කලාව යනු අදෘශ්‍යමාන
දෘෂ්ඨියකි. සුවඳ අපට දැනේ එහෙත් නොපෙනේ. එහෙත් විඳගත හැකිය. සුළඟ අපට නොපෙනේ එහෙත්
දැනේ. සුළං හමන දිශාව හඳුනාගත හැකිය. සුළගේ වේගය මැනගත හැකිය. එහෙයින් ඒ සුළඟ කවර
වේගයකින් කුමන දිශාවකට හැමුවේද යන්න පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹිය හැකිය. විටෙක මන්ද මාරුතයක්ව හමන ඒ සුළඟම තවත් විටෙක
චණ්ඩය, රළුය. කලාවද එසේ මය. එකම කලා කෘතියක් වුවද එකිනෙකා ඒ පිළිබඳව දකින විඳන
ආකාරය අනුව එකිනෙකට වෙනස් ය. අපි ඒ කෘතිය ගැන හිතන ප්‍රමාණය අනුව එහි අරුත වටහා ගනී. එවන් කලා
කෘතීහු අනෙක් කෘතීන්ගෙන් වෙනස් වන්නේ ඒ නිසාය.
අද මේ සටහනට පූර්විකාව වන්නේ එවන් නිර්මාණයකි. ලංකාවේ
පොත් ප්‍රකාශන, කවර නිර්මාණ බැනර් කටවුට් නිර්මාණ
පරිගණකය ඇසුරින් නිර්මාණය වූ ඩිජිටල් තාක්ෂණයට පිවිසෙන්නට පෙර ඒවා නිර්මාණය වූයේ
චිත්‍ර ශිල්පීන්ගේ තෙළිතුඩිනි. අකුරු වචන ගලපා කලාත්මක අදහසක් ප්‍රකාශ කළා නම් ඒ
ඔවුන්ගේ හද උපන් ගැඹුරුම ආශ්වාදය වචනවලට පෙරලීමකි. ඒ නිසා ඒවා සියල්ල එකල
නිර්මාණාත්මක බවින් පිරී තිබුණි. ඇතැම් චිත්‍ර ශිල්පීන්ගේ අත් අකුරු දුටු පමණින් ඒ
කිනම් සිත්තරෙකුගේ නිර්මාණයක්දැයි කියන්නට තරම් අවබෝධයක් සහ දැනුමක් එදවස රසිකයන්ට
තිබුණි.
80 දශකයේ නිර්මාණය වූ කැසට් කවර, පොත්පත්වල කවර, චිත්‍රකතා
පත්තර ඒවන් සොඳුරුතම මතකයන් නිබඳ ලැගුම් ගන්නා නිර්මාණයන් ය. අදටත් එවැනි නිර්මාණ
බිහිවුවද තරඟකාරී කලාව හමුවේ ඒවා සැනෙකින් මතුව සැණෙකින් සැඟව යන්නේය. රසිකයන්ට ඒ ගැන
හිතන්නටවත් තරම් කාලයක් ඒ සඳහා නොලැබේ.. එදවස විත්‍රකතා නිර්මාණ කළ බන්ධුල හරිස්චන්ද්‍ර, දයා රාජපක්ෂ, කැමිලස් පෙරේරා
වැනි අයගේ චිත්‍රකතා කලාව අදටත් රසිකයන්ට මතකය. ප්‍රේම් දිසානායක, සිසිර විජේතුංග,
වැනි නිර්මාණශීලි කලාකරුවන් අතින් කැසට් කවර සඳහා ඇඳි අකුරු
අදටත් මතකය. රැලෙක්ස් රණසිංහ, විල්සන් හෑගොඩගේ ඡායාරූප අදටත් මතකය. ඉන්ද්‍රනාථ
තේනුවර, පියරත්න හේවා බටගේ, දීග සෝමපාල වැනි වැනි කලාකරුවන් පොත්වලට කළ කවර
නිර්මාණ අදටත් සුවිශේෂ වන්නේ ඒ නිසාය.
අද අස්වැන්න සරසා ඇති චිත්‍ර එවැනි කදිම නිර්මාණශීලි
සිත්තරෙකු පිළිබඳ මතකයකි. ඒ චිත්‍ර දීග
සෝමපාල කලාකරුවා විසින් 90 දශකයේ පොතක
පිටකවරයක් සඳහා අදින ලද සිතුවමකි. මේ පොතට කවර දෙකකි පිට නවර නිර්මාණය වී ඇත්තේ පළමු පිංතූරයෙනි එ් කවරයේ මතුපිට ජනෙල් කවුලුවකි. ඇතුළු කවරය පහත දැක්වේ.
එම සිතුවමට පාදක වන්නේ ජනේලයකින් පෙනෙන කාන්තාවකගේ උඩුකය
අර්ධ නිරුවත් සිතුවමකි. කාන්තා නග්න සිරුරක් දුටු පමණින් සරාගී හැඟීම් අවදි වන
අතරම ජනෙල් කවුලුවෙන් දුටු දේ ඇතුලට
ගොස් බලන්නට කෙනෙකුට නොසිතේද?
සැබැවින්ම එහි ඇතුළට ගොස් බැලුව හොත්
පෙනෙන්නේ කුමක්ද? ඇස සියුම් රාගයන් ඔස්සේ ඇස පිනවූ ඉදුරන්ම ජනේලයෙන් පිට සිට දුටු
දේට ඉදුරා වෙනස් වූ රුවක් ඇතුළත දිස් වේ. මුලින් කවුලුවෙන් ඇස ගැසුණු රූපයට කුමක්
වීද? එය සැණෙකින් අප වෙතින් පළා ගොසිනි. සියළුම කලාවන් එසේමය. දකින දේ සහ විඳන දේ
සියුම් ලෙස වෙනස් වන්නේ ඒ නිසා ය.
ඒ අයුරින් යම් නිර්මාණයකින් දැනෙන හැඟවෙන දේ එක් එක්
පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ය. ඒ අපි එක් එක් ආකාරයෙන් එවන් කෘති දෙස අපට අවේනික
දෘෂ්ඨියෙන් බැලිමට පුරුදුව සිටින නිසාය.
තරමක් වෙනස් ආකාරයට මේ කතාවට මුල පිරවේ ඒ නිසා. අද
අස්වැන්න මම සටහන් කළේ 99 වන වතාවට. ඊළඟට අපි අස්වැන්නෙන් හමුවෙන්නෙ 100 න්. ඒ
නිසා අස්වැන්න 100 හමුවිම තරමක් වෙනස් ආකාරයෙන් සටහන් කරන්න හිතුණා. ඒ කියන්නෙ “අස්වැන්න 100 ඔබේ ඇසින්”
ලියන්න කල්පනා කළා. ඒ නිසා 99 වතාවක් අස්වැන්නෙන්
මම ලියපු දේ ගැන ඔබේ අදහස් දැනගන්න
කැමතියි. ඔබ කැමති ආකාරයකට ඔබට හිතෙන ආකාරයට ඔබේ නිදහස් අදහස් කෙටියෙන්
ලියා එවන්න කියා මම ඔබට ඇරයුම් කරනවා.
අද මේ සටහන වෙනුවෙන් කමෙන්ටුවක් ලියනවාට වඩා ඔබේ ඒ කාලය
වැයකර ඒ කෙටි අදහස සිංහලෙන් හෝ ඉංග්‍රිසියෙන් කැමති ආකාරයට දින කිපයක් ඇතුළත ඔබේ නම සහ බ්ලොග් අඩවියක්
ඇත්නම් එහි නමත් එක්කම ලියා එවන්න. මෙන්න ඊමේල් ලිපිනය
dayanandarathnayake@gmail.com
එසේත් නැත්නම් facebook සමාජ ජාලය භාවිතා කරන ඔබ, ඔබේ අදහස පණිවුඩයක් එලස එහි සටහන් කරන්න. හමුවෙමු
අපි අස්වැන්න සියයෙන්෴
ඊට පසු කාලේක ජනක රත්නායකගේ චිත්‍ර හැම පොතකම වගේ තිබුනා.
ReplyDeleteඇයි දයා රාජපක්ෂ ..?
Deleteමාතලන්../ ඉවාන් පවුලූෂා...
Delete
ජනක රත්නායක/ දයා රාජපක්ෂ ඒ විතරක් නෙවේ බන්දුල හරිස්චන්ද්‍ර ගේ චිත්‍රකලාවත් පොත්වල පිටකවර වලට ආව කාලයක් තිබුණා....ඒවයේ හිතන්න දේකුත් තිබුණා...
ඔබේ ලිපිය මටත් අතීතය සිහි කළා., ඇත්තටම ඒ චිත්‍ර කලාව ආයේ දකින්න වෙන්නේ නැහැ..
ReplyDeleteඅපූර්වී
Delete70 සහ 80 දශකවල චිත්‍රකලාවත් බොහොම ජනප්‍රිය වෙලා තිබුණානේ ඒකයි ඒ අතිතය ඒ තරම් රසවත් බව දැනෙන්නේ
කියන්න වචන නැහැ...එකම චිත්‍රය දෙවිදියකට හැඟීම් දනවන හැටි...ඇත්තෙන්ම ගැහැනියක් දිහා ගොඩක් දෙනා බලන්නේ ඔය ජනේලෙන් බලනවා වගේ හැඟීමකින් නේද? බොහොම ටික දෙනයි ඇගේ ඇතුලාන්තය දකින්නේ...
ReplyDeleteඔව් සයුරි,මාත් මොනා කියන්නද හිතලා කල්පනා කළා ,, මිනිස්සු බලන්නෙත් ජනේලෙන් බලන්න කැමතිත් ජනේලෙන්
Deleteසයුරි...
Deleteඑකම චිත්‍රය දෙවිදියකින් දකිනවා වගේම එකම අදහස වුනත් දෙවිදියකට හිතන්න පෙළඹෙනවා නේ.. ඔය පොතේ නම සම්මා දිට්ඨි (යහපත් දැකිම) සමහර විට චිත්‍රශිල්පයා ඉතාමත් නිර්මාණාත්මකව ඒගැන හිතල තියෙනවා..
අපූර්වි...
බොහෝ දෙනෙක් එහෙම තමයි...
මම මේ උඩින්ම දාලා තියෙන සිතුවම මුහුණු පොතේද කොහෙද දැක්කා.. හැබැයි ඒක හරියටම මොකද්ද කියලා දැක්කේ දැන් තමයි.. ඇත්ත, මිනිස්සු දෙයක් දිහා බලන විදිහ කොයිතරම් වෙනස්ද කියලා හිතෙනවා..
ReplyDeleteදිනේෂ්...
Deleteමම මේ අදහස ගන්න මේක ෆේස් බුන් එකේ දැම්මා.. නමුත් කවුරුවත් කිසිඳු අදහසක් පළ නොකලේ මුලින් හිතපු අදහස වැරදි එකක් නිසා වෙන්න ඇති
අපි කලාව දිහා හරියට ඇස් යොමා නොබලන තාක් ඕන දේකින් අසැබි දෙයක් මවාගන්න පුළුවන් මොකද ඒක මිනිස් මනසට හුරු වෙච්ච දේ. ලිංගිකත්වය කෙරෙහි තමා මිනිසාගේ වැඩිම ආකර්ශනය පවතින්නේ. දීග අති දක්ෂයෙක්..
ReplyDeleteදයාගේ සීයට මාත් මොනා හරි කියන්නං එක්කෝ හොදවයින් දෙකක්ම කියන්නංකෝ..
දේශකයා...
Deleteඅපි මුලින් යමක් දුටු පමණින් අපේ මනස ක්ෂණිකව ක්‍රියාකාරීවෙලා ඒකට උත්තරයක් සපයනවා ඒක තමයි අප එළඹෙන මතය වෙන්නේ. ටිකක් ගැඹුරින් කල්පනා කළානම් හරියනවා.
යතාර්ථය ..සහ කල්පිතය අතර වෙනස...
ReplyDeleteඉවාන් පවුලූෂ...
Deleteසම්පූර්ණ ඇත්ත
රස විඳීමත්, රසය වැනසීමත් මෙනෙහි උණා...:)
ReplyDeleteපොඩ්ඩි...
Deleteඒ දෙකම තේරුම්ගැනිම තමයි වඩා යහපත්...
අපි කොහොමත් හුගක් විට බලන්නේ පිටත ස්වරුපය විතරයිනේ,නමුත් අභ්‍යන්තරයේ තියෙන්නේ ඊට වඩා කොයි තරම් වෙනස් දෙයක් වන්න ඇතිද....?
ReplyDeleteමනෝජ්...
Deleteඅපිට තේරුම්ගන්න අපහසු දෙයත් එයමයි
මේ වගේ නිර්මාණ වලින් බොහෝ පණිවිඩ ලෝකයට දෙන්න පුළුවන්... මට පේන විදියට නම් මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ ඔය අපි කියපු විදියේ හැඟීම් දෙකම ජනිත වෙන විදියට...මේ කාන්තාවගේ මුහුණේ දරු සෙනෙහසට වඩා තියෙන්නේ පොඩි රාගික ගතියක්... ජනේලෙන් පේනකොට ඒ හැඟීම එන්නේ ඒ නිසයි... සම්පුර්ණ චිත්‍රයේ තුලදී ඒ හැඟීම වෙනස් වෙනවා.. ඇඳපු කෙනාගේ දක්ෂතාවය තමයි... 99 ට සුබ පැතුම්.. :)
ReplyDeleteපැතුම්...
Deleteදමේ පෝස්ට් එක දැම්මට පස්සේ ජාතික රූපවාහිනියෙ 05 බ්‍රහස්පතින්දා හැන්දෑවෙ දීග සෝමපාල ගැන වැඩසටහනක් විකාශය වුණා. ඔහු දැන් අංශ බාග රෝගියෙක් මට ඔහු ගැන ඇතිවුනේ මහා අනුකම්පාවක්. ජීවිතේ හැටි.
දකින දෙයි පෙනෙන දේයි අතර සැබෑ වෙනසක් !!!!
ReplyDeleteමධුරංග...
Deleteඒක තමයි යථා ස්වරූපය
මම වර්තමාන නවීනතම තාක්ෂණය අතපත ගාන ඩිජිටල් සිත්තරෙකු උනාට...ඔය කියන සජීවී බව කැටිවෙච්ච නිර්මාණයන්ට තමයි වැඩි කැමැත්ත තියෙන්නෙ...ඒවා තුලින් නිර්මාණ කරුවාට තම භාව ප්‍රකාශනය මැනවින් කරන්නට හැකි බවයි මගේ අදහස...මේ තාක්ෂණික පෙරළිය ලෝකයටම එපා වූ දිනයක නැවතත් ඔය කියන තැනට නිර්මාණ කරුවා නිසැකවම පැමිණේවි....
ReplyDeleteසිරා...
Deleteඇත්තටම අදවෙනකොට චිත්‍රකලාව පාසල් විෂයටත් ප්‍රදර්ශනවලටත් සීමාවෙච්ච විශයක්. තාක්ෂණය හැරදමා ලූ දිනෙක එය යලිත් අප අතරට ආවොත් එය කෙතරම් අපූරුද
රංජිත් කුමාරත් පොත් සඳහා පිටකවර රාශියක් ඇඳි අයෙක් නේද? ඔහුගේ 'කොස්ගස් හන්දිය' පොතේ තියෙන්නේ ඔහු මාමගෙන් ඒක ඉගෙනගත් ආකාරය එහෙම... අද කාලේ කැසට් වල පොත් වල නිතර දකින්නට ලැබෙන නමක් තමයි සිසිර විජේතුංග.
ReplyDeleteතිසර...
Deleteරංජිත් කුමාරත් කවර නිර්මාණ ශිල්පියෙක්.. හැබැයි අද දවසේ නම් ප්‍රේම් දිසානායකත්, සිසිරත් මේ ක්ෂේත්‍රයේ අති විශිෂ්ඨයන් බවට පත්වෙලා ඉන්නේ
කෙනෙක් දකින දේ ඒ කෙනාගෙ හැඟීම් අනුව වෙනස් වෙනව නේද? දයා මල්ලි. කෙනෙක්ට රාගය දන්වන දේම කෙනෙකුට වෙනස් ලෙසක දකින්න පුළුවන්. ඇස , හැඟීම් පාලනය කරන කෙනෙක්ට එකම දේ රාගයෙන් තොරව දකින්න පුලුවන් කියල මට නම් හිතෙන්නෙ. ගැහැනිය කියන රූපයත් දකින විදිහටයි වෙනස් වෙන්නෙ.
ReplyDeleteචාන්දි...
Deleteඔවු ඇත්තටම ඒක දකින කෙනාගෙ හැඟීම අනුව ඇතිවන ප්‍රශ්නයක්. නමුත් කීයෙන් කීදෙනාද යහලත් විදියට දකින්නෙ
ඇත්තම තමයි. බාගෙට බලලනේ හුඟක් වෙලාවට නිගමන වලට එළඹෙන්නේ . අපිම හදාගත් රාමු ඇතුලේ පෙනෙන දේ නෙවෙයි එපිට ලෝකය ..හොඳ නිර්මානයක් නේද
ReplyDeleteබින්දි.
Deleteඅපි සැනෙකින් ඇසට හසුකරගන්න දේ තුළ මොනතරම් අරුතක් ජනිත කරවනවද කියන එක ට හොඳ උත්තරයක් මේ පිංතූරය
ලෝකෙට පේන්න තියෙන්නෙ මොකක්ද...ඒත් ඇත්ත මොකක්ද..
ReplyDeleteඇත්තටම හොද නිර්මාණයක්.
දිනිති
Deleteකලාව කියන්නේ ඒක තමයි
මට හිතෙන්නෙ අපි කොහොමත් බලන්නෙ බාගෙට...? කලක් ගියාම තමයි අපි බලපු දේ /බලපු විදියේ අඩුපාඩු දකින්නෙ. සමහර විට වයසින් මුහුකුරා ගියාම වෙන්න පුලුවන්..!
ReplyDeleteමට මතකයි අපේ ගෙදරට මුලින්ම කැසට් රේඩියෝවක් ගෙනාපු දවසෙ මුලින්ම තාත්ත ඒත් එක්කම ගෙනාවෙ...ජෝතිපාලගෙ කැසට් පීස් එකක් .." සමන් මල් පියල්ලේ" කියල. ඒත් ඒ ගී රස විඳින මානසිකත්වයක් අපිට තිබ්බෙ නෑ...! සන්ෆලව්ස්ලගෙ "සලාදේ" තමයි අපිට තිබ්බ චූන් එක. ඒත් අපි තරමක් කාලයක් ගියාම තෙරුම් ගත්ත ගීතය කියන්නෙ චූන් එක විතරක් නෙවේ කියල. ඒ වගේම ජොතිගෙ චුන් සින්දුත් තිබුන කියල..එහෙත් යම් රසවත්..පදවැල් එක්ක.
චිත්‍ර කලාවත්/කතාත් ඒ වගේ. සමහර චිත්‍ර නොතිබුනා නෙවේ...හැඟීම් අවුස්සන සුලු. සමහර ශිල්පීන්ගෙ මුඛ්‍ය පරමාර්ථය වුනෙත් ඒක වෙන්න ඇති. චිත්‍රකතා වලපල්ලට ගියෙත් ඒ නිසා.
හැබැයි කලාත්මක චිත්‍රයක් කියන්නෙ මොකක්ද කියල හඳුන ගන්න යම්කිසි මට්ටමකට උගත් බවක්(වචනෙ හරිද මන්දා) අව්ශ්‍යයි. එකම චිත්‍රය දෙවිදියකට දෙන්නෙකුට රස විඳින්න පුලුනවන්නෙ.
ලියන්න නම් බොහොමයි.