ජෝතිපාල
නැවත කියවමු - 04
කොපි
ගීත හෙවත් ජෝතිමත් හින්දි සහ දෙමළ ගී රාවය
අපේ සිංහල සිනමාව
ආරම්භ වෙන්නෙ ඉන්දියානු සිනමාවෙ ආභාෂයෙන්. ඒකට ප්‍රධාන තම හේතුව වුණේ අතීතයේ පටන් නැටුම ගැයුම සහ වැයුම කලාංග විදියට
නියම ශාස්ත්‍රානුකූලව ලැබුණෙ ඉන්දියාවෙන්
නිසා. 1947 දි කඩවුණු පොරොන්දුව චිත්‍රපටය තිරගත විමත් සමගම සිනමාව කර්මාන්තයක් ලෙස
ලංකාවෙ ආරම්භ වූවද, මුල් යුගයේ සිනමාවට
සම්බන්ධ සියළුම දේවල් සිදු වූයේ ඉන්දියාවේ
චිත්‍රාගාර සහ ශබ්ධාගාර ආශ්‍රිතවය. ජෝතිපාල පිළිබදව ලියැවුණ මුල් ලිපි මගින් ඒ පිලිබඳව කතා කළෙමු.
ජෝතිපාල
සම්බන්ධයෙන් ලියැවෙන මේ ලිපි මාලාව තුළ තවම
කතාබහට ලක් කරන්නෙ ඔහුගේ 1956 -66 දශකය
පිළිබඳවය. ඒ ජෝතිපාල ගායනයට පිවිසි මුල් අවුරුදු දහය තුළදී ජෝතිපාල චිත්‍රපට
පසුබිම් ගායන ශිල්පියෙක් ලෙස තම ස්ථාවරය
සටහන් කරගත්තෙ කොහොමද කියන කාරණය පිලිබඳවය. ඒ නිසා ජෝතිපාලගේ ආරම්භක දශකය
තුළ ඔහු ගොඩනගා ගත් කොපි ගීත කලාව තුළ ඔහුගේ
ජෝතිමත් හින්දි සහ දෙමළ අනුකාරක කොපි ගීත
ගැන කතා කරමු.


1960 න් ආරම්භ
වූ දශකයේ දී ඉන්දියානු සිනමාවෙ ආක්‍රමණශීලි
බව ගිලිහී යමින් තිබුණි. ඒ යුගය වන විට ලංකාවෙ චිත්‍රපට නිෂ්පාදනය වෙනුවෙන් විශාල
පිරිවැයක් දැරූයේ ද්‍රවිඩ ජාතික චිත්‍රපට
නිෂ්පාදකයන් වුවද, ඒ චිත්‍රපට අධ්‍යක්ෂණය සහ සංගීත නිර්මාණය කිරීමේ කාර්යය තරමක් දුරට
දේශීය සංගීත අධ්‍යක්ෂවරුන්ට පැවරී තිබුණි. එය දේශිය නිර්මාණකරුවන්ට වාසිදායක තත්වයක්
බවට පත්විය. ඒ යුගයේ සිංහල චිත්‍රපටවල පසුබිම් ගී ගැයිම සදහා
තෝරාගෙන සිටි ඒ.එම්.රාජා, ජමුණා රාණි, ජික්කි, වැනි ගායක ගායකාවන් සමග ගී ගැයිමට තරම් ගායක ගායිකාවෝ පිරිසක් ඒවන විටත්
ලංකාවේ බිහිව සිටියහ. මොහිදීන් බෙග්,
ධර්මදාස වල්පොල, ලතා ප්‍රනාන්දු (වල්පොල) , ඉන්ද්‍රාණි, සිසිර, ජෝතිපාල, ඇන්ජලින්,
සහ සුජාතා ආදී ගායක ගායිකාවෝ ඒ අතර වූහ.
එසේ වුවත්
සිංහල චිත්‍රපට කර්මාන්තය ආදායම් උපයා ගැනීමේ මාර්ගයක් ලෙසට වාණිජමය පරමාර්ථයෙන්
චිත්‍රපට නිෂ්පාදකයන්ට තිබූ අභිලාෂයන් මුදුන්පත් කර ගැනිමට
අවශ්‍ය ඉලක්කය වූයේ චිත්‍රපටයට “නැගලා යන” ගීත ඇතුල් කිරිමය. චිත්‍රපටයේ
කතා පුවතට අදාළ වූවත් නැතත්, චිත්‍රපටයට ගීත හතක් හෝ අටක්වත් ඇතුල් කිරිම චිත්‍රපට
නිෂ්පාදකයාගේ එකම බලාපොරොත්තුවය. කතාවේ අන්තර්ගතය හොඳ හෝ නරක කුමක් වුවද, චිත්‍රපටය නැරඹිමට පැමිණි ප්‍රේක්ෂකයාගේ
ගැලරියේ විසිල්පාර මගින් ඔහුගේ මනසේ සදා නිදන් ගත වන ගී චිත්‍රපටයට ඇතුල් කිරිමට නිෂ්පාදකයා වග බලා
ගත්තේය. ඒ නිසා ගීත තනු ඉතාම මිහිරි වුවද ඇතැම් ගී පද රචනා හිස් සහ බොල් වචන වූ බව
නොකියා සිටිය නොහැක. ඒසේ වුවත් ඒ බොහෝ ගීත දශක පහක් පසුකරමින් අදටත් ජනප්‍රියත්වයේ
හිනිපෙත්තතෙහි රැඳී ඇත්තේ ගී තනුවල තිබූ මිහිර බවත්, ගී පදමාලාවල තිබූ සරල බවත්
නිසාය.
ඒ නිසාම ආර්.
මුත්තුසාමි, එම්.කේ රොක්සාමි, මොහමඩ් සාලි,
මොහමඩු ගවුස් වැනි ඉන්දියවෙන් ලංකාවට පැමිණ පදිංචි වූ සංගිතවේදීන් පවා
දේශීය ස්වතන්ත්‍ර ගීත නිර්මාණය කරන ගමන්ම වැඩි වශයෙන් ඉන්දියවේ ජනප්‍රිය වූ චිත්‍රපට ගීත කොපි ගිත
බවට පත්කර අපේ ගායක ගායිකාවන් මගින් ගායනා කරවීමය. කොටින්ම කිවහොත් මෙ මගින්
සිදුවූයේ දෙමළ සහ හින්දි ගී තනු වලින්
හැදුණ කොපි සිංදු කලාවක් මෙරට බිහිවිම ය. ඒ සඳහා හොදම නිදසුනක් ලෙස “හොඳ සිරියාවයි
ආකාසේ” නම් වූ මේ ගීය අසා බලන්න.
![]() |
ජෝති - ඇන්ජලින් එළිමහන් වේදිකාවේ |
හොඳ සිරියාවයි
ආකාසේ
වාසනාවට
ආදරේ...
හොඳ සිරියාවයි
ආකාසේ
වාසනාවට
ආදරේ...
අපෙ ආදරේ..
ආදරේ.. අපෙ ආදරේ...
පෙම් සුව
විදිනු වගේ
ප්‍රීතියක්
ඇත්තෙ නෑ
මගෙ හද පෙම් රස
උතුරන්
මෝරලා එයි සෙනේ
රැල්ලයි වෙරලයි
වාගෙනේ
ඈත්ව යන්නේ නෑ
සෙනේ
අපෙ ආදරේ..
ආදරේ.. අපෙ ආදරේ...
පෙම් සුව
විදිනු වගේ
ප්‍රීතියක්
ඇත්තෙ නෑ
මගෙ හද පෙම් රස
උතුරන්
මෝරලා එයි සෙනේ
රැල්ලයි වෙරලයි
වාගෙනේ
ඈත්ව යන්නේ නෑ
සෙනේ
අපෙ ආදරේ..
ආදරේ.. අපෙ ආදරේ...
ගීත පබැදුම:
සිරිල් ඒ. සීලවිමල
ගැයුම:
එච්.ආර්.ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
සංගීතය:
පී.එල්.ඒ. සෝමපාල
චිත්‍රපටය:
ස්වීප් ටිකට්
අධ්‍යක්ෂණය:
ෆ්ලොරීඩා ජයලත්
තිරගත වූ වසර :1965
ඒ කොපි ගීත
කලාව තුළ වුවද බාල හෝ අවර ගණයේ නිර්මාණ බිහිවූයේ නැත. උසස් කර්ණරසායනයෙන් පිරුණ
මධුර හින්දි සහ දෙමළ ගීතවල තනු උසස් මට්ටමින්
යුතුව ඉන්දීය ශබ්ධාගාරවල පටිගත කීරීමෙන් පසු
සිංහල චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයන්ගේ රස නහර තුළට කිඳා බැස්සේ ය. ඒ අයුරින් ඒ යුගයේ ගී චිත්‍රපට පසුබිම් ගී ගැයිමට සිටි
ජෝතිපාලට සිදු වූයේද වැඩි වශයෙන් ඒ කොපි ගීත ගායනා කිරිමය.
මතු දැක්වෙන “
චන්ද්‍රා මෙ රෑ පායා ආවා” ගීතය ද එවැන්නකි. මේ ගීතය ආර්. සුදර්ශනම් සංගීතවත් කළ
ඉන්දියානු ද්‍රවිඩ චිත්‍රපටයක් වූ “නානුම් ඔරු පෙණ්” චිත්‍රපටයට ටී.ඇස්. සෞන්ද්‍රරාජන්
සහ පී. සුසිලා ගැයූ “ පූ පෝල පූ පෝල
පිරක්කුම්” යන දෙමල ගීතයෙන් ද, එහිම හින්දි චිත්‍රපටය වූ “මෛං හී ලඩකී හූං” චිත්‍රපටය
සඳහා චිත්‍රගුප්ත සංගීතවත් කළ ලතා මංගේෂ්කාර් සමග පී.බි. සිරිනිවාස් ගැයූ “ චන්ද්‍රා
සෙ හෝ ගා වො ප්‍යාරා” නැමති ගීයෙන් උපුටාගෙන “සත පණහ” චිත්‍රපයට ඇතුළත් කර ඇති බව
ඉන්දියානු සිනමාවේ දහතුන් වන භාෂාව කෘතියේ සුනිල් මිහිදුකුළ කර ඇති සඳහන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ද සිංහල චිත්‍රපට ගීතාවලියේ නැවත තහවුරු කරයි. මේ ජෝතිගේ පළමු දශකයේ එන අද දක්වාම අතිශය
ජනප්‍රිය වූ ඒ ගීයයි.
චන්ද්‍රා මෙ රෑ
පායා ආවා
හර්දේ පෙමින්
නාව නාවා
මේ ආදරේ
වාසනාවන්
දුක් වේදනාවන්
නිවේවා
ඔබගේ
සිනාවෙන් මුලාවී
මේ රෑ පවා මල්
පිපේවි
රන් තාරකාවෝ
සිනාසී
ප්‍රේමේ අමා ගී
ගයාවී
ආසාව ආවාද මෝරා
සැමදාම ඔබ මාගෙ
වේවා
සතුටයි සැපයි
ඔබය මාගේ
ඔබ පෙම්වතී
පෙම්වතාගේ
අරගන්න ඔබෙ දෑත
සුරතල්
දෛවේ මගේ පිහිට
වේවා
ගීත පබැදුම:
හර්බට් ඇම් සෙනෙවිරත්න
ගැයුම:
එච්.ආර්.ජෝතිපාල සහ සුජාතා අත්තනායක
සංගීතය: ආර්. මුත්තුසාමි
චිත්‍රපටය: සත
පණහ
අධ්‍යක්ෂණය:
ඇම්.ඇස් ආනන්දන්
තිරගත වූ වසර :1965
ලතා
මංගේෂ්කාර් සමග පී.බි. සිරිනිවාස් ගැයූ “ චන්ද්‍රා සෙ හෝ ගා වො ප්‍යාරා” හින්දි මුල් ගීතය මෙතනින් අහන්න.
කෙසේ වුවත් ජෝතිපාල තමන් අතට පත්වූ හැම ගීයක්ම ඉතා මිහිරට
ගායනා කර ඇති බව නිසැකය. ඒ වන විට සිනමාවට නොතිබූ සිනමා රූපී ගැඹුරු හඬත්, චිත්‍රපටයේ රංගන ශිල්පියාට අවශ්‍යම
පසුබිම් හඬ ජෝතිපලෙගෙන් මතුවන්නට වූ නිසාම
ජෝතිපාලගේ ගීත රසික මනසේ තැන්පත් විය. ජෝතිගේ පළමු දස වසර තුළ ඔහුට ස්වතන්ත්‍ර ගිත
හතරකකටත් අඩුවෙන් ගැයිමට ලැබුණත් එකී කාලය තුළ චිත්‍රපට පසුබිම් ගීත වශයෙන් කොපි
ගීත විශාල සංඛ්‍යාවක් ගැයුවේය. එයින් සියයට 60 කට වැඩි ප්‍රමාණයක් අතිශය ජනප්‍රිය
ගීත වූ බව පැහැදිළිය.
මේ හින්දි සහ
දෙමල ගී තනුවලට සිංහල වචන යොදා සියළු ගීත තනුවට ලියා තිබුණද ග්‍රාම්‍ය ගීත පදමාලා
සේ පෙණුනද, ඒවා ඉතාම සුමිහිර ගී පදමාලා බවට පත්වී ඇත. මේවා සරල ආකෘතියෙන් ලියැවුණද
සම්භාව්‍ය ගණයට නොවැටුණේ කොපි ගීත වූ නිසා ය.
කොතැනක හිටියත්
ඔබ මෙලොවේ
දිගුකල් ජීවත්
වෙන්න කෝ
මගේ සිතට
සැනසුම ගෙනදී
දිගුකල් ජීවත්
වෙන්නකෝ
රැකගෙන මංගල
මුදුව අතේ
දිගුකල් ජීවත්
වෙන්නකෝ
හිටියත්
කිසිවකු මෙහි ඔබ පතලා
දුටුවත්
ඔහු ඔබෙ ලස්සන මැවිලා
සිහිකෙරුවත්
පසුගිය දේ හිතලා
සිරිකත මෙන් ඔබ
දිගුකල් ජීවත්
වෙන්න කෝ
ඔබ එනතුරු මම
තනියෙන් සිටියා
ඔබ වෙන කිසිවකු
සමගින් ආවා
ඔහු දිවි
රැකුමට මට වර ලැබුණා
පිරිසිදු ලිය
ඔබ
දිගුකල්
ජීවත්වෙන්නකෝ
දැල් වු පහන
දැල්වෙන්නට හැරලා
අඳුරු නිවස
ආලෝකය කරලා
ඔබෙ පෙම්බර
සැමියගෙ පණ රැකලා
ගුණවන්තිය ඔබ
දිගුකල්
ජීවත්වෙන්නකෝ
ගීත පබැදුම:
චිත්‍රානන්ද අබේසේකර
ගැයුම:
එච්.ආර්.ජෝතිපාල
සංගීතය:
මොහොමඩ් සාලි
චිත්‍රපටය:
සැමියා බිරිඳගේ දෙවියාය
අධ්‍යක්ෂණය: W.M.S.තම්පෝ
තිරගත වූ වසර :1964
මේ ආකාරයෙන්
ජෝතිපාල චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස ගැයු හැම ගීයක්ම ජනප්‍රිය වෙන්න පටන්ගෙන
තිබු නිසා රසිකයන්ද ප්‍රිය කලේ චිත්‍රපටයේ රගපෑ නළුවාගේ ගීතය ජෝතිගේ ගැඹුරු හඬින් අසීමට ය. කෙසේ වුවත්
ජෝතිපාලගේ එම සංගීත ගමනේ පළමු දශකයේ ඉතාමත් ජනප්‍රිය වූ අනුකාරක හින්දි සහ දෙමළ අතරින්
තෝරාගත් කොපි ගීත කීපයක් මෙසේ දක්වමි.
·
සීත සුනිල් දිය දහරා - දෙයියන්ගෙ රටේ
චිත්‍රපටය 1958
·
කොල කඩ කඩ බොරුවට දෙනවා - වන මෝහිනී 1958
·
වාසනාව පෑදේවී - දස්කම චිත්‍රපටය 1958
·
ප්‍රේමේ දීපශිඛා
- දීපශිඛා චිත්‍රපටය 1963
·
හිතේ දුකක් නැති මිනිහා - සිතක මහිම
චිත්‍රපටය 1964
·
මෙ ලෝකේ සියල්ලෝ - ස්වීප් ටිකට් චිත්‍රපටය
1964
·
තරුණ නෙත් ජය මංගලේ - ඇතුල්විම
තහනම් චිත්‍රපටය 1966
·
ලැසි ගමනින් යන හනිකේ - ඇතුල්වීම
තහනම් චිත්‍රපටය 1966
·
ජීවිතේ වසන්තේ - ඇතුල්වීම තහනම් චිත්‍රපටය 1966
·
මේ රාත්‍රියේ මධු සඳෙන් - සුදු
දුව චිත්‍රපටය 1966
·
අවා සොයා ආදරේ - සුදු දුව
චිත්‍රපටය 1966
![]() |
ජෝතිමත් යුග ගීය. ...ජෝතිපාල, ඇන්ජලීන්, සුජාතා, ලතා.. |
මතු දැක්වෙන ගීතය
“රාජ්කුමාර්” හින්දි චිත්‍රපටයට ෂංකර්
ජායිකිෂන් ගේ සංගීතයට ලතා මංගේෂ්කාර් ගැයූ “ආජා ආයි බහාර්” ගීයෙන් පී.එල්.ඒ.
සෝමපාලයන් හැදූ සිංහල කොපි ගීතය වූ ”ආවා
පෙම්වතා” ගීතයයි. මේ ගීය ඇතුළත් වූ ස්වීප්
ට්කට් චිත්‍රපටයට ගීත 08 ක් ඇතුළත් විය
එයින් 04කම ජෝති ගැයූ ගීත වූ අතර ඒ සියල්ල ජනප්‍රිය ගීත බවට පත්විය.
ආවා
පෙම්වතා යන්නේ යන්නේ ඇයි ඔයා
දෙන්නකෝ
පෙම් සිනා ආදරෙයි කියා
සුළඟක්
හමාවී සිසිලක් දැනේවී
සුදු
සඳ හාමී මට හිනැහේවී
ඔබගේ
පෙම් සිනා අතරේ හැංගිලා
එන්නයි
මා සොයා ඉන්නේ ඒ බලා
ඉවසන්න
වේවි සැනසිල්ල ඒවි
ලැජ්ජාවෙ
දැන් නම් මගේ පණ යාවි
සඳුගේ
රැස් වලා අතරේ හැංගිලා
ඉන්නේ
දැන් මෙහේ ඔයයි මමයි තමා
දෑසින්ම
නොබලා ඈතින් නොඅල්ලා
ඈතින්ම
රැඳිලා සැපතා නොවේවි
පායා
චන්ද්‍රයා දීලා පෙම් සිනා
යාවී
හැංගිලා ආදරෙයි කියා
ගීත
පබැදුම: ඩබ්ලිව්. විල්ෆ්‍රඩ් සිල්වා
ගැයුම:
එච්.ආර්.ජෝතිපාල සහ සුජාතා අත්තනායක
සංගීතය: පී.එල්.ඒ.
සෝමපාල
චිත්‍රපටය: ස්වීප්
ටිකට්
අධ්‍යක්ෂණය: ෆ්ලරීඩා
ජයලත්
තිරගත වූ වසර :1965
ජනප්‍රිය
හින්දි චිත්‍රපටයක් වූ “රාජ්කුමාර්” චිත්‍රපටයට
ෂංකර් ජායිකිෂන් ගේ සංගීතයට ලතා මංගේෂ්කාර් ගැයූ “ආජා ආයි බහාර්” හින්දි ගීය මෙතනින් අහන්න
මේ අනුව ජෝතිපාලගේ පළමු දශකය තුළ ඔහුට ගැයිමට ලැබුණ බහුතර සිංහල චිත්‍රපට පසුබ්ම්
ගී සංඛ්‍යාව තුළ ඔහු ගැයූ සියළුම ප්‍රේම ගීත විය. ඒවා ඉතාම ග්‍රාම්‍ය මට්ටමක පැවතියත්, ඒ ප්‍රේම ගීත ඉතාමත්
සරල බසකින් යුක්ත විම හේතුවෙන් ඒ ගී වලින් මතුවූ සෘංගාර රසය චිත්‍රපට ප්‍රේක්ෂකයා
අමන්දානන්දයට පත් කළේය. ඒ නිසා චිත්‍රපට නිෂ්පාදකවරු සිය චිත්‍රපටයේ ප්‍රේම ගීය
ජෝතිපාලට වෙන්කිරීමට තරම් ප්‍රවණතාවයක් ඒ වන විට ජෝතිපාල වටා ගොඩ නැංවිමට ඒ ගීත
හේතු විය.
ඒ අකාරයෙන් “සිරියමේ
සාරා” ගීතයෙන් 1956 දී හින්දි සහ දෙමළ ගී
තනුවකින් ඇරඹු ජෝතිපාලගේ පළමු දශකය මෙයින් අවසන් කරමි. ඊළගට එළඹෙන්නේ ජෝතිපාල ගී
ගැයූ ඔහුගේ දෙවන දශකයයි. මෙහිදී, වෙළඳ ගී තැටි, සරල ගීත සහ ගීතයේ ස්වර්ණමය යුගයේ එනම් 1970 දශකයේ ජෝතිපාලගේ
සංගීත භූමිකාව කෙසේ වූයේද යන්න ගැන ඉදිරි ලිපි වලින් විමසමු. ෴
ආශ්‍රිත ග්‍රන්ථ:
01.
සිංහල චිත්‍රපට ගීතාවලිය - මහාචාර්ය සුනිල් ආරියරත්න
02.
සිංහල චිත්‍රපට ගීත සාහිත්‍යය - සමන්ත හේරත්
03.
ඉන්දියානු සිනමාවේ දහතුන් වන භාෂාව - සුනිල්
මිහිදුකුළ
විශේෂ ඡායාරූප දෙක:
ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ facebook අඩවියෙනි
විශේෂ ඡායාරූප දෙක:
ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ facebook අඩවියෙනි
ඔබේ
හිතේ ජෝතිපාල පිලිබඳව විචාරාත්මක අදහසක් හෝ මේ ලියූ දේ ගැන විචාරයක් ඇත්නම්
ලියන්න. කැමති විදියට ලිවිමට ඔබට නිදහස ඇත.