සාහිත්‍ය සම්මාන
දෙකකින් පිදුම් ලද ගීත සංග්‍රහය:
මේ ගෙවී යන්නේ සැප්තැම්බර් මාසයේ අවසන් දවස් කීපයයි. සැප්තැම්බර් මාසය පාඨකයන්
තුළ සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කරන මාසය වගේම වසරක් තුළ ලේඛක ලේඛිකාවන් විසින් විවධ විෂයන්
යටතේ ඔවුන් විසින් ලියන ලද කෘතීන් සඳහා සාහිත්‍ය සම්මාන ලැබෙන්නෙත් මේ කාලය
තුළමයි. ඒ නිසා පොතක් කියවන්න, මිලදි ගන්න වගේම පොතක් විකුණ ගන්න ඇස් ඇරෙන මේ කාලෙ
පොත් ප්‍රකාශකයන් විසින් පාඨකයා පොළඹවා ගන්න සිදුකරන කුප්‍රකට ජාවාරම පාඨකයා නොමග
යවන එකක් වුවත් ඒ සම්බන්ධයෙන් කිසිවක්
නොලියමි. එසේ වුවත් 2011 වර්ෂයේ ප්‍රකාශයට
පත් වූ සාහිත්‍ය කාති අතරින් ගීත සාහිතයට සාහිත්‍යය සම්මාන හිමි
වූ ගීත එකතුව පිළිබඳව එහි ඇතුළත් ගීත කීපයක් සමගින්
ඒ ගීත කෘතිය ගැන අස්වැන්නෙන් ලියන්නට කල්පනා කළෙමි .
ධම්මික බණ්ඩාර |
ධම්මික බණ්ඩාර ගීත
රචකයෙක් විමට කලින් ඔහු දක්ෂ කවියකු විය. ධම්මික සරසවි සිසුවකුව සිටියදී 1990 දී
ප්‍රකාශයට පත්කළ "අහෝ මිත්‍රවරුනි" කාව්‍ය සංග්‍රහය ඔහුගේ පළමු කාවය
සංග්‍රහයයි. අනතුරුව ගේය පද රචනා සඳහා
වැඩි ඇල්මක් දැක්වූ ධම්මික බණ්ඩාර මෑත කාලයේදී ඔහුගේ දෙවන කෘතිය ලෙස ඔහු
විසින් රචනා කරන ලද ගීත ඇතුළත් "මගේ පුංචි රෝස මලේ" කෘතිය
එළිදැක්වීය. එකිනෙකට වෙනස් සාහිත්‍ය සම්මාන උලෙල දෙකකදී එකම කෘතියට සම්මාන
හිමිවීම ගීත රචකයෙකු ලෙස ඔහු ලද සුවිශේෂ ජයග්‍රහණයකි.
ධම්මික බණ්ඩාර -
ඩෙනිස්ටර් පෙරේරා - අමරසිරි පීරිස්
ධම්මික බණ්ඩාරගේ
"මගේ පුංචි රෝස මලේ ගීත එකතුවට ඔහු විසින් ලියන ලද මෑත යුගයේ ජනප්‍රිය
වූ ගීත ගණානාවක්ම ඇතුළත්ව තිබේ. ඒ අතර වඩාත් ජනප්‍රිය ගීත ලෙස අමරසිරි පීරිස්ගේ ගීත ගණානාවක් මේ කෘතියට ඇතුළත්කර තිබේ. ඒ නිසා
ම මේ ගීත කෘතිය ඩෙනිස්ටර් පෙරේරා -
අමරසිරි පීරිස් සුසංයෝගයෙන් බිහිවූ ධම්මික බණ්ඩාරගේ හොඳ ගිත කෘතියක් බව සඳහන් කල
හැකිය. ඒ ගීත කෘතිය ඔහුගේ කවිතා ගුණය
ඉක්මවා ගිය ගේය ලකුණින් සපිරි ගී එකතුවකි. ඊට හොඳම නිදසුනක් ලෙස මතු දැක්වෙන ගීත නිදසුන්
ලෙස ගත හැකිය.
හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දක්නින
අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් මා යන
කල
එපා තනිය දැනෙන්න
ලතා මඩුලු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුළිකර
මහවැලියට දමන්න
ගේය පද සංකල්පනාව :
ධම්මික බණ්ඩාර
සංගීතය: ඩෙනිස්ටර් පෙරේරා
ගැයුම: අමරසිරි පීරිස්
ධම්මිකගේ ගේය පද රචනාවන්හි
සැඟව සිටින්නේ අව්‍යාජ වූ ගැමියෙකි. ඒ නගරයෙන් ඈත එපිට සත් කෝරලයේ කුරුණෑගල දිස්ත්‍රිකයේ පිටිසර ගමක උපන් නිර්ව්‍යාජ ගැමියා ඔහු තුළ
තවමත් ජීවත්වන නිසාය. ධම්මික බිහිවූ ඒ
ගැමි සමාජය තුළ ජීවත් වූ අව්‍යාජ ජන කවියාත් ඔහුගේ ගීත නිර්මාණවල ජීවමාන ලෙසින්
සැඟව සිටී. ඒ නිසාම ජන කවියේ නොමඳ ඇසුර සහ භාවිතය ඔහුගේ ගීතයට ආලෝකයක් ලබා දී ඇත.
ඉහත දැක්වූ "හන්තානට පායන සඳ" ගීතය ඊට සුදුසුම නිදසුනකි.
ඒ ගීතයේ සිටින ගැමි
තරුණයාට සරසවි වරම් අහිමි වුවද ඔහුගේ පෙම්වතියට සරසවි වරම් හිමිව ඇත. ඒත් ඔහු ඒ
ගැමි සමාජයෙන් මිදී අලුත් අත්දැකිමක් ලබන්න නික්ම ගිය පෙම්වතිය පිළිබඳ අහිතක් ඔහු
තුළ හටගන්නේ නැත. නමුත් වෙනස් වන ලෝකය තුල
ඇයද වෙනස් වන බව ඔහු හොඳින් දැන සිටී. ඔහුගේ හිත උපන් ඒ ආදරය සිය හඳේ
දොරගුළු ලා ගෙන ඇයගේ දෑස් ඉදිරිපිට
ඇති ඒ අලුත් ලෝකය පිළිගන්නා ලෙස ඔහු ඇයට ඇරයුම් කරයි. මේ වූ කලී නිර්ව්‍යාජ ගැමි
සමාජයක සොබා සෞන්දර්යයේත් සැබෑ ජීවිතයේත්
අපූර්ව අත්දැකිමක් එකට මුසු වූ අවස්ථාවකි.
ඔහු ඇයට ආදරය කළේ
ගමේ එකට හැදී වැඩුණු කොලු ගැටයෙක් ලෙසින් වුවද ඇය සරසවියට ඇතුල් වූ පසු සරසවි බිමෙහි හමුවන අලුත් ආදරය තුළ ඒ ගැමි
පෙම්වතා එහි දැකිය හැකි නොවේ. ඒ නිසා ඇයට හිමි ආදර ලෝකයේ අසිරිය රිසි සේ විඳ ගැනිමට ඇයට අවසර දෙන්නේ ඒ ඈ කෙරෙන් ගිලිහෙන
ආදරය තව දුරටත් ආරක්ෂා කර ගැනිමට ඔහුට
නොහැකි නිසාය.
ඩෙනිස්ටර් පෙරේරා
සංගීත ක්ෂේත්‍රයට නවකයෙකක් වුවත් ඔහුට අමරසිරිගේ හඬ පරාසය සහ සංගීත භාවිතය පිළිබඳව මනා දැනුමක් සහ
අවබෝධයක් සහිතව පූර්ව නිගමනයක පිහිටා ගී
තනු නිර්මාණය කිරිම හේතුවෙන් ඩෙනිස්ටර් දක්ෂ
නැවුම් සංගිතඥයෙකු ලෙස ඔහුගේ රුව හා ගුණය
සංගීත අඹරෙහි සැණෙකින් සනිටුහන් කිරිමට සමත් වන්නේ අමරසිරි පීරිස්ගේ ගී හඬ හරහාය.
ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදාගත්තා
විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
උන්නු දා පෙර අත
පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස්
තිබුණද කොයි තරම්
නුඹ නොදැක සිටි
කාලයේ
හිත හදාගත්තා
විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
දෑස අග මල් පිපී
තිබුණත් කොයි තරම්
එක මලක්වත් සුවඳ
නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ
කාලයේ
නෙත කඳුළු මැකුණා
විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
ගේය පද සංකල්පනාව :
ධම්මික බණ්ඩාර
සංගීතය: ඩෙනිස්ටර් පෙරේරා
ගැයුම: අමරසිරි පීරිස්
මගේ ඇසින් මට හැඟෙන
විදියට “හන්තානට පායන හඳ” ගීතයේ සිටින ඒ
පෙම්වතා මේ ගීතයේ ද සැඟව සිටින බවක් දැනේ. සරසවි වරම් ලද සිය පෙම්වතියගෙන් ඔහු
ඉවත් වූ යේ අකමැත්තෙනි. හිත උපන් ආදරයක වියෝගය අමිහිරි අත්දැකිමක් වුවද, ඒ අමිහිරි
අත්දැකිම නැවත නැවත විඳවන විටදී ශෝකයේ රසය වඩාත් තීව්‍රව දැනෙන්නේ ආදරය, ප්‍රේමය සහ වියෝගය අප කාටත් පොදු මානුෂීය අත්දැකිම්
වන නිසාය. " ඔබ ආයෙමත් ඇවිදින්" ගීයේ සිටින ප්‍රේමවන්තයා ඒ අමිහිරි
අතීතයේ සිරකරුවෙකි. ආදරයේ වියෝවකින් පසුව ඕනෑම මොහාතක පෙම්වතා හෝ පෙම්වතිය නැවත එකිනෙකා
අහම්බයකින් හෝ හමුවූ විට ඔවුන්ගේ ඒ අතීය සැණෙකින් සිහියට නැගේ. එය ඉඳිකටු
තුඩකින් හදවත සිදුරු කර දැමීමක් වාගේය. එවැනි
අවස්ථාවක් අහම්බයක් වුවද, කිසිවකුටත් එය වැළැක්විය
නොහැකි සේ ම ඒ ගැන තවකෙකුට පැවසීමටද නොහැකිය. එවන් මොහොතක උනුන් රහසින් බැන්ද
පෙම්දම් නැවත සිහිකර හිතෙන් හඬා වැටී ඉවත බලාගෙන ඉවත් යාම හැර ඔවුනට වෙනත් සරණක් නොමැත.
ධම්මික බණ්ඩාර ගීයට නගන්නේත්, ඩෙනිස්ටර්ගේ සංගිතයේ මුසු වන්නේත් අමරසිරි
පීරිස්ගේ ගායනයෙන් අපට දැනෙන්නෙත් එවන් වියෝගයක ඒ නොකී පෙම් පුවතයි. එවන් මොහොතක එවන්
පෙම්වතුන් යුවලක් තනි තනිව නොකියා කියන්නේ මතු දැක්වෙන ගීයේ කතා පුවත නොවේ දැයි මොහොක්
සිතා බලන්න.
+ ඔබ එදා
නම් සඳ වගේමයි
- ඔබ මෙදා හිරු වී මා දවයි
+ ඔබ මගේ යැයි තව මට සිතෙයි
- ඔබ දමා යන්නට හිත කියයි
+ ඔබ එදා නම් සඳ වගේමයි
+ නෙතේ නෑ ආදර බැලුම්
කොහි සැඟවුණා දෝ නෙත් කැලුම්
- ඔබේ ලෝකය නෙවෙයි මගෙ ලොව
මැකී යයි ආදර හැඟුම්
+ පිටු පුරා පෙම් කවි ලියූ
හිත ගොලු වුණේ ඇයි රස මැවූ
- නොදන්නෙමි වැරදුණේ කොතැනද
දෛවයද මේ අප පැතූ
ගේය පද සංකල්පනාව :
ධම්මික බණ්ඩාර
සංගීතය: ඩෙනිස්ටර් පෙරේරා
ගැයුම: අමරසිරි පීරිස් සහ දිල්රුක්ෂි ජයකොඩි.
ධම්මිකගේ ගීතයක
රැඳුණ ප්‍රේමයේත්, ආදරයේත් සදාතනික බව රැඳෙන්නේ එය විඳින රසිකයා තුළය. ඇතැම් විට ආදරය ප්‍රේමය වැනි සංකල්පනා යොවුන් විය සමග
එකිනෙකට පෑහෙන බැඳීම් වුවද, සිය යෞවනයේ විදින්නට නොලද ආදරය, නිසි වයස ඉක්ම වූ
තවමත් තනිකඩව සිටින අයෙකුට වඩවඩාත් හොඳින්
හෘදයාංගමව දැනේ. එය ඇතැම් විට ලෝකයට විවර
නොකර සඟවාගත් ආදරයකි. හද ගැබෙහි සිය දහස් වාරයක් රිදුම් දෙමින් රහසේ හඬා වැටෙන ආදරයකි. වියපත් වූ පෙම්වත් හදවතක අප නොදකින අනුවේදනිය
පුවතකි. ධම්මික බණ්ඩාරගේ " හන්තානට
පායන හඳ" ගීතයේද, " ඔබ ආයෙමත්
ඇවිදින්" ගීතයේ දි දුටු යොවුන් පෙම්වතිය අහම්බෙන් නෙත ගැටුණු විට " ඔබ
එදා නම් සඳ වගේමයි" ගීයයෙන් ඒ බිඳී වෙන්ව ගිය පෙම්වතුන් යුවල දෙහදේ ලැගුම්ගත් නොකී පෙම් පුවත
කීවේය.
ඇතැම් විට ඒ ප්‍රේමය නිසාම තවත් ප්‍රේමයක්
ගැන නොසිතා වියපත්ව නැවත ඒ ප්‍රේමයෙන් බැඳී සිටින මොහොතක් සමාජය විසින් බැහැර කළද, කවියේදී මෙන්ම
ගීතයේදිත් නිර්මාණකරුවකු ඊට හාත්පස වෙනස් වූ ළතෙත් බවකින් යුතුව ඒ වියපත් ආදරය
දකී. එසේ සංයමයෙන් යුතු සිතිකින්ද, මුදිතාව වෑහෙන ඇසකින්ද එවන් වියපත් හදේ උපන් ආදරය
දකින්නේ සැබෑ නිර්මාණකරුවෝ ම ය. ධම්මික බණ්ඩාරද එවැන්නෙක් බව "මගේ පුංචි රෝස
මලේ" ගීයෙන් ඔප්පු කර ඇත. ධම්මික බණ්ඩාරට මෙන් ම ඩෙනිස්ටර් පෙරේරාටත් සංගීත
ක්ෂේත්‍රයේ තම ස්ථානය තහවුරු කර ගැනිමට හැකි වූයේත්, අමරසිරි පීරිස් "ඔබ
ඇපල් මලක් වාගේ" ගීයෙනුත් නැවත වෙනස්
කළේ "මගේ පුංචි රෝස මලේ" ගීයෙනි.
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත්
බමරා
නුඹ හීනෙන්වත් නොදකින
කුමරා
කලුවර රෑ හඳක් වගේ
අහසේ නුඹ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න
තරහක් නැ නුඹ බැස
යන්න
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනව
නම්
ආසයි මම කවුලු
පියන්
ඇරල තියන්න
තරහක් නෑ නෑවිත්
ඉන්න
ගේය පද සංකල්පනාව :
ධම්මික බණ්ඩාර
සංගීතය: ඩෙනිස්ටර් පෙරේරා
ගැයුම: අමරසිරි පීරිස්
ධම්මික බණ්ඩාර ජනප්‍රිය
ගීත රචකයකු බවට පත්වන්නේ " මගේ පුංචි රෝස මලේ" ගීයෙනි. ගීයේ ඇති කවිතා
ගුණය ඉක්මවූ ගේය ගුණය මුළු ගීය පුරාම විහිදෙයි. එය සංගිතඥයකුට මියුරු තනුවක්
සදහා ඇරයුම් කරන්නේ ගේය පද රචනාව තුළම සංගිතඥයාට
අවශ්‍ය ගීතමය පසුබිම සකසා දෙන නිසාය. ධම්මික තෝරාගන්නා ව්‍යක්ත කවි බස ගීයට විශාල
ආලෝකයකි. එය ඔහුගේ ගිත කෘතිය පුරාම දැකිය හැකිය. අනෙක් අතට ධම්මිකගේ ගේය පද
රචනාවන්ට විෂය වන ආදරය, ප්‍රේමය, සංතාපය, සහ වියෝගය ඔහුගේ සරල සහ සුගම බසෙහි භාවිතය
නිසා ගීයේ වචනවල ඇති ළෙංගතුකම හෘදයාංගම
ලෙසින් රැක ගනී. ඒ ධම්මිකගේ ජනවහර මෙන්ම පුරවහරද, සම්භාව්‍ය සාහිත්‍යයේ ඇසුරද නොමද
ලෙසින් ගේය කාවය සඳහා උපයෝගී කර ගන්නා නිසාය.
කවියාගේ නෙත ඉමේ දැවටෙන හැම දසුනක්ම කෙතරම් රළුපරළු අත්දැකිමක්
වුවත්, ඒවා ගේය පද රචනා බවට පත්වන්නේ විශිෂ්ඨ භාෂාව හැසිරවීම නිසාය. ඇතැම්විට
ගීයකින් කතා බහට ලක් නොවන සමාජ අත්දැකීම්වලට තුඩු දෙන මාතෘකා පවා ඔහු ගීතය සඳහා පාදක කර ගනී.
පිටකොටුවේ බෝගහ යට
බෝම්බයට බිලිවු ලොතරැයි විකුණන මල්ලීද, යුද බිමක තනිවූ සෙබල පෙම්වතා හිත උපන් ප්‍රේමයද, 83 කලු ජූලියෙන් මිය ගිය සපත්තු මැසූ
වේලුද, ඔහුගේ ප්‍රේම ගීතයේ සෞන්දර්ය රීතිය
පසෙක ලා සැබැ ජීවන අත්දැකිම්වලට අප කැඳවයි.
ශ්‍රී දේවි වගේ
නටන්න බැරි හින්දාම
මධුරි වගේ නටන්න
බැරි හින්දාම
දෑස ඓශ්‍චර්ය වගේ
නැතුවාට
මගෙ කුමාරයෝ මා
අතහැර දැම්මාද ........
වැනි ගීයකද, "මගෙ
පුංචි කුඩේ" "සිරි සංඝදාස මහත්තයා" වැනි ගීයකත්
නූතන සමාජ සංස්කෘතිය තුළ අප විඳින, විඳවන හරසුන් ගිත රැල්ල තුළ නිසරු බිමක
පිපුණු කරඹ මලක් සේ සුවඳ විහිදුවයි. ඒ
නිසරු බිමෙහි සැඟව ඇති රසවින්දනයේ සරු බීජ ඉඳහිට ඇද වැටෙන පොද වැස්සට තෙමී මුලුමහත්
පොළෝ තලයම පෙඟුණ පසු සරු පසක ගොබ ඇදී පැළවෙන්නට පටන්ගන්නා රන් අස්වනුවල පළමු අංකුර
සේ ධම්මික බණ්ඩාරගේ “මගේ පුංචි රෝස මලේ” ගීත එකතුවේ ඇති
ගීත හෙට දවස වෙනුවෙන් දලුලමින් වැඩේ. ඒ
නිසා ගීතය සහ ගීතය සාහිත්‍යය පිලිබඳව උනන්දුවක් දක්වන කාටත් එකසේ රසවිදිය හැකි
කෘතියක් ලෙස ධම්මික බණ්ඩාරගේ “මගේ පුංචි රෝස මලේ” ගීත සංග්‍රහය හැදින්විය
හැකිය. ෴
“මගේ පුංචි රෝස මලේ”
ගීත කෘතිය
එස්. ගොඩගේ ප්‍රකාශනයක්
මිල රුපියල් 300/=
වටිනා කාලය බිඳක් වැය
කර ගී රස විඳිමින් කියවූ ඔබට ස්තූතියි.
වෙලාවක් ඇත්නම් මීට වඩා වෙනස් වූ ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න.
හන්තානට පායන සඳ ගීතයට පාදක උනේ ඇත්තම අත්දැකීමක් කියල ධම්මික බණ්ඩාර මහත්මය පුවත් පතකට ලියල තිබුන!ඔහු ගුරුවරයෙක් නිසා ශිෂ්‍යයන් දෙදෙනෙකු අතර සිදු උන සත්‍ය සිදුවීමක් මේකට පාදක වෙලා තියෙන්නේ!මමත් ගොඩක් කැමති ගේය රචකයෙක්!
ReplyDeleteධම්මික බණ්ඩාරයන් විසින් රචිත විඳවමින් වින්දෙමි කියන පොතත් මේ පාර මගේ මිත්‍රය ගත්ත වගේ මතකයි!එකත් සහෙන්නේ හොඳ එකක් වෙන්න ඇති!කියවලම බලන්න ඕන!
දක්ෂයෙක්ට සම්මානය ලැබීම ගැන සතුටුයි!සාහිත්‍ය සම්මාන ගැන මගේ නම් පෞද්ගලික මතය යහපත් නෑ!:)
නුවන් මල්ලි නිදි නැද්ද..අයියෝ එයත් ඒ වෙලාවටම කොමන්ට් කරලනෙ..
Deleteකලින් කියන්න එපයි!
Delete:p
නුවන්...
Deleteමම මේක ලියද්දි ධම්මිකගේ ගිත වල අත්දැකිම් ගැන ලිව්වේ නැහැ ඒ. නිරන්තරයෙන් ඒ අත්දැකිම් ගැන මැත යුගයේ කතාබාහට ලක්වුන නිසා. මම උත්සාහ කලේ එහි ඇති සාහිත්‍ය රසයි මතු කරගන්නයි.
ඔබ වගේම මමත් සම්මාන ළෙල ගැන පැහැදිමක් නෑ විශේෂයෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය ගැන ඒවුණත් මේසැරෙනම් ගිතයට නිසි සම්මානය හිමිවෙලා තියෙනවා.
ඔව්. විඳවමින් වින්දෙමි පොත ගත්තට තවම කියවන්න නම් ලැබුනේ නැහැ! කල් වෙලා අරගෙන බොහොම හෙමින් කියවිය යුතු පොතක් නිසයි පමා කළේ! :)
Deleteඅද නම් කවුරුත් කියන්න එපා මම එක කියල..මමයි ආවෙ මුලින්ම අස්වැන්න නරඹන්න..
ReplyDeleteමුලින්ම අමරසිරි පීරිස් කියන්නෙ මම හදවතින්ම ආදරය කරන ගායන ශිල්පියෙක්..ඒ අතර ගේය පද රචක ධම්මික බණ්ඩාරයන්ගෙ ඔබ ආයෙමත් ඇවිදින් ගීතයට මම පුදුම විදිහට කැමතියි.ඒ වගේම මේ ඉහත මුල් ගීත 3 ම එකිනෙකට කියන කතා පෙළක් වගේ..ඒක අද අස්වැන්නෙන් අපට අපූරුවට කියල...
තව පාරක් කියවනව අස්වැන්න අද...දැනුණ හුගක්ම.
දිනිති..
Deleteඇත්තටම ඔබ වගේම මමත් ඒ ගිත හතරේ එක්තරා බැඳීමක් දැක්කා. ඒක ඇතුලේ කතාවක් ගලා යනවා වගේ දැනෙනවා.
ස්තූතියි දිනිති.
ඇත්තටම මේ ලිපිය හරිම වැදගත් මම කැමතිම සිංදු ටික ගැන අපුරැවට ලියවිලා තියෙනවා.
ReplyDeleteමගේ පුංචි රෝස මගේ පොත නම් ගන්න ඔනේමයි කියලා දැනුනා. ඇත්තමයි.
සිහින මදාරා..
Deleteඔබ පළමුවෙන්ම අස්වැන්නට සාදරයෙන් පිලිගන්නවා..
ඇත්තටම ගිතයේ සාහිත්‍ය ගුණය දැන ගන්න නම් මේ වැන් පොතක් කියවන එක හොදයි..
ස්තූතියි ඔබේ අගනා සටහනට
පහුගිය දවස්වල පුවත්පතකත් ඔය ගැන දීර්ඝ විස්තරයක් තිබුනා මතකයි. ධම්මික බණ්ඩාර අතින් ලියවුන ඒ ගීත ටික අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරලා සෑහෙන කාලයක් උනත් ඒවා ජනප්‍රිය උනේ හුඟාක් කල් ගිහින්. විශේෂයෙන්ම " හන්තානට පායන සඳ " ගීතය. ඒත් ඒ ගීතය මොනතරම් මිහිරිද?
ReplyDeleteළිහිණි..
Deleteමේ සියලු ගිත බිහිවිමට හේතු වු කරුනු නිරන්තරයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වෙන නිසා මම ඒගැන ලිව්වේ නෑ. මේවැ හැම අතින්ම සාර්ථක වූ ගීත
ස්තූතියි ලිහිණිට
හන්තානට පායන හඳ ගීතයෙ අතීත කතාව මම දැන ගත්තෙ මේ බ්ලොග් ලෝකයෙන්මයි.
ReplyDeleteපහු ගිය දවසක මම පුවත්පතක දුටුවා ඔබ ආයෙමට් ඇවිදින් ගීතයෙ අතීත කතාව. ඒ ඔහු සමග සේවය කළ වෙනත් ගුරුවරයෙකුගෙ අත්දැකීමක් බව ඒ ලිපියෙ සඳහන් වුණා. එයත් ඒවැනිම ලස්සන කතාවක්.
මගේ පුංචි රෝස මලේ ත් ඇති අපි නොදන්න කතාවක්.
කොහොම වුණත් අපි ලියන ගොඩක් දේවල් වල අපේ අතීත සිදුවීම්, අත් දැකීම් එහෙම නැත්නම් අපේ හීන හරි යම් පමණකට හෝ ගැබ් වෙලා තියෙනව කියල මම විශ්වාස කරනව.
ඒ අත් දැකීම් ගොඩක් දෙනෙක්ට පොදු නිසා, පොදු පාඨකයා, ශ්‍රාවකයා ඒවා තමාට නතු කරගන්නව හරි අපූරුවට.
මෙතෙන්ට අදාල නැති වුණත් මට කියන්න හිතෙන එක දෙයක් මම දුටුවා සති කීපයකට කලින් පුවත්පතක. ඒ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඔහුගෙ "සුළං කපොල්ලේ" ගීතය ගැන කියා තිබූ දෙයක්. ඒ අහුගේම අත් දැකීමක් බවත්, එහි කියන "තනිකඩ කුරුලු රජා ඔහු බවත් එහි කියැවුණා. එතනදි ඔහු පවසා තිබුණා, ඒ ගීතය ජනප්‍රිය වෙද්දි ඔහු තරමක් කැළඹුණා ලු ඒ අත්දැකීම පෞද්ගලික වැඩිදෝ කියල, නමුත් පසුව ඔහු වටහා ගත්තා ලු අත්දැකීම් තුළින් ලියවෙන දෑ බොහෝ දෙනෙක්ට පොදුයි යන්න.
මම මෙතනදි කියන්න උත්සහ කළේ, අත්දැකීම් අනුසාරයෙන් ලියැවෙන මේ වගේ ගීත, ඉතා පහසුවෙන් සහෘදයා ට ගෝචර වෙනවා, ඒ වගේම බොහොම කාලයල් පවතිනව.
වටින ලිපියක් දයානන්ද අයියෙ, ස්තූතියි මතකයන් අලුත් කළාට
සිඳු..
Deleteහැම නිර්මාණ කරුවෙක්ම ලියන්න පාදක කරගන්නේ තමන් විඳින අත්දැකීම් ඒවා පොදු අත්දැකීම් බවට පත්වෙනවා. එතකොටයි අපට හැෙඟෙන්නේ ඒවා තුල අපි ජිවත්වෙන බව.
ස්තූතියි සිඳූ...
අදනම් අපි ගොඩක්ම දන්න කියන ගීත ටිකක් ගැන ලියලා. "හන්තානට පායන හඳ" ගීතයේ නිධාන කතාව හරිම ලස්සනයි. ඒක ධම්මික බණ්ඩාර මහත්මයාම කියන වීඩියෝ එකක් තියනවා. ඒ කතාවේ ඉන්න පිරිමි ළමයා ගැන මට හරිම පුදුමයි.
ReplyDeleteසයුරී..
Deleteමම මේ පළමුවරට ගිත සාහිත්‍ය කෘතියක් විමසුමට ලක්කළේ අන්තර් ජාලය භාවිතා කරමින්. වෙනදා ගීතයේ සාහිත්‍ය රසය විතරයි කියවලා විඳින්න ලැබුනේ. ඒනිසා මේසැරේ පොතේ ඇතුළත් ගීත අහන්නත් ලැබුණා.. ඒකත් හොද වැඩක් වගේ.
ස්තූතියි සයුරි ඔබටත්..
හදවතට දැනෙන ගී පද , හදවතට දැනෙන නියම පිරිමි හඬ ....ගැන ලියැවුනු හදවතේ රැදෙන සටහනක් ... ඔබේ සටහනින් ලද දැනුම , සතුට හරිම ඉහළයි , වෙසෙසින් , මෙවන් අරුත් බර අදහස් දකින්න නොලැබෙන සමයෙක , ..
ReplyDeleteබොහොම පිං මේ සතුට අපි අතරේ බෙදා දෙනවාට ..
මහේෂ්..
Deleteඔන්න මම ගීත සාහිත්‍ය කෘතියක් විමසුමට ලක්කලේ ඩිජිටල් ක්‍රමයට. පොත කියවනවා වගේම පොතේ ගිත අහන්නත් සැලැස්සුවා..
ස්තුතියි මහේෂ්..ඔබටත්
අපූරු ලියවිල්ලක් සහෝ,,
ReplyDelete'හන්තානට' ගීය නම් කවමදාවත් අමතක වෙන්නේ නැහැ..
කදිම පොස්ටුවක්!
ජය!
හිරුහිමාවි..
Deleteස්තූතියි.. ගීත ටික අහන්නට ආවාට
ඉඩෝරයට ,වැස්සක් වගේ දැනෙන්න..මේ වගේ කලාශිල්පීන් අපේ ලක් දෙරණේ බිහි වීමත් සතුටක්. ඒ වගේම මේ වගේ ලිපිවලින් සමාජය දැනුවත් කිරීමත් අගය කල යුතුයි..!
ReplyDeleteවීපොකුර..
Deleteසිහිත්‍ය මාසයේවත් මේගැන කතාබහ නොකලේ නම් වැඩක් නැහැ.
ස්තූතියි ඔබටත්.
" ඔබ ආයෙමත් ඇවිදින් " ගීතය කලක් මම නිතරම මුමුනපු ගීයක් . මම හිතන්නෙ ඒ ගීතය ඒ තරමට මගේ ජීවිතය හා බැදී තිබුන . අමරසිරි පීරිස් මම ඉතාමත් කැමති ගායකයෙක් . බොහෝ වෙලාවට නින්දට යන්නට පෙර නිස්කලන්කව ඉන්න වෙලාවට ඔහුගේ ගීත අහන්න මම කැමැත්තක් දක්වනවා .
ReplyDeleteධම්මික බන්ඩාර ගැන නොදන්න කරුණු එක් කලාට ඔබට බොහොම ස්තූතියි . හැමදාමත් කියනව වගේ ඔබේ අස්වැන්න නෙලාගන්නෙ ඔබ නෙවේ මේ ලිපි බලන අපි . ජයෙන් ජය !
ගිම් ...
Deleteමට ලියන්න අමතක වුනා.. ධම්මික බණ්ඩාරයන් වයඹ පළාතේ විශේෂයෙන්ම කුරුණෑගල නගරයේ ඉතාමත් සුප්‍රසිද්ධ උසස්පෙළ සිංහල ටියුෂන් මාස්ටර්..
ඉතින් ඔහු අතින් මෙවැනි ගි ලියැවෙන එක අරුමයක්ද
ස්තූතියි ගිම්..ඔබටත්
මම ආසම සින්දු ටිකක්.
ReplyDeleteසරලයි.ඒ වුනාට හිතට දැනෙනවා පුදුම විදිහට.
ප්‍රමුදි..
Deleteස්තූතියි හිතට දැනුනා නම් යමක්..
කවිය, ගීතය කියන දේ කෙනෙකුගේ හැගීම් ප්‍රකාශ කරන්න කොච්චර ප්‍රබල ලෙස යොදා ගන්න පුළුවන්ද කියන එක මනාව පෙන්නන හොදම උදාහරනයක් විදිහට මේ ගීත ටික පෙන්නන පුළුවන්..
ReplyDeleteපුංචි වචන පේළි ටිකක් තුලින් හරි ලස්සන කතන්දරයක්. හරි ලස්සනට කෙනෙකුගේ ජීවිතයට හැබෑ ලෙසටම ආරෝපනය කර ගන්න පුළුවන් වෙන විදිහට දක්වන්න පුළුවන් කියන එක මනාව ප්ප්පු කරල තියෙන තැනක් විදිහට මේ ගීත ටික දක්වන්න පුළුවන්...
ඒ ලස්සන කතන්දර අපිට හරි ලස්සනට පැහැදිලි කරාට ඔබ තුමාට බොහොම ස්තූතී..
ජයවේවා
චතුවී..
Deleteමේ ගිත හතරේ එක්තරා බැඳීමක් තියෙනවා ඒක ඇතුලේ කතාවක් ගලා යනවා වගේ දැනෙනවා. ඒක ගිතය අහද්දි හිතට දැනෙනවා..
ස්තූතියි චතුවි
ධම්මික බණ්ඩාරගේ කවි පොතක් [ ඔහුගේ මුල්ම පොත වෙන්න ඕන ] සහ උපුල් ශාන්ත ගේ සරසවි දියණියෝ එලි දැකුම තිබුනේ අපි පාසල් ශිෂ්‍යාවෝ කාලේ . අද වෙද්දී උපුල් ශාන්තලා දේශපාලන දර්ශන අතින් මොන තැනක් හිටියත් ඒ දවස්වල අපේ ලෝකයේ වීරයෝ . ජෝන් ද සිල්වා එකේ තිබුන ඒ අවස්ථාවට මාත් ගියා . ධම්මික ඒ පොත පිරිනැමුවේ අම්මටයි තාත්තටයි . හරිම සංවේදී දසුනක් . මේ වගේ අනර්ග නිර්මාණ රැසක් ඔහු අතින් බිහි වීම ගැන අපමණ සතුටුයි. දයානන්දට ගොඩක් ස්තුතියි මේ වගේ හොඳ නිර්මාණ ගැන අපට වැඩිපුර කියාදෙනවට . කවි පොත් විකිනෙනවා අඩුයි. ඒ වුනත් තවමත් කවි පොත් ලියන ඔවුනට මගේ ප්‍රණාමය .
ReplyDeleteමට ඉතින් නිතර දෙවේලේ සින්දු ඇහෙන්නේ නැහැ . උවමනාවෙන් ඇහුවොත් ඇරෙන්න ලංකාවේදී වගේ ඉබේම ඇහෙන්නේ නැහැනේ . මෙහෙම දැක්කම අහන්න හිතෙනවා .
බින්දි..
Deleteධම්මික කොළඹ විශ්ව විද්‍යාලයේ සරසවි සිසුවකුව සිටියදී 1990 දී ප්‍රකාශයට පත්කළ "අහෝ මිත්‍රවරුනි" කාව්‍ය සංග්‍රහය ඔහුගේ පළමු කාවය සංග්‍රහයයි. ලංකාවෙ අඩුවෙන්ම විකිනෙන්නේ මේවගේ පොත්. ඉඳ හිටලා මේවට සම්මානත් හම්බවෙනවා.
ඔබ වැනි විදේශගතව සිටින අයට යම් ප්‍රයෝජනයක් වුනා නම් ඒක සතුටක්.
උසස් පෙළ කාලේ අපේ සෙට් එකේ හිටපු කොල්ලෝ කට්ටියගේ ප්‍රියතම සින්දු සෙට් එක තමයි ඔය. "හන්තානට පායන හඳ" තමයි වැඩියම කැමති. ඒ සින්දු කොච්චර ඇහුවත් කවදාවත් එපා නම් වෙන්නේ නෑ.
ReplyDeleteපැතුම්..
Deleteඅදටත් පාසල් සිසුන්ගේ අතර මේගිත ජනප්‍රියයි.
ස්තුතියි ඔබටත්..
හන්තානට පායන සඳ මමත් ආසම සින්දුවක් ගොඩාක් තේරුමක් තියෙන ලස්සනම ලස්සන සින්දුවක්.
ReplyDeleteගොඩාක් තොරතුරු දැනගත්තා, වටිනා ලිපියක්'
වර්ණා...
Deleteස්තූතියි ඔබටත් අදහසක් එකතු කලාට
හන්තානට පායන සඳ ගීතය මගේ ආසම ගීතයක් කිව්වොත් හරි...
ReplyDeleteඅලුත් මල්ලි
Deleteඔබ අස්වැන්නට සතුටින් පිලිගන්නවා..
ස්තූතියි ඔබටත් අදහසක් එකතු කලාට
සාමාන්‍යයෙන් ප්‍රේමය රස ගුලාවක්... පිළිගන්න අකමැති උනත් විරහවත් ඒ වගේ.... ඒ බව මේ ගීත කීපයෙන්ම ඔප්පු වෙනවා...
ReplyDeleteඅමරසිරි පීරිස්ගේ හඬ කවරු මොනවා කිව්වත් ඉස්සරහට ආවේ ඇපල් මලේ ගීතයෙන් කියලයි මම හිතන්නේ.. ඒත් ඒ වෙග් දහ ගුණයක වටිනකමක් ලඳුනේ ගීතයේ තිබුනා... ඒ සමාජ සිද්ධිවල වෙනස නිසා...
ආදරය, අනුකම්පාව, දුක පිළිබඳව අපේ තියෙන සංවේදී කම වචනවලට නඟන්න උත්සාහ කරන හැම දෙනාම අනිත් සමාජ සිද්ධි ගැන ලියන්නවට වඩා යම්තරමකට සාර්ථක වෙනවා කියලා මම හිතනවා.. මොකද හැම දෙනාටම වගේ මේ වගේ අත්දැකීම් පොදු නිසා...
ගීත ගැන විචාරයක් කරන්න තරම් දැනුමක් නැති උනත් මේ ගීත අහන හැම මොහොතකම නෙතට කඳුලක් නඟන්න තරම් සංවේදී වෙනවා... ඒ මගේ අත්දැකීම...
හිරු...
Deleteඔබේ අදහසට සම්පූර්නයෙන්ම එකඟයි..
අමරසිරි පිරිස් මොන ආකාරයෙන් ගිත ගැයුවත් ඒවා ඉතාමත් ජනප්‍රිය වනවා වගේම මිහිරක් දැනෙනවා.
සුන්දරම ගීත එකතුවක්... සම්මාන ලැබිය යුතුයි මේ නිර්මාණවලට ඇත්තටම.
ReplyDeleteතරු රසී..
Deleteසම්මාන දෙකම අනිවාර්යෙන්ම හිමිවිය යුත්තේ මේකට බව අනෙක් නිර්දේහිත පොත් ටික ගැන විපරම් කළාම මටත් හිතුනා
'හන්තානට' ගීතය සහ මගේ 'පුංචි රෝස' මලේ කියන ගීතයන් දෙක කිසිදා අමතක කරන්නට බැරි හදවතට ගොඩාක් සමීප ගීත දෙකක්. මේ පාර පොස්ටුව පරක්කුයි උනා වගෙයි.
ReplyDeleteකොරලේ මහත්තයා..
Deleteමේ පොස්ට් එකට කලින් 'නන්දා මාලනියගේ ස්වේත රාත්‍රිය" නිමාව ගැන සටහනත් තැබුවා. ඒක බ්ලොග් අඩවි වලට ඇතුල්වෙලා නැහැ මොකක් හරි හේතුවකින්. ඒකයි කාලෙකින් ලිව්වෙ නෑ වගේ දැනුනේ..
අපිට කියන්න දෙයක් ඔබ ඉතුරු කරල නෑ. මේ ගීත ටික ශ්‍රාවක සිත් ඇදගන්නා ගීත ටිකක්. ධම්මික බණ්ඩාර හොඳ ගීත රචකයෙක්.
ReplyDeleteOutsider..
Deleteස්තූතියි අදහසට..
හරිම ලස්සන ගීත එකතුවක්. අද මම පොත් ප්‍රදර්ශනේට ගියා. පරිවර්ථන පොත් කීපයක් සමඟ හයිකු කවි එකතුවක් හා බන්දුල නානායක්කාරවසම් ගෙ කවි පොතක් ගත්තා. මට මෙය ඇසගැහුනේ නෑ. ඔබට බෙහෙවින්ම ස්තූතියි! දයානන්ද මේ වටිනා සටහනට.
ReplyDeleteචන්දි.
Deleteපොත් ප්‍රදර්ශනේ නම් පාඨකයන්ට වාසි වුනේ නෑ. එකම වාසයි කැමති පොතක් තොරාගෙන කියවිමට හැකිවිම පමණයි.
බන්ධුල නානායක්කාරවසම්ගේ "සිනාතොටක්"දෙවන මුද්‍රණය නිකුත්වෙලා තිබුනා තමයි. මේ පොතත් තැන් කිපයකම තිබුනා..
තවම පිටු පෙරලන්න බැරි වුන පොත ගැන ඔබ ලීවම කොහොමද ආයෙත් ඒක කියවන එක පස්සට දාන්නෙ..
ReplyDeleteපොත් ප්‍රදර්ශනේ ගොඩගේ පොත් රාක්ක අවුස්සනකොට ලැබුනු අපූරු පොතක්..
ස්තුතියි මේ ගැන ලීවට..
රූ..
Deleteපොත් ප්‍රදර්ශනේ ගොඩගේ බුක් ස්ටෝල් එක නම් අන්තිම දවස් වෙනකොට තනිකරම අච්චාරුවක් වෙලා තිබුනේ.. කිසිම පොතක් හොයාගන්න බැරිවුණා..
ස්තූතියි රූ.. ඔබටත්.
ඒක ඇත්ත දයානන්ද..
Deleteමම ගොඩගේ ස්ටෝල් එකට ගියේ පොත් දෙකක් ගන්න විතරයි..ඒ රත්න ශ්‍රීගේ අන්තිම කවි පොත් දෙක ගන්න..
ඇත්තම කියනවා නම් කවි පොත් තිබුන පොත් රාක්කෙ කොච්චර අවුල් වෙලාද තිබුනෙ කියනවා නම් මම පැය බාගයක් තිස්සෙ එතන ඉඳන් ඒ පොත් ටික පිළිවෙලට අඩුක් කලා මට ඕන පොත හොයාගන්න..(හරියට අපි පුස්තකාලෙට ගිහින් පොත් තෝරනවා වගේ.)
ඒ අතරෙ තමයි මේ පොත ලැබුනෙ..හිටිය සෙනගත් එක්ක පොත පෙරලලාවත් බලන්නැතුව රත්න ශ්‍රීගෙ පොත් දෙකත් අරන් මම ඉක්මනට එළියට ආවා හුස්ම ගන්න අමාරු වෙයි කියලා හිතලා..:)
හන්තානට පායන හඬ ගීතය මම ආසම ගීත 10න් එකක්
ReplyDeleteහොඳ පදරචනා කීපයක්,හොඳ ගායකයෙක් එතුමාගේ ඉරිතැලුණු වලා ගීතයටත් මම හුගක් ආසයි. අපව දැනුවත් කලාට තූති...
පුබුදු...
Deleteමගේ පුංචි රෝසමලේ ගීත පොතේම තියෙන ගිත සාහිත්‍යයෙන් අනූනයි.
ස්තූතියි පුබුදුටත්.
හැමදාම වගේ කියවන්න එනවනේ....මේ ලිපි පෙලනම් ලොඩක් වටිනවා..
ReplyDeleteතරුවා..
Deleteස්තූතියි... මලේ..
"මගේ පුංචි රෝස මලේ"
ReplyDeleteමම සෑහෙන ආස සිංදුවක්.. අදත් වෙනදා වගේම හොද විස්තරයක් රත්නායක අයියේ..
දිනේෂ්...
Deleteඔබටත් ස්තූතියි... සටහනක් තැබුවාට
math asama sinduwak hanthanata payana sada watina lipiyak saho
ReplyDeleteඋමා..
Deleteඔබ අස්වැන්නට සතුටින් පිලිගන්නවා..
ස්තූතියි ඔබටත් අදහසක් එකතු කලාට
ලස්සන ගී එකතුවක්.
ReplyDeleteමැණික්
මැණික්..
Deleteස්තූතියි ඔබටත් අදහසක් එකතු කලාට
ධම්මික මම මුලින්ම රසිකයෙක් විදියට හඳුනා ගත්තෙ "අහෝ මිත්‍රවරුනි" කවියෙන් මට මතක හැටියට විනීගෙ චිත්‍රයකුත් එක්ක ඒ කවින ඵලවෙලා තිබුණෙ "ලක්දිව" පත්තරේ. අපි ඒ මොහොතේ අත්විදිමින් තිබූ අත් දැකීම් එක්ක අදාල කවිය ගානට සමපාත වුනා.
ReplyDeleteපසුකාලයේදී ඔහු ලියූ කවි හා ගීතත් කාගේ හෝ ජීවිත එක්ක හරියටම සමපාත වුනා.
අවාසනාවට මීට වඩා දෙයක් මට මේ පෝස්ටුව ගැන කියන්න බැශැ, අත්දැකීම් මදි.
සුමිත්..
Deleteඔබ ඔය කියන යුගය 1990 විතර. මොකද ඔහු ඒකාලේ කොළඹ විශ්ව විද්‍යාලයේ සරසවි සිසුවකුව සිටියදී 1990 දී ප්‍රකාශයට පත්කළ "අහෝ මිත්‍රවරුනි" කාව්‍ය සංග්‍රහය ඔහුගේ පළමු කාවය සංග්‍රහයයි.
ස්තූතියි සුමිත් ඔබටත්..
මමත් මේ පොත ප්‍රදර්ශනේ හෙව්වා... හම්බවුණේ නෑ... කොහොම හරි ගන්නම ඕන...
ReplyDeleteමෙතුමාගේ ගුරුහරුකම් ලැබූ සිසුවියක් ලෙස මෙතුමා ගැන තව කුමක් කියන්නද?
අනූ..
Deleteමේ පොත කොළඹ ආ වෙලාවක මරදානේ ගොඩගේ පොත් සාප්පුවෙන් ගන්න එතැනි තියෙනවා. ඔබ ඔම්මික බණ්ඩාරයන්ගේ සිසුවියක් බව දැනගැනිමට ලැබීමත් සතුටුයි.
ස්තූතියි
පළමුව ෙමය කිව යුතුමය.සිංහලයාෙග් අනාන්‍යතාවය මතු කරන ඒක් තැනකි ෙම් සිංහල ගීතය.ඒවන් තැනක් අප හට ෙපන්විමට ඔබ දරණ ප්‍රයත්නයට පිං.වටිනා අපි ෙනාදන්න ෙපාතක් පිළිබද දැන්විම පිළිබද තුටි!
ReplyDeleteගයානි..
Deleteස්තූතියි ඔබටත් අදහසක් එකතු කලාට
කවිකම වේගයෙන් අභාවයට යන කාලෙක කවිය ජනප්‍රිය කරන්න ධම්මික මහත්තයා ලොකු වෑයමක් දරනවා..ස්තූතියි මේ ගැණ කිව්වට!
ReplyDeleteලහිරු..
Deleteඔබ අස්වැන්නට සාදරයෙන් පිළිගන්නවා.
ධම්මික පාසල් ගුරුවරයෙක් වගේම හොඳ සිංහල ටියුෂන් ගුරුවරයෙක්.ස්තූතියි ඔබටත් අදහසක් එකතු කලාට
වෙනදා වගේම ලස්සන ලියැවිල්ලක් දයා...ආපහු හිමිහිට කියවන්ට ඕනි.:)
ReplyDeleteපොඩී..
Deleteනිදහස් වෙලාවත ඇවිත් කියවන්න.. ස්තූතියි වටිනා අදහසක් එකතු කළාට
බොහොම කාලෙකින් අයියාගේ ලිපියක් නොදැක්ක නිසා නිකමට වගේ ආවේ. බොහොම කාර්යය බහුල වෙලා හිටපු දවසක පල වුණු නිසා ද කොහේ ද මග හැරුණු හැඩයි.
ReplyDeleteඅටුවා ටීකා අවශ්‍ය නැහැ. 'හන්තානට පායන සඳ' කියන්නේ මගේ ප්‍රියත ම ගීතයක්. ඒ ගීතය මෑත යුගයේ බොහොම ජනප්‍රිය වුණත් මා එය අහන්න ගත්තේ ඊට සැහෙන්න කලින්. ඇසිය යුතු ම යි කියා වරක් නුවන් මට දුන් ගීත 10ක පමණ එකතුවකිනුයි මා පළමු වර ඇහුවේ. 'මගේ පුංචි රෝස මලේ' කියන්නේ නම් බොහොම පෙර සිට අහපු ගීතයක්. (මගේ ප්‍රියතම ගායකයා ගයන නිසා ඒ ගීත දෙක වඩාත් සමීපයි)
ධම්මික බණ්ඩාර විසින් රචිත විඳවමින් වින්දෙමි පොත නම් මෙවර පොත් සල්පිලෙන් මිලට ගත්තා. මගේ පුංචි රෝස මලේ පොත අතට අරගෙනත් තියලා එන්න සිද්ධ වුණේ තවමත් අපි දෙමාපියන්ගේ පරපෝෂිතයන් නිසා. නමුත් හැකියාවක් ලැබුනොත් රැගෙන කියවිය යුතු ම යි කියා හැඟුනා.
සුපුරුදු පරිදි මුල සිට අග දක්වා ම විඳි සටහනක්. ජය වේවා අයියේ!
ReplyDeleteරැංගෝ..
මමත් මේදවස්ටිකේම තරමක් කාර්ය බහුලයි. ඒ නිසා ගානක් නැහැ. මේ පොත හොයාගන්න පුළුවන් වුනොත් කියවන්න.
ස්තූතියි රැංගෝ..
හන්තානට පායන සඳ, මගේ පුංචි රෝස මලේ ඇතුළු ධම්මික බණ්ඩාර හා ඩැනිස්ටර් පෙරේරා සුසංයෝගයෙන් සැදුන ගීත ඇතුලත් නිල් කැට වැස්ස ඇල්බම් එක මගේ භෞතිකවිද්‍යා ගුරුතුමෙකු වූ කීර්ති ධර්මසිරි මහතාගේ නිශ්පාදනයක්. මේ පොත ගැන නම් දැනගත්තේ අද මේ ලිපියෙන්. මා බ්ලොග් කියවන්න විවේකයක් ලබන විට සාහිත්‍ය මාසය ගෙවී ගිහින්. ඒත් හැකි අවස්ථාවක පොත අරන් කියවන්න ඕනි. ස්තූතියි මේ සටහනට.
ReplyDeleteහන්තානට පායන හඳ
ReplyDeleteලස්සනයිද කියන්න.....
හරිම ලයාන්විතයි....
මේ ගීතය නිසලව රස විදින හැම මොහොතකම දෙනෙත යන්තමට තෙත්වෙන එක නවත්වගන්න බැහැ...
වචන වලටම ගැලපෙන දුක හිතෙන තාලයයි ඒ දෙකටම ගැලපෙන සංවේදී හඬයි ඒකාත්මික වෙන නිසා වෙන්නට ඇති...අහිමි වූ සරසවි වරමත් එක්කම ඇගේ ආදරයත් නිසැකවම අහිමිවෙන බව තෙරුම් ගෙන අවිහිංසකව සමුදෙන විදිහ හදවතට ඉතාමත් සංවේදීව දැනෙනවා.
ඩිජිටල් විමසුමකින් සුන්දර ගීත කීපයක් වඩාත් සංවේදිව කියවමින් අහන්න සැලැස්වුවාට ස්තුතියි....
ලිව්වේ කවුරුන් දැනි නොදැන වුවත් ඉහත ගී සියල්ල මා අතිශයින් ප්‍රිය කලෙමි. මා පිය පදවිය ලැබුවාට පසු අසන්නට ලැබුනු ඒ අතිශය සංවේදී සුගායනය “ හිමිදිරියේ පිණි අහුලන“ ලෙස සටහන් වූයේ කාගේ සුරතින්දැයි සොයා ගිය මට එම ගීයේ මෙන්ම ඉහත ගී වලද නිමැවුම් කරුවා අනිකෙකු නොව ධම්මික බණ්ඩාරයන්ම යැයි මට හමුවිය. ඔහුට දීර්ඝායුෂ පතන අතර මෙවැනි ගීත තවත් ගලපන්නට තෙරුවන් සරණ සහ සියලු දෙවියන්ගේ ආශිර්වාදය පතමි.
ReplyDeleteපහත දැක්වෙන්නේ ඔහුගේ එම ගීතය පිළිබඳ මා සිත තුළ ඇතිවූ අදහස්ය.
https://www.facebook.com/permalink.php?story_fbid=597521587019302&id=597513620353432
Godak dewal igena gththa
ReplyDeleteඉතාම රමනීය අර්තනිරූපණයක් මවවින් ධම්මික බන්ඩාරයන් පිලිබද ලිපි සරණියක් ගෙන හැර පෑ ඔබට බෙහෙවින්ම ස්තූතියි.
ReplyDeleteමේ ගීත ත්‍රිත්වයම ඇතුලත් වුනේ "නිල් කැට වැස්ස" නම් ඔහුගේ ගීත සරණිය තුලයි. නමුත් නිල් කැට වැස්ස නම නොයොදා "මගේ පුංචි රෝස මලේ" නමින් ඒ සංග්‍රහය ඉදිරිපත් කලේ නම් ඉතාමත් වැඩි වටිනාකමක් ගෙන දෙන්නට තිබුනා. මගේ පෞද්ගලික රුචිය නම් අමරසිරි පීරිස් මහතා ගැයූ "මගේ පුංචි රෝස මලේ" ගීතය ඉතාමත් රසයෙන් අර්තයෙන් උපරිම පොහොසත් ගීතය ලෙස කියන්න කැමතියි. තවද එහි නිම්නාද වන ඩැන්ස්ටර් පෙරේරා නම් ආධුනික සංගීතඥයා ගේ අමා ගී තනුව ඒ ගීතය රසිකයින් ගේ සිත් ප්‍රබෝධමත් කරමින් නව මානයකට රැගෙන ගියා. මා බෙහෙවින් ම ඒ ගීතයට කැමති ඒ කාරනා නිසයි.
ඉන්පසුව "හන්තානෙට පායන සඳ" ගීතය එහි දෙවෙනි රසාලිප්ත ගීතය ලෙස නම් කිරීමට පුළුවන්.