චිත්‍රකතා කලාවේ ඇස
රැඳුන මොහොතක්...
අස්වැන්න තුළින්
හැමදාමත් කතාබහට ලක් වුණේ ගීතය, කවිය, සිනමාව, සාහිත්‍යය වැනි කලාවේ සොඳුර ඇස ගිය,
හිත ගිය තැන්වල අත්විඳින ලද සුන්දර තම අත්දැකීම්. ඒ නිසා ම අද මගේ සටහනට
එකතු වෙන්නෙ මෙතෙක් කිසිවකු විසින් හෝ කතාබහට ලක් නො කල ක්ෂේත්‍රයක් වූ ලංකාවේ චිත්‍රකතා කලාව පිළිබඳව ය. චිත්‍ර කතා කලාව පිලිබඳව මේ සටහන තැබීමට විශේෂ හේතුවක් වුයේ මේ දිනවල කොළඹ 07, ජාතික කලා භවනේ (ART
GALLARY) අපූර්ව
සිත්තරකුගේ අපූරු සිත්තම් පෙළක ඇස රැඳුන
හෙයිනි.
මේ සිතුවම් දැක්ම
නම් කර තිබෙන්නේ "අනුරාලෝකය" නමින්. ලංකාවේ චිත්‍රකතා ක්ෂේත්‍රයේ
දැවැන්ත චරිතයක් වූ අනුර ශ්‍රීනාත් සිත්තරා විසින් තිස්තුන් වරසරක් පුරා සිය තෙළිතුඩින් මැවූ අපූර්ව සිතුවම්
අවලෝකනයක් මේ සිතුවම් දැක්මට පාදක වී තිබුණි.
අනුරගේ තෙලිතුඩ මැවූ සිතුවමක් |
සිත්තරකු ලෙසින් අනුර
ශ්‍රීනාත් චිත්‍රකතා කලාවට පිවිසෙන්නේ 1970 දශකයේ අග භාගයේ දී ය. ඒ චිත්‍රකතා පත්තරවල චිත්‍රකතා අඳින්නෙකු
ලෙසිනි. ඒ යුගය ලංකාවේ චිත්‍රකතා පත්තර
කලාව සුවිශේෂ කලාංගයක් ලෙස මනාව වැඩෙමින් තිබූ යුගයකි. එහි 1980 – 90 දශකය ලංකාවේ චිත්‍රකතා පාඨකයන්ගේ ස්වර්ණමය යුගයක් බඳු
විය.
1980 - 90 දක්වා දස
වසරක කාලය තුළ බිහිවූ චිත්‍රකතා පත්තර ආරම්භ වන්නේ ලේක් හවුස් ආයතනය ලංකාවේ
පළමු වරට මුද්‍රණය කළ සතුට චිත්‍රකතා පත්‍රයෙනි.
අනතුරුව මධුර, චිත්‍රමිත්‍ර, සුහද, සිත්තර , සත්සිරි, දසුන, ආදි චිත්‍රකතා පත්තර පෙළක්
මෙරට බිහිවිමත් සමගම චිත්‍රකතා පත්තර කලාව ලාංකීය පාඨකයන්ගේ වින්දනීය අත්දැකීම්
නවමු ඉසව්වක් කරා යොමු කිරීමට සමත් විය.
ඒ වගේ ම මේ සියළු
චිත්‍රකතා පත්තර වලට සිතුවම් ඇන්ද සිත්තරුන් අතර, බලංගොඩ සරත් මධු, වික්‍රම,
කැමිලස් පෙරේරා. උදයකාන්ත වර්ණසුරිය (චිත්‍රපට අධ්‍යක්ෂ), බන්ධුල හරිශ්චන්ද්‍ර,
දයා රාජපක්ෂ, සුමතිපාල - ජෝතිපාල, අනුර ශ්‍රී නාත්, සුසිල් ප්‍රේමරත්න ( ගායන ශිල්පී), සහ ජැක්සන්
ඇන්තනී (රංගන ශිල්පී, චිත්‍රපට අධ්‍යක්ෂ) ආදී නිර්මාණාත්මක සහ කලාත්මක ඇසක් තිබුණ
කලාකාමී සිත්තරුන් පිරිසක් සිටියහ. එ පමණක් නො ව ඔවුන් අත තිබූ මෙම චිත්‍රකතා කලාව
රසවින්දනයේ අලුත් මාවතකට ප්‍රේක්ෂකයා කැඳවාගෙන යාමට මේ චිත්‍රකතා පත්තර සමත් විය. ඒ චිත්‍රකතා සඳහා තේමාවන් වූයේ ද, ආදරය, ප්‍රේමය,
විරහව, ත්‍රාසය, භීතිය, හාස්‍ය සහ වීරත්වයයි.
සිනමාව සේ ම චිත්‍ර
කතාව තුළ ද රැඳී ඇත්තේ එකම ආකාරයේ නිර්මාණාත්මක අත්දැකීම් ය. එහි චරිත රැඳෙන ආකාර විචිත්‍ර ය. සිනමාව තුළ
චලන චිත්‍ර දැකිය හැකි මුත් චිත්‍ර කතාව සඳහා අදින චිත්‍රය ද රූප රාමුවෙන් රාමුවට
චලනය වන හැටි ප්‍රෙක්ෂකයාට මනෝ චිත්‍රයක් මගින් මවා දෙන්නේ චිත්‍ර ශිල්පියා
විසිනි. එහි දෙබස් ඇත. චරිත ඇත, සිනමා පටයක දක්නට ලැබෙන සංගීත රසය හැර සෙසු සියළුම
රස චිත්‍ර කතාවෙන් පාඨකයාට ලබා දෙයි. සිනමා පටයක දක්නට ලැබෙන චලන චිත්‍රයේ සමීප
රූප, දුරස්ථ රූප ආදිය චිත්‍ර කතාවේද එලෙසම දකින්නට හැකිය.
චිත්‍රකතා පොතෙන් |
ඒ නිසා ම සිනමා
පටයක් නිර්මාණය කිරීමට පෙර එහි ස්වභාවය හා චරිත පෙළ ගැස්වීම චිත්‍රපට අධ්‍යක්ෂ
වරයා විසින් චිත්‍රකතාවක් බවට පරිවර්තනය කර ගනී. චිත්‍රපටයේ දල සැකැස්ම සකස්කර
ගනී. මේ අපූර්වත්වය නිසා බිහිවූ චිත්‍රකතා කියවන්න පාඨකයෝ පුරුදුවෙලා හිටියා. ඒ නිසාම සිනමාවෙ මෙන් ම
චිත්‍රකතා වලද වීරයෝ මෙන්ම ප්‍රේමණිය චරිත
ද බිහිව තිබුණි.
මේ අයුරින් ගොඩ නැගුණු චිත්‍ර කතා පත්තර කලාව බිඳ වැටීම
ආරම්භ වූයේ 1990 මැද භාගයේ දීය. ඊට බලපෑ හේතු කීපයකි. චිත්‍රකතා ප්‍රකාශන මුවාවෙන් අසභ්‍ය පුවත්පත්
කලාවක් රට තුළ බිහිවීම, කිසිඳු ප්‍රමිතියකින් තොරව චිත්‍රකතා බිහිවීම, උසස්
නිර්මානාත්මක අත්දැකීම් වලින් කතා පුවත් නොතිබීම , ආදී මෙකී කාරණා මෙන් ම ලංකාව
තුළ විද්‍යුත් මාධ්‍යයක් ලෙස රූපවාහිනිය ස්ථාපනය වීමද මෙකී චිත්‍රකතා කලාව දශක දෙකක් වැනි කෙටි කාලයක්
තුළ දී අභාවයට යාමට තුඩුදුන් කරුණු කාරණා ය.
1990 දශකයේ මැද
භාගයේ බිඳ වැටුණු චිත්‍රකතා කලාව මේ වන විට සති අන්ත හෝ සතියේ ජාතික පුවත්පතක කුඩා
තීරයකට පමණක් සීමා වී ඇත. එහෙත්, තවමත් ලෝකයේ ප්‍රචලිත කලා මාධ්‍යයක් ලෙස වර්ධනය
වෙමින් පවතින කලා මාධ්‍යයක් ලෙස චිත්‍රකතා කලාව පුවත් පත් වශයෙන් නොවුන ද, චිත්‍රකතා
පොත් වශයෙන් ලෝකයේ හොඳ වෙළඳ පොළක් නිර්මාණය කර ගෙන සිටී. සුපර් මෑන්, බැට්මෑන්, ඩ්‍රැකියුලා,
වැනි චිත්‍ර කතා සේ ම ටිං ටිං, සූර පප්පා වැනි
කාටූන් රැගත් චිත්‍රකතා පොත්වලට අද දවසේ ද
මෙරට වෙළඳ පොළ තුළ ද හොඳ ඉල්ලුමක් තිබේ.
එවන් වූ යුගයක අනුර ශ්‍රීනාත්ගේ “අනුරාලෝකය” සිතුවම් දැක්ම
චිත්‍රකතා පාඨකයන් නැවත ඒ යුගයට කැඳවීමට ගත් වෙහෙසකි. අනුර ශ්‍රීනාත් චිත්‍ර ශිල්පියාද මා මුලින් සඳහන්
කළ සියළුම චිත්‍රකතා පත්තර සදහා චිත්‍රකතා නිර්මාණය කළ ශිල්පියෙකි. ආරම්භක යුගයේ
අනුරගේ චිත්‍රකතා කලාව තුළ ඔහුගේ ඇස මෙන්ම තෙළිතුඩද රැඳුනේ වීර කතා කෙරෙහිය. අනතුරුව ඔහුගේ ගමන් මග
ආන්දෝලනාත්මක ස්වරූපයෙන් වෙනස් විය. චිත්‍ර කතා කියවන පාඨකයා තුළින් ම සමාජය නැවත
ප්‍රශ්න කිරීම ඒ චිත්‍ර කතා මගින් දක්නට ලැබුණි.
අනුර සිය
තෙළිතුඩින් ලෝකය දකින හැටි මෙන් ම ලෝකයට ආදරය කරන සැටිත්, ඒ මගින් පාඨකයාට තමා
ආදරය කළ ලෝකයට ආදරය කරන්නට කියා දෙන හැටිත් අගනේ ය. ජීවන අරගලයේ යෙදෙන පීඩිත
දනන්ගේ දුක්ඛිත ජීවිත ලෝකයට විවර කරමින් විටෙක දේශපාලන අරගලයක නියැලෙමින් ද සිය චිත්‍රකතා මෙහෙය වන්නේ කවිය ගීතය, සිනමාව මෙන් ම චිත්‍රකතාවෙන් ද සමාජය
යහපත් තැනකට කැඳවීමේ අරමුණින් යුතුව ය. මෑත යුගයේ අනුර අතින් නිර්මාණය වූ “ එන්න
එපා කෝච්චිය, ඉස්කෝලේ යන්න පුතේ, Cellපෝං, Conදා” ආදී චිත්‍රකතා ඊට හොඳම නිදසුන් ය.
චිත්‍ර කතාව අනුරගේ
කාටූනය ද සමාජ යහපතට යොදා සමාජය උඩු යටිකුරු කිරීමත්, සමාජයේ සුදු චරිත
කලු චරිත ලෙසින් පාඨකයාට වටහා ගැනිමට ඉඩ හැරීමත් අනුරගේ කාටූන් සිතුවම් වල මෙන්ම
චිත්‍රකතාවල ද දැකිය හැකිය. ඔහුගේ තෙළිතුඩෙහි රැඩිකල්
බව විටෙක මේ සමාජයේ කලු පැහැය පාඨක ඇසට යොමු කරයි. ඒ කණපිටෙහි නො පෙනෙන, ගැඹුරු
පත්ලෙහි සැගව ඇති දේ එහි ගැඹුරු පත්ලටම කිඳා බැස පතුලේ සැඟව ඇති අරුත සොයා යන චිත්‍ර කතා කලාව සහ කාටූන් කලාව තුළ ඔහුගේ
තෙළිතුඩ රැඳී ඇත.
ඒ නිසා ම වර්තමානයේ චිත්‍රකතා පත්තර කෙරෙහි පාඨක නැඹුරුවක් නැතත්
තිස්තුන් වසරක් පුරා ඔහු විසින් අඳින ලද
චිත්‍ර කතා අතරින් චූටි පුතාගෙ ලොකු කතා, එන්න එපා කොච්චිය, ඉස්කෝලේ යන්න පුතේ, Cellපෝං, ආදී චිත්‍ර කතා පොත් වශයෙන් ප්‍රකාශයට
පත් කර ලංකාවේ චිත්‍ර කතාද පොත් නැවත පාඨක අවධානයට යොමු කරවන්නේ සැගව ගිය චිත්‍රකතා
කලාව නැවත පාඨකයා වෙත කැඳවීමට ය. කෙසේ වුවද අනුරගේ චිත්‍රකතා සහ කාටූන් සිතුවම්වල පිළිබිඹු වන පීඩිත ජනතාවගේ වේදනාකාරී ජීවිත
සමාජයට මුදාහැර දක්වන්නේ චිත්‍ර ශිල්පයද කලාවේ මිහිර බෙදා දෙන සැඟව ගිය මාවතක්
නැවත එලිය කරමිනි. ඔහුගේ මේ “අනුරාලෝකය” සිතුවම් දැක්ම නූතනයට වැදගත් වන්නේ ඒ
නිසාය .
අනුරගේ සිතුවම්
කලාව එහෙමය. එසේ වුවද අස්වැන්න කියවන ඔබ මෙහි රැදෙන්නේ ගීතය පිලිබදව වැඩිපුර කතාබහ
කරන බැවිනි. ඒනිසා අද දවසේද ගීයක් රසවිඳීමට ඉඩදීම මගේ අපේකෂාවයි. චිත්‍රකතාව ගීතය
සම්බන්ධ කිරීම ගැටලුවක් බව ඔබට සිතෙනු ඇත. ඒ වුවද එය එසේ නො වේ. චිත්‍රකතාව ද
ගිතයට බෙහෙවින් සමීපය. ලංකාවේ චිත්‍රකතා පත්තර ඉතාමත් ජනප්‍රිය වූ යුගයේ චිත්‍රකතා
ඇසුරින් ගීත ගණනාවක් බිහිවිය. මතකයෙන් මග හැරුණත් ඒ ගීත ඉතාමත් මධුර ගීත බව මෙහිලා
සදහන් කරමි. ඉතාමත් ජනප්‍රිය චිත්‍ර කතාවක් ඇසුරින් නිර්මාණය වූ මේ ගීතය අසන්නට
ඔබට අරැයුම් කරමි. ෴
ඉතිං ඊට පස්සේ ඔබේ
රන් පිළි රූ
පාට පාට දේදුනු සේ මා
සිසාරා
මහද මැණික් පහනක්
වූවා
ඉතිං ඊට පස්සේ...
ඉතිං ඊට පස්සේ ප්‍රාර්ථනා
වැස්සේ
කුරුලු පියාපත් හිස
මැවුණා සේ
ගියෙමු පියාඹා දුර
ආකාසේ
දේදුනු කැලුම් පෙම්
සුවඳ විජිතයේ
ආනන්දනීය ආදරේ..
ඉතිං ඊට පස්සේ සිතක
කඳුළු වැස්සේ
ඈත රටක පාලුව දැන්
නැතුවා
අරුණු උදාවෙන් අප
හිනැහෙනවා
කඳුළින් සිනාවෙන්
ජය ගනී ප්‍රියේ
ආනන්දනීය ආදරේ..
ගැයුම: ආචාර්ය
වික්ටර් රත්නායක
ගේය පද : ආචාර්ය
අජන්තා රණසිංහ
සංගීතය: ස්ටැන්ලි
පීරිස්
ඔබේ වටිනා කාලය
බිදක් වැය කර ගී රස විඳිමින් කියෙව්වාට
ස්තූතියි. වෙලාවක් ඇත්නම් ලංකාවේ
චිත්‍රකතා කලාව ගැන හෝ මෙහි ලියැවෙන දේ ගැන ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා
තබන්න.
මම එක!!
ReplyDeleteරැංගෝ..
Deleteමගේ තෑග්ගට ලස්සන ගීතයක් මෙන්න
අගය කල යුතු නමුත් අගය නොකෙරෙන කලාවක් විදියට චිත්‍ර කතාව හඳුන්වන්න පුළුවන්. අපේ අම්මලා තරුණ කාලේ චිත්‍ර කතා සංස්කෘතියක් පවා ඇති වී තිබු ආකාරය ගැන මා විටින් විට අසා තිබෙනවා.
Deleteපොඩි කාලේ පියල් උදය සමරවීර විජය පත්තරේ අඳින චිත්‍ර කතාවේ සිට චිත්‍ර කතා බලද්දී මට ඇති වුනු ලොකු ම ප්‍රශ්නය, "එක ම විදියට මෙච්චර රුප ගොඩක් අඳින්නේ කොහොමද?" යන්න.. පසු කාලීනව චිත්‍ර කතා ශිල්පීන්ගේ හැකියාවන් දකිද්දී තව දුරටත් එය අරුමයක් වුනේ නැහැ. කැමිලස් පෙරේරා සහ අනුර කියන්නේ මම බෙහෙවින් ම අගය කරන පුද්ගලයන් දෙදෙනෙක්. ඒ වගේ ම කැමිලස්ගේ ගජ මෑන් සඟරාවත් මෑතක් වන තුරු ම ආසාවෙන් බැලුවා.
හැමදාමත් වගේ වටිනා පොස්ටුවක්.
ජය වේවා!
රැංගෝ..
Deleteලංකාවෙ චිත්‍රකතා කලාව ට හොඳ ආරම්භයක් තිබුණ යුගයේ හොඳ වැදගත් නිර්මාණ බිහිවුණා. පසුකාලයේ මෙසඳහා යොමු වූ ඇතැම් චිත්‍ර ශිල්පීන් නිසා මෙය ගර්හිත කලාවක් වුණා. හිඟුල්වල දිසානායක ජනකතන්දරර ඇසුරින් මිනිස් හා සත්ව රූප යොදා චිත්‍ර කතා ඇන්දා..
නියම අදහසක් රැංගෝ..
ලිපිය බැලුවම යන ආසාව තවත් වැඩි උනා .
ReplyDeleteමාත් හෙට යන්න උත්සාහ කරනවා .
බොහොම ස්තූතියි ඔබේ අගනා විස්තරයට .
ගිම්..
Deleteස්තූතියි සිතුවම් දැක්ම නැරඹු බව නිශාන්තයේදි සඳහන් කළානේ.
ඉතාම වටිනා විස්තරයක් සහෝ..ජයවේවා.
ReplyDeleteකෝඩුකාරයා..
Deleteඅස්වැන්නට පැමිණි ඔබ සතුටින් පිළිගන්නවා. ඒවගේම තැබූ සටහනටත් ස්තූතියි
චිත්‍රකතා ඒ කාලෙනම් බැලුවා ,සෙල් පොන් කියන්නේ "ඊ නිව්ස්" එකේ ගිය කතාවද ?
ReplyDeleteරොබින්..
Delete"සෙල්පෝං" ලංකා පුවත්පතේ ගිය කතාව. මම හිතන්නේ ඊ නිව්ස් කියන්නේ ඒ පුවත්පතේම අන්තර්ජාල පුවත්පත. ඔව් ඔබ හරි
ඉස්සරම පිස්සුවෙන් වගේ ඔය චිත්‍ර කතාවලට වහවැටිලා මමත් බැලුව මතකයි....!
ReplyDeleteඇත්ත අන්තිමට ගෙදරකට ගේන්න බැරි තරම් සවුත්තු උනා ඕය පත්තර..ඒකයි අභාවයට ගියේ..ලස්සන නිරමානාත්මක චිත්‍ර තිබුන.අනුර මහත්මයාගේ චිත්‍ර හරිම සජීවියි..අද වගේ මතකයි..!
වීපොකුර..
Deleteමගේ පාසැල් කාලයේත් ඒ වගේමයි. චිත්‍ර කතා පත්තර බැලුවෙ නැත්නම් නිකං ලෙඩක් වගේ.එහි තිබුණ කලාත්මක බව නිසාමයි ඒ චිත්‍ර ශිල්පීන් පවා සදාතනික මතකයේ රැඳුනේ.
අනේ මම බලල නෑ නේ මේ චිත්‍ර කතා එකක්වත්..:/
ReplyDeleteමගේ ආසම චිත්‍ර කතාව තමා පියල් උදය සමරවීරගේ "මල් මාමා".
ප්‍රමුදි..
Deleteඔබේ කාලය එනකොට මේ චිත්‍රකතා පත්තර අභාවයට යමින් හිටියේ. අවසාන කාලයේ චිත්‍ර කතා පත්තර නොබැලූ තරමට හොඳයි.
පියල් උදය සමරවීර තවමත් විජය පුවත්පතේ චිත්‍ර කතා අදිනවා. " මල් මාමා" මගේම "මකාගෙ යලක්" චිත්‍රකතාවත් එතුමාගෙනේ.
ඔබ අපිව නැවතත් , අසූ ගණන් වලට ගෙනිච්චා , අපට නොදැනෙන්නම ...ඒ කාළේ , චිත්‍රමිත්‍ර , මධුර වගේ පත්තර එනකම් මඟ බලාන ඉන්න ප්‍රධාන හේතුකාරකයෙක් වුනේ අනුර ශ්‍රීනාත් මහත්මයාගේ කතා ... ඒ අතීත වගේම චිත්‍රකතා ගැනත් අස්වැන්නක් ලබා ගන්නට අකුරු කළාට බොහොම ස්තුතියි ...
ReplyDeleteමහේෂ්..
Deleteමට හිතෙන්නේ හොඳම රසවින්දනාත්මක නිර්මාන තිබුනේ 70 - 80 දශක වල. ඒකයි ඒ යුගයට තවම පෙම් බඳින්නේ. මෙනව වුණත් අනුරගේ සිතුවම් දැක්ම සහ ඔහුගේ චිත්‍රකතා පොත් එළිදැක්වීම නූතනයට හරි වැදගත් කියල හිතෙනවා.
හොඳ ලිපියක්, මම ආසම වැඩක් තමයි චිත්‍ර අදින එක බලා ඇඳීම තමයි වැඩිපුරම
ReplyDeleteකාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ
පුබුදු..
Deleteඉස්සර චිත්‍රකතා පත්තර වල මුල් පිටුවේ පළ වූ චිත්‍රය බලාගෙන ටිෂු කඩදාසියක් ඒමත තියලා මමත් චිත්‍ර අඳින්න ඉගන ගත්තා. ඒත් වැඩේ හරියට කරන්න බැරිවුණා.
විභාග කටයුතු ඉවරවෙලාම එන්න. සුබ පැතුම්..
දැන් නම් චිත්‍ර කතා පත්තර ඒ තරම් ජනප්‍රිය නෑ. ඉස්සර අපේ ගෙදර ඔය චිත්‍ර කතා පත්තර වරදින්නේ නෑ... මම් පොඩි කාලේ හෙන පත්තර ලොට් එකක් තිබ්බා.
ReplyDeleteමධුරංග
Deleteමේ වන විට නම් චිත්‍රකතා පත්තර ප්‍රකාශයට පත් වෙන්නෙ නැතිගානයි. ඒ කාලේ පත්‍රයක් රුපියලයි, දෙකයි. ඒත් හොඳවටිනාකමක් තිබුණා. එකක් කියවලා ඉවර වෙනකොට තවත් පත්තරයක් ගෙදරට එනවා.
චිත්‍රකතා පිස්සුව මටත් පුංච්කාලේ ඉදලම තිබුණා,
ReplyDeleteඅනුර ශ්‍රීනාත්ගේ "පිස්සු නැත්නම් ෂෝක් පුතා" "කෝ" වගේ කතා හුගාක් ආසාවෙන් රස වින්දා.
සරත් මධුගේ චිත්‍රකතාවලින් "යුනිකො" හැර වෙනත් කතා මට අල්ලලා ගියේ නෑ.
ඉන්ද්‍රජිත් රංජන්, රංජිත් පීරිස්, බන්ධුල හරිස්චන්ද්‍ර, රෆික් ඩීන්, සිංහ, කුමාර, ජූඩ් ශ්‍රීමාල්,සුමතිපාල-ජෝතිපාල, රාණි හේමලතා, දයා රාජපක්ෂ,ජනක රත්නායක, සුසිල් ප්‍රේමරත්න, අරවින්ද.... වගේ ජනප්‍රිය චිත්‍රකතා ශිල්පීන්ගෙ කතා වලින් හොද වින්දනයක් ලැබුවා.
සුමිත්..
Deleteඒකාලෙ සිංදු කියපු ජෝතිපාල, ඇන්ජලීන් වගේම විජය, ගාමිනී මාලනී සිනමාව තුළත් වීරයෝ වූවා සේම ඒ යුගයේ චිත්‍රකතා පත්තරවල චිත්‍ර කතා ඇන්ද චිත්‍රශිල්පීන්ද අපේ ජීවිත වල වීරයෝ. ඒකාලෙ කොණ්ඩෙ පීරුවෙත්, ඇඳුම් ඇන්දෙත්, කොන්ඩෙ ක්‍රේල් කරෙත් දේදුණු කැලුම් චරිත ආදර්ශයට අරන්.
මේ චිත්‍ර ශිල්පීන්ගේ දායකත්වය ඒ කලාව රසවත් වීමට ඉවහල් වුණා..
asawen kiyawagena awith palaweni comment eka dakkama epa wuna. dayananda aiya karana watina wade 2.50ta danna epa.
ReplyDeleteරජී...
Deleteඔබ අස්වැන්නට සාදරයෙන් පිළිගන්නවා.. ඒවගේම ඔබ නිරන්තරයෙන් අස්වැන්නට ගොඩ වැදුන සහෘදෙයෙක් බව නම් පේනවා. හැම දාම අස්වැන්නට එන හිති මිත්‍රයින් ඉඳහිටලා පුංචි පුංචි විහිලු කරනවා. ඒවා හුදෙක් විනෝදාත්මක දේවල්. ඔබේ සටහනට බෙහෙවින්ම ස්තූතියි. සතියකට සැරයක් ඉඳහිටලා ඇවිත්
යන්න එන්න.
කවදාවත් කිසිම තැනක කතා කරනවා නොදුටු මාතෘකාවක්..
ReplyDeleteචිත්‍ර කතා ගොඩක් අපිට සමීප වුනේ 90 දශකයේ මම හිතන්නෙ..පොඩි කාලේ හොරෙන් සිත්තර පත්තරේ බැලුවා තාම මතකයි..අනුර ශ්‍රීනාත් නම පුරුදු නැති වුනත් ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත් චිත්‍ර කතාව මතක් වුනා..
මම ගොඩක් බලලා තියෙන්නෙ දයා රාජපක්ෂගේ චිත්‍ර කතා..ඒ ලංකාදීපය බලන නිසා..
දැන් ඉස්සර වගේ චිත්‍ර කතා පත්තර නැති එක නම් වස පාඩුවක්..!
රූ..
Deleteමමත් ඉස්කෝලෙ ගිය කාලෙ යාලුවෝ කීපදෙනෙක් එකතුවෙලා මාරුවෙන් මාරුවට චිත්‍රකතා පත්තර ගත්තා ඒවා ඉස්කෝලේ ගෙනිහිං මාරුකරගෙන කියෙව්වා.
ඔය "ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත්" "ඩොලර්" වගේ චිත්‍රකතා චිත්‍රපට වලින් ගත්ත ඒවා බව දැනගත්තේ පස්සේ. හැබැයි ඊට පස්සේ චිත්‍රපටත් බැලුවා.දැන් එවැනි විචිත්‍ර කලා මාධ්‍යයක් නැතිවිම පාඩුවක් තමයි.
මම චිත්‍ර කතා කියවල තියෙන්නේ ඉස්සර ගමේ සැලෝන් එකේදී. මාසෙකට සැරයක් ගියපු වෙලේ පෝලිම ඉවර වෙනකන් කරන්න දෙයක් නැති කමට කියෙවුවා. ගජ මෑන් තමා වැඩියෙන් කැමති.
ReplyDeleteරූ..
Deleteචිත්‍රකතා පත්තර සියල්ලම නොවරදික ලෙස මිළදී ගත්ත තැන තමයි "සැලෝන්"එක. මොකද පත්තරයක් මිළදී නොගන්න තැනැත්තා එතැනට ගිහින් කොණ්ඩය, රැවුල කපාගන්න පුරුදු වෙනවා මෙන්ම චිත්‍ර කතා
බලන්නන සැලෝන් එකට යන්නත් පුරුදු වෙනවා. ඒක බාබර්ට තමන්ගෙ කස්ටමර්ස්ලා ගෙන්වා ගැනිමට කරපු උපායක්.
මොනව වුනත් ඒක හොඳවැඩක්.
මම ගියානේ මේක බලන්න..
ReplyDeleteසිරා ලස්සනයි ආ..
පට්ට ප්‍රදර්ශනේ...
තරියා..
Deleteනියම සිතුවම් දැක්ම ඒක නම් කියල වැඩක් නෑ. සුපිරි චිත්‍ර ටිකක්.
ලංකාවේ හිටියනම් ඇත්තටම බලන්න යන්න හිතුනා.. මම ඔහු ගැන තොරතුරු දැන ගත්තේ ඔබේ ලිපියෙන්.. ඉස්සරම අක්කා ගෙනාපු චිත්‍ර කතා පත්තර බැළුවා මතකයි..
ReplyDeleteදිනේෂ්..
Deleteඇත්තටම ඉතාමාත් ලස්සනම සිතුවම් දැක්මක් තිබුනා කිව්වොත් නිවැරදියි. ලංකාවේ රූපවාහිනි නාලිකා කීපයක්ම මේ සිතුවම් දැක්ම ගැන ඊට පස්සේ මේ ගැන හොඳ ප්‍රචාරයක් දුන්නා
චිත්‍ර කතා මම බලලම නැති ගානයි. ගොඩක් රසවත් ක්ෂේත්‍රයක් මට මග ඇරිලද මන්දා. අනුර නම් ඉතාමත් දක්ෂ සිත්තරෙක් බව පේනවා..
ReplyDeleteසයුරී..
Deleteලංකාවෙ චිත්‍රකතා රසවත් වුනේ එක්තරා කාල සිමාවකදී පමණයි. ඊට පස්සේ චිත්‍රකතා කලාව අභාවයට
ගියා.
අනුර අඳින චිත්‍ර නිසා මෑතකදී ලංකාවෙ ජාතික පුවත් පත්වලට හොඳ ඉල්ලුමක් තියෙනවා.
විශේෂයෙන්ම පුවත්පතෙන් ඉදිරිපත් වන මතයට ඔහු අඳින කතාවත් හොඳට ගැලපුණා. මේ ප්‍රදර්ශනයේදි තවත් ඔහුගේ සිතුවම් 300 ක් විතර තිබුනා
උඩ තිබ්බ කෝච්චියේ රූපය ඔබ මූනුපොතේ දමා තිබුනාම මම හිතුවෙ ඡායාරූපයක් කියලා.. ඒක ඒ තරමට විශිෂ්ඨයි..
ReplyDelete90 දසකයේ මුල අපේ බාප්පලා මාමලා සිත්තර පත්තර බලනවා මට මතකයි.. කැමිලස්ගේ ගජමෑන් විතරයි මට තේරෙන කතාවකට තිබුනෙ..
දැන් පත්තරවල යන පොඩි තීරුවත් තේරුමක් නෑ වගේ නේද? මෙගා නාට්ටිවගේ හැමදා එකම තැනද මන්දා?
හරී..
Deleteඅර කෝච්චිය බිංගේ ඇතුලේ සිට එන එක ඇඳපු සිතුවමක්. හැබැයි ඒක ඒතරමටම විශ්ෂ්ඨ නිර්මාණයක්. ඒවගේම මේ ප්‍රදර්ශනයේදි තවත් තැනක විශාල කඳු ප්‍රදේශයක හෙළක් අයිනෙන් ගමන් කරන දුම්රිය මාර්ගයක් සිතුවමට නගා තිබුණා. එයත් ඉහළම නිර්මානයක්
දැන් චිත්‍ර කතා අතර අනුර ශ්‍රී නාත් විතරයි ඉදිරියෙන් ඉන්නේ.
ඔබ මේ කියන සිතුවම ඉතාමත් විශිෂ්ඨයි . හරියට අපි එතන ඉන්නව වගේ තේරුනේ . එතරම් සජීවී බවක් දැනුනා . පුදුමයි තෙලි තුඩකින් කරන හාස්කම් .
Deleteගිම්..
Deleteඇත්තටම මේකේ තිබුන සමහර සිතුවම් ඡායාරූප තරමටම සජීවි බවක් දැනුණා
අපි පුංචි දවස්වල පත්තර කලාවෙ වීරයො...
ReplyDeleteස්තුතියි අතීතයට ගෙනිච්ච වගේම...බොහොමත්ම අඩුවෙන් කතා කරන දෙයක් ගැන අස්වැන්නෙන් දැනුවත් කලාට...
දිනිති..
Deleteස්තුතියි ඔබට ඔබත් චිත්‍රකතා පත්තර බලා තියෙන රසිකාවියක්.
මම ඔය චිත්‍රකතා රසවතුන්ගෙ අන්තිම පරම්පරාවෙ කෙනෙක්ද කොහෙද? මට අවුරුදු 13-14 කාලෙදි තමයි චිත්‍රකතා පත්තර නැති වෙලා ගියේ. සිත්තර පත්තරේ කාලයක් ඇදගෙන යන්න ට්‍රයි කලත් ඒක හරි ගියෙ නෑ.
ReplyDeleteපුංචි කාලෙ අපේ මාමල චිත්‍රකතා පිස්සො. එයාල ගත්තෙනම් රසික කියන පත්තරේ.. බන්ධුල හරිශ්චන්ද්‍ර මහත්තය ඒකෙ ඇන්ද හර්කියුලිස්, බෙරලපන් වගේ ඒව. තව ඇන්ටන් තානාපති, රෆීක් ඩීන් කියන ශිල්පියො ඇන්ද නින්ජා, කුංග්-ෆු කතා මම මල පෙරේතකමේ බැලුවෙ. තව… ආරියසිරි කොඩිතුවක්කු (ලිව්වද ඇන්දද කියල මතක නෑ) කුමුදු තාරක වගේ අයත් නියම කතා ඇන්දා… දයා රාජපක්ෂ මහත්තයව මම දන්නෙ විජය පත්තරේ නිසා.. ඒකෙ හැමදාම එයාගෙ කතා ගියානේ… ඇයි ඒකෙම ඇඳපු හිඟුල්වල දිසානායක මහත්තයගෙ රජ කතා සෙට් එකයි පියල් උදය සමරවීරගෙ මල්මාමායි ඉවර වෙන්නෙම නෑනේ…
තව ඔය ත්‍රාස කියල ගහපු පොත් දෙක තුනකුත් කියවල තියෙනව.
ඇත්තටම ඒව දැන් කියවන්න තියෙනවනම් මාර ආසයි. මගෙ ගාව තිබුණ සේරම මම චිත්‍රකතා එකතු කරපු යාළුවෙක්ට දුන්නා හෙන ඉස්සර.
අනේ මේව ළඟ තියෙන කවුරු හරි ස්කෑන් කරල සයිට් එකක් හදනවනම්… :-(
හරේෂ්..
Deleteඔය නම්ටික ලංකාවෙ චිත්‍රකතා කලාවේ පුරෝගාමී චරිත කව්වොත් නිවැරදියි. ලංකාවෙ නළු නිළියන් , ගායක ගායිකාවන් වගේම මේ චිත්‍ර ශිල්පීන් පවා ජනප්‍රිය වූ යුගයක් තිබුණා. ඒක සමහර වෙලාවට හොඳ මාකට් එකක් වෙලා තිබුණා කියලා හිතෙන්නේ දැන්. මොකද මේ චිත්‍ර ශිල්පීන් හිටි අඩියේ වෙනත් පත්තරේකට කඩාගෙන යනවා. මිනිස්සු කැමති වෙලා හිටියේ චිත්‍ර ශිල්පීන්ගේ නම් වලට නිසා ඒ පත්තර ඉක්මනින් විකිනෙනවා.
මට මතක විදියට ආරියසිරි කොඩිතුවක්කු තමයි කතාව ලිව්වේ. කුමුදු තාරක වගේ අයගේ තිබුණේ ප්‍රේමණීය සිතුවම්. පත්තරේ මුල්පිටුව බන්දුල හරිස්චන්දු හෝ සරත් මධු ඇඳලා තිබුණානම් ඒ සතියේ පත්තර පැය කීපයත් ඇතුලත අළෙවි වෙනවා.
මගේ ගාවත් සෑහෙන කාලයක් මේ පත්තරහැම එකක්ම එකතු කරගෙන තිබුණා. ඒත් ඒවායේ වටිනාකමක් නොතේරුන නිසා විසිකලා. නැත්නම් බෝතල් පත්තර වෙලෙන්දන්ට දුන්නා.
ඇත්තටම මේ පත්තර තියෙන කෙනෙක් ඉන්නව නම් අන්න නියම වැඩේ.
චිත්‍ර කතා කියවිල්ල පිස්සුවක් තමයි ඒ යුගයෙ. මටන්ම දැන් එච්චර මතක නෑ ඒව ඇඳපු අයව. ඒත් අනුර ශ්‍රීනාත්, සරත් මධූ, සුමතිපාල ජෝතිපාල, අරවින්ද, කැමිලස් පෙරේරා,ජනක රත්නායක ඒ කාලෙ හිටිය ජනප්‍රියම චිත්‍ර කතා ඇන්ද උදවිය කියල මතකයි. ඒ වගේම පියල් උදය සමරවීර හා දයා රාජපක්ෂ වෙනත් විදියක චිත්‍ර කතා පලකලා.
ReplyDeleteකොහොම වුණත් ඒ අතීතය නැවත අවදි කරන්න අනුර ශ්‍රීනාත් මහතා පෙරට පැමිණිම වැදගත් සන්ධිස්ථානයක් වෙයි.
@outsider
Deleteචිත්‍රකතා පිස්සුවක් වුනේ ඒකාලෙ රූපවාහිනී මාධය එතරම් ප්‍රචලිත නොවුන නිසා.හැබැයි රූපවාහිනිය
ජනප්‍රිය වුණාට ඒකේ ප්‍රෙක්ෂකයන්ට ගතයුතු හරවත් යමක් නැහැ කියලා මට හිතෙනවා.
අනුර අද දවසේ චිත්‍ර කතා අඳින විහිෂ්ඨයෙක් කිව්වොත් නිවැරදියි.
මමත් චිත්‍ර කතාවලට හරිම කැමතියි.
ReplyDeleteඔබ බලන්ගොඩ සරත් මධූ මහතාව දන්නවා ඇති කියල හිතනවා.ඔහුගේ චිත්‍ර තමා මම ගොඩක්ම ප්‍රිය කරන්නේ.
ඔබේ ලිපිය අපූරුයි සහෝ!
හිරු හිමාවි..
Deleteසරත් ඹදූ ගේ චිත්‍ර කතා අතර "ඉතිං ඊට පස්සේ" සහ "යුනිකෝ" කතාදෙක තමයි පත්තරේ පාඨකයන් වැඩියෙන්ම කැමතිම කතා. ඒකෙනුත් ඉතිං ඊට පස්සේ මෙගා කතාවක් විදියට මගේ මතකයේ හැටියට කොටස් 1000 ක් පසුකළා.
ස්තූතියි හිරු.
මමත් පුංචි කාලෙ හරියට චිත‍්‍ර කතා බලල තියෙනවා. ඒ කාලෙ අපේ ලොකු තාත්ත කඩයක් කළා. ඉතින් කඬේට සිත්තර, සත්සිරිගත්තා. මමත් හොරෙන් බැලූවා. ඒ චිත‍්‍ර බලාගෙන චිත‍්‍රත් ඇන්ඳා. සරත් මධු, බන්ධුල හරිස්චන්ද්‍ර, කුමුදු තාරක තව නම් මතක නැති ගොඩක් ශිල්පීන් හිටියා මම කැමති.
ReplyDeleteලස්සන මතකයක් අවදි වුණා.
තරු රසී..
Deleteචිත්‍රකතා පත්තර හොරෙන් බැලිමත් එක්තරා විනෝදාංශයක්. මොකද ඒ යුගයෙත් මේ කලාව එක්තරා විදියක ගර්හිත චිත්‍රකලාවක් විදියටයි පිලි අරන් තිබුනේ. ඒත් අද ඒ ගැන හිතනවිට නම් කලාවන් අතර ගර්හිත කලාවන් ගොඩක් තියෙනවා
අපේ අම්මලත් කියල තියනවා ඒ කාලේ පිස්සුවෙන් වගේ හරිම ආසාවෙන් කියෙව්වා කියල. හැමදාම වගේ මේ තොරතුරු හරිම වැදගත් වගේම ගොඩක් රසවත්
ReplyDeleteපැතුම්..
Deleteඔබ වැනි නූතන පරපුර ට ඒ සුන්දර මතක අහලා පමනයි විදින්න වෙන්නේ. මේ යුගයේ චිත්‍රකතා පත්තර නැති නිසා..
චිත්‍ර කතා කියන්නේ මම ආසම දෙයක්.මම දැනටත් ජපන් චිත්‍ර කතා සෑහෙන්න ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් බලනවා... ලංකාවේ මම දන්න ලස්සනටම අඳින හොඳ චිත්‍ර කතා ශිල්පියෙක් තමා මෙතුමා.මම මුලින්ම මෙතුමගෙ චිත්‍ර කතාවක් බැලුවේ ලංකා පත්තරේ සඳකඩපහණ අතිරේකයේ... ඒකෙ තිබ්බේ සාමාන්‍ය බොළඳ චිත්‍ර කතා නෙමෙයි.සෑහෙන්න වටිනාකමක් ගන්න පුළුවන් කතාවකුත් ඒ වගේම දේශපාලනික මතයකුත් හිමින් සීරුවේ කාවද්දනවා කියවන්නාට නොදැනීම... "පිස්සු නැත්තම් ෂෝක් පුතා" තමයි කතාව.තුන වසරට පමණක් පාසල් ගිය නමුත් විශ්ව විද්‍යාලයක සිසුවෙකුටවත් ලංවිය නොහැකි දැනුමකින් යුත් තරුණයෙක් ගැන කතාවක් ඒක.
ReplyDeleteඊට පස්සේ ගියපු "ඉස්කෝලෙ යන්න පුතේ" "කැට් මෑන්" වගේ කතාත් සෑහෙන්න ලස්සනට ඇඳලා තිබුණා.... නියම ලිපියක් විශිෂ්ටයි හරිම කාලීන වැදගත්කමක් තියෙනවා...
ගැමියා..
Deleteමම අනුර චිත්‍රකතා පත්තරවලින් ඈත් වුනාට පස්සේ ඔහු චිත්‍රකතා අඳින පුවත්පත් මිළදී ගන්න පුරුදු වුනේ ඔහුගේ චිත්‍රනතා ශෛලියට කැමති නිසාත් එහි තිබෙන්නාවූ දේශපාලන දර්ශනයත් නිසයි.
චූටි පුතාගෙ ලොකු කතා, එන්න එපා කොච්චිය, ඉස්කෝලේ යන්න පුතේ, Cellපෝං,Conදා
වගේ කතා අද දවසට ගැලපෙන්න අදිනවා ඒනිසියි මම ඔහුගේ කලාවේ භාවිතයට කැමති.
ස්තූතියි ඔබට
කලින් කියෙව්වත් රේඩියෝවේ වැඩ නිසාත් පරිගනකයේ සිංහල වැඩ නොකල නිසාත් කමෙන්ට් දාන්න බැරි උනා. මම මුලින්ම චිත්‍රකථා කියවන්න පුරුදු උනේ ගෙදරට කඩෙන් බඩු ඔතාගෙන ආ සිත්තර පත්තරේ කොළ වලින්. පසුව මා රොගාතුරව සිට මාසයක් පඹන අපේ ලොකු අම්මලාගේ ගෙදර විවේකයෙන් පසු උනා. එහිදී අයියා කෙනෙක් චිත්‍රකථා පත්තර විශාල ලෙස කියවනවා. ඒ කාලයේ තමා මම පත්තර මිටි ගාණක් කියෙව්වේ. සිත්තර, සත්සිරි වගේ ඒවා තමා වැඩියෙන් තිබුනේ. එන්න එපා කෝච්චිය කතාවත් ඔය එක පත්තරයක තිබුනා මතකයි. ඒත් මම එය උනන්දුවෙන් කියෙව්වේ නෑ. දහයයි දහය කියා කතාවක් තිබුනා මතකයි. එය තමා මා උනන්දුවෙන් කියෙව්වේ. ඒත් ඒ කාලේ චිත්‍ර කතා කියවනවාට ගෙවල් වලින් කැමැත්තක් නැති නිසා මම ගෙදරදී නම් චිත්‍රකතා කියවන්නේ නෑ. ප්‍රදර්ශනය බලන්න නම් අවකාශයක් ලැබුනේ නෑ. ඒත් පෝස්ට් එකෙන් පැරණි මතකයන් අලුත් උනා. මේ ගැන මෙසේ කතා කිරීමත් සතුටක්.
ReplyDeleteප්‍රියන්ත..
Deleteඒකාලෙ බඩු ඔතාගෙන එන පත්තර පිටුවත් කාලින වැදගත්කමක් තිබුණා. ඒ හැම දේකින්ම වුණේ පාඨකයන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීමයි. ඒ නිසාම අදටත් කඩෙන් බඩු ඔතාගෙන එන පත්තර කොලේ ටිකක් හරි කියවන්න පුරුදු වෙලි ඉන්නවා මමත්.
එන්න එපා කෝච්චිය තිබුනේ සිත්තර පත්තරේ මම මේ කතාව පත්තරෙන් අවසන් වෙනකල්ම බැලුවා. මෙනතාවේ පුදුම කුතුහලයක් තිබුන කතාවක්. අන්තිමේ මොකකින් මොකක් වෙයිද කියලා හිතෙන තරමට හිතත් ගැහුණා. මේ පත්තර කලාව ඒ කාලේ ගරිහිත කලාවක් වුනේ ඇයිද මංදා..
අදත් හුගක් වටින පෝස්ට් එකක් අස්වැන්නෙන් ලැබුනේ නම්..චිත්‍ර කලාව ගැන මතකය ටිකෙන් ටික අඩුවන කාලෙක ඔබතුමාගේන් ලියවුන මේ ලිපිය ඇත්තටම ගොඩක් වටිනවා..මමත් ඒ චිත්‍ර කතා වලට නම් හුගක් ආසයි..හැමදාම වගේ නොදන්න ගොඩක් දේවල් දැනගත්තා...ස්තුතියි ඔබතුමාට..!!
ReplyDeleteසිතුවිලි දැහැන..
Deleteමට මේගැන ලියන්නම ඔනෙ කියලා හිතුනේ අනුරගේ සිතුවම් දැක්ම බැලූවාට පස්සේ.
ස්තූතියි සිතුවිලි දැහැනටත්
චිත්‍ර කටා කියවන්න මාත් ගොඩාක් ආසයි
ReplyDeleteවර්නා..
Deleteබලාගෙන ගියාම මේ චිත්‍රකතා කලාවට බොහෝ දෙනෙක් කැමතියි. එක අතකින් මේවා නූතන පරපුරට නැති එකත් පාඩුවක්
ඉස්සරම් මාත් චිත්‍ර ඇන්දා...දැන්නම් ඇඳපු කාලයක් මතක නෑ..වෙනද වගේම ලස්සනයි..ආසාවෙන් කියෙව්වා..
ReplyDeleteතරුවා..
Deleteචිත්‍ර ඇඳීමත් එක්තරා විනෝදාංශයක්. මට නම් අඩිකෝදුව තියලත් හරියට ඉරක් අදින්න බෑ. ඒකත් වරදිනවා
චිත්‍ර කතා අපේ යුගයේ ඒ තරම්ම ජනප්‍රිය වුණේ නෑ මම හිතන්නෙ. පුංචි කාලෙ කියවපු පත්තර වල ඇරෙන්න. පියල් උදය සමරවීර, හිඟුල්වල දිසානායක වගේ අය ජනප්‍රිය වුණා අපි අතර.
ReplyDeleteඒත් මේ මාතෘකාව ගැන කියන්න ලොකු දැනුමක් නෑ.
ඒත් එක්තරා කාලයක චිත්‍ර මගෙ ජීවිතේ වෙලා තිබුණා. ඒ පාඩම් කරන්න එහෙම තිබුණ කාලෙ. බෝඩිමේ කාමරේට ගිහින් දොරත් වහගෙන චිත්‍ර ඇන්දා ඒ කාලෙ. එහෙම තමයි හිත සැහැල්ලු කරගත්තෙ.
දැන් වෙලාව ඕනා තරම්. ඒත් දැන් තෙල් සායම් වේලෙනවා. දිය සායම් වේලෙනවා. පැන්සලෙන් විතරක් නම් ඇඳෙනවා සමහර වෙලාවට.
හිත හීලෑ කරගන්න හොඳම මාධ්‍යක් තමයි චිත්‍ර කලාව. මම දන්නවා ආයෙම කාර්ය බහුල වුණාම මට පාට ඕනා වෙනවා......
සිඳූ..
Deleteඇත්තටම චිත්‍ර ඇඳීම මනස එක අරමුනකට ගන්න හොද කලාවක්. කෙනෙකුට චිත්‍ර ශිල්පය හැකි නම් හොද ඉවසීමේ ගුණයක් අනිවාර්යයෙන්ම පිහිටනවා.
මේ දවස්වල ටිකක් බිසි හන්දා මේ පෝස්ට් එකට ගැලපෙන අන්දමේ රසවත් පිලිතුරක් ලියන්ට වෙලා මදි. කතා කරලා තියෙන්නේ වෙනත්ම විෂයයක්. රසවත් ලිපියක් බව අනෙක් කමෙන්ට්ස් වලින් පේනවා. හිමින් කියවලා බලලා කමෙන්ට් කරන්නම් දයා.:)
ReplyDeleteපොඩී..
Deleteහදිස්සියෙන් හරි ආව එකම සතුටක්. නිදහසේ ඇවිත් කියවන්ට. කමෙන්ට් නොකලත් කමක් නෑ. විවේකය ඉතිරි කරගැනීම වටිනවා.
ස්තූතියි පොඩ් ඉතාම අවිවේකයෙන් බිඳක් කැප කලාට
This comment has been removed by the author.
ReplyDeleteහැමෝටම පේන්නෙ නැති එත් හැමෝටම සංවේදී දේවල් හොයාගෙන ඒ ගැන හැමෝගෙම හදවතට වදින විදියට ලියන්න නම් හොඳ සංවේදී අයෙක් වෙන්නම ඕන.. ඉතිං ඒක හින්දම මේ වගේ රසවත් අස්වැන්නක් හැමෝටම බෙදන ගොයියට අපේ ස්තූතිය ලැබෙන්නම ඕනෙ.... නැද්ද මං අහන්නෙ...
ReplyDeleteඋපේන්ද්‍ර..
Deleteමොනව වුණත් උඹ ඇහැ ගැටෙන මානයක නොහිටිම මට සෑහෙන්න පාඩුයි. මෙහෙමවත් ඇවිල්ල යන එකම සතුටක්. උඹ කියල දුන්න දේ තමයි මේ නෙලන්නෙ.
අනුර ශ්‍රීනාත්ගේ මං ආසම චිත්‍රකතාව 'එන්න එපා කෝච්චිය'..!මං හතර වසරෙ වගෙ ඉදිද්දී 'පිස්සු නැත්නම් ෂෝක් පුතා'ලංකා පත්තරේ ගියේ.මේ දවස්වල 'අද' පත්තරේ යන 'කොන්දා'එහෙමත් වරද්දන්නැතුව කියවනවා.අනුරාලෝකය බලන්න යන්න හිටියේ.ඒත් බැරි වුණා.ගොඩාක් ස්තූතියි මේ පෝස්ට් එකට.චිත්‍රකතා කියන්නෙ මම හුගක් ආස කලා මාධ්‍යයක්.
ReplyDeleteවර්ෂා..
Deleteඅනුරගේ මේ දක්වා චිත්‍රකතා කියවු ඔබත් හොද රසිකාවියක් වග දැනෙනවා. මේ දවස්වල අදින කොන්දා කතාවට මමත් කැමතියි මේ කොන්දා කතාව පටන්ගත්තේ ලංකා පත්තරෙන්.සරසවියේ පංති තහනමකට ලක්වන වෛද්‍ය ශිෂ්‍යයෙක් ඒ කාලය තුළ රැකියාව සදහා බස් කොන්දොස්තර කමක් කරනවා. ඒ හරහා ලබාදෙන පණිවුඩය හරිම අරුත්බරයි.
අද ලියලා තියෙන්නේ වෙනස්ම පෝස්ට් එකක්. මේ විෂය ගැන නම් මගෙත් තියෙන්නේ අල්ප වූ දැනුමක්. එච්ච්ර චිත්‍රකතා බැලූබවක් නම් මතක නෑ. ඒත් ඒ කාලේ පිස්සුවෙන් වගේ ටිං ටිං පොත් බහුතරයක් වගේ නම් බලලා තියෙනවා. අර කිව්වත් වගේ චිත්‍රකතා කලාව ගැන කතාබහ වෙන්නේ අඩුවෙන් නිසා මේවගේ පෝස්ට් එකක් හුඟක් වටිනවා. අර අන්තිමට දාපු සින්දුවත් ඇහුවේ අදම ද මන්දා...
ReplyDeleteතොටියා..
Deleteමම මේ සිතුවම් දැක්ම බලලා එන ගමන් සරසවි බුක්ෂොප් එකකට ගොඩවැදිලා ලංකාවෙ චිත්‍රකතා පොත් එහෙම තියෙනවද බැදුවා. එකක්වත් තිබුණෙ නෑ. ඒත් ටිං ටිං සහ ඇස්ටිරෙක්ස් (සූරපප්පා) පොත් පෙලක්ම තිබුනා. හැබැයි ඒ පොතක මිල දැක්කාම තරු පෙනුනා එක පොතක් 990 යි. ඒ අතින් අනුරලාගේ චිත්‍රකතා වටිනවා.
"ඉතිං ඊට පස්සේ" ගීතය බිහිවුණේ අසූ ගන්නවල සිත්තර පත්තරේ සරත් මධු ඇන්ද ඉතිං ඊට පස්සේ කතාව නිසා. ඒ කතාව ඒ තරමටම ජනප්‍රිය වුණා.ඒ වගේමයි ගීයත් වික්ටර් ගැයුවේ අසූ ගනන්වල
ඔබගේ තවත් වටිනා මෙහෙවරක් මේ ලිපිය පල කිරීම . දයා රාජ පක්ෂගේ චිත්‍ර කතා නම් කියවනවා, තවමත් ඉරිදා ලංකාදීපයෙත් ලස්සන කතාවක් යනවා. චිත්‍ර වලට ගොඩාක් ආස ඒ ගැන පුංචිම පුංචි හැකියාවකුත් තියෙන මට චිත්‍ර කතා මග ඇරුනේ ඇයිද මන්දා. අනුර ශ්‍රීනාත්ගේ චිත්‍ර කතා පොත් පළවෙලා තියනවද ? එහෙම තියේ නම් අරගෙන කියවල රසවිඳින්න පුලුවනිනේ..
ReplyDeleteනීතා..
Deleteමේ සිතුවම් දැක්ම දවසේ ඔහුගේ චිත්‍රකතා පොත් 05ක් එළි දැක්වූවා.. ඒ "චූටි පුතාගෙ ලොකු කතා, එන්න එපා කොච්චිය, ඉස්කෝලේ යන්න පුතේ, Cellපෝං,සහ පිස්සු නැත්තං ෂෝක් පුතා' කියන පොත් මේවා චිත්‍ර කතා වුනත් හරිම කාලීන වැදගත් කමකින් යුක්තයි.
චිත්‍රකතාවන් සජීවිව හිත් තුල ජීවමාන කරන්න ඒ හැකියවන්ට තිබුණෙ සහජයෙන් උරුමයක්..! නවීන තාක්ෂණයත් එක්ක ඒ රසවිදීම ඈත්ව යන්න නොදී රැකගැනීමට කටයුතු කිරීම ගොඩක් අගෙයි..
ReplyDeleteසමාජයෙන් මඟ හැරෙන මෙවැනි වටිනා ඇගයීම් අප අතර රඳවනවට බොහොමත් ස්තූතියි ඔබට..!!!
නන්දු..
Deleteඇත්තටම චිත්‍ර කතා නිර්මාණය කරන්න යම්කිසි සහජ දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ඒක විරල හැකියාවක් මොකද ඒතුල කතාවක්ද නිර්මාණය වන නිසා..
ස්තූතියි නන්දු ඔබේ අගය කිරිමට
මේ දවස්වල බ්ලොග් කියවන්න බැරි උනා. ඒත් අරුනාලොකය බලන්නනම් ගියා ඒ ගියෙ මගෙ ලොකු දුවත් එක්ක අපි දෙන්නම ඒ චිත්‍ර රසවින්ඳා.
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
ලොකු ජෝන්..
ReplyDeleteදරුවන්ට මේවගේ නිර්මානාත්මක දේවල් කුඩා කාලෙ ඉඳන්ම විදින්න පුරුදු කරන එක හොඳයි. එතිකොට අලුතින් රසවින්දනය උගන්වන්න ඕනෙ නැහැ. ඒක ඉබේම පිහිටනවා
මේ පෝස්ට් එක මට මග ඇරිලා නොවැ. මේ ප්‍රදර්ශනය ගැන තරියා මල්ලිත් පෝස්ට් එකක් ලියලා තියෙනවා දැක්කා. අපරාදේ කියලත් හිතුණා කලින් දැණගත්තා නම් මේක බලන්නම යන්න තිබුණා :(
ReplyDeleteහසිත
Deleteඇත්තටම මේක බලන්නම වටින සිතුවම් දැක්මක්. ඒතරමට විශිෂ්ඨයි
මම සිත්තර සත්සිරි පත්තර දැකලා තියෙනවා. අපේ අක්කා කියෙව්වා.මං නම් කියෙව්වේ කැමිලස්ගේ ගජමෑන් පත්තරේ.මේ වගේ ප්‍රදර්ශනයක් බලන්න ඇත්තටම ආසයි.
ReplyDeleteදගකාරි..
Deleteකැමිලස්ගේ ගජමෑන් කාටූන් පොත්විදියටත් එළිදක්වලා තිබුණා එක කාලෙක. මේ සිතුවම් දැක්ම නම් විශිෂ්ඨයි
මමත් බොහොම කැමතී ඔහුගේ නිර්මාණ වලට. ඉතාම සංකීර්ණ සිතුවම් පවා ඔහු නිර්මාණය කර ඇති අයුරු අනුරාලෝකයේදි මා දුටුවා. සත්‍ය වශයෙන්ම පුදුම සහගත නිර්මාණකරුවෙක්.. ඒ ගැන වචන නෑ... දැනට සිතුවම් දැක්ම දෙකක් පවත්වල තියෙනවා. මේ ළගදි මාතර තිබු ප්‍රදර්ශනයත් මා ගමනක් යන අතර මගත් නරඹන්න ගියා...
ReplyDeleteසෑහෙන කාලෙකට කලින් චිත්‍ර කතා පත්තර ගැන මම ලියපු දෙයක් තියෙනවා. ලියපු ශෛලිය වෙනස් උනාට අපි දෙන්නම ලියල තියෙන්න එකම කාලෙක අත්දැකීම් කියලයි මට හිතෙන්නේ.
ReplyDeletehttp://sanjeewagekatha.blogspot.com/2012/12/blog-post_28.html
ගොඩක් පැරණි ජනප්‍රිය චිත්‍රකතා එකතුවක් බලන්න පුලුවන් මේ ලින්ක් එකෙන්.
https://slcomics.wordpress.com/