ජෝතිපාල
නැවත කියවමු - 07
පී.ඇල්.ඒ.සෝමපාලයන්ගේ සංගීතයේ හමුවන ජෝතිපාල
ලාංකේය සිනමාවේ
සොඳුරු මතක සටහන් ඔස්සේ එච්.ආර්.ජෝතිපාල
චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියෙකු ලෙස 70 දශකයේ
චිත්‍රපටවලට ගැයූ ගීත පිළිබඳව අද තවත් පියවරක් ඉදිරියට සටහන් කරමි. විශේෂයෙන්ම
මේ දශකයේ ඔහු ගැයූ ගීත සියල්ලම එක පෙළට එක සේ ජනප්‍රිය වීමත්, ඒවා කුමන ගීතද, කුමන චිත්‍රපටවලට ඇතුළත් වූ ඒවා
දැයි නූතන ගිත රසිකය පරපුර නොදන්නා නිසාත්
ඒ පිළිබඳව තොරතුරුද ඇතුළත් කරමින් මේ ලිපි මාලව සැකසේ. ඒ නිසා ඇතැම් විට අස්වැන්න
කියවන ඔබ ඔහුගේ ගීවලට ප්‍රිය කළත් ඒ ප්‍රියතම ගීත පියවරෙන් පියවර ඉදිරියට මේ ලිපි
මාලාවේදී සටහන් වන බව සැළකුව මැනැවි.
70 දශකය වන විට
සිංහල වාණිජ සිනමාවේ අත්‍යවශ්‍යම සිනමා ගී
හඬ බවට ජෝතිපාලගේ හඬ පත්ව තිබුණි. චිත්‍රපට නිෂ්පාදකයාට එතෙක් කල් හමු නොවු සිනමාවට අත්‍යවශවූ නියම
පසුබිම් ගි හඬ ( Pure
Screen Voice) ජෝතිපාල සතුව තිබිම ඊට හේතුව විය.
70 දශකය වන විට
ඉන්දියාවට ගොස් චිත්‍රපට නිෂ්පාදනය කිරීම මුලුමනින්ම අත්හිටුවා තිබිම නිසා ලංකාවේ
චිත්‍රාගාර කිහිපයක් ආරම්භවී තිබුණි. ඒ නිසා 70 දශකයේ මෙරට නිෂ්පාදය වූ චිත්‍රපට
සියල්ලම පාහේ ලංකාවේ චිත්‍රාගාර තුළ නිර්මාණය වූ ඒවාය.
ඒ වන විට
ලංකාවේ චිත්‍රපට සඳහා සංගීතය සැපයූ
ඉන්දියන් සංගිතඥයන්ද ලංකාව ස්ථිර පදිංචිය සඳහා තෝරාගෙන තිබුණි. එහෙත් ඒ 1960 දශකය අවසන්වන විට අමරදේව, සිසිර
සේනාරත්න, ෂෙල්ටන් ප්‍රේමරත්න,
ආර්.ඒ.චන්ද්‍රසේන වැනි සංගිතඥයින් දේශීය සිනමාවට අවශ්‍ය සිනමා සංගීතය පිලිබඳව
විවිධ අත්හදා බැලීම් කරමින් සිටි යුගයක්
විය.
මේ කාලයේ චිත්‍රපටයක්
සඳහා වැඩි ගීත ප්‍රමාණයක් ඇතුළත්ව තිබීම අත්‍යවශ්‍ය සාධකයක් වූ බැවින් සංගීත අධ්‍යක්ෂවරුන්ට
සිදු වූයේ වැඩි ගීත ප්‍රමාණයක් චිත්‍රපටවලට බලෙන් රිංගවිමය. ඒ නිසාම මේ දශකය වන
විට ජනප්‍රිය වාණිජ සිනමාවේ සිනමා සංගීතයේ ජයග්‍රාහී ඉලක්ක සපුරා ගැනීමට පැවරී
තිබුණේ එකල ජනප්‍රිය සංගීතවේදීන් ලෙසින් සිටි පී.එල්.ඒ. සෝමපාල වැනි සංගිතවේදන්ටය.
පී.එල්.ඒ.
සෝමපාලයන් මෙරට සිටි දක්ෂ ගායන ශිල්පියෙක් පමණක් නොව දක්ෂ සංගීතඥයෙකි. ඒ නිසා බොහෝ
සිනමාකරුවන් සිය සිනමා කෘති සංගීතවත් කිරිමට ඔහු තෝරාගෙන සිටි බව පැහැදිලි ය. ඒ චිත්‍රපටවල ඇතුලත්වූ ගීත පිලිබඳව විමසා බලන
විටඒ බව සිතේ. සෝමපාලයන් බිහිකළ සිනමා සංගීතය හුදෙක්ම වාණිජ සිනමා සංගීතයකි. ඒ
නිසාම ඔහු එකල සිනමා සංගීතයේ කිරුළු නොපැළඳි
රජු යැයි අස්වැන්න ලියන මටද සිතේ.
පී.එල්.ඒ.
සෝමපාලයන් විසින් එකල ඉන්දීය සිනමාවේ හින්දි සහ දෙමල චිත්‍රපටවල රැව් දුන් ජනප්‍රිය ගී තනු හින්දි ගීයටත් වඩා මිහිරට ප්‍රතිනිර්මාණය
කළේය. ඒ සඳහා ඔහුට දේශීය වාද්‍ය ශිල්පින්ගේ සහයද නො අඩුව ලැබී තිබුණි.
1971 දී තිරගත
වූ නීල් රූපසිංහගේ හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ සංගීතයද පී.එල්.ඒ.සෝමපාලයන්ගේ ය.
චිත්‍රපටයට ගීත 06ක් ඇතුළත් විය. ඒවා සියල්ලම
ජනප්‍රි හින්දි අනුකාරක ගීත විය. කරුණාරත්න අබේසේකර ලියූ එයින් 03 ක්ම ගායනා කළේ
එච්.ආර්.ජෝතිපාල විසිනි. “මේ දෑස මගේ පින්වන්තයි, ආදරණීය සිනාවේ, කොඩි ගහ යට
මම උපන්නේ” හතර දෙනාම සූරයෝ චිත්‍රපටයට ජෝතිපාල ගැයූ ගිත වේ. මතු දැක්වෙන්නේ හතර දෙනාම සූරයෝ චිත්‍රපටයට
ඇතුළත් වූ ගීතයකි.
මේ දෑස මගේ පින්වන්තයි
තේරුණේ දැන්තමයි
රන් රූපෙ ඔබේ පින්වන්තයි
තේරුණේ දැන් තමයි
ළඟ දුනුකේ මලකී - දුර මානෙල්
මලකී
උඩවැඩියා මලකී - මල් මැද මල්
විලකී
රණ මයුරා වරළයි - අඩ සඳවන් නළලයි
නීල උපුල් දෙනෙතයි - නාරිලතා
ගමනයි
ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
ගැයුම: එච්.ආර්.ජෝතිපාල
සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
චිත්‍රපටය: හතරදෙනාම සූරයෝ
අධ්‍යක්ෂණය: නීල් රූපසිංහ
තිරගත වූ වසර :1971
මේවා ජනප්‍රිය
හින්දි ගී තනුවලට අනුව නිර්මාණය කරන ලද ගීත වුවද එහි යම්කිසි දේශියත්වයක් තිබුණි.
කරුණාරත්න අබේසේකරයන්ගේ පද රචනාවල තිබූ සරල බව නිසාම කිසිවකුටත් වටහා ගැනිමට අපහසු
නැත. ඉන්දියානු ගීතවල තිබූ ඉන්දියානු සංගීතයට නොදෙවෙනි වන සේ මේ ගීතයන්හි ආමුඛ
සංගීත ඛණ්ඩ සහ අන්තර් සංගීත ඛණ්ඩ සකස් කර තිබිම නිසා මුල් හින්දි ගීතයේ රසයට
නොදෙවෙනි රසයක් දෙවෙනි ගීතයට හිමිවී ම පුදුමයක් නොවේ. එය සෝමපාලයන් හැදූ ගීත සියල්ලම ජනප්‍රිය වන්නට හේතුවිය.
ජෝතිපාල ගැයූ
ගී වලින් සිනමාවට ලබා දුන් දායකත්වය කෙබඳු දැයි වැටහෙන්නේ ඔහුගේ සිනමා ගීතාවලිය
දෙස බලන විටය. ඒ ගීතවල තිබූ ජීව ගුණය නිසාම චිත්‍රපට නරඹන්නන් සිනමා හල්වලට ඇදුණේ
චිත්‍රපට නරඹන්නට පමනක් නොව ඒවායේ තිබූ ගීත මිහිරද විඳ ගැනීමටය. අද නූතන සිනමාවේ
චිත්‍රපට ගීත තිබුණත් ඒවා හෝ චිත්‍රපට ජවනිකා සිනමා හලෙන් එලියට එනවිට මකතයේ නොරැඳෙයි.
ඒ අපේ සිනමා ගීතයේ අද දවසේ හැටිය.
1971 දී තිරගත
වූ අබිරහස චිත්‍රපටයට ජෝතිපාල ගීත 03 ක් ගායනා කර තිබුණි. ඒ ගීත වන්නේ “ඈත දිලිසෙන
හිරු සඳු, සුසුදු රැල්ල සහ සිතුම් පැතුම් සඳ ආදරේ” යන ගීතය. මේ චිත්‍රපට ගීත, ගීත ලැයිස්තුවල ඉහළින්ම එදා වගේම අද දවසේද රැඳී තිබේ. මතු දැක්වෙන්නේ ලෙනින් මොරායස්ගේ අබිරහස චිත්‍රපටයට
ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගැයූ ගීයකි.
ඈත දිලිසෙන හිරු සඳු රන්තරු
රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු
මගේ නෙත් යුග මතු පියවෙන තුරු
ආදරෙයි මා ආදරෙයි
ළා තණ නිල්ලේ පිණි කඳුළැල්ලේ
මා ඔබ දුටු ඒ ප්‍රේම ලෝකේ
දෑස දෑසක් සොයා තනි වූ දිනේදි
මධු සඳ රැල්ලේ සතුටු සඳැල්ලේ
වාසනාවේ අමිල උදාවේ
වාසනාවේ අමිල උදාවේ
සීත සුළඟේ වෙලී මතු හමුවුණාවේ
ගීත පබැදුම: ප්‍රේමකීර්ති ද
අල්විස්
ගැයුම: එච්.ආර්.ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
චිත්‍රපටය: අබිරහස
අධ්‍යක්ෂණය: ලෙනින් මොරායස්
තිරගත වූ වසර :1971
පී.එල්.ඒ.
සෝමපාලයන් අතින් පැහැදිළි සිනමා සංගීතයක් බිහි නොවුණි. ඔහු අතින් ඉටු වූයේ
ජනප්‍රිය හින්දි, දෙමල, සහ ඉංග්‍රීසි
ගී තනුවලට අනුව සකසාගත් ගීත සම්පාදය කිරිමයි. ඒ අනුව පී.එල්.ඒ. සෝමපාලයන් ගැයූ ගීත
ස්වල්පය හැරුණු විට ලංකාවේ චිත්‍රපට
සංගීතයට හෝ ග්‍රැමෆෝන් ගී තැටි සංගීතය සඳහා ඔහු සම්පාදනය කරන ලද සංගීත නිර්මාණ, ලංකාවේ සංගීතය රසාස්වාදන අංගයක් ලෙසින් වර්ධනය
කිරිමට හෝ ඉහළ නැංවිමට සතුටුදායක මෙහෙයක්
ඉටු නොකළ බව එකල විචාරකයන් පෙන්වා දී ඇත. ඒ නිසාම පී.එල්.ඒ. සෝමපාලයන් ලංකාවේ අනුකාරක සංගීතයේ
සංකේතය ලෙසින්ද හදුන්වා දි තිබුණි.
ඒ අනුව බලන විට
ජෝතිපාල ගැයූ පී.එල්.ඒ. සෝමපාලයන් සංගීතය
සැපයූ ගීතද ජනප්‍රිය ගීත ලෙසින් හුදු විනෝදයක් සැපයූ ගීත වූවා මිස ඉන් ඔබ්බට ගොස් ඒවායින් රස වින්දනය දියුණු කිරිමක් ඔවුන්
දෙදෙනා අතින් සිදු වූයේ නැත.
මතු
දැක්වෙන්නේද ලෙනින් මොරායස්ගේ අබිරහස චිත්‍රපටයට සෝමපාලයන් හින්දි ගී තනුවක් අනුව
හැදූ මනරම් ගීයකි.
සිතුම්
පැතුම් සඳ ආදරේ උදාවේ දෝ
මහදේ
සොඳුරු අහසේ අනාගතේ
පැණි
සොයමින් බමරුන් එනවා
පැණි
බී යළි උන් ඉගිලෙනවා
පැණි
සොයමින් බමරුන් එනවා
පැණි
බී මල වට ඉගිලෙනවා
තනිවූ කතරක මා ඉන්නේ
කෙළෙසද
පිය මැන පිට වන්නේ
හදවත විල් දිය චංචලවේ
ගැඹුරට මගෙ හිත යොමුවේ
ගැඹුරට මගෙ හිත යොමුවේ
ගැඹුරෙහි
වැලි මත මුතු හමුවේ
සැතපෙන
කල දුටු
නිදි යහනේ
එළිවේදෝ
රෑ දුටු සිහිනේ
සැතපෙන
කල දුටු
නිදි යහනේ
එළිවෙනවා
රෑ දුටු සිහිනේ
ගීත
පබැදුම: කරුණාරත්න අබේසේකර
ගැයුම: එච්.ආර්.ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
චිත්‍රපටය: අබිරහස
අධ්‍යක්ෂණය: ලෙනින් මොරායස්
තිරගත වූ වසර :1971
මේ ගීවල පද
රචනා සංගීතයෙන් වෙන්කර බැලූ විට බෙහෙවින්ම කාව්‍යාත්මකය. කොළඹ යුගයේ කවියේ තිබූ ප්‍රේමය,
සෘංගාරය ආදරෙය් සුන්දරත්වය, ඒ අයුරින්ම මේ ගී පදරචනා වලද දැකිය හැකිය. ගීයේ තනුවට
වචන ඔබා ඇති බවක් ගී තනුවකට අනුගතව ලියූවක් බව නොහැඟෙන තරම්ය. ඒ නිසාම ජෝතිපාලගේ
ගායනයෙහි තිබූ ආදරණිය බව මේ ගීත හින්දි ගීයේ ස්වරුපය අභිබවා නැගී සිටින්නට හේතු
විය . ඒ ගීත ජනතා සන්තක වූයේ ඒ අයුරිනි.
මතු
සම්බන්ධයි....
ආශ්‍රිත ග්‍රන්ථ:
ගාන්ධර්ව ආපදාන
-5, මොහොමඩ් සාලි සහ පී.එල්.ඒ. සෝමපාල
(මහාචාර්ය
සුනිල් ආරියරත්න - 1997 එස්.ගොඩගේ සමාගම)
ඔබේ
හිතේ ජෝතිපාල පිලිබඳව විචාරාත්මක අදහසක් හෝ මේ ලියූ දේ ගැන විචාරයක් ඇත්නම්
ලියන්න. කැමති විදියට ලිවිමට ඔබට නිදහස ඇත.
පී ඇල් ඒ සෝමපාලයන් ගැන ඔබ කියු කතාව මමත් සහතික කරනවා හැබැයි මට නම් ඔය නම පුරුදු ඉස්සර ගුවන් විදුලියෙ මට මතක හැටියට උදෙ දහයට යන චිත්‍රපට ගීත තීරයෙන් අහලා . ඒකාලේ ගීතරචකයා සංගීතවත් කල අයව නිසි ඇගයීමට ලක් කරලා තමයි ගීතය ප්‍රචාරය කලේ. ගීතය ගැන නිසි අවබෝදයක් නිසි රසයක් අපි ලැබුවේ ඒ හන්දයි කියලයි මට හිතෙන්නෙ.
ReplyDelete..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..
ලොකු ජෝන්
Deleteඇත්තටම ඒ කාලෙ එක ගුවන් විදුලි නාලිකාවකින් කරපු හරිය අද ගුවන්විදුලි නාලිකා 50කින් එකකටවත් බෑ. 70 සහ 80 දශකවල උසස් රස වින්දනයක් ඇති වුනේ නිසා බව මමත් පිලිගන්නවා.. ස්තූතියි ඔබට
පී.එල්.ඒ සෝමපාල සහ චිත්‍රා සෝමපාල යුවළගේ පුත්‍රයාද ප්‍රසිද්ධ රොක් ගායන ශිල්පී චිත්‍රාල් සෝමපාල කියන්නේ ??
ReplyDeleteඔව් ඔව්... ඔය නදී ගංගා තරණය කියන්නෙ එයා තමයි :-)
Deleteහසිත
Deleteකාලයක් චිත්‍රාල් ස්විස්ටරිලන්තයේ සංගිත කණ්ඩායමකත් ඉන්පස්සේ ජර්මන් සංගිත කණ්ඩායමකත් සේවය කළා. ඔහු දක්ෂ ගිටාර්වාදකයෙක්.
හරේ..
මෑතකදී ඔහු සිරස ගුවන් විදුලියට බටහිර ගියක් විදියට 2012 ඔලිම්පික් ගිතයක් සිංහලෙන් නිර්මාණය කළා.
"නියම පසුබිම් ගි හඬ" කියන්නේ මොකක්ද?
ReplyDelete"ආමුඛ සංගීත ඛණ්ඩ සහ අන්තර් සංගීත ඛණ්ඩ" තේරුනේ නෑ..
"සිනමා සංගීතයේ කිරුළු නොපැළඳි රජු" කියලා එක තනක සඳහන් වන අතරම තව තැනක " පී.එල්.ඒ. සෝමපාලයන් අතින් පැහැදිළි සිනමා සංගීතයක් බිහි නොවුණි." කීමේ නොගැළපීමක් නැද්ද?
අවසාන ප්‍රශ්නය. ඇයි දයා අයියේ ඇන්ජලින් වයසට නොයන්නෙ.. :)
//ඇන්ජලින් වයසට නොයන්නෙ.. :)//
Deleteමටත් ඕක හෙන ප්‍රශ්නයක්... ;)
හරී...
Delete"නියම පසුබිම් ගි හඬ" කියන්නේ සිනමාවේ තිරයේ රංගනයේ යෙදෙන ශිල්පියාට ගැලපෙන ගීහඬක්. එවැනි හඬක් තිබුනේ ජෝතිපාලට සහ ඇන්ජලීන්ට පමණයි ලංකාවේ සිනමාවේ.
සංගිතයේදී "ආමුඛ සංගීත ඛණ්ඩ " කියල හදුන්වන්නේ යම් ගිතයක "ආරම්භක සංගිත ඛණ්ඩය යි සහ "අන්තර් සංගීත ඛණ්ඩ" ගීයක අතරමැද යොදන සංගිත කණ්ඩයි. මේවා "Introduction Music සහ Interludes" විදියටත් හඳුන්වනවා.
නැහැ දෙකෙන්ම අදහස් කලේ එකම අදහසමයි.ලංකාවේ වාණිජ සංගිතයේදී ඔහු චිත්‍රපට නිෂ්පාදකයන්ට අත්‍යවශ්‍යම සංගිතඥයෙක් වුණා ඒ නිසාම ඔහු නිෂ්පාදකයන්ට ඔවුන් හැදූ සිනමාව තුළ කිරල ලැබුණත් එය පිලිගන්න මෙරට විචාරකයන් සහ ප්‍රබුද්ධ රසිකයන් එකගවුනේ නැහැ. ඔවුන් හැම විටම ඔහුව හැඳින්වුවේ කොපි මාස්ටර් කෙනෙක් එහෙමත් නැත්නම් පිත්තල සංගිතඥයා හැටියටයි.
ඇත්තටම ඇන්ජලින් ගැන මටත් අදටත් පුදුම හිතෙනවා.
මෙවන් ගීහඬවල් යම් හාස්කමකින් ඇතිවන පූර්ව ජන්මයන්හි කරන ලද කුසල් විය යුතුයි කියලයි මට හිතෙන්නෙ. ඒවගේම ඇනිජලින්ගේ ගීහඬ ගැන විවිධ මාධ්‍යයන් ඔස්සේ නිරන්තරයෙන් ඇගෙන විමසන විට ඇය පිළිතුරු දෙන්නේ ඒ හඬ ඇයට 'දෙවියන් විසින් දුන් තිලිනයක්" බවයි. ඒක ඇත්ත කියල මටත් හිතෙනවා.ඇය යේසුස් වහන්සේ ඉතාමත් භකිත්යෙන් අදහන කෙනෙක්. ඒක හාස්කමක් වෙන්න පුළුවන්. ඔය වගේම හඬක් ඇති ගායිකාවක් තමයි "ඉන්ද්‍රාණි විජේබණ්ඩාර" තාමත් ඒ ගීහඬ ඒ විදියමයි.
සයුරි..
ඔන්න ප්‍රශ්නෙට උත්තරේ දුන්නා.
මම හිතාගෙන හිටියෙ හින්දි අනුකාරක තනුවලට ලංකාවෙ සංගීතඥයෙක් සම්බන්ධ නොවී වාදකයො විතරක් දායක වුණා කියල. සෝමපාල මහත්තය කරල තියෙන්නෙ අර කන්ඩක්ටර් වගේ වැඩක් වෙන්න ඇති. එතුමා සමකාලීනයන් අතරෙ වැඩිය ජනප්‍රිය නැත්තෙ ඒ නිසා වෙන්න ඇති. ඒත් හින්දි අනුකාරක තනු නොවෙන එතුමාගෙ නිර්මාණ කීපයක් බෙදාගන්න පුළුවන් නම් හොඳයි වගේ :-)
ReplyDeleteහරිලා දෙන්නම පෝළිමට කමෙන්ට් කරලා
Deleteහරේ..
Deleteසෝමපාලයන් කලේ හින්දි දෙමල සහ ඉංග්‍රීසි ගීත ඇසුරින් කොපි ගීත කලාවක් බිහිකිරිමයි. අපි ඉදිරියේදි සෝමපාලයන් ජෝතිට හැදූ අනුකාරක තනු නොවෙන නිර්මාණ කීපයක් ඇසුරින් තවදුරටත් ඒ ගැන කතාකරමු.
අටම්..
ඇත්තනේනම්
ඔබේ දෑතට යෝද බල යෝද හක්තිය ලැබේවා
ReplyDeleteඅටම් මල්ලි..
Deleteස්තූතියි.. ඔබේ පැතුමට
මේ දෑස මගේ පින්වන්තයි සින්දුවේ 'තේරුණේ දැන් තමයි" කෑල්ල කියද්දී ඉස්සර මට හිනා යනවා..:) ඒක ටිකක් බර කරලා අමුතු විදියකටනේ කියන්නේ. පුංචි හාස්‍ය රසයක් එකතු කරලද ඒ මට හිතෙන හැටිද මන්දා.. :)
ReplyDeleteඇයි ඔය ගීයට හාස්‍ය රසය එක්කරල ගීයක් (කතාවක්) තිබුන නේද..?
Deleteමේ දෑස මගේ පින් වන්තයි...තිත් දෙකයි ඉරිකෑලි දෙකයි ...
මෙහෙම කොල්ලෙක් පාඩම් කරනවලු ගීය..අහන් හිටපු කෙනෙක් ..නෑබොල ඕක දෙපාරක් කියන නිසා ඉරිකෑලි දෙක කියල කීවම(....// )
තේරුනේ දැන් තමයි...කීවලු (අහපු කතාවක් නේ ඔන්න බනින්න එපෝ)
සයුරි..
Delete"මේ දෑස මගේ පින්වන්තයි සින්දුවේ තේරුණේ දැන් තමයි" මේ ගීයට කාලයක් තිස්සේම එක එක විහිලු කතා හැදෙනවානේ. දේශපාලනයට සම්බන්ධ කතා කිපයකුත් තියෙනවා.ඒක ගායනයෙදි ටිකක් විනෝදයට බර කරල කියන්නේ ඒ නිසාම තරමක හාස්‍ය මුසුවක් තියෙනවා.
වීපොකුර..
"මේ දෑස මගේ පින් වන්තයි එකොළයි" කියලත් කියනවා. ඒක හදපුවාම"තේරුනේ දැන් තමයි...කීවලු"
අහපු කතාව හරි..
මේක කියෙව්වහම පිස්සු හැදෙනවා නෙ දයානන්ද මල්ලි. මේ අපේ ප්‍රියතම ගීත අද ඇහෙන්නෙත් කලාතුරකින්. ඔබට බොහොම ස්තූතියි! ආයෙත් මේව අපි අතරට ගෙනෙන්නට දරන උත්සාහයට. මේ කර්තව්‍යය දිගු කලක් කරගෙන යන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!
ReplyDeleteචාන්දි..
Deleteස්තූතියි චාන්දි ඔබට මට හොඳ ගී එකතුවක් තියෙනවා ඒක සහෘද පිරිස අතරට ගෙනියන්න පහසුම එක් තමයි මම මේ කරන්නේ.
මං සිංහල සාහිත්‍ය ඉගෙනගන්න කාලේ අපේ සර් කියපු දෙයක් තමයි 70 දශකයේ බොහොමයක් ගීත අතරින් ඇහෙනකොට ඇඟ හෙලවෙන තරමේ අමුතු ශක්තියක් ඔහුගේ ගීත තුල තිබුනා කියන එක.ඒ නිසා වෙන්න ඇති තවමත් ඒ ගීත වලට මිනිස්සු ප්‍රිය කරන්නේ.ජෝතිපාලයන් ජීවිතේ අවසාන කාලයේ දේශපාලන වේදිකාවල ගී ගැයුවා කියල ත් කියනවා,ඒක ඇත්ත ද?
ReplyDeleteරෙහානි..
Deleteජෝතිපාල ගැයූ ගිවල තිබූ සරල බව වගේම සංගීතයේ තිබුණ මිහිරිම සරල බවත් ඒ ගිත ජනප්‍රිය වෙන්න හේතුවුනා..
ජෝතිපාල විතරක් නෙවේ හැම කලාකරුවෙක්ම දේශපාලන සත්වයෙක්. ඒ නිසා එහු දේශපාලන වේදිකාවේ ගී ගැයුවට වැරැද්දක් නෑ. ඔය අද බහුතරයක් ඉන්නේ..
ඔබේ පෝස්ට් වල ඇති සොඳුරු බව කියා නිම කරන්න බැරි තරම්. බොහොම ආසාවෙන් කියවන්නේ මේ බ්ලොග.
ReplyDeleteසමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.
නලීන්..
Deleteස්තූතියි ඔබේ අගැයුමට
අළුත් කරුණු ගොඩක් දැනගත්තා..බොහොම ස්තුතියි...
ReplyDeleteජෝතිපාලයන්ගේ හඬ පෞරුෂය ගැන කතා කරන්න හැකි එළිවෙනකල්ම..මේ එකතු කරපු ගීත කිහිපයෙත් ඒක පැහැදිලව දැනෙනවා..
රූ..
Deleteතව හොඳම ගීත ටික ඉදිරියටයි..
ඔන්න ලිපි දෙකම කියෙව්වා. ආයෙම ජෝති ගැන ලියන්නේ නැද්ද කියා මම අහන්න එනකොටම ඔබ ජෝති ගැන ලියලා. බොහොම කෙටියෙන් කියනවානම් මම හරිම ආසාවෙන් මේ ජෝති ගැන ලියවෙන පෝස්ට් සීරිස් එක කියවන්නේ...
ReplyDeleteගොඩක් ස්තූතියි අපි නොදන්න දේ මෙහෙම අපිට කියලා දෙනවාට..
ප්‍රියන්ත
Deleteඇත්තටම එක දිගටම ලියන්නෙ නැත්තේ එහෙම වුනොත් ඒකාකාරී වෙයි කියල හිතෙන නිසා.මේ සමහර තොරතුරු නිහ්චය කරගන්න තරමක් අපහසුයි ඒ නිසා ජෝති ගැන ලියද්දි ටිකක් පර්යේෂණ මට්ටමින් ලියන්න වෙන්නේ..
හැමදාම වගේ නොදන්න කාරණා ගොඩක් ඉගෙන ගත්තා.
ReplyDeleteමධුරංග..
Deleteනොදන්නා දේ ඉගන ගැනිමත්, දන්නා දේ කෙනෙකුට කියා දිමත් උතුම් කාරණාවක්.
ඔන්න මේ පාර නිශාන්තයෙන් "සිතුම් පැතුම් සඳ ආදරේ " දෙන්න ඕනෙ කියල හිතුන සටහන බැලුවම . ඒ ගීතය මේ පාර අපේ තේමාවටත් හරියටම ගැලපෙනවා .
ReplyDeleteහැමදාමත් වගේ අගනා විස්තරයක් .
ගිම්..
Deleteහරි.. එහෙනම් නිහාන්තයෙන් අහමු.. බස් රේඩියෝ නිශාන්තය හැමදාමත් සුන්දර වැඩසටහනක්නේ.
"සිතුම් පැතුම් සඳ ආදරේ " කියන්නේ මං පුදුම ආස සින්දුවක්... අර “ ඇත දිලිසෙන හිරු සඳු රන් තරු” එකට මරු සින්දුවක් අපි ඉස්කෝලෙ යන කාලේ හදලා තිබ්බා..ඕකට හොඳට නටන්න පුළුවන් නේ.. හි හි..
ReplyDeleteමේ එකක්වත් තනුවකට ලියපු ගීත කියලා කියන්න බැරි තරම් අර්ථයක් තියෙන එක තමයි මට හිතෙන විදියට මේවයේ තියෙන විශේෂත්වය...
ලස්සන ලිපි පෙළක්....
70 සහ 80 දශකවල චිත්‍රපට සිංදු විනෝදාත්මක වුණත් ඒවායේ ගාමිණී සහ මාලනී කළ රංගනයන් ගිතයත් එක්කම මතක හිටිනවා.
Deleteජෝතිපාලගේ ගීත 80% වැඩියෙන් තනුවලට ලියපුවා. ඒත් කරුනාරත්න අබේසේකර වැනි අය ඒ දේ හරියටම කළා.
හ්ම්ම්ම්...අද වසන්තා සන්දනායක මහත්මියගේ මහවැලි නදියේ සිංදුව ඇහුවා.. ඒකෙ තොටියෝ... කොටස කියන්නෙ ජෝතිපාල කියල අම්ම කිව්වා..
ReplyDeleteගොඩ කාලෙකින් මේ පැත්තෙ ආවේ.. තවමත් ජෝති ඉවර වෙලා නෑ වගේ.. ලිපිය අගෙයි.. සිතුම් පැතුම් සඳ ආදරේ ගීතයට මමත් ගොඩක් ආසයි...
අනූ..
Deleteතතොටියෝ ගිය ගායනයෙන් සහය වෙන්නේ ජෝතිපාලම තමයි.ඒ ඔහුගේ මුල්ම තැටිගත කළ ගායනයයි.
මේක සෑහෙන්න දිගයි මමවත් දන්නෙ නෑ ඉවර වෙන කාලය.
කෙටියෙන්ම කියන්නම්....... මෙවැනි ලිපි තවත් ලියන්න ධෛර්‍ය ලැබේවා..!
ReplyDeleteවීපොකුර..
Deleteස්තූතියි අගනා සටහනට
ජෝතිපාල ගේ ජනප්‍රියත්වය සහ හින්දි ගී තනු වල ඇති මිහියාව නිසා, පී.එල්.ඒ. සෝමපාලගේ නමත් ජනතාව අතරට යන්න ඇතිද.?ඔහු සංගීතය නිර්මාණය කලා යැයි සඳහන් වන බොහෝ ගීත වල තනු හින්දි ගීතවල තනුයි..ඒ කියන්නේ ඒ ගීත වල සංගීත සංකලනය කිරීම පමණයි ඔහු විසින් සිදු කර ඇත්තේ.එහෙත් සංගීතය අහවල් සංගීතවේදියාගේ යැයි පැවසූ විට අප හිතන්නේ මුලු ගීතයම ඔහුගේ බවයි.මෙයින් ප්‍රේක්ශකයා මුලා වීමක් සිදු වෙනවා නේද?පී.එල්.ඒ. සෝමපාල මහතා සංගීතවත් කළ වික්ටර් රත්නායක මහතා ගැයූ 'පෙම්බර මධූ මගේ' ගීතයත් මෑතක් වනතුරු මා මුලා කල ගීතයක් වුණා..මා සිතුවේ එය සෝමපාලයන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් බවයි.එහෙත් එහි තනුව පාකිස්තානු චිත්‍රපට ගීයක තනුවක්.ඒ බව දැන ගත්තේ මෑතකදීයි..(සිංහල ගීත පිටුවේ'පෙම්බර මධු' ගීය යටතේ මෙය සඳහන්ව ඇත.)
ReplyDeleteනීල් රූපසිංහගේ 'හතර දෙනාම සූරයෝ' චිත්‍රපටයේ 'කොඩි ගහ යට මම උපන්නේ' ගීතය, හින්දි තනුවක් නොව, ජනප්‍රිය බටහිර ගායක කණ්ඩායමක්ව සිටි 'බීට්ල්ස් (BEATLES)' ගායක කණ්ඩායම ගැයූ 'Ob-La-Di Ob-La-Da Life goes on..'නමැති ඉංග්‍රීසි ගීතයේ තනුව නේද ?
දිස්නා..
Deleteඔබේ සටහනින් පස්සේ " සිංහල ගිත" පිටුවේ සහෘද රොෂාන්ගෙන් හරියටම තොරතුර තහවුරු කරගත්තා. පකිස්ථාන ගිතය මුලුමනින්ම කොපි කරල නැතත් එහි ඡායාවක් 'පෙම්බර මධු' ගිතයේ තියෙනවා. ඒත් ඊට වඩා සෝමපාලයන් හැදූ පෙම්බර මධූ ගිතය ගොඩක් ලස්සනයි. ඒ නිසාම වෙන්න ඇති සුනිල් ආරියරත්නයන්ටත් වැරදුනේ.
ඔබ හරි නීල් රූපසිංහගේ 'හතර දෙනාම සූරයෝ' චිත්‍රපටයේ 'කොඩි ගහ යට මම උපන්නේ' ගීතයත් ඉංග්‍රීසි ගීයේ තනුව අනුව සැකසූ ගියක්.
මෙවැනි සටහනක් ලියද්දි මම ලියන්නේනෙත් විවිධ පොත්පත් ගිතැටි පර්යේෂණය කරලා.ඒ තොරතුරුත් සමහර ඒවා වැරියට සටහන්වෙලා තියෙනවා. නොදන්නා තොරතුරු බොහොමයක් මටත් දැනගන්න ලැබිමත් සතුටක්
අභිරහස චිත්‍රපටිය මම නරඹලා තියනවා වගේ මතකයි.. අර ස්විමින් පූල් එකක හංගපු මළ මිනියක කතාව තියෙන එක නේද? විජය රෝදපුටුව තල්ලු කරමින් කියන්නේ සිතුම් පැතුම් සින්දුව නේද? බලන්කොට ඒකෙ ඔක්කෝම ගීත අදටත් හරිම ජනප්‍රිය ඒවානේ
ReplyDeleteතොටියා..
Deleteමම අබිරහස චිත්‍රපටය නම් බලල නැහැ. ඒකාලෙ ඉඳලම මේ ගිත ජනප්‍රිය වුනේ ඔය චිත්‍රපට කලාව නිසානේ..
අදත් වැදගත් විස්තරයක්.. මේ ඉතිහාසේ ගොඩක් තැන් ඉතින් අපි හරියට දන්නේ නෑනේ.. ඒ හන්දා මෙහෙම ලියවෙන එක සෑහෙන්න වටිනවා අයියේ..
ReplyDeleteදිනේෂ්..
Deleteනොදන්නා දේ ඉගන ගැනිමත්, දන්නා දේ කෙනෙකුට කියා දිමත් උතුම් කාරණාවක්නෙ මල්ලියේ .
තවත් අපූරු ලිපියක්... ඔබතුමා ගීත සාහිත්‍යට සම්පතක්...
ReplyDeleteහිතුවක්කාරි..
Deleteස්තූතියි ඔබට..කරන අගය කිරිමට.. ඒ වගේම "ඔබ තුමා" කියල නොකියනව නම් මම කැමතියි.
අපි ආදරේ කරන දේවල් ගැන යටගියාව, ඇතුලාන්තය වගේ දේවල් දැන ගන්න හරිම කැමතියි... මිනිස්සු කොයිතරම් හිත යටින් හරි මේ වගේ ගීත වල ට ආදරේ කරනවද.. එකනේ මේ තරම් මේ ලිපි වලට කැමති.. හැබැයි ඉතින් ලියන ශෛලියත් මේ වගේ සුන්දර වෙන්න ඕනේ....
ReplyDeleteඋපේන්ද්‍ර..
Deleteහැමෝම අතීතයට ප්‍රිකරන්නේ ඒ නිසානේ.. මේවා සදාකාලික ගිත ඒකයි මේතරමට රසිකයන් මේ ගී වලට පෙම් කරන්නේ. කොහොමටත් ලියන දේ රසවත්ව ලියන්න වෙහෙසක් ගන්නවා ඒක මගේ පුරුද්දනේ..
වැදගත් සෑහෙන්න...මම කැමති ගායකයෙක්.අපි නොදන්න කරැණු දැනගත්තා..
ReplyDeleteකවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
රතී..
Deleteඔබ අස්වැන්නට පළමුවෙන්ම සාදරයෙන් පිළිගන්නවා.
ස්තූතියි ඇවිත් තැබූ මේ අගනා සටහනට
කියවූ දා කමෙන්ට් කරන්න ගිහින් අන්තර්ජාලයේ ලෙඩක් ආවා . අද තමා ඔන්න මතක් වුනේ . ජෝති කියන්නේ කලකදී මන් අකමැතිව සිටි ගායකයෙක් . අද හිතද්දී තමා ඔහුගේ ප්‍රතිභාව ගැන දැනෙන්නේ . ස්තුතියි ඔබට
ReplyDeleteබින්දි
Deleteස්තූතියි ඔබට ලද විරාමයක් සටහනක් තබන්නට ආවාට.