ගරු පියතුමකුගේ
අතින් ලියැවුණ කිතුනු ගී:
මේ
අසිරිමත් නත්තල් සමයේ අස්වැන්නෙන් පසුගිය සතියේ කිතුනු ගීතය පිළිබඳ අධ්‍යනයක යෙදුනෙමු. ඒ නිසා මේ සතියෙත් නත්තල ආශ්‍රිතව හැදී වැඩුණු
සිංහල කැරොල් ගීතය සහ ගීතිකා පිළිබදව තවදුරටත් කෙටි කතාබහක යෙදෙමු. ඒ සදහා අද මා
තෝරා ගත්තේ සිංහල ගීත සාහිත්‍යයට මහඟු සේවයක් කළ (1902 – 1998) ගරු මර්සලීන්
ජයකොඩි පියතුමා විසින් රචනා කරන ලද කිතුනු ගීතිකා කිපයකි.
පෘතුගීසින් 1505 දි ලංකාවට පැමිණ ඔවුන්ගේ ආගම ලෙස කිතුනු දහම රට පුරා ව්‍යාප්ත කරන්නට වු අතර ඒ
යුගයේ මෙරට පැමිණි විදේශීය පූජකවරුන් විහාරස්ථාන ආශ්‍රිතව වාසය කරමින් සිංහල බස ඉගෙන ගෙන කිතිනු දහම මෙරට
තුළ ව්‍යාප්ත කරන්නට විය.
ඒ අනුව
එදා පටන් බුදු දහම සහ කිතුනු දහම සියවස් ගනනාවක්
තිස්සේ එකට හැදී වැඩුණු ආගම් දෙකක් වශයෙන් අද දක්වාම පැමිණ ඇත. ඒ කාලය
තුළ දේශීය කලාව සහ සංස්කෘතිය නගා සිටුවීමට
කතෝලික පූජකවරු කිහිප දෙනෙක්ම මහත් වෙහෙසක් ගත්හ. ඒ අතර ජෝශප් වාස් පියතුමා මෙරට
කිතුනු සාහිතය පෝෂණය කරන්නට මහත් වෙහෙසක් දරමින් පුරෝගාමී මෙහෙවරක යෙදුණාහ. ගරු ජෝශප් වාස් පියතුමාගෙන් පසුව කිතුනු සාහිත්‍ය
මෙරට වර්තමානය දක්වා ව්‍යාප්ත කිරිමට මූලික
පදනමක් සකස් කර දුන්නේ (1674 -1742) ගරු ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා විසිනි.
අප්‍රකට
වේශයකින් මන්නාරම් ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවට
සැපත් වූ ගරු ජකෝමේ ගොන්සාල්වෙස් පියතුමා කතෝලික දහම සහ සාහිත්‍ය මෙරට ස්ථාපිත
කිරිමට කැප වූහ. ඒ අනුව ගරු පියතුමා විසින් දේවස්ථානයන්හි ගැයීමට කිතුනු බැති ගීතිකා
කිපයක්ම ලියා දෙමින් කිතුණු ගීත සාහිත්‍යයට
අරුණාලෝකයක් ගෙනාවේය. ඒ කිතුනු ගීතිකා සියවස් ගනනාවක් පසුකරමින් අද දවසේද ජනප්‍රිය ගීතිකා බවට පත්ව ඇත.
එලෙස
සියවස් ගණනාවක් පසුකරමින් පැමිණි කිතුනු ගීත සාහිත්‍යයේ ගමන් මග පැහැදිළි වෙනසකට
මුල පුරන්නේ ඊට සියවස් දෙකකට පමණ පසුවය. එනම් ඒ 20 වන සියවසේ දීය. කිතුනු ගීත කලාව
විසිවන සියවසේ නවමු මගකට ගැනීමේ පුරෝගාමී මෙහෙය ඉටුකරන්නට පෙළඹෙන්නේ (1902 – 1998)
ගරු මර්සලින් ජයකොඩි පියතුමන් විසිනි.
.jpg)
එසේ ගීත
සාහිත්‍යයට අවැසි බස පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුතුව කාගේත් සිත් ගන්නා ආකාරයෙන්
කව් ගී ලියන්නට පෙළඹුණ උන්වහන්සේ තෝරා ගන්නා මාතෘකාව අනුව අදාල වස්තු විෂයට ගැලපෙන
සේ බස හැසිරවිමට තරම් පරිස්ස්ම් වීම ගරු පියතුමාගේ ගීතයන්හි සාර්ථකත්වයට මංපෑදීය.
පසු කලෙක
ලොව සුපතල කිතුනු ගීත අතරට කිසිඳු දිනක මතකයෙන් බැහැරව නොයන ඒ වගේම පැරැණි
නොවන නත්තල් ගීතිකා කිපයක්ම සිංහල බසින් රචනා කරන්නට ගරු මර්සලීන් ජයකොඩි පියතුමෝ
වාසනාවන්ත වූහ. ගරු පියතුමාගේ ගී පද රචනා එතරම් ව්‍යක්ත අතිවිශිෂ්ඨ පද රචනා
වූයේ ගරු පියතුමා සතුව තිබූ පෙරඅපර දෙදිග
සංගිත ඥානය නිසාය. උන්වහන්සේට පෙරදිග සංගීතය මෙන්ම බටහිර සංගිතය පිළිබඳවත් තිබූ මනා දැනුම හා අවබෝධය
ගීතකලාව තුළ ඒ තරම් දුරක් උන්වහන්සේ රඳවන්නට සමත් වූහ. එපමණක් නොව ගරු පියතුමා
විසින් රචිත කිතුනු ගී බොහොමයක් සංගීතයෙන් මෙන්ම ගායනයෙන්ද හැඩකළේ ගරු පියතුමා සතුව
තිබූ අපූර්ව හැකියාව නිසාය.
.jpg)
එසේ වුවත්,
“සිනු හඬින් ලොව පිබිදෙනවා” ගීතය නිසාම ගරු පියතුමාට විචාරක අභියෝගයන්ටද මුහුණ
දිමට සිදුවූ බව උන්වහන්සේ සදහන් කරති. නත්තලට කොහොමද මහවැලි ඟඟ දිය බොරවෙන්නේ?
අරලියමල්, වතුසුදු මල් අතු ඉති බරවෙන්නේ කොහොමද? ආදී විචාරයෙන් එකල විචාරකයෝ ගරු
පියතුමාගෙන් විමසන්නට වූහ. ඒ නිසාම
උන්වහන්සේ සඳහන් කළේ නත්තල ගැන
කියවෙන හැම මොහොතකම ජේසු බිළිඳාගේ උපත සිහිගැන්විමට හිම වැටෙව බව කීවොත් එය විදේශීය
නත්තලක් වන බවය. ඒ නිසා ලංකාවේ කිතුනු බැතිමතුන්ට නත්තල ගැන කියන්නනට වැහිබර උඳුවප්
මාසේ අපේ ලංකාවේ අපේ පරිසරය ඇසුරින් උදාවන නත්තල ගැන ගීයෙන් කියා දී තිබුණේ අපේ සිංහලකම
කියන්නටය. ඒ නිසා කිතුනු බැතිමතුන්ට සිංහලකම
කරපින්නාගත් අපේ නත්තලක් උදාකර දීමට මේ ගීයෙන් ගරු පියතුමාට හැකි විය.
සීනු
හඬින් ලොව පිබිදෙනවා -නත්තල් දොර ළඟ හිනැහෙනවා
ගව හලකට
තරුවක් යනවා - අහසට පොළව ගැටේ
තරු
එළියේ කඳු වැටියේ - බෙත්ලෙහෙමේ මංගල එළියේ
මල් වැසි
වසිනු පෙනේ
තටුගෙන
සුදු හිම ඉගිලෙනවා - අතු මත මුතු මෙන් බබලනවා
හිරු කැන්
සුදු ඊතල වෙනවා - සැම තැන රිදී වගෙයි
දිය සීරා
කඳු පීරා - වන්නම් ගමනින් බැස එනවා
දිය බඳු
ඉඟ සොලවා
දින දින
වැහි කළු බරවෙනවා - මහවැලි ගඟ දිය බොරවෙනවා.
නත්තල්
කද බැඳගෙන එනවා - වැහිබර උදුවපයේ
අරලිය
මල් වතුසුදු මල් - පිබිදී මල් අතු බරවෙනවා
මේ
නත්තල් මාසේ.
පද රචනය,
සංගිතය සහ ගායනය: මර්සීලීන් ජයකොඩි පියතුමා
නව
ගැයුම: කලාශූරී ලතා වල්පොල
ලෝකයේ
කිතුනු බැතිමතුන් මෙන්ම අපේ ගී රසිකයින්ද ආදරය කරන “සයිලන්ට් නයිට්” Silent Night ගීය “නිසසල ඒ මිහිරි රැයේ”
යනුවෙන් සිංහලට නැගිමට ගරු පියතුමා ක්‍රියා කළහ.
සයිලන්ට් නයිට් ගීයේ සිංහල පරිවර්තනය ගැන ගරු පියතුමා මෙසේ සඳහන් කරති.
“මේ මගේ එකම පරිවර්තන ගීතයයි. මේ ගීය නොකිය වුණොත් නත්තලක් නැති තරමට ඒ ගීතය
ජනප්‍රියයි. මේ මුල් ගීය බිහි වුනේ ඕස්ත්රියාවේ අනතුරුව ඒ ගීය හැම බසකටම නැගුණා.
මම කළේ එහි සිංහල පරිවර්තනයයි”.
.jpg)
“අලුත් නත්තල් ගීයක් හිතේ
මැවේවායි පතා නින්දට ගිය පසු මැදියම් රෑ ඇහැරුණු මට තරු බබලන අහස පෙනුණා. ඇස් පොඩි
කර කර බබලනවා දුටුවා. හිත කීවා ඔය තමා මගේ ගීයේ පළමු වන පෙළ කියා. ඒ නිසා මා එතැන
සිට ඉටි පහනක එළියෙන් මේ ගීය පටන්ගත්තා. රෑ තරු බබලනවා.... ඒ 1945 දී මා දුටු රෑ
තරු එළි තවමත් බබලනවා..”
අපගේ ගරු පියතුමා පරිසරයට
සොබාදහමට කොයිතරම් ආදරය කළ කෙනෙක්ද කියා වැටහෙන්නේ මේ ගීතයට යොදා ඇති උපමාවන්
නිසාය. මුලුමනින්ම සොබාදහම හා බැදුණු මේ ගීයේ ආත්මය තුළ මොහොතක් සැරි සරන්නට මමද
ඔබට ඇරයුම් කරමි.
රෑ තරු බබලනවා - මල් පිපිලා
වාගේ
එළියෙන් නැහැවෙනවා - මල් වැහැලා
වාගේ
රැව් පිළි රැව් දෙනවා - ගීත නාද
වාගේ
ගීත නාද වාගේ
බිළිඳෙකු හිනැහෙනවා - මුහුදක
රැළි වාගේ
සීත සුළං එනවා - උයනක සිරි වාගේ
ගොපලුන් දුර එනවා - පැණි බඹරුන් වාගේ
බිළිඳෙකු හිනැහෙනවා - පොපියන
කුසුම් වගේ
කුරුලකු පෙරලෙනවා - හිම මත හිම
වාගේ
පද රචනය,
සංගිතය සහ ගායනය: මර්සීලීන් ජයකොඩි පියතුමා
නව
ගැයුම: චිත්‍රා සෝමපාල /කලාශූරී ලතා වල්පොල
ගරු මර්සීලීන් ජයකොඩි පියතුමා මග්ගොන දේවස්ථානයේ වැඩවිසූ සමයේ උන්වහන්සේ අතින් ගීතිකා රැසක්ම නිර්මාණය විය. ඒ ගීතිකා පද රචනයෙන්, සංගීතයෙන් මෙන්ම ගායනයෙන්ද හැඩ ගැන්වූහ. ඒ අතර මග්ගොන දේවස්ථානයේ වාර්ෂිකව පැවැත් වෙන මංගල්‍යයට ගැනීම සදහා ගරු පියතුමා නිර්මාණය කළ “නෙලුම් පිපීලා” ගීතය මෙන්ම “සුවඳ ජලේ පිපිලා” ගීතයද මග්ගොන දෙව් මැදුරෙන් ඔබ්බට ගොස් ජනප්‍රිය ගීතිකා බවට පත්විය. එසේම “රොනට වඩින බිඟු ඔබයි” ගීතය 1945 දී බිහිවුණ හැටි පිළිබදව ගරු පියතුමා මෙසේ සදහන් කරති.
“එදා
උදේම කුඩා ග්‍රීක කවියක් කියවා අගේ කළා. එදා රෑ - හුඟක් රෑ, මගේ හිත නලියන්නට පටන්ගත්තා. ඒ දැඟලිල්ල මතු වුණේ
කුඩා තනුවක රූපයක් ගෙනයි. ග්‍රීක කවියේ පළමු දෙපේලිය මෙහෙමයි. “මා සතුටුයි කැඩපතක්
වෙන්න. එවිට ඔබ මා දෙස බලනවා - මම මලක් නම් ඔබ මා සොයා එනවා” කියා මට හිතුනා. මගේ
කුඩා තනුවට පදපෙල පටන් ගත්තේ “රොනට වඩින බිඟු ඔබයි - කැකුළු මල මමයි ” කියායි.
ඇතැක්රියන්
නම් ග්‍රීක කවියා තම කවිය ලියා වසර තුන්දාහක් පමණ විය යුතුයි. ඔපමණ දිගු කලකට පසුත්
ඔහුගේ කාව්‍ය සංකල්පය ඈත ශ්‍රී ලංකාවේ මා තුළ රැව් දේවි කියා ඔහු හිතුවාදෝ?”
රොනට
වඩින බිඟු ඔබයි - කැකුලු මල මමයි
මලට සුවඳ
ටික ඔබයි - සිඟිති පෙති මමයි
ජේසූ
දෙවියනී - ජේසූ දෙවියනී..//
විලට
වසින පිනි ඔබයි - පද්මිණිය මමයි
සුළඟ සලන
සිරි ඔබයි - ලලිතිනිය මමයි
ජේසූ
දෙවියනී - ජේසූ දෙවියනී..//
පහන්
දොරට හිරු ඔබයි - කුමුදිනිය මමයි
රැයට
දිලෙන සඳ ඔබයි - සදට රැය මමයි
ජේසූ
දෙවියනී - ජේසූ දෙවියනී..//
දියට
මුහුද දෙවි ඔබයි - ගලන ගඟ මමයි
දිගත පතල
ජල ඔබයි - නගින රල මමයි
ජේසූ
දෙවියනී - ජේසූ දෙවියනී..//
පද රචනය,
සංගිතය සහ ගායනය: මර්සීලීන් ජයකොඩි පියතුමා
නව
ගැයුම: කලාශූරී ලතා වල්පොල
ගරු මර්සීලීන්
ජයකොඩි පියතුමාගේ මේ ගීත කලාව නිසාම ඉන් පසු දශක වලදී බොදු බැති ගී කෙරෙහි කාගේත් අවධානය යොමු වූගේ ගරු පියතුමා
බොදු ගීතද රටට දායාද කළ නිසාය. ඒ නිසාම ගරු පියතුමාගේ ගීත කලාව ශ්‍රී ලාංකේය ගීත
රසිකයන්ට මහත් විස්මයක් ගෙන දෙන්නක් විය. ඇතැම් කිතුනු ගීත සහ බොදු ගීත පදමාලා ගීත
බවට පත්වූයේ ඒ මගින් කියා දෙන පණිවුඩය ලෝ සනාතන දහම කියාදෙන ආකාරයෙනි. මිනිසුන්ගේ ජිවන සත්‍යය පරිසරය සහ සොබාදහම
ඇසුරින් ගරු මර්සීලීන් ජයකොඩි පියතුමා
අතින් ගීත බවට වන්නට ගරු පියතුමා සතුව
තිබූ කලාව විනිවිද දැකීමේ දුර්ලභ ගුණය ඒ ගීත කලාවට පණ පොවා තිබුණි. මේ ගීත අද දවසේද
මෙනෙහි කරන විට සිංහල කිතිනු ගීතිකා සහ කැරොල් ගීතිකා මේ තරම් ජවයක් සහිතව නගා සිටුවන්නට ගරු මර්සීලීන් ජයකොඩි පියතුමා ගත් වෙහෙස ප්‍රසංශනීය ලෙසින් අගය කළ යුතු
යැයි මට සිතේ..෴
ගරු
මර්සලීන් ජයකාඩි පියතුමාගේ සරල ගිත කලාව පිලිබඳව ඉදිරි සටහනින්...
සියළුම
උපුටා ගැනීම් සහ දත්ත සපයා ගැනීම: ගරු මර්සලීන් ජයකාඩි පියතුමාගේ “වෙසක් කැකුළු”
(1990) කෘතියෙනි.
බ්ලොග්
අවකාශයේ සිටින සියලුම කිතුනු සහෘදයන් සහෘදිනියනට සතුට සොම්නසින් පිරි සුබ නත්තලක්
වේවා...