එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Friday 9 August 2013

෴ මගේ පැන්සල ෴





            විශිෂ්ටයන්ගේ රූ පෙළක් පැන්සල් තුඩින්.....


අස්වැන්න කවිය, ගීතය, සිනමාව, සහ සංගීතය සම්බන්ධයෙන් සටහන් වුවත්, චිත්‍ර කලාව, ඡායාරුප ශිල්පය පිළිබඳවත් කැමැත්තක් දක්වන ක්ෂේත්‍රයන්. ඒ විෂය ක්ෂේත්‍ර ගැන ගැඹුරින් ලියන්න තරම් විෂය දැනුමක් නැති නිසා ඒ ගැන  මා අතින් ලියවෙන්නෙ නැති තරම්. ඒත් චිත්‍ර කලාව, ඡායාරූප ශිල්පය වැනි ක්ෂේත්‍ර පිළිබඳවත් යමක් ඉඳහිට හෝ සටහන් කරන්න ඉඩක් ලැබෙන මොහොතක ඒ වෙනුවෙන් සටහනක් ලියන්න පසුබට වෙන්නෙ නෑ. ඒ නිසා චිත්‍ර කලාව පිළිබඳ පුංචි සටහනක් තියන්න අවස්ථාවක් ලැබිල තියෙනවා. ඒ නිසා මම කල්පනා කළා ඒ ගැන සටහනක් තියන්න.  ඉදිරියේදී පැවැත්විමට නියමිත සුවිශේෂ කලාකරුවකු චිත්‍ර ශිල්පියකුගේ චිත්‍ර ප්‍රදර්ශනයක්  පිළිබඳව සටහනකි මේ. 

සමාජ ජාලයක් ලෙස Face book භාවිතා කරන හිතමිතුරු බොහෝ පිරිසක්  නිරන්තරයෙන් දකින, Face book ජාලයේ හුවමාරුවන මේ කලාකරුවා විසින්  අඳින ලද චිත්‍ර Face book භාවිතා කරන ඔබත්  අහම්බෙන් හෝ  දැකල ඇති.  චිත්‍ර ශිල්පියා නමින් වසන්ත සනත්. ඔහු සිය  අපූරු සිතුවම් එකතුවක් සමග “මගේ පැන්සල“ චිත්‍ර ප්‍රදර්ශනයට මේ වන විට සූදානම් වෙමින් ඉන්නවා. 

වසන්ත සනත්
නුගේගොඩ, ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගනුම ලැබූ අවදියේ සිටිම සජීවි මානව රූප ස්වභාවයන් සහ සමාජ පරිසරයේ නෙක සොබාවන් චිත්‍රයට නැගීමේදී විශිෂ්ඨ නිර්මාණාත්මක ප්‍රභාවක් පෙන්වූ  වසන්ත සනත් පාසල් කාලයේ පටන්ම විවිධ අවස්ථාවන්හිදී ජයග්‍රහණ රැසක් හිමිකර ගත් චිත්‍ර ශිල්පියෙක්.

පාසල් සමයෙන් පසුව පුවත්පත් පිටු සැළසුම් ශිල්පියකු, වෙළඳ ප්‍රචාරණ චිත්‍ර සැළසුම්කරුවකු සහ ජීව සොබා චිත්‍ර ශිල්පියකු ලෙස කලා ක්ෂේත්‍රෙය්  වසර තිහක පමණ අත්දැකීම් සහ පළපුරුද්දක් ලබා ඇති වසන්ත සනත් චිත්‍ර ශිල්පයේ නිපුණයෙකි. ඔහු විසින් ඉදිරියේදී පැවැත්විමට නියමිත “මගේ පැන්සල“  චිත්‍ර ප්‍රදර්ශනය සෞන්දර්යාත්මක දිවියේ සිය අත්දැකීම් සිතුවමකට  මුසුවන දුලබ අවස්ථාවකි.

වසන්ත සනත් කලක සිට බොහෝ කලාකරුවන්ගේ උපන් දිනය හෝ ගුණ සමරු දිනයක් යෙදෙන අවස්ථාවක පැන්සලෙන් ඇඳි කලු සුදු සිතුවමක් ඒ කලාකරුවාගේ හෝ කලාකාරියගේ පිංතූරයක් Face book මගින් සමාජයට එකතු කළේ  විනෝදාංශයක් ලෙසිනි. ඒත්  ප්‍රදර්ශනයක් පැවැත්විමට තරම් උනන්දුවක් වසන්ත සනත් තුළ නොතිබුණි. වසන්ත විසින්  ඇඳ Face book වෙත යොමු කළ ඒ සිතුවම් දුටු ඇතැම් කලාකරුවෝ තමන්ගේ Face book ගිණුමේ ඡායාරූපය ලෙස වසන්තගේ  ඒ චිත්‍රයක් යොදා ගත්හ.  එසේ වුවත් වසන්ත සනත්ගේ මේ පැන්සල් චිත්‍ර කලාව දුටු කලා ක්ෂේත්‍රෙය් විවිධ ඉසව් නියෝජනය කරන සහෘද පිරිසක් ප්‍රදර්ශනයක් පැවැත්විම දක්වා ඔහු උනන්දු කළහ.

ඒ අනුව වසන්ත සනත්ගේ හස්තලේඛ චිත්‍ර ප්‍රදර්ශනය “මගේ පැන්සල“ අගෝස්තු මස 23, 24, සහ 25 වන දා කොළඹ 07, මහජන පුස්තකාල ප්‍රදර්ශනාගාරයේදී පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇති බව පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදි.


වසන්තගේ “මගේ පැන්සල“ චිත්‍ර  ප්‍රදර්ශනයට සමගාමිව ඔහු විසින් පැන්සලෙන් අඳි ලද චිත්‍ර රැගත්  “මගේ පැන්සල“ කෘතියද එදිනට දොරට වැඩිමට නියමිතය. කොළඹදී පැවැත්වෙන මෙම චිත්‍ර ප්‍රදර්ශනයෙන් පසුව මෙය කුරුණෑගල සහ මහනුවර නගරයේදීද පැවැත්විමට වසන්ත සනත්ගේ මිතුරු සංසදය සූදානමින් සිටී.

වසන්ත සනත්ගේ “මගේ පැන්සල“ ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනයට සහයෝගීතා දායකත්වය ලබාදෙන්නේ සංගිතවේදී ආචාර්ය දයාරත්න රණතුංග, ප්‍රේම් දිසානායක, ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවර, සිනමාවේදී සුනිල් අරුණ වීරසිරි, ප්‍රවීණ ශබ්ද පරිපාලක ලයනල් ගුණරත්න, ප්‍රවිණ ගුවන්විදුලි නිවේදක විපුල් ධර්මප්‍රිය ජයසේකර, මාධ්‍යව්දී යාපා බණ්ඩාර සෙනෙවිරත්න, ඩොනල්ඩ් මැක්ස්වත් සහ පූර්වාරාම මිතුරු සංසදය විසිනි.

ලංකාවේ ජනප්‍රිය සිනමා හා ටෙලිනාට්‍ය ශිල්පීන්, ගීතරචකයන්, සංගීතවේදීන් ගායක ගායිකාවන් සහ විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරන ජනමාධ්‍යව්දීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි සෞන්දර්යවාදී බොහෝ පිරිසක් පිරිවරා  අගෝස්තු මස 23, 24, සහ 25 වන දිනවල උදේ 9.00 සිය සවස 6.00 දක්වා   කොළඹ 07, මහජන පුස්තකාල ප්‍රදර්ශනාගාරයේදී පැවැත්වෙන “මගේ පැන්සල“ චිත්‍ර ප්‍රදර්ශනය දකින්නට, විඳින්නට කලාකාමි සියලු රසික රසිකාවියන්ට චිත්‍ර ශිල්පී වසන්ත සනත් ඇරැයුම් කර සිටී.

ඒ නිසා ඉඩක් ඇත්නම් ඔබත් එන්න, ඇවිත් ඔබම සියැසින්ම විඳ  දැක බලාගන්න වසන්ත සනත්ගේ “මගේ පැන්සල“ එය මගේ නොව ඔබේ පැන්සල බව ඔබටම වැටහේවි.

                  වසන්ත සනත්ගේ මගේ පැන්සල සිතුවම් කිපයක් මතු දැක්වේ. 










72 comments:

  1. මේ තරම් දක්ෂ විදියට අඳින්න පුළුවන් අය බොහොම් ආඩුයි.... පණ පිහිටවලා වගේ ඇඳලා තියෙනවා.. හැකි උනොත් එන්නම්. මගෙත් ප්‍රියතම විශයක්. ඉස්සර නම් මමත් චිත්‍ර ඇන්දා. වයසට ගියාම හරි ආයෙත් පටන් ගන්න ඕන..

    ReplyDelete
    Replies
    1. මාතලන්
      වසන්ත සනත් ජනප්‍රිය චිත්‍රශිල්පියෙකු නොවුනත් ඔහුගේ චිත්‍ර ප්‍රදර්ශනය බලන්න එන්න. එය ඔහුගේ කලාවට සවිමත් අත්වැලක් වේවි.
      චිත්‍රකලාව මනස හික්මවන හොඳ කලාවක් වයසට යනකල් බලා ඉන්න එපා හැකියාව අමතක වෙනවා.

      Delete
  2. shaa .............me chithra tika puduma hithena tharam sajeewiyi .. pradarshane balanna enna thibunanam !

    ReplyDelete
    Replies
    1. රෙහානි..

      ඉඩක් ලදොත් එන්න. ප්‍රදර්ශනය නැරඹීම මේ ශිල්පියාගේ චිත්‍ර කලාවට සවියක් කරන්න තමයි මේ උත්සාහයේ වෑයම.

      Delete
  3. චිත්‍ර ප්‍රදර්ශනනම් අනිවාර්‍යයෙන්ම බලන්න යනවා. මේකත් මම බලන්න හිතාගෙන ඉන්න එකක් . ස්තුතියි දයා දැනුවත්කිරීමට

    ReplyDelete
    Replies
    1. ලොකු ජෝන්
      එන්න.. අපි හමුවෙමු මහජන පුස්තකාලේදී. වසන්ත සනත්ගේ සිතුවම් දැක්මට අපි අත්වැලක් වෙමු.

      Delete
  4. Replies
    1. වැව් ඉස්මත්ත

      අන්න දන්නවනම් අදිමු. මටනම් ඒ චිත්‍ර කලාව බිංදුවක්වත් පිහිටලා නෑ.

      Delete
  5. චිත්‍ර කලාවට මාත් හරිම කැමතියි. උත්සාහ ගන්නවා යන්න . දයාට ස්තූතියි අපිව මේ වගේ වටිනා දේවල් කරා යොමු කරනවට .

    ReplyDelete
    Replies
    1. ගිම්..
      එන්න..චිත්‍රප්‍රදර්ශනය බලන්න.. ඇවිත් වසන්ත සනත්ගේ සිතුවම් දැක්මට අපි අත්වැලක් හදමු ඔහුගේ සිතුවම්වලට.

      Delete
  6. හරිම අපූරුයි. මහනුවරට එන්නෙ කවදද?
    මැණික්

    ReplyDelete
    Replies
    1. මැණික්..

      මහනුවරට එන දිනය තවම තීරනය කර නැහැ. සමහර විට ඉදිරි මාස තුන ඇතුළත නුවරට ඒවි. එවිට මම එය මෙහි දාන්නම්

      Delete
  7. අති දක්ෂයෙක්.ඔබටත් උදව් කරන සියලුම දෙනාටත් ජයෙන් ජය.
    දයා.....වසන්තගේ පාසැල නුගේගොඩ ශාන්ත ජෝශප්ද,ශාන්ත ජෝන්ද?

    ReplyDelete
    Replies
    1. අරු ගේ අඩවිය

      බෙහෙවින්ම ස්තූතියි නිවැරදි කළාට. ඔබ හරි නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය තමයි.

      Delete
  8. බොහෝම ස්තූතියි මේ මුලු ගැන්නිලා ඉන්න අතිශය දක්ෂයාව ඉස්සරහට ගේන් උදව් කරනවාට...!

    ReplyDelete
    Replies
    1. තේනුවර මහතා.
      ඇත්තෙන්ම එදා මේ වෙනුවෙන් ඔබගේ කැපවිම මම දුටුවා.ඒ වෙනුවෙන් තමයි මමත් මේ පුංචි සටහන ඔහුවෙනුවෙන් තැබුවේ. බෙහෙවින්ම ස්තූතියි ඔබට

      Delete
  9. හරිම ලස්සනයි දයා මල්ලී. චිත්‍ර මගෙත් ප්‍රියතම විෂයක්. මටත් පුංචිම හැකියාවක් තියෙනවා. කොහොම හරිම යන්න බලනවා බලන්න. මේ වාගේ දක්ශ කලාකරුවන් හඳුන්වා දෙනවට ගොඩාක් පින්!

    ReplyDelete
    Replies
    1. චාන්දි..
      එන්න..චිත්‍රප්‍රදර්ශනය බලන්න.. ඇවිත් වසන්ත සනත්ගේ සිතුවම් දැක්මට අපි අත්වැලක් හදමු ඔහුගේ සිතුවම්වලට.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. .
    මුහුණෙ හැඩරුව පැන්සලෙන් මතු කිරීම
    විශ්වකර්ම වැඩක් නෙමෙයි..
    ද්විමාන තලයක් ත්‍රිමාණව දකින ඇසත්
    ඇස දකින දේ ගැඹුරත් ආලෝකයත් නිරූපනය වෙන්න
    පැන්සල උලන අතත් හසුරුවන්න තරම්
    සංයමයක් තියෙන රසිකයෙකුට
    මුහුණෙ හැඩරුව පැන්සලෙන් මතු කිරීම
    විශ්වකර්ම වැඩක් නෙමෙයි..

    චරිත ප්‍රකාශන චිත්‍රයක
    ආශ්චර්යමත් පෙළහර නම්
    ඒ පුද්ගලයාගේ ආත්මය
    ඒ රුව තුලින් විහිදෙන අයුරින්
    ප්‍රතිනිර්මාණය කිරීමයි.

    මෙහි දැක්වෙන බොහෝ චිත්‍රවලින්
    වසන්ත ඒ පෙළහර පාල තියනවා.

    පියවි ඇසින් පියවි චිත්‍ර දකින්න
    බලාපොරොත්තු වෙමින්
    වසන්තට හදවතින්ම සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. අතුල

      සැබැවින්ම වසන්ත සනත්ගේ සිතුවම් කලාවේ ත්‍රිමාන බව නම් අති විශිෂ්යි. එන්න.. අපි හමුවෙමු මහජන පුස්තකාලේදී. වසන්ත සනත්ගේ සිතුවම් දැක්මට අපි අත්වැලක් වෙමු

      Delete
  12. හරියට චිත්‍රවලට ජීවය දීලා වගේ. හරි දක්ෂ සිත්තරෙක්!!!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි..

      ඇත්තෙන්ම ඔහු දක්ෂයෙක් ඒත් මුලු ගැන්නිලා ඉන්න සිත්තරෙක්.

      Delete
  13. පැන්සලෙන් ඇන්දාද කියල කියන්නවත් බැහැ... චිත්‍ර ඒ තරමටම සජීවී බවෙන් යුක්තයි... ඇත්තෙන්ම සහජ දක්ෂතාවයක්..!

    ReplyDelete
    Replies
    1. තොටියා..

      ඒ නිසා තමයි අපි කවුරුත් ඔහුව ක්ෂේත්‍රෙය් ඉදිරියට ගේන්න පුංචි තල්ලුවක් දෙන්නේ..

      Delete
  14. නියමයි ,,එන්න වෙන්නේ නැහැ ,,මගෙන් සුබපැතුම් ..ස්තුති @මාතලන් මාමට පාර කීවට

    ReplyDelete
    Replies
    1. අපූර්වී..

      ස්තූතියි සටහනක් තැබුවාට..

      Delete
  15. පුදුම ජීවී ගතියක් තියෙන්නෙ. මාතලන් කිව්ව වගේ පණපිහි‍ටුවල ඇඳල තියෙන්නෙ.
    සත්තකින්ම අගය කලයුතු දක්ෂතාවක්. බලන්න එන්න බැරි උනත් සුබ පතනවා සනත්ට..!

    ReplyDelete
    Replies
    1. වී පොකුර
      ඉඩක් ලදොත් එන්න. ප්‍රදර්ශනය නැරඹීම මේ ශිල්පියාගේ චිත්‍ර කලාවට සවියක් කරන්න තමයි මේ උත්සාහයේ වෑයම.ඒක ඔහුට සවියක් ම වේවි.

      Delete
  16. සිරාවට නියම හැකියාවක්.... මරු....

    ReplyDelete
    Replies
    1. රන්දු..

      ඔහු දක්ෂයෙක් ඒත් මුලු ගැන්නිලා ඉන්න සිත්තරෙක්. ඒ ඔහුගේ චිත්‍ර කලාවට සවියක් කරන්න තමයි මේ උත්සාහයේ වෑයම

      Delete
  17. ෂාහ් හරිම ලස්සනයිනේ. ඔය චිත්‍ර ප්‍රදර්ශන හොයා හොයා ගියා ඉස්සර ඉස්කෝලේ යන කාලේ නම්.

    ReplyDelete
    Replies
    1. මාත් මේ කියන්න ආවේ ඒකමයි බින්දි... ඉස්සර කලා භවන, පුස්තකාල ප්‍රදර්ශනාගාරය කියන්නේ හොඳට පුරුදු තැන්.. පණ ඇරලා කරපු එකම විශය චිත්‍රනේ... හි හි...

      Delete
    2. බින්දි..

      මමත් ඉඳහිටලා මෙවන් චිත්‍රප්‍රදර්හන බලන්න යනවා හිතට දැනෙන සිතුවම් අඳින සිත්තරෙක්ගේ වැඩක්නම්. මෙයත් එවැන්නක්.

      හිරු...
      ඇත්තටම කලාභවන, මහජන පුස්තකාලය ප්‍රදර්ශනාගාරය කියන්නේ කලාවෙන් සිත නිවන තැන්

      Delete
  18. සහජ හැකියාවක් ඇති බව යි පේන්නේ...ඉදිරියට ම යන්නට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. දිලිනි...

      ස්තූතියි ඔබටත්... සුබ පැතුම වසන්ත සනත් සිත්තරාට අත්වැලක් වේවි.

      Delete
  19. මේ චිත්‍ර ප්‍රදර්ශණය නරමන්නට පැමිණීමට නොහැකිවීම ගැන අවංකවම කනගා‍ටුවෙමි.

    ඔබට ජය! තව තව නිර්මාණ ඔබ අතින් බිහිවේවා.

    ReplyDelete
    Replies
    1. හෙන්රි..

      ස්තූතියි ඔබටත්... සුබ පැතුම වසන්ත සනත් සිත්තරාට අත්වැලක් වේවි. එන්න හැකියාවක් ඇත්නම් වඩාත් හොඳයි.

      Delete
  20. ලංකාවේ මේ ක්ශේත්‍රයේ තිබුනු අඩුපාඩුවක් මකන වසන්ත සරත්ගෙ දක්ෂකම තිබෙන්නේ භාවයන් මතුකිරීම කියල මට හිතෙනව.
    සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. දයාල්

      ඇත්තෙන්ම වසන්ත සන්ගේ සිතුවම්වල දකින සියුම් මනෝභාවයන් විස්මිත අයුරින් මතුකර පෙන්වනවා.

      Delete
  21. හරිම අපුරු සිත්තරෙක්..
    මටනම් රවුමක්වත් ලස්සනට ඇද ගන්න බැරි උණත් හොදින් රස විදින්න හැකියි.ඒ නිසා අවස්ථවක් ලදොත් බලන්න යනවා.ස්තුතියි දැනුවත් කිරීමට.

    ReplyDelete
    Replies
    1. මනෝජ්
      මටත් නම් චිත්‍ර කලාව කොහොමටත් බෑ.ඒත් කවුරු හරි ඇන්ද එකක් බලන්න නම් පුළුවන්.

      ඉඩක් ලදොත් එන්න. ප්‍රදර්ශනය නැරඹීම මේ ශිල්පියාගේ චිත්‍ර කලාවට සවියක් කරන්න තමයි මේ උත්සාහයේ වෑයම.ඒක ඔහුට සවියක් ම වේවි.

      Delete
  22. අනිවාර්යයෙන්ම එනවා. මට නම් පුදුමත් හිතුණා මේ චිත්‍ර දැකලා.

    ReplyDelete
    Replies
    1. සුදීක
      එන්න.. අපි හමුවෙමු මහජන පුස්තකාලේදී. වසන්ත සනත්ගේ සිතුවම් දැක්ම සමගම

      Delete
  23. මාරයි අප්පා...

    ReplyDelete
    Replies
    1. හරේ...

      ඒකනේ කියන්නේ.. කොළඹ ආවොත් එන්න මහජන පුස්තකාලෙ දිහාවට

      Delete
  24. ඔය පැන්සලෙන් කරන වැඩ ටික කියලා දුන්න කාලේ මටත් පිස්සු හැදිලා හිටියේ.. ඒ තරම් ලස්සනට මවන්න පුළුවන්.. හැබැයි මට නං ඒකට දක්ෂකමක් පිහිටලා තිබ්බෙම නෑ.. ඒක නිසා අතෑරුනා.. ඒත් අදටත් ඒ කාලේ ගත්ත 8B පැන්සල තියාගෙන ඉන්නවා මම ආසාවට... මේවා දකිද්දි ආයිත් ජීවිතේ ආපස්සට ගිහින් අතෑරුණ ඒවා ඉවර කරල එන්න හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. හිරු..

      චිත්‍ර අඳින්න බැරිවුණත් උගන්වන දේවල් බලන් ඉන්න කැමැත්තක් දක්වන අයටත් මේ චිත්‍රප්‍රදර්හනය වටිනවා. අනික මුලුගැන්නිලා ඉන්න සිත්තරෙක්. නිසා ඔහුට දිරියක් වෙන්න තමයි මේ උත්සාහය

      Delete
  25. ජීවය එක්කළ චිත්‍ර. මෙවැනි සැඟවුණ දක්ශයන්ව අපිට හඳුන්වා දෙනවාට දයා අයියාටත් ස්තූතියි.

    මේක බලන්න යන්න ලැබෙන්නෙ නැති එක නම් දුකක්.

    ReplyDelete
    Replies
    1. ගිහාන්...
      ස්තූතියි... යන්න නොලැබුණත් වචනයකින් හෝ දිරියක් වෙන එකත් ලොකු අත්වැලක්..

      Delete
  26. චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න ගිහිල්ලම නෑනෙ.. චිත්‍ර රස විඳින්න නොදන්නා නිසා වෙන්නත් පුළුවන්..

    දැනුවත් කිරීම ගැන ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. හරී...
      එකක්වත් බලල නැත්නම් මේකවත් බලමු මතක හිටින්නත් එක්කම. රසවිඳින්න ඉගනගන්න ඕනෙ නෑ. ඔය දැනුම සැහෙන්න ඇති.

      Delete
  27. කියන්න වචන නැ.ඒ තරම් අනර්ඝ පිහිටිමක්.

    ReplyDelete
    Replies
    1. ජීඑම්
      ස්තූතියි ඔබටත්... සුබ පැතුම වසන්ත සනත් සිත්තරාට අත්වැලක් වේවි. එන්න හැකියාවක් ඇත්නම් වඩාත් හොඳයි.

      Delete
  28. සැබෑ දක්ෂ‍යෙක්.. ඔහුට ජය පතනවා...

    ReplyDelete
    Replies
    1. තිසර
      ස්තූතියි ඔබටත්...මේ සුබ පැතුම වසන්ත සනත් සිත්තරාට අත්වැලක් වේවි.

      Delete
  29. පුදුම හිතෙනවා මේවා දැක්කම...හරියට ජීවමානයි වගේ. මටනම් පැන්සලකින් එක ඉරක් හරියට ඇදගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. සයුරි...
      ඔබට වගේම මටත් බැරි ඒකම තමයි. අඩි කෝදුව තියලා ඉරක් ඇන්දත් ඒකත් වරදිනවා. ඉතින් කොහාමද චිත්‍ර අඳින්න හිතන්නේ.

      Delete
  30. කෙනෙකුට මේ වගේ හැකියාවක් පිහිටන්නෙ හරිම කලාතුරකින්.. ඇත්තෙන්ම විශ්වකර්ම චිත්‍ර...

    ReplyDelete
    Replies
    1. සරත්..
      වසන්ත සනත්ගේ සිතුවම් කලාවේ ත්‍රිමාන බව නම් අති විශිෂ්යි. ඒකම තමයි මේ චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන්න සංවිධායකවරු උත්සාහස ගන්න හේතුව

      Delete
  31. මම ඔහු ගැන කොහේ හෝ කතා කරන දෙයක් අහල තිබුනා. ඇත්තටම නියම දක්ෂයෙක්. චිත්‍ර වල පිහිටුවීම නං අති විශිෂ්ටයි.. අපි ඔහුට ජය පතමු ලංකාව පුරාම ඔහුගේ පැන්සල ගෙනියන්න හැකි වේවා කියලා. දයාට ස්තුතියි තොරතුරු වලට

    ReplyDelete
    Replies
    1. දේශකයා..

      මේ දවස්වල ඔහුගේ මේ චිත්‍ර ප්‍රදර්ශනය ගැන පුවත්පත් ඔස්සෙ විවිධ කතාබහ එකතුවෙනවා.
      ස්තූතියි. ඉඩක් ලදොත් එන්න

      Delete
  32. ජෝ අබේවික්‍රම මහතාගෙ චිත්‍රය නම් විශිෂ්ටයි. සැඟවුන තවත් දක්ශයෙක් එලියට ගන්න ඔබ කරන වෑයම අගයනවා.

    ReplyDelete
    Replies
    1. නිල් මානෙල්

      ස්තූතියි ඔබට...මේ සුබ පැතුම වසන්ත සනත් සිත්තරාට අත්වැලක් වේවි. හැකියාවක් ඇත්නම් ඉඩක් ලදොත් චිත්‍ර ප්‍රදර්ශනය බලන්න එන්න

      Delete
  33. එන්න නම් විදිහක් නැහැනෙ ඉතින්..ජිවත්වෙන්නෙ පිටරට නිසා...හැබැයි මොහුගෙ අයිය පළකරල තියෙන පින්තුර හැබැහින් ඉන්නව වගේ...පණ තියෙන සිතුවම්...

    ReplyDelete
    Replies
    1. දිනිති

      ඔබ විදේශයක සිටියත් මේ සටහන ඔහුට දිරියක්ම වේවි

      Delete
  34. අපිත් ඔහුගේ චිත්‍ර ෆේයා කළාට, විවිධ ලිපිවලට යොදා ගත්තද නිර්මාතෘ ගැන වැඩි විස්තරයක් දන්නේ නැහැ. පැහැදිලි කිරීම ඉතා වටිනවා.

    ReplyDelete
    Replies
    1. නිර්මලා...

      ස්තූතියි... දැන් ඔහු ගැන දන්නවානේ..
      මේ සුබ පැතුමත් වසන්ත සනත් සිත්තරාට අත්වැලක් වේවි.

      Delete
  35. වසන්ත, සැබවින් ම ඔහු විස්මිත නිර්මාණ ශිල්පියෙක්.මගේ හදපිරි සුභපැතුම් ඔහුට.කොළඹදි නම් බැරි වෙයි.ඒත් ප්‍රද්ර්ශනය මහනුවර ට එන එක ගැන හුගක් ම සතුටුයි.අනිවාර්යයෙන් ම නරඹනවා.

    (දයානන්දටත්,මෙතෙන්ට එන්න පාර කිව්ව මාතලන් මිත්‍රයාටත් ස්තුතියි!)

    ReplyDelete
  36. අපූරු සිතුවම් පෙලක්..ෆේස්බුක් හරහා මේ පින්තූරු හුවමාරු වෙනවා දුටුවත් ඔහු‍ගේ යැයි දැන සිටියේ නැහැ..ස්තුතියි දයානන්ද..

    මේ වගේ රස ඔත්තු පෙන්නන්න ගැජට්ටුවක් උඩ එල්ලුවොත් නරකද?

    ReplyDelete
  37. පරණ පෝස්ට් එකක් වුනත් චිත්‍ර ටික දැක්කම මොකුත් නොලිය ඉන්න හිත දුන්නේ නෑ... මම ගොඩක් වෙලාවට ලෝකයේ ඉන්න මේ වගේ දක්ෂ චිත්‍ර ශිල්පීන්ගේ වෙබ් අඩවි වලට ගිහින් ඒවා බලන එක කරනවා..නමුත් මේ අපේම දක්ෂයා ගැන දැන ගත්තේ අද... ඔහුට කියල වෙබ් අඩවියක් තියෙනවද? නැතිනම් එකක් හදන්න ඔහුව උනන්දු කරවන්න...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...