ජෝතිපාල නැවත කියවමු ......... 09 වන කොටස
සිංහල චිත්‍රපට ගීත
සංස්කෘතියේ එච්.ආර්.ජෝතිපාල සතුවූ භූමිකාව කෙබඳු එකක් දැයි ඔහුගේ චිත්‍රපට
ගීතාවලිය ඔස්සේ මේ තකාබහ ඇරඹුවේ මීට වසර එකහමාරකට ආසන්න කාලයකට පෙරය. එසේ වුවත්
එකී කතාබහෙන් අන්තිමට නතර වූ තැනින් මාස 10කට පමණ පසු යළිත් ඒ කතාව ආරම්භ කරන්නට සිතුනි. ඒ මෙවැනි
සටහනක් එක දිගට ලියනවාට වඩා කඩින් කඩ ලිවිමත් එක් ආකාරයක ඒකාකාරී බවින් මිදීමට
සුදුසු බව හැගුණ හෙයිනි. ඒ නිසා විටින්
විට කල් දමා තිබූ ඒ මියුරු සංගීතමය කතාබහ යළිත් කොටස් කිපයක් මගින් එදා සිනමාවේ රසාලිප්ත චිත්‍රපට ගීත ඔස්සේ අරඹමි.
70 දශකයේ සිංහල චිත්‍රපට
නාමාවලිය බෙහෙවින්ම පිරී තිබුණේ කලු සුදු වාණිජ
එහෙත් වාණිජත්වය තුළද කාලාත්මකව සිනමා
නිර්මාණයන් ය. ඒ දශකය තුළ සම්භාව්‍ය සිනමා කෘතිද අඩුවැඩි වශයෙන් දක්නට ලැබුණි. විශේෂයෙන්ම
එදා ඒ වාණිජ චිත්‍රපට ඉන්දියානු හින්දි සහ දෙමල චිත්‍රපට ඔස්සේ යමින් හින්දි
සිනමාවේ සහ දමිල සිනමාවේ ජනප්‍රිය ගී තනු කොපි කරමින් කලාත්මක වාණිජ සිනමාව
ගොඩනැගී තිබුණි.
ඒ නිසාම එදා තැනූ චිත්‍රපටවල
වීරයාගේ චරිතයටත් දුෂ්ටයාගේ චරිතයටත් ජෝති
ගීයෙන් දායක වෙද්දී ඔහුගේ ගායන භූමිකාවේ හඬ
පෞරුෂය ඒ හැම සිනමා කෘතියක් පුරාම විහිදී තිබුණ බව පැහැදිළි වන්නේ ඒ චිත්‍රපට නාමාවලිය පිරික්සන විට ය.
ඒ දශකයේ වාණිජ චිත්‍රපට සංස්කෘතියේ
දැවැන්තයන් වූ ලෙනින් මොරායස්, නීල්
රූපසිංහ, ජෝ දේව් ආනන්ද්, රොබින් තම්පෝ වැනි
අය සිනමා කර්මාන්තයේ පෙරමුණේ සිටි අතර කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා
, තිමති වීරරත්න, කිංස්ලි රාජපක්ෂ වැනි අය කලාත්මක වාණිජ චිත්‍රපට කලාව තුළ යම්
පමණක කලාත්මක සිනමාව නියෝජනය කරමින් ඒ
ඔස්සේ සිනමාවේ වාණිජ රැල්ල ගොඩනගමින් සිටියහ.
වාණිජ චිත්‍රපටවල චිත්‍රපට
පසුබිම් සංගිතයෙන් පී.එල්.ඒ. සෝමපාල, ටී.ඒ. ලතීෆ්, එම්.කේ. රොක්සාමි, මොහමඩ්
සාලි, ආර්. මුත්තුසාමි වැනි සංගීතඥයෝ ජනප්‍රිය
හින්දි සහ දමිල ගී වලට ලාංකේය ජවය ලබා දෙමින් ඒවා ලාංකික නිර්මාණ බවට තහවුරු වන
තැනට නිර්මාණ කරණයේ නියැලුණහ.
එසේ වුවත් කේමදාස -
කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා සුසංයෝගය ඒ වන විටත් සිංහල සිනමාව තුළ ගොඩනැගෙමින් තිබුණි. කේ.ඒ.ඩබ්ලිව්.ගේ චිත්‍රපට මුලුමනින්ම
සංගිතවත් කළේ කේමදාස මාස්ටර් විසිනි. ඇතැම් විට එය එදා කලාත්මක වාණිජ සිනමාවේ
අලුත් අත්හදා බැලිමක් වන්නට ඇත. කේ.ඒ.ඩබ්ලිව්.ගේ සීයේ නෝට්ටුව චිත්‍රපටය සඳහා
කේමදාසයන් නන්දා මාලනියට දේදුනු පායා පාට වැටෙනවා ගිතය
හද්දී ඊට හාත්පස වෙනස් වූ “හද උමං තනා ගැඹුරින් ගැඹුරේ” ගිතය ජෝතිපාලට නිර්මාණය
කළේය. ඔගස්ටස් විනයාගරත්නම්ගේ ඒ දුර්වල පදමාලාවට කේමදාසයන් ජනප්‍රිය සංගීතයේ නව මුහුණුවර
ලබාදී තිබුණි. ඒත් එය එතරම් ජනප්‍රිය නොවුණි.
1972 වර්ෂය වන විට ජෝති චිත්‍රපට
පසුබිම් ගායනයේ හිනිපෙත්තට ළංවෙමින් සිටියේය. ඒ වසරේ තිරගත වූ ලෙනින් මොරායස්ගේ
“එදත් සූරයා අදත් සූරයා” චිත්‍රපටය ඊට හොඳ නිදසුනකි. ඒ චිත්‍රපටයේ සංගීතය හා ගී
තනු එම්.කේ. රොක්සාමි මාස්ටර්ගේ ය. රොක්සාමි මාස්ටර් ඒ චිත්‍රපටයට ගීත 07 ක්
නිර්මාණය කළ අතර ඒ ගිත 07ම අදටත් ජනප්‍රිය
ගීත ය. ඒ ගීතවලින් 03 ක්ම ගැයුවේ ජෝතිපාල
විසිනි. ඒ ගීත අතර සුදුපාට මීදුම් ගලාලා - ජෝති/ ඇන්ජලින්, කොයි යන්නේ බඳ ලෙළවා -
ජෝති/ ඇන්ජලින්, ආදරයෙන් මත්වීලා-
ජෝතිපාල, මේ ගීත ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. ඒවායේ රස භාවයන් අදටත්
වලංගුය. මතු දැක්වෙන ගීය ඒ “එදත් සූරයා අදත් සූරයා” චිත්‍රපට ජවනිකා නැවත නැවතත්
සිහි ගැන්විමට කදිම නිදසුනකි.
සුදුපාට මීදුම්
ගලාලා - අර පේන කන්දේ වෙලීලා
මදහාසෙ පෙන්වා
බැඳීලා - දෙදෙනාට රහසේ කියාදේ
ආදරේ...........
ආදරේ.......
නීල ඔබෙ දෑස
යහනාව සුවදේ
දෙන්න සැතපෙන්න
ඉඩදෙන්න නිබඳේ
එන්න දොර මෙන්න
හැර දෙන්න මහදේ
ඔන්න පිවිසෙන්න
සැනසෙන්න සුහදේ
ඔන්න පිවිසෙන්න
සැනසෙන්න සුහදේ
ඈත දිය ඇල්ල පිස
ආව සුළඟයි
එන්න අත ගන්න ළං
වෙන්න සිසිලයි
සීත දුරුවන්නෙ අද
වාගෙ රැයකයි
සීන එළිවන්නෙ හෙට
ආයෙ හිරුටයි
සීන එළිවන්නෙ හෙට
ආයෙ හිරුටයි
ගී පද මාලාව:
කරුණාරත්න අබේසේකර
සංගිතය: එම්.කේ.
රොක්සාමි
ගැයුම: එච්. ආර්.
ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක
ඒ අයුරින්ම 1972 වසරේ තිරගත
වූ ජෝ දේව් ආනන්ද් ගේ “සුජීවා” චිත්‍රපටයටද ජෝතිපාල ගැයූ ගීත දෙකක්ම ඇතුළත් කර
තිබුණි. ඒ යුගයේ නිෂ්පාදනය වූ බොහෝ චිත්‍රපටවල සංගීතය හා ගී තනු නිර්මාණය සඳහා
සංගීතඥයින් දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් සහභාගී වී තිබේ. සුජීවා චිත්‍රපටයද එවැනි
චිත්‍රපටයකි. එම චිත්‍රපටයේ සංගීතය ටී.එෆ්. ලතීෆ් විසින් නිර්මාණය කර තිබු අතර ගීතනු
නිර්මාණය කර තිබුනේ ගලගදර එම්.එම්.ඒ. හක්
විසිනි. හක්ගේ ගි තනු ස්වතතන්ත්‍ර නිර්මාණ බව බොහෝ විචාරකයන්ගේ පිළිගැනිමයි. ඒ අතර
ජෝතිපාල ගැයූ චන්දන ඇල්ලෙන් නාලා ගීතයත් , ජෝතිපාල - ඇන්ජලින් ගැයූ “නුපුරුදු හැගුමකි” ගීතයත්
ජෝතිමත් ගීත අතර රැඳී ඇත.
ඇතැම් විට ඒ යුගයේ වානිජ
චිත්‍රපටවලට ඇතුළත් වූ ගීත බොහොමයක් බැලූ බැල්මට හරසුන්, ප්‍රලාප සේ පෙනුණුනද ඒවා
ලියා තිබුණේ කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, ප්‍රේමකීර්තිද අල්විස්, වැනි ගීත රචකයෝ ය. ඔවුහු අවස්ථාවට අනුගත වෙමින්
ගීත රචනයේ නියැලෙමින්, ඕනෑම ගායන ශිල්පියකු හෝ ශිල්පිණියකට ඕනෑම ආකාරයක ගීතයක්
කවියක් ලිවීමේ අපූර්ව වූ පුතිභාව අත්පත් කරගෙන සිටියහ. ඒ නිසා ඔවුහු ජෝතිපාල වැනි
ගායන ශිල්පියෙකුට හෝ ඇන්ජලීන් ගුණතිලක වැනි ගායිකාවකට චිත්‍රපට ගීත හෝ සරල ගීත ලියද්දී ඕනැම රසිකයෙකුට වරක් ඇසූ
පමණින් වැටහෙන අයුරින් සරල වාග් මාලා ඔස්සේ ගීත ලියන්නට සමත් කම් දැක්වූවෝ වෙති.
සුජීවා චිත්‍රපටයේ මේ ගීය ඊට නිදසුනකි.
චන්දන ඇල්ලෙන්
නාලා - අංජන මල් මී ගාලා
හැංගුණ බමරා ආවා
- ලස්සන රහසක් කීවා
මලට මුවා වී
ඉන්නේ - මල්පෙති යට සැඟවෙන්නේ
හදකට තුරුළුව ඉන්නේ - ලෝකය නෑ එය දන්නේ
දහසක් නෙත් යොමු
වන්නේ - එනමුත් නෑ හඳුනන්නේ
ඇසි පිය යට
සැගවෙන්නේ - සිහින ලොවේ හමුවන්නේ
එක කුසුමකි
පිබිදෙන්නේ - එක වන බමරෙකි ඉන්නේ
දෙබරුන් සේනා නොඑන්නේ - වෙනසක් නෑ සිදුවන්නේ
ගීපදමාලාව:
ධර්මසිරි ගමගේ
සංගිතය: ටී.එෆ්.
ලතීෆ්
ගී තනු : ගලගෙදර
එම්.එම්.ඒ.හක්
ගැයුම:
එච්.ආර්.ජෝතිපාල
අද මෙහෙමයි චිත්‍රපටය තිරගත
වූයේද 1972 වර්ෂයේදි ම ය. එයද ජෝතිමත් ගීතවලින් රැව් දුන් චිත්‍රපටයකි. රොබින්
තම්පෝගේ අද මෙහෙමයි චිත්‍රපටයේද සංගිතය නිර්මානය කර තිබුණේ අධ්‍යක්ෂවරු දෙදෙනෙකු
අතිනි. පී.එල්.ඒ සෝමපාල සහ ආර්. මුත්තුසාමි ඒ සංගීත අධ්‍යක්ෂවරුන් දෙදෙනා ය. චිත්‍රපටයට
ගීත 05 ක් ඇතුළත්ව තිබු අතර ඒ සියලු ගීත රචනා කරුණාරත්න අබේසේකරයන් විසින් ලියා
තිබුණි. ඒ අතරින් එක් ගිතයක් පමණක් ජෝතිපාල විසින් අද මෙහෙමයි චිත්‍රපටයට ගයා
තිබුණි. ඒ මේ ගීතයයි.ගීතය හින්දි තනුවකි.
ජීවිතේ තරුණ කාලේ
- එක සේ නොරැඳේ
සොයමී සැම වේලේ -
සිතු දේ පැතු දේ
ආදර රසේ සිතුදේ
ලබන ලෙසේ
බමරා බමන සේ යමි
මං නිදහසේ
සතුටයි දුකයි එක
සේ දැනේ
අනන්ත සුන්දර
දිවි මල් උයනේ
රෑ ගණදුරේ දිලෙනා
පහන සේ
බාධා මැද මෙසේ
බලමි ලොව රසේ
අහසයි බිමයි
නිවසයි මගේ
හෙටක් කෙරේ නෑ
විශ්වාසේ
දාවල රැයේ වෙනසක්
මට නැතේ
ඔබගේ මඳහසේ ඇතිවී
නැති වෙතේ
උන්නු ගමන් යන්න
යතේ
මිනිස්සු මෙලෙසයි
මේ ලෝකේ
ගීපදමාලාව:
කරුණාරත්න අබේසේකර
ගී තනු: ආර්.
මුත්තු සාමි
සංගිතය:
පී.එල්.ඒ.සෝමපාල
ගැයුම:
එච්.ආර්.ජෝතිපාල
ඒ අයුරින් හින්දි සහ දමිල ගී
තනුවලටත්, ස්වතන්ත්‍ර ගී තනුවලටත් සරල
බසින් ගී ගැයු ජෝතිපාලගේ චිත්‍රපට ගීත ඒ වාණිජ චිත්‍රපටවලට පෙම් බැඳි රසිකයෝ
ඇතැම්විට ගී රස විදින්නට පමණක් චිත්‍රපට නැරඹූහ. එදා ඔවුන් චිත්‍රපට නරඹා සිනාශාලාවලින් එලියට පැමිණියේ සිනමාහල්වල ශත 25 ට ශත 50 ට විකිණූ චිත්‍රපට ගීත
පොත් ද රැගෙනය.
ජෝතිපාලගේ චිත්‍රපට ගීතාවලිය
එසේ සරල බසින් හැඩ ගැසෙද්දී කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා සිංහල චිත්‍රපට කලාව තුළ වාණිජ
චිත්‍රපට වලට නව මුහුණුවරක් දෙමින් සිටියේය. ඔහු නිර්මාණය කළ 1972 දී තිරගත වූ
ලොකුම හිනාව චිත්‍රපටයද කේමදාස මාස්ටර්ගේ සංගීතයෙන් හැඩගැන්වීය. ලොකුම හිනාව චිත්‍රපටය
වෙනුවෙන් කේමදාස මාස්ටර්ගේ සංගීතයට ජෝතිපාල ගීත දෙකක් ගැයුවේ ය. ආකාස කඩන් ඉරහඳ පෙරලන්-
කරුණාරත්න අබේසේකර, කැකුළු මලක පෙති- ප්‍රේමකීර්ති ද අල්විස් ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක, ගීත දෙක ජෝති ගැයූ ස්වතන්ත්‍ර ගීත නිර්මාණයන්ය.
එය කේමදාස මාස්ටර්ගේ වාණිජ චිත්‍රපට සංගීතයේ තවත් වෑයමකි. එසේ වුවද ඒ ගීතවලට එතෙක් ජෝතිපාල ගැයූ හින්දි ගි තනු අභිබවා යාමට හැකියාවක්
නොලැබුණි. එසේ වුවත් ඒවා යම් ප්‍රමාණයකට ජනප්‍රිය ගීත බවට පත්ව තිබුණත් බොහෝ ප්‍රේක්ෂකයෝ
ඒවා ස්වතන්ත්‍ර නිර්මාණ බව නොදත්හ. ඔවුන්ට ඒවා ස්වත්නත්‍ර ගීතද එසේත් නැත්නම්
හින්දි හෝ දමිල අනුකාරක ගීත ද යන්න වැදගත් නොවූයේ ජෝතිපාලගේ හඬ පෞරුෂය ඒ වන විටත් රසිකයන්ගේ
ගී හඬ බවට පත්ව තිබුණ හෙයිනි.෴
තවත් කොටසක්
ඉදිරියට............................................
ජෝතිපාලයන් ගැයූ ඉන්දීය ගී තනු වලට තැනූ ගීත එතරම් ජනප්‍රිය වෙන්න හේතුවෙන්න ඇත්තේ, ඒ ගීත එද්දී ඒවාට තරඟ කරන්න තරම් තනු නිර්මාණ නොතිබුණ නිසා වෙන්න ඇති. ජනතාව ඒ රිද්මයට කාලයක් තිස්සේ හැඩගැහුණ නිසා කේමදාස මාස්ටර් ගේ තනු වලට අර ජනප්‍රියතාවයම ගන්න බැරිවෙන්න ඇති.
ReplyDeleteතනුවලටත් වඩා මම හිතන්නේ රසිකයා ගේ හිත ගත්තේ ජෝතිපාලයන් ගේ ගැඹුරු කටහඬයි.
ගිහාන්...
Deleteමුල්යුගයෙ චිත්‍රපට බැබැලුනේ ඒවායේ තිබුණ ගිත නිසා... විශේසයෙන්ම චිත්‍රපටයේ කතාපුවතටත් වැඩිය තැනක් දුන්නේ ගිතයට. අනික් අතට අපට සිනමාව ලැබුනේ ඉන්දියාවෙන් මුල්යුගයේ ලංකාවෙ චිත්‍රපට කලේ ඉන්දියන් නිෂ්පාදකවරු ඔවුන්ට ඕනෑවුනේ සිනමාව කර්මාන්තයක් විදියට පවත්වගෙන යන්නයි.
අපි මේ පිලිබඳව තවත් ඉදිරියට කතාකරමු. ස්තූතියි ඔබට
ජෝතිගේ ගීත ජනප්‍රියත්වයට එදා පද රචනාව බොහෝ සෙයින් බලපෑවා. නමුත් ඔහුට තිබෙන්නේ අද්විතීය හඬක්. විටෙක එය වේදනාත්මක වන අතර තවත් විටෙක එය ශෘංගාරත්මකයි.
ReplyDeleteසුදීක..
Deleteඇත්තටම ඒ පදමාලා සරලයි.. එක අතකින් අරුත ගැන හිතන්න දෙයක් නෑ. ඒක ජෝතිපාලගේ ගැඹුරු හඬට සෘජුවම බලපෑවා ඔහු වැඩියෙන්ම ගැයුවේ විරහ ගිත වේදනාත්මක හඬින් ප්‍රේමගිත ගැයුවේ සෘංගාරයෙන් ඒවා ජනප්‍රිය වුණා...
ස්තූතියි සුදික
ජෝතිපාලයන්ගේ ගී පිළීබඳ තවත් අපූරු අස්වැන්නක්!
ReplyDeleteතුසිත...
Deleteඅපිතවම ඉන්නේ ආරම්භයේ... අපි බලමු ඉදිරියේදි ඔහුගේ කඩඉම් ගිත වලින් ඔහු වෙනස් වෙන්නෙ කොහොමද කියලා...
ස්තූතියි
ගොඩක් දවසකින් තමයි මේ පිලි පෙල කියවන්න එන්න වුනේ.. මග ඇරුන ටිකකුත් තියෙනවා වගේ..
ReplyDelete// සුදුපාට මීදුම් ගලාලා//
මම ජෝතිපාලයන්ගේ ආසම ගීත වලින් එකක්..
දිනේෂ්...
Deleteමමත් මේක ලියන්නේ ඉඳහිටලා... ඒ එකදිගටම ලිව්වාමත් කියවන අයට එපා වෙන නිසා...
තව ඉදිරියට තමයි හොඳ ගිත ස්තූතියි
සිංදු ටික ඔක්කොම හරි ලස්සනයි. ගායකයාගේ කටහඬත් හරිම වෙනස්. 'ජීවිතේ තරුණ කාලේ' ගීය අහගෙන ඉන්ට ආසා හිතෙනවා.
ReplyDelete'අංජන මල් මී' කියන්නේ මොනවද?
පොඩ්ඩි....
Deleteසිංහල භාෂාවේ "අංජන" කියල කියන්නේ කාන්තාවන් රූප ලාවන්‍ය කටයුතු වලදී ඇස් වටේට ගාන එක්තරා ඛණිජ විශේෂයක්. ඉස්සර ඒ විදියට කාන්තාවන් අංජන භාවිතා කළත් දැන් ඒඛණිජ යොදාගෙන "අයි බ්‍රෝ පෙන්සිල්" සහ ඊට සමාන දේවල් වෙළඳපොලේ තියෙනවා දැන් කාන්තාවන් භාවිතා කරන්නේ ඒවා.
මල් මී කියන්නේ මීගස්වල හැදෙන ඉතාම ඉතා කුඩා සුවඳ හමන මල් විශේෂයක් . විශේෂයෙන් මී ගස් ඉතා විශාල සහ උසට වැඩෙන වසර සියගණනකට වඩා ආයු ඇති දැවැන්ත වෘක්ෂ. මේවා වියලි කලාපිය ජලාශ්‍රිතව විශාල ගස් විදියට දකින්න පුළුවන්.
ඉතින් ඔය අංජන යන යෙදුමත් මල් මී යෙදුමත් එකට ගෙන සිංහල භාෂාවේ රූපකයක් විදියට කවියේදි ගීතයේදි භාවිතා කරනවා.
හැබැයි මේ ගීයේ නම් අංජන මල්මී ගාල තියෙන්නේ බමරා... එතකොට පොඩ්ඩිට හිතාගන්න පුළුවන්නේ ලස්සන කාන්තාවකගේ හිත දිනාගැනිමට නම් මේ ගීතයේ කියන විදියට කඩවසම් පිරිමියෙක් තවත් ලස්සනට ඉන්න මොනවද කරන්න ඕනෙ කියලා...:P
මට කියන්න අමතක වුණා පොඩ්ඩි.. සිංහල සාහිතයයේ සඳහන් වන හැටියට අංජන මල් මී ගෑවේ අනංගයා.තවත් ලස්සන වෙන්න දැන් කොල්ලන්ට ඕවා ගාන්න වෙලාවක් නෑ
Deleteගොඩක් ස්තූතියි දයා 'අංජන මල්මී' ගැන කියලා දුන්නට.
Delete//තවත් ලස්සන වෙන්න දැන් කොල්ලන්ට ඕවා ගාන්න වෙලාවක් නෑ//
ඒවා නැති උණාට අපේ අය හරි හැඩයිනේ. ඔය එක, එක ඒවා ගෑවොත් තව කොහොම හිටීවිද? :)
පොඩ්ඩි..
Deleteඔන්න ඒනතාවට නම් අස්වැන්න කියන්න එන රසික සහෘදයන්ගෙන් පොඩ්ඩිට මල් මිටක් ගානෙ හම්බවෙනවා...
හින්දි කොපි සින්දුවල තනුව සහ සංගීතය කියා මුත්තුසාමි ලා ගේ සොමපාල ලා ගේ නම් යොදා ඇත්තේ ඇයි?
ReplyDeleteලක්ෂ්මීකාන්ත් ලා පෙයරිලාල් ලා ගොරකා ගෙනාවෙම නැද්ද?
කතන්දර..
Deleteඉස්සර බුද්ධිමය දේපල ගැන අවුලක් තිබුනෙ නෑනේ. අනික චිත්‍රපට නිෂ්පාදකයොයි ඩිරෙක්ටර්ලයි දෙගොල්ලම සමහර ඒවයේ ඉන්දියානුවන්. ඒඅයට ඕනෙ වුනේ දුවන් චිත්‍රපට හදන්න ඔවුන් ඉන්දියාවෙ අදත් කරන්නේ ඒකයි.
හැබැයි ඉන්දියාවෙ හදපු තනුවම අපේ මාස්ටර් ගින්දර වගේ ප්‍රති නිර්මාණයකලා. ඇත්තටම බලනකොට ඒ සිංහල ගීතවල මියුසික් ඇරේන්ජ්මන්ට් ඉන්දියාවට වඩා ඉහලයි. ඉතින් ජනප්‍රිය වෙන එක අහන්නත් දෙයක්ද
ලක්ෂ්මීකාන්ත් ල පෙයරිලාල් වාග්ම ෂංකර් ජායී කීෂන්, බප්පි ලෙහිරි වගේ අයත් ගොරක ගෙනාවේ නැති තැනමටම අපේ සංගීත මාස්ටර්ලා වැඩකරලා තියෙන්නේ..
ස්තුතියි.. ජෝති ගැන මගේ කියවීමක් තියෙනවා පසුව දාන්නං...
ReplyDeleteදේශකයා...
Deleteපෝස්ට් එකක් විදියට ම දාන්න
අමරණීය ජෝති.. බොහොම ස්තූතියි විස්තර ටිකට..
ReplyDeleteචින්තක
Deleteතවම හොඳ හරියට ආවේ නෑ.. ඉදිරියටත් ඇවිත් කියවන්න..
ස්තූතියි
කාලෙකට පස්සේ ආයෙමත් ජෝති..
ReplyDeleteමගෙත් ජෝතිගේ කැමති නැති සිංදුවක් නැති තරම්..ඇත්තටම පද මාලාව තණුව ගීතයට හඬ තරම්ම බලපානවා නේද?
දවසක් මාධ්‍ය වේදියෙක් ජෝතිගෙන් ඇහුවලු.. " ඔබ ගායනා කල ගීත අතරින් ඔබ වඩාත්ම ප්‍රිය කරන ගීතය මොකද්ද කියලා..
එවිට ඔහු කීවලු "ඔබ ඇසුවේ මගේ දරුවෝ හතරදෙනාගෙන් මම වැඩිපුරම කාටද කැමති කියලා වගේ ප්‍රශ්නයක් " කියලා...
රෙහානි...
Deleteජෝතිපාලගේ බොහොමයක් ගීත තනුවගේම පදමාලාත් සරලවිම ඔහුගේ මේ දිගු සංගිත ගමනට හේතුවක්..
ස්තූතියි..
බොහොම ස්තූතියි දයා..සෑහෙන උත්සාහයක් දරල අපිව ආයෙම හැත්තෑවට අරගෙන ගියාට..අපි ඇවිල්ල හැත්තෑව දශකයේ යෞවන යෞවනියො නෙව..හෙහ්,හෙහ්,
ReplyDeleteඔය හැත්තෑවෙ දශකයේ ජනප්‍රිය චිත්‍රපට ප්‍රදර්ශනය කරද්දි මුල්ම දවසෙ චිත්‍රපටය බලන්ට අපි අතරෙ තිබ්බෙ එක විදිහකට තරඟයක්.පැය දෙක තුනක් පෝළිමේ ඉඳලත් සමහරවිට බලන්ට වෙන්නෙ නෑ. පහුවදා ඉස්කෝලෙ යන්නෙ අස්සය මැරිච්චි කව්බෝයි වගෙ.
" ඒයි උඹ බැලුවෙ නැද්ද? මචං එක සීන් එකක් තියනව. ගාමිණීට වට කරල දෙනව කට්ටිය. ඔන්න ගාමිණී වැටිල ඉන්නව ලේ පෙරාගෙන."
ෆිල්ම් එක බලපු එකෙක් උජාරුවට කතාව පටං ගන්නව ගණං වෙලාවෙ. ගණං මැඩම් බබා හම්බ වෙන්ට ගිහිල්ල..ගිහිල්ලනෙ. රිලීෆ් දාපු සර් අද ඇවිල්ල නෑ...මම ඉතිං වැඩි උනන්දුවක් පෙන්නන්නෙ නෑකතාවට. ඒත් කණ ඒ පැත්තෙ..හෙහ්, හෙහ්,
" අරූ දුස්ටය ඒ අස්සෙ මාලිනීව ඇදං යනව කාරෙකට. ඇලෙක්සැන්ඩර් ඉන්නෙ දුස්ටයට. මාලිනී කෑ ගහනව විජේ කියල.."
" ඒ මොකෝ විජේ කියල කෑ ගහන්නෙ? විජෙත් ඉන්නවද ෆිල්ම් එකේ? " මම නිකමට වගෙ අහනව.
" විජේ නෑ යකෝ ඒකෙ..ගාමිණීගෙ ෆිල්ම් එකේ නම විජේ.."
" ආ, එහෙමද? "
" ඉතිං ගාමිණී නැඟිටල ඇවිල්ල මචං අරුං ඔක්කෝටම ගහනව ගැහිල්ලක් එවුං කාරෙකත් දාල දුවන්නෙ.."
ඌ තවත් විස්තර රහ කර කර කියනව..මම ඉතිං බොහෝමත්ම දුකෙං ඒ කතාව අහගෙන ඉන්නව.
ආයෙමත් ස්තූතියි දයා...මතක මංපෙත ඔස්සේ ඇත්තෙන්ම සොඳුරු චාරිකාවක මා රැගෙන යාම උදෙසා...හෙහ්, හෙහ්,
රවී...
Deleteඇත්තටම ඒකාලෙ ෆිල්ම් එකක් අව ගමන් බැලුවෙ නැත්නම් වැඩක්නැ. එදාට අපි"අස්සය මැරිච්චි කව්බෝයි" වගේ තමයි. 70,80 තවම මතකයේ තියෙන්නේ ඒ නිසා නේ..හැබැයි 90 වෙන් පස්සේ ඒ ෆිල්ම් බැලිල්ල නතර වුණා. ඒවනවිට වාණිජ චිත්‍රපටිවල ඒ වින්දනය තිබුනෙ නෑ.
රවිතව හොඳම හරිය ඉදිරියට බලමු මොකද වෙන්නෙ කියලා.. ස්තූතියි දිගසටහනකුත් එක්ක අතිත මතකය අවදි කලාට
දයා......මේ තියෙන්නේ මල් මී පැණි සේරූ සේරූ---පෙම් මදිරා සාරු සාරු
ReplyDeleteකියලා වැඩක් නැහැ. සින්දු කීයක් තියෙනවාද ජෝති අයියාගේ?
ගලගෙදර හක් මහත්මයා තාම ජීවතුන් අතර ඉන්නවාද?
අරූ...
Deleteජෝතිගේ මාගාව තියන සියල්ලම ඔර්ජිනල් මියුසික් ඔහු මියගියාට පස්සේ සංගිත කණ්ඩායම් වල රීමික්ස් මගේ ළඟ නෑ... සමහර විට ගිත 800 - 900 ක විතර කලකේෂන් එකක් තමයි
තියෙන්නේ...
ගලගෙදර හක් තාම ඉන්නවා. ඔහු කුරුණෑගල "ග්‍රීන්වේ ඒජන්සි" නම් වු ආයතනයක සේවය කරන්නේ...මගේ මතකයේ හැටියට තාමත් ගම ගලදෙරම වගේ...
ජිවිතේ තරුණ කාලේ ගීතය පුදුම තරම් රසවින්දනයක් ඇති කරා.ලියවිල්ලත් ඒ වාගේම තමයි.
ReplyDeleteජීඑම්..
Deleteමේ අතීත මතක සිතුවම් එක්ක ජෝතිපාල ගැන කතාකරන වැඩක්.. ඉදිරියටත් එන්න. අපි හොඳ කතාබහක් ඇති කරමු. ඒ නිර්මාණ ගැන.
ජෝතිපාලගෙ අතිශය මධුර සහ මින් පෙර අස නැති ගී විශාල ප්‍රමානයක් "අනන්ත ගී රස" වැඩසටහනේ ජෝති උපහාර කළඹ දවසෙ විකාශනය කරා. ඇත්තටම ජෝති කබ්බොන්වත් නළුවො කරා. කොටින්ම අසූවෙ අග තරුණ කාලෙට ආව අපිත් කිව්වෙ ජෝතිගෙ සින්දු. එකෙක් ජෝති, අනෙක වික්ටර් තව එකෙක් කපුගේ..
ReplyDeleteඉන්දික..
Deleteඑදා වගෙම අදත් පාටියකදි බජව්වකදි, පැදුරු සාජ්ජයකදි ජෝතිගේ ගීයක් ඇහෙන්නෙ නැත්නම් ඒතැන සාජ්ජයක් නෑ.
ජෝති, වික්ටර් කපුගේ..තුන්දෙනා තුන්පැත්තක හිටියත් ඒ ගිත තවම රැව්දෙන්නෙ ඒ නිසා..
ස්තූතියි..
ප්‍රිය ඇඩ්මින් වෙත,
ReplyDeleteඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)
බුද්ධික...
Deleteස්තූතියි ඔබට මේ විස්තර කිවිවට මම ඕ සින්ඩියට අස්වැන්න එකතු කරන්නම්.
චිත්‍රපට පසුබිම් ගායකයකුට ඔබ්බෙන් ජොතිට විකාශය වන්නට නොහැකි වුනේ ඔහු ගුවන්විදුලියේ විභාග වලට පෙනී නොසිටි නිසා යැයි ඔබ කලින් ලිපියක කීවා මතකයි...ඒ ගැන තවත් විස්තර කියන්න පුළුවන්ද?
ReplyDeleteචිත්‍රපට නොවන ගීත ඔහුට තිබුනේම නැද්ද?
ක්ෂේත්‍රයේ අය ඔහුට එරෙහි වීම එක අතකට තේරුම් ගන්න පුළුවන්..චිත්‍රපටයක කතාව තීව්ර කරන්නට ඉස්මතු කරන්නට විවිධත්වයක් දෙන්නට ගීත/සංගීතය භාවිතා කල යුතුයි යන මතයේ මම සිටිනවා..
ප්‍රේක්ෂයකයින් චිත්‍රපටය බලන්න එන්නේ ගීත අහන්න විතරක් නම් ඒ සංගීතය එක අතකට අසාර්ථකයි කියා සිතෙනවා..
කොහොම වුනක් මේ ලිපි පෙල ඉක්මනින් ලියෙවෙනවානම් මම කැමතියි...
රූ...
Deleteජෝති ගුවන් විදුලි සරල ගී ගායකයෙක් වුනේ එක වැඩසටහනක් හෝ දෙකක විතරයි. ඒ ගැන විස්තර ඉදිරියට කියන්නම්. චිත්‍රපට නොවන බොහොම වටිනා අගනා ස්වතන්ත්‍ර නිර්මාණ තියෙනවා. මම ඒතැනට තව එක පෝස්ට් එකකින් පස්සේ ගෙනයන්නම්.
"චිත්‍රපටය බලන්න එන්නේ ගීත අහන්න විතරක් නම් ඒ සංගීතය එක අතකට අසාර්ථකයි කියා සිතෙනවා.."
අපි මේ ගැන ඊළඟ පෝස්ට් එකෙන් කතාකරමු ඇයි එහෙම වුනේ කියල.
ඉක්මනට ලියල ඉවර කරන්න නම් මමත් කැමතියි ඒත් කාලය කලමනාකරනය කිරිම පිළිබඳ ගැටලුවක් තියෙනවා. අපේ වෘත්තිය ජීවිත ඒකට හරස් වෙනවා.
මේ කමෙන්ට්ස් වලට ස්තූති කරන්නෙත් සෑහෙන්න දවසක් ගතවෙලා ගියාට පස්සේ...
මං අස්වැන්නෙ හැමදාම අනිවාර්යෙන් කියවපු ලිපි පෙළක් ජෝතිගෙ ලිපි පෙළ. ඉතිරි ටිකත් එනකම් බලා ඉන්නව. අපි නොදත් දේ දැන කියා ගන්නට...
ReplyDeleteස්තුතියි අයියේ මේ බෙදා දෙන දැනුමට..
දිනිති..
Deleteඅපි තව ගොඩක් දේ ඉදිරියට මේ සංගිත නිර්මාණ ගැන කතාකරමු..
ජෝතිපාලයන්ගේ තවත් ගී අස්වැන්නක් !
ReplyDeleteකවදාවත් එපා වෙන්නේ නැතිම ගීත ගයපු ගායකයෙක්.. අද කාලේ ඉන්න හතු පිපෙන්නා වාගේ ඉන්න ගායකයෝ වගේ නෙමෙයි..
මධුරංග..
Deleteපාටියකදි බජව්වකදි, පැදුරු සාජ්ජයකදි ජෝතිගේ ගීයක් ඇහෙන්නෙ නැත්නම් ඒතැන සාජ්ජයක් නැත්නම් එතැන කෑම නැති පාටියක් වගේ තමයි. ඔකනේ ජෝතිගෙ එල්ලිලා මේ අලුත් අය තමන්ගෙ වගේ ඒ සිංදු කියන්නේ
මේ ලිපි පෙළ ඉදිරියට යන එක ගැනනම් හරිම සතුටුයි. මමනම් කාලෙකින් ආවේ. ලිපි ගොඩක් මග ඇරෙන්න ඇති. නිවී සැනසිල්ලේ කියවන්න බලන්න ඕන.
ReplyDeleteසයුරි...
Deleteස්තූතියි වැඩ වැඩිම වෙලාවකත් ඇවිත් ගියාට. කමෙන්ටුවක් නොදැම්මත් කමක් නෑ ලද වෙලාවක කියවන්න.
දයානන්ද සහෘදය,
ReplyDeleteඔබ වැන්නන් අද සමාජයට ආදර්ශයකි.
වටින ලිපියක්...!!!
විදුල රේඩියෝ...
Deleteඅපේ ගුවන්විදුලි මහගෙදර....එතැනින් ලැබෙන දිරිය එදාවාගෙම අදටත් ශක්තියක් ම තමයි.
ස්තුතියි විදුල ගුවන් විදුලියට