ජයලත් මනෝරතන්න නම් වූ
කලාකරුවා ඔබට කෙසේ හඳුන්වා දෙන්නදැයි මට නොවැටහේ. ඔහුගේ කලාත්මක භූමිකාවේ
වපසරිය එතරම්ම පුළුල් පරාසයක විහිදී ඇති නිසා මනෝරත්නයන්ගේ රැඟුම් ගැයුම් ගැන අමුතුවෙන්
හඳුන්වා දිය යුතු නැත. ලංකාවේ සිවු දිසාවේම රසිකයෝ ජයලත් මනෝරත්නයන්ගේ නම කියූ
පමණින් ඔහුගේ රංගනයේ භූමිකාව හොදින් හඳුනයි.
ඒ රසිකයෝ ඔහු විසින් සිංහල කලාවට දායාද කළ රස උල්පත්වල මිහිර විඳ ඇත්තෝ වෙති. එපමණක් නොව සත් සමුදුරෙන් එපිට රට රාජ්‍යවල පවා මනෝරත්යන්ගේ කලාවේ ප්‍රතිභාව කිත් යසස් පතුරවා ලීමට සමත් වී
තිබේ.
අස්වැන්න මේ සටහන් තබන්නේ ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍ය
ජීවිතයට දවස් පාලොස්දාහක් පිරීම නිමිති කරගෙන මේ දිනවල සැන්දෑසමය ඔහුගේ රැගුම් ගැයුම්වලින්
පිරී තිරී යන නාට්‍ය රැගත් ආනනදනීය සතියක් කොළඹ අවට නාට්‍ය ලෝලීන්ට විඳ ගැනිමට
අවස්ථාව සළසා ඇති නිසාය. ලයනල් වෙන්ඩ්ට්
රගහල මනෝරත්නයන්ගේ වේදිකා නාට්‍ය
පෙරහැරකින් ඒකාලෝක වී ඇති නිසා මනෝරත්නයන් වෙනුවෙන් අස්වැන්න පුංචි සටහනක්
ලියාතබන්නට කල්පනා කළා.
මනෝරත්න සිංහල නාට්‍ය වේදිකාවේ නූතන රජු විදියට
සැළකුවොත් ඒක නිවැරදියි කියලයි මට හිතෙන්නෙ. මනෝරත්නයන්ගෙ කලාත්මක භූමිකාව ගැන
සළකනවිට ඔහු අපේ විශිෂ්ඨයන් අතර අතිවිශිෂ්ඨයා
කියල හැඳින්වීමත් එක්තරා විදියක අතිශයෝක්තියක් නොවෙයි.
මනෝගෙ රැඟුම් ගැයුම් නිතර දකින්නෙ නාට්‍ය වේදිකාවෙ. ඒ
ඔහුගෙ ප්‍රධානතම කලාංගය නිසා. ඒ නිසාම ඔහු වේදිකා නාට්‍ය කරුවකු විදියටයි ලංකාවෙ
රසිකයන් අතර බෙහෙවින්ම ජනප්‍රිය. ඊටත් වඩා පුංචි තිරය එහෙමත් නැත්නම් රූපවාහිනියෙ
ටෙලිනාට්‍ය වල රංගන ශිල්පියෙකු ලෙසින් පමණක් නෙවෙයි කාටත් දැනෙන ටෙලි වෘත්තාන්තයක තිර රචකයෙක්
එහෙමත් නැත්නම් අධ්‍යක්ෂකවරයෙක් විදියටත් අපට පුංචි තිරයේදි හමුවෙනව.
සිනමාවෙදි මනෝරත්තන අපට හමුවෙන්නෙ චිත්‍රපට නළුවකු හැටියට. ඒ සියල්ල ඔහුගේ නාටකීය භූමිකාව
වුවත් එයින් ඔබ්බට විහිදී ගිය ඔහුගෙ
කලාත්මක භූමිකාව සමහර විට අපේ රසිකයන්ගෙ මතකයෙන් බැහැරව ගිහින් තියෙන්න පුළුවන්. මනෝ
අතින් ඉඳහිට ලියැවෙන කෙටිකතාවක්, කවියක්, ගීතයක් ඇහෙන කොට මේ ඉන්නෙ ඒ මනෝරත්නම ද
කියල දෙවරක් හිතන්න තරම් රසිකයෝ පෙළඹෙන්නෙ සමහර වෙලාවලට එවන් භූමිකාවක් ගැන එතරම්
රසිකටන්ට නොදැනෙන නිසා.
මනෝ අතින් ලියැවෙන එවන් කෙටිකතාවක, ගීයක කවියක පවා රැදිල
තියෙන සුන්දරම වදන් පේලි වල ගැඹුර ඔහුගේ සිතුවිලි ඔස්සෙ රංගන භූමිකාව එක්කම සමාන්තරව
තියන්නත් පුළුවන්. ඊටත් වඩා සරසවි වල
ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට සති අන්ත දිනවල දේශන පවත්වන ආරාධිත බාහිර කථිකාචාර්ය
වරයෙක් විදියට ඔහු නිරූපණය කරන්නෙ වෙනස්ම භූමිකාවක්. මේ විදියට එකිනෙකට වෙනස්
හැඩතලවල එකිනෙකට වෙනස් භූමිකාවන් නිරූපණය කරන කලාකරුවෙක් හැටියට අපට ඉන්න එකම
එක්කෙනා අතිවිශිෂ්ඨ රංගධරයා ඔහුය . ඒ තමයි ජයලත් මනෝරත්න. ඔහුට වඩා තවත් දක්ෂයෙක් එහෙමත්
නැත්නම් ඔහු අභිබවා යාහැකි තවත් රංගන ශිල්පියෙකු මෙරට සිටිනවා කියන එක පිළිගන්න
අපහසු කාර්යක්. නළුකමින් එහෙමත් නැත්නම් රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන් , පිටපත් රචනයෙන්
මිදුන වෙලාවක මනෝ අතින් ලියැවුණ ඉතාමත් ජනප්‍රිය ගීයක්තමයි මේ තියෙන්නෙ .
ඔබ ඈත සඳ වී
පායා
මම මෑත
තරුවක පිපිලා
මේ නිසල
රැයේ ලොව නිදනා
මා ඔබ, ඔබ මා ළඟ ඉන්නා
අප දුරින්
දුරක වුව තනියේ
නෙත් සරින්
පමණි හමු වූයේ
ඒ ඈත්
බවිනි හද බඳුනේ
සෙනෙහසේ
සොඳුරු බව පිරුණේ
මධු සඳ තරු
අද හමුවිලා
සිටියද ඔබ
මා ළං වීලා
ඒ දුරක එදා
අප පිපිලා
තිබු, සොඳුරු සෙනේ ගඟ සිඳිලා
ගී පද
මාලාව : ජයලත්
මනෝරත්න
සංගීතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද
1960 දශකයේ මැද භාගයේ හෙන්රි ජයසේනයන්ගේ “මකරා” නාට්‍යයෙන් ඇරඹී එතැන් සිට මහාචාර්ය එදිරිවීර
සරච්චන්ද්‍රයන්ගේ මනමෙ , සිංහබාහු වැනි නාට්‍ය වල කුඩා චරිතයකින් ඇරඹෙන සිංහල වේදිකාවෙ
ගමන්මග තුළ අමරණීය සටහන් තියන්න සමත් වෙන්නෙ සරච්චන්ද්‍රයන්ගේ “පෙමතො ජායති සෝකො”
නාට්‍යයෙන්. ඉන් පස්සෙ 70 - 80 දශකවල ලංකාවෙ බිහිවූ සියළුම අතිවිශිෂ්ඨ නාට්‍යකරුවන්ගේ
නාට්‍ය සියල්ලක්ම පාහේ ඔහුගේ රංගනයෙන් හැඩ වෙනව. එහෙම අධ්‍යක්ෂකවරයෙකුට මනෝරත්න මගහැරුණා නම් ඒ
කලාතුරකින්.
දශක පහකට ආසන්න කාලයක් තිස්සෙ විවිධ කලාත්මක භූමිකාවන්
නිරූපණය කරන මනෝරත්නයන් සිංහල නාට්‍ය
වේදිකාවෙ මැවූ මනමෙ නාටකයේ රාජගුරු චරිතය වගේම වෙස්සන්තර නාටකයේ වෙස්සන්තර රජුගෙ
භූමිකාවත් නිරූපණය කරනව.ඒ භාවාත්මක රංගන ශෛලියකින්. එහෙමත් නැත්නම් ඊට හාත්පස වෙනස් විනෝදයක් සපයන
දයානන්ද ගුණවර්ධනගෙ ජසයා සහ ලෙංචිනා නාට්‍යයේ ජසයගෙ චරිතය නිරූපනය කරන්නෙ ජන සම්ප්‍රදාය
ඇසුරු කර ගනිමින්.
“ගම්වල සැම
තැන ඇවිද ගොසින්නේ
වෙල්ලාවට
රෙදි පුරවා ගන්නේ”
මේ විදියට ඔහුගෙ
රසමුසු ගී රාවය ප්‍රේක්ෂකාගාරයට පතිතවූ සැනින් ඔහුගේ භාවාත්මක රංගන ශෛලිය විනෝදයක්
සපයන මාධ්‍යක් බවට පත්වෙන්නට ගත වෙන්නෙ නිමේෂයක්.
ඒ විදියට එකකට එකක් වෙනස් සංකීර්ණ රංගන පරාසයන් තුළ සිය
දක්ෂතාවයන් සියුම් හැඩතලවලින් මුවහත් කරන මනෝරත්නයන්ගේ රංගනයෙන් හැඩ වූ දිවැස
හෙළනු මැන, පුත්‍ර සමාගම, ද්විත්ව, තාරාවෝ ඉගිලෙති, රතුහැටිටකාරී, මායාදේවී,
නාගගුරුලා, තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, සොක්‍රටීස්, මධුර ජවනිකා, ගජමන් පුවත,
සිරිසඟබෝ, අංගාරා ගඟ ගලාබසී මහගිරි දඹ, වැනි
නාට්‍ය ඉතිහාසයේ ඔහු මැවූ අපූර්ව රංගන ප්‍රතිභාව ඔහු අතිවිශිෂ්ඨ රංගධරයෙකු බවට
පත්කරනව.
මේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ වෙස්සන්තර නාට්‍ය
සඳහා ආචාර්ය අමරදේවයන්ගේ සංගීතයට මනෝරත්න
සමග මැණිකේ අත්තනායක ගැයූ ගීයක්
මනෝරත්නයන් 70 දශකය ආරම්භයේ සුනිල් ආරියරත්න, බුද්ධදාස
ගලප්පත්ති සමග “දොළොස් මහේ පහන” නමින් කවිපොතක් ලියා පළකරනව. ඒත් ඉන් පස්සෙ නම්
ඔහුගෙ කවිත්වය කාව්‍ය සංග්‍රහ ඔස්සෙ අපිට හමුවෙන්නෙ නැහැ. ඉන් පස්සෙ මනෝරත්නයන්ගෙ ප්‍රධාන මාධ්‍ය වේදිකා නාට්‍ය හෝ
ටෙලි නාට්‍ය ක්ෂේත්‍ර වුවත් ඒ ක්ෂේත්‍රයන්ගෙම
ඉන්න අතරෙ මනෝරත්නයන් අතින ලියැවෙන මෙවන් සුන්දර පද පෙළක් සවනට වැටෙනකොට අපට
වේදිකාවෙ හමුවෙන මනෝරත්න ගෙ සියලු චරිත අමතකව මේ ගී පද අතර සැඟවුණ සාහිත්‍යකරුවා එහෙමත් නැත්නම් කවියා හමුවෙනව. ඒ
හරහ ඔහුගෙ කවි සිත අපේ හිත්වලට එබිල බලනව. එහෙම ඉඳහිටල එබිකම් කරන කවියාගේ සැබෑ
ස්වරුපය අපට පේන්න ගන්නව. මෙන්න මේ විදියට
නිසල කඳු මුදුන් පිබිදී මීදුම් මල් පිපෙනා
සිහිල් දිය ඉරක් විය
ඔබ උදෑසනක ගලනා
බක් මී මල්
රේණු ඇදී මාරුතයේ නටනා
ජීවිතයේ
හැන්දෑවක සමීපයේ හිඳිනා
සෙනෙහස ඔබ
පමණී
කලාමැදිරි
මල් පිබිදී රැයෙක අදුර හඬනා
ජීවිතයේ
විරාමයක ඔබ සැතපුණ සැණිනා
මතකය ඔබ
පමණි
ගී පද
මාලාව : ජයලත්
මනෝරත්න
සංගීතය: තිස්සසිරි පෙරේරා
ගැයුම: ලක්ෂ්මන් විජේසේකර
මනෝරත්යන්ගෙ නාට්‍යවල මෙන්ම ඔහුගෙ ගී වලත් තියෙන්නේ රසිකයන්
නැවුම් ආනන්දයකින් හිත පුරවන හැඟීම්. ගලන
ගඟ දිහා දෙවරක් බලන්නෙකුට එකම ගඟ දෙවරක් දැකිය නොහැකිය කියන අදහස මනෝ නිරූපනය කරන
නාට්‍යවලත් දකින්න ලැබෙනව. එකම නාට්‍ය වුණත් එකම වේදිකාවෙ රඟ දැක්වෙන වාරයක්
වාරයක් පාසා ඒ නාට්‍ය බලන රසිකයන් වගේම ඒ නාට්‍යත් අලුත් අත්දැකීමක් නැවුම්
අත්දැකිමක් බවට පත් කරනව. ඔහුගෙ නාට්‍ය සහ රංගනය හැම විටම සජීවිව තියෙන්නෙ , ඒබව
රසිකයන්ට දැනේනෙ ඒ නිසා.
එහෙම වුණත් සිංහල සිනමාවෙත් ඉදල හිටල අපට හමුවන
මනෝරත්නයන්ගෙ සිනමා භූමිකාව ගැඹුරු ලෙස වටහාගන්න චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ට තවමත්
හැකියාව ලැබිල නැහැ කියලයි මට හිතෙන්නෙ. නාට්‍ය වේදිකාව තරමක් දුරට ඈත්කරල ඔහු
සිනමාවේ රංගන ශිල්පියෙකු බවට පත් කළහොත් සිනමා රංග ධරයෙකුගේ භූමිකාව කොතරම් දුරට
විකසිත වී ඇද්දයන්න අපට දැකගන්න පුළුවන්. එහෙම වුනත් ඉඳ හිට සිංහල චිත්‍රපටයක ඔහු
මවන චරිතය පවා සිනමාවෙ ඔහුට අවශ්‍ය වපසරිය සකස්කර ගත් බව පෙන්වනව.
ලංකාවෙ නාට්‍ය කලාව අද වනවිට කොළඹ නගරයට පමණක් සීමාවෙලා.
කලාතුරකින් කොළඹින් පිටත නාට්‍යයක් රගදැක්වෙනවා නම් ඒ සමහර විට තදාසන්න නගරයක විය හැකියි.
ඉස්සර ගම්දනව්වල පාසැල් ගානෙ ගිහින් නාට්‍ය
පෙන්වපු කාලයක් තිබුණා. 3.30 දර්ශනය
වෙන්වෙලා තිබුණෙ පාසල් දරුවන්ට. 6.30 වෙන්වෙලා තිබුණෙ වැඩිහිටි දර්ශන වාරයට. එහෙම
ස්වර්ණමය යුගයක තිබුණ වේදිකා නාට්‍ය කලාව තවදුරටත් අත නොහැර ඒ මත්තෙම තමන්ගෙ භූමිකාව
තවදුරටත් සජීවිව ප්‍රේක්ෂකයන එක්ක දොඩමලුවෙන්න මනෝරත්නයන් උත්සාහ ගන්නව. ඒ අනෙකක්
නිසා නෙවෙයි. ඔහු තවමත් ඒ වේදිකාවට පෙම් බදින නිසා. ඒ නිසාම මාර්තු 17 – 23 සතිය
ඔහුගෙ රංගන ජීවිතයෙ දවස් පාලොස්දාහක අබිසෙස් ලබනව.
මේ තියෙන්නෙ තලමල පිපිලා නාට්‍යයේ රත්නා ලාලනී සමග ඔහු රෝහණ
වීරසිංහයන්ගෙ සංගීතයට ගැයූ වේදිකා නාට්‍ය ගීයක් .
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් මනෝරත්නයන් සිංහල
නාට්‍ය කලාව ගැන ලීයූ නිබන්ධනයට පිරි නැමූ
(PhD) ආචාර්ය උපාධියත් , මනෝරත්නයන්ගේ දශක පහක රංගනනයේ
කීර්තිමත් භූමිකාව වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ සාහිත්‍ය සූරී (D.Litt) උපාධියත් තවදුරටත් ඔහු මේ ක්ෂේත්‍රයේ රඳවා තබන්නට රසික උත්තේජනයක් බවට
පත්වෙනව. ඒ කුමන ආචාර්ය උපාධිය ලැබුණත් මනෝරත්නයන් ප්‍රේක්ෂකාගාරයේ දී දවස්
පාලොස්දාහක් තිස්සෙ ලබන උණුසුමට සමකරන්න හැකි ප්‍රේක්ෂක උපාධියක් තවම ඔහුට හමුවෙලා
නැතුව ඇති.
පසු සටහන:
මනෝරත්නයන් ගෙ දවස් පාලොස් දාහ ගැන මේ සටහන තබන මොහොත වන
විට සිංහල නාට්‍ය වේදිකාවේ සිනාවේ රැජින “මර්සි එදිරිසිංහ” නම් වූ විශිෂ්ඨ රංගන
ශිල්පිණිය සියලු රංගනයන් හමාර කොට සදාතනික සුව නින්දට පිවිසිලා.
මීට මාස තුනකට තුන හමාරකට පමණ පෙර ඇය වෙනුවෙන් උපහාර
උළෙලක් සංවිධානය කර තිබුණේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදිශිෂ්‍ය ක්‍රීඩා
කණ්ඩායමක්. ඒ උපාහාර උලෙල. තිබුණෙත් ගම්පහ නගරයේ තිබෙන ප්‍රසිද්ධ අවන්හලක. ඇය
වෙනුවෙන් ඒදා රැයේ පැවති උපහාර උළෙල වෙනුවෙන් රෝහන ධර්මකීර්තගේ පෙරදිග වාද්‍ය
වෘන්දය හමුවේ ගීත ගැයීමට ජයලත් මනෝරත්නයන්
, නිස්සංක දිද්දෙණිය, එඩ්වඩ් ජයකොඩි ඇතුළු නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ පිරිසක්
ඒ උපහාර උළෙලේ මර්සි එදිරිසිංහ වෙනුවෙන් මැදියම
ඉක්මවා යන තුරු ගී ගැයුව. ඇයත් ඇයගේ භූමිකාවේ අමරණීයම ගීත ගණනාවක් ඒ රාත්‍රිය පුරා
ගැයූ හැටි දැනුදු මතකයට නැගේ. ඇයගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ ගීත ගණනාවකින් රසික
සමූහය ගීයෙන් මුසපත් කළ ඇය නික්ම ගොසිනි.
කිසිවකුටත් සදාකාලිකව ජීවත් වෙන්න වරම් නැතත් . සිය ජීවිත
කාලය පුරා උපයාගත් දේවලින් ඉතිරිකර තබා ගිය කිසිදා අමතක නොවන මතකය පමණක් බැහැරව
නොයනු ඇත.
“සුබ රාත්‍රියක් මර්සි ඔබට!”
මුලින්ම මර්සී ගැන කියලා ඉන්න ඕන. ඇත්තටම අද කළාකරුවන් වාසනාවන්තයි. මම හිතන්නේ මර්සි රෝගාතුර උනත්, ලැබිය යුතු උපකාර, උපහාර නිසි විදියට ලැබුනා. ඉස්සර නම්, මේ වගේ දෙයක් උනා නම් බොහෝම දුක විඳලා තමයි මිය යන්නේ. ඒත් මම මෑතකදි දැක්කා, කෝපිකඩේ එන්සිනා, රෝගාතුර වෙලා බොහෝම දුක් විඳිනවා කියලා. මම හිතන්නේ දයා මේ ගැන, කළාකරුවන්ගේ අවදානය යොමු කරාවි කියලා. මර්සි වගේම ඇයත් අප සනහාලු උතුම් කලාකරුවන්. ඔවුන් දුක් විඳිය යුතු නෑ. මර්සීගේ රඟපෑම් වේදිකාවෙදි ඉහලම තලයක් තිබුනා. මම නම් හිතන්නේ මර්සිගේ සාර්ථකම චරිතය, රේඩියෝවේ මිසිස් ඩූ ලිට්ල් කියලා.
ReplyDeleteමර්සි පුළුවන්නම් නැවත එන්න...
මනෝ. මනෝ ගැන අපි මොකක් කතා කරන්නද දයා. මනෝ කියන්නේ ඇවිදින කළාගාරයක්. මෙහෙම ටැලන්ට් එකක් තියෙන කළාකාරයෝ අපේ රටේ ඉන්නෙත්, උන්නෙත් බොහෝම අතලොස්සයි. මට මතක් වෙනවා තිස්ස්ස අබේසේකරයන්. ඔහු සිනමාව ජයගත් විශිශ්ඨයෙක්. ජයලත් වේදීකාවේ අන්ඩ්දරේ උනාට. ඇත්තටම වේදිකාවේ සක්විති රජ්ජුරුවෝ. ඒත් මම හිතන්නේ, ඔහු සිනමාවට ගැලපෙන්නේ නෑ. ජයලත් වගේම ශ්‍රියන්ත මෙන්ඩිසුත් සිනමාවෙදි අසාර්ථකයි. සමහර විට අපට වඩා හොඳට ඒක ඒ දෙන්නා තෙරුම් අරගෙන ඇති. ඒක මනෝට හොඳ දෙයක්.
මාතලං
Deleteමනෝගැන මගෙත් අදහස ඒකමයි. නමුත් හොද අධ්‍යක්ෂවරයෙක් ඔහුට හමුවුනොත් යම් වෙනසක් කරන්නහැකිවෙයි.. කොහොමටත් මනෝ මේ අදහස හොඳින් වටහාගෙන ඇති.
ජයලත් මනෝරත්නයන් ගේ භූමිකාව කුමක් වූවත් සිංහල කලා රඟමඬලෙහි එහි මට සැමවිටම දැනෙන්නේ සොඳුරු සංහිඳියාවක්, නිර්ව්‍යාජ අපේ කමක්. රංගනයක්, වේදිකා නාට්‍යයක්, කවියක්, ගීයක් පමණක් නොව ඔහු මාධ්‍යයකදී කරන අදහස් දැක්වීමකදී පවා ඇත්තේ මේ ගුණයි. ඉතා සරළ සුගම ශෛලියකින් ඉදිරිපත් වන මහත් ගැඹුරක් ඒ සෑමතැනකම මා දකිනවා. එය ඉතා අපූරුයි. කරළියෙහි තවත් දින පහළොස්දහසක් රඟන්නට එතුමාට සවි ලැබේවා!
ReplyDeleteසමන්මලී...
Deleteමනෝ වැනි අය කලා ක්ෂේත්‍රයේ පරිණත බව ලබන්නේ ඔව්න්ගේ අධ්‍යාපනය සමග කලාවේ භාවිතයත් එක්කමයි. ඒනිසා ඒ නිසා ඒ දක්ෂතාවන් කෙටිකාලීන ඒවා නොවෙිවි.
මනෝරත්නගේ නාට්‍ය වගේම ටෙලි ඩ්‍රාමා දැකලා තියෙනවා. මට හිතෙන්නේ ඔහු කරන්නේ රඟපෑමක් නෙමේ කියලයි. එච්චරටම ස්වාභාවිකයි ඔහුගේ රංගනය. සිංහල නලුවන් අතර ඉහල මට්ටමක ඉන්න කෙනෙක්. ඒ පිලිගැනීම ඔහුට ලැබෙනවාද කියන එක නම් දන්නේ නෑ.
ReplyDeleteඔහුගේ දවස් පහොලොස්දාහට සුබ පතනවා මුලු හදවතින්ම.
මර්සි ගැන නම් කියන්ට තියෙන්නේ මෙයා ඇත්තටම දැකලා තියෙනවා. බොහොම නිහතමානී චරිතයක්. ඒ වගේම තමන්ටම වෙන්වූ ආකාරයක රාමුවක් හදාගත්තු දක්ෂ කෙනෙක්. හමුවූ වෙලාවේ ගොඩක් කතා නොකිරීම ගැන දැන්නම් කණගාටුවෙනවා...
ඇය නිවී, සැනසේවා!!!
පොඩ්ඩි...
Deleteමර්සි වෙනුවෙන් පැවති උපහාර උලෙලේදී ඇයගේ සොඳුරු බව දුටුවේ මීට මාස කීපයකට පෙර ඒත් ඇය හදිස්සියේම නික්ම යයි කියා මට එදා මොහොතකටවත් සිතුනේ නැහැ
මනෝගේ .තිර රචනා තමා අති ප්‍රභල.. ළගදි මං මනෝ ගැන රසකතා කීපයක් ඇහුවා කෙනෙක්ගෙන්..
ReplyDeleteදේශ්..
Deleteඇත්තටම පුද්ගලික ජීවිතේදි හරිම සරල විනෝදකාමී පුද්ගලයෙක්
මනෝරත්නයන් රගපෑමෙන් දායක වෙච්ච වේදිකා නාට්‍යයක් මම ඉස්ස ඉස්සෙල්ලහම බැලුවේ පේරාදෙණිය වලේදි. ඒ බූරුවා මහත්තයා නාට්ටිය !
ReplyDeleteමධුරංග
Deleteඉඩක් ලැබුනොත් අනික් ටික ටිකෙන් ටික හරි බලන්න. ඉගෙන ගන්න ඇති දේ බොහෝයි
බොහොම කැමති කලාකරුවෙක් දයා අයියේ මේ වගේ නළුවෝ දැන් බිහි නොවන්නේ වේදිකා නාට්‍ය කලාවක් දැන් ඇත්තෙම නැති නිසා වෙන්න පුළුවන්
ReplyDeleteකෝරලේ මහත්තයා
Deleteදැන් ලංකාවේ වේදිකා නාට්‍ය කලාව පණ අදිමින් තියෙන්නේ. ආයෙ ඒගැන කවර කතාද
මං හිතන්නේ මනෝ සිනමාවට ආවේ හඳයා ෆිල්ම් එකෙන්. මනෝගේ ෆිල්ම්ස් වලින් මංගල තෑග්ග විතරයි මතකයේ රැඳිලා තියෙන්නේ. සින්මාවේ රඟපෑම වෙනුවෙන් සම්මාන එහෙම ලැබිලා තියෙනවාද දන්නේ නෑ.
ReplyDeleteකැන්ඩියන්
Deleteමට මතක ඇති අයුරින් නම් සිනමාවෙදි සම්මාන හම්බවෙලා නැහැ. ඒත් යම් තරමක මතකයේ රැෙඳෙන්නේ මංගල තෑග්ග ෆිල්එකේ චරිතය විතරයි.
මනෝ මම හිතන්නෙ, ඔහු උසස් පෙළ කරන කාලෙ ( පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙ වෙන්න ඕන ) ලියපු කෙටිකතා පොතක් මගෙ ළඟ තියනව නම වැහි එනතුරු...
ReplyDeleteඔහුගේ රංග කුසලතාවය ගැන නම් ආය කියන්ට දෙයක් නෑ. මනෝ සහ නිශ්ශංක දිද්දෙණිය එකතුවී කල මනෝ -දිගා නාට්‍ය උළෙල මට තාමත් මතකයි.
දෙකයි පණහේ පිං ආචාර්ය වරුන් වැහි වැහැලා ඉන්න අද වගෙ කාලෙක ඔහු තම දක්ෂතාවය නිසාම ලබාගත් ආචාර්ය උපාධි නාමය උනත් භාවිතා කරන එකක් නෑ. මම දන්න මනෝ එහෙම කරන්නෙ නෑ. ආචාර්ය මනෝරත්න කියනවට වඩා මම හිතන්නෙ ඔහු හැමදාම මනෝ විදිහට ඉඳියි.
දයාබර මනෝ..ඔබට සුබ පැතුම්!!!
******************************
මර්සිගෙ අවන්හලේ එක් වරක් අපි දිවා ආහාරය ගත්තා කොළඹ ඉඳල නුවර යන අතරෙ. අඹේපුස්සෙ මමා අවන් හල. ඇගෙන් මම ඇහුවා මොකක්ද ඒ නමේ තේරුම කියල ඇය කිව්ව ඇගේ සම්පූර්ණ නම මර්සි මාලිනී එදිරිසිංහ. මර්සි මාලිනී කියන නම් දෙකේ මුල් අකුරු දෙකෙන් මමා කියන නම හැදුනෙය කියල.
මම ඒ වෙලාවෙ ඇයට මතක් කලා හැත්තෑව දශකයෙ මැද භාගයෙ ඇගේ හඬින් පණගැන්වුණු අමරණීය ගුවන් විදුලි නාට්‍ය චරිත. " හන්දියේ ගෙදර - මිසිස් ඩූ ලිට්ල් " " වජිරා " " ඇස් දෙක "
මඩේ ලගින තාරාවන් නාවන්නද මං
ඌරු දලෙන් මොන ගජමුතු අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං, මෝඩ ගෑණි මං
මර්සි, ඔබට සුබ රාත්‍රියක්!!!
******************************
බොහොමත්ම ස්තූතියි දයා.... :) :)
රවී
Deleteමනෝගෙ ගම පොරමඩුල්ල මහා විද්‍යාලය තමයි. සරසවි සිසුවෙක්ව සිටිද්දී ඔහු හැම අතින්ම දක්ෂාතයන් පෙන්නුම්කළා.
මර්සි..
කියල වැඩක් නෑ ඇගේ ඒ අවන්හල ස්වාමිපුරුෂයා මිය ගියාට පස්සේ වහල දැම්ම බව මතකයි.
අයගේ සුන්දර ම නාට්‍ය පෙළ මතකටය එද්දි හිතෙන්නේ ඇය සිනාවේ රැජින විදියටයි
මර්සි එදිරිසිංහ කලා ශිල්පිනියට සුබ ගමන්...ඈ රෝගාතුරව සිටින බව දැන ගත් විට, කලාකරුවන් නොයෙක් අයුරින් එක් රැස්ව ඇගේ සුවය වෙනුවෙන් විවිධ වැඩ කළ බව දකින්නට ලැබුණා.. එයත් අගය කළ යුතුයි....
ReplyDeleteජයලත් මනෝරත්නයන් ගේ ප්‍රතිභාව, කලා කෞශල්‍යය ඉහළයි.. ඒ ගැන විවාදයක් නැහැ. ''ඔබ ඈත සඳ වී පායා...'' මේ ලස්සන ගීතය පදපෙළ ඔහුගේ බව දයා අයිය නිසයි දැන ගත්තෙ... සැඟවුණු ගීතමය රහස් හෙළිකරන්න දක්ෂයිනෙ ඔබ...
අපේ වැඩසටහනකට සම්බන්ධ කර ගන්න මා එක්වරක් ඔහු සමඟ දුරකතනයෙන් කතා කර තිබෙනවා.. එදා මා තේරුම් ගත්තා ඔහු කොතරම් නිහතමානී, සුහදශීලී මනුස්සයෙක්ද යන වගත්.... ඔහුගේ ඉදිරි ගමනට මගෙනුත් සුබ පැතුම්...
තරු රසී
Deleteමනෝ ලියූ තව ජනප්‍රිය ගී ගණනාවක් තියෙනවා.ඒ අතින් ඔහු සැබැම දක්සයෙක්
ඔහු විවිධ රසවින්දනාත්මක දේවල් වල දේශක යෙක් විදියට කටයුතු කරන විට ප්‍රේක්ෂකයන්ට විඩාවක් නෑ. ඒවගේ තව කෙනෙක් තමයි රොඩ්නි.
දකින විට අහිංසක ගැමියෙකුසේ පෙනෙන මනෝරත්නයන් තුල නාට්‍ය හා රංග කලාව පමණක් නොව විශාල දැනුම් සම්භාරයක් සමඟ සුන්දර කලාකාමී හදවතක් උපතින්ම උරුම අපූරු යුග පුරුෂයෙක් සිටිනවා .චිත්‍රපටි වලින් එතරම් දැක නැති වුවත් ටෙලි නාට්‍ය තුලින් ඔහු කල රඟපෑම් සෑම එකක්ම සිත් ගන්නවා . ඉදිරියේදී සුනේත්‍රා පීරිස් මහත්මියගේ චිත්‍රපටියකට ඔහු දායක වන බව දැනගන්නට ලැබුනා . ඔහුගේ කළා දිවියට සුභ පතනවා !
ReplyDeleteමර්සි එදිරිසිංහ මහත්මියගෙන් කලා ලොවට සිදුවූ සේවය අති මහත් . අනිත් අය කියනව වගේ මාත් බොහෝ කැමති "හන්දියෙ ගෙදර " ඇය කල භූමිකාවට . ඇයට නිවන් සුව !
ගිම්...
Deleteදක්ෂයන් අතර විශිෂ්ඨයෙක් අපි බලමු සුමිත්‍රාගේ ෆිල්ම් එකේ මනෝ මොකක් කරයිද කියලා.
අන්තිම කාලෙ කොරියානු ටෙලි නාට්‍ය වල ඇය හඬකැව්වා. සුජාත දියණි, අභීත දියණි වගේ ඒවයේ
මර්සි ට නිවන්සුව ලැබේවා...!
ReplyDeleteමනෝ ගැන බොහෝ දේ ලියවිලා..උතුම් මනුශ්‍යයෙක්.
මුදල් උදෙසා වෙළද දැන්වීම් ව්ලට පවා පෙනී නොසිටින කලාකරුවෙක්.
වී පොකුර
Deleteස්තූතියි ඔවුන් දෙදෙනා වෙන්වෙන් තැබූ සටහනට
මම හිතුවා දයා කොයි මොහොතක හෝ මනෝ ගැන ලිපියක් ලියයි කියලා. නමුත් මර්සිගේ වෙන්ව යෑමත් සමගම ලියන්න වෙයි කියා හීනෙන්වත් හිතුවේ නැහැ. මර්සිට දෙව් මව් තුරුලේ සැතපෙන්න ලැබේවා යැයි පතමි.
ReplyDeleteමනෝරත්නයන් ගැන කිවිය යුතු බොහෝමයක් දේ මේ සටහන තුලත් අදහස් තුලත් ලියවී තිබෙනවා. කොඳු නාරටි බල්ලන්ට පූජා කරපු අපි කලාකරුවෝ යැයි වන්දනා කරපු චාරයක් නැති අපතයෝ අතර මනෝ අපට මැණිකකි. මනෝට ජයෙන් ජයම වේවා!!!
අරූ...
Deleteමේ දෙන්න ගැනම ලියන්න විවිධ අවස්ථාවල හිත පෙළඹුනත් මොකක්දෝ හේතුවකින් ඒක පමා වුණා. අහම්බෙන් මනෝගෙ නාට්‍ය පෙළ දැකලා මේක ලියල ඉවර වෙනකොට මර්සි නික්ම ගිහින්
මනෝරත්නයන්ගේ තිර රචනා වලට මාත් හරි කැමතියි.. වේදිකා නාට්‍යනම් මට එච්චරම බලන්න වෙලා නෑ.. ඒත් ඔහු රඟපාපු රූපවාහිනි නාට්‍ය නම් හුඟක් ඒවා වගේ මම බලලා තියෙනවා ඒ දවස් වල නම්.. ඇත්තෙන්ම විශිෂ්ඨ රංගධරයෙක්..
ReplyDeleteමර්සි එදිරිසිංහ මහත්මියත් අමතක නොකරම බෑ.. එතුමියගේ රංගනයන් අපිව කොයිතරනම් හිනස්සන්න ඇත්ද.. එතුමියටත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..
දිනේෂ්....
Deleteහොඳම රංගන සජීවිව බලන්න පුළුවන් වෙන්නේ වේදිකාවේ ඉඩක් ලදොත් කිපයක් වත් බලන්න
ඊයේ ගියා තලමල පිපිලා බලන්ට. අවුරුදු බර ගානකට පස්සේ නාට්‍යක් බැලුවා. මනෝ එක්ක පොඩි චැටක් දාන්ටත් සුළු වෙලාවක් ලැබුනා. දයාගෙ බ්ලොග් එක නැත්නං මේ චාන්ස් එක ලැබෙන්නෙ නෑ. තැන්කියූ කිව්වා!
ReplyDeleteකැන්ඩියන්
Deleteඇත්තටම හරිම වාසනාවක් මෙවන් සුන්දර මිනිසුන් එක්ක මොහොතක් ගතකරන්න ලැබෙන එකත්
මර්සි කලාකාරියට නිවන් සුව ලැබේවා. මර්සි, මනෝරත්න කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවන්. මනෝරත්නගේ රඟපෑම් අතිවිශිෂ්ඨයි. ඔබ ඈත සඳ වී ගීතය ලිව්වේ ඔහු බව දැනගත්තේ අදයි.
ReplyDeleteසයුරි....
Deleteමනෝ ලියූ තව ජනප්‍රිය ගී ගණනාවක් තියෙනවා.ඒ අතින් ඔහු සැබැම දක්ෂයෙක් ඔහු ලියූ තවත් මියුරුතම ගීයක් තමයි එඩ්වඩ් ගයන කල්පනා මල්පිපි ගීතය
මට නම් මර්සි එදිරිසිංහ කිව්වම එකපාරටම මතක් වෙන්නෙ තාරාවෝ ඉගිලෙති නාට්‍ය ගීතයයි . එහි ගීත ඒතරමට සිත් ගන්නවා. මනෝරත්නයන් ලංකාවේ දැනට ඉන්න අග්‍රගණ්‍ය නාට්‍යකරුවෙක් කියන එකේ වචන දෙකක් නෑ. ඒත් ඔහු ගීත රචකයෙක් විදියට අපි බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ ණෑ. බණ්ඩාර අතාවුද ගයන "ඈත සඳ වී " ගීයෙ පදවැල ඔහු අතින් නිමවුනා කියන එක නම් දැනගත්තේ අදයි
ReplyDelete