ඊට ආසන්නම හේතුව වන්නේ එවකට එච්.ආර්.ජෝතිපාල, ජේ.ඒ මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්, සහ නිහාල් නෙල්සන් වැනි ශිල්පින් ජනප්‍රිය සංගීතයේ බැබලෙමින් සිටි නිසා ඒ ඇසුරේ හැදී වැඩෙන්නට  සිනමාවේ ජනප්‍රිය තරුව ලෙස විජය ගයනයට ප්‍රවේශ වූ බවට මතයක්  රසිකයන් තුල මුල් බැස ගෙන  තිබුණි.

විජය සතුව තිබුණේ සංගීතයේ දුර්ලභ ගැඹුරු ගී හඬකි. එය බෙහෙවින්ම ජෝතිපාලගේ ගැඹුරු ගී ස්වරය තරම් එකක් විය.. ඊට හොඳම නිදමසුනක් ලෙස මතු දැක්වෙන ගීතයේ ඔහු විසින් හඬ පාලනය කරගන්නා හැටි කදිමය. විශාල පරාසයක පැතිරීයන ගී හඬක් කේමදාසයන්ගේ සංගීතයට වෙඬරු පිඩක් සේ එක මිටකට මුසුකර ඇති විජයගේ රංගනය සියල්ලන්ටම අමතක කරවමිනි.

                   හද අරණේ වියෝ ගිනි උසුලා
                   ඔබ අසරණ කළ අසරණයෙකු හට
                   ජීවත්වන්ට කියා දෙන්න මට
                   මිනිස් සිතින්
                   වියෝ ගිනි උසුලා

                   සිතුවිලි බිඳු බිඳු දෝතින් කැටිකර
                   ඔබ පාමුල පූජාසනයේ
                   ජීවිතයෙන් පිදු ජීවිතයක් බඳු
                   ආදරයක් අහිමි වූදා
                   ඔබ අසරණ කළ අසරණයෙකු හට
                   ජීවත්වන්ට කියා දෙන්න මට
                   මිනිස් සිතින්
                   වියෝ ගිනි උසුලා

                   දෑසට නොකියන සිතුවිලි කඳුළක
                   පිළි රූ ඔබෙ මා හා ගැවසේ
                   කාලය ගෙවුනද මතකින් නොමියන
                   පෙම් සුවඳක් අහිමි වූදා
                   ඔබ අසරණ කළ අසරණයෙකු හට
                   ජීවත්වන්ට කියා දෙන්න මට
                   මිනිස් සිතින්
                   වියෝ ගිනි උසුලා


සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම:  විජය කුමාරතුංග
 
හද අරණේ වියෝ ගිනි” ගීතය  මෙතනින් අහන්න
               

විජය කුමාරතුංගයන්ගේ ගායනය ගායන මග වසර  8ක් 9ක් වැනි කෙටි කාලයකි. ඒ කෙටි කාලය තුල ඔහු විසින් ගීත 100 - 150 ක් පමණ ගායනා කර තිබේ. මේ සියළුම ගිත සාර්ථක නිර්මාණයන් නොවේ. එහෙත් ඒ ගීත සංඛ්‍යාව අතර අති විශිෂ්ඨ ගීත රැසක්ම තිබේ.

එසේ වුවද ඔහුගේ ගායන ප්‍රවේශය සංගීතයේ අලුත් ඉසව්වක් කරා යොමු කළේය.  70 දශකයේ ඇරඹි විරෝධාකල්ප ගීත සාහිත්‍යය හැදි වැඩුණේ  වාමාංශික දේශපාලන ඇකයේ විමත්, එකල බිහිව තිබු ජනතා විමුක්ති පෙරමුණේ  විමුක්ති ගී ප්‍රසංගයත්, ගුණදාස කපුගේ වැනි ශිල්පීන්ගේ කලාත්මක දේශපාලන දර්ශනයත්, සෘජුවම රසික මනසට කළ ආමන්ත්‍රණය  කළ බැවින් විජය තම දේශපාලන දර්ශනය සඳහා සෘජුවම විරෝධාකල්ප ගීත උපයෝගී කරගත්තේය. මුල්වරට "වේදනා” නමින් විරෝධාකල්ප ගීත එකතුවක් කැසට් පටයක් ලෙස එලි දක්වන්නේ ඒ නිසාය.  
 
එසේ ජවයක් සහිතව ගොඩනැගෙන විජයගේ ගී හඬ සහ ඔහුගේ ඇතැම් ගීත සංගීත නිර්මාණකරුවන්ගේ  නොසැලකිල්ල සහ  නිසි අයුරින් වටහා නෙගැනිමත් හේතුවෙන් අසාර්ථක නිර්මාණ ඔහුගෙන් බිහිවිය. ගුණදාස කපුගේ, සරත් දසනායක, රෝහණ වීරසිංහ, වැනි සංගීතඥයන් විසින් විජයගේ ගායන පරාසයේ ප්‍රමාණය මැනැවින් හඳුනාගෙන ගී තනු නිර්මාණය කළහ.  එහෙත් සංගීතය හදාරා නොමැති සහජ දක්ෂතාවයක් ඇති ගායන ශිල්පියෙකුගේ ගායනය පරාසය තුල විජයගේ ගී හඬ භාවිතයට ගත හැකි ආකාරය වඩාත් නිවැරදිව කේමදාසයන් වටහාගත් බව විජයගේ  ගි නිර්මාණ සියල්ලෙන් කේමදාසයන්ගේ ගීත වෙන්කර බැලීමේදි වටහා ගත හැකිය.

එහෙත් විජය කුමාරතුංගයන්ට ‍කේමදායන් හැදූ ගීත ජනප්‍රිය නොවිමත්, විජයගේ ගී හඬ ඔහුගේ රංගනය තරම් ඉස්මතු නොවිමටත් හේතු වූයේ ඔහුගේ රංගන ප්‍රතිභාව රසික හදවත්වල මුල් බැසගෙන තිබීම ය. කේමදාසයන් විජය ගායන පසුබිම් ගායන ශිල්පියෙකු ලෙසින් “පාර දිගේ”චිත්‍රපටයට ද දායක කරගත්තේ එවන් පසුබිමක් යටතේ ය. ඒ “පාවෙලා යන පාර වටේ” ගීතය විජයගේ හඬින් ගායනය කරවීමෙනි.  ඒ 1980 වර්ෂයේ දිය.  

විජය - කේමදාස සංයෝගය සංගීතයේ කෙටි සළකුණක් වුවත් එය ලාංකේය ගීත සාහිත්‍යයේ ඉතා කුඩා වැදගත් සම්බන්ධතාවයකි. එකිනෙකට වෙනස් හැඩයෙන් සහ රිද්මයෙන් යුතු ගීත නිර්මාණය කරමින් විජය ගායකයකු ලෙස  මෙරට රසිකයන්ට හඳුන්වා දිමට  කේමදාසයන් මහත් උත්සාහයක් දරා ඇත.  කේමදාසය අතින් හැඩ වූ විජය ගැයු ගීත අතර දිනකර පායා, පුතණු කෙනෙකුන් , කඳුළු බොඳවූ, උණුසුම් සුසමක්, නැගෙන හිරුට පිටුපා සහ වැව් දියේ රැළි ඊට හොඳම නිදසුන් ය.  කේමදාසයන් හැදූ විජයගේ ඇතැම් ගීතවල ගායන සහය සඳහා නීලා වික්‍රමසිංහ සහ මාලනී බුලත්සිංහල භාවිතා කිරීමද ඒ ගීතවල රසය නුසුන් වීමට ඉවහල් වී ඇත. ඊට හොඳම නිදසුනක් ලෙස විජය ගැයූ මතු දැක්වෙන ගීතය ගත හැකිය.  විජය ගී ගායනයේදී කොතරම් දක්ෂ ලෙස හඬ පාලනය කරමින් ගීතය ගායනා කර ඇත්තේද යන්න විමසන්නට මේ ගීයම ප්‍රමාණවත්ය.

ඉහළ බලන් කළ වරදට ඉකිබිඳ
වැළපෙන ඛලුවර අහස මමයි
 
පහළ බලන් සීතට පා තැවරෙන
තණ නිල්ලේ පිණි කඳුළ මමයි

 
ඈත බලන් හද තරහ නිවන්නට
නිදියන සීතල සුළඟ මමයි
 
හැරී බලන් නුඹෙ දෙපා යදින්නට
බිම ඇදෙනා සෙවනැල්ල මමයි

 
දසත බලන් නුඹෙ සවනට කොඳුරන
වැළපෙන දුක්මුසු ගීය මමයි
 
මදෙස බලන් ඒ ගීයට ගීයක්
ගයමින් සැනසෙන කුසුම මමයි

සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම:  විජය කුමාරතුංග සමග මාලනී බුලත්සිංහල
 
ඉහළ බලන්” ගීතය  මෙතනින් අහන්න
                 

කේමදාසයන් විසින් විජයට නිර්මාණය කළ මෙවන්  ගී ඇසූ විට හැ‍ඟෙන්නේ ඔහුගේ ගායනයෙන් ගත හැකි ප්‍රයෝජනය පිළිබඳ නිවැරදි තක්සේරුවක් කේමදාසයන්  තුළ තිබු බවයි.
කෙටි කලක් ඇතුළත විජය ගැයූ ගීත ප්‍රමාණය විශාළ සංඛ්‍යාවකි.  එසේ වුවත් ඒ සියලු ගීත ජනතාව අතරට ගියේ නැත.  විජයගේ ගායනට වැට බැන්දේ ඒ ගීත ගුවන් විදුලියෙන් සහ  රූපවාහිනියෙන්  ප්‍රචාරය විම වැළැක්විමෙනි.  ඒවන විට ගායකයෙකු ලෙස නැගී සිටන්නට නම් මෙරට තිබූ ආණ්ඩුවේ එකම ගුවන් විදුලි නාලිකාවත්, රූපවාහිනී නාලිකා දෙකෙත් සහයෝගය අත්‍යවශ්‍ය සාධකයක් වූ  නිසා විජයට සිදු වූයේ එකල පැවති රජයේ මාධ්‍යයන්ට අභියෝග කරමින්  කැසට් පට මගින් තම සංගීත ගමන් මග සකස් කර ගන්නටය.

අනෙක් අතට ඒවන විට විජය කැසට් පට මගින් තම ගී නිර්මාණ  රසිකයන් අතරට ගෙන ගියද ඒ බොහෝ ගිත වැලඳ ගත්තේ සිමිත රසිකයන් පිරිසක් පමණිඑහෙත් නිර්මාණකරුවකු ලෙසින් ඔහු මියයන විට චිත්‍රපට පසුබිම් ගීත ගණනාවක් ගයන්නට  තරම් සංගීතමය හඬ පෞරුෂයක් ගොඩනගා ගැනිමට හැකි වූයේ කේමදාසයන් ඇසුරේ ඔහු ගායනයෙන් ලැබූ පන්නරයයි.

හමුවේවිද අප ආයේ සුරතින් සුරත බැඳී
අහස මුහදේ ගැටෙන සිතිජයෙ වේදෝ
ඔබ හා මා
ජාති ජාතිත් සංසාරේ

දැවෙන හිතට එක කදුළක්
නුඹේ ඇසින් වැටුණු දිනේ
හිතට දැනුණ තෙතමනයෙන්
මට දැනුණා නුඹේ සෙනේ

නුඹ වෙනුවෙන්  වැලපීලා
මගේ කඳුළු ගඟ සිඳිලා
නුඹේ කඳුළු මට දීලා
නුඔ නාඩන් සොඳුරු ළ‍ඳේ

සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම:  විජය කුමාරතුංග සමග මාලනී බුලත්සිංහල
 
ඉහළ බලන්” ගීතය  මෙතනින් අහන්න
                

ඒ නිසා අද විජය ගැන බොහෝ දෙනෙක්  කතාකරන්නේ ඔහුගේ රංගනයේ ප්‍රතිභාව ගැන හෝ දේශපාලයෙන් ගොඩනගා ගත් චරිතය ගැන වුවත්, විසිපස් වසරකට පසුව හෝ ඔහුගේ ගායන ශිල්පියෙකු ලෙසින් දැක් වූ දක්ෂතාවය පිලිබඳව නැවත සිතා බැලිය යුතු යැයි හැ‍ඟේ.෴



 මෙහි ඇතුළත් සියළු ඡායාරූප අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලද ඒවාය.
වටිනා කාලය බිඳක් වැය කර ගී රස විඳිමින් කියවූ ඔබට  ස්තූතියි. වෙලාවක් ඇත්නම්  මීට වඩා වෙනස් වූ  ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න

76 comments:

  1. මෙතුමා සමු අරන් අවුරුදු 25ක්... අපි ඉපදිලත් නෑ.. :)

    // හමුවේවිද අප ආයේ සුරතින් සුරත බැඳී
    අහස මුහදේ ගැටෙන සිතිජයෙ වේදෝ// මම ආස මේ සින්දුවට..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩවිරජ..

      ඒක හරිම අවාසනාවක් ඔබ වැන් අය ඉපදෙන විට මේ රටේ හොඳම දේවල් හොදම අය නැති වෙලා..
      විජයගේ හැම සිංදුවක්ම වගේ ජීවිතයට අරුත් සපයන ගීත

      Delete
  2. නියමයි දයා විජය යළි මා දැස මානයේ ඔබ ජීවමාන කළා වගේ ...සොදුරු කලාකරුවෙක්...

    ReplyDelete
    Replies
    1. නිලීන්..
      මගේ හිතේ ඇදෙන කලාකරුවන් කීපදෙනා අතර විජයත් ඉන්නවා. ඔහුගෙ ගායනයට වගේම රංගනයටත් මම හරිම කැමතියි.

      Delete
  3. බොහෝ අය කියන්නේ දේශ්පාලනයට ආවේ නැත්නම් විජය තාමත් ජීවතුන් අතර කියලයි..

    ඒ කාලෙ විජය වැඩට යන්ඩ බස් එකට හිටපු හැටි මිනිසුන්ට තාම මතකයි..

    විජයගේ කොණ්ඩය බොරු කොණ්ඩයක් කියලා කතාවක් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ගොඩාක් වෙලාවට බොරුවක් වෙන්න ඕනේ. කාලෙකට කලින් මම පත්තරේක දැක්කා. විජය කුමාරතුංග එම්බාම් කරපු ඒ කෙනා කියල තිබුනා ඔහුව මතක් වෙන්න විජයගේ කොන්ඩෙන් කෑල්ලක් කපාගෙන අරන් තියාගෙන ඉන්නවා කියලා.

      Delete
    2. හරි..

      ඇත්තටම මමත් ඒනතාව විහ්වාස කරන්නෙ නැතිවුණත් අහල තියෙනවා. ඒත් සමහරු කිව්වේ මුල් චිත්‍රපටවල තියෙන්නේ විජයගෙ ඇත්ත කොන්ඩය කියලා..සහමර විට පසුකාලෙක විග් එකක් නිර්මානයකරගන ඉන්න ඇති.කවුරුත් ආදරේ කරන නිසා.


      අසරනයා..

      මමත් ඔය කතාව අහල තියෙනවා. සමහර විට ඇත්ත වෙන්න ඇති.

      Delete
    3. මම දන්නා විදියට මෙහෙමයි. යම් කාරණයක් නිසා ඔහුගේ මුලින් තිබු straight හිසකේ වැටී තිබෙනවා. ඔහු සිංගප්පූරුවට ගොස් කෙස් නැවත හිටුව(re-plant) කර තිබෙනවා. එය අපි අන්තිමට දකින curl කොන්ඩයයි.

      Delete
  4. විජය කුමාරතුංග අපේ තාත්ත ප්‍රිය කලා සෑහෙන්න. අම්මලගෙ තරුණ වයසෙ එයාලගෙ ක්‍රෂ් එකක්. මටත් යුනික් ගායකයෙක්. නමුත් මේ දිල තියෙන ගීතනං කලින් අහලම නෑ. ඒවයෙ කේමදාස හොඳට ගෑවිල තියෙන බව නං තේරෙනව!

    ReplyDelete
    Replies
    1. හරේ..
      අපේ ලමා කාලයේ අපට නොතේරුණත් ඔහු හොඳ රංගන ශිල්පයෙක් බව එදාත් යාන්තමට දැනලෙන හිටියා. එක අතකින් මාස්ටර්ල වගේ අය විස්මිත නිර්මාන කරුවන් . විජය වගේ ගැමුරු හඬවල් වලින් පවා නිසි ප්‍රයෝජනය ගත්තා.

      Delete
  5. විජය ගැන දත් දේටත් වඩා නොදත් දේ බොහොමයි. මේ ලිපියෙනුත් ටිකක් හරි පිරිමැහුණා. කේමදාස විජය සුසංයෝගය ගැනත් දැනගත්තේ අදමයි. දක්ෂයන්ගෙන් මෘදුව හරි බැනලා හරි වැඩ කරගන්නත් කේමදාස මාස්ටර් දක්ෂයෙක් කියලා අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හසිත..
      ඇත්තටම මම විජය ගැන ලිව්වේ ඔහුගේ ගායනය ගැන පමණයි. අනෙක් ක්ෂේත්‍ර නිරන්තරයෙන් කතා කරන නිසා ඒගැන් ලිව්වෙ නෑ. මාස්ටර් වාග් දක්ෂයන්ට කරන්න බැරි දෙයක් නැති බව මේ නිර්මාන වලින් වැටහෙනවා.

      Delete
  6. කොහොමටත් අපි පින් කරලා මදි............ එකට මට මුලික වෙච්ච කාරණා කිහිපයක් තියනවා, එනම් අපි ඉප දෙන්න කලින් මේ රටේ තිබුන ඒ වින්දනීය ගීතය, වින්දනීය සිනමාව, වින්දනීය සාහිත්‍ය කියන මුළු මහත් කලාවම මේ වනකොට පිරිහෙමින් පැවතීම. මම තාම හීන මවනවා ගුණදාස කපුගේ මහතාගේ "කම්පන" ප්‍රසංගය බලන්න. මන් තාම හීන මවනවා සේකරයන්ව ඇස් දෙකෙන් දකින්න........නමුත් මට වෙලා තියෙන්නේ ඒ සියලු දේ අධ්‍යත්මිය ලෙස දකින්න පමණයි. එකයි මම කිව්වේ අපි පින් කරලා මදි කියලා..............

    විජය කුමාරතුංග මම ඔහුව දැකලා තියෙන්නේ රූපවාහිනියෙන් හා පින්තුර වලින් පමණයි......නමුත් ඔහු පිළිබද මගේ හදවතේ ඇදිල තියන රුපය සමන්‍ය පුද්ගල රූපයකින් ඔබ්බට ගිය පුළුල් ප්‍රදේශයක් පුර පැතිරිච්ච පිරුණු හදවතක් සහිත උතුම් මිනිසෙක්.......

    "ඔබ රුව චායා.......සැගවේ පායා.............."

    රස්තේ පාරක් ගහමුද

    ReplyDelete
    Replies
    1. අසුව දශකයේ උපත ලද ළමයි ටිකක් මුනුපොතේ කියලා තිබෙනවා ඔවුන් තමයි වාසනාවන්තම ළමා කාලය ගෙව්වේ කියලා. මම කියනවා බය නැතිවම සංගීතයේ ස්වර්ණමය යුගය පසු වුනේ අපේ ළමා කාලයේ කියලා. ඔය අසුව දශකයේ ළමයි ඉපදෙන්න පෙර අකාලයේ අහිමු වූ, නිහඬ කල විශිෂ්ට කළා කරුවන්ගේ ඇසුර ගුවන් විදුලිය, චිත්‍රපට, පොත් පත්තර හරාහා ලබන්න ලැබුණු, හත්තාව දශකයේ ළමා කාලය ගෙවූ අපි තරම් කවුරුත් වාසනාවන්ත නෑ කියා මම බය නැතිවම කියනවා. දයා, නලීන්, සුමිත්,වෙනියා, මම මේ යුගය පසු කල බ්ලොග් අවකාශයේ මා දන්නා අයයි. කවිකාරි, විචාරකයා අපිට පෙර යුගය නියෝජනය කරන අය බව මා අනුමාන කරනවා. ඔවුන්ගේ මුල් තරුණ විය කෙතරම් සුන්දර වන්නට ඇත්ද ?

      Delete
    2. රස්තියාදු කාරයා..
      මට හිතෙන විදියට සුදික කිව්වා වගේ මේ අවපාතයට අසුවෙන්නෙ අණුව දශකයේ සහ ඉන් මෙහා කාලයේ ඉපදුන දරුවන්.ඒවන විටත් හේ රටේ සාරධර්ම බිඳවැටිම, ගෝලිය කරනය,විද්‍යුත් වෙළඳ නාලිකා බිහිවිම රූපවාහිනි චානල් බිහිවිම ආදීනොයෙක් කාරනා අරතට මෙරට සිටි බුද්ධිමතුන් රට හැරයන්න තීරනය කිරීමත් මේ නිර්මාන සැගවෙන්න හේතු වුනා.

      ඒකේ ප්‍රතිවිපාක හිමිවන්නේ ඔබවැනි නූතන පරපුරට. ඒ අයට දකින්න අමරදේවයන්, නන්දා මාලනී, වගේම කපුගේ සජීවි ප්‍රසංග පවත්වන්නට නැති වුණත් අපි ඒ සොදුරු අත්දැකීම් සජීවිව වින්දා. ඇත්තටම අපි ඒ අතින් පිංවන්තයි.

      එහෙම වුණත් ඒ රසයන් හඹා ගොස් විඳින්න සොයන්න තාම ප්‍රමාද නැහැ.


      සුදීක..
      අසූව දශකය වන විට මේ රටේ හැමදේම වෙන්වෙන්න ගන්නවා. රසවින්දනය මොට කරනවා. හොදම කලාකරුවන් අප හැර යනවා. මේ අදී නොයෙකුත් ක්‍රියා සිදුවෙනවා.ඒත් අපි මතකයේ රඳවාගත් රසයන් හඹාගොස් ඒවා අදටත් රසවිඳින්න පුරුදු වුනේ හැත්තෑව දශකය නිසා. එතකොට පරිගණක නෑ. කියවන්න අහන්න විඳින්න ඉඩ ඕනෙ තරම් තිබුනා.ගමහරහා දුවන්නෙ පැයකට හමාරකට එක බස් එකයි.ඒකත් ලංගම. හවස 5න්පස්සෙ වාහන නෑ පොල්අතු කරත්ත එකදිගට 25 -30 පේලියට යනදසුනක්ඇස ගැටෙනවා. මෙන්න මේක තමයි නියම විඳීම.

      ඒ අතීතයට තවම පෙම් කරන්නේ ඒ නිසා..

      Delete
  7. හැමදාමත් වගේ අදත් විරල වු තොරතුරු දැන ගතිමි.මෙහෙම හරි මේ ගීත අපට අසන්නට ලැබිම අපි ලැබු පිනක්.තවද ඔවුන් ගේ සැඟවුනු විස්තර වැදග ශාරීරයත් අමරණිය හඬත් දයානන්ද අයියි හරවත් ලෙස පෙළ ගස්වලා.ඔවුන්ව සිහිකිරිම උතුම් කරුණකි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ගයානි..

      මම හැම විටම උත්සාහ කරන්නෙ කලාකෘතිවල සැගවුන , දුර්ලබ තොරතුරු මතු කරන්න. ජනප්‍රය නිර්මානවලින් නිරන්ත බැහැර වෙන්නෙ ඒනිසා. ජනප්‍රිය නිර්මාන සහ නිර්මානකරුවන් ගැන නිරන්තයෙන් කවුරුත් කතාකරන නිසා එයින් ඔබ්බට ගොස් හිතන්න පුළුවන් යමක් දෙන්න උත්සාහ කරනවා.එවිට නිතුරු ඔබට හිතේවි මේ එකම තැන නේද ඉන්නෙ කියලා. ඒත් මේ අය පසුකරගෙන යන්න තවම මගේ හිත ශක්තිමත් නෑ.

      Delete
  8. මම හුගාක් ආස සින්දුවක් මෙතුමා ගයන,සනත් නන්දසිරි මහත්තයා ලියලා තියෙන සීතලේ නිසන්සලේ..සින්දුව.ඒක ඒ තරම් ලස්සන නැහැයි කියල හුගක් අය කියන්නෙ.ඒත් අනේ මන්දා මං අහේතුකව ඒ සින්දුවට බොහොම ආදරෙයි.

    ReplyDelete
    Replies
    1. වර්ෂා..

      විජයගේ ජනප්‍රිය මාවතේ හමුවන සිතලේ නිසංසලේ, සැරයටියෙන්, ආදී ගී ඔහුගේ රංගනය වගේම ජනප්‍රියයි.එක එක්කෙනා හිතන විදිය අනුව ගිතයේ රසය වෙනස් වෙනවා. ගිතයක පදමාලාව වගේම සංගිතයත් ගායනයත් යන කාරනා සියල්ලම හිතේ රඳවාගෙන වින්දාම තමයි ගිතය කෙරෙහි ඇල්මක් ඇතිවන්නේ.

      Delete
  9. නෑසෙන ගීත කීපයක් අසන්නට ඉඩසලසාදුන්නට ස්තුතියි. පහු ගිය අවුරුද්දෙ වගේම මේ අවුරුද්දෙත් ඔබ විජය ගැන සඳහන් කර ලියු ලිපිය පුදුම ආසාවකින් කියවුවා.

    ReplyDelete
    Replies
    1. ලොකුජෝන්..

      මම හැමදාමත්ම ගේන්නේ අලු‍තෙන් හිතන්න පුළවන් වන යමක්. විජය, ජෝ, කේමදාස, නන්දා, කපුගේ වගේ අය පසුකරගෙන ඉදිරියට යා යුතු වුවත් තවමත් මගේ හිත ශක්තිමත් නෑ වගේ.. ඒකයි මෙවැනි මිනිසුන් ගැන සිහිවෙන්නේ. ස්තූතියි

      Delete
  10. විජය මිය ගිය මොහොතේ අපි ඉස්කෝලෙ හිටියෙ.එකෙක් ඒ කතාව විශ්වාස කරන්න බෑ කියල ඇඬුන.

    හෝල්වල හවුස්ෆුල් උනා විජයගෙ ‍ෆිල්ම් දුවන්න ගත්තම...එක දිගට අපිත් බැලුව.

    ReplyDelete
    Replies
    1. එහෙනම් වීයාත් අපේ යුගයේ කෙනෙක්.

      Delete
    2. වීපොකුර..

      මට මතක හැටියට ඔහු මියගියේ සෙනසුරාදාවක වගේ. දවල් 1 ට හේ 1.15 ට විතර හදිසි ගුවන්විදුලි නිවේදනය මට ඇහුණා. ඒවන විට මම දැනගෙන හිටියේ යාන්තමය ඔහු ගායකයෙක් බව. හිත කීරිගැහුණ නිවේදනය තවමත් මගේ මනසේ දෝංකාර දෙනවා.

      සුදීක..

      මමත් ඔය ආසන්න කාලයේ තමයි.

      Delete
    3. ඔබ එහෙම කිව්වම...යන්තම් වගේ මතකයේ තියෙනව..පන්තිකාමරයේ නම් නෙවේ කියල ,හැබැයි ඉස්කෝලෙ ඇඳුමින් හිටියෙ..කුමක් හෝ හේතුවකට ඉස්කෝලෙට සහබාගී උනාද මන්ද..අමතර පන්තියකට වගේ..

      මට තාමත් මතකයි අඬපු යාලුවා ..දැන් ගුරුවරයෙක්.

      සුදීක ..... ඔව් අපි සම වයස්වල වෙන්ටෝන...!

      Delete
  11. මම නම් කැමතිම ගඟ අද්දර ගීතයට. එතුමා මිය යනකොට මමත් ඉපදිලා වත් නම් නෑ....

    ReplyDelete
    Replies
    1. උමංගනා..

      මෙවන් සැබෑ මිනිසකු සජීවිව දකින් නොලැබෙන එකත් දුකක් තමයි.

      Delete
  12. ගඟ අද්දර ගීතය සහ අලුගෝසුවනේ ගීතය තමා මම මෙතුමාගෙන් වැඩියෙන්ම ප්‍රිය කරන ගීත දෙක....

    මෙතරම් පෞර්ෂයක් තියෙන නලුවෙක් ඇත්තමයි මම අදටත් දැකල නැහැ....

    ReplyDelete
    Replies
    1. අග්නි..

      අන්ත දෙකක ගීත දෙකක්. එක් අන්තය ප්‍රේමය අනෙක් අන්තයේ අරගලය මේ අංශ දෙකම එක තැනකට ගේන්න මේ සොඳුරු මිනිසා කොතරම් මහන්සි වෙන්න ඇද්ද?

      Delete
  13. විජයගේ අනන්‍ය, අපූරු, විරල කටහඬට ප්‍රිය කරන්නෙක් මමත්.මේ ඔහුගේ ගීත ගැන මා ලියූ ලිපියක්.

    වළාකුළකින් මුවාකළ හිරු හෙවත්....විජය කුමාරතුංග නම් වූ ගායකයා....

    විජයගේ "වේදනා" කැසට් පටයේ ගීත මෙතනින් අහන්න පුළුවන්.

    http://sinhalamusicmart.blogspot.com/2010/06/vijaya-kumaratunga-wedana.html

    ReplyDelete
    Replies
    1. තපස්..

      විජයගේ වේදනා ගීඑකතුව මමත් සංරක්ෂණය කරගෙන ඉන්නේ...විජය ගැන ලියු ඔබේ සටහනත් අපූරුයි.මෙවන් මිනිසුන් කෙසේ මගහැර යන්නද

      Delete
  14. හැමෝම ආදරය කරන කලාකරුවෙක් නේ. මටනම් ඔහුගේ ජීවිතය ගැනවත් නිර්මාණ ගැනවත් වැඩි දැනුමක් නෑ. දැන් ඉතින් පරණ ෆිල්ම් එකක්වත් බලන්න අවස්ථාවක් නැහැනේ. ඒත් ගඟ අද්දර වගේ ගීත වලට ගොඩක්ම කැමතියි. මේ ගීත කවදාවත් අහල තිබුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. සයුරි..

      විජයගේ ගීවලින් ගිත අතලොස්සක් පමණයි මාධ්‍යවලින් ප්‍රචාරය කල හැකි පමනට තියෙන්නේ. ඒවා විතරයි ජනප්‍රිය වුනේ. විජයගේ ෆිල්ම් එකක් තිරයේ දකින විට සියලු වැඩ අමතක කර ඒක නැරඹිම මගේ පුරුද්දක්.

      Delete
  15. විජය කියන්නේ ලස්සන නලුවෙක් නේද? එයා ගී කියනවා අහලා නෑ. ඒ ටික අහලම කමෙන්ට් කරන්නම්...:)

    ReplyDelete
    Replies
    1. ගී කියනවා අහලා නෑ කිව්වහම පුදුම හිතුනා... විජයගේ ජනප්‍රිය සින්දු ටිකක් මෙන්න... මේවා යූටියුබ් එකෙත් ඇති.

      ගඟ අද්දර මා
      මිණි කිංකිණි හඬ පරදා
      සැරයටියෙන් අපි යනෙන තුරා
      පායා සීත රැයේ
      රැල්ලෙන් රැල්ලට

      Delete
    2. ඇත්තටමද...පොඩ්ඩි ඇහැව්වෙ..??? මට නම් පුදුමත් එක්ක.

      Delete
    3. ඇත්තටම විස්වාස කරන්නත් බෑ වගෙයි.මේ ලින්ක් එකේ සින්දු කීපයක් තියෙනවා,
      http://sinhala-lyrics.com/artist/57/vijaya-kumaranathunga-sinhala-songs-lyrics.html

      Delete
    4. සිංහල සිංදු වැඩිපුර ඇහෙන්නේ නෑනේ. ෆිල්ම්ස් බැලෙන්නෙත් නෑ. දැන් නම් ලස්සන ඒවා අහනවා . විජයගේ සිංදු දැන් කාලේ ඇහෙන්නේ නෑනේද?

      ලංකාවේ නැති හන්දානේ මේ ඔක්කොම.:(

      Delete
    5. පොඩ්ඩි..

      ඔබ වන් අය විදේශයක සිටිද්දී මෙවැනි සොදුරු මිනිසුන්ගේ අගය වැඩියෙන් දැනෙන එක අරුමයක් නෙවෙයි. විජයගේ ගී කො‍හොමටත් මාධ්‍යවලින් ප්‍රචාරය වෙනවා අඩුයි. ලංකාවෙ නෑ කියලා අධෛර්ය වෙන් එපා දැන් ලෝකය තනි යායක්.

      Delete
  16. එදත් අදත් මගේ ප්‍රියතම නළුව විජය.තාමත් ඔහුට තිබූ සුවිශේෂී ස්ථානය හිමි කර ගන්න කිසිම නලුවෙක්ට බැරි උනා . කිසිදා නොමියන නළුවෙක් . ඒ වගේ ඔහු ඉතාම උසස් මනුස්ස ගතිගුණ පිරි
    …උතුම් කෙනෙක් කියල අසා තියනවා . ඔහුගේ ගීත වලටත් ගොඩක් ප්‍රිය කරනවා . මේ සමහර ගීත
    …අසා තිබුනේ නෑ . බොහොම ස්තූතියි දයා ඔබට .

    ReplyDelete
    Replies
    1. ගිම්..

      මේ ගීත කොහෙන් අහන්නද? සමහර ජනප්‍රිය ගීත පවා නෑසෙන විට. විජය කියන්නේ සිනමාවේ කඩවසම් ප්‍රේමවන්තයානේ. ඔහු අදටත් එහෙමයි

      Delete
  17. දයානන්ද මල්ලී ඔබට බොහෝම ස්තූතියි මේ ආදරණීය සටහනට. ආයෙත් විජේ ව ජීවමාන කලා සේ මට හිතෙන්නෙ. මෙයින් නීලා සමඟ හා මාලිනී සමඟ දෙවෙනියට ගයන ගීය අසාතිබුනේ නෑ. හරිම ලස්සනයි ගීත දෙකම. විජේ කියන්නෙ අති දක්ෂ ගායකයෙක් කියල බොහෝ දෙනෙක් දන්නේ නෑ. ඔහු ගායන ක්ෂේත්‍රයට කල මෙහෙය නිහඩවම කල සේවයක් නිසා කාලයේ වැලි තලාවෙන් මැකිල ගිහින්. ඒ මෙහෙය මෙහෙම මතක් කරල අපිට දයාද කරනවාට බොහොම පිං.
    //මදෙස බලන් ඒ ගීයට ගීයක්
    ගයමින් සැනසෙන කුසුම මමයි//............

    ReplyDelete
    Replies
    1. චාන්දි..

      කේමදාස මාස්ටර් මේවා නිර්මානය කලේ සමහර විට ජනප්‍රිය වෙන්න හිතාගෙන නෙවෙයි. ඔහුට ඕනෑ වුනේ හැම වොයිස් එකකින්ම ප්‍රයෝජනයක් ගන්න. විජයගේ දක්ෂතාවය තේරුම් ගත්තේ මාස්ටර් පමණයි.මට අවශ්‍ය ඒ යටගියාව යලි මතුකර දෙන්න විතරයි.

      මදෙස බලන් ඒ ගීයට ගීයක්
      ගයමින් සැනසෙන කුසුම මමයි

      හැම ප්‍රේම ගියකටම වඩා මේ ගීයේ වෙනසක් මටත් දැනෙනවා

      Delete
  18. අවුරුදු 25 කට පස්සේ හරි අපිට ඇස් අරින්න අවස්ථාවක් දුන්නට ස්තුතියි.. මාත් ඔහු මෙතරම් ගීත සංඛ්‍යාවක් ගායනා කරපු බවක් හෝ කේමදාස මාස්ටර්ගේ ඇසුරෙන් නිර්මාණ බිහි කල බවත් අද තමා දන්නේ.

    ඒත් මම ඉස්කෝලේ යන කාලේ විජයගේ පිස්සු වැටිච්ච රසිකයෙක්.. මම 5 ඉන්දැද්දි විජයගේ ඇඩ්‍රස් එක හොයාගෙන මම බලපු චිත්‍රපටිත් එක්ක විස්තර කියල යවපු ලියුමට ඔහුගේම අත්අකුරින් කුඩා ලිපියක් මට එවා තිබුන. ඒක ඔහුගේම අත් අකුරු කියා මං කියන්නේ අත්සනත් එක්ක ඒ අකුරු ගැලපෙන හින්දයි. එදා මෙදා තුර මම කිසිම කලාකරුවෙකුට ලියුමක් යවලත් නෑ ලැබිලත් නැ.. හරිම සුන්දරයි ඒ ලිපිය මට තාමත්...

    ඔහු මානවහිත වාදි පුද්ගලයෙක් කියන එක ගැන කතා කිරීම අවසන් කල නොහැකි දෙයක් ලෙසයි මා නම් දකින්නේ.. අවංකව..

    ReplyDelete
    Replies
    1. දේශකයා..

      විජය නලුවෙක්, දේශපාලකයෙක් හැටියට බොහො දෙනෙක් ඔහු ගැන කතාකලාට ගායනය ගැන කිසිවකු කතාකරන්නෙ නෑ. ඒ නිසා ඔහුගෙ ගීත කාලයේ වැලිතලාවේ මැකී ගිහින්.

      විජය වැනි කෙනෙක් එක අකුරක් පියා එව්වත් ඒක කොයිතරම් සතුටක්ද?

      Delete
  19. ගීත 100-150ක් පමණ තියෙනවා කියල ඇහුවේ අද තමයි මම හිතන් හිටියේ ඔක්කොම ගීත තියෙන්නේ 5ත් 10ත් අතර කියල මේ පොස්ටුව ඉතාමත් වැදගත් ඔහුගේ දේශපාලන දිවිය ගැන නොදන්නා නමුත්. ඔහුගේ කළා දිවියට ඉමහත් සාධාරණයක් ඉටුකළ අද්විතීය පුද්ගලයෙකු බවනම් පැවසිය යුතුය.

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයා..

      විජයගේ ඒ ගිත ගණන තවත් වැඩිවෙන්න පුළුවන් ඉදිරියේදි. මොකද මේ සටහන ලිව්වට පස්සේ එක සංගිතඥයෙක් මට කිව්වා.ඔහු විජය වෙනුවෙන් හින්දී ගී තනු වලට ගැයූ කැසට් එකක් නිර්මානය කලා කියලා. ඒක විජය මුලුමනින්ම හින්දි අනුකාරක තනු වලින් ගැයු කැසට් එකක් බලමු ඒක ඉදිරියේදි මේවගේ අහන්න

      Delete
  20. මේ වගේ වටිනා ගීත කොහෙද තියාගෙන ඉන්නේ.හදිස්සියෙන්වත් නෑසු ගීතයක් ඇහුවොත් අනිවාර්යෙන්ම කිහිප සැරයක් අහන්න පුළුවන් විදියේ ගීත තියෙන්නේ."කවුළුව අතරින් සඳරැස් එනවා" මම ඒ ගීතය අහන්න ගත්තේ ලඟකදී ඉඳලා.

    ReplyDelete
    Replies
    1. අසරණයා..

      මේවා ගීතවලට ආදරය කරන රසිකයන් ළග සුරැකිව තියෙනවා. ඒත් ඒවා අහන අයන නැත්තේ. ලැබෙන වෙලාව ඔහුගේ අනෙක් ගීතත් අහලම බලන්න කොයිතරම් අපුරුද කියලා.

      Delete
  21. විජය කුමාරතුන්ගයන් සමුගනිද්දි මට මාස 2යි.. මං නම් මෙතුමන්ගේ ආසම ගඟ අද්දර සිංදුවටයි පාට සරුංගල් වාගේ සිංදුවටයි.. මේ දාලා තියෙන සිංදුනම් ඇහුවේ අදමයි මම..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්..

      එහෙනම් දිනේස් අතදරුවෙක්. මොනවා කරන්නද සොදුරු මිනිසුන් අප හැර යනවා. ඉතිරි ගීතත් අහලම බලන්න

      Delete
  22. නිවාඩු දවසේ හිමින් සැරේ ගීත ටික ඇහුවා. වෙනස්ම විදියක කටහඬක්. ගැඹුරුයි.

    දයා කියලා තියනවා වගේ, ගොඩක් ජනප්‍රිය ගායකයෝ හිටිය හන්දා ඔහුගේ හඬ ඉස්මතුවී පෙනෙන්ට නැතුව ඇති. ඒ වගේම ඔයා කියලා තියනවා වගේ දේශපාලන හේතුත් ඒකට බලපාන්ට ඇති.

    ඔහු දේශපාලනය නොකර කලාකාරයෙක් විදියට හිටියා නම්, සමහරවිට ජනප්‍රිය ගායකයෙකුත් වෙන්ට තිබුනා නේද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්... එහෙනම් ඔහුට අදටත් අප අතරේ ඉන්නට පවා ඉඩ තිබුණා. දේශපාලනය ජීවිත කොතරම් වෙනස් කරනවාද?

      Delete
    2. පොඩ්ඩි..
      විජය ගැයූ මේ ගී ජනප්‍රිය නොවූ ගිත. ඒත් අවස්ථාවක් ඇත්නම් ඔහුගේ ජනප්‍රි ගිත ටිකත් අහල අබලන්න ඒක සුන්දර අත්දැකිමක් වේවි.

      විජයගේ කාලය ඒකියන්නේ 70 දහකය වන විට ලංකාවේ කලාවේ සංස්කෘතියේ සශ්‍රිකම යුගය. තම තමන් තෝරාගත් මාවත්ඔස්සේ කලාව ප්‍රභාවත් වෙද්දි ඇතැම් විට විජය රංගන ශිල්පියෙකු ලෙස තමයි මතුව සිටියේ. ඒ නිසාම ඒ යුගය වන විට සංගිතයේ වෙනත් ශිල්පීන්ගේ ජනප්‍රියත්වය නිසා ඔහුගේ ගායනය සැගවුනා. එාවගේම දේශපාලන නිසා ඔහුගේ ගායනය සැගවුණා.

      හැම මිනිසෙකුගේම ජීවන මගෙහි "ටර්නින් පොයින්ට්" එකක් තියෙනවා. එතැනදි විජයගේ ගමන් මග වෙනස් වුණා.ඒත් අද ඔහු හිටියානම් වසය අවුරුදු 71 කි විතර කොතරම් අපූරුද.. ඇත්ත.. ඒත් අද ඒ සිනමාවේ යොවුන් ප්‍රේමවන්තයා වියපත් නො‍වී තවමත් ඒ යෞවනත්වයේම රසික හදවක්වල ලැගුම් ගෙන සිටිනවා.

      තොටියා..
      මේවන විට මේ රටේ හැම උගත් බුද්ධිමත් මිනිසකුගේම ඉරණම විසදෙන්නේ දේශපාලනයෙන්.



      Delete
  23. මේ ගීත මීට කලින් අසා තිබුනේ නෑ..අපූරු කටහඬක්..ගීත වල හඬ පාලනය එකිනෙකට වෙනස් තමා..කටහඬෙන් භාව ප්‍රකාශනය ගොඩක් ඉස්මතු කරන්න උත්සාහ කරලා තියනවා මම හිතන්නෙ..

    ස්තුතියි ඔබට බොහොමත්ම..

    ReplyDelete
    Replies
    1. රූ...කේමදාසයන් විජයගේ හඬ භාවිතයේදි ඔහුගේ ගීහඬ විවිධාකාරයෙන් භාවිතා කර ඇති අයුරු හෙලිවන්නේ විවිධ ගී තනු විවිධාකාරයෙන් ඔහුගෙන් ගායනවා කර ඇති නිසා. මසේටර් කොහොමත් හොඳ පර්යේෂකයෙක් නේ.

      Delete
  24. බොහොම ස්තූතියි දයා මේ විස්තර ගෙනාවට, මේච්චර විජය ගැන කියවලා තිබ්බ මමත් දැනගෙන හිටියේ නෑ රාං කුරුළු ගීතය හැර අනෙක් ඒවා. විජයගේ කටහඬ කලාතුරකින් පිහිටන වර්ගයේ කටහඬක් කියලා කේමදාස මාස්ටර් වරක් කියලා තිබ්බා.

    ඔහුගේ තහනමට ලක්වූ වේදනා කැසට් පටය අපේ තාත්තා කොහෙන් හරි හොයාගෙන මා ලඟ තිබ්බා. නමුත් දැන් නම් හොයාගන්න බැලුවා නෑ. මියුරු ගී වෙබ් අඩවියේ තියනවා මේ කැසට් පටයේ ගීත. දඟගෙයි දඬුවම් ගීතය විතරයි මෙයින් තරමක් හෝ ජනප්‍රිය උනේ.

    ReplyDelete
    Replies
    1. ඉහළ බලන් ගීතය නම් පුදුම විදිහට හිතට වැදුනා.... හරිම නිර්මාණාත්මක පද රචනයක්...

      Delete
    2. තිසර..

      මාස්ටර් තමන්ගෙ නිර්මානවලට ශිල්පින් යොදාගන්නේ ඔවුන් ගැන පූර්ව නිර්මාන තක්සේරුවක් ඇතිවයි.
      "වේදනා" කැසට් එක ජනප්‍රිය නොවුනේ හදවතට නොව බුද්ධියට ආමන්ත්‍රණය කල කැසට් එකක් නිසා.

      ඉහල බලන් ගිතය අත්තටම කලාතුරකින් විඳිය හැති ප්‍රේම ගීයක්.

      Delete
  25. ගම්පහට ආපු වෙලාවක මෙතුමාව පිළි අරගෙන තිබුනෙ මගේ සීයා...ඒ අවස්ථාවට කුඩා සිරාවත් ආච්චි අරගෙන ගිහින් තියෙනවා වඩාගෙන...සෙනග තෙරපෙන අතරතුර මගේ පංචායුදේටත් කවුරු හරි වැඩේ දීලා...

    මේ වගේ වටිනා මනුස්සයෙක් දැයට අහිමි කිරීම නම් සහගහන අපරාධයක්...

    ReplyDelete
    Replies
    1. @මේ වගේ වටිනා මනුස්සයෙක් දැයට අහිමි කිරීම නම් සහගහන අපරාධයක්...

      මේ වගේ මිනිස්සු තව කීදෙනෙක් අපිට නැති උනාද.........

      Delete
    2. සිරගෙ කාමරේ..

      විජය මතක් වෙන් කියලා ඒ හොරා ඔබේ පංචායුදය සොරකම් කරගන්න ඇති. මෙනැනි කලාකරුවන් සදාකාලිකව අපේ හදවත් වල ලැගුම් ගන්නේ ක්ෂණිකව ඔවුන් අපේ හදවත්වල ලැගුම්ගෙන ඇති නිසා.

      කැලුම්78..

      මෙවන් සොදුරු කලාකරුවන් සදාකාලිකයි. ඒ ඔවුන් අපේ හදවත්වල නොනිදා සිටින නිසා.

      Delete
  26. මම ගොඩක් කැමති නළුවෙක් වගේම ගායකයෙක්..අපරාදේ..දේශපාලනයක් හින්ද මේවගේ සුපිරි මනුස්සයෙක් නැතිවෙලා . ගියානේ

    ReplyDelete
    Replies
    1. පැතුම්..

      ජීවිතය රට වෙනුවෙන් කලාව වෙනුවෙන් කැප කර තියෙන නිසා ඔහු සදාකාලිකවම අප අතර හිඳිවි.

      Delete
  27. සොඳුරු මිනිසෙකුගේ නෑසෙන ගීත වල වටින සටහනක්..
    ඇත්තටම මේ ගීත එකක්වත් අහලා නැහැ. "කවුළුව අතරින්" ගීතයත් මගේ තාත්තා කිව්වයින් පස්සෙ හොයාගෙන අහන්නගත්තා.. කොයිතරම් සැඟවුණ ලස්සන ගීත තියෙනවද අපිට නොඇසෙන..
    තුති මේ වටින සටහනට..!

    ReplyDelete
    Replies
    1. නන්දු..

      සාගරයක් වගේ ගී ධාරාවකින් මම ගන්නේ අල්පෙනිත්තක් තරම් කුඩා අංශුමාත්‍රයක් පමනයි. ඉතින් ඒ වගේ ගිත මේ නූතන රසිකත්වයට අහිමි වෙන එක ඇත්තටම දුකක්.

      Delete
  28. විජයගේ ගැඹුරු කටහඬ නිසාම ගීත වලට අමුතුම රසයක් ලැබෙනවා. මමත් ඊට ගොඩාක් කැමතියි. ඒ වගේ මනරම් විදියට ගයන්න හැකි ගැඹුරු කටහඬක් කෙනෙක්ට කලාතුරකින් උරුම වෙන දෙයක්. අයියා අද දාපු සමහර ගීත කලින් අහලා තිබුණේ නෑ. මම කලක ඉඳන් පෙරුම්පුරන් ඉන්නවා ගඟ අද්ද්ර චිත්‍රපටිය නරඹන්න. ඒත් තවම බැරිවුණා.

    ReplyDelete
    Replies
    1. තොටියා..

      ගග අද්දර ෆිල්ම් එක කීපවතාවක් වුනත් නැවත නැවත බලන්න පුළුවන් ෆිල්ම් එකක්.පුලුවන්නම් හොයාගෙන බලන්න.

      Delete
  29. අද තමා මේ පැත්තට ආවේ.

    ලස්සන වගේ ම, වටිනා සටහනක්. මම කැමති ඔහුගේ ඒ ගැඹුරු කටහඬට යි. මේ ගීත ගැන කවදාවත් දැනගෙන හිටියේ නෑ. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ගිහාන්..
      අස්වැන්නට පැමිණි ඔබ සහෝදරත්වයේ දෑත් දිගුකර පිලිගන්නවා..ස්තූතියි සටහනක් තබා ගියාට.

      Delete
  30. ඔක්කොම කමෙන්ට් කියවා අවසන් නොකරයි මේ ලියන්නේ. විජයගේ බොහෝ දෙනා නොදන්නා තවත් පැත්තක් තියෙනවා, ඒ තමයි ඔහු තුල ජීවත් වූ උදාර මානව හිතවාදියා. මා අසා තිබෙනවා ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වල ඔහු විසින් නඩත්තු කල පවුල් රාශියක් සිටි බවට. ඔහු මිනිසුන් අතර ජනප්‍රිය වුයේ සිනමාව, ගීතය, දේශපාලනය කියන කාරණා තුනෙන් පමණක් නොවෙයි. ඉහත කී මානව හිතවාදී භාවය ඔහු ඉහලින් ඔසවා තැබුණා.

    මම විශ්වාස කරන එක සත්‍යයක් තිබෙනවා. ඕනෑම කෙනෙකුගේ ස්වර්ණමය යුගයක් තිබෙන බව. ඒ කාලයට ඔවුන් දිදුලනවා. නැත්නම් මේතර මධුර හඬක් තිබිලත් ඔහුට අවස්තාවක් දෙන්න කව්රුත් ඉදිරිපත් නොවුනේ ඇයි කියන ගැටලුව ඔබට මෙන් මටත් සිතුන වාර අනන්තයි. එත් අර කියූ ස්වර්ණමය යුගය ආ විට තමයි කෙනෙක් බැබලෙන්නේ. අපේ දේශපාලන ඉතිහාසය ඒ ගැන මොනවට සාක්ෂි සපයනවා. අනෙක ඒ කාලයේ සංගීත ලෝකයට පිවිසෙන්න අද වගේ ඕනෑම කෙනෙකු ඉදිරිපත් වන්නේ නෑ. නැතිනම් ජෝතිගේ සංගීත දිවියද මෙතරම් අලංකාර වන්නේ නැති වන්නට ඉඩ තිබුනා.

    ඔහු මරා දැමෙන මොහොතේ අපි හිටියේ උසස්පෙළ අදාරක පන්තියක. අපි පන්තියට සහභාගී නොවී එදා කළුතර වෙරළට වී රස්තියාදු වී ගෙදර කලින්ම ගියා.

    අවසානයේ මා මෙසේ පවසන්නම් ගාමිණි, ජෝ වැනි යෝධ සිනමා චරිත වෙලා හෙවනැල්ලට වී සිටි නිසා ඔහු නළුවකු ලෙස නියම යුගයේ රජ වුයේ නෑ, ජෝති, මිල්ටන් වැනි ගායන යෝධයන් නිසා ඔහුගේ හඬ මතු වුයේ නෑ, කොබ්බෑකඩුව, ඔසී වැනි දේශපාලන චරිත නිසා ඔහු දේශපාලන නායකයකු වුයේ නෑ. ඔහු හැමදාම හිටියේ දෙවෙනි පේලියේ. එහෙත් මානව හිතවාදියකු ලෙස ඔහු කිසිදු පෘතග්ජන ශ්‍රී ලාංකිකයකුට දෙවෙනි වුයේ නෑ.

    ReplyDelete
    Replies
    1. සුදීක..

      විජය, ජෝති, කපුගේ.. ලංකේය කලාව තුළ සැබැවින්ම මානව හිතවාදි ශ්‍රේෂ්ඨයන්. ආයේ ඒකෙ දෙකක් නෑ. මමත් ගෞරව කරන්නේ ඔවුන් සතුව තිබූ ඒ අව්‍යජ ගුණයටයි.

      මම මෙහිදි උත්සාහ කලේ විජයගේ ගායනය පමණක් කේන්දු කරගන්න. මොකද අනෙක් ඉසව් ගැන සටහන් කළානම් ඒක දිග සටහනක් වෙනවා. ඒ නිසා මේ සටහන ලියද්දි මම වාරණයක් හදාගත්තා.



      Delete
    2. සුදීක..

      කියන්න අමතක වුණා.. මේ අඩුව සම්පූර්න කල සටහනක් එකතු කිරිම ගැන ඔබට බෙහෙවින්ම ස්තූතියි

      Delete
  31. විජයගෙ ගියක් හොය හොය ඉන්න අතරෙදියි මේ ලිපිය දැක්කෙ.හරියට වචන මතක නැති උනත් ගියෙන් කියන්නේ හැමදාම උදේට දකින්න ඔයා එන්න කියලා.

    හැම හිමිදිරියෙම දැක ගන්න

    එතකොට කෙල්ල කියනව බෑ කියලා. අනේ අයියේ ඒ සින්දු තියෙ ද...

    ReplyDelete
    Replies
    1. සොදු සිත..

      මම ටිකක් හොයල බලන්නම් මගේ ගිත එකතුව අතරේ ඇතැමි විට ඔය ගිතය තිබෙන්න පුලුවන්.ලැබුනොත් එවන් නම්

      Delete
  32. මට මතක විදිහට මම ගෙදර පුංචිම පුංචි ළමයෙක් අවුරුදු 4ක වගේ විජය මැරුණ පුවත ගෙදර අය කතාවෙනකොට. අපේ අක්ක ලොකු පෝස්ටරයක් වගේ විජය පොටෝ එකක් සාලයෙ මැද්දෙම ගැහුව. අම්මත් හරිම ආසයි.

    පස්සෙ පස්සෙ මම ලොකුවෙනකොට මම ඒ පුද්ගලය ගැන ඉගෙන ගත්තා. කලාව දේශපාලනය හැම දෙයක්ම. අදත් එදා වගේම මිනිසුන් මේ අසහාය නලුවට ආදරය කරන්නෙ එතුමාගෙ මේ අපූරුව පෞරෂවයට වෙන්න ඇති.

    හැබැයි එතුමගෙ ප්‍රචාරය නොකරපු චිත්‍රපටි එහෙම බිරඳගෙ අවසරය නැති නිසා තියෙනව කියනවත් නේද..

    කොහොම වුනත් වෙනද වගේම අදත් නොදන්න යමක් ඉගෙන ගන්න දෙයක් දුන්න අස්වැන්නෙන්. මෙතුමගෙ ගීත කිහිපයක්ම මම වගේම අපි බස් රේඩියෝ එකේ නම් ප්‍රචාරය කරනව. ඒ අපි සුබාවිත ගීතය වැළලී යන්න නොදෙන එක එක අරමුණක් නිසාම.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...