එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Thursday, 4 October 2012

෴ හුදකලා ඇඟිලිතුඩු... Isolated Fingers ෴


 

ගිටාරයක තත් අතර රැඳුණ මිහිරි හද ගැස්ම

සංගීතය විශ්ව භාෂාවක් කියන කතාව ඇත්ත කියල වැටහෙන්නෙ ඉඳහිට  වෙනස් අකාරයේ සංගීතමය අත්දැකිමක් විඳින්න ලැබුණාම. ඒ නිසා අද අස්වැන්න සටහන ලියන්නෙ එවැනි මිහිරි  සංගීත නිර්මාණයක් ගැනයි.

මීට කලින් අස්වැන්න තුළින් අපට සිටින දක්ෂතම වයලීන වාද්‍ය ශිල්පින් තිදෙනා සහ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව  කෙටි සටහනක් කළා ඔබට මතක ඇති. ඒ "වයලින මැවූ හීන" නමින්.

ගීතය සාමූහික ප්‍රයත්නයකින් බිහිවන නිර්මාණයක ප්‍රතිඵලය වුවත්, අවසාන වශයෙන් ගායකයා, ගායිකාව, ගීත රචකයා,  සංගීත අධ්‍යක්ෂවරයා ගැනත්, ඔවුන්ගේ  කාර්ය භාරය, අත්දැකීම්, ගීතයේ මූලාශ්‍ර අදිය පිළිබඳව අප කොතෙකුත් කතා කළත් බොහෝ විට ඒ ගීත රස ගැන්විමට වාදනයෙන් සහය වූ වාද්‍ය ශිල්පින් හෝ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව වැඩි සොයා බැලිමක් මේ රටේ සිදුවන්නෙ නැති තරම්. මට හිතතෙන්නෙ මේ වාද්‍ය ශිල්පීන්ටත් මේ රටේ නිසි අගැයුමක් ලැබිය යුතුයි කලාකරුවන් පිරිසක්  කියලයි.

ඒ නිසාම අද අස්වැන්නට මුල පුරන්නෙ ගිටාරය වයන දක්ෂ සංගිත වේදියෙක් සහ ඔහුගේ නවතම නිර්මාණය  පිලිබඳවයි. ගිටාරය වාදනය කරන ශිල්පින් අතර මහින්ද බණ්ඩාර, මහේන්ද්‍ර පැස්කුවල් සහ නාලක අංජන කුමාර ‍මේ රටේ ඕනෑම සංගීතමය පටිගත කිරිමක් හෝ ප්‍රසංගයක සිටිය යුතු අත්‍යවශ්‍යම ශිල්පින් තිදෙනෙක්. ඒ අතරින් නාලක අංජන කුමාර මෑතකදී නිර්මාණය කරන ලද Isolated Fingers නමින් වූ ගී අනුවාදන නිර්මාණ එකතුවත් සමග නාලක සහ ඔහුගේ නිර්මාණ  ගැන අද සටහන ලියමි.

නාලක අංජන කුමාර සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ රජරටින්. ප්‍රාදේශිය ගුවන් විදුලි සේවාවක් වූ රජරට සේවය ළමා මණ්ඩපයේ ගායකයෙක් වගේම වාදකයෙක් ලෙසයි ඔහුගේ සංගිත දිවියේ ආම්භය සටහන් වෙන්න. ඒ ප්‍රාදේශිය ගුවන් විදුලියක් වූ රජරට සේවයේ ස්වර්ණමය යුගය. අනතුරුව නාලක ජාතික තලයේ සංගිත අධ්‍යක්ෂවරයෙක් සහ ගායන ශිල්පියෙක් ලෙස සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනා ගැනිමට සමත් වූයේ ඉතාමත් ළා බාල වයසේදිමයි. ඔහු පළමු වතාවට  ගීතයක් නිර්මාණය කරන්නෙ කරුණාරත්න දිවුල්ගනේට ඒ  "අතිතය සිහිනයක් පමණයි" ගීතය. අනතුරුව ඔහු විසින්ම  නිර්මාණය කළ  දිවුල්ගනේ ගැයූ "ඔබට වරම් නැති " ගීතයත් නාලකගේ සංගීත ගමනේ ශක්තිමත් අඩිතාලමක පදනම වුණා. ඒවන විට ඔහුට වයස අවුරුදු 16 යි.

එසේ රජරට සේවය හරහා සංගීත ක්ෂේත්‍රයට පිවිසි නාලක පාසල් දිවියෙන් පස්සේ කපුගේගේ "කම්පන"   ඒක පුද්ගල ගීත ප්‍රසංගයේ ගිටාර් වාදන ශිල්පියා ලෙස සහභාගි වෙමින් සිය සංගීත දැනුම පුළුල් කර ගත්තා.

ඕනැම ගීතයක් නො අසා ඒ ගීතයේ ස්වර ප්‍රස්ථාරය මතකයෙන් නිවැරදිව ලිවිමට හැකියාවක් තියෙන  සංගීත අධ්‍යක්ෂකවරයෙක් එහෙමත් නැත්නම් වාදකයෙක් විදියටයි වරෙක කපුගේ විසින් ඔහු හැඳින් වූයේ.  ඒ කෙසේ වුවත්, නාලක පසුකාලයේ  ගුවන්විදුලියේ සංගීත අංශයේ වාද්‍ය වෘන්දයට ගිටාර් වාදකයෙකු ලෙස සම්බන්ධ වුණා.

එහෙත්,  නාලක අංජන කුමාර නම් වූ අති දක්ෂ වාද්‍ය ශිල්පියා රසිකයන් අතර නමක් රඳවා ගැනිමට එකවර සමත් වන්නෙ  ජාතික රූපවාහිනිය ඔස්‍සේ ඉරිදා රෑ 10.20 ට විකාශය වූ "සුරම්‍ය රාත්‍රිය" සංගීත වැඩසටහන නිසා.  සුරම්‍ය රාත්‍රිය සංගීත වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඔහු  එතෙක් මෙතෙක් ලංකාවේ ගීත අසා හුරු පුරුදු  රසිකයන්ට පෙර නොවු අපූරු සංගීතමය වින්දනයක් ලබා දෙන්නට ඒ වැඩසටහනෙන් සමත් වුණා.  ඒ  සුරම්‍ය රාත්‍රිය සංගීත වැඩසටහන හැඩ වුණේ  තත් සහිත සංගීත භාණ්ඩ එහෙමත් නැත්නම් ගිටාර් ගණනාවක රිද්මයෙන්. එකවර වැයෙන ගිටාර් විශාල ප්‍රමාණයකින් හැඩ වුණ සුරම්‍ය රාත්‍රිය සංගීතමය සුයාමය නාලක විශිෂ්ඨයන් අතර විශිෂ්ඨ වාදකයෙක් පමණක් නොව සංගීත අධ්‍යක්ෂවරයෙකු බවට පත් කළා.  මේ තියෙන්නේ යූ ටියුබයේ තිබුණ ඒ වැඩසටහන් පෙළෙන් මා උපුටාගත් හොඳම රූප රාමු දෙකක්.
 


නාලක අංජන කුමාර දක්ෂ සංගිත අධ්‍යක්ෂවරයෙක් වගේම දක්ෂ ගායකයකි. ඔහු ගැයූ ගීත ඇතුළත්ව   පළමු වරට "රාත්‍රිය" නමින් ගීත ඇල්බමයක් නිකුත් කළේ මිට වසර හතරකට පමණ පෙර ය. ඒ ගීත මාධ්‍ය ඔස්සේ  ප්‍රචාරය නොවුණත් ඒ ඇල්බමයේ ඉතාමත් සාර්ථක ගීත නිර්මාණ  ගණනාවක්  තිබුණි. අනතුරුව ඊට වසර ගණනාවකට පස්සෙ නාලක ගිටාරයෙන් වැයූ ජනප්‍රිය ගී අනුවාදන 18 ක් ඇතුළත් කර Isolated Fingers නිර්මාණ කළේ ඉතාමත් මෑතකදීය.  එසේ වුවත් ඔහු  මේ සංගීත නිර්මාණ ඇතුළත් ඇල්බමය (CD) වෙළඳපොලට නිකුත් කළේ නැත.

නාලකගේ Isolated Fingers නිර්මාණ එකතුවේ ඔහු විසින් නිර්මාණය කළ විනාඩි කීපයක්  දිග හැරෙන My soul  නමින් වූ සංගීත කාව්‍ය රචනාවකුත් මීට ඇතුළත්. මේ සංගීත කාව්‍ය රචනාව හැඩ වෙන්නෙ ඔහුගේම ගිටාරයෙන් විමත්  විශේෂයක්.

ඒත්, ගීතයක පදමාලාවේ තිබෙන සාහිත්‍ය රසයත්, ගී තනුවේ ඇති සුගායනීය බවත්, ගායකයාගේ ගී හඬෙහි ඇති මධුර බවත්  එකතු වූ විට මැවෙන රසෝඝය එකට සමපාත වෙන්නෙ නාලක ගිටාරයෙන් මවන රමණීය සංගීත රිද්මයේ චමත්කාරයෙන්. ගායකයා ගැයූ ගීයට ගිටාරයෙන් නැවත ජිවය  ලබා දෙන්නට හැකි අති දක්ෂ වාද්‍ය ශිල්පියකුට පමණක් බව තහවුරු වෙන්නෙ "හිතින් මා නොසැලී හිඳිද්දී" ගීතය  ගිටාරයෙන් වැයෙන රිද්මය සවනට සමීප වන විටයි. ඒ ගීතයේ වචන වලින් මතු කරන ශෝකී රසය ගිටාරයෙන් උපදින්නේද ගීතයේ සාහිත්‍ය රසය අභිබවා සංගීතයේ රිද්මයෙන් නැගෙන ශෝකී රසයෙනි.

හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුළ නුඹ ඇවිදින්
නිවා දැමු  ඒ නෙතේ පීඩා
නොබිඳිනු මැනැවී..

තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ..
වැටුණු මහ වරුසා මතක් වේ
නුඹ රැඳී දෑසේ...

හිතින් මා නොසැලී හිඳිද්දී.......

තවම  මා නොදුටුව සිනා කැන්
හමු නොවූ යාමේ
කඳුළ මට කරුණා කරන්නැයි
අයැදිමි නිබ‍ඳේ...

හිතින් මා නොසැලී හිඳිද්දී......

ගේය පද සංකල්පනාව : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය:  ස්ටැන්ලි පිරිස්
ගැයුම:  ටී.එම්. ජයරත්න

හිතින් මා නොසැලී හිඳිද්දී ගිටාරයෙන් වැයූ  ගී අනුවාදනය  මෙතනින් අහන්න


මේ විදියට විශ්ව භාෂාවක් විදිය‍ට ගොඩනැගෙන සංගීතය එක් ආකාරයකින් දිව ඔසුවක්. මේ ගිටාරයෙන් නැගෙන ගී අනුවාදන පෙළ කෙනෙනකුට ලබා දෙන්නෙ කිව නොහැකි තරමේ සැහැල්ලුවක්. ගිටාරයෙන් මතුවන සියුම් නාද රටා දෙසවන් තුළින් ඇතුළු ව ශරීරය පුරා දිවගොස් සියුම් ඉන්ද්‍රියයන් තුළ පමණක් නොව ඇටමිදුලුවල පවා තැන්පත්වී නැවත නින්නාද දෙන්නට පටන් ගන්නා බවක්  දැනේනේ මේ ගී ඇල්බමය අසන විට දීය.

කපුගේ ගැයූ  "දුක හාදු දෙන රැයේ" ගීතය තුළ කපුගේගේ ගායනයෙන් දැනෙන හුදකලාවත්, පාලුවත්  ශෝකී රසයට පෙරළන්න  නාලක දක්වන සමත් කම ඔහුගේ අතැඟිලි ගිටාරයේ තත් පිරිමදිමින් නැවන නැවතත් හුදකලා වූ ඉසව්වක් කරා සිත රැගෙන යයි.

දුක හාදු දෙන රැයේ
හිත පතුළටම වෙලා
යෞවනේ අගට විය
විරහී හද ගිලන් වෙලා

ගහ කොලද මල් පිපේ
ඇල දොල විල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ
ඒ රුවට රැවටුණේ

නන්නාඳුනන ලෙසේ
මගතොට යළිත් හමුවෙලා
මහ මෙර හිසින් දරාගෙන
අපි යමු දුරස්  වෙලා..

ගේය පද සංකල්පනාව : වසන්ත බණ්ඩාර දිසානායක
සංගීතය ස ගැයුම :  විශාරද ගුණදාස කපුගේ

 දුක හාදු දෙන රැයේ ගිටාරයෙන් වැයූ ගී අනුවාදනය  මෙතනින් අහන්න


නාලකගේ තිස් වසරකට ආසන්න කාලයක සංගීත දිවියේ මිහිරිතම සංගීත ඵලය ලෙස  සිය වින්දනීය සංගීතමය අත්දැකිම රසිකයන් සමග බෙදා ගන්නෙ Isolated Fingers ගී අනුවාදන ඇල්බමයෙනි. ඒ වූකලී ගිටාර් වාද්‍ය ශිල්පියෙකු ලෙස දිගු කාලයක් තිස්ෙස් නාලක ලද සංගීතමය අත්දැකීම්වල  සම්භාෂණයකි. ඔහුගේ අතැඟිලි අතර සිර වුණ මේ මුදු මො‍ළොක් ගිටාරයේ තත්  එක දෙක ඉකි බිඳී.

මෙම Isolated Fingers ගී අනුවාදන එකතුව රසික හදවත් තුළ දිගු කාලයක් තිස්සේ නින්නාද දුන්, රැව් දුන් අතිශය  ජනප්‍රිය ගීතවල අනුවාදන  එකතුවකි. ඔබ හා මෙමා, මිහිමඬලේ අදුරු කුසේ, ආදරයයි කරුණාවයි, මිහිරැති වසන්ත කාලේ, දුරස්වන්නට මේ ලෙසින්, නිම් හිම් සෙව්වා, පායා ඇයි හිනැහෙන්නේ ...ආදී ගීත මෙන්ම හින්දි ගීත කිහිපයක් සහ ඉංග්‍රිසි ගීත දෙකක්  අනුවාදන ලෙසින් නිර්මාණය වි ඇත.

මහ මුහුදක  වෙරළ කරා ඇදී අවුදින්  යළි දියඹ කරා ඇදී සයුරු ගැඹරේ සැඟව යන්නා සේ  මිනිසුන්ගේ අධ්‍යාත්මයන්හි සැඟව ඇති  හැඟීම්, සිතුවිලි, නාලකගේ අතැඟිලි අතර සිරව වූ  ගිටාරයෙන් යළි ඉපදෙන  අයුරුත්,  පණ අදින ජීවිතවලට යළි හුස්ම පොදක්  පිඹින අයුරුත් දැනෙයි. එය ගිටාරය වැනි සංගීත භාණ්ඩයක් පෙරදිග මිනිසුන්ගේ සිතුවිලි නැවත අවදි කිරිමකි. ඒ නිසාම නාලක සිය ගිටාරයෙන් මිනිසුන්ට නැවත හුස්මක් ගන්නනත්, මහ  පොලොවේ පය ගසා ජීවත්වන හැටිත් කියා දෙන්න  පමණක් නොව ආදැරයට ආදරය කරන්නත්, නැවත විඳවන්න නොව විඳින්නත් ආමන්ත්‍රණය කරයි. ඔහු ඒ ආදරණීය ආමණ්ත්‍රණය කරන්නෙ  ඔහුගෙ සුරත රැඳි ගිටාරය මත වූ හුදකලා ඇතැඟිලි තුඩු වලිනි. ඒ සඳහා සුරම්‍ය රාත්‍රිය සංගීතමය වැඩසටහන තුළ ඔහු හැඩගැන්වූ මේ ගීය හොඳ උදාහරණයක්.

 
සුරම්‍ය රාත්‍රිය සංගීත වැඩසටහන ඔස්සේ සෑහෙන දුරක් පැමිණි නාලක සුරම්‍ය රාත්‍රියට සමුදෙනව. ඒ ඔහුගෙ හැකියාව සුරම්‍ය රාත්‍රියට පමණක් සිමා නොකර එහි සොදුරු මතකයන් පමණක් ඉතිරි කර තබා ගනිමින්. ඕනෑම හොඳ සාර්ථක වැඩසටහනකට හිමිකාරයන් වැඩි වන විට එහි සබෑ උරුමක්කාරයන් ඉවත්විම ස්වභාවික වුණත්,  නාලක සිය ගිටාරය මගින් හැඩ කල ඒ සුරම්‍ය රාත්‍රිය තවමත් රසිකයන්ට සුන්දරම මතකයක්.

ප්‍රේමය, ආදරය, හුදකලාව ගීත බවට පත්වෙලා ‍සවනේ හැපෙන විට කෙනෙකුගේ  හිතට දැනෙන්නේ වේදනාකාරී අත් දැකීමක්. ගීතයක ගායනයේ  හැංගිලා ඇති  හිතක් ආයෙමත් ඒ ගීය  අනුවාදයනක් බවට පත්වූ නැවත සවනට පතිත වන විට මොන තරම් සියුම් වේදනාවක්  දැනෙනවද කියල මතු දැක්වෙන ගීයේ අනුවාදනය අපට කියාවි.


ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය  කඳුළක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ

ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිළිටි මල් පිපුණිද ළඳුනේ
පෙති ගිළිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැන රැඳුණේ..

ආ මග වැරදී ඔහුද ඔබද මා
දෛවයෙ තුන් මංසල හමුවේ
බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
කඳුළක් නෑ දෙනුවන පිපුණේ...

ගේය පද සංකල්පනාව : රංජිත් රූපසිංහ
සංගීතය:  නාලක අංජන කුමාර
ගැයුම:  කරුණාරත්න දිවුල්ගනේ

ඔබට වරම් නැති ගිටාරයෙන් වැයූ  ගී අනුවාදනය  මෙතනින් අහන්න


නාලක තමන්ගේම ගීතය ගිටාරයෙන් නැවත වරක් ගී අනුවාදනයක් ලෙසින් හැඩ කරන්නෙ ඉතාමත් අපුර්ව ආකාරයෙන්.  ප්‍රේමයේ වියෝව ගායන ශිල්පියාගේ හඬට පමණක් නොව  තමන් විසින් වයන ගිටාරයේ තත් අතරින් ද මතු කර ගන්නෙ  ඇස්වලින් කඳුළු පනින ආකාරයට. දිවුල්ගනේගේ ගී හඬ වගේම ගිටාරයේ නාදයත් කඳුළු පේලියක් කොපුල් තල දිගේ  රූරා වැටෙන  ආකාරයෙන් ගිටාරය වැයෙද්දි දැනෙන්නෙ සියුම් ලෙසින් ආදරය මුසු වූ වේදනාවක්.

නාලක තමන්ගෙම ගීතය එහෙම වාදනය කරද්දි ගෙවුණ දෙසතිය පුරාම මම දිවුල්ගනේ ගැයූ මේ අනුවාදනයේ මුල් ගීතයත් එක්ක සංසන්දනයක් කර  සමකර නැවත නැවතත්, බැලුවෙ වියෝගයේ වෙනස කොහොමද දැනෙන්නෙ කියල.  වචනවලින් දැනෙන සාහිත්‍ය රස ශිල්පියාගේ ගායනයෙන් දැනේනා සේම වචනවලින් ඔබ්බට ගිය සංගීත රචනාව වැයෙන ආකාරය යම් රසිකයෙකුට තේරුම් ගන්න පුළුවන් නම් ඒ සංගීතයේ ඇති හෙවනැල්ලක් බඳු ශෝකී රසයත්, ගිටාරයෙන්  අතැඟිලි තුඩුවල දැවටුණ හුදකලා බවත් පැහැදිළිවම හඳුනගන්න පුලුවන්. විශිෂ්ඨ සංගීත අධ්‍යක්ෂවරයෙයකු සේම විශිෂ්ඨ ගිටාර වාද්‍ය ශිල්පියෙකු ලෙස නාලක අංජන කුමාර  ලැබූ ජයග්‍රහණය එයයි.෴

වටිනා කාලය බිඳක් වැය කර ගී රස විඳිමින් කියවූ ඔබට  ස්තූතියි. වෙලාවක් ඇත්නම්  මීට වඩා වෙනස් වූ  ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න. 

64 comments:

  1. නාලක මහත්මයා මම කැමතිම ගිටාර් වාදකයන්ගෙන් එක්කෙනෙක් කිව්වොත් මම හරි... ඉස්සර මම නොවරදවාම බලපු වැඩසටහනක් තමා සුරම්‍ය රාත්‍රිය කියන්නේ... බොහොම ස්තූතියි මේ අදහස් අපිත් සමග බෙදාහදාගත්තාට...

    ReplyDelete
    Replies
    1. අලුත්මල්ලි..

      මමත් සුරම්‍ය රාත්‍රිය බැලුවේ ඔහු හිටිය කාලේ විතරයි.

      ස්තූතියි ඔබට

      Delete
  2. ධ්‍යානයකට සමවැදිලා වගේ ආසාවෙන් කියෙව්වා

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයා..

      ස්තූතියි ඔබටත්..

      Delete
  3. මේ ට්‍රැක් ටික ඩවුන්ලෝඩ් කරගන්න විදියක් නැද්ද ?

    වටිනාම ලිපියක් ,ඉස්තුතියි ඔබට ....

    ReplyDelete
    Replies
    1. රොබින්...

      මේ CD එක වෙළඳපොලට නිකුත් කළ එකක් නෙවෙයි නාලක තමන්ගෙ හිතමිතුරන්ට පමණක් අහන්න නොමිලේ දුන්නෙ. ඉතින් ඒවගේ අවස්ථාවක කොපිකරන්න දෙන එක සාධාරන නැහැ ඔහුගේ නිර්මානාත්ම්ක අයිතිය තවම ජනතාව සතු කරල නැති නිසා.

      ඒ නිසා මේ පෝස්ට් එකේදි විතරක් මම ඩවුන්ලෝඩ් කරගන්න පහසුකම දම්මෙ නෑ.

      Delete
    2. රොබින්...

      මේ CD එක වෙළඳපොලට නිකුත් කළ එකක් නෙවෙයි නාලක තමන්ගෙ හිතමිතුරන්ට පමණක් අහන්න නොමිලේ දුන්නෙ. ඉතින් ඒවගේ අවස්ථාවක කොපිකරන්න දෙන එක සාධාරන නැහැ ඔහුගේ නිර්මානාත්ම්ක අයිතිය තවම ජනතාව සතු කරල නැති නිසා.

      ඒ නිසා මේ පෝස්ට් එකේදි විතරක් මම ඩවුන්ලෝඩ් කරගන්න පහසුකම දම්මෙ නෑ.

      Delete
    3. ඔබ හරි මමත් අපේ දේශීය කලාකරුවන්ගේ නිර්මාන ඔවුනට කිසිම ආර්ථික වාසියක් නොලැබෙනම් හුවමාරු කරගන්න යන්නෙ නෑ. මම අවුරුදු ගනනාවක් වීඩියො සෙන්ටර් එකක් කලා ඒත් දෙශීය නිර්මාන කිසිවක් එහි ගනු දෙනු කලේ නෑ (mp3 cd) ඒත් ටොරානා ආයතනයෙන් කල නිර්මාන පමනක් ගනුදෙනු කලා. මගේ ආයතනය වහලා දාන්නත් මූලික හෙතුවක් උනේ අඩු මුදලට තරඟකාර ආයතන CD පිටපත් කර විකිනීම.

      Delete
    4. ලොකු ජෝන්..

      ඇත්තටම අපි අපි ගැන විතරක් හිතනව නම් සාදාරන නැහැ. ඒකයි මම එහෙම කලේ. මෙවැනි අවස්ථා හමුවෙනකොට අපිත් ඒ නිර්මාන කරුවො ගැන හිතන්න ඕනේ.

      ස්තූතියි ඔබටත්.

      Delete
  4. මමත් ගිටාර් පිස්සෙක් නිසා බොහොම ආසාවෙන් ලිපිය කියෙව්වේ..
    ඔබට ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. හිරු හිමාවි..

      ඔබ කොහොමටටත් ගායනයට වාදනයට හැබැම දක්ෂතාවයක් තියෙන කෙනෙක්.

      ස්තූතියි ඔබටත්.

      Delete
  5. වටිනා ලිපියක් හැමදාම වගේම. ලස්සන සින්දුවක් අගයන ගොඩක් අය අතින් ගොඩක් වෙලාවට මේවගේ ශිල්පීන්ව මගෑරෙනවා.

    මමත් ඩවුන්ලෝඩ් කරගන්න ට්‍රයි එකක් දුන්නා. මේ ටික බෑනේ. හැබැයි මම කලින් දයානන්ද අයියගේ මෙහෙම දාපු සින්දු ඩවුන්ලෝඩ් කරගෙන තියනවා.

    ReplyDelete
    Replies
    1. පැතුම්...
      මේ CD එක වෙළඳපොලට නිකුත් කළ එකක් නෙවෙයි නාලක තමන්ගෙ හිතමිතුරන්ට පමණක් අහන්න නොමිලේ දුන්නෙ. ඉතින් ඒවගේ අවස්ථාවක කොපි කරන්න දෙන එක සාධාරන නැහැ ඔහුගේ නිර්මානාත්ම්ක අයිතිය තවම ජනතාව සතු කරල නැති නිසා.

      ඒ නිසා මේ පෝස්ට් එකේදි විතරක් මම ඩවුන්ලෝඩ් කරගන්න පහසුකම දම්මෙ නෑ.

      Delete
  6. දයා අයියා නිසා රසවත් අර්ථවත් නිර්මාණ රසවිඳීමට ලබෙනවා. එයට බොහොම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. හරී..

      මම කොහොමත් ඒකාකාරී බවින් මිදෙන්න වගබලා ගන්නවා. ඒතුලින් අලුත් රසයක් ලැබුවානම් එයයි අපේ සතුටත්.
      ස්තූතියි ඔබටත්.

      Delete
  7. සුරම්‍ය රාත්‍රිය බොහොම සුන්දර රාත්‍රියක්. නොවරදවා රස විඳි වැඩ සටහනක් දයානන්ද. නාලකගෙ බොහොම නිහතමානී ගතිගුණ තිබෙනව. ඔහු ජනප්‍රියත්වයෙන් උදම්වුන කෙනෙක් නෙවෙයි. වෙලාවකට ඔහු ගැන කෙනෙක් කියත්දිත් ඔහු බොහොම නිරහංකාරව ඒ දේ අසා සිටිනව කියල අපි දකිනව. දක්ෂකම ගැන කියන්නට වචන නෑ. අතිදක්ෂයෙක්. අපට දැනට සිටින වටිනා සම්පතක්. අගය කෙරුනෙ නෑ හරියට තවම. බොහොම ස්තූතියි වටිනා සටහනට. සංගීතය විශ්ව භාෂාවක් කියල කියන්නෙ මේ වගේ අය ඉන්නැත්දි අපේ දේ විශ්වයටම යන නිසා.

    ReplyDelete
    Replies
    1. චාන්දි...

      ඔබේ අදහසට මමත් එකගයි ඇත්තටම මෙවැනි අය නිසි අගැයුමකට ලක්වෙන්නේ කලාතුරකින්. සංගිත භාණ්ඩයකින් හදට ආමාණ්ත්‍රනය කරන්න පුලුවන් නම් ඒක හැබෑම දක්ෂකමක්

      Delete
  8. ඔ‍බේ පන්හි‍͸ෙඳේන් අකුරු වන මෙවන් වටිනා ලිපි පිළිබඳව මා ඉතාමත් සැනසිමකට පත් වෙමි

    ReplyDelete
  9. මම අහල තියන විදියට "ඔබට වරම් නැති මටද වරම් නැති" කියන සිංදුවට නාලක අංජන මහත්මයා තනුව දාල තියෙන්නේ අතේ ගිටාරයක් වත් නැතුව, තමන්ගේ කන පුරුදු කරපු ස්වර රටා වලට අනුරුපව තමයි.හිතන්න කොපමණ පරිනත භාවයක් සංගීතෙන් ඔහුට ලැබිල තියනවද කියලා.

    ReplyDelete
    Replies
    1. මානවක..

      ඇත්තටම ඔහු කිසිම සංගිත භාන්ඩයකට අත නොතබා ගිතයක් නිර්මානය කරන්න වගේම ස්වර ප්‍රස්ථාරය ලියන්නත් දක්ෂයි.

      ස්තූතියි ඔබටත්.

      Delete
  10. ලංකාවේ කොචිචර දක්ෂ මිනිස්සු ඉන්නවද...
    ඒ අය ගැන මේ විදිහට කියලා එයාලව දිරිමත් කරන එකත්, නොදන්න අයට දැනගන්න සලස්වන එකත්, දන්න අයට තවක් දේ දැනගන්න දෙන එකත් ඔබ කරන ලොකු සේවයක්...

    කලින් මේ පැත්තේ ආවට ඔන්න අද කමයි මම කමන්ට් කලේ :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. අමා..

      ඔබ අස්වැන්නට පළමුවෙන්ම බොහොම සතුටින් පිලිගන්නවා.

      කලින් ඇවිත් තිබුනා නම් මටත් සතු‍ටුයි.

      ස්තූතියි අගනා සටහනට

      Delete
  11. ඔයා මේ කරන වැඩේ ගොඩක් වටිනවා මහත්තයෝ

    ReplyDelete
    Replies
    1. අටම්...

      අපි කොය් දේ කරන්නෙත් කලාව නිසානේ.

      අගය කිරිමම සතුටක්.

      Delete
  12. ගිටාරය ගැනනම් මම දන්නේ බොහොම ටිකයි. වයලීනය වාදනය කරන්න පුළුවන් නිසා බේස් ගිටාර් එකෙන් ලීඩ් ගහපු වෙලාවල් නම් තියනවා (මට විතරක් ඇහෙන්න) :) නාලක ගැන මම අහලවත් තිබුනේ නැහැ. ගොඩක් ස්තුතියි මේ ලිපියට.

    ReplyDelete
    Replies
    1. සයුරී..
      ඔබ වයලීනය ඉගෙනගෙන බේස් සහ ලීඩ් වාදනය කළාන් සංගිතය ගැන හොඳ දැනිමක් වගේම හොඳ කණක් පිහිටනවා.වෘත්තීය මට්ටමට නොවුණත් දන්න ටිකම ඇතිඅවස්ථානූකූලව ප්‍රයෝජනයට ගන්න.

      නාලක ලංකාවේ ඉතාමත් ජනප්‍රියම ගිටර් වාද්‍ය ශිල්පියෙක් වගෙග්ම සංගිත අධ්‍යකෂවරයෙක්. ඔහු මගේ ගියක් සංගිතවත් කලහැටි තව සති දෙකකින් ලියන්නම්.

      ස්තූතියි සයුරි ඔබටත්.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ හද රැදෙන , සිත නිවෙන , රස වඩන , සටහනක්....ඔබේ අකුරු කිරීම වගේම , නාලකගේ ගිටාරය තුලින් මැවූ නද රටාවත් අපුරුයි ...

      බොහොම පිං , නිරාමිස සතුටක් වෙනුවෙන් අප හැමෝම වෙනුවෙන් මේ අස්වැන්න සරසනවාට ...

      Delete
    2. මහේෂ්..

      ඔබට දානනව ඇති මේවැනි සංගිතයකින් මනසක් නිරවුල්ව තියන්නෙ කොහොමද කියල. මොකද එබේ වෘත්තයත් එක්ක බලනවිට මේවගේ සංගිත ක්‍රම රෝගීන්ට දිව ඔසුවක් වගේ‍‍

      හැමදාම තියන සටහනට බෙහෙවින්ම ස්තූතියි

      Delete
  14. ලස්සන සින්දු ටිකක්...

    ReplyDelete
    Replies
    1. සචිත්...

      ගීවල පදමාලා විතරයි. අනික් ඒවා ගිටාර් වාදන

      ස්තූතියි සටහනට

      Delete
  15. ලස්සන සටහනක්!!!

    දයා අනික් අයට කියන්ට දෙයක් ඉතුරු කරලා නෑ. එච්චර හිතට කාවදින ගෙත්තමක්...

    සංගීතය කියන්නේ ආහාරයක් වගේ දෙයක් කියලයි මට හිතෙන්නේ. ඒකෙන් තනිකම, පාලුව නැති කරවනවා. ආදරෙයෙන් හිත පුරවනවා. හිත සමාධියකට සමවදිනවා සංගීතය නිසා.මේ ගිටාර් වාදනයත් ඒ වගේමයි. උදේ නැගිටලා ඒකට සවන් දුන්නා...මෙච්චර වෙලා දුකෙන් පිරිලා තිබුනු හිත දැන් නිමිලා....:)

    උඩ සඳහන් වෙන මහේන්ද්‍ර පැස්කුවෙල් කියන්නේ කීරිති පැස්කුවෙල්ගේ පුතෙක්ද? කීර්ති පැස්කුවෙල් ඔස්ට්‍රේලියාවට ආවා මතකයි.

    ReplyDelete
    Replies
    1. පොඩී..

      මම මේක ලියද්දි "සිතින් මා නොසැලී" ගිතයට පස්සේ පටන්ගන්න ඡේදයේ මෙන්න

      "මේ විදියට විශ්ව භාෂාවක් විදිය‍ට ගොඩනැගෙන සංගීතය එක් ආකාරයකින් දිව ඔසුවක්."
      මේ කොටසට පස්සේ සංසංගිතයේ භාවනාමය අත්දැකිමක් කියල පිටුවක පමණ කොටසක් ලිව්වා.කොහොමද හිත නිවන්න එහෙමත් නැත්නම් මානසික ආතතිය (ස්ට්‍රෙස්) අඩුකරගන්නෙ කියන කාරණය ගැන. මට හිතුනා ඒ කොටස මෙතෙන්ට අදාල වෙන එකක් නෑ කියලා ඊට පස්සෙ ඒ කොටස ඉවත් කළා.

      නමුත් ඔබේ සටහන දෙවන ඡේදය ඒ අඩුව සම්පූර්ණ කළා. දැන් හරි..

      මහේන්ද්‍ර කීර්තිගේ පුතා නෙවෙයි මල්ලි වගේ කියලයි මට මතක. ඒ කො‍හොම වුණත් කීර්තිගේ ළඟම ඥාතියෙක්..

      ස්තූතියි පොඩී ඔබටත්

      Delete
  16. ඊයේ මේ ලිපිය බ්ලෝග් රෝලේ අප්ඩේට් වෙලා තියෙනවා දැකලත් එන්නේ නෑතුව හිටියා වැඩ අස්සේ මේකේ රසය විදින්න හම්බු වෙන්නේ නැති බව දන්න නිසා.... මගේ සිතුවිල්ල හරි... මම දැන් මේ ලිපිය උපරිමෙන්ම රස විදිනවා... ඩවුන්‌ලෝඩ් කරගන්න බැරි බව දැකලා කමෙන්ට් බැලුවාම හේතුව දාලා තියෙන නිසා ඒක සාධාරණයි කියලා හිතලා ඔන්න මම අහලා විතරක් හිත හදා ගත්තා..

    ඒත් මේ වගේ දෙයක් කරලා වෙළඳපොලට නිකුත් නොකර ඉන්න එක නම් අපරාධයක් කියලා හිතනවා.... මොකද ඇහුවට අගයක් නැති බස් අජිත්ගේ සින්දු සහ කුණු ගඳ ගහන සංගීත ප්‍රසංග කැසට් දාන බස් ‌ඩ්‍රයිවර්ලා උනත් මේ වගේ දෙයක් ලැබුනොත් නොඅසා ඉඳීවි කියලා මම හිතන්නේ නෑ...

    උපරිමෙන්ම රස විඳිනවා... ඒ වගේම අද දවස ඇතුලත කීප පාරක්ම මේ පැත්තේ ඇවිත් ආයි ආයිත් අහන්න හිතේ තියෙනවා...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. තව දෙයක්.... ඒලෙවල් කරන කාලේ මම පාඩම් කලේ කොහෙන්දෝ හම්බුන මේ වගේම ගිටාර් සහ තවත් ප්‍රාථමික සංගීත භාණ්ඩ කීපයක් යොදාගෙන කරපු බොහොම සෞම්‍ය ඉංග්‍රීසි ගීත අනුවාදන කීපයක් අහගෙන... වචන නැති නිසා හිත එහෙ මෙහෙ යන්නේ නෑ... සංගීතය නිසා හිත නිවිලා පාඩමේම රුදිලා තියෙනවා.. කො‌ෙහාම උනත් විභාගේ කිට්ටු වෙනකොට දාලා දාලම කැසට් එක අප්සට් උනා.. හි හි...

      මේ ටිකත් මට ඒ වගේම සෞම්‍ය හැගීමක් ගෙනාවා... වෙළඳපොළට නිකුත් කලොත් කීයක් දීලා හරි ගන්න එක්කෙනෙක් ඉන්නවා කියලා නාලක අයියට කියන්න... පුළුවන් නේද...?

      Delete
    3. හිරු..

      ඇත්ටම මේ සංගිත අනුවාදන ටික හිත නිවන ගි අනුවාදන එකතුවක්. කොච්චර හිත නිවනවද කිව්වොත් හොඳ භාවනා මය අත්දැකිමක්. මමත් මෙච්චර දවස් හිතා හිටියෙ ගිටාරයෙන් මේවගේ සංගිතයක් උපද්දවන්න බැහැ කියලා.මේක දවස පුරාම ඇහෙන්න දාගෙන ඉන්න පුලුවන්නම් ඒකෙ වටිනාකම කියල වැඩක්නෑ. බස්වලට විතරක් නෙවේ නිතර සංගිතය ඇසෙන බැංකුවගේ ආයතනවලටත් නියමයි.

      හිරු වගේම තමයි මමත් ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම පොතක් පාඩම් කරන්න පුරුදු වුනේ පසුබිමින් සංගිත ඇහෙන්න දාගෙන.එහෙම නැත්නම් පාඩමෙන් හිත ඉවතට ඇදෙන බවක් දැනෙනවා.ඒ පුරුද්ද පාසල් කාලයෙන් පස්සේ අද දක්වාම තියෙන නිසාම තමයි මේවගේ විවධ සංගිත රස විඳින්න පුරුදු වනේ. විවේකයෙන් ඉන්න හැම මොහොතකම සංගිතය එක්කම තමයි ජීවිතේ ගෙවෙන්නෙ.

      මේ නිර්මාන එකතුව වෙළඳපොලට නිකුත් කිරීමක් සිදු නොකරන බව තමයි නාලක කියන්නේ. මොකද මේක තවත් කෙනෙකුට අලවි කිරීමේ පරමාර්ථයෙන් නොවේලු ඔහු මේ තැටිය නිර්මාණය කළේ. ඒක හුදෙක්ම ඔහුගේ හිතමිතුරන්ගේ රසවින්දය වෙනුවෙන් කල වැඩක් බව කිව්වා. ඒ නිසා මට හිතෙන හැටියට මේක විකුණන්න වෙළඳපොල ට නිකුත් කරන එකක් නැතිවෙයි.

      ඒ කෙහොම වුණත් එවැනි තොරතුරක් ලැබුනොත් මම අසිවැන්නෙදි ඒගැන නැවත ලියන්නම්.

      ස්තූතියි හිරු..

      Delete
    4. කියලා වැඩක් නෑ.... මම තාමත් අහනවා කමෙන්ට් දාපු වෙලාවේ ඉඳලාම.... හරිම ලස්සනයි...

      යාලුවෝ තුන්දෙනෙක්ට ලින්ක් යවලා ඔන්න ඔෆිස් තුනක කට්ටියම මේක අහනවා මේ වෙනකොට......

      Delete
  17. මේ ගීත අනුවාද අසමින් ඔබේ ලිපිය කියවනවිට හිතට දැනෙන හැඟිම විස්තර කරන්න මට වචන එක් කරගන්න අමාරුයි . එය එතරම්ම මිහිරියි .
    …උදේ සිට කාර්යාලයේ වැඩ අතර සිරවී සිටි මට ඔබගේ ලිපිය ඔසුවක් වගේ සිත ගත නිවන .
    …ඔබගේ බ්ලොගයට ගොඩ උනොත් හැමදාමත් අපගේ දැනුමට යමක් එකතු කරගන පිටවී යන්නේ .
    …ඔබ මේ කරන සේවය අපි වගේ සංගීතයට ප්‍රිය කරන අයට බොහෝ වටිනවා .

    ReplyDelete
    Replies
    1. ගිම්..

      මට මේ සිඩීඑක මගේ අතට පත්වුනාම නොනවත්වාම පැය පහක් විතර ඇහැව්වා. වචනයෙන් විස්තර කළ නොහැකි සංගිතමය අත්දැකීමක් මේ සිඩි එකේ තියෙනවා. විහේෂයෙන් මේ සටහනට ඇතුළත් නොවූ නන්දා මාලනිය "මිහිමඬලේ අදුරු කුසේ දිය උල්පත අම්මා" ගීය ගිටාරය සහ අම්මාගේ ස්නේහය අතර වෙනස නොදැනෙන්න වයනවා. මම ඒ ගීය ඇතුළ නොකලේ අපි පහුගිය පොස්ට් ගනනාවකින් නන්දාගේ ගීත ගැන කතා කල නිසයි.

      ඇතිටම මේ සංගිත තැටිය කාර්යාල, බැංකු වැනි මහජනයා ගැවසෙන තැන්වල වාදනය කරන්න හිත නිවන නිර්මාණ එකතුවක් කිව්වොත් නිවැරදියි.

      ස්තූතියි ගිම් ඔබටත්.

      Delete
  18. කාලෙකින් අස්වැන්නට ගොඩ වැදුනේ. සමහර අවස්ථාවල සිංදු අසනවාට වඩා මා සිංදුවල අනුවාදන අසන්නට ප්‍රියයි. ඔභ මා ගැනම හිතා මේ මේ පෝස්ට් එක දැම්මාද කියා මට හිතුනා.

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ත..

      ඔබ පහුගිය දවස්වල කාරය බහුලබව දැනගත්තා.

      ගී අනුවාදන දවස පුරා ඇහෙනවනම් ආයෙ වෙහෙසක් දැනෙන්නෙ නැහැ.ඔබ වැනි කාර්ය බහුල අයටම තමයි මේක දැම්මේ මනස නිරවුල් කරන්න කියල හිතාගෙන.

      ස්තූතියි ඔබටත්.

      Delete
  19. //සුරම්‍ය රාත්‍රිය සංගීත වැඩසටහන ඔස්සේ සෑහෙන දුරක් පැමිණි නාලක සුරම්‍ය රාත්‍රියට සමුදෙනව. ඒ ඔහුගෙ හැකියාව සුරම්‍ය රාත්‍රියට පමණක් සිමා නොකර එහි සොදුරු මතකයන් පමණක් ඉතිරි කර තබා ගනිමින්. ඕනෑම හොඳ සාර්ථක වැඩසටහනකට හිමිකාරයන් වැඩි වන විට එහි සබෑ උරුමක්කාරයන් ඉවත්විම ස්වභාවික වුණත්, නාලක සිය ගිටාරය මගින් හැඩ කල ඒ සුරම්‍ය රාත්‍රිය තවමත් රසිකයන්ට සුන්දරම මතකයක්.//

    ඔබගෙ ලිපිය මුලටික දැක්ක වේලෙම මම මේකියන කතාව කොහොමත් කියන්න හිටියේ..ඔබත් ඌන පූරණයක් සපයල තියෙන්නෙ.
    කාලය මතක නෑ....සුරම්‍ය රාත්‍රිය නැගල යන කාලෙ,මට මතක විදියට ලංකාදීප ඉරිදා පත්තරේ වෙන්න ඕන. නාලක කියල තිබුන ඔවුන් බොහෝ කැපවීමෙන් මේ වැඩසටහන කලේ. අලුත්දෙයක් නිසා . නාලකගෙ නිර්මාණයක් විදියට තමයි හඳුන්වල තිබුනෙ.
    ඒකෙ අසාධාරණයක් නෑ කියල ඕන මෝඩයකුට තේරෙනව...මේ වගේ දෙයක් කලහැක්කේ සංගීත ඥාණය හොඳින් ඇත්තකුට මිසක්,නිශ්පාදකයකුට හෝ නිවේදකයකුට නොවන වග.
    නමුත් ඊළඟ වැඩසටහනේ නාලක හිටියේ නැහැ.ඊට කලින් සතියේ හිටියද කියල මතක නෑ. නිවේදකයා නාලකට හොඳටම දොස්කීව. ඇත්තම කියන්නම් මට වැඩසටහන එපා වුනා. ඊට පස්සෙ බැලුවෙ නැහැ.අහම්බයෙන් දැක්කොත් මිසක්.
    මම ආසම වාදන ශිල්පියෙක්, ඒ වගේම ඔබ ඉහතින් සඳහන් කල වාදකයොත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. තවත් එකක්...ඔබට පුලුවනි..නාලකගෙන් අවසර අරගෙන මේ ගී අනුවාදන ටික බ්ලොග් රසිකයන්ට දෙන්න...! එහෙම කරන්න පුලුවන්නම්..ස්තූතිවන්ත වෙමි.

      Delete
    2. වීපොකුර..

      අත්තටම වැඩසටහනේ නිස්පාදකයා හෝ නිවේදකයා කවුරු වුණත් එහි නිර්මාණාත්මක අගය තියෙන්නේ අදාල ශිල්පියා ගේ දක්ෂතාවය තුළයි. වැඩසටහන ඉදිරිපත් කරන්නා නිකංම නිකං ප්‍රකාශකයෙක් විතරයි.

      ඔබේ යෝජනාව ගැන මම නාලක එක්ක කතාකරල අහල බලන්නම්.

      ස්තූතියි ඔබටත්.

      Delete
  20. ඇත්තටම ගොඩාක් ලස්සනයි...මාත් ගොඩාක් ආසාවෙන් ඇහුව.ඔබට ගොඩාක් ස්තුතියි......අහම්බෙන් මේ බ්ලොග් එක දැක්කේ.පුළුවන් නම් ඉතිරි ගී අනුවාදන ටිකත් දෙන්න ............

    ReplyDelete
    Replies
    1. H...
      අපි බලමු ඉදිරියේදි මේ අනුවාදන ටිකේ ඉතුරු ටිකත් අහන්න.

      ස්තූතියි

      Delete
  21. පෝස්ට් එක කියෙව්වේ ඊයෙ වුනත් ටිකක් නිදහසේ ගීත අනුවාදන ටික රසවිඳලාම කමෙන්ටුවක් දමනවා කියලාම හිතුණා. ඇත්තටම සිත සමාධිගතකරන්න පුළුවන් අන්දමේ අනුවාදනයන් ටිකක්. අපි ගොඩාක් වෙලාවට ගීතටත් එහි ගායකයාටත් සමීප වුණත් එහි තනු නිර්මාපකයා ගැන හිතන්නේ අඩුවෙන්. ඒ නිසාම මෙවන් වටිනා අය ගැන දන්නෙත් අඩුවෙන්.සුරම්‍ය රාත්‍රිය නිසා නාලක අංජන කුමාර මහතා ගැන දැන ගෙන තිබුණත් මෙවන් විස්තරයක් නම් දැනගත්තේ අදයි. බොහෝමත් ස්තූතියි අයියේ අපේ සංගීත ලෝකයේ සැඟවෙලා තිබුණ තවත් ඉසව්වක් ගැන වෙනදාවගේම දැනුවත් කළාට

    ReplyDelete
    Replies
    1. තොටියා..

      මේවගේ සංගිත අනුඛණ්ඩ ටිකක් රෝහලක හිමින් සීරුවේ වාදනය වෙන්න සැලැස්සුවා නම් රෝගීන් ටික ඉක්මනින් සුව කරන්න හැකිවෙයි.

      නාලක ලංකාවේ ඉතාමත් ජනප්‍රියම ගිටර් වාද්‍ය ශිල්පියෙක් වගෙග්ම සංගිත අධ්‍යකෂවරයෙක්. ඔහු මගේ ගියක් සංගිතවත් කලහැටි තව සති දෙකකින් ලියන්නම්.

      මේක ලිව්වේ ඊට පෙර සූදානමක් හැටියට

      ස්තූතියි තොටියා මල්ලිට

      Delete
  22. සිකිවිල්ල
    මනස
    ඇගිලිතුඩු

    එක් වෙලා මවන රිද්මය මේාන තරම් අපූර්වද....................
    මොන තරම් ජීවයෙන් අනූනද................
    කොයි තරමත් මිනිසුන්ගේ සිත් පිනවනවාද..... දැහැන්ගත කරනවාද......

    අපූරු ලියවිල්ලක්...............
    ස්තූතියි ඔබට මේ තතු අප වෙත ගෙන එනවාට......

    ReplyDelete
    Replies
    1. සිත්තරී...

      මේකත් සිතුවමක් වගේම මනස හදන්න හොද ක්‍රමයක්..

      ස්තූතියි ඔබටත්.

      Delete
  23. නාලක අංජන කුමාර කිව්වම මටත් මුලින්ම මතක් වුණේ සුරම්‍ය රාත්‍රිය!ඔහුත් රජරටින් බිහි වුණේ කියල දැනගත්තම කපුගේ රජරට සේවයට ගිහින් කරේ මොනතරම් සේවයක්ද කියල හිතුන!
    දයානන්ද අයිය මේ දවස්වල ගිටාර් සංගීතයෙන් මුසපත්වෙලා ඉන්න හැඩයි!
    අනිත් ශිල්පින් ගැනත් සටහනක් ලියවෙනවානම් හොඳයි කියල හිතුන!

    ReplyDelete
    Replies
    1. නුවන්..

      ඇත්තටම නාලක ගිටාරයෙන් වැඩ දාන හැබෑම දක්ෂයෙක්.

      මේ සිඩිඑක මේදවස්වල කනේම තියාගෙන අහනවා ඒ තරමටම සුපිරි සංගිත අත්දැකීමක්.
      ස්තූතියි

      Delete
  24. මම ආසම සිංදු කීපෙක අනුවාදනයන් අහන්න ලැබුන එක ගැන මම සතුටු වෙනවා.. ලිපිය වෙනද වගේම ගොඩක් වැදගත් රත්නායක අයියේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්...

      ඔබේ අගය කිරිමට ස්තූතියි

      Delete
  25. //මහ මුහුදක වෙරළ කරා ඇදී අවුදින් යළි දියඹ කරා ඇදී සයුරු ගැඹරේ සැඟව යන්නා සේ මිනිසුන්ගේ අධ්‍යාත්මයන්හි සැඟව ඇති හැඟීම්, සිතුවිලි, නාලකගේ අතැඟිලි අතර සිරව වූ ගිටාරයෙන් යළි ඉපදෙන අයුරුත්, පණ අදින ජීවිතවලට යළි හුස්ම පොදක් පිඹින අයුරුත් දැනෙයි.//

    මිනිස් කන, වයලීනය තරම් ගිටාරයට,සංවේදී කරන්නට බැහැ කියලයි මා හිතා උන්නේ. නමුත් මේ වාදන අහද්දී ඇස්වලට කඳුළු පිරුණා. ඒ තරම් ම සංවේදී වාදනයක්. ගිටාරයක් මිලට අරන් මේ දින වල වාදනය ඉගෙන ගන්න උත්සාහ කරනවා. භාෂාව තරම් ම හොඳින් නැතිනම් ඊටත් වඩා දැනෙන ලෙසට භාවයන් ප්‍රකාශ කරන්න සමත් සංගීත භාණ්ඩ අතර ගිටාරයත් තිබෙන බව වටහා ගත්තා. බොහොම ස්තුතියි අයියේ!

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. "ගිටාරයක් මිලට අරන් මේ දින වල වාදනය ඉගෙන ගන්න උත්සාහ කරනවා."

      අන්න නියම වැඩකට අත ගහලා. ඉගන ගන්න පුළුවන් නම් කැපවීමක් තියෙනවනම් නියම රසවත් සංගීත දැනුමක් ලබාගන්න පුළුවන්.

      මටත් ආරංචියි ගිටාර් ගහන්න පුරුදු වෙනවා කියලා.

      Delete
  26. මේ සංගීතය වචන වලට ඉඩක් ඉතුරු කරන්නෙ නෑ. ඒ නිසා ඒ ගැන කියන්න ලියන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ. විශිෂ්ඨයි.

    ReplyDelete
    Replies
    1. Outsider

      හිමදාමත්ම වගේ ඕබේ අදහස් ඉතාමත්ම වටින අදහසක්.

      ස්තූතියි ඔබට

      Delete
  27. දයානන්ද මහත්තයෝ.. අපිට මේ දාන ලින්ක් බාගන්න විදිහක් නැද්ද..
    හුදෙකලා වෙච්ච වෙලාවට
    හිත තනිකර ගන්න පුළුවන් හොදම දෙයක් තමයි මේ වගේ ලස්සන ගිටාර් වාදනේකට, බටනලා වාදනේකට සවන් දෙන එක.. ඒ දේට අපිට උදව කරන ඔබ තුමාට බොහොම ස්තූතී

    ReplyDelete
    Replies
    1. චතුවී...

      මේ පෝස්ට් එකේ වාදන ටික නම් බාගන්න බෑ. ඒක් වෙළඳ පොලට නිකුත් නොකල නිර්මාන එකතුවක් නිසා.

      ස්තූතියි චතුවී..

      Delete
  28. මා ප්‍රිය කරන මා ආදරය කරන තවත් එක් වාදක ශිල්පීන් අතර කෙනෙක් නාලක අංජන කුමාර. බොහොම අපූරුයි මෙ ්ලිපිය. සත්තටම. දෙපාරක් කියෙවුවා. පහුවෙලා ඇවිදින්.

    ReplyDelete
  29. සුරම්‍ය රාත්‍රිය පටන් ගත්තු කාලේ නොවරදවාම බැලුවා ඒත් පසුකාලීනව නොකඩවා බලන්න බැරි වුනා විදේශගතවීම නිසා. නාලක අංජන කුමාර මම බොහෝ ආදරය කරන කලාකරුවෙක්. එතුමා ගැන වටිනා ලිපියක් පළකරාට දයානන්ද අයියට ගොඩක් පින්.
    අස්වැන්නට මම ලඟදි ආවේ නමුත් හැකි උපරිමයෙන් කියවන්න උත්සාහ කරනවා මොකද මේ ලිපි බොහොම සාරගර්භ ඒවා. ඔබතුමාට බොහොම පින් අපිට මේ ලබාදෙන දැනුමට සහ රසාස්වාදනයට.

    -කරු

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...