ජෝතිපාල නැවත කියවමු ......... 09 වන කොටස
සිංහල චිත්‍රපට ගීත
සංස්කෘතියේ එච්.ආර්.ජෝතිපාල සතුවූ භූමිකාව කෙබඳු එකක් දැයි ඔහුගේ චිත්‍රපට
ගීතාවලිය ඔස්සේ මේ තකාබහ ඇරඹුවේ මීට වසර එකහමාරකට ආසන්න කාලයකට පෙරය. එසේ වුවත්
එකී කතාබහෙන් අන්තිමට නතර වූ තැනින් මාස 10කට පමණ පසු යළිත් ඒ කතාව ආරම්භ කරන්නට සිතුනි. ඒ මෙවැනි
සටහනක් එක දිගට ලියනවාට වඩා කඩින් කඩ ලිවිමත් එක් ආකාරයක ඒකාකාරී බවින් මිදීමට
සුදුසු බව හැගුණ හෙයිනි. ඒ නිසා විටින්
විට කල් දමා තිබූ ඒ මියුරු සංගීතමය කතාබහ යළිත් කොටස් කිපයක් මගින් එදා සිනමාවේ රසාලිප්ත චිත්‍රපට ගීත ඔස්සේ අරඹමි.
70 දශකයේ සිංහල චිත්‍රපට
නාමාවලිය බෙහෙවින්ම පිරී තිබුණේ කලු සුදු වාණිජ
එහෙත් වාණිජත්වය තුළද කාලාත්මකව සිනමා
නිර්මාණයන් ය. ඒ දශකය තුළ සම්භාව්‍ය සිනමා කෘතිද අඩුවැඩි වශයෙන් දක්නට ලැබුණි. විශේෂයෙන්ම
එදා ඒ වාණිජ චිත්‍රපට ඉන්දියානු හින්දි සහ දෙමල චිත්‍රපට ඔස්සේ යමින් හින්දි
සිනමාවේ සහ දමිල සිනමාවේ ජනප්‍රිය ගී තනු කොපි කරමින් කලාත්මක වාණිජ සිනමාව
ගොඩනැගී තිබුණි.
ඒ නිසාම එදා තැනූ චිත්‍රපටවල
වීරයාගේ චරිතයටත් දුෂ්ටයාගේ චරිතයටත් ජෝති
ගීයෙන් දායක වෙද්දී ඔහුගේ ගායන භූමිකාවේ හඬ
පෞරුෂය ඒ හැම සිනමා කෘතියක් පුරාම විහිදී තිබුණ බව පැහැදිළි වන්නේ ඒ චිත්‍රපට නාමාවලිය පිරික්සන විට ය.
ඒ දශකයේ වාණිජ චිත්‍රපට සංස්කෘතියේ
දැවැන්තයන් වූ ලෙනින් මොරායස්, නීල්
රූපසිංහ, ජෝ දේව් ආනන්ද්, රොබින් තම්පෝ වැනි
අය සිනමා කර්මාන්තයේ පෙරමුණේ සිටි අතර කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා
, තිමති වීරරත්න, කිංස්ලි රාජපක්ෂ වැනි අය කලාත්මක වාණිජ චිත්‍රපට කලාව තුළ යම්
පමණක කලාත්මක සිනමාව නියෝජනය කරමින් ඒ
ඔස්සේ සිනමාවේ වාණිජ රැල්ල ගොඩනගමින් සිටියහ.
වාණිජ චිත්‍රපටවල චිත්‍රපට
පසුබිම් සංගිතයෙන් පී.එල්.ඒ. සෝමපාල, ටී.ඒ. ලතීෆ්, එම්.කේ. රොක්සාමි, මොහමඩ්
සාලි, ආර්. මුත්තුසාමි වැනි සංගීතඥයෝ ජනප්‍රිය
හින්දි සහ දමිල ගී වලට ලාංකේය ජවය ලබා දෙමින් ඒවා ලාංකික නිර්මාණ බවට තහවුරු වන
තැනට නිර්මාණ කරණයේ නියැලුණහ.
එසේ වුවත් කේමදාස -
කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා සුසංයෝගය ඒ වන විටත් සිංහල සිනමාව තුළ ගොඩනැගෙමින් තිබුණි. කේ.ඒ.ඩබ්ලිව්.ගේ චිත්‍රපට මුලුමනින්ම
සංගිතවත් කළේ කේමදාස මාස්ටර් විසිනි. ඇතැම් විට එය එදා කලාත්මක වාණිජ සිනමාවේ
අලුත් අත්හදා බැලිමක් වන්නට ඇත. කේ.ඒ.ඩබ්ලිව්.ගේ සීයේ නෝට්ටුව චිත්‍රපටය සඳහා
කේමදාසයන් නන්දා මාලනියට දේදුනු පායා පාට වැටෙනවා ගිතය
හද්දී ඊට හාත්පස වෙනස් වූ “හද උමං තනා ගැඹුරින් ගැඹුරේ” ගිතය ජෝතිපාලට නිර්මාණය
කළේය. ඔගස්ටස් විනයාගරත්නම්ගේ ඒ දුර්වල පදමාලාවට කේමදාසයන් ජනප්‍රිය සංගීතයේ නව මුහුණුවර
ලබාදී තිබුණි. ඒත් එය එතරම් ජනප්‍රිය නොවුණි.
1972 වර්ෂය වන විට ජෝති චිත්‍රපට
පසුබිම් ගායනයේ හිනිපෙත්තට ළංවෙමින් සිටියේය. ඒ වසරේ තිරගත වූ ලෙනින් මොරායස්ගේ
“එදත් සූරයා අදත් සූරයා” චිත්‍රපටය ඊට හොඳ නිදසුනකි. ඒ චිත්‍රපටයේ සංගීතය හා ගී
තනු එම්.කේ. රොක්සාමි මාස්ටර්ගේ ය. රොක්සාමි මාස්ටර් ඒ චිත්‍රපටයට ගීත 07 ක්
නිර්මාණය කළ අතර ඒ ගිත 07ම අදටත් ජනප්‍රිය
ගීත ය. ඒ ගීතවලින් 03 ක්ම ගැයුවේ ජෝතිපාල
විසිනි. ඒ ගීත අතර සුදුපාට මීදුම් ගලාලා - ජෝති/ ඇන්ජලින්, කොයි යන්නේ බඳ ලෙළවා -
ජෝති/ ඇන්ජලින්, ආදරයෙන් මත්වීලා-
ජෝතිපාල, මේ ගීත ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. ඒවායේ රස භාවයන් අදටත්
වලංගුය. මතු දැක්වෙන ගීය ඒ “එදත් සූරයා අදත් සූරයා” චිත්‍රපට ජවනිකා නැවත නැවතත්
සිහි ගැන්විමට කදිම නිදසුනකි.
සුදුපාට මීදුම්
ගලාලා - අර පේන කන්දේ වෙලීලා
මදහාසෙ පෙන්වා
බැඳීලා - දෙදෙනාට රහසේ කියාදේ
ආදරේ...........
ආදරේ.......
නීල ඔබෙ දෑස
යහනාව සුවදේ
දෙන්න සැතපෙන්න
ඉඩදෙන්න නිබඳේ
එන්න දොර මෙන්න
හැර දෙන්න මහදේ
ඔන්න පිවිසෙන්න
සැනසෙන්න සුහදේ
ඔන්න පිවිසෙන්න
සැනසෙන්න සුහදේ
ඈත දිය ඇල්ල පිස
ආව සුළඟයි
එන්න අත ගන්න ළං
වෙන්න සිසිලයි
සීත දුරුවන්නෙ අද
වාගෙ රැයකයි
සීන එළිවන්නෙ හෙට
ආයෙ හිරුටයි
සීන එළිවන්නෙ හෙට
ආයෙ හිරුටයි
ගී පද මාලාව:
කරුණාරත්න අබේසේකර
සංගිතය: එම්.කේ.
රොක්සාමි
ගැයුම: එච්. ආර්.
ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක
ඒ අයුරින්ම 1972 වසරේ තිරගත
වූ ජෝ දේව් ආනන්ද් ගේ “සුජීවා” චිත්‍රපටයටද ජෝතිපාල ගැයූ ගීත දෙකක්ම ඇතුළත් කර
තිබුණි. ඒ යුගයේ නිෂ්පාදනය වූ බොහෝ චිත්‍රපටවල සංගීතය හා ගී තනු නිර්මාණය සඳහා
සංගීතඥයින් දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් සහභාගී වී තිබේ. සුජීවා චිත්‍රපටයද එවැනි
චිත්‍රපටයකි. එම චිත්‍රපටයේ සංගීතය ටී.එෆ්. ලතීෆ් විසින් නිර්මාණය කර තිබු අතර ගීතනු
නිර්මාණය කර තිබුනේ ගලගදර එම්.එම්.ඒ. හක්
විසිනි. හක්ගේ ගි තනු ස්වතතන්ත්‍ර නිර්මාණ බව බොහෝ විචාරකයන්ගේ පිළිගැනිමයි. ඒ අතර
ජෝතිපාල ගැයූ චන්දන ඇල්ලෙන් නාලා ගීතයත් , ජෝතිපාල - ඇන්ජලින් ගැයූ “නුපුරුදු හැගුමකි” ගීතයත්
ජෝතිමත් ගීත අතර රැඳී ඇත.

චන්දන ඇල්ලෙන්
නාලා - අංජන මල් මී ගාලා
හැංගුණ බමරා ආවා
- ලස්සන රහසක් කීවා
මලට මුවා වී
ඉන්නේ - මල්පෙති යට සැඟවෙන්නේ
හදකට තුරුළුව ඉන්නේ - ලෝකය නෑ එය දන්නේ
දහසක් නෙත් යොමු
වන්නේ - එනමුත් නෑ හඳුනන්නේ
ඇසි පිය යට
සැගවෙන්නේ - සිහින ලොවේ හමුවන්නේ
එක කුසුමකි
පිබිදෙන්නේ - එක වන බමරෙකි ඉන්නේ
දෙබරුන් සේනා නොඑන්නේ - වෙනසක් නෑ සිදුවන්නේ
ගීපදමාලාව:
ධර්මසිරි ගමගේ
සංගිතය: ටී.එෆ්.
ලතීෆ්
ගී තනු : ගලගෙදර
එම්.එම්.ඒ.හක්
ගැයුම:
එච්.ආර්.ජෝතිපාල
අද මෙහෙමයි චිත්‍රපටය තිරගත
වූයේද 1972 වර්ෂයේදි ම ය. එයද ජෝතිමත් ගීතවලින් රැව් දුන් චිත්‍රපටයකි. රොබින්
තම්පෝගේ අද මෙහෙමයි චිත්‍රපටයේද සංගිතය නිර්මානය කර තිබුණේ අධ්‍යක්ෂවරු දෙදෙනෙකු
අතිනි. පී.එල්.ඒ සෝමපාල සහ ආර්. මුත්තුසාමි ඒ සංගීත අධ්‍යක්ෂවරුන් දෙදෙනා ය. චිත්‍රපටයට
ගීත 05 ක් ඇතුළත්ව තිබු අතර ඒ සියලු ගීත රචනා කරුණාරත්න අබේසේකරයන් විසින් ලියා
තිබුණි. ඒ අතරින් එක් ගිතයක් පමණක් ජෝතිපාල විසින් අද මෙහෙමයි චිත්‍රපටයට ගයා
තිබුණි. ඒ මේ ගීතයයි.ගීතය හින්දි තනුවකි.
ජීවිතේ තරුණ කාලේ
- එක සේ නොරැඳේ
සොයමී සැම වේලේ -
සිතු දේ පැතු දේ
ආදර රසේ සිතුදේ
ලබන ලෙසේ
බමරා බමන සේ යමි
මං නිදහසේ
සතුටයි දුකයි එක
සේ දැනේ
අනන්ත සුන්දර
දිවි මල් උයනේ
රෑ ගණදුරේ දිලෙනා
පහන සේ
බාධා මැද මෙසේ
බලමි ලොව රසේ
අහසයි බිමයි
නිවසයි මගේ
හෙටක් කෙරේ නෑ
විශ්වාසේ
දාවල රැයේ වෙනසක්
මට නැතේ
ඔබගේ මඳහසේ ඇතිවී
නැති වෙතේ
උන්නු ගමන් යන්න
යතේ
මිනිස්සු මෙලෙසයි
මේ ලෝකේ
ගීපදමාලාව:
කරුණාරත්න අබේසේකර
ගී තනු: ආර්.
මුත්තු සාමි
සංගිතය:
පී.එල්.ඒ.සෝමපාල
ගැයුම:
එච්.ආර්.ජෝතිපාල
ඒ අයුරින් හින්දි සහ දමිල ගී
තනුවලටත්, ස්වතන්ත්‍ර ගී තනුවලටත් සරල
බසින් ගී ගැයු ජෝතිපාලගේ චිත්‍රපට ගීත ඒ වාණිජ චිත්‍රපටවලට පෙම් බැඳි රසිකයෝ
ඇතැම්විට ගී රස විදින්නට පමණක් චිත්‍රපට නැරඹූහ. එදා ඔවුන් චිත්‍රපට නරඹා සිනාශාලාවලින් එලියට පැමිණියේ සිනමාහල්වල ශත 25 ට ශත 50 ට විකිණූ චිත්‍රපට ගීත
පොත් ද රැගෙනය.
ජෝතිපාලගේ චිත්‍රපට ගීතාවලිය
එසේ සරල බසින් හැඩ ගැසෙද්දී කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා සිංහල චිත්‍රපට කලාව තුළ වාණිජ
චිත්‍රපට වලට නව මුහුණුවරක් දෙමින් සිටියේය. ඔහු නිර්මාණය කළ 1972 දී තිරගත වූ
ලොකුම හිනාව චිත්‍රපටයද කේමදාස මාස්ටර්ගේ සංගීතයෙන් හැඩගැන්වීය. ලොකුම හිනාව චිත්‍රපටය
වෙනුවෙන් කේමදාස මාස්ටර්ගේ සංගීතයට ජෝතිපාල ගීත දෙකක් ගැයුවේ ය. ආකාස කඩන් ඉරහඳ පෙරලන්-
කරුණාරත්න අබේසේකර, කැකුළු මලක පෙති- ප්‍රේමකීර්ති ද අල්විස් ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක, ගීත දෙක ජෝති ගැයූ ස්වතන්ත්‍ර ගීත නිර්මාණයන්ය.
එය කේමදාස මාස්ටර්ගේ වාණිජ චිත්‍රපට සංගීතයේ තවත් වෑයමකි. එසේ වුවද ඒ ගීතවලට එතෙක් ජෝතිපාල ගැයූ හින්දි ගි තනු අභිබවා යාමට හැකියාවක්
නොලැබුණි. එසේ වුවත් ඒවා යම් ප්‍රමාණයකට ජනප්‍රිය ගීත බවට පත්ව තිබුණත් බොහෝ ප්‍රේක්ෂකයෝ
ඒවා ස්වතන්ත්‍ර නිර්මාණ බව නොදත්හ. ඔවුන්ට ඒවා ස්වත්නත්‍ර ගීතද එසේත් නැත්නම්
හින්දි හෝ දමිල අනුකාරක ගීත ද යන්න වැදගත් නොවූයේ ජෝතිපාලගේ හඬ පෞරුෂය ඒ වන විටත් රසිකයන්ගේ
ගී හඬ බවට පත්ව තිබුණ හෙයිනි.෴
තවත් කොටසක්
ඉදිරියට............................................