රේඩියෝ කලාවේ රස සොයන සොඳුරු නවාතැන
හරවත්,
රසබර සාහිත්‍යමය ගුවන් විදුලි වැඩසටහනක් සති සියයක් පුරා ඉදිරිපත් කරන එක මේ කාලයේ
ලේසි පාසු කටයුත්තක් නෙවෙයි. සතියකට පැය දෙකක් ගානෙ සති සියයක් හරියටම බැලුවොත්
අවුරුදු දෙකක් එකම වැඩසටහනක් අහන්න ලැබෙන එකත්, ඒ විදියට අහන්න සලස්වන එකත්
අභියෝගයක්. මේ යුගයේ ගී රස සොයන විඳින
රසිකයන්ට මේ මෙවන් වැඩසටහනක් අහන්න ලැබෙන දුලබ අවස්ථාවක්. එෆ් එම් දෙරණ ගුවන්විදුලි
නාලිකාව ඔස්සේ ප්‍රවීන ගීත රචක, ලේඛක, සහ මාධ්‍යව්දී බන්ධුල නානායක්කාරවසම්ගේ
හඬින් සජීවිව ඉරිදා රාත්‍රී හතේ ඉඳන් රෑ නවය වෙනකල් දිග හැරෙන රෑ ඉරපාන සියවෙනි (100) වැඩසටහන මේ ඉරිදා ඒ කියන්නෙ
සැප්තැම්බර් මාසෙ 08 වෙනිදා සවස 7.00 සිට 9.00 දක්වා හෝරා දෙකක්
පුරා විකාශනය වෙන්න නියමිතයි. ගීතය,
සංගීතයේ අරටු හොයාගෙන ගීතය යහපත් තැනකට ගේන්න අපමණ වෙහෙසක් දරණ බන්ධුල
නානායක්කාරවසම් රසවන්තයාගේ රෑ ඉරපාන වෙනුවෙන් අස්වැන්න ඔස්සේ මේ සටහන ලියැවෙන්නෙ බන්ධුලගේ
මේ අතිශය බැරෑරුම් සහ දුෂ්කර ක්‍රියාවේ මියුරුතම ඵළ නෙළන රෑ ඉරපාන සියවෙනි වැඩසටහන
අබියස සිටයි.
ඉස්සර, ඒ
කියන්නෙ හැත්තෑව අසූව දශකවල අද වාගෙ ගුවන් විදුලි චැනල් විසිතිස් ගණනක් මේ රටේ
තිබුණෙ නෑ. සංස්කෘතියේ මහා වෘක්ෂයක්, සංහිඳක් වගේ තිබුණ එකම එක ගුවන් විදුලි
නාලිකාව ගුවන්විදුලි සංස්ථාව විතරයි. අසූව දශකය වෙනකොට ඒ මහා වෘක්ෂය එහෙමත්
නැත්නම් රජයේ ගුවන්විදුලිය තවත් ප්‍රාදේශිය ගුවන්විදුලි සේවා තුනකට ලියලනව. ඒ
රුහුණු, රජරට සහ කඳුරට සේවා විදිහට. ඒ කාලෙ
මිනිසුන්ට උදේ ඉඳන් රෑ නින්දට
යනකල් රේඩියෝ චැනල් එකක් විදියට අහන්න ලැබුණෙ ආණ්ඩුවේ ගුවන්විදුලිය වෙච්ච
ගුවන්විදුලි සංස්ථාවෙ එක්කෝ වෙළඳ සේවය එහෙමත් නැත්නම් ස්වදේශිය සේවය. අලුත් ප්‍රවෘත්තියක්
එහෙමත් නැත්නම් අලුත් සිංදුවක් ඇහුවෙත් ඔය රේඩියෝ චැනල් දෙකෙන් එකකින් ම තමයි.
අද වාගෙ පැයෙන් පැයට, පැය බාගෙන් බාගෙට, විනාඩියෙන් විනාඩියට
ක්ෂණික ප්‍රවෘත්ති කියන ක්‍රමවේද නොතිබුණත් මිනිස්සු හරියට ප්‍රවෘත්ති යන වෙලාවල්
වලට ප්‍රවෘත්ති අහන්න පුරුදු වෙලා හිටිය. ඒ හින්දම ඒ කාලෙ ප්‍රවෘත්තිවලටත් පොඩි
වටිනාකමක් තිබුණෙ ඒකත් සාහිත්‍යමය බසකින් පිරිල තිබුණ නිසා. දවසේ වැඩකටයුතු අහවර
කරගෙන හැන්දෑවට ගේ මැද සාලෙට එකතු වෙන්නෙ ඒ රේඩියෝ එකෙන් ප්‍රචාරය වෙන මුවන්
පැලැස්ස, මොනරතැන්න, වජිරා, වගේ ගුවන් විදුලි නාට්‍යක් අහන්න එහෙමත් නැත්නම්
හොද සරල ගිත වැඩසටහනක් අහන්න. ඒව අහන්න
පුරුදු වෙච්ච මිනිස්සු ඒ වැඩසටහන් වලින් තමතමන්ගෙ මනෝ ලෝකවල තමතමන්ට රිසි විදිහට කල්පනා
ලෝක හදාගත්තෙ ඒ වැඩසටහන්වල තිබුණ කලාත්මක බවත් නිර්මාණාත්මක බවත් හින්දා.
කාලයත් එක්කම
සියලු දේ වෙනස් වෙන්නෙ රූපවාහිනිය ගේමැද සාලයට ආපු හින්දා. එදා ගේමැද සාලෙ තිබුණ රේඩියෝව
කුස්සියට යනවා. මිනිසුන්ගේ කල්පනා ලෝක යාන්ත්‍රික වෙනව. එහෙම ගොඩනැගෙන යාන්ත්‍රික
සංස්කෘතියකට හැඩගැහෙන මිනිසුන්ට අලුතෙන් හිතන්න, කැමති කැමති විදිහට කල්පනා ලෝක
හදාගන්න බැරි වෙන තරමට රේඩියෝව ඈත් වෙනව. ඒකෙ ප්‍රතිඵලය වූනේ හැන්දෑවට රේඩියෝව අහන
සහ අහපු පිරිස අඩු වෙච්ච එකයි. ලංකාව වගේ රටකට ඔරොත්තු නොදෙන තරමට හතු පිපෙන්නාක් සේ ගුවන්විදුලි
නාලිකා බිහිවීමේ අතුරු ප්‍රතිඵලය වූනේ තරගකාරී මාකට් එකක් චැනල් අතර ඇතිවීමයි. තමතමන්ගෙ
ගුවන්විදුලි නාලිකාවල රේටිං ඉහළ දමාගන්න ඕනෙ වුණ නිසා හැන්දෑවෙ වටිනා ගුවන් කාලයක් වෙච්ච හැන්දෑවෙ 7
-10 ගුවන් කාලය තුළ දිනපතා බිහිවූයේ අවාසනාවට ඇත්ත කතා. මේ තමයි ගුවන් විදුලි ශ්‍රාවකයන්ගෙත්
අවාසනාවට ඇත්ත කතාව.
දිගින්
දිගටම මට මේ කතාව ඇදගෙන එන්න සිද්දවෙන්නෙ එහෙම
පිරිහිච්ච ගුවන්විදුලි අතීතයකුත් එක්ක. එහෙම වටිනා ගුවන්කාලයක් තිබිච්ච කාලෙකට
පස්සෙ මීට අවුරුදු දෙකකට කලින් ඉරිදා
හැන්දෑවෙ 7 -9 පැය දෙක බන්ධුල
නානායක්කරවසම් රසවතා තමන් අතට ගන්නෙ අඩුම තරමින් සතියකට පැය දෙකක්වත් මිනිසුන්ට
අලුතින් යමක් හිතන්න පුලුවන්දෙයක් ගේන්න. ඒ විදියට දෙරණ නාලිකාවෙ වැඩසටහනක් හැටියට
රෑ ඉරපාන නිර්මාණය වෙන්නෙ මීට අවුරුදු දෙකකට කලින්. පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක් විදිහට එෆ්.
එම්. දෙරණ නාලිකාව ගුවන්විදුලි ශ්‍රාවකයන්ට ආපහු අවශ්‍ය වෙච්ච ඒ හැත්තෑව අසූව
දශකවල මිහිර රැදුණු අතීතයේ රසෝඝය ආයෙමත් හොයන්න කැඳවන්නෙ බන්ධුල නානායක්කාරවසම් නම්
වූ අපේ කාලයේ රසවතා. බන්ධුලගෙ විදග්ධ කවිත්වය වගේම, රම්‍ය වූ කවි බසත් එක්ක සඟරාමය වැඩසටහනක් විදියට දිගහැරෙන
රෑ ඉරපාන එක්ක අසන්නන් වෙච්ච අපට පෑහෙන්න සිදු වෙනව.
ගුවන්
විදුලි නාලිකා අතර හැන්දෑවෙ 7 - 9 ගුවන්
කාලය තුල ගුවන්විදු නාලිකාවක් එක දිගට අහන් පුරුදු කරන්නෙ රෑ ඉරපාන සංගීතමය
වැඩසටහන . මෙවන් වැඩසටහනක විශේෂත්වය වෙන්නෙ රෑ ඉරපාන ගීතය විචාර කරන තවත් එක
ගුවන්විදුලි වැඩසටහනක් නොවෙන නිසා. රෑ ඉරපාන
නිර්මාණය වෙන්නෙ ගීත ගැන හෝ ගීත පදමාලා
ගැන විචාරන්න නෙවෙයි. ගීතය මිනිසුන්ට කොහොමද සම්බන්ධ වෙන්නෙ , එදිනෙදා ජීවිතයට කොහොමද ගීතය පෑහෙන්නෙ එහෙමත්
නැත්නම් කොහොමද මේ සමාජයට ගීතය බද්ද
වෙන්නෙ කියන කාරණය පැහැදිලි කරන්න.
පැය දෙකක් තිස්සෙ බන්ධුල නානායක්කාරවසම් තමන්ගේ
කල්පනා ලෝකයේ සැරසරමින් සාමාජ ජීවිතයේ සැරි සරන කොට හමුවෙච්ච ඒ වගේම ඒ සොඳුරු නවාතැන්වල රැඳුණු මතක සටහන් එක්ක සිත නිවන තැන්වල ගත කල සොදුරු අත්දැකිම් හරහා රෑ
ඉරපාන අපේ සිතුවිලිවල පහන් දල්වනව. එහෙමත් නැත්නම් පෙර අපර දෙදිග සාහිත්‍යයේ පොතක පතක හැංගිච්ච ඉතාම සරල පුංචි සිදුවිමක් ගීතයට
බද්ද කරනවා. ඒ තමයි ඔහුගෙ කවි බස. බන්ධුලගෙ රෑ ඉරපාන විචිත්‍ර සංගීතමය ගුවන්විදුලි
සඟරාවක් වෙන්නෙ ඒ හින්දා. ඒ විතරක් නෙවෙයි
ගීතයට වඩා යමක් ඒ හෝරා දෙක තුළ ජීවිත වලට එකතු වන නිසා. ගිරා පෝතකයන් වෙච්ච නිවේදක
නිවේදිකාවන්ට රෑ ඉරපාන සොඳුරු තක්සලාවක් වෙන්නෙ ඒ නිවේදක වෘත්තියේ අගය කියාදෙන
හින්දා.
හැත්තෑව
අසූව දශකවල ගුවන්විදුලියේ මේ විදිහෙ එහෙම වැඩසටහන් තිබුණා. එදා ගුවන්විදුලියේ
සොඳුරු සෙවන, යෞවන සමාජය කළ ලූෂන් බුලත්සිංහල, සමීප රූප කළ ඩබ්ලිව්.ජයසිරි, රජරට සේවයේ මන්දාකිණිය කරපු විශාරද ගුණදාස
කපුගේ, ශනිදා සාදය කරපු ප්‍රේමකීර්ති ද
අල්විස් වගේම මෑත කාලයේ සති අග සාදය කළ නිහාල් වික්‍රම එදිරිසූරියත්, ලාල් ආනන්ද
අබේදීර කළ ආනන්ද රාත්‍රියත් මුලුමනින්ම වෙන් වුණේ ගීතය ගැන කතාකරන්නම විතරක් නෙවෙයි.
ගීතයෙන් මිනිසුන් ගැන මිනිසුන්ගෙ සිතුවිලි
ගැන කතා කරන්න. ඒ හැම කෙනෙක්ම තමතමන්ගෙ
සංගීතම විචිත්‍රාංග වැඩසටහන්වලට යොදාගත්තෙ තමතමන්ට ආවේණික වෙච්ච රටාවක්. බසත්
එහෙමයි. වෙස වුණේ ඔවුන්ගේ කවි බසෙහ සහ හඬෙහි තිබිච්ච විචිත්‍රවත් බව.
බන්දුල නානායක්කාරවසම් එයිනුත් තරමක් ඔබ්බට
ගිහින් අපිට අලුතින් හිත්නන පුලුවන් යමක්
රෑ ඉරපානෙන් හිතට එකතු කරනව. ඒක තවතවත් විත්‍රවත් වෙන්නෙ බන්දුල සතු පෙර අපර දෙදිග
ගීතය පිළිබඳ දැනුමත් අවබෝධයත්, නිර්මාණශීලි පිටපත් රචනයේ ඔහු සතු ප්‍රබල
හැකියාවත්, ගුවන්විදුලි නිවේදකයකු විදිහට මාධ්‍ය හැසිරවීමේ ඔහු සතු කුසලතාවතයත් එක්කමයි.
ගීතය, සිංහල
දෙමල, ඉංග්‍රීසි එහෙමත් නැත්නම් හින්දි හෝ වෙනත් බසකින් ගැයුණු ගීයක් වුණත් විවිධ
වූ හැඩයෙන්, උසින් මහතින් දිගින් පළලින්
හැදුන තුරුහිසක පිපුණ කුසුමක්. දැවැනත් සමාජීය අත්දැකීම් සමුදායක් කැටි කරගත්ත
නිර්මාණයක්.මල් පිපෙන තරමට ඵළ හට නොගත්තත් කෙටි කලයකය හරි සුවඳක් විහිදවනව. ගීතය
මිනිස් ජිවිතවලට සම්බන්ධ වෙන්නෙත් ඒ විදිහට. එක රැයින් පිපෙන පරවෙන කුසුම් වගේම එක රැයින්
ජනප්‍රියවෙලා නැතිවෙලා යන ගීතත්, එක රැයින්
බිහිව අඳුරේ සැඟව ඇති රමණීය මධුර ගීතත් තියෙනව. ඒත් ඒවා
නිසි වෙලාවට නිසි තැනට බද්ධ නොවෙන තාක්කල් ගීතය හෝ ගිතයෙන් ගම්‍ය වන අරුත හිතට
දැනේනෙ නෑ. එහෙම අහුමුලු වල හැංගුණ ගීත හොයාගෙන නැවත නැවතත් අහන්න හිතන්න පුරුදු කරන්නෙ
බන්ධුලගෙ රෑ ඉරපාන.
ගීතයෙන් අනන්ත අපරිමිත රස සොයන අවකාශකයක හිත්
රඳවමින් ගීතයට කොහෙත්ම අදාල වෙන්නෙ නැති සිදුවීම් මාලාවක් මුතු පොටක් සේ එකට අමුණා
ඒ මුතු පොටේ අගිස්සේ අමුණන ගීතය අපට අසා හුරු පුරුදු ගීතයක් වුණත් දැනෙන්නේ පෙර නොවිඳි
අත්දැකිමක්. අපට හුරුපුරුදු කලාකරුවෙකුගේ වතගොත වුණත් බන්ධුලගේ වාග් කෝෂයෙන් දෝර
ගලන්නේ කුරුලු පිහාටුවක තවරන ලද මී
බිඳුවක් වගේ.
වර්තමානයේ
මිනිසුන් කෙරෙන් රසිකත්වය ගිලිහිලා. එහෙව් කාලෙක සංවේදී විදිහට හිතන පතන විඳින
විදවන මිනිස්සු අඩුයි. යාන්ත්‍රික වෙච්ච ඉහමොලවලට රසිකත්වය කාවද්දන්න බෑ.
මිනිස්සු යාන්ත්‍රික වුනේ නිර්මාණාත්මකව හිතන්න පතන්න නොපෙළඹුණ හින්දා. සිතුවිලිවලින්ම ආදරය, ප්‍රේමය , විරහව විඳින්න
උගන්වන්න හැකිනම් සමාජය මීට වඩා හුඟත් ඉස්සරහින්ම තියේවි. රෑ ඉරපාන ගුවන්විදුලි
රසිකත්වයේ හෘදය සංවේදි වැඩහටහනක් වෙන්නෙ ඒ නිසයි.
ඒ නිසා මේ
රසික පිරිවත් එක්ක තවත් දුරක් යන්නට බන්ධුල නානායක්කාරවසම් රසවතානන්ට රෑ ඉරපාන සියවෙනි රශ්මි කදම්භය මහත්
ආලෝකයක් වෙන්න සියය පුරන්නත් කලින්ම අස්වැන්න බන්ධුල සමග එකතුවෙන්නෙ ඒ නිසා...෴
රෑ ඉරපාන කාලයක් මාත් එකදිගට ඇහුවා..
ReplyDeleteදැන්නං අහන්න ඒ වෙලාවේ හැටියට සෙට් වෙන්නෑ...
You can download the sound track, as I can remember, and listen later.
Deleteතරියා....
Deleteසජීවිව අහන්න බැරිවුණත් දෙරණ වෙබ් අඩවියෙන් අහන්න පුළුවන් ඕනෙම වෙලාවක.
ස්තූතියි
"මුවන් පැලැස්ස, මොනරතැන්න," නම් මං පුංචි කාලෙ අපේ ගෙදර අම්ම හැමදාම වගේ අහනව මට මතකයි..
ReplyDeleteහපෝ දැන් යන්නෙ අර මරපු කතායි, ජීවිත විනාඅස වෙච්චයි , අපේ අම්මත් ඕක අහනව හැමදාම.. මට පෙන්නන්නම බැරි වැඩේ ඕක තමයි.. :(
අහන්න පුළුවන් රේඩියෝ චැනල් එකක් අද ඇත්තටම ලංකාවෙ නැහැ. මං හිරු , Y , Sun , අනං මනං ඔක්කොම ඇහුවා.. ඒත් ඇත්තටම ඒවයින් ගත යුත්තක් නැහැ. දැන් නම් අහන්නෙ "නෙත් fm" ඒක නම් අරවට වඩා ටිකක් හරි හොඳයි
අපෝ මෙහෙත් ඔන්න ඔය විකාර කණාමැදිරි මගුල අහනවා මට එපාවෙන තැන මම කරන්නේ ෆොන් එකට හෙඩ් සෙට් ගහලා උපරිම වැඩි කරන් සින්දු අහන එක. නැත්තම් මර ලතෝනියක් අහලා රෑට නිදාගන්න වෙන්නේ
Deleteයසිත්...
Deleteඉස්සර ගුවන්විදුලි වැඩසටහන්වල සජිවි බවක් තිබුණා. ඒවා නිර්මාණ වුනත් එයින් ඔබ්බට බොහෝ දේ ඉගනගත හැකි වුණා. නම් සමස්තයක් විදියට හොද වැඩසටහනක අගය දැනෙන්නේ එහි රසයත් එක්ක.
රෙහානි..
ඔය කියන ඒව පිළිකුල් රසය දැනෙන ඒවනේ එයිනි ලැබෙන පළවිපාක එහෙම තමයි.
ස්තූතියි
අද තියෙනවා "හතේ කණිසම" ,"කණාමැදිරි රාත්‍රිය" .... මාරම නිර්මාණශීලී දේවල් කියලා හිතාගෙන කුණුහරුප දෙසා බානවා , වඩාත් ම ජුගුප්සාජනක කාරණය වන්නේ දැන් ඒවා අවසානයේ හාමුදුරු කෙනෙකුගේ දේශනයක් තියමින් අර මෙලෝ රහ නැති වැඩසටහනේ ගුනේ කියවන අයුරුයි. මුලින්ම එකක් දෙකක් ඇහුවට පස්සේ මේ ළඟදී බස් එකක ගෙදර එනකම් දාලා තිබ්බ කතාවක් අන්තිමට හාමුදුරු කෙනෙක් ඒ ආශ්‍රයෙන් ජීවිතය හැඩ ගස්වාගන්න කියාදෙන හැටි ඇහුවම පුදුම හිතුනා.
ReplyDeleteඉවාන් පවුලූෂා...
Deleteරෑ 7 -10 අද දවසේ වෙන්වෙලා තියෙන්නේ ඔය කතාවලටනේ.ඉදිරිපත් වන කතාවේ අදහස හොඳ වුනත් ඒ පැය 3 අපරාදේ කියල තමයි නිතරම හිතෙන්නේ..
//සිතුවිලිවලින්ම ආදරය, ප්‍රේමය , විරහව විඳින්න උගන්වන්න හැකිනම් සමාජය මීට වඩා හුඟත් ඉස්සරහින්ම තියේවි.//
ReplyDeleteසම්පූර්ණ ඇත්ත දයා...
//එහෙම අහුමුලු වල හැංගුණ ගීත හොයාගෙන නැවත නැවතත් අහන්න හිතන්න පුරුදු කරන්නෙ බන්ධුලගෙ රෑ ඉරපාන.//
අහලා බලන්ට ඕනි.
අහලා බලන්ට ඕනි.
පොඩ්ඩි...
Deleteඅහල බලන්න පොඩ්ඩි එදා 100 වෙනි වැඩසටහනේදි මේ අස්වැන්න ගැනත් බන්දුල කිව්වා.එෆ් එම් දෙරණ වෙබ් අඩවියේ රෑ ඉරපාන 100 වැඩසටහන දැන් අහන්න පුළුවන්.මෙන්න මේ ලින්ක් එක 100 අහන්න
http://fmderana.lk/re_irapana
ස්තූතියි
මාත් දැන්නං අහනවා හොරයි මේ වැඩසටහන. හැබැයි බන්ධුලයන් කරපු දේශන කිහිපයක් නං මේ මෑතක අහන්න අවස්ථෘව ලැබුනා. ස්තුතියි දයා...
ReplyDeleteදේශකයා...
Deleteබන්දුලගේ කවිය ගිතය ගැන කරන දේශනත් රෑ ඉරපාන වගේම තමයි.
ස්තූතියි
මේක අහන්නේ ඉතාම සීමිත පිරිසක්. එයාලා බලාපොරොත්තු උන දේ සිද්ද උනේ නම් නෑ. ප්‍රධාන හේතුව මේ වැඩසටහන ප්‍රචාරය වෙන වෙලාව සහ නැවත ප්‍රචාරය වන වෙලාව. ඒ වෙලාවන් දෙකම මිනිස්සු බොහෝම කාර්යබහුල වේලාවන්. මේ වැඩ සටහන සෙනසුරාදා රාත්‍රී 9.00 ට ප්‍රචාරය කලා නම් මීට වඩා ජනතාව අතරට යනවා..
ReplyDeleteමාතලන්..
Deleteඑහෙම අහන්න බැරිවෙන අයට පරිගණකයේ වෙන වැඩක් කරන ගමන් එෆ් එම් දෙරණ වෙබ් අඩවියේ රෑ ඉරපාන වැඩසටහන පටිගත කළ එක අහන්න පුළුවන්. සෙනසුරාදට තියෙනවනම් පහසුයි තමයි.
ස්තූතියි
FM දෙරණ නං මම අහලම නෑ
ReplyDeleteරෙහානි
Deleteහල බලන්න එක වැඩසටහනක් හරි . අහන්න තහිතේවි. එෆ් එම් දෙරණ වෙබ් අඩවියේ රෑ ඉරපාන 100 වැඩසටහන දැන් අහන්න පුළුවන්.මෙන්න මේ ලින්ක් එක 100 අහන්න
http://fmderana.lk/re_irapana
//වර්තමානයේ මිනිසුන් කෙරෙන් රසිකත්වය ගිලිහිලා. එහෙව් කාලෙක සංවේදී විදිහට හිතන පතන විඳින විදවන මිනිස්සු අඩුයි.//
ReplyDeleteමම හිතන්නේ නැහැ එක එහෙමමයි කියලා.රසිකත්වයේ යම්කිසි අඩුවක් තියෙන්න පුළුවන් උනත් සුභාවිත සංගීතයට මිනිස්සුන්ගේ ඇති ලැදියාව තාමත් තියෙන නිසා නේද "නන්දා මාලිනි ගේ "ස්වේත රාත්‍රිය"රට වටේ ගියේ."ස"ප්‍රසංගය නතර කරන විටත් රසික ප්‍රතිචාර වල අඩුවක් තිබුනේ නැහැ නේද..?දැන් ටී.එම් ගේ ප්‍රසංගය උනත් රට වටේ යනවානේ."රෑ ඉරපාන"මේ වසර දෙකක්ම මේ විදියට ආවෙත් ඒ රසිකත්වය නිසා විය යුතුයි.මේ තරම් වාණිජකරනයට ලක්උන සමාජයක මේවිදියට හෝ රසිකත්වය ඉතුරු වී තිබීම ගැන සතුටු විය යුතු නොවේද..?
මනෝජ්...
Deleteමුලුමනින්ම රසිකත්වය ගිලිහිලා නැහැ ඒක ඇත්ත නමුත් වෙළඳ මාෆියාව හරසුන් ගීත සාහිත්‍යයයෙන් මිනිසුන් වෙලාගෙන ඉන්නේ.ඒ නිසා රසිකයන් නිස්සාර දේට යොමුවෙනවා. සුභාවිත ගීයට පෙම්බැඳි ඒ රසිකයන්ම තමයි බහුතරයක් රෑ ඉරපාන වටා රැඳිල ඉන්නේ..
මමත් සමහර දාට අහන වැඩසටහනක්.
ReplyDeleteදිලිනි..
Deleteඉඩක් ඇත්නම් වෙබ් අඩවියෙන් පැරණි ඒවත් අහන්න
කවදාවත් මේ වැඩසටහන අහන්න ඉවරයක් හොයාගන්න බැරිවුනත් සියවෙනි වැඩසටහනට සුභපතනවා..
ReplyDeleteමේ වැඩසටහනේදි අළුත් සින්දු ගැන කතා කෙරන්නනේ නැද්ද?
රූ..
Deleteඅලුත් සිංදු ගැන ලැබෙන පරිදි කතාකරනවා අවස්ථා තිබුණා.වැඩේ තියෙන්නේ අලුතින් ගිත බිහි නොවන එකනේ
මං උමතුවෙන් වගේ කාලයක් රෑ ඉර පාන ඇහුවා. දැන් නම් ඒක පොඩ්ඩ අඩු වෙලා. ඒත් වෙලාව තිබුන වෙලවට track එක බාගෙන අහනවා මෙන්න ලින්ක් එක http://fmderana.lk/re_irapana බන්දුල නානායක්කාරවසම් කියන්නෙ නිර්මාණශිල්ත්වය උපරිම කාලාකරුවෙක්. සිංදුවක් ගැන අලුතෙන් හිතන්න පුරුදු කල වැඩ සටහනක්.
ReplyDeleteමේ සතියෙ ලක්බිම ඉරිදා පත්තරෙ බන්ඩාර ඇහැලියගොඩ මහත්මයගෙ ලිපියක් තියෙනව..."ගෙවල්වල ඉන්න බල්ලොන්ගෙ නම්කිව්වත් කලාකරුවන්ගෙ නම් නොකියන එෆ් එම් නාලිකා" යනුවෙන්.මේ ගුවන්විදුලි විනාසය ගෙනා නිමල් ලක්ෂපති ගැනත් තියෙනව.දෙරණත් ඇතුලුව සියල්ලම එක ගොඩේ. එහෙත් මේ වැඩසටහන අගය කරනව.දෙරණට මල්මිටක්.
ReplyDeleteනිවේදක කලාව කියන්නෙ..කුමක්දමිනිසුන්ගේ හදවතට...සොම්නසට..සැනසුමට ආමන්ත්‍රනය කරන්නෙ කෙලෙසද..කියාදෙනව. ඉතා රමනීයයි.
අනික රාත්‍රියට අසා සොම්නස් සිතින් නිදිසුව ලබන්නහැකි වැඩසටහනක්.
ඉදිරිපත් කිරීම නම් ඉතා විශිෂ්ඨයි.
මගේ රැකියාවත් එක්ක ඔය වැඩ සටහන් අහන්න වෙලාවක් නැති උනත් මම මේ ඉරිදා නම් ඕක කොහොම හරි අහනවා ..
ReplyDeleteඒ එක්කම අහිංසක ආරාදනයක් තියෙනවා .. මගේ බ්ලොග් එක තාම ළදරුවෙක් .. ඇවිත් යන්න එන්න පුලුවන්නම් වටිනවා .. ගොඩක් මට ....
http://nethukadulu.blogspot.com/
මාත් පුලු පුලුවන් විදියට රෑ ඉරපාන අහනව.. ඔහු ඒ පැය දෙකේදි අපව වෙනත්ම ලෝකයකට අරගෙන යනව..
ReplyDeleteසියවෙනි වැඩසටහනට මගෙනුත් සුභ පැතුම්..
මම මුලදි ඇහුවෙ ස්වදේශිය සේවය. ඒකෙ මේ ආරට යන වැඩසටහන් තවත් තිබුනා වගේ මතක. ඒ වගේම ඒ ඉදිරිපත් කරන වැඩසටහන් ගීතයේ භාවිතයත් එක්ක එන වැදගත්කමයි ඇතුලත හොඳින් පෙරලල බලල කියා දෙන වැඩසටහන්. රත්නායක අයියට බොහොම ස්තුතියි ආයෙත් මතක් කලාට මේ ගැන. බන්දුල මහත්මයාට සුභ පැතුම් නොකඩවා මේ වැඩසටහන ඉදිරියට ගෙන යාම ගැන.
ReplyDeleteඔබගේ අඩවිය කියවන්න කියවන්න ආස හිතෙනවා. මං හරිම කැමති ඔබ ලියන මාතෘකා වලට. රෑ හද පාන අනිවාර්යෙන් ම අහනවා.
ReplyDeleteඅපේ බ්ලොග් එකෙනුත් ලින්ක් එකක් දුන්නා.
අපි කුරැටු ගෑ ගී පවුරෙන්
රෑ ඉරපාන ඉරිද ඒ වෙලාවටම අහන්න ලැබෙන්නෙ නම් නෑ .මම ඒ වෙලාවට වැඩ..ඒත් සිකුරාදා අනිවාර්යයෙන්ම අහනව...බන්දුල රෑ ඉරපාන ඉදිරිපත් කරන විලාසයෙ මට හිතෙන්නෙ ඒ අපූරු හෘදයාංගම බව රැඳිල තියෙන්නෙ...
ReplyDeleteමුවන් පැලැස්ස ගැන එහෙම අපේ අම්මලා තාමත් කියනවා එයාල පොඩි කාලේ අහපු ඒ වගේ වැඩ සටහන් ඊට පස්සේ අහුනෙම නෑ කියලා. ඉතින් කතාව ඇත්ත. අපේ ගෙදරත් ගුවන් විදුලිය කුස්සියට තල්ලු වෙලා තමයි. ඒ නිසා මේ වගේ වැඩසටහන් අද කාලේ කලාතුරකින් හරි බිහි වෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ.
ReplyDelete