මුල
සිටම කියවන්න කැමති නම් මෙන්න
ජෝතිපාල
නැවත කියවමු - 06
ජෝතිමත් ගී
රාවයේ දෙවන දශකය
මාස කීපයකට පස්සෙ
නැවතත් ජෝතිපාල නැවත කියවමු ලියන්න සිතුනි. ජෝතිපාල ගැයූ ගීත පිළිබඳව අතීත මතක
ආවර්ජනය සහ ඒ ගී සංස්කෘතිය බිහිවූ යුගය
දෙස ආපසු හැරී බැලීමේ මේ ලිපි මාලාව එක දිගට නොලිය වෙන්නේ කරුණු කීපයක් හේතුවෙනි.
ඒ ඕනෑම දෙයක් එක දිගට කියවීමෙන් හෝ ඇසීමෙන් ඇති වන ඇතිවන නීරස භාවය වළක්වා ගැනිම
පිණිසත්. නිතර ඇසෙන ගීත නිසා ඒ ගීත වල නැවුම් බවක් නොදැනෙන නිසාය. ඒ නිසා නිතර ඇසෙන
ගීත නැවත අසෙන්නට සැළැස්වීමෙන් එහි අලුත් බවක් හෝ අපූර්ව බවක් කෙනෙකු තුළ නොතිබෙන්නට
පුළුවන. එය වළක්වා ගැනිම සඳහා මේ ළිපි
මාලාව එක දිගට නොලියන්න හේතු වන බව ආරම්භයේම සඳහන් කරමි.
ජෝතිපාල නැවත
කියවීම ලිපි මාලාව මීට පෙර අවසන් කළේ ඔහුගේ ගායන දිවියේ පළමු දශකය වූ 1966 වර්ෂයෙනි.
(1956 -1966 ) මේ දශකයේ ජෝතිපාලට චිත්‍රපට
පසුබිම් ගායකයකු ලෙස ගැයීමට ලැබුණ ස්වතන්ත්‍ර ගීත ගණන 05 කට අඩු වුවත් ඒ ගීත ටිකත්, ඔහු එතෙක් ගැයූ හින්දි සහ දමිල ගී තනු
සියල්ලත්, ජනප්‍රිය වූ නිසා ස්වතන්ත්‍ර
තනු පවා යට කී කොපි ගීත ගොඩටම වැටුණි. ඒ නිසාම නිසි විචාරයකින් තොරව ඔහු අනුකාරක
ගී ගයන්නෙකු බවට පත්විය.
ඒ නිසා අද සිට
ඉදිරියට ජෝතිගේ ගායන දිවියේ දෙවන දශකය එනම් 1967 -1977 ගී දශකය තුළ ඔහු බිහි
කළ සිනමා ගීත සංස්කෘතිය සහ ඒ
දශකයේ බිහිවූ වෙළඳ ගී තැටි වලින් ඇති වූ සංගීත සංස්කෘතිය පිළිබඳව පුංචි කතිකාවක්
ඇති කරන්නට මේ ලිපි පෙළ ඔස්සේ වෑයම් කරමි.
ජෝතිපාලගේ දෙවන
දශකය තුළ ද සියයට අනූවකට වඩා වැඩියෙන් ලැබුණේ අනුකාරක ගී තනු ගායනා කිරීමට ය. ඊට
බෙහෙවින් බලපෑ සාධකයක් වන්නේ ඒ යුගය වන විට ගීතය යනු චිත්‍රපට පසුබිම් ගීත බවට තරයේම විශ්වාස කළ පිරිසක් සිටීමත්, ජෝතිපාල චිත්‍රපට පසුබිම් ගායකයකු මිස එකල
ගුවන් විදුලි පරීක්ෂණයෙන් සමත් නොවූ සරළ ගී ගායකයකු ලෙස පිළිගැනීමක්ද නොතිබීමයි. එකල යම් මට්ටමක පිළිගත් ශිල්පියෙකු
විමට නම් ගුවන් විදුලි සරල ගීත පරික්ෂණයෙන් "ඒ" හෝ "බී" ශ්‍රේණියේ
ශිල්පියෙකු වශයෙන් සමත්ව සිටිය යුතුය. එය ශිල්පියෙකුට ඉතාමත් වැදගත් සාධකයක් සේ එකල ප්‍රබුද්ධ රසික විචාරක පරපුර අතර
පිළිගැනිමක් තිබුණි.
ඒ නිසාම
ජෝතිපාලට සිදුවූයේ චිත්‍රපට පසුබිම් ගායකයෙක් ලෙස පෙනී සිටිමින් තම අතට පත්වන ඕනෑම
ගීතයක් ගායනා කර චිත්‍රපට නිෂ්පාදකයාගේ මනදොල සපුරා ලන්නටත් ඒ ඔස්සේ තම ගායනයේ අනන්‍යතාවය තහවුරු කර ගැනිමටත් ය. එය එසේ වුවත් ඒ අනුකාරක ගී හැම එකක්ම ජනප්‍රියත්වයේ
මුදුනත රැන්දූ කොපි ගීත බවට පත්වන්නේඇසූ සැණිනි. ඒ ගී තනුවල තිබූ මිහිරියාව සේම ඊට ගැලපෙන සේ ග්‍රාම්‍ය නමුත් සරල ගිපද මාලා ලියා තිබිමයි.
1967 වර්ෂයේදි
තිරගත වූ "හිත ගිය තැන" චිත්‍රපටයේ
මොහොමඩ් සාලිගේ සංගීතයට කරුණාරත්න අබේසේකරයන් ලියූ රන්වන් පුන්සඳ පායාලා ගීයද එවැන්නකි. 1968 වර්ෂයේදී තිරගත වූ
"පිණි බිඳු" චිත්‍රපටයට ජෝතිපාල සහ සුජාතා පෙරේරා (අත්තනායක) ගැයූ "මුහුදු වෙරළ දිගේ" ගීයත් එම වසරේම තිරගත වූ "වනසරා"
චිත්‍රපටයට ජෝතිපාල ගැයූ "අපි සක්වල ගලෙන් මෙපිට උපන්නේ" ගීතයත් ජනප්‍රිය
ගීත බවට පත්විය. එසේ වුවත් 1969 දි තිරගත වූ දෙමල අනුකාරක චිත්‍රපටයක් වූ "ඇමතිකම"
චිත්‍රපටයට ජෝති ගැයූ ගීත ඉතාමත් දුර්වල පදරචනා සහ සංගීතයෙන් යුක්ත විම නිසා ඒ ගීත
කිසිවක් ජනප්‍රිය නොවුණි.
කෙසේ වුවත්
නැවතත් ජෝතිපාලට ස්වතන්ත්‍ර චිත්‍රපට පසුබිම් ගීයක් ගායනා කිරිමට ලැබෙන්නේ 1969
තිරගත වු "රෑන ගිරව් " චිත්‍රපටයටය. ගාමිණි ෆොන්සේකා, ආනන්ද ජයරත්න සහ
නීටා ප්‍රනනාන්දු රඟපෑ රෑන ගිරව් චිත්‍රපටය කේමදාසයන් විසින් සංගීතවත් කර තිබුණි.
ජෝර්ජ් ලෙස්ලි රණසිංහගේ පද මාලාව ගැයිමට
කේමදාසයන් මුල්වරට ජෝතිපාල කැඳවා
තිබුණි. "හෙට උදයේ අලුත් ඉරක්
පායලා" ගීතය ජෝති ගැයූ මියුරු
ස්වතන්ත්‍ර ගීතයකි. ඒ චිත්‍රපටයට කේමදාසයන් ගීත 07 ක් නිර්මාණය කර තිබු අතර සියලුම
ගීත ජනප්‍රිය ගීත බවට පත්විය.
එසේම 1969 වසරේ
තිරගත වූ "සූරයන්ගෙත් සූරයා" චිත්‍රපටයේ ගීත 04 ක් ඇතුළත්ව තිබූ අතර එම්.කේ රොක්සාමිගේ
සංගීතයෙන් හැඩ වූ ඉන් එක් ගීයක් ජෝතිපාල
සහ ඇන්ජලින් ගුණතිලක විසින් ගායනා කර තිබුණි. "ආශාවේ ගංගාවේ" නම් වූ ඒ ගීතයද කොපි ගීතයකි. එයද ජනප්‍රිය ගීතයක් බවට
පත්විය. එසේම රොක්සාමි මාස්ටර්ගේ සංගීතයෙන් හැඩ වූ "සුමුදු භාර්යා" චිත්‍රපටයට
කරුණාරත්න අබේසේකරයන් ලියූ "ආලය කාටත් පොදු දෙයකී" ගීයද ජනප්‍රිය ගීත ලෙසන්
රසික ප්‍රසාදය දිනාගත් නමුත් ජෝතිපාලගේ ගී
හඬෙහි ඇති මියුරු රසය මිස ගීත පදමාලාවේ
හෝ සංගීතයේ ඕලාරික බවත් ග්‍රාම්‍ය බවත් හැර වෙනත් කිසිඳු ගී රසක් එහි දක්නට නොමැත.
1970 වන විට
ජෝතිපාල සිනමාවේ අත්‍යවශ්‍යම ගායන ශිල්පියා බවට පත්ව සිටියේය. ඒ ඔහු සත්වු අපූර්ව
ගැඹුරු ගි හඬෙහි ප්‍රතිභාව නිසාය. චිත්‍රපටයේ රූප රාමුව ඉල්ලා සිටින ගී හඬක්
ජෝතිපාල සතුව ඒවන විට ගොඩ නැගි තිබුණි. සිනමා ශාලාවේ සිටින ප්‍රේක්ෂකයාගේ බලාපොරොත්තුව වූයේද රංගන ශිල්පියාගේ රංගනයට
නොදෙවෙනි ගී හඬක් සිනමා ශාලාව තුළ සිසාරා යනු දැකීමයි. ඒ නිසා සිනමා හල් අතුරු සිදුරු නැතුව පිරෙන්නට නම්
ගාමිණීගේ රංගනය සේම ජෝතිගේ ගායනයද සිනමාවට අත්‍යවශ්‍ය සාධක බවට පත්ව තිබුණි.
ඒ නිසාම
ජෝතිපාල 70 දශකය ආරම්භ කරන්නේ නීල් රූපසිංහගේ චිත්‍රපටයකිනි. නිල් රූපසිංහගේ
"දැන් මතකද" චිත්‍රපටයේ ගීත 06ක් ඇතුළත් විය. චිත්‍රපටය සංගිතවත් කළේ.
පී.එල්.ඒ.සෝමපාල විසිනි. සියලුම ගීත කරුණාරත්න අබේසේකරයන් විසින් ලියා තිබු අතර ඒ
ගීත 06 ම අද දක්වාම ජන මන බැන්දූ ගීත ලෙස හැඳින්විය හැකිය. සියලුම ගීත හින්දි
අනුකාරක ගීත බව සඳහන් කළ යුතුය. මතු දැක්වෙන්නේ “දැන් මතකද” චිත්‍රපටයේ ඇතුළත් වූ ගීයකි.
ජෝති - ආදරේ හිතෙනව දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ
මං එනවා ළඟටම දැන් හොඳයි
ඇන්ජලීන් - ආදරේ හිතෙනව දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ
මං එනවා ළඟටම දැන් හොඳයි
ජෝති - ඔබ සොයා ඉගිල එයි මා හදේ භෘංගයා
හැංගුවේ ඇයි ප්‍රියේ මල් විලේ
හංසයා
හැංගුවේ ඇයි ප්‍රියේ මල් විලේ
හංසයා
ඇන්ජලින්
- හැංගුවේ නෑ කිසිත් ඇත්තමයි මා ඔබේ
මා සෙවූ මා පැතූ ආදරේ දැන්
ලැබේ
මා සෙවූ මා පැතූ ආදරේ දැන්
ලැබේ
ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
ගැයුම: එච්.ආර්.ජෝතිපාල සහ
ඇන්ජලින් ගුණතිලක
සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
චිත්‍රපටය: දැන් මතකද
අධ්‍යක්ෂණය: නීල් රූපසිංහ
තිරගත වූ වසර :1970
නීල් රූපසිංහගේ
දැන් මතකද චිත්‍රපටය ගැලරියේ හුන් චිත්‍රපට ප්‍රේක්ෂකයාට නව ජවයක් සැපයූ එන්නතක්
විය. ගාමිණීගේ රංගනයත් ජෝතිගේ ගායනයත් එකට පෑහී තිබුණි. ගාමිණීටත් ජෝතිටත් සිනමා
හලේ ගැලරියෙන් ලැබෙන විසිල් පාර වළක්වන්න කිසිවකුටත් නොහැකිය. ජෝති මේ චිත්‍රපටයේම
තවත් ගීත 03 ක් ගැයුවේය. "හිස් ටින් එකක් වාගේ ජීවිතේ" ( ජෝති/ බෙග්/
මිල්ටන්), අකල් වැස්ස තුරල් වෙලා ( ජෝති/ සුජාතා) , මේ සීත සුව දෙන රැයේ ( ජෝති/
සුජාතා) ගීත මෙන්ම එම්.එස්. ප්‍රනාන්දු ගැයූ "මැණිකෙ මම ආයෙ ගෙදර එනවා"
ගීයද තිබුණේ මෙම චිත්‍රපටයේ මය.
එසේම එම වසරේම
තිරගත වූ "ගීතා" චිත්‍රපටයට
ජෝතිපාල සහ සුජතා අත්තනායක ගැයූ
"මසිත විල්තල චංචලවේ" ගීතය සේම ජෝතිපාල
ගැයූ මේ ගීයද එදා මෙදා තුර සිංහල සිනමාවේ ජෝතිමත් නම රැන්දූ ගීතයක් විය. මේ ගීයේ
තනුව ස්වතන්ත්‍ර ගී තනුවකි
දකින දසුනේ දෙනෙත ඇඳුනේ
සොඳුරු ඔබෙ රුව වේ
පවන ඇසුනේ සවන රැඳුනේ
ඔබගේ කට හඬ වේ
ඔබගේ කට හඬ වේ..
මහද විමනේ කැකුළු යහනේ
ඔබයි සැතපෙන්නේ
සිතක සිතුමේ පතන පැතුමේ
ඔබයි හිනැහෙන්නේ
ඔබයි හිනැහෙන්නේ...
දෙපස ගංගා දෙකක එක්වී
එක තැනට ආවේ
එකම ඒ ගං ජලය මුසුවී
සයුර තුළ පාවේ
සයුර තුළ පාවේ...
ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
ගැයුම: එච්.ආර්.ජෝතිපාල
සංගීතය: ටී.එෆ්. ලතීෆ්
ගී තනු නිර්මාණය: ගලගෙදර එම්.ඒ.එම්.
හක්
චිත්‍රපටය: ගීතා
අධ්‍යක්ෂණය: ජෝ දේව් ආනන්ද්
තිරගත වූ වසර :1970
1970 වසරේම
තිරගතවූ "ඔහොම හොඳද " චිත්‍රපටය දෙමළ චිත්‍රපටයක් අසුරින් නිපදවූවකි. ඒ
චිත්‍රපටයටද ජෝතිපාල එම්.කේ. රොක්සාමිගේ
සංගිතයට ගිත දෙකක් ගායනා කළේය. ඒ අතර මේ ගීයද ජනප්‍රිය ගීතයක් බවට පත්විය.
කියන්නම්
කතාවක් පාන්නද සිනාවක්
තවත් නෑ
වෙලාවක් හිතේ නෑ නිදහසක්
කියන්නම්
කතාවක්
අහන්නම්
කියන්නකෝ ඔබේ රස කතා දැන්
ළඟින් ඉන්නවා
නම් මොකෝ දැන් පමාවක්
අහන්නම්
කියන්නකෝ
සුදෝ සුදු
වලාවේ රිදී හිරු සිනාසේ
ඔබේ රස
නුරාවේ මහද මත් වුනාවේ
මහද මත් වුනාවේ
අහන්නම්
කියන්නකෝ ඔබේ රස කතා දැන්
ළඟින් ඉන්නවා
නම් මොකෝ තව පමාවක්
අහන්නම්
කියන්නකෝ
ගී
ගගක් ගලන්නේ මා සවන් පිනන්නේ
මල්
මිටක් වගේ මං ඔබ විලක් වුනා නම්
ඔබ
විලක් වුනා නම්
කියන්නම් කතාවක්
පාන්නද සිනාවක්
තවත්
නෑ වෙලාවක් හිතේ නෑ නිදහසක්
කියන්නම්
කතාවක්
ගීත පබැදුම:
කරුණාරත්න අබේසේකර
ගැයුම:
එච්.ආර්.ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක (මුල් ගැයුම)
පසු ගැයුම:
සහාය ලතා වල්පොල
සංගීතය:
එම්.කේ. රොක්සාමි
චිත්‍රපටය:
ඔහොම හොඳද
තිරගත වූ වසර :1970
මේ අයුරින් 70
දශකය ඇරඹෙද්දී සිංහල සිනමාවේ ස්වර්ණමය හඬ ලෙස ජෝතිගේ හඬ මුල් බැස ගනිද්දි ජෝතිපාල චිත්‍රපට පසුබිම්
ගියට අත්‍යවශ්‍යම සහ නැතුවම බැරි ගායකයා බවට පත්විය. ඒ නිසාම අනුකාරක ගීත එක දිගට ජෝති
පසු පස පෙළ ගැහෙද්දි ඔහුට ඒ ගිත ගායනා කරන්න සිදුවූයේ නිෂ්පාදකයාගේ අවශ්‍යතාවය ඉටු
කිරිමටය. 70 දශකය ආරම්භ වන විටම එකම චිත්‍රපටයේ ගීත දෙක තුනේ සිටි හයක් හතක් දක්වා
ගැයිමටද ඔහුට සිදුවිය. ඒ ජෝතිගේ ගී හඬ සඳහා ලාංකේය වාණිජ සිනමාව ඉල්ලූ හඬ පෞරුෂය ඔහු තුළින් ගොඩ නැගී තිබූ නිසාය.෴
තවත් කොටසක්
ලබන සතියේ...
ඔබේ
හිතේ ජෝතිපාල පිලිබඳව විචාරාත්මක අදහසක් හෝ මේ ලියූ දේ ගැන විචාරයක් ඇත්නම්
ලියන්න. කැමති විදියට ලිවිමට ඔබට නිදහස ඇත.
කදිම පෝස්ටුවක්..
ReplyDeleteකලින් ඔබේම ලිපි කීපයක ජෝතිපාලයන් ගැන කියෙව්වා මතකයි.පහුගිය දවස්වල ජෝතිපාල ගැන පුවත් කීපයක් පත්තරයෙත් කියෙව්වා...
ලිහිණි..
Deleteමම මේ ජෝති ගැයූ ගී ගැන අතීත අවලෝකනයක් කරන්නේ.. ටිකක් පිලිවෙලට.. තව සෑහෙන්න ඉදිරියට තියෙනවා
මම ආසයි මුල්ම සිංදුවට :) හොද ලිපියක්.
ReplyDeleteසිහින මදාරා..
Deleteඇත්තටම තව ඉදිරියේදි මීට වඩා හොද සහ අපිට දැනෙන ගීත එනවා ජෝති ගැයූ. ස්තූතියි.
"ඕලාරික" කියන වචනයේ තේරුම කියලා දෙනවනම් බොහොම පින්.
ReplyDeleteඇමතිකම චිත්‍රපටය මම බලලා තියනවා පොඩි කාලේ. තාත්තා කොහෙන්දෝ ඩෙක් පීස් එකක් ගෙනත් තිබුනා. මම 10 පාරකට වඩා ඒක බැලුවා ඒකෙ හාස්‍යට ආස උන නිසා.
"රෑන ගිරා රෑන අඹේ" ගීය තියෙන්නේ "රෑන ගිරව්" එකේද? මම කැමතිම සින්දුවක් ඒක.
ඕළාරික - සියුම් නොවූ, දැඩි,රළු,දළ....වෙනස් නොවන සුළු (ඒකාකාරී)
Deleteසයුරි...
Deleteඔන්න සුමිත් හරියටම සහ නිවැරදිව පැහැදිලි කිරීම කරල තියෙනවා. මට කලින්ම. මොකද මම කමෙන්ට් වලට රිප්ලයි කරන්නේ දවස් දෙකතුනකට පස්සෙ නිසා.
පරණ ෆිල්ම්ස් දැන් දැන් ඩීවිඩී තාක්ෂණයෙන් එනවා. ඉස්සර නම් ඩෙක් පීස් තමයි.
"රෑන ගිරා රෑන අඹේ" ලතා ගැයූ මේ ගීය තිබුනේ සංදේශය ෆිල්ම් එකේ.
"රෑන ගිරව්' චිත්‍රපටයේ තිබුණ ගීයක් තමයි "රෑන ගිරා ජෝඩුවයි හාදවෙලා ආදරෙයි' නන්දා මාලනී අමරදේව ගැයූ ගීතය. ස්තූතියි ඔබටත්..
සුමිත්..
නිවැරදි පැහැදිලි කිරීමක්.. ඕලාරික සිංදුවක් කියන්නේ කිසිම රසයක් නැති කටුක වගේ අදහසක් ඒක යෙදෙන අවස්ථාව අනුව හදාගන්න පුළුවන්.
අනුකාරක කියන වචනයේ තේරුම මොකක්ද
Deleteමගේ ප්‍රියතම ගායකයා ,කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැති සින්දු
ReplyDeleteහසරැල්..
Deleteඅපි කාටත් එහෙමයි. ඒ මේ ගි වල ඇති සරල බව නිසා කියලයි මට හිතෙන්නෙත්
ඉතිහාසය නැවත කියවන යුගයයි. ඔබේ ව්‍යයාමය අනෙක් ගායක ගායිකාවන්ටත් දිගු කරන්නේ නම් මැනවි!
ReplyDeletehttp://dayal-bathee.blogspot.com.au/
පෙම්වතුනට පෙම්වතියනට බිරිඳට ස්වාමියාට අම්මට තාත්තට සූර්‍ය්ග්‍රහණ කවිය- The Poem that Solar Eclipse sings
මම හිතන්නෙ දයානන්ද සහෘදයා ඒ ටික කරනවා
Deleteදයල් බතී...
Deleteඔබ අස්වැන්නට සාදරයෙන් පිලිගන්නවා. දැන් කාලෙක ඉදලා කවිය,සංගීතය, ගීතය, සාහිත්‍ය ආදී සකල විධ කලාවන්හි අතීතය හාරා අවුස්සමින් ඉන්නේ.. විශේෂයෙන්ම මේක ජෝතිපාල ගැයු ගී ගී ගැන මතකය යළි හාරා අවුස්සා බැලිමක්. මොකද ඔහු මියයනතෙක්ම නිසි විචාරයකට හසු නොවුන නිසා. ස්තූතියි සටහනට
ලොකු ජෝන්..
ඇත්තටම ඔබ වන් සහෘදයන්ගෙන් ඒ සදහා ලොකු සහයක් ලැබෙනවා.
ඒ කාලේ මේ ප්‍රබුද්ද ගායකයන්ගේත් ස්වර්ණමය යුගයක් නිසා ඔහුට පේව්මන්ට් ගායකයා නමින් පරිබව කරන්නන් පිරිසක් හිටිය. මගේ පියාත් හිටියේ ඒ ගොඩේ. මම ඒ කාලේ ජෝතිපාලගේ ගීත ඛණ්ඩයක් මුමුනමින් ඉන්නා විට මට හොඳටම බැන වදින පියා අහනවනම් අමරදේව මහත්තයාගේ ගීත අහන්න කියා කියනවා. ඒත් ඔහුට නිසා ඇගැයීම ලැබෙන්නේ ඔහු මියගිය පසුවයි.
ReplyDeleteසුදීක...
Deleteඔබ අස්වැන්නට සාදරයෙන් පිලිගන්නවා..මුලින්ම
අපිටත් යම් කිසි තේරුම් ගත හැකි වයසක් එනකල් ජෝතිපාලගේ ගිත තමනම් ගිත වෙලා තිබුණා පාසල් යන කාලේ. ඒ ඇයි කියලා මට අදටත් හිතාගන්න බෑ. ඒ වගේම ඔහු ගොඩ නැගූ ගිත සංස්කෘතිය පිලිබඳව කාගෙත් ඇස් ඇරුණේ.
අපි පියවරෙන් පියවරට ජෝතිගේ ගිත සංස්කෘතිය ගැන කතාකරමු.ස්තූතියි
මම ජෝතිපාලයන්ට ප්‍රිය උනේ මගේ නැන්දා නිසා. ඇයට ජෝතිගේ සිංදුවක් කිව්වම අනිත් හැමදේම අමතක වෙනවා.. ඒ වගේම ජෝතිගේ ගීත පිලිබද බොහොම ලොකු දැනුමක් තියෙනවා. මම ඇය නිසාම අන්තර්ඩාලයෙන් ජෝතිපාලයන්ගේ ගීත 200කට වැඩි ප්‍රමාණයක් බාගතකරගෙන සී.ඩී එකක් හදලා ඇයට දුන්නා. දැන් නිවසේ තනියම ඉන්නා වෙලාවට ඇය කරන්නේ දවසම ඒ සී.ඩී එක අහන එකයි. තාලයක් මම ජෝතිට කැමති උනේ නෑ. ඒ ජෝතිගේ ගීත හරියට අහල නැති නිසා. ඒත් නැන්දා නිසා දැන් මම ජෝතිගේ ගීත බොහොමයකට කැමතියි.
ReplyDeleteසමන් මල් පියල්ලේ.
ආන්නද සාගරේ
මේ මෝසම් මද සුලග.
වගේ ගීත බොහොමයකට කැමතියි. පහන් ටැඹ යට සොහොන් කොත ළග ගීතයත් ඒ ගොඩට වැටෙනවා..
ජය..
බණ්ඩා..
Deleteඔබ අස්වැන්නට සාදරයෙන් පිලිගන්නවා..මුලින්ම
ඔය වගේම හැත්තව ැසූව දහක වල ජෝති , විජය, ගාමිණීසහ මාලනීට පෙම්බැන්ද රසික පිරිසක් ඇති වුනේ ඒ චරිත ජනතාවගේ හදවත්තුල ජීවත් වුණ නිසා..
ස්තූතියි ඔබටත්..
ජොති යනු මගේ නම් අංක එක. ඔබ මෙහි සදහන් කර ඈති ගීත කීපයක්ම මම පසු ගිය "නිශාන්තය " වැඩ සටහන් වලදී මගේ තේරීම උනා .කොච්චර ඇහුවත් එපා නොවන ගීත . ඒ අතරින් චිත්‍රපටි ගීත සුවිශේශී . විවිධ නළුවන්ට සරිලන අයුරින් ගායනා කිර්‍රිමට හැකියාවක් තිබූ සුවිශේශී ගායකයෙක් .
ReplyDeleteඒ වගේම ඔහු මිය ගියත් අපේ සිත් තුල කිසිදින නොමියෙන ගායකයෙක් .
ගිම්..
Deleteමට මතක හැටියට සිනමා තිරයේ රංගන ශිල්පින් 56 ක් හෝ 59 දෙනෙකුට ඔහු ගායනා ඉදිරිපත්කළා. සිනමාවේ පෙම්වතාට වගේම දුෂ්ඨයාගේ චරිතය නිරූපණය කළ රංගන ශිල්පියාටත්.
මේක අපිට ඉදිරියේදිඔහු ගී ගැයු හැම චිත්‍රපටයක් ගානේම කතාකරන්න අවස්ථාව ලැබෙනවා අනු පිලිවෙලට ඒ නිසා මේ වෑයම ටිකක් දිගට ඇදෙයි.
බොහොම විඩාපත් වෙලාවක සමනළ සිහිනෙක පාවෙන්න හිතුනම මමත් කරන්නෙ ජෝතිපාලගෙ ගීයක් අහන එක. ඔහුගෙ කටහඬ සහ ගීතවත් බව රැඳි වෙන කිසිම ගායකයෙක් නැති බවයි මට නම් හිතෙන්නෙ.
ReplyDeleteමැණික්
මැණික්...
Deleteජෝති කොතරම් අනුකරනය කලත් තවත් ශිල්පියෙකුට ජෝතිව අබිභවා යන්න බෑ. ඒකයි මේ ඇති අපූර්වත්වය.
අදටත් එක විදිහට අහන්ඩ පුලුවන් ගීත ගායනා කරපු ගායකයෙක් !
ReplyDeleteමධුරංග
Deleteඒකනේ මියිගියන් වසර විසි හතක් වුණත් තවමත් ජිවමාන ගායකයෙක් විදියට ඉන්නනේ..
මම බැලුවේ පහුගිය නිහැඬියාවෙදි ජෝතිපාල අමතක උනාවත්ද කියලා.
ReplyDeleteලොකු ජෝන්..
Deleteඑහෙම අමතක කරන්න පුලුවන් කෙනෙක්ද ජෝති.. අනික පටන්ගත්ත වැඩක් සම්පූර්ණ කර බැලුවාම තමයි එහි සතුට දැනෙන්නේ.
මේ වැයම තව සෑහෙන්න දිගට ඇදෙනවා ඉදිරි කොටස්වලින් එක දවසට එක විත්‍රපටයයි. ඒවිදියට තමයි මුල සිටම යන්නේ..
මට ජෝතිපාලගේ සින්දුවක් කිව්වම හිතේ මැවෙන්නේ අපේ තාත්තව.. තාත්තා හොඳ ජෝති රසිකයෙක්.. තාත්තා ජෝතිගේ ගීත කියන්නේ ඇක්ෂන් දාලා.. ඉස්සර අම්මා වටේ නට නට ජෝතිගේ සින්දු කිව්ව කාලෙකුත් මට මතක තියෙනවා... හි හි... ඒ අපිට රේඩියෝ එකක්වත් තිබ්බේ නැති කාලේ.. ඉතිං මං ජෝතිගේ ගීත මුලින්ම අහලා තියෙන්නේ අපේ තාත්තාගේ හඬින්.. මෙග් හිතේ ඒ මතකයත් එක්ක ජෝතිගේ ගීත තදින්ම බැඳිලා තියෙන්නේ... ඔය දකින දසුනේ ගීතය එහෙම තාත්තා ලස්සනට කියනවා..
ReplyDeleteහිරු..
Deleteතව ඉදිරියට තව තව ලස්සන ගිත පෙළක්ම එනවා. මේ චිත්‍රපට සිංදුද කියල හිතන්නත් බැරි ඒවා.
ගොඩක් දුරට ජෝති මහත්තයගේ ගීත විතරයි අහන්නේ.ඔබ එතනින් ඔබ්බට ගොස් ජෝති පමණක් නොව අනෙකුත් ශිල්පින් පිළිබදව මනා විවරනයක් කිරිම සතුටට කරුණක්.
ReplyDeleteගයානි..
Deleteසංගිතය ගිතය ගැන විවිධ කතාබහ ගොඩනගන අතරේ විශේෂයෙන්ම ජෝතිපාල වැනි ශිල්පියෙක් ගැන යළි කතාබහක් ඇති කරන්න හිතුවේ ඔහු මියිගිහින් වසර 27 කටත් පස්සේ අද දවසේත් ජනප්‍රිය ගායකයා විමත් ඔහු ගොඩ නැගූ ගිත සංස්කෘතිය ගැම මමත් තවම සොයන්නෙකු විමයි. ස්තූතියි ඔබටත්.
මටයි මගෙ හොදම යාලුවෙකුටයි අවුරුදු දෙක තුනකට උඩදි පුදුමාකාර ජෝති පිස්සුවක් හැදිල තිබුණ.එතකොට ඉන්ටනෙට් නැහැනේ.ඉතින් මං ජෝතිගෙ සින්දු පන්සීයක් විතර අත්අකුරින්ම ලියල ලොකු පොතකුත් හැදුවා... ඒත් ඒ යාලුවයි මායි අතරෙ තිබුණු සම්බන්ධය කැඩිලා ගිහින් මං හුගක් හුදෙකලා වුණාට පස්සෙ අහන්න පුරුදු වුණේ කපුගේගෙ දිවුල්ගනේගෙ නන්දා මාලිනීගෙ වගේ හිත නිවෙන සින්දු.හුගාක්ම ස්ලෝ ඇහෙන ඒවා.ඉතින් ඒ පුරුද්ද නිසා දැන් මම ජෝතිගෙ සින්දු අහන්න එච්චර කැමති නෑ.ඒත් සමහර ඒවා තියෙනවා අඩන්නෙ ඇයි සුදු මැණිකේ,කවුද ඔබ කවුරුන්දෝ,ඒ වගෙම ඔබ සදහන් කරල තියෙන මේ සීත සුව දෙන රැයේ.. වගේ ගීත අතලොස්සක්.
ReplyDeleteවැස්ස..
Deleteඔනෑම ශිල්පියෙකුගේ නිර්මාණයක් විඳින්න කැමතිම වෙලාවක් එනවා. ඒවෙලාවට හිතේ ඇතින ස්වබාවය අනුව ජෝතිගේ ගිත හිත ඉල්ලන්නෙ නැතිවෙන්න පුළුවන්.ඒක ස්වභාවිකයි.ජෝතිගේ ගිත වුණත් විඳින්න පුළුවන් වෙලාවල් තියෙනවා.
ස්තූතියි වැස්සටත්
මම හිතන්නෙ නියම ජෝති ඉපදෙන්නෙ ඔහු මියගියාට පසුවයි.ජීවත්ව සිටියදි ඔහුට හිමිවිය යුතුව තිබූ තැන ලැබුනේ නැහැ. ඔහු මියයනවිටත් ඒ ශෝකය හිතේ තිබුනා.
ReplyDeleteනමුත් මරණින් පසු ජෝති සහ ඔහුගේ ගීත පුදුමාකාර ජනප්‍රියත්වයක් ලැබුවා පමණක් නොවේ අංකුර ගායකයන් මතු නොව ජනප්‍රිය ගායකයන් පවා ජෝතිව විකුණගෙන කන්න පටන් ගත්තා.තවම ඉවර නැහැ.
හැලප කඩේ..
Deleteඔබ අස්වැන්නට සාදරයෙන් පිලිගන්නවා..මුලින්ම
ඕව් ඔබ හරි.. ජෝතිපාල ගොඩනැගූ ගිත සංස්කෘතිය ගැන අවධානය යොමුවුනේ ඔහු මියගියායින් පස්සේ. ඔහුගේ මියයාම සංගිතය වගේම සිනමාවේත් ලොකු රික්තයක් ඇතිකළා.
අමරණීය ජෝති!!! අද පරම්පරාවෙ කී දෙනෙක්නම් මේ අමරණිය ජෝති නිසා ජනප්‍රිය වෙන්න ඇත්ද??
ReplyDeleteහැමදාම වගේ, ඔබතුමාගෙ විචාරාත්මක ලිපිය බොහොම අගෙයි!!!
මම ප්‍රිය කරන ජෝතිගෙ ගීත හුඟාක් තියෙනවා... දකින දසුනෙ ඒ අතර තියෙනවා
හිතුවක්කාරි..
Deleteස්තූතියි අගැයුමට.. තවම මේ ආරම්භයේ අපි ඉන්නේ හොඳම ගිත තව ඉදිරියට තියෙන්නේ..
මේ ගීත අහනකොට...80 දශකයේ අග බාගයේ අපිබලපු චිත්‍රපටි මතක් වෙනව.
ReplyDeleteජෝතිගෙ ගී වල තිබුනු අමුතු රිද්මය,දෝංකාරය හා ජොතිගෙ කටහඬේ තියෙන,කියාගන්න බැරි අමුතු ජීවය මාව චිත්‍රපටි හෝල් එකක වාඩිවෙලා ඉන්නව වගේ දැනුන. සරත් දසනායක මහත්මයගෙ සංගීතයත් මතක් උනා.
ගී ටිකත් ඩවුන්ලෝඩ් කරගත්ත.
වීපොකුරෙ වීයා
Delete70, 80 දශකවල සිනමාව වානිජ වුණත් එහි අපුර්වත්වයක් වගේම විවිධත්වයක් තිබුණා.
සරත් දසනායක, කේමදාස ගී යුගයේ ජෝතිගේ භූමිකාව තව ඉදිරියට තියෙන්නේ. එතකොට අපි මේ දෙදෙනාගේ ගිත නිර්මාණ ජෝතිගේ හඬින් අහමු.
ජෝතිගේ ගීත මට එපා වුණේ ඔබ කිව්ව කොපි ගීත නිසා. බොහොමයක් ගීත වල පද අරුත් සුන්, ග්‍රාම්‍ය ඒවා. ඔහුගේ ගායන ශෛලිය පිලිබඳ නම් වාදයක් නැහැ. කොහොම වුණත් 'මේ සීත සුව දෙන රැයේ' ගීතය මේ ගීත අතරින් ප්‍රිය කරන ගීතයක්.
ReplyDeleteජය වේවා!!
රැංගෝ..
Deleteඇත්තටම ජෝතිගේ හඬින් ඔහුට අත්වෙච්ච වාසියක් නැ. ඒක සිනමාකරුවන් ඔළුුන්ගේ වාසියට යොදාගත්තා ඒකයි වුණේ..
ජෝතිපාලයන් පිළිබඳව ලියැවුණු අළුත්ම වියමන අතීත මතකයන් අළුත් කරනවා සේම නුතන පරපුරටත් ඒ මිහිරැති ගීත හදුනාගැනීමට අවස්ථාවක් සලසනවා.
ReplyDeleteතුසිත..
Deleteමේක අලුත් සංගිත කොටස්වලින් තොරව හොඳම මුල්ම ගිවලින් තමයි ගේන්න උත්සාහ කරන්නේ.
ඉදිරියේදි අපිට හිතාගන්න පුළුවන් වේවි ඔහු සිනමා තුළ ගොඩ නැගූ භූමිකාව කොයිතරම්ද කියලා.
ඇමතිකම ටීවී එකේ ලාවට වගේ බැළුවා මතකයි.. ඒත් හරියටම ශුවර් නෑ.. ඔලාරික කියන වචනේ මොකද්ද අයියේ?
ReplyDeleteගොඩ දවසකින් මේ ලිපි පෙල ලියවිලා..
දිනේෂ්..
Deleteසුමිත් සහෘදයා ඉහතින් පැහැදිළි කිරීමක් කරල තියෙනවා මේ විදියට "ඕළාරික - සියුම් නොවූ, දැඩි,රළු,දළ....වෙනස් නොවන සුළු (ඒකාකාරී)" මේ අදහස හරි..
එක දිතට ලිව්වොත් කියවන්න කම්මැලි හිතෙන නිසා නොලියන්නේ..
ගෙදර නෑ දයා. ඒත් ඇවිත් ජෝතිපාලගේ ගී උදේ පාන්දරම ඇහුවා. වෙනදා වගේම රසවත් සටහනක්. හැබැයි කමෙන්ට් එක නම් වෙනදා වගේ රස නැතුව ඇති. :)
ReplyDeleteපොඩ්ඩි..
Deleteකමෙන්ට් එකත් වෙනදා වගේම රසට ලියල තියෙනවා අඩුවක් නැතුව.මේක තව දිගට ජෝති ගැන කතාකරන නිසා මේ හොඳටම ඇති. ස්තූතියි අවිවේකයෙන් හරි ඇවිත් කියෙව්වාට
ජෝතිව නිසි ඇගයීමකට ලක්නොවෙන්න ඇත්තෙ යූ ඇන් පී වෙදිකාවට නැග්ග නිසා වෙන්න ඇති.
ReplyDeleteකවුරු හරි කලාකරුවෙක් දේශපාලන වේදිකාවට නැග්ගොත්(විශේෂයෙන්ම යූ ඇන් පී) අද වුනත් තත්වය ඒකමයි.....
සුමිත්..
Deleteඅත්තටම ජෝති උපතින්ම යූඑන්පී කාරයෙක් වුණත් ඔහු මියගියේද යූඑන්පි ආණ්ඩුවක් තිබුන සමයක. ඔහු ඒ දේශපාලන පක්ෂය වෙනුවෙන් පෙනිහිටියත් එකල ප්‍රබුද්ධ කලාව ඉහලින්ම තිබුණා. ජෝති ගුවන්විදුලි සරල ගී ගායකයෙක් නොවුන නිසා එකල පේරාදෙණිය සහ කොළඹ සරසවි අතර තිබූ සාහිත්‍යයයේ ප්‍රබෝධය නිසාම ජෝති විශිෂ්ඨ පරපුරට අයත්වුනේ නැහැ. ඒකයිමට හිතෙන විදියට හේතුවුනේ.
ඔබේ නම සිංහල ගීත පිටුවෙදී දැක තිබුණා.එසේම ඔබ ලේඛකයෙකු වග එහි සංස්කාරකතුමා ගේ ප්‍රකාශයකින් දැන ගත්තා..නමුත් 'අස්වැන්න' ගැන දැනගත්තේ ' නන්දා මාලිනී ගීත එකතුව ' මගින්...ජෝතිපාල ගේ හැම ගීයකටම නොවුනත් බොහොමයක් ගීත වලට මම කැමතියි.. ඔබ මේ පළකර ඇති ගීත අතරින් 'කියන්නම් කතාවක්' ගීය මම ගොඩක් ප්‍රිය කරනවා..ඔබ මීට කලින් පළ කරන්න ඇති ඔහුගේ ' කොතනක හිටියත් ඔබ මෙලොවේ' ගීතය..ඒ මුල් ගීතය අසන විට ජෝතිපාල යනු දක්ශ ගායකයෙකු බව ඔහු මුල් කාලයේදීම(1964) පෙන්වා ඇති බව තේරෙනවා..ඔහුගේ ඒ ගායනය මට නම් හරිම ලස්සනයි..මෙහිදී මුල් ගීතය(original song)යන්න ඉතාම වැදගත්..පසු කාලීනව ඔහුගේ ගීත විකෘති කොට තිබෙන නිසා...
ReplyDeleteදිස්නා..
Deleteඔබ අස්වැන්නට සාදරයෙන් පිලිගන්නවා..මුලින්ම
සිංහල ගිත පිටුව වගේම නන්දා මාලනී ගීත එකතුවත් අපේ සුභාවිත ගිත සාහිත්‍යය සදහා දැවැන්ත මෙහෙයක් කරන තැන් දෙකක්. එහි සහෘදයන් දෙදෙනා ඒ සඳහා විශාල කැපකිරීමක් කරනවා ඒ සඳහා..
මම අස්වැන්නෙදි මොනම හේතුවක් නිසාවත් යම් ගිතයක සංගිතය වෙනස් කර ඇත්නම් මෙහි දාන්නේ නැහැ. හැම විටම මුල්තැන දෙන්නේ නිර්මාණයේ මුල් ස්වරූපයටයි.ස්තූතියි ඔබට
අසාමාන්‍ය තාරකාවක්නේ.සම්මතයට එපිටින් ගිය ඒ දක්ෂතාවයට ගරු කරන ගමන් - තව මොන කතාද?
ReplyDeleteA.Wickz
Deleteජෝතිපාල කියන්නේ ඇත්තෙන්ම අසාම්‍ය තාරකාවක්. ඔහුගේ හැකියාවට අභියෝග කල හැකි අයෙක් තවම බිහිව නෑ. ස්තූතියි ඔබටත්.
ඒ කාලේ කොච්චර ලස්සන ෆිල්ම්ස් ඇවිල්ල තියෙනවද? ඉඳල හිටලා කළු සුදු ෆිල්ම් බලනවා. 70 දශකයේ තිබුන නිදහස් බව ඒවායේ තියෙනවා.
ReplyDeleteඅසරණයා..
Delete70,80 දශකවල තිබුනේ කලුසුදු චිත්‍රපට. ඔක්කොම කලාත්මකයි ඒවගේම වාණිජ චිත්‍රපට. ෆයිට් 05 යි සිංදු 10 යි. වගේ චිත්‍රපට කලාවක් නේ ඒකාලේ තිබුනේ.
ආස කරන ලස්සන ගීත ටිකක් අහන්නත් , නොදත් රසවත් තරුණූ රැසක් දැනගන්නටත් ලැබුණා ...ඔබ වපුරන දේ අපි අස්වැන්නක් ලෙසින් නෙලා ගන්නවා , ඒ වෙනුවෙන් සතුට සහ පින් ඔබට දෙමින්..
ReplyDeleteමම සොඳුරු සුව අසපුවේ මහේෂ්
මහේෂ්..
Deleteඇත්තෙන්ම නොදන්නහො සැගව ඇති තොරතුරු බෙදාහදාගෙන අපි කවුරුත් දැනුවත් විමක් වෙන එකගැන මටත් සතුටුයි. ස්තූතියි ඔබට..
This comment has been removed by the author.
ReplyDeleteඅද එක රැයෙන් බිහිවන තරු සමඟ ජෝති සසඳද්දී ඒ වෙනස පැහැදිලිවම පේනවා. ජෝති මේ ගමන ඇවිත් තියෙන්නේ ක්‍රමානුකූලව සෙමින් සෙමින්.. ඒ වුනත් ඒ තැබූ සෑම පියවරක්ම ශක්තිමත්.. ඒ නිසා තමයි එතුමාගේ ගීත අදත් සදා අමරණීයව පවතින්නේ. අද බිහිවන බොහොමයක් ගීත අර සෝඩා බෝතලේ කැඩුවාක් වැනි ගීත වීම නම් ඇත්තෙන්ම කණගාටුවකට කරුණක්
ReplyDeleteතොටියා..
Deleteලංකාවේ මෙතෙක් බිහිවුණ සුපර්ස්ටාර් වැඩසටහන්වල තරු කෝ.. ඔවුන් එදා කිව්වේ ජෝතිගේ ගිත. ඉන්පස්සේ ඔවුන් කිව්ව ගිත එක රැයින් ජනප්‍රිය වෙලා එක රැයින් බැහැල ගියා.
ජෝති පියවරින් පියවර ගැයූ ගිත ඉදිරියේදිත් තවත් දිගහැරෙනවා. ස්තූතියි ඔබටත්.
නලීන්..
ReplyDeleteආයෙමත් එන්න. මේක තරමක් දිග ලිපි මාලාවක්.
thwaduratath jothi didulana tharuwak..jothi miya giya pasuwa ipaduna boho denekgeth priyathama gaayakayaa jothi..
ReplyDeleteරෙහානි..
Deleteස්තූතියි ඔබටත්
ජනතා සම්මානය පමණක්ම ලැබූ ඔහු ගැන කියවීමත් සතුටක්..
ReplyDeleteරූ...
Deleteඔන්න අන්තිම මොහොතේ හෝ ගොඩවැදුනට බෙහෙවින්ම ස්තූතියි
ජෝතිගේ වැඩි හරියක් ගීත අනුකාරක ගීත වුනත් ඒ ගීත අද හැදෙන නිකන් වචන අමුණපු ගීත වලට වඩා රසවත්... මම ආසම ගායකයෙක් අයියෙ...බොහොමත්ම ස්තූතියි අපි නොදන්න ගොඩක් දේ මේ ලිපි වලින් කියලා දෙන එකට...
ReplyDeleteඅන්තිම මොහොතේ හෝ ගොඩවැදුනට බෙහෙවින්ම ස්තූතියි
Delete