එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Sunday, 23 March 2014

෴ රුවක් ඇදෙනවා ගීතය ගැන මහින්ද දිසානායකයන්ගෙන් පැහැදිලි කිරීමක්෴






මෑත කාලයේ ගීත කීපයක්  සම්බන්ධයෙන් facebook  සමාජ ජාලය ඔස්සේත්,  විවිධ අන්තර්ජාල අඩවි ඔස්සේත් නැගුණ සහ නැගෙමින් පවතින සංවාද මගින් අපේ මනසත් සෙසු රසිකයන්ගේ මනසත් අවුල් ජාලයක පටලවමින් සිටී.  දශක කීපයත් තිස්සේ අපේ සිත් නිවා පහන් කළ මේ ගීත සම්බන්ධයෙන් හිතලු මත ගොඩනැගූ අර්ථ ශූන්‍ය සහ  පදනම් විරහිත විචාර සුභාවිත ගීත තවතවත් අගාධයටම යොමු කරවන්නක්. එසේ  පදනම් විරහිත ඒ වගේම අර්ථ ශූන්‍ය පැටලිලි සහිත අර්ථ නිරූපණ වලට හසුවූ ඒ ගීත අතර සුනිල් එදිරිසිංහ ගැයූ සදකඩ පහණක කැටයම් ඔපලා ගීතයත්, ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ ගැයූ රුවක් ඇදෙනවා ගීතයත්, කරුණාරත්න දිවුල්‍‍ගනේ ගැයූ ගහක මල් පිපිලා ගීතයත් නූතන ගී රසිකයන් විසින් මෙසේ පදනම් විරහිත අරුත් සපයාගත් ගීත අතර මුල් තැනක තිබේ.

ඒ රසිකයන්ගේ මානයන්ට හසුවූ මේ අගනා ගීතවලින් ලිංගික අත්දැකීම් විදහා දැක්වෙන බවත් ඒ අතරින්  රුවක් ඇදෙනවා ගීතයත්, ගහක මල් පිපිලා ගීතයත් සමලිංක සේවනය ගැන කියවෙන ගීත බවට අරුත් සපයමින් ගීතයට කිසිසේත් නොගැලපෙන ගුජුප්සාජනක අත්දැකීම් ගීතයේ තේරුමෙහි ඇති බවට හුවා දැක්විමට ඇතැම් පිරිස්  ගන්නා උත්සාහය ඔවුන්ගේ නොදන්නාකමත්, මෝඩකමත් එළි දැක්වීමක් බව සෘජුවම කියන්න සිදුවෙනව. මේ ගීත පිළිබදව ඇතිවූ සංවාද සහ ඒවායේ සම්බන්ධතා  අරුත් නිවැරදිද යන්න බෙහෝ දෙනෙකු විසින්  විමසන්නට පෙළඹුණේ එසේ පදනම් විරහිතව ඇතිවූ අර්ථ නිරූපණ හේතුවෙන්.

ඒ නිසා විටන් විට මේ ගීත තුන ගැනම අස්වැන්නෙන් නිවැරදි අර්ථ නිරූපණයක් ගෙන එන්න සූදානම්. ඒ නිසා මුලින්ම මේ ගීත අතරින් “රුවක් ඇදෙනවා” ගීතය බිහිවූ අයුරුත්, එහි පසුබිමත් වඩාත් හොඳින් දන්නා නිසා එහි පළමු පියවර වශයෙන් මේ ගීතය සහ එහි පසුබිම අදහස් දක්වන්නට මේ හොඳම කාලය එළඹ ඇති බව සිතුන නිසාත් මේ ගීතය ගැන සෘජුවම මවිසින් අදහසක් ඉදිරිපත් කරනවාට වඩා ගීතයේ නිර්මාතෘවරයාගෙන්ම ඒ පිළිබඳ විමසා අදහසක් ඉදිරිපත් කිරීම වඩා හොඳ පැහැදිලි කිරීමක් වනු ඇත. 

රුවක් ඇදෙනවා ගීතයේ නිර්මාතෘ ප්‍රවීන ගිත රචක මහින්ද දිසානායක සූරින්. ඔහු අපට සිටින විශිෂ්ඨ ගීත රචකයෙක්. සිංහල සුභාවිත ගීයට සම්භාව්‍ය සාහිත්‍යයේ සරල රසාස්වාදයත්, ගැඹුරු බෞද්ධ සාහිත්‍යයේ සරල රසාස්වාදයත් මුසුකළ විශිෂ්ඨයෙක්. අගනුවරින් බැහැරව ගීත සාහිත්‍යයට වැඩිම ගීත ගණනක් එකතු කරළ රජරට සේවයේ ගීතමය පිබිදීම  ඔස්සේ ගීත රචනයට පිවිස නුවර කලාවියේ සිට සිංහල ගීතය පෝෂණය කරන්නට මහින්ද දිසානායකයන් ගන්නා වෙහෙස ගැන සිංහල ගීතයේ එක ස්වර්ණමය පරිච්ඡේදයක් ලියන්න පුලුවන්.

එසේ සිංහල සුභාවිත ගීතයේ පහන් ටැඹක් බඳු මහින්ද දිසානායකයන් අතින් ලියැවෙන ගී පද වැලක සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ හෝ බෞද්ධ සාහිතයයේ සේයාවක ඇල්ම බැල්ම නිරන්තරයෙන් දකින්නට පුළුවන් නිසා මහින්ද දිසානායකයන් සමග සුහද පිළිසඳරක යෙදෙමින් ආගිය තොරතුරු කතාබහ කරන අතර තුරදී  රුවක් ඇදෙනවා ගීතය ගැන විමසුවෙමි.

“රුවක් ඇදෙනවා ගීතය සමලිංගික සේවනයේ යෙදෙන දෙදෙනනකුගේ අත්දැකීමක් කියල නූතන තරුණ ගීත රසිකයන් අතර මතයක් ඇති වෙලානේ”

මහින්ද දිසානායකයන් කීවේය. මා සෘජුවම නොඇසූ ප්‍රශ්ණයට මහින්ද දිසානායකයන්ගෙන ලැබුණේ සෘජු පිළිතුරකි. මට පැහැදිළි කරගැනිමට අවශ්‍ය වූයේ එතුමා ඒ නූතන අදහස ගැන දැන සිටියේද යන්න විමසා බලන්නටය.

“මහින්ද අයියෙ එහෙම අදහසක් ගීතය තුළ නැහැ නේද?” මම යළිත් ඇසුවෙමි.

“ඔව්, මේ ගීතය මගේ අතින් ලියැවුණේ 1981 දි විතර, මේ ගීතයට මම වස්තු බීජය සපයාගත් පුංචි කතාවකුත් තියෙනවා. ඒ කතාවත් මම කියන්නම්.  ඒත් මේ ගීතය සම්බන්ධයෙන් වර්තමාන තරුණ ගීත රසික පරපුරේ බොහෝ දෙනකේ සිටින්නේ වැරදි මතයක එළඹගෙන. මේ ගීතය සමලිංගියන් ඇසුරට හුරුවූ දෙදෙනෙකුගේ අදහසක් බවට ගම්‍ය වන කිසිම හේතු සහගත අදහසක් හෝ යුක්ති යුක්ත අදහසක් ගීතයේ නෑ. නමුත් මේ ගීතය එවන් සමලිංගික අත්දැකීමක් කියවෙන ගීතයක් බවට මතයක් පැතිරිලා. ඒක මා ලියූ අදහසට හාත්පස වෙනස් අදහසක්. මට හිතෙන්නේ කුමක් හෝ වැරදි අදහසක් තුළ එළඹුණ මතයක් නිසා මේ ගීයට ආදරේ කරන රසිකයන්ගෙ  රසිකත්වයට යම් පමණක හානියක් කරලා.

ගීතයක් ගැන ඕනෙම කෙනෙකුට ඕනෙම මතයක් අදහසක් එහෙමත් නැත්නම් ආකල්පයක් දරන්න පුළුවන්. ඒත් ඒ මතය සමාජ ගත කරන්න තමන්ට පැහැදිළි සහ නිරවුල් හේතු තියෙන්න ඕනෙ. එහෙමත් නැත්නම් තර්කානුකූලව අදහසක් ශක්තිමත් පදනමක පිහිටා ඉදිරිපත් කළ යුතුයි. අන්න ඒ විදියට තමන් දරන මතය තහවුරු කරන්න බාහිර හේතු සාධක තමන් සතු වෙන්න ඕනෙ.එහෙම නැතුව කෙනෙකුගේ හිත තුළ උපදින හිතලුවක් වැරදි අයුරින් සමාජගත කළ හොත් ඒ හරහා ඒ නිර්මාණයටත්, එහි නිර්මාපකයන්ටත් නිමකළ නොහැකි හානියක් සිදුවෙනවා. ඒක යළි පිළිසකර කළ නොහැකි හානියක්.”

මහින්ද දිසානායකයන් මේ ගීතයට වස්තුබීජය සපයාගත් අයුරු  පිලිබඳ මතකය යළි යළිත් දශක කීපයක් එහා අතීතයට හාරා අවුස්සමින් එහි ඇති මියුරු මතකය අවදි කරන්නට විය. ඒ මෙසේය. මහින්ද දිසානායකන් කියූ එපුවත ම ඔබට මෙතැන් සිට කියන්නේ මගේ බසිනි.

“අදුර වැටී හෝරා එක හමාරක් පමණ ගතවී ඇත. හාත්පස වූ අඳුර වෙළාගත් ගහකොළ ‍වල සෙවනැලි පවා නොපෙනෙන තරමට ‍ගිලී ඇති රාත්‍රිය දිගු රැයක් කරා පියවර ඔසවමින් සිටී.නගරය තරමක් ජනාකීර්ණ බවින් මිදුනත් නගරය කෙළවර වූ අවන්හල සෑම රාත්‍රිකම කාර්ය බහුලය. අවන්හලට පිවිසෙන මාර්ගයේ එක් පසෙක ඇති විදුලි ලාම්පු විහිදවූයේ මන්දස්මිත ආලෝකයකි. එයින් නිකුත් වූයේ අවන්හලට පිවිසෙන මාර්ගය පමණක් එළිය කරන්නට තරම් සෑහෙන එළියකි. එහි එළිය හාත්පස වෙළා අදුර මකන්නට ප්‍රමාණවත් නොවීය. තරමක් දුරසිට බලන්නෙකුට  වීදියේ ඇති විදුලි බුබුලු යටින් ගමන් කරන හෙවනැළි පමණි.

පාර කෙළවර වූ අවන්හල දශක ගණනාවක අතීතයට උරුම කියූ එකකි. දුර සිට එහි ඉපැරණි බව පැහැදිලිවම හඳුනාගත හැකිය. අවන්හලේ ඇතුළත පෙනුමද හරියට ඉංග්‍රීසි පාලන සමයේ ගොඩනැගූ ගොඩනැගිල්ලක සිරි ගත්තේය. තැනින් තැන ඇති මේස පුටු ලීබඩු පවා දශක ගණනාවක අතීතයට නෑකම් කියූ ඒවාය. ඒ දෙමහල් අවන්හලේ ඉහල මාලයට පිවිසෙන්න තිබුනේ ලී වැටක් සහිත තරප්පු පෙලකි. අවහන්හලේ ලීතරප්පු පෙළේ ඉහලට පහලට ගමන් කරන මිනිසුන්ගේ සැබෑ ස්වරූපයත්, වේටර්වරුන්ගේ පා ගැටෙන හඬත් වෙන වෙනම හදුනාගත හැකිය. අවන්හලේ පහළ මහල තරම් ඉහළ මහල කාර්ය බහුල නොවූ අතර එහි සිටියේ නිතිපතා පැමිණෙන සුන්දරම රාත්‍රියේ මිහිර විඳීන මිනිසුන් පමණි. ඔවුන්ට කිසිම කලබලයක් නැත. රාත්‍රිය උදාවෙත්ම නිරන්තරයෙන් පිරී තිරී යන අවන්හල පුරා උස්පහත් වෙමින් නැගෙන සිනා හඬත්, සංවාද විසංවාද හා උසුළු විසුළු වලින් පිරුණි.

අවන්හලේ ඉහළ මාලයේ කෙළවරෙහි වූ ජනේලයෙන් පිටත බලන්නෙකුට අවන්හලට පිවිසෙන මාවත හොදින් දිස්වේ. රාත්‍රිය වුවත් පාර පුරා විහිදන විදුලි එලියෙන් අවන්හලට පැමිණෙන සහ එයින් පිටව යන මිනිසුන්ගේ සෙවණැළි දැකගත හැකිය.  එසේ පැමිණියේ හෝ පිටව ගියේ කවුරුන්ද යන්න පැහැදිළිව හදුනාගත නොහැකි වුවත් කීදෙනෙක් පැමිණියෙන්  කීදෙනකේ නික්ම ගියේද යන්න අදුරේ වුවත් දැනගත හැකිය.

හැමදාමත් අවන්හල වෙත එකම වේලාවකට පැමිණ හෝරා දෙකතුනක් එහි ගත කර නික්මයන මැදි විය ඉක්මවූ මිනිසෙකි. හෙතෙම නිරන්තරයෙන් අසුන්ගත්තේ ඉහළ මාලයේ ජනේලය අසල පිහිටි මේසෙයේය. ඔහුට ජනේලයෙන් එපිට මාවත හොඳනි දිස්වේ. ඔහ් මීවිතක් තොලගාමින් ඒ මාවත දෙස දනෙත් යොමා කල්පනාවේ කිමිදෙයි.  තමන්ට අවහ්‍ය දේ ගෙන්වා ගන්නා වේටර්වරයා වෙත කියන දේ හැරුණු විට වෙනත් කිසිවක් සමග හෝ කතාවකට නොයන මේ මැදිවිය ඉක්මවූ තැනැත්තා අවනහලේ සේවකයන්ට බෙහෙවින්ම හුරු පුරුදුය. එහෙත් කිසිවකුටත් ඔහුගෙන් කරදරයක් නැත. තමන් ඇණවුම් කරන මීවිතට හුදකලාව පෙම් බදින ඔහු අවසානයේ වේටර්වරයා ඉදිරිපත් කරන බිල්පතට මුදල් දී වේටර්වරයාගේ අතටද සන්තෝසමක්දී ඉන් පිටව යයි.

රාත්‍රියේ අදුර මැදින්  දිනෙක එසේ වූ මේ අවන්හලට පැමි‍ණියේ තරුණයෙකි. තවමත් තුරුණු විය නොඉක්ම වූ හෙතම අවන්හලට අමුත්තෙකු වුවත්, අවන්හල ඔහුට අමුත්තක් නොවුණි. ඔහු අවන්හලේ ඉහළ මාලය වෙත පැමිණ වටපිට බලා  මැදිවිය ඉක්මවූ මිනිසා හුන් මේසය වෙත ගොස් ඔහුට ප්‍රතිවිරුද්ධ දිසවෙන් වූ හිස් පුටුවේ වාඩිවිය. වේටර්වරයාට අතවනා ළඟට කැඳවූ ඔහු යමක් කොඳුරා කීවේය. විනකාඩි කීපයක් යන්නට මත්තෙන් ඔහු ඇණුවුම් කළ මීවිතත් ඊට අවැසි සියලු දේත් ඔහු ඉදිරියේ විය.

මීවිතක් තොලගෑ ඔහු දුම්වැටියක් දල්වා හීන් දුම් වළලු  කීපයක් වාතලයට මුසු කරන අයුරු මැදිවිය ඉක්මවූ මිනිසා යටැසින් දුටුවේය. යෞවනයා කල්පනා සයුරේ කිමිදී බොහෝ ඈතට ගොස් ඇති බව ඔහුට වැටහිණ. කිසිම දිනෙක අවන්හලට පැමිණෙන අමුතතන් සමග දොඩමළු නොවන ඔහු  හෙමින් හඬ අවදි ‍කළේය.

“මල්ලි ඇයි මේ.....?”

“නෑ... නිකං...”

හීන් සීරුවේ දෑස් ඔසවමින් තමා ඉදිරියේ හුන් මිනිසා දෙස බලාගත් සැණින් සිය දෑස් ඔහුගේ දෑස්වලින් ඉවතට ගත්තේය. යෞවනයාගේ වචන තුළ නොකියූ බොහෝ දේ ඇති බව ඔහුට හැඟිණි.

“වෙන්න බෑ මල්ලි. මොකක් හරි පැටලිල්ලක ඉන්නවා වාගෙ?”

මැදිවිය ඉක්මවූ තැනැත්තා කීවේය. කතාවට මුල පුරන්න මගක් සොයද්දී මධු බදුන් කීපයක නිමාව සටහන්වී තිබුණි.

“මට මගේම කියන්න පුළුවන් විදිහෙ ආදරයක් තිබුණා. මම ඒ ආදරේ වෙනුවෙන් හුඟක් අදරේ කළා. කවදාවත්ම නොහිතපු විදිහට.......”

 “අන්තිමට ඉතුරු වුණේ මෙච්චරයි” 

යෞවනයා සිය ප්‍රථම ප්‍රේමයේ අතීත නටඹුන් අතර සක්මන් කරමින් ප්‍රේමයේ සොදුරු තැන් මෙන්ම රිදුණු තැන්ද   බිඳුණු හඬකින් අවදි කළේය.

“නෑ මල්ලි උඹ තවම පරාද වෙලා නෑ... උඹ පටන් අරන් තියෙන්නෙ වැරදි තැනකින්. හොඳම කාලෙ තව ඉස්සරහට මොකට පරාද වුණත් බොන්න  එපා... ආපහු හිතපන්”

මධුවිතෙන් හොඳහැටි රත්වී සිටි මිනිසා යෞවනයාට එක දිගට කියාගෙන කියාගෙන ගියේය.......”

මහින්ද දිසානායකයන් රුවක් ඇදෙනවා ගීතය ලියන්නට වස්තුබීජය සපයාගත්තේ ඒ ආකාරයෙනි.

මේ කතාව විතරක් නෙවෙයි මේ ගැන කපුගේ ලියපු සටහනක් තියෙනවා පල්ලේගම හේමරතන හාමුදුරුවන්ගෙ “පහන නිවී දොළොස් මහේ” පොතේ “මානව ප්‍රගමනය ගීතය හා මගේ දෘෂ්ඨිය” කියල අපූරු සටහනක්. ඒකෙත් රුවක් ඇදෙනවා ගීතය බිහිවූ හැටි කියල තියෙනවා. 

මහින්ද දිසානායකයන් මගේ හිත තවත් අතකට යොමු කළේය. මේ කපුගේ රුවක් ඇදෙනවා ගීතය සම්බන්ධයෙන්  තබා ඇති ඒ රසවත් සටහනයි. ඒ සටහන ඒ අයුරින්ම මෙසේ උපුටා දක්වමි.

“ 1981 දී මා රජරට සේවයට පැමිණි මුල් කාලයේදී දිනෙක මගෙන් කෙරුනු ඉල්ලිමකට මහින්ද දිසානායක ගීතයක් රචනා කරගෙන  පැමිණියේය. අනතුරුව එහි තනුව නිර්මාණය කරන්නට ඔහු මා හා එක් විය.මා මහින්ද, කරුණාරත්න දිවුල්ගනේ, ජයතිලක බණ්ඩාර, ධනසේන කඹුරුගමුව එක් වූ එදා රාත්‍රිය මට දැනුදු සිහිපත් කල හැකිය.

මීවිතෙන් ගිනි කණ වැටුණ් ඇස
කාගෙ රුවදෝ ඇ‍ඳෙන්නේ
නිමේෂයකින් ඔබට සැස‍ඳෙන
හිතවතෙකි ඔබ දකින්නේ

භද්‍ර යෞවන මලණුවනි ඔබ
කිමද මධු විත සොයන්නේ

නුරා දාහය නැත නිවෙන්නේ
එයිනි දුක් ගිනි දළු දමන්නේ

ජීවිතේ දියවී  යා නොදී
වෙනින් ඔරුවක නැග යමන්නේ

දෙතුන් වරක් මේ ගීතය කියවූ මා ගීතය තුළින් දැනවිමට යන අරුත පැහැදිලි නැති බවත් එය වචන තුළ සිරවී ඇති බවත් මහින්දට පැහැදිලි කළෙමි. මධුවිත තොල ගාමින් මා  මිහිරි තනුවක් සඳහා සර්පිනාවේ ඇඟිලි හැසුරුවද මට මගේ කාර්යයේ අපහසුවක් දැනිණ.

“..... රුවක් ඇදෙනවා...... කවුදෝ එනවා...... මහින්ද මේ විදියට පටන් ගත්තොත් මොකද කියන්නේ?......”

 මම ඔහුගෙන් පිළිවිසිමි. එකල මා  වඩා හඳුනාගෙන නොසිටි මහින්දයන් අපහසුතාවකට පත්කිරිමට මසිත මට අවසර නොදුණි. නමුදු වහා මා හා එකඟ වූ ඔහු පැයක පමණ කෙටි කාලයකදී මුලු ගිතයම නැවත සංස්කරණයට සමත්විය. මේ පසු කලෙක කරුණාරත්න දිවුල්ගනේ හා මා එක්ව ගැයූ  ඒ ගීතයයි.”

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක  දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා

සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
කිම තොල මීවිත පොඟවන්නේ
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා විතින් මා දෙතොල තෙමන්නේ

නැගුණු නුරා ගිනි මී පොද වැටිලා
හතර වටින් දළු ලා එනවා
අවන් හලේ මී විත තනි කරලා
වරෙන් මලේ පියවර නගලා

ගීපදමාලාව: මහින්ද දිසානායක
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: විශාරද ගුණදාස කපුගේ සහ
           කරුණාරත්න දිවුල්ගනේ

                   


සාර්ථක ගීතයක් බිහිවිම පිනිස ගීත රචකයගේ සහ සංගීත රචකයාගේ  සංයෝග අවශ්‍ය වන්නේ ඒ නිසාය. ගීත රචකයා තුළ උපදින සංකල්පය ගීතයක් ලෙස බිහිවන්නේ ඒ සංයෝගයේ අග්‍රඵලය ලෙසටය.

ඒ කාලේ ඔය විදියට බිහිවුණ ඒ ගීතයට ඒ යුගයෙත් විවිධ විවේචන තිබුණා නේද? මම මහින්ද දිසානායකයන්ගෙන් යළි විමසීමි.

ඔව්. ඔය ගීතය බිහිවෙච්ච මුල් කාලෙ පේරාදෙණිය සරසවිය හරහා ගොඩනැගුණ විචාර කලාව තුළින් රුවක් ඇදෙනවා ගීය දැඩි විවේචනයට බඳුන් වුණා. එතැනදි පේරාදෙණි විචාර කලාව හරහා මතු වුණ එක කාරණයක් තමයි හොඳට බොන මිනිහෙක් කොහෙමද තවත් බොන මිනිහෙකුට බොන්න එපා කියල උපදෙස් දෙන්නෙ කියන කාරණය. ඒක කොයි තරම් දුරට සදාචාරාත්මකද?  ඒ කොයිතරම් ශිෂ්ඨ සම්පන්න කාරණයක්ද එහෙමත් නැත්නම් බොන කෙනෙක් තවත් බොන කෙනෙකුට එහෙම කියන්න අයිතියක් තියෙනවාද කියන කාරණය තුළ බොහෝ මත ගැටුම් මේ ගීයට විවේචන විදියට ආවා.

ඒ තැනැත්තා මොන තරම් මධු විතට ඇබ්බැහි වූවත් එහි විපාක ඔහු හොඳින් අත්විඳිනව. ඔහුට එයින් මිදිමට නොහැකි වූ තැන  ඔහු වැටුණ අගාධයේ  ගැඹුරු අඳුර දකිමින් තමයි තවත් කෙනෙකුට එයි වැලකෙන්න කියන්නෙ. ඔහු ඒ ක්‍රියාවේ නියැලුනත් තව කෙනෙකුට එහි ආදීනව කියා දීමේ වරදක් මා දකින්නේ නැහැ. මා උත්සාහ කළෙත් ඒ ටික රුවක් ඇදෙනවා ගීතයෙන් කියන්නයි.”

මහින්ද දිසානායකයන් රුවක් ඇදෙනවා ගීතය ගැන මා සමග හඬ අවදිකළේ ඒ අයුරින්. වර්තමානයේ මේ ගීතය සමලිංගිකයන් දෙදෙනෙකුගේ අත්දැකිමක් බවට හැඟවෙන හරසුන් මුග්ධ විචාර හෝ අදහස්වලට දීමට ඇති  පිළිතුර එයයි. එහෙම බිහිවූ ගීත වල අරුත් හිතෙන හිතෙන පරිදි කාලයෙන් කාලයෙන් කාලයට වෙනස් කළ හොත් ගීතයට සිදුවන හානිය වඩා බරපතල ය. ඒ නිසා මෙවන් ගීත ගැන අදහස් සමාජ ගත කිරීමේදී වඩා වගකීමක් අප සතුව ඇති බව වගකීමෙන් යුතුව ඇතිබව පිළිගත යුතුය.

සටහන:
මහින්ද දිසානායකයන් මේ දිනවල සුවිශේෂ වූ නිර්මාණාත්මක කටයුත්තක නියැලී ඉන්නවා. නුදුරේ දී සිදුවන ඒ සුවිශේෂ වූ කාර්ය පිළිබදව තොරතුරුත් ඉදිරියේදි  අස්වැන්නෙන් ඔබට කියන්නට සූදානමින් ඉන්නවා...


165 comments:

  1. ගීයක් රසවිඳින විට එහි අරුත නිවැරදිව දැනෙන්නේ නම් අගෙයි. ඇතැම් ගී සරළයි අරුත් පැහැදිළියි - එහෙත් ඇතැම් ගී සිතා විඳින්නට යමක් ඉතිරි කරනවා - මේ නිමිති නොදැන සිටි මගේ හිතේ මැවුණේ මෙහෙම චිත්ත රූප පෙලක් - අවන්හලට ඇදෙන තරුණයා හට අවවාද කරන වැඩිහිටි අවන්හල් හිමියෙකු ගේ රුවක් - එහිදී ඔහු අවන්හල් හිමියෙකු වුවත් දයාබරිත හදවතක් ඇත්තෙක් -තම ජීවනෝපාය නිසා මේ තරුණ ජීවිතය වැනසීම ඔහුට දරා ගත නොහැකියි. කොහොම වුනත් සංකල්පනාවේ හිමිකරුවාගේ අදහසට තරමක් හෝ සමාන චිත්තරූප පෙලක් මැවීම ගැන සතුටුයි. බෙදා ගත් මේ අස්වැන්නට පිං සිද්ධවෙච්චාවේ.

    ReplyDelete
    Replies
    1. සමන්මලී...
      අපි සුභාවිත ගීතය කිය හඳුන්වන ගීතය පෝෂණය වෙන්නෙම සාහිත්‍යයෙන්නේ. සමහර ගීත බෙහෙවින්ම ජනප්‍රියයි. ඒත් එහි සාහිත්‍ය නෑ. ඒත් ඒව ගීත විදියට අපි අහනවා. නමුත් ඒ ගීවලට අපි අසීමිත විදියට අදහස් හදාගන්නවානේ. ඒ වගේ මෙවැනි ගීයක් සංගිතය පදරචනය ගායනය මේ හැම එකක්ම සාහිත්‍යමය අංග විදියට වැදගත්.ඒනිසා ඒ ඔස්සේ ආසන්න විදියට හෝ නිවැරදි අදහස ගොඩනගාගන්න පුළුවන්

      Delete
  2. ප්‍රසිද්ධ සහ ජනප්‍රිය ගීත වලට වෙනත් අරුත් දීම මෝඩ කම හෝ නොදැනුවත්කම නිසා සිදුවන්නකැයි සිතූ විට ඔවුනට සමාවේ යම්කිසි ආවරණයක් හිමි වේ. මෙය එක්තරා විකෘති මානසිකත්වයක් මත කෙරෙන්නකුත් නොවේ. එවිටද සමාවේ රැකවරණය ඔවුනට හිමි වේ. මගේ අදහස ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. මෙය සිතා මතා කරන්නක්ය යන්නය මා අදහස් කරන්නේ. එය සැලසුම් සහගතය.රසිකත්වයේ නිසි මගට ගත හැකි රසිකයා නොමග යැවීමත්, රසිකත්වයේ නිවැරදි මග ගත් රසිකයා අතර මං කිරීමත් මෙහි අරමුණයි. ඒ අරමුණ ඉටුකර ගැනීමට සමාජ ජාල වෙබ් අඩවි හොඳ තෝතැන්නකි. අර අරමුණු දැරූවන් නොදැනුවත් නොවූවක්, විකෘති නොවූවත්, මෝඩ නොවූවත් ඔවුනගේ අරමුණු වෙත දක්කන්නට ඕනෑ තරම් මෝඩ, නොදැනුවත්, විකෘති මානසිකත්වයක් සහිත පිරිස් මෙහි වෙයි. සමහර විට ඒ පිරිස් සමූහගතවීද සිටියි. ඒ සමූහ මූනු පොතේ විශාල බලයක්ද ගොඩ නගා ගනී. ඔවුනට එරෙහි වන්නන්ට ඕනෑම පහත් වදන් භාවිතයට සේම ඕනෑම පහත් පෙලේ කතා නිර්මාණය කර ගැරහීමට ඔවුන් මැලි නොවෙයි. මේ නිසා බැලූ බැල්මට ඔවුන් බලවත් වෙයි. ඔවුන්ට එරෙහිව කෙනෙක් නොලියා අප්‍රියාවෙන් මුත් බලා සිටී.
    මේ අමන අර්ත දැක්වීම් මෙසේ වුවත් මේවාට උඩ ගෙඩි දුන්නේද දැනුවත් උගත් අයය. සමහර විට ඔවුන් නිර්මාණකරණයේ යෙදෙන සහ යෙදුන අයද, එමෙන්ම දරු පරපුරකට ශිල්ප කියාදුන් සහ කියා දෙන අයද වෙයි. කලක් ජයකොඩි අයියාගේ සිරි යහනේ ලණු ඉහිරී ගීතයට මෙන්ම අමරදේවයන්ගේ කුමරියක පා සළඹ සැළුනා ගීතයටද මෙතරම් පහත් නොවූ නමුත් මෙවැන්නන් දිරිමත් කරණ වෙනත් අරුත් දැක්වීම් සිදු වූවා මට මතකය. මේ ඒ පාරේ පැමිණි ඔවුන්ගේ පසු පරපුරේ වැඩය. ගුරුන් හිටගෙන හුජ්ජ කරණවිට ගෝලයින් දුව දුවා හුජ්ජකිරීම වලකාලිය නොහැක.

    ReplyDelete
    Replies
    1. තුට්ටු දෙකේ සමලිංගිකයො ටිකක් එකතු වෙලා උසස් ගීත සැලසුම් සහගතව විනාශ කරනව. ලේඛකයො මැදිහත්වෙන එක ඕනම කරන එකක්. සමාජ ජාලවල අමුකුණුහරප සමලිංගික රූපරාමු එක්කයි මේව ශෙයා කරන්නෙ. මහින්ද දිසානායක වගෙ කලාකරුවො මේව ලියයිද කියලත් හිතෙනව.

      Delete
    2. මේක අළුත් කේස් එකක් නොවේ.

      මේ රුවක් ඇදෙනවා කවුදෝ එනවා ගීතය සමරිසි එකක් යැයි කවුදෝ මගේ බ්ලාගයේ කමෙන්ටුවක් ලියා තිබුනේ අද නොව 2010 දී ය.

      රුවක් ඇදෙනවා කවුදෝ එනවා - 2 December 2010



      Delete
    3. යසේ...
      මචං.. එක කාලෙක මේවන් හොඳ ගිතවලට නානාප්‍රකාර කතා හැදුණා. හැදුනා ම නෙවෙයි හැදුවා. ඒකාලෙ මේ වගේ කතා නිර්මානය වුනේ යම්තරමක් හොඳ සාහිත්‍යයයක්, කලාවක්. එටහමත් නැත්නම් හොඳ රසවින්දනයක් තිබුණ යුගයක. ඒකාලෙ බොහෝ විට මේව නිර්මාණය වී සමාජයට ආවෙ සරසවි සුන්දරත්වය හරහා.

      නමුත් කාලය සමග බොහෝ දේ වෙනස් වෙලා. අද කිසිඳුනි නිර්මානාත්මක බවකින් තොරව මේ ගීවලට අර්ථ කථන හැදෙනවා. හැබැයි ඒවා හැදෙන්නෙ කොතැනකින් වුවත් වොගයෙන් සමාජගතවෙනවා. ඒ සඳහා අද ජාල පහසුකම්, මාධ්‍ය මේ හැම දෙයක්ම තියෙනවා.

      එහෙම ගොඩනැගෙන හරසුන් ප්‍රලාපයක් ඉක්මනින් සමාජගතවී නිර්මාණය විනාශයට යොමු කරවනවා. එවිට අසත්‍ය මතුවී සත්‍ය අරුත සැගවෙනවා. ඒනිසාම රසවින්දනය වශයෙන් වුවත් යමෙක් හුදු විනෝදය පිණිස කරන මේ ක්‍රියාවලියෙන් හානියක් සිදුවෙනවා.

      මට මේ ගිත ගැන ලියන්න සිදුවුණ ආසන්නම සිදුවීම් කිපයක් අතර ඔබ මම අප කවුරුත් දන්නා හඳුනන ශිල්පියෙක් පාසල් සිසුන් පිරිසකට වැඩසටහනක් කරද්දී ගීත සාහිත්‍ය කියන මාතෘකාවේ දේශනය අතර මග නවතා මගෙන් දුරකතනය ඔස්සේ විමසා සිටියා මේ ගිත තුන තුළ අපි අදහන සාහිත්‍යය රසයෙන් එහාගිය අදහසක් මේ ගීවලින් කියවෙනවද කියලා.

      මට ඊට ෂෘජු පිළිතුරක් දෙන්න කලින් මම ඒ ගීත ආයෙමත් අහලා මම එතුමන්ට කිව්වේ මම දැනුවත්වනම් ඔය කියන අරුත් ඒ ගීවල නැහැ කියලා.

      ඊට පස්සේ එතුමා මට කිව්ව දෙයක් තමයි දේශනයට ආපු ලමයි “චිට්“වල ලියල එවල තියෙන ඒවයෙන් 90% කට වැඩියෙන් කියවෙන්නේ මේ ගිතවල සමලිංගික හෝ ලිංගිතක්තවය ගැන කතාකරනවා කියා. එතකොටම අපට වැටහෙනවා නේද ගැටලුවේ බරපතල කම.

      සුරංගි...

      මහින්ද දිසානායකයන් වැනි අය ලියන හැම වචනයකම කොතැන හේ පොතපතක රදුණු සිදුවීමක් හෝ සාහිත්‍යයක් තියෙනවා. ඔව්න් ඒකලාවට ආදරේ කරන්නෙ එහෙමයි

      ක.කා.

      ඔඑ මේ ගැන අද කතාකලත් මේවා අද ඊයේ පටන් ගත්ත හෝ ක්ෂණිකව හටග්ත අර්ථ නිරූපණ නෙවේ. නමුත් මේ රචකයන් පවා නිහඬව සිටින නිසා මමයි හිත්වේ මෙවැනි සැබෑ අරතුක් යළි මතු කරන්න වුවමනයි කියලා

      Delete
    4. යසනාත් ඔබේ අදහස හරි. මටත් මේ දේමයි කියන්න තියෙන්නේ තව කරුනු කීපයකුත් එක්ක. මේක නොදැනුවත්ව මෝඩකමට වෙන දෙයක් නෙවෙයි විශේෂයෙන් මෑත කාලයක ඉඳන් අපේ රටේ සමාජය තුලටත් බටහිර රටවල ලිංගිකත්වය සම්බන්ධ මතවාද ඇතුල් කරන්න එක්තරා පිරිසක් උත්සහ කරමින් ඉන්නවා. විශේෂයෙන් චන්ද්‍රිකා ජනාධිපති උනාට පස්සේ සමලිංගිකයන්ට කල්ලි ගැහෙන්න සුදුසු වටපිටාවක් හැදුනා. ඒවගේම බටහිර කාන්තා විමුක්තිවාදය සමාජගත කරන්න පටන්ගත්තා සිරස වගේ හඩු මාධ්‍ය ස්ථාපිත කරමින්. මේවා සුලුපටු දේවල් නෙවෙයි. අපේ රටේ ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම් සේරම කාලය තිස්සේ නැතිකර දමන්නේ ලිංග භේදයක් එපා කියමින්. ඒ වගේම කාන්තා නිදහස කියන සාධකය ඉස්සරහට දාගේන. මේ වනවිට සමලිංගික බලවේග කාන්තා විමුක්තිවාදය සමග සැලසුම් සහගත ගමනක් යනවා එකට. ඒක පුදුමයක් නෙවෙයි. ඔය වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් විදිහට තමයි සමාජයේ උන්ට රිංගන්න පුලුවන් හිඩැස් හා දුර්වලකම් හොයාගෙන සමලිංගිකත්වය විවිධ දේ සමග වැරදියට ගලපන්නේ. මීට ටික කාලයකට කලින් සමලිංගිකත්වය බෞද්ධ සමාජය තුල පැතිර තිබෙන දෙයක් කියලා තර්ක ගෙනාවා. ඒ වගේම බලපෑමක් තමයි මෙතනත් තියෙන්නේ. මෙතනදී අර්ථය තරමක් සංකීර්ණ ගීත වල සාමාන්‍ය රසිකයන්ට තේරුම්ගන්නට තියෙන යම් පැටලිලිසහගත තැන් අල්ලලා ඒවා සමලිංගිකත්වයට වැරදියට ගලපන්න මේ විකුර්ති කාම බලවේග වගබලාගන්නවා. විශේෂයෙන් අන්තර්ජාලය තුල ෆේස්බුක් වගේ සමාජ වෙබ් අඩවි හරහා මේවට අවශ්‍ය සහය මේ අය ලබා ගන්නවා.එහෙම කරලා තමන්ගේ මතවාදී ඒකාධිකාරය පවත්වාගන්නේ විරුද්ධවාදීන්ට ද්වේශසහගතව බැනවැදීමෙන්. ඔවුන් දන්නවා ලැජ්ජාව නිසා බොහෝ අය මොවුන් සමග දිගින් දිගට සංවාද වලට යන්නේ නෑ කියලා. මේ වෙන කිසි දෙයක් නෙවෙයි බටහිර කාන්තා විමුක්ති හා සමලිංගිකත්වයේ මතවාදී ආක්‍රමණය. කවුරුවත් මේ අයට උත්තර දෙන්න හරියට ඉදිරිපත් නොවීම ඔවුන්ට වාසියක්. මේ ලිපිය පල කිරීම මෙතනදි ලොකු දෙයක් ඒ ගැන සමාජය දැනුවත් වෙන්න.

      Delete
    5. එක එක්කේනාට ගීතය තේරුම්යන විදිහ වෙනස් වෙන්න පුලුවන්. නමුත් මේ සමලිංගික හැසිරීමක් මෙතනට ගාවන එක උවමනාවෙන් කරන දෙයක් සමලිංගිකත්වය වෙනුවෙන් පෙනීහිටින කොටස් විසින්.

      Delete
  3. වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාරගේ අදහස බොහෝ දුරට සත්‍ය විය හැකියි. සුබාවිත ගීතය සිතා මතාම විකෘති කිරීමේ පහත් මානසිකත්වයක් මේ සමාජයේම ඇතැමුන් තුළ තිබෙනව.
    දයානන්ද අයියා , හැකියාවක් තිබෙනවා නම් මේ වගේ අසාධාරණයට බඳුන් වූ අනෙක් ගීත වකටත් සාධාරනත්වයක් එක් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔවු එහෙම කරන්න. දයාට බොහොම පිං

      Delete
    2. සිඳු...

      අපි ඉදිරියේදි බලමු මෙවැනි කිසිවකු අපේක්ෂා නොකරන විදියේ අරුත් සපයා ඇති ඉතිරි ගීතත් . ඒ නිර්මානකරුවන්ගේ අදහස් එක්කම විමසා බලා ඉතාම නිවැරදි අදහස තේරුම් ගන්න.

      Delete
    3. අනිවාර්යයෙන් මෙතන හිතාමතා කරන සැලසුම්සහගත දෙයක් තියෙනවා.

      Delete
  4. මේ ගැන කතාබහ වුන හුඟ දේවල් මාත් තැන් තැන් වල කියෙවුවා.. සදකඬපහන ගීතය ගැනනම් ලියවිලා තිබුන තේරුම වැරදියි කියන එක ගැන මම ඒක බලද්දීම තේරුනා.. ඒත් මේ රුවක් ඇදෙනවා ගීය ගැනනම් හිටියේ හරි විශ්වාසයක් නැතුව.. ගීත රචකයා එක්කම කතාබස් කරමින් මේ ගැන පැහැදිළි කරපු එක සෑහෙන වටිනවා අයියේ..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. දිනේෂ්...
      ඇත්තටම ගීතයක් ලිව්වට පස්සේ රචකයාගේ කාර්යභාරය තියෙන්නේ තිරය පිටුපස. සමහර විට ඔහු අපේක්ෂා කළේ කුමක්ද යන්න පවා රසිකයන්ට කියන්නෙ නැහැ. ඒක සමහර විට රසිකයාගේ නිදහසට බාධාවක් කරනවා කියල සමහර විට හිතන්න පුළුවන්. එහෙම වුනත් මේ ගැන කිඳු හසරක් නොදන්නා රසිකයෝ ගීතයට කිසිසේත්ම අදාල නොවන සිදුවීම් සමුදායක් සමාජ ගතකර එය සමාජය පිලිගන්නා තැනට පත්කළ හොත් ඒ නිර්මාණයට කෙබදු ඉරණමක් අත්වේද කියා හිතනවා ඒකයි මම මේ සඳහා ගිතයේ රචකයා සම්බන්ධකරගත්තේ

      Delete
  5. මහින්ද දිසානායක සහ මහින්ද දිසානායක දිවුල්ගනේ යනු දෙදෙනෙක් ද?

    ReplyDelete
    Replies
    1. තුන් දෙනෙක් වගෙයි හෙහෙ හෙහෙ (විහිලුවක් හොදේ )

      Delete
    2. දෙවෙනියා ඉන්නේ කකාලගෙ ගමේ නේද?

      Delete
    3. ක.කා.
      රජරටින් ගීත කලාව පෝෂණය කළ මහින්දලා දෙදෙනෙක් ඉන්නවා ජාතිකමට්ටමේ ඒ දෙන්නා තමයි මහින්ද දිසානායක සහ මහින්ද චන්ද්‍රෙස්කර මේ දෙන්නම කපුගේට, දිවුල්ගනේට ඇතිතරම් ගිත ලිව්වා. සිල්ලම ජනප්‍රියයි. මහින්ද දිසානායක දිවුල්ගනේ කියල කෙනෙක් නැහැ. සමහර විට නම්දෙක පැටලීමක් වෙන්න ඇති.

      යකා...

      හරියටම බැලුවොත් මහින්ද දිසානායක සහ මහින්ද චන්ද්‍රෙස්කර සහ දිවුල්ගනේ තුන් දෙනෙක්

      තිසර..

      ඒකියන්නේ ක.කා රජරට කෙනෙක්ද?

      Delete
  6. මගේ අදහස නම් රචකයා ගීය ලියූ පසු ඔහුගේ කාර්යය අවසාන බවයි. එය රස විඳින් රසිකයා තමන්ට අවශ්‍ය ආකරයට එය රස විඳිනු ඇති. එම රස විදීම මේ මේ ආකාරයට විය යුතුයි කියා රචකයාට නීති දාන්න බෑ නේද?

    උදාහරණයක් ලෙස මෙන්න මට හිතෙන හැටියට සිංහල ලෙස්බියන් සින්දුවක්.

    http://kathandara.blogspot.com/2010/12/sinhala-lesbian-song.html

    ඒ උදාහරණයට බහුතරයක් එකඟ නොවෙනු ඇති. නමුත් එයින් මා හිතන දෙය වලක්වන්නට බෑ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ක.කා.

      නිර්මාණකරැවෙක් තමන්ගේ නිර්මාණය රසිකයන්ට ඉදිරිපත් කළ පසුව ඔහුගේ කාරය අවසන් ඒක ඇත්ත. එහි ඇති අරුත හෝ දිග පළල වගේම ගැඹුරත් සොයාගැනිම රසිකයන්ට බාරයි. නමුත් එහෙම කියලා ඊට කිසිසේත්ම අදාල නොවන අරතක් සමාජ ගතකළ හොත් අර කලාකරුවාගේ නිර්මාණයටත් ඔහුගේ කලාවේ භාවිතයටත් අත්වන ඉරනම කුමක්ද?

      මාධ්‍ය අනිසිලෙස භාවිතයෙන් නිර්මාණයකට අදාල නැත් හානියක් වනවා නම් තවත් සුවහසක් රසිකයන් පිරිසක් වෙනුවෙන් ඔහු තමන්ගේ නිර්මානය රැකගත යුතුයි නේද?

      රසික මට්ටම තේරුම් ගැනීම ඉතාවැදගත් එහිදී එක පිරිසක් විසින් ස්ථාපිත කරන්නහදන වැරදි මතයක් සඳහා වැට බැඳීමත් ඉතාම වැදගත්.එහෙම නොවුනොත් සරල රසවින්දනය වත් ඉතුරු නොවේවි.

      Delete
    3. @ දයානන්ද

      ගීතයේ රචකයා බලාපොරොත්තු නොවූ අරුතක් සමාජයෙන් මතුවීම නිසා රචකයාට යම් ප්‍රශ්ණයක් ඇතිවීමත්, තමාගේ නිර්මානයේ පසුබිම විස්තර කීරීමට සිතීමත් බලාපොරොත්තුවිය යුත්තක්.

      කෙසේ නමුත් මෙතන ඇත්තේ රචකයාගේ නිර්මාණයට විකල්ප අදහසක් දීමේ ප්‍රශ්නයට වඩා ඒ අදහස සමලිංගික තේමාවක් ගැනීම නිසා ඇතිවී තිබෙන හෝමෝෆෝබියාව යි. ඒ එක් විකල්ප අදහසක් හානිදායක යැයි ඔබ කියනනේ මොන අරුතෙන්ද?

      මොකක්ද මේ සමාජගත කරනවා කියන්නේ? විකල්ප අර්ථදැක්වීම් මතුවී ඇවිත් තියෙන්නේ සමාජයෙන්ම නේද?

      Delete
    4. @කතන්දරකාරයා
      රචකයා ගීය ලිවුවට පස්සේ ඔහුගේ කාර්‍ය ඉවරයි කියන්නේ ඔබ ඔබේ මතය ඉදිරියට ගෙනයෑම සඳහා අවස්ථාවාදීවයි. එහෙම කාර්‍ය ඉවර වෙන්නේ නෑ. ගීත රචකයෙක් රචනා කරපු ගීයකින් ඒ රචකයා අදහස් කළ දේට ප්‍රතිවිරුද්ධ මෙන්ම ගීතය රචනා කිරීමේඔහුගේ අරමුණට විරුද්ධ දේවල් ඔහුගේ ප්‍රතිරූපයටද හානි කරමින් පිටස්තර පුද්ගලයින් තම අභිමතයට අනුව ගීතයට සාවද්‍ය ලෙස ගලපන්න යනවනම් ඒක සුලුපටු වරදක් නෙවෙයි. ඔබ වැනි අවස්ථාවාදීන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ සමලිංගිකත්වය සාධාරණීකරනය කරන්න, ඒක සාමාන්‍ය දෙයක් හැටියට පෙන්වන්න ගීතයේ පදවැල්වල තේරුම සාමාන්‍ය රසිකයන්ට තේරුම්ගන්න අමාරු වෙන තැනකදි ඒ තත්වය ප්‍රයෝජනයට ගන්න. ගීත රචකයා ගීය ලිවුවට පස්සේ කොහෙවත් යන සමලිංගික බලවේග සිංදුවට වැරදි අර්ථ නිරූපන දෙන්න යන එක හරි කියන්නේ කොහොමද?

      Delete
    5. @කතන්දරකාරයා
      හෝමෝෆෝබියා කියලා වචනයක් තිබුණට එහෙම තත්වයකට වඩා තියෙන්නේ සමලිංගිකත්වය ගැන පිළිකුලක්. හිතන්න එපා ඒක සමලිංගික භීතිකාවක් කියලා.

      Delete
    6. ඕන විදිහකට රසවිඳගත්තට කමක් නෑ හැබැයි ප්‍රසිද්ධියේ ගීතය තුලට සමලිංගික ඇසුර සම්බන්ධ කරන්න ගියෝත් ගීතයේ සැබෑ අරුත රසවිඳින අයට ඒක ගැටලුවක් වෙනවා. අනෙක ගීත රචකයාට ඒකෙන් හානියක් වෙන්න පුලුවන්. මොකද සමලිංගිකත්වය කියන්නේ විකුර්ති කාමුකත්වයක් මිස පිළිගත් හැසිරීමක් නෙවෙයි.

      Delete
    7. //මොකද සමලිංගිකත්වය කියන්නේ විකුර්ති කාමුකත්වයක් මිස පිළිගත් හැසිරීමක් නෙවෙයි.//


      කවුද මේක කියන්නෙ?

      කියන්නෙ.......සැබෑ ලිංගික නිදහස...!!!!!!!! :D :D :D



      Delete
    8. @ඉන්දික උපශාන්ත
      ඔවු කියන්නේ සැබෑ ලිංගික නිදහස තමයි ඇයි අවුල්ද?

      Delete
  7. මාත් එක්කත් දවසක් කෙනෙක් කිව්වා එඩ්වඩ් ජයකොඩි ගේ සමනලයා මල හා ළමයා සේ කියන එකත් නිකන් සමලිංගික ගතියක් තියෙනවා නේද කියල.. හෙහ් හෙහ් මට නම් හිතා ගන්න බැරි වුණා එකේ එහෙම අදහසක් කොහෙද තියෙන්නේ කියල...

    රුවක් ඇදෙනවා කියන සිංදුව අහද්දී පැහැදිලිව තේරෙනවනේ මේ බොන කෙනෙක් තව කෙනෙකුට බොන්න එපා කියන කතාවක් කියල... සඳකඩ පහනක කැටයම් ඔපලා ගීතය ගැනත් පැහැදිලි කළා නම් හොඳයි දයානන්ද අයියේ..

    එක එක්කෙනා තමන්ට හිතෙන මෝඩ ආතල් ගන්න ගිහින් මේ සිංදු ගැන වැරදි අදහස් දාන එක නම් හරි නැති දෙයක්.. මේ විදියට නිවැරදිම අදහස රචකයාගෙන්ම අසා ලබා දීම හරි වටින දෙයක්..

    ReplyDelete
    Replies
    1. පැතුම්....

      තමන්ට ඇහෙන ඕනෙම ගීතයක් තමන්ට රිසි සේ විඳගැනිමටත් ඒතුළ තමතමන්ගෙ නැණ පමණින් කල්පනා ලෝකයක් හදාගන්නටත් නිදහස තියෙනවා. ඒ නිදහසට කිසිවකුගෙන් බාධාවක් නැහැ. නමුත් එසේ ඔය විදියට කෙනෙකුගේ හිතේමැවෙන ඕනැම අදහසක් සමාජගතකලහොත් නූතනයේ මාධ්‍ය භාවිතයත් එක්ක සිදුවන ගනුදෙනු වලින් ගීතයේ සැබෑ අරුත හංගාගෙන කිසිඳු පදනමක් නැති හිතලුවක් සමාජගත වෙනවා. අන්න ඒ දෙයයි වළක්වාගන්න ඕනේ.

      මෙවන් වෙලාවක ඒ නිර්මාණකරුවාගේ අදහස මට කියන්න ඕනේ වුනේ ඒනිසා. අපි ඉදිරියේදි මෙවැනි ගිත ගැන සංවාදයක් ඇතිකර ගමු.


      Delete
  8. සමලිංගික සේවනය ගැන කියවෙන ගීත බවට අරුත් සපයමින් ගීතයට කිසිසේත් නොගැලපෙන ජුගුප්සාජනක අත්දැකීම් ගීතයේ තේරුමෙහි ඇති බවට හුවා දැක්විමට ඇතැම් පිරිස් ගන්නා උත්සාහය ඔවුන්ගේ නොදන්නාකමත්, මෝඩකමත් එළි දැක්වීමකට වඩා ඔවුන්ගේ ලිංගික රුචිකත්වය එළි දක්වන්නක් කියා මා සිතනවා.
    තමන්ගේ වින්දන මට්ටමෙන් එහාට හිතන්නට නොහැකි වීම අස්වාභික ලිංගිකත්වයට යොමුවූවන්ගේ අවිඥාණික දුර්වලකමක්.. යසනාත් සිතන්නාක් මෙන් හිතා මතා සමාජය නොමග යවා අස්වාභාවික තෘප්තියක් ලබන පිරිසුත් ඇති.

    ReplyDelete
    Replies
    1. මේ අස්වාභාවිකයන්ගෙ හැම දෙයක්ම අස්වාභාවිකයි. ඔවුන් ලෝකය දකින්නේ එකම අශූචි ගොඩක් ලෙසයි.ඔවුන්ට සුභාවිත ගී රසවිදින්න බෑ.ඔවුන් හිපියන් වැනි පිරිසක්.සුභාවිත ගීතය විනාශකරන්න විකෘති ලිංගිකයන්ට ඉඩ නොදිය යුතුයි.

      Delete
    2. අතුළ
      ඔබතුමාට පැහැදිලියිනේ සමාජයතුළ විවිධ රසවින්දන මට්ටම් තියෙන පිරිස් ඉන්නවා ඔවුන් අතරින් යමෙකු හුදෙක් විනෝදය පිණි ගිතයක් උදෙසා නිර්මානය කරණ පුවතක් මේයුගයේ මාධ්‍ය මෙවලම් එක්ක ජනතාගත වෙන්න යන්නෙ විකාඩි කිපයක්. හැබැයි එවිට ඒ සමාජගතවිම තුළ ඇතිවන හානිය යමෙකුගේ තෘප්තියට හේතුවෙනවා නම් ඔහුගේ ඒ මානසිකත්වය ගැටලුවක්.

      සුරංගි..

      කළයුත්තේ මෙවන් සංවාද මලින් හෝඑවන් නිර්මාණයක පඅපැහැදිළි තාවයක් එක්ක ඒ ගැන හොඳ පැහැදිලි කිරීමක් ලබාගැනිමයි. එවිට ඒ විකෘති මානසිකත්වය බැහැර කල හැකියි.

      Delete
    3. අනිවාර්‍යයෙන් මේ වැරදි අර්ථදැක්වීම් පසුපස ඉන්නේ සමලිංගික බලවේග.

      Delete
  9. සාහිත්‍යය නූගත් (පාසලෙන් සාහිත්‍යය විසිවුනාට පස්සේ සිංහල පාඩම් පොත් වල ඉතිරිවී තියන කවි පමණක් සාහිත්‍යය කියා සිතන) අබ්බ ගොබ්බ පරපුරට නූතනයේ ඉන්න අබ්බ ගොබ්බ එස් එම් එස් සින්දු කාරයන්ගේ කුණු රසය ඔලුවට වැටුනට පස්සේ සාහිත්‍ය විචාරයක් කෙසේවෙතත් සාහිත්‍ය රස වින්දනයක් කරන්නට ඇති හැකියාව එහෙමපිටින්ම මොටවී ගියා. උන් හොයන කුණු රසය ඔලුවේ තියාගෙන සෑම නිර්මාණයක් දිහාම බලන්නේ ලිංගිකත්වය ඉස්මතු කරගෙනයි. මුන් කියයි ලාදලු බෝපත් ගීතයෙදීත් යසෝදරා දේවිය හඬන්නේ සෙක්ස් කරපුවා මතක් වෙලා කියලා. මුන් වගේ ගංජා කාරයින් සමග කුමන සාහිත්‍ය සංවාදද.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. @ වි අදසො
      1. රසිකත්වයට නීති දාන්න බෑ කාටවත්. මං හිතන්නේ නෑ මිලිටරි නීති දාලාවත් අකමැති සින්දුවක් කැමති කරවන්න හෝ වයිස් වර්සා පුළුවන් වෙයි කියා.

      Delete
    3. 2. සාහිත්‍යමය විචාරයක් කරන්න අද අවුරුදු 54 හෝ ඊට වැඩි අය පමණක් කරපු 'හම්පඩ' ඕ ලෙවල් සිංහල සාහිත්‍යය විෂය ඉගෙනගෙන තිබීම අනිවාර්ය අවශ්‍යතාවය්ස්ක් නොවේ

      Delete
    4. 3. ලා දළු බොපත් සින්දුවේ යසෝ අඬන්නේ මේ ආත්මේ අවුරුදු දාසයේ සිට විසි අටයි මාස දෙක වෙනකං කරපු ලව් මේකිං විතරක් නොවේ ජාතක පන්සිය ගානක් තිස්සේ විවිධ යෝනිවල විඳපු ලිංගික සුවයත් මතක් වෙලා තමයි.

      ඇයි අවුල්ද?

      Delete
    5. ඔයාගේ අදහස් ඔයාට මගේ අදහස් මට මම සංවාදයේ යෙදෙන්නේ සාහිත්‍යධරයන් සමග පමණි. බාස්ලා සමග නොවේ.

      Delete
    6. යහපති. යෙදෙනු මැනවි.
      ඕ ලෙවලයට සිංහල සාහිත්‍යය උගත් අය කීප දෙනෙකු හෝ බ්ලොග් ලොව සිටිති.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. ඕව ගනන් ගන්න එපා බාසුන්නැහැ. රට්ටු වෙන බාස්ලට කියන්නෙ එක්කො වැඩ හොඳ නෑ කියල. ඒත් අනේ මේ බාසුන්නැහැට මිනිස්සු කියන්නෙ බාසුන්නැහැ ඔයාගෙ වැඩ ජුගුප්සාජනකයිනෙ කියල. බාසුන්නැහැ රට අත ඇරල ගියෙ මේ කතා අහන්න බැරුව.අනේ දැන් සයිබරෙත් බාසුන්නැහැට රොස් පරොස්.
      ඔයා ඕස්ට්‍රේලියාවට වෙලා ඉදන් අපේ භීභත්ස්‍ය රසය වඩන්නට හොඳ සින්දුවක් හදන්නකෝ.

      Delete
    9. මේ මකබාස් කතා කරල තියෙන කැත. යසෝ,ලවු මේකින්,විවිධ යෝනි අනේ මෙහෙමත් පහත් රසවින්දනයක් තිබෙන එකෙක්. කරුණාකර සුභාවිත ගීතය ට හානි ගෙන දෙන්න එපා.මිලිටේරිය ගැනත් කතා කරලා. ම්ලිටේරියෙ මේ වගෙ බාසුන්නැහැල හොඳට හදල ගන්නවා.බාසුන්නැහැට නායකත්ව පුහුණුවක් දෙන්න ඕන කෑම්ප් එකක.

      Delete
    10. මහබාස් සහ විචාරක් බාස්ගෙන් අවසරයි. මාත් මේ සාහිතය කෙරුවාවල් ගැන ලොකුවට දන්න මිනිහෙක් නෙමෙයි .ඒත් මේක කියන්න ඕන. යම් කිසි දෙයක් රස විදිමේ හැකියාව එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්. ඒ වගේම එයට අර්ථ දැක්වීමත් වෙනස්. බොහෝ වෙලාවට ඔය ගීතරචකයෝ පවා තමන් ලියපු දෙයෙහි යම් කිසි තවත් සැගවුන අර්ථයක් දකින්නෙත් විචාරකයෝ හෝ රසිකයෝ කිව්වට පස්සේ ඒ ගැන අවධානය යොමු කරාමයි. ඒක නිසා කෙනෙකුගේ රසිකත්වය පහත් කොට සැලකීම වැරදියි. අදාළ කෙනා කුමන විදියට රස වින්දත් තමන් රස විදින්නේ මේ අයුරින් බව පැහැදිලිව කිව්වම මදෑ.

      අනේ මන්ද නොදන්න මගුලට අත දාලා නාකි විසේගෙන් වෙඩි කන්න වෙයිද මන්දා??

      Delete
    11. @ surangi
      ඔබේ ප්‍රශ්නය නම් මා කියූ දේ වටහා නොගැනීමයි.

      1. මා ලව් මේකින් කීවේ එය නිවරදි වචනය නිසයි, එහෙම නැතුව මට කියන්නේ විඅදසො භාවිතා කර ඇති සෙක්ස් කියන වචනය යොදන්න කියාද? සෙක්ස් යනු ලිංගිකත්වයයි. එය ලිංගික ක්‍රියාවලියේ යෙදීම නොවේ. ඒ බව නොදන්නා නිසයි ලංකාවේ අපි සෙක්ස් කියා සර්ච් කරලා ගූගල් කප් එක ගත්තේ.

      2. යශෝ යනු හරි නමයි. යශෝදරා යනු ආදරයට කියන නමයි.

      3. විවිධ යෝනි කියන්නේ කුමක්ද කියා දැන ගන්න පන්සිය පනස් ජාතක කියවන්න. සිදත් සහ යසෝ ජෝඩුව ජාතක ගණනාවක ඬිවිධ සත්ව යෝනිවල උපන්න බවයි මා නම් අසා තියෙන්නේ.

      surangi නම දුටු පමණින් මට සිහිවූයේ මඩොල්දුවේ සුරංජියායි, ඒ ඔබ නොවේ නේද?

      Delete
    12. විචාරක අසමි දකිමි සොයමි...

      ලංකාවෙ අධ්‍යාපන විෂය මාලාවේ භාෂාව සහ සාහිත්‍යය සාහිත්‍ය්‍ය විදියට ගත නොහෙැකියි එම විෂය මාලාවේ සාහිත්‍යය තියෙන්නේ ඉතාමත් ප්‍රාරම්බක මට්ටමේ . විෂය නිර්දේශවලට නියමකර ඇති සාහාත්‍ය පොතපත් තුනහතර නෙවෙයි සාහිත්‍ය කියන්නේ. මේක නුතන අධ්‍යාපන බලධාරීන් තේරුම් නොගැනිම තමයි ගැටලුව. ඔවුන්ට ඇත්තේ විෂය නිර්දේශ සකස් කිරීම මිස මිනිසුන්ගේ සාහිත්‍ය රසය දියුනුකර හොඳ පරපුරක් බිහිකිරීමට වඩා තමන්ට පැවරුනු වලකීමෙන් නිදහස් විමයි. කවිය ගත්තත් විෂය නිර්දේශයේ හැටියට පරාක්‍රම කොඩිතුවක්කුගෙන් පස්සෙ මේ රටේ කවීන් බිහිවෙලා නැ. එහෙව් රටක කොහොමද හොඳ බුද්ධි මණ්ඩලයක් සහිත රස වින්දනයක් මිනිසුන් අතර ඇති වන්නේ.

      Delete
    13. @ දයානන්ද

      ඔබ සාහිත්‍යධරයෙක්ද?

      ඔබ 1975 හෝ ඊට පෙර කලා විෂය ධාරාවෙන් සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටි අයෙක්ද? එහිදී ඔබ සිංහල සාහිත්‍යය නම් විෂය හැදෑරූවාද? එසේ නොමැති නම් ඔබට කිසි දිනක සාහිත්‍යධරයෙකු වෙන්නට නොහැකි වේවි!

      Delete
    14. රසිකත්වයට නීති දාන්න බෑ හැබැයි රසිකත්වය හරහා උනත් ගීතයකින් කියවෙන අදහසක් හිතාමතා විකුර්ති කරලා තමන්ගේ මතයට අනුව විකුර්ති අර්ථකතන දෙන්න යන එක වරදක්.

      Delete
    15. ක.කා.

      මම සාහිත්‍ය ධරයෙක් නම් නෙවෙයි.
      හැබැයි දන්න කාලෙ ඉඳලම පොතපත කියවන්න,A -Z ඕනෙම ජාතියක සිංදු අහන්න හොඳ කණක් තියෙනවා. ඊට අමතරව දන්න කාලෙ ඉඳලම මොනව හරි කුරුටුගාන්න පුරුදුදක් තිබුණෘ. ඒ හරහා පොඩි වැඩටිකක් කලා

      ඇත්තම කිව්වොත් 1975 න් පසසේ ඊට දශක එකහමාරකට පස්සේ ආසන්න කාලයකදී තමයි සා.පෙ කළේ.

      Delete
  10. හදවතට දැනුනු මේ ගීතය තවත් අරුත්බර උනා..! අපූරුයි. ගීතයක් පිලිබඳව ඊට පසුබිම්වූ කරුනු දැනගත්තාම හිතට දැනෙන්නෙ අප්‍රමාණ සතුටක්..!

    ගීතයේ අරුත විකෘති වීම නම්...විකෘති අයගෙ මානසිකත්වය තමයි.

    ReplyDelete
    Replies
    1. වීපොකුර

      මට ඕනෙ වුනේ මේ ගීතයේ නියම අරුත ගැන කතාබහක් ඇති කර ගන්නයි. නමුත් මේ සංවාදය මේතරම් ඉදිරියට යයි කියල මම නිකමටවත් හිතුවෙ නෑ. සියලු දෙනාගේ රස විනදනයට වැට නොබැන්දදත් වඩාත් හානිදායක අරුත් සමාජය තුළ ස්ථාපිත විම මහත් බාධාවක්

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. දයා මෙතන මගෙ අදහස නම් ටිකක් විතර වෙනස්. ගීතයකට, කවියකට තමන් කැමති අරුතක් දීම ගීතය රස විඳින්නාගෙ අයිතියක්.රචකයා කුමන ප්‍රස්තුතයක් මත පිහිටලා ගීතය රචනා කලත් මම කැමති විදිහට අර්ථ කථනය කරගන්න මගේ සිතුම් පැතුම් අනුව ගීතය රස විඳින්න මට අයිතිය තියනවා. ගීත රචකයාට අදහසක් වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් ගීතයට පාදක වුනේ මෙන්න මේ වගෙ සිද්ධියක්ය කියලා. ඒත් ඒකෙන් මට වැඩක් නෑ. මම සමලිංගිකයෙක් නම් මම මගේ රුචිය මත පිහිටා ගීතය රස විඳිනවා. ඉතිං මොකක්ද ඒකෙ වැරැද්ද?

    මේ ගීතය මුලින්ම අහපු දවසෙ මගෙ හිතේ මැවුනෙ ප්‍රේමයෙන් පරාජය වී මධුවිතේ සරණ පතා යන මළණුවන්ට සෙනෙහසින් අවවාද කරන වැඩිමල් සොයුරකුගේ භූමිකාවක්. එහෙත් වසරකට දෙකකට වගේ ඉහතදී මේ ගීතයට සමලිංගික අරුතක් එක්කොට තිබෙනු කොහේ හෝ වියුණු සටහනක කියවූ පසු නැවත ගීතය අසද්දී මටද එසේ හැඟුනු බව පැවසිය යුතුයි.එහෙත් එහෙම හැඟුනාය කියල ගීතය රස විඳීමට මටනම් කිසිම බාධාවක් නොවූ බවද ඒ සමඟම පැවසිය යුතුයි. එකම ගීතය හාත්පසින්ම වෙනස් අරුත් දෙකක් මත පිහිටා රසවිඳිය හැකිවීමම අපූර්වත්වයක්ය කියලයි මටනම් හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. රවී....

      මෙතැනදි මම වගේම මහින්ද දිසානායකයනුත් පැහැදිලිවම ඔබ කියන අදහසේ ඉන්නවා. එතුමා පැහැදිලිවම සඳහහන් කළා. තමන් විසින් ගොඩනගාගන්නා රසවින්දනයට තව කෙනෙකුට බලපැමක් කරන්න බෑ කියලා

      නමුත් මෙතැන් තියෙ ගැටලුව එය නෙවෙයි. ඔබ වගේම මමත් එක්කතරා කාලෙක අපි පසුකළ යුගයක ගීත ගැන හැදිච්ච කතන්දර තිබුණ යුගයක් පහුකළා. ඒකාලෙ මාධ්‍ය තිබුනෙ නැහැ හිතවතුන් අතර විතරයි එවැනි නිර්මාණ ප්‍රචාරය වුනේ අධ මාධ්‍ය තියෙනවා. අර අපි එදා තැන්තැන්වල දොඩවපු දේවල් මාධ්‍ය හරහා රසික මොලගෙඩිවලට කිඳාබහිනව. ඊට පස්සෙ ඒක ජීර්ණය වෙනවා.අන්තිමේදි ඉතුරුවෙන්නෙ හරසුන් හිතලුවක් විදියට ගොඩනැගුණ දේ විතරයි.
      මම කියන්නේ අන්න ඒ වගේ නිර්මාණයකට කිසිසේත් අදාල නොවන මෙවැනි අර්ථ නිරූපන සමාජය තුළ තහවුරු නොවන විදියට කටයුතු කළ යුතුය කියන කාරණයයි.

      පුද්ගලික විදියට තමන් කැමති විදියට ඕනෙම නිර්මානයක් තමන්ට රිසිසේ අරුතක් හදාගෙන විඳගත්තට එහි කිසිම වරදක් නැහැ.

      Delete
  13. ගීතයක පද රචනා පිළිබඳ පුළුල් කතාබහක් ඇතිවීම සහ නව පරපුර ඒවා ගැන විශේෂ උනන්දුවක් දක්වන එක මට නම් කිසිසේත්ම අයහපත් දෙයක් නොවෙයි. අනික මේ අර්ථ දැක්වීම් එන්නේ ගුරුකුල පදනම් කරගෙන හෝ සංවිධානාත්මක ලෙසින් නෙමෙයි, සන්නිවේදනය කියන එක ඉතාම පෞද්ගලික මට්ටමටම ගෙනගොස් තිබෙන ෆේස්බුක් සග බ්ලොග් වල තමයි මේවා බහුලවම සිද්ධ වෙන්නේ. ඒ නිසා මේවට සංවිධානාත්මක දේවල් කියන චෝදනාව එල්ල කරන්න බැහැ. ගීතයකට හානියක් වෙනවා නම් වෙන්නේ, එහි නිර්මාපකයන් පිරිසගේ නම්, පද රචනය, ගායනය වැනි දේ විකෘති කරනවා නම් පමණයි. ගීතයක පද රචනයන්ට අරුත් දැක්වීම කිසිසේත් ගීතයට හානියක් වෙන්නේ නෑ.

    ලෝකයේ අතිශය ජනප්‍රිය වූ සහ විශිෂ්ටත්වයට පත්වූ නිර්මාණ දෙස බලනකොට පේන දෙයක් තමයි, ඒ නිර්මාණවල තිබෙන විශ්ව සාධාරණත්වය. තමා දන්න කතාවකට, තමන්ගේ අත්දැකීමකට ගලපාගත හැකි කම. ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. ගීත රචනයට මුල්වූ කතාවක් තියෙන්න පුළුවන්, නමුත් ගීත රචනය කියන්නේ එම කතාව නෙමෙයි. ගීතයක පදමාලාව ඉතා කෙටියි, බොහෝ විට විවෘතයි, ඉතිං ගීතයට වෙනත් අර්ථයක් දීම එතරම් අපහසු කටයුත්තක් නෙමෙයි. මේ සමලිංගික අරුත් දීම ගැන සම්බන්ධයෙන් මට නම් හිතෙන්නේම, ගීතයේ එන සියුම් යෙදුම් අල්ලාගෙන ඒවගේ අර්ථයක් ඉදිරිපත් කරන්නට නම් ඔවුනුත් ඉතා හොඳ රසිකයන් වෙන්නේ ඕනේ. මට හිතෙන්නේ මෙතන ප්‍රශ්නය ගීතයට වෙනත් අරුතක් සැපයීමට වඩා එය සමලිංගික අර්ථයක් වීමයි. නැත්නම් වෙනත් ලෙසින් අර්ථ ගැන්වෙන ගීත එතරම් දුලභ නැහැ.

    මේ විදිහට ගීතයේ ඉතිහාසය, නිර්මාණයට මුල්වූ කාරණා ඉදිරිපත් කරන එක ඉතාම හොඳයි. ගීතය පිළිබඳ පුළුල් සංවාදයකට ඒක අත්‍යාවශ්‍යයි. මම හැමදාම ඒක අගය කරනවා. නමුත් මේ රසිකයන්ගේ අර්ථ දැක්වීම් වලට ප්‍රතිචාරය විය යුත්තේ ඒවා සිද්ධ වන්නේ 'ඔවුන්ගේ නොදන්නාකම සහ මෝඩකම නිසා' යන්න නොවෙයි, සිදුවිය යුත්තේ ඔවුන් සමග මිත්‍රශීලී සංවාදයකට එළඹීමයි.

    ReplyDelete
    Replies
    1. ලේඛකයෙකුගේ යම් කෘතියකට රසිකයන් විසින් විවිධ අර්තකථන දෙද්දී, එයින් එක් අර්තකථනයක් සමරිසි අරුතක් ගැන වූ විට, ඒ ගැන ලේඛකයා කලබල වී අර්ථදක්වයි නම්, ඒ ලේඛකයාගේ ඇති හොමෝෆෝබියාවක් නීසා යැයි යමකේ කීවොත් එහි වරදක් නැති යැයි සිතේ.

      (took a while to format it to sound generic!)


      Delete
    2. මෙතන ඔබත් කලබල වෙලානෙ. තේරුම් ගන්න පරම්පරා දෙකක රසවින්දනය පිරිහීම ගැනයි මේ කියන්නෙ. බාසුන්නැහැ හැම දෙයක් දිහාම බලන්නෙ ජරා ඇහැකින්නෙ.
      ඇයි ඔයාට වයස 54 ට අඩුද?

      Delete
    3. හරියට හරි කතා. කළාකාරයෙක් කියන්නේ සමාජයට ආදරය කරන මනුස්සයෙක්. ඔහුට සමලිංගිකත්වය කියන දේ දරාගන්න බැරිනම්, ඔහු කළාකාරයෙක් වෙන්න බෑ. ඒ කියන්නේ මැදිහත් නිවුනු සිතක් නෑ. ඔහු පොලිස් කාරයෙක් පමණයි. ඔහු ආඩම්බර වෙන්න ඕන මේකේ තවත් අරුතක් තිබීම ගැන.

      Delete
    4. මං හිතන්නේ මේ සාකච්ඡාවේ හදවත මෙතැනයි..

      Delete
    5. සාහිත්‍ය කාරයෝ කලා කාරයෝ බැරිනම් කවුරු උනත් මේ ලෝකෙට බිහි වෙන්නේ සමලිංගිකත්වයේ ප්‍රතිඵලයක් විදිහට නෙවෙයි. ස්වභාවික හැඟීම් සංවේදනයන් තියෙන කාට උනත් සමලිංගිකත්වය කියන්නේ රස විඳින්න පුලුවන් දෙයක් නෙවෙයි. එය පිළිකුල උපදවනසුලු දෙයක්.

      Delete
    6. මිත්‍රයා, කොරියාවෙ රසට කන බල්ලො සහ සර්පයො ඇමරිකාවෙදි අප්‍රසන්න පිළිකුල් කරන කෑම.

      තායිලන්තෙ බෞද්ධයො කන ඌරු මස් අරාබියෙ මුස්ලිමුන්ට පිළිකුල්.

      බටහිර රටවල සංසර්ගයෙදි ඉස්සරහ පස්ස දෙකටම එබුවට ආසියාවෙදි ඒක පිළිකුල්.

      අහවල් එක කටේ ඔබන් කරන කාර්‍ය තරුණයො අතරෙ ජනප්‍රිය උනාට ඉස්සර ( සහ තවම බොහෝ දකුණු ආසියාතිකයන්ට ) මිනිස්සුන්ට පිළිකුල්.

      Delete
    7. @ඉන්දික උපශාන්ත
      විරුද්ධ ලිංගික හැසිරීම කොයි විදිහකට කරත් ඒක ලිංගිකත්වයේ ස්වභාවය හා එකඟයි නමුත් සමලිංගිකත්වය ස්වභාවයට ගලපන්න බෑ. ඒකයි මෙතන වෙනස. අනෙක සමලිංගිකත්වය කියන එක විශමලිංගිකත්වයට සම තත්වයට දාල සලකන්න පුලුවන්කමක් නෑ කොහෙත්ම. ඔබට තේරුම්ගන්න බැරිකමකට වඩා තියෙන්නේ බටහිර බංකොලොත් මතවාද වලින් මනස අවුල් වී තිබීම.

      Delete
    8. @Maathalan - Priyantha Hewage
      //හරියට හරි කතා. කළාකාරයෙක් කියන්නේ සමාජයට ආදරය කරන මනුස්සයෙක්. ඔහුට සමලිංගිකත්වය කියන දේ දරාගන්න බැරිනම්, ඔහු කළාකාරයෙක් වෙන්න බෑ. ඒ කියන්නේ මැදිහත් නිවුනු සිතක් නෑ. ඔහු පොලිස් කාරයෙක් පමණයි. ඔහු ආඩම්බර වෙන්න ඕන මේකේ තවත් අරුතක් තිබීම ගැන.

      තමන් අකමැති විදිහක අර්ථකථනයක් දීලා තම්න් තමන්ගේ හැඟීම් දැනීම් වලට අනුව සංවේදීව නිර්මාණය කරපු ගීයක් වෙනත් කිසිවෙක් විකුර්ති කිරීම ගැන ගීත රචකයාට ආඩම්බර වෙන්න කියන්නේ මොන පදනමකින්ද?

      Delete
  14. මාත් දැක්කා ඔය කතාව ෂෙයාර් වෙනවා. ඒත් ඉතිං ඒක පිළිගන්න පුළුවන් විදියේ කතාවක් නොවන බව දැන් පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. දේශකයා..
      ඇත්තටම මම මේක ලියද්දි මේතරම් උනුසුම් සංවාදයක් ඇතිවෙයි කියා මොහොතකටවත් සිතුවේ නැහැ. මට අවශ්‍ය වුයේ මේ ගීතය ගැන මෑතකාලයේ ඇතිවූ කතාබහ තුළ තිබූ නිවැරදි අදහස ඉස්මත් කරගැනීම පමණයි. ඒකට අහම්බෙන් වගේ මහින්ද දිසානායකයන් සම්බන්ධ වුණා.ඇත්තටම එතුමාගෙන් මා මේ කාරණය ගැන විමසුවා හැරුනුවිට එතුමා කිසිම මොහොතක මේ ගැන විවෘතව කතා කරල නැහැ. මේ මුල්වතාවට එතුමා සහ මා අතර පවතින හිතවත්කම මත මා විමසු දෙයට පිලිතුරු දුන්නා පමණයි.

      Delete
  15. බොහොම ස්තුතියි ඔබතුමාට රසවත් ගීතයකට වෙනස්ම අරුතක් සමාජගත කරන්න උත්සහ කරන මේ කාලයේ මෙවැනි දෙයක් ඉදිරිපත් කිරීම පිලිබදව

    ReplyDelete
    Replies
    1. කුමාරි

      ගීතයක් නිවැරදිව හඳුනාගැනිම රසිකත්වයේ තරම කියා පාන්නක්.ඒ නැතිවුණත් යමෙක් තමන්ට රිසිසේ හඳුනාගන්නා විග්‍රහයක පුද්ගිලිකව විඳගත්තාට ගැටලුවක් නැහැ. ගැටලුව වන්නේ මෙවැනි දේ සුවහසක් රසිකයන් අතර තැන්පත්විමයි

      Delete
  16. මේක බැලුවාම මගේ හිතේ ගොඩාක් කාරණා මතු වුණා.

    එකක් තමයි මහින්ද දිසානායකගේ පරපුරේ අය ලියන දෙයක් තේරුම් ගන්න තරම් ඉන්පසු පරම්පරාවල ය වූ අපත්, වත්මන් පරපුරත් සාහිත්‍ය දැනුමින් පෝසත් නැති බව. එහෙම ගත්තම මේ දේවල් ගණන් නොගෙන සිටීම තමයි කරන්න ඕනේ.
    දෙක, සිග්මන් ෆ්‍රොයිඩ් මහතා කියා තිබෙනවා කෙනෙක් වෙනත් කෙනෙකු ගැන අදහස් ඵල කරන්නේ තමන් සිතන අකාරයෙන් සිතා බව. එහෙම ගත්තම සමලිංගික කෙනාට මේවා ඒ අකාරයෙන් පෙනීමේ ඇති වරදක් නෑ, ඔවුන්ගේ චරියාව හෙළි වීම හැර.
    අනිත් කරුණ, තම - තම නැණ පමණින් තේරුම් ගැනීම. මේක වලක්වන්නත් බෑ. නමුත් කෙනෙක් ඒ වගේ වෙනත් කෝණයක් පෙන්වා දුන් පසු අන් අය ඒ ඔස්සේ හිතන එකත් වලක්වන්න බෑ. හැබැයි අනෙක් ය කියන දේට වඩා තමන්ට තේරෙන් දේ හිතුවාම කිසි ගැටළුවක් නෑ.
    ඉස්සර සිළුමිණ මීවිත අතිරේකේ ලිපියක් ඵල වුණා ගීයක උපත නමින්. එහිදී ගීත රචකයා කෙලින්ම අමතා අදාළ ගීයට පාදක වූ කාරණා විමසනවා. මෙහි එක් යුගයක ලිපි සම්පාදනය මගේ නැගණිය විසින් සිදු කළා. ඇයට කාර්ය බහුල මොහොතක ලිපි දෙකක් සහ විමසුම් මා අතින් සිදු වුණා. ඒ තුලින් මා තේරුම් ගත් දේ තමයි "ගීතයක් ගැන හොඳින්ම දන්නේ අදාළ ගීත රචකයා බව. එපමනක් නොවේ, එහිදී ඔහු ඇසුරු කරන දේ, පරිසරය වැනි ගීයේ කෙලින්ම සටහන් නොවන ගීයට පරිභාහිර දේ. ඒවා දැන ගන්න අදාළ ගී රචකයා අමතන්නම වෙනවා". උදාහරණයක් විදිය පාරු පාලමෙන් කොළඹට ගීතය රචනා කරපු අසෝක කෝවිලගේ අමතන්න මට ලැබුණා. ඔහුට ඒ ගීතය පිලිබඳ අදහස ඇති වුණේ අලියෝන්ස් ෆ්රාන්සෙස් කියන ආයතනයෙන් පවත්වපු ලංකාවේ ඉපැරණි ඡායාරූප ප්‍රදර්ශනයක් නැරඹීමෙන් බව පැවසුවා. ඔහු ඇමතුවේ නැතිනම් මේ ගැන දැන ගන්න ලැබෙන්නේ නෑ. අනෙක් කාරණය ට්‍රෑම් කාර් ධාවනය වනවිට එන සීනු හඬ මේ ගීතය මුසු කරන්න රෝහණ වීරසිංහයන් දැඩි වෙහෙසක් ගත් බවත් ඔහුගෙන් දැන ගන්නට ලැබුණා.
    මේ කරුණු සහ තවත් බොහෝ කරුණු එම ලිපියට එකතු කෙරුණා. මා ඒවා මෙහි සටහන් කලේ, අප සිතනවාට වඩා සත්‍ය කොහි තරම් වෙනස්ද කියා පෙන්වා දීමට. අදත් එවැනි ලිපි සම්පාදනයක් අවශ්‍ය බවයි මගේ මතය. මේ කාරිය හරියටම කරන්න හැකි, ඊට සුදුසුම පුද්ගලයා දයානන්ද රත්නායකයන් බවත් කියන්න කැමතියි.

    ඉතිං දායගෙන් ඉදිරියේ එවැනි ලිපි මාලාවක් බලාපොරොත්තු වනවා.

    ReplyDelete
    Replies
    1. මහින්ද දිසානායක වැනි කලාකරුවන් මේවා ලිව්වේ උසස් රසවින්දනයක් ඇති අයටයි. තුට්ටු දෙකේ ගල්කාරයො මේවට කුණු අර්ථකථන දෙනව කියන්නෙ අපේ පරම්පරාවේ පිරිහීම පෙන්නුම් කරන්නක්. බලන්න බාසුන්නැහැලගෙ විචාර කලාව. හිනා යනව නේද?

      Delete
    2. සුදීක
      “මහින්ද දිසානායකගේ පරපුරේ අය ලියන දෙයක් තේරුම් ගන්න තරම් ඉන්පසු පරම්පරාවල ය වූ අපත්, වත්මන් පරපුරත් සාහිත්‍ය දැනුමින් පෝසත් නැති බව“

      මේක තමයි ඇත්ත කාරණය.

      ඇත්තටම මහින්ද දිසානායකයන් මේ ගිතය ලිව්වට පස්සේ ඒක රසිකයන්ට භාර කළා මිස එතුමා මේ ගිතය සම්බන්දයෙන් කිසිවකුටත් සීමා පනවන්න උත්සාහ කළේ නැහැ. මෙතැනදීත් එතුමා සහ මා අතර පවතින සුහදත්වය නිසා ආගිය තොරතුරු කතාබහ කරද්දී මම එතුමා ගෙන් මේ ගැන කළ විමසිමට ලද පිලිතුරක් තමයි කාගේත් නිවැරදි අවබෝධය පිනිස මෙහි පළකළේ.

      ඕනෑම කෙනෙකුට නිර්මාණයක් ගැන සිතීම තවදුරටත් විවිෘතයි. මෙවැනි සංවාද ඇතිවීමෙන් නිවැරදි අදහසක් ඒ ඔස්සේ හදාගන්නත් පුලුවන්.

      සුරංගි

      මහින්ද දිසානායකයන් වැනි අය ගීත ලියල තියෙන්නේ බිස්නස් එකට නෙවෙයි. ඒකනේ අපෙත් හිස අවුල් වෙන්නේ කිසිවෙක් අපේකෂා නොකරන මතවාදයක් එළියට ආවාම

      Delete
  17. ගීතයට හේතුවූ කතාව දයා ලියලා තියෙන හැටි හරිම ලස්සණයි. ගීයක් ඇහෙනකොට අහන්නාගේ හිතේ නොයෙකුත් දේවල් මැවෙන්ට පුලුවනි. ඒක නම් නතර කරන්ට අමාරුයි. ඒත් එහි අර්ථය විකෘති කරලා දක්වනවා නම් එය වැරදියි.

    ගීතයේ මුල් පද කිහිපයෙනුයි මේ වෙනස වෙලා තියෙන්නේ.
    ඔන්න මුල් ගායකයා මෙහෙම කියනවා...

    //රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇඳරිය දෑස වසනවා//

    දෙවැන්නා කියන්නේ මෙහෙම.

    //හද පොදි බැඳි දුක දියකර පා කර
    ඔබේ ලොවට මා මොහොතින් එනවා//

    ඒක නිකං ආදරවන්තයෙක් කියනවා වගේ හැඟීමක් ගීයේ මුල් පද කිහිපය විතරක් ඇසූ විට ඇතිවෙන්ට පුලුවනි.

    මොනවා උණත් තනුව, පදමාලාව, ගායනය, සංගීතය මේ හැම දේම හරි රසවත්.

    ReplyDelete
    Replies
    1. මං වගේ මී විතට පෙම් කරන අයට මේ පද දෙක තේරුම් යන්නෙ ඔය ආදරවන්ත සීන් එකකින් නෙවෙයි. "ඔබේ ලොවට" කියන එකෙන් අදහස් වෙන්නේ මත් වීමෙන් මැවෙන අති සුන්දර ලෝකය මිසක් ඔය ජරාව ගාගෙන පස්සෙ පිහදාගන්න ලෝකවල් නෙවෙයි.

      තම තමන් අත් විඳින ලෝක අනුව තමයි අර්ථය වැටහෙන්නෙ.

      Delete
    2. ඒක නම් ඇත්තම තමයි. බොහොම ස්තූතියි කරුණු පහදලා දුන්නට.

      //තම තමන් අත් විඳින ලෝක අනුව තමයි අර්ථය වැටහෙන්නෙ.//

      සම්පූර්ණ ඇත්ත. මුලු හදවතින්ම එකඟ වෙනවා...

      Delete
    3. පොඩ්ඩි...
      ඇත්තටම ගීතයට පාදක වෙච්ච කතාව මහින්ද දිසානායයන් කියා දුන්න නිසා ඒ කතාව මම අදහස එහෙමම තියෙද්දි ඊට පොඩි භාෂා ප්‍රෙයා්ගයක් දාලා අයිසිං කළා. ටිකක් රසවත් වෙන්න.නමුත් ගිතයේ ඇත්ත පසුබිම තමයි එය.

      ට්‍රැ.

      මේවගේ සංවාදයක් ඇතිවිම තුළත් පොඩි නිරිමාණශීලි බවක් තියෙනවා

      පොඩ්ඩි..

      ගීතයේ සරල අර්ථයෙන් ටිකක් මිදී ඈතට ගියාම එහි නිවැරදි හරය හොයාගන්න පුළුවන්.එහෙම නැතත් අවුලක් නෑ.

      Delete
  18. දයා කරලා තියෙන්නේ රචකයාගේ අදහසුත්, තමන්ගේ අදහසුත් ඉදිරිපත් කිරීමක්. මම හිතන හැටියට දයා තමන්ගේ අදහස ඉදිරිපත් කිරීම ගීතය විචාරය කිරීමක්. ඒත් රචකයා මේ ගීතයට වෙනත් අරුත් දෙන අයව නිර්ධය ලෙස විවේචනය කිරීම, මම දකින්නේ කළා ළෝකයේ පොලිස් මානසිකත්වය කියලා. අඩෝ මේ සින්දුවේ කියන්නේ මේකයි. ඒක පිලිගන්නවනම් විතරක් තෝ මෙ සින්දුව අහපන්. නැතුව තොට හිතෙන දේවල් මේකට අනුගත කරලා විඳින්න බෑ. මම විඳින විදියට තෝත් මෙක විඳපිය කියන දේ නේ මේ කියන්නේ. කළා නිර්මාණයක් හරි, කිසිම නිර්මාණයක් හරි, එහෙම බලෙන් වින්දවන්න බෑ. ඒක සමාජ තත්වය අනුව, වෙනස් වෙනවා. ප්‍රේමසිරි කේමදාසගේ ඔපෙරාවක්, වනාතේ ඉන්න මලක් ගහලා ජෝතිගේ සින්දු කියන එකෙකුට පෙන්නුවොත්. ඌ ඒක පෙන්නන්න එක්කගෙන ගිය එකාගේ අම්මටත් බනිනව. ඒ වගේම දැන් මෙතන මහා ළොකු රසිකත්වයක් ගැන කතා කරන ප්‍රබුද්ධ පොරවල්ට. නිහාල් නෙල්සන්ගේ සින්දුවක්, ජිප්සීස්ලගේ සින්දුවක්, සුනිල්ගේ පුතාගේ සින්දුවක් විඳින්න බෑ. ඒක ඇවිල්ලා ලෙඩක්. පොඩි ලෙඩක් නෙමෙයි අති දරුණු ලෙඩක්. සංගීත්ය කියන දේ රස විඳින්න, භාෂාව, ජාතිය, කුළය අරවා මේවා වැඩක් නෑ. ඒක රස විඳින්නේ රස විඳින එකාගේ රසිකත්වයෙන්. හොඳම උදාහරණයක් තමයි, සඳකඩපහන. ගීතය නෙමෙයි. ඔය පඩි පෙලවල් ඉස්සරහ හයි කරලා තියෙන්නේ කකුල පිහිදාන්න. මයෙ අම්මේ ඕකට මොන තරම් අර්ථකතන දෙනවද, බක පන්ඩිතයෝ. ඕක හදලා තියෙන්නේ වැලි ටික පිහදාගෙන ප්න්සලට ගොඩවෙන්න කියලා. එකෙකුටවත් තේරෙන්නේ නෑ නේ.

    නිර්මාණයක් කලා නම්. ඒක ජනතාවට දීලා බලාගෙන ඉන්න. ජනතාව තමන් කැමති විදියට ඒක විඳීවී. එක්කෝ කළාකරායෙක් වෙන්න. නැත්නම් පොලිස් කාරයෙක් වෙන්න. මේ ගීතය සමරිසි ගීතයක් කියලා හිතන එකෙකුට, එහෙම් හිතන්න, ඕනා තරම් සාධක තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම වුනත් අර්ථකතන දෙනකොට ප්‍රවේසම් වෙන්න ඕන.හැම එකකටම ජුගුප්සාජනක දේවල් ආරෝපනය කරන්න ගිහාම ඒක හානියක්. සමාජය ඉදිරියෙ ලේබල් වදිනව. මේ ගීත සමලිංගික කියල කිව්වම ඒව ගයන ගායකයො පාරෙ බැහැල යන්නෙ කොහොමෙයි. මෙහෙම එකක් නිකම් මුමුනන්නවත් මිනිස්සු ලැජ්ජ වෙයි. ලේකඛය ප්‍රමාදවෙලා හරි ගත්ත තීරණය හරි.

      Delete
    2. ගීතය සමලිංගික උනාට ගායකයෝ දෙන්නා එහෙම නොවන බව කවුරුත් දන්නවනේ. අනික සමලිංගිකත්වය ඔයාට ජුගුප්සාජනක දෙයක් උනාට. සමාජය දන්න මිනිස්සුන්ට ඒක සාමන්‍ය තත්වයක්. අනෙක කළාකරුවන් කළාකාරියන් අතරත් සමලිංගයින් ඕනා තරම් ඉන්නවා. මේ කවුරුත් සාධු චරිත නෙමෙයි. ප්‍රශ්ණය.... ගීත රචකයා ගේය පද රච්නයක් ලියලා, එයා වාර්ථාකාරයෙක්ගේ වැඩේ කරන්න එනවනම් මොන එහෙකටද ගේය පද රචනය කරන්නේ දයා වගේ මේකේ නිමිත්ත ලියලා නිකන් උන්නහම ඉවරනේ.

      Delete
    3. එහෙනං අර බියොන්සෙයි තව රිහානයි එකතු වෙලා කුප්ප සින්දුවක් කරේ. උන් දෙන්නත් මොකෝ ඕවා කරන එකක්යැ. (මං ඒක නං හරියටම දන්නෙත් නෑ තමා..)

      මෙහෙම දේකුත් මං දකිනවා මිනිස්සු හිතනා අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා. ඒත් ආදර්ශයක් නොදී උනත් කෙනෙකුට උපදේශයක් දෙන්න බැරිද?? මං හිතන්නේ පුළුවන්. දැනුවත් අයෙක් නම් නිවරැදි දෙයක් නම් පිළිගනීවි ආනෙක් අය කියාවි. “පල යන්න. බොට කරන්න හොදයි අපි කරාම තමා වැරදි“

      Delete
    4. //හැම එකකටම ජුගුප්සාජනක දේවල් ආරෝපනය කරන්න ගිහාම ඒක හානියක්. //

      විශම ලිංගික ඇසුර විඳින්නට සමලිංගිකයො ජුගුප්සාජනක තරමටම සමලිංගිකයන්ට විශමලිංගික ඇසුරත් ජුගුප්සාජනක ක්‍රියාවක්. ඔබේ අදහස් උනත් හෙට හෙට වෙනස් වෙන්න බැරි නෑ. එල්ටන් ජෝන්ට උන දේ දැක්කනෙ?

      Delete
    5. නැවත මතක් කරන්න ඕනේ... ගීතයේ රචකයා සමග ඒ ගැන කතා කිරීම හෝ, ඔහුට ගීතය ලියන්න මුල්වූ කාරණය සාකච්ඡා කිරීම ඉතාම හොඳ දෙයක්. ඒ වගේම ගීත විචාරයත් හොඳ දෙයක්... එහිදී ගීතයේ අර්ථයට සාධාරණත්වයක් ඉෂ්ඨ වෙන්න ඕනේ බවත් ඇත්ත. නමුත් මට මෙහි ඇති ප්‍රශ්නය, මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් වගේ සලකා කටයුතු කිරීම. මට නම් හිතෙන්නේ මෙය බොහෝ විට ඉතා සාවධාන රසිකයන් පිරිසක් ගීතයේ සියුම් තැන් හඳුනාගෙන මෙය සමරිසි ගීයක් ලෙසත් අර්ථදක්විය හැකි බව පෙන්වීමයි වෙලා තිබෙන්නේ. එම අර්ථයට යම් තරමක පදනමක් තියනවා කියන එකයි මගේ අදහසත්. මට නම් කිසිම ලෙස ගීයට, හෝ එහි නිර්මාපකයන්ට සිදුකල අසාධාරණයක් ලෙස මෙය පෙනෙන්නේ නැහැ.

      Delete
    6. @Maathalan - Priyantha Hewage
      //ගීතය සමලිංගික උනාට ගායකයෝ දෙන්නා එහෙම නොවන බව කවුරුත් දන්නවනේ. අනික සමලිංගිකත්වය ඔයාට ජුගුප්සාජනක දෙයක් උනාට. සමාජය දන්න මිනිස්සුන්ට ඒක සාමන්‍ය තත්වයක්.//

      සමලිංගිකත්වය ඔබ සාමාන්‍ය දෙයක් උනාට සමාජය දන්න සහ ලිංගිකත්වයත් ස්වභාවිකත්වයත් දන්න අයට ඒක පිළිකුලක්. ඔබ වගේ සමාජය දන්න අය ඉන්නේ ඔබ අයත් සමාජයේ පමණයි. එය බහුතරයක් නෙවෙයි ගොඩක්ම සුලුතරය. මම එහෙම කියන්නේ ඔයගොල්ලන් වගේ අය බහුතරයක් උනානම් සමලිංගිකත්වය මීට වඩා කීපගුණයකින් වර්ධනය වෙච්ච සමාජ තත්වයක් තියෙන්න ඉඩකඩ වැඩි නිසා.

      Delete
    7. @Maathalan - Priyantha Hewage
      //ගීතය සමලිංගික උනාට ගායකයෝ දෙන්නා එහෙම නොවන බව කවුරුත් දන්නවනේ. අනික සමලිංගිකත්වය ඔයාට ජුගුප්සාජනක දෙයක් උනාට. සමාජය දන්න මිනිස්සුන්ට ඒක සාමන්‍ය තත්වයක්.//

      සමලිංගිකත්වය ඔබ සාමාන්‍ය දෙයක් උනාට සමාජය දන්න සහ ලිංගිකත්වයත් ස්වභාවිකත්වයත් දන්න අයට ඒක පිළිකුලක්. ඔබ වගේ සමාජය දන්න අය ඉන්නේ ඔබ අයත් සමාජයේ පමණයි. එය බහුතරයක් නෙවෙයි ගොඩක්ම සුලුතරය. මම එහෙම කියන්නේ ඔයගොල්ලන් වගේ අය බහුතරයක් උනානම් සමලිංගිකත්වය මීට වඩා කීපගුණයකින් වර්ධනය වෙච්ච සමාජ තත්වයක් තියෙන්න ඉඩකඩ වැඩි නිසා.

      Delete
    8. ඔයා දන්නේ නැති උනාට. මේ සාධු සමාජයේ ඉහලම මුදුන් මල් කඩ වන පන්සල සමලිංගිකයන්ගේ රජ දහනක්. ඒවා ඔහේලා හොඳටම දන්නවා උනාට. දන්නේ නෑ වගේ ඉන්න තමයි කැමත්ත. එතන සමලිංගිකත්වය විතරක් නෙමෙයි. ළමා අපචාර වල මුදුන් මල් කඩ.

      Delete
    9. @Maathalan - Priyantha Hewage
      \\මේ සාධු සමාජයේ ඉහලම මුදුන් මල් කඩ වන පන්සල සමලිංගිකයන්ගේ රජ දහනක්. ඒවා ඔහේලා හොඳටම දන්නවා උනාට. දන්නේ නෑ වගේ ඉන්න තමයි කැමත්ත. එතන සමලිංගිකත්වය විතරක් නෙමෙයි. ළමා අපචාර වල මුදුන් මල් කඩ.\\

      ඒ ඔයා දන්න තරමනේ. ඔයගොල්ලන් වගේ මිනිස්සුන්ගේ එක මනෝ ගතියක් තමයි අවිවාහකව පිරිමින් වෙනමම හෝ ගැහැනුන් වෙනමම සිටින්න විට අනිවාර්‍ය වශයෙන් එතන සමලිංගික හැසිරීම් ඇතිවෙනවා කියන එක. ඒක මනස්ගාතයක් විතරයි මෙතන ලිංගිකත්වයේ ස්වරූපයන් වන විෂම ලිංගිකත්වය, සම ලිංගිකත්වය හා ඔය දෙකම කරන දෙබිඩි යන ආකාර හැරුනාම ලිංගික අවශ්‍යතාවයන් ජීවිතයෙන් අත්හැරීම කියන කාරනයත් තියෙන්න පුලුවන්. ඒක ලේසි දෙයක් නෙවෙයි නමුත් එහෙම වෙන්න පුලුවන්. ඔය පංසල් ඇතුලේ අනිවාර්‍යයෙන්ම සමලිංගිකත්වය තියෙනවා කියන එක ඔයගොල්ලන්ගේ මනස්ගාතයක්. එහෙම පංසල් ඇති. ඒවගේ ඉන්නේ බුදු දහම අනුගමනය කරන පිරිසකට වඩා හොර ගණයෝ. අනෙක ළමා අපචාර ඔය තරමට පංසල්වල තියෙනවා කියලා කියන්නෙත් ඔබ වැනිම මනෝගතියකින් පෙලෙන අය. ඒ අය හිතන්නේ විරුද්ධ ලිංගිකයන් සමග ලිංගික ඇසුර නොපැවැත්වීම යනු සමලිංගිකත්වය අනිවාර්‍ය ලෙස පුරුදු වීම කියලා. ඔය සිද්ධිය පංසල් වල අය තරමට තිබුණොත් බුද්ධාගමක් ඉතිරි වෙන්නේ නෑ. බුදු දහමේ කොතනකවත් කියලා නෑ විෂම ලිංගිකත්වය පසුබස්සලා සමලිංගිකත්වය් ඉදිර්යට වර්ධනය කරන්න කියලා. අනෙක. අනෙක සමලිංගික හැසිරීම් ඇති පුද්ගලයන් ඒ හැසිරීම සාධාරණීකරනය කරන්නම පැවිදි වෙලා හොරට බුදු දහම අයතා ලෙස පරිහරනය කරනවා වෙන්න පුලුවන්. ඒකෙන් අදහස් වෙන්නේ නෑ බුදු දහමේ සමලිංගිකත්වය අනුමත කරනවා කියලවත් සංඝ සමාජය පොදුවේ එහෙමයි කියලවත්.

      Delete
  19. මට නම් ඒ ගීතය අසද්දී කවදාවත් සමලිංගික කතාවක් ඔළුවට ආවේ නැහැ . තම තමන් කැමති රුප රාමුවක් මවා ගත්තට ප්‍රශ්නයක් නැහැ . නමුත් එහෙමමයි කියල අනික් අයටත් තර්කානුකුලව ඔප්පු කරන්න හදන එකයි අවුල . ගහක මල් පිපිලා ගීතයත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. බින්දි..

      අන්න ඒ නිසා තමයි ගිතයට කිසිසේත් අදාල නොවන නිමිත්තක් කලක සිට ගිතයට බලෙන් ඇතුල්කිරිමට ගන්නා වු උත්සායක් ගැන ලියන්න කල්පනා කළේ.

      Delete
  20. ආයේ ඉතින් හෝදන්ඩ දෙයක් නෑ.. ලස්සන ගීයක් !

    ReplyDelete
    Replies
    1. මධුරංග

      එහි සැබෑ ලස්සන සේදී යානොදී රැක ගන්න උවමනාවක් තදින්ම දැනුණා.

      Delete
  21. මම මේකට මෙච්චර තැවෙන්නෙ ඇයි කියල සමහරුන්ට දැන් ප්‍රශ්නයක් ඇති. මම මහින්ද අයියව දන්න කෙනෙක්.ඔහුගෙ ගීතයට කළ හානිය ගැන වේදනාවට පත් කෙනෙක්.මම අන්තර්ජාලයෙ කාලෙ කන කෙනෙක් නොවෙයි. අදමයි ඉස් ඉස්සෙල්ලම අදහස් දමන්නෙ . ලයිව් ජර්නල් එක හදාගත්තෙත් කොමෙන්ට් කරන්නමයි

    ReplyDelete
    Replies
    1. මොකක්ද අනේ ඔය වේදනව. ගීතය විනාස උනේ නැහැනේ. අළුත් කතිකාවක් ඇති උනා පමණයි. රස විදින අය ඒ විදියටම ගීතය රස විදීවි..

      Delete
    2. මහින්ද අය්යට කියන්න මහින්ද මාම වගේ නොවී ටිකක් පලල්ව හිතන්න කියල මහින්ද හාමුදුරුවො වගේ.

      Delete
    3. surangi නම දුටු පමණින් මට සිහිවූයේ මඩොල්දුවේ සුරංජියා යි, ඒ ඔබ නොවේ නේද?

      Delete
    4. සුරංගි..

      ඇත්තටම මහින්ද දිසානායකයන් භාෂාව සාහිත්‍ය පිළිබඳ පුළුල් සහ පළල් අවබෝධයක් ඇති කෙනෙක්. එතුමා නිරන්තයෙන් ගනුදෙනු කරන භාෂාව සහාහිත්‍ය එක්ක මේ ගීතයට දැනු අවුරදු 30 ක් පැනලා. අද නූතන පරපුරට තමන් කැමති විදිහට ගිතයක් අර්ථ දක්වන්න පුළුවන් හැබැයි එතන අර්ථ දැක්විම තුළ කලාව හෝ රසවින්දනය නැහැ. අනෙක් අතට ඉදිරිපත් කරන අර්තයේ තර්කානුකූල බවකුත් නැහැ නිකම්ම නිකං හිතලුවක් විතරයි. ඒ නිමා මමයි කල්පනා කළේ එතුමා සම්බන්ධ කරගෙන මේ ගීවේ නිවැරදි අරුත පහදන්න. මම හිතනවා මම ඒදේ කළා කියලා. ඒත් එයින් සිදුවුනේ වෙනත් මාතෘකාවක් ඔස්සේ මේ කතාබහ සංවාදයකට ලක්විමයි.

      ඉන්දික උපශාන්ත.

      මහින්ද අයියා තවමත් ඒ පුළුල් අරුතින් සහ ගැඹුරින් හිතනවා. ඉදිරියටත් එහෙමයි. තිස් අවුරුද්දකට වැඩි කාලයක් මේ ගිතය ගැන එතුමා කතා නොකලේ ඒකාලෙ රසවින්දකයන්ගෙ මට්ටම උසස් ලෙස තිබුණ නිසා. දැක් එහෙම නෑ රසවින්දනය කියන්නේ හිතලුවක් මත පදනම්වූ දෙයක් නෙවේ.ඉන් ඔබ්බට ගිය දෙයක් නිර්මාණයකට අරුත් ගැන්විය යුත්තේ අන්නඒ අරුත් ඇතුළේ ඉදගෙනයි

      Delete
  22. දයාගෙ රචකයගෙ අදහස සහ තමන්ගෙ අදහස ඉදිරිපත් කරල ගොඩනගප් සංවාදය අගෙයි.

    මගෙ අදහසනම් ගීයක් ලියන අදහස රස විඳින්නන් මවා ගන්න ඕනමද? මට ලස්සන රූපයක් තව කෙනෙකුට ලස්සන නැති වෙනව වගේ රස විඳීම, චිත්ත රූප මවා ගැනීම එක එක්කෙනාට සාපේක්ෂයි. ඉතින් රචකය කියනවනම් නෑ මම මේ සින්දුව ලිව්වෙ අහවල් අදහසින් ඒ නිසා උඹලත් මේක දකින්න ඕන එහෙම විතරයි කියල ඒක මහ විහිළුවක්.

    දැන් බලන්න Hotel California සින්දුව. මොන තරම් අර්ථකතන ලැබුනද, ලැබෙනවද?

    ඒ නිසා ඒ ඒ අය ඒ ඒ රස විඳියි. ඒ වගේම භාෂනයේ නිදහසේ නාමයනෙ ඒ අදහස් අනික් අය එක්ක බෙදා ගනියි. එහෙම කරන දේ වැරදි වෙන්නෙ කොහොමද??

    ReplyDelete
    Replies
    1. ඉන්දික උපශාන්ත.

      රචකයා කිසිසේත්ම කියන්නෙ නැහැ ඔහුගේ ඇසින්ම මෙය දැකිය යුතුයි කියලා. ඔහු පැහැදිලිව අදහස් දක්වන්නේ හිතලුවක් වුණත් එය ජනතාම අතර මතයක් ගොඩනැංවිමට නම් ඊට සාපේකෂව තර්කානු කූල ලෙස කරුණු ඉදිරිපත් කළ යුතුයි කියලා. ඒක හුදු විනෝදාස්වාදය පිනිස නොවහුදෙක්ම රසවින්දනාත්මක නශයෙන් සිදුවිය යුතුයි. නමුත් මේ යුගයේ සමාජයේ බින්න බහින්නේ කල්පිතව ගොඩනගා ගත් හිතළු තුලින් නූතන රසිකත්වයට වන හානිය ගැනයි. මේ යුගයේ ඒ හානිය සුලුවෙන් තකන්න බෑ. භාෂණයේ නිදහස තිබූ පමණින් ඒ නිදහස භාවිතා කර ආතල් එකක් ගත හැක්කේ ඒතැනැත්තාට පුද්ගලික වනසේයි. එහෙම නැතුව ඒ භාෂණයේ ආතල් එකෙන් ඉදිපත් වන අදහස හානිදායක නම්?

      Delete
  23. මෙතන තියෙන්නේ හොමෝෆෝබියාවයි.

    පොඩි උදාහරණයක් දෙන්නම්.

    සනත් නන්දසිරිගේ වරදක් කලත් සිතකින් නොවෙයි කියන සින්දුව දන්නවා නේද?

    වරදක් කලත් සිතකින් නොවෙයි
    රිදවන්නෙ පලිගන්නෙ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගෙ ඇස් දෙක වගෙයි

    ඔබෙ ගිනි නිවා ඇගේ සිත දවා
    අප එක් වෙලා කුමටදෝ
    වෙනසක් නොවේ මගෙ හිස් අතින්
    පිසලන්නෙ කොයි කඳුල දෝ

    අසරන ඔබයි තනි වුනු ඇයයි
    මට සාප කර යාවිදෝ
    ඔබේ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
    සමු ගන්න සිදු වේවි දෝ

    මේ සින්දුව සමහරු කියනවා කෙල්ලෝ දෙන්නෙකුගේ පෙමකට මැදිවුණු කොල්ලෙක් කියන එකක් කියලා.

    තවත් සමහරු කියනවා මේක කෙල්ලයි, අම්මයි ගැන කොල්ලා කියන සින්දුවක් කියාලා.

    තාමත් කාටත් අවුලක් නෑ.

    දැන් කෙනෙක් කීවොත් මෙතන ඔබ කියන්නේත් කොල්ලෙක් ම ය, ඇය කියන්නේ නම් කෙල්ලෙක් ය මේක සමරිසි පෙමක සහ විෂමරිසි පෙමක එකවර බැඳුණු කොල්කේ ගේ කේස් එකක්ය කියලා ඒකට රචකයාට හෝ වෙනත් කෙනෙකුට හෝ කේන්ති ගියොත් අන්න අපට හිතාගන්න පුළුවනි ඒ පුද්ගලයාට හොමෝෆෝබියාවක් තියෙනවාය කියලා.

    ReplyDelete
    Replies
    1. ක.කා.

      මේ ගීයේ රචකයාට කිසිසේත්ම ගීතයට එකුතු කර ඇති මේ “සමරිසි“ කියන අරුත සම්බන්ධයෙන් කිසිම විදියකින් කේන්තියක් ගිහින් නැහැ . ඒ සම්බන්දයෙන් පැහැදිලිවම මම සාක්ෂි දරනවා. මීට අවුරුදු 30 කට කලින් නිර්මාණය වූ ගිතයක් මෑත කාලයේ නව අරුතක් එකතු කලාම මගේ උවවමනාව නිසා එතුමා කලේ ගීතයේ නිවැරදි අරුත කුමක්දැයි හදුන්වා දිම පමණයි. එසේ නොකලානම් වෙන්නේ තවදුරටත් මේ ගිතය ගාලකඩාගත් හරකකුගේ තත්වයට පත්වී වැරදි අරුතක් පමණක් රසික මනසේ ශේෂ වීම පමණයි. මට හිතෙන විදියට ඒක නිර්මානකරුවාගේ හොමෝෆෝබියාව නොවේ.

      Delete
  24. තවත් උදාහරණයක්.

    අර ජයනාත් සමන් ජිනදාස ගේ සින්දුවක තියෙනවා "සුදු ආල දිය නැත" කියලා යෙදුමක්.

    මේක ඇහෙන කොටම හිතෙන්නේ මෙන්න මේ අදහසයි.
    http://kathandara.blogspot.com/2012/12/what-colour-is-love-juice.html

    ඉතිං ඕකට රචකයා හෝ ගායකයා අප්සෙට් ගහන්න ඕනැද?

    ReplyDelete
  25. //////arugeadaviyaFebruary 22, 2014 at 3:52 PM
    මම මෙහෙම කියන්නම්.....කපුගේ, මහින්ද, දිවුල් කියන්නේ එක් යුගයක අපේ වීරයෝ...මොවුන් බොහෝ සමාජ අත්දැකීම් තිබු අය. මධුවිතත් එහි ඇති මිහිරි අමිහිරි පලවිපාක අත්විදිමින් සිටි අය. දැන් මම සිංදුවාට දැමු කමෙන්ට් එක මෙතනට අමුනන්නම්./////මම කැමතිම සිංදුවක්. මහින්ද දිසානායක මේ ගීතය කිසිලෙසකින්වත් සමරිසි පසුබිමක් ගැන කියන්න ලියපු දෙයක් නොවේ කියා මා හිතනවා. මධුවිත සහ අවන්හල හරිම සුන්දර තැනක්. ඒ මගේ පෞද්ගලික අදහස. මෙවැනි තැන්වල මේවගේ සොදුරු සාක්ච්ඡා ඇතිවෙනවා. මධුවිත ඔබව නොයෙකුත් මානයන් තුල රසවත් කරනවා. ඔබ වැඩිමහල් නම් අනිකාට උපදෙස් අවවාද දෙන්න නිතරම උනන්දුවෙනවා. එහෙම තමයි ඒ දේවල්.

    මෙවැන් ගී පදවැල්වලට හිතට ආ පලියට වැරදි අර්ථ කථන දීම ..ඒ ගීතයට මෙන්ම පද රචකයාටත් කරන හානියක් කියලා මම හිතන්නේ.////////

    සමරිසි අරුත ඉලිප්පවීම අරභයාම මේ ගීතය ලිව්වානම් ඒයද වරදක් නොවේ. මොකද සමරිසි කියන්නේ දඬුකඳේ ගැසිය යුතු වරදක් නෙමේ. ඒ තවත් ලිංගික සංතර්පන භාවිතයක්. සමහර විට එක් අවධියක්. නමුත් මේ පදරචනය එසේ නොවන බවයි මගේ අදහස. මොකද බලු පැටියෙක් එක්ක හුරතල්වෙන ගෑණු ළමයෙක් ගැන පදවැලක් ලිව්වොත්...සමහර විට එයට වැරදි අර්ථකතනයක් දෙන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට ගීතය වැටහෙන ආකාරය විවිධ වෙන්න පුළුවන්. නමුත් වැරදි මතයක් සමාජගතවීම එතරම් සුදුසු නැහැ/////////

    මේ උඩින් තියෙන්නේ මම මියැසියේ රස කතා බ්ලොගයට දාපු කමෙන්ට් එකක්.

    //////arugeadaviyaMarch 16, 2014 at 10:45 PM
    මෙහෙම වුනාම වෙන්නේ මේ ගීතයේ නිවැරදි අර්තය පසු පරම්පරාවට නොයන එකයි. මට හිතෙනවා පද රචකයා ලියන්න අදහස් කරපු දේ කොහේ හරි තැනක ලියා තැබිය යුතුයි කියලා. තමන්ට දැණෙන ආකාරයෙන් රස විඳීම වරදක් නැහැ. නමුත් සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ අර්ත දැක්වීම්නම් හරි අසාධරණයි./////////

    මේ තියෙන්නෙත් ඒ බ්ලොග් එකේම තවත් පෝස්ට් එකකට මම දාපු කමෙන්ට් එකක්.
    http://sinduwagemiyasiya.blogspot.co.uk/2014/02/gay.html

    ReplyDelete
    Replies
    1. අරු:
      “මෙහෙම වුනාම වෙන්නේ මේ ගීතයේ නිවැරදි අර්තය පසු පරම්පරාවට නොයන එකයි. මට හිතෙනවා පද රචකයා ලියන්න අදහස් කරපු දේ කොහේ හරි තැනක ලියා තැබිය යුතුයි කියලා. තමන්ට දැණෙන ආකාරයෙන් රස විඳීම වරදක් නැහැ. නමුත් සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ අර්ත දැක්වීම්නම් හරි අසාධරණයි“

      මෙන්න මේක තමයි මහින්ද දිසානායකයන් සම්බන්ධ කරගෙන මට කියන්න ඹ්නෙ වුනේ. එහෙම නැතිව සමලංගික සමාජයක් මේසමාජය තුල ඇතිවෙනව නම් ඊට අවලාද නැගීම හේ එරෙහි වීම නොවේ. ඒවා ඒ ඒ සමාරය තුළ ඒ මිනිසුන්ගේ අයිතීන් ඊට අප ගරු කල යුතුයි. මමත් මහින්ද දිසානායකයනුත් කළේ මේ ගීතයේ ඒ අතීත පුවත යළි ගෙනහැර පැම පමණයි. ඒ හරහා සමාජයේ සමලිංගකත්වය අනුමත කරන කෙනෙක් වේද ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස්වලට එරෙහි විමක් නොව්. ගීතයේ රසවින්දනාත්මක පැත්තෙන් බාහිරව වෙනත් කතාබහක් ඇතිවිමයි මේ මාතෘකාව විවාදයට බදුන් වුනේ.

      Delete
  26. ගොඩක් විවෘතව ලෝකය දකිනවා කියන්නේ මිනිස්සු කරන කියන හැම එකම හරි කියල කියන එකටද ? අපි මානසිකව හිර වෙච්ච ජාතියක්.. ඒක ඇත්ත.. හැබැයි එහෙම කියල නිකන් තමන්ට හිතෙන හිතෙන අයුරින් අනුන් ගේ අදහස් විකෘති කරලා සමාජ ගත වෙන්න දෙන එක හරි ද අනේ මන්ද ...

    සමලිංගිකත්වය වත් ලිංගිකත්වයවත් කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි හැබැයි දකින දකින හැම දේකම සැඟවී ඇති ලිංගිකත්වය සෙවීම නම් මානසිකව හිර වී සිටීමටත් වඩා භයානකයි කියල මට හිතෙන්නේ...

    එකිනෙකාගේ රසවින්දනය වෙනස් තමයි.. නමුත් තමන්ගේ රසවින්දනය මහප්‍රාණ විදියට තේරුම් ගන්න බැරි සරල මිනිසුන් අපි අතර ඉන්නවා.. ඔවුන්ට ඒ සරල රස ඒ විදියට විඳින්න දෙන්න නම් අපි ඔරිජිනල් එක විකෘති නොකර සිටිය යුතුයි... තම තමන්ගේ වර්ෂන් එක ඕනේ විදියට විඳගන්න...

    ReplyDelete
  27. දේවමුල්ල කියන නම හැදුනෙ දෙවියො / කපුවා දේවාලයේ මුල්ලක "කක්කා" කළ නිසාය කියල කියපු කතාවයි මේ ගීතය සමලිංගික සීන් එකක් කියන කතාවයි දෙකම එක වගේ. කපුගේගෙ හඬික් මේ සිංදුව ඇහෙද්දිම මගෙ හිතටනම් ආවෙ බාර් එකක් තමයි‍.

    ReplyDelete
  28. "රුවක් ඇදෙනවා" ගීතයේ අදහස සමලිංගික කේස් එකක් බව කීම ගීතය පහත් කිරීමක් නෙවෙයි කිසිසේත්ම. හැබැයි මටනම් ඒ ගීතයේ සමලිංගික කතාවක් එන්නෙම නෑ. වරෙන් මලේ / වරෙන් නගේ කියල කතා කරන්නෙ ලිංගික සේවනයට විතරක්ද?

    කොහොම වුනත්, ගීත රචකයා කියන්න අදහස් කළ දේ බහුතරයකට වැටහෙන්නෙ හැඟෙන්නෙ නැතිනම් ගීත රචනය අසාර්ථක බවයි මගේ හැඟීම. ඒත් ඉතින් මේ ෆේස්බුක් විචාර වලින් බහුතර මතය එළිදැක්වෙන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා ෆේස්බුක් විචාරවලට ගරහන්නත් නරකයි. ඒක උන්ගේ අදහස් දැක්වීමේ නිදහස. අනෙක තම රසිකත්වය.

      Delete
  29. මේ වගේ එක එල්ලේම අරුත පැහැදිලි නැති සිංදු වලට අසන්නා තමුන්ගෙ අත්දැකීම් වලින් චිත්ත රූප මවාගෙන ඒක තමයි මේ කියලා තියෙන්නෙ කියලා හිතනවා ඇති... සමහරු අපි අහලාවත් නැති දෙයක් මේ ගීතය තුලින් දකින්න ඇති... එහෙම බලනකොට ගීතයෙන් තමුන් අදහස් කරපු දේ ඇත්තටම දන්නෙ ඒ ගීයෙ රචකයා විතරයි කියලයි මට හිතෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. මියුරු
      බොහෝවිට නිර්මාණකරුවන් තමතමන්ගේ කල්පනාලෝක වල ගොඩ නගාගන්නා අත්දැකීම් තමයි නිර්මාණ බවට පත්වෙන්නේ ඒ නිසානෙ අපි ඒවට නිර්මාණ කියල කියන්නේ. ඒ නිර්මානකරුවාගේ කෘතිය තුළ ඇති අදහස එක එල්ලේම ඔහුගේ රසිකයෙකුට අදුනගන්න බැරි බව ඇත්ත. ඒ අනුව ඒ නිර්මානය තමන්ට දැනෙන විදියට රස විඳගත්තාට කිසිදු බාදාවක් නෑ නමුත් නමුත් නිර්මාණයට කිසිසේත් අදාල නොවන හිතලුවක් ඒ හිතලුව සාධාරණීකරණය කිරිමට කිසිදු හේතුසාධකයක් නොමැතිව සමජයතුළ ස්ථාපිත කළ හොත් ඇතින හානිය විශාලයි. මම අදහස් කරන්නේ ඒ ගැන පමණයි

      Delete
  30. හත්තලාෙම් ෙමතන ඉන්ෙන නියම අයියල ෙන! අෙඩා් ෙත්රුම ෙම්කයි. එක්ෙකා් පිලිගනිං නැත්තං ෙවඩිකාපං

    ReplyDelete
    Replies
    1. රාජ්..

      එහෙම අදහසක් මෙහි හැගවෙන්නෙ නෑ. නමුත් නිර්මාණකරුවාට අයිතියක් තියෙනවාතමන් නිර්මාණය කළ අදහසට හාත්පස වෙනස් අදහසක් ඒ නිර්මාණටයට යමෙක් ඇතුළ් කලොත් එහි නිවැරදි අරුත පහදන්න. එය ඔහු කළා.

      Delete
  31. දයානන්ද මහත්මයාගේ අස්වැන්නෙන් ‍බොහෝ දේ උගත්තෙමි.. ස්තූතියි ඔබට

    ReplyDelete
    Replies
    1. තුසිත

      ස්තූතියි ඔබටත්

      Delete
  32. ඇත්තටම බොහොමත් වටින හෙළිදරව්වක් අයියෙ. මමත් ඔය ගීත බිහිවුන හැටි දැන ගන්න ගොඩාක් කැමතියි. අයියට මතකත් ඇති මමත් වෙනත් ගීත කීපයක බිහිවුන හැටි ගැන සොයලා පෝස්ට් එකක් ඉස්සර දැම්ම. ඒකෙ සඳකඩ පහණ ගීය ගැන හොයද්දි එන එක අන්දමේ කතා මටත් අසන්නට ලැබුණා. ගහක මල් පිපිලා ගීය සමරිසි ගීයක් කියන මතය මට මුලින්ම ඇසුනේ මීට අවු හයකට විතර කලින්. මට තවම මතකයි ඔය සමරිසි කතාව කියපු කැම්පස් එකේ අපේ කණ්ඩායමෙ කෙනෙක් ඒක සනාථ කරන්න මහ තර්ක ගොන්නක් ගෙනාවා. ඒ තර්ක මම පුද්ගලිකව පිළිනොගත්තත් ඒ ගීය බිහිවුන හැටි තවමත් මට සොයා ගන්න හම්බවුනේ නෑ. පුළුවන් නම් අයියේ ඒ ගැනත් මෙවන් ලිපියක් දාන්න.
    ගීතයක් ගැන ඔය වගේ අමුතු කතාවක් කියලා ෆේස් බුක් එකේ පතුරවා හරින එක දැන් රැල්ලක් වෙලා , හරියට කටකතා රැල්ලක් වගේ.

    ReplyDelete
    Replies
    1. තොටියා...
      අපි බලමු ඉදිරියේ මෙවන් ආන්දෝලනාත්මක තවත් ගීත ගැන කතාකරන්න. එවිට අපිට ඉතාමත් නිවැරදි අදහස හොයාගන්න පුළුවන් වේවි.

      Delete
  33. මට තියෙන සන්තෝසෙ මොන තේරුම එක්ක හරි මේ සින්දු තාමත් අහන අය ඉන්නවා නේද කියන එක...

    ඒලෙවල් වලට තිබ්බනෙ විචාරය කියල එකක්... ඕකෙ තිබ්බ වලස් දඩයම කියල කවි පන්තියක්... ඒකෙ තිබ්බ "කඩිය" කියල චරිතයක්...

    " මම කෑගසි‍මි කඩියට වෙඩි නොති‍යන්න " කියල පදයක් තිබ්බ ... ඔය දවස්වල සිංහල ( ටියුෂන්) ගුරුවරු දෙන්නෙක් හෝ තුන් දෙනෙක් ඕක ලස්සනට පටලෝගෙන තිබ්බ.. කෙනෙක් උගන්නනවා "කඩියා" කියන්නෙ බල්ලෙක් කියල... හේතුව ගම්පෙරලියෙ හරි යුගාන්තෙ හරි කඩිය කියල බල්ලෙක් හිටපු හින්ද.. ඒත් කවි පන්තියෙ තියෙන අනිත් නම් ගම් ටිකත් එක්ක මේක පදයෙ යෙදුන හැටි ගැන හිතල බැලුවම තේරෙනවා මේකෙ කඩියා කියන්නෙ මනුස්සයෙක්ට කියල... අපේ පන්තිවල උන් ඕකට ගහගත්තෙ නැති ටික විතරයි...

    කෙනෙක් ලියන හෝ කියන දේකට තවත් අර්ථ දෙන්න බැරි කමක් නෑ... ඒ වගේම කෙනෙක් තව කෙනෙක්ට මේකෙ මෙහෙම අර්ථයක් කියනව කියල කිව්වම " අඩේ ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ නෙ " කියල හිතෙන්නත් පුළුවන්... ඔය " යට ලීයෙන් නාරි ලතා මල් පූදිනවා " කෑල්ලෙ තේරුම අල්ලගන්න සින්දුව දහ පාලොස් පාරක් ඇහුවත් බෑ කවුරුහරි පොඩි හින්ට් එකක් නොදී ඒ කාලෙ... විශේෂයෙන් ගීතයක් කෙනෙක්ගෙ හිතට වදින්නෙ ඒක තමන්ට සමීප අත්දැකීමක් උනාම.. එහෙම නැත්තං කවුරුහරි විශේෂයෙන් අවධානය යොමු කරවන්න ඕනෙ...

    අනිත් එක "කාලය"... රචකයා ගීතය ලිව්ව කාලයෙදි ඒකෙන් දුන්න තේරුම තවත් කාලයකදි වෙනස් වෙන්න පුලුවන්... ඒත් එහෙමයි කියල ගීතයෙ අගය අඩු වෙන්නෙ නෑ කියල රචකයෝ තේරුම් ගත්තනං ඇති...

    පෞද්ගලිකව මම නං කැමතියි මේ ගීත ගැන මේ වගේ කතාබහ ඇති වෙනවට... එතකොට මේවා කවදාවත් අහලා නැති මේ පරම්පරාවෙ කීප දෙනෙක් හරි මේවා අහනවනෙ...

    ReplyDelete
    Replies
    1. හිරු
      කාලයත් එක්ක නිර්මාණයේ අදහස වෙනස් වෙනව කියන එක නම් පිළිගන්න බෑ. එහෙනම් අපේ ඉතිහාසයට සාක්ෂි දරණ කලා නිර්මාණ විවිධ අදහස් වලට නතුවී ඒවායේ අක්මුල් සොයාගත නොහැකි තරමට ඒ නිර්මාණ අයාලේ යන්න තිබුණා.

      සිදුවිය යුත්තේ කාලයත් එක්කම ඒ නිර්මාණ නිසි ආකාරයෙන් හඳුනාගන්නා සමාජයක් බිහි කිරිමයි

      Delete
  34. අපේ මිනිස්සුන්ට දෙයක් කියන්න කතාවක් හදන්න එය සැබවින්ම තිබියයුතු නැහැ නමුත් එම ගීය මම හුඟක් ආස කරන ගීයක් මෙවන් පැහැදිලි කිරීමකට ස්තූතියි දයා අයියේ

    ReplyDelete
    Replies
    1. කෝරලේ..

      කෙනෙකුට ඕනෙම නිර්මාණයක් ගැන පුද්ගලික අදහසක් තියෙන්න පුලුවන් නමුත් ඒකට බාහිර අදහසක් එකතු කරනවා නම් ඒක තරකානුකූල විය යුතුයි

      Delete
  35. මෙතන කරන්නේ පොඩි සෙල්ලමක්.රචකයා කැමති නෑ තමන් ලියපු ගීතයට අනික් අය වෙන අර්ථ කථන දෙන එකට. ඒ වුනාට මෙයාම විචාරකයෙක් වුනාම මෙයත් එයා හිතන විදිහට ගීත වලට අර්ථ කථන දෙනවා.ප්‍රධානම ගැටළුව තමයි ගොඩක් අය තාමත් ආකල්ප වලින් ඉන්නේ අතීතයේ.මොකද ඒ කාලේ මාධ්‍යවලට එන්න, මතයක් දෙන්න තමන් ලොකු බක්කෙක් වෙන්න ඕන කියලා තිබුනා.නමුත් අද ඕනම කෙනෙක්ට ඒ නිදහස හිමි වෙලා තියෙන එක සමහරුන්ට ඉවසන්න බෑ.සරලව කිව්වොත් මෙතන ඒ සින්දුව ලියන කෙනාට එහෙම හිතුනේ නෑ,ඒ ගායකයෝ පාරිශුද්ධයි,වෙන විචාර කරන අය විකෘති මිනිස්සු කියන අය කරුණාකරලා මටින් වික්‍රමසිංහ ශූරීන්ගේ බව තරණය නැවත කියවන්න.

    ReplyDelete
    Replies
    1. /* රචකයා කැමති නෑ තමන් ලියපු ගීතයට අනික් අය වෙන අර්ථ කථන දෙන එකට. */

      නෑ, එහෙමම නොවෙයි, රචකයා අකමැති ඒ විකල්ප අර්ථකතනය සමලිංගිකත්වය හා සම්බන්ධ එකක් වීමයි.

      එහෙම නැතුව මෙතන වෙනත් අරුතක් දී ඇති නම් කතාවක් ඇතිවෙන්නේ නෑ!

      මෙය හොමොෆෝබියාවක් බව මා දෙතුන් විටක් කීවේ ඒ නිසයි.

      Delete
    2. ඉතින් ඇයි එයාලා සමලිංගිකත්වයට බය,තමන් එහෙමයි කියලා හිතයි කියලද?මේ ගීතය විතරක් නෙවෙයි වෙන ගීත වලදිත් මේ ගැටළුව ආවා.නන්දා මාලනී ගායනා කරන "මන්ද නාව කාරණාව යන්න අපේ වන්දනාව..."ගීතයට රසිකයෝ වෙනත් අරුත් සපයනවා කියලා එක්තරා කෙනෙක් බැඟිරි ගහන්න ගත්තා.යශෝධරා දේවියගේ දුක කියවෙන ගීතයේ කවදාවත් නොවෙන දේවල් මතු කරමින් යටි අරුතක් සපයන්නේ ඒ සොයනා විමුක්තිය හමු නොවේවි කියලා අපි කිව්වොත් ඒ රචකයා කියයි පිස්සුද මගේ හිතේ තිබ්බේ වෙන එකක්නේ කියලා.

      Delete
  36. දයානන්ද සොයුර ඔබ කරන මෙහෙවරට බෙහෙවින්ම තුති.........!
    ඔබේ වියමනත් එක්ක ගොඩ නැගිච්ච සංවාදය නිසා සිතන්නට තව බොහෝ කරුණු එක්කාසු වුණා.....
    ඔබත් යසනාත් සොයුරාත් සංගීත කලාව වෙනුවෙන් කරන මහඟු සේවයට හරසර දැක්වීමක් ලෙස මං පුංචි වෑයමක් ගත්තා මගේ “සිත් රූ“ බ්ලොග් එක හරහා.

    පහත ලින්ක් එක ඒ වෙනුවනේ........
    http://rukshila-wettamuni.blogspot.com/2014/03/blog-post_25.html

    ReplyDelete
    Replies
    1. රුක්ෂිලා

      මම දැක්කා ස්තූතියි ඔබේ අදහසට

      Delete
  37. දයානන්ද මහත්මයාණෙනි, ඔබ තුමාගෙ අස්වැන්න නෙලා ගැනීමට අද සිට මටත් අවසර!

    http://masandumal.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මනෝෂ්

      ස්තූතියි ඔබටත්

      Delete
  38. මං මේ සින්දුව තේරුම් අරන් තියෙන්නෙ මෙහෙමයි.

    රුවක් ඇදෙනවා කවුදෝ එනවා = කවුදෝ එකෙක් එනව වගේ පේනවා
    මීවිත ඇඳරිය දෑස වසනවා = ඩෝප් නිසා හරියට පේන්නෙ නෑ
    හද පොදි බැඳි දුක දියකර පා කර = වෙරි මතින් මගේ හිතේ දුක අමතක කරලා
    ඔබේ ලොවට මා මොහොතින් එනවා = මාත් ඔය පදමට එනවා ඉක්මනටම

    සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ = ඉලංදාරිියෙක් වෙලා ඉඳගෙනත්
    කිම තොල මීවිත පොඟවන්නේ = ඇයි මෙහෙම‍ බොන්නෙ?
    නුරා විරහ ගිනි නිවා දමන්නයි = බූට් කාපු එක අමතක කරන්නයි
    සුරා විතින් මා දෙතොල තෙමන්නේ = මං මෙච්චර බොන්නෙ

    නැගුණු නුරා ගිනි මී පොද වැටිලා = හිතේ අමාරුවට වෙරිමත එකතුවෙලා
    හතර වටින් දළු ලා එනවා = ඒක දැන් ඩබල් වෙලා එයි
    අවන් හලේ මී විත තනි කරලා = ඔය ෂොට් එක මේසෙ උඩම තියෙන්න ඇරල
    වරෙන් මලේ පියවර නගලා = වරෙං බං යන්න

    බාර් වලට යන්නෙ පිරිමි විතරයි සාමාන්‍යයෙන් (ලංකාවෙ). එතකොට උන් ඔක්කොම සමලිංගිකයො තමයි!!!!!

    ReplyDelete
    Replies
    1. ට්‍රැ:

      මේ පදවල අරුත් විමසිමත් නරක නෑ

      Delete
  39. ගිතයක් අර්තයත් සමග රසවිදිනවිට තමයි නියම රසය දැනෙන්නෙ.මෙ රුවක් ඇදෙනවා ගිතය ඔය සමලින්ගික අරුතින්නම් මට කවදාවත් දැනිල නැ.

    ReplyDelete
    Replies
    1. දමිත්..

      අන්න ඒ මතුවෙමින් පවත්නා අදහස වෙනුවෙන් තමයි මේ කතාබහ ඇතිකළේ..

      Delete
  40. දයා....
    මේ ගීතය ලිව්වාට පස්සේ එය අයිති රසිකයන්ට වෙන්න පුළුවන්. ඒත් ඒක හරියට ලිහල ඇරිය පිං ගොනා හැමෝටම වගේ එකක් නොවිය යුතුයි. ගීතයක් සමාජගතවූ පසු එයට විවිධ අරුත් එකිනෙකා විසින් ගෙන ආ හැකියි. එහෙත් ඒවා සමාජගතවන විට වැරදි අරුතක් නම් එය වැරදියැයි කීමට ගීත රචකයාට අයිතියක් නැති රසික සමාජය කුමක්දැයි මම තවම කල්පනා කරමි. කෙසේ වෙතත් ගීතයට සම ලිංගික අරුතක් දීමට ගත් උත්සාහය මේ සමහරුන් පිලිගන්නවා සේම එය ප්‍රතික්ෂේප කිරීමටද සමාන අයිතියක් තිබිය යුතුය. වැරදි අරුත් සැපයීමට අයිතිය ඇතත් එය නිවැරදි කිරීමට අයිතියක් නැති රසික සමාජය කුමක්දැයි මම කල්පනා කරමි.එහෙත්....... රසික සමාජය එතරම්ම අකාරුණික නොවන බව මම දනිමි. මේ අදහස් දැක්වීම් වලින් වුව පෙනෙන්නේ එයයි.
    විවිධ රසිකයන්ට ගීත වලට විවිධ අරුත් දිය හැකිය. එහෙත් එසේ විවිධ අරුත් දුන්නාකියා රචකයාගේ අරුත අහෝසි නොවේ. විඳින්නා මොන දේ වින්දත් සැබෑ අරුත රචකයාගේ අරුතයි.
    රසිකයා නිර්මාණයක් තුළින් තමන්ට රුචි අරුත සොයයි. එහෙත් රචකයා රසිකයා තමන්ගේ අරුත දකිනවාට වඩා කැමති වෙයි. රසිකයා වෙනත් අරුත් දුටුවා කියා රචකයා උරණ නොවිය යුතුය. එහෙත් රසිකයා අමන අරුත් දරන්නේ නම් එහි නිසි අරුත කීමට රචකයාට අයිතියක් නැත්තේ ඇයිදැයි මට නම් නොතේරේ. රචකයා සැබෑ අරුත කීමේ අවදානමක් වෙයි. ඒ අනෙකක් නොව ඉන් පසු රසිකයාට එහි රසයක් නොදැනීමට ඇති ඉඩය. කෙසේ වෙතත් තමන්ගේ නිර්මානයේ අරුත කීමට ඇති අයිතිය කැමැත්තෙන් අතහරින අයද ඇත. එසේ අතහරින්නට අකමැතිඅයද ඇත. නිර්මාණ පිං ගොනාගේ මට්ටමට වැටෙනු දකින්නට හැමෝම කැමතිනැත.
    මහින්ද දිසානායකයන්ද එවැන්නෙකි. ඔහු තම නිර්මාණයට අමන අරුත් දෙනු දැකීම අප්‍රිය කරයි. ඒ නිසාම එය කියා සිටී. ඔහුට එය කීමට අයිතියක් ඇත. ඒ කීම නොතකා වෙන අරුත් දකී නම් කෙනෙක් එයටද අයිතියක් ඇත. එහෙත් ඒ තමන්ගේ වපසරිය තුළ සිතීමකි.
    සමලිංගිකත්වය ගැන නොලියූ නිර්මාණයක කෙනෙක් සමිංගිකත්වය දකීනම් ඒ අනෙකක් නොව අදාල ක්ෂේත්‍රයට ඔහුගේ ඇති නොකියවෙන නැමියාව විය යුතුය. ඒ රුචියට ඔහුට අයිතියක් ඇත. එහෙත් මේ සමාජයේ බහුතරය ඒ රුචිය ප්‍රතික්ෂේප කරණ බැවින් සහ පිලිකුල් කරණ බැවින් මෙවැනි වාදවිවාද ඇති වෙයි.
    සමලිංගිකයන්ට ඒ රස විඳීමට ඇති අයිතියට වැඩි අයිතියක් අනෙකුන්ට ඇත්තේ බහුතරය නියෝජනය වන බැවිනි. එහෙත් මා මගේ සටහනේකීවා සේ වැඩි බලවත් ඒ අප විකෘති යැයි සිතන ඒ රසය විඳින්නන්ගේ මතයය. ඒ බලය ගොඩනැගුන හැටි මා පැහැදිලිකර ඇත. මෙහි අසමහර අදහස් දැක්වීම් නැවත නැවත එය සනාථ කරයි.

    ReplyDelete
    Replies
    1. වෛද්‍යවරයකු වන යසනාත් ධම්මික බන්ඩාරයන්, සමලිංගික සේවනය විකෘති කාමාශාවක් ලෙස හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නන් අමනයන් ලෙස හඳුන්වනු ලබන්නේ නම්, අන් අය ගැන කුමන කතාද...?

      අප හින්දී ගී රස විඳින්නේ ඒවායේ තේරුම කිසි සේත්ම දැන ගෙන නොවේ. මේ ගීතය වුවද කවියක් ලෙසම තිබුනේ නම් සමාජගත වන්නේ නැත. දයා මේ ගීතයම, කවියක්, ගේය පද රචනයක් වූයේ කෙලෙසද කියා පෙන්වා ඇත. ඒ සංගීතඥ්ඥයාගේ අයිතියයි. ඉන් පසු නිර්මාණය එලි දකි. එය විඳීම රසිකයා සතු අයිතියකි. රචකයා තම අදහස ඉදිරිපත් කරයි, රසිකයෝ තම අදහස් ඉදිරිපත් කරති. එහිදි මේ නිර්මාණයට විවිධ අදහස් ඉදිරිපත් වීම නිර්මාණයේ පොහොසත් කමකි. එය දරාගැනීමට නොහැකිව, රසිකත්වයට නීතී දමන්නෝ, කළාකාරයෝ නොව පොලිස් කාරයෝ පමණි.

      Delete
    2. යසනාත්, මහින්ද දිසානායකයන්ට ඔහුගේ ගීතය ගැන කරුණු ඉදිරිපත් කරන්න අනිවාර්යයෙන් අයිතියක් තියනවා. නමුත්, යමෙකුට තමන් දකින අර්ථයේම එල්ලී සිටින්නටත් ඒ වගේම අයිතියක් තියනවා.

      මෙහිදී මට ඇතිවූ ගැටළුව දයා මෙම ලිපියට ප්‍රවේශය ගෙන ඇති ආකාරයයි. මෙය, ගීතය විනාශ කිරීමක්, හෝ රසිකත්වය බාල වීමක් නොවන බව මගේ හැඟීමයි. ගීතයක පද රචනයක් අර්ථ දැක්වීමට උත්සාහ කිරීම, එක අතකින් ධනාත්මක ලක්ෂණයක්. එය තර්කානුකූල නොවන බව හෝ, ගීත රචකයාගේ අදහස නොවන බව පෙන්වා දීමට අපි සියලු දෙනාටම අයිතියක් තියනවා. මේ ගීතයේ පද රචනයට සමලිංගික අරුතක් දීමට නම් ඒ පුද්ගලයා දක්ෂයෙකු විය යුතුයි කියලයි මගේ හැඟීම. නමුත්, සඳකඩ පහණක ගීයට ගණිකා මවක් සහ දියණියක කතාව ආරෝපණය කල තැනැත්තා එසේ දක්ෂයෙක් කියා මට සිතෙන්නේ නෑ. නමුත් එසේ වෙන අරුතක් දීම ගැන, මට කල හැක්කේ මා සිතන අරුත එය නොවන බව පවසා මා සිතන අරුත පවසා සිටීමයි.

      කවුරුන් හෝ කියූ නිසා එක් අරුතක එල්බ ගත් කෙනෙක්, මේවා කියවා දැනුම වැඩිකර ගනීවි. සාහිත්‍ය පිළිබඳ සිදුවන මෙවැනි සංවාද සිදුවිය යුත්තේ එවැනි මිත්‍රශීලී බවකින් සහ විවෘත බවකින්. විශේෂයෙන්ම ගීත සාහිත්‍ය සෘජුවම නියෝජනය කරන සහ අන්තර්ජාලයේ සැරිසරන දයා සහ ඔබ වැන්නවුන්ගෙන් ඒ විවෘතභාවය බොහෝ දෙනා අපේක්ෂා කරනවා. නැවතත්... මේ ගීයේ රචකයාට ගීය ලියන්නට මුල්වූ අදහස් සොයාබලා දැක්වීම ඉතාමත් අගය කරනවා. නමුත්, ගීයේ අර්ථය එයට පමණක් සීමාවිය යුතු නැහැ. ඒ වගේම අපි පෞද්ගලිකව අකමැති ආකාරයේ අර්ථයක් කවුරුන් හෝ එයට දී ඇති නම්, ඒ පිළිබඳ විරෝධාකල්පයක් දැක්වීමත් අනවශ්‍යයි.

      මේ ලිපියේ ප්‍රවේශය, ගීයට සමලිංගික අරුත දීම ගැන වඩා මිත්‍රශීලී එකක් වුණි නම්, ඇත්තෙන්ම මට මේ ගැන කිසිම ගැටළුවක් නැහැ. වඩා වැදගත් වන්නේ මෙවැනි සංවාද ඇතිවීමයි. මේ ගීත රටේ ප්‍රධාන මාධ්‍යයක අසන්නට දකින්නට පවා නොලැබෙන මෙවැනි කලක, මේ සංවාද කොපමණ වටිනවාද? මෙහිදී මතු වූ සංවාදය නිසා දයා ඉදිරියටත් මෙවන් ලිපි පළකරාවි යැයි බලාපොරොත්තු වෙනවා.

      Delete
    3. @ Maathalan - Priyantha Hewage
      ඔබ කියනවා වෛද්‍යවරයකු වන යසනාත් ධම්මික බණ්ඩාර සමලිංගිකත්වය හා සම ලිංගිකයන් ගැන දක්වන ආකල්පය මේකනම් අනෙක් අය ගැන කවර කතාද කිය්ලා. නමුත් මම කියන්නේ ඔහුගේ ආකල්පය වරදක් නෑ කියන එක. ඔහු වෛද්‍යවරයෙක් හැටියට ලිංගිකත්වය කියන දේ නියම ස්වභාවය ගැන ඔබ අප සියල්ලන්ට වඩා ජීව විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක කරුණු හදාරා ඇති බැවින් සමලිංගිකත්වය යනු විකුර්ති ලිංගික හැසිරීමක් බව හොඳින් දන්නවා. ඔබ වැනි පිරිස් බොරු සුචරිතවාදයක් මවාගෙන සමලිංගිකත්වය සාධාරණීකරනය කරන්නේ බොරු වැදගත්කමක් පෙන්නන්න වගේම කුහකකමෙන් ඔලුවත් පුරවගෙන.ඔබ අප ඇතුලු මේ සංවාදයට සම්බන්ධ කිසිවෙක් සමලිංගික ක්‍රියාවකින් මෙලොවට බිහි වී නැත. සමලිංගිකත්වයට පක්ෂ වීමට හෝ මාතලන් කෙනෙකු මෙලොව එලිය දැක තිබෙන්නේ පිරිමි සමලිංගිකයන් දෙදෙනෙකුගේ ගුද සංසර්ගයකින්වත් ස්ත්‍රී සමලිංගිකයන් දෙදෙනෙකු යෝනි ස්පර්ශයෙන් කරන අස්වාභාවික කාම සේවනයකින්වත් නොවේ. අනෙක ඔබ කියන විදිහට ගීතයක් රස විඳීම අප තේරුම දැන හෝ නොදැන කරන්නේය කියන කාරනේ ලිංගිකත්වය සමග සංසන්දනය කරන්න බෑ. ගී රස වින්දනය පුලුල් පරාසයකට විහිදේන ලොකු විවිධත්වයක් තිබෙන දෙයක්.නමුත් ලිංගික අවශ්‍යතාවය කියන එක එහෙම ලොකු පරාසයක වෙනස් වෙන්නේ නෑ. යම් වෙනස්කම් විකුර්තිතාවයන් තිබුණත් සමාජය හදන්න ප්‍රජාව තුල සංස්කෘතික පරිසරය ගොඩනගන්න පුලුවන් කාටද කියන එක වචන කතාකරන්න් අර්ථදක්වන්න ඉස්සර වෙලා වැදගත් වෙනවා.ඒ ටික සමලිංගිකත්වය පදනම් කරගෙන වෙනවට වඩා වෙන්නේ විශම ලිංගිකත්වයට අනුව. ඒ ස්වභාවය පිළිගන්න බැරි කුහකකමට වෙන කරන්න දෙයක් නෑ, මාතලන් කැමතිනම් සමලිංගිකයෙකුට ගුදමාර්ගය පාවිච්චියට දීලා ටිකකට ඒ ගැන අවබෝධය්ක් ගෙන තවදුරටත් ඒ අයගේ අයිතිය ගැන කතා කරන්න පුලුවන්.

      Delete
  41. මෙවැනි ආකාරයේ ලියවිලි වලට මා ඉතාම මනාපයි දයානන්ද අයියා...ගීතයක පද වැල යට සැගවුනු යටි අරුත බොහෝ විට එළියට එන්නෙ නෑ...හැකි පමණින් එවැනි දේ අප වෙත සමීප කරනවා නම් බොහොම තුති..

    උතුරින් එන දුම්රියේ....කවුළුව ලගට වෙලා...නොරවන් මට දේවී නැත මා..කිසි වරදක් කරලා..දිවුල්ගනේ ගයන මේ ගීතයත් මහින්ද දිසානායක නේද ලිව්වෙ....එක් වරක් එතුමා ප්‍රවීණ ආර්ථික විද්‍යා දේශක බණ්ඩාර දිසානායක මහතාගේ අතිරේක පන්තියකට පැමිණියා රසවින්දන වැඩසටහනකට...එදා බොහෝ ගීත වල අප නොදකින අපූරු පැත්තක් දකින්න මට හැකියාව ලැබුනා...

    ReplyDelete
    Replies
    1. සිරා..

      උතුරින් එන දුම්රිය දේවී ගිතය ලිව්වෙ මහින්ද චන්ද්‍රෙස්කර- එතුමා සමග ප්‍රවීණ ආර්ථික විද්‍යා දේශක බණ්ඩාර දිසානායක මහතාගේ පන්තිව තිබුණ රසවින්දන වැඩසටහන්වලට සහභාගි වුනේ ජයතිලක බණ්ඩාර එතුමා බණ්ඩාර දිසානායක මහතාගේ වැඩිමහල් සොහොයුරා

      Delete
  42. ගීතයක් රස විඳින්නාට එහි අරුත තමන්ට වැටහෙන ආකාරයට රස විඳීමේ අයිතියක් ඇති බව සම්පූර්ණ ඇත්තක්. ඒත්, මේ ගීතයෙන් සමලිංගික අරුතක් ඉස්මතු වන ආකාරය මටනම් පැහැදිළි නැත. කරුණාකරල කවුරුහරි පැහැදිළි කරනවද?
    මේ ගීතයේ පදමාලාව ඒ තරම් සංකීර්ණ, එක වරම තේරුම් නොයන, විවිධ අර්ථ දැක්වීම් කළ හැකි ආකාරයේ එකක් නෙවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. මූලීකම දේ හෙනා මේ ගීතය පිරිමින් දෙදෙනෙක් විසින් ගායනා කිරීම. ඉන් පසු වචනයක් වචනයක් පාසා සමලිංගිකත්වයට අනුගත කල හැක.

      Delete
    2. පිරිමි දෙදෙනෙක් ගයනා කල පමණින් මේ ගීතය වචනයෙන් වචනයට සමරිසි නම් ගැහැණු දෙදෙනෙක් ගයනා කරන මුළු රයක් පුර ඔහු මා ලග ( සමිතා මහත්මිය සහ මරියසෙල් මහත්මිය ) ගීතයත් එතකොට සමරිසි ගීතයක් ද ???? ඒ තර්කය නිවැරදි නෙවේ මට තේරෙන හැටියට

      Delete
    3. මා දන්නා හින්ගල භාෂාවේ "ඔහු" කියා අමතන්නේ පුරුෂ පාර්ශවයට පමණි.

      Delete
    4. @kumari liyanage
      ඔබ පෙන්වපු කාරනය හරි මෙතනදි. ඒටික මෙතන ඉන්න ගොඩක් සමලිංගිකත්වයට කඩේ යන අයට පේන්නේ නෑ. ඒ ඔවුන්ගේ එක මානසික තත්වයක්.

      Delete
    5. කුමාරි දක්වන ගීතයේ පැහැදිලිවම කියනවා මුලු රැයක් පුරා ඔහු මා ලග කියලා...එතැනදි පිරිමියෙකු ගැන තමයි මේ කථාබහ යන්නෙ කියන කාරණය පැහැදිලි වෙනවා..

      Delete
    6. අස්වැන්න ලියු දයා මහතා උත්සහ කර තිබෙන්නේ මේ සමාජයේ ඇති සමරිසිබව පිලිබදව නොවේ මට තේරෙන හැටියට. මේ අගනා ගීතයට කොහෙත්ම නොගැලපෙන අදහසක් ඊට බලෙන් ගීතය මත පැටවීමට ගන්න උත්සාහය පිලිබදවනේ. මේ ගීතය සමරිසි යැයි කියන පුද්ගලයන් එය එසේයැයි ගීතයට අනුගතකොට පෙන්වන්නේ නම් ඉතාමත් හොදයි. මොකද එවිට බොහෝ දෙනෙකුට නොපෙනෙන ඒ අදහස අපටත් පෙනේදැයි බලන්න.

      Delete
  43. කතන්දරකාරයා මේ අහන්න .

    මේකේ දෙපැත්තක් තියෙනවා නේ. ඔබ කියන විදියට සමලින්ගිකත්වයට කැමති නැති මිනිස්සු , එය විවේචනය කරන මිනිස්සු හෝමෝ ෆෝබියාවෙන් පෙලෙන අය .. එහෙමනම්,

    බත්වලට කැමති නැතිව , බත් විවේචනය කරන , පාන් කන්න කැමති අය - බතෝ ෆෝබියාවෙන් පෙලෙන අයද ?
    මහින්දට අකමැති , මහින්ද විවේචනය කරන අය - මහින්දෝ ෆෝබියාවෙන් පෙලෙන අයද ?
    ධනවාදයට අකමැති , ධනවාදය විවේචනය කරමින් ආගමක් වගේ සමාජ වාදය අදහන අය - ධනවාදී ෆෝබියාවෙන් පෙලෙන අයද ?

    මිනිස්සුන්ට තමන් අකමැති දෙයක් විවේචනය කරන්න , කැමති දෙයකට පක්ෂ වෙන්න ෆෝබියා ලේබලයෙන් තොරව ඉඩක් නැද්ද ?

    දැන් ඔබ කිව හැකියි අකමැති දෙයක් විවේචනය කරන්න , කැමති දෙයකට පක්ෂ වෙන්න අයිතියක් හැමෝටම තියෙනවා. නමුත් සමලිංගික (මේ වචනයට මම කැමති නැහැ මොකද එය සම්පුර්ණ පින්තුරය නොවෙන නිසා - LGBTI හරි වචනය වෙන්න ඕනේ ) අයට හිරිහැර , බාධා කරන්න කාටවත් ඉඩ නැහැ කියල.

    නමුත් ලංකාවේ එහෙම වෙනවද ? ලංකාවේ මිනිසුන් , තායිලන්තය තරම් සහනදායි පිළිවෙතක් මේ අය සම්බන්ධයෙන් අනුගමනය නොකරත් , මම මේ වෙනකම් කිසිම සමලිංගික කෙනෙක් සමලිංගික වීම නිසාම හිස්ගැසුම් කාපු බවක් , මෘග ලෙස පහර දීමට ලක්වූ බවක් හෝ දන්නේ නැහැ. ඔබගේ මේ ලිපියේ අර්ථය කුමක්ද ?


    අනිත් එක ලංකාවේ සමලිංගිකයයි කියා ගන්න බොහෝ දෙනෙක් සමලිංගික නොවේ. ඔවුන් ස්ත්‍රියක් ලබාගැනීමේ අපහසුව නිසා කොල්ලන් පසුපස යන අය. උදාහරණයක් විදියට සිර ගෙවල් වල සිටින බොහොමයක් සිරකරුවන්. ෆොබියා ලේබලය වැදුනා හරි නැතා හරි .... මොවුන් කරන ලිංගික බලහත්කාරකම් (සක්විති නේද කිව්වේ ඔහු දිනපතා බලහත්කාරයෙන් දුෂණයට ලක්වෙන බව ) ,ප්‍රසිද්ධියේ අස්ශිල , ලිංගික ක්‍රියාකාරකම් , හැසිරීම් වලට විරුද්ධව නම් කතාකල යුතුමයි. හදිස්සියකට කොළඹ අවට පොදු වැසිකිලියකට කොල්ලෙක්ට යා ගන්න බැරි තත්වයක් නේද දැන් තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. මේ මහසෝන් පිල්ලිය මගේ බ්ලොගයේ දැන් පැය දෙකකට කලින් දාපු කමෙන්ටුවනේ?
      http://kathandara.blogspot.com/2014/03/one-step-forward-two-steps-backward.html?showComment=1395818501671#c8540560661359352256

      Delete
    2. ඔබ පෙන්වා දීපු කාරනාව ඉතාම වැදගත්. මීට වසර 50 ට පමණ පෙර මේ සමලිංගිකත්වය වගේ වචනවත් භාවිතයේ ඒ තරම් තිබිලා නෑ. මේ අදහස් සේරම මෑත කාලේ ඔය පස්චාත් නූතනවාදය වගේ ඒවා අල්ලගත්තු තරුණ පිරිසක් හදා ගත්තු දේවල්. මේව විකාර විතරයි. වලංගු භාවයක් නෑ. අනෙක සමලිංගිකත්වයට පාර කපන්නෙත් ලිංගිකත්වයේ කුහකකම් ඕනාවට වැඩිය දුරදිග ගිහිල්ලා සදාචාරයත් එක්ක කළවම් වෙන විකුර්ති සමාජ තත්වයකයි. සමලිංගිකත්වය අගයන පිරිස එක්තරා මෝඩ ආතල් එකක් ගන්නවා එහෙම කරලා. හරියටම අර වික්‍රමබාහුලා වාසුදේවලා තමන්ගේ ජාතියට ගරහනගමන් ගොන් ආතල් ගන්නවා වගේ.

      Delete
    3. සමලිංගිකත්වය වෙනුවෙන් ඔච්චරටම පෙනීහිටිනවනම් ඒකට එච්චර කැමතිනම් ඔය කතන්දර කාරයාටයි එයාගේ අනෙක් සහචරයන්ටයි පුලුවන් සමලිංගිකයෙකුට පස්ස පාවිච්චි කරන්න දීලා ආසාව සංසිඳවාගන්න උදවු කරන්න. එතකොට ඒ අයව තේරුම්ගන්නත් ලේසි වෙයි.

      Delete
  44. ඇත්තටම සිංදුවක් වේවා චිත්‍රයක් වේවා කුමන හෝ කලා නිර්මාණයක් හෝ වේවා ඒකට පදනම් වෙන කතාව එහෙමත් නැත්නම් නිර්මාණකරුගේ වස්තු බීජය ගැන සමාජයේ හොඳ කතිකාවතක් ඇතිවෙන්න ඕනේ. එතකොට තමා මුග්ධ ප්‍රකාශනවලට තියෙන ඉඩකඩ අවම වෙන්නේ වගේම නිර්මාණය හොඳින් ජනතාව අතරට යන්නේ.

    අපේ කැම්පස් එකෙත් නාට්‍ය නිර්මාණය කරන අයට මේ අදහස කීප වරක්ම කිව්වා, එයාලගේ නාට්‍යයකට පස්සේ ඒ ගැන සංවාදයක් විස්තර පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම් හොඳයි කියලා. ඒත් එක සිදුවුණේ නම් නැහැ. විශේෂයෙන්ම එවැන්නක අවශ්‍යතාව ආවේ අපේ බැච් එකේ අය කරපු ග්‍රීක නාට්‍යයක් නිසා

    ReplyDelete
    Replies
    1. හසිත

      ඔබේ අදහසට මමත් එකඟයි.

      Delete
  45. මම මේ සංවාදයට මුලදී එක් වුනත් පසුව සමරිසියන්ට එරෙහිව එහෙන් මෙහෙම් රණබෙර වැයෙන විට මම ඇදුම් කැඩුම් ටිකත් අකුලාගෙන ලියපුවාද ඩිලීට් කර පල්ලම් බැස්සෙමි. ඒ මටද ලේබල් වදිතැයි බියෙනි.යළි එන විට තත්වය වෙනස් වී ඇත.යළි කොමෙන්ට් කරන්නට සිතුවත් වැඩ බහුල නිසා බැරි විය .දැන් ඇවිත් බලන විට ආයෙත් අනෙක් පැත්තට බර වී ඇත. කොමෙන්ට් නොකළ එක ගැන මට සතුටුය.

    ඩිලීට් කරන්නට පෙර මගේ කොමෙන්ට් කියවූ අය මා සමරිසියෙක් හෝ ඊට අනුකම්පාකරන්නෙක් යැයි වරදවා නොසිතන්න. මට ඕන වුනේ සමලිංගිකයන් තමගෙ පාඩුවේ අනුන්ට කරදරයක් නොවන ලෙස තම වැඩය කරන නිසා ඔවුන්ට කිසිම නීතිමය බාධකයක් හෝ සමාජ බාධක නොතිබිය යුතු බව පමණි. එසේ නැතිව සමලිංගිකත්වය හොදයි කියා කිව්වේ නැත.

    ගසක මල් පිපිලා ගීතය සමරිසි එකක් කියා මා කී දේ ඉල්ලා අස්කරගනිමි.

    ReplyDelete
    Replies
    1. යකා....

      අපි මේ කතාව ගොනු කළේ ගීතයේ අරුත විමසිම වෙනුවෙන් නුම්ත් කතාබහ වැඩියෙන්ම ඇදීගියේ නියමිත මාතෘකාවෙන් බැහැරව. නමුත් මෙවනි සංවාද ඇතිවිමම මෙකල්හි වැදගත් වෙනවා නිර්මාණයක අරුත සොයන්න.
      හැබැයි අපිට හැකිනම් අපි ඉදිරිපත් කරන අදහස වඩාත් තර්කානුකූලව සාක්ෂි සහිතව මතය ඉදිරිපත් කරන්න අන්න එවැනි විටකදීඅපිට පුළුවන් නිර්මාණකරුවාගේ මතයට වඩා පලල් විදියට හිතන්න එවිට නිර්මානකරුවා වගේම අපිත් ඉදිරියෙන් ඉන්නවා

      Delete
  46. @ දයා.....ඔබ විසින් මතු කල කාරනා වලින් එහා ගිය මතවාදි සාකච්ඡාවකටත් වඩා සමලිංගිකත්වය හා බැඳුනු විවාදයකට මේ සොඳුරු සංවාදය ඇදීයාම පිලිබඳ නැවත සිතන විට පසක් වෙන්නේ.....කොහෙද යන්නේ මල් පොල් ගතියයි..

    දයා.... පද රචකයා...ගීතය..සහ..ගීතයේ අර්ත දැක්වීම සම්බන්ධව මාගේ මතය පෙර ලෙසමයි. මා විසින් මේ බ්ලොගයට ප්‍රථම, මියැසියේ ගී රාවය තුල ඒ ඉතාමත්ම තරුණ, සින්දුවා සහ වයලීනුවා යන බ්ලොග් කරුවන්ගේ ලිපියක් තුල මා මතුකල අදහස් වෙනුවෙන් මා පෙනී සිටින අතරම, සාකච්ඡාව නිවැරදි ලෙසමම මාතෘකාවට අදාල වෙන තුරු මම නිහඬ වෙමි.

    ReplyDelete
    Replies
    1. අරූ
      ඇත්තටම මම මහින්ද දිසානායකයන් සමග මේ උත්සාහ කළේ ඔබ සඳහන් කළ පරිදිම ගිතයේ සැබෑ අරුත හදුන්වා දිමටයි. ඒක එදා වගෙම අද පරපුරටත් වැදගත් නිසා. නමුත් සිදුවුනේ ගීතයෙන් බාහිරව වෙනත් දෙසකට මාතෘකිව ගමන් කිරිමයි.

      මම ඔබේ අදහසට මුලින් සේම මේ අවස්ථාවේදීත් එකඟයි

      Delete
  47. මමත් දැක්කා "සඳකඩ පහනක" ගීතයට කිසි සේත්ම පිළිගන්න අමාරු පැහැදිළි කිරීමක් ලියලා මුහුණු පොතේ ශෙයා වෙනවා ටික දවසකට කලින්. ගීතයේ අදහස සම්පූර්ණයෙන්ම විකෘති වෙලා. ඒ නිසා ඒ ගීතයේ තේරුමත් අස්වැන්නෙන්ම කියලා දුන්නොත් ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. සයුරි...

      මම මේ ගිත දෙකතුන ගැනම නිවැරදි විග්‍රහයක් කර ලියන්න ඉදිරියේදි සූදානාම් වෙනවා. නිර්මාණයක අදහසට වඩා හාත්පස අදහසක් ඉස්මතු වුවහොත් නුතන සම්ප්‍රදාය හැටියට එය ඉක්මනින් මනසේ තැන්පතක් වෙනවා. ලිහාගත යුත්තේ එයයි

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. සඳකඩපහණක ගීතය ගැන විවරනයක් මේ සබඳියේ සටහන් වෙනව..
      සඳකඩ පහණක කැටයම් ඔප ලා අරුත් සරු ගීයකි

      Delete
  48. හොඳයි අපි හිතමු මිනිසෙකු සොබාදහම හා සත්ව ලෝකය කෙරෙහි දක්වන ඇල්ම ගැන යම් ගීතයක් නිර්මාණය උනා කියල. එතනදී මිනිසා සතුන් කෙරෙහි දක්වන ඇල්ම කරුනාව හැඟවීමේදී ආදරය සෙනෙහස වගේ වචන යෙදීමක් වෙලා තිබුණොත් මේ පණ්ඩිත විචාරකයන්ගේ ලිංගික උමතුවට අනුව එතන්දී මිනිසෙකු හා සතුන් අතර ලිංගික හැසිරීමක් තමයි අනිවාර්යයෙන් අඟවලා තියෙන්නේ. මෙන්න මේකයි ඔය සමලිංගිකත්වය හැම තැනටම පදනම් විරහිතව ගාවන්න යන බොරු ගීත විචාරකයන්ගේ මානසිකත්වය.

    ReplyDelete
    Replies
    1. සැබෑ ලිංගික නිදහස

      මිනිසුන් ඇතුළු ඕනැම ජීවියෙකුගේ ලිංගික නිදහසට ඉඩ තිබිය යුතුයි. එතුනදි සම ලිංගිකද ද්වී ලිංගකද යන්න ගැටලුවක් නෑ ඒක ගැන සමාජමය පිළිගැනිම මොකක් වුනත් එවැනි අයගේ අයඅතිවාසිකම් ආරක්ෂා කිරිමට අපි බැඳී ඉන්නවා.

      නමුත් නිර්මාණයකදී කතාබහ කළ යුතු පැත්ත ඊට වඩා හාත්පස වෙනස් අපි එයය් මේ නිර්මාණය හරහා හඳුනාගත යුත්තේ

      Delete
    2. දයානන්ද රත්නායක
      "එතුනදි සම ලිංගිකද ද්වී ලිංගකද යන්න ගැටලුවක් නෑ ඒක ගැන සමාජමය පිළිගැනිම මොකක් වුනත් එවැනි අයගේ අයඅතිවාසිකම් ආරක්ෂා කිරිමට අපි බැඳී ඉන්නවා."

      එකකට එකක් පරස්පර විරෝධී දේවල් වෙනුවෙන් එක වෙලාවේ පෙනීහිටින්න පුලුවන්කමක් නෑ. සමලිංගිකත්වයයි විරුද්ධ ලිංගිකත්වයයි පරස්පර අන්ත දෙකක්. සමලිංගිකයන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී හිටින්න බෑ. ඔවුන්ගේ මානසික තත්වය ගැන අනුකම්පා කරන්න පුලුවන්. ඔවුන්ට නිසි මනෝ ප්‍රතිකර්ම ත්ලින් ඒ තත්වයෙන් අත්මිදෙන්න උදවු කළහැකිනම් ඔවුන්ගේ අයිතිය ගැන කතාකරකර තවත් ඔවුන් කාලකණ්නින් කරනවට වඩා ඒක් යහපත්. අනෙක් ඔවුන් මේ ලෝකෙට බිහි වෙලා තියෙන්නෙත් සමලිංගිකත්වයෙන් නොවන බව ඒ අයත් නොදන්නවා නෙවෙයි.

      Delete
  49. මේ ගීතයේ මුල ටික මතකයේ තිබුණත් ඉතිරි කොටස් මේ ලිපියෙන් තමා දැන ගත්තේ. සිංදුවක තනුව, පදමාලාව සහ ගායකයාගේ හෝ ගායිකාවගේ මියුරු හඬකින් ගැයෙනවා නම් ( ගීතයට අසභ්‍ය වචන නොයොදා) ඒ ගීතය රස නොවිඳ විවේචනය කරන්නෙ , ගීතයක රස වින්ඳනය කරන්න බැරි අය කියලයි මට නම් හිතෙන්නෙ.

    ReplyDelete
  50. තවම කාටවත් බැරි වුනා මේ ගීතයෙන් සමරිසි අර්ථය මතු වන හැටි පෙන්නලා දෙන්න. අාසයි අපට නොපොනෙන නොදැනෙන දෙයක් ඉගෙනගන්න.

    ගීතයක් පිරිමි දෙන්නෙකු විසින් හෝ ගැහැණු දෙන්නෙකු විසින් ගායනා කළ පමණින් ඒ ගීතය සමරිසි කියල කියන්න බැහැ. එහෙම ගායනා කළ සිංහල ගීත තව කොච්චර තියනවද? ජෝතිපාල - මිල්ටන් යුවලගෙ ජනප්‍රිය සිංදුවකුත් තියනවනෙ.

    තමන් කැමති අර්ථයකින් රස විඳීමේ අයිතියට උපරිම ගෞරවය දෙන්න මම කැමතියි, ඒත් මට තේරෙන්නෙ නැත්තෙ මේ ගීතයෙන් ඔය කියනව වගේ සමරිසි අත්දැකීමක අර්ථයක් එන්නෙ කොහොමද කියන එකයි.

    ReplyDelete
  51. මේ ගීත 3 ගැනම මමත් තැනින් තැන කියෙවුව. ගහක මල් පිපිලා කියන ගීතය සමලිංගිකයි කියල මමත් රැවටුණා.
    ඇත්තටම ගීතයක පද වැල් ඉපදුනේ කොහොමද කියල දන්නෙ පද රචකයාම පමණයි.. අපි සංගීතය මුසු කරද්දිත් කියනව මෙන්න මෙහෙම අදහසක් එන්න මම ලිවුවෙ කියල. ඒ නිසා රුවක් ඇදෙනවා ගීතයට හේතු වෙච්ච වස්තු බීජය ගැන මෙසේ නිවැරදිව අප දැනුවත් කලාට බොහොම ස්තුතියි අයියෙ...

    ReplyDelete
  52. එහි සැබෑ අරුත දන්නේ එහි නිර්මාණ කරුවාම පමණයි ! ශ්‍රාවකයා රිසි පරිදි එය රසවිදීවි!!! ඇතැම්හු අය එයට සම ලිංගිකත්වය පිළිබද අරුතක් දෙයි ! වරදක් නැත !! දිනක් එක් චිත්‍ර ශිල්පියෙකු විසින් විත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන ලදි! එහිදී හොදම චිත්‍රය ලෙස නරඹන්නන් තෝරාගනු ලැබූයේ නම් නොකල චිත්‍රයකි ! නරඹන්නෝ එම සිතුවම “නයි-මුගටි සටන“ යැයි විශ්වාස කළහ ! නමුත් චිත්‍ර ශිල්පියාගෙන් එය විමසූ විට ඔහු කියා සිටියේ එය නයි මුගටි සටන නොව ඉසුරුමුණි පෙම් යුවල බවයි !!! (හිනා) සිමිලර් ස්ටෝරි හියර් !!!

    ReplyDelete
  53. මේ ඔබේ බ්ලොගයේ දමන පළමු කොමෙන්ටුවයි. ගී රස විඳීමට මාද බොහෝ කැමැත්තක් දක්වමි.

    මා දකිනා අන්දමට ගීයේ අරුත් කුමක්දැයි කීමට ගී රචකයාට ශුද්ධවූ අයිතියක් නොමැත්තේය. රචකයා යනු වචනාර්ථ සපයන්නා පමණක් වන නිසාය. ගායකයා අලංකරණ සහ භාවයන් තුලිනුත්, සංගීතඥයා සංගීත සංයෝජනයෙනුත් වෙනස්ම අර්ථයන් සපයනවා වෙන්නට පුළුවන. ඒ සියල්ලම කැටි කර ගෙන ගීතයට පදරුත් සැපයීම සහෘදයා සතු කාර්යයක් බව මගේ හැඟීමයි. චිත්තරූප මැවීමේ පටන් බහු අරුත් දක්වා දිවෙන මේ රසාස්වාදී ක්‍රියා පටිපාටිය තුළ පමණකි, ගීතයක් ගීතයක් වන්නේ.

    එබැවින් ගීත රචකයා කුමක් කීවත්, ගීයක් අරුත් ගැන්වීමට එහි ශ්‍රාවකයාට අයිතියක් ඇත. අචකයා තම අදහස් ඉදිරිපත් නොකරන තරමට ගීතයට වෙනත රුත් සැපයී එතුළ කතිකාවතක්ද ගොඩ නැගෙනු ඇත. ගීතයට පාදක වූ පසුබිම ඉදිරිපත් කිරීම නම් වරදක් නැත.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...