එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Wednesday 15 January 2014

෴ ඇසුනත් නෑසෙන ගී෴




ද දුරුතු පුර පසලොස්වක පෝය දවස. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ට විශේෂ සිදුවීම් කිහිපයක් මුල්කරගෙන වැදගත් වන පෝය දවසක්.  බුදු හිමියන් සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා හරියට ම මාස නවයක් ගත වූ පසු මුල් වරට යක්ෂයන් දමනය කිරීම සඳහා මහියංගනයට වැඩම කොට සූත්‍ර ආදී දහම් දේශනා කරල යක්ෂයන් දමනය කළේ මේ වගේ අති උතුම් දුරුතු පුර පසලොස්වක පෝය දිනයක. ඒ හින්දා අස්වැන්න ලියන මාත් කල්පනා කළා මේ පෝය දවසෙ අපි නිතර අහන අසා ඇති බුදුගුණ ගීයක් වුණත් ඔබ අසා නැති බුදු ගුණ ගීතයක් ගැන ලියන්න.

සාමාන්‍යයෙන් ලංකාවෙ සිංහල ගීත සාහිත්‍ය තරමක් අතීතයට විමසා බලන කොට, ඒ කියන්නෙ ලංකාවෙ බුද්ධිමය දේපල නීතියට හරියට ම ක්‍රියාත්මක වෙන්න කලින් එක ම ගී පදමාලාව ඇතැම් විට එකම ගායන ශිල්පියා හෝ ශිලිපිණිය දෙවතාවකට ගැයූ අවස්ථා හමුවෙනව. එමෙන් ම එක ම ගීතය  ශිල්පීන් කීපදෙනෙකුගේ ම හඬවල්වලින් අහන්න ලැබෙනව.  මතකනේ මම මීට අවුරුදු දෙකකට විතර පෙර  විශාරද ගුණදාස කපුගේ ගායන ශිල්පියාණන් විසින් “නින්ද නැති රැයේ” ගීතය දෙපාරකට ගී තනු දෙකකට ගැයූ හැටි ලිව්වා. 

අන්න ඒ විදිය‍ට එක ම  ගීතය දෙතුන් වතාවකට ගායක ගායිකාවන් විසින් විවිධ ගී තනුවලට ගැයූ අවස්ථා රැසක් ම සිංහල ගීත සාහිත්‍යයේ අපට හමුවෙනව වගේ ම අහන්නත් ලැබෙනව. හරියට ම එවන් ගීත කීපයක් මතක් කලොත් වැඩි ම වාර ගණනක් විවිධ සංගී ක්‍රම වලට,  විවිධ ගායක ගායිකාවන් රැසක් ගැයූ ගීතය විදියට “දන්නෝ බුදුන්ගේ” ගීතය අපට හමු වෙනව. ඒ වගේ ම ටී.එම්. ජයරත්න සහ නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිණියත් තවත් ගායන ශිල්පිණියකත් විසින් ගැයූ “රන් ටිකිරි සිනා” ගීතය ඒ ශිල්පීන්  තනි තනිව ඒකල වශයෙනුත් යුග ගීයක් විදියටත් ගායනා කරල තියෙනවා. ආචාර්ය අමරදේවයන් මෙන් ම ලතා වල්පොල ගායන ශිල්පිණිය ගැයූ “සීන හතක් මැද” ගීතයත් එක ම තනුවකට දෙදෙනා ම ඒකල වශයෙන් ගැයූ අවස්ථාවක්.  එතකොට ආචාර්ය දයාරත්න රණතුංග සහ එච්. ආර්. ජෝතිපාල ගැයූ “කිරි ඉතිරේවා නව වසරේ” ගීතයත් එහෙම ශිල්පීන් දෙදෙනෙකු ගැයූ අවස්ථාවක්. ඒ වගේම ජෝතිපාල - ඇන්ජලීන් ගුණතිලක සමගත්, ජෝතිපාල තනිවත් ගැයූ “තනියේ ආවාරේ” ගීතයත් ඒ වගේ ගීයක්. මේ විදියට සිංහල ගීත සාහිත්‍ය තුළ විශාල ගීත ප්‍රමාණයක් දෙතුන් වතාවකට පටිගත වූ ගීත විදියට අපට අහන්න ලැබෙනව.

ඒ ‍එකම පදමාලාව වුණත් ‍සමහර වෙලාවට ජනප්‍රිය වෙලා තියෙන්නෙ දෙවන අවස්ථාවේදි ගැයූ ගීතයෙන්. “නින්ද නැති රැයේ” ගීතය දෙපාරකට ගී තනු දෙකකට කපුගේ ගායානා කළත් ජනප්‍රිය වුණේ ඒකෙ දෙවන පටිගත කිරීම එහෙමත් නැත්නම් අපි අද අහන ජනප්‍රිය නින්ද නැති රැයේ ගීතය. ඒ වගේ   පසු කාලයේදි කපුගේ ගැයූ බොහොමයක් ම ගීත දෙවන වතාවෙදි කළ පටිගත කිරීම් වලින් පසුව තමයි ජනප්‍රිය ගීත බවට අද දවසේ පත්වෙලා තියෙන්නෙ.

අනෙක් අතට එක ම ගීතය දෙදෙනෙක් ගැයුවත් ඒ ගීත දෙක ම ජනප්‍රියයි. සමහර විට එකම තනුව නිසා එක සමානව රසයක් ලැබෙනව. ඒ කොහොම වුණත්  ඒ ගීතයක් ඇහෙන හැම වෙලාවකම අපිට ඒ ඇහන ගීතය මිස ඒ ගීතය නැවත තවත් ගායන ශිල්පියකු හෝ ශිල්පිණියක ගැයු බවක් හෝ ගයා ඇති බවක් දැනෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි  අපි ඒ මොහොතේ ඒ ඇසෙන ගීයට අසීමිතව පෙම් බැඳීමත්, ඒ ගීතය අප තුළ අසිමිත රසිකත්වයක් ගොඩ නංවන නිසාත් වෙන්න ඇති කියල මට හිතෙන්නෙ.

අන්න ඒ වගේ ගීයක් තමයි අද අපි අස්වැන්නෙන් අහන මේ ගීතය. මේ මුලින් ම ගීතය ගැයුවෙ ගායන ශිල්පිණී නීලා වික්‍රමසිංහ,  සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙ. මේ ගීතයේ තිබෙන විශේෂත්වය තමයි මේක ඉතාමත්ම ජනප්‍රිය වුණේ ආචාර්ය වික්ටර් රත්නායකයන් හඬින්, එතුමා විසින්  අතිමධුර සර්ධා සම්පන්න, නිරාමිස හැඟීමක් ගෙන දෙන  ගී තනුවක්  ‍නිර්මාණය කරල එතුමා විසින් ම ගායනා කළ පසුවයි. ඒ කියන්නෙ දෙවනි වතාවට වික්ටර් රත්නායකයන් විසින් පටිගත කළ ගීතය තමයි අද දවසේ අපි බොහොම ආදරයෙන් වගේ ම පහන් සිතුවිලි වලින් පුරෝගෙන අහන “බුදු හාමුදුරුවො අපිත් දකින්නැති” කියන ගීතය.

 මේ ගීතය මුලින් ම ගායනා කලේ ශිල්පිණී නීලා වික්‍රමසිංහ. ඒ 1979 -80 කාලයේ දී විතර. කාලය හරියටම නිශ්චිතව කියන්න අපහසු වුණත් මේ ගැන මම සොයාගත්ත දත්ත සහ තොරතුරු අනුව 80 දශකයේ මැද භාගය වෙනකොට ආචාර්ය වික්ටර් රත්නායකයන් මේ ගීතය දෙවන වරට පටිගත කරල ඉතාමත් ජනප්‍රිය වෙලා තිබුණා.

කොහොම වුණත් විජය රාමනායක - කුලරත්න ආරියවංශ පුරෝගාමීත්යෙන් 1977 දී පමණ ලංකාවෙ කැසට් ගීත කලාව බිහිවුණා. මුලින්ම කැසට් නිෂ්පාදය වුණේ “තරංගා” ලේබලයෙන්. අන්න ඒ කාලෙ නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිණියක වශයෙන් ගීත 12 ක් ඇළත්කර  කළ ‍ඇයගේ දෙවන  නිර්මාණ එකතුව “ගී” නමින් නමින් නිකුත්  වූ කැසට් පටය. ඒ ගීත එකතුවට තමයි මේ ගීතය ඇතුළත් වුණේ. ඒ කාලෙ මේ ගීත එකතුව නිෂ්පාදය කරල තිබුණෙ “ෂැම්රොක්” කැසට් ලේබලයෙන් . ඒ කැසට් පටයේ මේ ගීතය ජනප්‍රිය නොවුණත් ඇයගේ අනෙක් ගීතවලින් හරි අඩකටත් වැඩිය ජනප්‍රිය ගීත බවට පත් වුණා.

 මේ ගීතය මුලින් ම ගායනා කළේ නිලා වික්‍රමසිංහ බවට ගීත  තොරතුරුවල සටහන් වෙන්නෙ නෑ වෙන එකක් තබා පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් 1985 ලියා ප්‍රකාශයට පත්කළ “සංසාරේ අපි” ගීත කෘතියේ පවා “බුදු හාමුදුරුවො අපිත් දකින්නැති” ගීතය ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීතවත් කොට ගැයූ ගීතයක් බවටයි සටහන් වෙන්නෙ. මට හිතෙන හැටියට වික්ටර් රත්නායකයන් ගැයූ ගීතය ජනප්‍රිය වූවායින් පසුව ඒ ගීතයට යම් අසාධාරණයක් සිදුවේවි යැයි කල්පනා කරල තව දුරටත් නීලා ගැයූ ගීතය පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ නොකරන්නත් ඇති. එසේම නීලාගේ ගී හඬ තුළ ශාන්ත රසයක් නොදැනෙන නිසාත්, ඇගේ ගී හඬ වඩාත් ගැලපෙන්නේ ජන ගී සම්ප්‍රදායට හෝ එසේත් නැත්නම් බටහිර ගී ආරට බව ඇයටම වැටහුණා විය හැකිය. මේ ගීතය තුළ ඇගේ ගී හ‍ෙඬෙහි ශාන්ත රසයක් නොදැනෙන්නේ ඒ නිසා විය හැකි බව මටද සිතේ.

 ඒ කොහොම වුණත් ඒ විදියට නීලා වික්‍රමසිංහ ගැයූ “බුදු හාමුදුරුවො අපිත් දකින්නැති” මුල් ගීතය විදියට අතීතයට එකතු වුණා. දෙවන වරට පටිගත කළ ගීතය ජනප්‍රිය වුණා. 

ඒ විදියට කල්පනා කරන විට අද වගේ එදාත් දුරුතු පුර පසලොස්වක පෝය දවසක ලංකාවට මුල්වතාවට බුදුහාමුදුරුවො වැඩම කරන විට අපිත් සංසාරෙ කොහේ කොතැනක හරි ඉන්න ඇති. ඒත් බුදුන් දැකල නිවන් දකින්නට පිං මදි වෙච්ච නිසා මේ දුරුතු පුර පසලොස්වක පෝය දවසෙත් අපි මේ සංසාර චක්‍රයේ තාම සැරිසරනවා. ඒ හින්දා වෙනසකටත් එක්ක නීලා වික්‍රමසිංහ ගැයූ මෙන්න මේ ඔබ අසා නැති “බුදු හාමුදුරුවො අපිත් දකින්නැති” ගීතය අහන්න කියල ආරාධනය කරනවා.෴

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින්මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ

දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වඳින්නට ඒ කාලේ
නිවන් දකින්නට පින්මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ

අපිත් එක්ක හිටි අපේම යාලුවො
නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පිං පුරවමු අපි සංසාරේ.

ගීපද මාලාව: පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගැයුම: නීලා වික්‍රමසිංහ

ගීතය මෙතනින් අහන්න
                       


55 comments:

  1. හීන හතක් මැද ලතා වල්පොල හා අමරදේවයන් වෙන වෙනම කියනව නේද?? මට මතක ඒ වගේ..

    ReplyDelete
    Replies
    1. දේශකයා...

      ඔව් මම ලිපියේ අතර මැද කිව්වෙ ඒ ගිත දෙක ගැන තමයි.. ඔබ හරි...

      Delete
  2. මම නීලගේ ආසම සින්දුව තමා සූසැට බරණින් සැරසීලා එක.. අපේ දේශිකා ඒ දවස් ඔය සින්දුව කියන කොට මෙන්න මෙහෙමයි කියන්නේ..

    විශාකා තොමෝ පැමිණි විලාසෙන් = එපාපාතෝමෝ පැමිණි විලාසෙන්

    ReplyDelete
    Replies
    1. දේශකයා...

      නීලාගේ ගිත එකින් එකට වෙනස් ‍ශෛලීන් වල ගායනා තියෙන්නේ ගායනයේ වෙනස් කම් තියෙනවා...

      Delete
  3. විකටර් රත්නායකගෙ එක මල් මසුරන්. නීලා ගායනා කළ නාලන් මැන්දිස්ගේ ගීත මගේ ප්‍රියතම ගීතයන්, මේ අවන්හලේ, මාස්ටර් සර් වගේ ගීත පුදුමාකාර විදියට ඇඟට දැනෙනවා.. ඒවලින් පේන්නේ මේ කට හඬ බැති ගී වලට හරියන්නේ නෑ කියන එක. මොහිදින් බෙග් ගේ බුද්ධ ගීත වගේම. කොටුවේ හොස්පිට්ල් ස්ට්‍රීට් එකේ බාර් එකක වැඩ කරපු මයිකල් පීරිස්ගේ "සංසාරේ බවේ දුකා.." මෙන්ම "කවාලා විළඳ ජාති..." කියන ගීතත් මගේ ප්‍රියතම ගීත.. ඒ ගැනත් වෙලාවක ලියන්න.. බොහෝම අහිංසක ගායකයෙක්..

    http://www.youtube.com/watch?v=WKiIHGfQlYA

    http://www.youtube.com/watch?v=0jOcphrZvSU

    http://www.youtube.com/watch?v=_T3hXXzpbPI

    ReplyDelete
    Replies
    1. //නීලා ගායනා කළ නාලන් මැන්දිස්ගේ ගීත මගේ ප්‍රියතම ගීතයන්, මේ අවන්හලේ, මාස්ටර් සර් වගේ ගීත පුදුමාකාර විදියට ඇඟට දැනෙනවා//

      නාලන් මැන්දිස් නෙමෙයි නිමල් මෙන්ඩිස්

      Delete
    2. ඇත්ත නේන්නම් අර යකා ටෙලි නාට්ටි කාරයානේ.. සොරි ඩොට් කොම්

      Delete
    3. ජනප්‍රිය ගායක මැක්ස්වල් මෙන්ඩිස්, නිමල් මෙන්ඩිස්ගේ සොහොයුරෙක්.

      Delete
    4. අප්පට සිරි අදමයි දන්නේ.. දෙන්නම බුලට් බඩු.. මැක්ස්වල්ගේ දුව ළඟදි සින්දු කිව්වා.. තාත්තා වගේම ටැලන්ටඩ්.. හැමයි මේ සින්දු දයාගේ ටේස්ට් නෙමෙයි. අපිට ඉතින් ඕන සෙද්දක්..

      Delete
    5. මාත් මැන්ඩියෝ දෙන්න සහෝදරයෝ කියල අද තමා දන්නේ... අපරාදේ බං මේ බ්ලොග් කියන මගුලක් තියෙන්නේ.. හැක්..

      Delete
    6. කැලෑ පත්තර වලත් මාර දේවල් නේ තියෙන්නේ.. දයාලා ලියන ඒවත් කැලෑ පත්තර කියලා කියන සම හරක් ඉන්නවනේ..

      Delete
    7. මාතලන්....
      මයිකල් පීරිස්, පියසිරි විජේරත්න, ෆ්‍රෙඩී සිල්වා, මැක්ස්වල් මෙන්ඩිස් වගේ අය ගැයූ ගීත ඉදිරියේදි අහන්න සලස්වන්නම්. රසවින්දනය කියන්නේ A- Z මම සිංදු අහනවා. ඒක එක වෙලාවලට. ඒත් වැඩියෙන්ම කැමති ක්ලැසිකල් මොකද ‍මනෝපාරක් දාගෙන ඉන්න පුළුවන් පරිසරයක් ඒවයේ තියෙනවා.

      එක අතකින් මේ වගේ ජාල තියෙන එක හොඳයි අපි එකිනෙකා සතු දැනුම හුවමාරු කරගන්න හොඳ තැනක්. ඒ හින්දා දේශකයාට වගේම සුලලිත් ගී වලටත් අරුගේ අඩවියටත් එකවරම ස්තූති කරනවා මේ කතිකාවක් ගොඩනැගුවාට

      ආ.. මාතලන්..කැලෑ පත්තරයක් වණුත් සමහර වෙලාවට ටිකක් හරි ඇත්තක් තියෙනවා ඔය සම හරක් මොනව කිව්වත් තවමත් මේ ප්‍රාථමික අදහස් අති මේ රටේ මේ සමාජ ජාල භාවිතා කරන්නෙම තවමත් ප්‍රාථමික අවධීන්වල ඉඳගෙන ඒකයි අවුල..ඉතින් ඒ අය මොනව කිව්වත් මේ ළිං කටෙන් ගොඩට ඇවිත වටපිට බඉලන අය කීපදෙනෙක් හරි ඉන්නවා

      Delete
  4. අගනා සටහනක් දයා.. වික්ටර් නීලා යනු මගේ ලයිස්තුවේ ඉහළින්ම ඉන්නා ගායක ගායිකා යුවළක් තාමත්

    ReplyDelete
    Replies
    1. නලීන්..

      මම අස්වැන්නෙන් නීලාගේ ගිතයක් ගැන කතා කල දෙවන වතාවට. ඉදිරිය්දි හැකි පමණින් කතාබහ ගොඩ නගමු.

      Delete
  5. අද සටහන වෙනදාටත් වඩා හදවතට දැනුණේ බුදු ගුණ හින්දද, අද බුදුන් කෙනෙකු වැඩ හිටියානම් කියලා හිතට ආව හින්දද දන්නේ නෑ. රසවත් ගීයක් දයා. මේක නම් කාලෝචිත ගීයක් කීවොත් වැරදි නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි...

      අද බුදු කෙනෙකුන් පහල වී සිටියානම් උන්වහන්සේ මැජික් කාරයෙක් කරනවා මේ නූතන සමාජය.ඒ නිසා ඒකාලෙ බහල වුණ එක හොඳයි බුදුවරයන් කවදත් පහල වෙන්නේ කාලය දීපය දේශය බලලානේ

      Delete
  6. මම නම් මෙහෙම එකක් පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නැහැ. හැබැයි ඒක එහෙම වුන එක හොඳයි. වික්ටර්ගෙ වර්ෂන් එක වඩා හොඳයි. දයා, මේ පද රචනය ගැන වාද විවාද එහෙම තිබ්බ නේද? මෙතන උක්ත වෙන්නෙ බුදුහාමුදුරුවො නිසා මේ නිවන් දකින්න පින් මදි වෙලා ඉන්නෙ බුදු හාමුදුරුවෝ කියන අදහස එනවා කියලා? ඒ ගැන යමක් දන්නවද?

    එකම ගීතය වෙන වෙන ශිල්පීන් ගායනා කරන එක ඇහුවම මට මත උනේ වික්ටර් සහ ජෝති වෙන වෙනම කියන "ලං වෙන්න වත් දෝ වෙන් වූයේ". හැබැ‍යි මට මතක දෙන්නගෙ වර්ෂන් වල ඔය ස්ථායි කොටසේ පද මාරු කරලා කියන්නෙ. වික්ටර් පටන් ගන්නෙ "වෙන්වෙන්න වත් දෝ" කියලා වගේ මතක.
    "කවුරුදෝ අර කවුළුවෙන්" කියන එකත් සනත් නන්දසිරි, ශාන්ත ගීතදේව දෙන්නම කියල තියනවනේද?
    "මේ අයුරින් අපි සංසාරේ" - නීලා, ටී.එම්. වෙන වෙනම කියනවා.
    "මිදුලේ වැලි මාලිගාවෙ - පේෂලා මෙන්ඩිස් සහ ඊට පස්සෙ කියපු කෙනා මතක නෑ.
    "දූවිල්ලෙන් වත්සුණු තවරා" මොරිස් විජේසිංහ / ධම්මිකා බණ්ඩාර

    දිවුල්ගනේ පළවෙනි කැසට් එක කරන්න කලින් ඔහුගේ "හාද වෙලා යමං" ගීතය ගුවන් විදුලියේ ගියා මතක හැටියට. ඒත් ගොඩක් ජනප්‍රිය වුණේ කැසට් එකට කල පටිගත කිරීම.

    ReplyDelete
    Replies
    1. වෙන්වෙන්නවාදෝ ළංවූයේ සහ ලංවෙන්නවදෝ වෙන්වූයේ ගීත දෙකේ ස්ථායි කොටස් දෙක විතරක් නෙමෙයි වෙනස්. අන්තරා කොටස් පවා එකිනෙකට වෙනස්. ජෝතිපාල සහ ලතා වල්පොල යුග ගායනයක් ලෙසිනුයි ළංවෙන්වාදෝ ගීතය ගායනා කරන්නේ. තවත් එවැනි ගීත කිහිපයක්...

      (1) සඳකඩපහණේ රූසිරි වරුණේ (සිහල කලාකරුවාණනේ) [පද - ආචාර්ය අජන්තා රණසිංහ] [සංගීතය - පණ්ඩිත් අමරදේව]
      වික්ටර් රත්නායක සමග කෝකිලදේවි වීරතුංග
      පණ්ඩිත් අමරදේව

      (2) සඳ තරු නිහඬයි [පද - කුලරත්න ආරියවංශ]
      නන්දා මාලිනී [සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස]
      පණ්ඩිත් අමරදේව [සංගීතය - එච්. එම්. ජයවර්ධන]

      (3) සඳ මල පිබිදුණු [පද - කුලරත්න ආරියවංශ]
      නීලා වික්‍රමසිංහ සමග දිනේෂ් නාකන්දල
      නන්දා මාලිනී සමග සුනිල් එදිරිසිංහ [සංගීතය - රෝහණ වීරසිංහ]

      (4) මල් ගොමු ගුමු ගුමු [පද - අරීසෙන් අහුබුදු]
      සුනිල් ශාන්ත සමග ??? (නාලිනී රණසිංහ?) [සංගීතය - සුනිල් ශාන්ත?]
      පණ්ඩිත් අමරදේව [සංගීතය - පණ්ඩිත් අමරදේව]

      (5) කරදර පොදි බැඳ [පද - උදයසිරි පතිරණ] [සංගීතය - පණ්ඩිත් අමරදේව]
      පණ්ඩිත් අමරදේව
      නන්දා මාලිනී

      මෙම ගීත අහන්න/බාගත කර ගන්න - මෙතැනින්

      Delete
    2. තිසර...
      එ්‍ය සමහර වර්ෂන් වල විශේෂයෙන්ම චිත්‍රපට ගීත වල අදහස වචන දෙක තුනක් මාරු කරනවා. මට හිතෙන්නේ චිත්‍රපටයේ අවශ්‍ය තාවය වෙනුවෙන්.. ඔබ ඉදිරිපත් කළ ගිත ටිකත් අගෙයි. අපි ඉදිරියේදි මේ ගීත එකින්එක අරගෙන පුංචි කතාබහක් කරමු.

      හාද වෙලා ගීතය වගේම දිවුල්ගනේගේ ගීතවලින් 90% කට වැඩි ඒවා මුලින්ම රජරට සේවයේ සරල ගී වැඩසටහන් වලින් ආපු ගීත. ඒවා කැසට් වුනේ පසු කාලයේ

      Delete
    3. සුලලිත ගී...

      ඔබටත් විශේෂ ස්තූතියි (2) සඳ තරු නිහඬයි [පද - කුලරත්න ආරියවංශ] ඒ ගීය ඇහුව කාලෙ මමත් පුදුම වුණා. මට ඒ ගීය ඒකාලෙ එවා තිබුණේ නන්දාමාලනී ගී පිටුව කළ රනිල් මුදුන්කොටුව. අපූරුම තොරතුරු ඔබ එකම තැනකට ගොනුකළා...

      Delete
  7. නීලා ගේ වර්ෂන් එකේ තනුවට වඩා විට්ටර් අංකල් ගේ එක හොඳයි.

    අර සිහින අහසේ සින්දුව ජොති සහ ග්‍රේෂන් දෙන්නාම කිව්වා නේද?

    ReplyDelete
    Replies
    1. කතන්දර....

      ඇත්තෙන්ම වික්ටර්ගේ ගීතය ඉදිරියෙන්ම තියෙනවා.ඒ වගේමසිහින අහසේ සින්දුව ජොති සහ ග්‍රේෂන් දෙන්නාම කිව්වා.

      Delete
  8. ස්තුතියි ..නිලාගේ වර්ෂන් එකත් නරක නැහැ ..නමුත් වඩා අසා ඇති නිසා වෙන්න ඇති වික්ටර් රත්නායක ගේ තනුව ගැලපෙනවා කියා සිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. බින්දි...

      වික්ටර්ගේ ගීතයේ ගායනයේත් සංගීතයෙත් තියෙන්නේ බුදුගුණමයි. ඒකයි මහා ශාන්තියක් බව දැනෙන්නේ

      Delete
  9. ඔය වගේම ගීත පෙරළියක් තියෙනවා රූකාන්ත වගේම සෝමසිරි මැදගෙදරත් ගයපු බන්දුල ජයසිංහ ලියපු සෙනෙහස දෙවොලකි පුදනු හැකි....කියන ගීතය...රූකාන්තගෙ ගීතය බොහොම රසවත්...ඒ නිසාම එය ජනප්‍රිය උනා...මේ නීලගෙ ගීතයත් ඒ වගේ...පළමු ගීතයට වඩා දෙවැන්න හැම අතින්ම රසවත්...

    ReplyDelete
    Replies
    1. සිරා...

      මෙන්න සිරාගෙන් තවත් අමතක වුන පැත්තක් ගැන සටහනක්. මටත් ඒ ගීතය අමතක වුණා...

      Delete
  10. මෙතෙක් නොදැන උන් කතාවක්... මම කැමතිම බුදු ගුණ ගීයක්...

    නිවන් දකින්නට පින්මදි වෙන්නැති
    ඒකයි තවමත් සංසාරේ

    ReplyDelete
    Replies
    1. තරු රසී...

      ඒකනේ මෙවන් සමාජ ජාලවල සහ නෙට්වර්ක් වල තියෙන වටිනාකම දැනේනේ මේ තොරතුරු හුවමාර් කරගන්න පහසු නිසා

      Delete
  11. හිතට නිතර අහල දැනිල තියෙන නිසාද කොහේද වික්ටර් රත්නායකයන්ගෙ වර්ෂන් එකට තමා මාත් වැඩිය කැමති. අපුරු දැනුවත් කිරිමට ස්තුතියි අයියෙ.

    ReplyDelete
    Replies
    1. දිනිති...

      වික්ටර්ගෙ ගීතය මතක හිටින තනුවක් සහ ගායනයක්...

      Delete
  12. මේ වර්ෂන් එකත් නරකම නෑ කියලා හිතෙනවා.. ඒත් වික්‍ටර් රත්නායක මහත්තයගේ සිංදුව වැඩියෙන් අහලා තියෙන නිසාද මන්දා මේක ඒ තරමටම හිතට යන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්....

      දෙතුන් පාරක් අහල බැලුවාම පොඩි වෙනසක් දැනෙනවා..

      Delete
  13. නීලා වික්‍රමසිංහ මහත්මියගේ බොහෝ ගීත වලට මම කැමතියි . ඒ අතරින් චිත්‍රපටි ගීත වලට වඩාත් කැමතියි. ඇය ටී එම් ජයරත්න මහත්මයා සමග ගායනා කරන " සුදු මුතු රළ පෙල " ගීතය බොහෝ ප්‍රිය කරන ගීතයක් .
    අනිත් අය කියා ඇති පරිදි "බුදු හාමුදුරුවො අපිත් දකින්නැති" ගීතය වික්ටර් රත්නායකයන් ගායනා කරන ගීතය වඩා රසවත් , හොඳට විඳින්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ගිම්...

      වික්ටර්ගේ ගීතයේ ගායනයේත් සංගීතයෙත් තියෙන්නේ බුදුගුණමයි. ඒ නිසා ඒ ගිතය තුළ බුදුහාමුදුරුවන්ගෙ මහා පෞරුෂය හිතේ ඇ‍ෙඳෙනවා

      Delete
  14. දයා......මාස්ටර් සර් ගීතයත් කිහිප දෙනෙක් ගායනා කර තිබේද?

    ReplyDelete
    Replies
    1. ඇයි බං නීලයි නිමල් මෙන්ඩිසුයි නෙහ්..

      Delete
    2. අරු..දේශකයාගෙ උත්තරේ හරි... නිමල් මෙන්ඩිස් ගැයුවේ මට මතක හැටියට ඔහු සංගීතය සැපයූ චිත්‍රපටයටවි

      Delete
    3. කළු දිය දහර....?

      Delete
    4. අරූ,මා දන්නා ආකාරයට මාස්ටර් සර් ගීතය පළමුවෙන්ම ගැයුවේ නෙවිල් ප්‍රනාන්දුයි.

      Delete
    5. @හැලපේ.....මචං හුඟ කාලෙකට පස්සේ පැමිණීම අගය කරනවා.

      මටත් නෙවිල් ප්‍රනාන්දු ගැන මතකයක් තිබුන නිසා තමයි මම එහෙම ඇහුවේ.

      Delete
  15. ලස්සන ගීයක්.
    ඊයේ (පෝය දවසේ) නෙත් එෆ් එම් එකෙත් ඔය ගීය දෙතුන් පාරක්ම ගියා.

    ReplyDelete
    Replies
    1. මධුරංග

      ස්තූතියි පෝයට ඇහෙන සිංදු මේව නේ..

      Delete
  16. ඔබ තුමා ලග ටී.එම්. ජයරත්න මහතාගේ මේ ගීතය තියෙන කැසට් පටයේ ඇති අනෙක් සින්දු ටික තියෙනවද
    "මගේ අසරණ ලෝකයේ ඔබ එකම සිතිවිල්ලයි - එවන් සිතිවිළි දිළිඳු හිතකට එකම සැනසිල්ලයි"

    මේක තිබුනේ ටී.එම්- නීලා කියල කැසට් එකක, එක පැත්තක ටී.එම් මහතාගේ ගේ හා අනෙක් පැත්තේ නීලා මහත්මියගේ සින්දු.

    ReplyDelete
    Replies
    1. සන්ජීව්...

      ඔය ගීතය කොතැනක හරි තිබ්බ බවක් මතකයේ තියෙනවා. පටි ටික පරීක්ෂා කරල බලන්නම් මට පොඩි ඊමේල් එකක් එවන්න ඔබේ ඊමේල් ලිපිනය දෙන්න.එවිට මම ඒ ටික හොයාගෙන තොරතුරු දෙන්නම්

      Delete
  17. නීලාගේ සින්දුවත් හරිම ලස්සනයි..
    ස්තුතියි දයානන්ද වෙනදා වගේම..වෙනස් මානයකට අපිව ගෙන ගියාට..

    ReplyDelete
    Replies
    1. රූ....

      එකම ගීයක් වෙනස් හඬක්.. ස්තූතියි

      Delete
  18. ස්තුති මේ කරුණු අපි එක්ක බෙදාගත්තට,,නීලා වික්‍රමසිංහ මහත්මිය කියන්නේ මං ආසම ගායිකාව..

    ReplyDelete
  19. අසා ඇති ගීතයක් අසා නැති හඬකින්..

    ස්තුතියි තොරතුරුවලට

    ReplyDelete
  20. මේ ගීතය නීලා කිව්වා කියල දන්නෙත් අදයි දයා මල්ලි. මම නම් ආස වික්ටර් ගෙ ගීයට. වටිනා තොරතුරු බිඳක් ගෙනාවට පිං. සුළලිත ගී ඇතුළු සැමටත් තුති.

    ReplyDelete
  21. මේ ගීතය නීලා වික්‍රමසිංහයන් ගයා තියෙනව කියල දන්නෙ දැන් මේක කියවද්දි..හැබැයි ඒ හඩේවත් සංගිතයේවත් ඇස් දෙක පියාගෙන විදින්න පුලුවන් ගතිය නැහැ. ඒක නිසා වික්ටර් රත්නායකයන්ගේ ඒ හිත සමාධියට පත්කරන හඩට තනුවට මාද වඩාත් කැමතියි.

    ReplyDelete
  22. දන්නෝ බුදුන්ගේ ගීතය නම් ගොඩක් දෙනා ගයනවා අහලා තියනවා. හැබැයි සමිතා මුදුන්කොටුව ගයන පද මාලාවේ පොඩි වැරද්දක් තියනවා නේද? "දන්නෝ බුදුන්ගේ" වෙනුවට "ධම්මෝ බුදුන්ගේ" කියලා තමයි කියන්නේ.

    ReplyDelete
  23. මේ සිංදුව නීලා වික්‍රමසිංහ ගයා තියෙනවා කියල අදයි දැන ගත්තේ.. අර කපුගේ ගේ නින්ද නැති රැයේ ගීතය අනිත් තනුවෙන් ගයපු සිංදුව නැද්ද? එකත් අහන්න ආසයි.. බොහොම ස්තුතියි මේ තොරතුරු වලට

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...