සුනිලා අබේසේකර; ඇය විවිධ
වූත් විචිත්‍රවූත් හැකියාවන් රැසකගෙන් සපිරි කලාකාරිනියක වූවාය. විටෙක ඇය සිංහල නාට්‍ය
වේදිකාවේ රංගන ශිල්පිණියකි. තවත් වරෙක ඒ නාට්‍ය වේදිකාවේම ගායන ශිල්පිණියකි.
සිනමාවේදී ඇය චිත්‍රපට පසුබිම් ගායිකාවකි. සිනමා නිළියකි. සිංහල සහ ඉංග්‍රිසි බස චතුර ලෙසත් මධුර ලෙසත් හසුරුවන නිවේදිකාවකි. වාමාංශික දේශපාලනයේ ප්‍රබල චරිතයකි. සිවිල්
සමාජය වෙනුවෙන්ම කැපවූ මානව හිමිකම් සුරැකීමේ ක්‍රියාකාරිනියකි. විශිෂ්ඨ ලේඛණ
කුසලතාවයකින් හෙබි ලේඛිකාවකි. සිනමාව සහ කලාව සම්බන්ධයෙන් දක්ෂ විචාරිකාවකි. එසේ සකල විධ කලාවේත්, වමේ දේශපාලයෙන්ත් නිරතවූ සුනිලා අබේසේකර නම් වූ අපේ කාලයේ ඒ දැවැන්ත
කාන්තා චරිතය අරගලක නිරත වෙමින් පණ පෙවූ ඒ සියලු භූමිකා අතහැර සදාතනික නිද්‍රාවකට
පත් වූවාය. එසේ සමස්ත කලාවත්, සාහිත්‍යයත්, දේශපාලනයත්, සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්වයත්
උදෙසා සුනිලා අබේසේකර කළ මෙහෙය වෙනුවෙන් අස්වැන්න මෙසේ කෘතවේදීත්වයෙන් ඇය වෙනුවෙන් මේ සටහන තබමි.
ඇය
වෙනුවෙන් අස්වැන්නෙන් මීට පෙර අවස්ථා දෙකකදී කෙටි සටහන් දෙකක් තැබූයේ ධර්මසිරි
බණ්ඩාරනායකගේ හංස විලක් සිනමා කෘතිය සහ ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් සිනමාකෘතිය පිලිබඳව
අතීත මතකය ලියන අවස්ථාවේදීය. එසේ වුවත්
සුනිලා අබේසේකර පිළිබඳව ඊට වඩා දීර්ඝ විමසුමක් කරන්න සූදානම්ව සිටියෙමි. මීට දෙසතියකට පමණ පෙර ජයතිලක බණ්ඩාරයන් මට කීවේ
මේ දැවන්ත චරිතය පිළිකා රෝගය වැළඳී ගිලන්ව සිටින බවයි.
ඇය පිළිබඳව
සහ ඇයගේ නිර්මාණ පිළිබඳව විමසුමක් කරන්න අවශ්‍ය බව මම ජයතිලක බණ්ඩාරයන්ට එදා කීවෙමි.
ජයතිලක බණ්ඩාරයන් ඇය පිළිබඳව තොරතුරු රැස්කර දෙන්නට කැමැත්තෙන්ම ඉදිරිපත් විය. ඒ
අතරතුරදී යුරෝපයේ වෙසෙන Tara Kularathna සුහදිනියද තව දෙසතියකින් පමණ ඇයගේ අගනා නිර්මාණ එකතුවක් මා වෙත එවන්නට සූදානම්ව සිටියාය.
ඒත් රෝගීව සිටින ඇය වෙනුවෙන් ඒ සටහන ලියන්නට
පෙරාතුව පිළිකා රෝගය ඉක්මනින්ම ඇය මරණය වෙත කැඳවීය.
කලාකාරිනියක
වෙමින් සිනමා කලාව, සාහිත්‍ය, සංගීතය වෙනුවෙන් සුවිසල් මෙහෙයක් කරමින්ද, වාම දේශපාලනයේ නියැලෙමින්ද, මුලුමහත් මිනිස්
සංහතියේ මූලික මිනිස් අයිතිවාසිනකම් රැක
ගැනිම උදෙසා දැවැන්ත මෙහෙයක් ඉටුකරමින්ද, කලාවත් සිවිල් සමාජයත් දෙවුර දරමින් සිටි
සුනිලා 2013.09.09 දින සවස් යාමයේ සිය ජීවන රඟ මඩලින් නිකම ගියේ ඒ සියලු
කැපකිරීම්වලට නොමැකෙන සදාතනික අගයක් එකතු කරමිනි.
1952 දි
කොළඹදී උපන් සුනිලා බිෂොප් විද්‍යාලයේ
දීප්තිමත් සිසුවියක වූවාය. චාල්ස් අබේසේකර ඇයගේ පියා ය. ඔහු රාජ්‍ය නිලධාරියෙකු
ලෙසින් රාජ්‍ය ආයතන ගණනාවකම මුල් පුටුව හෙබවීය. චාල්ස් අබේසේකර ද වාමාංශික
දේශපාලනයේ ප්‍රබල චරිතයකි. රජයේ සේවයෙන් අනතුරුව රාජ්‍ය නොවන සංවිධාන ගණනාවකට
පුරෝගාමී වෙමින් සිවිල් සමාජය වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් කළේය. ඒ අතර “මර්ජ්” සංවිධානය ද විය.
සුනිලා
අබේසේකරට සිය පියාගේ දේශපාලන දෂ්ඨියේ අත්දැකීම් අහන්න විඳන්න ලැබෙන්නේ ඇයගේ
බාලකාලයේ පටන්ම ය. සිය පියා සමග මෙන්ම රෙජී සිරිවර්ධන, මහාචාර්ය සුචරිත ගම්ලත් වැනි වාමාංශික දේශපාලනයේ දැවැන්ත බුද්දිමතුන් සමග එකට එක පෑහෙමින් සුනිලා වමේ දේශපාලනය ජනතාව වෙත ගෙන යාමට යොවුන්වියේ සිටම කටයුතු කළාය. රංගනයට , ගායනයට, සංගීතයට බිෂොප් විද්‍යාලයේ ඉගනුම ලබන කාලයේ
පටන්ම මනා හැකියාවක් සහ කුසලතාවයක් පෙන්වු සුනිලා
මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වේදිකා රංගන ශිල්පිණියක ලෙසිනි. ජයලත්
මනෝරත්නයන්ගේ මුල්ම වේදිකා නාට්‍ය වූ මහගිරිදඹ වේදිකා නට්‍යයේද, රංජිත්
ධර්මකීර්තිගේ මෝදර මෝල සහ අංගාරා ගඟ ගලා බසී
වේදිකා නාට්‍යයේ ද හෙන්රි ජයසේනගේ මකරා නාට්‍යයේ සහ දිරිය මව සහ ඇගේ දරුවෝ නාට්‍යයේද රංගනයෙන් මෙන්ම ගායනයෙන් දස්කම් දැක්වූ සුනිලා හැත්තෑව
දශකයේ තවත් වේදිකා නාට්‍ය ගණනාවකට සිය දායකත්වය ලබා දුන්නාය. ඇය චිත්‍රපට නිළියක ලෙස අභිෂේක ලබන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ දෙලොවක් අතර චිත්‍රපටයෙනි.
හැත්තැව
දශකය ආරම්භයේ සිටම කේමදාසයන්ගේ සංගීත මංජරියේ මුල් පෙළ ගායිකාවන ලෙස කටයුතු කරන්නට
සුනිලාට හැකි විය. කේමදාසයන් හඳුනාගත් සැබෑ කාන්තා ගී හඬ ඇය සතුව තිබුණි. එහෙයින්ම ඇය කේමදාසයන්ගේ සිනමාව, වේදිකා
නාට්‍ය සංගීතය, ඔපෙරා, සිම්ෆනි, ඇතුළු මාස්ටර්ගේ සියළුම සංගීත වැඩසටහන් වලට
සුනිලාගේ ගී හඬ ආලෝකයක් විය. පෙරදිග මෙන්ම බටහිර සංගීතය පිළිබඳව ඇය සතුව තිබූ දක්ෂතාවයත් කුසලතාවත් නිසා කේමදාස මාස්ටර්ගේ සංගීතයේ මුල්තැන ඇයට හිමිවිය. ඇය සොෆ්‍රානෝ ශෛලියේ ගායිකාවකි. ඒ නිසා සුනිලා ද කේමදාසයන්ගේ සංගීතය හැර
වෙනත් සංගීතයකට ගී ගයන්නට නොගියාය. එසේ ගියේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි. මගේ මතකයේ
හැටියට ඇය ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ගේ ගීතනු කීපයක් පසු කාලයේ ගායනා කර තිබුණි.
කේමදාසයන්ගේ
සංගීතයෙන් හැඩ වූ ධර්මසිරි බණ්ඩාරනායකගේ හංසවිලක් චිත්‍රපටයේ හෙමින් සැරේ පියා
විදා ගීතයත්, ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් චිත්‍රපටයේ උදුම්බරා - හඳුනාගත්තොත් ඔබ මා ගීතයත් ඇය ගායිකාවක වශයෙන්
නිරුපණය කළ සංගීමය භූමිකාවේ ඉම් පෙදෙස් හඳුනාගැනිමට ප්‍රමාණවත්ය. එසේ වුවත් කේමදාසයන්
සංගීතවත් කළ රංජිත් ධර්මකිර්තිගේ අංගාරා ගඟ ගලා බසී නාට්‍යයේ ඇය ගැයූ ගී මාලාවද
වේදිකා නාට්‍ය රසිකයන්ගේ මතකයෙන් ගිලිහි තිබිය නොහැක.
සුනිලාගේ
ප්‍රසිද්ධ දේශපාලන භූමිකාව ඇරඹෙන්නේ
හැත්තෑව දශකයේ වාමාංශික දේශපාලනයේ තරුණ පිබිදිමත් සමගය. 70 දශකය මැද භාගයේ
ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති ගී ගායිකාවක වූ ඇය, ගැයූ ගීත අතර සුනිල් විජේසිරිවර්ධන සමග නිදිනැති නදියේ නාදය ගී එකතුවට ගැයූ
“දෝතට ගනිමූ” ගීතය විමුක්ති ගී
රසිකයන්ගේත්, වාමාංශික දේශපාලන ධාරාවේත් හරස්කඩක් බඳු ගීතයකි. එවැනි ගීයක් යහපත්
සමාජයක් සඳහා ඇති කළ කම්පනය කොතරම්ද කිවහොත් ඒ ගීතය පසු කාලයේ ජයතිලක බණ්ඩාරයන්ද සාධු ජනරාව සහ ගී රස වින්දන හරහා නැවත ජනතාගත කළේය.
විමුක්ති
ගී ප්‍රසංගයෙන් පසුව ඇය රජරට කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැගුණ ජනතා කලා කේන්ද්‍රය
පිහිටුවිමට පුරෝගාමී වු අය අතරින් කෙනෙකු වූයේ සුනිලාය. නන්දන මාරසිංහ, සුනිල්
විජේසිරිවර්ධන, ගුණදාස කපුගේ, ජයතිලක බණ්ඩාර ආදි කලාකරුවන්ගේ සාමූහික වෑයමක් ලෙස
බිහිවන රජරට ජනතා කලා කේන්ද්‍රය හරහා බිහිවූ කාලයේ රාවය ප්‍රසංගයේ සුනිලා ගී ගැයුවාය. අසූව දශකයේ අග
භාගයේදී මර්ජ් ආයතනයේ ක්‍රියාකාරිනියක වූ සුනිලා මර්ජ් ආයතනයේ සහයෝගයෙන් ආචාර්ය
සුනිල් විජේසිරිවර්ධනගේ ගීපදමාලා ඇතුළත්ව කේමදාසයන් සංගීතවත් කල නිදි නැති නදියේ
නාදේ කැසට්පටය නිර්මාණය කර එළි දැක්වූවාය.
ඇය සිවිල්
සමාජ ක්‍රියාකාරිනියක ලෙස දේශපාලන කරලියේ කතාබහට ලක්වන්නේ 70 දශකයේ සිටමය. 88 – 89
කාලයේ භීෂණ සමයේ අතුරුදහන් වූවන්ගේ පවුල්වල අයගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම
වෙනුවෙන් Youth Inform ආයතනයේ කළ කැපකිරීම්ද ඇයගේ ජීවන ගමනෙහි ප්‍රබල
මං සලකුණුය. ඒ යුගයේම ප්‍රේමදාස පාලනයට එරෙහිව මවුවරුන්ගේ පෙරමුණ, සහ අතුරුදහන්
වූවන්ගේ මාපිය දූදරු සංවිධානය වැනි සංවිධාන ගණනාවක් සමග සමීපව කටයුතු කරන සුනිලා
එවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයින් ප්‍රේමදාස
දුර්දාන්ත පාලනයට එරෙහිව ජිනීවා මානව හිමිකම් සංවිධානය වෙත රැගෙන යාමට අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු
කළාය.
දීර්ඝ
කාලයක් තිස්සේ සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්ව සහ මිනිසුන්ගේ මානව හිමිකම් වෙනුවෙන්
පෙනි සිටි එඩිතර සහ දක්ෂ කාන්තාවක වූ නිසා ජිනීවාහි මානව හිමිකම් සංවිධානය
පුරවැසියෙකු වෙනුවෙන් පිරිනමන මානව හිමිකම් සම්මානය සුනිලාට එහි අධ්‍යක්ෂ ජනරාල්
වශයෙන් කටයුතු කළ කොෆි අනන් අතින් 1999 වර්ෂයේදී හිමිවන්නේ ඇයගේ මේ සුවිශේෂ කාර්ය භාරය නිසාය. ශ්‍රි
ලාංකිකයෙක් වශයෙන් එදා මෙදා තුර ලැබූ මානව හිමිකම් සම්බන්ධයෙන් ලද ඉහලම සම්මානයද
එය වන්නේය.
ශ්‍රී
ලාංකික කාන්තාවගේ සුවිශේෂ කාරය භාරය වඩාත් දාර්ශනික මතවාදයකට ගොනුකර ගැනීමෙහිලා
ලාංකේය කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පැහැදිලි කතිකාවක් ගොඩනැගීමේ මෙහෙවරද
විචාර, විවේචන, ගැරහුම් මැද ඇය ඉටුකළාය. සිය හෘද සාක්ෂියට එකඟව සියළු ශ්‍රී ලාංකික
කාන්තාවන් වෙනුවෙන් ද, සියලු මිනිසුන්ගේ
මානව හිමිකම් වෙනුවෙන්ද ප්‍රබල හඬක්
අවදිකළ සුනිලා ලංකාවේ එදා මෙදාතුර සිදුවූ මානව හිමිකම් කඩවීම් ලෝකය තුළ මතවාදයකට ලක් කරන්නට කටයුතු කළාය.
මෙරට යුද
සමයේ ද්‍රවිඩ ජනතාවගේ බිඳ වැටෙන අයිතිවාසිකම්
වෙනුවෙන් ප්‍රබල හඬක් නැගූ සුනිලා වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව මියෙන
තෙක්ම හඬ නගමින් දැවැන්ත අරගලයක නිරත වූවාය. එහෙයිම ඇය වත්මන් ආණ්ඩුවේ ඇස්වලට ගිනි
යවුල් අනින ආණ්ඩුවේ වෛරී චරිතයක් බවට වූවාය. ඇය ආණ්ඩුවිරෝධී චරිතයක් බවට පත්වන්නේ වත්මන්
ආණ්ඩුවට අභියෝග කිරිමත් සමගය.
සියලු
මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස වෙනුවෙන්ද, යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ගේ
අයිතිවාසිකම් වෙනුවෙන්ද කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන්ද නිරන්තයෙන් පෙනී සිටි ඇය
දිරිය දියණියක් සේම අභීත දියණියක වෙමින් මෙරට යුක්තිය සාධාරණත්වය අගයන සියලු පුරවැසියන්ගේ
අපේක්ෂාවන්හි පහන් දැල්වූවාය.
ඩබ්ලිව්.ජයසිරි,
කෙලී සේනානායක සහ සුනිල් විජේසිරිවර්ධන සමග විවාහවී සිටි ඇය දෙදරු මවකි. ඇයගේ
පුද්ගලික ජීවිතයේ රහස් කිසිවටකත් සැඟවිමට
හෝ වසන් කිරිමට කිසිදු උත්සාහයක් නොගත් සුනිලා ඒ සියලු විවාහ බන්ධන වලින් මිදුනේ
සිවිල් සමාජ ක්‍රියාකාරිනියක වූ නිසාය. ඒ විවාහ බන්ධන වලින් මිදුනු පසුව නිදහස්
කාන්තාවක ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටින සුනිලා, ඇය නියෝජනය කළ සමාජය වෙනුවෙන්
පැහැදිලි ලෙසම පෙනීසිටන්නට ඔවුන්ගේ සහය අවශ්‍ය තැන්හි ලබාගන්නේ විවාහය යනු හුදු
ලියවිල්ලක් බව පසක් කර දෙමිනි.
කෙසේ වෙතත්
දෛවය විසින් ගෙන ආ ඉරණම හමුවේ ජීවිතයේ අවසන් කාලය විදේශයන්හි ගතකරන්නට ඇයට
සිදුවන්නේ වත්මන් ආණ්ඩුව සමග අරගල කිරීමත් සමගය. ඇය විදේශගත වූයේ ජීවිතාරක්ෂාව
උදෙසාය. එසේ වුවත් මරණය වේගයෙන් ඇය හඹා
පැමිණියේය. මාරාන්තික පිළිකා රෝගය ඇයගේ සියළු ශක්තීන් ආක්‍රමණය කරමින් ඇයගේ ජීවිතය
ඩැහැගන්නට අරගල කරන බව ඕ පසක් කරගෙන සිටියාය. ශ්‍රී ලංකාවේ සියළු ජාතීන් වෙනුවෙන්
ද , මුලුමහත් සමාජයක යුක්තිය සාධාරණත්වය වෙනුවෙන්ද සිය ජීවිතය කැපකල සුනිලා ලක්
දෙරණ මත සිය අවසන් සුසුම මේ වාතලයට මුසුකර අවසන් නින්ද මේ බිමේදීම වැළඳ ගැනීමට කැමැත්තෙන්
සිටි නිසා මීට මාස කීපයකට පෙර මරණය දෝතින්ම රැගෙන ලංකාවට පැමිණියාය. කිනම් මොහොතක
හෝ ඇය කරා වේගයෙන් පැමිණෙන මරණය අපේක්ෂාවෙන් සිටි ඇය සියලු අරගලයන් පෙරේදා සවස් යාමයේ නතරකර
දැමුවාය. ඒ යුක්තිය සාධාරණත්වය අගයන මිනිසුන්ගේ හදවත් තුළ සදා ලැගුම් ගනිමිනි.
ඇය පිළිබඳව
බොහෝ දේ මේ වන විට ලියැවෙමින් තිබේ. අද සවස් යාමයේ ඇය නික්ම යන්නේ ඇය ගොඩ නැගූ
සියලු අපේක්ෂාවන් බුද්ධිමත් මිනිස් පරපුරකට තිළිණ කරමිනි. ඇයගේ කලාවත්,
දේශපාලනයත්, සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්වයත් සියලු මිනිසනුගේ මතකයේ රඳවමිනි. ලංකේය
කාන්තාවන් වෙනුවෙන්ද, පීඩාවට පත්වූ සියලු
මිනිසුන් වෙනුවෙන්ද සුනිලා ගොඩනැගූ භූමිකාව මතු මතුත් සදානුස්මරණිය වන්නේ එහෙයිනි.
අස්වැන්න මේ මොහොතේ ඇයට කෘතවේදීත්වය පළකර සිටින්නේ ඇය ඉටු කල ඒ උදාරවූ මෙහෙය
වෙනුවෙනි. මේ සුනිලා අබේසේකර නම් වූ ඇයයි.
දෝතට ගනිමූ දෝතට ගනිමූ
ඉරද හඳද මහ පොළවද දෝතට ගනිමූ
උදා හිරු එලියේ දිලිසෙන විළිකුන්
ඵලයක්
රැයේ ගලා හැලෙන නිල්වන්
තරුවක්
දියෙන් පෙඟී තියෙන හදවත්
කැටියක්
ඒ හදවත ගැන කියවෙන ආදර කවියක්
සුනිලාවනි.....
හිමින් සැරේ පියා විදා සිනිදු සයනේ සුමුදු ඇතිරිල්ලෙන් මුදා හැර ගිය සියොත් කැල ඔබ හිස
අද්දර ඒ ගැයූ මිහිරැතිම ගීය ඔබේ සුව නින්දට සුවයක් සදාවා....! ඔබට සුබ රාත්‍රියක්ම
උදාවේවා......! මේ සිතාරය හඬන කඳුළු ඒ
සියලු උදාර මිනිසුන් ඇස උපදින කඳුළුද, හද
උපන් සුසුම්ද වන්නේය. ඒ සියල්ල ඔබේ නින්දට උණුසමක්ම වේවා...
පළමු ඡායාරූප 03 අන්තර්ජාලයෙනි.
//සුනිලාවනි..... හිමින්සැරේ පියා විදා සිනිදු සයනේ සුමුදු ඇතිරිල්ලෙන් මුදා හැරගිය සියොත් කැල හිස අද්දර ඒ ගැයූ මිහිරැතිම ගීය ඔබේ සුව නින්දට සුවයක් සදාවා....! //
ReplyDeleteආදරණීය ප්‍රාර්ථනාවක්!!! එය එලෙසම ඉටුවේවා...
සුනිලා ගැන මුලින්ම දැනගත්තේ අස්වැන්නෙන්. අන්තිමට සමු දෙන්නෙත් අස්වැන්නෙන්.
මෙබඳු ගැහැනු අපි හැමෝටම ආදර්ශයක් වේවා. වෙනත් දෙයක් කීමට තරම් හිත නැමෙන්නේ නෑ මේ වෙලාවේ.:(
පොඩ්ඩි..
Deleteස්තූතියි බෙහෙවින්ම ඇය වෙනුවෙන් සටහනක් තැබුවාට. සුනිලා වැනි මල්ටි ටැලන්ට් කාන්තාවකට මම බෙහෙවින්ම ගරු කරනවා. ඇයගේ හැකියාවන් විවිධ වූ ක්ෂේත්‍රයන් කරා විහිදෙනවා. හැම කලාකරුවෙක් වෙනුවෙන්ම මම හටහනක් නොලීවත් මෙවැනි තෝරාගෙත් චරිත වලට මගේ ගෞරවයක් තියෙනවා.
This comment has been removed by the author.
ReplyDeleteඇගේ වියෝව ගැන සංවේගයෙන් දන්වමින් මිතුරෙක් පැවසුවේ ඈ ලංකාවේ අම්මා බවයි.
ReplyDeleteඇගේ හඩ අද්විතීයයි... අමරණීයයි. වැඩත් එසේමයි. හදත් එසේමයි.
ඇයට සදාතනික සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....
අයියෙ හැකිනම් හොයල දෙන්න.. දෝතට ගනිමු ගීතය. ආසයි ඒ ගීතය අහන්න.
මරු අම්මා.කොටින්ට ඩොලර් වලට කඩේ ගිය එන් ජී ඕ පරට්ටි.ඕකි මේ රටට බටහිර ස්ත්‍රීවාදය ගෙනත් සමාජය දූෂණය කළා.
Deleteතරු රසී...
Deleteස්තූතියි ඇය වෙනුවෙන් සටහනක් තැබුවාට. ඇයගේ දෝතට ගනිමූ සහ තවත් නොඇසූ ගී කීපයක් මතු දවසක අහන්න සලස්වන්නම්..
@ මිතුරු සැමට..
මිතුර... හැම මිනිසෙක්ම ජීවිතේ සියයට සියයක් නිවැරදි සහ උත්තරීතර නොවෙන්න පුළුවන්. හැම අදහසක්ම එක හා සමාන වෙන්න ඉඩක් නෑ. විෂම සමාජයක විෂම අදහස් ඇති අය ඉන්නවා. ඔබ ඇය ගැන දක්වන ආකාල්පය එහෙම වෙන්න පුළුවන්. නමුත් මා අගය කරන්නේ ඔබේ අදහස විචාරශීලිව ඉදිරිපත් කරනවානම් පමණයි. මෙවැනි අදහස්වලින් පෙන්නුම් කරන්නේ විචාරයකට වඩා ක්‍රෝධයක් ඇති බව පමණයි.
කිසිදා අමතක කල නොහැකි වටිනා මතක ගොන්නක් අපට තිලිණ කරල ඇය අපෙන් සමුගන්නවා . කිසිම කෙනෙක්ට අනුකරනය කල නොහැකි අපූරු හඬක් ඇය සතුයි . සුනිලාවනි ඔබට නිවන් සුව පතනවා !
ReplyDeleteගිම්...
Deleteස්තූතියි ඇය වෙනුවෙන් සටහනත් කැබුවාට.
වටිනා මිනිසුන්ගේ නිකම යෑම යනු......අඳුරු යුගයන්ගේ ආරම්භයයි....
ReplyDeleteනැහැ මචං කාලයක් ගිහින් හරි ඒ හිස් තැන ඉතිහාසය විසින් පුරවනවා
Deleteරස්තියාදුකාරයා..
Deleteමතු දවසක ඔවුන් ගොඩනැගූ ඉතිහාසය වරදි නිවැරදි බව ඉතිහාසය තීරණය කරනු ඇත. ස්තූතියි ඔබට
@ morabba
ස්තූතියි ඔබටත්..
විරල කාන්තාවකගේ ගාම්භීර චරිතාපදානය අප හමුවේ තැබීම ගැන දයානන්ද රත්නායක සොයුරාට ස්තුතියි.
ReplyDeleteතුසිත..
Deleteස්තූතියි ඇය ගැන ලියන්න හිටියේ තරමක් පහුවෙලා.. ඒ ඇය ජීවත්ව සිටිනු ඇතැයි අපේකෂාවෙන්...
ඇයට සුභ ගමන්.. තුසිත කිව්ව වගේ සුනිලා අබේසේකරයන් ගැන ඔබ චරිතාපදානයක් ඉදිරිපත් කර තිබෙනවා. ඇයට තියෙන්නේ නිරපේක්ෂ හඩක්.. ඒ ගැන සැකයක් නැහැ
ReplyDeleteදේශකයා...
Deleteමා ගරුකළ යුතු අය අතර ඇය මුල්තැනක ඉන්නවා...
ඒඩ්ස් හැදිලා මැරිච්ච පරට්ටි.ඕකි කොල්ලො හයර් කරනවලු දවස ගානෙ
ReplyDeleteහැක් ෙමාකක්
Deleteසැමට මිතුරු....
Deleteමිතුර මම ඇය පිළිබඳව දරන මතයට වඩා ඔබට ඇය ගැන හෝ ඇයගේ දේශපාලනය හෝ සමාජ ක්‍රියාකාරීත්වය ගැන විවේචන තියෙන්න පුළුවන්. එයට මම ගරු කරනවා. නමුත් මෙවැනි ප්‍රකාශවලින් ලුම්පන් සමාජ තලයකට වැටෙන්න එපා...ඒ මගේ කාරුනික ඉල්ලිම
ඇය වැනි අය සමජයට කවදාත් අවශ්‍යව තිබෙනවා.මේ විපරිත යුගයේ ඇයවැනි අයගේ අවශ්‍යතාව සමාජයට අත්‍යවෂම කාලයක ඇයගේ නික්මයාම මුළු රටටම පාඩුවක්.නමුත් ඇය පැතු අනෙකාගේ මානව හිමිකම් රකින රට්ට්ක් නිර්මාණය කිරීම ඇයට දිය හැකි ලොකුම උපහාරය ලෙස දකිමි.
ReplyDeleteමනෝජ්...
Deleteස්තූතියි ඇය පිලිබදව අදහසක් එකතු කිරිම පිලිබදව..
සූනිලා දක්ෂ කෙනෙක් ඒත් මා ඇය මෙරටට ආරෝපනය කරන්න වෙර දැරූ මතවාදයට දැඩි ලෙස විරුද්ධයි. නමුත් දයා කලාකරුවෙකු ලෙස ඔබ තැබූ මේ සටහන අනගියි.
ReplyDeleteමොකක්ද නලින් ඒ මතවාදය?
Deleteමොකක්ද නලීන් මතවාදය. මේ ආන්ඩුවේ මානව හිමිකම් කඩකිරීම් ගැන කතා කල එකද..? මට අරුණිගේ ළිපිය කියවන්න කියන්න නම් එපා.. මම හිතුවේ අරුණි කියන්නේ බුද්ධිමත් කාන්තාවක් කියලා, මෙතුවක් කල්.. එහෙත් ගමේ ඉන්න ඕපා දූප කතා කරන, අනවින කොඩිවින කරනා කාන්තාවකට වඩා වෙනසක් ඇගේ නෑ. කෙසේ වෙතත් අරුණිට වඩා..... ජනතාව සුනිලා ගැන දන්නවා.. ඇයට ආදරය කරනවා... ගරු කරනවා..
Deleteදෙපැත්තම දැනගන්න අරුණිගේ ලිපියේ ලින්ක් එක දෙන්න...
Deleteනලින් ඔබට ස්තුතියි.මම නම් මේකි ආනයනය කරන්න හදපු ස්ත්‍රීවාදයට දැඩි ලෙස විරුද්ධයි.ඒ තුලින් මුළු සමාජයම සෝදාපාළුවට ලක් වන නිසා
Deleteහෙමින් සැරේ පියා විදා, උදුම්බරා ගීත දෙකෙන් ඇය කොච්චර දක්ෂද කියලා තේරුම් ගන්න පුළුවන්.
ReplyDeleteපැතුම්....
Deleteස්තූතියි ඇය වෙනුවෙන් සටහනක් තැබුවාට
මේ වගේ කාන්තාවන් දැන් බිහි වෙනවා අඩු යි. ඇයට නිවන් සුව!
ReplyDeleteධාරා...
Deleteස්තූතියි ඔබටත්..
ඔබට සුබ ගමන්!
ReplyDeleteදිලිනි..
Deleteස්තූතියි ඔබටත්...
නිවන් සුව ලැෙබ්වා ඔබට
ReplyDeleteවැවි ඉස්මත්ත
Deleteස්තූතියි ඔබටත්..
This comment has been removed by the author.
ReplyDeleteසුනිලා අබේසේකර කලාකාරිනිය ගේ චරිතාපදානය ගැන,ඇය මෙලොවින් සමුගත් පසු ලියු ලිපි අතර,මෙවන්
ReplyDeleteවාක් විෂයාතික්‍රාන්ත ලිපියක්, ලිවීම සම්බන්දයෙන් දයානන්ද රත්නායක සොයුරාට ප්‍රානාමය!
disnana....
Deleteඔබට බෙහෙවින්ම ස්තූතියි...සමාජයක් හදන්න උරදුන් කලාකාරිනියක් ඇය. මම ඇයටත් ඇගේ සියලු නිර්මාණ සහ සමාජ කටයුතුවලටත් බෙහෙවින්ම ගරුකරනවා..
ස්තූතියි දයා ඔබට.....
ReplyDeleteසුනිලා මම හැමදාම ගරුකල කාන්තාවක්...වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පුරෝගාමිනියක කියන්න පුළුවන් පෙරටුගාමී චරිතයක්.
ඊට සමානව මම දකින අනෙක් කාන්තාව පියසීලී විජේගුණසිංහ මහත්මිය.සුනිලා ගැන අවම වශයෙන් වචනයක් දෙකක් හෝ ලිවිය යුතුයැයි අනන්ත වාරයක් හැඟීගියද මේ දිනවල අධික කාර්ය බහුලත්වය නිසා ඒ අදහස යටපත් කර දැමීමට සිදු උනා..නැවත්ත ඔබට ස්තූතියි දයා...:)
රවී....
Deleteස්තූතියි ඔබට.... මම ගරු කරන මගේ ගෞරවයට පාත්‍රවන චරිත සම්බන්ධයෙන් මම ලියනවා. සුනිලා කියන්නේ ඹබ වගේම මමත් ගෞරව කරන එවන් චරිතයක්..
1988-89 කාලයේ සුනිලා මානව හිමිකම් වෙනුවෙන් කතාකරන කොට වත්මන් රජයේ බොහෝ දෙනෙකුට ඇය වීර චරිතයක් වුවද 2005 න් පසු ඇයට ජාතිද්‍රෝහී, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකාරී, ඩොලර් කාක්කන් ආදී ලේබල් ඇලවීම වත්මන් දේශපාලන නායකත්වයේ කුහකකම පෙන්නුම් කරන තවත් සාධකයකි. සුනිලා එදා සිංහල කොල්ලන් මැරෙන කොටත් මෙදා දෙමල කොල්ලන් මැරෙන කොටත්, එදා මාද්‍යවේදීන්ට පහර දෙන කොටත්, මෙදා මාද්‍යවේදීන්ට පහරදෙන කොටත් එකසේ ඊට එදිරිව නැගී සිටියා....රජතුමාගේ පශ්චාත්භාගයෙන් නික්මෙන අධෝවාතයත් සුවඳව දැනෙන සමහර නිවට මාද්‍යවේදීන්ට සහ 'සැමට මිතුරු" නමින් ඉහල තප්පුලා ඇති දර්ශීය අමනයන්ට තමන්ගේ සහෝදරයෙකුටත් ගිනි අවිය එල්ලවු පසුව වත් මොලය පෑදේවියයි සිතිම අපහසුය...
ReplyDeleteමේ සටහනත් බලලා එන්න අරුණි ෂපීරෝ ලියුවක්
Deletehttp://arunishapiro.wordpress.com/2013/09/11/%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD-%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8F-%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB-%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF/
නලින් මේ ලෝකයේ ඉන්න කිසිම කෙනෙක් 100% ක් නිවැරදි සර්ව සම්පූර්ණ අය නොවන බව මම දනිමි. එසේම හැමෝටම තමන්ගෙ මතයක් තිබේ...එය 100% ක් නිවැරදි නොවන්නට පුලුවන්...මෙය මගේ මතයට වගේම අරුණි ශපිරෝ ගේ මතයටත් අදාලයි....නමුත් තමන්ගේ මතයට විරුද්ධ මත උපේක්ශාවෙන් භාරගැනීමේ යහගුණයත් හැමෝටම නැති බව මෙම ලිපිය කියවූවිට ඔබට තේරේවි
Deletehttp://kathandara.blogspot.com.au/2012/08/to-aruni-shapiro-with-love.html
එසේම සුනිලාගේ ක්‍රියාකාරකම් ගුනදාස අමරසේකර ආදීන්ට වහකදුරු සේ දැනුනු බවත් ඔබ හොඳින් දන්නවා ඇතැයි මම සිතමි.
@ නලීන්
Deleteඒ සටහන අරුණි ෂපිරෝටම ආදේශ කර බලන්න... ඇයගේ නින්දිත බව ඉතා හොඳින් පෙනෙන සටහනක්...
නලින් ඔබ වීරයෙක්.අපේ කාලයේ වීරයෙක්.බල්ලො රංචුවක් එක්කහු වෙලා බුරන කොට මට ඉන්න බැරි වුනා.මේකිගෙ මරනෙට දුක් වෙන එවුන්ට නම් හොදක් වෙන්න එපා.මට ප්‍රේමදාසය ගෙ මරණෙ දාට පසු ලොකුම සතුටක් ලැබුනෙ මේකි මැරුණ දා .අනේ මුන්ගෙ පරලොව ජීවිතය දුක් සහිතම වේවා.
Delete@ හිතවත්, සැමට මිතුරු
Deleteසුන්දර බ්ලොග් අඩවියක් ජරා කරන්න එපා.. ඔබේ අදහස් පෝස්ට් එකක් ලෙස දමන්න.. මේ කාරුණික ආයාචනයකි..
amu
Deleteස්තූතියි ඔබට මමත් 100% ක්ම ඔබ දරන මතයේ ඉන්නේ..
@ නලීනි..
මම ඒ ආටිකල් එක කියෙව්වා.. ඒ ඇයගේ මතය එහෙම වෙන්න පුළුවන්.. ඒත් මම ඒ මතය බැහැර කරනවා..
@ සැමට මිතුරු..
මිතුර ඔබ කෙසේ කීවත් මම ඇයගේ අකල් මරණය වෙනුවෙන් සැබැවින්ම කම්පා වෙනවා. කලාව පමණක් නොව ඇයගේ සමාජමය මැදිහත්විම බෙහෙවින්ම අගය කරනවා. ඇය හඬ නැගුවේ මුලුමහත් සමාජය සහ ඒ සමාජයේ සාධාරණත්වය උදෙසා.. ඒ රාජ්‍ය නොවන සංවිධාන වල සල්ලි වෙන්න පුලුවන් එහෙම නැතුව සෝමෙලාට, රේනුකාලට සහ ජැක්සන් ලාට වගේ බැංකු වලින් හිතුමතේට සල්ලි විසිකරන්නෑනේ. එතකොට ඔවුන්ගේ පරමාදරශි කලාචරිත වල හෙලුව පේනවා. ඊට වඩා සුනිලලාට පිට රටින් සල්ලි ලැබුණානම් මම සතුටු වෙනවා. මොකද ඒ සල්ලි මේ ජනතා අයිතින් වෙනුවෙන් වැය කරපු නිසා..
මාතලන්...
සැමට මිතුරු මිතුරාගෙන් මමත් ඉල්ලන්නේ එයයි.
අයියා කවදත් අපි නොදන්න එහෙත් අපි දැන ගත යුතු දේ අපට දිපු කෙනෙක්.
ReplyDeleteGM
Deleteහොඳ මිනිස්සු ගැන ලියන්න වෙනවා...
මැරෙන්න දවසකට පෙර ත් රට පාවා දීපු කාන්තාවක් වූ සුනිලා ට මැරැනට පසු ව දුක් ගී කියන බොහෝ දෙනෙක් ඉන්නවා. අපේ රටේ හැටි ඔහොමම තමයි. මැරැණ නිසා ඇය වීරවරියක් වේවි. හැබැයි මැරෙන වෙලාවෙවත් ඉපදුන රටේ ඉන්න බැරි වුණේ ඇය දේශද්‍රෝහී ලේබලයට ලක්වූ අයෙකු වූ නිසා ය. හැබැයි ඇය සමග එකට මානව හිමිකම් කතා කරපු අය අද රජ පුටු වල. ඇය දේශද්‍රෝහී කාන්තාවක ලෙස ම මිය ගියා ය. නමුත් ඇය එදා සිටිය තැනම සිටියා. අනික් අය ඒ ප්‍රතිපත්ති වෙනස් කළා. ඕක තමයි දේශප්‍රේමී වීමේ සහ දේශද්‍රෝහී වීමේ වෙනස.
ReplyDeleteඔබට ප්‍රනාමය.සුනිලා කිසි දිනක මිනිස් භවයක් නොලැබී සදාකල්ම සතර අපායේ සිටීවා
Deleteකුරුටු ගෑ ගී පවුර...
Deleteඇය ඇගේ මරණය පෙනීපෙනී අන්තිම දවස දක්වාම සටන්කලේ මේ රටේ සියළුම මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. එහෙම කතා නොකලානම් දෙන දෙයක් කාල වෙන දෙයක් බලා ඉන්න තිබුණා.
දේශප්‍රේමින් මිනිසුන්වෙනුවෙන් නිහඬව ඉන්න වෙලාවත මිනිසුන් වෙනුවෙන් හඬ අවදිකර ද්‍රෝහී වුනේ පාලනයටයි.
නියමයි කවුරු මොනාකීවත් ගායිකවක් විදිහට මමනම් කැමතියි :)
ReplyDeleteතිලංග
Deleteස්තූතියි ඔබටත්..
///සිනිඳු සයනේ සුමුදු ඇතිරිල්ලෙන්//
ReplyDeleteමේ ගීතය ඇසෙනවිට මට මුලින්ම හිතුනේ කව්ද මේ ගායිකාව කියල. පසුව තමා දැන ගත්තේ ඇය විශිෂ්ඨ කලාකාරිනියක් කියලා. දාහක් අඩුපාඩු තියෙන ඇත්තො තමා අනිත් අයගෙ වැරදි හොය හොයාම ඉන්නෙ. අපට අහිමිවුන දක්ෂ කාන්තාවක් නැතිවුනා කියල එහෙම අයට හැඟීමක් නැහැ.
" සුනිලා අබේසේකර මහත්මියනි ඔබට නිවන්සුව "
ස්තූතියි දයා ඔබට මෙවැනි ලිපියක් පලකිරීම ගැන.
සියළු දුෂ්ටකම් එකතුකර මිනිස් රුවින් නිමැවුන යක්ෂනිය මළැත් ඇය මීට වඩා විදවන්නයි තිබුනෙ.පනුවො ගහල හුගාක් දුක් විදලයි මැරෙන්න තිබුනෙ.
Deleteසෝන්යා...
Deleteසුනිලාට මල්ටි ටැලන්ට්ස් කාන්තාවක්. එහෙම අය ක්සේත්‍රයේ හමුවෙන්නේ කලාතුරකින් ස්තූතියි ඔබටත්.
@ සැමට මිතුරු..
ඔබට ඇය ගැන වෛරයක් තියෙන්න පුළුවන්. ඒත් මිනිසකු වහයෙන් එවැනි ප්‍රාර්ථනාවක් සිතින්වත් නොකරන්නැයි මම ඉල්ලා සිටිනවා.
"කලකිනි මිනිසත් බව ලැබ ගන්නේ - එහෙම වුනොත් නෑ නිවන් පෙනෙන්නේ"
මිනිසුන් වෙනුවෙන් හඬ නැගූ ඒ උතුම් කාන්තාවට මිනිසුන්ගේ ආචාරය, ආදරය ඇය මිය ගියත් නැති වන්නේ නෑ. එහෙත් මිනිස් වෙසින් සිටිනා තිරිසනුන්ට නම් ඒ මරණය ප්‍රීතිය ගෙන දෙන්නක්. මරණයකින් පවා ආතල් ගන්නා නරුමයන් සිටිනා රටක ඉපදීමත් මහා කාළකන්නි කමක්..
ReplyDeleteජනතාවාදි කලාකරුවො නොමියති.මන්ද සැමදා ජිවත් වන්නට අවැසි ආදරනිය ජන හදවත් ජිවමාන බැවිනි.
Deleteනමුදු පොලිටික්කන් මියති.බිදිති.සුනුවෙති. මන්ද සැමදා ජිවත් වන්නට අවැසි බලය තාවකාලික බැවිනි.
හඳුනාගත්තොත් අප ඇය අප තිරසනුන් නොවන බව අපට වැටහෙනු ඇත.
+++++++++++
Deleteමාතලන්...
Deleteඇය මිනිසුන්ට යහපතක් කලානම් ඇය පිළිබඳව දන්නා මිනිසුන් අතර ඇ සදාකල්හිම ජීවත්වේවි. යමෙකුගේ මරණය පවා තව කෙනෙකුට සතුටක් ගෙන දෙන තරමට මිනිස් සිතුවිලි වෙනස් කල අයටත් අන්තිමේදි ඒ ඉරණමම අත්වේවි. ස්තූතියි ඇය වෙනුවෙන් සටහනක් තැබුවාට.
@විමුක්ති
ජනතාවාදී කලාකරුවන් යැයි අප විශ්වාශ කරන බොහෝ දෙනෙක් දැන් සමුඅරන්. ඉන්න බොහෝ දෙනක් ව්‍යාජ ජනතාවාදීන්. ස්තූතියි ඔබටත්.
සත්‍ය වෙනුවෙන් හද සාක්ෂිය වෙනුවෙන් පෙනීසිටීමේ වරදට ගෝත්‍රික උන්මන්තකයන්ගේ වෛරයට ලක් වූ ඇය වෙනුවෙන් මෙවන් සටහනක් තැබීම ගැන ඔබට ස්තුතියි....!
ReplyDeletemorabba...
Deleteතමන්ගේ පැවැත්ම උදෙසා මිනිසුන් ගෝත්‍රික උන්මාදයක් ඇතිකිරීම දකුනු ආසියානු රවටල විශේෂ ලක්ෂනයක් ස්තූතියි ඔබටත්
මම මෙතැනදී සුනිලා ගේ ගුණ කියන්නෙත් නැහැ අගුණ ගියන්නෙත් නැහැ. මිය ගිය කෙනෙක්ගේ නොව ජිවත්වන කෙනෙක් වුව විනිශ්චය කිරීමට මා කවුද? කිසිදා පවක් නොකළ කෙනෙක් පළමු ගල ගැසිය යුතුය.
ReplyDeleteඋදිත්...
Delete"කිසිදා පවක් නොකළ කෙනෙක් පළමු ගල ගැසිය යුතුය." අන්න ඒක හරි.. ස්තූතියි.
මා ඉතාමත් ප්‍රිය කරන මේ ගීත ඇය විසින් ගායනා කල ඒවා බව මා දැනගත්තේ ඇගේ වියෝවෙන් පසුවයි. මා මුලින් සිතා සිටියේ ඉන්ද්‍රචාපා බුලත්සිංහල ඒවා ගයන්නට ඇති බවක්.....ඇගේ හඩේ පරාසයත්...කටහඩේ නම්‍යතාවත්..පෙර කියූ ගීත ශ්‍රවණයේදී මොනවට පැහැදිලි වෙනවා....මගේ මිම්මට අනුව ඇය අති දක්ෂ ගායිකාවක්....
ReplyDeleteඇයට නිවන් සුව පතමි !
සියළු දුෂ්ටකම් එකතුකර මිනිස් රුවින් නිමැවුන යක්ෂනිය මළැත් ඇය මීට වඩා විදවන්නයි තිබුනෙ.පනුවො ගහල හුගාක් දුක් විදලයි මැරෙන්න තිබුනෙ.
Deleteමම ඇගේ ඇතුලාන්තය දන්නෙ නෑ...කළාකාරිණියක ලෙස ඇය ගැයූ ගීතයන් මා ප්‍රිය කරනා නිසාවෙන් මා ඇයට නිවන් සුව පැතුවෙමි. පොදුවේ මිනිස් දහම අනුව ප්‍රතිචාර දැක්වූවා පමණකි.
Deleteසිරාගෙ කාමරේ...
Deleteස්තූතියි ඔබට බෙහෙවින්ම
හඳුනාගත්තොත් ඔබ මා.....
ReplyDeleteමේ ලිපියට අනුව නම් සුනිලා සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා. මම ඒ දේවල් ඇහුවේ අද. මම මුලින් අහලා තිබුනේ ඇගේ විකාර පෞද්ගලික ලට පට, NGO හුටපට විතරයි. සමලිංගිකත්වය ප්‍රචාරණය කරන්නත් උර දුන්නා කියලා අහලා තිබුනා. එව්වා බොරුද එතකොට?
සදුනිමා ඇත්ටහ් කතාව ඒකයි.මේකිට කඩේ යන්නෙ ඒකි වගේම බල්ලො ටිකක්.බැල්ලි මැරිලා බල්ලන්ට දුකයි.දුකට පුං ගහපියවු බල්ලනේ.මේකි වෙනුවෙන් කදුළු හලන තොපිට වැහි නැති හෙන ගහපියවු.තොපි හැදි ගෑවියවු.පර තැම්බෙන්නැහැ තැම්බියවු.
Delete@ හිතවත්, සැමට මිතුරු
Deleteසුන්දර බ්ලොග් අඩවියක් ජරා කරන්න එපා.. ඔබේ අදහස් පෝස්ට් එකක් ලෙස දමන්න.. මේ කාරුණික ආයාචනයකි..
+සැමට මිතුරු,
Deleteමෙහෙමයි. මගේ ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි ඔයා දීලා තියෙන්නේ. මම සුනිලාට අකැමැති උනාට සුනිලා ගැන කැමති ගොඩක් අය ඉන්න වග අද මේ පෝස්ට් කිහිපයෙන් පෙනුනා. ඒ නිසා තමයි තුලාව සමබර කරන්න සුනිලා විරුද්ධ පාර්ශව වල අදහස් හෙව්වේ.
එහෙම නැතිව කාටවත් පක්ෂපාත උන පලියට තව කෙනෙක් හැඳි ගෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න මට බෑ.
මගේ කමෙන්ට් එකක් නිසා කාට හෝ මොනයම් ආකාරයෙන් හිත රිදුනා නම් සමාව ඉල්ලනවා. මගේ කමෙන්ට් එකකට ලැබෙන උත්තර මගේ අදහස් නොවන බව සැවොම පිළිගනිත්වා.
සඳුනිමා...
Deleteසුනිලා මල්ටි ටැලන්ට්ස් චරිතයක්. රාජ්‍ය නොවන සංවිධාන හරහා සමාජ ක්‍රියාකාරිනියක් වුණා. ඒ ඇගේ එක කලාවේ සහ දේශපාලනයේ පැත්තක් පමණයි. ස්තූතියි අදහස් දැක්විම පිලිබඳව
සැමට මිතුරෝ ඔබ වැනියවුන් ඇයට කොතරම් තරම් බය වී සිටියාද යන්න පැහැදිලියි.ඇගේ දේශපාලනයේ හා සමාජ ක්‍රියාකාරීත්වයේ සාර්ථක බවට මීට වඩා උදාහරණ කුමට.
Deleteසර්ව සම්පූණ මිනිසුන් කොහෙන් හොයන්නද? සෙවිය යුතු වෑරදි අඩු මිනිසුන්. ඒ අතින් ඇය පෙරමුනේ. අපේ පසුගාමී සමාජය තුල ගැහැණියක ලෙස ඇයට උපතින්ම ධෛර්යයක් ලැබුනා ඇයට දැනෙන දේ වෙනුවෙන් නැගී සිටින්නට ඇගේ පවුල් පසුබිම නිසා. ඒත් අපේ රටේ කුහක මිනිසුන් සොයන්නෙ කළ සේවය නෙවෙයි ඇගේ පෞද්ගලිකත්වය.
ReplyDeleteමැණික්
මැණික්...
Deleteමිනිසෙක් තව කෙනෙකුගේ පුද්ගලිකත්වය හොයන්න හරි කැමතියි. ඒවා දකුණු ආසියානුවන්ගේ සාම්ප්‍රදායික ගති ලක්ෂණ. කොහොමටත් හොදේ පෙනෙනවා අඩුයිනේ..
ස්තූතියි ඔබටත්.
මම පුංචි කාලේ ඉදලම ආසකල ගීතයක් තමයි "හිමින් සැරේ පියා විදා " කියන ගීතය ඒ කාන්තා කට හඩට ගොඩාක් ආස නිසාම මම දෙතුන් දෙනෙක්ගෙන් අහලා බැලුවා කවුද මේ ගායිකාව කියලා ඒත් හරි තොරතුරක් දැනගන්න ලැබුනේ නැහැ , මිය ගියාට පස්සේ තමයි සුනිලා අබේසේකර කියන කෙනා ගැන දැනගත්තෙත් ..."
ReplyDeleteඔබගේ ලිපියෙන් ඇය ගැන යම්තරමකට දැනුවත් වුනා ස්තුතියි ...
චමී...
Deleteස්තූතියි ඔබටත්
දයා....ඉතාම නිර්ව්‍යාජ සටහනක්.මම දැකලා තියෙනවා සුනිලා අනන්තවත් ඇයගේ සමාජ දේශපාලන ක්‍රියාකාරකම් තුල. මම රිච්ඩ්ට කොතරම් ගරු කෙරූවේද,එතරම්ම සුනිලාටත් ගරු කරමි.
ReplyDeletearu.....
Deleteඇගේ සමාජ ක්‍රියාකාරකම් මුලු මහත් සමාජයක් අවශ්‍යතාවයක් වෙනුවෙන්ම කළ දේවල්.
ස්තූතියි ඔබටත්.
මේ වගේ ලිපියක් අත්ටහ්ටම අපි නොදත් අපේ කලාකරුවන් ගැන දැනගන්න තියෙන එකම මග ඇත්තටම අපේ පත්තර කාරයොත් දැන් ඉන්න එවුන්ගේ ගුණ වයනවා මිසක් වැඩකට ඇති දෙයක් ලියනවනම්
ReplyDeleteකෝරලේ මහත්තයා...
Deleteඇය ගැන රාවය සහ විකල්ප පත්ර වල විතරයි යම් වටිනාකමක් ඇති පුවත් පළවුනේ.. ජාතික පුවත් පත් අකැරක් ලියල තිබුනෙ නෑ. ස්තුතියි ඔබටත්.
සුනිලාවනි ඔබට නිවන් සුව,,,,,,,,!
ReplyDeleteරෙහානි
Deleteස්තූතියි ඔබටත්
මමත් මුලින්ම ඇය ගැන දැනගත්තේ අස්වැන්නෙන් තමා...ඇයට නිවන් සුව පතනවා.
ReplyDeleteසයුරි...
Deleteස්තූතියි ඔබටත් සුනිලා අබේසේකර වෙනුවෙන් සටහනක් තැබුවාට.
උදුම්බරා වෙනුවෙන් මෙවන් සටහනක් තැබීම ගැන ඔබට ස්තුතියි....!
ReplyDeleteVidula Children's Radio - SLBC