ජෝතිපාල
නැවත කියවමු දෙවන කොටස
ලෙස්ටර්,
අහුබුදු, සුනිල් සාන්ත සහ ජෝතිපාල:
සිංහල සිනමාවේ 1947
– 1956 දශකය තුළ ප්‍රදර්ශනය වූ චිත්‍රපටවල
තිබූ ස්වරූපය 1957 - 61 දක්වා වූ පස්
අවුරුදු කාලයේ ද දක්නට ලැබුණි. අනුකාරක කොපි චිත්‍රපට බිහිවීමේ ප්‍රවණතාවයෙහි
අඩුවක් නොවී ය. ඒසේ වුවද මේ කාලය තුළ සිංහල සිනමාවේ නව ප්‍රවණතා ඇති වෙමින්
තිබුණි. එය ලාංකික අනන්‍යතාවය ගැන සිතූ
නිර්මාණශීලින් කිහිප දෙනෙකු සිංහල සිනමාව නව ප්‍රවේශයකට ළංකරන්න වෙර දරමින්
සිටි යුගයක් විය. ඒ නිසාම ස්ව තන්ත්‍ර නිර්මාණ කීපයක්ම මේ කාල පරිච්ඡේදය තුළ බිහි
විය. ඒ චිත්‍රපට කීපයේ සංගීත සහ ගීත
ස්වතන්ත්‍ර නිර්මාණ ලෙසින් එළිදැක්වීම මෙහිදී සැළකිය යුතු වැදගත් කාරණයකි. එසේ
වුවද එච්.ආර්.ජෝතිපාල ගායනයට පිවිසි පළමු
වසර පහ එනම් 1956 – 1961 කාලය තුළ චිත්‍රපට රැසක් බිහිව තිබු අතර, එයින් වැඩිම ප්‍රමාණයක
තිබුණේ එවකට ජනප්‍රිය ව තිබූ හින්දි සහ දෙමළ චිත්‍රපටවලින් උපුටාගත් ගී තනු ඇසුරින් හැදූ අනුකාරක වලිනි.
ජෝතිපාල 1956
දී “සුරතලී” චිත්‍රපටය සඳහා ගැයූ “සිරියා
මෙ සාරා” ගීයෙන් පසුව ඔහුට චිත්‍රපට
පසුබිම් ගායනයේ දොරටු විවර වූයේ ද තරමක්
මන්දගාමී ලෙසින් වුවත්, එකල ඔහුට ගැයීමට ලැබුණ සියළුම ගීත හින්දි සහ දෙමල චිත්‍රපටවල
අනුකාරක ගීත වශයෙන් හැඳින්වීම වරදක් නොවේ.
ලෙස්ටර් ජේම්ස්
පීරිස් සිනමාවට පිවිසෙන්නේ ද මේ අවදියේ දීම ය.
ඔහු “රේඛාව” චිත්‍රපටය නිර්මාණය කරන්නේ ද 1956 දී ය. “රේඛාව” චිත්‍රපට කලාවේ අද්වීතිය නිර්මාණය වූයේ
එය එතෙක් පැවති දකුණු ඉන්දීය සිනමාවේ ආදිපත්‍යය බිඳ දමා සිනමාව කලාත්මක මාවතකට යොමු
කිරිමත් සමග ය. රේඛාවේ සිංහල ගීත 06 ක් ඇතුළත්ව තිබුණි. ඒ චිත්‍රපටයේ ගීතවල තනු
නිර්මාණය කර තිබුණේ සුනිල් සාන්තයන් විසිනි.
ලෙස්ටර්
රේඛාවෙන් සිනමාවේදි ලැබූ පන්නරය ඔස්සේ ඉන් වසර 04 කට පසු සිය දෙවන සිනමා කෘතිය නිර්මාණය කිරිමට අඩිතාලම යොදා
තිබුණි. “සංදේශය” චිත්‍රපටය ලෙස්ටර් අතින් බිහිවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසට ය.
රේඛාවේ ඇතුළත්ව තිබූ ගීතවල රසය නිසා ම ලෙස්ටර් “සංදේශය” චිත්‍රපටයේ ගීතනු නිර්මාණය
කිරීමේ කාර්ය පවන්නේ සුනිල් සාන්තයන්ට ය.
සුනිල් සාන්ත |
සුනිල්
සාන්තයන් දේශීය සංගීතකරුවකු ලෙසින් දිගෙන තිබූ කීර්තියත්, සුනිල් සාන්තයන්ගේ සංගීත
භාවිතය සහ හැකියාවද මෙහිදී ඉවහල් වන්නට ඇත. සංදේශය චිත්‍රපටයේ කතා පුවත් පසුබිම් වූයේ ලංකාව පෘතුගීසින්ගේ
යටත් විජිතයක්ව පැවති යුගයක දිග හැරුණු කතා පුවතක් වූ නිසා ය. ඒ නිසා ම ලෙස්ටර් සංදේශය සදහා එවකට සිටි දැවැන්තම කලාකරුවන් පිරිස මේ සඳහා දායක කරගෙන
තිබුණි.
සංදේශය චිත්‍රපටයේ ගීත රචනා කිරීමේ කාර්යය පැවරී තිබුණේ අරිසෙන්
අහුබුදු ශූරින්ට ය. අහුබුදුවන්ගේ ගී පදමාලා සඳහා තනු නිර්මාණය කිරීමේ කාර්යය
සුනිල් සාන්තයන් සතුවූ අතර, ඒ ගීත ගයන ශිල්පින් තෝරාගැනිම ද සුවිශේෂ අවස්ථාවක් විය.
ඒ නිසා ම සුනිල් සාන්තයන්ගේ ගී පෙළ ගැයීමට
ධර්මදාස වල්පොල, ලතා ප්‍රනාන්දු (වල්පොල), සිඩ්නි ආටිගල, මොහිදීන් බෙග් වගේම පළමුවරට ජෝතිපාල ද කැඳවා තිබුණි.
ජෝතිපාල ඒවන
විට චිත්‍රපට කීපයකම ගීත ගායනා කර තිබුණ නමුත් ඒ සියල්ල පිළිගත හැකි මට්ටමේ හෝ
ජනප්‍රිය ගීත නොවීය. එසේ වුවද ජෝතිපාලගේ ගායනයේ ඇති සුවිශේෂ බවත්, ඔහුගේ ගායනයේ
තිබෙන ගැඹුරත් එයින් සිනමා කෘතියකට ලබාගත හැකි රුකුලත්, පිලිබඳව සුනිල් සාන්තයන්ට
මනා වැටහිමක් සහ අවබෝධයක් තිබෙන්නට ඇති බව සිතිය හැක. ඒ අනුව සිනමා තිරයේ දී පසුබිම්
හඬකින් ජෝතිපාලට ඉටු කල හැකි කාර්ය භාරය මනාව වටහාගත් පළමු දේශීය සංගීත තනු
රචකයා සුනිල් සාන්තයන් බව එයින් පැහැදිළි
වේ.
සංදේශය චිත්‍රපටයට
ගීත 07 ක් ඇතුළත්ව තිබුණි. මෙයින් ජෝතිපාල “පුරුතුගීසිකාරයා” ගීය ගැයීමට තොරාගෙන
තිබුණි තවත් ගීත තුනකට සමූහ ගායනා සඳහා
දායක විය. ජෝතිපාල ද ගීතය පටිගත කිරීමේදී තමන්ට ලැබුණු පළමු ස්වතන්ත්‍ර නිර්මාණයට
උපරිම අයුරින් දායකත්වය ලබා දෙමින් සිය ගායනයේ විශිෂ්ඨ දායකත්වය ලබා දුන්නේ ය.
පුරුතුගීසිකාරයා
ගීතය මුලුමනින් ම නිමවී තිබුණේ බටහිර
සංගීත ශෛලියෙනි. දේශීය සංගීතකරුවකු ලෙස සුනිල් සාන්තයන් තුළ බටහිර සංගීතය පිළිබඳ
තිබූ ආකල්පය සහ දැනුම පිලිබඳ ඉඟියක් සැපයීමට ජෝතිපාල ගැයූ පුරුතුගීසිකාරයා ගීතය
සමත් විය.
සංදේශයේ
පුරුතුගීසිකාරයා ගීතය වගේ ම සෙසු ගීත 06 ද
එකක් නෑර අතිශය ජනප්‍රියත්වයට පත් විය. මෙහි දී සදහන් කළ යුතු වැදගත් කරුණ
වන්නේ සුනිල් සාන්තයන් සංදේශය චිත්‍රපටයේ ගී තනු නිර්මාණය කිරීම පමණක් සිදු
කිරීමයි. පටිතගත කිරිම දකුණු ඉන්දියාවේ
මදුරාසියේ වාහිනී චිත්‍රාගාරයේ සිදුවූ බැවින් එ දවස එහි චිත්‍රාගාරයේ සංගීත වාද්‍ය
ශිල්පීන් කටයුතු භාරව සිටි ආර්. මුත්තුසාමි මාස්ටර් විසින් මේ ගීතවල ආමුඛ සහ
අන්තර්වාද්‍ය ඛණ්ඩ වල සංගීත සංයෝජන කටයුතු සිදු කර තිබුණි. ඒ නිසාම මේ ගීතවල
ගෞරවයෙහි කොටසක් ඔහුට ද හිමි විය යුතු ය.
පුරුතුගිසිකාරයා
ගීතය සම්බන්ධයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් දක්වන ලද අදහස් මතු දැක්වේ.
“පුරුතුගීසිකාරයා
රටලවල් අල්ලන්න සූරයා” නැමති ගීය ප්‍රතිවාදනය වන අවස්ථාවේ එහි ඇති උත්ප්‍රාසය ( IRONY ) තීවුරය. එබඳු අර්ථාන්විත ගීත යෝජනයක් සිංහල චිත්‍රපටයක තිබූ ප්‍රථම
අවස්ථාවද එය ම වේ.”
“ 57 -61 පස්
අවුරුද්ද තුළ විශිෂ්ඨතම ගීත ප්‍රබන්ධකයා බවට පත් වූයේ සංදේශයට ගී ලියූ අරිසෙන් අහුබුදු ය. තනු අතර සිරගත නොවීමේ භාග්‍යලත් ඔහු ඉන් උපරිම ඵල නෙලා ගනුයේ පුරුතුගීසිකාරයා,
පුන්සඳ එළියයි, රෑන ගිරා රෑන අඹේ මී බිබී, රැජින මමයි අපේ රාජ්ජේ, කෝ හතුරෝ, කටේ
කිරි සුවඳ, යනාදී ගිත නිර්මාණ කරමිනි. එහෙත් සංස්කරණයට පාත්‍ර වීම නිසා
අහුබුදුවන්ගේ පුරුතුගීසිකාරයා ගීතයට බලවත් හානියක් සිදුවී ඇත්තේ මෙනයිනි. පටිගත කළ
ගිතය හා තැටිගත කළ ගීතයෙහි “ ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේ” යැයි පදයක් තිබේ. එසේ උගන්වන්ට යන “ඒක”
කුමක්දැයි ගීතයෙහි අර්ථ රසය සොයා යන ශ්‍රාවකයා තුළ ප්‍රශ්නයක් පැන නඟී. ඊට හේතුව
අහුබුදු කවියා ලියූ මුල් ගීතයෙහි කොටසක් පටිගත කිරීමේදී ඉවත් කර තිබීමයි.ඉවත් කර
ඇත්තේ අහුබුදු කවියා ලියූ මතු සඳහන් පද හතරෙන් මුල් පද දෙක ය.
සිස්ටාචාරේ
දන්නේ නෑ මේ ගොල්ලෝ
කොස් කාලා බත්
කාලා නිදියන කොල්ලෝ
ඒක උගන්වන්න
තමයි යුද්ද කරන්නේ
කාලතුවක්කුයි
බයිනෙත්තුයි හරවන්නේ
ඒ අනුව පරංගීන්
යුද්ද කරන්නේ ශිෂ්ටාචාරයක් නැති, කම්මැලි
සිංහල කොල්ලන්ට “ඒක” උගන්වන්න ය. .! එවිට අර්ථය පැහැදිළි ය.”
ඒ කෙසේ වුවද,
එකල විචාරකයන් සංදේශය චිත්‍රපටයට ඉදිරිපත් කළ විචාර අනුව පෙනෙන්නේ ජෝතිපාල ගැයූ පුරුතුගිසිකාරයා ගීය නිසා චිත්‍රපටයට විශාල
ආලෝකයක් ලැබී ඇති බව ය. ජෝතිපාල වැනි ගායකයකුගෙන් සිනමා කෘතියක් සඳහා ලබාගත හැකි ශක්තිය හා ගායන පෞරුෂයෙහි බලය
පිළිබඳ ලෙස්ටර්, අහුබුදු, සහ සුනිල් සාන්තයන්ට පුර්ව නිගමනයකට එළඹීමේ හැකියාව ඔහු මේ චිත්‍රපටයට දාකය කර ගැනිම තුළම
ගැබ් වී ඇත. ඒ නිසා ම ඒ තිදෙනා තුළ තිබූ මනා අවබෝධය සහ විශ්වාසය ජෝතිපාල තුළින්
ඉටුවී ඇත.
අවාසනාවකට මේ
ලිපිය ලියන මමද මේ සංදේශය චිත්‍රපටය කිසිම දිනෙක දැක නැත. ලෙස්ටර් හැදූ මේ චිත්‍රපටය
පිළිබඳව සිනමාස් සමාගම මීට වසර ගනනාවකට
පෙර කියා සිටියේ ලංකාවේ තිබූ සංදේශය චිත්‍රපටයේ පිටපත් සියල්ලම විනාශ වී ඇති බව ය.
එහෙත් සිනමාස් සමාගම සහ ලෙස්ටර් මේ සංදේශය චිත්‍රපටයේ එකම එක පිටපත් චෙක් රාජ්‍යයේ
ප්‍රාග් අගනුවර පිහිටි ලෝක සිනමා කෞතුකාගාරයක සුරක්ෂිතව තැන්පත් ව තිබෙන බව පසුව සොයා ගත්තේය. එයින් පිටපතක් ලබා ගෙන නැවත ලංකාවේ ප්‍රදර්ශනය කිරිමට උත්සාහක් ගත්ත ද, මගේ මතකයේ හැටියට එය අසාර්ථක වුයේ ප්‍රාග්
සිනමා කෞතුකාගාරයේ තැන්පත්ව ඇති චිත්‍රපටවල පිටපත් නිකුත් කිරිමට එම ආයතනය අකමැති
වී තිබීමයි. ඒ නිසා අද අපට රස විඳිමට ඉතිරිව ඇත්තේ ඒ ගීත පමණි
පුර්තුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ
මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා
කොළඹට ආවේ
ඉඳලයි ලිස්බන් නගරේ
අප ආ පාරේ
පැතිරෙයි විනෝද මිහිරේ
පැතිරෙයි විනෝද
මිහිරේ...
ඒක උගන්වන්න
තමයි යුද්ද කරන්නේ
කාලතුවක්කුයි
බයිනෙත්තුයි හරවන්නේ
බයිනෙත්තුයි
හරවන්නේ
විනෝද මිහිරේ..
අපේ තුවක්කු
ඉහලම කාලතුවක්කු
ගහන්න වෙනවා
වැදුනොත් ලෝකෙට මුක්කු
වැදුනොත් ලෝකෙට
මුක්කු
විනෝද මිහිරේ..
කන්න හපන්නූ
බොන්නත් හරිම හපන්නූ
ඊටත් වැඩියෙන්
යුද්දෙට හරිම හපන්නූ
යුද්දෙට හරිම
හපන්නූ
විනෝද මිහිරේ..
වයින් බෝතලේ
යුද්දෙට හරිම ආයුදේ
හරිම ආයුදේ
අපගේ පරම විනෝදේ
අපගේ අමර
විනෝදේ
අපගේ බමර
විනෝදේ..
විනෝද
මිහිරේ...
වයින් බෝතලේ
ඇති තැන විනෝද මිහිරේ
වැඩියෙන්
ගත්තොත් යා හැකි දෙව්ලොව පාරේ
යා හැකි
දෙව්ලොව පාරේ
විනෝද මිහිරේ..
ගීත පබැදුම:
අරිසෙන් අහුබුදු
තනු නිර්මාණය:
සුනිල් සාන්ත
සංගිත සංයෝජනය:
ආර්. මුත්තුසාමි
චිත්‍රපටය:
සංදේශය
අධ්‍යක්ෂණය:
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
තිරගතවූ වසර 1960
මේ ගීයේ සම්පූර්ණ
පදමාලාව එසේ වුවද එහි ඇති දිග වැඩිකම නිසා කැසට්පට සඳහා අවසන් කොටස් දෙක ඇතුළත්ව නැත.
පුර්තුගීසිකාරයාගීතය මෙතනින් අහන්න
අවුරුදු 50 කට වඩා පැරණි මේ ගීය ජෝතිපාල ගැයූ පළමු ස්වතන්ත්‍ර ගීතය ලෙස ඉතිහාසයට එක් වූ අතර, පළමු වතාවට ගාමිණි ෆොන්සේකා රඟපෑ චිත්‍රපටයකට ජෝතිපාල ගැයූ මුල්ම ගීය ලෙස ද ඉතිහාසයට එක් වේ. එදා 1987 ජූලි මාසෙ 03 වැනිදා ජෝතිපාල සිය ගායන දිවියේ අවසන් සජීවි ගායනය ඉදිරිපත් කළේ කතරගම පැවති ගම්උදාව ප්‍රදර්ශනයේ දී ය. ඒ ප්‍රදර්ශනයේ අවසන් දිනය වූ එදා එවකට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඉදිරියේ දී ය. ඔහු ඒ වේදිකාවේ අවසාන ගීතය ලෙස ද ගායනා කලේ පුරුතුගීසිකාරයා ගීතයයි.
අවුරුදු 50 කට වඩා පැරණි මේ ගීය ජෝතිපාල ගැයූ පළමු ස්වතන්ත්‍ර ගීතය ලෙස ඉතිහාසයට එක් වූ අතර, පළමු වතාවට ගාමිණි ෆොන්සේකා රඟපෑ චිත්‍රපටයකට ජෝතිපාල ගැයූ මුල්ම ගීය ලෙස ද ඉතිහාසයට එක් වේ. එදා 1987 ජූලි මාසෙ 03 වැනිදා ජෝතිපාල සිය ගායන දිවියේ අවසන් සජීවි ගායනය ඉදිරිපත් කළේ කතරගම පැවති ගම්උදාව ප්‍රදර්ශනයේ දී ය. ඒ ප්‍රදර්ශනයේ අවසන් දිනය වූ එදා එවකට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඉදිරියේ දී ය. ඔහු ඒ වේදිකාවේ අවසාන ගීතය ලෙස ද ගායනා කලේ පුරුතුගීසිකාරයා ගීතයයි.
එදා හෙළයට නම්
තැබූ අරිසෙන් අහුබුදුවන් සේම සිංහල සංගීතයයෙන් හෙළය වර්ණවත් කළ සුනිල් සාන්තයන් ද, සිනමාවේ කිරුළ පලැන්දූ ලෙස්ටර් ද, සිහි
ගන්වා සිය දිවියේ සියයට අසූවකටත් වඩා අනුකාරක හින්දි ගී තනු ගැයූ එච්.ආර්.ජෝතිපාල
සිය අවසන් සජීවි ගායනය ලෙස හෙළ බස ඔප කළ ඔහුගේ පළමු ස්වතන්ත්‍ර සිංහල ගීතය ගයා
එළිමහන් ප්‍රසංග වේදිකාවට සමුදුන් ඔහු ඊට සිවු දිනකට පසුව දෑස පියාගත්තේ කිසිවෙක් නොසිතන පරිදි දෛවෝපගත
සිදුවීමක් ලෙසිනි. ෴
ආශ්‍රිත ග්‍රන්ථ:
01.
සිංහල චිත්‍රපට ගීතාවලිය 1957 – 1961 -
මහාචාර්ය සුනිල් ආරියරත්න
02.
සිංහල චිත්‍රපට ගිත සාහිත්‍යය - සමන්ත හේරත්
03.
අතු අගැ දිලි වන මල් - අරිසෙන් අහුබුදු
04.
ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සංදේශය - සංස්කරණය රෝලන්ඩ් ඒ ප්‍රනාන්දු
ඔබේ
හිතේ ජෝතිපාල පිලිබඳව විචාරාත්මක අදහසක් හෝ මේ ලියූ දේ ගැන විචාරයක් ඇත්නම්
ලියන්න. කැමති විදියට ලිවිමට ඔබට නිදහස ඇත.
"සංදේශය චිත්‍රපටයේ කතා පුවත් පසුබිම් වූයේ ලංකාව පෘතුගීසින්ගේ යටත් විජිතයක්ව පැවති යුගයක දිග හැරුණු කතා පුවතක් වූ නිසා ය"
ReplyDeleteමේ චිත්‍රපටියේ කතාව මොකක්ද කියලා ඔබ දන්නවා නම් ඒක විස්තර කරලා කියන්න පුලුවන්ද ?
ඒ වගේමයි ඒ චිත්‍රපටිය අපට අහිමි වීම ගැන නම් කණගාටුයි
Deleteහසිත..
Deleteවිත්‍රපටයේ කතාව ඉතාම කෙටියෙන් මෙහෙමයි.
කන්ද උඩරට මැණික්කඩුව නම් ගමක් ආසන්නයේ පෘතුගිසීන් විසින් බලකොටුවක් පිහිටුවයි. මේ බලකොටුවටත්. පෘතුගීසි පාලනයටත් එරෙහිව ගමේ තරුන පිරිස කඳවුරු බැඳ වනගතවෙයි.පෘතුගීසින්ගේ පාලනයට විරුද්ධවන පෑලිස් අප්පු නම් තරුනයෙකු වෙඩිතබා මරාදැමීමට සිංහල කැරලිකරුවන් වියරු වැටේ. ඔවුන් එහි පලිය ගන්නේ පෘතුගීසි සොල්දාදුවන් කීපදෙනෙකු ඊතලවලින් විද මරා දැමීමෙනි.
මේ සිදුවීමට කඳවුරු භාර මේජර්ද වියරු වැටේ. ඔහු සිංහල කැරලිකරුවන් අල්ලා දෙන අයට රිදී 5000 ක් දෙ බවට අණ බෙර යවයි. මේ සදහා උදව් කරන සිංහල පිරිසද සිටී. වනගතවසිටින කැරළි කාර කණ්ඩායමේ නායකත්වය දරන්නේ බණ්ඩාරය. ඔහුට සහයට තම්මිත්ත නම් තරුණයෙකුද සිටී.
බණ්ඩාර පෘතුගිසින්ට එරෙහිව වරින් වර කැරලි මෙහෙයවයි.මේ නිසාම දෙපිරිස අතර වරිනවර ගැටුම් ඇතිවේ. මේ අතරතුර සුමනා නම් තරුනියක සිය මාමණ්ඩිය සමග ඒ වනය හරහා කන්ද උඩරටට ගමන් කරයි. ඒ අතර වාරයේ පෘතුගිසින්ගේ රහස් ගෙනයන දෙදෙනෙක් යැයි සිතා වනයේ සිටින කැරළි කරුවන් අත්අඩංගුවට මේ යුවල පත්වේ.
බණ්ඩාරට හමුවන සුමනා තම පෙම්වතිය බව බණ්ඩාර හදුකාගනි. ඔවුන්ගේ ප්‍රේමය යලි ලියලයි. නැවත ගමට යක සුමනා බන්ඩාර සමග රහසේ වනයට පළා යයි.
මේ අතරතුර මල්වාන දිසාවේ වරු සහ වික්‍රමසිංහ මුදලිදු උඩරට රජු වූ සෙනරත් රජුට පෘතුගීසින්ට එරෙහිව සටන් වැදිමට තරුන පිරිස ඉල්ලා සංදේශයක් යවයි මෙය ලියන්නේ රහස් භාෂාවකින්. එය වෙස් ගැන්වූ කත්කරුවකු අතේ යැවිමට සැළසුම් කරයි. කත්කරුවා අතේ බැදි සුරයක් ඇතුළට රහස් පණිවුඩය බහා ඔහු පළතුරු වෙළඳමේ යවන කත්කරුවෙකු වශයෙන් උඩරට බලා පිටත් කරයි.
කත්කරුවා ගනම අතර මගදී පෘතුගීසින්ට අසුවේ. ඔවුන්ට සුරය ගැන සැක සිතී සුරයේ ඇති රහස දැනගැනීමට කත්කරුවාට නොයෙක් වදහිංසා පමුනුවයි. එසේ නොහැකි වූ තැන ඔහු සිර බාරයට පත්වේ.
මේ අතර තුර සුමනා වනයේදිම ගැබ් ගනී. බණ්ඩාර සත්ටටපත්වී පුතෙක් ප්‍රාර්ථනා කරයි. නැවත දිසාවේවරු විසින් කත්කරුට යැවිමට රහස් පණිවුඩයක් යසෝහාමි නම් වූ ගැමි ලියක අතට පත්කරයි. ඇය පෘතුගිසි කදවුරට බිත්තර සපයන්නියක වූ බැවින් ඇය බිත්තරයක බහා ලූ පණිවුය රැගෙන කදවුර තුළට යයි. එහිදි ඇය කදුවර බාර නිලධාරියාට බිත්තර දී කදවුර තුළ රසි සේ ඇවිදී. මේ අතරතුර කත්කරුවා රදවා සිටින සිර කූඩුව අසල සිටින මුර කරුට ඇය හමුවේ. ඇය ඔහුටද බිත්තර ලබා දෙයි. මුරකරු බිත්තරයක් බොන අතර තුරදී කත්කරුට රහස් බිත්තරය ලබා දෙයි මෙය මුරකරු දකී. ඇයට පහරක් ගසනවාත් සමග බිත්තරය බිම වැටී බිදෙයි. ඒ රහසද පෘතුගීසින් අතට පත්වේ එයද තේරුම් ගැනීමට නොහැකි වූ ඔවුන් ඇය කිඹුලන් සිටින ගගට තල්ලුකර යසෝහාමි මරාදමයි.
මේ අතර තුර සුමනා පුතකු බිහිකරයි. ඒ නිසා බණ්ඩාර සතුටට පත්වේ. ඔවුන් ආරක්ෂා සහිත තැනක රදවා පෘතුගිසින් සමග සටනට බණ්ඩාර සහ තම්මිත්ත සැරසෙයි. එක රාත්‍රියක කඳවුර ඇතුල්වි ඔවුන්යිද වැදී පාතුගිසි සොල්දාදුවන් සහ නායකයින් මරා දමයි. කත්තරු බේරා ග්ගතද තම්මිත්ත ඇතුළු සිංහල රැසක් මියයයි. මේ අතරතුර දිසාවේ වරයෙකුද පෘතුගිස්න අතින් මරනයට පත්වේ.
කත්කරුවා කදවුරෙන් රැගෙන බණ්ඩාර එලියට එනවිට කඳවුර ගිනි ජාලාවක් බවට පත්වේ. කදවුර පුපුරායයි. කදවු එලියේ දුම් රොටු අතරින් සුමනා බිම වැතිරි සිටින බව බණ්ඩාර දකී. ඇය මියගොස් ඇතිබව බණ්ඩාර දකී. කලබලයට පත්වන ඔහු දරුවා සොයමින් ඉබාගාතේ දුවයි. වනයේ එහා මෙහා දුවන ඔහුට වස්ගත පුද්ගලයෙකු හමුවේ. යිදුධය සිදුවන අවස්ථාවේ දරුවා හමුවන ඔහු දරුවා රැගෙන පලාගිය බවත්. පවසා දරුවා බණ්ඩාරට බාර දෙයි. බණ්ඩාර සතුටට පත්වේ.
මේ අතරතුර නැවතත් කිසිදු අපහසුවකින් තොරව රහස් පණිවුඩය රැගත් සංදේශය උඩරට රජු වන සෙනරත් රජුට යවයි. රජු පණිවුඩය කියවා සතුටට පත්වී පණිඩු කරුට ආරක්ෂාව සපයා .අවශය සෙබලු යවන බව ට පොරොන්දු වෙයි. (නිමි)
ඔන්න ඕකයි චිත්‍රපට කතාව. ඇත්තටම මේ චිත්‍රපටය අපට අහිමියි. දැන් තියන එකම එක පිටපතත් චෙකොස්ලෝවැකියාවේ ප්‍රාග් හි කෞතුක වස්තුවක් විදියට තැන්පත් කරලා තියෙන්නේ. අපටනම් දක්න ලැබෙන්නෙ නැතිවෙයි.
ස්තුතියි හසිත.
දයා අයියෙ, මේ සින්දුව තියෙන්නෙ චිත්‍රපටයේ මොන අවස්ථාවෙද? රූපරාමු මොනවගේද?
Deleteහරී..
Deleteමහාචාර්ය සුනිල් ආරියරත්නයන් සඳහන් කරන විදියට නම් ගීතය චිත්‍රපටයේ අවස්ථා දෙකකදී තියෙනවා.එකක් කඳවුර ඇතුලේ රෑ පාටියක් දාන දර්ශනයක් අනෙක් අවස්ථාව චිත්‍රපටය අවසානය කිට්ටුව "කත්කරුවා කදවුරෙන් රැගෙන බණ්ඩාර එලියට එනවිට කඳවුර ගිනි ජාලාවක් බවට පත්වේ. කදවුර පුපුරායයි." මෙන්න මේ සිදුවීම සිදුව අවස්ථාවෙ තමයි පුරුතු ගිසිකාරයා ගිය වාදනය වෙන්නේ
ස්තුතියි! මට යාන්තම් මතකයි පාටියක දර්ශනයක් එක්ක ඔය සිංදුව රූපවාහිනියෙ පෙන්නුවා වගේ.
Deleteමට දැනෙන විදියට ගොඩාක් ලස්සන කතාවක්.
Deleteනොමියෙන මිනිසුන්!
ReplyDeleteහිරුහිමාවි..
Deleteඔබ අස්වැන්නට සාදරයෙන් පිලිගන්නවා.. ස්තූතියි ඇවිත් ගියාට.
පොස්ට් එකින් එක ලියවෙද්දි හැංගුන දේවල් සෑහෙන්න එලි වෙයි වගේ. මොකද අහුබුදු සූරීන් ලියපු ගීත ගැන මුලින්ම අහන කෙනෙක් පුදුම වෙනව අනිවාර්යයෙන්ම! එතුමගෙ භාෂා ව්‍යවහරය එක්ක මේ වගේ සරල ගීත රචනා ලියවුනා කියල හිතන්න අමාරුයිනේ...
ReplyDeleteපෞද්ගලිකව මම නම් අරිසෙන් අහුබුදුව එතරම් ප්‍රිය කරන්නෙක් නෙවෙයි. නමුත් නිවැරදි භාෂා දැනුම ඇති පුද්ගලයා සරල බසක් භාවිත කිරීම හෝ රීති උවමනාවෙන් ම බිඳ දමන තැන් වල දී ඒවාට වටිනාකමක් ලැබෙනවා. එසේ වීමේ වරදක් මට පෙනෙන්නේ නැහැ. කෙසේ වුවත් සරල බසින් කෙරෙන නිර්මාණයක්, තාරාතිරම නොබලා සෑම කෙනෙක්ට ම පාහේ සමීප වෙනවා!
Deleteජය වේවා!!
හරේ..
Deleteඇත්තටහ අහුබුවන්. ලියල තියෙන ගිත දැක්කාම පුදුමත් හිතෙනවා මේවා ලිව්වේ අහුබුදුවන්ද කියලා. බස දන්න කෙනාට කොහොමත් එකයි.
තාම පටන් ගත්තා විතරයි නේ ඉස්සරහට තව හොඳ හොඳ දේවල් තියෙනවා. මේ වරැද්ද තියෙන්නේ අපේ අත නෙවෙයි අපි ජෝතිපාල තේරුම්ගත්ත ක්‍රමය තුළයි. බලමු ඉතිහාසය නිවැරදි කරන්න පුළුවන්ද කියලා.
රැංගෝ.
අහුබුදුවන් දෙස බස රැස මේතුනම රැක්ක වියතෙක් නේ. එතුමාගේ දැනුම හෙළ හවුලෙ වර්ණවත් කළා.
වෙනදා වගේම හොඳ ලිපියක්
ReplyDeleteජෝතිපාල ගායකයා ගැන තිබ්බ වැරදි මානසිකත්වය ටිකින් ටික අඩු වෙලා යනවා...
පුබුදු..
Deleteමගේ ලිපි පෙළ කියවා නිම වූ දවසට ඔබටම වැටෙහේවි අපේ අතේ තිබුනේ ජෝති ගැන කුමන මිණුම් දණ්ඩක් ද කියලා. එවිට ඔබටම නිවැරදි තක්සේරුවක් කරන්න පුළුවන් වේවි ඔහු ගැන.
බොහොම ලස්සන ඒ වගේම රසවත් කරුණු ගොඩක් එක්තැන්වුන සටහනක්...ජෝති ගැන ලියවුන සටහනක් කියවීමට ලැබීමත් හිතට සතුටක් ගෙන එන දෙයක්.
ReplyDeleteස්තූතියි.
ලකීසිරි..
Deleteමට ඔබේ බ්ලොග් අඩවිය තාම හොයාගන්න බැරිවුණා. මට ලින්ක් එකක් දෙන්න පුළුවන්ද.
ලකී මම තවම මේ පටන්ගත්තා විතරයි. තවත් ඉදිරියට තියෙන දේත් කියවන්න එන්න.
අන්තිම පේලි ටික ඇද තිබුනානම් කොහොමත් කපාහරීවී ....
ReplyDeleteසිරාවට අන්තිම පේලි ටික තිබ්බනං දැං කොටු කොටු දායි...
Deleteරොබින්..
Deleteඇත්තටම මට රොබින්ගෙ සටහන දැක්කාමයි ඒක මතක් වුනේ.. කොටු කොටු තමයි හෙනම් මේ ගීය මත්පැන් ප්‍රචාරක තේමා ගීය කියා වහා කපා දමාවි. එහෙම වෙන්න කලින් ජෝති මියගිය එක හොඳයි.
නරියා අබේ..
කොට් කොටු නේන්නම්.. තනිකරම 22+ එකක්
සතිඅන්ත පුවත්පත් වලත් ඔය ගැන ලිපි තිබුන ඒත් මෙච්චර විස්තර තිබුනෙ නැහැ..හොඳ විස්තරයක්..!
ReplyDeleteවීපොකුර
Deleteසතිඅන්ත පුවත්පත්වල තිබුණේ ජෝතිගේ ගුණ වැයුම විතරයි ගිත ගැන නියමාකාර විචාරයක් තිබුණෙ නෑ. මමත් බැලුවා.
ස්තූතියි ඔබේ පැමිණිමත් අද පළමුවෙන්ම සටහන් වෙනවා සතුටුයි.
Ara lassana sindu tika liyala thiyenne Arisen Ahubu da? adai dana gaththe...
ReplyDeleteIdiriyata yaddi thawa apuru karana godak mathu wei wage...
Suba pathum.... Idiriyatama yanna..
තරුරසී..
Deleteඅහුබුදුවන් සංදේශයට විතරක් නෙවේ තවත් ගිත රුසක්ම ලිව්වා එතුමාගෙ නම නොකිව්වත් ඒ ගී ඇහෙකාට තමයි දන්නේ අහුබුදුවන්ගේ ගිත කියලා.
මේ තවම ආරම්භය හොඳ දශක දෙක ඉස්සරහට
වෙනදා වගේම හොඳ ලිපියක්.....
ReplyDeleteබොහොම ස්තූතියි...
තරුවා..
Deleteස්තුතියි සටහනට.
කවදාකවත් නොමියෙන කලාකරුවෙක් !!!
ReplyDeleteමේ ගායකයාගේ ගීත අහන්න අහන්න ආස හිතෙනවා. ඒ තරමටම සරල පද මාලාවලින් හිතට වැදෙන ගීත ගයපු ගායකයෙක් !!
තව සිය වසක් අහුණත් විවිධ සංගිත රටාවන්ගෙන් මේ හඬ සදාකාලික හඬක්ම වෙයි.
Deleteඅරිසෙන් අහුබුදු ගීත රචකයෙක් කියලා දැන ගත්තේ අදනේ. "රෑන ගිරා රෑන අඹේ මී බිබී" කියන්නේ පුදුමාකාර ලස්සන සින්දුවක්. පද වැල, සංගීතය සහ ගායනයේ සුසංයෝගයක්.
ReplyDeleteසංදේශය චිත්‍රපටය බලන්න තියනවනම් හොඳයි. ගීතයේ උනත් හරි අර්ථය තේරෙන්නේ එතකොට වෙන්න ඇති.
සයුරි.
Deleteඅහුබුදුවන්ගේ ගී ජෝතිපාලගේ සිට ධර්මදාස වල්පොල, ලතා සිසිර, ඉන්ද්‍රාණි, අමරදේව, වික්ටර්. නන්දා, සනත් වැනි ප්‍රවීනයන් ගායනාකරපු ගොඩක් ජනප්‍රිය ගීරැසයික් තියෙනවා.
ඇත්තටම මේ චිත්‍රපටය අපට අහිමියි. දැන් තියන එකම එක පිටපතත් චෙකොස්ලෝවැකියාවේ ප්‍රාග් හි කෞතුක වස්තුවක් විදියට තැන්පත් කරලා තියෙන්නේ. ඒ නිසා අපට නම් දකින්න ලැබෙන්නෙ නැතිවෙයි.
මේ ලිපි පෙළ නම් නොවරදවාම කියවන්නවා , මොකද කිසිදා අමතක නොවන , චරිත සහ සිදුවීම රැසක , රසවත් පද වැලක් නිසා , බොහොම ස්තුතියි , මිලට ගත් පොත පතකින් දැනගන්නට ඕන කරනා කාරණා , සිංහල බ්ලොග් සටහනක් තුලින් නොමිලේම බෙදා දෙන්නට වන වෙහෙසට ..
ReplyDeleteමහේෂ්..
Deleteඇත්තටම ඔහු අලුතෙන් ලියන්න ගත්තේ මේ නිර්මාන වල්වැදෙමින් පවතින නිසා. කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතලා
සංදේශය මාත් බලලා නෑ.. ඒත් ඒ ගැන ටිකක් තොරතුරු අහලා තියෙනවා.. චිත්‍රපටය සැගවිලා ගියා උනත් මේ ගීය සැගවිලා ගියේ නෑ.. අදටත් ඉදලා හිතලා හරි ඒ ගීය අපිට ඇහෙනවනේ..
ReplyDeleteදිනේෂ්..
Deleteමේගීත සදාකාලික සුවඳ ගෙන දෙන ගීත වේවි තවත් වසර සිය ගනනක් ගියත්
සටහන ලියන්නේ ගීය අහමින්. මේ විදියට යුද්දෙට යන්ට තියනවානම් නියමයි.
ReplyDeleteජෝතිපාල 'සූරයා' කියන හැටි පොඩ්ඩක් අහන්ට. හරිම අපූරුයි. ඒ කාලයේ ඔහුගේ හඬ ගොඩාක් පැහැදිලියි. ඒ වගේම හරිම සිත් ගන්නා සුලුයි.
සංගීතයත් ගීයටම ගැලපෙනවා. විනෝදය ඉතිරෙනවා....පැතිරෙනවා.
ෆිල්ම් එක බලන්ට තියනවානම් ආසයි. බාගන්ට තැනක් තියනවද?
අර එක් ගීයක් ඇර අනෙක් ඔක්කොම ජනප්‍රිය උනා කියලා තිබුනා නේද? ඒ ජනප්‍රිය නොවූ ගීතය මොකක්ද? එය ජනප්‍රිය නොවීමට හේතුව මොකක්ද?
//කන්න හපන්නූ-බොන්නත් හරිම හපන්නූ (තේ, කෝපි )
ඊටත් වැඩියෙන් නිදන්ට හරිම හපන්නූ// කියලා කීවොත් ඒ කියන්නේ පෘතුගීසිකාරයන් ගැන නෙමේ. පොඩ්ඩි ගැන.:D:D:D
පොඩ්ඩි..
Deleteසංදේශය චිත්‍රපටයේ ලංකාවෙ තිබුණු සියලුම පිටපත් සම්පුර්ණයෙන්ම විනාශවෙලා තියෙන්නෙ. ඒකට හේතුව අපේ රටේ සිනමා සංරක්ෂනාගාරයක් නැතිවිමයි. මේවා සමස්ථ රටේම පාලනයේ වැරදි.
ඒ නිසා ඇත්තටම මේ චිත්‍රපටය දැන් අපට අහිමියි. දැන් තියන එකම එක පිටපතත් තියෙන්නේ අපේ රටේ නෙවේ. චෙකොස්ලෝවැකියාවේ ප්‍රාග් හි කෞතුක වස්තුවක් විදියට ඒ රටේ කෞතුකාගාරයක තැන්පත් කරලා තියෙන්නේ. අපටනම් දක්න ලැබෙන්නෙ නැතිවෙයි.
පොඩ්ඩි බැරිවෙලාවත් ඒරටේ සංචාරයක් එහෙම කලොත් ඔන්න සමහර විට හොයාගන්න බැරිවෙන එකක් නැහැ.
ආ.. පොඩ්ඩියේ මම කිව්වේ සියලුම චිත්‍රපට ජනප්‍රිය වූ බවයි. ඒක මම භාවිතා කල වචනයේ වැරැද්දක් මේන් ඒ චිත්‍රපටයේ ගිත පුරුතුගීසිකාරයා, පුන්සඳ එළියයි, රෑන ගිරා රෑන අඹේ මී බිබී, රැජින මමයි අපේ රාජ්ජේ, කෝ හතුරෝ, කටේ කිරි සුවඳ, යන ගීත තමයි තිබුනේ.
මේ ගීතය ගැන ඇල්මක් ඇතිඋනෙ පාසැල් බස් රථයෙ නිති පතා ගායනය කරන බැවින්. චිත්‍රපටි ගීතයක් හැටියට මේ ගීය මට මතක නෑ.
ReplyDeleteමට මතක හැටියට 1981 නැත්නම් 1982දි "මනුෂ්‍යත්වය" "සංදෙශය" හා "දෛවයෝගය" බොරැල්ලෙ ලිඩෝ සිනමාහලේ ප්‍රදර්ශනය කලා. මම චිත්‍රපටි බලන්න ගියේ මගෙ මාමාත් ඒක්ක .මම ඒ කාලෙ පොඩි කොල්ලා. චිත්‍රපටි පෙන්නුවෙත් රාත්‍රී 9.30 දර්ශනය පමනයි. පහුවදා පාසැල් යන්න තියන නිසා එක දිගට දවස් තුනම මාමා එක්ක ගියෙ නෑ. "සංදේශය" හැර අනිත් දෙක බැලුවා.
"සංදේශය" හොයාගන්න අපහසු චිත්‍රපටයක් කියලා දැනෙනකොට දැන්නම් දුකයි. ඔය වගෙ අපිට බලන්න අහිමි වුන චිත්‍රපට කෙතරම්ද?. 1980 දි අපේ රටෙ නිපදවුනු කාටුන් චිත්‍රපටියකුත් එක දවසක් ප්‍රදර්ශනය කරලා නතර කලා. ඒක හැදුවෙ ගිවන්ත අර්තසාද් චිත්‍රපටිය "දුටු ගැමුනු" පලමුවැනි දිනයෙදි බලන්න නොහැකි වීම නිසා අදත් හිතින් විඳවනවා මම.
මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
අපිට බල්ල අහිමිවුන විහිධ්ඨතම චිත්‍රපට කීපයක් තියෙනවා. ඒ අතර "සැනසුම කොතැනද" සහ ජෝ රග පැ චිත්‍රපට දෙකක් . මට නම මතක නෑ.
Deleteගිවන්ත අර්ථසාද්ගෙ පළමු කාටූන් චිත්‍රපටය දුටු ගැමුණු ගැන මමත් අහලා තියෙනවා.ඒත් බලලා නැහැ.
නොදැන සිටි කරුණු ගණනාවක් සහිත ඉතා ආසාවෙන් කියවූ ගීතයක්.. සුනිල සාන්තයන් මෙබඳු ආරක ගීයක් නිර්මාණය කළ බව විශ්වාසකරන්නත් අමාරුයි..
ReplyDeleteබොහොම ස්තුතියි!
හරී..
Deleteමමත් මුලදි විහ්වාස කලේ නැහැ සුන්ල් සාන්තයන් ජෝතිපාලට ගිත හදපු වග. හැබැයි දැනගත්තාම මට මේ දෙන්නා ගැනම සතුටු හිතුණා. අහසයි පොළවයි වගේ දෙන්නෙක් නිසා
නොමියෙන මතකයක්..!!සංදේශය වැනි චිත්‍රපටියක් අහිමිවිම නම් ඇත්තටම අපරාධයක් තමයි..කොහොමවුනත් එම ගීතයෙන් ලොකු කතාවක් කියවෙනවා..හුගක් වටින නිර්මාණයක්..ස්තුතියි....
ReplyDeleteසිතුවිලි දැහැන..
Deleteඅපේ රටේ සිනමා සංරක්ෂනාගාරයක් තිබුණානම් මෙවැනි වටිනා නිර්මාණ විනාහ වෙන්නෙ නෑ.
අදත් වෙනදා වාගේම අපූරු ලිපියක්..
ReplyDeleteජොතිපාලගේ ජොතිමත් හැකියාව අඳුන ගත්තට මේ නිර්මාණකරුවන් තුන්දෙනාටම පින් ලැබෙන්න ඕන..
ඊළඟ කොටසත් එනකම් බලා සිටිමි..
රූ..
Deleteඇත්ටම ලෙස්ටර්, අහුබුදු, සුනිල් සාන්ත කියන දැවැන්ත චරිත තුන කරපු මේ නිර්මාණය ජෝතිපාල විශිෂ්ඨ ගායකයෙකු බවට පත් කළා.
හරිම අනගි ලිපි පෙලක් . හරිම ආසාවෙන් බලනවා . බොහෝ නොදන්න කරුණු දැනගත්තා .
ReplyDeleteවිශේෂයෙන් ගීත ගැන විස්තර සොයන අපි වගේ අයට මේ ලිපි මාලාව හරිම වැදගත් .
ගිම්හානි..
Deleteඔබ වැනි මාධ්‍ය කලාව භාවිතා කරන අයට තමයි මේවා වැඩියෙන් වැදගත් වෙන්නෙ. මොකද දැන් ඉන්න මාධ්‍ය කරුවන් මේවා නොදන්න ගිරව් නිසා.
ජෝතිපාලයන් ගැන විවිධ විචාර විවිධ විචාරකයින් අතින් බිහි උන ඒක ඇත්ත.බොහෝ දෙනෙක් අතින් ඔහුව විවේචනයට ලක් උනා.එත් ජෝතිපාල කියන්නේ තවපත් සාමාන්‍ය මිනිස්සුන්ගේ ගායකයෙක්.
ReplyDeleteමිනිස්සුන්ට දැනෙන්න ගායනා කරපු ගායකයෙක්!
ජෝති ජීවත්ව සිටියදී ඔහු පිලිබදව නිසි විචාරයක් වූවා නම් අපිට ඔහුගෙන් සෑහෙන වැඩක් ගන්න තිබුණා. නමුත් ඔහුව තේරුම්ගත්තේ කේමදාස මාස්ටර් විතරයි.
Deleteපුර්තුගීසිකාරයා ගීය කොතරම් තවමත් අප අතර රැව්දෙන්නක්ද කියනවනම් ඕනෑම විනෝද චාරිකාවක වරක්ට වඩා ගැයෙන ගීයක් ලෙස මෙය තවම පවතිනවා. ඔහුට ඇත්තටම ඉතාම අනන්‍යවූ චිත්‍රපට පසුබිම් ගායනයටම උචිත කටහඬක් (screen voice) එකක් තියනවා. මේබව පසුගිය දිනක රුපවාහිනී වැඩසටහනක ප්‍රකාශ කරමින් අයෙක් කීවේ ප්‍රථම ජෝති උපහාර වැඩසටහන එක්වූ විජය කුමාරතු0ගයක් එහිදී කියාසිටියාලු "ජෝති නැතිවෙනවත් එක්කම රිදී තිරයේ මගේ කටහඬත් මට නැතිවුනා"ය කියලා
ReplyDeleteතොටියා..
Deleteඒ කතාව ඇතිත මොකද ජෝති මිය ගිය පසුව විජය තීරනය කළා ඔහු රගපාන චිත්‍රපටවල ඔහුම ගිත ගයන්න. ඒත් ඔහුටත් වැඩි කාලයක් ජීවත්වන්න වරම් නැති වුණා..
ඇත්තටම මන් අස්වැන්න පැත්තේ එන්නේ නිවී හැනහිල්ලේ රසවිඳින්න බලාගෙන . දැඩි බිඩියේ කියවන්න අකමැතියි ඔබේ සටහන් . ඇත්තටම මට පොඩි කාලේ ජෝතිව පේන්න බැහැ. මන් කැමති වුනේ ක්ලැසික් සංගීතෙට . අපේ ගෙදර හැමෝම එහෙමයි . ඒ උනාට පසු කලෙක කල්පනා කරද්දී ඔහුගේ සහරා ගීත වලට කැමති වෙන්න පුළුවන් වුනා . අද වෙද්දී ඔහු හොඳ ගායකයෙක් බව පිලි ගන්නවා . මන් සංදේශය බලල තියෙනව . ඉස්සර රුපවාහිනියේ පෙන්නුවා . කතාව නම් මතකයක් නැහැ . සමහර දර්ශන මතකයි . මොන අපරාදයක්ද ඒක සංරක්ෂණය නොකළ එක .
ReplyDeleteසංදේශය චිත්‍රපටය අපට අහිමි වෙච්ච එකනම් බරපතල පාඩුවක්.
Deleteමමත් පාසල් යන කාලෙ ජෝතිව පේන්න බෑ. ඒත් එක දවසක් පාසාල් ගිහින් එන ගමන් යාලුවෙක් ලස්සන සිංදු ටිකක කිව්ව නිසා ගෙදරට හොරෙන් ජෝතිගේ "සුදුපාට මීදුම්' කියලා කැසට් එකක් අරගෙන ඇවිත් ගෙදර කවුරුත් නැතිවෙන වෙලාවක් බලලා ඇහුවා. එදා ඉඳල තමයි ජෝතිගේ ගී රසිකයෙක් වුනේ. හැබැයි ඒ කැසට් එකම සංගිතවත් කරල තිබුනේ සරත් දසනායක බවත් අදටත් මතකයි. එත්රමට ලස්සන ගිත ටිකක් ඒකාලෙ හැටියට කැසට් එක රුපියල් 40 යි. සුන්දර අත්දැකිමක්
මොනව උනත්.. හැමදාමත් වගේ.. හරිම අපූරු පොස්ට් එකක්
ReplyDeleteපසන්..
Deleteස්තුතියි ඔබට
තර්ඩ් ක්ලාස් කියල හංවඩු ගහල තියෙන මේ වගේ සිංදුවකට මේ තරම් අගයක් ලබා දෙන්න පුළුවන් අය ඉන්නේ බොහෝම ටික දෙනයි.. ඒ එක්කම අපි නොදන්න මේ දේවල් ගැන මේ තරම් රසවත් විධියට ලියන එකත් හරිම වටිනවා...
ReplyDeleteඋපේන්ද්‍ර..
Deleteතර්ඩ් ක්ලාස් කියල හංවඩු ගහල තියෙන මේ වගේ සිංදු තව ගොඩකි තියෙනවා. ඒවත් ඇහෙන වෙලාවට , දවසට හිතේව අපේ දැනුම කොයිතරම් අවම මට්ටමකද තිබුනෙ කියලා. ඒ අතින් සුනිල් සාන්ත, අහුබුදු වගේ අය අදහන්න වටිනවා.
ජෝති අවසන් වරට පෘතූගීසිකාරයා සින්දුව ගායනා කරන දර්ශනේ පස්සෙ පෙන්නුවෙ නැහැ . ඔහු බොහොම අමාරුවෙන් ඒ ගීය ගායනා කලේ කියල මතකයි.ජෝතිව මේ තරම් අගය කරන බව ඔහුට දැනගන්න ලැබුණ නම් කොයි තරම් සතුටුවේවිද.
ReplyDeleteනීතා..
Deleteඒකාලෙ ලංකාවෙ තිබුණෙ රාජ්‍ය මාධ්‍ය ආයතන විතරයි. ඒකාලෙ ජෝතිට ඒමාධ්‍ය ආයතනවල දොරටු වැසී තිබුණා. ඔහු මලාට පස්සේ ඔහුගේ වටිනාකම වැටහුණා. ඒවෙනකොට ජෝතිලේ රූපය යන්තමට හෝ තිබුනේ ගම්උදාව ප්‍රදර්ශනයේ කියපු ගිතවල විතරයි.
ඇත්ටම ඔහු ජීවත්ව සිටියදී මෙවැනි විචාරයක් කවුරුන් හෝ සිදුකළා නම් ඔහු නිසැකයෙන්ම ඔහුගැන කරන තක්සේරුවට ආඩම්බර වේවි.
ලංකාවෙ හොඳම සිංහල චිත්‍රපට රැකගන්න බැරිවීමනම් අපේ උදවියගෙ මහ අමනකමක්. වෙනත් රටවල සංදේශයට දශක දෙකකට කළින් තිරගත වුණ චිත්‍රපටයක් පවා අදටත් සංරක්ෂණය වී ප්‍රේක්ෂකයන්ට නරඹන්න අවස්ථාව තියෙනව. සංදේශය හොඳ චිත්‍රපටයක් කියල අපිට කතා කරන්න විතරක් ඉතිරි වෙලා තියෙනව. ඒත් අපි ඒක රසවිඳල නෑ. ඒකෙ ගීත ටික හෝ නොතිබුණානම් කවුරුවත් සංදේශය ගැන කතා කරන එකක් නෑ.
ReplyDeleteපෘතුගීසිකාරයා වගේ ගීතයක තනුව සුනිල් ශාන්තයන් නිර්මාණය කිරීම සුනිල් ශාන්තයන් උඩුයටිකුරුවීමක් වගේ කාරණයක්. කොහොම වුණත් ඒ භාවිතය ජෝති සම්බන්ධයෙන් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරල තියෙනව. අදටත් ගොඩක් මිනිස්සු පොඩ්ඩක් කටගා ගත්තම මේ ගීය ගායනා කිරීම සුලභ දසුනක්. ඒ ගීය තුළ සුනිල් ශාන්තයන් හෝ අහුබුදුවන් සිටින බවක් කිසිවෙකුටත් නොසිතෙන්නේ විනෝද රසයක් මිස සම්භාව්‍ය රසයක් ඒ තුළ නැති බැවිනි.
ඒත් විනෝද රසයේත් උච්චය දක්වා තම ගායනය රැගෙන යන්න ජෝති සමත් වෙනව.
ජෝතිපාලගෙ සාර්ථකත්වය පිටුපස ලංකාවෙ සුවිශේෂතම කලාකරුවන් රාශියක් සිටීම ඔහුට ආලෝකයක් වෙන්න ඇති.
Outsider
Deleteමේවගේ චිත්‍රපට ගනනාවක් අපට අහිමි වුණා. මට මතක හැටියට 1968 දි විතර කේ.ඒ. ඩබ්. පෙරේරා කරපු "සැනසුම කොතැනද" චිත්‍රපටය. කේමදාසයන්ගේ හොදම ගී තිබුණ එකක්. කිසිම සංරක්ෂණයක් නොකර තිබිලා සම්පූර්ණයෙන්ම විනාශ වූ බවයි වාර්තාවෙන්නේ.
තවමත් අපේ සිනමා කෘති සංරක්ෂනය කරන්න විධිමත් වැඩ පිලිවෙලක් නැහැ. දැනටත් ව්‍යාපාරිකයෙක් විදියට "ති.නා." විසින් මිලදී ගෙන සංරක්ෂණය කරනවා.
කොහොමටත් අහුබුදුවන්ගේ චිත්‍රපට ගීත සම්භාව්‍යය නැහැ. හැබැයි භාසිව අතින් ඉතාමත් උසස් සරල රසවින්දනයට නියම ගිත ඇහුවාමත් අහුබුදුවන්ද ලිව්වේ කියලා හිතෙනවා.
අපි ඉදිරියේදි කතාකරමු ජෝතිට ගීත ලියූ අපේ ප්‍රවීන ගිත රචකයනව්ගේ නිර්මාණත් එක්ක. ඇයි ඒවා වල් වැදුනේ කියලා අපිටම නිගමනයක් කරන්න පුළුවන් වෙයි.
සංගීතය සුනිල් ශාන්තයන්ගෙ කියල මම දැනගෙන ඉදියෙ මේ ගිතයෙ..ඒත් අහුබුදුවන් මේ ගීතය ළග ඉන්නව කියල මම දැනගෙන ඉදියෙ නැහැ. ඒක දැන ගත්තෙ අද තමා...
ReplyDeleteගීත කලාවෙ අපි නොදන්න සැගවී තියෙන තැන් කොයිතරම්ද....ඒ දැනමු අපට දෙනවට බොහොම ස්තුතියි...
ගීත අහනවා වගේම ඒවායේ සැඟවුණු තොරතුරු ත් ලස්සනයි. මොකද ඇතැම් තොරතුරු අප්‍රකට නිසා
Deleteගොඩාක් ලස්සන ලිපියක්. ජෝතිපාලගේ ජීවිතය ගැන හොඳට විස්තර කරලා තියෙනවා. අදනම් ප්‍රශ්න මොනවත් නැහැ.
ReplyDeleteලිපිය රසවිඳ..
අසරණයා..
Deleteබොහොම ස්තූතියි.ඉදිරියේදි ලිපිවල දිග අඩු වී ගීත ගනන වැඩි කරනවා
ලස්සන ලිපියක් වගේම වැදගත් යමක් ගැබ් උන ලිපියක්
ReplyDeleteකෝරලේ මහත්තයා...
Deleteඔබතුමාගේ පැමීනීම සතුටක් අස්වැන්නට සාදැයෙන් පිලිගන්නවා
සංදේශය චිත්‍රපටිය කිව්වම මම කියන්නත් කලින් අම්මට සිංදු ඔක්කොම මතක් වුණා.. එයා සමහර වෙලාවට ඒ සිංදු කියනවා මම අහගෙන ඉඳලත් තියෙනවා... ලස්සන කතාවක්... බලන්න තිබුණා නම් කොයිතරම් අගේද?
ReplyDeleteඅනූ
Deleteසංදේශය චිත්‍රපටයේ ලංකාවෙ තිබුණු සියලුම පිටපත් සම්පුර්ණයෙන්ම විනාශවෙලා තියෙන්නෙ. ඒනිසා බලන්න වෙන්නෙ නැහැ
ලස්සන සින්දු අහන්නයි ඒවා ගැන දන ගන්නයි කියාපු බ්ලොග් එක..:))
ReplyDeleteප්‍රමුදි..
Deleteඔබ අස්වැන්නට සාදරයෙන් පිලිගන්නවා. එන්න ඉඳ හිටල ඇවිත හොඳ ගියක් අහන ගමන් ඒගැන තොරතුරුත් දැන ගන්න.
ස්තූතියි ඔබේ සටහනට
ඇත්තෙන්ම මේ ගීතය පුදුම සුසන්යෝගයක් ....අදයි දැන ගත්තෙ....
ReplyDeleteසංදේශයේ සින්දු ඇතුලත් දර්ශන youtube හි ඇත. සංදේශය 90 දශකයේ රුපවාහිනියේ ගිය මතකයක් ඇත.
ReplyDeletehttp://www.youtube.com/results?search_query=sandeshaya
http://www.youtube.com/watch?v=fOaClIMHrao