“බාර් එකක්. අභ්‍යන්තරය රාත්‍රී 8.00 ට පමණ.මද විදුලි
ආලෝකයේ තවත් තුන්දෙනෙක් සමග මේසයක් වටා වාඩි වී බිබී ඉන්නවා. ඔවුන්ගෙන් දෙන්නෙක්
චන්දරේගේ පාසල් මිත්‍රයෝ...
1 වැන්නා: උඹල
දිගටම එකටද හිටියෙ
2 වැන්නා: (තුන් වැන්නා දිහාට මූණ හරවමින්) මූ අටේදි
අස්වුණා.... මට මතකයි ඒ කාලෙ (තුන් වැන්නාගෙන්)...... හතේදි නේද? කැප්පෙටිපොල ගැන වාක්‍ය රචනයක් ලියන්න කිව්වෙ?
ගුරුවරයා කලු ලෑල්ලෙ මාතෘකිව
ලියන විලාසය 2 වැන්නා අභිනයෙන් දක්වනවා
මූ ( චන්දරේ දෙසට ඇඟිල්ල දික්කරමින්)....
ලිව්ව....... “බෙහෙවින්ම ගම්බද පෙදෙස්වල වැවෙන දෙපැත්ත බූව සහිත කොල විශේෂයකි”
කියල.
1 වැන්නා: (හිනැහෙමින්)
මිනිහ ලියල තියෙන්නෙ කැප්පෙටි කොල ගැන.
3 වැන්නා: අපි
අපේ වීරයෝ අඳුනන්නෑ.
චන්දරේ: අපි
අහක විසිකරල තියෙන එරඬු දඬු වගේ.
අපිට මුල් නෑ ඒත් දළු එනව.”
(පාර
දිගේ - තිර රචනය)
ඒ තමයි විජය විජය කුමාරතුංග; ඔහු අද ජීවත්ව සිටියා නම් වයස අවුරුදු 69 කි.
බෙහෙවින්ම වියපත් රංගන ශිල්පියෙකි. ඇතැම්විට සිනමාවෙන් සමුගෙන දේශපාලනයේ කිරුළු දරන්නට
ඉඩ තිබුණි. ඒ සියල්ල පසෙක තබා ඔහු අපෙන්
සමුගෙන අදට වසර 26 කි. කාලය මේ තරම්
වේගයෙන් ඉගිල ගියාදැයි නොදැනේ. විජය අපෙන්
ඒ තරම් දුරට ඈත් වූවා දැයි නොසිතේ. රිදී තිරයේ ඉඳහිට ඇස ගැසෙන විජය තවමත් තරුණය;
බෙහෙවින්ම කඩවසම්ය; සුකුමාර යෞවනත්වයේ සොදුරු පෙම්වතාය; රිදි තිරයේ ප්‍රේක්ෂයකා
ආදරෙන් වැළඳගන්නා නිර්ව්‍යාජ, හිත හොඳ අවංක පෙම්වතාය. ඔහුගේ රූපකාය තවමත් ඡායාවක්
මෙන් රසික මනසේ නොනිදා හිඳින්නේ ඒ නිසා ය. එදා ඒ 70 -80 දශකවල සිනමාවට පෙම්
බැන්ද අප අද බෙහෙවින්ම වියපත්ය. විජය
කුමාරතුංග නම් වූ හිත හොඳ අවංක පෙම්වතා තවමත් තරුණ ය.
අස්වැන්නෙන් නිරන්තරයෙන් ඇගැයුමට එසේත් නැත්නම් බුහුමනට
ලක්වන කලාකරුවන් අතර විජයට හිමිවන්නේ වෙසෙස් තැනකි. විජය අසාමාන්‍ය රංගන
ශිල්පියෙකි, අපූරු හඬක් හිමි ගායන ශිල්පියෙකි, ගීත රචකයෙකි, මානව හිතවාදී
දේශපාලඥයෙකි. ඒ හැමටත් වඩා මිනිසුන්ට ආදරය කරන මිනිසුන්ගේ හැඟීම් හඳුනන අප්‍රමාණ
වූ සොඳුරු මිනිසෙකි. වචනයේ පරිසමාප්ත අරුතින්ම නිර්ව්‍යාජ වු කලාකරුවෙකි.
විජය ගැන බොහෝ දෙනා කෙසේ කොහාම ඇගැයුම් කලත් ඒ හැම එකක්ම
අතීතයට අදාල වූ සටහනක්ම වන්නේය. ඒවා වර්තමානයට අදාල කර ගත හැක්කේ එවන් ජනප්‍රිය
කලාත්මක චරිතයක් වර්තමානයටත් වර්තමාන රසික
පරපුරටත්, කලා ක්ෂේත්‍රය නියෝජනය කරන්නන්ට මෙන්ම දේශපාලනය කරන්නන්ටද විජයගේ චරිතය
තුළින් උගත හැකි දේ බොහොමයක් ඇති බැවිනි.
ඒ අතිත මංතලා ඔස්සේ ඇවිද අස්වැන්නෙන් විජය
කුමාරතුංග නම් වූ මම ආදරය කරන අප්‍රමාණ
සොදුරු මිනිසා සොයන්නේ නිතර අහන්නට නොලැබෙන ඔහුගේ දුර්ලභ ගීත කිපයක්ද සමග ය.
1945 ඔක්තෝම්බර් 10 වෙනිදා උපන් කෝවිලගේ විජය ඇන්ටන්
කුමාරතුංග එහෙමත් නැත්නම් අපි දන්න විජය සිනමාවට පිවිසෙන්නේ 1967 වර්ෂයේ තිරගත වූ
“මනමාලයෝ” චිත්‍රපටයේ සුළු චරිතයකට පෙනි සිටිමිනි. එහෙත් ඔහු චරිතාංග නළුවකු ලෙස
ප්‍රේක්ෂකයන්ගේ දෑස් ඉදිරියේ පෙනී සිටන්නේ 1969 තිරගත වූ සුගතපාල සෙනරත් යාපාගේ
“හන්තානේ කතාව” චිත්‍රපටයෙනි. හන්තානේ කතාව චිත්‍රපටයේ “බන්දුල” නම් වූ විශ්ව විද්‍යාල
සිසුවාගේ චරිතයට විජය පණ පෙවීය. 70 දශකය මෙරට
ගොඩනැගෙමින් තිබුණ තරුණ ආකල්ප, තරුණ ජවය, තරුණ පරපුර කලාව සහ දේශපාලනය වෙනස්
ආකාරයකට වටහා ගත් යුගය යි. හන්තානේ කතාව චිත්‍රපයට ද 70 දශකයේ තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම් එබිකම් කර තිබුණේ මුලුමනින් ම නව පරපුරකට මග
කියූ සිනමා කෘතියක් වූ නිසා ය.
හන්තානේ කතාව තුළින් විජය ඇතුළු නව සිනමාකරුවන්ගේ සම්ප්‍රාප්තිය
එවකට තරුණ පිරිසට මහත් ආශ්වාදයක් ගෙනදෙන්නක් වන්නට ඇත. ඒ යුගයේ තරුණ විලාසිතා, මෝස්තර, ඇදුම් පැළඳුම් අංග
චලනය, බස හැසිරවිම මෙන්ම තරුණ පෞරුෂය පවා විජය තුළින් ප්‍රති නිර්මාණය විය. ඒවා
සිනමාවේ අත්‍යවශ්‍ය රංගන රීතින් නොවන නමුත් විජය නිරායාසයෙන් ඒවා සිනමාවේදී භාවිතා
කළේ ය. ඒ නිසා ඒ යුගයේ තරුණ පරපුර විජයගේ ඒ ආකාර්ෂණීය තරුණ පෙනුමට වඩවඩාත් ළං වූහ.
විජයගේ ඒ නැවුම් ආකර්ෂණීය පෙනුම ගැඹුරින්ම ග්‍රහණය
කරගන්නේ එවකට වාණිජ සිනමාවේ කිරුළු පැළැඳි චිත්‍රපට නිෂ්පාදකයන් ය. ඔවුන්ට අවශ්‍ය වූයේ සිනමාගාරවල ප්‍රේක්ෂකයන්
සිහින ලෝකවල රඳවා තැබිය හැකි යෞවනත්වයේ කිරුළ හිමි කර ගත හැකි සිහින කුමාරයෙකි.
විජයගෙන් මේ සියලු කාරණා පිඹිඹු වූ නිසා වාණිජ සිනමාකරුවෝ විජයට වාණිජ සිනමාවේ දැළ
එලූහ.
ඒවන විටත් සිංහල සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගා
ගෙන සිටි ගාමිණී ෆොන්සේකාගේ ජනප්‍රියත්වයේ කිරුළ පවා විජය දෙසට හැරෙමින් තිබුණී.
ඊට හොඳම නිදසුන වන්නේ 80 දශකය වන විට සිංහල සිනමාවේ “ජනප්‍රියම නළුවා” යන අභිෂේක
නාමය විජය විසින් නතු කර ගැනිමය. ඊට ප්‍රධානම
හේතුව වූයේ ඔහුගේ අසාමාන්‍ය රූප සම්පත්තියයි.
එවන් අසිමිත රූප සම්පත්තියක් හෙබි
රංගන ශිල්පියෙක් එදා මෙදා තුර සිංහල සිනමාවේ හමුවී නැත්තේ ඒ නිසා ය.
වානිජ සිනමාවේ නැගී සිටීමෙන් සිදු වූයේ විජය තුළ සිටි ඒ චරිතාංග නළුවා සැඟවී ගොස් ජනප්‍රියම නලුවා
වන්නට විජයට සිදුවිම ය. ඒ නිසා ම ප්‍රෙක්ෂකයන්ගේ
දෑස් ඉදිරියේ වූ තිරයේ විජය “හිත හොඳ නිහතමානී අවංක නිර්ව්‍යාජ පෙම්වතා” බවට
පත්විය. ඔහුටද එයින් මිදෙන්නට අවශ්‍යතාවයක් නොතිබුණ බව පැහැදිළිය. වාණිජ සිනමාවේ
මේ අවශ්‍යතාවය විජය පසුපසු හඹා ආ හෙයින් චරිතාංග නළුවකු වීමේ වාසනාව ඔහුගෙන් ගිලිහි ඔහු ජනප්‍රියම
සිනමා තරුව බවට පත් කළේ ය. හරියටම ඒබව ඔහුගේම ගීයකින් කිව්වොත් මේ වගේ ය.
නූල්පොටක්
උරුම නැතුව හඬමින් මොලොවට ආවේ
හිනැහී මිය
යන්න මිසක හඬන්නට නොවේ
ලබාදෙන්න
අකමැති දේ උදුර ගන්නෙ නෑ
සාගින්නෙන්
මිය ඇදුනත් හිඟා කන්නෙ නෑ
අමරස විඳි
සුව යහනේ විසකටු ඇමිණේ
පැණි වරකෙට
හෙන වැදිලා නාඩන් වවුලනේ
ගැයුම : විජය
කුමාරතුංග
මෙහි සංගීතය
සහ ගී පද රචනය සොයාගත නොහැක.
විජය 1967 දී හන්තානේ කතාවෙන් සිංහල සිනමාවේ පළමු පියවර
තබා 1988.02.16 දින නික්ම යන විට ඔහුගේ සිනමා දිවිය යාන්තමට වයස අවුරුදු 20 ක්
සම්පූර්ණ කළා පමණි. ඒවන විටත් ඒ වසර 20 තුළ චිත්‍රපට 110 කට සිය රංගන දායකත්වය
ලබාදි තිබූණි. එයින් චිත්‍රපට 105 ක් තිරගත වූ ඒවා ය. චිත්‍රපට 05 ක් තිරගත වුයේ
නැත, ඒ අතර ඔහු විසින්ම නිර්මාණය කළ චිත්‍රපට දෙකකි. ඒ මංමුලාවැල් සහ සමාව යන චිත්‍රපට
ද්විත්වයයි. විජය මියගිය දිනය වන විට චිත්‍රපට
92 – 93 ක් පමණ තිරගත කර තිබුණි. ඉතිරි චිත්‍රපට සියල්ල තිරගත වූයේ ඔහු මියගිය පසුව ය.
විජය ගායන ශිල්පියෙකු ලෙසින් සිය ගායන සලකුණ තබන්නේද
සිනමාවෙනි. ඒ 1980දි තිරගත වූ සුමිත්‍රා පීරිස්ගේ “ගඟ අද්දර” චිත්‍රපටය සඳහා නිමල්
මෙන්ඩිස්ගේ සංගිතයට ඔගස්ටස් විනයාගරත්නම්
ලියූ “ගඟ අද්දර” ගීතය ගැයීමෙනි. විජය හන්තානේ කතාව චිත්‍රපටයෙන් එක රැයින් ජනප්‍රිය
නළුවකු වූවා සේ ම ඉන් වසර 11 කට පසුව ගඟ අද්දර චිත්‍රපටයෙන් ගායකයෙකු බවට ද පත් විය. විජයගේ ගායනයේ ඇති කුසලතාවය ඊළඟට ලබාගන්නේ
ප්‍රේමසිරි කේමදාසන් විසිනි. ඒ 1980 වසරේදි ම තිරගත වූ ධර්මසේන පතිරාජයන්ගේ
“පාරදිගේ” චිත්‍රපටයට ඩබ්ලිව්. ජයසිරි
ලියූ “පාවෙලා යන පාර වටේ” ගීතය විජයගේ හඬින් ගිතයක් බවට පත් කරමිනි. එය යුග ගියකි.
එදා විජයට ගායනයෙන් සහය වූයේ සුභාෂිනි
එවනස් නම් වූ ගායිකාව ය.
අනතුරුව 1981 වර්ෂයේ දී විජය තෙවෙනි වතාවටත් ගායන
ශිල්පියෙක් බවට පත්වන්නේ විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ “සූරියකාන්ත” චිත්‍රපටයෙනි.
එදා සූරියකාන්ත චිත්‍රපටයේ සරත් දසනායකගේ සංගීතයට
ගීතයක් ගැයුවේය. ආසන්න වසර දෙකක් තුළ චිත්‍රපට ගීත ගායන ශිල්පියෙකු ලෙස චිත්‍රපට
පසුබිම් ගී ගයමින් තම ආස්ථානය තහවුරු කරගත් විජය ඒ චිත්‍රපට තුනේම ප්‍රධාන චරිත
නිරූපණය කිරිම විශේෂත්වයකි. මතු දැක්වෙන්නේ විජය සුරියකාන්ත චිත්‍රපටයට ගැයු ඒ
මියුරු ගීතය යි.
සිතුම්
විහඟ සෙන් සරා නිදැල්ලේ
ජීවන පටුන
පුරා
පැතුම්
විහඟ සෙන් සොයා ඉගිල්ලේ
දෑසක සිහින
දරා
සිතක
කැකුලු මල් හසරැල් පීදෙන
උයන් තෙරක්
හමුවේදෝ
නෙතක කඳුළු
ගඟුළැල්ලක් වෑහෙන
අගාධයක්
හමුවේදෝ
සුවඳ
සිහිනයක දේදුණු එළියේ
සිතක
හැගුම් පිබිදෙන්නයි
ලොවට
හොරෙන් මා හද කුටියට
ඔබේ සුවඳ
පිවිසෙන්නයි
ගී පද
රචනය: කුලරත්න ආරිවංශ
ගී තනු
නිර්මාණය: රෝහණ වීරසිංහ
සංගිතය :
සරත් දසනායක
චිත්‍රපටය:
සූරියකාන්ත
ගැයුම:
විජය කුමාරතුංග
විජය රඟ පෑ චිත්‍රපට 110 අතුරින් චරිතාංග නළුවකු ලෙස
කුසලතාවය දැක්වූ චිත්‍රපට ඇත්තේ අතලොස්සක් තරම් වූ ප්‍රමාණයකි. ඒ සිනමා කෘති කිපය ඔහු අති විශිෂ්ඨ චරිතාංග
නළුවක් බවට පත්කරන්නට ප්‍රමාණවත් චිත්‍රපට
වේ.
ධර්මසේන
පතිරාජගේ - පාරදිගේ - (චන්දරේ)
ධර්මසේන
පතිරාජගේ - අහස් ගව්ව - (මහතුන්)
ධර්මසේන
පතිරාජගේ - එයා දැන් ලොකු ළමයෙක්
ධර්මසේන
පතිරාජගේ - බඹරු ඇවිත් - (බේබි මහත්තයා)
ලෙස්ටර්
ජේම්ස් පීරිස්ගේ - අහසින් පොළවට
ලෙස්ටර්
ජේම්ස් පීරිස්ගේ - බැද්දේගම (බබුන්)
සුමිත්‍රා
පීරිස්ගේ - ගඟ අද්දර ( දොස්තර සරත් පතිරණ)
ටයිටස්
තොටවත්තගේ - මරුවා සමග වාසේ
වසන්ත
ඔබේසේකරගේ - කැඩපතක ඡායා (ධනරත්න මුදලාලි)
සුනිල්
ආරියරත්නගේ - පොඩි මල්ලි
සුනිල්
ආරියරත්නගේ - අනූපමා
සුනිල්
ආරියරත්නගේ - ක්‍රිස්තු චරිතය (ක්‍රිස්තුස් වහන්සේ)
කරුමක්කාරයෝ
සහ මධු සමය
මේ චිත්‍රපට
සියල්ල අතරින් සමහර ඒවා ඇතැම්විට වාණිජ සිනමාවට නැඹුරු වූත්, තවත් සමහර ඒවා
කලාත්මක සිනමාවට නැඹුරු වූත් සිනමා කෘති වන අතර තවත් සමහර ඒවා කලාත්මක වාණිජ චිත්‍රපට
විය. කෙසේ වුවත් මේ සියලු චිත්‍රපට
සංකේතාත්මකව ගත් කළ විජය විශ්වාස කළ දේශපාලනයත් , කලාකරුවනු තුළින් පළකරන්නා වූ මානව හිතවාදි ගුණයත් විහිද වූ විජයගේ සිනමාවේ පැතිකඩක් බඳු චිත්‍රපට වේ.
මේ අතුරින් විජයගේ අතිවිශිෂ්ඨ
රංගන ප්‍රතිභාවක් පළ කළ සුනිල් ආරියරත්නගේ
- ක්‍රිස්තු චරිතය (ක්‍රිස්තුස් වහන්සේ ) සිනමා කෘතිය සිංහල චිත්‍රපට ප්‍රේක්ෂයන්ගෙන්
ගිලහී යන්නේ මෙරට ප්‍රේක්ෂකයන් බහුතරයක් බෞද්ධ ආගමිකයන් වූ බැවිනි. ඒ විජයගේ නිර්මාණයකට සෘජුවම ආගම අදාළ වූ නිසා ජනතාව එවන්
චරිතයක් පිළිගැනිමට මැලි වූ නිසාත් ය. අද දවසේ මෙරට නිපදවෙන බෞද්ධ සංකේත මුල්කරගත්
ඓතිහාසික ප්‍රබන්ධ ඇසුරින් නිර්මාණය වන සිනමා කෘති මුදල් උපයන් උල්පත් බවට පත්
කරන්නත් එදා විජයගේ ක්‍රිස්තු චරිතය ප්‍රේක්ෂකයන්
ඉදිරියේ අසාර්ථක වන්නේත් බෞද්ධ සහ ක්‍රිස්තියානි
ආගමික මුහුණුවර බලපෑ බවට තහවුරු වන හේතු සාධක පිරවරාගෙන ය.
අපේ ආත්මය
උදුරන් තුරුළු කරන් සැතපෙන්නට
මිනී
පෙට්ටි නිදිමරනව අපි එනකල්
දිග අඬුපඬු
දික්කරගෙන සාම්බ්‍රානි දුම් බීගෙන
මිනී
පෙට්ටි නිදිමරනව අපි එනකල්
සේසත් පෙර
මග බලනව ලී ඇත් දල නිදි කිරනව
මිනී
පෙට්ටි නිදිමරනව අපි එනකල්
කරදහි මල්
ඉකි බිදිනව පාවඩ වැතිරී නිදනව
මිනී
පෙට්ටි නිදිමරනව අපි එනකල්
ගැයුම : විජය
කුමාරතුංග
මෙහි
සංගීතය සහ ගී පද රචනය සොයාගත නොහැක.
විජය දේශපාලනයට නැඹුරුවන්නේ 1977 නව දේශපාලන පෙරළියත් සමග ය. දේශපාලනයේදී විජයට සිනමාවේ මෙන්ම පැහැදිලි දර්ශනයක් තිබුණි. ඊට සරිලන ප්‍රතිපත්තිද ඔහුට තිබුණි. ඔහු සිනමා ජීවිතයම කැප කළේ ප්‍රේක්ෂකයන් වෙනුවෙනි. එසේම දේශපාලන ජීවිතය ද මුලුමනින්ම කැප කරන්නේ පීඩිත ජනතාව වෙනුවෙනි. එහෙත් එදා සිටි ජනතාව විජයගේ දේශපාලන දර්ශනය වටහා ගන්නට අපොහොසත් වූයේ ඔවුන් රිදී තිරයේ ආදරය කළ සිහින කුමාරයා අතහැර දේශපාලනයට අතපෙවීම විජයට නොගැලපේ යැයි ඔවුන් සිතූ නිසා ය. අනෙක් අතට අද මෙන් එදවස මාධ්‍ය සංස්කෘතියක් නොතිබිමත්, තිබුණ එකම මාධ්‍ය රජය සතුවිමත් නිසා විජය අපේක්ෂා කළ දර්ශනය නිසි ලෙස ජනතාව ඉදිරියේ තබන්නට ඔහුට නොහැකි විය. බහුතරයක් ග්‍රාමීය ජනතාව ඔහු දේශපාලකයෙක් ය යන මතය තහවුරු කරන්නට ඉඩ නුදුන්නේ සිනමාවේ දුටු හිතහොද අවංක පෙම්වතා ඒ ගැමි ජීවිතය තුල ලැගුම් ගෙන සිටි බැවිනි.
එසේ වුවත් එදා විජයගේ දේශපාලන සම්ප්‍රාප්තියට අකමැති වූ
ජනතාවගේ දෙවන පරපුර අද දවසේ දේශපාලනය ගැන අබැටක් තරම්වත් දෙයක් නොදන්නා නළු
නිළියන් දේශපාලනයට කැදවා ඉහළින්ම දිනවන්නේ
එදා මෙන්ම අදටත් ඔවුන් තමන්ගේ සිහින ලෝකවලින් තවමත් මිදී නැති හෙයිනි.
විජය ගිත ගායනයට පිවිස වසර හතක් වැනි කෙටි කාලයක් තුළ
ගිත සියයකට ආසන්න ප්‍රමාණයක් ගැයුවේය. එයින් සියයට හතළිහක් පමණ ගිත ප්‍රේම ගීත ය.
ඉතිරි සියයට හැටම විරෝධාකල්ප ගිත සාහිත්‍යයට නෑකම් කියන ගීත නිර්මාණයන්ය. මංගල
නැකත, ගඟ අද්දර, දිනකර පායා, කවුලුව අතරින්, වේදනා, තනි යහන, සහ සිහින වෙරළ විජයගේ
ගීත නිර්මාණ ඇතුළත් වූ කැසට් පටයන් ය. මෙයින් වේදනා, තනි යහන, දිනකර පායා කැසට් පට
සාම්ප්‍රදායික ප්‍රේම ගීයෙන් මිදී සමාජය විවරණය කළ ගීත ඇතුළත් කැසට් පට වේ. මුල්වරට 80
දශකයේදී විජය විරෝධාකාල්ප ගීත සාහිත්‍යයට
නව ජවයක් ලබා දුන්නේ එවකට පැවති ආණ්ඩුවට එරෙහිවය. වේදනා කැසට් පටය අසූව දශකයේ ආරම්භයේදීම
නිර්මාණය වුයේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපති
වරයාගේ පාලනයට එරෙහිව ය. මේ ගීත අදටත් වළංගු වන්නේ ඒ නිසා ය.
වහලේ යට
ලීයේ
එල්ලී මිය ගිය
මගේ මලේ
මළේ කිමද
නුඹ දනිමි මලේ
ගෙපැල උගස්
කර ලැබූ ශිල්පයට
අවමන්
ගැරහුම් කරන නිසා
දැන හැදුනුම්කම්
නොමැති කිසිම තැන
සිනා පොදක්
හෝ නොදුටු නිසා
දම්සක්
පැවතුම් සුතුර පුරද්දී
නොදහම
සිහසුන සිහසුන දරන නිසා
එල්ලී මළ
බව දනිමි මලේ නුඹ
මරණින් මතු
ලොව හොඳය සිතා
බොජුන්
සදන්නට මාපිය දෙපොළට
අතමිට
සම්පත් සිඳුණු නිසා
සිරසට
වහලක් දෙපයට පොළවක්
සිතකට
නිවනක් නොලද නිසා
මිනියට
අන්දා දෙනෙහි තබන්නට
පමණක්
ඇඟලුම් තිබුණ නිසා
එල්ලී මළ
බව දනිමි මලේ නුඹ
මරණින් මතු
ලොව හොඳය සිතා
ගී පද
මාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය:
රෝහණ වීරසිංහ
ගැයුම : විජය කුමාරතුංග
ඒ අයුරින් විජය
සිනමාවේදී විවිධ චරිත නිරූපණය කරමින් මිනිස්කම විකසිත කළේය. එය සැබෑ ජීවිතයේ දී මිනිස්
හදවත් වලට ළංව සැබෑ මිනිසකුගේ ගුණසුවඳ පැතිරවිම පිණිස දේශපාලනයේ පරිණත බවට
ළගාවෙමින් සිටියේ ය. ඔහුගේ දේශපාලනය තුවක්කුවකින් නිකුත්වන ජීව උණ්ඩයකට සිදුරු කළ
නොහැකි තරම් ශක්තිමත් අරටුවක් සහිත දර්ශනයක් විජය වටා ගොඩ නැගෙන බව විජයට
නොදැනුනත් ඔහු දෙස බලා සිටි ඔහුගේ ප්‍රතිවාදීන්ට දැණින. විජය අප්‍රමාණව මිනිසුන්
කෙරහි විශ්වාසය තැබීය. ඒ විශ්වාසයේ කුඩා සිදුරක් ඇති බව ඔහුට නොපෙනුණි. විජයගේ
දේශපාලනය සිදුරු කළ නොහැකි බව දැනගත් ජීව උණ්ඩය සිංහල සිනමාවේ හිත හොඳ අවංක
පෙම්වතාගේ මුහුණ විනිවිද ගියේ ය.
සැතපෙන්නෙ
දෙවියන් සුරඹුවන් සමගයි
මළවුන්
නිදන්නෙ මළවුන් සමගයි
රහතුන්
වැඩියද ගිරිකුලු මුදුනේ
සුවඳ
පිරුනු මල් කෙදිනද පිපුණේ
වැරදීමෙන්
දෝ මා මෙලොව ඉපදුනේ
සයුර දිනන
ඔරු සයුරෙ දිලෙන්නේ
වෙරළ සිඹින
රළ වෙරළෙ හැපෙන්නේ
මතු කවදාදෝ
මා මට නැතිවෙන්නේ
ගැයුම : විජය කුමාරතුංග
මෙහි
සංගීතය සහ ගී පද රචනය සොයාගත නොහැක.
අපි පොඩි කාලෙදිම විජය නැති වුණ නිසා ඔහු ගැන ලොකු දැනුමක් නෑ.. හැබැයි ඉස්සර බලපු චිත්‍රපට වල දුටුව ඔහුගේ රුව තාම මතකයේ තියෙනවා.. මට විජය කිව්වම මතක් වෙන සින්දුවක් තමයි අර පාට සරුංගල් වාගේ අපේ ජිවිතේ කියන සිංදුව.. මොන ෆිල්ම් එකේද කවුද කිව්වේ කියන විස්තර මතක නෑ.. හැබැයි ඉස්සර ඔය සිංදු කිය කිය අපි පාරවල් දිගේ දුවපු හැටි මතකයි... පුංචි කාලේ හිටපු වීරයෝ දෙන්න විජය... ජීවන්..
ReplyDelete// පාට සරුංගල් වාගේ අපේ ජිවිතේ//
DeleteNo 17 නේද?
යෑස් නො.17 තමා... තව " විල්ලුද පුංචි දෙපා..." ඒකත් නො.17.
Deleteඑල දිව අග තිබ්බ මතක් කලාට මතක් වුනේම නෑ... අර හිරගේ ඇතුලේ කියන සින්දුවත් පට්ට.. ජීවන් එක්ක.. ඔන්න ඉතින් දැන් ඒක මතක නෑ.. එල "බවයෙන් බවේ විරාමේ අපේ කාලේ ටිකයි ජිවිතේ " ඔන්න ඔහොම කෑල්ලක් තියෙන්නේ.. සික් විතරක් මගේ මතකේ.. අනේ දයානන්ද අයියේ ඔය සිංදු ටික හොයල දාන්නකෝ
Deleteපැතුම්,
Deleteඉපදී ලොවේ නවාතැන් පලේ, මිනිසා රඟයි රංගනේ..
(ග්‍රේෂන් ආනන්ද) http://mp3skull.com/mp3/ipadi_lowe.html
පැතුම්...
Deleteවිජයගේ අන්තිම කාලේ ඔහුගැයූ චිත්‍රපට ගිත ඉතාමත් ජනප්‍රිය වුණා. ජෝතිගේ අභාවයෙන් පසු විජය රඟපාන ෆිල්ම්වල ගී ගයන්නේ ඔහු බවට ඔහු තීරණයක් අරන් තිබුණානේ. මට මතක හැටියට දිවයිනේ එකම සිනමා හලක වැඩිම කාලයක් ප්‍රදර්ශනය වුනෙත් නොම්මර 17 ෆිල්ම් එක. ඒකෙ සිංදු සියල්ලම අදටත් ජනප්‍රියයි.
ඉන්දික/ වීපොකුර/චන්දන
නොම්මර 17 වගේම කවුද රජා ෆිල්ම් එකෙත් මාර සිංදු සෙට් එකක් තිබුණා. ඉදිරි දවසක අහමු ඉඩ ලැබෙන විදියට ඔය සිංදු සෙට් එක
ස්තුතියි චන්දන ලින්ක් එකට... මට මේකත් හම්බ වුණා..
Deletehttp://www.youtube.com/watch?v=YEn0OYBou_Q
පොඩ්ඩක් ෆිල්ම් එක මතක් කරගන්න... :)
දයානන්ද අයියේ ස්තුතියි මේවා නැවත මතක් කරනවට..
මම නොම්බර 17 හතරපාරක් බැලුවා ඔය සින්දු සෙට් එක නිසාම. වැල්ලවත්තේ රොක්සි එකේ පෙන්නුවේ.
Deleteවිජය රඟපෑ චිත්‍රපටි වලින් කීපයක් හැර අනිත් සියල්ලම මම නරඹලා තියනවා . අදටත් නුදුටු චිත්‍රපටියක් රූපවාහිනියේ යනවනම් බලන්නෙ හරිම ආසාවෙන් . මේ සොඳුරු කලාකරුවා චිත්‍රපටි ලෝකයට පායපු සඳක් වගේ . ඔහුගේ වියෝව චිත්‍රපටි කලාව බිඳ වැටීමට හේතුවක් වෙන්න ඇති .
ReplyDeleteගිම්...
Deleteමම අදටත් ටීවි එකේ විජය රඟපෑ ෆිල්ම් එකක් යන බව දැන ගත්තොත් කොහොම හරි බලන්න පුරුදු වෙලා ඉන්නේ. විජය වැනි අය රඟපෑවේ අධ්‍යාත්මයත් එක්කමයි
විජය නැති උනාම මං ඇඩුවා. මොකද ඒ වෙන කොට මගේ වීරයා විජය..
ReplyDeleteඇය් උඹ විතරක්....මේ අපිත්..!
Deleteදේශකයා..../ වීපොකුර
Deleteමම එදා විතරක් නෙවෙයි අදටත් ඔහු ගැන දුක් වෙනවා.
විජය ජීවිතයෙන් සමුගිනිද්දි අපි පුංචි ළමයි... සිනමාවටත්, දේශපාලනයටත්, ලාංකීය සමාජයටත් සිටිය යුතුම මිනිසෙක් පටු දේශපාලන අරමුණු නිසා අහිමි වෙලා කියලයි හිතෙන්නෙ... අකාලෙ අපි අහිමි කර ගත්ත වටිනා මිනිසුන් කොයිතරම්ද 71, 88/89, යුද්ධය මේ හැම අවස්ථාවකම... ඒ හිඩැස, ඒ අඩුව තමයි අපි අද භුක්ති විදිමින් ඉන්නෙ...
ReplyDelete88/89 මහා බියකරු මතකයක් වගේ හිතේ රැදිල තියෙනවා.. තුවක්කුවක් තාත්තගෙ හිසටම එල්ල වෙලා තිබුණ හැටි.. රෑ ගණන් ගෙදරින් පිටවෙලා උන්නු හැටි... බල්ලෙක් බිරුවත් ඇහැරිලා බයෙන් ගැහි ගැහී උන්නු හැටි තාම මතකයි... කවදාවත් නොලිව්ව කතාවක් ලියන්න තියෙනවා... ඒ ගැන නම්...
තරු...
Deleteජීවින අත්දැකීම් කියන්නේ ඒව තමයි.. එදා ත්‍රාසය භීතිය, සංතාපය සියල්ලම තිබුණා.
විජය වැනි මිනිසුන් පහල වන්නේ එක් යුගයක පමණයි ඒක හරියටම කණ කැස්බෑවෙක් අහස දකිනවා වගේ කලාතුරකින් සිදුවන දෙයක්
මම හිතන්නේ අපේ රටේ නියම නලුවෙක් කියලා බිහි උනේ විජය විතරයි,,එයාගෙ ගීත ඔච්චර ගානක් තිබුනත් ගීත සුලු ප්‍රමානයක් ජනතාව අතර තියෙන්නේ,,,අනික්වා අහන්නත් නෑ,,,මේ ගීත හොයා ගන්න විදිහක් නෑද,,,
ReplyDeleteඉතාලි ඩිලාන්
Deleteඅපිට දැනෙන විදියට රඟපෑවේ විජය විතරයි. විජය ගැයූ සියලුම ගීත ප්‍රමාණය 108 ක් විතර එයින් ගිත 88 ක් විතර මා සතුව තියෙනවා. විජයගේ "සිහින වෙරළ" කැසට් පටය විතරයි අඩු.
අපේ රටේ බිහිවුණු දක්ෂ නළුවෙක් සහ ජනතාවාදී දේශපාලකයෙක් තමයි විජය. නමුත් ඔහුට පාදඩ දේශපාලනයේ ගොදුරුඅක් බවට පත්වෙන්න සිදු උනා. විජය ඇතුළු තවත් වටිනා ජීවිත අහිමි වීමේ විපාක තවමත් මේ රට අත්විඳිමින් ඉන්නේ..
ReplyDeleteෂෙහාන්...
Delete88 න් පස්සේ තමන්ට එරෙහිව නැගී සිටින ඕනෑම පුද්ගලයෙකු නිහඬකරවීමේ කලාවක් බඅහඅවුණා. ඒක ඇත්ත
මිනිහෙක් තරුණ කාලෙදි මියගියාම එක අතකට ඒ තැනැත්තා අමරණීය වීමක් සිදුවෙනවා. කවදාවත් වියපත් වෙන්නේ නෑ. විජය ගොඩක් අයගේ හිත්වල ආදරය පුරවගෙන ජීවත් වෙන්නේ ඒ හන්දා වෙන්ට ඇති. විජය කුමාරණතුංග කීවාම මගේ හිතට එන්නේ 'හොයි හොයි තුෂාරා' ගීය. :D
ReplyDeleteලංකාවට ගිය වෙලාවක අලුත් 'තුෂාරා' ෆිල්ම් එකක් බැලුවා. ඒකේ නලු නිලියන් දැක්කාම පරණ ෆිල්ම් එකෙත්, අලුත් එකෙත් වෙනස හොඳින් කැපිලා පේනවා.
මට හිතාගන්ට බැරි මේ විදියට තොරතුරු හොයාගෙන මේ වගේ සටහන් තියන්ට දයා තුල කලාවට තියෙන ආදරය. ලැදියාව. හැමෝටම මෙහෙම කැපවීමකින් වැඩ කරන්ට අමාරුයි.
හොයි හොයි..??? ඕ.. ඕ.. නෙමේ ද ?
Deleteහී හී...මම දන්නේ නෑ අය්යෝ...මට ඇහුනේ එහෙමයි...
Deleteඔහො තුෂාරා.... :D
Deletehttps://www.youtube.com/watch?v=caNpPiQCsOA
පොඩ්ඩි...
Deleteදන්නවද තුෂාරා චිත්‍රපටය තිරගත වුණාට පස්සෙ මුල්වරට ලංකාවෙ එකම සිනමාහලක දින 100 ක් දර්ශනය වූණා. එයින් පස්සේ තමයි දින 100 ෆිල්ම් වලට ආවේ.
මධුරංග/ මියුරු
තුෂාරා වගේ ෆිල්ම් වල සිංදු හැදුවේ හින්දි චිත්‍රපටවල ආකෘතියට ඒක්ය් සමහර සක්ක පද යෙදල තියෙන්නේ
මමත් විජය රඟපාපු චිත්‍රපට සැහෙන්න බලල තියෙනව. මග ඇරෙන්න ඇත්තේ කීපයයි. කඩවසම් බැවින් ඔහුට සමකල හැකි නළුවෙක් සිංහල සිනමාවට වෙන ආවේම නැද්ද කොහෙද . ඔහුගේ රඟපෑම් ගැන නම් ලොකු විචාරයක් කරන්න අමාරුයි. ගැඹුරු සංකීර්ණ චරිත වැඩිය ලැබුනේ නැහැ ඔහුට. කැඩපතක චායා වගේ චිත්‍රපට හැරෙන්න සාමාන්‍ය පෙම්වතා ලෙස මිසක් සැලකිය යුතු ගැඹුරක් ඇති චරිතයක් ලැබුනද ..නමුත් එහෙම ලැබුන නම් ජාත්‍යන්තර තලයට යන්න වුනත් හැකි කඩවසම් බවක් තිබුණ නළුවෙක්. ස්තුතියි දයා ..ගඟ අද්දර ගීතය තමයි මම ඔහුගේ ආසම ගීතය
ReplyDeleteබැද්දේගම...ගැඹුරු නැද්ද බින්දි...හරිම සංකීර්ණ චරිතයක්නෙ.
Deleteබැද්දේගම බබුන්ගේ චරිතය ඒ පරිසරය අනුව සලකා බලද්දි විජයගෙ පෙනුමත් එක්ක ගැලපෙනවා මදි කියලයි මට හිතුනෙ....මොකද එවැනි පරිසරයක පැහැපත් සිරුරක් ඇති කෙනෙක් දුර්ලභ නිසා.
Deleteබින්දි...
Deleteගඟ අද්දර දෙවනියට ගැයූ ගිතය. මුල්වරට පාරදිගේ ෆිල්ම් එකේ කේමදාස සංගිතයට පාවෙලා යමු පාර වටේ ගීතය ගැයුවා.නමුත් චිත්‍රපට ප්‍රදර්ශනය වෙද්දි ගඟ අද්දර ඉස්සර වුනා. විජයට චරිත හම්බවුනේ ඔය මම දාල තියෙන ඒව විතරයි. අනෙක් ඒව වාණිජ චිත්‍රපට.
වීපොකුර/ සිරා...
මටත් හිතෙනවා බැද්දේගම බබුන්ගේ චරිතයට ඊට වඩා හැඩිදැඩි චරිතයක් තිබුණනම් හොඳයි කියලා.
ක්‍රිස්තු චරිතයේ ඔහුගේ රඟපෑම විශිෂ්ටයි. ධර්මසේන පතිරාජගේ සිනමා උළෙලක් තිබුණ ''අහස ගව්වෙන් ඔබ්බට කියල ''92 හෝ 93. දයාට මතක ඇති. එතැනදී විජය ඉන්න චිත්පට කීපයක් සිනමා තීරයේම බලන්න ලැබුණ. ටීවී එකේ වෙළඳ දැන්වීම අතර පෙන්නු පරණ චිත්‍රපටි වල නම් රඟපෑම ගැන මතක හිටින්නේ කලාතුරකින්.
ReplyDeleteඑහෙනං 93දි එල්ෆින්ස්ටන් එකේ අපි දෙන්නම එකට ඒ ෆිල්ම්ස් ටික බලල් තීනව!
Deleteබින්දි...
Deleteමට නම් පතිරාජගේ සිනමාව අයෙමත් මේ රටේ ප්‍රේක්ෂකයන්ට කියවන්න තිබුනොත් හොඳයි කියල හිතෙනවා. මොකද ඒ චිත්‍රපට වල තිබුනෙ කලාත්මක දේශපාලනයක් .
ඉන්දික
අනේ මම ඒකාලෙ කොළඹ හිටියෙ නැහැනෙ
විජය කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්..ගායකයෙක්..... ඒ වගේම දේශපාලඥයෙක්.. !
ReplyDeleteවිජය කියන නම ඇහුනම ඊට පස්සේ මතක් වෙන්නේ මාලනීව. :)
මධුරංග
Deleteවිජය මාලනී විතරක් නොවේ ගාමිණීත් හිටියා ඔය අතරේ
අද තමා කාලෙකට පස්සේ බ්ලොග් පැත්තට ආවේ. මඟඇරුණු ලිපි ගොඩාක් තියනවා කියවන්න. පුළුවන් විදිහට ටික ටික කියවන්න ඕනා.
ReplyDeleteවිජය කියන රංගන ශිල්පියා, ගායකයා සහ දේශපාලකයා ඒ හැම අංශයකින්ම පරිණතයි කියලයි මට නම් දැනෙන්නේ. ඇත්තටම ඔහුගේ වියෝව මේ හැම අංශයේම ලොකු හිඩැසක් ඇති කළා.
ක්‍රිස්තු චරිතය චිත්‍රපටියේ ඔහුගේ රගපෑම නම් අග්‍රගන්‍යයි. මට මතකයි අපි මේ චිත්‍රපටය බලන්න මීගමුවේ King's සිනමා ශාලාවේ (මේ සිනමා ශාලාව දැන් නෑ) පෝලිමේ හිටියා. මීගමුව කතෝලික ප්‍රදේශයක් නිසා වෙන්න ඇති සිනමා ශාලා පිරෙන්න සෙනඟ හිටියේ.
විජය ගේ ගීත වලින් මම ආස කරන්නේ ගඟ අද්දර සහ දඟගෙයි දඬුවම් ගීත වලට.
ගිහාන්...
Deleteවිජයගේ සියලුම ගීත එකකට එකක් වෙනස්. අපි සංයමයකින් ඇහුවොත් ඒවයේ වෙනස් රිද්මයක් වගේම වෙනස් අදහසක් හොයාගන්න පුළුවන්.
ක්‍රිස්තු චරිතය විජේ නැති උනාට කාලයක් පස්සෙනෙ ආවෙ ( මතක විදියට 92 විතර ). ඒකත් එක්කම අපි ටී වි එකේ දැකපු ( අවුරුද්දු නිවාඩුවෙ නිවාඩු පාඩුවෙ මහ සිකුරාදට කලින්දා ටී වී එකේ පෙන්නපුව ) එක්ක බැලුවම විජේගෙ රඟපෑම ඇර අනික් දේ, විශේෂයෙන්ම කලා අධ්‍යක්ෂනය එහෙම බොහොම දුර්වල තත්වය තිබ්බෙ. අනික ෆිල්ම් එකේ ප්‍රින්ට් එක උනත් මට මතක විදියට එච්චර වර්ණවත් නෑ ( මම බැලුවෙ රීගල් එකේ වෙලත් ). ඒ හින්දත්, ඒ වෙනකොට සිංහල සිනමාව ඇගේ වෛරය ඉවරවෙලා බැහැගෙන යන කල ලබල තිබ නිසාත් වෙන්න ඇති ක්‍රිස්තු චරිතයට සාධාරණයක් නොවුනෙ.
ReplyDeleteවිජේගෙ මම කැමතිම " මං පඩි අරන් එනතුරු ඉඳපන් අම්මේ" කියන මහවැලි කම්කරුවගෙ සින්දුව.
correction
Delete//එකේ පෙන්නපුව ) නාසරතයෙ ජේසු වගේ එව්ව එක්ක බැලුවම //
ඉන්දික...
Deleteමට හිතෙන්නෙ ඒදාත් අද වගේම බෞද්ධ - කතෝලික ප්‍රශ්නය යම් තරමක් දුරට බලපෑවා "ක්‍රිස්තු චරිතය" ෆිල්ම් එකට. අනික ඒ යුගයේ අද තරම් තාක්ෂණය දියුණු නැහැනේ. ඒ නිසා ඒ අඩුව තිබුණා.
මමත් විජයගේ සිංඳු වලට කැමතියි..චිත්‍රපටි නම් ටීවී එකේ පෙන්වපු කීපයක් බලලා තියෙනවා.ඒත් ලොකු මතකයක් නෑ.විජයට වෙඩි තියලා කියන ආරංචිය එනකොට අම්මලා තාත්තලා දුක් වුන හැටි නම් මතකයි..
ReplyDeleteඩැයිවර් කොල්ලා...
Deleteඔබ වැනි අයට දැනගන්නත් එක්ක විජය රඟ පෑ ෆිල්ම් ෆෙස්ටිවල් රට පුරාම තියන් ඕනේ. එවිට එවන් චරිත හඳුනගන්න පුලුවන්. නමුත් විජය ගැයු ගිතවලනව් ඇසූ ඒවට වඩා නොඇසූ ඒව වැඩියි
විජය.. අමරණීය කලාකරුවා. ගායකයෙක් වශයෙනුත් මං කැමතිම කෙනෙක්. 'රූස්ස ගහ ළඟ පාලු මාවතේ', 'තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න' වාගේ සින්දු මං ඉතාම ප්‍රිය කරන ඒවා.
ReplyDeleteචන්දන
Deleteවිජයගේ සියලුම ගිත අහන්න පුලුවන්නම් ඔහුගේ ගීත කලාව ගැන නිවැරදි අවබෝධයක් ලබාගන්න පුලුවන්. ඒවිට තවත් හොඳ ගීත හොයාගන්න පුළුවන්
විජය අමරණික කලාකරුවෙක්.. ඒක මේ වෙද්දිම ඔප්පු වෙලා ඉවරයි.. මම ඔහුගේ චිත්‍රපට ටීවි එකේ යන හැම වෙලාවකම වගේ නරඹලා තියෙනවා.. ඔහු දේශපාලනය නොකරනම් අදත් අපි අතරම ඉන්න තිබුනා..
ReplyDeleteදිනේෂ්....
Deleteඅද මේ චන්ද ඉල්ලන්න දඟලන අය බොහෝ දෙනෙක් පෙළමුනේ විජය නිසාත හැබැයි අද අයගේ රංගන කාවවත් දේශපාලනයත් දෙකම නෑ තියෙන්නෙ ටිකක් ජනප්‍රිය බව විතරයි
කියවගෙන යන කොට ඇස්වල තෙත ගතිය වැඩි උනා.. මේ අති සුන්දර මිනිසා අමු අමුවේ ඝාතනය කළ සියල්ලන්ටම සාප වේවා. මේ තරම් ලස්සන මේ තර්ම් ගුණ යහපත් මනුස්සයෙක් මම තාම නම් ලංකාවේ දැකලම නෑ..
ReplyDeleteඅපරාදේ කාළකන්නි දේශපාළණයට ගියේ..
මාතලන්
Deleteඔහු අද ඉන්න නලු බට්ටන්නට වඩා පරිනත බුද්ධියක් තිබුණ දේශපාලකයෙක්. ඒත් ඉතිං හැදෙන ගහ මුලින්ම කලපන සංස්කෘතියක් ඒදා ඉඳන් අපට තියෙනවානේ. මොනව කරන්නද
විජයගෙ ගොඩක් චිත්‍රපට මාත් බලලා තියෙනවා... 'ගඟ අද්දර' සින්දුවටයි 'දඟ ගෙයි දඬුවම්' කියන සින්දුවටයි තමයි මං ගොඩක් කැමති... විජය සින්දු කියන්න පටන් ගත්තු මුල් කාලෙ චන්ද්‍රලේඛාත් එක්ක කැසට් එකක් ගැහුව නේද... මට ඒකෙන් හොඳටම මතක චන්ද්‍රලේඛාත් එක්ක කියපු 'සැරයටියෙන් අපි යනෙන තුරා' කියන සින්දුව....
ReplyDeleteඅර දයා කියල තියෙන පාරදිගේ චිත්‍රපටයට ගයපු 'පාවෙලා යන පාර වටේ' කියන සින්දුව සොයාගන්න බැරි උනාද අනේ... මට හරි ආසාවක් ඇති උනා ඒක අහන්න... සමහරවිට අහලා ඇති... ඒත් මතකයට එන්නෙ නෑ... ඔය ඩබ්. ජයසිරි ලියපු සින්දු අහන්න මං හරිම ආසයි...
මියුරු....
Deleteමම ඉදිරි දවසක පාවෙලා යන පාරවටේ ගිතය හොයාගෙන වෙනම පෝස්ට් එකක් විදියට දාන්නම්. ඒචිත්‍රපටය ගැන වෙනම විස්තරයකුත් එක්කම
මං කැම.ිම මසනුස්සයෙක්...සහ එයා ගැන නොදන්න තොරතුරු වැලක්..
ReplyDeleteබොහොම ස්තූතියි..
තරුවා....
Deleteබෙහෙවින්ම ස්තූතියි. මෙනව් විශිස්ඨයන් ගැන දැනගත යුතුමයි
මගේ මවගෙ පියා එහෙමත් නැත්තං මගේ සීයා තමයි ගම්පහට විජය ආපු වෙලාවක එතුමා පිළිගන්න බුලත් හුරුල්ල දීලා තිබුනෙ....මොකද සීයා රැස්වීමේ සංවිධායකයෙක්....එදා විජයව බලන්න රොත්ත බුරුත්ත පිටින් ජන ගගක් ගැලුවලු....ආචිචි අතේ උන්න පුංචි සිරාගෙ පංචායුධයටත් ඒ ජන ගග අතර හිටිය එකෙක් විදලා...පංචායුධය නැතුව තමයි කොලුවා ගෙදර ඇවිල්ලා තියෙන්නෙ.
ReplyDeleteරංගන ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනා ඉන්නවා මගේ හිත මිතුරන්...ඒ වගේ වේදිකාවට සම්බන්ධ අද රගපාන්නෙ නැති ශ්‍රියන්ත, කමල් වැන්නවුන්ගේ සමකාලීනයෙක් මට කියපු කථාවක් මේ.
අපි එදා නාට්‍යයක වැඩකට යන ගමන් හිටියෙ...බස් එකේ කාර්මික දෝෂයක් හින්දා මරදාන ඉස්ටේෂම කිට්ටුව බස් එක නතර කරලා කට්ටියම බිමට බැහැලා එක එක තැන් වල පොඩි පොඩි කථා වල හිටියෙ. එක පාරටම කාර් එකක් රිවර්ස් එකට ආවා. ඒක බස් එක ලගින් නවත්තලා බිමට බැස්සෙ විජය.
මම මේ යන්න ගිහිල්ලා ආයෙමත් ආවෙ. මොකද බස් එක හදාගන්න පුලුවන්ද ? කට්ටියම කාලද ඉන්නෙ...බත් මුල් ටිකක්වත් ගෙනත් දෙන්නද.....සහෝදර කලා ශිල්පීන් උදෙසා හෝ ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ ඉන්නා කලාකරුවෙකු වර්තමානයේ මෙසේ කථා කරයිද ?
මගේ හිතවතා මෙහෙම කථාවකුත් කිව්වා....මගේ ජීවිතයට මම දැකපු ලස්සනම මනුස්සයා විජය...ඔහුගෙ හම රත්තරං පාටයි...එවැනි ලස්සනක් මිනිහෙක්ට ලැබෙන්නෙ පින නිසයි.
දයානන්ද අයියා මේ ලිපිය තුල සදහන් කල හන්තානේ කථාව මම ඉතාමත් ප්‍රිය කරන චිත්‍රපටයක්. අමරසිරි කලංසූරියත් රංගනයට පැමිණියේ මේ චිත්‍රපටයෙන් විය යුතුයි....ඉතාම අගය කරනවා මේ ලිපිය.
සිරා...
Deleteඇත්තටම ඔබේ පියාගේ පරම්පරාව ඒ අතින් වාසනාවන්තයි. පංචායුදේ නැති වුනත් විජය පෙන්වන්න එක්ක ගිය එකට. දැන් මතකයේ නැති වුනත් කමක් නෑ ඒ අතිතය මිහිරියි.
හන්තානෙ කතාව අලුත් පරපුරක්ම සිනමාවට ආ ෆිල්ම් එකක් නේ මම ඒක හොයාගත්තොත් දවසක ලියන්නම්. කලං ගැනත් විමල් කුමාරද කොස්තා ගැනත් ඉදිරියේ ලියන්නම්
වැදගත් කරුණු ඇතුළත් අපූරු වියමනක්.........!
ReplyDeleteතරුණ කාලේදී මියයන නළුවෝ හැමදාමත් තරුණව රසිකයින්ගේ හදවත් වල ජිවත් වෙනවා නේද? විජයටත් ඒ දේම තමා වෙලා තියෙන්නේ. විජය කිව්වහම හැමදාමත් මතක් වෙන්නේ තරුණ, කඩවසම් මනුස්සයෙක් :)
ReplyDeleteගඟ අද්දර ගීතයට මම ආස වුනත් ගායනා කරන්නේ විජය කියල දන්නේ මෑතකදී සමහර රී මික්ස් තියෙනවා අහද්දී ඇඟේ මාළු ගඟේ නටන.
ReplyDelete
ReplyDeleteසිංහල සිනමාවට හිටිය ලස්සනම පෙම්වතා විජය , මේ පාර 31දා රිදී රැයක් එකට පෙන්නුවා විජයගෙ ෆිල්ම්ස්වල සිංදු දාල , එයා එක්ක ප්‍රධාන චරිතෙ රඟපාන නිළියන් ඒ වෙලාවට වේදිකාවට එන්න හදල තිබුන.හරි දුක හිතෙනවා ඒ ෆිල්ම්ස් දැක්කම.
දයාගේ උපන්දිනය නම් පහුවුනානේ, ඒත් මම දැන් සුබ පතන්නම්
සුභම සුභ උපන්දිනයක්වේවා!!!!!!!
විජය කියන්නේ මහා අපූරු මිනිහෙක් කියලා දන්නවා. දයා මේ ලිපිය ලිවීම ගැන ස්තූතියි. විජයව මරලා දාන කොට මම නිවාඩුවකට ලංකාවට ඇවිත් හිටියේ. ඒ ගේ ගාවින් කිරුලපන පැත්තට යමින් ඉන්න කොට වෙඩි සද්දයක් ඇහුනා. ඒ තමයි ඒ සුන්දර මිනිහාගේ අන්තිම මොහොත.
ReplyDeleteවිජයගේ චිත්‍රපට ජීවිතය ගැන එයාත් එක්ක රඟපා ඇති මගේ මස්සිනා බොහෝ දේ කියා තිබෙනවා. ක්‍රිස්තු චරිතයේ විජේව කුරුසයට තියා ඇණ ගහන්නේ ඔහු.
යහපත් අයට ආයුෂ අඩුයිලුනේ..........
ReplyDelete//3 වැන්නා: අපි අපේ වීරයෝ අඳුනන්නෑ.
ReplyDeleteචන්දරේ: අපි අහක විසිකරල තියෙන එරඬු දඬු වගේ.
අපිට මුල් නෑ ඒත් දළු එනව.”//
ඇත්ත ඕක තමයි..අගක් මුලක් දන්නේ නෑ කිසිම දේක කවුරුහරි කියන දෙයක් අහන් කණවැල අල්ලන් ඔහේ යනවා...ඉපදුනාට ජීවත් වෙනවා..මුලුත් නෑ දළුත් නෑ..!
විජය අමරණීය චරිතයක්..ඔහු තුළ තිබූ පෞර්ෂය ඒකට හේතු වෙන්නැති..ඔහුගේ මේ බොහෝමයක් ගීත මාත් අසා නැහැ..ඒ පිළිබඳ ඔබේ සටහනට ස්තූතියි..ඔබ වැන්නවුන්වත් මේ ඉතිහාසයන් නොලිව්වොත් දැනගැනීමට කැමති නමුත් ඊට අවස්ථාවක් නොලද අපි පව්..බ්ලොග් ලෝකයේ කියවා අමතක කරන පල්හෑලි මැද මෙවන් ලිපියක වටිනාකම් අත්‍යන්තයෙන්ම ඉහළයි..