සිංහල සංගීතයේ යුග
යාත්‍රිකයා
මාස්ටර්, නම් වූ
සිංහල සංගීතයේ අග්‍රගණ්‍ය සංගිතවේදියා අපෙන් සමු අරන් ඔක්තෝම්බර් මාසෙ 24 වනදාට
හරියටම අවුරුදු හතරක් පිරුණා. ඒ 2008 ඔක්තෝම්බර් මාසෙ 24 වෙනිදා තමයි ඔහු අප අතැර
ගියේ. මේ
කාලය ගලා ගිය වේගයේ තරමටම ඔහුද අප මතකයෙන් බැහැර වෙමින් සිටිනවා. අප කාලයත්
එක්ක දිවයන තරගකරුවන්ව සිටින හෙයින් එවන් සොදුරු මිනිසුන් මතකයෙන් බැහැරව යාම
පුදුමයක් නොවෙයි.
එසේ වුවත්, කාලයත්
සමගම සියලු දේ මතකයෙන් බැහරව යන බව අප මෙන්ම මාස්ටර්ද හොදින් දැන සිටියේය. ඒ නිසාම
සිය ජීවිත කාලය තුළදී සිංහල සංගීතයේ ඔහු නියෝජනය කළ අඩසිය වසකට අධික කාලය
අභිබවා යන සේ මාස්ටර් සිය සංගීත
ඥානයෙන් කාලය සමතික්‍රමණය කළේය. ඔහු එය
කළේ තවත් කිසිවකුටත් ඒ ඉසව්වට ළඟා විය නොහැකි පරිද්දෙනි.
අප මතකයෙක් කෙමෙන්
බැහැරව යන මේ වැනි අසම සම කලාකරුවන් අස්වැන්නට අමතක කළ නොහැකිය. ඒ ඔවුන් මෙරට
ජනතාවගේ බුද්ධිය සමග නිරන්තරයෙන් සංවාද කළ, සංවාදයක යෙදුණු , මිනිසුන්ගේ චින්තන
රටාවන් කලාවෙන් වෙනස් කළ අසම සම වූ ප්‍රතිභාවක් සතු කාලාකරුවන් හෙවත් මහා ප්‍රාඥයන්
වූ නිසාය.
මට මේ අසමසම මහා
සංගීතවේදියා කිසි දිනෙක හමුවී නැතත්, ඔහු
මෙරට ගොඩනගන ලද මහා සංගිත සම්ප්‍රදායටත්,
ඔහු බිහි කළ නව සංගීත චින්තනයටත් මම මහත් සේ ඇලුම් කරමි. ඒ අන්කිසිවක් නිසා නොව
ඔහු මෙරට සංගිතයේ හැරවුම් ලක්ෂයක් වූ නිසාය.
කිසිවකුටත් අත
පොවනු නොහැකි දුරකින් වූ මාස්ටර් ගොඩනැගූ මහා සංගිත සම්ප්‍රදාය තුළ මම ද එක
සිරකරුවෙකි. එහෙයින් අපේ කාලය තුළදී කාලය
සමතික්‍රමණය කළා වූ මාස්ටර් නම් වු ඒ මහා සංගිතවේදියාගේ සිවු වැනි ගුණ සමරුව වෙනුවෙන් අද අස්වැන්න සටහන්
කර තබමි.

බාල වියේදීම තමා
ආදරය කල මවු ඇකයෙන් බිමට පැන්න ඔහු ඊළඟට තමා ආදරය කළ බටනලාවත් රැගෙන වාද්දුව
තල්පිටිය ග්‍රාමිය පාසැලේ තාප්පයෙන් පැන්නේය. කොළඹ දුවන කෝච්චියේ එල්ලී කොළඹට පැමිණ මරදානේ
ඉස්ටේෂමෙන් බටනලාවද මිටින් ගෙන පංචිකාවත්ත පාරට වැටුණේ ඔහු වාද්දුවෙන් කොළඹට ගෙනා
ඒ අසමසම වූ ප්‍රතිභාවයි.
පසු කලෙක මගේ කාලයේමවුනි සංගීත සංධ්වනිය ඉදිරිපත් කිරීමේදී දී ඔහු එදා ළමා කාලයේ තම මවු උකුලේ නැළවෙද්දී ඔහුට දැනුන අම්මාගේ නැලැවිලි ගීයේ ස්වරයද ගාලු කොළඹ දුම්රියේ
රිද්මයට එකට කැටිකොට මගේ කලයේ මවුනි
සංධ්වනිය නිර්මාණය කිරීමේදී ඔහු
නොදැනුවත්වම එළියට පැන්නේය. පානදුර, වාද්දුව ධීවරයන්ගේ හඬ සහ ඔවුන්ගේ රිද්මය බඹරු ඇවිත් චිත්‍රපටයේ සංගීතයට යොදා ගත්තේය. ඔවුන්ගේ සිතුවිලි
උදුම්බරා ගීයෙන් පිටට ඇද සුවහසක් රසිකයන්ට ගෙන හැර පෑවේය. ඒ ඔහු සතු වූ අසම සම වූ ප්‍රතිභාවයි.
චිත්‍රපට ගීතය , ගීතයක්
නොවූ කල්හි ඔහු සිනමාව සමග අරගලයක යෙදුණේය. ඒ අරගලයේදී සිනමාකරුවා භාවිතා කරන බස සමග සිරගත නොවී ඒ ඔබ්බබෙහි වූ
සිනමාවේ සෞන්දර්යය රීතිය සංගීතයෙන් සොයා ගත්තේය. රූප රාමු ඉල්ලා සිටින ජවනිකාවලට
ඔහු සිංදු හැදුවේ නැත. ඒ නිසා සමස්ත සිනමා කෘතිය සමගම සංවාදය යෙදෙන සිනමා සංගීතය
සහ සිනමා ගීතය අලුත් සංධිස්තානයකට රැගෙන ඒමට කේමදාසයන්ට හැකිවිය. උදුම්බරා, හිමින්
සැරේ පියා විදා, මාද ඔබම විය, සුළං කුරුල්ලෝ, ආදී ගීත ඊට හොඳම නිදසුන්ය. සිනමා සංගීතයේදී, බඹරු ඇවිත්, හංස විලක්, ගොලු
හදවත, නිධානය සහ තුන්වැනි යාමය ලාංකේය
සිනමා සංගීතයේ නොමැකෙන සටහන් තැබු අමරණීය සිනමා සංගීත කෘතීන් වේ. මේ
සුළඟ වගේ ඇවිදින්
සුළඟ වගේ ඇවිදින්
කොහි සිටදෝ - කොතැනටදෝ
සුළඟ වගේ ඇවිදින්
මවකගෙ කඳුළක් මුතු ඇටයක් වී
දුවකට සුර සැප සැදුවාදෝ
පියෙකුගෙ ඩහදිය සිප් සයුරක් වී
පුතෙකුගෙ මනසක් පිරුවාදෝ
ගේය පද: බණ්ඩාර කේ විජේතුංග
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි
කේමදාස
සහ ගැයුම: විශාරද මාලනී
බුලත්සිංහල සමග
ටී.එම්. ජයරත්න
චිත්‍රපටය: රිදී
නිම්නය
අධ්‍යක්ෂණය: ඩී.බී.නිහාල්සිංහ
කේමදාසයන් සිංහල
සංගීතය කණපිට හැරවූ විශ්වකර්මයෙකි. ඔහු සංගීතයෙන් දේශපාලනය කළේය. සංගීතයෙන් වැඩකරන
ජනයා සමග එක්ව අරගල කළේය. තමා නියෝජනය කල සංගීතය සමග ගැටුණේය. මිනිසුන්ට සංගීතයට ආදරය කරන්නට ඉගැන්නුවේය. ඔහු සංගීතය සමග
භාවනා කළේය. ඉන්දු නොනැවතී සංගීතය නම් වූ විශ්ව භාෂාවේ ලාංකේය සළකුණ ලෝකයට ගෙන
ගියේය. ඒ සියලු දේ කළේ තමා විසින්ම ගොඩ නගා ගත් සම්ප්‍රදාය ඇසුරු කරගනිමිනි.
කේමදාසයන් නිශ්චිත සංගීත සම්ප්‍රදායකයට ගැති නොවීය ඔහුට තිබූ එකම සම්ප්‍රදාය
කේමදාස සම්ප්‍රදාය පමණි. ඔහු සංගීතයෙන් තමා සමගම අරගල කරගත්තේය. ගීතයේ සිවුපද
ආකෘතිය කඩා බිඳ දැම්මේය.

තම අත පොවනු නොහැකි
දුරකින්, ඈත සිතිජයෙහි වූ අහස පොළව යා කරන සයුරු රේඛාවේ ඇඳි රිද්මය ඔහු
හඳුනාගත්තේය. මිනිසුන්ගේ හදේ රිද්මය ඔහුගේ නිර්මාණ තුළ විය. පෙර අපර දෙදිග සම්ප්‍රදාය
භාවිතා කරමින් නිර්මාණ කළේය. ජන සංගීතයේ ඇසුරින් ජන කවිය නූතන බසට ප්‍රතිනිර්මාණය
කළේය. පිරිත් සහ සූත්‍ර දේශනාවන්හි සංගායනා
රිද්මය ඇසුරු කර ගනිමින් කැන්ටාටා, ඔපෙරා.
නිර්මාණය කළේය. ඒ නිසා කේමදාසයන් නිරන්තරයෙන්
සංගීත නාද රටා සමග මිනිස් හඬ මුසු කරමින් නව සංගීත ආකෘති අත්හදා බැලීමට කිසිම විට
පසුබට නොවීය. ලෙස්ලි ප්‍රනාන්දු වැනි අසීමිත හඬ පෞරුෂයක් සහ ගායන පරාසයක් ඇති ගායන ශිල්පින් ගේ විරල
හඬින් ඔහු අසිමිත ප්‍රයෝජනය ගත්තේය. මේ එවන් වූ අවස්ථාවක ජන සම්ප්‍රදාය නූතනයට කළ
අත්හදා බැලිමකි.
බොලන් පොඩි නංගි
ටිකක් හිටපන්
බුලත් විට කන්න
ටිකක් හිටපන්
කුසයේ දැවෙනා
ගින්දර රස්නෙන්
රබාන රත්වෙනවාලූ
දුකට කියන මගේ
විරිදු සුරල් මේ
නෑසෙනවා දෝ
පින්වතුනේ
පින්වතුනේ
කරුණාවන්ත වූ මහතුනේ
කැසට් විදියේ ඒ
රොප්පේ
රංග තාල සද්ද
නැගෙන්නේ
මගේ විරිදූ
අකුර අකුර බිම
පෑගෙන්නේ
මටත් කියන්න වේවිද
ගෝර නාඩු සිංදු ගීත
පින්වතුනේ
පින්වතුනේ
කරුණාවන්ත වූ මහතුනේ
නවින පන්නේ ආ දවසේ
සිදාදියේ අප මිය
යන්නේ
සිනා සතුටු
බමර අතර අප
නවතින්නේ
හෙටත් බලා ඉන්නද
වීදි කොනක මග තනිවී
පින්වතුනේ
පින්වතුනේ
කරුණාවන්ත වූ මහතුනේ
ගේය පද: ආචාර්යඅජන්තා
රණසිංහ
සංගීතය :
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
සහ
ගැයුම: ලෙස්ලි ප්‍රනාන්දු
කේමදාසයන් කිසියම්
හෝ සම්ප්‍රදායක් අබියස අඟුටු මිට්ටෙක් නොවීය. ඔහු අභියස තිබූ ඒ චූල සම්ප්‍රදායට ඔහු අභියෝග කළේය. දෙවරක් නොසිතා කුළු ගෙඩියෙන් වැරෙන්
පහරක්දී සුනු විසුනු කර දමන්නා සේ ඒ සම්ප්‍රදායේ
සියලු බැමි පුපුරවා හැරියේය. සිංහල සරල ගීතයේ වෙනස්කම් රැසක් ඔහු අතින් සිදු වූයේ චිත්‍රපට ගීත තරමටම රස ගන්වමිනි. එකල
ගුවන්විදුලි ගිත අතිශය ජනප්‍රිය වූයේ ඔහුගේ මේ සංගීතයේ අරගලය නිසාය.
චිත්‍රපට සංගීතයෙන්,
සරල සංගීතයෙන් ඔබ්බට ගොස් ඊට ඈතින් වූ ලෝකය
සෙව්වේය. එයින් ලාංකේය සංගීත රසිකයන්ට සංධ්වනි සංගීතය, ඔපෙරා, කැන්ටාටා වැනි ලෝ
සුපතල සංගීත ක්‍රම හඳුන්වා දී ලංකාවේ
රසිකයා ඊට නැඹුරු කළේය.
70 දශකයේ මෙරට
බිහිවූ සියලුම ගාක ගායිකාවන් සඳහා එකදු ගීයක් හෝ නිර්මාණය කරමින් ඔවුන්ගේ ගායනයේ
ස්වර විස්ථාරණය හෙවත් ස්වර පරාසය ගැනත් හොඳ අවබෝධයක් ලබාගත්තේ අවශ්‍යම
අවස්ථාවන්හිදී ඔවුන්ගේ ගායන හැකියාවෙන් ප්‍රයෝජනය ගැනිමටය. අමරදේව, වික්ටර්
රත්නායක, සනත් නන්දසිරි, නන්දා මාලනී ඇතුළු ඒ දශකයේ සියලුම ප්‍රබුද්ධ ගායක
ගායිකාවන්ද, එවකට ජනප්‍රිය ශිල්පීන් වූ ජෝතිපාල, මිල්ටන් පෙරේරා, එම්.එස්.ප්‍රනානන්දු,
ෆ්‍රෙඩී, ඇන්ජලීන්, වැනි අයගෙන්ද
කේමදාසයන් විපුල ප්‍රයෝජන ගත්තේය.
![]() |
ග්‍රැන්විල් |
එවන් වූ ශිල්පින්
අතරින් ග්‍රැන්විල් රොඩ්රිගෝ ගායන ශිල්පියාගේ ගායනයත් රංගන ප්‍රතිභාවත් මට යාන්තමට
සිහිවේ. කේමදාසයන්ගේ ගායන වෘන්දයන්හි සිටි ග්‍රැන්විල් වැනි ශිල්පියෙකුගේ හඬ ඔහු
යොදාගන්නේ අපූර්ව ආකරයෙනි. මේ ග්‍රැන්විල්ගේ අපූරු හඬ ඊට නිදසුනකි.
මගේ යටත් වැසියෝ
සියලු දෙනාම
මුලු දවස පුරා
සිනාසිය යුත්තෝය
මේ රජ අණ කඩ
කරන
කඳුළක් හෙළන
ඕනෑම අයෙකු රාජ ද්‍රෝහියෙකු ලෙස සලකා
බරපතල දඬුවම් පමුනු
වනු ලැබේ..
ඒකාධිපති
ජිංජිස්කෑන් මහ රජුගේ
අලුත්ම නියෝගයයි ඒ.....
ඔහුට වුවමනා වුණේ
තම රටවැසියන් සියළු
අගහිඟයෙන් දැවෙතත්
කිසිඳු අගහිඟයකින්
තොරව
යස ඉසුරින පිරී
දිවි ගෙවන බවට
අවට ලෝකයට හැඟවිමටය.
ඔහුට වුවමනා වුණේ
තමා මහා කුරිරු
පාලකයෙකු වෙතත්,
අමන මෝඩයෙකු වෙතත්,
ඒ බව වැසෙන සේ අමුතු
අමුතු සෝබන පා
ජන සිත් රවටා
තමා මහා රසිකයෙකු
බවත්, මහා ප්‍රාඥයෙකු බවත්
මේ රට වැසියන්ට
හැඟවිමටය.
ඔහු ඉදිරියේ සිටින බත් බැල සන්නිවේදකවරු
මෙහිදී..
මහා රජුගේ මහා ගුණය
මහා නුවණ
මහා ඉහළින්ම වනන්නට
වූහ.
කපටි
නිළමේවරුන්, ආවතේවකරුවන්
ඒ වෙනුවෙන් උත්සව
සංදර්ශන
සංවිධානය කරන්නට
වූහ.
බඩගැති පූජකවරුන්
ඊට ආශිර්වාද කරමින්
ප්‍රකාශ නිකුත්
කරන්නට වූහ.
වෙනත් කළ හැක්කක්
නැතිව
අසරණ රට වැස්සෝ..
රජ අණ පිළිපදිමින්
සිනාසුනහ.
ඇතුළත වෛරය සඟවාගෙන
පිටතට නොපෙනෙන්නට
සිනාසුනහ.
උදේ සිටන් රෑ වන
තුරු කොතෙකුත් සිනාසුනහ.
එහෙත් ඒ සෑම දිනකම
අඳුර වැටී එද්දී
රෑ බෝවූ පසු හොර
රහසේම
ස්ටෙප්ස් තැනිතලාවට
එකතුවී
කෝපය සංසිදෙන තුරු
පිළිකුල හමා යන තුරු
සිත් සැහැල්ලු වන
තුරු
දෙස් දෙවොල්
තියමින් හත් හැවනි හවමින්
කදුළු වැසි
වස්සමින්
ඇති තරම්
හැඬූහ........
රචනය: ඩේවිඩ් කූගල්තිනොව්
අනුවාදය: සහරිසි කුලතන්තිල
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ග්‍රැන්විල්
රොඩ්රිගෝ
මේ සා වූ අති විශාල සංගීත ඥානයකින් හෙබි ආචාර්ය ප්‍රේමසිරි
කේමදාසයන් ගොඩනැගූ ඒ සංගිත සම්ප්‍රදායන් මතු දවසටද වලංගුව පවතින්නේය.෴
වටිනා කාලය බිඳක්
වැය කර ගී රස විඳිමින් කියවූ ඔබට ස්තූතියි.
වෙලාවක් ඇත්නම් මීට වඩා වෙනස් වූ ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න.
ව්ටිනා ලිපියක් ගිත ටිකත් ලස්සනයි
ReplyDeleteසචින්..
Deleteස්තූතියි ඔබට
ඇත්තටම ලංකාවේ "ගාන්ධර්වයා" කියන ගරු කිරීම යොදන්න පුළුවන් අතලොස්සක් දෙනාගෙන් ඉහලින්ම ඉන්න කෙනා.
ReplyDeleteමානවක..
Deleteඇත්තෙන්ම මාස්ටර් කියන්නේ ලංකාවේ සංගිතඥයන් කීපදෙනා අතර අති විශිෂ්ඨයෙක්.
බොහොම හෙමින් ටොක්කකුත් ඇනලද මන්දා... ;-)
ReplyDeleteහිතුනා මටත් ඒ බව...!
Deleteහරේෂ්...
Deleteමම ටිකක් සැර බාලකරලා ලිව්වේ..මම මේකට නම දාල තිබුනේ "සංගිතයෙන් දේශපාලනය කළ සංගීතඥයා"කියලා. ඒකත් සැර වැඩි නිසා අඩුකලා. ඒ කොහොම වුනත් ඇත්ත සර්වකාලිනයි.
වීපොකුර..
ඇත්තටම එහෙමයි
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් පිළිබඳ ඇඟට දැනෙන ලිපියක් ...ඇත්තෙන්ම ඔහුගේ සංගීත නිර්මාණ වල වූ විශිෂඨ ආවේණික බව කිසිදා අමතක නොවන්නක් ..ඒ වගේම ඔහුගේ හදරැදි දේශපාලන මතය ගැන එළිපිට කතා කරන්නට තරම් හැඟිමක් තිබූ , පෞරුෂත්වයෙන් පිරි චරිතයක් ....
ReplyDeleteඔහුගේ “පිරිණිවන් මංගල්‍යය“ කෙතරම්ම සොඳුරු නිර්මාණයක් දැයි විඳගන්නට පුළුවන් මේ ලිංක් එකෙන් ..
http://youtu.be/EOO0Kj3Rsa8
ස්තුතියි
මහේෂ්..
Deleteඅත්තටම මාස්ටර් සංගිතය කරපු වේදිකා නාටය වගේම කැසට්වලින් බොහොමයක්ම තේමා වුනේ සමස්ථ දේශපාලන පද්දතියයි. ඒක ලෝකයේ ඕනෙම රටකට අදාල කරගන්න පුලුවන්. පිරිවන් මංගල්‍ය
මම බාගතකරගෙන තියෙන්නේ..
ස්තූතියි මහේෂ්..
සුපිරිම ලිපියක් මිත්‍රයා...වටිනා කරුණු බොහෝයි.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
නලීන්...
Deleteඔබ අස්වැන්නට ඉතාමත් සාදරයෙන් පිලිගන්නවා..
ස්තූතියි මේ අදහසට
නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තු ලිපියක්.
ReplyDeleteමධුරංග..
Deleteමධුරංගටත් ස්තූතියි.. නොදන්න ගිත කීපයක්ම එකතු කලේ ඒ නිසයි.
අගනා ලිපියක් රත්නායක!
ReplyDeleteකිසි දිනක කිසි කෙනෙකුට අමතක නොවිය යුතු යුග පුරුෂයෙකු පිළිබඳව මෙවන් 'සිහිකිරීම්' කිරීම යුග මෙහෙවරකි!
බන්දුල..
Deleteඇත්තෙන්ම අවුරුද්දකට සැරයක් තකයට නැගීම ප්‍රමානවත් නොවුනත් ඔවුන්ගේ මෙහෙය සදාකාලිකව මිනිස් සිත්තුල තැන්පත්ව තියේවි...
ස්තූතියි බන්දුල ඔබටත්..
ලාංකීය ටෙලි නාට්‍ය කලාවත්, චිත්‍රපට කලාවත් අතරමන් වුණා කියල හිතෙනව මට තවමත්, ගැලපෙන ප්‍රබල සංගීතයක් නැතිව, එතුමාගේ වියෝවෙන් පස්සෙ
ReplyDeleteසිඳූ..
Deleteඑතුමා සංගිතය සැපයු ටෙලිනාට්‍ය සංඛ්‍යාව අතලොස්සක් වුනත් ඒ හැම එකක්ම සදාකාලික මතකයේ රැෙඳෙනවා. ඒවගේම අද චිත්‍රපට සංගිතය කියලා එකක් නැති තරම්.එහෙම කැපවීමෙන් නිර්මාන
කරන අය අද අඩුයි.
ස්තූතියි..
වටින ලිපියක්!
ReplyDeleteවකා...
Deleteස්තූතියි ඔබටත්..
ඇත්තම කියන්නම් මිත්‍රයා...කේමදාස මහතා ගැන ටී.වී. වල වැඩසටහන් යන්කොට මට හිතුනා ඔබ ලිපියක් දමාවි කියලා.
ReplyDeleteදඬුබස්නාමානය නාට්‍යයේ මගේ ජීවිත කාලෙ මෙතෙක් දැනිච්ච හොඳම සංගීතය තිබුනා. ඒක හදවතට දැනෙන දෙයක්..අද ඇහෙන සංගීතත්(සින්දු) එක්ක බලනකොට මාස්ටර්ල ,මොනතරම් දක්ෂයොද...!
මට මතකයි..එක පාරක් කලින් ජනාදිපතිතුමියගෙ කාලෙ එතුමාව , රූපවාහිනියෙ සංගීත අංශයටද කොහේද පත්කරල මාසයක් ගියේ නැහැ. පුවත්පත් සාකච්ඡාවක් තියල කිව්ව මම එතන ඉන්නෙ නැහැ සල්ලිම හොයන්න ඕන්නම් කසිප්පු විකුනපල්ල කියල...මහන්සියකුත් නැතිවම කියල. ඒ වගේ නිර්භීත් තීරණ ගත්ත පුද්ගලයෙක්.
වීපොකුර..
Deleteමම පුරුද්දක් විදියට ටිවි නොබලන නිසා ඒගැන නම් දන්නෙ නැහැ මාස්ටර් ගැන වැඩසටහනක් කලාද කියලා..ඒත් මාස්ටර් සහ තවත් කිපදෙනෙක් ගැන තොරතුරු මතකයේ තැන්පත්ව නිරන්තරයෙන් හිතේ තියෙනවා.
අනෙක් සියලු සංගිතඥයින්ගේ සංගිත රටා අතරින් මාස්ටර්ගේ සංගිතය හඳුනගන්න පුළුවන්.
ඔබට මතකද මංදා එතුමා කාලයක් ජාතික අධයාපන ආයතනයේ ධුරයක් දරලා ඒ සංගිත උපදේශක කමෙන් පළයක් නැහැ කියලා ඔය වකවානුවේම දමලා ගෙදර ගියා.. ඒ තමයි නියම මාස්ටර්.
කල්පිටියට ගිය වෙලාවෙ ඉඳල මට මතක් උනේම බඹරු ඇවිත් චිත්‍රපටියේ උදුම්බරා ගීය . එය ජීවිත කාලයටම මතක හිටින ගීතයක් . චිත්‍රපට කලාවට ලොකුම පාඩුවක් මෙතුමාගේ වියෝව .
ReplyDelete…ආයෙත් මෙහෙම අය බිහිවෙයි කියා සිතන්න අමාරුයි .
…බොහොම ස්තූතියි මේ සොඳුරු කලාකරුවා මතක් කර සටහනක් තැබුවාට .
…
ගිම්හානි..
Deleteඇත්තටම අපේ රටේ එක්තරා යුගයක විතරයි කැපවිමක් තයෙන කලාකරුවො හිටියේ.හැබැයි දැනුත් එහෙම කිපදෙනෙක් ඉන්නවා. ඒ අය නම් වැඩකරන්නේ ජාත්‍යන්තරය එක්ක. මතකද මම කලින් ලිව්වදෙිනේෂ් සුබසිංහ අන්න මාස්ටර් වගේම වැඩකාරයෙක්.
ස්තූතියි ගිම්ටත්.
කේමදාස මාස්ටර්ගේ ගීත අහන වෙලාවට අපිව වෙනමම මානයකට අරන් යනවා සමහර ගීත කාන්ඩ තනු අහන කොට හිතා ගන්නත් බැහැ කොහොමද මේ වගේ දෙයක් ගැන හිතුනේ කියලා ...
ReplyDeleteරොබින්..
Deleteමාස්ටර් සංගිතයටත් එක්තරා විදියක අබියෝගයක්.. ඒකයි.
සංගීතය ගැන මම මෙලෝ දෙයක් දන්නේ නෑ, නමුත් හොඳ දෙයක් රසවිඳින්න නම් හැකියාවක් තියනවා. කාලයත් එක්ක තරඟ කරනකොට සමාජයට අමතක වෙලා යන මේ වගේ විශිෂ්ට මිනිස්සු ගැන මේවගේ සටහන් ලියන එක ඇත්තටම සමාජ මෙහෙවරක්.
ReplyDeleteපැතුම්..
Deleteමමත් සංගිතය ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. ඒත් හොඳ දේවල් අහන්න පුළුවන්. ඒකයි මේවගේ අයට මම මේතරම් ගරු කරන්නේ.
කියන්න තිබ්බ දේවල් ඔක්කොම වගේ කලින් කමෙන්ට් එකක දැම්මා...
ReplyDeleteඒක නිසා රස විඳලා විතරක් යනවා මේ පාරට විතරක්...
හිරු..
Deleteස්තූතියි ඔබටත්..
කේමදාස ශූරීන් ගැන නොදත් දේ බොහෝ ලිපියේ තිබුණා...
ReplyDeleteසුළඟ වගේ ඇවිදින් අහල තිබුනෙම නෑ...ස්තූතියි ඔබට ඒ වෙනුවෙන් නව පරපුරට මෙවැනි දායාද ලබාදෙනවාට
සිත්තමී..
Deleteඅපි අහල නැති විඳල නැතිදේවල් කොයිතරම් තියෙනවද?
දයානන්ද අයියේ..... කේමදාස මාස්ටර් කියන්නේ ලංකාවේ නම ලෝකෙම කතාබහට ලක්කරවල ලංකාවට යම් තැනක් ලෝකයේ හදාගන්න වැඩකළ පුද්ගලයෙක් ඇති දක්ෂ කලාකරුවෙක්. නමුත් අද දවස කීයෙන් කී දෙනාටද මතක තියෙන්නේ. ඔහුව අහම්බෙන් මතක් උනොත් ඇර, එයද අපේ මද්‍යකාලීන පරම්පරාවට මිස දැන් හැදෙන නූතන පරම්පරාවෙන් ඔහු ගැන දන්නේ අතලොස්සකි. මේ ඔබේ සටහන එවන් වූ අමරණීය මිනිසෙකු අප අතර සිටි බව නූතන සමාජයට මතක් කරදෙන ලිපියක් ලෙස හඳුන්වන්න පුළුවන්.
ReplyDeleteකෝරලේ මහත්තයා..
Deleteඇත්තටම මෙවැනි කලාකරුවන් සදාකාලිකව ගරු කල යුත්තන් පිරිසක් මාස්ටර්ද එහෙම කෙනෙක්
ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගෙ ඔපෙරා නම් මට එච්චර දිරෙව්වේ නෑ.. ඒවා තේරුම් ගන්න තරම් දැනුමක් නොමැති නිසාත් ඒවා රසවිඳිය යුතු ආකාරය නොදන්නා නිසාත් වෙන්ටැති..
ReplyDeleteග්‍රන්විල් රුදිගු කියන්නෙ මම ආසම නළුවෙක් හා ගායකයෙක්.. අපරාදෙ අකාලයේ මියගියේ..
හරී..
Deleteඔපෙරා සංගිතය නම් ටිකක් විදින්න අමාරුයි ඒත් විඳගන්න පුරුදු වුණාම හරිම සරලයි.
ග්‍රැන්විල් ඇත්තටම මාස්ටර් එක්ක වැඩ කල දක්ෂයෙක් අවාසනාවට ඔහු අපි අතරින් වෙන්ව ගියා..එවැන් ඕනෑම අතකින් දක්ෂයෝ හම්බවෙන්නේ කලාතුරකින්
මාස්ටර් වගේ මිනිස්සු තමා ඉන්න ඕන අප්පා..ඒත් කරුමෙට ඉන්න ඕන මිනිස්සු නැහැ..
ReplyDeleteකොහොම උනත් අපූරු ලිපිය සහෝ..
මට මගේ ප්‍රොජෙක්ට් වලටත් මේ ලිපිය ගොඩක් වැදගත්..බොහොමත්ම ස්තුතියි,
ජයෙන් ජයම වේවා ඔබට!
හිරුහිමාවි..
Deleteඅධ්‍යන කටයුත්තකට වැදගත් වුනා කියලා කියනකොට සතුටුයි.
ජයෙන් ජයම වේවා ඔබටත්....
මාස්ටර්ගෙ සංගීත නිර්මාණ වලින් මම අවසන් වරට අහලා තියෙන්නෙ "වෙද හාමිනේ" ටෙලියෙ සංගීතයයි.
ReplyDeleteඑහි ආරම්භයේ එන නර්ථන පුහුණු ජවනිකාවේ ශරීරාංග රිලැක්ස් කරගන්න දෙන විධාන සමග සංගීතය මුසු වී තිබූ ආකාරය තවමත් මතකයි.
මොකද ඔපෙරා ගැන වැඩි සදහනක් නැත්තෙ....මාස්ටර් ගැන කතා කලාත් සිංහල ඔපෙරාව ගැන සදහන් කරන්නම වෙනවා.
එරික් ඉලයප්ආරච්චි මාස්ටර් ගැන පොත් කීපයක්ම ලිව්වා. ඔහුගේ "ලලිත සමය" ආරම්භ වෙන්නෙකත් මාස්ටර්ගෙ මරණයෙන්.
සුමිත්..
Deleteමාස්ටර් ගැන ලියද්දි ඔපෙරා ගැන විහේෂයෙන්ම කතා කල යුතුමයි. මම මිට පෙර ඒගැන ටිකක් මදහන් ඛලා. කාලෙකට ඉහතදි. මේලිපිය දිග වැඩිවන නිසා තරමක් කෙටිකරන්න සිදුවුණා..
වැඩියෙන්ම මාස්ටර් ගැන ලිව්වේ එරික් ඉලයප්ආරච්චි මහතා තමයි
මාස්ටර්ගෙ සුවිශේෂත්ත්වය තත් භාණ්ඩ සංගීතය සඳහා යොදා ගැනීමෙදි වඩාත් කැපී පෙනුන බවයි මට සිතෙන්නෙ....වයලීනය, සිතාරය, සෙලෝ, ආදිය ඔහුගේ නිර්මානවල ඉහලින්ම කැපී පෙනෙනවා....ඔබ සඳහන් කල ගීත වලට අමතරව වඩාත් මෑත කාලයේ බිහිවුනු ' මිනිසා...මරණ තුනක් ඇති මිනිසා", සොඳුරිය....කාලය මෙතරම් නපුරුද...." ආදී ගීතවලත් මෙම තත් භාණ්ඩ අද්විතීය අයුරින් යොදාගෙන තියෙනවා....
ReplyDeleteamu...
Deleteසාමාන්‍යයෙන් මාස්ටර් වැඩිපුරම තත් සහිත බාන්ඩ යොදාගන්නවා වැඩියි. විශේෂයෙන්ම ඔහුගේ නිර්මානවල නිරන්තරයෙන් පෙර අපර දෙදිග සංගිත භාණ්ඩයන්හි සංකලයක් දකින්න පුළුවන්. ඒවිතරක් නෙවෙයි ඇතැම් තත් භාන්ඩ වාදනය සදහා විදේශීය වාද්‍ය ශිල්පින් යොදාගත් අවස්ථාත් තිබෙනවා.
ඔහු සිහිකර ලිපියක් තැබුවාට ස්තුතියි..!70 දශකයේ ගීත නුතන පරම්පරාව පවා රස විඳිනවා.නමුත් වර්තමානයේ ගීතවලට වෙලා තියන දේ දැක්කම දුකයි,ජනප්‍රියත්වය ගැන සිතා ක්ෂණිකව ගීත නිර්මාණය කරනවා,සමහර විට සංගීතය ගැන දැනීමක් නැතිවම .ඒවා තාවකාලිකයි..මිනිස්සුන්ගේ හිත්වල රැඳෙන්නේ නැහැ..
ReplyDeleteරෙහානි..
Deleteඅද තියෙන්නේ ක්ෂනික ගිත. ඒවා ගැලපෙන්නේ බස් අජිත්ලාගේ ගිතවලට පමණයි. එයිනුත්
ඇතැම් ගීත හරියටම සංගිතය දැමූ විරිදු. ඒත් මාස්ටර් වැනි ඇය කල්පයක් පවතින වැඩ කැලා තියෙන්නේ..
ස්තූතියි රෙහානි
අපේ සංගීත කලාවේ අමරණීය සටහන් ඉතුර කළ අමතක නොව සංගීතඥය...එවන් මිනිසෙකුගෙ සිව්වැනි ගුණ සමරුව මතක් කරමින් අස්වැන්නෙන් ගෙනා ලිපිය අපුරුයි.
ReplyDeleteදිකිති
Deleteඅපි මේ අය සිහි කරනු අර වෙන කුමක් කරන්නද?
ස්තූතියි
"කිසිවකුටත් අත පොවනු නොහැකි දුරකින් වූ මාස්ටර් ගොඩනැගූ මහා සංගිත සම්ප්‍රදාය තුළ මම ද එක සිරකරුවෙකි."
ReplyDeleteමම තාම මාස්ටර් මතක් උනාම දඬුබස්නාමානයේ පටන් ගන්න සoගීතේ අහනවා.තාම පුදුම හැඟීමක් එනවා.කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ...
ඔහු තරම් හදට දැනෙන්න ගීතයට තනු තියපු තවත් කෙනෙකු ඇත්ද?ඔබ අපුරුවට එතුමන්ව සිහි කිරිම පිළිබදව ඇත්තටම සතුටකි.
ReplyDeleteගයානි..
Deleteස්තූතියි මාස්ටර් වෙනුවෙන් සටහනක් යා කළාට
මාස්ටර් ගැන තවත් ලිපියක්. ඔහු ගැන කොයි තරම් කියෙව්වත් එපා වෙන්නේ නෑ. මේ ග්‍රැන්විල් කියන ගීතය අදමයි මම ඇහුවේ. වචන ටික විතරක් දැක්කොත් හිතෙන්නේ මේක ගීතයක් ගීතයක් කරන්න සක්‍රයාටවත් බැහැ කියලා :)
ReplyDeleteසයුරි..
Deleteමාස්ටර් තමයි ගිතයේ ස්ථායි, අන්තරා කියක බෙදිම නැතිකරග ගිත හැදුවේ. අනෙක ගිතයට අවශ්‍ය මාත්‍රා සහ ගිතයේ පාද පිළිබඳව ඔහු එතරම් සැළකුවේ නැහැ. ඒනිසා තමයි අම්මාවරුනේ, ළඳුනේ, මිනිසා බලාසිටී, උදුම්බරා වගේ ගිත හැදුවේ.
ග්‍රැන්විල් කියන්නේ වෙිදිකාවේ අතිවිශිෂ්ඨයෙක් ඔහුගේ ගායනය හැදුනේ කේමදායන් ඇසුරින්. ඒත් ඔහු ගායනය පටන්ගනිද්දිම අප අතරින් වෙන්ව ගියා.
ප්‍රේමසිරි කේමදාස මහත්තයාගේ මම ආසම සිංදුවක් 'උදුම්බරා...'. අහන ගමන් ලියන්නේ.:)
ReplyDeleteමේ වගේ උතුම් පුද්ගලයෙක් අපිට නැති උනානේද කියලා හිතන කොට හිතට දැනෙන්නේ දුකක්. ඒත් ඔහුගේ සංගීතය ඇහෙද්දි හිතෙන්නේ ඔහු තාමත් අපි අතර ඉන්න බවක්.
ඔහු ගැන වැඩි විස්තර අවශ්‍ය නැහැ.
දයා මේ කොටසින් කිවයුතු සෑම දේම කියලා.
// සෑම මිනිසකු තුළම කිසියම් හෝ නිර්මානාත්මක හැකියාවක් තිබුණද ප්‍රතිභා සම්පන්න බව තුළ ඇති පූර්ණ නිර්මාණාත්මක හැකියාව පිහිටන්නේ කලාතුරකිනි. ප්‍රතිභා සම්පන්න බව කියවීමෙන්, ඇසීමෙන්, දැනගැනීමෙන්, මෙන්ම ඉගන ගැනීමෙන්ද කෙනෙකුට ළඟා කර ගත හැකි වුවත් එසේ ළඟා කරගන්නා ප්‍රතිභාව නිර්මාණාත්මකව නිසි ලෙස භාවිතා කිරිමට දක්වන සමත් කම ඒ නිර්මාණ කරුවා අසම සම නිර්මාණකරුවකු බවට පත් කරයි. කේමදාසයන් ඒ ප්‍රතිභාව උත්පත්තියෙන්ම රැගෙන ආවේය.//
ඔහු ඇත්තෙන්ම ප්‍රතිභාසම්පන්න කලාකරුවෙක්!!!
පොඩ්ඩි
Deleteමාස්ටර්ගේ සංගිත නිමැවුම් හරියටම භාවනාවක් වගේ කෙනෙකුගේ සිත නිවන්න පුළුවන් වගේම.ඒ නිර්මාණ ඇසුරින් දේශපාලය විනිවිද දකින්නත් පුළුවන්. ඒකතමයි මාස්ටර්ගේ විශිෂ්ඨත්වය.
පොඩ්ඩිටත් ස්තූතියි මාස්ටර්ගේ රසිකාවියක් ලෙස ඔහු වෙනුවෙන් මේ සටහන තැබුවාට
කේමදාසයන් ගැන පූර්ණ විස්තරයක්.
ReplyDelete// ප්‍රතිභා සම්පන්න බව කියවීමෙන්, ඇසීමෙන්, දැනගැනීමෙන්, මෙන්ම ඉගන ගැනීමෙන්ද කෙනෙකුට ළඟා කර ගත හැකි වුවත් එසේ ළඟා කරගන්නා ප්‍රතිභාව නිර්මාණාත්මකව නිසි ලෙස භාවිතා කිරිමට දක්වන සමත් කම ඒ නිර්මාණ කරුවා අසම සම නිර්මාණකරුවකු බවට පත් කරයි.//
එකඟයි ඒ අදහසට.
මැණික්
මැණික්...
Deleteඇත්තටම යම් කෙනෙක් කුමන්හෝ දෙයක් නිර්මාණය කිරීමට ඉගෙනගත්තා මදි එයි නිසි ලෙස භාවිතයේ යෙවීමෙදියි ඔහු විශිෂ්ඨයෙක් වෙන්නේ.
මැනික්ටත් ස්තූතියි.
//කිසිම දවසක ජනප්‍රියත්වය හඹා නොගිය// අය අදත් ජනප්‍රියයි ඒ අය හොයාගෙන ජනප්‍රියත්වය ආවා අද තියන ජනප්‍රියත්වය තාවකාලික මවපෑමක්.
ReplyDelete…කේමදාස මාස්ටර් ගැන ඔබ කල ඇගයුම පැසසිය යුතුයි. ඔහු ශ්‍රීලාංකිකයින් සතුව තිබූ ජාතික වස්තුවක්. තව කාලයක් ඔහු ගැන මතකය අප අතරේ තිබිය යුතුයි. වේදිකා නාට්‍ය වල ඔහු කල හරඹයනම් මම හොඳට රසවිඳලා තියනවා. ඔබ සඳහන් කල සමහර නාට්‍ය බලන වෙලාවට හිතෙනවා මේ රඟහලේ මම හැර වෙන කවුරුවත් ම නෑ කියලා.
ලොකුජෝන්..
Deleteඇත්තටම මිනිස්සු ඉපදෙනවා මැරෙනවා අපිති එහෙමයි. ඒත් ඒවගේ සිය දහසක් අතරින් සදාකාලික මකයේ රැඳෙන්නට යමක් ඉතුරු කරලා යන්නේ කීපදෙනයි. මාස්ටර් එවැන්නෙක්.
"නාට්‍ය බලන වෙලාවට හිතෙනවා මේ රඟහලේ මම හැර වෙන කවුරුවත් ම නෑ"
ඔබ වගේම මාත් එමෙයි. ඒත් මටම හිතෙනවා. අනේ මටත් එහෙම සංගිතමය හැකියාවක් තිබුණනම් කොයිතරම් හොදද කියලා.
dila mehi aami bohoo comment dakkemi ahe en comment nokaleme
ReplyDeleteඩිලාන්...
Deleteඔබ අස්වැන්නට ඉතාමත් සාදරයෙන් පිලිගන්නවා..
කමෙන්ට් කොළෙමි කිව්වට කරපු කමෙන්ට් එක හොඳටම ඇති..
ස්තූතියි
වෙනදා වගේම වටිනවා........
ReplyDeleteතරුවා
Deleteස්තූතියි.. ඔබට...
අදත් වෙනදා වගේම වැදගත් ලිපියක්.. කේමදාසයක් නැති අඩුව කවදාවත් නැති කරන්න බැරි වේවි.. එතුමන්ගේ හැම නිර්මණයකටම වගේ මම හැමතියි..
ReplyDeleteදිනේෂ්...
Deleteඅපි සදාකල්ම ජිවත්වෙන් බලාගෙන මෙලොවට පහල වූ අය නෙවෙයි. ඒ නිසා එක්තරා යුගයක් මාස්ටර් මෙලොවට අවිත් කල්පයක් පවතින වැඩකොටසක් ඉටුකළා. ඒ නිර්මාන අප අතර පවතීව් ඒ අයුරින්ම
අපූරු වදන් පෙළගැස්මක්..
ReplyDeleteජෝතිපාල හා කේමදාස සුසංයෝගය ගැන තව දැන ගන්න කැමතියි..
රූ...
Deleteමම අස්වැන්නෙන් ජෝතිපාල ගැන ලිපි පෙලක්ම ලියනවානේ. අන්න ඒ ලිපි පෙලේ එක පේලියක කොටස් කිපයක්ම ඔබ නෑසු ගිත කිපයකුත් එක්කම මසේටර් සහ ජෝතිපාල ගැන කියැවෙනවා..
ලලිත සමයෙහි සඳහන් වෙන්නේ මීට වඩා යම් ආකාරයකට වෙනස් මතයක්. මාස්ටර් උත්සාහ කළේ ඕක් පැලයක් ලංකාවේ හිටවන්න වගේ අදහසක්. කොහොම නමුත් අද අපට රස විඳින්න සංගීතයක් ඉතිරිව පවතින්නේ සහ සංගීතය නමින් ඝෝෂා කරද්දී, සැබෑ සංගීතය හඳුනා ගන්න අපව යොමු කළේ මාස්ටර් බවට සැකයක් නැහැ. කේමදාස මාස්ටර් කියන්නේ අති දක්ෂයෙක්. එහි කිසිම විවාදයක් නැහැ. නමුත් ඔහුගෙන් ලබා ගත යුතු උපරිමය අප ලබා ගත්තා ද? මේ ලබා ගත් ප්‍රමාණය ප්‍රමාණවත් ද?
ReplyDeleteජය වේවා!
රැංගෝ...
Deleteමට එරික් ඉලයප්ආරච්චිමහතා ලියූ ලලිත සමය කියවන්න බැරිවුනා.. ඒ මාස්ටර් ගැන තමයි ලියල තියෙන්නේ.
මාස්ටර් ජීවත්ව සිටිද්දි ඔහුගෙන් ලබා ගත යුතු දේ සහ ඉගන නොගත් දේ එදා අප නොගත්තා නම් අද අපි කිස්සේත්ම ඒවා ගන්නේ නෑ. ඒක මේ වෙලා තියෙන්නේ. නැත්නම් මේවන විට අපි සංගිතයෙන් බොහෝ දුර ගිහින්..
උදුමබරා හිනැහෙනවා...........
ReplyDelete“ආදරයේ ඔබ ඔබමය
ආදරයේ ඔබ මා නොව
දවසක්දා...
හඳුනාගත්තොත් ඔබ මා....”
හිමින් සැරේ පියා විදා
වැනි ගීත අපේ මතකයෙන් සදා නොමියන ගීත එකතුවක්. මාස්ටර් විතර ආධුනිකයින්ට අත හිත දීපු තව කෙනෙක් නැති තරම්. මගේ ඥාති නැගණියක් සංගීත තැටියක් කරත්දී කිසිම හැඳිනීමකින් තොරව මේ මහා සංගීත වේදියා අතහිත දුන්නෙ සිය කැමැත්තෙන්. මෙවන් කලා කරුවෝ යලි මේ රටේ බිහි වේවිද කියලා සැකයි. ඔහු ඇත්තෙන්ම ප්‍රතිභාසම්පන්න කලාකරුවෙක්! ඔහුට අපේ ප්‍රණාමය!.
චාන්දි...
Deleteඇත්තෙන්ම මාස්ටර් ළඟට යන්න සමහර ආධුන්කයෝ මැලිකමක් දැක්වූවා කියල මට හිතෙනවා. ඒ ඔහු ගිතය වගේම නියම හඬ මතුවුනේ නැත්නම් බනින නිසා. අනික තමයි රැල්ලේ දුවන සංගිය නොහැදු නිසා.
එවැනි අහම්බෙන් හෝ එතුමාගේ නිර්මාණ වලින් ප්‍රයෝජනයක් ගත් නවකයන් අතලොස්සක් දෙනාට දැන්නෙනවා ඇති මාස්ටර් කියාදුන්නේ මොතරම් වටින සංගිතයක්ද කියලා..
වෙනදා වගේම වටින ලිපියක්.. මේ ලිපියේ තියෙන ගීත කීපයක්ම මම කලින් අහලා නෑ.. ඒ නිසා වටිනකම තවත් වැඩිවුනා... මාස්ටර්ගේ වියෝවෙන් අපේ සංගීත ක්ෂේත්‍රයට ඇතිවුන අඩුව යලි කවදා පිරේවිද?
ReplyDeleteතොටියා..
Deleteඇත්තටම මේ මාස්ටර්ගේ නිර්මානවලින් අතලොස්සක් විතරයි. ඒත් කිසිදවසක මාධ්‍ය මගින් ප්‍රචාරය නොවු ඒවා.
මාස්ටර් වගේ දක්ෂයෝ කීපදෙනෙක්ම ඉන්නවා. නමුත් ඔවුන් ජාත්‍යන්තරය සමග එකතුවෙලා වැඩ කරන්නේ. ලංකාවේ ඔවුන්ට නිසි තැන නොමැති නිසා
අන්තිම ගීතය ටිකක් අපිට හුරුයි හුරුයි වගේ. ගීත රචකයාට අනාගතය දැකීමක් තියෙනවා වගේ.
ReplyDeleteමම ළමා කාලේ ඉඳලම එතුමාගේ සංගීතයට ගොඩාක් ආසයි තවමත්.
ස්තුතියි ලිපියට.
අසරණයා...
Deleteඅන්තම ගිතය අපිටි සමිපයි. මොකද මේ අපි ගෙවන්නේ එවන් කාලයක්. මේ ගීය ග්‍රැන්විල් කින්වේ 80 දශකයේ මුල හරියේදි විතර එදා වගේම අදටත් ගීය යථාර්ථය කියා දෙනවා.
කාලෙකට පස්සේ දිග නිවාඩුවකින් අපහු ආව එක සතුටක්.
මෙවන් සොඳුරු ලිපියකට අකුරක් දෙකක් කොටා පැන යාම නොහොඹිනා බැවිනි පමා වුයේ . කියන්නට බොහෝ දේ ඇති විටද කොරස් කටේ අත දමන්නට බැරි වූ මිනිසා මෙන් යයි මට සිතේ .
ReplyDeleteඔහුගේ ප්‍රතිභාව අපගේ රස වින්දන තලය අභිබවා ගිය බවක් ඇතැම් විට මට සිතේ ,.ඇතැම් විට ඒ ඔහු අනාගතයේ ජිවත් වූ හෙයින් විය හැක . එහෙත් ඛේදනීය කාරණය නම් රස වින්දනය කාලයේ ප්‍රස්ථාරයේ යටි පල්ලට යාමය . එහෙත් අහම්බෙන් හෝ උඩුගම් යන අනාගත පරපුරට හෝ ඔහුගේ ලකුණ ඉතිරි කර තැබීම අපගේ යුතුකම වේ . ඔබ ගේ මේ ලිපිය එවන් වෑයමකි.
බින්දි..
Deleteඉදහිටලා හෝ අනාගතය කල්තබා දුටු මෙවන් ප්‍රාඥයන් අප බුහුමනට ලක් වන්නේ ඒ නිසා. අපි මාස්ටර් නො ඇසු නිර්මාණ බොහොමයි.. ඒවා තමයි මේ ඉඳහිට අහන්නේ..
කේමදාසයන් කියන්නේ කිසිදා අමතක කළ නොහැකි මතකයක්. මම ආසම උදුම්බරා හිනැහෙනවා හා හෙමින් සැරේ පියා විදා සිංදු දෙකේ සංගීත නිර්මාණයට. එමෙන්ම මේ ලිපියෙන් බොහෝ දෙනෙකුට අමතකව ගිය ග්‍රැන්විල් රොද්‍රිගෝ කලාකරුවා ගැනත් ඔබ මතකයට අරන්. ගොඩක් ස්තූතියි අයියේ.
ReplyDeleteප්‍රියන්ත..
Deleteඇත්තටම ග්‍රැන්විල්ගේ ගායන හැකියාව මතුවෙන්නේ කේමදාසයන්ගේ ගායන වෘන්දය හරහා. මොකද ඔහු තනිවම ගායකයෙක් විදියට පෙනී සිට්න්න කලින් මාස්ටර් එක්ක දීර්ඝ කාලයක් වැඩ කළා. ඒත් මේ ග්‍රැන්විල් ගැන ලියපු විස්තරය පුමානවත් නෑ. බලමු මතු දවසක මිට වඩා ඔහු ගැන කතා කරන්න
මුලින්ම මා ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනව මෙවනි වටින ලිපියක් ලිවීම පිළිබඳව.
ReplyDeleteකේමදාසයන් පිලිබඳව කෙටියෙන් සඳහනක් කලොත් ඔහු ඉතා සරළ ජීවිතයක් ගතකළ පුත්ගලයෙකි.
එමෙන්ම මා ශිෂයකු ලෙස වසර ගනනක් ඔහු සමග සම්බන්ඳව අධ්‍යාපනය ලබා ඔහුගේ නිර්මන වලට දායක වීමට ලැබීම මා ලද වාසනාවක් ලෙස සිතමි.
ඔහු සමකිරීමට කිසිඳු නිර්මානකරුවෙකුට නොහැකි යන්න මාගේ හැගීමයි.
ඔබට ස්තුතිය්
සිදත්
නවරැල්ල ,කැලාමල් ගීතනාටක ගැන කිසිවෙක් කතාකරනවා මා අසා නැත.ධර්මදාස වල්පොල ගයන සීගිරිගල මුසපත්කල කැටපත් පවුරේ -ගීය ඔහුගේ පුතෙකු වත් ගයනු අසන්නට මම පෙරුම් පුරමි.ඉතා මිහිරි අර්ථපූර්න එම ගීත කේමදාසයන් පුජනීය කෙරේ.
ReplyDelete