එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Monday, 8 July 2013

෴ විස්ලිං නිහාල් 2 වන කොටස පන්සර ගී ෴

                     

                      සිවුරුහන් සංගීතයේ ලාංකේය  රිද්මය

ගුවන් විදුලි වාදක මණ්ඩලයේ බටනලා වාද්‍ය ශිල්පියකු ලෙස කටයුතු කරන අතර ගායක ගායිකාවන්ට සරල ගී වැඩසටහන් ලැබෙනවා සේම  සංගීත ශිල්පින්ට සිය නිර්මාණ ඉදිරිපත් කිරිමට ලැබෙන වැඩසටහන් එකල ගුවන්විදුලියේ ක්‍රියාත්මක වූ නිසා නිහාල්ටද එවැනි අවස්ථාවක් නැවුම් මිහිර වැඩසටහනෙන් ලැබුණි. එදා තමන් විසින්ම නිර්මාණය කර ගත් බටනලා වාදනයක් ( Flute Solo ) එම වැඩසටහනේ දී ඉදිරිපත් කිරිමට  හැකි විය. ඒ බටනලා වාදනය ගුවන්විදුලිය ඔස්සේ අසා සිටි සංගීතවේදී සරත් දසනායකයන් ද එවකට නිරන්තරයෙන් ගුවන් විදුලියට ආගිය සංගිත අධ්‍යක්ෂකවරයෙකු විය. පසු දින ගුවන් විදුලියට පැමිණි සරත් දසනායකයන්  එහිසිටි  සිය මිතුරකු වූ එවකට ගුවන් විදුලියේ සේවය කළ  ස්ටැන්ලි ද අල්විස් ගෙන් පෙර දින ඇසූ බටනලා වාදනය පිළිබඳවත් වාද්‍ය ශිල්පියා පිළිබඳවත් විස්තර විමසා සිටි නිසා ස්ටැන්ලි විසින් නිහාල් සී ජයවර්ධන සරත් දසනායකයන්ට හඳුන්වා දුන්නේ ය.

නිහාල්ගේ මුල්ම සංගිත වැඩසටහන ඇසු සරත් දසනායකයන්ට ඔහුගේ සංගිත භාවිතය පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබූ නිසා බාහිර පටිගත කිරිමකට බටනලා වාද්‍ය ශිල්පියකු ලෙසින් නිහාල් කැඳවූයේ බොරැල්ල බිෂොප් පැලස් හි තිබූ ශබ්දාගාරයට ය. එදා එහි පටිගත කිරිමට නියමිව තිබුණේ විජය රාමනායක නිෂ්පාදනය කරමින් තිබු අමරදේවයන්ගේ “පිපුණු කුසුම“ කැසට් පටයයි. එදා එහිදී පටිගත කළ අමරදේවයන්ගේ “පා වෙනා නිල් වලාවේ“ ගීතයට පළමු වරට බටනලා වාදනය මුසු කළේ නිහාල් විසිනි. එය ඔහුගේ පළමු බාහිර පටිගත කිරීම විය. එදා සරත් දසනායකය් පෙන්වා දුන් මංතලාවේ නිහාල් සරත් දසනායකයන්ගේ අමරණීය ගීතයක් විසිල් කළේ මෙසේ ය.



Related Posts Plugin for WordPress, Blogger...