ගරු පියතුමකුගේ
අතින් ලියැවුණ කිතුනු ගී:
මේ
අසිරිමත් නත්තල් සමයේ අස්වැන්නෙන් පසුගිය සතියේ කිතුනු ගීතය පිළිබඳ අධ්‍යනයක යෙදුනෙමු. ඒ නිසා මේ සතියෙත් නත්තල ආශ්‍රිතව හැදී වැඩුණු
සිංහල කැරොල් ගීතය සහ ගීතිකා පිළිබදව තවදුරටත් කෙටි කතාබහක යෙදෙමු. ඒ සදහා අද මා
තෝරා ගත්තේ සිංහල ගීත සාහිත්‍යයට මහඟු සේවයක් කළ (1902 – 1998) ගරු මර්සලීන්
ජයකොඩි පියතුමා විසින් රචනා කරන ලද කිතුනු ගීතිකා කිපයකි.
පෘතුගීසින් 1505 දි ලංකාවට පැමිණ ඔවුන්ගේ ආගම ලෙස කිතුනු දහම රට පුරා ව්‍යාප්ත කරන්නට වු අතර ඒ
යුගයේ මෙරට පැමිණි විදේශීය පූජකවරුන් විහාරස්ථාන ආශ්‍රිතව වාසය කරමින් සිංහල බස ඉගෙන ගෙන කිතිනු දහම මෙරට
තුළ ව්‍යාප්ත කරන්නට විය.
ඒ අනුව
එදා පටන් බුදු දහම සහ කිතුනු දහම සියවස් ගනනාවක්
තිස්සේ එකට හැදී වැඩුණු ආගම් දෙකක් වශයෙන් අද දක්වාම පැමිණ ඇත. ඒ කාලය
තුළ දේශීය කලාව සහ සංස්කෘතිය නගා සිටුවීමට
කතෝලික පූජකවරු කිහිප දෙනෙක්ම මහත් වෙහෙසක් ගත්හ. ඒ අතර ජෝශප් වාස් පියතුමා මෙරට
කිතුනු සාහිතය පෝෂණය කරන්නට මහත් වෙහෙසක් දරමින් පුරෝගාමී මෙහෙවරක යෙදුණාහ. ගරු ජෝශප් වාස් පියතුමාගෙන් පසුව කිතුනු සාහිත්‍ය
මෙරට වර්තමානය දක්වා ව්‍යාප්ත කිරිමට මූලික
පදනමක් සකස් කර දුන්නේ (1674 -1742) ගරු ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා විසිනි.
අප්‍රකට
වේශයකින් මන්නාරම් ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවට
සැපත් වූ ගරු ජකෝමේ ගොන්සාල්වෙස් පියතුමා කතෝලික දහම සහ සාහිත්‍ය මෙරට ස්ථාපිත
කිරිමට කැප වූහ. ඒ අනුව ගරු පියතුමා විසින් දේවස්ථානයන්හි ගැයීමට කිතුනු බැති ගීතිකා
කිපයක්ම ලියා දෙමින් කිතුණු ගීත සාහිත්‍යයට
අරුණාලෝකයක් ගෙනාවේය. ඒ කිතුනු ගීතිකා සියවස් ගනනාවක් පසුකරමින් අද දවසේද ජනප්‍රිය ගීතිකා බවට පත්ව ඇත.
එලෙස
සියවස් ගණනාවක් පසුකරමින් පැමිණි කිතුනු ගීත සාහිත්‍යයේ ගමන් මග පැහැදිළි වෙනසකට
මුල පුරන්නේ ඊට සියවස් දෙකකට පමණ පසුවය. එනම් ඒ 20 වන සියවසේ දීය. කිතුනු ගීත කලාව
විසිවන සියවසේ නවමු මගකට ගැනීමේ පුරෝගාමී මෙහෙය ඉටුකරන්නට පෙළඹෙන්නේ (1902 – 1998)
ගරු මර්සලින් ජයකොඩි පියතුමන් විසිනි.
ගරු මර්සලින් ජයකොඩි පියතුමා 1927 දී පූජාත්‍රය
ලැබූ පසුව සිංහල කිතුනු ගීත සාහිත්‍යය වෙනුවෙන් යම් සේවයක් ඉටු කළ යුතුය යන පරම
අදිටනින් යුතුව 1934 දී “අසිරි සේම සපිරි සෝම මවු මරියේ” ගීතිකාව ලියමින් කිතුනු
බැති ගී නිර්මාණයට පිවිසියහ. ගරු පියතුමා කාව්‍යකරණයේ හැකියාවද, හෙළ බස ගැන මනා
දැනුමක් සහ අවබෝධයක් ද, ලබාගන්නේ එවකට හෙළ හවුලේ ජයන්ත වීරසේකර වැනි හෙළ වියතුන් ඇසුරෙනි. ඒ හෙළ
වියතුන්ගේ ඇසුර නිසා ගරු පියතුමා කුමාරතුංග මුනිදාසයන්ගේ හෙළ බස් වහර පිලිබඳව
පුළුල් අවබෝධයක් සහ දැනුමක් ලබා ගත්හ.
එසේ ගීත
සාහිත්‍යයට අවැසි බස පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුතුව කාගේත් සිත් ගන්නා ආකාරයෙන්
කව් ගී ලියන්නට පෙළඹුණ උන්වහන්සේ තෝරා ගන්නා මාතෘකාව අනුව අදාල වස්තු විෂයට ගැලපෙන
සේ බස හැසිරවිමට තරම් පරිස්ස්ම් වීම ගරු පියතුමාගේ ගීතයන්හි සාර්ථකත්වයට මංපෑදීය.
පසු කලෙක
ලොව සුපතල කිතුනු ගීත අතරට කිසිඳු දිනක මතකයෙන් බැහැරව නොයන ඒ වගේම පැරැණි
නොවන නත්තල් ගීතිකා කිපයක්ම සිංහල බසින් රචනා කරන්නට ගරු මර්සලීන් ජයකොඩි පියතුමෝ
වාසනාවන්ත වූහ. ගරු පියතුමාගේ ගී පද රචනා එතරම් ව්‍යක්ත අතිවිශිෂ්ඨ පද රචනා
වූයේ ගරු පියතුමා සතුව තිබූ පෙරඅපර දෙදිග
සංගිත ඥානය නිසාය. උන්වහන්සේට පෙරදිග සංගීතය මෙන්ම බටහිර සංගිතය පිළිබඳවත් තිබූ මනා දැනුම හා අවබෝධය
ගීතකලාව තුළ ඒ තරම් දුරක් උන්වහන්සේ රඳවන්නට සමත් වූහ. එපමණක් නොව ගරු පියතුමා
විසින් රචිත කිතුනු ගී බොහොමයක් සංගීතයෙන් මෙන්ම ගායනයෙන්ද හැඩකළේ ගරු පියතුමා සතුව
තිබූ අපූර්ව හැකියාව නිසාය.
ගරු මර්සලීන් ජයකොඩි පියතුමා 1945දී පමණ ලියූ එතුමාගේ දෙවන නත්තල් කැරොල් ගීතය ගීතවත්
බවින් මෙන්ම අරුතින්ද පිරිපුන් ගීතයකි. සිංහල අපට සීතල උඳුවප් මාසය උදාවන්නේ “සිනු හඬින් ලොව පිබිදෙනවා”
ගීයෙනි. සිංහල ජනතාවට නත්තල උදාවන බව දැනෙන්නේ මේ ගීතය නිසා බව මටද සිතේ.
එසේ වුවත්,
“සිනු හඬින් ලොව පිබිදෙනවා” ගීතය නිසාම ගරු පියතුමාට විචාරක අභියෝගයන්ටද මුහුණ
දිමට සිදුවූ බව උන්වහන්සේ සදහන් කරති. නත්තලට කොහොමද මහවැලි ඟඟ දිය බොරවෙන්නේ?
අරලියමල්, වතුසුදු මල් අතු ඉති බරවෙන්නේ කොහොමද? ආදී විචාරයෙන් එකල විචාරකයෝ ගරු
පියතුමාගෙන් විමසන්නට වූහ. ඒ නිසාම
උන්වහන්සේ සඳහන් කළේ නත්තල ගැන
කියවෙන හැම මොහොතකම ජේසු බිළිඳාගේ උපත සිහිගැන්විමට හිම වැටෙව බව කීවොත් එය විදේශීය
නත්තලක් වන බවය. ඒ නිසා ලංකාවේ කිතුනු බැතිමතුන්ට නත්තල ගැන කියන්නනට වැහිබර උඳුවප්
මාසේ අපේ ලංකාවේ අපේ පරිසරය ඇසුරින් උදාවන නත්තල ගැන ගීයෙන් කියා දී තිබුණේ අපේ සිංහලකම
කියන්නටය. ඒ නිසා කිතුනු බැතිමතුන්ට සිංහලකම
කරපින්නාගත් අපේ නත්තලක් උදාකර දීමට මේ ගීයෙන් ගරු පියතුමාට හැකි විය.
සීනු
හඬින් ලොව පිබිදෙනවා -නත්තල් දොර ළඟ හිනැහෙනවා
ගව හලකට
තරුවක් යනවා - අහසට පොළව ගැටේ
තරු
එළියේ කඳු වැටියේ - බෙත්ලෙහෙමේ මංගල එළියේ
මල් වැසි
වසිනු පෙනේ
තටුගෙන
සුදු හිම ඉගිලෙනවා - අතු මත මුතු මෙන් බබලනවා
හිරු කැන්
සුදු ඊතල වෙනවා - සැම තැන රිදී වගෙයි
දිය සීරා
කඳු පීරා - වන්නම් ගමනින් බැස එනවා
දිය බඳු
ඉඟ සොලවා
දින දින
වැහි කළු බරවෙනවා - මහවැලි ගඟ දිය බොරවෙනවා.
නත්තල්
කද බැඳගෙන එනවා - වැහිබර උදුවපයේ
අරලිය
මල් වතුසුදු මල් - පිබිදී මල් අතු බරවෙනවා
මේ
නත්තල් මාසේ.
පද රචනය,
සංගිතය සහ ගායනය: මර්සීලීන් ජයකොඩි පියතුමා
නව
ගැයුම: කලාශූරී ලතා වල්පොල
ලෝකයේ
කිතුනු බැතිමතුන් මෙන්ම අපේ ගී රසිකයින්ද ආදරය කරන “සයිලන්ට් නයිට්” Silent Night ගීය “නිසසල ඒ මිහිරි රැයේ”
යනුවෙන් සිංහලට නැගිමට ගරු පියතුමා ක්‍රියා කළහ.
සයිලන්ට් නයිට් ගීයේ සිංහල පරිවර්තනය ගැන ගරු පියතුමා මෙසේ සඳහන් කරති.
“මේ මගේ එකම පරිවර්තන ගීතයයි. මේ ගීය නොකිය වුණොත් නත්තලක් නැති තරමට ඒ ගීතය
ජනප්‍රියයි. මේ මුල් ගීය බිහි වුනේ ඕස්ත්‍රියාවේ අනතුරුව ඒ ගීය හැම බසකටම නැගුණා.
මම කළේ එහි සිංහල පරිවර්තනයයි”.
ඒ ගීය වාගේම ගරු පියතුමා විසින්
ලියූ “රෑ තරු බබලනවා” ගීතයද සිංහල කැරොල් ගීතිකා අතර සදා අමරණීය ගීතයකි. කිසිදු
ආගමික බේදයකින් තොරව ලොකු කුඩා, සියලුම ගීත රසිකයෝ අද දවසේද මේ ගීයට මහත් ඇල්මක්
දක්වති. කුඩා දරුවන්ගේ මුවින් නිරන්තරයෙන් ඇසෙන්නේ මේ ගීතයයි. එය එතරම්ම ජනප්‍රිය
ගීයකි. අපගේ ගරු පියතුමා “රෑ තරු බබලනවා”ගීතය ගැන මෙසේ සඳහන් කරති.
“අලුත් නත්තල් ගීයක් හිතේ
මැවේවායි පතා නින්දට ගිය පසු මැදියම් රෑ ඇහැරුණු මට තරු බබලන අහස පෙනුණා. ඇස් පොඩි
කර කර බබලනවා දුටුවා. හිත කීවා ඔය තමා මගේ ගීයේ පළමු වන පෙළ කියා. ඒ නිසා මා එතැන
සිට ඉටි පහනක එළියෙන් මේ ගීය පටන්ගත්තා. රෑ තරු බබලනවා.... ඒ 1945 දී මා දුටු රෑ
තරු එළි තවමත් බබලනවා..”
අපගේ ගරු පියතුමා පරිසරයට
සොබාදහමට කොයිතරම් ආදරය කළ කෙනෙක්ද කියා වැටහෙන්නේ මේ ගීතයට යොදා ඇති උපමාවන්
නිසාය. මුලුමනින්ම සොබාදහම හා බැදුණු මේ ගීයේ ආත්මය තුළ මොහොතක් සැරි සරන්නට මමද
ඔබට ඇරයුම් කරමි.
රෑ තරු බබලනවා - මල් පිපිලා
වාගේ
එළියෙන් නැහැවෙනවා - මල් වැහැලා
වාගේ
රැව් පිළි රැව් දෙනවා - ගීත නාද
වාගේ
ගීත නාද වාගේ
බිළිඳෙකු හිනැහෙනවා - මුහුදක
රැළි වාගේ
සීත සුළං එනවා - උයනක සිරි වාගේ
ගොපලුන් දුර එනවා - පැණි බඹරුන් වාගේ
බිළිඳෙකු හිනැහෙනවා - පොපියන
කුසුම් වගේ
කුරුලකු පෙරලෙනවා - හිම මත හිම
වාගේ
පද රචනය,
සංගිතය සහ ගායනය: මර්සීලීන් ජයකොඩි පියතුමා
නව
ගැයුම: චිත්‍රා සෝමපාල /කලාශූරී ලතා වල්පොල
ගරු මර්සීලීන් ජයකොඩි පියතුමා මග්ගොන දේවස්ථානයේ වැඩවිසූ සමයේ උන්වහන්සේ අතින් ගීතිකා රැසක්ම නිර්මාණය විය. ඒ ගීතිකා පද රචනයෙන්, සංගීතයෙන් මෙන්ම ගායනයෙන්ද හැඩ ගැන්වූහ. ඒ අතර මග්ගොන දේවස්ථානයේ වාර්ෂිකව පැවැත් වෙන මංගල්‍යයට ගැනීම සදහා ගරු පියතුමා නිර්මාණය කළ “නෙලුම් පිපීලා” ගීතය මෙන්ම “සුවඳ ජලේ පිපිලා” ගීතයද මග්ගොන දෙව් මැදුරෙන් ඔබ්බට ගොස් ජනප්‍රිය ගීතිකා බවට පත්විය. එසේම “රොනට වඩින බිඟු ඔබයි” ගීතය 1945 දී බිහිවුණ හැටි පිළිබදව ගරු පියතුමා මෙසේ සදහන් කරති.
“එදා
උදේම කුඩා ග්‍රීක කවියක් කියවා අගේ කළා. එදා රෑ - හුඟක් රෑ, මගේ හිත නලියන්නට පටන්ගත්තා. ඒ දැඟලිල්ල මතු වුණේ
කුඩා තනුවක රූපයක් ගෙනයි. ග්‍රීක කවියේ පළමු දෙපේලිය මෙහෙමයි. “මා සතුටුයි කැඩපතක්
වෙන්න. එවිට ඔබ මා දෙස බලනවා - මම මලක් නම් ඔබ මා සොයා එනවා” කියා මට හිතුනා. මගේ
කුඩා තනුවට පදපෙල පටන් ගත්තේ “රොනට වඩින බිඟු ඔබයි - කැකුළු මල මමයි ” කියායි.
ඇතැක්‍රියන්
නම් ග්‍රීක කවියා තම කවිය ලියා වසර තුන්දාහක් පමණ විය යුතුයි. ඔපමණ දිගු කලකට පසුත්
ඔහුගේ කාව්‍ය සංකල්පය ඈත ශ්‍රී ලංකාවේ මා තුළ රැව් දේවි කියා ඔහු හිතුවාදෝ?”
රොනට
වඩින බිඟු ඔබයි - කැකුලු මල මමයි
මලට සුවඳ
ටික ඔබයි - සිඟිති පෙති මමයි
ජේසූ
දෙවියනී - ජේසූ දෙවියනී..//
විලට
වසින පිනි ඔබයි - පද්මිණිය මමයි
සුළඟ සලන
සිරි ඔබයි - ලලිතිනිය මමයි
ජේසූ
දෙවියනී - ජේසූ දෙවියනී..//
පහන්
දොරට හිරු ඔබයි - කුමුදිනිය මමයි
රැයට
දිලෙන සඳ ඔබයි - සදට රැය මමයි
ජේසූ
දෙවියනී - ජේසූ දෙවියනී..//
දියට
මුහුද දෙවි ඔබයි - ගලන ගඟ මමයි
දිගත පතල
ජල ඔබයි - නගින රල මමයි
ජේසූ
දෙවියනී - ජේසූ දෙවියනී..//
පද රචනය,
සංගිතය සහ ගායනය: මර්සීලීන් ජයකොඩි පියතුමා
නව
ගැයුම: කලාශූරී ලතා වල්පොල
ගරු මර්සීලීන්
ජයකොඩි පියතුමාගේ මේ ගීත කලාව නිසාම ඉන් පසු දශක වලදී බොදු බැති ගී කෙරෙහි කාගේත් අවධානය යොමු වූගේ ගරු පියතුමා
බොදු ගීතද රටට දායාද කළ නිසාය. ඒ නිසාම ගරු පියතුමාගේ ගීත කලාව ශ්‍රී ලාංකේය ගීත
රසිකයන්ට මහත් විස්මයක් ගෙන දෙන්නක් විය. ඇතැම් කිතුනු ගීත සහ බොදු ගීත පදමාලා ගීත
බවට පත්වූයේ ඒ මගින් කියා දෙන පණිවුඩය ලෝ සනාතන දහම කියාදෙන ආකාරයෙනි. මිනිසුන්ගේ ජිවන සත්‍යය පරිසරය සහ සොබාදහම
ඇසුරින් ගරු මර්සීලීන් ජයකොඩි පියතුමා
අතින් ගීත බවට වන්නට ගරු පියතුමා සතුව
තිබූ කලාව විනිවිද දැකීමේ දුර්ලභ ගුණය ඒ ගීත කලාවට පණ පොවා තිබුණි. මේ ගීත අද දවසේද
මෙනෙහි කරන විට සිංහල කිතිනු ගීතිකා සහ කැරොල් ගීතිකා මේ තරම් ජවයක් සහිතව නගා සිටුවන්නට ගරු මර්සීලීන් ජයකොඩි පියතුමා ගත් වෙහෙස ප්‍රසංශනීය ලෙසින් අගය කළ යුතු
යැයි මට සිතේ..෴
ගරු
මර්සලීන් ජයකාඩි පියතුමාගේ සරල ගිත කලාව පිලිබඳව ඉදිරි සටහනින්...
සියළුම
උපුටා ගැනීම් සහ දත්ත සපයා ගැනීම: ගරු මර්සලීන් ජයකාඩි පියතුමාගේ “වෙසක් කැකුළු”
(1990) කෘතියෙනි.
බ්ලොග්
අවකාශයේ සිටින සියලුම කිතුනු සහෘදයන් සහෘදිනියනට සතුට සොම්නසින් පිරි සුබ නත්තලක්
වේවා...
ස්තුතියි වෙනදා වගේම..
ReplyDeleteආගම් බේදයක් නැතිව අපි හැමෝම මේ බැති ගී රසවිඳිනවා..
සිත සසල කරන අන්දමේ වචන ගැලපීමේ හැකියාවක් මෙතුමාට තිබෙනවා..“නිසසල ඒ මිහිරි රැයේ“ ගීයේ සබැඳියක් නැද්ද?
රූ..
Deleteගරු පියතුමාගේ ගීවලට යෙදුව බොහෝ වචන පරිසරය සහ සොබාදහම ඇසුරින් නිර්මාණය නඒවා..
නිසල ඒ මිහිරි රැයේ ගීයේ සබැඳියවක් නම් නැහැ ගීතය තිබුණත් නොදැම්මේ ලිපිය දිග වැඩිවන නිසා.
ස්තූතියි
රෑ තරු බබලනවා - මල් පිපිලා වාගේ
ReplyDeleteඑළියෙන් නැහැවෙනවා - මල් වැහැලා වාගේ
රැව් පිළි රැව් දෙනවා - ගීත නාද වාගේ
ගීත නාද වාගේ
මේ හැඟුම්බර නත්තල් ගීයට දැන් අවුරැදු 60කටත් වැඩියි මයෙ හිතේ. ගුවන්විදුලි ගීතැටි ගබඩාවේ සංරක්ෂිත මේ ගියේ පදරචනයත් මෙතුමන්ගේ නිසා ගියේ අගය අහන වෙලාවට ඉහලයි..
රතී...
Deleteරෑ තරු බබලනවා ගීයේ පද රචනය, සංගිතය සහ ගායනය: මර්සීලීන් ජයකොඩි පියතුමා .උන්වහන්සේගෙන පසුවයි ගායකගායිකාවන් මේ ගිය ගැයුවේ.
ස්තූතියි
මම හිතා ගෙනම උන්න මේ පියතුමාගෙ ගීත නත්තල වෙනුවෙන් ඔබ ගෙනීවි කියලා. අනේ ! අපි මේ ගීත වලට කොතරම් ආසා කලාද? මම කාලයක් යනතෙක් දැන හිටියේ නෑ මේ ගීත ලීවේ කතෝලික පියතුමෙක්මයි කියා. මේ වගේම වෙසඟේ මිහිර ගෙනදුන් ගීත සමුච්ඡයට අපි එතුමාට නයගැතියි නේද මල්ලි.
ReplyDeleteඅපි කුඩා අවදියේ මේ නත්තල් ගීත නිතරම කීවා. අපි බෞද්ධ උනාට අපි කැරොල් ගී කියන්න හරිම ආසයි. අපි හිටිය රටේ අපි ආගම් බේදයක් නැතිව හැම දෙයටම සහභාගී උනා. ඒ සුන්දර මතකයත් මේ ගීත වලින් මට අරන් ආවා. ඔබට බෙහෙවින්ම තුති මල්ලි.
ඔබ සහ පවුලේ සියලු දෙනාටම නත්තල් ආසිරි සමඟ වාසනාව සතුට සම්පත පිරි සුබ නව වසරක් වේවා!
චාන්දි..
Deleteඇත්තටම මේ ගිත ගැන නත්තල් සමයේ හැරුනු විට වෙනත් කාලයක ලිව්වා නම් හිතට දැනෙන්නේ නැති තරම්. ඒනිසයි කල්යල් බලා මේ සටහන් නත්තල් සමයේම සටහන් කළේ.
ගරු පියතුමා ලියූ බුදුගුණ ගිත ගැන ඊළඟ සටහනින් කියවමු.
ඔබටත් ඔබ සහ පවුලේ සියලු දෙනාටමත් නත්තල් ආසිරි සමඟ වාසනාව සතුට සම්පත පිරි සුබ නව වසරක් වේවා! යි මමද ප්‍රාර්ථනය කරමි.
දයා ඔබ නියම දින නියම දේ ගෙනැවිත් අප අතරට දුන්නා.
ReplyDeleteනලීන්..
Deleteමේ ගිත ගැන නත්තල් සමයේ හැරුනු විට වෙනත් කාලයක ලිව්වා නම් හිතට දැනෙන්නේ නැති තරම්. ඒනිසයි කල්යල් බලා මේ සටහන් නත්තල් සමයේම සටහන් කළේ.
ස්තූතියි නලීන්
සුභ නත්තලක් වේවා!
ReplyDeleteඅපිත් මේ පල්ලි ගිහින් ආව විතරයි. කතෝලික නොවුනත් හැම නත්තලකම යනවා...
යසිත්..
Deleteමමත් එහෙමයි බෞද්ධයෙක් වුණත් අපි මේ සියලු දේවල් කරන්නේ ආගම් බේදවලින් තොරව සහජීවනය උදෙසා..
වටිනා ලිපියක්,,මර්සලින් ජයකොඩි පියතුමාගේ මේ කිතුණු ගීතිකා තවත් කාලයක් අපි අතරම තියේවි
ReplyDeleteදිලාන්..
Deleteගරු පියතුමාගේ කිතුනු ගීතකලාව සදාකාලික ගීතිකා කලාවක් වේවි.
ඔබටත් ස්තූතියි
මට මතක් උනේ ...අපේ නගරෙට අල්ලපු නගරේ කිතුනු අය ගොඩක් ඉන්නව ඒ වගේම ඉතා පැරනි පල්ලියක්(පිරිමි,කාන්තා වශයෙන් දෙකක්) තියෙනව.හැම නත්තලකටම ඉස්සර ආගම් බේදයක් නැතිව එදාට එන හැමෝටම තෑගි දෙනව...මමනම් ගිහින් නෑ...යාලුවො නම් යනව...බුද්ධාගමේ උනාට.
ReplyDeleteඒ වගේම මේ ගී දෙසවන් පුරා රැව් දුන්න...මතකත් එක්ක...ඈතට ඇහෙන්න ස්පීකර් දාල තිබුනෙ. ඒ වගේම ගුවන් විදුලියේ ඒකාලෙ මේ ගී මයිඇහුනෙ...
මොන අවාසනාවකටද මන්දා...දැන් අපේ දරුවන්ට...මේවා අහන්න නෑ...පුලුවන් නම් බාගත කරගන්න පහසුකම දෙන්න...(හැමදාම ඉල්ලන එක කරදරයක් ද මන්දා...:) )
වීපොකුර...
Deleteමම ආගම් බේදයක් නැතිව කලාකෘති දකින්නේ.මේවායේ කිසිම ආගමක් පේන්නේ නෑ. නිර්මාණාත්මක පැත්ත ඉහල නිසා.
හැමදාමත්ම ලින්ක් දාන්න අමතක වෙනවා.. දැන් හරි.. බාගන්න පුලුවන්..
මේ ගීත කොච්චර පරණ උනත් තවමත් අප අතර ගොඩක් රැව් දෙනවා වගේම මෙතුමන්ලත් අපේ සිත් තුල ජිවත් වෙයි..කව්ද ලිව්වේ කව්ද කිව්වේ කියලා දන ගත්තේ අද..ඒ ඔබ නිසා..ඔබටත් ස්තුතියි මේ නත්තල් තෑග්ගට..
ReplyDeleteඩ්‍රීම්ස්
Deleteමේවා ඇහුණත් අයිතිකරුවන් කවුද කියා මාධ්‍යවලින් පවා නොකියවෙන නිසා ඒවා රසිකයන්ට දැනෙන වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි යන හැඟීම මටත් එනවා..
සංගිතය විශ්ව භෂාවකි.එහි හරය දයා අයියා අපට මනාව පැහැදිලි කරනවා.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ගයානි..
Deleteඇත්ත.. අපි මේවා සියල්ල යම් තරමකින් හෝ අපි දැනගත යුතුයි.
ඔය ගීත තුනම පල්ලි වල පූජාවල් වලදි ගායනා කරනවා. ඒ ගීත තුනම ගීතිකා විදිහටයි ඒ අය ගනන් ගැනෙන්නේ.
ReplyDeleteමධුරංග
Deleteඇත්තටම ගිතිකා ගීත බවට පත්වෙනවා. මවෙලාවක දේවස්තානයකදී මේ ගී ගීතිකා විදියටම අහන්න හිතේ කැමැත්තක් තියෙනවා.
mama bawuddha,eth mama lagath kithunu bathi gee collection 1k ma tiyenawa,godak asai ewa ahnna.
ReplyDeleteLipiya godak watinawa.monama agamaka ho wewa udarthara minisun innawa,jathi,agam,kulamala bedayak nathiwa api e hama kenektama garukala yuthui..
Jayama wewa !!!
දමිත්..
Deleteඅපි ආගම් බේදයකින් තොරව මේ ගැන හිතනවා නම් ගරු පියතුමා බෞද්ධ ගීත සාහිත්‍යයට විහාල සේවයක් කළා.ඒ එතුමා හොදින් දැන හිටියා මේ බෞද්ධ රටක් වග.
ස්තූතියි.
සීනු හඬින් ගීය ඇර අනෙක් දෙකම අහලා තියන ආසම සිංදු දෙකක්. ආගම් භේදයකින් තොරව හැමදෙනාම වගේ රස විඳින ගී කීපයක්. මේ ගී ඇහෙනකොටම නත්තල ගෙදරටම ඇවිත් වගේ දැනෙනවා.
ReplyDelete'වෙසක් කැකුලු' ගීය ලියා තිබෙන්නේ මෙතුමාමද?
පොඩ්ඩි..
Deleteකාලෙකට පස්සේ දිග නිවාඩුවකන් ඇවිත් සතුටුයි. මේ නත්තල නිසා තමයි ගරු පියතුමාගේ කිතුනු ගි ගැන ලියුවේගරු පියතුමාගේ 'වෙසක් කැකුලු' ගීය ගැන සහ අනෙක් ගීත ගැන අපි ඉදිරියේදි කතාකරමු.
ස්තූතියි.
පියතුමාගේ ඒ ගීත අහද්දී ආගම් භේදයක් දැනෙන්නේ නැති වීම විශේෂ ලක්ෂණයක්. බොහොම කැමති ගීත තුනක් අහන්න සැලස්වුවාට බොහොම ස්තුතියි අයියේ.
ReplyDeleteසුබ නත්තලක් වේවා!!
රැංගෝ..
Deleteගරු පියිතුමා ගිත ලිව්වෙත් ආගම් බේදයකින් තොරවයි. කාර්ය බහුල වෙලාවක වුනත් ස්තූතියි ආවාට
මම කිතුනු බැතිමතෙක් නොවුනත් නත්තල් සුබපැතුමටත් ස්තූතියි
මේක කියවල ගොඩාක් දේ දැනගත්තා. ඉතාම රසවත් ලිපියක්.
ReplyDeleteසුදීක..
Deleteස්තූතියි.. ඔබේ සටහනට
රොනට වඩින බිඟු ඔබයි - කැකුලු මල මමයි - සින්දුව සංගීතය ඉගෙන ගන්නකොට පාඩමක තිබුනා වගේ මතකයි. එතුමා සිංහල බොදු ගීතත් ලිව්වා කිව්වම පුදුම හිතෙනවා, ඒවගේම ලොකු ගෞරවයක් ඇති වෙනවා. අද ඉන්න ගොඩක් දෙනෙක් එලියට දාන වචන වලින් වැඩි හරියක් දාන්නේ ජාතිවාදය අවුස්සවන අහහස්නේ
ReplyDeleteපැතුම්..
Deleteගරු පියතුමා කිතුනු ගිතිතා වගේම ජතාමත් ජනප්‍රිය බොදුගීත ගණනාවකුත් ජනප්‍රි ගීත ගනනාවකුත් ලිව්වා.
අදත් ගොඩක් වටින තොරතුරු ටිකක්..
ReplyDeleteමෙතනින් මං අහලා තිබුනේ " රොනට වඩින" ගීතය විතරයි.. ඒක මං හිතන්නේ ඉස්කෝලේ සංගීත පාඩමට තිබ්බා..
දිනේෂ්..
Deleteගරු පියතුමාගේ ගීත ගනනාවක් පාසල් සිංහල පෙළපොත්වලට ඇතුල්වෙලා තියෙනවා.
ස්තූතියි.
මං බොහොම ගරු කරන මනුස්සයෙක් තමා මේ.තව මෙතුමාගෙ පොතක් තියෙනවා අම්මා ගැන.පුංචි පොතක්.ඒකත් මහ පුදුම පොතක් තමා!
ReplyDelete..ගීත ටික බෙදා ගත්තාට ස්තූතියි.
Rain girl
Deleteගරු පියතුමා මුතු, තටු, තරු, මව්ගුණය,වන මල ආදී කවිපොත් සහ සාහිත්‍ය පොත් ගනනාවක්ම ලිව්වා. ඒ අතර මව්ගුණය ගැන කියෙවෙන ඒපොතත් තියෙනවා.
ස්තූතියි
මර්සලීන් පියතුමාගේ සරල ගී කලාවත් අනිවාර්යෙන් ලියන්න ..ඇත්තටම මේ ගීත අහල තිබුණා විතරයි මම නම් ..ස්තුතියි ලිපියට !කිතුනු නොවුනට මේ ගීත අපේ කන්වලටත් ප්‍රියයි ..
ReplyDeleteරෙහානි..
Deleteගරු ලියතුමා ලිව්වේ ආගම් බේදයක් නැතිව රස විඳින්ටයි. ඒ නිසාම ඒවා රසවත් ගිත බවට පත්වුණා..
ශා......... බොහොම හොඳ වැදගත් ලිපියක්. අපේ ගීත සාහිත්‍යට ලොකු සේවයක් කල කෙනෙක්
ReplyDeleteකෝරලේ මහත්තයා..
Deleteඇත්තෙන්ම එතුමා විශාල සේවයක් කළා.ලංකාවේ සාහිත්‍ය වෙනුවෙන්
අගනා ලිපියක්.. අදයි කියවන්න ලැබුනේ..
ReplyDeleteමර්සලීන් ජයකොඩි පියතුමාගේ ගීත හා ගීතිකා හිතටම වදිනවා. හේතුව එතුමා තමුන්ගෙ පද රචනාවලට යොදාගන්නෙ අපේම දේවල්. අපේම ගහකොළ අපේම වටාපිටාව. ඉතින් අපේ වටාපිටාවේ මිහිරියාවට අපේ හිත් ඇදී යන එක අහන්නත් දෙයක්ද..
"සිංහල අපට සීතල උඳුවප් මාසය උදාවන්නේ “සිනු හඬින් ලොව පිබිදෙනවා” ගීයෙනි. සිංහල ජනතාවට නත්තල උදාවන බව දැනෙන්නේ මේ ගීතය නිසා බව මටද සිතේ." සිතේ නෙමෙයි ඒක එහෙමම තමයි දයා අයියේ.. දෙසැම්බර් මුලම ඔය ගීතිකාවෙන් තමයි නත්තල් කාලය පටන් ගන්නෙ..
මර්සලීන් ජයකොඩි පියතුමාගේ 'මගේ නත්තල' කවි පන්තියත් හරිම අර්ථවත්..
'මල්පැලේ උපන් පන්සලේ පියතුමා' කියන යෙදුමේ අර්ථයත් දයා අයියා කියයි කියලා හිතනවා..
ස්තුතියි..
හරී...
Deleteඅපි ඊළග ලිපියෙන්'මල්පැලේ උපන් පන්සලේ පියතුමා' කියන යෙදුම එතුමා වෙනුවෙන් යෙදුන හැටිත් එක්කම ඒගැන කතාකරමු.
මම ටිකක් ප්‍රමාදයි. මේ රොනට වඩින බිඟු ඔබයි ගීතය අපි 6 වසරෙදි සංගීත පාඩම තිබුණා. හරිම ලස්සන වගේම නිවිච්ච ගීතයක්. ඒ දවස්වල අපේ කටේ තිබුනෙම ඔය සින්දුව.
ReplyDeleteසයුරි..
Deleteමම දන්න තරමිනුත් කුඩා දරුවන්ට ළදරු පාසැල්වල පවා මේ ගීය උගන්වනවා.ඒතරමටම මේ ගීයේ පදමාලාවත් ගායනයත් හුරුබුහුටි බවක් තියෙනවා.
ස්තූතියි දහසකුත් එකක් කාර්යබහුලත්වයේ සිට හෝ ආවාට.
බොහොම අපූරු ලියමනක්... පන්සලේ පියතුමා ශ්‍රීලාංකික කිතුණු බැති ගීයට කල මෙහෙවර පිළිබද මා සතු වූ දැනුම තවත් වැඩි වුනා කියන්න පුලුවන්....
ReplyDeleteවෙලාවක අපේ පැත්තටත් එන්න...
සිරාගේ කාමරේ...
Deleteගරු පියතුමා කිතුනු බැති ගීවිතරක් නෙවේ අපේ බොදු ගීත කලාවටත් සරල ගිත කලාවටත් ලොකු මෙහෙයක් කළා.
අපූරු ලිපියක්.
ReplyDelete"ගරු මර්සලීන් ජයකාඩි පියතුමාගේ “වෙසක් කැකුළු” (1990) කෘතියෙනි."
කොහෙන්ද ඔය පොත ගන්න පුලුවන්. ආසයි කියවන්න.
සදමල්
Deleteමේ පොත ප්‍රකාශයට පත්වෙලා තියෙන්නේ 1990 දි කර්තෘ ප්‍රකාශයක් විදියට "දිවැස" නම් වු ප්‍රකාහන ආයතනයක් තමයි බෙදා හැර තියෙන්නේ. පොත් සාප්පුවල නම් මම දැක්කෙ නෑ මොකද මේ පොත දැනට අවුරදු 23 ත් විතර පරනයි.
හ්ම්ම් .. සමහර දේවල් අපෙන් ඈත් වෙන්න Availability නැතිවීමත් ප්‍රදාන හේතුවක් :(
Deleteමෙතුමා රචිත මේ ගීත නෑසුනු එකම නත්තලක්වත් නැතිව ඇති... අර ඉංග්‍රීසි ජින්ගල් බෙල්ස් සින්දුව නත්තල එක්ක ඈඳිලා තියෙන්නා වගේ මෙම සිංහල ගීතත් නන්ත්ල එක්ක වෙන් කරන්න බැරි විදියට ඈඳිලා. ඒවගෙම ඒවා රස විඳින්නේ කිතුනුවන් පමණක් නොවේ... මුළු ලංකාවම එකසේ රස වින්දා.. ඉදිරියටත් එහෙමයි... වෙනදා වගේම වටින සටහනක් අයියේ
ReplyDeleteසියලු කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා.
ReplyDeleteඅලුත් අවුරුද්දේ ඔන්න මුලින්ම මම ගොඩ උනේ අස්වැන්නට. මම ගොඩක් කැමති පද රචකයෙක් මෙතුමා. මෙතුමා ගැන තවත් බොහෝදේ අස්වැන්නේ ලියවෙයි කියා සිතනවා....
ReplyDeleteඔබට සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!
හරි අපූරු ගීත ලියපු පිය තුමෙක් ගැන සුන්දර විස්තරයක්... බොහොම ස්තුතියි.
ReplyDeleteදයානන්ද,
ReplyDeleteඅහම්බෙන් මෙතැනට ආවෙ. අස්වැන්නෙ සටහන් කීපයක් කියෙව්ව. ආයෙ ආයෙත් ඇවිත් කියවන්න හිතා ඉන්නවා. මර්සලින් ජයකොඩි පියතුමාගෙ මේ ගීත හදවතේම ලියැවිලා තියෙන ගීත.
මගේ ගම වෙන්නප්පුව. මම හතරවෙනි පන්තියෙ ඉඳිඳ්දි (නවසිය හැට ගණන් වල) හලාවත දිව්‍ය සත්ප්‍රසාද මංගල්ලයකට අපේ ඉස්කෝල ළමයි සේරමත් අරන් ගියා. ඒ ගමන ගියෙ ලංගමේ තට්ටු දෙකේ බස්වල. කොහොමින් හරි මට මේ ගමන යන දා පල්ලිය වත්තට එන්න පරක්කු වුණා. මගේ පංතියෙ කොල්ලො සේරමත් එක බස් එකක උඩ තට්ටුව අල්ලගෙන. මාව වැටුනෙ ලොකු පන්තිවල අක්කලා යන බස් එකකට. අපේ ඉස්කෝලෙ (වෙන්නප්පුවෙ ශාන්ත මරියා ප්‍රාථමික පාසැල) පිරිමි ළමයින්ව තියා ගත්තෙ අවුරුදු නවය වෙනකං විතරයි.
මාව මල්ලි කමට අරගෙන අර අක්කලා මට ආස ගීතිකා කිව්වා එදා. මම හැමවෙලෙම ඉල්ලුව ගීතිකාව “රොනට වඩින බිඟු ඔබයි“.
මේ ලිපියත් පසු සටහන් ටිකත් කියවලා එක්තරා විදිහක දුකකුත් දැණුනා. මේ ගීත පද රචනා වගේම මර්සලින් ජයකොඩි පියතුමාවත් මෙහෙම ඇගයෙන්නේ ඒ ගීත තුල මේ බොහෝ දෙනෙකුට දැණෙන බෞද්ධ කම නිසා ද? කොටින්ම ඔබේ මාතෘකාව අරගන්න... “මල්පැලේ උපන් පන්සලේ පියතුමා“.
මම හිතන්නේ අපි කාටත් පුළුවන් නම් මේ ගීතිකා පදමාලා තුල රැඳී තියෙන භක්තිය ඒ විදිහෙන්ම දකින්න, මේ අගැයීම් මීට වඩා වෙනස් වේවියි කියා. අපි මේ නිර්මාණ තුල දකින අපිවම විතරක් අගැයීම අපටම දමාගන්නා සීමාවක් නේද? අපට මේ නාස් ලණුවලින් ගැලවෙන්න පුළුවන් දවසක මම හිතනවා මර්සලින් ජයකොඩි පියතුමාත් මේ ගීතත්, ඒ ගීත තුල අන්තර්ගත දර්ශනයත් මීට වඩා අවංකව රස විඳේවිය කියා.
මේ හිතුවිල්ල අස්සේ මට ආයෙත් හිතෙනවා මර්සලින් ජයකොඩි පියතුමා අර ග්‍රීක කවියේ අර්ථය ඇත්තෙන්ම අරුත් දක්වා තියෙනවායි. බලන අපට අපවම දකින්න කැටපතක් වීමෙන්...! ඒත් ඒ පිළිබිඹුව පසුපසට ගිහින් මේ වචන වල ගොණු කෙරෙන අධ්‍යාත්මික සුවඳත් ඒ විදිහෙන්ම විඳින්න අපට පුළුවන් නම් මානවයින් හැටියට අපි මීට වඩා ආදරයෙන් කිට්ටුවෙන් එකිනෙකා දෙස බලාවිය මම හිතනවා.
මේ හිතට නැගුණු දේ. තර්කයකටවත් වාදයකටවත් මුලක් නොවෙයි.
මම මර්සලින් ජයකොඩි පියතුමා සමග කතා කරලා තියෙන්නේ වචන දෙක තුනක් විතරයි. 75-80 අතර කාලේ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිද්දී මමත් මිතුරෙකුත් බොහෝවිට යනවා බොරැල්ලේ සියළු සාන්තුවරයින්ගේ පල්ලියට පූජාවට. ඒ දවස්වල මර්සලින් ජයකොඩි පියතුමාත් ඒ පල්ලියේ හිටියා. බොහෝවිට අපි බලා ඉන්නවා එතුමා යාඤා කරනවා. එහෙම දවසක දෙකක වචනයක් දෙකක් කතා කරලා නමස්කාර කරලා තියෙනවා.
ඔබට තුති.
-ලොකු
ලියන්න හිටි පුංචි දෙයක් අමතක වුණා.
Deleteමේ ජනවාරි 15 දාට මර්සලින් ජයකොඩි පියතුමා නෙත් පියාගෙන වසර පහලොවක්.
-ලොකු