සොබා දහමට පෙම්
බැන්ද කලාකරුවෝ..
“ මහ රජ ඔබ මේ වනයෙහි
අයිති කරු නොව භාරකරුවාය. මේ වන අරණෙහි නිදැල්ලේ සරන සතා සිවුපාවුන්ට මෙන්ම අහසේ
පියා සරන විහඟුන්ද එහි උරුමකරුවෝය” මිහිඳු මහ රහතන්
වහන්සේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවස
ජූනි මාසෙ පස් වැනි
දා ලෝක පරිසර දිනයයි. මිහිඳු මහ රහතන්
වහන්සේ විසින් ක්‍රිස්තු පූර්ව තුන්වන
සිය වසේදි පොසොන් පොහෝ දිනෙක මිහින්තලා
අරණෙහි දේවානම්පියතිස්ස රජු සහ පිරිවර අරභයා ඉහත දේශනය කරන ලදි. ඒ වගේම රතු
ඉන්දියානු නායක සියැටල් විසින්ද, මීට සමාන වූ ප්‍රකාශයක් සහිත ලිපියක් ඇමරිකානු
ජනාධිපති වෙත යොමු කළේ ගෙවුණු සියවසේ දීය.
පොසොන් සමයත්, ජූනි
පස්වැනි දිනට යෙදෙන ලෝක පරිසර දිනයත් නිමිති කරගෙන අද “අස්වැන්න” සටහන තබන්නේ සොබා
දහම වෙනුවෙන් අපේ කලාකරුවන් දැක් වූ
සංවේදී කම පිළිබඳවයි. ඇතැම් විට අද මා ඉදිරිපත් කරන මේ ගීත ත්‍රිත්වය කිසියම්
දිනෙක ඒ ගීත ගැයුනේ මේ අපූරුව සොබාදහම
වෙනුවෙන්ම ද කියලා ඔබට ම නැවත හිතන්නට හැකි වේවි. ඔව් ඇත්තටම මේ ගී ගැයුනේ ඒ
සංවේදී අදහසින්.
අපේ දින දසුනේ දින
තුන්සිය හැට පහෙන් වැඩිම දින ගනනක් වෙන්වෙලා තියෙන්නේ මේ මිහිතලයේ ආරක්ෂාව
වෙනුවෙනි. සෑම වසරකම මිහිතලය වෙනුවෙන් වෙන් ව ඇති ඒ දින මෙසේ ය. පෙබරවාරි 02 ලෝක
තෙත්බිම් දිනය, මාර්තු 21 ලෝක වනාන්තර දිනය, මාර්තු 22 ලෝක ජල දිනය, අප්‍රේල් 22
ලෝක මිහිතල දිනය, මැයි 22 ජෛව විවිධත්ව දිනය. මැයි 23 ලෝක කැස්බෑ දිනය, ජූනි
05 ලෝක පරිසර දිනය, ජූනි 08 ලෝක සාගර දිනය,
ජූලි 26 ලෝක කඩොලාන දිනය වශයෙන් වසරේ වැඩිම දින ගනනක් වෙන් වෙන්නෙ මේ මිහිතලයේ
ආරක්ෂාවට ය. ඒ ඔබට මට පමණක නොව මේ මිහිතලයේ වෙසෙන සියලු සතා සීපාවුන් වෙනුවෙනි.
ඇතැම් වෙලාවට මේ දින
දිනවලට පමණක් සීමා වෙලා තියෙනවා. ඒ නිසාම මේ සොබාදහම රැක ගැනීමේ පණිවුඩය ජනතාව
අතරට ගෙන යා හැකි හොඳම මාධ්‍ය ගීතය විදිහටයි මම දකින්නෙ. ගීතය මගින් කළ හැකි ඒ සමාජ මෙහෙවර අනෙක් කිසිඳු මාධ්‍යයකට වඩා ප්‍රභලයි.
එහෙම කිව්වාම මට මතක් වෙන්නෙ පරාක්‍රම කොඩිතුවක්කු කවියාගෙ “පොඩි මල්ලියෙ” කාව්‍ය
සංග්‍රහයේ තිබුණු “පොඩි මල්ලියෙ” කවි පන්තිය. එහි
“ සීතල රැලි අත්
සීයෙන්
උඹ වටකර තුරුලු
වේවි
දිය සුළියේ
ඔඩොක්කුවේ
නැළවී ඉඳ කිමිදී ඉඳ
ගොඩට වරෙන්....”
පරාක්‍රම ඒ කවි
පන්තියේ අපූර්ව වූ සොබාදහම පොඩි මල්ලිට ළං
කරනව විතරක් නෙවෙයි ඒ දායාදය විඳින්නත්
පොඩි මල්ලිට කියා දෙනව. ඒත් ඔහු පොඩි මල්ලි නිමිති කරගෙන අන්තිමේදි මෙන්න මේ
විදියට අහනව හැබැයි ඒ අපෙන්.
“මලේ මලේ නින්දට
පෙර
ඩිංගක් මේ ගැන
හිතපන්
මේ සේරම තෑගි
ලැබුණෙ
ලොවෙන් නුඹට
මොනවද මල්ලියෙ
දෙන්නේ
නුඹෙන් ලොවට..”
පරාක්‍රම කවියෙන්
සොබා දහමට දක්වන ආදරය, කරුණාව, පොඩි මල්ලි මගින් ඉදිරිපත් කරන්නෙ මුළු මහත්
සමාජයට. ඒත් කවිය කියවලා සර විඳින්නෙ සීමිත පිරිසක්. ඒ නිසා කවියාටත් කවියටත් යා
හැකි දුර ඉතාමත් සිමිතයි. කියල හිතුනෙ මිල්ටන් මල්ලවාරච්චි ගැයූ “පැණි කුරුල්නේ”
ගීය ඇහුවාමයි.
මිල්ටන් පැණි
කුරුල්ලනේ ගීය ගයන්නේ 70 දශකයේ ආරම්භයේ දී
ම ය. මේ ගීය ලියූ ලූෂන් ඉතාමක් අකාරුණික ලෙස සොබාදහම මිනිසුන් අතින් විනාශ වන හැටි
ඔහුටම ආවේණික වූ දෘෂ්ඨි කෝණයකින් දකියි. ගීත රචකයා අපට දකින්නැයි ඉල්ලා සිටින්නේ විනාශයට
ඇද දමනා ඒ සොබා දහමේ අපූර්ව වූ චමත් කාරයයි.
එහෙත් මිල්ටන්ගේ ප්‍රේමනීය ගායනය හේතුවෙන් ඔහුගේ ගායනය ඉස්මතුව ගීතය ජනප්‍රිය
වූවත් ගීතයේ අරුත යටපත් කරමින් මිල්ටන්ගේ
හඬ පමණක් අපේ දෙසවනට කිඳා බසී. මිල්ටන්ගේ බොහෝ
ගී වල සාහිත්‍යමය ගුණයට සැඟවෙන්නේ ඒ ආකාරයෙනි.
පැණි කුරුල්ලනේ
නිල් කොබෙයියනේ
ගිය තැනකින්
වරෙල්ලා පුංචි පුතා ඇවිල්ලා
කැලේ පනින මං වගේම
බාල සන්දියේ
දඟ කළාට කුරුල්ලන්ට
හරිම ආදරේ
අඹ දඹ නාරං ගස් යට
කජු පුහුලන් මොර ගස් යට
අපි වගේම ලුණු
පනින්න කැටපොල විදලා
පුංචි පුතා එන්න
කළින් උන් හිටි තැන් නැති වුණ දා
ගහට ගහක්
මුණගැහෙන්න බැද්ද ගිහිල්ලා
ඇලේ වතුර නිල් කැටේට
දණ්ඩි කොරලි යන වටේට
කිමිදි කිමිදි
පීනන්නට දියබුං ගහලා
පුංචි පුතා එන්න
කලින් කළු දිය දහරා හැලිලා
ඇලට පාර අමතක වී
මංමුලා වෙලා
ගේය පද: ලූෂන්
බුලත්සිංහල
තනුව සහ සංගීතය: සරත්
දසනනායක
ගැයුම: මිල්ටන්
මල්ලවාරච්චි
ලූෂන් බුලත් සිංහල |
රත්න ශ්‍රී විජේසිංහ
කවියාද සොබා දහමට ගහට කොළට මහත් සේ ආදරය කළ කවියෙකි. ඔහුගේ බොහෝ කවි සහ ගීත
රචනාවන් නිම වෙන්නේද පරිසරය සහ සොබාදහම ඇසුරින්ම ය. රත්න ශ්‍රී ගේ “සුබ උදෑසන” පද්‍ය සංග්‍රහයේ
“සුබ උදෑසන” කාව්‍යයෙන් මිනිසාගේ අකාරුණික කම් හේතුවෙන් පරිසරයේ සිදුව ඇති
වෙනස මෙසේ දකී.
“ඇවිලෙයි ගිනි කබල
කඳු අතර ආකහේ
දූවිලි සුළඟ ගිනි
පිඹ දුවයි වන පෙතේ
උල්පත් සොය සොයා
ළැම සිඳුණු ගං තෙරේ
කළයත් රැගෙන මැළවී
හිඳින නංගියේ
පිච්ච මල් මැරී ගිය
කෲර සාගතේ
කන බොන දේත් උදුරා
ගත්ත සාගතේ
පිපාසව හැඬු රැය
නිහඬ වී ගියේ
උදෑසනද මේ නුඹෙ
මිහිරී ජීවිතේ..”
රත්න ශ්‍රී සුබ
උදෑසන පද්‍යයෙන් කියූ ඒ අදහස පසු කාලයේ කුමාරදාස සපුතන්ත්‍රී විසින් ගිතයකට නැගුවේ
ය. සපුතන්ත්‍රී ද පරිසරයට මහත් සේ ආදරය කළ ගීත රචකයෙකි. ඔහු ලියූ සුනිල් එදිරිසිංහ ගැයූ “ඉස්සර මං ගිය පාසල
ඇරිලා” එවැනි සොබාදහම ගැන ගැයුණු තවත් අපූරුව වූ ගීයකි. එහෙත් ඊට හාත් පස වෙනස් වූ
ගීතයක් සපුතන්ත්‍රී පසු කාලයේ මිනිසා පරිසරයට දක්වන අකාරුණික කම ගැන ලිව්වේය. එය ද
ගැයුවේ ශිල්පී සුනිල් එදිරිසිංහ විසින්ම
ය. ගීතය ගයා බොහෝ කාලයක් ගත වුවද කිසිඳු මාධ්‍ය ආයතනයකින් මේ ගීය ඇසුණාදැයි මට මතක
නැත. මේ මියුරු ගීය ජනතාව අතරට නො ගියේ
ගීයේ රස නුසුන් භාවයක් නිසා නො ව මෙරට මාධ්‍ය ආයතනවල ඇති රසවින්දනයේ හීන කම
නිසා ය. සුනිල්ගේ මේ ගීතය මිහිතලයේ ශෝක ගීය වශයෙන් හැඳින් වුවද කිසිඳු දොසක් නැත.
මේ ගීය සොබා දහම තරමට ම වැදගත් වන්නේ ඒ නිසා ය.
ගගන සරනා සියොතුනේ
සොයා තුරු සෙවනක්
බලන් මිනිසුන්
වැලපෙනා බිම
පතා දිය කඳුළක්
ගගන සරනා මිනිසුනේ
පතා සුව දසුනක්
බලන් සියොතුන්
වැලපෙනා බිම
සොයා තුරු සෙවනක්
ගතින් සියොළඟ වසා
සිහිලස දී
නිවා කුස ගිනි
නැවුම් රස පළ දී
මවු ගුණෙන් දරු
සෙනෙහසින් පේවී
මිනිසුනේ ඒ වන අරණ
ඔබ නමින් දිවි
පිදුවේ
නැගෙයි කුස ගිනි
පුරන් වූ කුඹුරින්
ගලයි ලෝ දිය බිඳුණු
වැව් බැම්මෙන්
හඬන්නටවත් තෙතක්
නැති දෑසින්
මිනිසුනේ මේ බලන්
මිහිතල
හැර ගියා දෙවියන්
ගේය පද: කුමාරදාස
සපුතන්ත්‍රී
තනුව සහ සංගීතය:
රෝහණ වීරසිංහ
ගැයුම: සුනිල්
එදිරිසිංහ
නූතන කවීන්
අතර නන්දන වීරසිංහ කවියාද සොබා දහමට මහත්
සේ ඇලුම් කරන, ආදරය කරන, පරිසරය සහ සොබාදහම සමග නිරන්තයෙන් ගැවසීගත් කවියෙකි.
ඔහුගේ සියළුම කාව්‍ය කෘතීන් ලියැවෙන්නේ මේ අපුර්වතම සොබා දහමේ ඇසුරේ සිටිමින් ය.
ඇතැම් විට ඔහුගේ කවිත්වයේ සිමාව ඉක්මවා ඒ සොබාදහම විඳින දාර්ශනිකයෙකු අප අතර
රඳවයි. නන්දන වීරසිංහ සිය “ගිරග” කාව්‍ය සංග්‍රහයේ සංවර්ධනයේ මුවාවෙන් දැවැන්ත
කඳුවැටි මුඩු හිස් බිම් කරනමින් සිදුවන
පරිසර හානිය “ගිරග” පද්‍යයෙන් මෙසේ දකී.
“පෙර අපි මේ ගිරග
නැග
හොර දෙරණ, රතටිය
මිල්ල හැඩවක ගොඩපර
ගන තුරු වියන යට අඳුරෙහි
ඒ මේ අතට දුවමින
පහල මිටි කඳු
අතරෙහි
අපේ ගම් බිම්
පෙනෙනා
ගම් බිම් ඇත්දැයි
සෙවුවෙමු..”
මුත්තයියා මුරලිදරන් අපි කවුරුත් ප්‍රියකරන ක්‍රිකට් ක්‍රීඩකයෙක්.
ඒත් ඔහු ගිය වසරේ අමරිකානු සමාගමක් සමග
එක්ව මහවැලි ගං ඉවුරේ පොලොන්නරුවෙ සෝමාවති වන රක්ෂිතයෙන් අක්කර පන්දහසකට අසන්න ප්‍රමාණයක්
මිලට ගෙන කෘෂි ව්‍යාපාරයක් ඇරඹුවේ ඒ වනයෙහි නිදැල්ලේ සිටි සතා සීපාවට උන්හිටි තැන්
අහිමි කරමිනි. මෙය වැලැක්වීමට මෙරට පරිසරවේදීන්
විසින් දැඩි විරෝධතාවයක් එල්ල කළ ද , මේ වන විට එය නො තකා ඔහු සහ ඔහු නියෝජනය කරන සමාගම ඒ
පෝෂිත වන බිම මුඩු බිමක් කරමින් සිටී.
එදා බහු ජාතික
සමාගම් විසින් ඌව වෙල්ලස්ස වන බිම් පැහැර ගන්නා විට ඊට එරෙහිව කපුගේ ඒ ගොවි ජනතාව
සමග බහුජාතික සමාගම්වලට එරෙහිව දැවැන්ත අරගලයක් කළේය. එහෙත් මුරලිදරන් නියෝජනය කරන
බහුජාතික සමාගම විසින් සෝමාවතී වන රක්ෂිතය පැහැර ගන්නා විට ඊට එරෙහි වීමට හෝ අරගල
කිරීමට කපුගේ අද නැත. එදා උතුරු කොනේ
නඩරාජලා වෙනුවෙන් ගී ගැයූ ඔහු අද හිටියා නම් මුරලිදරන්ගේ මේ ක්‍රියා කලාපයට එරෙහිව හඬ අවදි
කරන්නේ ජාතිවාදියෙකු ලෙසන් නොව සොබා දහමට ආදරය කරන මිනිසෙකු විසින් කළ යුතු වූ ඒ
වන සංහාරයට එරෙහිව හඬ නැගීමක් ලෙසිනි.
කපුගේ අද නැතත් ඒ වෙනුවට
ඔහු අසූව දශකයේ මැද භාගයේ අපූරු නිර්මාණයක් රටට දායාද කළේය. මහින්ද දිසානායක ලියූ
මේ ගීය සංගීතවත් කළේ ගුණදාස කපුගේ විසිනි. ගීතය ගැයුවේ රජරට සේවයෙන් බිහිවූ ගායන ශිල්පියෙකි. ඔහු නමින් නිශාන්ත මුණසිංහ ය. නිශාන්ත රජරටට පමණක් සීමා වූ ගායන ශිල්පියෙක් වූ අතර අසූව දශකයේ රජරට සේවයේ නවරැල්ල සංගීත වැඩසටහන මගින් කපුගේ
විසින් සොයාගත් ගායන ශිල්පියෙකි. කපුගේ ජීවත්ව සිටියදී එක්තරා දවසක ඔහු මට අසන්නට
දුන් ඒ අපූර්ව වූ ගීත කිපයක් අතර තිබී මට හමුවූ මේ ගීයේ පිටපතක් ලබා ගත් අතර මේ ගීය
ගැයූ ගායන ශිල්පියා ඒ යුගයේම සිය ව්‍යාපාර කටයතු වෙනුවෙන් සංගීතය අතහැර දැමීය. මේ ඒ ඔහුගේ
ගීයයි.
අද ගලක් පළා දිය
බිඳක් සොයා යමූ
පවසින් පීඩිතවී..
ගහ වැල යට ඉඳලා
ලෝකය දිනූ අපි
අද ලොවක් පුරා ගහ
වැලක් සොයා යමූ
නියඟින් ගිනියම් වී..
කුරුලු ගැයුම් අහලා
නින්දෙන් නැගුණ අපි
අද ගැයුම් පතා නිදි
දැහැන් සොයා යමු
නිහඬ බවට බියවී..
ගේය පද: මහින්ද
දිසානායක
සංගීතය: විශාරද
ගුණදාස කපුගේ
ගැයුම: නිශාන්ත
මුණසිංහ
මෙම ගීතයේ *පතහ
යනුවෙන් රජරට වැසියන් හඳුන්වන්නේ
ගල්තලාවක් මත ස්වභාවයෙන් පිහිටි පොකුණකි. පතහ ගල්තලාවක් මත පිහිටිය ද දැඩි නියං කලෙක වුවද එහි ජලය නොසිඳේ. එවන් කාලයක මිනිසුන් මෙන්ම වනයෙහි
සරන සතා සීපාවුන් සහ විහඟුන්ද බීමට ජලය සපයා ගන්නේ මේ පොකුණෙනි. එසේ හෙයින් එදා
ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසෙහි මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මිහින්තලා අරණෙහි
දේවානම්පියතිස්ස රජු සහ පිරිවරට දේශනා කළ මේ දහම් කරුණද නැවත සිහිපත් කරමි.
“ මහ රජ ඔබ මේ
වනයෙහි අයිති කරු නොව භාරකරුවාය. මේ වන අරණෙහි නිදැල්ලේ සරන සතා සිවුපාවුන්ට මෙන්ම
අහසේ පියා සරන විහඟුන්ද එහි උරුමකරුවෝය”.෴
ඔබේ විචාරාත්මක අදහසත් මට වටී...හැකිනම්, කාලයක් ඇත්නම් ලියලම යන්න
මමත් ආසම ගායකයෝ කීප දෙනක් හා ආසම ගීත ටිකක්
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
අඩවි රජ!
Deleteසැරද අඩවි මහ රජ. මෙහෙම ගියොත් අපේ වන අඩවි ටිකට දෙයියන්ගෙ පිහිටයි. අපිටත් වැලේ වැල් නැතිවෙනවා
ස්තූතියි
නිශාන්ත මුණසිංහ නම අහලා තිබුණත්, ගීතය ඇහුවේ අද!
ReplyDeleteවැඩිය රුපවාහිනිය නරඹන්න අවකාශ නොලැබුනත්, ඊයේ සහ අද ටිකක් වැඩිපුර National Geography සහ Animal Planet නාලිකා දෙක බලන්න ලැබුණා. පරිසරය පිලිබඳ ඇති ආදරය එක් වර ම වැඩි වුණා වගේ දැනුණා. අපේ රටේ ජනතාව තුල ඇති බොහොමයක් ආකල්ප වෙනස් කිරීමට මාධ්‍ය මගින් ලැබෙන දායකත්වය බොහොම අඩුයි. ඕපාදුප ටෙලි නාට්‍ය වෙනුවට, පරිසරය පිලිබඳ වැඩසටහන් විකාශය වෙනවා නම් මීට වඩා හොඳයි. හරියට ඉස්සර Discovery නාලිකාව ජාතික රුපවාහිනියේ විකාශය වුණා වගේ!
ඒ වගේ ම මේ වගේ ගීත ජනතාව අතරට නොයාමට සම්පුර්ණයෙන් ම වග කියන්න ඕන මාධ්‍ය නාලිකා. ඕන කුණු ගොඩක් ජනතාව අතරට ගෙන යන්න මාධ්‍යට පුළුවන් නම්, ඇයි මේ වගේ අරුත්බර දේ ජනතාව වෙත ලඟා කරවන්න බැරි?
ඉතා ම හරබර ලිපියක්. දින කිහිපයක් තිස්සේ නවතා තිබු බ්ලොග් කියවීම යළි ඇරඹුවේ වැදගත් ලිපියකින්!
ජය!!
මේ ලිපියේ වටිනාකම කියලා නිම කරන්න බැහැ. ගීත අනුසාරයෙන් අපිට කියලා දෙන පණිවිඩය හරිම වටිනවා. මුත්තයියා ගැන ගොඩක් අයට වගේම මටත් තියෙන්නේ ගෞරවයක්. ඒත් මේ කතාව ඇහුවම...හ්ම්ම්ම්
ReplyDeleteඔබ කිව්වා වගේ පරිසර දිනයත් "දිනයකට" සිමා වෙලා තියනවා. ඒත් තමන්ට පුළුවන් විදියට පරිසරය වෙනුවෙන් මොනවා හරි කරන්න දිනයක් ඕනෑම නැහැ නේද? වැඩි දේවල් ඕන නැහැ. මේ දේවල් මම හැමදාම කරන දේවල්...
කඩෙන් බඩු ගෙන ඒම සඳහා නැවත පාවිච්චි කල හැකි බෑග් භාවිතා කිරීම. කියන්න සතුටුයි මේ රටවල මිනිස්සු වැඩි දෙනෙක් ඒක කරනවා. (සුපර් මාකට් එකට ගිහින් බිල ගෙවන තැනදී බඩු දාන්න බෑග් ටික දුන්නම ඔවුන්ට ලස්සන හිනාවක් යනවා :) "Great" කියලා කියන වෙලාවල් බොහොමයි.)
හැකි තරම් ඔන්ලයින් පොත් පත් භාවිතය. ප්‍රින්ට් අවුට් එකක් ගන්නේ අත්‍යවශම විටක පමණි. අපි ඉවත දමන කොළ කෑලි වෙනුවෙන් කොහේ හෝ ගසක් දිවි පුදන බැවිනි.
ප්‍රතිචක්‍රීකරණ පහසුකම් ඇති අවස්ථා වල ඒ සඳහා දායක වීම.
ජලය, විදුලිය නිකරුනේ අපතේ නොයැවීම.
නැවතත් ස්තුතියි ඔබට මේ වැදගත් ලිපියට...
සයුරි..
Deleteමොනව කරන්නද සයුරි. අපි ආදරේකරන මේ අය බහු ජාතික සමාගම් එක්ක එකතුවෙලා රටේ තියන කැලෑ වනසලා කෙසෙල් පැල හිටවනවා. අපනයන සඳහා. ඇමරිකන් සමාගමක්. ඔන්න ශ්‍රී ලන්කන් ප්‍රඩක්ට් කියලාඇමරිකාවෙදි කෙසෙල් දැක්කොත් එහෙම මතක්වෙයි මගේ මේ ලිපිය.
හැබැයි ඔබ වගේ හැමෝම හිතනවනම් ලොක්ය මීට වඩා සුන්දර තැනක් වෙයි.
ස්තූතියි සයුරිට වෙනදා වාගේම..
මුත්තයියාගෙ සිද්දිය ගැන මට තියෙන්නේ මේ වගේ අදහසක්. මේ ව්‍යාපාරයේ ඉන්නේ මුත්තයියාත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කියන ක්‍රීඩකයන් දෙන්නත් බහුජාතික සමාගමත් එත් මේ ඉඩම් ඔවුන් මිලදීගෙන ඇත්තේ මම දන්න විදියට නිත්‍යානුකුලව ඉතිං මෙතැනදී කෙලින්ම ඒ පැත්තට ඇඟිල්ල දිග් කරන ඒක වැරදි නේ.
Deleteඅසරණයා..
Deleteඇත්ත, ආණ්ඩුව මේවා බහු ජාතික සමාගම්කරුවන්ට වික්කා. ඒ සමාගම නියෝජනය කරන්නේ මුරලි. ප්‍රමෝද්‍ය ගැන නම් දන්නෙ නෑ. මේ අයට මේ ඉඩම් ලැබුණෙ නීත්‍යානු කූලවයි. අදා වෙල්ලස්සේ ඉඩම් ටිකත් මේවගේ බහු ජාතික කොම්පැණි කාරයෝ නීත්‍යානුකූලව ගන්නකොට එ.ජා.ප ආණ්ඩුවට එරෙහිව හඬ නගන්න කට්ටිය හිටියා. ඒ කට්ටිය අද නිහඬයි. මට ඕනෙ වුනේ මුරලි වගේ කෙනෙකුත් මේකෙ ඉන්නවා කියල පෙන්නන්නයි.
ලස්සන සිංදු ටිකක්.
ReplyDeleteදයානන්ද අයියා සෑහෙන්ඩ ගීත වලට ප්‍රිය කරන කෙනෙක් වගේ.
මධුරංග..
Deleteගී අහනකොටත් විවිධ වර්ගයේ ගීත ඇහෙනවනේ. මේ ඒ වගේ අවස්ථාවක්.
ස්තූතියි මධුරංග මලේ..
ලංකාවේ පරිසර සුරැකීමේ වැඩසටහන් වගේම පරිසරය විනාශ කරන අය ගැන වැඩි විස්තරයක් දැනගන්න ලැබුණා.... ඒ වගේමයි පරිසරය ආශ්‍රිත ගීත. මම මේවායින් අහලා තිබුනෙත් එක සිංදුවක් විතරයි. ඒ පැණි කුරුල්ලනේ ගීතය විතරයි. ස්තුති මේ තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තාට
ReplyDeleteහසිත..
Deleteසුනිල්ගේ ගීයත් අවුරුදු 15 ක් විතර පරණයි. අනෙක් ගීය නම් මගේ ළඟ විතරයි තිබුනේ. එහි කැසට් සීඩී කරලා නැහැ.එක කාලයක රජරට සේවා ප්‍රාදේශීය ගුවන් විදුලියේ ඒ ගීය ප්‍රචාරය වුණා.
හසිතටත් ස්තූතියි
මාත් අසා තියෙන්නේ මේ ගීත වලින් පැණි කුරුල්ලනේ ගීතය විතරයි . ඔබ කිව ආකාරයටම
ReplyDeleteමිල්ටන්ගේ හඬ ඉස්මතූ වී ඇති හෙයින් ගිතය රස වින්දේ වෙනස් හැගීමකින් .
ඔබ ගීත ගැන බොහෝ දැනීමක් ඇති කෙනෙක් . බොහොම ස්තුති දැනුම බෙදා දෙනවාට .
ගිම්හානි..
Deleteසුනිල්ගේ ගීයත් අවුරුදු 15 ක් විතර පරණයි. අනෙක් ගීය නම් මගේ ළඟ විතරයි තිබුනේ. එහි කැසට් සීඩී කරලා නැහැ.එක කාලයක රජරට සේවා ප්‍රාදේශීය ගුවන් විදුලියේ ඒ ගීය ප්‍රචාරය වුණා.
මම කොහොමටත් හොඳ ගියක් ඇහුණාම කොහෙන් හරි එහි පිටපතක් ලබා ගන්නවා. කපුගේ සංගීතය සැපයූ මේකත් එවැනි ලැබීමක්.
අනෙක් ප්‍රකාශන මාධ්‍යට වඩා ගිතය ප්‍රබලයි. අපි හිතන දකින් ඕනැම කාරණයක් ගීයෙන් ප්‍රකාශ කළ හැකියි. ගීයේ විශේෂත්වය එයයි.
ගිම්හානිටත් ස්තූතියි
මිනිස්සුන්ගේ තන්හාවේ ඉවරයක් නැහැ . මුරලි එච්චර කතා වැඩක් කලාද රටට . මිල කල නොහැකි ලිපියක් .ඔබට ගොඩක් ස්තුතියි . කපුගේ කියන්නේ පුදුම මනුස්සයෙක් . එහෙම කටහඬක් සියවසකට පහල වෙයි කියල හිතන්න බැහැ .වටිනා ගීත කීපයක් . සමහර ඒවා මන් අසා තිබුනෙත් නැහැ .
ReplyDeleteබින්දි..
Deleteඉහතින් සයුරිට ලියා ඇති සටහන බලන්න. ඔන්න මුරලිලාගේ හැටි. අන්තිම ගීය නම් මගේ ළගම විතරයි තියෙන්නේ.පළමු වතාවට තමයි ඒ ගීය මෙවැනි ක්‍රමයකින් ඔබට අහන්න ලැබුණේ.
ස්තූතියි බින්දි ඔබටත්
සමහර ගීත මම අහලත් නැහැ. ස්තූතියි බෙදාගත්තට. මුරලි ගැන හිතේ තියෙන තැනට දැන් ලැබෙන්නෙ ප්‍රශ්නාර්ථයක් විතරයි... තණ්හාය ජායතී සෝකෝ!
ReplyDeleteලහිරු..
Deleteඔන්න ඔහොමයි අපේ ප්‍රියතම අපි ආදරේ කරන ක්‍රිකට් ක්‍රී ඩකයෝ රටට ආදරේ කරන්නෙ.
ස්තූතියි ලහිරු.
අවංකවම මම අහලා තියෙන්නේ මිල්ටන් මල්ලවාරච්චිගේ " පැණි කුරුල්ලනේ" ගීතය විතරයි.. අනිත් දෙක ඔබට ස්තූති වන්ත වෙන්න අද ඇහුවා..
ReplyDeleteපරිසරය ගැන කතා කල යුතු දවසක ලිය උන වැදගත්ම සටහනක්.. ලංකාවේ සංගීතයෙන් බැහැරට යනවනම් මේ මිහිතලය පරිසරය ගැන වැඩියෙන්ම කතා බහ උන හා ජනප්‍රිය උන ගීතය තමයි මයිකල් ජැක්සන්ගේ EARTH සිංදුව..
දිනේෂ්..
Deleteමයිකල් ජැක්සන්ගේ THE EARTH මමත් කැමතිම ගීයක්.සුනිල්ගේ ගියත් වසර 15 ක් විතර පරණයි.
දිනේෂ්ටත් ස්තූතියි
මම හැදී වැඩුනෙ පානදුරෙ උනාට තාම ඔය කියන සුන්දරත්වය චුට්ටක් හරි ඉතිරිවෙලා තියනවා. පොඩි උන්ට කවාගන්න ඕන උනාම චුට්ටං බට්ටිච්චෙක්ව පෙන්නන්න තාම පුලුවන්. ඊයෙත් හවස සුදු රෙදි හොරෙක් ජම්බු ගහෙ අත්තක හැංගිලා ඉන්නවා පොඩි දුවට පෙන්නන්න පුලුවන් උනා.
ReplyDeleteඒත්... ඉස්සරහට ...
ඔව් තාම බණ්ඩාරගම අවට ප්‍රදේශයත් ග්‍රාමීය ගතිය ඉතුරු කරගෙන ඉන්නවා! ඒත් ඉදිරිය ප්‍රශ්නාර්ථයක්......:(
Deleteලොකු ජෝන්..
Deleteයාන්තමට පර්චස් 10 ඉඩම් කෑල්ලක වුණත් ගහක් කොළක් තියෙනවනම් කුරුල්ලන් එනවා. කෑගහනවා ඇහෙනවා. ඒ දැනෙන දකින සතුට නම් කියල නිම කරන්න බැහැ.
ඔබ පානදුරේ ඒත් සුනිල්ට "ඉස්සර මං ගිය පාසැල ඇරිලා" සහ "ගගන සරනා" ගිතය ලියූ කුමාරදාස සපුතන්ත්‍රි පානදුරට ටිකක් එහා බේරුවල වලතර ගමේ. ඔහුගේ ගී වල තියෙනනේ ඒ සුන්දර ගැමිකමයි.
ස්තූතියි ලොකු ජෝන්ට
ලකී..
ඔව් මෙහෙම ගියොත් ඒක ප්‍රශ්නයක්. ඒ වගේම ස්තූතියි ඔබටත්.
මම තාම රැකියාව කරන තැන ඉන්නෙ. පොඩි විවේකයකට මේ පැත්තෙ ආවෙ. ඉතාම හරවත් වගේම රසවත් ලිපියක්. ගෙදර ගිහින් මේ ගීත ටික නිවී සැනසිල්ලෙ අහන්න ඕනෙ.
ReplyDeleteමහත්මයා, පුළුවන් නම් අර "ඉස්සර මං ගිය පාසැල ඇරිලා " කියන ගීයත් පළ කරන්න. මම ඒ ගීතය අහල නැහැ.
ලකී..
Delete"ඉස්සර මං ගිය පාසැල ඇරිලා" සුනිල් එදිරිසිංහගේ ලස්සන ජනප්‍රිය ගීයක් ගොඩක් පරණයි. ටිකක් බලන්න යූ ටියුබ් එකේ. නැත්නම් දවසක ඒ ගැන කතා කරමු.
ස්තූතියි ලකි ඔබට
පරිසරය සිරිසයුර
ReplyDeleteසුවබරය පැහැසරය ආ..හා..
මම ආසම සින්දුවක් නීලාගේ..
පොඩිකාලේ රූපවාහිනියේ හවස වැඩසටහන පටන් ගන්නකොට මේ සින්දුව අනිවාර්යෙන්ම යනවා. වෙන මොනවත් නැතත් මම දුවගෙන ගිහින් මේ සින්දුව අහගෙන ඉන්නවා මතකයි..
http://srilankantubes.com/neela-wickramasingha/music-video-neela-wickramasingha-parisaraya-sirisaruya.php
අන්තිම සින්දු දෙක නම් මමත් අහලා තිවුනේ නෑ..ස්තුතියි ගෙනාවට..
පරාක්‍රම කොඩිතුවක්කු කියන්නේ මගේ ආසම කවියෙක්..ඔහුත් හඬ නැගුවා බොහෝදේ වෙනුවෙන්..පුළුවන් නම් ඔහුගේ නිර්මාණ ගැනත් ලියන්න දවසක..
රූ...
Deleteනීලාගේ ගීයත් ගොඩක් පරණයි. ඒ වගේමයි සුනිල්ගේ ගීයත්,පරාක්‍රම ගිත නම් ලිව්වෙ 03 යි. ඒතුනම ඉතාම ජනප්‍රියයි. දෙකක් කිව්වෙ සුනිල් එදිරිසිංහ අනික නන්දා මාලනී.
අපි බලමු කොඩිතුවක්කුගේ කවි ගැන කතා කරන්න ඉඩක් ලැබේද කියලා.
රූ.. ඔබටත් ස්තූතියි
මිල්ටන් මල්ලවාරච්චිගේ ගීය ඇර අනෙක් දෙක අහලා තිබුනේ නෑ. ඇත්තෙන්ම ඒ ගී අහනවාත් එක්කම හිතට දැනුනේ බලවත් ශෝකයක්. අපිට අයිති නැති දෙයක් අපේ පරපුර විනාශ කරනවා නේද කියන වගේ හැඟීමක්.
ReplyDeleteමුල් ගීයෙන් කතා කරන්නේ කුරුලු , කිරිලියන් දක්නට නැති හන්දා නොවේද?
දෙවන ගීයෙනුත් සියොතුන් වැලපෙන හඬ ඇහෙනවා.
හිත සසල උනේ තුන්වෙනි ගීයෙන්. හිතට කාවැදෙන්ට ගී පද ලියවිලා කියලා හිතුනා. අපේ හිතට සැනසුමක් එක්කරන, අපේ විඩාව නිවාලන, අපට සෙවන දෙන, ගස් කොළන් කපා දමමින්, ස්වාභධර්මය මෙසේ විනාස කරන එක මිනිස්සු කවදා නම් නතර කරයිද?
//*පතහෙන් දිය බීලා ගල් කුළු පැලූ අපි
අද ගලක් පළා දිය බිඳක් සොයා යමූ
පවසින් පීඩිතවී..//
මේ ඔබ දෙන පණිවිඩයෙන් හැමෝටම පාඩමක් ඉගෙන්ගත්තෑකි.
//“ මහ රජ ඔබ මේ වනයෙහි අයිති කරු නොව භාරකරුවාය. මේ වන අරණෙහි නිදැල්ලේ සරන සතා සිවුපාවුන්ට මෙන්ම අහසේ පියා සරන විහඟුන්ද එහි උරුමකරුවෝය”//
ඒත් අපි මින් පාඩම් ඉගෙන ගන්නවාද?
පොඩ්ඩි..
Deleteමුල් ගීයෙන් කියන්නේ මේ පරිසර විනාශය නිසා කුරුල්ලන් පවා යන්න ගිහින්,දරුවෙකුටවත් බලාගන්න විහඟෙක් දකින්නට නැහැ. ගංගා ඇල දොල පවා වස විස මිශ්‍රවෙලා "කලු දිය දහරා" කියන්නෙ ඒකයි.
අන්තිම ගීයනම් ජාතික මට්ටමෙන් බිහි වූ ගීයක් නෙවේ.ඒ වුනත් එහි ලොකු අරුතක් තියෙනවා.
ඇත්තටම ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මිහින්තලා අරණෙහි දේවානම්පියතිස්ස රජු සහ පිරිවරට දේශනා කළ ඒ පණිවුඩය තවම අපි වටහාගෙන නැති බවයි මට හිතෙන්නේ. මේච්චරකල් ඒක තේර්ම් නොගෙන කවදා තේරුම් ගනීවිද මංදා.
ස්තූතියි පොඩ්ඩි.. ඔබටත්.
කියල තියෙන කවියන්ගෙ කවිපොත් ටික නම් කියවල තියෙනව ගොඩක් ඉස්සර. ඇත්තටම පරාක්‍රමගෙ, නන්දනගෙ, රත්නශ්‍රීගෙ කවි නම් ඉහළයි. ඒත් කවියට දැන් තැනක් නැති වෙලා තියෙනව. ගීතයට තැනක් ඇවිල්ල තියෙනව. ඒ නිසා ඒ තුළින් හෝ කතා කල යුතු දේවල් කතා කරන්න උත්සාහ කරන කලාකරුවන් කිහිප දෙනෙක් හරි ඉන්න එක රටේ වාසනාවක්.
ReplyDeleteOUTSIDER
Deleteපෑනට වගේම, හඬටත් යම් වැඩ කොටසක් කරන්න පුළුවන් . විශේෂයෙන්ම මිනිසුන්ගේ චින්තනය වෙනස් කිරීම. ඒක ඇත්තටටම රටේ වාසනාවක්.
ඔබටත් ස්තූතියි..
//පොසොන් සමයත්, ජූනි පස්වැනි දිනට යෙදෙන ලෝක පරිසර දිනයත් නිමිති කරගෙන අද “අස්වැන්න” සටහන තබන්නේ සොබා දහම වෙනුවෙන් අපේ කලාකරුවන් දැක් වූ සංවේදී කම පිළිබඳවයි. ඇතැම් විට අද මා ඉදිරිපත් කරන මේ ගීත ත්‍රිත්වය කිසියම් දිනෙක ඒ ගීත ගැයුනේ මේ අපූරුව සොබාදහම වෙනුවෙන්ම ද කියලා ඔබට ම නැවත හිතන්නට හැකි වේවි. ඔව් ඇත්තටම මේ ගී ගැයුනේ ඒ සංවේදී අදහසින්.//
ReplyDeleteඉහත කොටසින් පස්සෙ මම ටිකක් නැවතුණා. නැවතිලා කල්පනා කරල බැලුවා මොනවද මේ සම්බන්ධව මට මතක් වෙන ගීත කියලා.
මට මුලින්ම මතක් වුණේ "බිම්බරක් සෙනග" ගීතය.
ඊට පස්සෙ, සුනිල් එදිරිසිංහයන්ගෙ "බෝසත් කුල ඇතාණෝ" සහ "ඉස්සර මං ගිය පාසල ඇරිලා". ඒත් එක්කම " ගගන සරනා" ගීතය
ඒ නිසාම ලිපියෙ පහළට කියවාගෙන යද්දි මට දැනුණු සතුට කියලා නිම කරන්න බෑ.
මහින්ද දිසානායකයන් රචනා කළ මේ ගීතය මම අහලා නෑ මීට කලින්. නමුත් පද පේළි වල හුරු පුරුදු ගතියකුත් දැනෙනවා. ( ඔහුගේ වී පැදුරෙන් පොතේ මේ ගීතය අඩංගු වෙනවා ද?)
මේ ලිපියත් එක්ක තවත් මට මතක් වුණ දෙයක් තමයි, ඍජුවම සොබාදහම පිළිබඳව විස්තර නොකළත්, සොබා දර්මය ඈඳාගෙන ගොඩක් දේ ලස්සනට විස්තර කරන ගීත කොයි තරම් නම් තියනවාද කියන එක.
"වක්කඩ ළඟ" , "කැලේ ගහක මල් පිපිලා" "ඉරට උඩින් සින්දු කියන" ඒ වගේ ගීත අනන්තයි. පුළුවන්නම් දිනයක ඒ පිළිබඳව කතා කරන්න. ඊට ඔබ තරම් සුදුස්සෙක් මේ බ්ලොග් ලෝකයේ නැතුව ඇති
සිඳූ..
Deleteසුනිල්ගේ ඉස්සර මං ගිය පාසැල ඇරිලා" ඒකනම් අපූරු සෞන්දර්යාත්මක ගියක්.
"පතහෙන් දිය බීලා" ගීතය මහින්ද දිසානායකගේ "ඇසට අසුවන මායිමේ" ගිත සංග්‍රහයේ පළවී තිබුණා. ඒත් මෙහි මහින්දගේ පිංතූරය නම් "වීපැදුරෙන්" පොතේ කවරයේ පිංතූරයෙන් ගත්තේ.
ගීත වර්ග කරලා බැලුවාම එක එක විදියේ ගිත හමුවෙනවා. ඉඩක් ලැබෙන සිතුවිල්ලක් පහල වෙන වෙලාවට ඒ ගැනත් ලියන්නම්.
සිඳූ ඔබටත් ස්තූතියි
කලින් අහල නැති ගීත කීපයක්ම තිබුනා
ReplyDeleteදැනුවත් කලාට ස්තූතිය !!
පුබුදු..
Deleteස්තූතියි ඔබේ සටහන..
නගරයේ ඇවිදිද්දී දැක්ක පදික වේදිකාවේ පරණ සුවිසල් නුගගසක්. කඳේ හතර පැත්තේ මල් තියල හඳුන්කුරු ගහල . පදික වෙළෙන්දෝ වෙන්න ඇති . ගසක දේවතාවෙක් ඇති බවට මොවුනුත් විශ්වාස කරනවා ඇති . ඔව්ව මනස්ගාත කියන නුතනවාදීන් අතින් තරම් මේ ගතානුගතික මිනිසුන් අතින් පරිසරය වැනසෙන්නේ නැහැ .
ReplyDeleteගහක් කපනවට වඩා කොපමණ හොඳද ගසකට වඳින එක .
බින්දි..
Deleteඅපි අතීතයේ ඉඳන්ම ගස්වලට වැන්දනේ. විශේෂයෙන් නුග වර්ගයට අයත් ගස්. ජනතාව අදටත් වැඳුම් පිදුම් කරනවා.
පැණි කුරුල්ලනේ කියන ගීතය අද වෙනකං හිතාගෙන හිටියේ තම පුතා නලවන්න කියන ගීතයක් කියල.අපි ගීතයක් රස විඳින වගේ නෙවෙයි සමහර විචාර කියවද්දී අපි ඒ ගීතයේ ඇත්තම සිද්දිය දැනගන්න පුළුවන්.
ReplyDeleteඅනිත් ගීත දෙකම අද තමා මුලින්ම ඇහුවේ. ගොඩාක් ස්තුතියි මේ විස්තර ඉදිරිපත් කලාට.
අසරණයා..
Deleteසමහර විට ගිතයක ඇත්ත අරුත ගිතයේ මතුපිට පෙනෙන අරුත නොවෙන අවස්ථා බොහෝ
තියෙනවා. ඒ වගේ ගීයක් තමයි මේ පැණි කුරුල්ලනේ ගිතය.
ස්තුතියි ඔබටත්
ගගන සරනා සියොතුනේ ගීතයත් මීට කලින් අසා තිබුනාදැයි මතකයක් නෑ... මේ ලිපියෙ "“මලේ මලේ නින්දට පෙර ඩිංගක් මේ ගැන හිතපන්" ගීය ඇස ගැටුනම එක්වරම මතකයට ආවෙ දිවුල්ගනේ මහත්තය කියන "මගෙ දුවේ ඔබ අවදියෙන් නම්" ගීයයි...
ReplyDeleteතොටියා..
Deleteදිවුගනේගේ මගෙ දුවේ ගීයත් ඉතාමත් සෞන්දර්යාත්මක ගීයක්. ඒත් එහි අරැත වෙනස්.
ස්තූතියි ඔබටත්
මට මා එක්කම තරහයි, ඒ මොකද මම අහල තියෙන්නෙත් මිල්ටන් මල්ලවාරච්චිගෙ සින්දුව විතරයි. මේ වගේ වටිනා ලිපියක් එක්ක ඒ ගී අහන්න සැලැස්සුවට ගොඩක් ස්තූතියි. අපේ රටේ සොබා දහමට ආදරය කරන අය හරිම අඩුයිනෙ, ඒ නිසා තද නීති රීති වලින් තමා ඒ වගේ දේවලුත් උගන්නන්න වෙන්නේ...
ReplyDeleteනීතා..
Deleteතද නීතිරිති කෙසේවෙතත් පරිසරයට ආදරය කරන්න ගහකොළ එක්ක ගැවසෙන්න, විඳින්න උගන්වන්න පුළුවන් නම් ඒක වටිනවා.
ස්තූතියි ඔබටත්
ගුවන් විදුලියේ පරිසර සිරිසර වැඩසටහන මම නොවරදවාම අහන එකක්... එහි ඒක පටන් ගන්නෙත් නීලා වික්‍රමසිංහගේ සිංදුවෙන්... පරිසර දිනය වෙනුවෙන් ලියූ ගීතමය සටහන වෙනුවෙන් ඔබට ස්තුතියි....
ReplyDeleteමාත් ගොඩක් දෙනා වගේ මිල්ටන් මල්ලවාරච්චිගෙ සින්දුව විතරක් අහපු කෙනෙක්... මේ කාලයේ නම් ඔවැනි ගීත ලියවීම ඉතා අඩුයි...
අනූ..
Deleteනීලාගේ ගීය මගේ මතකේ හැටියට පරිසර තේමාගීය වගේ. දැන් කාලෙ රසිකයෝ මේවගේ ගී වලට කැමති නෑ.
ස්තූතියි ඔබටත්
මට මේ නිර්මාණය කියෙවුවහම එක පාරටම මගේ හිත ගියෙ මගේ ගෙදරට. අක්කරයක් විතර ලොකු අපේ ගෙවත්තෙ නැති දෙයක් නැහැ. කොයි තරම් රස්නෙ කාලයක් වුනත් ගහක් යට ඉදගෙන..නිදාගෙන විදින සැප මතක් වුනා...මහ විශාල කොස් ගස් සියයකට එහා ගිය කිසිම පළතුරක් නැහැයි කියන්න බැරි අපේ ගෙදර අපේ අම්මා අපිට නොකියා ගහට වැලට ආදරය කරන්න කියලා දුන්නා. ඉස්සර අපි පුංචි කාලෙ අම්මා රඹුටන් පැල , දොඩම් පැල වගේ අපි ආස පලතුරු පැල ගෙනත් දිලා කියනවා. තම තමන්ගෙ ගහට වතුර පොහොර දාලා ඉක්මනට ගෙඩි හැදෙන්නෙ කාගෙද ගහේද කියලා බලමු කියලා. ඉතින් අපේ වත්තෙම තියෙන වියලි කොල ජාති, තව ගොම එහෙම අපි තරගෙට හොයාගෙන ඇවිත් ගස් ලොකු වෙනකම් බලා ඉදියා....
ReplyDeleteමමත් අනිත් අය වගේම මිල්ටන් මල්වවාරච්චි මහත්මයගෙ ගීතය විතරයි අහලා තිබුණෙ.
ඇත්තටම පසුතැවීමක් දැනුණා මට...මම කොයිතරම් අඩුවෙන්ද කවියක් වුනත් ලියලා තියෙන්නෙ ගහට කොළට...
හැමදාම වගේ ස්තුතියි ඔබට.
දිනිති..
Deleteගහට කොලට සතා සීපාවට ආදරේ කරන්න පුංචි කලෙ ඉඳන් පුරුදු වුණාම හැමදාමත් ඒ පුරුද්ද තියෙනවා. කවියක් ගියක් හිතට එන්නේ ඒ පුරුද්ද නිසා..
ස්තූතියි ඔබටත්
අදයි ගීත ටික බාගත කරගෙන රස වින්දේ! බොහොම ස්තුතියි. ඉතාම රසවත්.
ReplyDeleteඒ වගේම "ඉස්සර මං ගිය පාසැල ඇරිලා" ගීතය මම අහල තියෙනවා තමයි. ඒත් එදා වැඩ අතරෙ මට ඒක කල්පනාවට ආවෙම නෑ.
අපි කුඩා කාලෙ (අනූ ගණන් වල ) ත් මේ ගීත ගුවන් විදුලියෙ ප්‍රචාරය වුණා. ඒත් අද ඇහෙන්නෙ කලාතුරකින් නෙ. මිනිස්සුන්ගෙ රසවින්දනය වෙනස් වෙලා නෙමෙයි වෙනස් කරලා කියලයි මම නම් හිතන්නෙ.
තවත් කාරණයක්, මේ ගීත තියෙන්නෙ ඔබතුමා ළඟ විතරක් නම් මට අවසර දෙනවද මේ රසිකත්වයම තියෙන මගේ මිතුරන්ටත් මේ ගීතය ලබා දෙන්න?
ලකී..
Deleteඅපේ රසවින්දනය වෙනස් වුණේ මේ තරගකාරී මාධ්‍ය කලාවක් රටේ බිහිවුණාට පස්සේ.
ලකී මේ ගිත ඔබට කැමති කෙනෙකුට දෙන්න විඳින්න සළස්වන්න ඔබට අයිතියක් තියෙනවා. කිසිඳු අවුලක් නෑ අවශ්‍යවන්නේ හොඳ රසික පිරිසක් බිහිකිරිම පමණයි. ඒ නිසා කැමති කෙනෙකුට, ඉල්ලන කෙනෙකුට දෙන්න.
බොහොමත්ම පැරණි හිතේ හැටියට අදටත් රසවිඳිය හැකි ගීත ගොන්නක්ම ගැන වැදගත් ලිපියක්. නොදන්න බොහොමයක් දේවල් දැනගන්නවා මම හැමදාමත් මේ ලිපි වලින්. ඇත්තටම මේ ගීත කොයිතරම් සුන්දර වුනත් අද ඇහෙන්නේ බොහොම කලාතුරකින්. ගගන සරනා සියොතුනේ ගීතය මම අදයි පළවෙනි වතාවට ඇහුවේ. රත්නශ්‍රී විජේසිංහයන්ගේ කවි ගැලපුමත් බොහොම අපූරුයි.
ReplyDeleteප්‍රාර්ථනා
Deleteස්තූතියි ප්‍රාර්ථනා ඔබේ අදහසට
ලංකාවේ ඇති වටිනාකම තේරෙන්න අපිවගේ මැදපෙරදිග එන්න ඕනේ මාස 6ක් කබලේ බැදෙනවා වගේ රස්නේ අනෙක් මාස 6 සීතලයි පට්ටෙට. ලංකාවේ ඉන්න සම හරක් මේවා කවද තේරුම් ගනීවිද දන්නේ නැහැ.
ReplyDeleteගොඩක් හොඳ ලිපියක. ස්තුතියි
ReplyDelete