අපේ විශිෂ්ඨතම
වයලීන වාද්‍ය ශිල්පීන් තිදෙනා වයලීන වයන හැටි විදිමු....
සිංහල ගීතය සහ ගීත
සාහිත්‍ය සහිත්‍යය පිළිබඳව නිරන්තරයෙන්
"අස්වැන්න" තුළින් කතාබහ කළත් ඒ
සෑම අවස්ථාවකම වැඩි ඉඩකඩක්
වෙන් වුණේ ගායන ශිල්පීන් , ශිල්පිණියන්, ගීත රචකයන් සහ සංගීතවේදීන් වෙනුවෙනි. ගීතය බිහිවන්නේ සාමූහික
ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසින් වුවද, එහි අවසාන නිමැවුම ගායන ශිල්පියා හෝ ශිල්පිණිය අවසන්
වාහකයා වුවද ඒ නිර්මාණය බිහි කිරීමට
පසුපස සිට සහය දුන්නෝ පිළිබඳව හෝ ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව කතාබහට ලක්
වන්නේ මඳ වශයෙනි. විශේෂයෙන් ම ගීතයක දී වාද්‍ය ශිල්පීන්, පටිගත කිරීමේ, කාර්මික ශිල්පීන්ගේ කාරය භාරය සුළුපටු නො වේ. එය
නො තකා හැරීම ද ඇතැමි විට බලවත් අසාධාරණයකි. ඒ නිසා ගීත ඇසීමට කැමති රසිකයෝ එ වැනි ගීයක පසුපස සිටින නිර්මාණ දායකත්වය ලබා දුන්
නිර්මාණකරුවන් පිළිබඳ තොරතුරු සහ ඔවුන්ගේ හැකියාවන් නොදන්නා තරම් ය.
ඒ නිසා ගීතය සහ
සංගීතය පිළිබඳව වෙනස් ම අත්දැකීමක් විඳින්නටත්, ඒ පිළිබඳව සොඳුරු කතාබහක
නියැලෙන්නටත්, අද "අස්වැන්න
" තුළින් මම ඔබටද මේ මොහොතේ ඇරයුම් කරමි.
අද කතාබහට තෝරා ගත්තේ ලංකාවේ අද
දවසේ අපට සිටින විශිෂ්ඨතම "වයලීන" වාද්‍ය ශිල්පින් තිදෙනා සහ ඔවුන්
තිදෙනාගේ නිර්මාණයන් ය. මේ දක්ෂතම වයලීන
වාද්‍ය ශිල්පීන් තිදෙනා අප කවුරුත් දන්නා ඩී.ඩී.ගුණසේන, කළණි පෙරේරා සහ රෝහණ
ධර්මකීර්ති ය. මේ වයලීන වාද්‍ය ශිල්පීන්
තිදෙනාගේ වයලින වාදන ඔබ අසා ඇතත්, දැක
ඇතත්, ඒ අතරට ඔවුන් තිදෙනා තුළ ඇති සුවිශේෂ හැකියාවන් සහ ඔවුන්ගේ නිමැවුම් පිළිබඳව අමරදේවයන්ගේ සහ නන්දා
මාලනියගේ ගී අනුවාදන කිපයක් ඇසුරින් මෙතැන් සිට කතා බහ කරමු.
ගීත සාහිත්‍ය පිළිබඳව
සහ ගායන ශිල්පීන් ශිල්පිණියන්ගේ අතීත තොරතුරු පිළිබඳව සොයා බලද්දි, ලංකාවෙ බොහෝ
ගායන ශිල්පීන් මෙන්ම ශිල්පිණියන්ද සිය
සංගීත ගමන් මඟ ආරම්භ කර ඇත්තේ වාද්‍ය ශිල්පීන් ශිල්පිණියන් ලෙසින් බවට තොරතුරු ඒ
අනුව සොයා ගත හැක. ඒ අතරිනුත් "වයලීන"
වාද්‍ය ශිල්පීන් ලෙස සිය සංගීත ගමන් මගෙහි ආරම්භය සනිටුහන් කර ඇති ශිල්පින් අතර
ආචාර්ය පණ්ඩිත් අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, මර්වින් පෙරේරා, ටී.එම්.ජයරත්න,
අමරසිරි පීරිස්, බණ්ඩාර අතාවුද, සහ නිමල්
ගුණසේකර ආදී ශිල්පීන් සිටී. ඔවුන් ගායන ක්ෂේත්‍රයට පා තබන්නේ වාද්‍ය වෘන්දයන් හි
වයලීන වාද්‍ය ශිල්පීන් ලෙස කටයුතු කරමිනි.
ඒ වයලිනයෙහි ඇති
සුවිශ්ෂ භාවයත්, “වයලිනය” මිනිස් කට හඬට ඉතාමත් සමීප වාද්‍ය භාණ්ඩයක් වීම නිසාත්,
වයලීනය වැයෙන්නේ ශ්‍රවණ ඉන්ද්‍රියයන් ආශ්‍රිතව හේතුවෙනුත් ඒ හැකියාව තුළින් ඉබේ
හටගන්නා ගී ගැයීමේ හැකියාව ද, මෙහිදී
සැළකිය යුතු කාරණයකි. එසේ අහම්බයකින් ගී ගැයීම සිදු වුවද, ඔවුන් පසුකාලයේ ලංකාවේ
සංගීත රසකාමීන් හඳුනාගන්නේ මෙරට බිහිවූ අද්විතීය ගායන ශිල්පින් ලෙසිනි.
"වයලිනය"
තත් භාණ්ඩයක් වුවද, එය වාදනය කිරීමේදී ඇති වන මිනිස් ඉන්ද්‍රිය සංවේදීතාවය
හේතුවෙන් ඕනෑම "වයලීන" වාද්‍ය ශිල්පියෙකුට ඉතාමත් මිහිරි ලෙස ගායන
කුසලතාවය පිහිටන බවත් පෙනේ. මෙය උගුර ,කණ, සහ නාසය ආශ්‍රිතව ඇති වන ඉන්ද්‍රිය
සංවේදී තාවයක් බව මගේ අදහසයි. මේ පිලිබඳව දීර්ඝ අධ්‍යයනයක් කිරීමට මට දැනුමක් සහ
හැකියාවක් නැත. එහෙත් අපේ බ්ලොග් අවකාශය
තුළ බ්ලොග් ලියන "තොටුපළ අයිනේ" ලියන
තොටියා සහ "ලෝකයේ කොනක"
බ්ලොග් අඩවිය ලියන "සිඳූ" වෛද්‍ය
ක්ෂේත්‍රයට සම්බන්ධ සහෘද දෙදෙනෙකු බැවින් මේ විශේෂ සංගිතමය හැකියාව යමෙකුට පිහිටන ආකාරය පිළිබඳව
මෙම ලිපිය දැක පැහැදිළි කිරිමක් කළ හොත් එහි විද්‍යාත්මක සත්‍ය වටහා ගත හැකිය.
ඩී.ඩී.ගුණසේන:
ඩී.ඩී.ගුණසේන අද
අපට ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම වයලීන වාද්‍ය ශිල්පියා ය. 1960 දිශයේ අග භාගයේදී
වයලින වාද්‍ය ශිල්පියෙකු ලෙස එවකට සිටි ප්‍රවීන සංගීත අධ්‍යක්ෂවරු යටතේ කටයුතු
කරමින් සිට 70 දශකය ආරම්භයේ ගුවන්විදුලි වාදක මණ්ඩලයට එක් විය. එදා මෙදා තුර මෙරට
ප්‍රමුඛ පෙලේ සංගීත අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ පී.එල්.ඒ සෝමපාල, එම්. කේ.
රොක්සාමි, අමරදේව, කේමදාස, සරත්
දසනායක, ආදීන්ගේ සියළු පටිගත කිරිම් සඳහා
දශක පහකට ආසන්න කාලයක් පුරා පළමු පෙළ වයලින් වාදකයෙකු ලෙස සිය වයලීනයෙන් විචිත්‍ර සංගීතමය නිර්මාණ
සඳහා දායකත්වය ලබා දී ඇත.
ඩී.ඩී.ගුණසේන මේ
මොහාත වනක විටත් වයලීන වාද්‍ය ශිල්පියෙක් ලෙස කටයුතු කරන අතරම, ඔහු අහම්බයකින්
ගායන ක්ෂේත්‍රයට පිවිසියේය. ඒ 70 දශකයේ කේමදාසයන්ගේ ගීත පටිගත කිරීමකදී ය. ඒ සඳහා සහභාගී විමට නියමිතව සිටි ගායන
ශිල්පියාගේ නො පැමිණීම හේතුවෙන් අහම්බයකින් මෙන් ඔහුට ගීයක් ගැයිමට සිදුවිය. ඔහු
එදා ගැයූ ඒ ගිතය අද දක්වාම අතිශය ජනප්‍රිය ගීයක් විය. කේමදාසයන් සංගිතය සැපයූ
"සොඳුර මට සමුදෙන්න සමුදෙන්න " ගීයයි. අනතුරුව ගුවන් විදුලි සරළ ගී ගායකයෙකු
ලෙස ගීත කීපයක්ම ගායනා කළ අතර, ගුවන් විදුලි "රාග් ධාරා" වැඩ සහනෙහි
ශාස්ත්‍රීය ගායකයෙකු සහ වාදකයෙකු ලෙස ද කටයුතු කළේය.
ඩී.ඩී. ගුණසේන
වයලීනය වයන්නේ ඉතාමත් ශාස්ත්‍රීය වාදන ශිල්පියෙකු ලෙසිනි. එය ඔහුටම ආවේනික වූ
සංගිත ශෛලියකි. සිය සංගීත ශාස්ත්‍රයෙහි නිපුණත්වය විදහා දක්වමින් නිරන්තරයෙන්
සම්භාව්‍ය වයලීන වාද්‍ය ශිල්පියෙකු
ලෙස ස්වර රටා මවයි.
ඩී.ඩී. ගුණසේන සිය දශක පහක සංගීත දිවියෙහි අමරණීය සටහනක්
තබමින් මීට වසර පහකට පමණ පෙර "නිර්මාණී' නමින් අමරදේවයන්ගේ මියුරු ගීත 16 ක්
රැගත් ගී අනුවාදන සංගිත තැටියක් නිර්මාණය කළ අතර “නිර්මාණී” නමින් වයලීන වාදන ප්‍රසංගයක්ද
ජෝන්ද සිල්වා සමරු රඟහලේ දී ඉදිරිපත් කළේය.
ඩී.ඩී.ගුණසේනට ශාස්ත්‍රීය සංගිතයේ
මනා නිපුණත්වයක් ඇත්තා සේම ඔහු මෙරට සංගිත
ක්ෂේත්‍රයේ සියලු පටිගත කිරීම් සඳහා ඕනෑම සංගිත අධ්‍යක්ෂවරයෙකු විසින් පටිගත කිරිම් සඳහා සිය වාද්‍ය වෘන්දයේ පළමු
පෙළෙහි රඳවා ගන්නා වාද්‍ය ශිල්පියෙකි. ඩී.ඩී. ගුණසේන එක චිත්‍රපටයකත්, ටෙලි නාට්‍ය
ගනනාවකත් සංගිත අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ්
ජයකොඩි, නීලා වික්‍රමසිංහ ආදී ගායක ගායිකාවන්ගේ ගී තනු නිර්මාණ සඳහා ද දායක වී
තිබේ.
ඩී.ඩී.ගුණසේනගේ
"නිර්මාණි" වයලින් ගී අනුවාදන ඇසෙනවිට මට හැඟෙන්නේ අමරදේවයගේ ගායනය ම ඒ
ගී අනුවාදනයන්හි රඳවා ඇති බවයි. ඔහුගේ වයලින හැඬවෙන විට රසික සිත් හි රිදුම් දෙන
තැන් නිවා සනහන, පිරිමදින, සේ අතිශය සියුම් ලෙස හැගීමක් ඇති වන්නේ ඔහු මධුරතර
වයලීන වාද්‍ය ශිල්පයේ දක්වන නිපුණත්වය නිසාය.
ගී අනුවාදනයක් රස
විඳිම පිණිස ගීයක පදමාලාව අවශ්‍ය නොවුනද ඔබේ පහසුව සඳහාත් අවශ්‍ය නම් කෙනෙකුට මේ ගායන
අනුවාදන ඔස්සේ සිය ගායනය අත් හදා බැලීම
පිණිස පහසුවන පරිද්දෙනුත් ගීයේ පදමාලාව
මෙහි සටහන් කරමි.
මින්දද හී සර වැදී
සැලෙන හද
නංවන දුක් ගී ඔබට
ඇහෙනවද
චන්දන මල් අතුරා
ඇති යහනට
කන්ද කපා පායන් රන්
පුන්සඳ.....//
තුරඟකු පිට නැගි
නීල වලාකුළු
ගුවන් ගැබින් ඔබ
ඇදෙන වෙලේ....//
පිබිදුණු දෑසින්
බලා හිඳිමි මම....//
කුසුම් සිනා කැන්
හද පුරවා...
මෙතුවක් කල් මුව
මඩල වසා සිටි
අන්ධකාර සළු පටින්
මුදා...//
නෙත් මිණි පහනින් පහන් කරනු මැන..//
අනාගතේ මං පෙත
පාදා....
ගේය පද: මඩවල එස්
රත්නායක
සංගිතය සහ ගැයුම :
ආචාර්ය පණ්ඩිත් අමරදේව
කළණි පෙරේරා:
1970 දශකයේ මුල්
යුගයේ ම වයලීන වාද්‍ය ශිල්පියෙකු ලෙස සංගීත ක්ෂේත්‍රයට පිවිසි කළණි ගුවන් විදුලි
සංගීත අංශයට සම්බන්ධ වූයේද වයලින වාද්‍ය ශිල්පියෙකු ලෙසිනි. 70 දශකයේ ප්‍රසිද්ධ
සංගීත අධ්‍යක්ෂවරුන් වූ පී.එල්.ඒ. සෝමපාල,
ආර්.මුත්තුසාමි, එම්. කේ. රොක්සාමි, අමරදේව,
කේමදාස, සරත් දසනායක, සහ ස්ටැන්ලි
පීරිස් යන සංගිත වේදීන් කළණිගේ වයලීනයේ මියුරු රස භාවයන් වඩාත් හොඳින් සහ මැනවින් හඳුනාගත් සංගීත අධ්‍යක්ෂවරුන් වූ අතර, ඔවුන්ගේ
සියලු පටිගත කිරිම් සඳහා කළණි පෙරේරා අත්‍යවශ්‍යම වයලින වදකයෙකු ලෙස පළමු පෙළ රඳවා
ගැනිමට කටයුතු කළහ. අනතරුව එළඹි රෝහණ විරසිංහ, එච්.එම්.ජයවර්ධන වැනි සංගීතවේදීන්
මෙන් ම නව පරපුරේ සංගීත අධ්‍යක්ෂවරුන්ට ද කළණිගේ
වයලීනය ද ඒ පටිගත කිරීම් සඳහා නැතුවම බැරි අත්‍යවශ්‍ය සාධකයකි. කේමදසයන්ගේ
සංධ්වනි සහ ඔපෙරා සඳහා ද කළණි වයලීනයෙන් සිය සංගිත රසෝඝය මුදා හැරියේ ය.
කළණි ගී නො ගැයුව ද,
විශිෂ්ඨ සංගිත අධ්‍යක්ෂවරයෙකි. ඔහු සංගීතය හා තනුව නිර්මාණය කළ ගීත අතර එඩ්වඩ්
ගැයූ "කැරකෙන රෝදේ", "නෙතු දැහැන් බිඳී", අමරසිරි පීරිස්ගේ,
"මලක් වුණේ ඇයි ඔබ මට" , නීලාගේ
"සිලිං බිලිං" සුනිල් එදිරිසිංහගේ “ඔබ හඬයි නම්,” “කරට වඩින ගෝනි බරින්” ආදී ගීත කළණි
පෙරේරාගේ සංගිත නිපුණත්වය මනා ලෙස කියා පාන නිර්මාණයෝ වෙති.
කළණිගේ වයලිනය ඉතා ගැඹුරු මෙන්ම මිහිරිතර හඬ
සංකලනයකි. කළණි වයලින වාදනයේදී අනුගමනය කරන්නේ බටහිර සංගීතයේ තිබෙන සරළ සාශ්ත්‍රීය සංගීත සංකලණයයි. ඇතැම් විටක පෙරදිග
සංගීතයේ සරළ සාශ්ත්‍රීය බව ද බටහිර සංගීත ක්‍රමෝපායන්ට හසු කර ගනිමින් ඔහු ඔහුට ම ආවේණික වූ නිර්මාණාත්මක වාද්‍ය ශිල්ප ක්‍රමයක් අනුගමනය කරයි. ඒ කළණි
බටහිර සංගීතයේ රිද්ම රටාවන්ට බොහෝ සේ ප්‍රිය කරන නිසා විය හැකිය. වයලින වාද්‍ය
ශිල්පීන් අටදෙනෙක් , දහ දෙනෙක් වයලීන වාදනය කරමින් කරනු ලබන පටිගත කිරිමක දී පවා
කළණිගේ වයලිනය ඒ අතරින් වෙනස් කොට හඳුනා ගත හැකිය.
මේ සදහා මට ද පුංචි
අත්දැකීමක් තිබේ. මගේ ජංගම දුරකතනයේ නාදය ලෙස තබා
ඇත්තේ කළණිගේ වයලීන වාදන දෙකකි. එක්තරා දවසක කොළඹ පැවති සංගීත නිර්මාණ දොරට
වැඩීමේ උත්සවයකදී අහම්බෙන් මෙන් මගේ ජංගම
දුරකතනය නාද විය. ඒ මෙහොතේ මා අසළ සිටි ප්‍රවීන ගායන ශිල්පියෙකු මෙන්ම සංගිත අධ්‍යක්ෂවරයකු
ඊට සවන් දී සිට මගෙන් ඇසුවේ
" ඔය ඇහුණෙ
කළනිගේ වයලින් එක නේ දැයි" මගෙන් ඇසීය.
"ඔව් මේක
කළණිගේ වැඩක්, ඔබතුමාට කොහොමද ඒක එයාගෙම කියල හිතුනෙ?
"මේ විදියට
වයලීනය ගහන්නෙ කළණි විතරයි." ඔහු හිමිහිට කීවේය.
මට මද සිනහවක් පහළ
වුයේ ඒ ශිල්පියා සතුව තිබූ සංගීත දැනිම නිසාය.
සඳ හොරෙන් හොරෙන්
හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම්
කතා
අසා සිටිනවා... අසා
සිටිනවා....
කඳුළු බිඳු ගලා සඳේ
තුරු ලතා පුරා
සියොළඟම සැලී මගේ
නොහිම් සීතලෙන්..
ඔබේ නෙත යදී...ම්...
මහද වියරුවෙන්..
කියඹු වැල් ලිහී
ඔබේ මාරුතේ වෙලී
කොපුල් තල ගැටී මගේ
සිතුම් සසලවයි..
නිවාලන්න මා....ම්...
ඔබේ සිසිලසින්...
ගේය පද: කුලරත්න
ආරියවංශ
සංගිතය: ආචාර්ය ප්‍රේමසිරි
කේමදාස
ගැයුම: ආචාර්ය
පණ්ඩිත් අමරදේව
කළණි මේ වන විට
වෘත්තීයමය වශයෙන් නිදහස් වයලින වාද්‍ය ශිල්පියෙකු ලෙස කටයුතු කරන අතර සිය ජීවන මගෙහි අපූරු සටහනක් සොඳුරු සටහනක් තබමින් මීට වසර හත අටකට පමණ පෙර
"කළණි සමග වයලීනය" නමින් ගී අනුවාදන එකතුවක් නිර්මාණය කළේය. එමෙන් ම
වයලින ගී අනුවාදන ප්‍රංගයක් ද බණුඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්
වීය.
සංගීතයේ විවිධ
හැඩතල සහ විවිධ බටහිර සංගීත රටා අනුව
නිර්මාණය වී ඇති ජනප්‍රිය ගීත 16 ක වයලින
අනුවාදන කළණිගේ මේ සඳහා ඇතුළත් කර ඇත. කළණිගේ මේ වයලින ගී අනුවාද සංගත තැටිය ද
අතිවිශිෂ්ඨ නිර්මාණ එකතුවක් වන්නේ ඔහු සතුව ඇති අපූරු වයලින වාදනයේ නිපුණත්වය
නිසාය.
අම්මාවරුනේ...
අම්මාවරනේ..
සම්මා සම්බුදු
අම්මාවරුනේ
දරුවන්ගේ දුක්
කඳුළු දකින දා
සුරලොව සිට අත පා
ඒ කදුළැලි පිසිනා..
අම්මාවරු නැති
දරුවන්නේ
සංකා දුක් කවුදෝ
දන්නේ
ඒ දුක දන්නා
අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු
වන්නේ
සංසාරේ මතු බුදු
වන්නේ
සෙනෙහස වැඩිදා සිතද
බොළඳ වේ
ලොවම ආදරෙයි කියා
සිතේ
මායාවක් වි එහි තනි
වු දා
අම්මා පමණයි ළඟ
ඉන්නේ..
අම්මා පමණයි ළග
ඉන්නේ...
ගේය පද: ධර්මසිරි
ගමගේ
සංගිතය: ආචාර්ය ප්‍රේමසිරි
කේමදාස
ගැයුම: විශාරද
නන්දා මාලනී
රෝහණ ධර්මකීර්ති:
මම අස්වැන්න තුන් වැනි සටහන තැබුවේද රෝහන වෙනුවෙනි.රෝහණ
ධර්මකීර්ති 1980 දශකයේ මැද භාගයේදි ගුවන් විදුලියේ සංගීත අංශයේ සේවයට එක් වුයේ
වයලින වාද්‍ය ශිල්පියෙකු ලෙසිනි. ගණිතය අංශයෙන් සරසවි වරම් ලද ඔහුට, ඔහු මහත් සේ
ආදරය කළ වයලිනය නිසා සති කිපයක් ඇතුළත
සරවියේ ජීවිතය එපා විය. සරසවිය අතහැර වයලිනය තුරුලට ගත්තතේ ඔහු සතුව තිබූ සංසාර
පුරුද්ට මෙනි.
රෝහණ
ලංකාවෙ අද අපට සිටින දක්ෂතම වයලීන වාද්‍ය ශිල්පීන් අතරින් පළමු පෙළ වාද්‍ය
ශිල්පියෙකි. ඒ වගේම රෝහණ මධුර ගී තනු නිර්මාණකරුවකු සේම, දක්ෂ සංගීත අධ්‍යක්ෂක
වරයෙක් ද වේ. රෝහණගෙ සංගීත නිර්මාණ අතර එඩ්වඩ්
/ නතාෂා ගැයූ සුළඟක් වී මං යනවා, දිවුල්ගනේ ගැයූ අන්දර යායේ, කසුන්
කල්හාරගෙ මදකට හෝ නුඹ ඇවිත් යන්න, නෙලූ අධිකාරිගේ හන්තානේ කඳු මුදුන වගෙයි ඔබ, ප්‍රියාල්
අමරසිංහ ගැයූ නටුවෙන් ගිලිහුණ පින්න මලක්
වැනි මධුර ගී තනු නිර්මාණ රැසක් ඇත
.
රෝහණ
වාද්‍ය ශිල්පියෙක් වගේම ගායනයටත් සැබෑ
දක්ෂයෙක්, ඉතාම විරල ගණයේ රසවතෙක්, මිතුරන් අතර අසමාන මිතුරෙකි. රෝහණ නියෝජනය කළ
"මාරිම්බා" සංගීත කණ්ඩායම මෙරට අනෙක් සංගීත කණ්ඩායම් වලින් වෙස් වූයේ රෝහණගෙ වයලීනය සංගීත සංදර්ශන
වේදිකාවට පැමිණීමත් සමගයි. ප්‍රසංග වේදිකාවෙ රෝහණ රිදම් ගිටාරයේ නිත්‍ය වාද්‍ය
ශිල්පියා වුවත්, රිදම් ගිටාරයෙන් වගේම
වයලීනයෙනුත් ලොකු වෙනසක් කළේය. අති විශාල නරඹන්නන් රැසක් එකතුවී සිටින එළිමහන්
සංගීත ප්‍රසංගය විද්‍යුත් සංගීත භාණ්ඩවලින් ගිගුම් දෙන විට රෝහණ තම සුරතෙහි වූ
වයලීනය හඬවන්නෙ නටන්න රැස්ව සිටි රසිකයින්
සමෝධානයට පත් කරමිනි.
පා
වෙනා නිල් වලාවේ
නදී
තලාවේ රිදී ජලාසේ
ඇගේ
සිනාවේ
කැළුම්
සැඟවුණාදෝ..
පා
වෙනා නිල් වලාවේ
දියඹ
සැළෙන අරුණු පෙළක
අතරමං වෙලා
පාලු
නිල් දියේ සැරි සරා..
සොයන
රුව ඔබේ
අප්සරාවියේ..
පා
වෙනා නිල් වලාවේ
තුරුනු
සිතක පැතුම් වැළඳ
ඈත
පාවෙලා
සිහින
නිම්නයේ සැරි සරා
පතන
රුව ඔබේ
අප්සරාවියේ..
පා
වෙනා නිල් වලාවේ
ගේය පද: කුලරත්න
ආරියවංශ
සංගිතය: සරත්
දසනායක
ගැයුම: ආචාර්ය
පණ්ඩිත් අමරදේව
රෝහණ
වයලිනය වාදනය කිරීමේදි අනුගමනය කරන්නෙ සරල ශාස්ත්‍රීය පෙරදිග සංගීතය, බටහිර
සංගීතය, ජනප්‍රිය සංගීතය යන මේ සංගීත ක්‍රම තුන ම සංකලනයෙන් ඔහුටම ආවේණික වන පරිදි
හදාගත් වයලින සංගීත ක්‍රමයක්. ඒක ඔහුටම අවේනික වූ ක්‍රමයක් කියා සඳහන් කළොත් එය
නිවැරදියි.
රෝහණ
තමන්ගෙ ගමන් මග ආරම්භ කරන්නෙ බාහිර වාද්‍ය ශිල්ලියෙකු ලෙස ගුණදාස කපුගේගේ
"කම්පන" ඒක පුද්ගල ගී ප්‍රසංගයේ වයලින වාද්‍ය ශිල්පියා ලෙස සහභාගි වෙමින්.
අනතුරුව රෝහණ විරසිංහ, එච්.එම්.ජයවර්ධන,වැනි සංගිතවේදීන්ට
මෙන් ම නව පරපුරේ සංගිත අධ්‍යක්ෂවරුන්ට ද රෝහණගේ
වයලීනයද සිය පටිගත කිරීම් සඳහා නැතුවම බැරි අත්‍යවශ්‍ය සාධකයක් වී තිබේ.
ඇතැම්
වෙලාවක රෝහණ වයලීයන වයන්නේ හඬන්නට ළංව සිටින
පෙම්වතිය සිය පෙම්වතාගේ උරහිස හිස හොවා සිටින විට ඇය සනසන්නාක් මෙනි. ඒ තම
උරහිසෙහි හිස හොවා හඬා වැටෙන්නට ආසන්නව සිටි සුරවමිය සිය පෙම්බරා විසින් ආත්ම ගණනක සංසාර ගත ප්‍රේමය
මුදා හරින්නට සූදානම් වන සෙයකි. ඇතැමි විට රෝහණගේ අතැගිලි දහයට සිර වී සිටි වයලීනය
නම් වූ ප්‍රියම්බිකාව කෙරෙහි ඔහුගේ නෙත යාමු වී භාවනාවට මෙන් ධ්‍යාන ගතව සිටිමින්
වයලිනය වයයි.
රෝහණ ද,
සිය ජීවන ගමන් මගෙහි කඩඉමක් සළකුණු කරමින් "රෝහණ සමග සැඳෑවක්" නමින්
වයලින වාදන ප්‍රසංග දෙකක් පැවැත් වූ අතර ම වයලින ගී අනුවාදන රැගත් “ වයලීන මැවූ හීන” නමින් ගී අනුවාදන
තැටියක් ද නිර්මාණය කළේ ය. ඔහුගේ මේ ජනප්‍රිය
හැඩ තල ඔස්සේ නිර්මාණය කළ ගී අනුවාදන තැටියට ද ගීත අනුවාදන 16 ක් ඇතුළත් විය. මේ වයලින ගී
අනුවාද සංගත තැටියද අතිවිශිෂ්ඨ නිර්මාණ එකතුවක් වන්නේ ඔහු සතුව ඇති අපූරු වයලින
වාදනයේ නිපුණත්වය නිසාය.
තරුද නිදන මහ රෑ
නිදමි මහද නිදි නෑ
මතක පොතේ කඳුළින්
කටු ගෑ
කවි කියවෙයි මහ රෑ
පිනි විසිරෙන විට
වටහා ගනු මැන
දෙනෙතින් කඳුළැලි
ගලන තරම්
රෑහි හඬනව විට වටහා
ගනු මැන
රෑ තුන් යාමේ හඬන
හැඬුම්
සුළග නොවේ මේ පාවී
එන්නේ
කුටියක සිරවී හෙළන
සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනල යුගයක පිපුනු
කුසුම්
ගේය පද: මහාචාර්ය
සුනිල් ආරියරත්න
සංගිතය: රෝහණ
වීරසිංහ
ගැයුම: විශාරද
නන්දා මාලනී
රෝහණවැයූ නන්දා මාලනියගේ "තරුද නිදන මහ රෑ" ගීතය වයලිනයෙන් වයන හැටි මෙතනින් අහන්න. කැමති නම් ගන්න
රෝහණවැයූ නන්දා මාලනියගේ "තරුද නිදන මහ රෑ" ගීතය වයලිනයෙන් වයන හැටි මෙතනින් අහන්න. කැමති නම් ගන්න
ඩී.ඩී.ගුණසේන, කළණි
පෙරේරා සහ රෝහණ ධර්මකීර්ති සිය වයලීන ඔස්සේ සිය ආත්මය තුළ වූ සියුම් සංවේදීත්වය අල්පැනිත්තක්
පවා බිම වැටෙන විට ඇසන්නට තරම් නිශ්චලත්වයක සිටින රසික සහෘද පර්ශද ඇසෙහි කඳුළක්
නංවන්නට මේ වයලීන වැයුම් සමත් ව සිටී. මේ වයලීන නාද ඔස්සේ නින්නාද දෙන්නේ ඔවුන්ගේ
හදවත් හි සැගවි ඇති සියුම් සංවේදනාවන් දැයි මට සිතේ. ඇතැම් විට ක්ෂණිකව මානසික ආතතියෙන්
මිදෙන්න හොඳ අත්දුටු ප්‍රතිකර්මයක් බව මට හැඟුණ වාර අන්නතය. ඒ නිසා මේ වයලීන ත්‍රිත්වය කෙරෙහි මගේ හිතේ ඇත්තේ අසිමිත වූ ආදරයකි, ඇල්මකි, කිව නොහැකි
තරම් සියුම් හද පිරි මදින සංගිත සුයාමයකි. ඩී.ඩී, කළණි, සහ රෝහණ වයලීන සිය
පුළුලුරෙහි හොවා හීන සිත්තම් කරන්නේ ඒ අයුරිනි.෴
සටහන:
අද ලියපු පෝස්ට් එක සැහෙන්න දිගයි. වාද්‍ය ශිල්පින් තිදෙනෙක් වූ නිසාත්, තවත් කෙටියෙන් ලියන්න කෙටි ක්‍රමයක් නොතිබූ නිසාත්, තවත් පෝස්ට් එකකට ගෙන යාමට සිත ඉඩ නොදුන් නිසාත්, මේ දිග ලිපිය එලෙසම මටහන් කළෙමි. ඒ පිළිබඳව කණගාටු වෙමි.
ලියු දේ ගැන හිතේ යම් අදහසක් රැඳුනා නම්, වෙලාවක් ඇත්නම් එයත් ලියලම යන්න.
සංගීත භාණ්ඩ වල ශබ්ද අතුරින් මංකැමතිම වයලීනයට මැන්ඩලීනයට සහ සක්සෆොනයට
ReplyDeleteමම ගියපු සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ප්‍රසංගයක වයලින් වාදන ශිල්පියා ලෙස හිටියේ ඩී.ඩී.ගුණසේන මහත්මය, සුනිල් එදිරිරිසිංහ මහත්මය එතුමාව ආමන්ත්‍රණය කරල වෙනමම වයලීන් වාදනයක් වයන්න කියල ඉල්ලුවා මතකයි. එතුමා කොච්චර වයසට ගියත් හිතින් තරුණ දක්ෂ වාද්‍ය ශිල්පියෙක් කියල තමයි මගේ හැගීම
නොදැන සිටි හුගක් කරුණු මම මේකන් දැන ගත්තා ස්තූති!!
පුබුදු..
Deleteඩී.ඩී. ගුණසේන කියන්නෙ අපට ඉන්න අති දක්ෂ උත්තර භාරතීය ශාස්ත්‍රීය වයලින වාද්‍ය ශිල්පියෙක්. එතුමාට ඕනෙම ගායක ගායිකාවක් ගරු කරනවා. මොකද ගියක වයලින හැඩතල ඉතාමත් ශාස්ත්‍රියව ගන්න එතුමා දක්ෂයෙක් නිසා ..
ස්තූතියි ඔබේ සටහනට
මේකනම් සෑහෙන ආසාවෙන් කියෙව්වේ...
ReplyDeleteමම ආසම වයලීන් පාට් එකක් තමයි හිතින් මා නොසැලී ගීතයේ තියෙන්නේ...
තරුවා..
Deleteටී.එම්.ගේ ඒ ගීයේ වයලිනය ගැහුවේ මට මතක හැටියට කළනි පෙරේරා වගේ.. ඒකත් මාර ලස්සනයි.
ස්තුතියි ඔබේ සටහනට.
ඇත්තටම ඇඬෙනවා අයියේ... වයලින් එකකට පුළුවන් ඇත්තටම අඬවන්න. ඒක හරිම සංවේදි සංගීත භාණ්ඩයක්... වයලීනය වගේම එස්රාජයත් මවන දුක්බර හඬ පුදුම විදියට හිතට වදිනවා... ඒ වගේම තමයි බටනලාවත්, සැක්සෆෝනයත් !!!
ReplyDeleteරෝහණ අයියා ප්ලේ කරපු ස්ටේජ් ෂෝ මමත් බලලා තියෙනවා... ඇත්තටම ප්‍රසංග වේදිකාවේ වෙනසක් කරපු කෙනෙක්... කණ්ඩායම් සංගීතයේ රළු නාද අතරින් වයලීනයේ හඬ ඇහෙන කොට.... අමුතුම හැඟීමක්... දැන් නම් හැබැයි ඒ වගේ වයලීන වාදනවලට ප්‍රසංග වේදිකාවේ හිමි හොඳ සද්දෙන් හූවක් විතරයි... මිනිස්සු ඒ වගේ දේවල් රසවිඳින එකෙන් ඈත් වෙලා...
ගුණසේන හා කළණි කියන ශිල්පීන් දෙදෙනා ගැන කියන්න දෙයක් නෑ... අති විශිෂ්ඨයින්... මේ විස්තරයටත්, අගනා අනුවාදන ටිකටත් ගොඩක් ස්තුතියි දයානන්ද අයියට... ජයවේවා !!!
චතුරංග..
Deleteඇඬෙනවා නේන්නම් එහෙම වයලින් වාදනය කරන කොට. මේවා දකින මටත් හිතෙනවා වෙලාවකට අනේ මටත් මේ ඒවිදියට වයන්න හැකියාවක් තිබුණානම් කියලා..
මම රෝහණගේ වයලින බලන්න එක කාලෙක රෝහනත් එක්ක රට වටේ සංගිත පුසංග වලට ගියා. රෝහණ තමයි ප්‍රසංගය පටන්ගන්නේ වයලිනයෙන්. සඟවන්න එපා සහරැල්, දුක හාදු දෙන රැයේ, මා සනසා.. මෙවගේ ජනප්‍රිය ගී වල අනුවාදන ප්‍රසිද්ධ එළිමහන් වේදිකාවේ වයන විට නටන්න සූදානම් වෙලා හිටිය කොල්ලො කෙල්ලො ෆුල් හොල්මං..
ස්තුතියි ඔබටත් චතුරංග
හෙඩින් එක දැක්ක ගමන් ඔලුවට ආවේ හම්කෝ හමීසේ චුරාලෝ ගීතයේ වයලීන් පාට් එක...
ReplyDeleteදන්නැති දේවල් ගොඩක් ඉගන ගත්ත
බොහොම පින් මේ වගේ අග්‍රගනයේ කලාකරුවන් පිලිබදව අපව දැනුවත් කලාට ....
ReplyDeleteරොබ්න්..
Deleteඇතැම් වෙලාවක අපි කතා නොකරන අය කීප දෙනෙක් ගැන ලියන්න හිතුනා..
ස්තුතියි ඔබට සටහනක් තැබුවාට
මට නම් ලිපියේ දිගක් දැනුනෙ නෑනෙ.. දිගටම කියවගෙන ආවා..
ReplyDeleteඩී.ඩී. ගුණසේනයන් ගැන පමණයි දැන හිටියෙ.. කළණි කිව්වම මම හිතුවෙ ශිල්පිනියක් කියලා..
ස්තුතියි දැනුවත් කිරීම ගැන.. ඇත්තටම 'අස්වැන්න' නිසා තිරයෙන් පසුපස චරිත ගොඩක් දැනගත්තා..
මේ ලිපියට සම්බන්ධ නැති ප්‍රශ්නයක් අහන්න අවසරද?
සංගීතඥයෙකුට පදමාලාවක් ලැබුනම ඒකට තනුව යොදන්නේ කොහොමද? ඉබේම හිතෙනවද? (ගොන් ප්‍රශ්නයක්ද මන්දා)
හරී..
Deleteඅපි ලියන ගී පද මාලව ලියන්නේ යම් කිසි විරිතක්, එහෙමත් නැත්නම් තාලයකට, එහි යම් රිද්මයක් තියෙනවා. ඒ ගිතය සංගීත අධ්‍යක්ෂවරයෙකු අතට පත් වුණාම මුලින්ම කරන්නේ එහි රිද්මය අඳුනා ගැනිම දෙතුන් වතාවක් කියවා මුලින්ම කරන්ගේ පදමාලාවට ගැලපෙන තාලයක් නිර්මාණය කිරීමයි. ඒකනේ සමහර වෙලාවට ගිතයේ තනුව සහ සංගිතය දෙදෙනෙක් වෙන්නේ.
එහෙම පදමාලාවට තනුව නිර්මාණය කරන්නේ යම් කිසි "පිච් " එකකට ඒ ඔස්සේ ගිතයේ ස්ථායි සහ අන්තරා කොටස්වල සංගිතය හදනවා.( ආරම්භක සංගිතය සහ ගීයේ අතර මැද කොටස්වල සංගිතය) මෙහෙම කඩදාසියක 4/4. 6/8,3/4. ආදි තාල වලට හදන ස්වර ප්‍රස්ථාරය අවශ්‍ය ගිටාරනාද,වයලින්, බටනලා , ආදී සංගිත කවුන්ටර්ස් ගිතය පටිගත කරන මොහොතේ පැමිණ සිටින අය අතරින් දක්ෂයෙකු විසින් යොදනවා. ඇතැම් වෙලාවට එය ගිතයේ සංගිත අධ්‍යක්ෂ වරයා විසින්ම කරන වෙලාවලුත් තියෙනවා. ඒ අනුව තමයි ගිතය පටිගත වෙන්නේ . වාද්‍ය ශිල්පින් තමන්ට වෙන් වුණු කොටස් විතරක් වාදනය කරනවා. ඒ සියල්ලම අවසාන්යේ හොඳ සාර්ථක ගීයක් බිහි වෙනවා.
ඔබ මතුකළේ හොඳ ප්‍රශ්ණයක්. ස්තූතියි ඔබට
කියා නිම කරන්නට බැරි වටිනාකමක් ඇති ලිපියක් , මෙවන් රසවත් සහ හරවත් ලිපි මගින් සිංහල බ්ලොග් පරිශ්‍රය තවදුරටත් සාරවත් කරන්නට හැකි වේවායි පතමි ..
ReplyDeleteස්තුතියි ..
සොඳුරු සුව අසපුවෙන් t
මහේෂ්..
Deleteෂ්තූතියි ඔබේ අගැයුමට. වාද්‍ය ශිල්පියෙක් පිළිබඳව පුවත් පතක පවා තොරතුරක් වාර්තා වෙන්නේ කලිතුරකින්. ඒනිසා මෙවැනි ලිපියක් ලියන්න හිතුවා.
කළණි පෙරේරාගේ සංගීත ඛණ්ඩ කාලයක් මම රස වින්දා. තවමත් එහෙමමයි. අනෙක් දෙදෙනා ගැන අහලා තිබුණත් රූපවාහිනීයේ දැකලා තිබුනත් සංගීත ඛණ්ඩ ඇල්බම් තිබෙන බව දැනගෙන උන්නේ නැහැ. ඒවා හොයාගන්නයි දැන් උත්සාහය.
ReplyDeleteස්තුතිය් දැනුවත් කළාට :)
හසිත..
Deleteමේ සංගිත ඇල්බම් නිකුත්වෙලා ටික කාලයක් ගත වුණත් හොයාගන්න පුළුවන් වේවි. ස්තූතියි ඔබට
"වයලිනය" තත් භාණ්ඩයක් වුවද, එය වාදනය කිරීමේදී ඇති වන මිනිස් ඉන්ද්‍රිය සංවේදීතාවය හේතුවෙන් ඕනෑම "වයලීන" වාද්‍ය ශිල්පියෙකුට ඉතාමත් මිහිරි ලෙස ගායන කුසලතාවය පිහිටන බවත් පෙනේ"//
ReplyDeleteමේ කරුණ එක්වරම වෛද්‍ය විද්‍යාවෙන් පැහැදිළි කරමින් විස්තරයක් කරන්නට මේ මොහොතේ මා තුළ අදහසක් ජනිත වන්නේ නැත. කටට එන දෙයක් වගකීමෙන් තොරව නොකියා,නොදන්නා දේ නොදන්නවා යැයි කීමට මම ලැජ්ජා වන්නේද නැත. හැබැයි මට දැනෙන විදියට පැහැදිළි කිරීමක් කරන්නම්, නමුත් නැවත කියන වගනම් මෙය නිවැරදි නොවීමට බොහෝ ඉඩ ඇත.
යම් ගායනය මිහිරිව ඇසෙන ලෙස ඉදිරිපත් කිරීමට නම් සිරුරේ ඉන්ද්‍රිය පද්ධති වල හොඳ සමායෝජනයක් (Coordination) තිබිය යුතුයි. කටහඬ පාලනය කියල සාමාන්‍ය ව්‍යවහාරයෙත් එන්නෙ මීට අනුරූප දෙයක්.ඔය කියපු කටහඬ ජනිත වන්නේ කෙසේදැයි විද්‍යාත්මකව බලනව නම් එය වන්නේ ප්‍රශ්වාස වාතය ස්වර තන්ත්‍ර හරහා පාලනයකින් යුතුව යන විට වන කම්පන තර0ග නිසයි. මම කියපුදෙය නොතේරුණා නම් ඔබේ පිටිඅල්ල මුඛය ආසන්නයේ තබා ගීතයක් ගයා බලන්න. ගීතයට අනුරූපව මුඛය තුලින් ප්‍රශ්වාස වාතය ගලා එන හැටි අල්ලට දැනේවි. තවද අපේ කටහඬේ නියමම ශබ්දය ලබා දෙන්න මීට අමතරව දත්,දිව,තොල් ආදියද මනා සමායෝජනයකින් (Coordination) ක්‍රියා කරන්න ඕන. ඒකියන්නේ මින් එකක් හරි වැරදි විදියෙ චලනයක් පෙන්නුවොත් නිසි ප්‍රථිපලය හෙවත් උච්චාරණය එන්නේ නෑ.මේක හරියට ගීතයකට ස0ගීතය සපයද්දි ඒ ඒ භාණ්ඩ වල නිසි සමායෝජනයක් ඕන කරනව වගේ දෙයක් තමා.ඉතින් වාද්‍ය ශිල්පින් ගත්තාම තමන්ගේ රැකියාවත් මේ දේමයි නේද? ඔබේ ලිපියේ තියන "මිනිස් ඉන්ද්‍රිය සංවේදීතාවය" කියන දේත් මීටම අනුරූපදෙයක් ලෙසයි මට හැගෙන්නෙ.....
හැබැයි "ඕනෑම වයලීන වාද්‍ය ශිල්පියෙකුට ඉතාමත් මිහිරි ලෙස ගායන කුසලතාවය පිහිටයි" කියන එක ඔප්පු කරන්න නම් වයලීන වාද්‍ය ශිල්පින් සමූහයක් අරගෙන ඔවුන්ගේ කටහඬ ගැන වෙනම ඇඟයීමක් කරන්න වෙනවා.මේ ගැන මින් ඉහත පර්යේෂණයට බදුන් වෙලා තියනවාද කියන්න නම් මා දන්නේ නෑ. සොයා බැලීමක් කරන්නම්.. හැබැයි මේ දෙය පර්යේෂණයට ලක්කරන්න තරම් වටින අදහසක්...
සිඳු නගෝ, ඔන්න අපි ගැනත් දයානන්ද අයියා අස්වැන්නේ ලියලා.. මේකට තව මොනවා හරි දෙයක් තියනව නම් එකතු කරන්ඩෝ....
තොටියා..
Deleteඔබ ඉදිරිපත් කරල තියෙන සරල අදහස වඩාත් කාලෝචිතයි. මොකද අපිට මේගැන ගැමුරු අධ්‍යයනයක් කරන්න අවශ්‍ය නැහැ. සරල රසවින්දනයට ප්‍රමානවත්. ඒවගේම මේ පිලිබඳව අමරිසිරි පීරිස් මහතා ඉදිරිපත් කළ අදහසක් අපේ "හරේ" සහෘදයා පහළ ඉදිරිපත් කරල තියෙනවා. ඒකත් එකතු වුණාම වැඩේ සම්පුර්ණයි.
ස්තූතියි දිර්ඝ අදහසක් ගෙනාවට.
වයලීනය පුදුමාකාර විදියට හිතට කතා කරන්න පුළුවන් භාණ්ඩයක්. ඒ කතා කරන ගතිය ලැබෙන්නේ වෙනත් බොහෝ සංගීත භාණ්ඩ වලට නැති මීන්ඩ් කිරීමේ පහසුකම නිසා වෙන්න ඇති. මමත් සංගීතයට ඉගනගත්තේ වයලීනය. ලංකාවෙන් එද්දී ඒක ගෙදර දාලා එන්න උනත් මෙහෙ ඇවිත් තවත් එකක් ගත්තා. වයලීනය නැතුව ඉන්න අමාරු නිසා.
ReplyDeleteමේ තිදෙනාගෙන් මම හොඳින්ම දැනගෙන හිටියේ කලනි පෙරේරා ගැන. ඔහු සජීවීව වාදනය කරනවා බලන්න මම වාසනාවන්ත උනා.
මේ වාද්‍ය කණ්ඩ ටික අහගෙන හිටියේ දහනකට සම වැදිලා වගේ. ඔබට බොහොම ස්තුතියි මේවා අපිට අහන්න සැලැස්වුවට.
සයුරි..
Deleteවයලිනය වයන්න ටිකක් හරි පුළුවන්නම් ඒක හරිම වාසනාවක්. හොඳ රස විඳින්නියක අනිවාර්යෙයන්ම ඔබ තුළ සිටිනවා.
ඩී.ඩි., කළණි, රෝහණ, මේ තුන්දෙනා ගෙන් එක් අයෙකු අපේ ප්‍රවීණ ගියක ගායිකාවන් විදේශ සංගිත ප්‍රසංග පවත්වන අවස්ථාවලදී වයලීනය සඳහා අනිවාර්යෙයන්ම යොදාගන්නවා. ඒතරමටම මේ තිදෙනාගේ හැකියාව සුවිෂේෂ නිසා.
අනෙක් අතට මෙවැනි වයලින වාද්‍ය හිල්පින් ගනනාවක් තවත් මෙවැනි සංගිත නිර්මාණ එළිදක්වා තිබුණත් ඒ වයලින නාද මේ තිදෙනා අභි බවන්නට සමත්වෙන්නේ නැහැ. ඒකයි විශේෂත්වය.
සයුරිටත් ස්තූතියි වෙනදා වාගේම
වයලීනයට මගෙ සිත වඩාත්ම ඇදීගියෙ 1992 වසරෙදී තිරගතවුනු "The Last of the Mohicans " චිත්‍රපටය කියුවොත් එය නිවැරදියි. චිත්‍රපටයෙ අවසාන ජවනිකාවෙදී දිග හැරෙන එම වයලීන කන්ඩය මට මෙ දැනුත් ඇහෙනවා ඇහෙනවා වගෙ. ඒ චිත්‍රපටයෙන් පසුව මම වයලීනයෙන් වැයෙන සංගීතය ප්‍රිය කලා. ඔබ මෙහි සඳහන් කල ගීත ඔබේ මෙ සටහනින් පසුව මට තවත් ආසාවෙන් රසවිඳිය හැකියි. අප ප්‍රියකරන ගීතවල සංගීතය ගැන උනන්දුවෙන් එම ශිල්පීන්ව අගයමින් සටහන් කල මෙ ලිපිය අගය කරනවා
ReplyDeleteලොකු ජෝන්..
Delete"The Last of the Mohicans " මට මග හැරුණු ෆිල්ම් එකක් හොයාගෙන බලන්න ඕනේ.
ස්තූතියි ඔබට
උදෙන්ම නැගිටලා කියවන්ට ඕනම විදියේ පෝස්ට් එකක්. හොඳට අහලා තියන ගී කීපයක්, අමරදේවයන්ගේ 'සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලා' කියන ගීය හැරුනුකොට.
ReplyDeleteවයලීනය මාත් ආසා කරන වාද්‍ය භාන්ඩයක්. ඒ හඬට සවන් දීගෙන, දැහැනකට උනත් සම වදින්නට පුලුවන්.
'මින්දද හී සැර, අම්මාවරුනේ, පාවෙනා නිල් වලාවේ' ගී හිතට එක් කලේ, නෙත් ලාවට තෙත් කරන අන්දමේ දුක්මුසු හැඟීමක්. ඒ එක්කම 'තරුද නිදන මහ රෑ' පුංචි හිනා රැල්ලක් මුවගට එකතු කලා.
මේ වගේ ශ්‍රෙෂ්ට වාදකයන් තිදෙනෙක් ගැන ලියලා අපිව දැනුවත් කිරීම ගැන දයාට ගොඩාක් ස්තූතියි. තුන්දෙනා ගැනම අහලා තිබුනට මේ විදියට විස්තර දැන ගෙන තිබුනේ නෑ.
දයාගේ ලියවිල්ලත් හරියට සංගීතයක්ම වගේ. අපේ හිත් නිවනවා. අද උදේම වැඩ පටන් ගත්තේ මේ වාදනවලට සවන් දෙමින්. ඔබට පින්. :)
පොඩ්ඩි..
Deleteඔබ "සඳ හොරෙන් හොාරන් " ගීය අහලා නෑ කිව්වම පුදුමත් හිතුනා. ටිකක් "යූ ටියුබ් " එකේ සර්ච් කරන්න එහි මේ ගීය ගොඩක් තැන්වල තියෙනවා.
එකක් තමයි මේ වයලීන වාදන ශිල්පීන් ත්‍රිත්වය වයන හැටි අහන් උන්නාම හිත නිරන්තරෙයන් සැහැල්ලුවෙනවා. මේක මානසික ආතතිය ඇතිවන කෙනෙකුට පුරුදු කලොත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙන්නෙ නැහැ. මේ සංගිත ඛණ්ඩ ටිකම ඊට හොඳ ප්‍රතිකාරයක්.
දවසේ වැඩ පටන් ගන්න කළින් විනාඩි කිපටක් මේ වයලින වාදනයක් ඇහුවාම විනාඩි 15 ක් භාවනා කළා වගේ තමයි.
ස්තූතියි පොඩ්ඩිටත්.
ඔබගේ මේ සටහන මට හරිම වටිනවා . ගියවර නිශාන්තය රේඩියෝ වැඩ සටහන ඉදිරිපත් කරන විට සොදුරු සිත ඩි.ඩී ගුණසේනයන්ගේ "සොදුර මට සමු දෙන්න " ගීතය ඉල්ලා සිටි වෙලාවේ මම මේ කරුණු දැන සිටියානම් කියා සිතුනා . ඔබ මේ කරන්නෙ ඉතාමත් අනගි මෙහවරක් . නොදත් කරුණු
ReplyDeleteබොහෝ දැනගත්තා . බොහොම පිං .
ගිම්හානි..
Deleteමමත් එදා බස්රේඩියෝව ඇහුවා.. ආය දවසක් බස් රේඩියෝවෙන් ඩී.ඩි.ගේ "සොදුර මට සමුදෙන්න" ගිතය අහමු. ඔන්න පහළින් "අසරණයාත් "ඒ ගිය ආයෙ ඉල්ලා තියෙනවා.
ස්තූතියි
නියමයි!
ReplyDeleteස්තුතියි බන්දු..අසම සම වාද්‍ය ශිල්පීන් තුන්දෙනෙක්.
Deleteමේ තරම් වටිනා කරුණු හොයාගන්නත් සාමාන්‍ය කෙනෙකුට බැහැ සැබෑම දක්ෂයෙක් වෙන්න ඕනේ. හැබැයි අපේ රටේ ඉන්න දක්ෂයින්ගෙන් හරි ප්‍රයෝජනයක් ගන්නෙ නැහැනේ.
ReplyDeleteමාත් සා/පෙළ කාලයේ එස් රාජ් එක ටිකක් වාදනය කරන පුරුදුවුනා. ඒත් අතරමගදි ඒක නතර උනා. දැන් තමා දුක හිතෙන්නේ ඒ ගැන.
නීතා..
Deleteයම් නිර්මාණයක් ගැන ලියන්න හිතුනාම ඒ පිළිබඳව ටිකක් අතීත විමසුමක් කරනවා. ඒ ඔස්සේ තමයි ලියැවෙන්නේ. මෙවැනි වාද්‍ය ශිල්පින් පිලිබඳව තොරතුරු සොයා ගැනිමට පවා නැහැ. සමහර දේවල් මතකයෙන් ලියන්නේ.
සංගිත භාණ්ඩයක් වැයිමට ටිකක හෝ දැනගෙන සිටිමත් හොඳ රස විඳින්නියක වීමේ එක්තරා ලකුණක්.
ස්තූතියි ඔබටත්.
වයලීනයෙන් නැගෙන සංගීතයට මමත් ගොඩක් ආසා කරනවා.. මගේ ෆෝන් එකේ දාන් ඉන්නේත් රෝජා ෆිල්ම් එකේ වයලීන් තනුවක්..
ReplyDeleteමේ තිදෙනාම විශිෂ්ඨයි.. එකින් එක වෙන වෙනම ඒ සංගීතය රස වින්දේ දැන්.. "මින්දද හී සර" තනුවට තමයි මම වැඩියෙන්ම කැමති..
දිනේෂ්..
Deleteඩී.ඩි. වයලිනය වාදනය කරන්නේ උතුරු ඉන්දියානු සරල ශාස්ත්‍රීය සංගිතයේ භාවිතයෙන්නේ. ඔබ රෝජා ෆිල්ම් එකේ වයලින වාදනයක් අහන නිසා ඩී.ඩි.ගේ වෙනස දැනෙනවා ඇති.
ස්තූතියි ඔබටත්
වටින ලිපියක්..!!!
ReplyDeleteසුභ වේවා!!!
අඩවි රජ..
Deleteමේ මියුරු ගි අනුවාදන අසා ඔබ තුමාට රාජ සම්පත් පහළ වේවා
කාලයක් මමත් වයලීනය සමගම කාලය ගතකරා..ඒත් උසස්පෙළ කරද්දි ටිකෙන් ටික ඈත් වුනා..ඒත් තාමත් මගේ ආසම වාදන භාන්ඩය වයලීනය.මගේ කාමරේ සුරක්ෂිතව තවමත් මගේ තනියට හිටපු වයලීනය මම තියාගෙන ඉන්නවා..
ReplyDeleteඉතාම වටිනා ලිපියක්..ඒ වගේම මේ හැම ගීතයකටම මම ගොඩක් ආසයි..කලාව පිළිබඳ පවතින ඔබේ මේ දැනුවත්බාවය නම් හරිම අපූරුයි..:))
සිත් රූ සිහින..
Deleteඔය වයලිනය නිකමට හරි වාදනය කරන්න පුරුදු වෙන්න. එතකොට වයලීනයේ හඬ බොල් වෙන්නෙ
නැහැ. අනික හොඳ රස වින්දනයක් ඉබේ පිහිටනවා .
ඔබටත් ස්තූතියි අගයකිරිම පිලිබඳව
විරහ ගීතයකට වයලින් හඬ මුසු උනාම ඒකෙ තියෙන රසය කියල නිමකරන්න බෑ.ඔබ පෙම් කරන ඔබේ කුමාරි ගීතය එහෙම හරියට අහද්දී ඇඩෙනවා.
ReplyDeleteඅපි බලන්න ගිය ප්‍රසංගයක දී ඩී ඩී ගුණසේනයන් ඇවිත් හිටිය,එකේදී සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ආරාධනයකට ඔහු ඉතාම මිහිරි ආකාරයට වයලීනය වාදනය කරා.එමෙන්ම ගුණසේනයන් හොඳ වදන ශිල්පියෙක් බව තමයි දැනගන්න ලැබුනේ.ගිය වසරේදී පවතී සරසවි සම්මාන උළලේදී හොදම ගායනයට සම්මාන ලැබුනේ ඩි ඩි ගුණසේනයන්ට කියල තමයි දැනගන්න ලැබුනේ.
නුවන්..
Deleteඔබේ අදහසට මම මුළුමනින්ම එකගයි. අපේ රටේ සිටින බොහො ප්‍රවීන ගායක ගායිකාවන් මේ වාද්‍ය
ශිල්පීන් තුන් දෙනා අතුරින් කෙනෙකු අනිවාර්යෙන්ම යොදා ගන්නවා. ඒ හැකියාව විශිස්ඨ නිසා..
නුවන්ටත් ස්තූතියි.
වයලීන් වාදනය මමත් හරිම ආස දෙයක්... විඳින්න... වාදනය නම් බැහැ... හරිම වටින ලිපියක්... බ්ලොග් ලෝකෙ මේ තරම් හරබර දේවල් හුවමාරු වෙන බව මම කළින් දැන ගෙන හිටියෙ නැහැනෙ... මේ කමෙන්ට්ස් ටිකත් බ්ලොග් එකට තවත් වටිනාකමක් එකතු කරනවා... දඩිබිඩි සංගීත කලාවක සැගවිලා ගිහින් තියෙන මේ වගේ විශිෂ්ඨයන් මතු කරන එක කොයි තරම් හොඳඳ? ඔබ කරන්නෙ අද මාධ්යල මගින් පැහැර හැරල තියෙන ප්රයමුඛ වගකීමක් ඉටු කිරීමක් කියලයි මට හිතෙන්නේ..... ගීත රස වින්ඳට අපි උණත් ගීතයේ පසුබිමේ ඉන්න මේ වගේ කලාකරුවන් ගැන වැඩිය හිතන්නෙ නැහැනෙ.... දන්නෙත් නැහැනෙ... ඔබේ උත්සාහය අගය කළ යුතුමයි...
ReplyDeleteතරු රසී..
Deleteපළමුවෙන්ම ඔබේ පැමිණීමට ස්තූතියි. සාදරයෙන් පිළිගන්නව අහම්බෙන් හෝ මේ පැත්තට
ඇවිත් ගියාට .
බේ අගය කිරිමත් එක්තරා විදියක සතුටක්. ඉඩක් ඇත්නම් ඇවිල්ල කියවන්න. සරල රසවින්දනයේ
සිට ගැඹුරු අරුතක් සොයා යන වින්දනිය ගමනක් මේක.
ස්තූතියි ඔබටත් ඔබේ සටහනටත්.
අමරසිරි පීරිස් එක්ක රූපවාහිනියෙ තිබුණ සෞම්‍ය රාත්‍රිය වැඩසටහනේදි මහේෂ් ඔය වයලීන ශිල්පීන්ගෙ ගායන හැකියාව ගැන අමරසිරි මහත්තයගෙන් ඇහුවා. එතුමා කිව්වෙත් හඬ පාලනය ගැන තියෙන දැනුම වයලීනය වාදනය කරන්න උදව් වෙන්න ඇති කියලා. මොකද වයලීනයේ ඒ ඒ ස්වර වෙන් වෙන්න තත් ස්පර්ෂ වෙන කොටස් නැහැනේ. හොඳ කණක් නැති කෙනෙක්ට වයලීනය වාදනය කරන්න අමාරුයි. ඩී.ඩී. ගුණසේන මහත්තය ගැන මගේ මතකය බොහොම ඈතට යන එකක්. අපේ තාත්ත ගුණසේනනේ. එයත් ඇරපු අතක් නෑ ඩී.ඩී. ගුණසේන මහත්තය වගේ. අපි පුංචි කාලෙ තාත්ත එක එක රාජකාරි වලට කොළඹ ගියාම අම්මල අපට කියන්නෙ තාත්ත වයලින් ගහන්න ගියා කියල. ඔය කාලෙ රූපවාහිනියෙ දැන්වීම් හෙම නැති නිසා ගියේම ඩී.ඩී. ගුණසේන මහත්තය වාද්‍ය වෘන්දයෙ ඉන්න සින්දු. අපිත් ඒක සෑහෙන්න කාලයක් විශ්වාස කලා.
ReplyDeleteකළණි පෙරේර මහත්තයව මට අහුවුණේ එඩ්වඩ් ජයකොඩි ගයන 'තනිව ඔබ මා පමණයි' කියන සින්දුව නිසා. මම පොඩි කාලෙ තමයි එය සින්දුව රූපවාහිනියෙ ගියේ. බොහොම කාලෙකට පස්සෙ වර්නන් පෙරේර මහත්තයගෙ ඔත්තුවකට අනුව මම ගියා ඔය සින්දුව හොයාගෙන මොරකැටියෙ හන්දියෙ එක්තරා රසවන්ත මහත්තයෙක් කරපු කැසට් කඩේකට. දැන් නම් ියෙනවද කියල දන්නෙ නෑ. මම යන්තම් සින්දුව ගැන කිව්වම එතුමා සින්දුවෙ ඉතිහාසෙම කියලා කලණි පෙරේර ගැනත් කියල තමයි අදාල කැසට් එක හොයාගත්තෙ. ඒ සින්දුවෙ තත්ත්වය නම් හොඳ මදි. පස්සෙ අපේ බ්ලොග් ලියන වැම්පයර් දැන් මාස කීපෙකට කලින් මට ඒ සින්දුවෙ එම්පී3 එකක් දුන්නා. කළණි පෙරේරා මහත්තයගෙ සංගීත හැකියාව ගැන මම හොඳටම පැහැදුණෙ ඒකෙන්.
රෝහණ ධර්මකීර්ති මහත්තයවනම් මුලින්ම දැනගන්නෙ 96න් පස්සෙ රූපවාහිණියෙ ගිය සංගීත වැඩසටහන් වලින් මාරිම්බා කණ්ඩායම ඒ කාලෙ ජනප්‍රිය සංගීත කණ්ඩායම්වලින් වෙනස් වුණෙත් එතුමාගෙ වයලින් වාදනය නිසානෙ.
හරේෂ්..
Deleteඔබේ අදහස මට මග හැරුණු කොටසයි. මොකද අමරසිරි පීරිස් මහත්මයා මට අවශ්‍යම දේ නිරවුල්ව පැහැදිළි කරල තියෙනවා. වයලිනය හඬ පාලනය කිරීමේ ක්‍රමයම ගායනයටත් ඉවහල් වන බව හිතන්න පුළුවන්.
එඩිවඩිගේ "තනිව ඔබ මා පමණයි " ගිතය ඇතුළත් වුයේ මගේ මතකය හැටියට "මේ ඉර හඳ යට" කැසට් පටයට. ඒ කැසට් එක මගේ ළග තිබිලා දවසක් එඩිවඩ්ම ඉල්ල ගත්තා ආයෙ ලැබුනෙ නැහැ.
ඇත්තටම රෝහණගේ වයලිනය "මාරිම්බා" සංගිත කණ්ඩායම තුළ ලොකු වෙනසක් ඇති කළා. නමුත් මේ වන විට නම් මාරිම්බා වාදක මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.ඒක කණ්ඩායම් සංගිතයට දැරිය නොහාකි පාඩුවක්.
ස්තූතියි ඔබටත්.
හොඳටම දැනුනේ ඩී.ඩී.ගුණසේන වාදනය. අනිත් දෙදෙනාත් දෙවෙනි නොවෙන හැකියාවන් තියෙන්නේ. සජීවීව මේ හඬ අහන්න තවම වාසනාවන්ත වුනේ නෑ. "සොඳුර මට සමුදෙන්න සමුදෙන්න " කියන ගීතය ඒක දවසක් අහල තියෙනවා ඒ සින්දුවත් දාන්න හැකියාවක් තියෙනවනම් හොඳයි..
ReplyDeleteමේ ලිපියේ කිසිම දිග වැඩි කමක් නැහැ. ඒ ගීත හැම එකක්ම ගොඩාක් ලස්සනයි.
ස්තුතියි ලිපියට
අසරණයා..
Deleteඅපි දවසක ආයෙත් බස් රේඩියෝවෙන් මේ ගිය අහමු. ගිය සතියේ බස් රේඩියෝවෙන් "සොඳුරු සිත' මේ ගීය ඉල්ලා තිබී. ප්‍රචාරය වුණානේ. අපි ගිම්හානිටත් ප්‍රියන්තටත් කියමු ආයෙ දවසක් මේක දාන්න කියලා.
මේ සතියෙම වුණත් කමක් නැහැ අපි බස් රේඩියෝවෙන් ආපහු ඉල්ලමු.
ස්තූතියි ඔබේ සටහනට
මේ සතියේ නැවතත් මේ ගීතය ප්‍රචාරය කරමු . දැන් කරුනු ගොඩාක් තියනවනේ කියන්නත් .
Deleteස්තූතියි .
ස්තුතියි ඔබ දෙදෙනාටම.
Deleteවයලීනයක් කර තබා අවුරුදු කීපයක් සංගීත පන්ති ගෑටූ මට මෙවන් පෝස්ටුවක් දිය සිලිලාරයක් ලෙස දැනේ..“කතී වෙණ මීයන“ සිට “නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා“ දක්වා එන්නට අවැසි ඉවසීමත් දක්ෂතාවයත් හැකියාවත් සතතාභ්‍යසයත් ගැන සුළුවෙන් හෝ වැටහීමක් ඇති මට මෙවන් නිර්මාණයකට වටිනාකම තව තවත් වැඩියෙන් දැනේ..
ReplyDeleteස්තුතියි හැමදාම මෙන් වින්දනයට අරුතක් එක් කලාට..
අනිත් සංගීත භාණ්ඩ සමඟ කල නිර්මාණ ගැනත් දවසක ලියන්න කීවොත් අමනාප වෙන්නැතිවෙයි නේද? විෂේශයෙන්ම තබ්ලා වාදන ශිල්පීන් ගැන..
(හැමදාම මොකක් හරි ඉල්ලීමක් කරන නිසා ඊළඟ දවසෙ ඉඳන් මට අස්වැන්න නොලැබෙයිද මන්දා...)
රූ..
Deleteමේන්න රූ.. ත් එහෙනම් වයලින වාදනය කරල තියෙනවා. ඒකනේ හොඳ රසවිඳින්නියක් බිහි වෙලා තියෙන්නේ.
හබැයි රූ.. මේවගේ අලුත් මාතෘකා සහ අදහස් ඉදිරිපත් කිරිමම සතුටක් සමහර වෙලාවට ලියගෙන යනවිට ඊබේම මේ සටහන් සිහියට එනවා. එතකොට ඒ ඔස්සේම තවත් දිගට ලියැවෙනවා. විහේෂයෙන්ම වාද්‍ය ශිල්පින වශයෙන් ප්‍රදීප් රත්නායක,(සිතාර්) වී.හේමපාල පෙරේරා( බටනලා) මහේන්දු පැස්කුවල් (ගිටාර්)
ස්ටැන්ලි පීරිස් ( සැක්සෆෝන්) විජේරත්න රණතුංග ( තබ්ලා) ආදී විශේස හැකියාවක් නිපුණත්වයක් තිබූ ශිල්පීන් ගැන ඉඩ ලැබෙන විදියට සඳහන් කරන්නම්.
ඕනැම අදහසක් යෝජනාවක් ඉදිරිපත් කිරිමම සතුටක්. ඒ සඳහා අසීමිත ඉඩකඩ තියෙනවා.
ප්‍රදීප් රත්නායක - මගෙ ප්‍රියතම සංගීත ශිල්පියා බවට පත් වෙලා සිටියා කාලයක්ම. තවමත් මගෙ ඡායා රූප ඇල්බමයක තියනවා ඔහු සිතාර් වාදනය කරන රූපයක් පුවත්පතක පළ වූ.
Deleteඇත්තෙන්ම, මම පසුගිය සතියෙ පළ කළ "සප්ත ස්වර හැඬූ දා" කවිය ලියන විට මගෙ හිතේ හිටියෙ වෙන කවුරුත් නොවේ ඔහු. කවියේ අන්තර් ගතය නොවේ, ඒ සංගීත ගුරුවරයාගෙ සවරූපය, ඇඳුමේ ස්වභාවය මා විස්තර කළේ සම්පූර්ණයෙන්ම ඔහුව සිහි තබාගෙන.මා ප්‍රදීප් රත්නායකයන්ට වශී වීමේ හොඳම ප්‍රතිපලය ඒ කවිය
දැන් ඔහු ලංකාවේ නැත්ද? වසර ගණනාවකින් ඔහු ගැන අසන්නට ලැබුණේ නෑ
සිඳූ..
Deleteමට මතක හැටියට ප්‍රදීප් රත්නායක දැන් විදේශ ගතවෙලා ඉන්නේ ගිය වසරේ මුල් කාලයේ ඔහුගේ සිතාර් වාදනයක් පැවැත්වූවා කොළඹදී. අනතුරුව විදේශගතවුණා. මේ වසරේ නම් තවම ඇවිල්ල නෑ වගේ.
මේ ලිපිය දැකලා දින කීපයක්. ඒත් එය කියවන්න මට ඕනා වුණා නිදහස් වෙලාවක්. ඒ නිසයි මේ තර්ම් ප්‍රමාද වුණේ.
ReplyDeleteලිපිය පමණක් නොවේ, පාඨක අදහසුත් කියෙව්වා සම්පූර්ණයෙන්ම.
අයියා සඳහන් කර ඇති ගීත සියල්ලම පුදුමාකාර ගීත. මා පුදුමාකාර යන වචනය භාවිතා කළේ ඒ ගීත වල සංගීතය මගින් හිතේ ඇති කරන පුදුමාකාර නිසංසල බව නිසා. නිතරම ගේය පද වල අර්ථය සොයන, සංගීතය පිළිබඳව ඉතා අල්ප වූ දැනුමක් ඇති මගෙ හිතත් මේ ගීත ඇසෙන සෑම වෙලාවකම දැහැන්ගත වෙනවා. ඒවා නිශ්ශබ්ද රාත්‍රියක , සියලුම විදුලි බුබුලු නිවා දමා අසන්නට හැකි නම්, මෙලොව ඇති සියලුම භාවනා වලට වඩා සිත සමාධි කරවයි. ඉතින්, මේ සංගීත ශිල්පීන්ගේ හැකියාව පිළිබඳව තවත් කවර කතාද. පණ්සිලු ට කියන තවත් නමක්ද ඩී ඩී ගුණසේන කියා සිතෙනවා ඔහුගේ වාදන ඇසූ විටදී.
ඔහු පිළිබඳව එක්තරා පුවත් පත් ලිපියක් මා දුටුවා, ඒ ඔහුගේ වයලීනය නැති වූ පුවත සමග. ඒ බව ඇසූ කිහිපදෙනෙක්ම ඔහුට අලුත් වයලීනයක් ලබා දීමට උත්සහ කළත්, ඔහු එතෙක් කල් තමා සතුව පැවති පරණ, එහෙත් තමාට පුරුදු වයලීනයම සෙවූ බව එහි සඳහන් වුණා. පුදුම මනුස්ස්යෙක්, මට එදා හිතුනෙ එහෙම.
කළණි පෙරේරා - වයලින් වාදකයෙක් ලෙස මා හඳුනාගෙන තිබුණත්, කිසිලෙසකින්වත් ඔහු අතින් මෙවන් ගීත නිර්මාණය වූ බවක් දැන සිටියේ නෑ. වටින ගොඩක් මිනිස්සු පිළිබඳව අප නොදන්නා දේ බොහොමයි නේද. මේ ලිපි තුළින් ඒ අඩුව පුරවන්නට ඔබ කරන සේවය නම් සැබැවින්ම අගය කළයුතුයි.
රෝහණ ධර්මකීර්ති පිළිබඳව වෙනත් වචන අවශ්‍ය නෑ. ඔබේ මේ වචන ටික හරියටම සාධාරණයක් ඉටු කරනවා ඔහුට. ඇත්තමයි මට මැවී පෙනෙනවා ඔහුගේ වාදන ඉරියවු.
"ඇතැම් වෙලාවක රෝහණ වයලීයන වයන්නේ හඬන්නට ළංව සිටින පෙම්වතිය සිය පෙම්වතාගේ උරහිස හිස හොවා සිටින විට ඇය සනසන්නාක් මෙනි. ඒ තම උරහිසෙහි හිස හොවා හඬා වැටෙන්නට ආසන්නව සිටි සුරවමිය සිය පෙම්බරා විසින් ආත්ම ගණනක සංසාර ගත ප්‍රේමය මුදා හරින්නට සූදානම් වන සෙයකි. ඇතැමි විට රෝහණගේ අතැගිලි දහයට සිර වී සිටි වයලීනය නම් වූ ප්‍රියම්බිකාව කෙරෙහි ඔහුගේ නෙත යාමු වී භාවනාවට මෙන් ධ්‍යාන ගතව සිටිමින් වයලිනය වයයි."
(ඔබෙනුත් යමක් අසන්න සිතෙනවා "කොහොමද අයියෙ, මෙහෙම වචන එන්නෙ?")
ඔබ මුලින් සඳහන් කර ඇති කණ , නාසය , සහ උගුර පිළිබඳව පැහැදිලි කිරීමට තරම් ලොකු දැනුමක් නම් මා සතුව නැහැ. ඒ පිළිබඳව තොටියා ගේ විස්තරය ඒ සඳහා සාධාරණත්වයක් ඉශ්ට කර ඇති බව නම් පෙනී යනවා.
(මේ ලිපිය කියවීමට පමා වුවත්, හදිසියේ නොකියවා අද මෙය කියවීම පිළිබඳව සතුටුයි, කිසිවක් මග හැරුණේ නැති නිසා)
සිඳූ..
Deleteපළමුවෙන්ම ඉතාමත් දීර්ඝ සටහනට ස්තූතියි.
"කොහොමද , මෙහෙම වචන එන්නෙ?"
මේවා නම් අමුතුවෙන් හිතල ලියන්නෙ නැහැ . නමුත් ලියන්න ගත්තාම ඉබේටම ලියැවෙනවා. අනෙක් අතට රෝහණ ඉතාම සමිප මිත්‍රයෙක්. හදිසියේ ඉඳහිටල නිවාඩුවක රෝහණගෙ නිවසට ගොඩවැදුනාම ඒ වයලිනයේ මිහිර විඳින්න ලැබෙන වාර අනන්තයි. ඒවගේ දවස්වලට ඒ සුන්දර හෝරා දෙක තුන ජීවිතයේ විදින්න හැකි සුන්දරම අත්දැකිම්. ඒ වගේම රෝහණ සතු අපුර්ව ගායනයත් විඳීමේ භාග්‍ය උදාවෙනවා. ඒ වෙලාවට ඔහු පිලිබඳව හිතට එන සතුවිලි තමයි එහෙම ලියැවෙන්නේ.
ස්තූතියි සිඳූ ඔබටත්.
"ඒ වයලිනයෙහි ඇති සුවිශ්ෂ භාවයත්, “වයලිනය” මිනිස් කට හඬට ඉතාමත් සමීප වාද්‍ය භාණ්ඩයක් වීම නිසාත්...."
ReplyDeleteමේ කතාව නම් ඇත්ත. මම් සංගීතය ඉගෙන ගන්න දවස්වල අපේ ගුරුවරුත් අපට ඔහොම කියලා තියෙනවා මට මතකයි. ඒ නිසාම මේ ගීත අපේ හිත් වලට කාවදින්න එක හේතුවක් වෙන්නැති. තව පදමාලාව, තනුව වගේ හේතුත් බලපාන්නට ඇති.
අපි නොදන්න මේ දේවල් අපට සමීප කරවන ඔබට බෙහෙවින් ස්තුතියි !!!
මධුරංග.
Deleteගිතයකදී වයලීනය වගේ සංගිත භාන්ඩයක් හදට දැනෙන වයනකොට ඒ ගිත සදාකල් මතකයේ රැඳෙන බවකුත් හිතෙනවා.
ස්තූතියි මධු ඔබට
මටත් වඩා මේ පෝස්ට් එක වින්දා මගේ අම්මා..
ReplyDeleteඔබට බොහොමත්ම ස්තූතියි!
වැසි දැරිය..
Deleteආ.. එහෙනම් අම්මටයි , දෝනිටයි , දෙන්නටම ගොඩක් ස්තූතියි.
හැමදාම වගේ අදත් අන්තිමට අස්වැන්නට ගොඩ වෙලා සියල්ලම රස වින්දා.
ReplyDeleteසංගීතය, ගීතය පිළිබද මා සොයා යන ගමනක මට මහගු අත්වැලක් ලබා ගන්නෙ අස්වැන්නෙන්...
වයලීනය සමහරවෙලාවට මටත් දුක ..සතුට බෙදා ගන්න එකම යාලුවෙක් වගේ...සියලු සංතාපයක් අමතක කරලා මා වශීවෙන තරම් ....
හරවත් රසවත් වින්දනීය ලිපියත් ගීතත් සියල්ලටම අස්වැන්නට තුති.
දිනිති..
Deleteඅස්වැන්නට ඇවිත් හරවත් යමක් රසවින්දනයට එකතුකර ගත්තානම් ඒක මගේත් සතුටක්. හොඳ දෙයක් බෙදාගැනිම තමයි මගේත් අරමුණ.
ස්තූතියි ඔබේ සටහනට
අවාසනාවකට වගේ මම සංගීතය හදාරලා නැහැ. ඒ හින්දා වාද්‍ය භාණ්ඩ වාදනය කරන්න විශේෂ හැකියාවක් නැහැ. නමුත් වයලීනය, බට නලාව සහ පියානෝව කෙරෙහි මගේ පුදුමාකාර ආශාවක් තියෙනවා. ඒ අතරින් වයලීනය ආත්මීය සගයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. සැබවින් ම වයලීන නාද රටාවක් තරම් ම ඔබේ සටහන වින්දා. බොහොම පිං!
ReplyDeleteරැංගෝ..
Deleteස්තූතියි ඔබේ සටහනට
වටිනවා ගොඩක් ලියල තියන විස්තරය. වයලීන නාදය මමත් ප්‍රිය කරනවා.
ReplyDeleteමැණික්
ස්තූතියි මැණික්
Deleteවයලීනය.. හිතට ලබැදියාවක් වුණ ඒ හඬ.. එකිනෙකට නොපරදින සැබෑ දක්ෂතාවලින් පිරුණු සටහනක්.. වයලීනයත් වාදනය කරන තරමට පදම් වෙනවා වගේම ඒ තුලින් සිත් සැනහීමත් හැඬවීමත් මේ හීන හසුරුවන්නන් සතුයි..!
ReplyDeleteමට මතක හැටියට මේ ප්‍රවීණයන්ගෙන් කෙනෙක්ගෙ නේද වයලීනය නැති වුණේ.. එදා දුක් වුණ තරමක් මං..
ගීතයක විතරක් නෙමෙයි.. ඔබ ස්වර තනු වලත් පිටුපස කතාව ලියන හැඩයි.. ගොඩක් ස්තූතියි මේ අමිල සටහනට..!!
ඉතාම වටිනා ලිපියක්.............
ReplyDeleteඔබේ කාලය ශ්‍රමය කැපකොට කළ සේවයට හිස නමා ආචාර කරමි සොයුර............!!
මෙහි ඩ්.ඩ්.ගුණසේන සහ කළණි පෙරේරා දායකත්වය ලබා දුන් ප්‍රමුඛ පෙළේ සංගීතඤයින් අතරට ආචාර්ය වික්ටර් රත්නායක යන්ගේ නම සඳහන් විය යුතුමය. එකල වික්ටර් රත්නායකයන්ගේ "ස-" ප්‍රසංගයට මෙන්ම, ඔහුගේ සංගීත අද්යක්ෂණය යටතේ කෙරුණු පටිගත/තැටිගත කිරීම් සඳහා මේ දෙපොල දායක වූ බව නොරහසකි.
ReplyDeleteමේ ලිපිය දෙපාරක් කියෙව්වා. නොදත් කරුණු බොහොමයක් ඉගෙන ගත්තා. මේ වින්දනීය සංගීතය අහද්දී ඇස් අගට කඳුලක් උණන එක වලක්වන්න අමාරුයි දයානන්ද අයියා.
ReplyDeleteමේ වගේ සංගීතයක් උරුම කරගෙන ආපු ජාතියක් වීම ගැන ශ්‍රී ලාංකිකයෙක් විදියට නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.
ඒ වගේම මේ වගේ වටිනා ලිපි කියවල ඉගෙන ගන්න අපි පින් කරලා ඇති. ඒ පිනෙන් ලොකුම කොටස ඔබතුමාට හිමියි. ඒ වගේම සාරවත් comments දාපු තොටියා, හරේ ඇතුළු සැමටත් ගොඩක් පින්.
-කරු
වයලීනයක් වයන්නට නොදන්නා නමුත් ඉගෙන ගන්න තියෙන ආසාව නිසාම වයලීන් ගැන හොයන්න ගත්තේ. ස්තුතියි වයලීන් වාදනයන් ගෙන ආවාට. නොදන්නා කරුණු බොහොමයක් ඉගෙනගත්තා. වයලීන් ඉගෙනගන්න තිබුණු ආසාවට පිටිවහලක් උනා මේ ගීත ඛන්ඩ ටික.
ReplyDeleteස්තුතියි ඔබට.