ජෝතිපාල
නැවත කියවමු තුන්වන කොටස
දසවසරට
ස්ව තන්ත්‍ර ගී හතරයි
ජෝතිපාල නැවත
කියවමු ලිපි මාලාවෙන් අපේක්ෂා කරන්නේ ගායන
ශිල්පියකු වශයෙන් ජෝතිපාල පිළිබඳව අප වටහා
නොගත් එහෙත් පොදු ජනතාව වටහාගත් සංගීත සංස්කෘතියේ අරුත විමසා බලන්නට ය. එමගින් ජෝතිපාල අනුගමනය කළ සංගීත ශෛලිය සහ ඔහුගේ සංගීත භාවිතය තුළ ඔහු නියෝජනය කළ කලාව
කුමක්ද යන්න නැවත විමසා බලන්නට ය.
මේ ලිපි මාලාව
ඉතා දීර්ඝ එකක් වුවද, අප තවම සිටින්නේ
ජෝතිපාල ගී ගැයීම ඇරඹූ ඔහුගේ පළමු දශකය
තුළ ය. එනම් 1956 -1966 දශකය තුළ ය. මේ දශකය තුළ ජෝතිපාල චිත්‍රපට පසුබිම්
ගායකයෙක් වශයෙන් ස්ථාවරත්වයක් ගොඩ නගා ගත්තද ඔහුට දශකයක් තුළ ස්වතන්ත්‍ර ගී තනුවලට
ගී ගැයීමට ලැබෙන්නේ ගීත හතරක් හෝ පහකටත් අඩුවෙනි. එහෙත් මේ කාලය තුළ ඔහු ගැයූ හින්දි සහ දෙමල කොපි ගීත විශාල ප්‍රමාණයක් චිත්‍රපට
පසුබිම් ගී වශයෙන් බිහිවිය. එසේ වුවත් මේ දශකයේ ජෝතිපාල ගැයූ ස්වතන්ත්‍ර ගීත
නිර්මාණ සහ ඒ ගීත සඳහා ඔහුගෙන් ලද දායකත්ව කෙබඳු දැයි විමසා බැලිම අද අස්වැන්නේ
අපේක්ෂාව යි.
1956 – 66 දශකය
තුළ ලංකාවේ බිහිවු චිත්‍රපට වලින් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් ඉන්දියානු චිත්‍රපට
අධ්‍යක්ෂකවරුන් විසින් නිර්මාණය කරන ලද ඒවා ය. එසේත් නැත්නම් හඬ කවන ලද ඉන්දියානු
චිත්‍රපට ය. ඒ නිසාම ඒ චිත්‍රපටවලට සංගීතය සැපයූ වේ ඉන්දියානු සංගිතඥයන් විසිනි.
මේ කාලය තුළ දේශීය සිනමාව වෙනුවෙන් පෙනී
සිටින්නට ඉඩ ලැබුණේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දෙතුන් දෙනෙකුට පමණි. ඔවුන්ගේ එම චිත්‍රපටවල
සංගීතය සහ ගී තනු නිර්මාණය කරන ලද්දේ ලාංකීය සංගීතඥයන් විසිනි.
ඉන්දියන්
සංගිතඥයන් කළේ හින්දි සහ දෙමළ ගී තනු අනුව කොපි කල ගීත මාලාවක් සිංහල චිත්‍රපටවලට
සැපයීම ය. දේශිය සංගීතඥයන්ට ඉඳහිට හෝ සංගීතය සැපයීමට ලැබුණ චිත්‍රපටවලටද කොපි ගීත දුසිම් ගණනින් ඇතුල්
කිරීමට සිදු වූයේ ඔවුන්ගේ වරදින් නොව, චිත්‍රපට නිෂ්පාදකයාගේ කැමැත්ත අනුවය. චිත්‍රපට නිෂ්පාදකයාගේ බලාපොරොත්තුව ඉටු කිරීම
හැර චිත්‍රපට අධ්‍යක්ෂකට මෙන්ම සංගිතඥයාටද ගත හැකි අන් මගක් නොතිබුණි. ඒ නිසාම
දේශීය චිත්‍රපට අධ්‍යක්ෂකවරු මෙන්ම සංගීත අධ්‍යක්ෂකවරුද චිත්‍රපට නිෂ්පාදකවරු ඉදිරියේ අසරණ වූහ.
කෙසේ වුවත්,
ඉන්දියන් සංගිතඥයන් අතරින් සදාජ් හුසේන්
පමණක් සිංහල ස්වත්ත්‍ර ගීත නිර්මාණය කිරිමට පෙළඹීම මේ යුගයේ වැදගත්
සිදුවීමකි. ඔහු උතුරු ඉන්දියානු
සංගීතඥයෙක් වුවද ලංකාවේ සංගීතය පිළිබඳව වැඩි උනන්දුවක් දැක්වීම නිසා ඔහුගේ
ස්වතන්ත්‍ර ගී තනු සහ සංගීත නිර්මාණ සියල්ල
සිංහල සිනමාවට ආලෝකය ගෙන දුන්නේ ය.
මේ යුගයේ සිංහල
සිනමාවේ ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණය කිරීමේ විශිෂ්ඨයෙකු වූ ෂෙල්ටන්
ප්‍රේමරත්න වැනි සංගීතවේදීන්ට පවා කරට කර
හැපෙමින් ඉන්දීය සංගීතඥයන් සමග දස්කම් දක්වන්නට ලැබුණේ ඉතාම අල්ප වශයෙනි. එසේ වුවද
ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ඒ යුගයේ සංගීතය සැපයූ “එකමත් එක රටක, මා ආලේ කළ තරුණිය සහ වන මල” වැනි චිත්‍රපටවලට ඔහු හැදූ ස්වන්ත්‍ර ගී තනු සියල්ල අපතේ ගිය
බවත්, ඒ එසේ වූයේ ඒ ගීත ලංකාවේදී පටිගත
කිරීම්වල තිබූ දුර්වලතාවයන් බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සඳහන් කරයි.
ගැහැනු ගැට
චිත්‍රපට සදහා ෂෙල්ටන් ප්‍රේමරත්නයන් නිර්මාණය කළ ගී තනු ඉතාමත් මිහිරි ගී තනු
වූවා සේ ම ඒවා ස්වතන්ත්‍ර ගී තනු විය. ගීත 10 කින් යුතුව 1959 දි තිරගත වූ ගැහැනු
ගැට චිත්‍රපටය සදහා ෂෙල්ටන් ප්‍රේමරත්නයන් මුල් වරට එච්. ආර්. ජෝතිපාල දායක
කරගත්තේ ය. ඒ ගැහැනු ගැට චිත්‍රපටයේ යුග ගීතයක් සදහා ය. සහාය ගායනයෙන් දායක වූයේ ඇන්ජලින් ද ලැනරෝල් (
ඇන්ජලින් ගුණතිලක) ගායන ශිල්පිණියයි. ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සිය චිත්‍රපටය සදහා
නිර්මාණය කළ “ ආලේ මිහිර පෙන්නා” ගීතය එදා මෙදා තුර ජෝතිපාල - ඇන්ජලීන් ගැයූ ගී
අතර ඉතාමත් රසවත් අනගි සංගිත සංයෝජනයකින් යුත් ස්වතන්ත්‍ර ගීයකි.
ෂෙල්ටන් ප්‍රේමරත්නයන්
චිත්‍රපට සේම වේදිකා නාට්‍ය රැසක සංගීතය අධ්‍යක්ෂණය කළ අති දක්ෂ සංගීත වේදියෙකි.
ඔහු අතින් සංගීත නිර්මාණය වූ ජනප්‍රිය සරල ගී රැසකි. ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සංගීතය
සැපයූ වේදිකා නාට්‍ය අතර හෙන්රි ජයසේනගේ “හුණුවටයේ කතාව” සුවිශේෂී නාට්‍යයක් වෙයි.
ෂෙල්ටන් ප්‍රේමරත්යන් මේ වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටී.
ඔහු එරට ශ්‍රී ලාංකික දරු දැරියන්ට සංගීත
දැනුම බෙදා දෙන සංගීතවේදියෙක් බවද
කෙටියෙන් හෝ සදහන් කරමි. මේ ඔහු විසින් නිර්මාණය කළ ජෝතිපාල - ඇන්ජලින් ගැයූ ඒ
මියුරු ගීයයි.
ආලේ මිහිර
පෙන්නා - සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා
ළිහිණින් - පෙම් ගී ගයන්නා
මල් පිපිලා
තුරුලිය - මාරුතේ සැලෙන්නා... හෝ... මේ..
ආලේ මිහිර
පෙන්නා - සියොතුන් නාද දෙන්නා
පොකුණු ජලේ
සියපෙති පිපිලා දිලෙන්නා
පිල් විදහා
මොණරුන් ඒ බලා නටන්නා .. ඕ..
මුව පැටවුන් හා
රඟන නිදැල්ලේ.. ඕ..
කුරුලු කතා ඇසේ
අසල කැදැල්ලේ
ගිජිඳුන්ගෙ
ආලෙන් වන මල් සිනාසේ
ආදරේ රසේ ඒ තමා
ලොවේ
නාඹර ප්‍රේමේ
ජයකොඩි බන්දා
මේ ප්‍රේම
කිරුළ ඔබේ හිසේ පළන්දා
ජීවාභිෂේකෙන්
සැතපී විනෝදෙන්
විදිමු ජීවිතේ
ඒ අමා සුවේ...
ගීත පබැදුම:
සිසිර කුමාර මානික්කආරච්චි
ගැයුම:
එච්.ආර්.ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක
තනු නිර්මාණය
සහ සංගීතය: ෂෙල්ටන් ප්‍රේමරත්න
චිත්‍රපටය:
ගැහැනු ගැට
අධ්‍යක්ෂණය: ජ්‍යෝතීශ්
සිං සහ ටී.සෝමසේකරන්
තිරගත වූ වසර1959
කෙසේ වුවත් 60
දශකයේ ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකවරුන්ට මෙන්ම සංගීතඥයන්ටද, සිංහල ගී ගැයූ ඉන්දීය ගායක ගායිකාවන්ටද, රට තුළ විරෝධය මතු වූයේ ඉන්දීය ගායක ගායිකාවන්
විසින් සිංහල චිත්‍රපටවල කැඩුණු සිංහලෙන් ගීත ගායනා කිරීම පිළිබඳවය. එවකට මෙරට විසූ විචාරකයන්ගේ මතය වූයේ සියළුම
චිත්‍රපට ගීත දේශීය ගායක ගායිකාවන් විසින් ගැයිය යුතු බව ය. මේ හේතුවෙන් ඉන්දියාවට
ගොස් චිත්‍රපට නිෂ්පාදනය කිරීම තහනම් කිරීමේ නීති පනවන්නට එවකට පැවති රජයන්ට සිදුවිය.
ඒ හේතුවෙන්
දේශීය චිත්‍රපට අධ්‍යක්ෂවරුන් මෙන්ම සංගීත
අධ්‍යක්ෂවරුන් අතරද පිබිදිමක් ඇති විය. ඒ
නිසාම දේශීය චිත්‍රපට නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු, සහ සංගීත අධ්‍යක්ෂවරු පිරිසක්ද
මෙරට බිහි විය. මේ සංගීතඥයන්ට අනුකාරක කොපි ගීත කලාව සමග ගැටෙමින් ස්වතන්ත්‍ර නිර්මාණය කිරීමට සිදුවිය. මේ යුගයේම චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹීමත් සමගම චිත්‍රපටයේ ගී
ඇතුළත් ගී පොතක් සිනමාහල් අසල විකීණීමත්, ඒ චිත්‍රපට ගීත ඇතුළත් ග්‍රැමෆෝන් ගී
තැටි නිෂ්පාදනය වීමත් බහුල වශයෙන්
සිදුවිය.
ගුවන්විදුලියෙන් වාදනය වූයේ ද චිත්‍රපට ගීත
ඇතුළත් ග්‍රැමෆෝන් ගී තැටි ය. ඒ නිසා ම මේ ගීත බහුල වශයෙන් ජනතාව අතරට ගියේ ය. ඒවන
විටත් ජෝතිපාල යන නම ජනතාව අතර මුල් බැසගත් වූ නමක් වී තිබිමත්, හොඳ නරක කුමක්
වුවත්, ගී ඇසීමට ප්‍රිය කරන්නාවූ රසිකයෝ ජෝතිපාල ගැයූ මේ ගීත වලට තම පණ සේ ආදරය
කිරිමට පෙළඹුණහ.
60 දශකය මැද
භාගය වන විට බිහිව සිටි ෂෙල්ටන් ප්‍රේමරත්න, ආර්.ඒ.චන්ද්‍රසේන, මුත්තුසාමි,
රොක්සාමි, අමරදේව, කේමදාස, ලයනල් අල්ගම, සිසිර සේනාරත්න ආදී සංගිතඥයන්ගේ සංගීත
දායකත්වය කැපී පෙනෙන්ට විය.
සිසිර සේනාරත්න |
එහෙත් මෙකල්හි
ජෝතිපාලට ගැයීමට වැඩියෙන්ම ලැබුණේ කොපි ගීත පමණි. ඒ සියල්ලක්ම ඉතාමත් ජනප්‍රිය ගීත
බවට පත්විය. දේශීය ගායක ගායිකාවන් අතර
ජෝතිපාල සහ ඇන්ජලීන් අඩුවෙන්ම ස්වතන්ත්‍ර ගී ගැයූ ගායක ගායිකා යුවල විය.
ඒවන විටත් චිත්‍රපට
පසුබිම් ගායකයකු සහ ගුවන්විදුලි ගායන ශිල්පියකු
ලෙස නමක් දිනා සිටි සිසිර සේනාරත්න “හඳපාන” චිත්‍රපටය සඳහා සංගීත අධ්‍යක්ෂණය
කරමින් චිත්‍රපට සංගීතයට පිවිස සිටියේය. සිසිරගේ සියළුම ගී තනු ස්වතන්ත්‍ර ගී තනු විය.
ඒවා සියල්ලම ජනප්‍රිය ගී බවට පත්ව තිබුණි. සිසිර සංගීතය සැපයූ ඔහුගේ දෙවන චිත්‍රපටය
වූයේ ‘හිතට හිත” චිත්‍රපටයයි. එය තිරගත වූයේ 1965 දීය. චිත්‍රපටයේ ගිත 05 ක්
තිබුණි. එක ගීයක් ගැයීමට සිසිර තෝරාගෙන තිබුණේ ජෝතිපාල සහ සුජාතා පෙරේරා ( සුජාතා
අත්තනායක) ගායක ගායිකා යුවලය. සිසිර සංගීතය සැපයූ “හිතට හිත” චිත්‍රපටයට ඔහු තැනූ මධුර ගී තනු
අදට ද ජනප්‍රියය. ඒව වසර 45 කට වැඩි කාලයක් මෙරට ගීත ලෝලීන්ගේ තුඩ තුඩ රැව් දුන්
ගීත බවට පත්ව තිබේ. ඒ නිසා සිසිර තනු හැදූ ජෝති -
සුජාතා ගැයූ මේ ගීය අපට දැනෙන්නේ අද ඊයේ ගැයූ ගීතයක් සේ මය. ජෝති සුජාතා ගැයූ ඒ මධුර ගීය මෙයයි.
වන මලට ආශාවෙ
වන බඹරා ආවා සේ
මම ප්‍රේමී ආවා
සොයා... ඕ.. මේ.. ආවේ..
මද පවනේ
සැනසිල්ලේ ඔබ තුරුලේ නැළැවිල්ලේ
මම මිහිර
දෙන්නම් සදා
කුමුදිනිට සඳ
වාගේ හැමදාම ඔබ මාගේ
මගේ පෙම් ලොවේ
රාජයා... ඕ.. මේ.. ආවේ..
අතගන්න
සැනසිල්ලේ නැළවෙන්න සුදු වැල්ලේ
ඔබ එන්නකෝ මා
සොයා
පිළිගන්න මේ
ආලේ දැන් නේද හොඳ කාලෙ
මනරංජනී වේ
සුදා
ඔබ නේද සුර
කෙල්ල පෙම් ලෝකේ ගිනි දැල්ල
රග දෙන්න
මිහිරේ සදා
කුමුදිනිට සඳ
වාගේ හැමදාම ඔබ මාගේ
මගේ පෙම් ලොවේ
රාජයා... ඕ.. මේ.. ආවේ
සුවඳයි මලයි
වාගෙ ඔබගෙයි මගෙයි ආලෙ
පවතීවා ලෝකේ
සදා
පෙම් ලෝකෙ
සිනමාවෙ රගපාන හැම වේලෙ
සුර සිහිනෙකි
මේ සුදා...
ගීත පබැදුම:
හර්බට් එම් සෙනෙවිරත්න
ගැයුම: එච්.
ආර්.ජෝතිපාල සහ සුජාතා අත්තනායක
තනු නිර්මාණය
සහ සංගීතය: සිසිර සේනාරත්න
චිත්‍රපටය:
හිතට හිත
අධ්‍යක්ෂණය:
කිංස්ලි රාජපක්ෂ
තිරගත වූ වසර :1965
මේ ආකාරයෙන්
ජෝතිපාලගේ ආරම්භක දශකය තුළ ඔහුට ගැයීමට ලැබුණ ගීත අතර ස්වතන්ත්‍ර ගිත පහකටත් අඩු
විය. ඒසේ වුවත් ඒ සියලු ගීත එක් සේ එදා මෙදා තුර ජනප්‍රියත්වයට පත් විය. ඒසේ වුවත් ඒ ස්ව තන්ත්‍ර ගීත සියල්ලම වැටුණේ
ජෝතිගේ කොපි ගීත ගොඩටය. මේ නිසා ජෝතිපාලගේ හැකියාව පිළිබඳ නිසි විචාරයක් කෙරුණේ
නැත. ඒසේ විචාරයක් කිරීමට තිබුණ අවස්ථාවන් පවා මග හැරුණේ ඔහු ගැයූ හින්දි සහ දෙමළ කොපි ගී තනුවල තිබූ
මිහිර සංගීතය සහ ජෝතිගේ හඬෙහි තිබූ ඉන්දියානු ගායන ශෛලිය නිසා යැයි මට සිතේ.෴
ආශ්‍රිත ග්‍රන්ථ:
01.
සිංහල චිත්‍රපට ගීතාවලිය - මහාචාර්ය සුනිල් ආරියරත්න
02.
සිංහල චිත්‍රපට ගීත සාහිත්‍යය - සමන්ත හේරත්
03.
ඉන්දියානු සිනමාවේ දහතුන් වන භාෂාව - සුනිල්
මිහිදුකුළ
ඔබේ
හිතේ ජෝතිපාල පිලිබඳව විචාරාත්මක අදහසක් හෝ මේ ලියූ දේ ගැන විචාරයක් ඇත්නම්
ලියන්න. කැමති විදියට ලිවිමට ඔබට නිදහස ඇත.
කියෙව්වෙමි. ඉතිරි කොටස් බලාපොරොත්තුවෙන් සිටිමි....
ReplyDeleteහසිත
Deleteහරි තව ඉදිරියට සෑහෙන්න දිගයි තව කොටස් 35 ක් විතර තියේවි.
පෝස්ටුවට ස්තුති..
ReplyDeleteකවුරු මෙනව කිව්වත් බොහෝ වර්ථමාන තරුණයන්ට අහන්න කියල ගීත තියෙන්නේ, මිල්ටන්/ජෝති/ ඇතුලු පරණ පිරිසකගේ තමයි.
සෑම්..
Deleteමේවා සදාකාලික ගීත ඒකයි. තව පරම්පරා ගනනක් යනකල් මිනිස්සු කැමති.
ඊලග ටිකත් ඉක්මනට දාන්න..
ReplyDeleteෂෙල්ටන් සර්ගෙං සංගීතය ඉගෙන ගන්න මටත් වාසනාව ලැබුනා..
හැබැයි ඉගෙන ගන්න එකනං පට්ට අමාරු වැඩක්...
තරියා..
Deleteඊළග ටික ඉක්මනට දාන්න උත්සාහ කරන්නම් ඒත් කොටස් 35 ක් විතර තියෙනවා. ෂෙල්ටන් ප්‍රේමරත්ව වගේ කෙනෙක්ටගේන සංගිතය ඉගනගත්තා කියන එකත් සතුටක්
පළමුවරට කමෙන්‍ටුවක් දමමි.
ReplyDeleteඔබේ ලිපි මාලාවේ අන්තර්ගතය පෙර ලිපියකින් දුටිමි.
හින්දි අනුකාරක ගීත ලිපිය පැමිණෙන තුරු ආශාවෙන් බලාසිටිමි.
ස්තුතියි!
රැස්..
Deleteපළමුව පැමිණි ඔබව සාදරයෙන් අස්වැන්නට පිලිගන්නවා.
ජෝති 56 -66 දහකයේ ගැයූ හින්දි අනුකාරක ගී අහන්න ලබන සතියේ එන්න
ඇත්තටම වටිනා ලිපියක්....
ReplyDeleteඇත්තටම ජෝති මිල්ටන් අමරදේව වගේ අය හිටියේ නැතිනම් ඇද රිගින් ටොන් ඇත්තෙත් නෑ.. කඩන් වැටෙන තරු ඇත්තෙත් නෑ.
සිංහල ගීතය පෝෂණය කල සියලුම කලාකරුවන්ට මගේ ශිර්ෂ ප්‍රණාමය
සුදා මල්ලි..
Deleteලෝකයේ වගේම ලංකාවෙත් හොඳම නිර්මාණ බිහිවුනේ 1960 -1990 දශක තුනේ. ඒවා තමයි අද වෙළඳ භාණ්ඩ වෙලා තියෙන්නේ.
ඔබ සඳහන් කලා වගේ ජෝතීගෙ මුල් කාලේ ගීත බොහෝමයක් හින්දි තනු ඔස්සේ හැදුන ඒවා. නමුත් පහු කාලීනව ජෝති ගයාපු ගීත නම් කවදාවත් මතකයෙන් බැහැර වෙන්නේ නෑ. විශේෂයෙන්ම සංගීතා චිත්‍රපටියේ ගීත
ReplyDeleteඉතිරි කොටසත් කියවන්න ඉතා ඕනෑ කමින් බලාගෙන ඉන්නවා
ළිහිණි..
Deleteජෝතිගේ 70 දශකයෙන් පසු ගිත සියල්ල සරත් දසනායක, කේමදාස,වගේ අය හදපු සිංදු නිසා ඒවා ලස්සනයි. එක දිගටම නැතත් වරින්වර ජෝතිගේ ඔබ ඇසූ මෙන්ම නෑසු ගීතද ඉදිරියේදි අහන්න පුළුවන්.
අද එන බොහෝ ගී දිනකින් දෙකකින් “කෘතිමව ජනප්‍රිය වෙලා“ , චාර්ට් ෂෝ එකට නැඟල ...ආයෙත් නොඑන්නම බැහැල යත්දි , ජෝතිපාල , සිසිර සේනාරත්න වැනි “ගායකයින්“ ගේ ගී ජනප්‍රිය වුනේ , ඒ ගී මිනිසුන්ගේ හදවත් තුලට කිදා බැසගත් නිසා , ඒ කිදා බැසගත් රස , නැවත් නැවත් මතු කරමින් , කළතමින් අපේ සිත් තුලින් ඒ ගී හඩ නැවත අසන්නට මග හසර පෙන්වන ඔබට තුති
ReplyDeleteමහේෂ්..
Deleteජෝති, සිසිර වගේ අය හිංදි කිව්වෙත් අපේ සිංහල විදියට ඒ නිසා ඒවා හින්දි වලට වඩා ජනප්‍රියයි.හොඳම ගිත ටික කව ඉදිරියට තමයි තියෙන්නේ.
ගොඩක් වෙලාවට ජෝතිපාලයන්ගෙන් ඇහෙන්නේ හින්දි තනු වලට ගැයෙන ගීතමයි.. අදත් වටිනා විස්තරයක්..
ReplyDeleteදිනේෂ්..
Deleteහින්දි වුණත් මාර රසට හදපු ගී තනු. ඒ හින්දි ගීතනු අද හින්දිවලත් නෑ.
කොමෙන්ට් නොකලට ඔබේ ලිපි මාම හැමදාම කියවනවා..
ReplyDeleteජෝති ගැන ලියනවට ඔබට පින්...
මාතලන්..
Deleteකමෙන්ට් නොකලත් කමක් නැ ඇවිත් කියවන්න. මේවා සදාකාලික ගීත
ජෝතිපාලට වගේම ,සිසිර,ෂෙල්ටන් ,යන මහත්වරුන්ටද ලංකාවේ නිසි ඇගයීම නොලැබුනා කියලයි හිතෙන්නෙ.
ReplyDeleteෂෙල්ටන් ගේ අර වැදි භාෂාව උපයෝගී කරගෙන හදල තියෙන් ගීයනම් හරිම ජීවී ගුනයක් තියෙන්නෙ. "මාමිනි මමිනි මා ගොය්යා..." මේ මිනිස්සු රට හැර යන එක අහන්නත් දෙයක්ද..?
වීපොකුර..
Deleteඇත්තටම ජෝතිපාලගේ ගිත ඒ යුගයේ නිසි විචාරයකට ලක් වුනේ නැහැ. ඒවගේ ඉතාම විශිෂ්ඨ සංගිතඥයෙකු වූ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් පිලිබඳවත් නිසි ඇගැයුමක් ලැබුනෙ නැති කලාකරුවෙක්.
වෙනදා වගේම වැදගත් ලිපියක් ,ඉස්තුතියි පල කලාට ....!!!!
ReplyDeleteරොබින්..
Deleteස්තූතියි ඔබට
ආපහු මේ ලිපි පෙළ පටන් ගත්ත ඒක ගැන බොහොම සතුටුයි. අද ගීත නම් මම කලින් අහල තියනවා :)
ReplyDeleteමේ කියපු ගොඩක් කොපි සින්දු ලස්සනයි තමයි. මම ඉස්සර හිතාගෙන හිටියේ ඒවා කොපි නෙමෙයි කියලා. පහු පහු වෙද්දී අදාළ හින්දි සින්දු ඇහෙන්න ගත්තම තමයි තේරුනේ කොච්චර ප්‍රතිශතයක් එහෙම ඒවා තිබිලද කියලා...
සයුරි...
Deleteඇත්තටම මේක එක දිගට ලියන්නෙ නැත්තේ කියවන අයටත් කම්මැලි කමක් ඇතිවන නිසා. ඒ නිසා වෙනත් දේවල් ලියන ගමන් වෙනස් ඒවා ලියන ගමන් මේක ලියනවා.
ජෝතිපාලගේ ගීත වලින් 80% ට වැඩි ප්‍රමාණයක් හින්දි කොපි ගිත. ඒවා ගැන ඉදිරියේදි වෙනම ලියනවා.
අපුරුයි ලිපිය සහෝ,,හැමදාමත් යහපත් දේම ලියන්න ලැබේවා! :) ඔබට ජය! :)
ReplyDeleteහිරු හිමාවි..
Deleteස්තූතියි අගැයුමට
පරණ වෙන්න පරණ වෙන්න ජෝතිගේ ගීත අලුත් වෙනව කියල හිතෙනවා . "වනමලට ආශාවේ "ගීතයත් මම ආසම කරන ගීතයක් . ඔබගේ මේ ලිපි මාලාව හරිම ආසාවෙන් කියවන්නේ .
ReplyDeleteමෙහි අන්තර්ගත සමහර විස්තර මුල් වරට දැනගන්නට ලැබුනෙ ඔබෙන් . බොහොම පිං ඔබ මේ කරන සේවයට .
ගිම්හානි..
Deleteජෝති ගැයූ ගීවල තිබූ මිහිරි බවත් ඒවා සර්වකාලීන ගිත විමත් නිසා අදට ද වලංගු ගීත ඒකයි මේ ගී තවම නොනැසී පවතින්නේ.
මම මේක ලියන්නෙත් සෑහෙන සුදානමකින්. මොකද හින්දි සහ දෙමළ කොපි ගිත වෙනම හඳුනාගැනිමත් ස්වතන්ත්‍ර ගිත හඳුනාගැනිමත් අපහසුයි. අනික මේ ගිත ලියු සහ සංගිතය සැපයු සංගීතඥයින් ගැන විස්තර ඇත්තේම නැහැ.
ජෝතිපාල ගැන වෙනස් විදිහට ලියැවුනු මේ ලිපි පෙල කියවන්න එන්නෙ හරිම ආශාවෙන්..
ReplyDeleteඔබගේ මහන්සිය බොහෝ සේ අගයමි..
රු..
Deleteස්තූතියි . අගැයුමට ලක් නොවුන ශිල්පියෙක් පිළිබඳ කතාබහක් ගොඩනැගීමත් සතුටක්.
ආ.. ඒත් මම බැලුවා ජෝතිගැන කලින් ලියන්න පටන් ගත්තු ලිපි පෙළට මොකද වුනේ කියලා.. වෙනදාමත් වගේ සෑහෙන මහන්සිවෙලා ලියපු ලිපියක්...
ReplyDeleteමේ දවස් වල රූපවාහිනී වල ගායන තරු වැඩසටහන් වල වුණත් අධුනික ගායකයන් අතින් වැඩියෙන්ම ගායනය වෙන්නෙත් ජෝති ගැයූ ගී තමා. ඒකෙන්මෙ පේනවනෙ ඒ ගීත වල ජනප්‍රියතාවය...
තොටියා..
Deleteමේක එක දිගට ලියන්නෙ නැත්තේ කියවන අයටත් කම්මැලි කමක් ඇතිවන නිසා. ජෝතිපාල වුණත් එක දිගට ලිව්වාම කාටත් එපා වෙනවා. ඒ නිසා ටිකක් වෙනසකට ලක්කර වෙනත් දේවල් එක්ක ලියනවා.
මේ සිංදු දෙක හා පෝස්ට් එක ගොඩක් වටිනවා. සිංදු අසා තිබුනාට ඒවාට පදනම වැටුන හැටි ඇතුලත් චිත්‍රපටය වගේ විස්තර දැන සිටියේනෑ. ඒ නිසයි මෙය වැදගත්.
ReplyDeleteප්‍රියන්ත..
Deleteජෝතිගේ බොහෝ ගිත සිනමාවට සම්බන්ධ නිසා ඒ ගැන තොරතුරුත් හොයන්න වෙනවා. එතකොට සිනමාවයි. ජෝතිපාලයි සම්බන්ධකර ලියන්න වෙනවා.
හ්ම්ම්ම්ම් බොහොම රසවත්ව ලියා තිබෙනවා. මට නම් මෙය ගැන කියන්නට දෙයක් දන්නේ නැහැ මම නොදන්නා යමක් දැනගන්නවා විතරයි.
ReplyDeleteකෝරලේ මහත්තයා..
Deleteඇත්තටම මමත් ජෝතිගේ ගිත ගැන දන්නෙ ටිකයි. ඒ දන්න ටික තමයි මේ ලියන්නේ
ඔබට එය ටිකක් වූවාට අපිට නම් එය දැනුම් සම්භාරයක්ය. ඊළඟ පොස්ට් එක ඉක්මනින්ම දාන්න බලන් ඉන්නවා එතෙක්
Deleteහරිම රසවත් වගේම වටින ලිපියක්.. ගොඩක් ස්තුතියි අය්යේ මේ හැම ලිපියකටම.
ReplyDeleteදඟකාරි..
Deleteස්තූතියි ඔබට
ඉතිහාසයේ නිසි විචාරයක් නොලබා මිය ගිය ජෝති ගැන ලිවිම අගෙයි . .
ReplyDeleteබින්දි...
Deleteඇත්තටම ඔහුගැන නිසි විචාරයක් නොවුනේ එකල හිටි විචාරකයන්ගේ වරදින්. කේමදාසයන් මේ විචාර කලාව වෙනස් කර ඔහුට නිසි තැන දෙන්න සෑහෙන්න වෙහෙසක් ගත්තා. කේමදාසයන් මියෙන තෙක්ම ඔහු ජෝතිපාල වෙනුවෙන් පෙනී හිටියා.
ෂෙල්ටන් ප්‍රේමරත්න පදිංචි සිඩ්නිවල කියායි මා නම් දන්නේ. ඔහු පුත් අග්‍රා ද ඉන්නේ ඒ පලාතේය.
ReplyDeleteකතන්දර කාරයා...
Deleteඔබ නිවැරදියැයි මමත් හිතනවා. මේ පෝස්ට් එක ලියද්දි ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ට මොකද වුනේ කියලා හොයන්න හිතුන නිසා ක්සේත්‍රයේ දන්න කියන කිපදෙනෙකුගෙන් විමසා සිටියා. හැමෝම කිව්වේ ඕස්ට්‍රේලියාවේ පදිංචි වි සිටින බව ඔහුගේ පුතා අග්‍රා ප්‍රේමරත්න සමග. ඒ මෙල්බර්න් කියලා කීපදෙනෙක් කිව් නිසා සටහන් කළා. නිවැරදිම තොරතුර සැපයුවාට ස්තූතියි.
මේ දවස් ටිකෙ බ්ලොග් කියව්වට කමෙන්ට් දාන්න ඉඩක් ලැබුනේ නෑ වෙනදා වගේම හොඳ වැදගත් ලිපියක්. හිතෙන්නෙ නැද්ද මේ ලිපි ටික එකතු කරලා පොතක් මුද්‍රනය කරන්න.
ReplyDeleteලොකු ජෝන්...
Deleteඇත්තටම මටත් මේ ටිකේම එහෙමයි. සෑහෙන්න කර්ය බහුලයි. බලාගෙන ගියාම අපි සියලුදෙනාම මුහුණ දෙන්නෙ කාලයත් එක්ක කරන තරගයකට.
මේ ලියපු සියලුම පෝස්ට් අතරින් තෝරාගත් ලිපි එකතුවක් මුද්‍රණය කරන්න කරන්න හිතේ තියනවා. බලමු ඉදිරියේදි.
වටිනා ලිපියක්...වැඩේ කියන්නේ දැන් ඉන්න ආධුනික ගායකයෝ ජෝතිපාල මහත්මයාගේ ගීත විකුණගෙන කන්න පටන් අරන් තියන එක.අපරාදේ සින්දු ටික.දැන් මිනිස්සු ඉල්ලන්නේ ජෝති මහත්මයාගේ ගීත අර ගායකයාගේ නමින්.අපරාදේ දුකයි..
ReplyDeleteරෙහානි..
Deleteඔබ මුලින්ම අස්වැන්නට සාදරයෙන් පිළිගන්නවා.
ජෝතිපාලගේ ගිත වෙනත් ගායක ගයිකාවන් ගැයුවත්. සුපර් ස්ටාර්ස් වැඩසටහන්වලදි ගැයුවත් ඔහුගේ හඬට අභියෝග කරන්නවත්, අභිබවා යන්නවත් කිසිවකුටත් බැහැ.
ඒත් බැලුවා ජෝති කොයිද කියලා. කිව්වත් වගේ ඔහුගේ ස්වතන්ත්‍ර ගීත මොනවද කියල වෙන් කරගන්න අමාරුයි. ඒ ගීතවල තනුත් හින්දි ගී තනු වගේම නිසාද මන්දා. ඔය දීල තියෙන සිසිර සේනාරත්න මහත්තගෙ නිර්මාණයත් මේ කියනකල් හිතං හිටියෙ හින්දි එකක් කියල.
ReplyDeleteමා ගාව තිබුණා ගීත් මධුර් කියල පරණ හින්දි ගීත හය හත්සීයක එකතුවක්. දවසක් ඔය සින්දු ටිකක් වාදනය වෙද්දි යාළුවො කීප දෙනෙක් සප්පායම් වෙමින් හිටියෙ. යාළුවො කීපදෙනෙක්ම අර හින්දි ගීතවලට පුදුම වුණා. මොකද ඒව සේරම වගේ ජෝතිගේ හඬින් කලින් අහල තියෙන ඒව. නමුත් හින්දි අනුකරණ කියල දන්නෙ නෑ.
හරේෂ්..
Deleteජෝතිගේ ගීවල ස්වතන්ත්‍ර නිර්මාණ සහ කොපි ගීත හඳුනා ගැනිමම තමයි මටත් තියෙන අභියෝගය. මොකද හින්දි ගී තනු වල තිබුන කර්ණරසායන බවත්, මධුර බවත් නිසා ඒවා අපේ ගිත බවට පත්වෙලා..
ජොතිපාල මහත්මයා එතුමාගෙ වටිනකම එතුමාවත් දැනගෙන නොහිටිය කෙනෙක්..
ReplyDeleteගොඩාක් ස්තූතියි මේ වටින ලිපි අප අතර මතක සටහන් තබනවට.. :)
නන්දු..
Deleteඇත්තටම ජෝතිපාල ඔහු ඔහු ගැනවත් හඳුනාගෙන තිබිල නෑ. ඔහුට තිබුණ නොතිත් ආශාව වෙන්න ඇත්තෙ ගී ගැයීමයි. ස්තූතියි ඔබට
අපේ තාත්ත දාන්නෙ ජොති පාලගෙ සින්දුමනෙ අනේ හිටියම පොඩි ආතල් එකකුත් තියනව ඒවල
ReplyDeleteයසිරුරන්සර..
Deleteජෝතිගේ ගී ඇහෙන වෙලාව සහ ස්ථානය අනුව පොඩි වින්දනීය වෙනසක් දැනෙනවා. ස්තූතියි ඔබටත්.
වටිනා සටහනක්... ඒ වගේම ලස්සන සිංදු දෙකක්....කලින් අහලා තිබුනේ නෑ.
ReplyDeleteඒ කියන්නේ වනමලට ආසාවේ සංගීතය හින්දි එකකින් ගත්තු එකක් නෙමේද? මට අහනකොට හිතුනේ එහෙමයි.
'ආලේ මිහිර පෙන්නා' සිංදුව ගොඩාක් පරණ එකක්නේ. ඒ උනාට හරිම ලස්සනයි. ඒ දෙන්නාගේ හඬවල් දෙක නියමෙට ගැලපෙනවා.:)
පොඩි..
Deleteමේ ගිත අහලා නෑ කිව්වාම පුදුමත් හිතුනා..
වනමලට ආහාවේ. ගීය ඔර්ජිනල් නිර්මාණයක්. හින්දි කොපියක් නෙවෙයි. ඒ ගීතනුව ඉතාමත් ශ්‍රාස්ත්‍රීය මට්ටමක තියෙ නිසා ඒකාලෙ හින්දි ගී වගේ පේනවා. මේ බොහෝ ගිත වසර 40කට වඩා පැණියි.
අමර පෙම් ලතාවේ ගීතය ( ජෝතිපාල සහ ඇන්ජලින් ගයන ) ස්වතන්ත්‍ර එකක් නෙවෙයිද? කමක් නැහැනේ නොදන්න දෙයක් ඇහැව්වට...
ReplyDeleteපහුගිය දවස්වල ජෝතිපාලගේ වටිනා ලිපි වගයක් ඉරිදා ශ්‍රී ලංකාදීප පත්තරයේ පළවුනා.
නීතා..
Deleteඅමරපෙම්ලතාවේ ජෝතිපාලගේ ස්වතන්‍ත්‍ර නිර්මාණයක්. ඒ ගීය ඇතුලු තවත් හොඳම ගී රැසක්
තියෙනවා ස්වතන්ත්‍ර ගී තනු. මම මේක තවම ලියන්නේ 1966 දක්වා කාලයට අදාලව අපි 70 දශකයේ දී ජෝතිගේ ගී ගැන මේ ගීයත් එක්ක කතාකරමු.
මට මතක විදියට තවමත් ලංකාදීප ඉරිදා පත්තරේ පුංචි සටහනක් යනවා
පමා වෙලා හරි මේ පැත්තෙ එන්න ලැබුණට සතුටුයි... කමෙන්ට් කරන්න නොලැබුණත් හැම ලිපියක්ම බලනවා අයියේ... අගටන්නා ලිව්වෙ ඔයා කියල දැන ගත්තම පුදුමෙකුත් සතුටකුත් දැණුනා... ෂෙල්ටන් ප්රේාමරත්නයන් ගැන කියවද්දි මගෙත් මතකයක් අළුත් උණා... ඒ ගැන මගේ බ්ලොග් එකේම ලියන්නම්කෝ.....
ReplyDeleteඅපේ පවුලම ජෝතිපාල මහත්මයගෙ ගීතවලට කැමතියි... ඉතින් ඒ නිසා මේ ලිපි පෙළ හරිම වටිනවා...
ඒ ලිපිය නත්තල් කිට්ටු කරලම ලියන්නම්... නත්තලට තමයි වඩාත්ම ගැළපෙන්නෙ....
ReplyDeleteතරු රසී..
Deleteඇත්තටම හොද වැඩක් වේවි. මොකද මේ ලංකාවෙ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් නිසි ඇගයුමට ලක් වුනේ නැහැ. අවිවේකයෙන් හරි ඇවිත කියවනවාට ස්තූතියි
ඔඹ අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා කියලා දන්නවා, තවත් අපි වෙනුවෙන් දිගටම ලියන්න අපි එනවා බලන්න
ReplyDeleteඅටම්පහුර....
Deleteස්තූතියි සහෘද ඔබට
පෙර පෝස්ටුවට ලින්කුවක් දමා සියලුම ඒවා යා කරානම් හොද නැත්ද?
ReplyDelete