මුහුදෙන් එහා අමතන සිනමාවක පෙර වදන
ඇත්තටම උඹේ
සිනමා කාව්‍ය “ඉගිල්ලෙන මාලුවෝ “ ගැන යමක් ලියන්න හිතාගෙන හිටියෙ අස්වැන්න ලියන්න
පටන් ගත් දවස්වල ඉඳල. ඒත් ඒකට අවශ්‍ය පසුබිමක් හෝ පරිසයක් ගොඩ නොනැගුණේ මට මේ චිත්‍රපටය
නරඹන්න නොලැබුණ නිසා වගේ ම මේ දක්වා ම උඹ අධ්‍යන කටයුතු වෙනුවෙන් විදේශ ගතව සිටින නිසා. ඒ නිසා ලැබුණ දිනෙක ඉගිල්ලෙන
මාලුවෝ නැරඹීමෙන් පසුව යමක් ලියනන්නට දවසක් උදාවන තුරු පෙරුම්පුරමින් කල් මැරුවෙමි. ඒත් උඹ අවසන් වරට විදේශ ගතවෙන්න මාස කිපයකට පෙර මට
හමු වූ වෙලාවේ කීවේ නිදහස් වෙලාවක ගංගොඩවිල, විජේරාම නවාතැනේදි හමුවී ඉගිල්ලෙන මාලුවෝ සහ ලෝක සිනමාව
ගැන කතාබහක් කරමු කියා ය. ඒත් උඹ විදේශ ගතවන තෙක්ම ඒකට ඉඩක්, අවකාශයක් නොලැබුණි. ඒක එක්තරා අන්දමක කණගාටුවක්. දැන් ඒ සියල්ල අවසන් ව
ගිහින්. උඹ නිර්මාණය කරපු ඉගිල්ලෙන මාලුවෝ
සිනමා කෘතිය මේ වන විට රට තුළ
ආන්දෝලනාත්මක කරුණු කාරණා රැසකට නිමිත්ත වෙලා. ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ප්‍රදර්ශනය කිරීමත් තහනම් වෙලා. ආණ්ඩුවේ මාධ්‍ය උඹ ත්‍රස්තවාදියෙක් එසේත් නැත්නම් එන්ජීඕ කාරයෙක්
බවට පත්කරමින් කරනු ලබන ද්වේශ සහගත යම් යම්
ප්‍රකාශවලට එරෙහිව උඹට ආදරේ කරන උඹේ සිනමාවට ආදරේ කරන මිනිස්සු අන්තර්ජාලයේ වෙබි
අඩවි සහ බ්ලොග් අඩවි ඔස්සේ ප්‍රති උත්තර
බදිමින් ඉන්නවා. උඹත් ඊයේ මේ සියලු කාරණා
වෙනුවෙන් පැහැදිළි කිරීම් කර තිබුණා.
ඒ එහෙම වුනත්
අස්වැන්න මගින් කලාවේ සුන්දර ම සහ
වින්දනීය ඉසව් පිළිබඳව සටහන් වන තැනක් විම නිසා ඉගිල්ලෙන මාලුවෝ සහ උඹ පිලිබදව
සටහනක් නොලියා සිටිය නොහැකි නිසා මමත් කල්පනා කළා උඹ වෙනුවෙන් මොකක් හරි ලියන්න . මේ
වන විට පියාඹන මාලුවෝ සිනමා කෘතිය පිළිබඳව
විවිධ අදහස් එකුතු වී ඇති හෙයින් මම තවත්
ඒ ගැන කියන්නෙ නෑ. ඒත් උඹ ආව මේ දුෂ්කර ගමන ගැනත්, පියාඹන මාලුවෝ ගැනත් මම මගේ කෙටි අදහස කියන්නම්.
උඹේ සිනමා ගමන් මග ඉතා දුෂ්කර සහ රළු මාවතක් ඔස්සේ දිග හැරුණ එකක්. ත්‍රිකුණාමලයේ, කන්තලේ
උපන් ගම කරගෙන කන්තලේම මූලික අධ්‍යාපනය ලබා අගනුවරට ආවේ සරසවි සිසුවකු විදියට ශ්‍රී
ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයට . ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ 2005 වසරේදී සරසවි අධ්‍යාපන කටයුතු හමාර කළ උඹ
2006 වසරේදී ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණය පිළිබඳ ඩිප්ලෝමාවකුත් සම්පූර්ණ
කළා.
ඒත් උඹ මට
හමුවන්නේ 2001 හෝ 2002 වසරේ දී විතර බව මතක යි. ඒ උඹ සරසවි සිසුවකු ලෙසින් සිටින අතරතුරකාලයේ ම ය. උඹ සරසවි
සිසුවකුව සිටිද්දී කොළඹ
නගරය ආශ්‍රිතව පැවැති විවිධ සිනමා කලා සහ රසවින්දන වැඩසටහන්වලට නිතර ආ ගිය කෙනෙක්
විම නිසා උඹට මට දැන හඳුනාගන්න වැඩිකලක් ගත වුනේ නෑ. මගේ මතකයේ හැටියට ඒ වන
විටත් උඹ සරසවි සිසුවකුව සිටියදී ම “සිරස ටී.වී.“ මගින් විකාශය වූ “කමත‘ වැඩසටහනට
සම්බන්ධ වෙලා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය විද්‍යුත් ටීකාවක් සපයමින් හිටියේ. උඹේ වෙහෙස මහන්සිය තැවරූ සිරස කමත වැඩසටහන
තුළින් උඹේ රූපවාහිනී නිර්මාණකරණයේ ගමන් මගට කෙසේ වුවත් එය ඉදිරිපත් කල වසන්ත
බණ්ඩාර දුග්ගන්නාරාලට නම් එයින් හොඳ පසුබිමක් ගොඩනගා ගැනිමට හැකි වුණා.
කමත වැඩසටහන අවසානයෙන් පසුවඋඹ සිරසෙන් ඉවත්වි කෙටි කාලයක් ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙලා එවැනි ම කෘෂිකර්මාන්තය හා බැඳුණු වැඩසටහනක්
නිර්මාණය කළා. ඒත් උඹ ප්‍රේක්ෂක දෑසට පෙනෙන සේ තිරයේ නොදුටුවත් තිරය පිටපස සිට
කෘෂිකර්මාන්තය තෙවැනි ඇසකින් ප්‍රේක්ෂකයාට ළං කරවිමට ගත් වෙහෙස අහඹුවක් හෝ අලුත්
දෙයක් නොවුනේ උපන්දා සිට කන්තලේ ජල තලාව පිස හමා ආ සිතල සුළං පොද සේ ම වැව වාන්
දමමින් ගැලූ දිය දහර අග්බෝපුර දසදහසක් කෙත්වතුත් සාරවත් වූ ගොවි බිමක උපන් පුතකු වුන හින්දයි. එහෙම ඉන්න කාලෙ ම ජාතික රූපවාහිනියේ
ආලකමන්දාව ඇතුළු වැඩසටහන් ගණනාවකට නිර්මානාත්මක දායකත්වය ලබා දුන් උඹ ජාතික රූපවාහිනියෙන් ඉවත් වී සිනමාවට යොමු වුණේ ඉන් අනතුරුව ය.
මේ අතරතුර
කාලයේ 2008 වර්ෂයේ කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ පශ්චාද් උපාධිය ලබාගත්
උඹ 2007 වර්ෂයේ දී ස්පර්ශය (Touch) , 2008 වර්ෂයේදී
ඉගිල්ලෙන්න තටු (Wings to Fly), සහ 2012 වර්ෂයේ කොරියාවේ දීම අන්ෆොගිවන් (Unforgiving) යන කෙටි චිත්‍රපට නිර්මාණය කළා. එයින් අන්ෆොගිවන් ප්‍රංශයේ කාන්ස් සිනමා උළෙලේ කෙටි චිත්‍රපට අංශය
නියෝජනය කළෙත් මේ වසරේ ඉතාමත් මැතකදී . ශ්‍රී ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයන් වූ අපට
මෙතෙක් දකින්නට නොලැබුණ උඹේ කුළුඳුල්
සිනමා කෘතිය “ඉගිල්ලෙන මාලුවෝ (Fling Fish) “ උඹ නිර්මාණය කළේ
2011 වර්ෂයේ.
ඒත් 2007
වර්ෂයේ දී උඹ නිර්මාණය කරපු කෙටි චිත්‍රපටය නිසා තරුණ චිත්‍රපට නිර්මාණකරුවන්ට
හිමි වන ශිෂ්‍යත්වයක් ලැබී කොරියාවේ චොන්බක් ජාතික සරසවියට ඇතුළු වී සිනමාකරණය
පිළිබඳ වැඩිදුර ඉගනුම ලබන්නට තරම් වාසනා වන්තයෙක් වෙනව. ඇත්තටම මට සතුටක් දැනුනෙ අපිත් එක්ක හිටි අපේම මිතුරකුට එහෙම වාසනාවක් ගැබුණ එකට. මේ වන විට උඹ ඒ කොරියානු
රජයෙන් ම පිරිනැමූ ශිෂ්‍යත්වයක් මත සිනමාකරණය පිළිබඳ පශ්චාද් උපාධියක් හදාරමින් ඉන්නේ.
ඒත් පසුගිය කාන්ස් සිනමා උළෙලේ ජූරි සභිකයෙකු ලෙස තෝරා ගන්නේත්, මෙතෙක් ලෝකයේ බිහි
වූ විශිෂ්ඨතම චිත්‍රපට දහය තෝරා ගැනීමේ විනිශ්චය කමිටුවට සංජීව පුෂ්පකුමාර විදියට උඹ තෝරා ගත්ත
බව දැනගත්තාමත් මට දැනුනෙ ලොකු සතුටක් ඒ ශ්‍රී
ලාංකියෙක් විදියට උඹට එවැනි දුර්ලභ වාසනාවක් ලැබුණ නිසා. උඹ ගැන මේ ලෝකය බලා ඉන්න බව මට තේරුණ නිසා.
උඹ තරුණ සිනමාකරුවකු විදියට ප්‍රසන්න විතානගේගේ සිනමා නිර්මාණ පිළිබඳව “ආත්ම බද්ද සිනමා රූප“ නමින් සිනමා
විචාර කෘතියක්ද, “ජම්ප් කට් එකක්“ නමින් කොරියානු සිනමාව පිළිබඳ සිනමා විචාර කෘතියක්
සහ කොරියානු සිනමාවේ කිම් කී ඩුක් ගේ සිනමාව පිළිබඳව ගවේෂණාත්මක කෘතියක්ද ලියා පසුගිය
වසර කිපය තුළදී වරින්වර එළි දැක්වූවා. හැබැයි ඒ නිකම්ම නෙවෙයි මහවැලි කේන්ද්‍රයේ එහෙමත්
නැත්නම් ජාතික පුස්තකාල ශ්‍රවණාගාරේ තිබිච්ච උඹේ සිනමා දැක්ම පිලිබඳ සොදුරු
කතාබහකුත් එක්කමයි. ඒවා හැම එකක්ම සුන්දර වුනේ උඹ උඹේ අත්දැකීම් අපේ රටේ සිනමාවත් එක්ක ගලපමින් කරපු පැහැදිළි කිරීම්වලට. අපිඒ දවස්වල ඒවට ආවෙ ගියේ උඹේ ආදරණිය රසිකයන් විදියට.
මුල්ම කොරියානු
ශිෂ්‍යත්වය හමාර කර ලංකාවට ආවට පස්සෙ පියාඹන
මාලුවෝ සිනමා කෘතිය මගින් සිංහල සිනමාව තුළ උඹ දැකපු
සිනමා ලෝකය තරුණ ආගමනිකයෙක් විදියට සටහන් කළා. ඒත් උඹේ සිනමාවට අනුග්‍රාහකයෙක්
සොයා ගන්නටත්, වුවමනා රංගන ශිල්පීන් සොයා ගන්නටත් මහ වෙහෙසක් ගන්නට සිදු වූ බව මට මතකයි . කොහොම වුණත් උඹ උඹේ ඉලක්කය සහ අරමුණ සම්පූර්ණ කර ගත් බව සිනමාව වෙනුවෙන් සිටවූ
මුල් බීජයෙන් ම පැහැදිළි වුණේ ඉගිල්ලෙන්න මාලුවෝ හැදුවට පස්සේ. ඒකත් තරුණ සිනමාකරුවකුගේ ආගමනය සටහන් වෙනවටත්, සිනමා කර්මාන්තයටත් කැමති දේශිය ආයෝජකයෙකු උඹේ සිනමා ගමනයට ඉතා අමාරුවෙන් සවියක් වෙද්දී චිත්‍රපටයේ අවසන්
නිර්මානාත්මක පිරිවැය සම්පූර්ණ කර ගැනිමට නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සිනමා උළෙල
සංවිධානය කරන හර්බට් බාල්ස් අරමුදල අධාර කළේ එලෙස නැගී එන මේ ශ්‍රී ලාංකික සිනමාකරුවා වෙච්ච උඹටයි. ලංකාව නැතත් ලෝකය උඹ දිහා අවධානයෙන් බලා ඉන්න වග එයින්ම තේරෙනවා. ඒත් ආණ්ඩුවේ මාධ්‍යවලට අනුව
මේ පොළොවෙ පය ගහල ඉන්න උඹ හඳුනාගන්න
බැරි වුණත් ජාත්‍යන්තර සිනමාකරුවන් සහ ජාත්‍යන්තර සිනමා සමාගම් උඹත් උඹේ හැකියාවත්
මේ වන විට මැනැවින් තහවුරු කරගෙන
ඉන්නව. වඩාත්ම වැදගත් වෙන්න එපමණයි.
ඉගිල්ලෙන මාලුවෝ උඹේ කුළුඳුල් සිනමා කෘතියේ තේමාව සඳහා තෝරා ගන්නේ උඹ උඹේ ගමේ
මිනිසුන් අත්විඳින ලද කටුක අත්දැකීම් සහ උඹේ
දෑසට අහුවෙච්ච බිහිසුණු යුද්ධයේ මානුෂිය
පැති කඩක්. අමානුෂික ලෙස යුද්ධයෙන් පීඩාවට පත් වෙච්ච ත්‍රිකුණාමලේ කන්තලේ ගමෙන්
නැගී එන සිනමාකරුවක් විදියට උඹේ කුළුදුල්
සිනමා කෘතිය “හිතළුවක්“ හෝ “විහිලුවක්“ විදියට නිර්මාණය කරන්න උඹට අවශ්‍ය වුණේ නෑ.
උඹට ඕනෑ වුනේ ලාංකේය සිනමාවේ තැනක් හදාගන්නට අවශ්‍ය නෙවෙයි. උඹ ජීවත් වූ පරිසරයෙන් ම
උඹේ ජීවන අත්දැකීම් ප්‍රකාශ කරන්නට. උඹ ඒක ඒ විදියටම කළා. ඒ විදිහට
2011 වර්ෂයේදී නිර්මාණය කරපු ලද පියාඹන
මාලුවෝ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමත වූ සිනමා කෘතියක් කියලයි දැනගන්න
ලැබෙන්නෙ. ඒත් ඒක තහනමට ලක් වන තෙක් ම ශ්‍රී
ලාංකික ප්‍රේක්ෂකයන් වෙච්ච අපට නරඹන්නට අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒත් ඉගිල්ලෙන මාලුවෝ 2011 සිට මේ දක්වා රොටර්ඩෑම්,
සෙන්ට් පිටර්ස්බර්ග් සෝල් වගේ ජාත්‍යන්තර සිනමා උලෙල 30 කට ආසන්න සංඛ්‍යාවක ශ්‍රී
ලංකාව නියෝජනය කරමින් හොඳම අධ්‍යක්ෂණය, හොඳම සිනමාකරණය, වගේ ඉසව්වලටත් හොදම චිත්‍රපටයටත්
හිමි නෙට්පැක් සම්මානයත් ආදී විවිධ සම්මාන රැසකට පාත්‍ර වූ චිත්‍රපටයක්. ගෙවුණ සති අන්තය දක්වා ම උඹේ ඒ හැම සම්මානයක්ම ලබද්දී ආණ්ඩුවේ
මාධ්‍ය ඒ හැම අවස්ථාවක් ම මහා ඉහළින් වර්ණනා කරමින් කිව්වෙ උඹේ විශිෂ්ඨ සිනමා හැකියාව
ගැනයි.
ඒත් මේ වන
විට උඹේ ඒ ජයග්‍රහණ සියල්ල ආපසු කැරකී ඇත.
ආණ්ඩුවේ මාධ්‍යයන්ට අනුව උඹ ත්‍රස්තවාදියෙකුට
වඩා බරපතල වැරද්දක් සහිත සිනමා කෘතියක් කරල
තියෙන්නෙ. ඒත් ඒ හැමෝටම උඹ ත්‍රස්තවාදියෙක් විදියට පේන්නෙ ඉගිල්ලෙන
මාලුවෝ ලෝකය පුරා පෙන්නලා වසර හතරක් පමණ ගත වූ ගිය සතියේ සිට ය. ආණ්ඩුවේ ඒ මාධ්‍යයන්ට අනුව උඹ දෙමළ ඩයස් පෝරාවත්, රාජ්‍ය නොව සංවිධානයන්හි
ආධාර සහ රැකවරණය ලබන්නෙකු බවටත් පත්වෙලා. පුදුමයට
කාරණය වන්නේ මේ සිනමා කෘතිය 2011 වසරේදී නිර්මාණය කළ පසු මේ චිත්‍රපටය ප්‍රසිද්ධ රැඟුම්
පාලක මණ්ඩලයෙන් විවිධ ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කරන්න අවසර දී තිබීම ය. වසර
හතරක් තිස්සේ රටවල් 30කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොඳම අධ්‍යක්ෂණය, හොදම චිත්‍රපටය ආදී ලෙසින් විවිධ සම්මාන රැසකට පාත්‍ර වෙමින්
පියාඹන මාලුවෝ ඉන් වසර හතරකට පසුව රට අපකීර්තියට පත්වන සිනමා කෘතියක් බවට දැන් හෙළි
කිරිම ය.
උඹ වගේම අශෝක
හඳගම, ප්‍රසන්න විතානගේ, විමුක්ති
ජයසුන්දරත් සිංදු තියෙන සල්ලි උණන
මිනිසුන්ගේ මුදල් පසුම්බියට තට්ටු කරන චිත්‍රපටි හැදුවෙ නෑ. උඹලා සියලුම දෙනා කතා කළේ
සිනමා ප්‍රේක්ෂකයන්ගේ බුද්ධියට. ඒ විදියට
ප්‍රේක්ෂකයන්ගේ බුද්ධියට ඇමතිය හැකි චිත්‍රපට සංස්කෘතියක් ගොඩනැගීමට උඹ වගේම උඹ
ගිය පාර් අනෙක් අයත් කැප වුණා. මේ සැඩපහරේ උඩුංගං බලා
පිහිනන ඔබ වැනි සිනමා කරුවන් විසින් සිදුකර ඇති එකම වැරැද්ද නම් මුදල් ගලා එන චිත්‍රපට
නොකර ප්‍රේක්ෂකයන්ගේ බුද්ධියට ඇමතීම ය. උඹලා දන්න සිනමාවේ භාෂාවෙන් දේශපාලනය කිරිම ය.
උඹත් මාත්
දන්න විදියට ලංකාවේ රූපවාහිනී නාලිකාවල නිතර දෙවේලේ පෙන්වන හින්දි චිත්‍රපටවල දේශපාලකයෝ ස්ත්‍රී දුෂකයෝ ය, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෝ ය. ඒ හින්දි සිනමාවේ පොලීසිය අල්ලසට යට වූ පොලීසියකි,
පගාවට මුල් තැන දෙන කුලියට මිනී මරන පොලිසියකි. ඒ හින්දි සිනමාවේම ඉන්දීය අධිකරණය අල්ලසට මුදලට වැරදි තීන්දු දෙයි.
ඒ ජනප්‍රිය හින්දි සිනමාවේ නිතර අපි දකින දසුන් ය. ඒක තමයි හින්දි සිනමාව ඉන්දියාවේ ලාබ ලබන කර්මාන්තයන් වෙලා තියෙන්නේ. ඒත්
එවැනි දසුන් ලංකාවේ චිත්‍රපටවලට නගන්නට ලාංකේය සිනමාකරුවන් වූ උඹලාට අවසරයක් නෑ. ඉදිරියටත් එසේ මය. එසේ කළහොත් සිදුවන්නේ හඳගමගේ “අක්ෂරය“
චිත්‍රපටයට සිදු වූ දේම ය. මේ සිදුවී ඇත්තේ ද එයම ය.
ඒත් ලාංකේය
සිනමාවේ උඩුගං බලා පිහිනන සිනමාකරුවන් විදියට උඹලාට දැන් සිදුව ඇත්තේ පන්සිය පනස් ජාතකයෙන් හෝ සිංහල රාජ වංශයෙන් අහුලාගත්
“හිතළුවක්“ ගොතා පෙන්වීම ය. ඒ කියැවෙන්නේ ලංකාව වැනි දූපත් මානසිකත්වයක් පිරි රටක උඹ වැනි උඩුගංබලා පිහිනන සිනමාකරුවන්ට චිත්‍රපටයක්
කරන්නට ඇති නිදහස සිමා සහිත බවය. ඒත් උඹලා
දකින සිනමා ලෝකය ඊට වඩා පුළුල් වපසරියක් සහිතව ගොඩනැගුණ එකක් බව මම හොඳාකාරවම දනිමි. ඒ නිසා
ලාංකික ප්‍රේක්ෂකයන්ට ඉගිල්ලෙන මාලුවෝ දකින්නට නොලැබුණත් ඒ ගැන කම්පා විය යුතු නොවේ.
කළ යුතු වන්නේ ලාංකිකයෙකු විදියට ලංකාවේ “සිංහල
සිනමාව“ ගොඩ නැගීම වැනි පටු අරුතකින්
හිතනවාට වඩා ලෝක සිනමාව දෙසට යොමුවී ම ය.
ඒ සදහා විදේශිය සිනමා සමාගම් සමග එක්ව ලෝකයේම සිනමා ප්‍රේක්ෂකයන්ට නැරඹිය හැකි
සිනමා කෘති නිර්මාණය කිරීම ය.
ඒ නිසා කන්තලෙන් ඉගිල්ලෙන මාලුවෝ අපට දකින්නට අයිති නැතත් දැන් ඒ චිත්‍රපටය හරහා මේ
දක්වා ඔබ ලබාගත් සියලු ජයග්‍රහණ ඔබට ජාත්‍යන්තර සිනමාකරුවෙක් වෙන්න පාර පෙන්වනු ඇත. ඒ නිසා, සංජීව දැන් උඹ ලෝකයටම අයිති තරුණ සිනමා කරුවෙකි. ඒ සියලු ජයග්‍රහණ වලින් මතු දවස ඔබ
ඔබේ සිනමා ලෝකය තැනිය යුත්තේ මේ කුඩා රටට දැනෙන්නට නොව මුලු ලෝකයටම දැනේනට ය. එවිට
මේ රටෙන් කිසිවක් ඔබට නොලැබුණත්, ශ්‍රී
ලාංකිකයෙක් වීමේ ආඩම්බරය පමණක් ඔබට ඉතිරි
වනු ඇත. ඒ දවස උදාවන තුරු ගැලරියට වී අපි
බලා සිටින්නෙමු.෴
සියළු ජායාරූප සහ ඇතැම් තොරතුරු සංජීවගේ වෙබ් අඩවියෙනි.
පුළුවන් නම් ඔහුට කියන්න මේ චිත්‍රපටය අන්තර්ජාලයට එක් කරන්න කියල.
ReplyDeleteඑතකොට ජනතාවට පුළුවන් ඒක බලලම තීරණයකට එන්න.
මොනා වුනත් දුකයි රටට ගෞරවයක් ගෙන දෙන්න ඉන්න මේ වගේ මිනිස්සු ගැන පහත් කතා ගෙතෙන එක ගැන
පුමුදි...
Deleteසංජීව නම් මේ ෆිල්ම් එක අන්තර්ජාලයට මුදාහරින එකක් නෑ. ඒත් යම් කෙනෙක් ඔහුගේ නිර්මාණාත්මක අයිතිය පහත් විදියට උදුරගෙන එහෙම කරයි කියල මට හිතෙනවා.
මේ වෙලාවෙ ලිවිය යුතුම ලිපියක්... මේ මැදිහත්වීම හරිම වටිනවා.. අපි ඉන්නෙ මොන තරම් අමන, මෝඩ කොදෙව්වකද කියල හිතෙනවා අයියේ.. ඇත්තටම.
ReplyDeleteතවමත් මෙවැනි මැදිහත්වීම් කරන්න ආත්ම ශක්තියක් තියෙන එකත් ලොකු දෙයක්. සාහිත්‍ය, කලා, මාධ්‍ය මර්ධනයට විරුද්ධව හැමදෙනාම එකතු වෙන්න ඕන වෙලාවක් මේ. එහෙම උණොත් විතරයි මිනිස්සුන්ගෙ හිමිකම් ගැන කතා කරන්නවත් ඉඩක් හැදෙන්නෙ.
තරු..
Deleteමෙවැනි මැදිහත්වීම් අත්‍යවශය වෙලාවට මම නිර්මාණකරුවගේ පැත්තෙන් සිට කරනවා.
ඇත්තෙන්ම බොහෝ නාගරික පිරිස හැර ගම්බද පිරිස් තවමත් මේ රටේ සිදුවෙන දේවල් ගැන එතරම් දන්නෙ නෑ. ඔවුන් එදාවේල හම්බ කරගන්නතිබුනොත් ඇති කියන මතයේ බහුතරය ඉන්නවා. ඒ නිසා වඩා වැදගත් වන්නේ බුද්ධිමය සංවාදයක් ඇති කිරිමයි.
තනි වචනයෙන් කිව්වොත්.."ඇඬෙනවා..!"
ReplyDeleteවෙන කුමක් කියන්නද..? මේ ජරා..දේශපාලු,නිලධාරි පැලෙන්තියක් ඉන්න රටේ..
අර බුලත් විතරක් හප හප...හොඳ විට කන...ගොවියෙක් යැයි පෙන්වන්නට උත්සාහ කරන..ඉන්..හම්බ කරගන්න..තැනක් හදාගත්තු උන්ට...මොකට පාර කිව්වද මන්දා....මේ වගේ මිනිසුන්..!
තවත් ටිකක් එක් කරන්න ඕන...මේ වගේ මැදිහත් වීමක් කරපු එකත්...ඊට තිබුනු ධෛර්‍යත් අගය කරන්න ඕන..දයා..!
Deleteවීපොකුර...
Deleteඅත්‍යවශ්‍ය වෙලාවට අපි කොතැනත් ඉන්නවා. නිර්මාණකරුවන්ගේ අයිතීන් වෙනුවෙන්
//// ඒ නිසා දැන් උඹ ලෝකයටම අයිති තරුණ සිනමා කරුවෙකි. ඒ සියලු ජයග්‍රහණ වලින් මතු දවස ඔබ ඔබේ සිනමා ලෝකය තැනිය යුත්තේ මේ කුඩා රටට දැනෙන්නට නොව මුලු ලෝකයටම දැනේනට ය. එවිට මේ රටෙන් කිසිවක් ඔබට නොලැබුණත්, ශ්‍රී ලාංකිකයෙක් වීමේ ආඩම්බරය පමණක් ඔබට ඉතිරි වනු ඇත. ඒ දවස උදාවන තුරු ගැලරියට වී අපි බලා සිටින්නෙමු.//
ReplyDeleteප්‍රදීප්...
Deleteඒ දවස උදාකර ගන්න මිනිස්සු බුද්ධියෙන් අගතැන් කරමු.
මේකේ දයා.. ඔහුට ගහනවට වඩා යමක් තියෙනවා.. කියවන්න මේ සනත් බාලසූරිය ලියු ළිපිය.. කෙසේ හෝ වාසනාව ඔහු වෙත පැමිණ තිබෙනවා.. ඒ මේ කාළකන්නි රටෙන් පිටව සුන්දර දේශයක සතුටින් ජීවත් වීමේ වරම. ඒ ගැන ඔහු තම මව් භූමියට හා එහි පාළකයන්ට අනේක වාරයක් ස්තූති වන්ත විය යුතුයි...
ReplyDeleteFlying Fish හැදු මහකොටියා කවුද?
ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාවන්ට අනුව සංජීව පුෂ්පකුමාර නැමැති දේශද්‍රෝහී චිත්‍රපට අධ්‍යක්ෂවරයා රණවිරුවන් අවමානයට ලක් කිරීම සඳහා තනා ඇති ‘ඉගිල්ලෙන මාලුවෝ’නොහොත් ‘ප්ලයින් පිෂ්’චිත්‍රපටය නිපදවීම සඳහා දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලබා ගෙන ඇත්තේ ‘මනෝහාන්’ නැමැති ද්‍රවිඩ ජාතිකයෙකු හරහාය.
ස්වාධීන රූපවාහිනිය ට දේශද්‍රෝහී ද්‍රවිඩ ජාතිකයෙකු වන ‘මනෝහාන්’ ගේ සම්පූර්ණ නම ලක්ප්‍රිය මනෝහාන් නානායක්කාරයි. මොහු වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගේ මස්සිනා වේ. එනම් අගවිනිසුරු බිරිඳ ප්‍රියන්ති පීරිස් නානායක්කාරගේ එක කුස ඔත් සොහොයුරා වේ. දේශද්‍රෝහී මනෝහාන් යනු දේශප්‍රේමී රණවිරු මේජර් ජෙනරාල් ජගත් ඩයස් ගේ මහප්පාගේ පුත්‍රයායි.
ලක්ප්‍රිය මනෝහාන් නානායක්කාර යනු ‘Asia Capital Insurance Brokers’සමාගමේ සභාපතිවරයා වේ. මොහු මේ වන විට චිත්‍රපට 5 කට ආසන්න ප්‍රමාණයක් නිශ්පාදනය කරන ලද්දෙකි. ඒ අතරින් සම්මානලාභී අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් ගේ ‘වෛශ්‍යනාවි’ සහ නීටා ප්‍රනාන්දුගේ ‘ස්වර’ චිත්‍රපට වේ. චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කළ සුපිරි බොලිවුඩ් චිත්‍රපටයක් වන ‘Common Man’ චිත්‍රපටයේ නිශ්පාදකවරයාද වන්නේ මනෝහාන් ය. එම චිත්‍රපටය සඳහා මනෝහාන් වැය කර ඇති මුදල මිලියන 250 කි. ගාන්ධි චරිතය රඟ පෑ සුප්‍රකට ශ්‍රීමත් බෙන් කිංග්ස්ලි මෙහි ප්‍රධාන නළුවා වේ. චිත්‍රපට සඳහා මිලියන ගණන් වියදම් කර ඇති මනෝහාන් ‘ප්ලයින් පිෂ්’ දේශද්‍රෝහී චිත්‍රපටය සඳහා වියදම් කොට ඇත්තේ රුපියල් ලක්ෂ 25 කි.
ලක්ප්‍රිය මනෝහාන් නානායක්කාර විවාහ වී සිටින්නේ චරණී නානායක්කාර සමගයි. චරණී යනු විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරී කාලයිල් මහතාගේ දියණියයි. චරණිගේ කලින් සැමියා වන්නේ ජනාධිපති රහස්‍ය මූල්‍ය උපදේශක ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනයි. සජින් වාස් ගුණවර්ධන ජේෂ්ඨ පොලිස් අධිකාරී කාලයිල් මහතාගේ දියණිය හා විවාහ වන්නේ තමන්ගේ මගෝඩි වැඩවලින් ආරක්ෂා වීම සඳහා ය. සජින් වාස් ගුණවර්ධන ගේම් කාරයෙකු බව දැන ගන්නා කාලයිල් මහතා තමන්ගේ දියණියව ඔහුගෙන් දික්කසාද කරවා ගෙන ඇත. සජින් වාස් ගුණවර්ධනට කළුබෝවිල පන්සල පාරේ පදිංචි කාලයිල් පවුලෙන් පලි ගැනීම සඳහා දැන් අවස්ථාව උදා වී තිබේ. ඒ අනුව මනෝහාන් ද්‍රවිඩ ජාතිකයෙකු වී දේශද්‍රෝහී චිත්‍රපට නිශ්පාදකයෙකු වී ඇත. මෙකී සමස්ථ ක්‍රියාදාමය පිටුපස සිටින්නේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනයි.
සජින් වාස් ගුණවර්ධන පසුගිය දිනක ඔහුගේ සහචරයින් ලවා බලපිටියේ දී විපක්ෂ නායකවරයාට හූ කීවේය. එසේ කිරීමට හේතුව අපි දනිමු. 2001 වසරේ මැතිවරණයේදී ඔහු මැතිවරණ ප්‍රචාරයේ යෙදී සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට ය. ඒ එවක එජාප භාණ්ඩාගාරික මිල්රෝයි ප්‍රනාන්දු මහතා සමග ය. ඉන්පසු ව්‍යාපාරික රවී විජේරත්න හරහා ඩුබායි හි ‘ට්‍රයිකෝ ’සමාගමේ රැකියාව ලබා ගත් ආකාරයත් එවක විපක්ෂ නායකවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතාට ‘ඩුබායි නයිට් ලයිෆ්’ පෙන්වා දීමෙන් ඔහුගේ තදබල විශ්වාසවන්තයා වූ ආකාරය පිළිබඳ සියළුම තොරතුරු අප සතුව ඇත. එම විස්තර ‘ප්ලයින් පිෂ්’ ප්‍රස්තූතයට අදාළ නොවන බැවින් මෙහි පල නොකරන්නෙමු. අදාළ අවස්ථාව පැමිණි විට එම තොරතුරු එකින් එක පල කිරීමට අප බලාපොරොත්තු වෙමු.
- Lanka newsweb
ඔබගේ අදහස හරි. මේ පිටුපස අැත්තේ සචින් වාස් තමයි. ඔහු පිලිබද ඉතුරු තොරතුරු ටිකත් ඉක්මනින් දැනගන්නට බලා සිටිමි.
Deleteමාතලන් මේ ප්‍රතිචාරය ලිපියක් විදියට ඵල කරන්න.එය මිනිස්සුන්ට වැදගත් වේවි.
Deleteමාතලන් මේ විග්‍රහය ලිපියක් විදියට පළකරනවා නම් අපි කැමතියි.
Deleteමාතලන්
DeleteLanka newsweb එකෙන් කියෙව්වත් සනත් බාලසූරිය ලියු ලිපියක් කියලා දැනගෙන හිටියෙ නෑ. හොඳ මැදිහත්වීමක කරුණු හෙළිකිරිමක්.
කීර්ති/ ජීඑම්/ තහනම් වචන:
මාතලන් සිය විග්‍රහය කරලා තිබුණා. මෙතනින් ඒ අදහස කියවන්න
http://maathalan.blogspot.com/2013/07/flying-fish-smells-bad.html
This comment has been removed by the author.
ReplyDeleteසිරි ලංකාවේ සිදුවන මෙවන් දේ ගැන අසන්නට ලැබීමත් අවාසනාවක් , හැමදේම සෘජු දේශපාලන බලපෑම් මත සිදුවීම අප්‍රසන්න තත්ත්වයක් . විශේෂයෙන්ම නිර්මාණකරුවෙක්ගේ නිර්මාණමය හැකියාව , දේශපාලනඥයාට ( දැන් මේ වචනය යෙදීමත් හරිද මන්දා) ඕනෑ විදියට හරවනවා නම් එහි නිර්මාණාත්මක බවක් වේදැයි සැකයි .
ReplyDeleteතවත් දෙයක් , අමු අමුවේ මිනිස් ඝාතන කළ “කොටි මැරයන්“ ඔඩොක්කුවේ දමා , සුර සැප දෙමින් , මෙවන් ලෝකයම පිළීගත් නිර්මාණ ශිල්පියෙක් වෙත “කොටි“ හංවඩුව ගහන්න , රාජ්‍ය මාධ්‍ය උත්සාහ කළත් , මෙවන් ලිපි ලියවීම මඟින්ම පෙන්නුම් කරන්නේ සාමාන්‍ය ජන හදවත් “ඔහු කවුදැයි“ හඳනාගෙන ඇති වග .
මේ විදියට ගියොත් , තවත් අවුරුදු කිහිපයකදි “සිරි ලංකාව“ මැරයන් , ස්ත්‍රී දුෂකයන් , පාතාලයන් රජ කරන , නිර්මාණකරුවන් , කළාකරුවන් (මධ්‍යස්ථ මතධාරී) , ගුරුවරුන් , ඇත්ත කතා කරන්නන් අපරාධ කරුවන් ලෙස දඬුවම් විඳින “ලංකාවක්“ වේදැයි සිතෙනවා .
සංජීව කවුරුන්දැයි මට වැදගත් නැතත් , මේ නිර්මාණ ශිල්පියා කෙතරම් සොඳුරු මිනිසෙක් දැයි වැටහුනේ මෙන්න මේ වීඩියෝව දැකීමත් එක්ක .
https://www.youtube.com/watch?feature=player_embedded&v=PhR8tgVC-bM
කොසොල් රජු දුටු සිහින සියල්ලම , අමු අමුවෙන්ම අපි ඉස්සරහ පෙළහර පානව වගේ දැනෙනවා .
අදහස අවසන් කරත්දි මට මතක් වෙන්නේ නන්දා මාලිනියගේ “දන්සල් දොරෙහි නැත යදියෝ “ ගීය ..
http://www.youtube.com/watch?v=SAdvy6myPAQ
ස්තුතියි මිතුර , මේ වගේ සටහනක් ලිව්වාට , මෙයයි කළාකරුවෙක්ගෙන් බලාපොරොත්තුවන දේ , සංවේදීබව , එඩිතරබව , නිදහස් අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව....
මුල් කොමෙන්ටුවේ අකුරු වල වැරැද්දක් නිසා මකන්නට වුනා .. සමාවන්න
මහේෂ් ..
Deleteසියල්ලම කියා ඇති හෙයි ස්තූතියි කියනවා හැර වෙන කියන්න එකක් නෑ.
මෙවැනි මැදිහත්වීම් අත්‍යවශ්‍ය වෙලාවට මම නිර්මාණකරුවගේ පැත්තෙන් සිට කළ හැකි යමක් වේ නම් කරනවා.
රැඟුම් පාලක මණ්ඩලය අනුමත කරපු චිත්‍රපටයක් මේ විදිහට තහනම් වීම තුල එහි සභාපති දිවයින ඉරිදා කතු සුඝාර උන්නැහේ තවමත් රෙදි ඇඳන් ඉන්නවා පුදුමයි.කොහොම හරි අක්ෂරය සුළඟ එනු පිණිස හරහා අපි තවත් තැනකට ඇවිත්.අක්ෂරය තහනම් කිරීම ගැන තමුන් මෝඩ වෙනවයි කියල එවකට හිටපු මැටි ඇමතිය ඊයේ පෙරේද කිව්ව.
ReplyDeleteමොනව උනත් මේක නිර්වින්දනය කරපු රටක්. හැගීම් විරහිත මිනිස්සු.කලාව තියා ජීවිතේ වත් විඳින්න බැරි විදිහට සිහි මූර්ජා වෙලා.සුද්දිලාගේ කතාව ,බඹරු ඇවිත්, තුන්වෙනි යාමය,මලට නොඑන බඹරු, හංස විලක් වගේ චිත්‍රපට හැදුනෙ මේ රටේද කියල පුදුමයි.ලෝකෙ ඉස්සරහට යද්දී අපි පස්සට යන වේගෙ!සෙට් වෙමු කට්ටියම ඇෆ්ගනිස්ථානෙට පකිස්තානෙට අපි වගේම තලිබාන්ල ටිකක් තමයි එහෙත් ඉන්නෙ.අපි කහ උන් කළු!
කලාබෝයි..
Deleteලංකාව වගේ දූපත් මානසිකත්වයෙන් පිරි රටවල මිනිස්සු කලාව රසවින්දන්ය අදුන්නනෙ නෑ අඩුම තරමේ සිනමාව කියන්නේ "මායාවක්" කියන එකවත් පැහැදිලිව තේරුම් අරන් නැහැ.
ඉතින් කොහොමද නිර්මාණකරුවන් නිදහසේ නිර්මාන කරන්නේ..
meka balanna wenne nathi ekai duka. samahara wita tika kalak yaddi Internet eke hoyaganna puluwan wewi.
ReplyDeleteසයුරි..
Deleteසංජීව නම් මේ ෆිල්ම් එක අන්තර්ජාලයට මුදාහරින එකක් නෑ.ඒන මට විශ්වාසයි. ඒත් යම් කෙනෙක් ඔහුගේ නිර්මාණාත්මක අයිතිය පහත් විදියට උදුරගෙන එහෙම කරයි කියල මට හිතෙනවා.එහෙම වුනොත් ඒක් ඔහුගේ නිර්මාණ අයිතියට කරන බරපතල අසාධාරණයක්
බ්ලොග් කරුවෙක් ලෙස දයා නුබේ මේ ලිපිය ඉතාම වැදගත් ලීපියක්. ඉහත ඔබ සඳහන් කරපු දඬු අඬුවට සිරවුන අනිත් චිත්‍රපට සියල්ලක්ම වගේ මම් නැරඹුවා. සිනමා පට ලෙස ඒ සියල්ලම විශිශ්ට නිර්මාන. ඒත් මේ චිත්‍රපටය තවම නරඹන්නට ලැබුනේ නෑ ඒ නිසා මේ චිත්‍රපටය ගැනනම් මුකුත්ම කියන්නට බෑ. ()
ReplyDeleteඒත් අනාගතයේදි වත් ශ්‍රීලංකාවෙන් හොඳ චිත්‍රපට බිහිවන එකක් නෑ කියන එකනම් අනිවාර්‍යයෙන්ම කියන්න පුලුවන්.
ලොකු ජෝන්..
Deleteස්තූතියි.... මට සුළඟ එනු පිනිස බලන්න බැරි වුණා.. සංජීවගේ ෆිල්ම් එක මටත් බලන්න බැරිවුණා. ඒත් ඒකට අදාල වුණ කතාව දන්නවාත ඒ නිසා දැන් බතින් නොබැලුවත් ගානක් නෑ.
ඒ උනාට චිත්‍රපටයක කතාව දැනගැන්ම පමනක් වටිනවා කියලා මම හිතන්නෙ නෑ . උදාහරනයකට ගත්තොත් හඳගමගේ "අක්ශරය" කතාව දැනගත්තට චිත්‍රපටයෙන් පෙන්වන දේ ඊට වෙනස් නෙද ?
Deleteමා ගාව සුළඟ එනු පිනිස ඇතුලු තහනම් කරපු හුඟක් චිත්‍රපටි තියනවා බලන්න උවමනානම් දෙන්නම්.
ඇත්තටම කතාව පමණක් දැනගෙන මදි ෆිල්ම් එකක් නම් බලන්ම වෙනවා. එවිටයි එහි හොඳ නරක තහවුරු කරන්න හැකි වෙන්නේ..
Deleteමම කෝල් කරන්නම්
අප අසරණ වෙලා වගේ හිත්ට දැනෙනවා, බුදු හාමුදුරුවනේ...
ReplyDeleteකතන්දර...
Deleteහ්ම්..... එහෙමයි...
'ඉගිලෙන මාලුවෝ' ගැන කියෙව්වට දයාගෙන් තරම් මැදිහත් විස්තරයක් වෙන ලිපිවල දැක්කේ නෑ. දැන් නම් මේ චිත්‍රපටිය බලන්ට ආසයි. නොබලා, හරි යමක් එකතු කරන්ට බැරිවීම ගැනත් කණගාටුයි.
ReplyDeleteදයා මම කලින් දැම්ම කමෙන්ට් එක ඔන්න ස්පෑම් උණා. ඒක ආපහු හොයලා ගන්නවද please? :(
ReplyDeleteපොඩ්ඩි...
Deleteසංජීවගේ ෆිල්ම් එක මටත් බලන්න බැරිවුණා. ඒත් ඒකට අදාල වුණ කතාව දන්නවා. ඒ නිසා මමත් ඒක ආයෙ ලැබුණ දවසක බලනවා. නැතිවුනොත් හිත හදාගන්නවා..
ස්පෑම් වෙච්ච එක හොයා ගත්තා
මේ අවස්ථාවේදී කලයුතුවම තිබූ වැදගත් වැඩක් දයා කරලා තියෙන්නේ. සංජීව පුෂ්පකුමාර කවුද කියලා අපිවත් දැනන් හිටියේ නැහැ. මේතරම් පිළිගැනීමට ලක්වෙච්ච මිනිහෙකුට කොටි ලේබල් එක අලවන්නේ මෝඩ තකතීරුවෝ. මේක පාරාවළල්ලක් වෙලා ආණ්ඩුවටම එයි කියලා මම හිතන්නේ.
ReplyDeleteතිසර..
Deleteඇත්තෙන්ම මේක සංජීවගේ කුළුදුල් නිර්මාණය. ඒත් ඒක ජාත්‍යන්තර ෆිල්ම් ෆෙස්ටිවල් 29 ක් නියෝජනය කළ උසස් කෘතියක්.
මම කලේ මිත්‍රයෙක් වෙනුවෙන් නිර්මාණාත්මක මැදිහත්විමක්
මුන්ට අවුරුදු හතරක් ගියාට පස්සේ තමයි චිත්‍රපටිය දේශද්‍රෝහී වෙලා තියෙන්නේ. මේකේ කොහේ හරි හොරයක් තියෙනවා. එක්කෝ ඡන්දේ, නැතිනම් අර මාතලන් උඩින් දාලා තියෙන කේස් එක.
ReplyDeleteමම ඔය ෆිල්ම් එක බලලා නෑ. දැන්නම් කොහෙන් හරි හොයා ගෙන බලන්න ඕන.
මුන්ගේ ආච්චිලට හාල් ගරන්න..!
මාලන්...
Deleteමටත් තියෙන ගැටලුව මෙච්චර කාලයක් තිබිච්ච එකකට හදිස්සියේ මෙහෙම වුනේ ඇයි කියන එකයි.
මේ ෆිල්ම් එක ප්‍රේක්ෂඛයන්ට මුදා හැරල නෑ.
බොහොම කනගාටුදායකයි . මේ අවස්ථාවේ ඔහු කවුදැයි හඳුන්වාදීම හරිම අගේ කරනවා . කලා කරුවෙක් හැටියට ඔබේ යුතුකම ඔබ ඉටු කරල තියනවා .
ReplyDeleteගිම්...
Deleteමම කලේ මිත්‍රයෙක් වෙනුවෙන් නිර්මාණාත්මක මැදිහත්විමක්. නමුත් මෙවැනි මැදිහත්වීම් තවතවත් වැඩි විය යුතුයි. ස්තුතියි
කොහොම උනත් ඉගිලෙන මාළුවා ගැන ලංකාවේ සාරවත් කතිකාවක් ඇති උනා මේ ඔලමොට්ටලයනගේ වැදගත් තීරණය නිසා. අපත් ඔහු ගැන දැන නොසිටි තොරතුරු දැන් අපි දන්නවා. ඒක නිසා මේක ඔහුට ආශ්ර්වාදයක් වේවි. ඒත් තාමත් පව තියෙන්නේ අපේ පැත්තෙයි.. ඔහුට ජය
ReplyDeleteදේශකයා...
Deleteඔව් ඇත්තටම ෆ්ලයිං ෆිෂ් ගැන මේ වෙන විට ලංකාව විතරක් නෙවෙයි යුරෝපයත් ඇමරිකාවත් කතාකරන්න පටන් අරන් බව හඳගමත් කියල තිබුණා.ඇත්තෙන්ම මේ ලාංකීය සියලු මැදිහත්වීම් ඔහුට සුබඵපළ ගෙන දෙන දිරියක්ම වේවා...
nubata hetak atha ... ya yuthu margayak atha . suba dawasak ......
ReplyDeleteශෂිකලා...
Deleteඅපි සියලුදෙනාම එහෙම ප්‍රාර්ථනය කරමු
ගොඩක් ස්තුතියි මේ ලිපියට !ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ මොහු ගැන මෙතරම් විස්තරයක් ..
ReplyDeleteරෙහානි..
Deleteමම කලේ කළ යුතුම මොහොතක මිත්‍රයෙක් වෙනුවෙන් නිර්මාණාත්මක මැදිහත්විමක්.
කලාව කියන එක තේරෙන්නේ නැති ඕලමොට්ටලයෝ එක්ක වාද කරනවට වඩා හොඳයි නිකං ඉන්න එක. ඒත් "ස්නොව්ඩන්" වගේ මේ ෆිල්ම් එකේ නිර්මාණ කරුවා වටා සයිබර් රැල්ලක් ශක්තිමත්ව තියනවා කියලා දැනගන්න ලැබෙන එක, එක අතකට සන්තෝසයි. මම කොහෙන් හරි දැක්ක මේ මනුස්සයා කතා කරනවා උත්සවෙකදී පිටරට. ඒ වෙලාවේ ඔහු මහා අසරනකමකින් ඉන්නවා වගේ හැඟීමකින් හිටියේ. ඒත් ලංකාවෙන් ඔහු ලබාගත්ත නිදහස් අධ්‍යාපනයට ඔහු එහෙදිත් ගෞරව කරනවා.
ReplyDeleteපැතුම්...
Deleteඔව් සෙන්ට් පීටර්ස් බර්ග් සිනමා උලෙලේ සම්මානය ගත්ත වෙලාවේ ඔහුගේ හැගීම්බර කතාව කාටත් දැනෙනවා.
"කුමණ කුරුළු අභයභූමියේ කුරුල්ලන්ටත් ඉගිල්ලෙන්න තිබූ නිදහස නැතිකල අමණයෝ මාළුවන්ට ඉගිල්ලෙන්න ඉඩ දෙයිද?"
ReplyDeleteමෙම සිදුවීම පිලිබදව කියවන්නට ලැබුනු ලිපි කිහිපය අතර සාරවත්ම ලිපිය ඉදිරිපත් කරමින් අප දැනුවත් කල ඔබට මාගේ ස්තුතිය!
මේ විධිහට ගියොත් තව කාලයක් යන විට ලංකාවේ ෙවෙද්‍යයවරුන්ට ඔපරේෂන් කලයුත්තේ කුමන රෝගියාද? කුමන රෝගයටද කියලත් මැදමුලනින් අවසර ගන්න වෙයි.
ඒක දැනටමත් වෙනවනෙ දැන් මැද මුලන චීවර බලකාය සිසේරියන් සැත්කම් එපා කියල කියන්නෙ
Deleteකීර්ති..
Deleteලංකාව වගේ රටවල ඉන්නේ සිනමාව සහ දේශපාලනය පටලවගත්ත අය. හැම දෙයක් දිහාම දේශපාලන කෝනයකින් බැලුවාම ඒ අයට හිතෙන්නේ එහෙමයි. ඒක සිනමා නිර්මාණ පිළිබඳව තිබෙන මද දැනුමක්.
බ්ලොග් එකකින් වෙන්න ඕන දේ ඔබ හරියට කරනවා.
ReplyDeleteජීඑම්..
Deleteමම කලේ මිත්‍රයෙක් වෙනුවෙන් නිර්මාණාත්මක මැදිහත්විමක්. ස්තූතියි
ධම්මික යනු තවදුරටත් ශ්‍රී ලංකාව තුල හිර වූ කලාකරුවෙක් නොවන නිසාත්, අන්තර්ජාලය වැනි විවෘත මාධ්‍ය තිබෙන නිසාත්, මේ වැට බැඳීම සාර්ථක වන්නේ නෑ. ඔබ කලණ මිතුරෙක් බව ඔප්පු කර හමාරයි.
ReplyDeleteසුදීක..
Deleteඇත්තටම සංජීව මේ සිදුවිම ිවන විටත් සිනමා ලෝකය දන්න අදුනන තුරුනු සිනමාකරුවෙක්. ඒක ඔහුගේ කැපවිම සහ උත්සාහය මත හිමි වූවක්. එවන් කෙනෙකුගේ මිතුදම් වෙනුවෙන් කළ යුතු යමක් වේ නම් කරනවා.
නිර්මාණ කරුවා වෙනුවෙන් කෙරුණු අගනා ම මෙහෙයකි මේ දයා කර ඇත්තේ. හරිම සතුටුයි දයා.
ReplyDeleteනලීන්...
Deleteඅපි හැමෝටම කළ හැකි දේ මේ වන විට ඔහු වෙනුවෙන් ඉටු කර තියෙනවා. ඒක ඔහුගේනිර්මාණාත්මක වෑයම ශක්තිමත් කිරිමක්
නිර්මාණ කරුවෙක්ට දෙන්න පුළුවන් උපරිම සහය මේකයි දයා මල්ලී. මේ කරුමක්කාර රටේ වෙන මේ වාගෙ සිද්ධි දැක්කාම හරියට කල කිරෙනවා. ඒ උනත් //"ඒ නිසා කන්තලෙන් ඉගිල්ලෙන මාලුවෝ අපට දකින්නට අයිති නැතත් දැන් ඒ චිත්‍රපටය හරහා මේ දක්වා ලබාගත් සියලු ජයග්‍රහණ ඔබට ජාත්‍යන්තර සිනමාකරුවෙක් වෙන්න පාර කියනු ඇත. ඒ නිසා දැන් උඹ ලෝකයටම අයිති තරුණ සිනමා කරුවෙකි. ඒ සියලු ජයග්‍රහණ වලින් මතු දවස ඔබ ඔබේ සිනමා ලෝකය තැනිය යුත්තේ මේ කුඩා රටට දැනෙන්නට නොව මුලු ලෝකයටම දැනේනට ය. එවිට මේ රටෙන් කිසිවක් ඔබට නොලැබුණත්, ශ්‍රී ලාංකිකයෙක් වීමේ ආඩම්බරය පමණක් ඔබට ඉතිරි වනු ඇත. ඒ දවස උදාවන තුරු ගැලරියට වී අපි බලා සිටින්නෙමු"// මේ සටහන ඔහුට උපහාරයක් ම වේවා!
ReplyDeleteචාන්දි...
Deleteඇත්තටම අපට මේ මොහොතේ සංජීව වෙනුවෙන් කළ හැක්කේ මෙයයි. මේ සුබ පැතුම් සියල්ල ඔහුට ලොකු ශක්තියක් වේවි.
සාරවත් අයුරින් ලිපිය ලියා දැනුවත් කිරීම ගැන දයාට අප සැමගේ උපහාරය හිමි විය යුතුයි.
ReplyDeleteකෙන්ජි..
Deleteමම කලේ අවශ්‍යම මොහොතේ මිත්‍රයෙක් වෙනුවෙන් නිර්මාණාත්මක මැදිහත්විමක්. කලාකරුවෙකු වෙනුවෙන් පෙනී සිටිමක්
දයා මහත්තයො....ඇඟට,හිතට,ඔලුවට වැදුනු ලිපියක්.මේවා ඇහෙන කොට ඇඟට,හිතට,ඔලුවට යන තුනටම අමාරුයි.විපරිත රටක්{වැරදුනා-විපරිත පාලකයින්}.
ReplyDeleteකියන්නට දේවල් ගොඩයි
කීයන්නට ලැජ්ජයි.........
ප.ලි.
හෙඩිමේ ඉංග්‍රීසි අකුරක් අඩුවෙන් ටයිප් වෙලාද කොහෙද?හෙමින් හරි ගස්සලා දාන්න.
තවත් ප.ලි.
පෝස්ට් එකක් දාන්න හිටියේ.කීප දෙනෙක් දාලා තිබෙන නිසා,හොරෙක්,මංකොල්ලකාරයෙක්,මංපහරන්නෙක්ගේ වටිනා ලියවිල්ලට ,ඒක මම පොඩි කොමෙන්ට් එකක් හැටියට දැම්මා.වටිනා කාලයෙන් විනාඩියක් අපතේ යවල බලන්න.
arueadaviya
Deleteස්තූතියි හෙඩිමේ අඩුවක් තිබුණා.. දැන් හැදුවා..
ඇත්තටම අපි ආඩම්බර විය යුතුයි ඔහු ගැන
ReplyDeleteවැව් ඉස්මත්ත
Deleteඅපට විතරක් නෙවෙයි රටටම ආඩම්බරයකි.
ඔබගේ ලිපිය මා දැක්කේ දැනුයි. මේ අනුව පෙනී යන්නේ, ඔබ ද පිළිගන්නවා මෙම චිතුපටියට දේශපාලන බලපෑමක් ඇති බව.
ReplyDeleteනිර්මලා...
Deleteඇත්තෙන්ම මේක රටේ වුවමනාවට නෙවෙයි කාගේ හෝ දේශපාලන අරමුණක් පිරිමසා ගැනිමට කළ වැඩක්. සුහුඹුල් නිර්මානකරුවකුගේ ලියලා වැඩෙන අයිතිය උදුරාගැනිමක්
ඇත්තම කියනවනං අයියා මම ඊයෙ ඉගිල්ලෙන මාලු චිත්‍රපටය ගැනත් සංජීව පුෂ්පකුමාර ගැනත් අන්තර්ජාලයේ සෙව්වා.මට ලොකු ආසාවක් තිබුනා ඒ චිත්‍රපටය බලන්න. ඒ යම් දෙයක් බලන්නේ නැතිව එහි ගුණ අගුණ කීම හෝ නිර්මාණකරුවා ත්‍රස්තවාදියෙකැයි කෙනෙක් හංවඩු ගැසූ පමණින් එය පිළිගැනීමත් මා විසින් නොකරන නිසා.අන්තර්ජාල සෙවුම තුලින් මට පැහැදිලි වුනේ සමහර මාධ්‍ය මගින් "සංජීව පුෂ්පකුමාර නැමැත්තෙක්" යනාදී වදනින් ඕපපාතිකව කලා ක්ෂේත්‍රයට ආ අයෙක් ලෙස මොහු හඳුන්වන්න උත්සාහ කලත් ඔහු සෑහෙන කලා නිර්මාණ සමූහයක් මේවන විටත් දායක කර ඇති ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූ අයෙක් බවයි. පැය විසි හතරෙන් දේශප්‍රේමියා ත්‍රස්තයෙක් බවටත් ත්‍රස්තයා දේශප්‍රේමියෙක් බවටත් පත් කල හැකි මාධ්‍ය පවතින රටක එය එසේ වීම අරුමයට කරුණක්ද නොවේ. ඔබේ ලිපිය මගින් ඔහු ගැන තවත් තොරතුරුත් දැන ගත්තා. අවාසනාවකට චිත්‍රපටිය අන්තර්ජාලයේ බලන්න කිසිදූ සබැදීයක් සොයාගන්න බැරිවුණා. හැකියාවක් තිබේනම් ඔහුට කියන්න එම චිත්‍රපටිය අන්තර්ජාලයට මුදාහරින ලෙස. එවිට එය නැරඹීමෙන් අනතුරුව එහි ගුණදොස් පැවසීමට අන් අයට පූලුවන් වේවි. එසේ නැතිව කෙනෙක් කී පමණින් නොදුටු දෙයකට පතුරුයනකං බනින්නට යාම මහ මෝඩ ක්‍රියාවක්.
ReplyDeleteතොටියා...
Deleteසංජීව නම් මේ ෆිල්ම් එක අන්තර්ජාලයට මුදාහරින එකක් නෑ. ඒත් යම් කෙනෙක් ඔහුගේ නිර්මාණාත්මක අයිතිය පහත් විදියට උදුරගෙන එහෙම කරයි කියල මට හිතෙනවා.
එහෙම නොවුනොත් මතු කාලෙක අපිට ඔහුත් සමගම මේ චිත්‍රපටය එකට හිඳ නරඹන්න හැකි දවසක් උදාවේවි. එතෙක් ඉවසමු.
බොහොම වැදගත් ලිපියක් ගොඩක් ස්තුතියි දැනුවත් කලාට
ReplyDeleteජීවා....
Deleteමිත්‍රයෙන් වෙනුවෙන් පෙනිසිටිමක්
මම දැක්කා මේ ගැන පත්තරවලත් වෙබ් පිටු වලත් මරලා තියෙන හැටි. නොබලා විග්‍රහ කරන්න බැරි නිසා මුකුත් කියන්න බැහැ. දැනෙන විදිහට නම් වෙනස්ම ආකෘතියක්. ඔයා හරි. දූපත් මානසිකත්වයේ ගැතිකම කොච්චරක්ද කියනව නම් ආකෘතියෙන් එහා දෙයක් කරන කෙනාට අපේ උන් සලකන්නේ ඕපපාතිකයෙකුට වගේ. ලංකාවේ හැටි ඔහොමයි. out of box හිතන්න බැරි විදිහට අධ්‍යාපනය දෙන එකේ ප්‍රතිඵල...
ReplyDeleteරතී...
Deleteමම කියන්නේ අපි හැමෝම මේක නොබැඅලුවත් අඩුම තරමින් සිනමාව කියන්නේ සැබෑලෝකයෙන් අඃශූ මාත්‍රයක් පමණයි. ඒක නිර්මාණකරුවාගේ අදහසක්. ඒ අදහසට ඉඩදිය යුතුයි.
ඉගිල්ලෙන මාළුවෝ ගැනත්,නිර්මාණකරු ගැනත් බොහෝ විස්තර ඔබතුමාගේ ලිපියෙන් දැනගත්තා.
ReplyDeleteමේ රට ගමන් කරන දිශන්තිය කොහොටද කියන එක මේකෙන් මොනවට පෙන්නුම් කරනවා.ආණ්ඩුවට උන්ගේ බත් බැලයටන්ට පුළුවන්කම ලැබිලා තියෙනවා එක මොහොතින් දේශප්‍රේමින්ව,දේශද්‍රෝහීන් කරන්නත් ඒ වගේම දේශද්‍රෝහීන්ව, දේශප්‍රේමින් කරන්නත්.මේක විශාල ඛේදවචකයක්.පාලකයෝ කලාව පාලනය කරන්න ගත්තොත් අපිට සිදු වන්නේ දිවා,රැයේ උන්ගේ ප්‍රසශ්ති අහගෙන ඉන්න.සංවේදී නායකයා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනි සිටිමේ විපාක තමයි මේ.
මනෝජ්....
Deleteතුන්වන ලෝකයේ දූපත් මානසිකත්වයේ ආශ්චර්යයක් තමයි මේ...
විචාර බුද්ධිය පාගා තලා දමා ඇති දේශයක මෙවන් දේ ගැන පුදුම විය යුතු නැහැ..සංජීවගේ නිර්මාණය මෙවන් අසාධාරණයට ලක්වූ පලමු වැන්න නොවන්නා සේම අවසාන එකද නොවනු ඇත..
ReplyDeleteඒ අප කරපිටින් බලයට පත්වූ ගඳගසන දේශපාලනයේ දෝංකාරය නිසයි..
ඔහු ගැන ලියූ ලිපිය අගය කරමි..
රූ....
Deleteලංකාවෙ කලාත්මක සිනමාවට නැගී සිටින්නට අමාරුයි. මොකද කලාත්මක බව තුළ දේශපාලනය ගැඹුරින් කතාබහ වෙන නිසා. ඒ නිසා ලංකාව වගේරටවල සිනමාවට පැවතුමක් නැ.
ස්තූතියි ඔබට
කලාව ලාවට රස විදිය යුතු නැත.සිනමාවද කලාවක් නිසා රස විදිනවානම් සම්පුර්නයෙන් රස විදිය යුතුමය.
ReplyDeleteරුපවාහිනියෙන් සිනමාපටයක් නැරඹිම මහම මහා විහුලුවකි. පෙම්වතියගෙ අතින් අල්ලන විටද,බියර් හො තේ විදුරුවක් හො පෙනෙන විටද,ලේ වැගුරුමක් තියා දබරගිල්ල එසවෙන ජවනිකාක් වුවද නැරඹිමට හැකියාවක් ඇත්තෙ කොටු කොටු කොටු කොටු පමනි.
සිනමාව,කලාව පමනක් නොව අනෙකුත් සියලු දෙයම,කොටු...වි ඇත.රාමුවෙන් පිට පැනිම දඩුවම් ලැබිය යුතු මහා වරදක් වි ඇත.ඉතින් එහෙව් රටක මාලුවකු තබා අඩුම ගනනේ කපුටෙකු පියාඹනු දැකිමද සහනයකි..
සංජිව පුෂ්පකුමාර මහතාගේ email ලිපිනය සොයා දෙන්න.අද්‍යන කටයුත්තක් සදහා...
ReplyDelete