ජෝතිපාල
නැවත කියවමු පළමු කොටස
ජෝතිපාල නැවත
කියවමු ලිපි මාලාව ආරම්භ කිරීමට පළමුව මෙම
ලිපි මාලාව ලියැවෙන ආකාරය පිලිබඳව සටහනක් තබමි. ඒ මගින් "ජෝතිපාල ගීත
සංස්කෘතිය" ගොඩ නැගුණු අකාරය පිළිබඳව ඒ ඔබට යම් නිවැරදි අවබෝධයක් ලබා ගැනිමට හැකි වනු පිණිස ය.
ඒසේ නොමැතිව තැනින් තැනින් ගීත අමුණා" ජෝතිපාල
නැවත කියවමු " ලිපි මාලාව ලියා හමාර කල හොත් එය කියවූ ඔබේ
කාලය ද නිකරුණේ වැය කිරිමට මා කළ වරදක් වනු ඇත. තවද ඔබ ඇසීමට හෝ දැනගැනිමට කැමැත්තෙන්
සිටින ගීත අසන්නට ලැබෙන පිළිවෙළ හඳුනා
ගැනීමටත් මේ පිළිවෙළ පහසු වේවි.
ලිපි මාලාව
ලියැවෙන ආකාරය:
01. සිනමාවේ පළමු දශකය, සහ ජෝතිපාල
02. සිංහල
සිනමාවේ දෙවන දශකය
02.1.
සිංහල චිත්‍රපට ගීත බිහිවීම
02.2.
සිංහල චිත්‍රපටවල හින්දි සහ දෙමල අනුකාරක ගීත
03. සිංහල සිනමාවේ 1970, 80, දශක තුළ ලංකාවේ බිහිවූ චිත්‍රපට ගීත කලාව
03.1
සිංහල චිත්‍රපටවල අනුකාරක හින්දි ගීත රැල්ල
03.2
ස්වතන්ත්‍ර චිත්‍රපට ගීයේ ප්‍රබෝධය
04. ගුවන් විදුලි සරළ ගීතය සහ ජෝතිපාල
05. ලංකාවේ කැසට් ගීත රැල්ල සහ ජෝතිපාල
05.1
ස්වතන්ත්‍ර ගීත
05.2
හින්දි අනුකාරක ගීත
05.3
ජෝතිපාල සහ මිල්ටන් පෙරේරා - අනංගවාදය
06. ජෝතිපාල මිය යාමෙන් පසු සිංහල සිනමා ගීතයේ බිඳ වැටීම
07. ජෝතිපාල සහ
නූතන සංගීත පරපුර
08. ජෝතිපාල, ඊයේ, අද සහ හෙට
09. ජෝතිපාල සහ අපි.
සිනමාවේ පළමු දශකය, සහ ජෝතිපාල:
1936 වන විට ලංකාව
පැවතියේ හිරු නොබසින අධිරාජ්‍යයේ යටත්
විජිතයක් ලෙසිනි. ඒ වන විටත් කොළඹ නගර ලංකාවේ අග නගරය බවට පත් වෙමින් තිබුනි. අළුත
යුගදිවියට පත්ව දකුණෙන් කොළඹට පැමිණ
මරදානේ පදිංචි වූ යුවලකට 1936 පෙබරවාරි මාසයේ 12 වෙනිදා ප්‍රීතිමත්
දිනයක් විය. ඒ එදා ඒ පවුලේ උපන් පිරිමි
දරුවා නිසාය. දරුවාට මේ මව් පිය යුවල සිය දරුවාට නම් තැබූයේ හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල
යනුවෙනි. ඔවුන්ගේ ස්ථිර පදිංචිය මරදාන ප්‍රදේශය විය.
කුඩා කල සිට
කොළඹ නගරය ආසන්නයේ හැදුණු වැඩුණු ජෝතිපාලට මරදාන දුම්රියපොලද, ඊට ඔබ්බෙන් වූ ටවර්
රඟහල ද ඔහුට සුන්දරම තැනක් වන්නට ඇත. කොළඹ නගරයේ ගෑස්පහ හන්දිය, කොඩිගහ, සහ
කොටුවේ කයිමන් දොරකඩ, මෙන්ම මරදානේ ටීටර්
සහ නාඩගම් පෙන්වූ ටවර් රඟහල කුඩා කල සිට ඔහුගේ මනසේ සියුම් චිත්‍රයක් ඇන්දේ කලාවේ
රසය ඒ තැන්වල පිරී පැවති බැවිනි.
මරදාන ශාන්ත
ලෝරන්ස් විද්‍යාලයෙන් සහ දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගනුම ලැබූ කුඩා ජෝතිපාලගේ හිත ඇඳී තිබුණේ මරදාන ටවර් රඟහලේ
ඇසුණු නාඩගම් සහ ටීටර් ගීත සේම දකුණු ඉන්දියාවෙන් ගෙනැත්කොළඹ දී පෙන්වූ දෙමල සහ හින්දි චිත්‍රපටවල තිබූ ගීත
කෙරෙහිය. ජෝතිපාලට වයස අවුරුදු 11 පමණ වන විට ලංකාවේ පළමු වරට "කඩවුණු පොරොන්දුව" චිත්‍රපටය
1947 ජනවාරි මාසයේ 21 වන දා තිරගත විය. ලංකාවේ පළමු වරට සිංහල චිත්‍රපටයක සිංහල ගීත ඇසුනේ එදා ය. මරදානේ ජීවත් වූ ජෝතිපාලට එය මහත් සතුටක් ගෙන දුන් එකක් වූයේ එතෙක් අසා තිබූ හින්දි සහ දෙමල චිත්‍රපටවල
ගී මිහිර ඔහුගේ මනසේ තැන්පත් වී තිබුණ නිසා ය.
1947 දී “කඩවුණු
පොරොන්දුව” චිත්‍රපටය තිරගත වන විට
දකුණු ඉන්දීය සංගිතඥයන් ලෙස කටයුතු කළ ආර්. නාරයන් අය්යර්, පාණ්ඩුරංගන්, ඇස් ඇස්. වේදාචලම්, ඇස් . දක්ෂිණ මූර්ති, ටී.ආර්. පාපා, එස්.එම්. සුබෙයියා,
ආර්.මුත්තුසාමි, ආර්. සුදර්ශනම්, ජී ඇස්. දිවාකර්, වී. ක්‍රිෂ්ණ මූර්ති ආදී සංගීතවේදීහු මෙරට ද ජනප්‍රිය සංගිතකරුවන් වී සිටියහ. ඒ ඔවුන්ගේ හින්දි සහ දෙමල චිත්‍රපට
මෙරට ද තිරගත වී තිබූ බැවිනි.
චිත්‍රපට සංගීතය
යනු ගීත ම පමණක් බව ඔවුන් දැඩි ව එළඹ තිබූ මතය හේතුවෙන් එවකට බිහි වූ චිත්‍රපට වල
ගීත 12 හෝ 14 පමණ එල්ලා තිබුණි. මේ තත්වයම "කඩවුණු පොරාන්දුව” චිත්‍රපටයට අත්වූ අතර මලයාලම් ජාතික ආර්. නාරයන්
අය්යර් සංගීතවත් කළ "කඩවුණු පෙරොන්දුව" චිත්‍රපටයේ ද ගීත 12 ක් විය.
ඒ අනුව සිංහල
චිත්‍රපට සියල්ල එතැන් පටන් කිසිඳු අඩුවක් නොමැතිව දකුණු ඉන්දියානු චිත්‍රපට
අනුකරණය කරමින් මෙරට සිංහල චිත්‍රපට නිෂ්පාදනය කළේ දකුණු ඉන්දියාවේ තමිල් නාඩුවේ
දීය. ඒ නිසාම චිත්‍රපට ගීත ගායනය සඳහා
සිංහල කිසිවක් නොදත් කේ.ජමුණා රාණී, ඒ.එම්.රාජා,
ජික්කි, ලතා මංගේෂ්කාර්, රූපාවතී , ජෙමිනි
කාන්තා, භාග්‍යරතී ආදි ඉන්දියානු ගායක ගායිකාවෝ රැසක් සිංහලෙන් ගී ගැයුහ. ඒ චිත්‍රපටවල ලංකාවෙන් ගී ගැයූ ගායක
ගායිකාවන් වූයේ රුක්මණී දේවි, එඩී
ජයමාන්න, පර්ල් වාසුදේවි, ධර්මදාස වල්පොල,
ලතා, සහ ජී.ඇස්.බී.රාණි පෙරේරා ආදීහුය. මේ දශකය තුළ නිමවුණු සිංහල චිත්‍රපට
කීපයක් හැර සෙසු සියළුම චිත්‍රපට ඉන්දීය අනුකාරක චිත්‍රපට වූ අතර, ඒවායේ
ගීත ද ඒ අනුකාරකත්වය තුළ ගිලී තිබුණි.
මේ යුගය වන විට
ජෝතිපාලට වයස අවුරුදු 16 පමණ විය. ඒ වන විට
හින්දියෙන් ගී ගයන ගමේ ගායකයෙකු ලෙස ජෝතිපාල මරදාන ප්‍රදේශයේ තරමක් දුරට නමක් දිනා
සිටියේ ය. මරදාන, දෙමටගොඩ, නාරාහේන්පිට,
ආදී ප්‍රදේශවල පැවති "පැදුරු සාජ්ජයන්" සඳහා ජෝතිපාල ගැයුවේ හින්දි ගීත
ය. මේ පිළිබඳව මීට කළකට ඉහත දී ප්‍රවීන ගුවන්විදුලි නිවේදක ආරියදාස පීරිස් මහතා මා
සමග දැක් වූ අදහසක් මේ.
ආරියදාස පීරිස්
සොයා ගත් ජෝතිපාල:
ජෝතිපාල යොවුන්
වියේ දී රැකියාවක් ලෙස පිටකොටුවේ රෙදි
සාප්පුවක වැඩ කරමින් සිටියේය. පීරිස් මහතා නිතර ආ ගිය තැනක් වූ ඒ රෙදි සාප්පුවේ
වැඩ කල අයෙක් එක දවසක සාප්පුවේ වැඩ කල කඩවසම් තරුණයෙකු පෙන්වා
"ආරියදාස
මහත්තයා මේ කොල්ලට හොදට සිංදු කියන්න පුළුවන් පුලුවන් නම් රේඩියෝ සිලෝන් එකෙන්
සිංදුවක් කියන්න දෙන්න"
" එහෙනම්
කියනව බලන්න සිංදුවක්" ආරියදාස පීරිස් මහතා කීවේය
එදා ජෝතිපාල
රෙදි සාප්පුවේ බිත්තියකට තට්ටු කරමින් හින්දි ගීයක් ගයා ආරියදාස පීරිස් මහතාට
පෙන්වීය. ඔහු විමතියට පත්විය.
"හෙට උදේ
රේඩියො සිලෝන් එකට ඇවිත මාව හම්බවෙනව" පීරිස් මහතා කීවේය.
පසුදින උදෑසන
ජෝතිපාල ගුවන් විදුලියේ දොරකඩට වී සිටියේය. එදා පීරිස් මහතා පැමිණ ජෝතිපාල ආධුනික
පැය වැඩසටහනට දැම්මේය. ජෝතිපාල තමන්ට ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ගීය
ගැයීය. ඔහු ඉන් සමත් විය. ඉන් අනතුරුව
ජෝතිපාල ගුවන් විදුලියේ "ජයග්‍රාහි පෙළපාලියට " ද යොමු කළේය. එයින් ද ජෝතිපාල සමත් විය. එයින්
සමත් වූ ආධුනිකයන්ට විනාඩි 15 ක ආධුනික ගුවන් විදුලි වැඩසටහනක් ලැබුණ බැවින් ඒ අවස්ථාව ජෝතිපාලට ද හිමි විය.
ආරියදාස පීරිස් මහතා ජෝතිපාලව ගුවන් විදුලියට ගෙනාවේ ඒ අයුරිනි. මෙසේ ගායකයෙක් වූ
ජෝතිපාල චිත්‍රපට අධ්‍යක්ෂක සිරිල් පී. අබේරත්නටද හඳුන්වා දුන්නේ ආරියදාස පීරිස්
මහතා විසිනි.
ආරියදාස පීරිස් මහතා |
මේ ආකාරයට
පියවරෙන් පියවර ගීත ගායනයට පිවිසෙමින් සිටි
ජෝතිපාලට 1955 වර්ෂයේ දී සිරිසේන විමලවීර තැනූ "පොඩි පුතා"
චිත්‍රපටයට ගී ගැයිමට අවස්ථාවක් ලැබුණි.
ජෝතිපාල ගීතය ගායනා කළේය. චිත්‍රපටය
නිෂ්පාදනය කළ නව ජීවන චිත්‍රපට සමාගම ජෝතිපාලගේ ගීතයට විරෝධය පල කළේය.
"මිනිහගේ
කට හඬ හරි නෑ, මහ රළු හඬක් , මේ මිනිහට සිංදු කියන්න බෑ ඒ නිසා මේ චිත්‍රපටයෙන්
මිනිහා අයින් කරනවා" චිත්‍රපට සමාගම
සංගීත අධ්‍යක්ෂ වරයාටත්, චිත්‍රපට අධ්‍යක්ෂවරයාටත් දන්වා සිටියේය. කිසිඳු තර්කයක්
නොමැතිව ජෝතිපාල ගැයූ ඒ චිත්‍රපට ගීතය
චිත්‍රපටයෙන් කැපී විසි වුණි.
එසේ වුවද,
ජෝතිපාල එවකට තිබූ "පැදුරු
පාටි" සඳහා දිගින් දිගටම සහභාගි විය. මේ පැදුරු පාටි සංගීත සඳහා එවකට පී.එල්.ඒ. සෝමපාල සහ ආර්.ඒ චන්ද්‍රසේන නම් දරා
සිටියේය.
ජී.ඇස්.බී
රාණිට හමු වූ ජෝතිපාල:
"මගේ
මහත්තයා ඇන්ටන් පෙරේරා තමයි මුලින්ම ජෝතිපාලව අඳුන ගත්තෙ. මහත්තයා එතකොට වැඩ කළේ
රෙඩිෆියුෂන් සමාගමේ මරදාන ඒජන්ට් විදියට. ඇන්ටන් මරදානෙ නොදන්න කෙනෙක් නෑ. මටත්
වඩා හුඟක් ජනප්‍රියයි ඇන්ටන්. ඒ කාලෙ මරදාන ප්‍රදේශයේ හිටපු චණ්ඩියෙක් වූ "චණ්ඩි
චොප්පෙ " ඇන්ටන්ට ජෝතිපාලව හඳුන්වා දී තිබුණි.
"හොඳට
සිංදු කියන කොල්ලෙක් සර්! නෝනට කියල අපේ කොල්ලට මොකක් හරි සපෝට් එකක් අරන්
දෙන්න."
ඇන්ටන්ද හිස
වැනුවා මිස ඉන් එහාට යමක් පැවසිමට නොගියේ ය. ඒ ඇන්ටන් සහ රාණි විවාහ වූ අලුත
බැවින් ඔවුන් දෙදෙනා ඇසුරු කල බොහෝ අයගෙන් පැදුරු පාටියකට හෝ බජව්වකට ඇරැයුමක් නොලැබුණා නම් ඒ කලාතුරකිනි.
"අපි
විවාහය රෙජිස්ටර් කළේ පුවත් පත් කලාවේදී සිසිර කුමාර මාණික්කආරච්චි මහත්තයාගෙ නුගේගොඩ ගෙදරදි. දැන්
නන්දා මාලනී ඉන්න ගෙවල් පාරෙ කෙළවර තමයි
සිසිරගෙ ගෙදර තිබුණෙ.
ජී.ඇස්. බී. රාණී පෙරේරා |
අපේ විවාහය
වෙනුවෙන් සිසිර පැදුරු පාටියක් සූදානම් කළා. අපි දෙන්නත් එතැන ඉන්දැද්දි ඒ බජව්වට චොප්පෙ ජෝතිපාලව එක්කන්
ආවා."
ආර්.ඒ. චන්ද්‍රසේන
මාස්ටර් පැදුරු පාටිය භාරව කටයුතු කල අතර
ඇන්ටන් චන්ද්‍රසේන මාස්ටර් ළඟින්ම ඇසුරු කළ අයෙකු බැවින් චන්ද්‍රසේන මාස්ටර් ළඟට
ගොස් ජෝතිපාල ඔහුට හඳුන්වා දුන්නේය.
"හොඳට
සිංදු කියන කොල්ලෙක් මචං කොල්ලට සිංදුවක් කියන්න දීපං"
යහළුවාගේ
ඉල්ලීමට පිටුපෑමට නොහැකි වූ බැවින් චන්ද්‍රසේන මාස්ටර් ද දෙවරක් නොසිතා ම ඊට කැමැත්ත පළ කළේ ය. ආර්.ඒ
චන්ද්‍රසේන මාස්ටර් ද ඕනෑම වෙලාවක ඕනැම තැනකදි
අනුන්ට උදව් කිරිමට තරම් හිතක් තිබූ මහත්මාගුණයෙන් පෝෂිත අයෙකු වූ බැවින්
ජෝතිපාලට ඒ අවස්ථාව ලැබුණි. එය ඔහුගේ ජීවිතයේ අමරණීය එකක් බව පසු කාලයේදි ජෝතිපාල
විසින් ඇන්ටන්ටත් රාණිටත් කියා තිබුණි.
"එදා ජෝති
හරි ලස්සනට හින්දි සිංදු දෙකක්ම කිව්ව. " රාණි කීවාය.
කඳුළෙන්,
සුසුමෙන්, සිනාවෙන් උපන් ගීතය:
නැවත ජෝතිපාලට චිත්‍රපටයක
ගීයක් ගායනා කිරිමට අවස්ථාව උදා කර දුන්නේ
පෙර දවසක ආරියදාස පීරිස් මහතා
හඳුන්වා දුන්
චිත්‍රපට
අධ්‍යක්ෂක සිරිල් පී. අබේරත්න විසිනි. ඒ ජබීර්.ඒ.කාදර් නිෂ්පාදනය කළ "සුරතලී" චිත්‍රපටය සඳහා ය. ඒ
"සිරියා මෙ සාරා" ගීයයි.
1956 දී තිරගත
වූ "සුරතලී" චිත්‍රපටයද ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ
"බර්සාත්" චිත්‍රපටය ඇසුරින්
නිර්මාණය වූවකි. සිරිල් පී. අබේරත්නට අමතරව දකුණු ඉන්දියාවේ දෙමළ චිත්‍රපට
අධ්‍යක්ෂකවරයෙකු වූ කේ. වෙම්බු මහතාද චිත්‍රපටයේ අධ්‍යක්ෂ වරයෙකු ලෙස කටයුතු කළේය.
චිත්‍රපටයට ගීත
12 ක් ඇතුළත් විය. "සුරතලී " චිත්‍රපටයේ ගීත ගායනා කිරිමට සිටි ප්‍රධානතම ගායක පිරිස
වූයේ ජී.ඇස්.බී.රාණි පෙරේරා, ස්වර්ණා අබේරත්න, ධර්මදාස වල්පොල, එල්.එම්.පෙරේරා, ලතා සහ ජෝතිපාල ද, ඉන්දියාවේ මදුරාසියේ
"වාහිනි" ශබ්දාගාරයට ගොස්
සිටියහ. ටී.ආර්. පාපා "සුරතලී"
චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය භාරව කටයුතු කළේය. චිත්‍රපටයේ ගීත අතුරින් එකක් සමූහ
ගායනයක්ද, තව ගියක් යුග ගීතයක් ලෙසින්ද, ඒකල ගීයක් ද ජෝතිපාලට ගැයිමට නියමිතව
තිබුණි.
ජෝතිපාල නවක
ගායකයෙකු නිසා එකවරම චිත්‍රපට පසුබ්ම් ගීතයක් ගායනා කිරිමට භාර දිමට පාපා අකමැති
විය. පාපා ජෝතිපාල එම චිත්‍රපටයෙන් ඉවත්
කිරිමට අපමණ වෙහෙසක් ගත්තේ ය.
'මෙයාගෙ වොයිස්
එක මේ චිත්‍රපටයට ගැලපෙන්නෙ නෑ" පාපා කීවේය. එයින් නොනැවතී ඔහු ඒ බව චිත්‍රපට නිෂ්පාදක ජබීර්.ඒ. කාදර්ට ද
දැනුම් දීමට කටයුතු කළේය.
කෙසේ වුවත්,
එදා පටිගත කිරිම් සඳහා "වාහිනී" ශබ්දාගාරයට ගොස් සිටි ජී.ඇස්බී. රාණි ඇතුළු
පිරිස පාපාගෙන් ඉල්ලීමක් කළේ ජෝතිපාලට ගීය
ගායනා කරන්න දෙන ලෙස ය. ජෝතිපාල නිසා "සුරතලී" චිත්‍රපටයට යම් හානියක්
හෝ පාඩුවක් වුවහොත් යළිත් කිසිඳු දිනයක
කාදර්ගේ චිත්‍රපටවලට සම්බන්ධ නොවන බව ඔව්හු පාපා ට කියා සිටියහ.
ඒ වන විටත්
දෙවන වරටත් අහිමි වෙමින් තිබූ වාසනාව පිලිබඳව ජෝතිපාලගේ සිත දැඩිව කලකිරීමට පත්ව
තිබුණි. ඒ හේතුවෙන් ම ඔහු මදුරාසියේ දී දුම්රියට පැන සිය දිවි හානි කරගැනිමට උත්සාහ කළේය. ඒ ජෝතිපාලගේ උත්සාහහය යාන්තමට එදා ලංකාවෙන් ගොස් සිටි ශිල්පීන්ට වලක්වා ගත හැකි
විම සතුටට කාරණයක් විය. අන්තිමේ දී සිරිල් පී. අබේරත්නගේ දැඩි බලපැම හමුවේ කණ්ඩායමට
ජය අත්විය. ජෝතිපාල "සිරියා මෙ සාරා"
ගීතය ගායනා කළේය.
චිත්‍රපටයේ ගීත
අතුරින් හරි අඩකට වඩා ජනප්‍රිය විය. ජෝතිපාල ගැයූ සෙසු ගීත එතරම් ජනප්‍රිය නොවුන ද
කාදර්ගේ චිත්‍රපටයට කිසිඳු හානියක් හෝ පාඩුවක් සිදු නොවුනි. කාදර්ගේත්, ටී.ආර්.
පාපාගේත්, ඉහේ මලක් පිපුණාක් මෙන් විය. ඔවුන්ගේ මුවගට සිනා රැල්ලක්ද නැගුණි. ඒ
කඳුළින් සුසුමින් සිනාවෙන් උපන් මේ ගීය නිසාය.
සිරියා මෙ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ
අමධාරා හෝ ප්‍රේමේ අමධාරා
ප්‍රේමේ නුරා
ගීත රාවේ නැගෙන්නා
මේ පෙම් මල්
පිපීලා මා හර්දේ පිරෙන්නා
හෝ...
දින රාජයා ඈත
අහසේ දිලෙන්නා
දී ප්‍රේමේ
අමධාරා හෝ ප්‍රේමේ අමධාරා
ගංගා පිරීලා
ඉතිරී ගලන්නා
ආලේ රසේ මා
හදේහි නැගෙන්නා
හෝ..
මේ සන්ධ්‍යා ශ්‍රියාවෝ
නැගේ හද මෝරා
දී ප්‍රේමේ
අමධාරා හෝ ප්‍රේමේ අමධාරා
මල් ලෝකෙ සරලා
ගුමු නාදෙ දීලා
බඹරා ගියා
සේ පෙම් ගී ගයාලා
හෝ..
යාවී මේ දැන්
පෙම් කුමාරි සොයාලා
දී ප්‍රේමේ
අමධාරා හෝ ප්‍රේමේ අමධාරා
ගීත
පබැඳුම: ඩබ්ලිව්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගිතය: ටී.ආර්. පාපා
ගායනය: එච්.ආර්. ජෝතිපාල
චිත්‍රපටය: සුරතලී
නිෂ්පාදක: ජබීර්.ඒ. කාදර්
තිරගතවූ
වසර: 1956
මේ චිත්‍රපටයේ සියළුම ගීත අනුකාරක ගීත විය. ඒවා හින්දි සහ
දෙමල චිත්‍රපටවලින් උපුටා ගත් ඒවාය.
ඒ අනුව පසු කාලයේ
දී ජනප්‍රියම චිත්‍රපට පසුබ්ම් ගායකයා වූ
එච්.ආර්.ජෝතිපාලගේ මුල්ම ගීතය සහ චිත්‍රපට ගීතය ලෙස "සිරියා මෙ
සාරා" ගීතය ඉතිහාස ගත විය. ඒ වන විට
ජෝතිපාලගේ වයස අවුරුදු විස්සකි. ගීතයට අදට වසය අවුරුදු 56 කි. ෴
ආශ්‍රිත ග්‍රන්ථ:
01.
සිංහල චිත්‍රපට ගීතාවලිය 1947 – 1956 -
මහාචාර්ය සුනිල් ආරියරත්න
02.
සිංහල චිත්‍රපට ගිත සාහිත්‍යය - සමන්ත හේරත්
03.
ඉන්දීය සිනමාවේ දහතුන් වැනි භාෂාව - සුනිල් මිහිදුකුල
04.
ලාංකේය සිනමාවේ චින්තනය සහ භාවිතය - ගුණසිරි සිල්වා
05.
පරම රමණි - ජී.එස්.බී.රාණි පෙරේරා හරසර -
දයානන්ද රත්නායක
ඔබේ
හිතේ ජෝතිපාල පිලිබඳව විචාරාත්මක අදහසක් හෝ මේ ලියූ දේ ගැන විචාරයක් ඇත්නම්
ලියන්න. කැමති විදියට ලිවිමට ඔබට නිදහස ඇත.
මම එක!!
ReplyDeleteවරක් අපේ රටේ ප්‍රසිද්ධ රාජ්‍ය නායකයෙක්, ජෝතිපාල හිටි රැස්වීමක දී අර මෝරාගේ සින්දුව කියන්නකෝ ජෝති කියලා කිව්වා ලු. ඒ මොකද්ද කියලා එතැන හිටි කාට වත් හිතා ගන්න බැරි වෙලා. පස්සේ තමයි තේරුම අරන් තියෙන්නේ මේ කියන්නේ සිරියා මේ සාරා ගීතය ගැන කියලා.
Deleteජෝතිගේ ගීතයක් වත් නොවින්ද තරම් පෝස්ට් එක වින්දා!
ජය වේවා!!
මෙන්න තෑග්ගට ජෝතිගේ මුල්ම ගීය..
Deleteරැංගෝ..
Deleteමට නොපෙනුන අඩුපාඩු ටිකක් පෙන්නලා දුන්නට බෙහෙවින්ම ස්තූතියි.
ප්‍රසිද්ධ රාජ්‍ය නායකයා තමයි ජෙ.ආර්.ජයවර්ධන මැතිතුමා.
Deleteජෝතිපාලගේ ගී අපි අතර ගොඩක් රැදිලා තියෙන්නෙ ඒවායේ තියන සරලකම නිසාමයි..
ReplyDeleteඉන්දියාවෙ පුහුණුවකට ගියපු වෙලාවක රෑ පාටි එකකදි අපි හැමෝම සින්දු කියන්න එකතු වුනා..බංගලිදේශයෙන් ආව යාළුවෙක් අපි හින්දි සින්දුවලට හදලා කියන ගී කියලා ගී මාලාවක්ම ගැයුවා මතකයි..ඒත් ඒ හැම ගීතයකටම මැච්වෙන සින්දුවක් මටත් කියන්න පුළුවන් වුනේ ජෝතිපාලගේ ගී ගොඩක් කටපාඩම් නිසා..
ලිපි පෙලේ සැකැස්ම අපූරුයි..දිගටම ලියන්න සුභ පතනවා..
රූ....
Deleteඒ සරල බව නිසාම නූගත් රසිකයාගේ පටන් බුද්ධිමත් රසිකයා දක්වා ඒ ගිත ව්‍යාප්ත වුණා. ඒක අනෙක් ශිල්පීන්ට බැරි වුණ දෙයක්. ඒකයි ජෝති අදටත් ජනප්‍රිය
ස්තූතියි අගය කිරිම ගැන
එදා ඉන්දියාවෙදී ඔහු සියදිවි නසා ගත්තානම් අපිට අද මෙහෙම දෙයක් ලියන්න ඉතිරිවෙයිද ? මෙවන් හේතු නිසා අපට අහිමි වූ කීදෙනෙක් නම් ඇතිද. මට හිතුනෙ නම් එහෙමයි. අත හිත වගේම කකුලෙන් ඇදීම් මේ සමාජය තුල ඇතිබව සත්‍යක්.
ReplyDeleteඔබෙ ලිපියෙන් ජෝති ගැන නොදන්න යමක් දැනගත්තා. තව ඉදිරිය නොදන්න බොහෝ දෙ ඇති බවට නම් සැක නැත. ඔබට ජය ...
මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
ලොකු ජෝන්
Deleteඇත්තටම සිංහල සිනමාවෙ මුල් අවුරුදු 20 ම තනිකරම ඉන්දියාව අතේ තිබුණේ. ගායක ගායිකාවෝ, සංගිත අධ්‍යක්ෂවරු, චිත්‍රපට අධ්‍යක්ෂවරු, ඔක්කොම ඉන්දියාවෙන් අපේ රටට පොම්ප කළා. ඒනිසා චිත්‍රපට කලාවෙදි මුල් දශක දෙකේදි ඉන්දියාවට ඕනෑ විදියටයි වැඩ සිදු වුනේ.
අර කතාවක් තියෙනවා නේ එලිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කියලා.. ඒවගේ තමයි.
පරණ ලිපියත් එක්කම දෙකම අද කියෙවුවෙ. නොදන්නා බොහෝ කරුණු දැන කියා ගත්තා...
ReplyDeleteඅපූරුම ගොනු කිරීමක්.. බොහොමත්ම ස්තුතියි.
දිනිති..
Deleteලිපි දෙකම කියෙව්වට ස්තූතියි. ජෝතිපාල ගැන මේ පටන්ගත්තා විතරයි.
අනිත් ටිකත් කියවන්න එන්න
අනිවාර්යයෙන්ම.
Deleteපටුනක් යොදපු එක හොදයි.. එතකොට අපිත් ලියන පිළිවෙල ගැන දන්නවනේ.. ඉතිරියත් හෙමින් කියවලා බලමුකෝ..
ReplyDeleteදිනේෂ්..
Deleteකියවලා බලන්න ඊට පස්සේ සදා කල් මතකයේ රැඳේවි.
ස්තූතියි.
ජෝතිපාල ගැන ලිවීමට අදහස් කරන අයුරු අපූරුයි.
ReplyDeleteඔහු ගායකයෙක් ලෙස කිසිම විදියකින් පුහුණු නොවූවකු බව දැන හිටියත්, මෙබඳු විස්තර කලින් දැන සිටියේ නෑ. ඔහුගේ මුල් ගීය ඉතාම රසවත්. අපේ ඉන්දියානු යෙහෙළියක් ඉන්නවා හොඳින් ගී ගැයීමට හැකි. ඇගේ හඬම ගීයක් වගේ. ජෝතිපාලගේ හඬ මට ඇසෙන්නෙත් සංගීතයක් වගේ. ඔහුගේ හඬේ ඇත්තෙන්ම රලුබවක් තියනවා. මිහිරි නෑ. ඒත් වාදන භාණ්ඩයක් රහිතව උනත් ඔහුගේ හඬ ගීයක් වගේ. එහෙමත් නැත්නම් වාදක භාණ්ඩයකින් වැයෙන සංගීතයක් ලෙස සඳහන් කල හැකි.
දයාගේ 'මිරිවැඩි සඟලක් ' ගීතය එදා අහන්ට ලැබුනා. රස වින්දා. මේ වගේ අපි අසා නැති තව ගී ගොඩක් ඇති. ඒ ගැනත් අපව දැනුවත් කරන්ට.:)
පොඩ්ඩි..
Deleteජෝතිට තිබුනේ ගැමුරු සිනමා රූපි කටහඬක් ඒ හඬ සිනමාවටයි ගැලපුනේ.
මගේ අනික් ගීත ටිකත් ඒ වගේම ඉඳහිටල අහමු. හරි මතු දවසක තවත් ජනප්‍රිය ගීයක් ගැන ලියනවා
අමරණිය ජෝති ගැන කිසිම දිනක අසා නැති කරුණු ගොඩක් ඔබෙ ලිපියෙන් දැනගත්තා . මේ කරුණු
ReplyDeleteමට වැදගත් වෙයි ඊලග ඉරිදා නිශන්තය වෙන් වන්නේ සම්පුර්ණයෙන් ජෝති වෙනුවෙන් නිසා . ඔබගේ අවසරය පතනවා කරුණු ටිකක් උකහා ගන්නට .
ගිම්හානි..
Deleteමේ තොරතුරු කැමති ආකාරයකට යොදා ගන්න . දැන් මේවා ජන සතු කරලා තියෙන්නේ.
''නාමේ නොදිරනා කුණු කය දිරනා අරුමෙකි සෝබා සංසාරේ....''
ReplyDeleteඅරමණීය ජෝතිපාලයන් තව අවුරුදු 100ක් ගියත් මිනිසුන්ගෙ හිත්වල පැල පදියන් වෙලා තියෙයී. ඔබතුන්ගෙ ලිපිය හුගක් වැදගත්.බට්ටි නොදැන හිටිය මහ හුගක් කරුණු මේ ලිපියෙන් දැන ගත්තා..
සදුදා ඉදලා මාත් එක දිගට එතුමගෙ ගීත අහන්නේ. මේ අපේ ගිම් අක්කගෙන් නිශාන්තයෙන් ඉල්ලන්න හොදම සිංදුවක් තෝරනවා...
බට්ටි..
Deleteඇත්තටම ජෝතිපාල හරියට මැණිකක් වගේ මොකද ඔප දමන්න ඔප දමන්න වැඩියෙන් බබලනවා. ඇතැම් අයි මියගිහින් වසරක් දෙකක් ගියාම ඔවුන්ගේ නාමය පවා අමතක වෙනවා. ඒත් ජෝතිපාල මියගියත් එදා වගේම අදත් එකවගේ ජනප්‍රියයි.
සිරියා මේ සාරා ගීතය මුල් අවස්ථාවේ එතරම් ජනප්‍රිය වුණේ නැති වුණාට අද කොච්චර නම් ජනප්‍රියද. ඒ ගීතය යද්දී පොඩි ළමයි පවා දන්නවානේ ඒ ගීතය ජෝතිපාල ගායනා කරන එකක් කියලා.
ReplyDeleteලිපි පෙලේ පෙළ ගැස්ම හොඳයි. ඉදිරියේදීත් හමුවෙමු :)
හසිත..
Deleteමටත් හිතාගන්න බෑ මේ ගියට ඒතරම් වයසද කියලා. ඇහෙන වෙලාවට නම් අද ඊයේ ගීයක් වගේ.
ජෝතිපාල මම බොහෝමත්ම ආසා කරන ගායකයෙක්.. ඔහුගේ හඩේ ගැඹුරු බව ලයාන්විත බව නිසා ගීතය හදවතටම දැනෙන්න ගායනා කරන්න ඔහු සමත් වුනා කියලයි මම හිතන්නේ. ඒ වගේම ජෝතිගේ ගීත බොහොමයක් හින්දි ගීත වල තාලයන් අනුසාරයෙන් නිර්මාණය කරපු සිංහල ගීත වුනත් ඒවායේ තිබුන සරළ වචන රසිකයන්ව ඇඳ බැඳ ගන්න සමත් වුනා. ඒ නිසාම වෙන්න ඇති ජෝති මියගිහින් වසර 25ක් ගෙවිලත් අදටත් ඔහුගේ හඬ අමරණීය.. ඔහු ඒ හැමදේකටම වඩා මානුශීය පුදගලයෙක්, මම දන්නා විදියට ඔහු ගී පටිගත කිරීම් නිමා වුනාම මුදල් ගෙවීම් කරන්න යද්දී සල්ලි තියෙනද කියන දේ අහලා මුදල් ලබාගත්ත කෙනෙක් විදියට ප්‍රසිද්ධයි... ඔහුගේ සතුට වුනේ ගීත ගායනා කිරීම මිසක් මුදල් ඉපයීම නොවේ. එතුමාගේ ගීත වගේම එතුමාත් අදටත් අමරාණිය වෙන්න මේ හේතු හැම දෙයක්ම බලපානවා ඇති.
ReplyDeleteබොහෝමත්ම වටින ලිපියක්. නොදන්න කරුණු ගොඩක් දැනගන්න ලැබුනා.
ප්‍රාර්ථනා..
Deleteඔබේ සටහන හරියටම හරි. ජෝතිපාලට වුවමනා වුනේ ගීත ගායනා කරන්න මිස එයින් මුදල් හම්බ කරන්න නෙවේ.
ඒ නිසාම ඔහු පොදු ජන රසිකයාගේ හිතවතෙක් වුණා
ලිපි මාලාව ලියැවෙන ආකාරය කියන කොටසත් ආශ්‍රිත ග්‍රන්ථත කියෙව්වාම මගේ හිතට ආපු ප්‍රශ්නය තමා මෙච්ච්ර දේවල් ගොඩාක් ලියන්න අයියා වෙලාව හොයාගන්නේ කොහොමද කියලා. බොහෝමත් වටින හර බර ලිපි පෙලක ආරම්භයක් වගේ. ඇත්තටම අපි සින්දු රසවින්දත් ඒවායේ බිහිවීම ගැන වුන පසුබිම් කතා දන්නේ නෑ. "සිරියා මෙ සාරා" ගීතය ගැන කියනවනම් එය තවමත් තරුණයි. ඉදිරියටත් එහෙම්මම තමා. අපි වයසට ගියත් ඒ ගීය නම් වයසට යයි කියා නොහිතෙන තරමට අපට ළ0 වෙලා තියෙන්නෙ
ReplyDeleteතොටියා..
Deleteමේවට ඉතින් අලුතින් වෙලාවක් නෑ. ලැබෙන ඉසිඹුවම එක වෙලාවකට වෙලාවක්ම තමයි. පොතක් පතක් කියෙව්වාම ඒක මීටරේ තැන්පත් වෙනවා. ඉතින් ලියන වෙලාවට ටිකක් මතකය අලුත් කරගන්නවා. එච්චරයි.
එතකොට අර "සුරතලියේ සුකුමලියේ" ගීතය තියෙන්නෙත් සුරතලී චිත්‍රපටියේද? අපේ පන්සලේ දායක කට්ටිය ට්‍රිප් යනකොට පටන් ගන්නෙම ඒ සිංදුව....!!!
ReplyDeleteඅනූ..
Delete"සුරතලියේ සුකුමලියේ" ගීතය තියෙන්නෙත් සුරතලී චිත්‍රපටියේ නෙවෙයි වෙනත් චිත්‍රපටයක
සුරතලී චිත්‍රපටයේ තිබුණ තවත් ජනප්‍රිය ගීයක් තමයි ධර්මදාස වල්පොල ගයන මෙන්න මේ ගීය.
සුරතලී සංගීතේ රසේවෙලී තනි වූදා මෙමා
ඔබේ රුවේ බලේ පෑවාද ප්‍රේමේ සදා...
ජෝතිගේ කටහඬ ගැඹුරු උනත් හරිම මිහිරක් තියෙනවා. ඒ වගේම සමහර ගායකයන්ගේ සින්දු කියනකොට කටහඬට වඩා කතා කරනකොට වෙනස් හඬක් තියෙන්නේ. ඒත් ජෝතිගේ කටහඬ සින්දු කියනකොට වගේම කතා කරනකොටත් හරිම ගැඹුරුයි. ඒ බව මම දැන ගත්තේ පුංචි කාලෙ මමත් මගේ අක්කත් මාමත් එක්ක මොකක් හරි වැඩකට කොළඹ ගියාම ජෝතිපාල හමුවුනා. ඔහු අපේ මාමගෙ යාලුවෙක් බව දැනගත්තෙ ඒ වෙලාවෙදි. ජෝති අපේ මාමගෙ අතින් අල්ලන් ඔහුගෙ ගැඹුරු හඬින් " කොහොමද මචං " කිව්වම අක්කටයි , මටයි දෙන්නටම හිනාගියා. ජෝති වගේ ජනප්‍රිය ගායකයෙක්ව දැක ගන්න ලැබුණ එක ගැන අක්කයි, මමයි දෙන්නම සතුටු උනා.
ReplyDeleteඇත්තටම මේ ලිපියෙන් අපි නොදත් බොහෝ දේ දැන ගන්න ලැබීම ලොකු සතුටක්....
නීතා ..
Deleteමේ තියෙන්නේ ලස්සන මතකයක් අවදි කරලා.. ඉතින් ඒ මතකය හොඳටම ප්‍රමාණවත්. ජෝතිගේ ගීයක් විදින්න.
ජෝතිපාල මහත්තය ගැන මෙච්චර විස්තරනම් දැනගෙන හිටියෙම නෑ.... සිය දිවි නසාගන්නත් ගිහිල්ල නේද.. එහෙම උනානම් සිනාමාවට වෙන පාඩුව හිතාගන්නත් බෑ...
ReplyDeleteස්තුතියි අය්යා..
මීගොඩයා..
Deleteඇත්ටම එදා ලංකාවෙ තිබුණෙ තනිකරම ඉන්දියන් ආධිපත්‍යය, ඔවුන්ගේ සියලු ඕනෑ එපාකම් අනුවයි චිත්‍රපට හැදුනේ. ඒකයි එදා ජෝතිට එහෙම වුණේ.
ජෝතිපාලගේ ජීවිතය ගැන නොදන්නා තැන් ගොඩක් දැන ගත්තා. අර දිවි නසාගන්න ගියපු කතාව ඇහුවම පුදුමත් හිතුණා. වටිනා ජිවිතයක් නිකරුනේ විනාශ වෙන්න ගියපු අවස්තාවක්. කැපිලි කෙටිලි ඒ කාලෙත් හැම ක්ෂේත්‍රයකම වගේ තිබිල තියනවා එහෙනම්...
ReplyDeleteලිපි පෙළේ ඊ ළඟ ලිපිත් කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා...
සයුරි..
Deleteඕනෑම කලා ක්ෂේත්‍රයක කැපිලි කෙටිලි තියෙනවා. අනික් අතට ඉනිදියාව කියන්නේ සංගීතය, ගායනය, නැටුම උපන් රටනේ එතකොට සහජයෙන් ගායනය ඇති කෙනෙකු හරියට කලු ගලේ ඔලුව හප්පගන්නවා වාගේ තමයි ඉන්දියාව එක්ක හැප්පෙන්න වෙන්නේ. එදා ජෝතිට වුනෙත් ඒ ටිකමයි.
හැකි තරම් හොඳට මේ ලිපි මාලාව රසවත්ව ලියන්න උත්සාහ ගන්නවා.
පටුන අනුව නම් වැඩේ නැගල යයි වගේ... මට මතකයි ජෝති මියයන්න කිට්ටුව ගම් උදාව ප්‍රසංගයකදිද කොහෙද සිරියා මෙ සාරා සින්දුව කියපු එකක් රූපවාහිනියෙ යනවා. ඒක කියන්නෙ බොහොම වෙහෙසකින්. අපෙ අම්ම කිව්වෙ ජෝතිට ශ්වසන රෝගයක් තිබුණ කියලා. ඒක ඇත්තද දන්නෙ නෑ...
ReplyDeleteහරේ...
Deleteවැඩක් පටන් ගත්තොත් පිලිවෙළට කරන එක යුතුකමක්. නැත්නම් අන්තිමට "ගහපු බෙරේකුත් නෑ බෙරේ පළුවකුත් නෑ" කියලා කියාවි.
මමත් රූපවාහිනී වැඩසටහන් කීපයක් ඔස්සේ ඒ ජෝතිගේ අවසන් ගායනය දැක්කා. ඒක කියන්නේ බොහොම වෙහෙසකින්.
ලොකු විස්තරයක් දැනගත්තා. ජෝතිපාලවගේ අසහාය ගායකයත් එක සැරේම නැගිටපු කෙනෙක් නෙවෙඉ නේ. ඒ චරිතයෙනුත් ගන්න තියෙන ආදර්ශය බෝමයි..
ReplyDeleteඅසරණයා..
Deleteජෝති කියන්නේ අඩියෙන් අඩිය කට්ට කාලා ආව ගායකයෙක්. ආයෙ බිමට වැටෙන්න දෙයක් නෑ. මොකද බිම ඉඳල නැගිට්ට නිසා..
එතුමා සියදිවි නසාගන්නත් ගිහින්??? :O මම අදයි ඒකනම් දැනගත්තෙ... මේ දවස්වල එතුමා ගැන නිතරම කතා වෙනවානෙ..
ReplyDeleteහිතුවක්කාරි..
Deleteජෝති මැරෙන්න හැදුවේ ඉන්දියාවේ කැපිල්ල නිසා. ඇතිතටම කවුරුත් කතාවෙන්න කලින්ම මම ලියන්න පටන්ගත්තේ ඒ නිසාමයි.
ජෝති..... කියවන්නත් අහන්නත් කැමති තවත් නමක්.. බලමු තව ඉස්සරහට
ReplyDeleteපසන්..
Deleteඑහෙනම් සතියකට වරක් ඇවිත් බලන්න.
අර්න්ස්ට් වඩුගේ මහතාගෙ අමරණීය ජෝති කියල පොත් 2ක් තියෙනව අලුත්ම එක මෙ ලඟදී නිකුත් උනා. එක කියවලා ඇත්තටම උනේ මොනාද කියල හොයාගෙන යනකොට තමයි මේ ලිපිය හමුවුනේ..
ReplyDeleteසී.ජේ.ගයාන්..
Deleteගයාන් මට කීපදෙනෙක්ම කිව්වා අර්නස්ට් වඩුගේගේ මේ පොත් දෙක ගැන . ඊමේල් දෙක තුනකුත් ලැබිල තිබුනා මේ පොත් දෙක ගන්න පුළුවන් තැනක් කියනවද?
ඔබ පිලිගන්නව අස්වැන්නට ඉතාමත් ආදරෙන්
ඕනම බූක් ශොප් එකකින් ගන්න පුලුවන් කියල තමයි තිබුනේ. මම නම් ගත්තෙ නුගේගොඩ සරසවි එකෙන්
Deleteමම කීප දවසක් හිතුවා ඔබ විසින් තාම ජෝති ගැන ලියවුනේ නැත්තෙ ඇයි කියල..මේ පළ වෙලා තියෙන්නෙ..හරිම අපූරුයි..ඉතිරියත් කියවන්න අනිවාර්යෙන් අස්වැන්නට ගොඩවෙනවමයි..
ReplyDeleteසිත් රූ සිහින..
Deleteජෝතිපාල වගේ කෙනෙක්ගේ ගීයක් දෙකක් අතනින් මෙතනින් අහුලලා දාලා මේක කරා නම් කියවන්න පැමිනි ඔබ සැමට ඒක මම කරන වැරැද්දක්. ඒකයි නිසි කල සහ වෙලාව එනතුරු සිටියේ. එන්න එහෙනම් සතියකට වරක් ඇවිත් බලන්න.
පෙළ ගැස්ම ගොඩක්ම හොඳයි අයියේ... ආදරණිය ජෝති ගැන දැන ගන්න ගමන් චිත්රමපට ගීතයේ ඉතිහාස කතාවකුත් දැන ගන්න ලැබේවි වගේ....
ReplyDeleteඔයා ගොඩක් මහන්සි වෙලා මේ ලිපි ලියන්නේ... පත්තරවලට දෙන්නෙ නැද්ද? වැඩි පිරිසකට කියවන්න ලැබෙනවා නේද එහෙම උණොත්.. ඔයාගෙ උත්සාහය හරිම වටිනවා...
මේ තරම් අමාරුකම් මැද ඉදිරියට ආව ජෝතිට පිළිගැනීමක්, ගෞරවයක් ලැබෙන්න මරණය හිමි වෙනකල්ම ඉන්න උණානෙ...
This comment has been removed by the author.
Deleteතරු රසී..
Deleteපෙලගැස්ම නම් යම් පිළිවෙලකට ලියනවා ටිකක් දිගයි සමහර විට කොටස් 40 ක් විතර වේවි. හැබැයි සිනමා ගීය ගැන කතාකරන්නේ ජෝතිගේ ගී ඇසුරින් පමණයි. වෙනත් ගී ගැන කතා කලොත් සෑහෙන් කලක් යාවි.
සති අන්ත පත්තරවලට කාලයක් නොකඩවා ලිව්වා. ඒත් දැන් ලියන්නේ නෑ ඉදහිටල ලියනවා. සමහර වෙලාවට මේකෙ ලියන ඒවා පත්තරවලා දානවා.
ඒ කාලෙත් මරදානෙ ටවර් හෝල් එක තිබිල එහෙනම්.
ReplyDeleteමිනිහෙක්ගෙ ජීවිතේට කැපිලි කෙටිලි වැඩි වන විට සාර්ථකත්වය ඉහළටම යනව කියන එකට තියෙන හොදම උදාහරණය වෙන්න ඇති ජෝතිපාල.
පහුගිය කාලෙ ලක්හඞ ගුවන් විදුලියේ ජෝති රාත්‍රිය කියල වැඩසටහනක් සතියේ දිනවල රෑ නවයට විකාශනය වුණා. දැනුත් තියෙනවද දන්නෙ නෑ. ඒකෙත් මෙවැනි විස්තර වරින් වර ඉදිරිපත් වුණා. ඒත් ඒ වැඩ සටහනේ තිබුණු දෝෂය තමයි ජනප්‍රිය ගීතම නැවත නැවත දිනපතා විකාශනය කිරීම.
ඔබේ මෙතෙක් විස්තර සහ ඇසූ කියවු විස්තර අනුව ජෝති ගීත ගැයීම වෙනුවෙන්ම ඉපදී ඒ වෙනුවෙන්ම ජීවත්වී මිය ගිය මිනිසෙක් ලෙසයි මට හිතෙන්නෙ.
Outsider...
ReplyDeleteටවර් රගහල එක්දාස් අටසිය ගනන්වල ඉඳල තිබුනනේ. ඇයි නීතිඥ ජෝන්ද සිල්වා ඇතුළු ටීටර් සහ නාඩගම් පෙන්නුවේ මරදානේ ටවර් එකේනේ. මට මතකයි මේකේ මුල් පින්තූරය අනුව ඉස්සර ටවර් එක පොල් අතු මඩුවක්.
ලක්හඞ ගුවන් විදුලියේ ජෝති රාත්‍රිය මට මතක හැටියට තාමත් තියෙනවා.
මගේ යම් තැනක වැරැද්දක් දුටුවොත් පෙන්වා දෙන ලෙසත්, අඩුපාඩු ටික පෙන්වා දෙන ලෙසත් හොඳ විචාරක ඇසක් ඇති ඔබෙන් ඉල්ලනවා
අදනම් ගොඩක් දේවල් දැනගත්තා..මට නම් හිතුනේ එතුමා ඇත්තටම මඩේ පිපුණ නෙළුම් මලක් වගේ කියලයි..අද පරක්කුවුනත් ආයෙනම් පරක්කු නොවීම අස්වැන්නට ගොඩවදිනවා මේ වටින දේවල් නෙලාගන්න..පෝස්ට් ඒකේ වටිනාකම ගැන කියන්න නම් වචනත් නැති තරම්....ස්තුතියි..!!
ReplyDeleteසිතුවිලි දැහැන
Deleteපමා වී හෝ පැමිණීම සතුටක්. බලන් ගියාම ඒතරම් ප්‍රමාදයකුත් නැහැ. ස්තූතියි ඔබේ අගය කිරිමට
මේ ගීතය ජෝතිපාලයන්ගේ මුල්ම ගීතය කියලා මම දැනගෙන හිටියේ නෑනේ...
ReplyDeleteමට අමුතුවෙන් එකතු කරන්න යමක් නෑ.මේ සේරම මම නොදන්නා දේවල්.ජෝතිව බේරගත්ත අයට ප්‍රණාමය පුද කරන්න ඕනේ එයාලා දැනගෙන ඉන්න නැතුව ඇති මේ බේරගන්නේ ලංකාවේ සංගීතය කියලා...
හරිම රසවත් විදියට ලියලා තියෙනවා.මේ පෙළගැස්ම නිසා සෑහෙන්න අර්ථවත් වේවි ලිපි පෙළ.ජය වේවා...
ගැමියාගේ පත් ඉරුව..
Deleteජෝතිපාල සහ ඔහුගේ නිර්මාණ නියම ආකාරයෙන් වටහා නොගැනීම සහ කතා බහකට ලක් නොවිම නිසා මේ ගැටලුව කාටත් මතුවෙනවා. ඉදිරියේදි අපි තවත් බොහෝදේ තේරුම් ගනිමු.
ස්තු තියි ඔබට
බොහොම ස්තුතියි මහත්තයො.. මට අහම්බෙන් වගෙයි මේ බ්ලොගය මුණගැසුනෙ.. ලිපි සියල්ල හෙමින් කියවන්න ඕනි.. බලලා ප්‍රතිචාර දක්වන්නම්.. ඔබතුමාට ගොඩක් පිං..
ReplyDeleteරන්දූ ෂාන්..
Deleteස්තූතියි ඔබේ වටිනා සටහනට
හ්ම්... හැමෝම හොඳ කියල තියෙන හින්දා වැරැද්දක් හෙව්වා ලියන්න. ඒත හොයාගන්න බෑනේ.. ජෝතිපාල මහතා ගැන මේ තරම් ශාස්ත්‍රීය විධියට ලියපු තැනක් මට නම් හමු වෙලා නෑ.. පාසැල් විෂය නිර්දේශයටත් හොඳයි වගේ..
ReplyDeleteකොහොමත් ජෝතිපාල පුරාවෘතයක් වගේ කියවිය හැකි චරිතයක් කියල හිතෙනව මේවා කියවනකොට.. හරිම රසවත්.. නැද්ද මං අහන්නේ..
උපේන්ද්‍ර..
Deleteඋඹ දන්නවනේ මගෙන් වැරැද්ක් ලියවෙන්නෙ ඉතාමත් කලාතුරකින් කියලා.කොහොම වුණත් සැලැස්මක් හදා ගත්තේ වැඩි පහසුවක් ඇතිවෙන්න. උඹේ යෝජනාව නම් හොඳයි පාසාල් විෂය නිර්දේශයට ඇතුල් කලොත් ලයි නියම රස වින්දකයන් පිරිසක් වේව්. එතකොට ඔය හැම සංගිත ක්‍රමයක් ගැනම අවබෝධයක් ඇතිවේවි.
ඉදිරියේදි අපි තව බොහෝ දේ ගැන කතා කරමු.
මමත් හිතන්නේ ජොතිපාල මහත්තයා ගැනහොදම ලිපිය තමයි මේ
ReplyDeleteඅටම්පහුර..
Deleteඔබේ පැමිණීම සතුටක් සාදරයෙන් පිළිගන්නවා අස්වැන්නට.
අගය කිරීම වෙනුවෙන් ස්තූතියි.
මම ඉතින් කොච්චිය ගිය පසුව එන කෙනානේ. පොස්ට් එක කියවා අවසන් වෙද්දී දුකක් හිතට දැනුනා. අනේ ජෝති තව අවුරුදු 10ක් හිටියානම්...
ReplyDeleteසිරිය මේ සාරා.
මා සිංහල ගීයකට පෙම් බැන්දාද. මේ තමා මගේ පළමු පෙම. ඉතින් කොහොම අමතක කරන්නද.
සිරියමේ සාරා 1987 දී වගේම අදත් මා අදරේ කරන ගීය.