තථාගත
සම්බුද්ධ දේශණයේ සනාතන මධුර භාෂණය
මාස එකහමාරකට
විතර පස්සෙ ආයෙමත් අස්වැන්න ලියන්න පටන්
ගත්තා. මේ වෙසක් සමය සියළු බෞද්ධ
බැතිමතුන් මෙසහයේ ආමිස පූජා මෙන්ම ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දී කටයුතු කරන
සමයක් නිසා. අස්වැන්න සැරසෙන්නෙ ධම්ම පදය ඇසුරින් නිර්මාණය වූ අති විශිෂ්ඨ සංගීතමය
නිර්මානයක් රස විඳින්නයි. ඊට පෙර අපි තථාගත සම්බුද්ධ දේශණයේ මධුර භාෂණය වන ධම්මපදය සහ එහි විශේෂතා ගැන ටිකක් විමසමු.
“ධම්මෝ ච සෝ
පදං චාතී - ධම්මපදං“ මේ ධම්ම පද විවරණ පාඨයයි. ධම්ම නම් පෙළ යි. පද
නම් පිහිටයි. සැදැහැති මිනිසුන්ට සසරින් මිදෙන්නට පිහිටි වන සේ අරුතින් අවශ්‍ය වන ධර්මෝපදේශ පහදා දෙන බැවින් එය
ධම්ම පද නම් වේ. එය හෙළ බසින් “දම්පියා“ යනුවෙන් හැඳින්වේ.
සැදැහැති
ජතාවට දහම් කරුණු අවබෝධ කර දිම පිණිස පොදු ජන ජීවිතය ඇසුරින්ම සුදුසු වස්තු බීජ
තෝරා ගෙන දහම් දෙසිම බුදුන් වහන්සෙගේ සිරිත් වූ බැවින් ධම්ම පදය බොදු ජන හදවත් තුළ
මෙතරම් සම්භාවනාවට පාත්‍ර වී ඇත්තේ සැප
දුක දෙකෙහෙිම එක සේ ඔවුනට එක සේ පිහිටව
පවතින නිසාය.
කිතුණු
බැතිමතුන්ට බයිබලය යම් සේ ද, ඉස්ලාම් බැති මතුන්ට අල්කූරානය යම් සේ ද, හින්දු
බැතිමතුන්ට භගවත් ගීතාව යම් සේ පිහිට වුයේ
ද එසේම බෞද්ධ බැති මතුන්ට ධම්ම පදය ඒ අයුරින්ම අතීතයේ පටන් පිහිට වන පූජනීය ග්‍රන්ථයකි.
එහෙයින්ම බෞද්ධයාගේ අත් පොත ලෙස ධම්ම පදය සළකයි. ඒ නිසා ධම්ම පදය පිළිබඳව සහ එහි වැදගත්කම පිළිබඳව අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ
නායක මාහිමියන් විසින් 1980 දී පමණ ලියන ලද දීර්ඝ විස්තරයක සටහනක් කෙටියෙන් මෙහි
සටහන් කර තබමි.
බුද්ධ භාෂිතය
කොටස් තුනකි. ඒ විනය පිටකය, සූත්‍ර පිටකය සහ අභිධර්ම පිටකය වශයෙනි.
එයින් විනය
පිටකය පරිවාර පාළි ග්‍රන්ථ පහකින් සමන් විත වේ. ඒ පරාජික පාළි, පාචිත්තිය පාළි,
මහා වග්ග පාළි, චූල වග්ග පාළි සහ පරිවාර පාළි වශයෙනි.
සූත්‍ර පිටකයද
එලෙසම තවත් කොටස් පහක් නිකාය අනුව අනුව බෙදේ. ඒ දීඝ නිකාය,මජ්ඣිම නිකාය, සංයුක්ත
නිකාය, අංගුත්තර නිකාය සහ බුද්ධක නිකාය වශයෙනි.
නැවත බුදධක
නිකාය කොටස් පහළවකට බෙදේ. බුද්දක
පාඨ, ධම්ම පද උදාන, ඉති වුත්තක, සුත්ත නිපාත, විමාන වත්ථු, පේත වත්ථු, ථේර
ගාථා, ථේරි ගාථා, ජාතක කතා, නිද්දේස කතා, පටිසම්භිදාමග්ග කතා, ආපදාන, බුද්ධවංශ සහ චරියා පිටක වශයෙනි. ඒ අනුව ධම්ම පද අයත් වන්නේ බුද්ධක නිකායේ දෙවන කොටසට ය.
අභිධර්ම පිටකය
තවත් කොටස් හතකි. ඒ ධම්ම සංගණී, විභංග කථා,
ධාතු කථා, පුග්ගල පඤ්ඤත්ති, කථාවත්ථු, යමක
සහ පට්ඨාන කථා යනුවෙනි.
බුදු රජානන්
වහන්සේ විවිධ අරමුණු ඇතිව විවිධ ස්ථානයන්හි දේශනා කළ අසූහාරදහසක් වූ ධර්මස්කන්ධය
අද තිබෙන පිළිවෙලට සම්පාදනය කළේ ප්‍රථම
ධර්මසංගිතිකාරක මහරහතන් වහන්සේ විසිනි. බුද්ධක නිකයට අයත් කාණ්ඩ පහළවෙන් එහි දෙවන
පොත වන ධම්මපදය සම්පාදනය වන්නේ බුදුරජානන් වහන්සේ ලෝක සත්වයාගේ හිත සුව පිණිස
තැනින් තැන දේශනා කළ ගාථා හරසිය විසිතුනක් (423) එක්තැන් කිරීමෙනි.
ධම්ම පදය
යන්නට සම්පූර්ණ ත්‍රිපිටකයේ සදහන් බුද්ධ භාෂිතයම ගත හැකි වුවත්, මෙහිදී ගණන් ගන්නේ
බුදුන් වහන්සේ විසින් කතා වස්තූන් දෙසිය අනූනවයක් (299) පිණිස දේශනා කළ වර්ග විසි
හයකින් (26) සමන්විත වූ හරසිය විසිතුනක් (243) ගාථාවලින් සම්පුර්ණ වු කොටසයි.
ධම්ම පදය සඳහා
පරිවාර ග්‍රන්ථ කීපයක්ද තිබේ. ඒ නම් අට්ඨකතාවක්ද, දම්පියා අටුවා ගැටපදය ද, අට්ඨකථාව ඇසුරින් සම්පාදිත සද්ධර්මරත්නාවලිය යනුවෙනි.
ධම්ම පදය ලොව වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ පොතකි. අතීතයේ පරිවර්තනය වූ ප්‍රාකෘත ධර්ම පදය, දෛවී භාෂාමය ධර්ම පදය සහ
චීන ධම්ම පදය ඉතා පැරැණිම ධර්ම ග්‍රන්ථයෝ වෙත්. මහායාන ධර්මය අදහන රටක් වූ චිනයේ
ධම්ම පදය වර්ග තිස් නවයකින්ද (39), ගාථා පන්සිය පනහකින්ද යුක්ත ය (550). එය ද
කොටස් දෙකකිත එනම් එක්‍යුකිංග් සහ චූසෞකිංග් වශයෙනි.
ථේරවාදී
බුදුදහම පෙරටු කොටගත් ශ්‍රී ලංකාව, බුරුමය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, යන රටවල්
පාළියෙන් මෙන්න ස්වකීය භාෂාවන්ගෙන්ද
පරිවර්තනය කොට ගනිමින් පොදු ජන හිත සුව පිණිස භාවිතයට ගනී. යුරෝපා රටවල්
මෙන්ම චීනය ජපානය කොරියාව ඇතුළු මහායානවාදී
රටවල් ද සිය බසට පරිවර්තනය කර ගනිමින් භාවිතයට ලන්නා අතර ටිබෙටය ථේරවාදී මෙන්නම මහායානික බෞද්ධයන් වෙසෙන
රටක් නිසා පාළි, නේවාරි සහ ටිබෙට් බසින් පරිවර්තන තුනක් සකස් කරගෙන ඇත.
සමස්ත ත්‍රිපිටකයම
එක පිඬකට හකුළුවා ගත් ධම්මපදය මිනිසාගේ මෙලොව දියුණුවටත් , පරලොව දියුනුවටත්,
ලෝකෝත්තර දියුණුවටත්, උපකාර වන දහම් කරුණු වලින් පෝෂිත ය. කාලෝචිත ව දර්ම දේශකයකුට කාලෝචිතව මෙන් ම
ස්ථානෝචිතව බහු ජන හිත සුව පිණිස උපදෙස්
දෙන්නට ධම්ම පදය හැරුණු විට වෙනත් කෘතියක් නැත.
අතීතයේ මෙන්ම
මෙකල ද දරුවකු පැවිදි කරන්නට භාරගත් විට
මුල්ම ඉගැන්වීම් කරනුයේ සාමනේර බණ දහම් පොත ඇසුරිනි. අනතුරුව පාළි බස ඉගෙනුමත්, වරනැගිල්ල කටපාඩම් කරවිමත්, ධර්මය
ඉගනිම පණිස ධම්ම පදය කටපාඩම් කරවිමත් කරනු ලබත්.
සාමාන්‍ය
මිනිසකුගේ දැනුම සාමාන්‍ය ඥාණය සහ විශේෂඥ ඥාණය යනුවෙන් කොටස් දෙකකි. බුද්ධ භාෂිතය පිළිබඳ ව ඉතිහාසයේ
පටන්ම ඉහත කී දෙවැදෑරුම් ඥාණය ලබාගැනිම සිරිතක් ව පැවැතිණි. ධර්මාභිලාෂීහු සියල්ලෝම
ත්‍රිපිටකය හදාරති. පසුව එයින් එක් කොටසක් ගෙන ඒ පිළිබඳව විශේෂඥ වෙති. ධර්මය
පිළිබඳ විශේෂඥතාවය ලැබූ අයට දෙන නාමය “භාණක“ ය.
එබඳු භාණකයන් හෝ විශේෂඥයන් දීඝ භාණක මජ්ඣිම භාණක ආදී වශයෙන් වර්ග දහ අටකට
බෙදී සිටී. එයින් ධර්ම දේශනා සහ පිරිත් දේශනා වලදී “විචිත්‍ර මධුර භාණක“ යනුවෙන්
හඳුන්වා ඒ කාර්ය සඳහා මුල පිරීමට ඇරැයුම් ලබන භික්ෂූන් වහන්සේ එවැනි විශෙෂඥතාවයක්
ලැබූවෝ වෙත්. ධම්ම පද භාණක යනුවෙන් හඳුන්වන්නේ ද එවැනි භාණක කෙනෙකි.
ධම්ම පදය
අතීතයේ සිටම වටිනා පුස්තකයක් ලෙස රජවරු මෙන්ම හෙළ විරුවෝද භාවිතයට ගෙන ඇත. අද මෙන්
එකල මුද්‍රිත පොත් වශයෙන් නොතිබුණද පුස්කොල පොත්වල නිරන්තයෙන් භාවිතයට ගැනිම පිණිස
වටිනා ලේන්සුවක දවටා ඉණේ බැඳ ගැනිම අතීත සිරිත විය. ධම්ම පදයද ඉන් එකකි. අපේ
කැප්පෙටිපොළ නිලමේ ද ධම්ම පදය නිරන්තරයෙන්
ඉණේ බැදගෙන සිටි වීරයෙකි.
කැප්පෙටිපොළ
නිලමේ සහ මඩුගල්ලේ නිලමේ ඉංග්‍රීසිනිට විරුද්ධව සටන් කිරෟම හේතුවෙන් ඔවුන් ඉංග්‍රිසින්
විසින් අත් අඩංගුවට ගත් පසු මරණීය දණ්ඩනය
නියම විය. හිස ගසා මරණයට නියම වූ 1818 නොවැම්බර් 18 වන දා මරණීය දණ්ඩණයට නියම ව සිටි කැප්පෙටිපොළ නිලමේ වඳින්නට අවසර ඉල්ලූ පසු ඒ සදහා අවසර ලැබ නුවර වැවට බැස දිය නා දළදා
වහන්සේට වැඳ නමස්කාර කොට මරණයට නියම වූ තැනට පැමිණ සිය ඉණේ දවටා ගෙන තිබූ ධම්ම පදය
ලිහා ගෙන හඬ නගා එහි වූ ගාථා රත්නයන් කිහිපයක්
කියවා නැවත නැවත පුස්කොල පොත හකුළා බැඳ
දොහොත් මුදුනත තබා සිය කළ්‍යාණ මිත්‍රයකුට
භාර දෙන ලෙස කියා ඉල්ලා සිට අභිත
හඬ නගා ප්‍රකාශක් ද කොට වධකයා දෙස හැරී
“නව අරහාදී බුදුගුණ කියන විට හිස ගසා දමන්නැයි කියා අරහං කියනු සමගම වධකයා විසින්
නිළමේගේ හිස කඳින් වෙන්කළ බව ඉතිහාසයේ සඳහන් වේ.
ඒ අනුව එකල
උගත් හින්දු බැතිමතුන් භගවත් ගීතාව නොදන්නේ නම් හෙතෙම නියම හින්දු බැතිමතකු ලෙස
නොසැළකූ සේම ධම්ම පදය ප්‍රගුණ නො කළ තැනැත්තාද නියම බෞද්ධයකු ලෙස නොසැළකී ය.
ඒ ආදී වශයෙන් පිළිබඳව
අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහනායක මාහිමියන් ධම්ම පදයේ ඇති වැදගත්කම ලාංකේය බෞද්ධ
බැතිමතුන්ට පමනක් නොව කැමති ඕනෑම කෙනෙකුට තම තම නැණ පමණින් එහි රුව ගුණ විමසා
බලන්නට ඉතාමත් දීර්ඝ අන්දමින් කියා දී තිබේ.
එවන් වූ අගනා
ධර්ම පුස්තකයක් ලෙස ධම්ම පදයේ ඇති වටිනාකම මේ වෙසක් සමයේ පැහැදිලි කර දීමට මා ට සිතක්
පහළ වූයේ අස්වැන්න සංගීතය ගීතය සම්බන්ධයෙන් වැඩිපුර කතා කරන ඉසව්වක් වන නිසා ය. සිංහල සාහිත්‍ය ගොඩ නැගෙන්නේ බෞද්ධ සාහිත්‍ය පදනම් කරගෙනය.
ධම්ම පදය මෙන්න ථේර ථේරි ගාථා සහ ජාතක කතා ඇසුරින් සිංහල ගිත සාහිත්‍යයට එකතු වී
ඇති ගීත සහ සංගීතාංග රැසකි. ඒ නිසා අද අස්වැන්නෙන් මම ඔබ හමුවේ තබන්නේ මෙරට විශිෂ්ඨයින්
පිරිසක් අසූව දශකයේ අත්හදා බලන ලද එවන් අපූරු මතකයෙන් බැහැරව ගිය තවත් සංගීමය තිළිණයක්
පිළිබඳව මතක් කර දෙන්නටය. මේ අගනා අත්හදා බැලිම කරන ලද්දේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්
විසිනී. අසූව දශකයේ දී ධම්ම පදය ඇසුරින් ඔහු සංගීතමය අත්දැකිමක් නිර්මාණය කර
තිබුණි. ධම්ම පදයේ එන ගාථා හරසිය විසිතුනක් (423) අතුරින් තෝරාගත් ගාථා 18 ක් ඔස්සේ කර ඇති මේ
අපූරු නිර්මාණය සඳහා දායක වී ඇති පිරිස ද මෙරට පහළ වූ දුර්ලභ නිර්මාණකරුවෝම ය. මේ පිරිස අතුරින් අමරබන්දු රූපසිංහ, මාලනී බුලත් සිංහල, කේමදාස, සුනිලා අබේසේකර යන අති විශිෂ්ඨයෝ අද අප අතර නැත. ඔවුහු අපෙන් සමුගෙන බොහෝ කල් ය. එහෙයින් අද අපට ඉතිරිව ඇත්තේ ඔවුන් විසින් මතකයට නගා ඉතිරිකර තබා ගිය මේ මිහිරැති මතකයන් පමණි. මේ ඔවුන් පිලිබඳ
විස්තරය යි.
ධම්මපද ගීතයේ
පාලිගාථා දේශණය - පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන් වහන්සේ
සිංහල ගීත
රචනය - ඩබ්ලිව්. ඒ. අබේසිංහ
සිංහල ගී
ගැයුම - අමරසිරි පීරිස් සමග විශාරද මාලනී බුලත්සිංහල
ඉංග්‍රීසි
පරිවර්තන - එඩ්වින් ආරියදාස
සිංහල හඬ මුසුව
- ප්‍රවීන නිවේදක අමර බන්දු රූපසිංහ
ඉංග්‍රීසි
බසින් හඬ මුසුව - සුනිලා අබේසේකර
සංගීත
නිර්මාණය- ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
විනාඩි 32 ක කාලයක් පුරා දිග හැරෙන
ධම්ම පද ගීතය පළමු
කොටස මෙතනින් අහන්න.
ධම්ම පද ගීතය දෙවන
කොටස මෙතනින් අහන්න.
ධර්ම දානය
පිණිස බෙදු න්මේ මේ තුටු පඬුර ඔබේ සිත් සතන් නිවී පහන් කිරිමට හේතු වාසනා
වේවා.........!
දයා, අද වෙසක් පෝයදා හොඳ ධර්ම දානයක් දීලා...හිත පහන් වෙලා ගියා. දයාට වගේම මේ ගීයේ නිර්මාණයට සහභාගි වූ හැම දෙනාටම පින්ම සිදුවේවා!!!
ReplyDeleteපොඩ්ඩි
Deleteධර්ම දානය හොඳම දානයක්... ස්තූතියි
සබ්බ දානං ධම්ම දානං ජිනාති.. දයා පොඩි උදව්වක් ඉල්ලලා මේලක් දැම්මා දින කීපෙකට කලින්..
ReplyDeleteනලීන්....
Deleteස්තූතියි..... ඉල්ලිම ඉටු කළා...
අපේ බ්ලොග් සින්ඩියට ඔබේ බ්ලොග් පිටුවත් එක්කරන්න. ලින්ක් එක මෙතැනින්.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
අජිත්
Deleteස්තූතියි
ලොකුම දානය..... ධර්ම දානය.....
ReplyDeleteයසේ....
Deleteඇත්තටම ඒක හරි...
දයා.... ස්තූතියි!! මේ වැඩේ කරපු කාලේ මට හොඳට මතකයි. ඒ කාලේ අමරබන්ධු රූපසිංහව ගුවන් විදුලියෙන් අයින්කරාට පස්සේ රැකියාවක් නැතුව හිටියේ. මාත් එක්ක විජේරාමේ එක කාමරේක හිටියේ. මේ දේවල් වලට මාවත් පස්සෙන් එක්කන් යනවා. සුනිලා, මාස්ටර්, අමරේ අයියා එකතුව බොහෝ දේවල් කරා. අද මේ තුන්දෙනාගෙන් එක් කෙනෙක්වත් නැහැ.
ReplyDeleteමගේ ආදරනීය වැඩිහිටි මිතුරා අමරබන්ධු රූපසිංහයන්ගේ කටහඬ අසන්නට සැලැස්සුවාට බොහොම ස්තූතියි. අශෝක තිලකරත්නයන්ගේ voice archive සයිට් එකේ අමරේ අයියාගේ වෙන පොඩි ක්ලිප් එකක් තියෙනවා.
අරු
Deleteඅමරබන්දුලා, කේ.ඩී.කේ. ප්‍රේම්. බණ්ඩාරකේ විජේතුංග ගුවන් විදුලියේ අැවිදින පුස්තකලා. ඔවුන්ගේ නිර්මාණ ශිලිත්වය හඬ සදාකාලිකයි. අමර බන්දුගේ හඬ කේමදාස නිර්මානවල බොහොමයක් තියෙනවා
අද වගේ දවසක රත්නායක අයියා අපිත් එක්ක බෙදාගෙන තියෙන්නේ සෑහෙන්න වටින දෙයක්නේ.. නිදහසේ අහලා බලන්න ඕන..
ReplyDeleteදිනේෂ්...
Deleteඅහල බලන්න.මේවටිනා නිර්මාණය ස්තූතියි
බොහෝ පින් දයානන්ද..මේ ධර්ම දානයේ පින, නිර්මාණයට දායක වූ සැමටම ලැබවේවා..
ReplyDeleteරූ...
Deleteමේ නිර්මාණයට දායක වූ සියලු දෙනාට මෙලාව මෙන්ම පරලොවදීත් සෙත් සැලසේවා කියමු.. ස්තූතියි රූ....
බොහොම පින් දයා මල්ලි. මේ ධර්ම දානයේ පිනෙන් ඔබගේ සියළු යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා! දායකවූ සැමට නිවනේ දොර ඇරේවා! සුබ වෙසක් මංගල්‍යයක් වේවා!
ReplyDeleteචාන්දි...
Deleteඔබේ ප්‍රාර්තනාවට මමත් එලෙසින්ම එකතු වෙනවා
උතුම්ම දානය ධර්ම දානය කියනවනේ... මෙයත් එවැනිම උතුම් වැඩක්...
ReplyDeleteතරු රසී
Deleteස්තූතියි ඔබටත්
හොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
ReplyDeleteමෙය ඇඩ් එකකි.
http://premalathaa.blogspot.com/
වීර කාන්තා
Deleteස්තූතියි මම එන්නම්
දන්න දේවල් ගැන වඩාඅ හොඳින් දැනගත්තා. ඒ වගේම නොදන්න කරුණු කාරණා රාශියක් අලුතින් දැනගත්තා. ගොඩක් ස්තූතියි අයියෙ තොරතුරුවලට.
ReplyDeleteමං ස්වයං ගීත විචාරයක් කලා. විවේකයක් තියෙනවානම් කියවල බලනවද අයියෙ? ඔබ වැනි කෙනෙක්ගෙන් ගුරු හරුකමක් ගන්න තියෙනවානම් ඒක මට ගොඩක්ම වටිනවා ඉදිරි ගමනට.
ලින්ක් එක දෙන්න අමතක වුනානෙ. මෙන්න ලින්ක් එක.
Deletehttp://www.masandumal.blogspot.com/2014/05/blog-post_13.html
මනෝෂ්....
Deleteස්තූතියි මම ඇවිත් බලන්නම්. කිප විටක් ආ බව මතකයි
බොහෝමත්ම ස්තූතියි, නොදන්නා දේවල් ඉගෙන ගත්තා වගේම දන්න දේවල් වල මතකය අලුත් කරගත්තා.
ReplyDeleteගිහාන්..
Deleteස්තූතියි... මේ අමරණීය මතකයක්
ඉතාම වටිනා ලිපියක් ඔබ ලියූ...මුල සිටම අකුරක් නෑර කියෙව්වා...මෙවැනි ලිපි පාඨක අවධානයට එතරම් යොමු වෙන්නෙ නෑ...හුදු විනෝදාස්වාදය තමයි වර්තමාන ලෝකයේ හැමෝම හොයන්නෙ. බුද්ධ ධර්මය මොන තරම් සංකීර්ණද කියලා හොද අවබෝදයක් ලැබුනා ධර්ම කොටස් බෙදා ඇති අන්දම ඔබ දක්වා ඇති ආකාරය දිහා බලලා...උප්පැන්නයෙන් බෞද්ධ නිසා අපි බුද්ධාගම ගැන කථා කලත් සත්‍ය ලෙසම අප මේ මහා ඉගැන්වීමෙන් මොන තරම් දේ දන්නවාද කියා මගේ සිත මගෙන්ම විමසුවා...ඉතාම අගය කරනවා මේ වෑයම..පළමු ගීතයෙ පසුබිමෙන් ඇහෙන්නෙ තාම්පුරාවක් නේද ? ගීතය පටන් ගන්න පෙර යන විස්තරය නම් ඇතැම් එෆ් නාලිකා වල විකාශය වනවා මා අසා තිබෙනවා.
ReplyDeleteසිරා....
Deleteමේ නිර්මානයේ සමහර ඇත් අපූරු රසෝඝයකට අපව ගෙනයනවා...මම මේ පැහැදිලි කළේ කෙටියෙන් විස්තරයක්. ඉගනගන්න කැමති කෙනෙකුට හොයල ඉගනගන්න. ස්තූතියි
අදනම් ගැඹුරු පාඩමක් වගේ...වෙසක් පොහොය වෙනුවෙන් කළ මේ ධර්ම දානය වෙනුවෙන් ඔබට බොහොමත්ම පින්.
ReplyDeleteසයුරි...
Deleteබෙහෙිව්නම ස්තූතියි...මේ ලිපියේ දැනගතයුතුම කොටස් ටිකක් තියෙනවා ඒකයි වැදගත් වෙන්නේ
අගනා ලිපියක්.ඉතා මහන්සියෙන් මේ ලිපිය සකස් කර තිබෙනවා.ධම්ම පද විව්රනය නමින් ඔබ ඉදිරිපත් කර ඇති මොරගොල්ලේ ඥානොභාය තිස්ස හාමුරුරුවන්ගේ පොත ධම්ම පදය නමින් මා දුටු වටිනාම පොතයි. ගාථාව පමණක් නොව එය ඉදිරිපත් කිරීමට පසුබ්ම්වූ නිධාන කතාවද සරලව එහි ඉදිරිපත් කරතිබෙන නිසා ඒ පොත මා සතු කර ගැනීම මා ලද භාග්‍යයක් කියලයි මට හිතෙන්නෙ.
ReplyDeleteඔබට තව ස්තුතියක් කරන්න තියෙනවා.ඒ භාණක භික්ෂුන් වහන්සේලා ගැන මා මෙතෙක් කල් නොදත් කරුණු කියා දිමගැන.
සමරේ...
Deleteසාමාන්‍යෙයන් සැම බෞද්ධ නිවසකම තිබිය යුතු පොතක් ලෙස ධම්ම පදය සලකනවා. සාමාන්‍යෙයන් ගෙදරකට යනවිට තෑග්ගක් විදියට අරගෙන යන්න වුනත් හොඳයි
බොහොම අපුරු ලෙස කරපු නිර්මාණයක්... මේ වගේ දක්ෂයින් එක්ව කරන නිර්මාණ කෙතරම් රසවත්ද බොහොම ස්තුතියි මේ බෙදා ගැනීමට..
ReplyDeleteවටිනා යමක් බැති සිතින් දිල.. තෙරුවන් සරණයි..අදයි කියවල හල අවසානය කලේ... ඒකයි පමා වුනේ..
ReplyDeleteහුගාක් වටින සදහම් පණිවිඩයක් අපට බෙදා දුන් ඔබට සොයුර තෙරුවන් සරණයි...!!!මේ දුන් ධර්ම දානයේ ආනිසංසයෙන් ඔබට යහපක්ම වේවා....!!!
ReplyDeleteවටින සදහම් පණිවිඩයක්
ReplyDeleteමේ අමරණීය මතකයක් සම්බුදු සරණයි හැම බොදොනුවෙකුටම ගොඩක්ම වටිනවා ....!!!