එදා මෙන් වළාකුළු අහසේ තාමත් නැගේදෝ
1972, 73 කාලය වන විට සිංහල වාණිජ
චිත්‍රපට කලාව තුළ ජෝතිපාලගේ ගී හඬ සිනමා සංගිතයට අත්‍යවශ්‍යම හඬ බවට පත්ව තිබුණි. ඒ නිසා ඒ වසර වල ලංකාවේ නිෂ්පාදනය කළ චිත්‍රපට
සියල්ලම ජෝතිමත් චිත්‍රපට ගීතාවලියකට හිමිකම් කියූ ඒවාය. ඒ නිසා අස්වැන්නෙන් අද තවත් පියවරක් ඒ
ගැන කතා කරන්නෙ එවන් මියුරුතම ගීත කීපයක් සමගිනි.
1973 වගේ කාලය වනවිට ජෝතිපාල
එක චිත්‍රපටයකට ගැයූ ඒකල සහ යුග ගීත ප්‍රමාණය විමසා බලන විට ඒ එක් එක් චිත්‍රපට වලට
ඇතුළත්ව තිබූ ගීතවලින් හරි අඩක් ජෝතිපාල ගැයූ ඒවාය. ඒ නිසා ඒ හැම ගීතයක්ම ජනප්‍රිය
සහ මතකයේ රැඳුණ ඒවා වුණත් ඒ අතරින් වඩාත්ම සිත් ගත් සහ හොඳම ගීයක් විතරයි
අස්වැන්නට දාන්න සිදුවෙන්නෙ. එහෙම නොවුනොත් එක චිත්‍රපටයකට එක අස්වැන්න සටහනක්
වෙන් කරන්න සිදුවෙනව.
1972 දී තිරගත වූ තිමති
වීරරත්නගේ මේ දෑස කුමටද චිත්‍රපටයටද ගීත 12 ක් හෝ 13 ක් ඇතුළත්ව තිබුණි. එයින් ගීත
05 ක්ම ගායනා කළේ ජෝතිපාල විසිනි. ටී.එෆ් ලතීෆ්ගේ සංගීතයෙන් හැඩවුණ මේ දෑස කුමටද
චිත්‍රපටයට නිල් අහසේ උමතුවලා (ජෝති), ගණ
අන්ධකාරෙන් වෙලී (ජෝති- සුජාතා), සෝබාව හංගා (ජෝති), ආලෝකේ අතීතේ ( ජෝති),
ආලෝකේ රැස් විහිදා (ජෝති) යන ගීත ජෝතිපාල
විසින් ගයා තිබුණි. ඒ එකසේ සියල්ලම ජනප්‍රිය වූ ගීත බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ
ගීත අතර තවමත් බිඳකුදු හෝ රසය අඩුවක් නැති මේ ගීය සදාකාලිකව මතකයේ රැඳී ඇති ගීයකි. කරුණාරත්න අබේසේකරයන්ගේ
මේ පද මාලාව සහ එහි වචන නොදරුවෙකුට පවා
සැනෙකින් ග්‍රහණය කර ගත හැකි ය. එවන් පද රචනා දුර්වල යැයි කියා ඉවතලන්නට සිත්
නොදෙන්නේ ඒ නිසා ය.
අනෙක් අතට එකල චිත්‍රපට
නිෂ්පාදකයන් ගී පදමාලා ගැන එතරම් තැකිමක් නොකල
අවස්ථාවල පවා ඉඩ ලද හැම විටකම ඉහල ගුණයෙන් යුතු පදමාලාවක් චිත්‍රපටයට ඇතුළත්
කිරිමට උත්සාහයන් ගෙන ඇති බවට මේ ගීය නිදසුනක් සේ ගත හැකිය.
මිනිසා කුසීත
කම්මැලි - වැටී පරාද වී යනවා
ගින්නේ දැවෙනා දර
වාගේ - අලු වීලා නැති වෙනවා
සෝබාව හංගා මේ ලෝ
තලේ
ආලෝකයෙන් මා ඇයි
වෙන් කළේ
අනුකම්පා නැති
දෛවේ සිනාවේ
සෝබාව හංගා මේ ලෝ
තලේ
පෙරදා පෑයූ ඉර නැග බැහැලා
එළිවෙනවාදෝ රෑ වෙනවා දෝ
වෙනදා විලසින් දඟ සමනලයින්
මල්පැණි බීලා ඉගිලෙනවාදෝ
එදා මෙන් වළාකුළු අහසේ
තාමත් නැගේදෝ...
අත්වැල අරගෙන සිත් බැඳියන් ලොව
නෙත්කලු තැන්වල හැසිරෙනවාදෝ
ඇස් ඇති මිනිසුන් ලස්සන දේවල්
දැක දැක හිනැහී සැනසෙනවාදෝ
මෙදා අන්ධ නෙත් දෙක මාගේ
කවදා පෙනේදෝ.....
තුඩගෙහි තුඩගා සුමියුරු රස
බී
අරුමැසි සිතුවිලි පවසනවාදෝ
මාහද තෙරපෙන ආදර හැඟුමන්
සුපෙම්වතුන් තුළ පවතීදෝ
මගේ අරුම ආදර සිහිනෙන්
තමා දිවි රැකෙන්නේ......
ගී පද මාලාව:
කරුණාරත්න අබේසේකර
සංගිතය: ටී.එෆ්.
ලතීෆ්
ගැයුම: එච්. ආර්.
ජෝතිපාල
කිංස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණය
කළ 1973 දී තිර ගත වූ සුහද පැතුම චිත්‍රපටයටත් ජෝතිපාල ගීත හතරක්ම ගායනා කර තිබුණි.
ඒවා සියල්ලත් ජනප්‍රිය හින්දි ගී තනු ඇසුරෙන්ම නිර්මාණය වූ ගීත විය. ඒ හින්දි
තනුවලට ගිත ලියා තිබුණේ කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්තිද අල්විස් සහ සිරිල් ඒ
සීලවිමල වැනි විශිෂ්ඨ ගීත රචකයන්ය. ටී.එෆ්. ලතීෆ්ගේ සංගීයෙන් හැඩවුණ සුහද පැතුම
චිත්‍රපටයේ ජෝතිපාල ගැයූ ගීත අතර ආලෝකේ විහිදා (ජෝතිපාල), ගීතේ පෙම් ගීතේ ( ජෝති-
ඇන්ජලීන්), ජීවිතයේ කාන්තාරේ ( ජෝති- ඇන්ජලීන්) සහ දෝතින් දෝතයි ( ජෝති- ඇන්ජලීන්)
යන ගීත ඇතුළත් ව තිබුණි.
මේ ගී පදමාලා ඉතාමත් සරලය;
සෘංගාරාත්මකය එසේම ඉතාම නොදියුණු දුර්වල පද රචනාවන් ය. එසේ වුවත් වරෙක් ඇසු පමණින්
මතකයේ රැඳෙන ජීවමය ගුණය ඒ ගීතවලට ලැබුණේ ජෝතිපාලගේ ගී හඬ නිසා බව පැහැදිළිය. මතු
දැක්වෙන්නේ එදා සුහද පැතුම චිත්‍රපටයට ඇතුළත් වූ
ගීයකි. මේ ගීතයම ජෝතිපාල විසින් ඊට පසුව විවිධ කැසට් සහ වෙළඳ තැටිවලට විවිධ
වචන යොදා ගායනා කර තිබුණි.
ආලෝකේ බිහිවී
පැතිරෙයිදෝ
ආශාව ඉටුවී
සපිරෙයිදෝ
වැළලුණු මළ ඊයේ -
තව හෙටක් තියේ
සටනකි ජීවිතේ ජය
පරාද වේ...
කල්පනාව පෙර සේ
නැත -ඇහිරීලා කොටුවීලා සිතුසේ
රන් කුරුල්ලෙකු
සේ යමි - පියඹා සැනසීලා සිතුසේ
ආකාසේ හිරු
දෙවියෝ හිනැහෙනවා අපේ
ජය පරාද වේ - සටනකි
ජීවිතේ ජය පරාද වේ...
සත්‍යයෙන්ම මෙ ලොවේ
කවුද කවදාද අවනීති දිනුවේ
යුක්ති ධර්ම
හමුවේ සත්‍ය බලවත්ව තෙදවත්ව රජවේ
රැයම නොවේ දහවල
වේ - නියදම සේ ලොවේ
ජය පරාද වේ - සටනකි
ජීවිතේ ජය පරාද වේ...
ගී පද මාලාව:
කරුණාරත්න අබේසේකර
සංගිතය: ටී.එෆ්.
ලතීෆ්
ගැයුම: එච්. ආර්.
ජෝතිපාල
මේවා පදමාලා අතින් ඉතාමත්ම දුර්වල ගී පද රචනාවන්ය. එසේ වුවත් කර්ණ රසායන මධුර හින්දි ගී තනුය. හැත්තෑව දශකයේ හින්දි සිනමා සංගිතයේ දැවැන්තයන් වූ ආර්.ඩී. බර්මන්, ශංකර් ජායි කීෂන්, ලක්ෂ්මී කාන්ත් ප්‍යාරේ ලාල් වැනි අය හැදූ මධුර ගී තනුය. මේවාට ලංකාවේ එවකට චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකවරු කොපි කර ප්‍රති නිර්මාණය කර ලාංකිය මුහුණුවරක් ලබාදී සිංහල ගීත බවට පත් කළහ. ඇතැම් විට ගීත ප්‍රති නිර්මාණය කිරීමේදී සංගීත සංයෝජනයේදී හින්දි ගීතයේ තිබුණ සංගීත සංයෝජනයන්ට අමතරව තවත් අලුත් සංගීත ඛණ්ඩ එකතු කරමින් හින්දි ගී තනුවලට තවත් නව ජීවයක් ලබා දුන් නිසා සිදු වූයේ හින්දි ගීතය අභිබවා යන ආකාරයට සිංහල ගීතය නිර්මාණය විමයි.
විනෝදාස්වාදය සඳහාම චිත්‍රපට
නරඹන ප්‍රේක්ෂකයන් පිනවිය හැකි ආකාරයට චිත්‍රපට නිෂ්පාදනය කිරිම එකල
නිෂ්පාදකයන්ගේ අරමුණ වූ නිසා 70 දශකයේ
හින්දි සහ දමිල සිනමාවේ තිබූ අංගයන් ඒ අයුරින්ම අනුකරණය කර ඒ අයුරින්ම චිත්‍රපට
හැදිමට ලාංකේය සිනමාකරුවන් පෙළඹී සිටි නිසා හින්දි ගීත අනුකරණය කිරිම වඩාත් පහසු
විය.
ඒ නිසා එදා චිත්‍රපටයේ දි ගීතය
භාවිතා වූයේ ප්‍රේක්ෂකයන් චිත්‍රපට වෙත කැඳවා ගැනිමටය. ගීතය; චිත්‍රපටය
නැරඹිමට ප්‍රේක්ෂකයා පොළඹවා ගැනිමට තිබූ හොඳම
සහ ආකර්ෂණීයම මග වූ නිසා එදා චිත්‍රපට වලට
ගීත හත අට බැගින් එබූහ.
ඒ නිසාම ගීත රචකයන්ට
සිදුවූයේ චිත්‍රපට නිෂ්පාදකයන්ගේ අණසකට යටත් විමටය. එය සිංහල වාණිජ චිත්‍රපට ගීත කලාව දුර්වල වූ එක
තැනකි. එසේ ඇහිරී ගිය හරසුන් පද මාලා සහ මධුර ගී තනුවලට වග කියන්නට සිදු වූයේ
ජෝති, මිල්ටන්, බෙග්, ලන්ත්‍රා, ඇන්ජලින්, ලතා සහ සුජාතා වැනි ගායක ගායිකාවන්ටය.
එකම තනුවට විවිධ අවස්ථාවන්වලදී ගීත රචකයන් ලියූ විවිධ පදමාලා ජෝතිපාල ගැයූ ගිතවිසින්
ගයා තිබූ අවස්ථාවන් කොතෙකුත් හමුවන්නේ ඒ නිසාය. එය ඔහුගේ වුවමනාවට සිදුවුවක් බව නොපෙනෙන්නේ එදා
ඉන්දිය සිනමාවේ තිරගත වුණු ජනප්‍රිය හින්දි සහ දෙමල ගී තනු උපුටා ගැනීමේ තරඟයක්
ලංකාවේ වාණිජ චිත්‍රපට නිෂ්පාදකයන් අතර තිබූ බව පැහැදිළි වන හෙයිනි. ඒ නිසා ගී
තනුව හෝ පදමාලාව කුමක් වුවත් ජෝතිපාල ඊට උපරිම සාධාරණයක් ඉටුකර චිත්‍රපට
නිෂ්පාදකයාගේ අරමුණ සාර්ථක කරගැනිමට සිය දායකත්වය ඇති බව ඔහුගේ ගීත කලාව පිළිබඳව
විමසන විට පැහැදිලි වේ.
ඒ අයුරින්ම 70 දශකයේ සිංහල
සිනමාවේ රස සාගරයක් මැවූ යසපාලිත නානායක්කාරගේ තුෂාරා චිත්‍රපටද තිරගත් වූයේ 1973
වසරේදීය. විජය කුමාරතුංග සමග මාලනී ෆොන්සේකා රඟපෑ එයද අමරණීය ජෝතිමත් ගී පෙළක්
ඇතුළත් වූ චිත්‍රපටයකි. පී.එල්.ඒ.සෝමපාලගේ සංගීතයට ශ්‍රී නිහාල් ජයසිංහ ලියූ ගීත
රැසක් ඇතුළත්වූ තුෂාරා චිත්‍රපටයේ ගීත 07ක්ම ජෝතිපාල ගැයූ ඒවා විය. මා හද ඔබෙයි දයාවී, (ජෝති),
මිදුම් ගලා කන්දේ (ජෝති- ඇන්ජලීන්), කලක් තිස්සේ ( ජෝති- ඇන්ජලින්) , එපා උනොත්
හෙට ඕනෑවෙයි (ජෝති), කලක් තිස්සේ (ජෝති), ජීවනයේ මිවනයේ ( ජෝති- ඇන්ජලින්) , කවුදෝ
මේ ආවේ ( ජෝති- සුජාතා- ඇන්ජලින්) , මේ ආකාරයෙන් ජෝතිපාලට චිත්‍රපටවල නිර්මාණය වූ
ඇතැම් ගීත ඒකාකාරී බවක් දැනෙන්නේ ඒවා එකම වට්ටෝරුවකට ලියා තිබූ නිසාය. උසස් ගී රස
අපේක්ෂාකළ රසිකයන්ට ජෝතිපාල ගැයූ හොඳ සාර්ථක ගීත පවා එපා වූයේ එහෙයිනි. එදා
යසපාලිතගේ රස සාගරයක් මැවූ තුෂාරා චිත්‍රපටයේ ඇතුළත් වූ ජනප්‍රියම ගියකි මේ. චිත්‍රපටයේ
ඇතුළත් වූ ගීතය මද වශයෙන් වෙනස්කම් සහිතව ජෝතිපාල ඇන්ජලීන් සමග පසුව ගී තැටි වලට නැවත ගායානා කර ඇත.
මීදුම් ගලා කන්දේ
- ඉවසන්න බෑ සීතේ
උණුසුම් දැනේ
දෑතේ
ළංවී මට දැන්
කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ.....
රන් රුවක් වගේ
පෙම්බරා මගේ
මේ නිසංසලේ සිත් පහන් කළේ
ළා නිල්ලේ -
ඔන්චිල්ලේ - නැළැවිල්ලේ
මා මත්වේ -
මුසපත් වේ - රසවත් වේ
ළංවී මට දැන්
කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ.....
සෙවනැල්ල මෙන්
ඔබේ මම එන්නෙමී හොඳේ
වෙන් නොවී බැඳී සංසාරයේ
අපී..
ළා නිල්ලේ -
ඔන්චිල්ලේ - නැළැවිල්ලේ
මා මත්වේ -
මුසපත් වේ - රසවත් වේ
ළංවී මට දැන්
කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ.....
ගී පද මාලාව: ශ්‍රී
නිහාල් ජයසිංහ
සංගිතය:
පී.එල්.ඒ. සෝමපාල
ගැයුම: එච්. ආර්.
ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක
මේ ආකාරයෙන් වානිජ චිත්‍රපට ජෝතිමත් ගීයෙන් සැරසෙද්දී ජෝතිපාල ගේ ගීතවලට හැරවුම් ලක්ෂයක් එළඹියේ 1973 වර්ෂයේ දිය. ජෝතිපාල ගැයූ හොදම ස්වතන්ත්‍ර වෙළඳ ගී තැටි නිෂ්පාදනය වූයේද ඒ යුගයේ දිය. ඒ වන විටත් වෙළඳ ගී තැටි සහ චිත්‍රපට ගී වලින් සැරසුන ඔහුගේ හැරවුම් ලක්ෂය ජෝතිමත් ගීයේ සරත් සමයයි. අපි ඊළඟ කොටසින් ඒ ගැන කතා කරමු.......෴
ගීතයකට පෙර ගැයෙන කොටසක් "සොබාව හංගා" ගීතයේ වගේම "මුලදී බැන්ද ආදරයක " ගීතයේත් තියෙනවනේ...ඒ වගේ ජෝති ගයපු තවත් ගීත තියෙනවද
ReplyDeleteහසරැල්...
Deleteඒකෙ තියෙන්නේ මෙහෙමයි..
දුන්නොත් ඔබට හැර අත කොල්ලෙකුට වෙන
මේ විදියට පටන් ගන්න ගී ගණනාවක්ම හමුවෙනවා ලැබුණ විට ඉදිරියේ ඒගැන කතාකරමු. ස්තූතියි.
බහුතරයක් නවකයෝ ගොඩ යන්නෙ ජෝතිව විකුණගෙන. ඒ අයත් මේ ටික කියවල තිබ්බ නම් හොදයි වගේ.
ReplyDeleteස්තුති තොරුතුරුවලට !
කිව්වත් වගේ ජෝතිගේ ගීත කටපාඩම් වෙනවා දෙපාරක් ඇහුවොත් ඇති.
සෑම්....
Deleteනවකයෝ විතරක් වෙනවෙයි කමහර ප්‍රවීන ශිල්පීනුත් ජෝතිපාලගෙන යැපෙනවා. ඇත්තටම මේවා වරක් අසූ පමණින් මතකයේ රැඳෙන එක හේතුවක් තමයි ලියන්න පුළුවන් උපරිම සරල වචන භාවිතා කිරිම.. ස්තූතියි..
ජෝති රාත්‍රිය ඇහුවා නම් මේ ගීත සජීවීව ජෝති ගායනා කරන අපූරුව විදින්න පුලුවන්...ඒ අවස්ථාව ලගදීම අපේ බ්ලොග් පාඨකයන්ට ලැබේවි...
ReplyDeleteජෝති ට සහවිජය කුමාරතුංග යන මානව හිතවාදියාගෙ අවමගුල් වලට තමයි ලංකා ඉතිහාසයේ ලකෂ සංඛ්‍යාත ජනගගක් ගැලුවෙ ජෝති ගැන ලංකාදීප පත්තරේ ලිපි මාලවක් පළවුනා මේ වසර මුල...ඒ ටිකත් හොයාගෙන කියෙව්වා නම් මේ චරිතයෙ අමරණීය සාධක ඔබට හමුවේවි...එවන් රසකථාවක් ඊළග පෝස්ටුවෙදි බෙදා හදාගන්නම්...
ලංකාවෙ සැබෑම සුපර් ස්ටාර් අවිවාදයෙන්ම ජෝති පාල...මියගිහිල්ලා වසර 20 කට වැඩි උනත් අදටත් නවක තරු ගොඩයන්නෙ...හිගන්නො කීයක් හරි හොයාගන්නෙ...මේ මනුස්සයට පින් සිද්ධ වෙන්න...
Deleteඅපිට මතක උනාට ඒ හිඟන්නොන්ට මතක නෑනෙ..!
Deleteසිරා...
Deleteඇත්තටම පොදු ජනතාව වැඩියෙන් ගැවසෙන තැනක යාචකයෙක් හෝ රබානක් රැගෙන ගීත ගයන්නෙක් ජෝතිගේ ගියක් කිව්වොත් ඔහුට සෑහෙන ගානක් එතැනදිම ලැබෙනවා මම හොඳට දැකල තියෙනවා. බලන් ගියාම ඒකත් එක පිනක් තමයි. ස්තූතියි සිරා...
වීපාකෙුර
ඒකනේ කියන්නේ..
මේ සටහනේ වැඩිය ලියවෙලා නැති උනාට " නිල් අහසේ උමතුවලා " සිංදුවට මම මාරම ආසයි.. ඒකේ පොඩි කාලේ වර්ශන් එකත් මම කැමතියි..
ReplyDeleteදිනේෂ්....
Deleteනිල් අහසේ ගිතය ජෝතිම වර්ෂන් ගණනාවකට ගැයූවා එකකට එකක් වෙන් හැඟීමක්.තියෙන ගිත.ස්තූතියි
ජෝතිපාලගේ සින්දු ඔක්කොම වගේ ලස්සණයි. 'මිහිදුම් ගලා කන්දේ ' ගීය වැඩියෙන් අහන්ට හිතෙනවා. මේ ගී මෙච්චර මතක හිටින්නේ තනුව නිසාද? තේරුම සරල නිසාද?
ReplyDeleteපොඩ්ඩි...
Deleteඇත්තටම මේවා ඔර්ජිනල් හින්දි තනු. ඒවායේ ඇති මිහිර නොපරදින පදමාලා ලියන්න එවකට හිටි ගිත රචකයන්ට හැකිවුණා එයයි රහස. ඊළඟ ජෝති ගැන ලියන පෝස්ට් එක බලන්න ඒ වෙනස කොහොමද කියලා.. ස්තූතියි පොඩ්ඩිටත්.
ජෝති ගැයූ ලස්සන ගීත ටිකක්....ස්තුතියි මේ තොරතුරු අපි වෙනුවෙන් ලියනවට...
ReplyDeleteරෙහානි....
Deleteස්තූතියි... ඔබටත්..
සුහද පැතුම සහ තුෂාරා එක කාලෙම තිරගත උනේ..මම කාලයක් යනකල් කිව්වෙ සුවඳ පැතුම කියල..:)
ReplyDeleteසුහද පැතුමෙ හිටියෙ තිස්ස විජේසුරේන්ද්‍ර, නිළිය ස්වර්ණා කහවිට වගෙ මට මතක. දෝතින් දෝතයි ගීතයෙ බොහොම ජනප්‍රිය වෙච්ච කොටස තමයි…. කුරුකූ, කුරුකූ, කුරුකූ, කුරුකූ, කුරුකූ...........
තුෂාරා එකෙත් තිබ්බ එහෙම එකක්...එපා උනත් හෙට ඕනෑ වේවි ගීතයෙ තිබ්බ ඕ..ඕ..තුෂාරා කියල කොටසක්...
රවී...
Deleteඒකාලේ සමහර සිංදුවල මෙලෝ රහක් නැති වචන පුරවලා තියෙනවා. ඒ හින්දි තනුවේ තිබුණ අඩුව සම්පුර්ණ කරන්න. මම මතු දවසක් කියන්නම් ඇයි එහෙම කිසි තේරුමක් නැති වචන ගිත වගට එකතු වුනේ කියලා.අනික ඒකාලේ චිත්‍රපටයේ නමත් ගිතයට ඇතුල්විම අත්‍යවශ්‍යයි.ස්තුතියි
"ආලකමන්දාව " වැඩ සටහනට මේ පාර පැමිණියේ මාලනී ෆොන්සේකා මහත්මිය . එහිදි ඇය රඟපාපු චිත්‍රපටි වල බොහොම මිහිරි ගීත අහන්නට ලැබුනා . වැඩි හරියක් ජෝතිගේ ගීත . ජෝතිගෙ හඬ නැති චිත්‍රපටියක් නැති තරම් .ඔහු වෙනස් වෙනස් නළුවන්ට හඬ හසුරුවන ආකාරය පුදුමයි .
ReplyDeleteමට මතක හැටියට සුහද පැතුම චිත්‍රපටියේ හිටියේ මාලනියත් , තිස්ස විජේසුරේන්ද්‍රත් විය යුතුයි .
ගිම්....
Deleteමට් ඒ වැඩසටහන එදා මගහැරුණා...ආපහු ඒක හොයාගෙන බලන්න ඕනේ ස්තූතියි
man asama sindu tika thama, diya podak vemin-ranwan sina pee-adanne ei sudu menike.... eva hari lassana sindu!
ReplyDeleteවර්ෂා
Deleteඅපි ඒ ගිත ගැනත් ඉදිරියේදි කතාකරනවා.... ස්තූතියි
ඇත්තටම අදටත් ආසාවෙන් අහන්න පුළුවන් ගීතවත් හඬක් තියෙන ගායකයෙක් තමයි ජෝතිපාල මහත්මයා. හැබැයි එතුමාගේ සින්දු දැන් සල්ලි වලට අරන් ඉන්න එවුන් සින්දු කනවා. ජෝතිවත් එපා වෙනවා. අර පායා ඇයි හිනැහෙන්නේ කියන එක කියන එකා එක කියනවා නෙවෙයි අඬනවා
ReplyDeleteකෝරලේ මහත්තයා..
Deleteඑහෙම වෙන්නේ මේ ගීවලට අයිතිය කියන්න කිසිවෙක් නැති නිසා. අනික මේවායේ නියම හිමිකරුවන් දැන් දැන් වෙනස් වෙමින් යනවා.
ස්තූතියි
ජෝතිපාලටත් පදරුත් රස නොවන පද මාලාවන්ට ගී ගයන්න වුනු එක අවාසනාවක් තමයි.
ReplyDeleteඒත් කාලයේ තාලය කියලා හිතුවොත් පොදු ජනතාවට සමීප වෙන්න පුළුවන් හොඳම විදිහ තමයි ඒ. බරපතල වචන එක්ක ගී ගැයුවා නම් ජෝති මෙතරම් ජනප්‍රිය නොවෙන්නත් තිබුනා..
ස්තුතියි දයාරත්න මේ වගේ හැම කෝණයකින්ම බලන්න උත්සාහ කරලා ලියපු ලිපියට..
කලින් පෝස්ටුවේ අහපු ප්‍රශ්නෙට බොහෝ දුරට පිළිතුරු ලැබුනා...ජෝතිගේ හොඳ නරක ගැන විතරක් නැතිව සමකාලීන කලාක්ෂේත්‍රය විවරණය කරන්නත් උත්සාහ කරලා තියන නිසා මේ ලිපි පෙල මට නම් අළුත් අත්දැකීමක්..
රූ.....
Deleteඉදිරි ඒවයේ මේ ජනතාවට සමිප බව වැඩියෙන් දැනේවි. ඒ කාලේ ඔවුන්ගේ උත්සායහන් තුළ තිබූ අපූරු තොරතුරු ගැන ඇහුවාම
ලූෂන් බුලත්සිංහල මහත්මයා කියල තිබුන..ගායකයින්/රචකයන්/සංගීත ශිල්පීන්ගෙ කතෘ භාග අයකරගන්න..ජාත්‍යන්තර ආයතනයක් ආරම්භ කලාකියල. සියලු අයට ඒකට එකතුවෙන්නකියල.පිටරටින් ඉතා දියුනු උපකරන ලැබිල කියල ඒ අයට.මගුල් ගෙදරක තමන්ගෙ ගීයක් වෙන කෙනෙක් කිව්වත් අයකරගන්න පුලුවන් කියන්නෙ.
ReplyDeleteඉතා හොඳ දෙයක්..!
ජෝතිගෙ ගී වලට තියෙන ඉල්ලුමේ හැටියට...!!!(හිතාගන්නත් බෑ)
රවි,
Deleteලංකාවෙ නීතියෙ විදියට ගීයක අයිතිය තියෙන්නෙ පද රචකයට සහ තනු නිර්මාපකයට. ඒ හින්ද ජෝතිගෙ සින්දු ගොඩකට සල්ලි ගන්න පුලුවන් කරුගෙ පුතාට විතරයි ( තනු හින්දි තනුනෙ බහුතරය )
වීපොකුර..
Deleteගිතයේ රචකයාට, ගායකයාට, ගී තනුවට සාමාන්‍යයෙන් රැපියල් 10 ක් හිමිවිය යුතුයි මාධ්‍යයකින් ප්‍රචාරය වෙන හැම වාරයකදීම.සමහර චැනල් නිතයෙන් බේරෙන්න පුංචි මුදලක් නිර්මානකරුවන්ට වාර්ෂිකව චෙක්පතකින් ගෙවනවා.
ඉන්දික....
කරුණාරත්න අබේසේකරගේ ගිත තනු හින්දි වුනත් පදමාලාවලට කතෘ භාගය ගන්නේ දිලීප අබේසේකර
ඉස්සර ජෝතිපාලගේ සිංදු තියෙන විජයගේ හරි ගාමිණිගේ හරි රංගනය තියෙන චිත්‍රපටි බලන්ඩ අපේ අප්පච්චි තාම ආසයි. ඒ වගේ පිචර් එකක් (උන්දෑ වචන වලින්ම) ටීවි එකේ ගියොත් අනිවාර්යෙන්ම බලනවා...
ReplyDeleteනියම ලිපියක් !
මධුරංග....
Deleteඒ අප්පච්චලා වගේම මමත් දැක්ක හැටියේ සියලු වැඩකටයුතු නවතා ඒක බලනවා. ඒවායේ තිබුනේ අමුතු ගතියක් වගේම සුන්දරත්වයක්
නිහාල් නෙල්සන් කියපු දේ විතරයි කියන්න තියෙන්නේ..
ReplyDeleteඑච් ආර් ජෝතිපාල
එච්. ආර්. = හදවද රත්තරන්
ජෝති කවදාවත් මැරෙන්නේ නෑ..
ජෝති වගේම මම කැමති ගායකයෙක් තමයි ජේ ඒ මිල්ටන් පෙරේරා..
මාතලන්...
Deleteනිහාල් කවදත් කෙලින් කතා කරන මිනිහානේ...
අපි ඉදිරියේදි බලමු අනංගවාදය ගැන කතාකරන විට මිල්ටන් ගැන කතාකරන්න ස්තූතියි
koi tharam ahuwath epa nowena geetha...
ReplyDeleteසයුරි...
Deleteඒකනේ මේවා තාමත් රසිකයන් අත නොහරින්නේ...ස්තූතියි අවිවේකයෙන් බිඳක් වෙන්කලාට
ජෝති ගැන පිරිපුන් සටහන් සිංහල වෙබ් අවකාශයට එකතු කර තබනවට ඔබට බොහෝම ස්තුති!
ReplyDeleteතිස්ස...
Deleteඇත්තටම වෙනත් ප්‍රවීන ශිල්පීන් ගැන නිරන්තරෙයන් ඒ නිර්මානවල වලතුග ගැන කතාකළත් ජෝතිපාල වැනි ශිල්පීන්ගේ ගිත ගැන කතාකරන්නෙ නැහැනේ. ඒකයි මම ඔහු තෝරගත්තේ
මම පොඩි කාලේ ජෝතිගේ සිංදු කියනකොට අපේ තාත්තා බනිනවා "ඔය රස්තියාදුකාරයාගේ සිංදු වලට පුරුදු වෙන්න එපා" කියලා. අද ජෝතිගේ ගීතත් කොච්චර හොඳද කියලා හිතෙනවා.
ReplyDeleteසුදීක
Deleteඒකාලේ අපිටත් ඔය නිතයම ගෙදර පනවලා තිබුණා. මම අදටත් හිතනවා ඇයි එහෙම වුනේ කියල. එවන් අපූරු මතක කීපයකුත් ඉදිරියේදි ජෝති ගැන ලියනවිට ලියන්න හිතාගෙන ඉන්නවා..
බුද්ධික...
ReplyDeleteඔන්න මම ඇඩ් වුනා.... ස්තූතියි තොරතුර නැවත වතාවක් මතක් කළාට
දයා........මේ සටහන් මතු පරපුර අතට යන්න ඕන. බ්ලොග් ලෝකයට එහායින් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කොච්චර වටිනවාද.
ReplyDelete