විශිෂ්ටයන්ගේ රූ පෙළක් පැන්සල් තුඩින්.....
අස්වැන්න
කවිය, ගීතය, සිනමාව, සහ සංගීතය සම්බන්ධයෙන් සටහන් වුවත්, චිත්‍ර කලාව, ඡායාරුප
ශිල්පය පිළිබඳවත් කැමැත්තක් දක්වන ක්ෂේත්‍රයන්. ඒ විෂය ක්ෂේත්‍ර ගැන ගැඹුරින්
ලියන්න තරම් විෂය දැනුමක් නැති නිසා ඒ ගැන
මා අතින් ලියවෙන්නෙ නැති තරම්. ඒත් චිත්‍ර කලාව, ඡායාරූප ශිල්පය වැනි
ක්ෂේත්‍ර පිළිබඳවත් යමක් ඉඳහිට හෝ සටහන් කරන්න ඉඩක් ලැබෙන මොහොතක ඒ වෙනුවෙන්
සටහනක් ලියන්න පසුබට වෙන්නෙ නෑ. ඒ නිසා චිත්‍ර කලාව පිළිබඳ පුංචි සටහනක් තියන්න
අවස්ථාවක් ලැබිල තියෙනවා. ඒ නිසා මම කල්පනා කළා ඒ ගැන සටහනක් තියන්න. ඉදිරියේදී පැවැත්විමට නියමිත සුවිශේෂ කලාකරුවකු
චිත්‍ර ශිල්පියකුගේ චිත්‍ර ප්‍රදර්ශනයක් පිළිබඳව සටහනකි මේ.
සමාජ
ජාලයක් ලෙස Face book භාවිතා කරන හිතමිතුරු බොහෝ
පිරිසක් නිරන්තරයෙන් දකින, Face
book ජාලයේ හුවමාරුවන මේ කලාකරුවා විසින් අඳින ලද චිත්‍ර Face book භාවිතා කරන ඔබත් අහම්බෙන්
හෝ දැකල ඇති. චිත්‍ර ශිල්පියා නමින් වසන්ත සනත්. ඔහු සිය අපූරු සිතුවම් එකතුවක් සමග “මගේ පැන්සල“ චිත්‍ර
ප්‍රදර්ශනයට මේ වන විට සූදානම් වෙමින් ඉන්නවා.
| වසන්ත සනත් |
පාසල් සමයෙන්
පසුව පුවත්පත් පිටු සැළසුම් ශිල්පියකු, වෙළඳ ප්‍රචාරණ චිත්‍ර සැළසුම්කරුවකු සහ ජීව
සොබා චිත්‍ර ශිල්පියකු ලෙස කලා ක්ෂේත්‍රෙය්
වසර තිහක පමණ අත්දැකීම් සහ පළපුරුද්දක් ලබා ඇති වසන්ත සනත් චිත්‍ර ශිල්පයේ
නිපුණයෙකි. ඔහු විසින් ඉදිරියේදී පැවැත්විමට නියමිත “මගේ පැන්සල“ චිත්‍ර ප්‍රදර්ශනය සෞන්දර්යාත්මක දිවියේ සිය
අත්දැකීම් සිතුවමකට මුසුවන දුලබ
අවස්ථාවකි.
වසන්ත සනත්
කලක සිට බොහෝ කලාකරුවන්ගේ උපන් දිනය හෝ ගුණ සමරු දිනයක් යෙදෙන අවස්ථාවක පැන්සලෙන්
ඇඳි කලු සුදු සිතුවමක් ඒ කලාකරුවාගේ හෝ කලාකාරියගේ පිංතූරයක් Face book මගින් සමාජයට එකතු කළේ විනෝදාංශයක් ලෙසිනි. ඒත් ප්‍රදර්ශනයක් පැවැත්විමට තරම් උනන්දුවක් වසන්ත
සනත් තුළ නොතිබුණි. වසන්ත විසින් ඇඳ Face
book වෙත යොමු කළ ඒ සිතුවම් දුටු ඇතැම් කලාකරුවෝ තමන්ගේ Face
book ගිණුමේ ඡායාරූපය ලෙස වසන්තගේ ඒ චිත්‍රයක් යොදා ගත්හ. එසේ වුවත් වසන්ත සනත්ගේ මේ පැන්සල් චිත්‍ර කලාව
දුටු කලා ක්ෂේත්‍රෙය් විවිධ ඉසව් නියෝජනය කරන සහෘද පිරිසක් ප්‍රදර්ශනයක් පැවැත්විම
දක්වා ඔහු උනන්දු කළහ.
ඒ අනුව
වසන්ත සනත්ගේ හස්තලේඛ චිත්‍ර ප්‍රදර්ශනය “මගේ පැන්සල“ අගෝස්තු මස 23, 24, සහ 25 වන
දා කොළඹ 07, මහජන පුස්තකාල ප්‍රදර්ශනාගාරයේදී පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර
ඇති බව පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදි.
වසන්තගේ
“මගේ පැන්සල“ චිත්‍ර ප්‍රදර්ශනයට සමගාමිව
ඔහු විසින් පැන්සලෙන් අඳි ලද චිත්‍ර රැගත්
“මගේ පැන්සල“ කෘතියද එදිනට දොරට වැඩිමට නියමිතය. කොළඹදී පැවැත්වෙන මෙම චිත්‍ර
ප්‍රදර්ශනයෙන් පසුව මෙය කුරුණෑගල සහ මහනුවර නගරයේදීද පැවැත්විමට වසන්ත සනත්ගේ
මිතුරු සංසදය සූදානමින් සිටී.
වසන්ත
සනත්ගේ “මගේ පැන්සල“ ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනයට සහයෝගීතා දායකත්වය ලබාදෙන්නේ
සංගිතවේදී ආචාර්ය දයාරත්න රණතුංග, ප්‍රේම් දිසානායක, ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ
තේනුවර, සිනමාවේදී සුනිල් අරුණ වීරසිරි, ප්‍රවීණ ශබ්ද පරිපාලක ලයනල් ගුණරත්න, ප්‍රවිණ
ගුවන්විදුලි නිවේදක විපුල් ධර්මප්‍රිය ජයසේකර, මාධ්‍යව්දී යාපා බණ්ඩාර සෙනෙවිරත්න,
ඩොනල්ඩ් මැක්ස්වත් සහ පූර්වාරාම මිතුරු සංසදය විසිනි.
ලංකාවේ
ජනප්‍රිය සිනමා හා ටෙලිනාට්‍ය ශිල්පීන්, ගීතරචකයන්, සංගීතවේදීන් ගායක
ගායිකාවන් සහ විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරන ජනමාධ්‍යව්දීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි
සෞන්දර්යවාදී බොහෝ පිරිසක් පිරිවරා
අගෝස්තු මස 23, 24, සහ 25 වන දිනවල උදේ 9.00 සිය සවස 6.00 දක්වා කොළඹ
07, මහජන පුස්තකාල ප්‍රදර්ශනාගාරයේදී පැවැත්වෙන “මගේ පැන්සල“ චිත්‍ර ප්‍රදර්ශනය
දකින්නට, විඳින්නට කලාකාමි සියලු රසික රසිකාවියන්ට චිත්‍ර ශිල්පී වසන්ත සනත්
ඇරැයුම් කර සිටී.
ඒ නිසා ඉඩක්
ඇත්නම් ඔබත් එන්න, ඇවිත් ඔබම සියැසින්ම විඳ
දැක බලාගන්න වසන්ත සනත්ගේ “මගේ පැන්සල“ එය මගේ නොව ඔබේ පැන්සල බව ඔබටම
වැටහේවි.
වසන්ත
සනත්ගේ මගේ පැන්සල සිතුවම් කිපයක් මතු දැක්වේ.