එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Sunday 14 October 2012

෴ අස්වැන්න 50 වන සටහන....෴




සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන...

අස්වැන්න මේ සටහන් කරන්නෙ 50 වන වතාවට. ඒ හරියටම අස්වැන්නට අවුරුද්දක් පිරෙන්න සති දෙකකට කලින්. ඒ අවුරුද්ද ලැබිම කෙසේ වුවත් 50 වැනි සටහන ටිකක් වැදගත් . මොකද මම ලියපු දේවල් ගැන මටම ආපහු හැරිල බලන්න පුළුවන් නිසා.

මේ විදියට අස්වැන්න  50 වන සටහනට මුල පුරන්නෙ හැම සතියක් ගානෙම අස්වැන්නට ඔබ ඇවිත් කල දිරිගැන්වීම, මග පෙන්වීම, අලුත් විචාරාත්ම ඇසකින් නව සංවාදයකට මුලපිරිම නිසා ඔබ අකුරු කළ සිතුවිලි වලින්  මට ලැබුණෙ ලොකු ශක්තියක්. නිර්මාණාත්මක සංවාද තුලින් ඔබ  වපුරන ලද බීජ අලුත් වැස්සකට අසුවෙලා පුංචි අංකුර එක දෙක ගොබ ඇදී හැදී වැඩුන ඒ  මිත්‍රශිලි බව, සුහදකම මේ අස්වැන්න සරු වෙන්න හේතුවක් වුණා.

අස්වැන්න නෙළා ගත්  සහෘද බ්වේ සංකේතය එයයි.  කලා ක්ෂේත්‍රයේ වගේම  බ්ලොග් අවකාශය තුළත් නිර්මාණශීලි ප්‍රශස්ත කවි සිත් ඇති සහෘද පිරිසක් සිටින බව වැටහුණේ බ්ලොග් අවකාශයේ ඇවිදින විටයි.

බ්ලොග් ලියන සහෘද ඔබ වගේම බ්ලොග් නොලියන එහෙත් ලියන බ්ලොග් කියවන සහෘද පිරිසකුත් මේ සහෘද පිරිස අතර හමුවුණා. ඒ නිසා ගත වූ සති 50 තුළ අවිවේකි කාලයෙන් බිඳක් වැය කර වෙලාවක් නැති වුණත් හොයාගත්ත වෙලාවක  මේ සති 50 තුළ නොකඩවාම අස්වැන්නට  පැමිණ ඔබ ලියා තැබූ  අකුරු සිතුවිල වලට අස්වැන්න හැඩකරන්න ගත්ත වෙහෙසට   මගේ සහෘද බව ඔබට පෙරලා පුද කිරිමට තරම් මේ ස්තූතිය ප්‍රමාණවත් නැති වුවත්, ඒ ගෞරවනීය පැමිණිම වෙනුවෙන් මගේ ගෞරවනීය  බුහුමනට හේතු වෙනව.


හැම වෙලාවකම අස්වැන්නට පැමිණි ඔබට මගේ කෘතවේදිත්වය පළ කළේ ඔබ මෙහි ගත කළ කාලය වෙනුවෙන්. මොකද කෙනෙකු ගතකරන  කාලය කොයි තරම් වැදගත්ද කියල හිතෙන්නෙ වෘත්තිය මට්ටමේ රැකියාවල, අධ්‍යන කටයුතුවල, ‍‍එහෙමත් නැත්නම් ගෙදරදොරේ වැඩ කටයුතු, වගේම කෙනෙකුට විවේකය සතුටින් ගත කරන්න ලැබෙන කාලය වැයකර  බ්ලොග් අවකාශයේ සැරසරන එකම මගේ ඒ කෘතවේදිත්වයට හේතුවක්. ඒ  හරියට මහ මග ට්‍රැෆික් ලයිට්  එකක් ළග ගතකරන තත්පර 20 - 30 වටිනාකම මොන වගේද  කියල හදිස්සි ගමනක් යන කෙනෙකු දක්වන ප්‍රතිචාරය වගේ. ඒ නිසා ඔබ අස්වැන්නට ඇවිත් ගතකළ ඔබේ  කාලය පිලිබඳ මට වටිනාකමක් දැනේනනෙ ඒ විදියටයි.

පතුළක් නොපෙනෙන ගැඹුරක්ද සහිතව, ඉමක් නොපෙනෙන උසකින්ද යුතු වටිනා කමින් මැනිය නොහැකි සිතුවිල්ලක්  ලියන්න අස්වැන්නේ ගතකළ කාලය වෙනුවෙන් ඔබට මගේ කෘතවේදිත්වය පිරිනැමීමට මේ 50 වන සටහන අවස්ථාවක් කර ගන්නෙ ඒ නිසයි.

බ්ලොග් එකක්  සමාන වෙන්නේ පුවත්පතක තීරු ලිපියකටයි. බ්ලොග් ලිවීම  හුදු විනෝදය පිණිසම කියා පටු සිමාවක නොරැඳී ඉන් ඔබ්බට ගොස්  මෙවැනි බ්ලොග් ලිවිමකින්  කෙනෙකුට ගත හැකි ප්‍රයෝජනය ඉතා  විශාලයි. පුවත්පතකට සගරාවකට තීරු ලිපියක් ලියල ලැබන ප්‍රතිචාරයම මේ මගින්  කෙනෙකුට ලබාගන්න පුළුවන්. ඒ වගේම එහි ලියන දේ නැවත නැවතත් කියවා  වැරදි  අඩුපාඩු තමන් විසින්ම හදාගෙන තමන්ගේ ලේඛණ හැකියාව දියුණු කරගන්නත් කෙනෙකුට හොඳ අවස්ථාවක්. හොඳ දක්ෂ ලේඛකයකු ලේඛිකාවක වෙන්න නිරන්තර අභ්‍යාසයේ යෙදීම අත්‍යවශයයි. ඊට හොඳම අභාසය විදියට මේ බ්ලොග් ලියන එක සමකරන්න  පුළුවන්.  එයින් භාෂාව හැසිරවීම, අලුත් වචන සොයාගැනිම, භාෂාව පිලිබද ආයාසයකින් තොරව හොඳ හැකියාවක් ඉබේ ඇතිකර ගැනිම සඳහා බ්ලොග් ලියන එක වගේම කියවන එකත් විනෝදාස්වාදයෙන් ඔබ්බට ගිහින් කෙනෙකුට ප්‍රයෝජනයට ගන්න පුළුවන් .

ඒ විදියට හිතල තමයි මම අස්වැන්න ලියන්න පටන් ගත්තෙ. කාලයක් තිස්සේ පුවත්පත් සඟරාවල විශේෂාංග ලේඛකයෙකු ලෙස ලබාගත් දැනුම කාලයක් යද්දි වෘත්තිය ජිවිතවලට සීමා  වුනාම ක්ෂය වෙන්න පටන් ගන්නව ඒ ලේඛණ කලාවේ අභ්‍යාසය නිරන්තරයෙන් නොකෙරෙන නිසා.

ඒ  කලා හැකියව යළිත් මතු කරගන්න නිරන්තරයෙන් උනන්දු කළේ කාලයක් බ්ලොග් ලියූ  උපේන්ද්‍ර හේවාපතිරණ සොහොයුරා බව මුලින්ම මතකයට නැගේ. උපේන්ද්‍ර ගීත ගායනයට  වගේම ගිටාරය වාදනය කරන්නත් දක්ෂ වාද්‍ය ශිල්පියෙක්.  ඒ මිතුදම නිසා ඔහු හදා දුන්  අස්වැන්න බ්ලොග් එක ලියන හැටි අකුරක් නෑර කියල දුන්නෙත්, අස්වැන්න කියවන පිරිස අතරට මුලින්ම එකතු වුණෙත්, මුලින්ම කමෙන්ට් එකක් ලිව්වෙත් මගේ උපේන්ද්‍ර සොහොයුරා. ඒත් අද උපේන්ද්‍ර හමුවෙන්නෙ කලාතුරකින් ඒ අන්තර් ජාලයෙන් නැත්නම් දුරකථනයෙන්.



ලේඛණ කලාව කියන්නෙ  සුවිශේෂ ඉසව්වක් හැමෝටම ලියන්න පුලුවන් වුණාට ලේඛන හැකියාව පිහිටන්නේ කලාතුරකින්.  එවැනි වූ හැකියාවක් සහිත පිරිසක් තමයි බ්ලොග් ලියන්නේ. ඒ නිසා සති 50ක් තිස්සේ අස්වැන්නට නොකඩවා පැමිණි සහෘද ඔබ අතරින් කිපදෙනෙකුම අස්වැන්න ආරම්භයේ සිට මේ දක්වා සිටි සහෘද පිරිස  අතර සිටින බව  හැඟුණ  නිසාත්,  මේ සටහන මගින් ඒ සහෘද  පිරිස සහ ඔවුන්ගේ බ්ලොග් අඩවි ගැනද කෙටියෙන් හෝ සඳහන් යුතුමය කියලා හිතුනා. 

සිතක සංකල්පනා ලියන මධුරංගගේ අඩවිය එදිනෙදා මගතොට හමුවන ඇස ගැටෙන රසමුසු තැන්වල හිත නවත්වන සුන්දරතම නවාතැනක්. ඒ වගේම මධුරංග මගේ මුල්ම පෝස්ට් එකට කමෙන්ට් එකක් එකතු කළ සිවුදෙනාගෙන් කෙනෙක් බවත් සදහන් කල යුතුමයි.

තුරු සෙවන ලියන මැණික් මුල්ම පෝස්ට් එකට සටහනක් යා කළ බ්ලොග් ලිවන ලේඛිකාවක්. ඒ වගේම ඇයගේ තුරු සෙවන කවියෙන් කෙටිකතාවලින් වගේම කාලිනව විමසුමට  බඳුන් වන  රසමුසු කලාත්මක තොරතුරු ලියන බ්ලොග් එකක්.

සොඳුරු සිත බ්ලොග් අවකාශයේ කවි, කෙටිකතා, ළමා කතා, සහ කාලීන සමාජ සිදුවීම් ඇසුරින් නිර්මාණාත්මකව බ්ලොග් ලියන සුහදිනියක්.  ඒ වගේම නිර්මාණාත්මක ලේඛන කුසලතාවයක් පෙන්වන  බ්ලොග් එකක්. සොඳුරු සිත ද ආරම්භයේ සිටම මේ දක්වා අස්වැන්නට  පැමිණෙන අදහස් පළකරන කෙනෙකි .

පහන් යාය ලියන සයුරි සිංහල රාජාවලිය සිරිලක රජ පෙළපත අතැඹුලක් සේ ගෙන එමින් අපේ යට ගියාවේ ඉතිහාසය ඇයගේ ඇසින් විනිවිද දකින මනා හැකියාවක් සහිත ලේඛිකාවකි. සයුරිගේ සරල ව්‍යක්ත සිංහල බස විටෙක කවි බසින්ද, හඳ අල්ලපු රටේ විත්තිවලින්ද සරසා  දේශාන්තර විත්ති සංචාරක සටහන් ලෙසින් සුබසින් ලියා තබන පහන් යායද පහනක් සේම ආලෝකය සහ දැනුම විහිදුවන බ්ලොග් එකකි.  

පොඩි කුමාරිහාමි ලියන පොඩ්ඩිද සරලව ව්‍යක්ත ලෙස සිංහල සුබස මෙහෙයවමින් රසවත්ව මෙන්ම විචිත්‍රවත්ව නිර්මානාත්මකව ලිවීමේ  හැකියාවෙන් යුතු සුහදිනියකි. පොඩ්ඩිගේ කාලීන මාතෘකා වලව්ව තුළ නිරන්තරයෙන් සංවාදයට බඳුන් වෙයි. නිරන්තරයෙන් සංවාදයක් ඇති වන පොඩ්ඩිගේ මාතෘකා එකකට එකක් වෙනස් වන අතරම ඒ හැම මාතෘකාවකටම වෙනස් වු රසවත් නිර්මානාත්මක බසක් භාවිතා කිරිම විශේෂ ලක්ෂණයයි. ඒ වගේම පොඩ්ඩි ලියන සැඳැ අඳුර ද  (Twilight) බ්ලොග් අඩවියක ලියැවෙන හොඳ පරිවර්තනයකි. බ්ලොග් අඩවි දෙක පුරා වඩාත් නිර්මාණශීලිව මෙහෙයවන සුබස නිසාම පොඩ්ඩිගේ රචනා බොහෝ විට සිනමා සිත්තම් බඳුය.

අත්තම්මගේ පෙට්ටගම ලියන ලොකු ජෝන‍්  එදිනෙදා මුහුණ දෙන සහ සිදුවන, ඇස ගැටෙන රසමුසු තැන් නැවත සංවාදයට ලක් කර ලියන  රසවත් මාතෘකා වලින් පිරි බ්ලොග් එකකි. නිරතුරු  ඉතාමත් විචිත්‍ර බසක් භාවිතා කරන සහෘදයෙකි. ලොකු ජෝන්ගේම වීඩියෝ සෙන්ටර් එකෙන් විදේශිය සිනමා සිත්තම්වල තොරතුරුද, ලංකාවේ සිංදු බ්ලොග් අඩවියෙන් නිතර සවනට යා නොවන ගීතද  ඇසිය හැකි සොඳුරු නවාතැනකි.

OUTSIDER නමින් පිටස්තරයාගේ ලෝකය  බ්ලොග් අඩවිය ලියන සහෘද පිටස්තරයා ද, සිය  බ්ලොග් අඩවිය නිසදැස් කවියෙන් දේශපාලන නැඹුරුවක් සහිත් ආන්දෝලනාත්මක මාතෘකා  නිර්මානාත්මකව  සංවාදයට බඳුන් කරන නවාතැනකි. වැඩිපුරම නිසදැස් කවියට මුල්තැන දෙන පිටස්තරයා  අස්වැන්න ආරම්භයේ සිටම අස්වැන්නේ ලියැවෙන දේගැන වඩාත් අවධානයෙන් සිටින සහෘදයෙකි. ඔහුගේ විචාරශීලි සහ  තර්කානු කූල බව අස්වැන්න ශක්තිමත් විමටද ඉවහල් විය.

හරීගේ හීනලන්තය ලියන  හරීන්ද්‍ර  තවත් සොඳුරුතම මතකයන් අවදිකරන සහෘදයෙකි. කාලීන සමාජ සිදුවීම් ඔස්සේ මෙන්ම එදිනෙදා සමාජය තුළ සංවාදයට බඳුන් විය යුතු මාතෘකා ඔස්සේ  බස මෙහෙය වන හරීගේ හීනලන්තය විසිතුරු නවාතැනකි.  අප නොදත් කිතුනු දහමෙහි හරය සහ කිතුනු ආගමෙහි  විශේෂ වත්පිළිවෙත් ඉතාමත් නිවැරදිව  සහ සරලව ගැඹුරින් සටහන් වන සුන්දරතම අඩවියකි.

හරේෂ් ගෙනෙන  ගී පැදුර  මා නිතර යන එන ඉසව්වකි. කලකින් නෑසෙන ගීත රස විඳිය හැකි ඉසව්වකි. ගීතය ගැන නිරන්තරයෙන් ඇස යොමන ගී පැදුර ද , සිංහල ගීතයේ හෙට දවස වෙනුවෙන් ඉදිවුණ පහන් ටැඹක් බඳුය.

බ්ලොග් අවකාශයේ විවිධ වෘත්තීන්වල නියැලෙන අය අතර වෛද්‍ය වෘත්තියේ නියැලෙන දෙදෙනෙකි. ඒ අතර තොටියා ලියන තොටුපල අයිනේ සහ සිඳූ ලියන ලෝකයේ කොනක බ්ලොග් දෙක පිළිබඳවද යමක් සදහන් කළ යුතුමය. සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධව සිටින වර්තමාන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  වෛද්‍ය ආනන්ද ගුණසේකර ජනප්‍රිය ගායන ශිල්පියෙකි. ඔහු මගේ ගීයක්ද ගැයුවේය. ප්‍රවීන ගීත රචක වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ලෙස කටයුතු කරන කලා ලෝකයේ මගේ සමකාලීන  මිත්‍රයෙකි. වෛද්‍ය ප්‍රභාත් ආලෝක සංගීත අධ්‍යක්ෂවරයෙකි. ඒ කලා ලෝකයේ මට හමුවූ සොඳුරුතම වෛද්‍යවරුය.

බ්ලොග් අවකාශයේ  තොටියා ලියන තොටුපල අයිනේ කලාව සහ සාහිතයයට අදාලව රසමුසු තැන් සොයන සහ විඳින, වින්ද දේ රසවත්ව නිර්මානාත්මකව ලියැවෙන සුන්දරතම තොටුපලකි. ඒ නිසා ඉහත කී වෛද්‍යවරු සේම අනාගතයේදී තොටියාද කලාවට එකතු වුව හොත් එයද යහපත් තැනක් වනු ඇත.

ලෝකයේ කොනක ලියන සිඳූ ද වෛද්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් කවියෙන් කෙටිකතාවෙන්, මෙන්ම කාලීන වැදගත් කමින් යුතු විවිධ මාතෘකා ඔස්සේ රසවත්ව නිර්මානාත්මකව ලියැවෙන ඉසව්වකි. සිඳූද නිරන්තරයෙන් පුවත්පත්වලට ලිපි ලියා ඇති ලේඛිකාවක නිසා ඇගේ බස මෙහෙයවීම ගැන අටුවාටීකා අවශ්‍ය නැත. ලෝකයේ කොනක ඒ තරමට සරලව ගැඹුරින් සමාජය විනිවිද ලියැවෙන බ්ලොගේ එකකි.

මහේෂ් ලියන  සොඳුරුසුව අසපුව  තවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයටම  සම්බන්ධ රසවත් බ්ලොග් එකකි. මහේෂ් එදිනෙදා ජීවිතයට වැදගත් වන සෞඛ්‍ය ගැටලු නිවැරදිව වටහා දෙන ගමන් ඊට යෙදිය යුතු පිළියම්ද කියා දෙන සහෘදයෙකි. මහේෂ් ලියන්නේ එදිනෙදා සමජයේ සිදුවන සිදුවීම් ඇසුරින් සෞඛ්‍යට අදාල වන දේවල්ය. එසේම මහේෂ්ද අස්වැන්නට නිතරම යන එන සොඳුරු රසවතෙකි.

රැංගෝ ලියන අරුණැල්ල  කවිය ගීතය මෙන්ම සාහිත්‍යයද සමාජීය වැදගත්කමින් යුතුව කාලින මාතෘකා නිරන්තරයෙන් සංවාදයට ලක්කරන  තැනකි. රැංගෝගේ බස නිරන්තරයෙන් මගේ මතකයට නගන්නේ කලා ක්ෂේත්‍රයේ නිලාර්ගේ බසෙහි භාවිතයයි. රැංගෝද රසවත්ව නිර්මාණ ශීලිව ලේඛණ කලාවේ නියැලෙන සහෘදයෙකි.

ස්වායක්ත ලියන නුවන් කවිය ගීතය සහ ගීත සාහිත්‍යය මෙන්ම පොත පත ඇසුරේ හිදින සුහුඹුල් ලේඛණ හැකියාවක් සහිත නව යෞවනයෙකි. ඉතාමත් විචාරශිලිවි කලාවේ සොදුරු තැන් විනිවිද දකින රසවත්ව බස නිර්මාණශීලිව භාවිතා කරන සහෘදයෙකි.

හසිතගේ ආ ගිය කතා මගින් ඉතිහාසය, පුරා විද්‍යාව සහ බෞද්ධ සංස්කෘතිය පිලිබදව ගැඹුරින් කතිකාවට ලක්වෙයි. කෙනෙකුට කියවිය හැකි සරල ප්‍රියමනාප බසකින්  ‍ලියන ආගිය කතා අපට අමතක එහෙත්  හැදෑරිය යුතුම පුරාවෘත්ත නැවත නැවත සිහිගන්වයි.

රූසිරිනි ලියන රූගේ බ්ලොග් අඩවියද  කෙටි කතාවලින් සහ පරිවර්තන වලින් මෙන්ම කාලින වැදගත්කමක් සහිතව විවිධ ගැඹුරු මාතෘකා ඔස්සේ අපූර්ව ලෙසින් ඉතාමත් සරලව රසවත් දෑ ලියැවෙන ඉසව්වකි. රූසිරිනිද ආරම්භයේ සිටම අස්වැන්නට ආව ගිය සුහදිනියකි.

ප්‍රියන්ත ලියන  මගේ මතක බ්ලොග් එක ඉඳහිට කවියෙන් රසමුසු කතාවලින් සහ කාලීන මාතෘකා ඇසුරින් බ්ලොග් අවකාශයේ වින්දනාත්මක ලෙස අකුරු කරන සොඳුරු ඉසව්වකි. මගේ මතක වඩාත් නිර්මාණශිලිව ඇස ගැටෙන දේවල් වචනවලට හරවන සොඳුරුතම නවාතැනකි.

බින්දිගේ නෙලුම් විල ලංකාවේ මතක සිතුවිලි අවදි කරවමින් ලියන මතක සිතුවිලි සේම වියට්නාම ජන ජීවිතයේ ඇස රැඳුන තැන්වල දේශාන්තර විත්ති සටහන් කරන ඉසව්වකි.  එක හුස්මට කියවිය හැකි සරල බසින් රූප සිතුවම් වචනයට පෙරලන  බ්ලාග් එකකි.

හිරුගේ හිරු නැතිහෝරාව  නිරන්තරයෙන් එදිනෙදා ජීවිතයට හසුවන ඇසට අසුවන මායිමේ සිට  ඇස ගැටෙන දේ සරලව රසවත්ව නිර්මානාත්මකව ලියැවෙන ඉසව්වකි.

චාන්දිගේ සිතුවිලි උයන කාලීන මාතෘකා වලින් මෙන්ම කවියෙන්ද නිරන්තරව පෝෂණය වෙයි.  ඇයගේ සිත නිවන පියුම් විල සිංහල බෞද්ධ සාහිත්‍යයේ මුදුන් මල්කඩ බඳු ධම්ම පදය සහ  ථෙර ථේරි ගාථා ඇසුරින් ජීවිතයට අවශ්‍යම ගුණ දහම වගා කරන බෙදා දෙන තෝතැන්නකි.

කවිය සහ  ගීතය ඇසුරේ ජීවිත්වෙමින් කෙටිකතා කලාව තුළද නිර්මාණාත්මක දෑ ලියන කියන දිනිති දිපිකාගේ ආලවන්ත හුදකලාවේ සිට බ්ලොග් අඩවිය නිර්මාණාත්මකව පන්හිද මෙහෙයවන තැනකි. දිනිතිද අස්වැන්නට මුල සිටම ආගිය අය අතර වේ.

වර්ණ නිරතුරු වර්ණවත් බසකින් ලියන දිනේෂ් කෙටි කතාවෙන්, කවියෙන් සහ ඉතාලි ජන ජීවිතයේ එදිනෙදා මුහුදෙන අත්දැකිම් තුළින් රසවත්ව සිතුවමක් සේ මනසේ සිතුවිලි අඳින බ්ලොග් එකකි.


හිරුහිමාවි ලියන හිරුහිමාවි බ්ලොග් අවකාශයේ වින්දනාත්මක ලෙස අකුරු කරන සොඳුරු ඉසව්වකි. වඩාත් නිර්මාණශිලිව ඇස ගැටෙන දේවල් වචනවලට හරවන සොඳුරුතම නවාතැනකි.

Red Riding Hoodලියන Red's Dreams  සහ Silent thoughts බ්ලොග් අඩවි දෙක තුළ සංහල සහ ඉංග්‍රීසි බසින් කාලීන ව කවි කෙටිකතා සහ වින්දනාත්මක දේ  අපූර්ව ලෙස  අකුරු කරන සොඳුරු ඉසව්වකි. වඩාත් නිර්මාණශිලිව ඇස ගැටෙන දේවල් වචනවලට හරවන සොඳුරුතම නවාතැනකි.

මා ඉහතින් සඳහන් කළ සහෘද පිරිස අස්වැන්න  නෙළාගත් සහෘද පිරිස අතර නිරන්තරයෙන් සිය අදහස්වලින් අස්වැන්න සැරසූ පිරිස අතර වෙති. මෙහි සදහන් නොවූවද මේ කාලය තුළ අස්වැන්නට පැමිණි   සෙසු බ්ලොග් සහෘද පිරිසද මතු දවසක මේ අයුරින්ම හදුන්වා දෙමි. මේ මොහොතේ ඒ සියලු දෙනාටද  හිස නමා අචාර කරමි. එසේම බ්ලොග් නොලියන එහෙත් අදහස්වලින් අස්වැන් පෝෂණය කරන ගිම්හානි මෙන්ම තුසිත ද ඒ සහෘද පිරිස අතර වෙති.


සති 50 ක් පුරා හැදී වැඩුණ අස්වැන්නෙහි සාරවත් බවක් ගෙවුණ කාලයේ ඇති වූවා නම් ඒ අස්වැන්න  සරු වෙන්න  ඔබ අතින් දැමූ දිය දෝත ඊට එක හේතුවක්. ඇතැම් විට මා ලියු දේවල් දිග වැඩි වෙන්නත් ඇති, ඒ නිසාම කියවන්න කම්මැලි වෙන්නත් ඇති. ඒවා දෙතුන් වතාවකට කොටස් කර දැමුවේ නම් මා අතින් සිදුවන්නට තිබුණේ  පෝස්ට් ගණන වැඩිවිමත්, ඔබගේ කාලය නැවත නැවතත් එකම කරුණක් කෙරෙහි වැය කරවීමත් පමණි.  ඒ හැර එයින්  ගත යුතු අන් දෙයක් එහි නොතිබුණා වෙන්නට ඉඩ තිබුණි.

ගල්මුල් නැත්තටම නැති වුවත්, වරදින්නේ යමක් කරන තරමටම නිසා මගේ අතින් ලියැවුණ දේවල වැරදි සහ අඩුපාඩු ඊමේල් සහ චැට් මගින් පෙන්වා දුන් සහෘද පිරිසක්සිටි බවද සඳහන් කල යුතුමය. වගේම ඇයි පෝස්ට් එකක් නොදාන්නේ එහෙමත් නැත්නම් ඊළඟ අලුත් එක මොකක්ද?  කවදද දාන්නේ වගේ නිරන්තර ඇසූ, එසේ  විමසා ඊමේල් එවූ  සහෘද පිරික්ද මේ කාලයේ ඇති අස්වැන්නට එකතු විය. ඒ සියලු සහෘදයන්ගේ  මිතුදමටත් ස්තූති කරමි.

 නැවුම් අත්දැකිම් සමුදායක් පිරි සරු බිමක් වෙත ඔබද කැඳවන්නටත් ඒ බිමේ පිපි සුවඳ දුන් කුසුම් කැන්වල සුවද පොද ඔබ සමග ඉඩ ලැබෙන පරිදි බෙදා ගන්නට මේ අස්වැන්න අනාගතයේත් ශක්තිමත් අටුවක් වේවි.

ඒ නිසා අද මම අස්වැන්න අවසන් කරන්නෙ මම අස්වැන්න දෙවන සටහනට ලියපු මේ කවිය සහ ගීතයෙන්. මම වඩාත්ම කැමති මේ ගීතය බ්ලොග් ලියන අපේ තේමා ගීතය විදියටයි මම දකින්නෙ. ඒ නිසා මේ අසා හුරු පුරුදු ගීයත් අහලම යන්න මම ඔබට ඇරයුම් කරමි.෴


                                 සබඳ අපි කඳු නොවෙමු
                                 උනුන් පරයා නැගෙන
                                 සුනිල දිය දහර වෙමු                                                     
                                 එකම ගඟකට වැටෙන

                                 වියරු ගිනි දැල් නොවෙමු
                                 කැලය අවුලා තබන
                                 සිහිල දෙන වැස්ස වෙමු
                                 දැවෙන කැලයට වහින

                                 චණ්ඩ පවනක් නොවෙමු
                                 දෙරණ අතු ගා දමන
                                 මන්ද මාරුතය වෙමු
                                 දෙ කොන සිපගෙන හමන

                                 නපුරු හීනය නොවෙමු
                                 ළමුන් නිදි සුව බිඳින
                                 සොඳුරු අඬහැරය වෙමු
                                 දනන් නින්දෙන් මුදන

                                 යකඩ පිත්තල නොවෙමු
                                 රජුන් උඩපැන තලන
                                 බුරුත කොස් නැදුන් වෙමු
                                 උන්ට එසවිය නොහෙන

                                පිදුරු පොල් අතු නොවෙමු
                                පැරණි ගෙට සෙවිලි  වන
                                සබඳ අපි ගඩොල් වෙමු
                                අලුත් ගෙ පැළක් බඳින


                                ගේය පද: දර්ශන මේදිස්
                                සංගීතය සහ ගැයුම: විශාරද ගුණදාස කපුගේ

            සබඳ අපි කඳු නොවෙමු ගීය  මෙතනින් අහන්න
             

සිතුවම් උපුටා ගැනිම අනුර ශ්‍රීනාත් සිත්තරාණන්ගේ සිතුවවම් දෙකකින්- එය හැඩ ගැන්වූ මාලක සොහොයුරාටත් ස්තූතියි



108 comments:

  1. ඔබ අපට සම්පතකි.මම රැංගෝට කියපු දේම නැවත ලියමි.මං මුලාවු වර්ථමානය එයින් හෙට දවසේ වත් මිදිමට පාසල් ළමුන් මෙම නිර්මාණාත්මක බ්ලෝග් පරිශිලනය කරනවා නම් වටි

    ReplyDelete
    Replies
    1. ගයානි..
      ස්තූතියි ඔබේ අගය කිරීම වෙනුවෙන්...

      50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අගැයුම අමිල පැතුමක්..

      Delete
  2. ඔබට මාගේ හද පිරි සුබ පැතුම් හා ප්‍රණාමය !

    ReplyDelete
    Replies
    1. වකා..

      ස්තූතියි... ඔබට 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ පැතුම අමිල පැතුමක්.

      Delete
  3. අස්වැන්නට පළමු වර පැමිණියේ කවදාදැයි මතක නැති වුනත් මගේ හිතේ අදටත් රැඳී තිබෙන පළමු සටහන අබේරත්න බාලසූරිය කලා කරුවාණන් ගැන ලියැවුනු ලිපිය..අස්වැන්නේ ලිපි 50න් කැමතිම ලිපිය මොකද්ද කියලා ඇහුවොත් 50ටම කැමතියි කියලා තමයි ලියන්න වෙන්නේ...

    මේ පොස්ටුවක් ලියන්න ඔබ මහන්සි වෙන එක ගැන අද විශේෂයෙන් ස්තුති කරන ගමන් සිත්තරේ අගයත් කියන්න බැරි තරම්..

    තව දිගු ගමනකට සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. රෑ...

      අබේවර්ධන බාලසූරිය ගැන පෙබරවාරි මාසය පුරාම ලිව්වනේ..මේ පිංතූරයක් ඇහැගැහුන ගමන් සටහන් කරගන්නවා. මතු ප්‍රයෝජනය පිණිස. මේ පිංතූර දෙක අනුර ශ්‍රීනාත් චිත්‍රහිල්පියටෙග් චිත්‍ර ප්‍රදර්ශනයෙන් ඉල්ලාගත් දෙකක්.
      හැමදාමත් අස්වැන්නට ආ ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  4. අස්වැන්නට අවුරුද්දකුත් වෙනවද? හ්ම්ම්ම් මුලින්ම ඔන්න 50 වෙනි ලියමනට උනුසුම් සුභ පැතුම්.....

    මම අස්වැන්න නෙලාගන්න එකතු උනේ ළඟඳි, ඒ කෙටිකාලය තුල අස්වැන්නෙන් ලබාගත් දෑ බොහොමයි.. අය්යට අනේක වාරයක් ස්තුති වන්ත වෙනවා, සිනමාව, සුභාවිත ගීතය, ඇතුළු කළාවේ නොයෙක් පැතිකඩ අපිත් එක්ක බෙදාගත්තට, ඇත්තතම අය්ය ලියපු හැම ලියමනක්ම දැනුමට යමක් කෙතු කරපු ලියමන්, දිගටම මේ සත්කාර්යයේ නිරත වෙන්න

    ජයෙන් ජය !!!

    ReplyDelete
    Replies
    1. මීගොඩයා මලේ..

      මම මගේ සරල දැනුමෙන් හරවත් යමක් ලිව්වා කියල හිතුන නම් ඒ මගේත් සතුටයි.
      හැමදාමත් අස්වැන්නට ආ ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  5. පළමුව මගේ සුපැතුමි ගන්න ..එමෙන්ම බ්ලොග් ලිපි පනහක් , පරිපූර්ණ බ්ලොග් ලිපි පනහක් සකසන්නට ඔබ වූ වෙහෙස , වැය කළ කාළය මහා පින්කමක් සේ වර්ණනා කළ යුතුවේ . මේ අස්වැන්න වපුරමින් ඔබ ලැබූ නිරාමිස සතුට ඒ පින්කමේ වත්කම යැයි සිතමි ..

    මිතුර ...සිංහල බ්ලොග් අවකාශය යනු , නිකංම නිකං අකුරු ගොඩක් පමණක් ද ? නැත්නම් හරයක් , බරක් ඇති තැනක්ද යන “සැකය“ අපේ සමහර ශ්‍රී ලාංකිකයන් තුලම පවතින වකවාණුවක , ඔබේ අස්වැන්න ඉහත සැකය දුරුකරන්නට මහත් සේ දායක වුනා . අද සිංහල බ්ලොග් අවකාශය යනු නිකංම් “අන්තර්ජාල පෞද්ගලික දිනපොතක්“ යන මතය බිඳ හෙළමින් , මෙයද තවත් එක් මාධ්‍යයක් බවට පත්වෙමින් ඇතැයි මට දැනේ ..එතැනදි ඒ හරබරබව , දෙන්නට අස්වැන්න වූ මෙහෙය අගනේය . අස්වැන්න පමණක් නොව අනෙක් තාක්ෂණ , විනෝද , දේශපාලන , වෛද්‍ය , අධ්‍යාපනික සහ සරළ සුගම කව් ගී කතා රැගත් බ්ලොග් අඩවිද මේ සාර්ථකත්වයේ උරුමක්කාරයෝ ලෙස මම දකිමි .

    අවසන ..තවත් දිගු කළක් අස්වැන්නෙන් අප සරු කරන්නට කාළය , ශක්තිය සහ නිරෝගී සුව ලැබේවා යැයි පතමි ..

    ReplyDelete
    Replies
    1. මහේ‍ෂ්..

      ඇත්තටම බේ බ්ලොග් අඩවි වලින් නියම ප්‍රයෝජනයක් ගන්න කවුරුත් හිතනවා නම් මේ හරහා අලුත් චින්තනයක් ඇති කළ හැකියි.

      එඑ අස්වැන්න හරහා අලුත් දෙයක් තාම ඉගන ගන්නවා. අලුතෙන් ලියන්න පොඩියට කරන අත්හදා බැලීමක් වගේ..

      හැමදාමත් අස්වැන්නට ආ ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  6. 50 ට සුභ පැතුම්..!
    සහෝදර බ්ලොග් කරුවන් අතරේ....හදවත සුන්දර මිනිසකු ලෙස ඔබ හඳුන්වමි.........ඔබේ ලිපි කියෙව්වාම මට හිතුනේ එහෙමයි.
    ජය වේවා...!කරනා සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..!

    ReplyDelete
    Replies
    1. වීපොකුර..

      "හදවත සුන්දර මිනිසකු ලෙස ඔබ හඳුන්වමි."

      එහෙම කව්වාම හීං සතුටක් හිතේ වාං දානවා වගේ හැගීමක් එනවා..
      ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  7. මගෙ නෙත් කඳුලින් පිරවූ සටහනක් මේ දයානන්ද මල්ලී. අපි මේ මුණගැසුන හැටි හරිම පුදුමයි. දවසක් අහම්බෙන් මම අස්වැන්නට ගොඩ උනේ. මම එතරම් පත්තර කියවන්න යන කෙනෙකුත් නෙවෙයි. මේ අවකාශයේ හැම තැනකටම යන කෙනෙකුත් නෙවෙයි. ඒ ගැන වරදවා හිතන්නට එපා. එහෙම ඉන්න මම මට හැකි වෙලාවට ඔහේ කියවන්න ආව වෙලාවක තමයි ඔන්න මේ සටහන් කියෙව්වෙ. බින්දිගෙ ගා ඩීන් මල්ලිගෙන් යම් දැනුමක් ලබා තිබුනා කීවොත් නිවැරදියි. මේ කාලය තුල ඔබ මොනතරම් අමිල වූ සේවයක් කරල තියෙනවාද? හරිම සතුටුයි .

    මේ ඒ අස්වැන්නේ ඵල තමයි. ඔබ මා දකින්නේ සොඳුරු කලාකරුවෙකුටත් වඩා ඉතා සංවේදීව කලාවේ පෝෂණය උදෙසා කැපවුන ලබැඳි සොයුරෙක් ලෙසයි. මේ කරන්නෙ සමාජ මෙහෙවරක් ලෙස සළකා ලියන අය අතර ඔබ ප්‍රමුඛයෙක් මල්ලී. ලියන්නන් වාලේ දෙයක් ලියල සමාජයට වැඩක් නෑනෙ. කොච්චර කාර්යබහුල වුණත් අපි ලියන දෙයකට පෙරලා වදනකින් ඔබ ස්තූතියක් පුදන එක කොච්චර වටිනවාද? අද ඒ වගේම සොඳුරු අඩවි කීපයකුත් දැන ගත්තා. ඒ ගැන ස්තූතියි!.

    ඉතින්, මේ සුවිසල් මෙහෙවර තව චිරාත්කාලයක් කරගෙන යන්නට දිරිය ශක්තිය නිබඳවම ඔබට ලැබේවා කියා මහත්වූ සෙනෙහසින් සුබ ප්‍රාර්ථනා! කරනවා.

    ReplyDelete
    Replies
    1. චාන්දි...
      ඔබ වගේම මමත් අන්තර් ජාලය තුල ගතකරන්නේ දවසකට ඉතාම සුළු වෙලාවක්. මොකද අපි ඉන්නේ හැල්මේ දුවන යාන්ත්‍රිකයන් වගේ. කාලයත් එක්ක කරන තරගයක්.ඒකයි මම නිරන්තරයෙන් මෙවගේ බ්ලොග් කියවන්න වැය කරන කාලය වෙනුවෙන් කරන ඒකැප කිරිම විශේෂයෙන් සිහිකරල ඒ හැමෝටම ස්තූති කරන්නේ.

      අපි සමාජයෙන් ඉගන ගත් යහපත් දෙයක් වේ නම් එය නැවත අප වෙසෙන ඒ සමාජයටම පෙළා තිලිණ කිරිම හිතට සතුට ගෙන දෙන කාරණයක්.


      හැමදාමත් අස්වැන්නට ආ ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  8. 50 ට සුබ පැතුම් දයා...

    'අස්වැන්න' කොහොම කියවන්ට ලැබුනද කියලා හරි මතකයක් නෑ. ඒත් හිතට දැනෙන්නේ හැමදාම පැමිණි හුරුපුරුදු තැනක් වගේ. ඒ වගේම හද නිවන, සනසන, සතුට දෙන ගී ඇසීමටත් මෙහි එන්නට දැන් මම පුරුදු වෙලා. සිංහල ගීවල රස විඳීමට, තොරතුරු දැනගැනීමට පැමිනිය යුතු තැනක් අස්වැන්න. මින් සිදුවෙන සේවය , වටිනාකම කියලා නිම කරන්ට බෑ.

    තව දිගු කාලයක් අස්වැන්නේ පල නෙලීමට අපිට හැකියාවත්, වගාවට ඔබට ධෛර්යයත් ලැබේවා කියලා අවංකවම පතනවා...

    අලුත් බ්ලොග් කීපයක්ම හැඳින ගැනීමට ලැබීම සතුටට කරුනක්. ඒ වගේම ඔබේ හිතවතුන් ගොඩට එක්වෙන්නට ලැබීමත් ඇත්තටම ආඩම්බරයට කරුනක්...:)

    ReplyDelete
    Replies
    1. පොඩී..
      මට මතක හැටියට ඔබත් දෙවන පෝස්ට් එකේ ඉඳන් හිටිය වගේ මතකයක් තියෙන්නේ.
      සංගීතය කියන්නේ හිත නිවන නිවා සහන භාවනාවක්. මම මේ සංගීතයේ ගැඹුරු පැත්ත ඉතාමත් ටිකයි කතා කලේ ඒත් ඒ හැම ගීයක්ම මුල්ම පටිගත කිරීම්වලින් ලබාගත් ගීත වලින් ඔබ වැනි ලංකාවෙන් දුරස්ව වෙසෙන සහෘද පිරිසට දැනෙන්නෙ ඒ මිහිරි ගීත.

      සති පනහක් තිසේසේ අස්වැන්නට පෙරළා පැමිනි ඔබ වැනි සහෘද පිරිසට දීමට ස්තූතියකින් පිදිමට තරම් වත්කමක් නොතිබූ නිසා ඒ කෘතවේදීත්වට පෙරලා කෘතගුණ දැක්වීමට මේ අවස්ථාව යොදාගත්තා.

      කලා ලෝකයේ වගේමමේ බ්ලොග් අවකාහයේත් ඔබ වැනි සොදුරු සුහදිනියන් අකුරු වලින් හමුවීමත් සතුටක්.

      පටන් ගත් දා සිට හැමදාමත් අස්වැන්නට ආ ඔබටත් බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  9. මාත් ආව 50කට පස්සෙ. දිගු ගමනකට සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. රාජ්...

      ඔබේ පැමිණීම වෙනුවෙන් ස්තූතියි ඒත් මට මතකයක් තියෙනවා ඔබ මීට පෙර එක දවසක් ආ වග.

      අස්වැන්නට ආ ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  10. අස්වැන්නට කොමෙන්ට් කරන පලවෙනි වතාවයි.. සුභ පතමි.

    ReplyDelete
    Replies
    1. බණ්ඩා..
      අස්වැන්නට ආ ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  11. කියවන බ්ලොග් වලින් හරවත් දේ නිරන්තරයෙන් දෙන එක බ්ලොග් අඩවියක් තමයි අස්වැන්න. පැරණි ගීත මතක් කරලා දීල ඒ ගීතවල උප්පත්ති කතා, ගායකයින්ගේ, කලාකරුවන්ගේ නිර්මාණ අපිට කියවන්න, රසවිඳින්න සලස්සනවට දයානන්ද අයියට ගොඩක් ස්තුතියි. පනස් වෙනි ලිපියට සුභ පැතුම්, තවත් ඉදිරියට මේවගේ හරවත් ලිපි අපිට කියවන්න ලියන්න හැකිවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. පැතුම්..

      ඇත්තටම මේවා පැරණිම කිව්වට පැරනිම ගීතත් නෙවේ අවම වශයෙන් වසර 10ක් විතර ඇති. වගේ..සමහර ගී විෂේෂයෙන් ඔබ වැනි නූතන පරපුරට තමයි එහි අයිතිය තියෙන්නේ.

      අස්වැන්නට ආ ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  12. අස්වැන්නට ආවෙ මගේ හද බැඳි ගී එහි විචාරයක්ද සහිතව ලියවුන නිසා සහ ඔබ ලියන සරල සුගම රටාව කෙනෙකුට අපහසුවකින් තොරව ඔබේ අදහස් තේරුම් ගැනීමට ඉඩ සලසන නිසයි. බ්ලොග් ලිවීම සම්බධයෙන් ඔබ දක්වා ඇති කරුණුද අගනේය. කාලය මද කම නිසා නිතර සටහනක් තබා යන්නට බැරි වුනත් ඔබේ සටහන් මම නිතරම කියවනවා. ඔබේ උත්සාහය තව දුරටත් මල් පල ගැනේවා.
    මැණික්

    ReplyDelete
    Replies
    1. මැනික්..

      අපි කවුරුත් වෘත්තීය ජිවිතවලට යොමුවුනාම එහෙම තමයි. කාටත් වෙලාවක් නෑ. කමෙන්ට් නොකලාට කමක් නෑ නිදහස් වෙලාවක ඇවිත් කියවන්න.

      ඔබව ඵළමු පෝස්ට් එකේ කමෙන්ට් කළ මා නොදන්න පළමුවැනියා.

      හැමදාමත් අස්වැන්නට ආ ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  13. සුබ පතමි.
    අස්වැන්න දිනේවා!
    ජය!

    ReplyDelete
    Replies
    1. පුංචිඑකී..

      අස්වැන්නට ආව පුංචිඑකීව සාදරයෙන් පිලිගන්නවා. ඇත්තටම පුංචි එකී නොකියා වෙන නමක් තිබුනෙම නැද්ද? මට නිකං ඒක එහෙම ලියන්න හිතෙන්නෙ නෑ.

      අස්වැන්නට ආ ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  14. අපගේ රසවින්දන හැකියාව ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනයනු වස් ඔබ ගන්නා මහන්සියට මගේ ප්‍රණාමය සහ ස්තුතිය. අදහස් පලකරන්න හැමදාම නතර නොවුනට ඔබේ ලිපි මග ඇරෙන්නේ කලාතුරකින්, මගේ සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. සාබිත්..

      ඔබ කමෙන්ට් නොකළත් මම දන්නවා ඔබ අස්වැන්න කියවනවා කියලා. මොනව කරන්නත් අධ්‍යන කටයුතු කරගන්න පළමුවෙන්ම. නිදහස් වෙලාවට කියවන්න හිතට විවේකයක් ලබාගන්න.

      අස්වැන්නට ආ ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  15. 50 වැන්නට මගෙනුත් උණුසුම් සුභ පැතුම්!!!

    ඔබතුමාව මම කවදත් අගය කරන තැනැත්තෙක් සහ ගරු කරන කෙනෙක්!! ඒ වගේම ඔබ ලියන ගෞරවාන්විත ශෛලිය සහ ලිපියක් ලියන්න වන මහන්සිය, බොහෝම අගය කරනවා!! එක දිගටම හැම ලිපියක්ම කියවන්න එන්න නොහැකි වුනත්, හැකි හැම විටම ඇවිත් කියවන බ්ලොග් එකක් මේක!!

    තවත් හරවත් ලිපි ලියන්න , ඔබට වාසනාව ශක්තිය ධෛර්‍යය ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාරි...

      ඔබ කමෙන්ට් නොකළත් මම දන්නවා ඔබ අස්වැන්න කියවනවා කියලා. නිදහස් වෙලාවට කියවන්න හිතට විවේකයක් ලබාගන්න.
      කොහොමටත් ලියන දේවල් තව කෙනෙක්ට කියවන්න නම් හිත් ඇදගන්න භාෂාවක් භාවිතා කරන්න ඕනේ.නැත්නම් මේවගේශාස්ත්‍රීය දේවල් කියවන්න ඔයාලට එපාවෙන එක වලක්වන්න බැහැ.

      අස්වැන්නට ආ ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  16. 50 වැනි අස්සවැන්නත් මෙසේ කියවන්න ලැබීම හදවතින්ම සතුටක්... කලාව තුල ගීතයේ විඳි නොවිඳි අපූරු තැන් මතකයත් එක්කම අපි තව තවත් දැන ගත්තා නම් පසුව දෙතුන් වර කියවන්න තරම් ඇවිත් ගියා නම් ඒ අස්වැන්නට....
    සංගීත ලෝකයේ ගීතය වල් බිහීවී ඇති දිනක නියම සුභාවිත ගීතයේ නොවක් රසමුසුතැන් ඔබ මෙහි ඇතිරුවෙ ඒ ඔබේ යුතුකමක් යයි හිතමින්...
    ඉතින් එවන් තැනකදි වසරක් ගෙවුණදෝ කියලත් හිතෙන තරමට මට පුදුමයි...කාලය ගැන නොහිතුණා..තරගයකින් වගේ මුලින්ම ලිපිය කියවන්න තියෙන ආසාව හැමදාම මං ළග තිබුණෙ...
    ඇත්තටම බ්ලොග් එකකට ලිපියක් ලියනව කියන්නෙ පත්තරයක තීරු ලිපියක් වගේ කියල දැන ගත්තෙ මම අද....හැමදාම මොනව හෝ අලුතෙන් දැනකියාගෙන යන තැන...

    පතන්නම් සුභ පැතුම්..අස්වැන්න සරුවෙන්න දිනෙන් දින...

    ReplyDelete
    Replies
    1. දිනිති..
      හැමදාමත්ම කියනව වගේම මම මගේ බ්ලොග් එකට ඔබ වැනි පිරිසක් ගෙන්වල ඔබේ කාලය අනවශ්‍ය විදියට මම මෙතන වැය කරනවා නම් එයින් මා ලබන ප්‍රයෝජනය කුමක්ද කියා මටම හිතෙනවා. අනික මෙවැනි කාලයක යහපත් ගිත කලාවක් වෙනුවෙන් පෙනීසිටීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒනිසා තමයි මේ හැම දේම.

      හැමදාමත් අස්වැන්නට ආ ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  17. අස්වැන්න 50 ට මගෙන් සුභ පැතුම්.....ඇත්තෙන්ම දයානනද මහතා එක සටහනක් ලියන්න ගන්නා වෙහෙස මහන්සිය සැලකුවාම 50 නෙමෙයි අනිත් Blog 500ක තරමේ විශාලත්වයක් දකිනවා..

    ReplyDelete
    Replies
    1. amu...

      ඔබ මීට පෙර දවසකත් අස්වැන්නට ඇවිත් ගිහින් තිබුණ වග මතකයි. මට මත හැටියට ඒ බඹරු ඇවිත් චිත්‍රපටය ගැන ලියූ සතියේ. ඒ වුණත් සොකක් හරි හේතුවකින් ඔබේ අඩවිය මගහැරී තිබුණා. දැන් හරි..

      හොද විචාරාත්මක ඇසකින් බ්ලොග් අඩවි දකින ඔබ ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  18. මුලින්ම 50 වෙනි අස්වැන්නට සුභ පතන්නම්.
    සමහර බ්ලොග් දැක්කම මට සිංහල බ්ලොග් එපා උනා. සමහර අය බ්ලොග් ලියන්නෙ මොනවටද කියල හිතෙන තරමට ඒවායේ භාෂාව, තෝරා ගත්ත මාතෘකාව, ඒවා ප්‍රකාශ කරන විදිහ හරිම අප්‍රසන්නයි. මේ බ්ලොග් අවකාශයේ පුංචි දරුවොත් හරි ආසාවෙන් සැරි සරනව. අන්න ඒ පුංචි දරුවන්ට, කලාවට ආදරය කරන හැමෝටම ඔබේ අස්වැන්න හැබෑම අස්වැන්නක්. තමන් තෝරා ගන්නා ඕනෑම ක්‍රියාවකින් තවත් අයෙකුට යහපතක් වෙනවනං ඒ පුද්ගලයා අති ශ්‍රේෂ්ටයෙක්. ඔබ ඉන්නෙත් ඒ අතලොස්සක් දෙනා අතර හරිම සතුටුයි.
    ජය වේවා. (හැමදාව කියවනව. 100 වෙනි අස්වැන්නටවත් ආයෙ ලියන්නං.)

    ReplyDelete
    Replies
    1. දයියා..

      ඔබත් මීට පෙර කපුගේ ගැන ලියූ දවසේ ආව බව හොඳටම මතකයි. ඔබ වැනි සහෘදයන්ගේ දිරිගැන්වීමත් එක්තරා විදියට ලොකු ශක්තියක්.
      හැමදාමත් අස්වැන්නට එන ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  19. 50 මං සලකුණ පසු කරන මේ මොහොතේ මම මුලින්ම සුභපතනවා අස්වැන්නට , තව තවත් චිරාත් කාලයක් බ්ලොග් ලෝකයේ කලාකෙත වැඩිවැඩියෙන් අස්වද්දන්නට හැකිවේවා කියලා.. ඇත්තටම අයියේ අයියා මේ ලිපි ලිවීමෙන් සයිබරයේ එක් රික්තයක් පිරවෙනවා. සුභාවික සංගීතයේ රසවත් ගීත,ඒවායේ අලගිය මුල තැන් රසකතා වගේම ඒ ඒ නිර්මාණ බිහිවූ හැටි දන්නා අය ඉතා අඩුයි. ගායකයන් මෙන්ම වාදන ශිල්පීන්, ගේය පද රචකයන්, සංගීත අධ්‍යක්ෂකවරුන් ගැන බොහෝ දේ ලියවෙන අයියාගේ ලිපි වලින් හැමදාම අපි අළුත් යමක් ඉගෙනගත්තා.ඇතැම් විට ඒ එක් ලිපියක් ලියන්න කොතරම් මහන්සියක් වන්නට ඇතිදැයි හිතුණු වේලාවනුත් අනන්තයි. ඇත්තටම මේක සත්ක්‍රියාවක්..
    තොටුපළ ගැනත් ලිපියේ සඳහන් කරලා.. බොහෝමත්ම ස්තූතියි අයියේ..
    //"අනාගතයේදී තොටියාද කලාවට එකතු වුව හොත් "// අනේ මම නම් අයියා එක්ක බලනකොට අංශුමාත්‍රයක් කලාව ගැන දන්නේ නෑ. මට ගීත ලිවීමේවත් ගැයිමෙවත් හැකියාවක් නෑ. එත් ගීත රසවිඳිනවා. විවේකී වෙලාවට තමා ඔය මොනවා හරි දෙයක් අකුරු කෙරෙන්නේ

    ReplyDelete
    Replies
    1. තොටියා..

      " තව තවත් චිරාත් කාලයක් බ්ලොග් ලෝකයේ කලාකෙත වැඩිවැඩියෙන් අස්වද්දන්නට හැකිවේවා"
      ඔබේ පැතුමට බෙහෙවින්ම ස්තූතියි. ඒත් මම කල්පනාකලේ මෙවැනි දේවලින් කොයි මොහොතේ ඉවත්වෙන්න සිදුවේවිද දන්නෙ නෑ. මොකද ඔබත්, මමත්, ගෙවන්නේ කාර්ය බහුල ජීවිතනේ. ඉතින් අපිට නිදහස ඇති තාක් යමක් කරන්න පුලුවන්.

      ඔබ යමක් නොදන්නා කීම තුලත් දැනගැනීමේ කලාවක් තියෙනවා. ඉතින් අපි ඒ නොදන්නා කම දන්න බවට හරවමු. කළ යුත්තේ එයයි. එතකොට අලුත් හරවත් යමක් හමුවේවි.

      හැමදාමත් අස්වැන්නට එන ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  20. Replies
    1. ගමිපහ..

      එකම පෙදෙසක වෙසෙන ඔබටත් බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  21. //සබඳ අපි කඳු නොවෙමු
    …උනුන් පරයා නැගෙන// බ්ලොග් ලියන අපි හැමෝම වෙනුවෙන් ..

    …සටහන් 50කට වඩා දුරක් ආවා වගෙ හැගීමක් දැනෙන්නෙ ඒ සටහන් හැම එකකින්ම යමක් ඇඟට දැනුන නිසා. තව බොහෝ කාලයක් "අස්වැන්න" අපි හැමෝටම අස්වැන්න නෙලාගත හැකි තැනක් වේවා කියලා හදවතින්ම පතනවා.

    ReplyDelete
    Replies
    1. ලොකු ජෝන්..
      ඇත්තටම දැන්නම් ඔබේ නම දන්න නිසා ලොකු ජෝන් කියන්න මොකද්ද මොකද්ද වගේ.අනික ඒක කියන එක හරි නෑ වගේ කියලා මටම හිතෙනවා.

      ඒකොහොම වුණත් හැමදාමත් අස්වැන්නට එන ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  22. පනහට ජය පතමි ............... දිගු ගමනකට සුභ පතමි ......

    ReplyDelete
    Replies
    1. දිනෙල්ක..

      ඔබත් මීට පෙර දවසක ආ වගක් මතකයේ රැදෙනවා. ඒවගේම ඔබටත් බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  23. අස්වැන්නට තාම අවුරුද්දක්වත් වෙලා නෑ කියලා විශ්වාස කරන්න අමාරුයි කියලා තමයි මටත් කියන්න වෙන්නේ. අවු. ගණනාවක් පරණ බ්ලොග් එකක් කියලා හිතෙන තරමට මේක සරුසාරයි...

    මම හිතන්නේ මම මුලින්ම අස්වැන්නට ආවේ දෙවැනි ලිපියේදී. ඒක දැන් හොයාගන්න නැහැ (ඔබ මට කුමුදක්මැයි ගීතය ලියලා තිබුන එක). ඒත්, අදටත් මට ඒ ලිපිය මතකයි වගේම අස්වැන්නේ මම දැකපු හොඳම ලිපියත් ඒක කියලයි මට හිතෙන්නේ. එච්චරටම ලස්සනක් ඒකෙ තිබුණා.

    අස්වැන්න මේ බ්ලොග් ලෝකෙටම ආලෝකයක් කියලා අවසාන වශයෙන් කියන්නම්. එහි ලියවෙන හරවත් රසවත් සටහන් ලියන්නේ බහුශ්‍රුත වගේම නිහතමානී අයෙක් වීම විශේෂත්වයක්. මේ වගේ වෙලාවක අපිවත් මතක් කරපු එක ගැන ස්තුතියි..අස්වැන්න සදාකල් පීදෙවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. සයුරි..

      අස්වැන්න දෙවන පෝස්ට් එක මොකක්ද හේතුවක් නිසා ඩ්‍රාෆ්ට් එකක් විදියට රැදිල තියෙනවා. ඒක ගන්න බැලුවත් ගන්න බෑ.

      මම ඒතරම් බහුශ්‍රැත නම් නෑකියලයි මටම හිතෙන්නේ. අනෙක් අය වගේම යමක් ලියන කෙනෙක්.ඒවුණත් ඒ ලියන දේ තව කෙනෙකුට කියවන්න හිතෙන විදියට ලියනවා.

      සති පනහක් තිසේසේ අස්වැන්නට පෙරළා පැමිනි ඔබ වැනි සහෘද පිරිසට දීමට ස්තූතියකින් පිදිමට තරම් වත්කමක් නොතිබූ නිසා ඒ කෘතවේදීත්වට පෙරලා කෘතගුණ දැක්වීමට මේ අවස්ථාව යොදාගත්තා.

      ඒකොහොම වුණත් හැමදාමත් අස්වැන්නට එන ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
    2. රත්නායක, මම කාමරේ ඉන්න වෙලාවක එනවද ඒ පැත්තට; බලන්න මොකක්ද කරන්න පුළුවන් කියල!

      Delete
  24. අස්වැන්නට මුලින්ම ගොඩ වැදුනේ මොන ලිපියෙන්ද කියල හරියටම මතකයක් නෑ!එත් ජනවාරි මාසයේ දවසක වෙන්න ඕන!
    අස්වැන්න ගැන යමක් කියනවනම් මම කියවන පරමාදර්ශී බ්ලොග් කීපය ඇතුලට අස්වැන්නත් අයත් වෙනවා.ඇත්තටම බ්ලොග් ලියන්නේ මොකටද කියන ප්‍රශ්නෙට සාර්ථක පිළිතුරක් සපයපු කෙනෙක් ඔබ!
    ඒ වගේම දයානන්ද අයියේ ඔබ සම දෙයක් ගැනම අපට ලබා දෙන උපදෙස් අගය කල යුතුයි!බ්ලොග් අවකාශයෙන් පිටදිත් ඔබව හමුවීමට ලැබීම අපි ලැබූ භාග්‍යක්!
    තව දිගුකලක් අපට අස්වැන්න නෙලාගන්නට ඔබේ කෙත පීදේවා!

    ReplyDelete
    Replies
    1. නුවන්..

      ඔබ, මම, අපි මේ දේවල් ගැන නිරන්තරයෙන් කතාබහ කරනවා, තර්ක විතර්ක කරනවානේ. අපි අපේ දැනුම අවබෝධය මේ සොඳුරු අවකාශය තුල බෙදාහදාගුනිමත් සතුටක්.

      ඒකොහොම වුණත් හැමදාමත් අස්වැන්නට එන ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  25. අස්වැන්නට මම කීප සැරයක් ආවා ගියා. මම ඉතින් මෑතකදී මේ අඩවියට සම්බන්ධ උන කෙනෙක්නෙ....

    දිගු ගමනකට සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ළිහිණි..

      ඔබටත් බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  26. 50ට මගෙං සුභ පැතුං දයා අයියේ...
    කිවුවත් වගේ බ්ලොග් ලියවිල්ලත් තීරු ලිපියක් ලියනවා හා සමානයි...
    මේ ආවා වගේම සාර්ථක ගමනක් ඉදිරියේද ගමන් කිරීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරන්නම්....
    ජයවේවා!!!!!!!!

    ReplyDelete
    Replies
    1. තරියා..
      ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  27. පළමුවෙන්ම අස්වැන්නට සුභ පැතුම් !.
    …මේ වසරේ මට දෙවියන් දුන් තෑග්ගක් වශයෙන් ඔබේ බ්ලොග් අඩවිය හඳුන්වන්න කැමතියි .ඒ වගේම ඔබ හඳුනා ගැනිමෙන් අපට ලැබුන උපදෙස් අනුශාශනා මහ මෙරක් වගේ . සුභාවිත ගීයට අතිශයින් පෙම් කරන මා වගේ අයට අස්වැන්න , අස්වැන්නක්මැයි .
    …ඔබ කොතරම් දිගු ලිපි ලීවත් කිසිම මහන්සියක් නැතුව එක හුස්මට කියවාගෙන යන්න පුළුවන් ඔබේ ලිවීමේ රටාව නිසා . එය එතරම්ම රසවත් .
    …ජය !

    ReplyDelete
    Replies
    1. ගිම්..

      ඇත්තටම බ්ලොග් කියවන්න එන අය එන්නේ ඉක්මනින් කිවලා යන්න බලාගෙන. ඒ වගේ වෙලාවක හිත ඇද ගන්න බසක් යොදා ගැනිම කල යුතුම වෙනවා.

      අපි දන්න දේවල් ඇති නම් ඒ දේවල් තවත් සහෘද පිරිසක් සමග බෙදා ගැනිම සතුටක්.

      ඒකොහොම වුණත් හැමදාමත් අස්වැන්නට එන ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  28. "සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන"
    බ්ලොග් යායේ ඇති දහස් ගණනක් බ්ලොග් අතරින් අස්වැන්න සුවිශේෂයි. මේ ගමනක ආරම්භයක් පමණයි. තව බොහෝ දුරක් යන්නට පුළුවන් ඔබ වැනි රචකයෙකුට. ඔබේ සටහනට පොඩි දෙයක් එකතු කරන්න කැමතියි. බ්ලොග් එකක් පුවත් පතක නැතිනම් සඟරාවක තීරු ලිපියක් වැනි වුවත් පුවත් පතක නැති වාසියක් තියනවා. ඒ කියවන්නාට එවෙලාවෙන ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඒ නිසා හොඳ සංවාදයක් ගොඩ නැගෙනවා.
    මම හැමදාමත් ආසාවෙන් කියවූ අස්වැන්නට හෙටත් එන්නේ සුපුරුදු ලෙන්ගතුකමෙන්.
    සුභ පැතුම්.....!!!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ත..

      ඇත්තටම ඔබේ අදහසට එකඟයි.පුවත්පතක් තුළ යම් කාරනයක් සංවාදයට ලක්වන්නේ කලාතුරකින්.

      උදාහරණයක් විදියට ඔබට මක ඇති "කපුගේ සමග සන්ෆලවර්" ගී රැල්ල එක්තරා කාලයක පුවත්පත් කීපයකම දීර්ඝ සංවාදයකට ලක්වුනා. වසරක් වගේ කාලයක් තිස්සේ. එවැනි සංවාද කළාතුරකින් ඇති වන්නේ.

      ඒත් මේ වන විට යම් අදහස් අන්තර් ජාලයට එක් කළාම ඒ මොහොතේ පටන් සංවාදයට විවෘත වෙනවා. එතකොට එය ලියූ රචකයාට දැවැන්ත ශක්තියක් වෙනවා.

      ඒත් තවම කොය්තරම් පුවත් සැණෙකින් දැන ගත්තත් පාඨකයන්ට එය පුවත්පතක පළවුනොත් විතරයි හිතට දැනෙන්නෙ.ඒකනේ අපි නිතරම කියන්නේ "ඇයි අද පත්තරේ තිබුණේ දැක්කෙ නැද්ද" කියලා

      හැමදාමත් අස්වැන්නට එන ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  29. පරිණත බව ,සංයමයෙන් වචන හැසිරවීම ..අදහස් වලින් සහ දැනුමින් පෝෂිත වීම , සංගීතයේ සිනමාවේ අප නොදත් සහ අපට අමතක ඉවස් වෙත අප රැගෙන යාම ආදී නොයෙක් කාරනා නිසා මම අස්වැන්නට ප්‍රිය කරමි. මෙතරම් ස්තුති කිරීම් අවශ්‍ය නැත . ඔබ ලියා තබන දේ අපට ඉතාම වටිනා බැවින් ස්තුති වන්ත වන්නේ අපය . එක එක අඩවි වලදී දැනෙන දේ විවිධය . සිනාව , තරහ , කුතුහලය උත්ප්‍රාසය අපහාසය ..අස්වැන්නෙන් නම් මා දකින්නේ නිවුණු සැනසුන බවකි .

    ඊයේ අප ඈත ගම්බද පෙදෙසක චාරිකාවේ යෙදුනෙමු. අස්වැන්න නෙලන කාලයයි. මට ''අස්වැන්න'' සිහි වින . පනස් වන සැතපුමට සුබ පැතුම් සමග බොහෝ දේ ලියන්නට ශක්තිය පතමි .

    ReplyDelete
    Replies
    1. බින්දි...

      අල්තින් මට අදහසක් එකතු කරන්න නැති තරම්. එභ කියන්න අවැසි සියලු දේ එකට අමුණලා තියෙනවා.

      ඒකොහොම වුණත් හැමදාමත් අස්වැන්නට එන ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  30. සුභ පැතුම් රත්නායක අයියේ.. අයියගේ අදහස් දැනුම මේ වගේ බ්ලොග් එකකින් කියවන්න ලැබුන එක ඇත්තටම ගොඩක් ලොකු දෙයක්.. අයියගේ ලිපි 50 මම හිතන්නේ මම බාගෙකට වැඩිය කියවලා තියෙනවා.. ඒ හැම දේකින්ම අළුතින් දැන ගත්ත දේවල් ගොඩයි..

    තවත් ඉස්සරහට මේ වගේම සාර්ථක, අපේ මතකයට දැනුමට අළුත් දෙයක් එකතු වෙන නිර්මාණ කරන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්...
      හැමදාමත්ම වගේ මම ලියන දේ ගැන ඔබ මුල සිටම අදහස් පලකරනවානේ..
      ඉතින් ඒකොහොම වුණත් හැමදාමත් අස්වැන්නට එන ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  31. මේ වගේ වටිනා බ්ලොග් අඩවියක මගේ නම සටහන් වී තීබීම ඇත්තටම ලොකු සතුටක්. එදා මේ අස්වැන්න යහපත් දේවල් ලියවෙන හොඳ අඩවියක් වේ යයි කියල හිතුනත් මේ තරම් දැවැන්ත බ්ලොගයක් වේ යයි කියල නම් හිතුනේ නෑ.. මට මතකයි ඔබේ පළමුවැනි සටහන පළවුන දවසේ ඔබ මා හමුවුනා..

    "උඹේ ලිපිය දිග වැඩියි.., ටිකක් කෙටි කරල ලියපං.. එතකොට කියවන ප්‍රමාණය වැඩිකරගන්න පුළුවන්.."

    මම එහෙම කිව්වේ මට ඒ වෙන කොට බ්ලොග් සින්ඩි වල තියෙන බ්ලොග් ගැන තිබුන අත්දැකීම හින්ද..

    ඒත් ඒක බොරු කථාවක් කියල උඹ පෙන්නල තියෙනවා.. ඇත්තටම මේක බ්ලොග් කලාවේ නියම අර්ථය පෙන්වා දීමක්..

    "යටිකුරු වෙලා තිබුන සිංහල බ්ලොග්කරනය හරිපැත්තට හරවන්නේ මෙහෙමයි.." අස්වැන්නේ පළවුන හරවත් රසවත් ලිපි 50 ඇතුලේ තියෙන්නෙ මේ කථාවයි..

    ඒ එක්කම 50 සටහන ලියන‍කොට ඔබේ පාඨකයන් සියළු දෙනා ගැන පුංචි හෝ සටහනක් ලියා තැබීම මම දකින්නේ ඔබ කෙතරම් පාඨකයාගේ හදවතත් සමඟ බැඳී සිටින්නවාද යන්නයි..
    අප බොහෝවිට බ්ලොග් සටහනක් පලකිරීමෙන් පසුව සැලකිලිමත්වන්නේ ලැබී ඇති කමෙන්ට්ස් ප්‍රමාණය ගැනයි. එහෙත් එම අදහසත් උඩුයටිකුරු කර "කමෙන්ට් එකට ලැබෙන Reply කමෙන්ට් එක බලාපොරොත්තුවෙන්" කමෙන්ට් කරන (මාද ඇතුළුව) එකම බ්ලොගය මෙය විය හැකිය..

    එනිසාම බොහෝ බ්ලොග් අඩවිවල දකින්නට ලැබෙන "එල.. එල.., පට්ට තමයි.., වගේ හරසුන් කමෙන්ට්ස් මේ අඩවියේ දකින්න ඇත්තේම නෑ.. එය බ්ලොග් කලාවතුල බ්ලොගයට කමෙන්ට්ස් ලබාගැනීමේ පටු පරමාර්ථයෙන් ඔබ්බට ගිහින් පාඨකයා ඔවුන්ට නොදැනෙන්නටම හරවත් දේ ලියන්නට උනන්දු කරවන ඒ තුලින් සමාජ මෙහෙ‍වරක යෙදෙන්න දරන උත්සාහයක් කියල මටහිතෙනව..

    අන්තිමට උඹේ වචන වලින්ම ආයෙත් උඹට ගහනව නම් මේක "හර්කියුලිසියානු- ප්‍රොමිතියානු" වැඩක්...

    ටිකක් දිග වුනා..ඒත් කෙටියෙන් මේ ටික කියන්න බෑනෙ..
    මගෙන් සුභ පැතුම්..


    ReplyDelete
    Replies
    1. උපේන්ද්‍ර..

      ඉස්සර නම් අපි නිරන්තරයෙන් මුණ ගැහුණ ගමන් කලාව සාහිත්‍ය, සංගිතය සිනමාව ගැන පැය ගනන් තර්ක විතර්ක කළා. ඒවිතරක් නෙවේ අපි අතර තිබුන හොඳ නිර්මාණ එසැනින් බෙදාගත්ත කාලයකුත් තිබුණා.

      මොනව උනත් උඹේ ඇරයුම සහ උත්සාහය නිසා තමයි මෙච්චර සති ගනනක් එන්න හිතුනේ. උඹම හදල උඹම කමෙන්ට් එක මුලින්ම දාපු මොහොත දැන් වගේ මතකයි.

      ඇත්තටම මම අද වුණත් කමෙන්ට් බලාපොරොත්තුවෙන් කිසිම දෙයක් ලියන්නෙ නැති වග උඹ දන්නවානේ. එකක් මම ලියන පොතක් චිත්‍රපටයක් කියවන පාඨකයෙක් කියවලා හෝ චිත්‍රපටය බලලා නැත්නම් මම ඒ ලිපියෙන් කමෙන්ට් එකක් අපේක්ෂා කරන එක වැරදියි. මොකද ඒ ගැන නොදත් කෙනෙක් කොහොමද කමෙන්ට් කරන්නේ.ඒ නිසා යම් අයුරකින් මම ලියූ දේ යම් සංවාදයකට ලක්වෙලා ඒ හා සමාන නිර්මාණයක් තවත් කෙනෙක් අතින් ලියවෙනවා දකින්න මම කැමතියි.

      අනික් අතට බ්ලොග් කියවන්න එන පිරිස උඹ නිරන්තරෙයන් මට කියා දෙනවා වගේ මේ හැමෝම නිශ්චිත වෘත්තියක නියැලෙන ඉතාමත් කාර්ය බහුල පිරිසක්. එවන් පිරිසක් වෙනුවෙන් නිකම්ම නිකං ස්තූතියක් පිරිනමනවාට වඩා යහපත් දෙයක් කරන්න හිතුනා.

      අපි ඉස්සර ඉඳන්ම කලේ "හර්කියුලිසියානු- ප්‍රොමිතියානු" වැඩනේ.. ඒ අතීතය හෙට දවසටත් වලංගුයි.

      හිත හොඳ ළෙංගතු මිත්‍රයෙක් විදියට එදාවගේම අදත්, ඒ හෘදයාංගම මිත්‍රශිලිත්වය නිසා හැමදාමත් අස්වැන්නට එන උඹටත් උඹ සකස්කර දුන් මේ බිමටත් පසුපස ඉන්නේ උඹම තමයි ඊයේත් අදත් හෙටත්. බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් උඹේ මේ අමිල පැතුමටත්.

      Delete
  32. දයානන්ද මහත්තයෝ ඉතාමත් අගේ ඇති විදියට ලියල තියනවා. තමන් කොපමණ දියුණු උනත් මුල අමතක නොකරන ගතිය ඇති අය මේ ලෝකේ තව තව ඉහල යනවා. එය ඉබේම සිදුවන්නක්. කෙසේ නමුත් මේ බ්ලොග් ලෝකයේ මා දුටු අත්දැකීම් වලින් පිරිපුන් වාර්තාකරණය ගැන හසල දැනුමක් ඇති බ්ලොග් කරුවෙකු තමයි ඔබ. ඔබේ සියලුම පොස්ටු එකක් නෑර කියවීමට මා මතක තබාගත්තේ එහි ඇති රසාත්මක වින්දනාත්මක බව නිසයි. මෙතෙක් දින අපට දැනුමට යමක් එකතු කලාක් මෙන් ඉදිරියේදී හරවත් රසවත් දෑ ගෙන ඒමට වාසනාව ලැබේවා. අර්ධ ශතකයට ඔන්න කෝරලේ මහත්තයගෙන් සුභපැතුම්.



    සබඳ අපි කඳු නොවෙමු

    උනුන් පරයා නැගෙන

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයා..
      ඇත්තටම ඔබේ අගය කිරීම නම් සතුටක් දැනෙනවා.අපි අපේ දැනුම සහ හැකියාවන් බෙදාහදාගන්නා සොදුරු නවාතැනක් විදියටයි මේ බ්ලොග් අවකාශය මම දකින්නේ..


      අස්වැන්නට එන ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  33. ඔබේ 50වෙනි අස්වැන්න වෙනුවෙන් මගේ උණුසුම් සුභපැතුම්...

    බ්ලොග් ලෝකයේ අවුරුදු ගානක් දැවැන්තයෙක් නොවුනත් අත්දැකීම් තුල ඔබ වැනි අයෙකු සොයා ගැනීම අසීරු කරුණක් වේවි.බ්ලොග් ජීවි‍තයේ කමෙන්ට් අතර රජ වුන අස්වැන්න ලියන ඔබ වෙනුවෙන් මා තුල ඇත්තේද පැහැදිලි ‍‍ගෞරවයක්...මාගේ බ්ලොග් අඩවියේද ඔබේ අදහස වෙනුවෙන් මා හැමදාම කියන්නේ මට ඔබේ අදහස ගොඩක් වටිනවා යනුවෙන්....ජීවිතයට වගේම බ්ලොග් ලෝකයටත් හැමවිටම ඔබෙන් මට දෙයක් ලබාගන්න ලැබුණා.

    ඔබගෙන් බිහිවුණ හැම පොස්ට්එකක්ම බැලීමට නොහැකි වුවත් බැලූ ලිපිවලත් නෙලාගන්න අස්වැන්නක් අපට තිබුණා.

    සාරවත් අස්වැන්නක් නෙලාගන්න අපට ඉදිරියටත් ලැබේවි යැයි ප්‍රාර්ථනා කරනගමන් තව තවත් ඉදිරියටම යන්න ඔබට ලැබේවා...

    නරතුරුවම ජයම වේවා....

    ReplyDelete
    Replies
    1. සිත්තමී..

      අවංකවම මොනව ලියන්නද කියලා හිතාගන්න බැහැ. ඒත් මම කිසිදවසක කමෙන්ට් වැඩියෙන් අපේක්සාකරගෙන ලියන කෙනෙක් නෙවෙයි.මගේ වෑයම හොඳ නිර්මාණයක් යහලත් නිර්මාණයක් කෙරෙහි එක සහෘදයෙක් හෝ යොමු කිරීමයි. ඒවගේම ඒ මැකීගිය හරවත් කලාව යලි සුහගට යොමු කරගැනීම සදහා ඔබ වන් පිරිසක් එකතු කර ගැනිමයි.
      අස්වැන්නට එන ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  34. සුභ පැතුම එක් කරන්න ටික පරක්කු වුනා අයියේ.. අයියාගේ බ්ලොග් එක මම කොහොම හරි කියවනවා.. පුළුවන් විදිහට කමෙන්ටුස්ත් දානවා.. තව තවත් ඉදිරියට මේ වගේම අර්ථවත් ලිපි ලියන්න ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා.. :)
    ජයෙන් ජයම වේවා..

    ReplyDelete
    Replies
    1. Red Riding Hood ..
      කොහෙද පමා වුනේ.. මේ බලන්න යටින් තව කීදෙනක් ඇවිල්ලාද කියලා. ඒත් ඔබ පමා වුනා කියනවනම් මම ඊටත් වඩා පමාවෙලා මොකද සුබ පැතූ අයට ස්තූතිය සටහන් කරන්නේ සතියකට ඔන්න මෙන්න කියලා.

      අපි කවුරුත් යාන්ත්‍රික ජීවින් බවට පත්වෙලා.. එතකොට සමහර දේවල් මග හැරෙනවා. මට මේ සතියේ බ්ලොග්වල ඇවිදින්න වෙලාව නොතිබුණ තරම්.

      ඒත් බමාවී හෝ ඔබ අස්වැන්නට ආ ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  35. සුභ පැතුම් අයියේ.... එන්න ටිකක් පරක්කු උනාද මන්දා...

    ReplyDelete
    Replies
    1. සිහින මදාරා..

      පමාවී එවූවා යැයි කියා හිතෙනව නම් එක අතකින් ඒ සුබ පැතුම හොඳයි. මොකද ඒක සෑහෙන කලක් මතකයේ රැඳෙන නිසා.

      පාමාවී හෝ ඔබ අස්වැන්නට ආ ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  36. මගෙනුත් සුභපැතුම්... අපි දිගටම ඔබත් එක්ක...

    ReplyDelete
    Replies
    1. අලුත් මල්ලි..

      ඔබ වැනි මේ බ්ලොග් කලාව අලුතින් පටන්ගත්ත ඒවගේම අස්වැන්නට මෑතදී එකතුවූ පිරිස ගැන නුදුරු දවසක මේ විදියටම සටහන් කරනවා.

      අස්වැන්නට ආ ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  37. සුබ පැතුම් අයියේ
    !
    //රැංගෝ ලියන අරුණැල්ල කවිය ගීතය මෙන්ම සාහිත්‍යයද සමාජීය වැදගත්කමින් යුතුව කාලින මාතෘකා නිරන්තරයෙන් සංවාදයට ලක්කරන තැනකි. රැංගෝගේ බස නිරන්තරයෙන් මගේ මතකයට නගන්නේ කලා ක්ෂේත්‍රයේ නිලාර්ගේ බසෙහි භාවිතයයි. රැංගෝ ද රසවත්ව නිර්මාණ ශීලිව ලේඛණ කලාවේ නියැලෙන සහෘදයෙකි//

    බ්ලොග්කරණය මේ තරම් දිගු ගමනකට මග පාදාවී කියලා, අරුණැල්ල ලියන්න පටන් ගනිද්දී මා නොහිතුවා වගේ ම, අස්වැන්න ලියන්න ගනිද්දී අයියාත් නොහිතන්න ඇතී. බ්ලොග් ලියපු කාලය තුළ හඳුනා ගත් වටිනා සහ හෘදයාංගම සොයුරෙකු හැටියට ඔබව හඳුන්වන්න කැමතියි.

    බොහෝ ගීත ගැන මෙන් ම, කාව්‍යකරණය ගැනත් මා ලියන කියන දේවල් වල අඩුපාඩු ගැනත් ඔබෙන් බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් වුනා. ඒ හැම දේ ට ම බොහොම ස්තුතියි.

    අස්වැන්නේ විශිෂ්ඨත්වය මගේ ග්‍රාම්‍ය වහරෙන් කියන්නට යාමෙන් එහි වටිනාකම අඩු කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ.බොහෝ කොමෙන්ටු වල කියලා තියෙන පරිදී ම, අස්වැන්න විශිෂ්ඨයි. බ්ලොග් කියවන්නට වෙලාවක් නැති දිනෙක වුනත්, අස්වැන්නට ගොඩ වැදිලා අලුත් යමක් ඉගෙන ගන්න අමතක නොකරන බොහෝ දෙනාගෙන් මාත් කෙනෙක්.

    අප නෙලා ගත් අස්වැන්න තවත් සුවහසක් උන්ටත් නෙලා ගන්නට මග පාදමින් සුවහසක් කල් යෙහෙන් වැජඹේවා. ආයු බොහෝ වේවා!!

    ReplyDelete
    Replies
    1. රැංගෝ..

      දිග ගමනකට මුල පුරන්නෙ එකම එක පියවරක් තැබීමෙන්. ඒත් යාහැකි දුර හඳනාගත යුතු වෙන්නෙ තමන්ටමයි.ඇත්තටම මේ බ්ලොග් අවකාශය තුළ බ්ලොග් ලියන සහෘද පිරිසෙන් පෞද්ගලිකව මේවන විට මම දන්නෙ හතර දෙනයි. ඒ ඔබත් නුවන් මල්ලිත්, උපේන්ද්‍ර (දැන් බ්ලොග් නොලියන), සහ බන්දුල සොහොයුරා පමණයි. අනෙක් අය අඳුනන්නේ ලියන අදහස්වලින්.

      ඒත් ළබැදි සහෘදයෙකු ලෙසින් දැන හඳුනාගන්නට ලැබීමත්, නිරන්තරයෙන් මා ලියදෑ කෙරෙහි අවධානයෙන් සිටිමන් විවිධ තරක්විතරක් ඉදිරිපත් කර මා නිවැරදි කරන ඔබ අස්වැන්නට තබන මේ සටහන්වලට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  38. මම නම් හොඳටම පරක්කුයි අද.... හි හි

    අස්වැන්න සරුසාරයි.....

    සුභ පැතුමි....!!!

    ReplyDelete
    Replies
    1. හිරු..

      මටනම් පමාවක් දැනේනේ නැහැ. ඒත් මේ සැරේ මම නම් පමාවුණා. තිබුණ වැඩ කන්දත් එක්ක සහෘද පිරිසට ස්තූතියක් කරන්න. ඒගැන හිතලාම තමයි මම මුලින්ම සටහන්කලේ නිරන්තරයෙන් මෙහි ආගිය පිරිස ගැන.

      පමාවී හෝ අස්වැන්නට ආ ඔබටත් බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  39. ඔබ සෑහෙන මහන්සියක් අරගෙන අපි හැමෝගෙම සබැඳි යොදල අපුරුවට ලිපිය නිර්මාණය කරලා..බොහොමත්ම ස්තුතියි සහෝ..
    ඔබටත් ජයෙන් ජය පතනවා ඉතින් මම !

    ReplyDelete
    Replies
    1. හිරුහිමාවි..
      නිරන්ත‍රයෙන් අස්වැන්නට පැමිණි ඔබ වැනි සහෘද පිරිසට වෙන කෙසේ ස්තූති කරන්නද? ඒකට හොඳම ක්‍රමය මෙයයි.

      මෙතෙක් කල් අස්වැන්නට ආ ඔබටත් බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  40. සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන

    වියරු ගිනි දැල් නොවෙමු
    කැලය අවුලා තබන
    සිහිල දෙන වැස්ස වෙමු
    දැවෙන කැලයට වහින

    චණ්ඩ පවනක් නොවෙමු
    දෙරණ අතු ගා දමන
    මන්ද මාරුතය වෙමු
    දෙ කොන සිපගෙන හමන

    නපුරු හීනය නොවෙමු
    ළමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬහැරය වෙමු
    දනන් නින්දෙන් මුදන

    යකඩ පිත්තල නොවෙමු
    රජුන් උඩපැන තලන
    බුරුත කොස් නැදුන් වෙමු
    උන්ට එසවිය නොහෙන

    පිදුරු පොල් අතු නොවෙමු
    පැරණි ගෙට සෙවිලි වන
    සබඳ අපි ගඩොල් වෙමු
    අලුත් ගෙ පැළක් බඳින
    මෙකට නම් මං සිරාම ආසයි සබැදියවන් සහිත ලිපි බ්ලොග් අව්කශය තුල පවතින හොද්ම අඩ්වි බව නිහත්මනිව පිලිගනිම ජයෙන් ජයම වෙවා>>>

    ReplyDelete
    Replies
    1. සචිත්..

      මමත් මේ ගීයට වගේම කවිටත් බෙහෙවින්ම කැමතියි. ඒ මේගීය අසම්පූර්ණ නිර්මාණයක් කියා බොහෝ විචාරකයන් කිව්වත් මට හැ‍ඟෙන්නේ සම්පූර්න ගීයක් හැටියටයි. ඒකය් බොහෝ වටනි අදහසක් දෙන මේ ගීයට සහ කවියට මම කැමති.

      අස්වැන්නට ආ ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  41. අස්වැන්න ගැන වෙනමත්, රත්නායක ගැන වෙනමත් දැනගෙන හිටියට අස්වැන්න රත්නායකගේ වැඩක් කියල දැනගත්තේ ෆෝස්ට් එකක් එක්ක ගීතයක් දාන්නේ කොහොමද කියල අහගෙන ආපු දවසේ. (එතකොට උපේන්‍ද්‍ර මාරු වෙලා ගිහිල්ල) එදා ඉඳන් රත්නායකගේ අස්වැන්න හැමදාම කියෙව්වත් සුපුරුදු පරිදි මම කමෙන්ට් දාන්නෙ කලාතුරකින් නිසා අස්වැන්නනේ යාවජීව සාමාජිකත්වය මට අයිති නෑ.
    50වැන්නට ඔබ අළුත්ම අරුතක් එක් කළා! බ්ලොග් අඩවියකට තේමා ගීතයක්!
    සබඳ අපි කඳුම වෙමු, බලු හඬට මිටි නොවන!

    ReplyDelete
    Replies
    1. බන්දුල..
      ඔබ අස්වැන්නේ නිරන්තර සාමාජිකයෙක් බව මම දන්නවා. IT ක්ෂේත්‍රයේ පරිණත දැනුමක් සහ හැකියාවක් ඇති දැවැන්තයෙක් බඳු ඔබ වැනි මිත්‍රයෙකු හඳුනා ඩගැනිමත් මා ලද වාසනාවක්. ඒත් මම වගේම ඔබත් ඉතාමත් කාර්ය බහුල කෙනෙක්. නිරතුරු මෙහි නොආවත් ඔබේ මුවින් නැගෙන එකම වචනයත් මෙතෙකැයි කියා කිව නොහැකියි.

      නිරතුරු දැනුමින් මා පෝෂණය කරන ඔබ මේ මොහොතේත් අස්වැන්නට ආලෝකයක්. බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  42. තවම ඇරැඹුම පමණයි මිතුර
    යා යුතුය තව බෝ දුරම
    සා පවස නොතකා
    කෙම්බිමක් සොයා ‍බෝදුර
    හදවත් වලට ලැගුම් සලසන..

    යා යුතුය ඈතටම තව තව....

    ReplyDelete
    Replies
    1. OUTSIDER

      අස්වැන්නේ ලියැවෙන දෑ නිරන්තර විමසිල්ලෙන් සහ විචාරාත්මක ඇසින් දුටු කෙනෙක් ඔබ. මෙහි ඔබ දැවැන්තම කොටස්කරුවෙක්. ඒ නිසා ඔබ පිලිබඳව විහාල ගෞරවයක් තියෙනවා.

      නිරතුරු විචාරාත්මක අදහස්වලින් මා පෝෂණය කරන ඔබ මේ මොහොතේත් අස්වැන්නට ආලෝකයක්. බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  43. මේ ලිපිය මට තරමක විමතියක් ගෙන දුන්නා. අස්වැන්න වසරකට වඩා අඩු කාලයක් සම්පූර්ණ කළ බ්ලොග් අඩවියක් යැයි විශ්වාස කිරීමටත් අපහසු තරම් කරුණක්. ඒ තරම්ම සරු අස්වැන්නක් මෙහි තිබෙනව.

    සුදුසුම කාල පරාසයක් තුළ ලිපි පළ වීම, සෞන්දර්ය ක්ෂේත්‍රය පිළිබඳව අප නොදන්නා බොහෝ කරුණු අඩංගු වීම, ඊටත් වඩා අපගේ හද ගැස්මටම අනුරූප වීම අස්වැන්න මෙතරම් ජන්ප්‍රිය වීමට හේතුවක් ලෙස මා දකිනව.

    තවත් දිගු කාලයක්, මෙතෙක් පැවතියා හා සමාන හරවත් ලිපි රාශියකින් අස්වැන්න සරු වේවි. ඒ සඳහා සුබ පැතුම්. ඒ වගේම මගේ බ්ලොග් අඩවිය පිළිබඳව ඔබ තබා තිබෙන සටහනද හිතට ලොකු හයියක්.

    ReplyDelete
    Replies
    1. සිඳූ..

      ඇත්තටම මම මගේ 50වන සටහනේ සඳහන් කළා වගේ මේ ලියූ දේවල් දිග වැඩි නිසා කොටස් කළා නම් මේ වන විට පෝස්ට් 200-250 ක් විතර වෙන්න තිබුණා. ඒත් මොනවා අපේක්ෂාවෙන්ද මා එවැනි දෙයක් කරන්නේ යන අදහස නිරතුරු හිතට එනවා.

      අනෙක් අතට මේ බ්ලොග් ලියන්නේත් කියවන්නේත් විවිධ වෘත්තීන් සහ අධ්‍යන කටයුතුවල නියැලෙන පිරිසක්. ඒ නිසා ඒ සහෘද පිරිස නිරන්තරයෙන් මෙහි කැදවිම සහ ඒ කාලය නකරුනේ අපතේ යැවීමක් ලෙම මා දකනවා. ඒක්යි අස්වැන්න ඊට සුදුසුම කාල පරාසයක් ඇතුලත සටහන් වෙන්නෙ.

      කාර්ය බහුල ජීවිත ගතකරන ඔබ වැනි සුහදිනියන් මේ මොහොතේත් අස්වැන්නට ආලෝකයක්. බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  44. හැමදාම ලස්සන දේවල්වල අප නොදුටු පැත්තක් අරන් ඇවිත් අපිට ඒවායේ ලස්සන තව තවත් දකින්නට පෙන්වන්නට ඔබ දරන උත්සහය බොහොම වටිනවා. තව තවත් ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා...

    ReplyDelete
    Replies
    1. තරුවා..

      අස්වැන්නට ආ ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  45. කලා ක්ෂේත්‍රයේ අප නොදුටු පැති එළිදක්වන මේ උත්සහය අමිලයි.. මේ තැබූ පියවරින් පිපුණ දහසකගෙ හිත් ලබාගත් දැනුම.., රස විඳි ගීත සමූහය හදුනගත් නව ගීත.., තුති ඔබට මේ හැම අපහමුවේ තබනවට.. මේ නෙලීමට වෙරදරන අස්වැන්න තව තවත් මල්ඵල ගැන්වී දෝතපුරා ලබන්නට හදවතින්ම සුබ පැතුම්..!!!

    ReplyDelete
    Replies
    1. නන්දු..

      මා ලියු දෙයින් යම් රසයක් ලැබුණා නම් ඒ මගේත් සතුටක්.

      කාර්ය බහුල මොහොතක හෝ.. අස්වැන්නට ආ ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  46. 50 වැනි ලිපියට සුභපැතුම් දයා අයියේ..

    දයා අයියාව මම දකින්නෙ බොහොම නිහතමානී මනුස්සයෙක් විදිහට. එක දවසක් මට 'ඔබතුමා' කියලා කතා කරන්නෙපා කියපු හැටි තාමත් මතකයි. කලාවට ආදරය කරන මිනිසෙකු වු ඔබතුමා රසවත් හා හරවත් කලාවක පහස අන්තර්ජාලයට ගෙන එනවාට මාගේ ආචාරය පිළිගන්න. ඝෝෂාකාරී සංගීතයම අහන ඇහෙන යුගයක අන්තර්ජාලයෙන් හෝ මෙබඳු කන්කළු ගීත ඒවායේ වටපිටාවද සමඟ අපවෙත ගෙන එනවාට බොහෝම ස්තුතියි. මම නොදැන සිටි ශිල්පීන් බොහෝදෙනෙක් අස්වැන්න හරහා හඳුනාගත් බවත් ඔවුන්ගේ නිර්මාණ රසවිඳි බවත් හදපිරි සතුටින් මතක් කරමි.

    අස්වැන්නේ අස්වැන්න තව තව වැඩිවේවා! හරවත් රසවත් ලිපි තව ලියැවේවා!

    මාව මතක් කළාටත් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. හරී..

      ආරම්භයේ පටන් අස්වැන්නට පැමිනි ඔබ මුල්ම වතාවට එක දවසක් අස්වැන්නෙදි "ඔබතුමා" කිව්වා.ඒතරම් අපහසුවට පත්වුන දවසක් කලා ලෝකයේ හමුවුණ මුල් වතාව. මම වුණත් කලා ලෝකයේ "ඔබතුමා" කියල කතා කරනේ දෙන්නටයි. ඒ අමරදේවයන්ටත් , වික්ටර් රත්නායකයන්ටත් විතරමයි.

      පිදිය යුත්තන් පිදුම හොද දෙයක්. ඒත් අපි එලෙස පිදුම් ලබන්න මොනවද කළේ. ඒනසා ඔබ වැනි සහෘදයන් අතර මාත් එකම එක සහෘදයෙක් පමණයි. ඒ නිසා "දයා" හෝ "රත්නායක" කියා කවුරු හෝ කියනවට මම ඉතාමත් කැමතියි.

      ඔබ වැනි සහෘදයන් අමතක වෙනවද මේ මොහොතේ.ඉතින් අස්වැන්නට හැමදාමත් එන ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  47. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    දිගටම ලියන්න කාලය ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩවි රජතුමා..

      ඔබ වැනි සහෘදයන්අඩවි රජ කෙනෙක් මේ මොහොතේත් අස්වැන්නට ගොඩවැදීමගැන නම් හැමදාමත් වගේම බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  48. සුභ පැතුම් දයානන්ද අයියේ !!! (මහත්මයා කෑල්ලට අකමැති නිසා අයියා කිව්වා !)

    ඔබ වගේ කෙනෙක් සිංහල බ්ලොග් අවකාශයට එකතු වීම ලොකු වාසනාවක්... විශේෂයෙන්ම ගීත සාහිත්‍යය පිළිබඳ තිබුණු හිඩැස ඔබතුමා නිසා මැකුණා...

    මේ දාලා තියෙන චිත්‍ර නම් මාරම ලස්සනයි...!!!!

    තව ඉදිරියටත් කලාවත්, බ්ලොග් අවකාශයත් දෙකම පෝෂණය කරන්නට ඔබතුමාට ශක්තිය, ධෛර්යය ලැබේවා... !!! අස්වැන්නෙන් අස්වැන්න ලබන සැමගේම පැතුම එයයි !!!

    ReplyDelete
    Replies
    1. චතුරංග..

      මේ චිත්‍ර දෙකම ප්‍රවීන චිත්‍රකතා ශිල්පී අනුර ශ්‍රී නාත් කලා කරුවානන්ගේ. එතුමාට මාත් මේ මොහොතේ ස්තූතිවන්ත වෙනවා. මෙවැනි සිතුවම් රටට දායාද කිරිම වෙනුවෙන්.

      අස්වැන්නට ආ ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  49. බ්ලොග් ලෝකයේ දැකපු ලස්සනම ලස්සන ස්තූති ලිපිය.

    සුබ පැතුම් අයියා..........

    ReplyDelete
    Replies
    1. සොඳුරු සිත..

      මම බැලුවා කාර්ය බහුල විමත් එක්ක අස්වැන්න නොදුටුවද කියලා. ඒත් ‍කිනම් මොහොකත හෝ ගොඩවදීවි කියා හිතුනා.
      ඔබ වැනි සුහදිනියක් මේ මොහොතේත් අස්වැන්නට පැමිණීම නගැන නම් බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  50. දයානන්ද සොයුර,
    හෘදයාංගම බවේත්, සොදුරු කලාවේත් බිජුවට වපුරා රසික සිත් සතන් පහන් කළ, දැහැන් ගතකළ, පිරිපුන් කළ අස්වැන්නේ 50වැනි කිරි ඉතිරවිල්ලට හද පත්ලෙන් ම නැඟෙන ලෙන්ගතු බවේ සුබපැතුම්!

    ReplyDelete
    Replies
    1. තුසිත..

      නුවරකලාවියේ වැව්බැදි රජරට මගේ සොඳුරුතම තවමත් නොදුටු මිත්‍රයෙකු ලෙසටයි මා ඔබ දක්නේ. ඒ නිසාමයි කලාවේ රසය හඳුනන ඔබ ගැන මම ඔබ ගැන විශේෂ සදහනක් කළේ.

      ඔබ වැනි සහෘදයකු මේ මොහොතේත් අස්වැන්නට රජරටින් පැමිණීම බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  51. අස්වැන්නෙහි අසිරි
    හරැති ලිපිමයි රසපිරි
    පනහට සුබාසිරි
    තවත් දුර යන්න ආසිරි !

    ReplyDelete
    Replies
    1. රසික

      අස්වැන්නට ආ ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

      Delete
  52. අස්වැන්න නෙළන්න ආවේ පළවෙනි වතාවටයි - ඒත් අහම්බෙන්.මේ තරම් සරුසාර අස්වැන්නක් තියෙන බව දැනගන්න ප්‍රමාදවුණු එකට මට කණගාටුයි. පනස්වෙනි සතියට සුබ පතන්න ලැබීම නම් ඇත්තටම සන්තෝෂයට කාරණාවක්.අස්වැන්නට දිගාසිරි පතන ගමන් ආයෙමත් මේ පැත්තේ එන්න පොරොන්දු වෙන්නම්.ජය!!!

    ReplyDelete
  53. A.Wickz..
    අස්වැන්නට ආව ඔබව සාදරයෙන් පිලිගන්නවා.

    මෙහි පැමිණි ඔබට බෙහෙවින්ම ස්තූතියි... ඒ වගේම 50 වන අස්වැන්න වෙනුවෙන් ඔබ යා කළ මේ අමිල පැතුමටත්.

    ReplyDelete
  54. සුබ පැතුම්. මම මේක බොහොම ආසාවෙන් කියවන අඩවියක්. මේ නම් ආවෙ සෑහෙන කාලෙකට පස්සෙ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...