එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Thursday, 20 December 2012

෴කිතුනු ගීත සාහිත්‍යයෙන් බිඳක්....෴


අස්වැන්න + හරීගේ හීනලන්තය දායකත්වයෙන් කිතුනු ගීතය සොයා ගිය ගමන

මේ නත්තල් සමයයි. මේ සීතල උඳුවප් මාසයේ ජේසුස් වහන්සේගේ උත්පත්තිය සැමරීමට රටම සැරසෙන මොහොතක කිතිනු ගීත සාහිත්‍යය පිලිබද සටහනක් තැබිමට ඇරයුම් කර  අදහසක් ලබා දුන්නේ හරීගේ හින ලන්තය ලියන සහෘද හරී විසිනි. පහන් යාය ලියන සයුරී සුහදිනිය විසින් හරීගේ හීනලන්තයෙන් ගීතිකා ගැන ලියන්නට කරන ලද ඉල්ලීම මට පවරන ලදින්,   හරීගේ ඒ ඉල්ලීමත් උනන්දු කරවීම සහ මග පෙන්වීම නිසා  කිතුනු ගීත පිලිබඳව හරී විසින් ලබාදුන් සියලු තොරතුරු ඔස්සේ අද අස්වැන්න සටහන් කරමි. ඒ නිසා මේ සටහනේ සියලු ගෞරවයන් සියල්ල මවිසින් පෙරලා හරී සොහොයුරාටම පුදකර සිටිමි.


සිංහල ගීත සාහිත්‍යයේ කිතුනු ගී වල එන ගිතිකා වෙනස්ම ගීත විශේෂයකි. එහෙත්, අවාසනාවකට ලංකාවේ කිතුනු ගීත සාහිතය පිළිබදව මෙරට විද්වතුන්ගේ අවධානය යොමුවී නොමැත.  ලංකාවේ කිතුනු ගීත ගැන වැඩි වශයෙන්ම අවධානයට සහ කතාබහට  යොමුවන්නේ දෙසැම්බර් මාසයෙන් එළඹෙන නත්තල් සමයේදීය. ඒ අසිරිමත් නත්තල් සමයේ නිරන්තරයෙන් මාධ්‍යය ඔස්සේ නත්තල් ගිත ඇසේ. ඒ නිසා මේ කිතුනු ගීත ගැන කතා කරන්නට කලින් මෙම ගීත කොටස් කිපයකට බෙදා වෙන්කර ගත යුතු බව පෙනේ.

01.               නත්තල් ගී
02.               කැරොල් ගී
03.               පසම් ගී
04.               කන්තාරු ගී

මේ ගිත වර්ග හතරද තවත් කොටස් ගණනාවකට බෙදිය හැකි වුවත් එතරම් ගැඹුරු අධයයනයකට නොයා අපේ සරල රස වින්දනය උදෙසා මේවා එක එක කොටස් වෙන වෙනම විමසා බලමු.

තවද මේ ගිතිකාවලින් සමහරක් කිතුනු බැතිමතුන් යාඥා ස්වරූපයෙන් ගයන ගිත විලසටද, තවත් ගිතිකා කොටසක් දේව ස්තෝත්‍ර වශයෙන්ද ගායනා කරයි. ඒ ඒ අවස්ථාවන් අනුව මෙම ගිතිකා කැරොල් ගීත, නත්තල් ගීත, දුක් ප්‍රාප්ති ගීත ( පසම් ගීත) යන යනුවෙන්ද විවධ කොටස් වශයෙන් කිතුනු ගීත සාහිත්‍යයේ ඇත.

කිතුනු ගීයේ ඉතිහාසය:

ලංකාවේ කිතුනු ගීත සාහිතයයට ඇත්තේ ඉතාමත් දීර්ඝ ඉතිහාසයකි. එය ගරු ජෝශප් වාස් පියතුමාගේ කාලයේ එනම් 16 වන සියවස  දක්වා ඈත අතීතයට එනම් ලන්දේසි සමය තෙක්  විහිදෙයි.

 ලන්දේසීන්ගේ සමයේ පටන් මෙරට කිතුනු ගීත සාහිත්‍යයේ පිබිදිම ඇතිව තිබුණි. එහෙත් සාහිත්‍ය අංගයක්  වශයෙන් කිතුනු ගීතයේ පිබිදිම ඇති වූයේ ජෝශප් වාස් පියතුමාගේ නිසාය. ශ්‍රී ලාංකි‍කයෙක් නොවුනත් ලන්දේසින්ගෙන් සැඟවෙමින් හා ආරක්ෂා වෙමින් කිතුනු ආගමහා සාහිත්‍යය ලංකාවේ ආරක්ෂා කැ ගැනිමට කැපවී ක්‍රියාකළ පියතුමෙකි. උන්වහන්සේගෙන් පසුව කිතුනු ගීතය  සහ සාහිත්‍යය ලංකාව පුරා ව්‍යාප්ත කිරිමට පුරෝගාමිව මෙහෙවරක් ඉටුකරන ලද්දේ ජාකෝමේ ගොන්සාල් වෙස් පියතුමන් විසිනි. ඒ නිසා ලංකාවේ කිතුනු ජනතාව ඉදිරියට ගෙන ගොස් කලාත්මක සාහිත්‍යාංගයක් ලෙස ජනප්‍රිය කරවීමේ පුරෝගාමියා ලෙසට පිළිගැනුමට ලක් වෙමින්   ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමන් ඉතිහාස ගතවෙයි.

මේ පියවරුන් දෙදෙනාම විදේශ සම්භවයක් සහිත පියවරුන් දෙදෙනනෙකු වුවත් උන්වහන්සේලා මෙරටට වැඩම කොට එකල මෙරට විසූ භික්ෂූන් වහන්සේලාගෙන් සිංහල භාෂාව මැනැවින් ඉගෙන ගෙන කිතිනු ගීත සාහිත්‍ය, පාස්කු නාට්‍ය, කැරොල් ගී, මෙන්ම ශුද්ධ වු බයිබලයද  සිංහල බසට පරිවර්තනය කිරිමට පුරෝගාමී වූහ.

01.     කැරොල් ගී හෙවත් නත්තල් ගී

කැරොල් ගී යනු  සතුට විනෝදය දනවන ගීතිකා විශේෂයකි. මේවා නත්තල් ගීත වශයෙන්ද හැඳින්වෙයි. මේ කැරොල් ගිත ජනප්‍රිය ආකෘතියේ ගිත වන අතර දේවස්ථානයන්හි ඉදිරිපිට තැනූ වේදිකාවල සිට හෝ රථයක් නැගී  නගරවල වීදි සංචාරය කරමින් විවිධ වර්ණයෙන් යුතු පහන්, බකට්  මෙන්ම විවිධ මල් වර්ග අත තබාගෙන කැරොල් ගී ගියනා කරයි.

නත්තල් කාලයට වැදගත් වන කැරොල් ගීත සළකා බලමු. කැරොල් යන ප්‍රංශය වචනය මුලදී උත්සව වලදී ගයන ගීත වෙනුවෙන් යෙදුනත් පසුකාලීනව එය නත්තල් ගීත වෙනුවෙන් යෙදුනි. මේ ගීතවල විශේෂත්වය වන්නේ නත්තල් කාලයට පමණක් ගායනා කිරීමත් එමඟින් සතුට සෞභාග්‍යය සංකේතවත් කිරීමත්ය. පොදුවේ ගත්කළ අතිතයේ සිට අද දක්වා දහස් ගණන් කැරොල් ගීත ලියවුනත් පහත සඳහන් ගීත අදටත් සාම්ප්‍රදායික කැරොල් ගීත ලෙස සෑම නත්තලකදීම ගායන කරයි. අදටත් එක සේ ජනප්‍රියයි. ඔබ එයින් එකක් හෝ කීපයක් අනිවාර්‍යෙන් අසා ඇති.

 මෙහි වැදගත් කරුණ වන්නේ බෞද්ධයන් වෙසක් භක්ති ගීත ගැයිම ආරම්භ කරන්නේ කිතුනු කැරොල් ගීතිකා අනුසාරයෙනි. එම නත්තල් කැරොල් ගීත අනුකරණය කිරීමෙන්1950 -60 පමණ දශකයේ සිටය. එය වෙසක් කැරොල් ගීත වශයෙන් නිවැරදිව භාවිතා කල යුතු වුවත් අද බොහෝ දෙනෙක් ඒවා වෙසක් බැති ගී හෝ පොසොන් බැති ගී ලෙස හැඳින්වීමට පුරුදුව සිටිති. එහෙත් ඒ අනුව වෙසක් බැති ගීයට මුලාශ්‍රය සපයා ගන්නේ දේවස්ථානයේ ගැයෙනු කැරොල් ගීත සහ ගීතිකා ඇසුරින් බව කිසිවකු නොදනිති. එහි ආරම්භයට මුල  දේවස්ථානයන්හි ගැයුණු කැරොල් ගීතිකා බව කිසිවකු නොකියති.

පසුකාලයේ මේ ගී තවත් දියුනුවෙමින් නත්තල් ගීත වශයෙන් ගීත විශේෂයක් ද බිහිවිය. නිදසුනක් ලෙස  පුළුන් වගේ සුදු රැවුල දිගයි,  සීනු හඬින් ලොව පිබිදෙනවා, අද නත්තල් වැනි ගීත දැක්විය හැකිය. එසේවුත් ආගමික මුහුණුවරක් ගන්නා ගිත කැරොල් ගීත වශයෙන් හැදින්විය හැකිය. ලංකාව් ජනප්‍රිය කැරොග් ගී රැසක් අප නත්තල් ගී ලෙස හදුන්වන අපට නිරන්තරයෙන් ඇසෙන ගිත සියල්ලම අයත්වන්නේ කැරොල් ගීත වලටය. මතු දැක්වෙන්නේ එවන් ගීයකි.

බෙත්ලෙහෙම් පුරේ
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලෙ නිදයි
ජේසු බිලින්දා - ජේසු බිළින්දා

ලෙළෙන කැන් දිදී
අමුතු තරුවෙකී
අදුර මැදින් එළිය මවයි
ජේසු බිළින්දා - සාමෙ රජින්දා

නිරිදුන් තිදෙනා
තරුවන් දිලෙනා
මඟ අහගෙන - යති දැකුමට
ජේසු බිලින්දා - සාමෙ රජින්දා

සත වෙත කරුණා
පිනිදිය ගලනා
මුදු උල්පත පාදා දුනි
ජේසු බිලින්දා - සාමෙ රජින්දා

බෙත්ලෙහෙම් පුරේ
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලෙ නිදයි
ජේසු බිලින්දා - සාමෙ රජින්දා


ගේය පද:   කරුණාරත්න අබේසේකර
සංගිතය:    ක්ලැරන්ස් විජේවර්ධන
මුල්ගායනය:   ගෝල්ඩන් වයිම්ස්
පසු ගැයුම: අනිල් භාරතී

බෙත්ලෙහෙම් පුරේ” ගීතය මෙතනින් අහන්න.


02.    පසම් ගී

පසම් ගීත ද කිතුනු ගීවල හමුවන විශේෂිත ගීත කොටසකි. මේ වාද බැති ගී ලෙස හැදින්වූවාට වරදක් නොපෙනේ. නත්තල් සමය මේ ගී ඇසේනේ නැතුවා සේම මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය නොවේ. මේ ගිත නිර්මාණය වී ඇත්තේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය නිමිති කරගෙනය. ඒ නිසා පසම් ගීත සහ දුක් ප්‍රාප්තිය අතර නිරන්තරයෙන් අත්‍යන්ත බැඳීමක් දැකිය හැකිය. ළතෝනිය , වැලපීම යන වචනද නිරන්තරයෙන් මේ පසම් ගීත සම්බන්ධයෙන් යෙදේ.

මේවා සියවස් ගණනක් තිස්සේ පැවතෙමින් ආ බව පැහැදිළි වන නමුත් අද මේවා දේවස්ථානයන්හි පවා ගායනාවන්නේ ඉතාම මඳ වශයෙනි. එයද ගායනා කරන්නේ මුහුදුබඩ පළාත්වල වෙසෙන කිතිනු ජනයා පමණි.

පසම් ගීවල විශේෂතා කීපයකි. එනම් පසම් ගී  ගැයෙන්නේ වතාරික සමයේ දීය. නිවෙස්වල එළිමහනට වී පවුලේ උදවිය සමග හෝ කුඩා කණ්ඩායම් වශයෙන්ද ගායනා කෙරන්නේ මුද්‍රිත පොතක් බලා ගැනීමෙන්ය. එය සමූහ ගායනයකි. පදයෙන් පදය මාරුවෙන් මාරුවට ගායනා කරනු ලබයි.

පසම් ගිත ගැයෙන සමය අලු බදාදා සිට පාස්කු ඉරිදා දක්වා සති හය හමාරක (6 ½) කාලයේදීය. සංගීතයක් නැති තරම්ය ඇසෙන්නේ වධබෙරය හෙවත් කටකටකයේ හඬ පමණි. බෙහෝවිට මේවා දුක්මුසු ස්වරූපයෙන්ම ගැයේ මතු දැක්වෙන්නේ පසම් ගීයකි.

බෝ සෝ දැරූ ජේසු පුතණුනේ...//
මා අතහැරා...//
මේ වූ රැයේ කොහෙද පුතු මගේ...//

දෑස සේ මගේ විසූ නුඹ පුතේ...//
මා අතහැරා...//
මේ වූ රැයේ කොහෙද පුතු මගේ...//

ලේ කිරි දිදී සැදුවෙ පණ ලෙසින්...//
මා අතහැරා...//
මේ වූ රැයේ කොහෙද පුතු මගේ...//

දිළිඳු ගවලෙනේ බිළිඳු සීතලේ...//
වෝ කාඬූ...//
කොහෙද පුතු මගේ කොහෙද පුතු මගේ...//

බෝ සෝ දැරූ ජේසු පුතණුනේ
මා අතහැරා
මේ වූ රැයේ කොහෙද පුතු මගේ

ගැයුම : නන්දා මාලනී

“බෝ සෝ දැරූ” ගිතය මෙතනින් අහන්න


03.    කන්තාරු ගී:

කන්තාරු  යනුවෙන් හඳුන්වන්නේ දේවස්ථානයේ ගායනා කරන ස්තොත්‍රයන්ය. මෙයද එක් ආකාරයක කිතුනු ගීත විශේෂයකි. කන්තාරු යනු සිංහල වචනයකි. කන්තාරු (CANTAR)  ගීතිකා වලින් සමහරක්  දේව මෙහෙය පැවැත්වෙන විට ස්වාමිවරුන් විසින්ද තවත් සමහරක් බැතිමතුන් විසින්ද ගායනා කරති. මේවාද බොහෝ සෙයින් ජනප්‍රිය ගීත වේ. ගැයෙන තාල සහ රිද්ම හිතට දැනෙන ඒවාය.

සැබැවින්ම කන්තාරු ගීතිකාවට වඩාත් නිවරදිව ගැලපෙන වචනය වන්නේ හීම් (Hymn) යන වචනයයි.මේවා දේවස්ථානයට එක්රැස්වන බැතිමතුන් අල්තාරය ඉදිරිපිටදී ගායනා කරති.
කතෝලික විශ්වාසයට අනුව 'ගැයීම යනු දෙවරක් යැදීමකි' හෙවත් යාච්ඤාවේ අනිශංසය මෙන් දෙගුණයක් එය ගායනා කිරීමෙන් ලැබේ. මෙය කියවන ඔබ අන්‍යාගමිකයෙකු වුවත් ජීවිතයේ එක් වරක් හෝ කිතුනු ගීතිකාවක් අසා ඇතැයි සිතමි. ළඟ මේ නත්තල් සමයේදී රූපවාහිනියෙන් හෝ ගුවන් විදුලියෙන් එක් කිතුනු ගීතිකාවක් හෝ ගීතයක් අසන්නට ලැබෙනු ඇත.

ජේසු උපන්දා සුළු දනන් රජ වුණා..//


නිසල රැයේ සීතල ඒ දිලිඳු ගව ලෙනේ
ජේසු උපන් නිසාය සුළු දනන් රජ වුණේ
දිලිඳු කමින් ජේසුද සුලු දන උසස් වුනේ
එදා පටන් සුළු දන හට තැනක් හිමි වුණේ

 ජේසු උපන්දා සුළු දනන් රජ වුණා..//

සුළු දන එසවූ ජේසුට එදා කිම වුණේ
රජේ බලේ කියා එදා  යන්ට සිදු වුණේ
පසු දවසේ ජේසු නමින් කිමද සිදුවුනේ
දිළිදු ජේසු නිසා හතරත ධනය රජ වුණේ.


ගීපද: මහාචාර්ය කාලෝ ෆොන්සේකා
සංගිතය රෝහණ වීරසිංහ
ගැයුම:  ඇන්ටන් චාල්ස් ඇතුළු පිරිස

ජේසු උපන්දා ගිතය මෙතනින් අහන්න


සරළ ගීත සහ ගීතිකා:

 ගීත හා ගීතිකා (hymn) දෙකක්ද එකක්ද යන පැනය මතුවන්නට ඇතැයි සිතමි. කෙටියෙන් පැවසුවොත් ගීතිකාවක් යනු එක්තරා ආකාරයක ගීතයකි. නමුත් එය සාමාන්‍ය ගීතයෙන් වෙනස් වන්නේ එය ආගමික කතෘවරයෙකු හෝ ආගමිකව ගෞරව ලබන වෙනත් කෙනෙකු ප්‍රශංසා කිරීම, එතුමන්ට භක්තිය දැක්වීම හා යාච්ඤා කිරීම යන අරමුණු වලින් භාවිතා වන නිසාය. හුදෙක් ඉංග්‍රීසි බසින් ගීතිකාව hymn ලෙස හඳුන්වන්නේ ග්‍රීක බසින් 'ප්‍රශංසාවේ ගීතයතේරුමැති hymns වචනය නිසාය. 

 ගීතිකා වල ආරම්භය ගැන හරියටම කිව නොහැකි වුවත් එය ඉතා ඈත අතීතයට දිවයන බව නම් නොරහසකි.  කිතුනුවන්ගේ ආගමික ග්‍රන්ථය වන ශු. බයිබලයේ අඩංගුව පවතිනා ගීත රාශියකි. විශේෂයෙන් සඳහන් කළහොත් ශු. බයිබලයේ ගීතාවලිය නම් පොත තනිකරම ගීතිකා පොතකි. එහි අඩංගු වන්නේ එකල ජුදෙව්වෝ දෙවියන් වහන්සේට ගෞරවය පිණිස ගායනා කළ ගීතිකා වේ.  මේ ගීතාවලියේ අඩංගු ගීතිකා ඇසුරෙන් ගීතිකා නිර්මාණය වීම වර්තමාන කිතුනු ගීත සාහිත්‍යයේ ආරම්භය ලෙස සැළකිය හැක. ගීතාවලියේ ගීතිකා වෙනත් ගීතවලටද මූලාශ්‍ර වූ බව සැලකිය හැක්කේ Boney M ගායක කණ්ඩායමේ By Rivers of Babylon වැනි ගීත නිසාය.

By the  rivers of Babylon, there we sat down
Ye-eah we wept, when we remembered Zion.

By the rivers of Babylon, there we sat down
Ye-eah we wept, when we remembered Zion.

When the wicked
Carried us away in captivity
Required from us a song
Now how shall we sing the lord's song in a strange land

When the wicked
Carried us away in captivity
Requiring of us a song
Now how shall we sing the lord's song in a strange land

Let the words of our mouth and the meditations of our heart
Be acceptable in thy sight here tonight

Let the words of our mouth and the meditation of our hearts
Be acceptable in thy sight here tonight

By the rivers of Babylon, there we sat down
Ye-eah we wept, when we remembered Zion.

By the rivers of Babylon, there we sat down
Ye-eah we wept, when we remembered Zion.

By the rivers of Babylon (dark tears of Babylon)
There we sat down (you got to sing a song)
Ye-eah we wept, (sing a song of love)
When we remember Zion. (yeah yeah yeah yeah yeah)

By the rivers of Babylon (rough bits of Babylon)
There we sat down (you hear the people cry)
Ye-eah we wept, (they need their god)
When we remember Zion. (ooh, have the power


" By Rivers of Babylon " ගීතය මෙතනින් අහන්න


ඒ නිසා ගීතිකාවකින්  මේ අරමුණම ඉටුවන නමුත් සවන් දීමේදී වෙනසක් දැනෙනා ගීත ගීතිකා නොවේදැයි ඔබ අසනු ඇත. උදාහරණයකට රූකාන්ත ගුණතිලක මහතාගේ ගවහලේ ගීතය ගීතිකාවක් නොවන්නේදැයි අසනු ඇත. ආගමික ගීතයේත් ගීතිකාවලත් ඇති සංගීතමය වෙනස ඉදිරියේදී බලමු

මුල් යුගයේ ලතින් සින් බිහිවූ කිතුනු ගිතිකා රසවත් නොවූ නිසා දිව්‍ය පූජාව පැවැත්වෙන අවස්තාවලදී ගැයුනු ඒ  ස්තෝත්‍රයන්හි ලිතින් බස වෙනුවට සිංහල වචන යොදා දේව ස්තතෝත්‍ර ගායානා කර ඇත.

කෙසේ වුවත් ගීතිකා අනෙක් ගීවලින් වෙනස්වන ප්‍රධාන කරුණු අතර ස්වාමි වරුන් විසන් ගායනා කරන ගීත විමත් , සමහරක් බැතිමතුන් විසින් ගායනා කරන ගීත කොටසක් තිබිමත්, ගීතයක මෙන් සංගීත භාණ්ඩ විශාල ප්‍රමාණයක් භාවිතා නොකිරීමත්, විශේෂිතය.

ඇතැම් ගීතිකා සදහා අතිතයේ පටන් එය ගායනා කල යුතු පිළිවෙල ඒ ග්‍රන්ථවල පැහැදිලිව සදහන් කර ඇත. ඒ අනුව එක සංගිත භාණ්ඩයක් පමණක් භාවිතා කිරිම , නැත්නම් සංගීත භාණ්ඩ දෙකක් පමණක් භාවිතා කල යුතු බවද සදහන් වන අවස්ථා ඇත. ඇතැම්විට ඒ ගීතිකාව සදහා භාවිතා කළ යුතු සංගීත භාණ්ඩය පවා නම්කර තිබිම ගීතිකාවල විශේෂ වැදගත් ලක්ෂණයකි.. මේ සඳහා යොදාගත්තේ තත් සහිත සංගිත භාණ්ඩයක් එනම් ගිටාරය, වයලිනය වැනි සංගිත භාණ්ඩයකි. නූතනයේ නිතර භාවිතා වන විදුලි ඕගනය, හෝ පියානෝවද නිරන්තරයෙන් ගීතිකා සදහා යොදාගනී. ගීතිකා කණ්ඩායම (Choir) මේ සංගීත භාණ්යක් සමග ගීතිකා ගායනා කරයි.

අතීතියේ සිට පැවත එන් මේ ගීතිකාවලට  නැවුම් බවක් ගෙන දුන්නේ ගරු මර්සලින් ජයකොඩී පියතුමා විසිනි. උන්වහන්සේ මෙරට විසිරී පැතිරී තිබු කිතුනු ගීත සාහිත්‍යය නව ප්‍රබෝධයකින් යුතුව සියලුම ලාංකිකයන්ට රස විදිය හැකි පරිදි උන්වහන්සේගේ අතින් නිර්මාණය විමට පටන්ගත්තේ 1930 න් පසුවය එදා මෙදා තුර ගරු මර්සලින් ජයකොඩි පියතුමා විසින් ලියූ සීනු හඬින්,  රෑ තරු බබලනවා,  නෙලුම් පිපීලා ආදී ගීත ජනප්‍රිය ගීතිකාවන් සේ පිළිගනී.

මෙලෙස  ගීතිකාවකින් දෙවියන්වහන්සේට, දෙවියන් වහන්සේගේ පුත්‍රයාට ප්‍රශංසා කිරීම, භක්තිය දැක්වීම හා යාච්ඤා කිරීම යන අරමුණු වලින් ගැයෙන් ගීතිකා සාමාන්‍යයෙන් දේවස්ථානවල දේව මෙහෙයන් තුළදී ගැයෙයි. එහෙත් දිව්‍ය පූජාවේ එක් එක් කොටස් වලදී ගැයීමට වෙනස් වෙනස් තේමාවලින් යුත් ගීතිකා තිබේ. නමුත් මම මෙහිදි වැඩිදුර විස්තර කිරීමට නොයමි. ඊට අමතරව නත්තල් කාලය, චතාරි කාලය ආදී කතෝලිකයන්ට අදාළ විවිධ උත්සව තේමා කරගෙන ගීතිකා ගැයේ. නත්තල් කාලය තුළ ගැයෙන ගීතිකා තනුවෙන්ද පදමාලාවෙන්ද සතුටුදායක බවක් පෙන්නුම් කරද්දී චතාරික කාලයේදී තනුවෙන්ද පදමාලාවෙන්ද දුඛදායක බවක් පෙන්නු කරයි. පහත සඳහන් ගීතිකාවත් ශ්‍රවණය කිරීමෙන් එය වැටහේවි.

කුරුසේ නැග අත් විහිදා
මුළු ලෝ තුරුලට වඩලා
සිටිනා දෙවි පුත් රදුණේ
ඔබෙ පා සිඹිමින් වඳිමු

සිරසේ කිරුළේ මිණි සේ
බැබළේ බිඳු වැල් සිරි ලේ
කුරුසේ සිටිනා දෙවිඳේ
ඔබෙ පා සිඹිමින් වඳිමූ

දෙනෙතේ කඳුළුයි ඔබගේ
දෙතොලේ ලේ වැල් කැටි වේ
ඇණලා සිරවී තිබෙනා
ඔබෙ පා සිඹිමින් වඳිමූ

පහරින් නිල් වූ සිරුරේ
දහරා ගලමින් දිලිසේ
මෙලෙසේ පණ දුන් දෙවිඳේ
ඔබෙ පා සිඹිමින් වඳිමූ

ඔබ හා කුරුසේ නැඟලා
ඔබෙ දෑසින් ලොව බලලා
ඔබ සේ කරුණා පාලා
කුරුසේ හිඳිනා සමිඳේ

හිඳිනා ලෙස මා කැඳවා
කල්වාරිය මත නංවා
ඔබ හා මා හා සිටිමු
කුරුසේ හිඳිනා සමිඳේ

" කුරුසේ නැග අත් විහිදා "ගිතිකාව මෙතනින් අහන්න


සාමාන්‍යයෙන් සෑම දේවස්ථානයකම පාහේ  දිව්‍ය පූජාවන් තුළදී ගී ගැයීම සඳහා ගායනා කණ්ඩායමක් වේ. ගීතිකා කණ්ඩායම, කන්තාරු කණ්ඩායම යන විවිධ නම් වලින් හැඳින්වෙන මේ ගායනා කණ්ඩායමේ සාමාජිකයෙකු සාමාජිකාවක වීමට ගී ගැයීමට හැකි ඕනෑම කෙනෙකුට අවස්ථාව තිබේ. දේවස්ථානයේදී ගීතිකා ගැයීමේ මූලිකයන් ලෙස කටයුතු කරන්නේ ඔවුන්ය. බොහෝවිට පියානෝවක් හෝ ඕගනයකින් සංගීතය ලබාගැනීම සිදුවේ. බොහෝ ගායක ගායිකාවන් හා ගායක කණ්ඩායම් කතෝලිකයන් වීමට ඔවුන් කුඩාකල සිට ගීතිකා කණ්ඩායම් වලින් ලැබූ පන්නරය හේතුවන්නට ඇතැයි සිතමි. 

ගීතිකාවක් හැදෙන්නේ කොහොමද
 කතෝලික දේවස්ථානවලදී ගීතිකාවට කොපමණ තැනක් ලැබෙනවාද කිවහොත් මංගළ්‍යය වැනි විශේෂ දිනවලදී ගායනා පූජාවන් සිදුකෙරේ.  ගායනා පූජාවක් යනු වෙනදාට කියන යාච්ඤාද ගායනා ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමයි. දේව ප්‍රශංසාවට අමතරව විවිධ සාන්තුවරයන් උදෙසා ලියවුනු ගීතිකාද තිබේ. උදාහරණ ලෙස සාන්ත අන්තෝනි මුනිතුමා, ජුසේ මුනිදුන්, මරිය මවුතුමී,  ඇතුළු පූජනීයත්වයට පත් මුනීන්ද්‍රයන් වෙනුවෙන් රචිත ගිතිකා ඇත.

 එදත් අදත් එක සේ ජනප්‍රිය Silent Night ගීතිකාව හැදුන කතාවක් ගීතිකාව වගේම රසවත්. ඒ 1818 දෙසැම්බර් 24 වෙනිදා හවස් වරුවයි. ස්ථානය ඔස්ට්‍රියාවෙ Oberndorf bei Salzburg නම් කුඩා නගරයේ තිබූ කුඩා දේවස්ථානයක්. මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව වෙනුවෙන් ගීතිකා පෙර පුහුණුවීම් වල දේවස්ථානයේ ගීතිකා කණ්ඩායම යෙදී සිටියා. හදිසියේම ඔවුන්ගේ ඕගනය ක්‍රියාවිරහිත විය. කෙතරම් උත්සාහකළත් යථාතත්වයට ගත නොහැකි විය. 

නමුත් තරුණ පියතුමෙකු වූ  Joseph Mohr ගීතිකාවලින් තොරව රාත්‍රී පූජාව පැවැත්වීමට අකැමති වූ නිසා. ඉක්මණින් අලුත් ගීතයක් ලියූ එතුමා ඕගන් වාදකයා වූ Franz Xaver Gruber එය දුන්නේ ගිටාරයෙන් පමණක් සංගීතය සැපයෙන සේ තනුවක් යොදන ලෙස නියම කරමින්. මෙලෙස කඩිමුඩියේ නිර්මාණය වූ ගීතයකි එය අදද ජනප්‍රිය ගීතයකි.

ඒ අනුව බලන විට කිතුනු ගීතයට ඇත්තේ සියවස් ගනනාවකට වඩා දිගු ඉතිහාසයකි. සහෘද හරී මෙන්ම මා ද කළේ මේ පිලිබදව කෙටි අධ්‍යයනයකි. එහෙත්  සිංහල ගීතය ඇසුරේම තිබෙන නමුත් ගීත සහ ගීතිකා අතර ඇති වෙනස කෙටියෙන් හෝ හඳුනා ගැනිමට ලැබුණි. එය වෙනම අධ්‍යනය කල යුතු ඉසව්වක් යැයි සිතේ. කිතුනු ගී නිවැරදිව හඳුනාගනිමින් අප ඒවා රස විදින්නට පෙළඹුන හොත් කිතුනු ගිත පිළිබදව නැවත වරක් හිතන්නට පෙළඹෙනු නිසැකය.

අස්වැන්න ඊළඟ සටහනින් ගරු මර්සිලින් ජයකොඩි පියතුමාගේ ගීත කලාව පිළිබඳ කතාකරමු.

මූලාශ්‍ර :

01.  ශු:  බයිබලය
02.  කැරොල් පසම් කන්තාරු - මහාචාර්ය සුනිල් ආරියරත්න
03.  වෙසක් කැකුළු - ගරු මර්සිලින් ජයකොඩි පියතුමා
08.http://en.wikipedia.org/wiki/Christmas_carol

ඔබට මේ පිලිබදව යම් අදහසක්, විවේචනයක්,හෝ විචාරයක් ඇත්නම් ලියලම යන්න

22 comments:

  1. ගීතිකා අහන් ඉන්න මම හරිම ආසයි. ඒවා ගීත වලට වඩා හිතට දැනෙනවා. තනු වගේම ගායන ශෛලියත් ලස්සනයි. බයි ද රිවර්ස් ඔෆ් බැබිලෝන් ගීතය ගැන මධුරංග ලියලා තිබුණා වගේ මට මතකයි.

    "කන්තාරු" කියන වචනේ පොඩි ලන්දේසි ගතියක් තියනවා වගේ දැනෙනවා :)

    බොහොම ස්තුතියි ඔබ දෙපළටම

    ReplyDelete
    Replies
    1. සයුරි..
      ගීතිකාවල බොහෝ සෙයින් අපට ඇහෙන ජනප්‍රි ගීවල හැඩතල තියෙනවා. ඒ නිසා ගිතිකාවල රිද්මය ඇසුරින් තමය ගීත හැදිලා තියෙන්නේ කියලා හිතන්න පුඵුවන්. විශේෂයෙන්ම ස්ටැන්ලි පීරිස් සහ මර්වින් පෙරේරා හැදූ ගීතවල මේ ගිතිකාවල ආභාෂය දකින්න පුළුවන්..

      සයුරිගේ වගේම සහෘද හරීගේත් උනන්දු කරවිම මත තමයි පුංචි පර්යේෂණය ක් කලේ. මේ ගිතිකාවල තව විවිධ පැති තියෙනවා. ඒවා මෙහි සදහන්ව නැහැ.

      ස්තූතියි.

      Delete
  2. අයියටත්, හරී මල්ලිටත් ගොඩක්ම ස්තුතියි මේ වගේ ‍තේමාවක් තෝරා ගත්තට.... ඉතාම වටිනා අදහස්, කරුණු රැසක් අන්තර්ගතයි.... ඇත්තටම ගීතිකා කියන්නෙ වෙනම අධ්යානය කළ යුතු ‍ක්ෂේත්ර.යක්....

    ගරු මර්සලින් ජයකොඩි පියතුමා කියන්නෙ මම ගොඩක් ආදරය කරන, ගරු කරන පියතුමෙක්... ‍දේශීය සංස්කෘතිය, සොබාදහම, සිරිත් විරිත් කිතුනු සාහිත්යකයට එක් කළ පියතුමා.... ඒ ලිපිය බලන්නත් මම මග බලන් ඉන්නවා අයියේ...

    ReplyDelete
    Replies
    1. තරුරසී...
      ඇත්තටම මේ සඳහා මා උනන්දු කළේ හරී මලයා. හරී උනන්දු කරවලා තියෙන්නේ පහන්යායේ සයුරි.. කොහොම කොහොම හරි දම්වැලක පුරුක් වලේ ජාලයකින් වැඩේ ලස්සනට ලියවුනා කියලා තමයි හරී කිව්වේත්

      අපි ඊළඟට නත්ත්ල් දවසේ ගරු මර්සලින් ජයකොඩි පියතුමා ගේ ගීත කලාව ගැන කතා කරමු.

      ස්තූතියි

      Delete
  3. හරීගේ සහයෝගයත් ඇතිව කල මේ ලිපියට දෙන්නටම ස්තුතිය පුද කරනවා. මේ දවස්වල යන එන ගමන් බ්ලොග් කියවනවා ඇරෙන්න නිවාඩු පාඩුවෙ බලන්න වෙලාවක් නෑ. සින්දු ටිකනම් වෙලාවක් හොයාගෙන අහන්න ඕන

    ReplyDelete
    Replies
    1. ලොකුජෝන්..

      මමත් ගතකරන්නේ එවැනි සමයක්. ඉතින් බලන් ගියාම කාටත් එහෙමයි. ස්තූතියි හදිස්සියෙන් හෝ ගොඩවැදුනට

      Delete
  4. නියමෙට ලියල තියනවා.පිවිසෙන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. යසිරු..

      ස්තූතියි සටහනට..මමත් ඒපැත්තෙ එන්නම්



      Delete
  5. මේ ලිපිය ලිවීමට මගෙන් ඉල්ලුවේ සයුරි.. ඒක නිසා සයුරිව මුලින්ම මතක් කරන්න ඕනා..

    සංගීතමය කරුණු පිළිබඳ කරුණු කාරණා දයා අයියාගෙන් ඇසූ සැණින් එයට පිළිතුරු දීමට තරම් ඔබ දැක්වූ නිහතමානිත්වය අගේ කරමි.. මා විමසුවාටත් වඩා කරුණු සහිතව පිළිතුරු දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි.. ඒවගේම කිතුනුවෙකු නොවී මෙවැනි දේ ගැන උනන්දු වීම අගේ කරමි..

    දයා අයියේ බොහොම ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. මගේ ඉල්ලීම අමතක නොකර ඉටු කරවලා දීපු හරීටයි ඒක ඉටු කරපු දයානන්ද අයියටයි දෙන්නටම ස්තුතියි. විශේෂයෙන්ම ගීතිකා ගැන දැනගන්න මට පුදුම ආසාවක් තිබුණේ.

      Delete
    2. හරී..

      ඇත්තටම ඔබ ඇසුවේ පුංචි දෙයක් ගැන නමුත්. එහි අභ්‍යන්තරය ගැඹුරුයි. ඉතින් මමත් අධ්‍යනය කළා මේගැන. මෙහිදි පැහැදිලි වුණ එක කාරණයක් තමයි සිංහල කතාකරන හැම කෙනෙක්ම ධම්මපදය , බයිබලය, භගවත් ගිතාව පොත් කියවිය යුතුයි. මේවා තමයි ඉතාමතම වැදගත් සාහිත්‍යමය ඉතිහාසයක් ගැන කියවෙන පොත්පත්. ඉතින් ඒනිසා ආගම් බේදයකින් තොරව මම නම් එවැනි හිමි පොතක්ම කියවනවා.

      සයුරි..

      හරීගේ ඉල්ලීම අනුව ඔන්න අපි දෙන්නම එකතුවෙලා තමයි මේ පර්යේෂණය කලේ. මගේත් හරීගෙත් උත්සාහය නිසා තමයි මෙවැනි සටහනක් ලියැවුනේ.

      ස්තූතියි දෙන්නටම

      Delete
  6. හරි අගේ ඇති විස්තරයක්. මගේ මවත් කිතුනු භක්තිකයෙක් නිසා මේ සටහන මට හරිම වැදගත්. මේ කැරොල් කන්ඩායම් අපේ ගෙදරත් හැම නත්තලකටම එනවා . අසල්වාසීන් සියලු දෙනා මේ අවස්ථාවට සහභාගී වෙනව ආගම් භේදයක් නැතිව .
    මේ වගේ සටහනක් ලියන්නට දිරි දුන් හැමෝටම බොහොම ස්තූතියි .

    ReplyDelete
    Replies
    1. ගිම්..

      අහන්නත් සතුටුයි එහෙනම් ගෙදර නත්තල සරුවට ඇති. අනෙක් අතට මේගීතිකා ගැන අපිට වඩා හොදින් දන්නවා ඇති.

      ස්තූතියි ඔබටත්.

      Delete
  7. ටොප් ලිපියක්! :)
    silent night ගීතිකාව අාරම්භය ගැන කතාවක් තියනවලු සන්නවනං කියන්නකො! :)

    ReplyDelete
    Replies
    1. තනි අලියා..

      මම silent night ගීතිකාව අාරම්භය ගැන කතාව ගැන සටහනේ අන්තිමට ලියල තියෙන්නේ හරී ඒ ඉතිහාසය මට කියල දුන්නා. ස්තූතියි

      Delete
  8. මට නත්තල කීව ගමන් මතක් වෙන ගීතයක් තියෙනවා,ඒක ගීතිකාවක් නොවුණත්.
    මෙන්න මේ සින්දුව-http://www.sinhalageethika.info/2010/12/jesu-swami-daruwane.html

    ලිපිය අපූරුයි.රස වින්දා!

    ReplyDelete
    Replies
    1. Rain-Girl

      විභාගෙන් පස්සේ ආයෙමත් ඔබ ඇවිත්.. සතුටුයි. මම ගිය වසරේ නත්තල වෙනුවෙන් ජේසු ස්වාමි දරුවනේ ගිතය ගැන ලිව්වා..ස්තූතියි

      Delete
  9. හැම ගීතිකාවක්ම උච්ච ස්වරයෙන් කියන්නෙ ඇයි ?

    මේ ගීතිකා = වෙසක් බැති ගී ... ද?
    එහෙමත් නැත්නම් බෞද්දයො බුදුන් වදීන ගාථා වලට ගීතිකා සමානද ? (එහෙම අහන්නෙ පල්ලියෙදි හැම කිතුණු බැතිමතෙක්ම මේ ගීතිකා ගායනා කරන නිසා)

    ReplyDelete
  10. අම්මේ මහන්සියි...ති කියවලාම...මම ගීතිකා ටිකනම් බා ගත්තා ඔක්කොම..පට්ට ඈ....නියමයි ඔබතුමාගේ ලිවිල්ලනම් සුපිරියි....

    ReplyDelete
  11. කදිමම ලියවිල්ලක්. ගවේෂණාත්මක ලිපියක් මේ ගීතිකාවන් ගැන මම මෙතෙක් දැකපු.නියමයි. ඔයාගේ ලේඛක හැකියාව මොනවට පෙන්නුම් කරනවා මේ ලිපියෙන්. එක හුස්මට කියේවවා..

    ReplyDelete
  12. නන්දා මාලිනියගේ ගීය නම් හරිම අපූරුයි..වෙනස්ම රසයක් දනවනවා..
    ස්තුතියි වෙනදා වගේම මේ ගවේෂණයට..

    ReplyDelete
  13. අන්තර්ජාලයේ වෙනත් ලිපියක් හොයනකොට තමා අහම්බෙන් මේ ලිපිය හම්බවුනේ. කෙටියෙන් වුනත් හොඳ ගවේෂණයක් කරලා තියනවා.

    මම හිතන්නේ සිංහල කිතුනු සාහිත්‍යය ගැන දැනට කරලා තියන හොඳම ගවේෂණය කරලා තියෙන්නේ මහාචාර්‍යය සුනිල් අරියරත්නයන් විසිනුයි. 80 ගණන් වල 'කැරෝල්, පසම්, කන්තාරු' පොතට විස්තර හොයන්න අපේ පැත්තටත් ආරියරත්නයන් ඇවිල්ලා තියෙනවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...