මේ සොඳුරු දඩ බිමෙහි මගේ ආදරණීය යක්ෂණීගේ
සුදුහිම පළස මත මරණයේ සෙවනැල්ල යට නිදාසිටි පූස්පැටියා
ඉදිරි සතියේ අපේ කලා ක්ෂේත්‍රෙය් කලානිර්මාණ
සහ කලාකරුවන්ගේ ඇගැයුම් සහ ප්‍රසංග ගණනාවක් ඉදිරිපත් විමට නියමිතව තිබෙනවා. ඒ හැම
කෘතියක්ම කාලිනව සලකා බලන විට ඉතාමත් වැදගත් . පොතක් දොරට වැඩුමක් හෝ නිකුත් කළ පොතක් ගැන නැවත කතිකාවක් ඇතිවෙනව කියන්නෙ ලේඛකයකු හෝ ලේඛිකාවක ජීවිතයේ අත්විඳින සුන්දරම මොහොතක්.
සිමිත පාඨක පිරිසක් සමග එකතුවෙලා සුන්දරම කතාබහක නියැලෙන්න පාඨකයන්ගෙ අදහස් දැනගන්න ඔවුන්ට ලැබෙන හොඳම අවස්ථාවක්. එවන් කතාබස්වලදී ඔවුන්ගේ නිර්මාණවලට පිටිවහලක් වෙන්න අපිටත් යම් තරමකින් අවස්ථාවක් ලැබෙනව ඒක පාඨකයො විදියට අපටත් ලැබෙන අපූර්ව අවස්ථාවක්. එවන් වූ අපූර්ව සැඳෑවන් කීපයක් ඉදිරි දෙසතියේ කොළඹ දී අපට උදාවෙනව. මුහුණුපොතේ අපට නිරතුරු හමුවන මේ සුන්දර හදවත් ඇති තිදෙනා වෙන්නෙ අපේම කාලයේ සහෘදයන් දෙදෙනෙකුගේ සහ
සහෘදිනියක්. මේ අභිනව නිර්මාණ එළිදැක්වීම් සහ එළිදැක්වූ කෘතින් පිළිබඳ ඇතිවන කතාබහ පාඨඛ අපට වැදගත් වගේම අපෙනුත් ඒ සහෘදත්වයට පෙරළා කෘතගුණ දැක්විමක් ලෙස අස්වැන්නෙන් වැඩසටහන් පිළිබද සඳහනක් කරන්න කල්පනා කරමි.
මගේ ආදරණීය යක්ෂණී කැටුව එන සාහිත මධු සාදය
සංස්කෘතික
විමුක්ති ගිවිසුම විසින් සංවිධානය
කෙරෙන සාහිත මධු සාදය සිව්වැනි පියවර ‘පිටුවහල් කළ යක්ෂ අනෙකාට ආදරෙන්’ මැයෙන් මෙම ජූලි මස 29 වැනිදා සවස බොරැල්ල නාමෙල්-මාලිනි පුංචි තියටර්හි
පැවැත්වෙනව. මෙවර මේ වැඩසටහනේදී මහජන සම්භාෂණගත වනුයේ අපේ හිත මිත්‍ර මංජුල වෙඩිවර්ධන සොහොයුරාගේ දෙවැනි නවකතාව වන
‘මගේ ආදරණීය යක්ෂණී‘‘ කෘතියයි.
ජූලි මස 29 දින පැවැත්වෙන මෙම සම්භාෂණයේදී මංජුල වෙඩිවර්ධන සොහොයුරාගේ ‘මගේ ආදරණීය යක්ෂණී‘‘ කෘතිය පිළිබදව සුමිත් චාමින්ද, කුමාරි කුමාරගම, මනෝහාරී හේවාවසම්, විදර්ශන කන්නන්ගර, ප්‍රභාත් හේමන්ත කුමාර, උදුල් ප්‍රේමරත්න, චින්තන ධර්මදාස, සාලිය ඉඳුරුවිතාන, බාසුරු ජයවර්ධන සහ ප්‍රභාත් කුමාර දේශප්‍රිය විසින් කෙටි කථන පවත්වනු ලැබීමට නියමිතය. මෙදින, මෙම පැවැත්වෙන කතාබහේ සියලුම කථන ඇතුළත් පුස්තිකාවක් එළිදැක්වීමටද ‘සංස්කෘතික විමුක්ති ගිවිසුම’ කටයුතු යොදා ඇති බව දන්වා තිබේ.
ජූලි මස 29 දින පැවැත්වෙන මෙම සම්භාෂණයේදී මංජුල වෙඩිවර්ධන සොහොයුරාගේ ‘මගේ ආදරණීය යක්ෂණී‘‘ කෘතිය පිළිබදව සුමිත් චාමින්ද, කුමාරි කුමාරගම, මනෝහාරී හේවාවසම්, විදර්ශන කන්නන්ගර, ප්‍රභාත් හේමන්ත කුමාර, උදුල් ප්‍රේමරත්න, චින්තන ධර්මදාස, සාලිය ඉඳුරුවිතාන, බාසුරු ජයවර්ධන සහ ප්‍රභාත් කුමාර දේශප්‍රිය විසින් කෙටි කථන පවත්වනු ලැබීමට නියමිතය. මෙදින, මෙම පැවැත්වෙන කතාබහේ සියලුම කථන ඇතුළත් පුස්තිකාවක් එළිදැක්වීමටද ‘සංස්කෘතික විමුක්ති ගිවිසුම’ කටයුතු යොදා ඇති බව දන්වා තිබේ.
මංජුලගේ ‘මගේ
ආදරණීය යක්ෂණී‘‘ පිළිබඳව මෙම මහජන සම්භාෂණ
සභාව මෙහෙයවෙන්නේ කුෂාන් ගයාත්‍ර විසිනි.
මෙහිදී, කෘතියේ එන කාව්‍යමය රචනා කිහිපයක් ශාක්‍ය වීරසිංහ විසින් සත්සර හා
මුසුකොට සහෘදගත කිරීමට නියමිතය. මේ වැඩසටහන තියෙන්නෙ ජූලි මාසෙ 29 වෙනිදා.
මංජුල
වෙඩිවර්ධන සහ සනත් බාලසූරිය ගැන තවත්
සොඳුරු සැඳෑවක්
ඒ වගේම මංජුලගේ ‘මගේ ආදරණීය යක්ෂණී‘‘ කෘතිය පිළිබඳව සහ සනත් බාලසූරිය විසින්
රචිත ‘මේ සොඳුරු
දඩබිමෙහි’නවකතාව, ‘මරණයේ සෙවනැල්ල යට නිදාසිටි පූස්පැටියා’ කෙටි කතා සංග්‍රහය පිළිබඳව තනත් කතාබහක් ඊට පසු දින එනම්
ජූලි මස 30 වෙනිදා සවස පැවැත්වෙනව. ඒ “පිටුවහල කොළඹට“ මැයෙන්
සනත් බාලසූරිය විසින් රචිත ‘මේ සොඳුරු දඩබිමෙහි’නවකතාව, ‘මරණයේ සෙවනැල්ල යට නිදාසිටි පූස්පැටියා’ කෙටි කතා සංග්‍රහය සහ මංජුල වෙඩිවර්ධන විසින් රචිත ‘මගේ ආදරණීය යක්ෂණී’ නවකතාව කේන්ද්‍රකර ගත් සාහිත්‍යමය කතිකාවත ‘පිටුවහල කොළඹට’ මැයෙන් ජූලි මස 30 වැනිදා බදාදා සවස 3.00ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණඩලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. ‘ලෝක පිටුවහල් සාහිත්‍යය සහ ලාංකේය පිටුවහල් සාහිත්‍යය’ මැයෙන් වන මෙහි මුඛ්‍ය දේශනය කේ.කේ. සමන් කුමාර විසින් පවත්වනු ලබයි.
සෙසු කෙටි දේශන‘මේ සොඳුරු දඩබිමෙහි යථාර්ථය සහ විචාරයේ මායා යාථාර්ථය’ මැයෙන් අනුරසිරි හෙට්ටිගේ විසින්ද , ‘ලාංකේය ප්‍රොකෘස්තියානුවන් පිටුවහල් කළ මගේ ආදරණීය යක්ෂණී’ මැයෙන් බාසුරු ජයවර්ධන විසින්ද , ‘මහපාරේ නිර්මාණ අභියෝගය හෙවත් මරණයේ සෙවනැලි යට පූස් පැටව්’ මැයෙන් ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර විසින් ද පවත්වනු ලබයි. මෙම සාහිත්‍ය කතිකාවත මෙහෙයවෙනු ලැබෙන්නේ මොහාන් රාජ් මඩවල විසිනි.
‘මගේ ආදරණීය යක්ෂණී‘‘ ගැන
කතා කරන්න ඒ සුන්දර කතාබහට එකතු වෙන්න මංජුල වෙඩිවර්ධන මිත්‍රයාත් ‘මේ සොඳුරු දඩබිමෙහි’නවකතාව,
‘මරණයේ සෙවනැල්ල යට නිදාසිටි
පූස්පැටියා’ කෘතීන්
ද්විත්වය ගැන කතා කරන්න සනත් බාලසූරිය
මිත්‍රයාත් දුර ඈත දේශයක සිට හෝ විද්‍යුත් තාක්ෂණයේ මහිමයෙන් හෝ මේ සුන්දරම
සැන්දෑවන් සමග ඒකාත්මික වෙයි කියල මටම හිතෙනවා.
සුදු හිම පළස
සමගින් අප හමුවට එන පුෂ්පා රම්ලනී
කවියට ගීතයට කෙටි කතාවට මෙන්ම පරිවර්තනයටද පෙම්බඳින
පුෂ්පා රම්ලනී අපට සිටිව තවත් ප්‍රවීණ ලේඛිකාවක්. ඇය වසර පහක් තිස්සේ ඉස්ලාම් ආගමේ
මූලධර්මවාදීන්ගේ නිජබිමක් වූ
ඇෆ්ගනිස්ථානයේ සේවයේ යෙදී සිට ලැබූ ජීවන අත්දැකීම් සියල්ල එකට එකතු කරමින් බුර්කාවෙන් වැසුණ ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ
දුක්බර ජීවිත වල අභ්‍යන්තරය ගැන ඇයගේ මතක සටහන් සියල්ල හෘදයාංගම ලියවිල්ලක් විලස
පාඨක හමුවට රැගෙන එනව. ඒ සංවේදී කෙටිකතා
දොළහක් ඇතුළත් “සුදු හිම පළස“ කෙටිකතා
සංගහයෙන්.
ඒ අනුව අෆ්ගනිස්තානයේ මුස්ලිම් අන්තවාදීන්ගේ
ග්‍රහණයටත් දැඩි පීඩාවටත් පත්වන ඇෆ්ගන් කාන්තාවන්ගේ අමිහිරි ජීවන අත්දැකිම් සියල්ල
අතුරින් යම් තරමක් පුෂ්පා රම්ලනීගේ මේ කෘතිය හරහා දැනගන්න පුළුවන් .
සුදු හිම පළස ජනගත වන සැඳෑව යෙදී තිබෙන්නේ
2014 අගෝස්තු මස 07 කොළඹ 7, ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී
සවස තුනට . ඇගේ සුදු හිම පළස කෘතිය පිළිබඳව පියල් කාරියවසම්, සුමිත්‍රා රාහුබද්ධ
සහ ගාමිණී වියන්ගොඩ යන වියතුන්ගේ විද්වත් කතිකාවක් ගොඩනැගෙනව. කරුණා පෙරේරා මුලසුන
හොබවන මේ වැඩසටහන මෙහෙයවිම සමන් අතාවුදහෙටිටිගෙන්. කාලෙකට පස්සෙ සුදු හිම පළස කෙටිකතා එකතුවෙන් අප
හමුවට එන පුෂ්පා රම්ලනී සමග සුන්දරම කතාබහක් ගොඩනගන්න මේ අපූරු හැන්දෑවට ඔබටද
සහභාගි වෙන්න පුළුවන්.
මේ සොඳුරු දඩ බිමෙහි මගේ ආදරණීය යක්ෂණීගේ
සුදුහිම පළස මත මරණයේ සෙවනැල්ල යට නිදාසිටි පූස්පැටියා දකින්න
කියවන්න විඳින්න ඉඩක් ඇත්නම් ඔබත් එන්න මේ සොඳුරු සැඳෑවන් සැබෑ ලෙසම විඳගන්න. මේ
ඇරැයුම ඔබටමයි.
මේ අපේ සහෘදයන් තිදෙනා වෙනුවෙන් කළ පුංචි දැනුම් දීමක් පමණි. කමෙන්ටුවක් අපේක්ෂා නොකරමි.
මේ අපේ සහෘදයන් තිදෙනා වෙනුවෙන් කළ පුංචි දැනුම් දීමක් පමණි. කමෙන්ටුවක් අපේක්ෂා නොකරමි.
මගේ ආදරණිය යක්ෂණි නම් කියවන්න ආසාවෙන් තමයි කෝමත් ඉන්නේ.. අනික් ඒවා ගැනත් කිවුවට ස්තූතියි අයියේ,..
ReplyDeleteස්තූතියි දයා!!!
ReplyDeleteපුෂ්පා රම්ලනී කොතැනක හෝ ඇගේ ජීවිත කතාව ලියා තිබෙනවාද? එය කියවන්නට වටිනවා. 1970 දශකයේදී, දිනපතාම, ලංකා ගුවන්විදුලියේ, අසන්නන්ගේ ඉල්ලීම් තුළින් 'හල්දුම්මුල්ලේ පුෂ්පා රම්ලනී රත්නායක' කියන නම ප්‍රචාරය වුනා. ගුවන්විදුලියේ ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්, වැඩසටහන් වල ඇගේ නම කියවුනා. 'බොළඳ කෙල්ලෙක්' කියා හිතන්නට ඉඩ තිබුණු ඇය, දිගු ගමනක් කියා.
ReplyDeletehttp://akkandi.blogspot.it/
Deletethis is her blog.
http://pdissanayake.blogspot.it/ ඇය විසින් බ්ලොග් රචනාවේ යෙදෙනවා.
Deleteබොහොම ස්තුතියි බලන්නම්.
Deleteයස්සනී කියවන්න හිටියත් තාම පොත හම්බ උනේ නෑ.. අනික තමා මංජුලගේ පොත් දැන් මාර ගනන් නෙහ්.. බත්තලංගුණ්ඩුව අලුත් ප්‍රින්ට් එක හාරසීය්යත් පන්නලා මිලක් උනේ.
ReplyDeleteape kollo set eka yassani ta hari kamathiyi wage. ara Dineshuth kamathi ekatalu
Deleteස්තුතියි ඔබට...
ReplyDeleteදයා මහත්තයා මම හිතන්නේ සංස්කෘතික විමුක්දි පදනමේ උත්සවය කැන්සල් වෙලා. හාමුදුරුවරුගේ ප්‍රශ්නයක් හින්දා කියලා මේල් එකක් ආවා.
ReplyDeleteනැවත් පවත්වන දිනයක් දන්වන බවත් කියලා තිබුනා.
sthuthiyi obata me poth gana apiwa danuwath karata. sudu hima palasa kiyawanna aasai. balamuko
ReplyDeleteපුෂ්පාගේ නිහැඬියාව බිඳීමනම් හරිම වටිනවා. සියල්ලන්ටම සුබ පැතුම්. දයාගේ නිහඬත්වය බිඳීම ඊටත් වඩා වටිනවා
ReplyDeleteපුෂ්පා ඒ දවස්වල කාලයේ රාවයට සම්බන්ධවෙලා හිටියා. කපුගේ, ජයතිලක, සුනිලා ඇතුළු පිරිස එක්ක. අනේ..අපේ ආණ්ඩුකාරතුමාත් හිටියා මතකයි.
පුෂ්පා අක්කා මා දන්නේ ඈ හල්දුම්මුල්ලේ ඉන්නා කාලේ සිටයි දයා මල්ලී. මගේ අපොස සා.පෙල ලියල නිවාඩුවට මම පුංචි අම්මා ලඟ ගිහින් හිටිය කාලෙ ඈ මට හමු වුනේ. ඒ කාලෙම ලියැවුන බුදුවෙන්නට හිතා නොවේ කවි පොත මා ලඟ අදත් සුරැකිව තියෙනවා. එදාට පුළුවන් උනොත් එන්න හිතා ඉන්නවා. ස්තූතියි! මේ සටහනට.
ReplyDeleteමගේ ආදරණිය යක්ෂණි පොත අරන් බර වැඩි නිසා ගෙදර තියල ආව. කවදහරි ලංකාවට ගිය දවසක තමා කියවන්න වෙන්නෙ. අනික් පොත් නම් දන්නෙ නැහැ. දැන් දන්නෙ.
ReplyDeleteඉතින් හැමෝටම සුබ පැතුම්.
බොහොම ස්තූතියි දැනුවත් කලාට
ReplyDelete