එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Tuesday 6 November 2012

෴ කඹදිගේ ඇවිදිනා ඇඹලයන් එළවමු ....෴


පසුගිය සැප්තැම්බර් මාසෙ අගදී අස්වැන්න මගින් ඉටුකරල දෙන්න කියල  පුංචි ඉල්ලීමක් ලැබුණා කලා ක්ෂේත්‍රය නියෝජනය කරන තවත් සහෘදයෙකුගෙන්. ඒ ඉල්ලිම ලැබිලා මාසයකට වැඩිය ගතවුණත් අස්වැන්නෙ සටහන් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒත්  ගෙවුණු සතියේ  තිබුණ අවිවේකි බව ‍හේතුවෙන් නිර්මාණාත්මක යමක් සටහන් කරන්න මටත් වෙලාවක් නොතිබුණ නිසා අද අස්වැන්නෙන් ඒ සහෘද ඉල්ලීම පිලිබඳව පුංචි සටහනක් සටහන් තබමි. ඒ සටහන කියවන්න කලින් මෙන්න මේ පුංචි ළමා ගීයත් මුලින්ම අසා ඉන්පසු පණිවුඩය කියවන්නට  සහෘද ඔබට ඇරැයුම් කරමි.

යන්න අලියාටයි - අලියා කලු පාටයි
යන්න ඉබ්බාටයි - ඉබ්බා කලු පාටයි

යන්න එලුවාටයි - එළුවා සුදු පාටයි
යන්න කපුටාටයි කපුටා කළු පාටයි

ගි යන්න ගිරවාටයි - ගිරවා කොළ පාටයි
යන්න බඹරාටයි - බඹරා කලු පාටයි

මො යන්න මොනරාටයි -  මොනරා නිල් පාටයි
යන්න වළහාටයි  -   වළහා කලු පාටයි

ගීපද මාලාව - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
ගැයුම - විශාරද නන්දා මාලනී

“අ යන්න  ” ගීතය  මෙතනින් අහන්න



නන්දා මාලනී සංගීත ආශ්‍රමයෙන් දැයේ දූදරුවන්ට පණිවුඩයක්...
සම්මානලාභී ප්‍රවීන ගායන ශිල්පිණී විශාරද නන්දා මාලනිය විසින් මෙහෙය වනු ලබන සංගීත පන්ති සඳහා 2013 වසරට නවක සිසු සිසුවියන් බඳවා ගැනීම මේ දිනවල සිදුකෙරේ.
යහපත් සංගිත රුචියක් ඇති ප්‍රබුද්ධ සංගීත රසික පිරිසක් බිහිකිරීමේ උදාර අරමුණින් යුතුව වසර 27 ක් මුලුල්ලේ නන්දා මාලනිය විසින් සිය සංගීත ආශ්‍රමයේ පවත්වාගෙන  එනු ලබන මෙම සංගිත පන්ති මාලාව දෙමා පිය - ගුරුවර - වැඩිහිටි බොහෝ දෙනාගේ  ඉමහත් පැසසුමට  ලක්වී  ඇත.
මෙම සංගීත පන්ති වලදී වයස අවුරුදු 8 සිට 12 දක්වා වූ කුඩා දූ දරුවන් සඳහා,ඒ වයස් සීමාවන්ට ම විශේෂිත වූ  මූලික ස්වර අභ්‍යාස සහිතව දරුවන්ට පහසුවෙන්ම ගායනා කල හැකි මධුර ගීත මාලාවක් ඔහුන්ගේ කටහඬ  පුහුණුව සඳහාම උගන්වනු ලැබේ.
වයස අවුරුදු 12 සිට 15 දක්වා වූ දරුවන්ට  පාසල් විෂය මාලාව හා සම්බන්ධ කෙරැණු දේශිය ජන ගායනා සහ රාගධාරී විෂය ඇතුළත් සංගීත පාඨමාලාවක් ද,
යොවුන් වියේ සිටින අයට තම ගායන හැකියාවන් ප්‍රගුණ කර ගැනිම සඳහා ඉන්දියවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පිඨයේ  ප්‍රවේශිකා, ප්‍රථම සහ ඩිප්ලෝමා යන සංගිත පාඨමාලාවන්ද පැවැත්වේ.
මේ සම්බන්ධයෙන් අයදුම්පත් 2012 නොවැම්බර් මස 30 වැනි දිනට පෙර මුද්දර සහිත කවරයක් එවීමෙන් පහත සඳහන් ලිපිනයෙන් ලබා ගත හැකිය.
                            
                             ලේකම්,
                             නන්දා මාලනී සංගීත ආශ්‍රමය,
                             අංක 30, විජයබා මාවත,
                             නාවල පාර,
                             නුගේගොඩ.

අස්වැන්නට ලැබුණ පණිවුඩය තමයි  ඒ.  දැයේ දූ දරුවන්ගේ යහපත් හෙට දවස වෙනුවෙන් සිදුකරන වැඩසටහනක් නිසා මට ලැබුණ ඒ ඉල්ලීම එලෙසින්ම අද සටහන් කළෙමි. අවශ්‍ය නම් මේ පණිවුඩය ඔබට හෝ ඔබේ පවුලේ හෝ ඔබ දන්න හඳුනන ඥාතියකුගේ හෝ මේ සම්බන්ධයෙන් කැමැත්තක් දක්වන හිතමිතුරු කෙනෙකුගේ දැන ගැනිමට සළස්වන්න.
ඒ කොහොම වුණත් අද ඇහන මේ සංගිත රටා එක්ක හිතනකොට නම් මේ පණිවුඩය හොඳයි කියල හිතෙනවා. මොකද ගීත විදියට සංගීතය යොදා ගයන විරිදු මෙන්ම, හරසුන් බොළඳ අ‍ඳෝනා ගිත වැසි වසින සමයක නන්දා මාලනියගේ මේ වෑයම උසස් රසවින්දන පරපුරක් බිහිකීරීම  උදෙසා කරන හොඳ වැඩක්.  ජනප්‍රියත්වය  පසු පස හඹා යමින්  කිසිඳු සමබර බවක් නැතුව,  මඳ සුළඟටත් ඇද වැටේ යැයි බියෙන් කඹ දිගේ එහා මෙහා දුවන ඇඹලයන් වගේ  ජනප්‍රිය සංගීතකරුවන් පිරිසකගේ  සංගීත රටාවන් නිසා අපේ  දෙසවන්  අගුලු වැටිල තියෙන නිසා තමයි නව රසවින්දන පරපුරක් බිහිකිරීම යුගයේ අවශ්‍යතාවයක් කියල හිතෙන්නෙ . ඒ නිසා මේ සතියට මෙන්න මේ පුංචි ළමා ගීයත් මෙතනින්  අහලම අද මෙතැනින් නික්ම යන්න.

කමූ ද කමූ
දො මල් පෙති ඇහිඳිමූ
දිගේ ඇවිදිනා
ලයන් එළවමූ

කොහො කළේ කුල්     කටේ
ඹුටන් මල් කිඹුල්             පිටේ
පාටයි ඇඹුල්              ඇටේ
දුඹුරු පාට දිඹුල්                ගැටේ

කුඹුර එහා ද               වැටේ
රුන් මල් කල            වටේ
රන් මිණි සළ             ගැටේ
නු ඇයි තව කොළ        රටේ

ගීපද මාලාව - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
ගැයුම - විශාරද නන්දා මාලනී
“අඹ ඹ යන්න  ” ගීතය  මෙතනින් අහන්න



අද අස්වැන්න ඉටු කලේ පුංචි ඉල්ලිමක්. ඒ නිසා කොමෙන්ටුවක් නොදැම්මාට කමක් නැහැ. කියෙව්ව එක හොඳටම ප්‍රමාණවත්. ලබන සතියේ සිට සුපුරුදු ලෙසම සංගිතමය කතිකාව ගොඩනගමු. ස්තූතියි  අස්වැන්න කියෙව්වාට. ඔබටත් සුවබර විවේකී සතියක්.

විශේෂ ස්තූතිය: අවශ්‍ය තොරතුරු ලබාදෙමින්  සහ මේ සඳහා සහාය දැක්වූ සහෘද රනිල් මුදුන්කොටුව  සොහොයුරාට.

54 comments:

  1. අපිට සෞන්දර්ය විෂයන් තෝර ගන්න තිබුණෙ හතේ පන්තියෙදි විතර මට මතක හැටියට. මම සංගීතයට තේරුණා. ඒත් යාළුවා නැටුම්වලට ගිය නිසා මමත් ටික කලක් නැටුම් කළා... යාළුවා නැටුම් බෑ කියල චිත්ර කරන්න ආව නිසා මමත් චිත්රය පන්තියට ආවා. දැන් තමයි හිතෙන්නෙ අපරාදෙ සංගීතය ඉගෙන ගත්ත නම් හොදයි කියල.
    චිත්ර ත් හරිම හොද විෂයක්.. ඒත් දැන් අඳින්න විවේකයක් නැහැ. පුංචි ළමයින්ටනම් එක සෞන්දර්ය විෂයක් හරි දිගටම උගන්වන්නම ඕන.
    ළමා ගීත ටික නම් හරිම අපූරුයි. භාෂාව කටට හුරු වෙන්නත්, සංගීත ඥානය දියුණු වෙන්නත් උදව් වේවි.

    ReplyDelete
  2. අවශ්‍ය කෙනෙක් හිටියොත් අනිවාරෙන් පණිවිඩය දෙන්නම් සහෝ..
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. හිරු හිමාවි...

      ස්තූතියි.... ඔබට..

      Delete
  3. කමෙන්ට් දාන්න එපා කියපු නිසා මුකුත් කියන්නේ නෑ. මේක පොඩ් දැන්වීම්ක්නේ

    ReplyDelete
    Replies
    1. ලොකුජෝන්..

      අන්න හරි.. මේක මඳ විරාමයක් දැම්ම පොඩ් ඇඩ් එකක්...හැබැයි ෆ්‍රී...

      Delete
  4. කමෙන්ට් එකක් දමන්න එපා යැයි කීවට මේක හරිම වැදගත් දැන්වීමක් නෙ. ඉතින් දන්නා පැටවුන්ට කියන්නම්. ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. චාන්දි..

      ඇත්තටම කමෙන්ට් දාන්න එපා කිව්වේ මම කිසිවක් නොලියු නිසා. අනික මමත් කළේ පුංචි උදව්වක්..

      ස්තූතියි චාන්දි ඔබටත්

      Delete
  5. කොලඹ පලාතෙ හිටියනම් දරුවන්ව යොමුකරන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. වීපොකුර..

      ඇත්තටම කොඹින් පිට ඉන්න අපි කාටත් මේ වටිනාකම් තෙරෙන්නේ ගමනට ගතවන කාලය ගැන හිතුවාමයි.

      ස්තූතියි ඔබටත්.

      Delete
  6. මමත් කොළඹ නෙමෙයි.එත් යහළුවන්ට කියන්න පුළුවන්.අගය කරමි,අයියත් ඒ මෙහෙවරේ කොටස් කරුවෙකු මෙන් කරන සමාජ සත්කාරය පිළිබඳව.

    ReplyDelete
    Replies
    1. ගයානි

      ඇත්තටම මේක මමත් කළේ උදව්වක් විදියට. අපි ක්සේත්‍රයේ ඉන්න කොට මෙවැනි තොරතුරු හුවමාරු කරගන්නවා. ස්තූතියි ගයානි ඔබටත්..

      Delete
  7. ඔන්න කොමෙන්ට් කලේ නෑ ...... මම නං කොළඹ කොල්ලෙක් ලූ

    ReplyDelete
    Replies
    1. දිනෙල්ක..

      අන්න හරි. කොමෙන්ට් කළේ නැනේ.. ස්තූතියි ඔබටත්.

      Delete
  8. සංගීතේ ඉගෙන ගන්න කැමති කෙනෙක්ට වටිනා පණිවුඩයක්... ඉගෙන ගන්න හිතේ කැමැත්තක් තිබුණත් අපිට ඉතින් වෙලාවක් නෑනේ දැන් ඕවාට :(

    ReplyDelete
    Replies
    1. තොටියා...

      ඔබට වගේම මටත් එහෙමයි. අපි යෙදිලා ඉන්න වෘත්තිය හැටියට මේවගේ දෙයක් ඉගනගන්න කෝ වෙලාවක්..

      Delete
  9. උසස් ගනයේ ලබා ගී නිර්මාණ දෙකක්.විෂිශ්ටයි!!

    " කඹ දිගේ ඇවිදිනා ඇඹලයන් එළවමූ" මේ ටික නම් මරු ...

    ReplyDelete
    Replies
    1. මානවක..


      ඇත්තටම මේ පණිවිඩය විතරක් දානවට වඩා මතක හිටින ගිත දෙකක් යොදාගත්තා..

      ස්තූතියි ඔබටත්.

      Delete
  10. "සින්දු හෝඩිය" මම පණට වගේ ආදරේ කරපු කැසට් පටයක්. මේ ගීත දෙකම ඒකෙ තිබුනා. ඒක මම සිය වතාවකට වඩා අහලා ඇති..පුංචි හිත්වලට කා වදින ලස්සන සංගීතයත් නිර්මානාත්මක පදමාලාත් ඉතාමත් අගෙයි.

    උඳු පියලිය ඉහල ඉවට උස උණ ගස් ඇදෙයි රුවට
    උයන්න සත් වැනි අකුරයි අපේ හෝඩියේ
    ඌ ඌ ගෑ ඌ ඌරා ලූ ලූ ගෑ මූ ලූලා
    ඌ යනු අට වැනි අකුරයි අපේ හෝඩියේ

    මුව අං මී අං අතරින් පැනයන්
    .....................
    මහ ගං වතුරෙන් පොඩි ලිං රැක ගං
    පොඩි වුන් බය නං ලං ලං කර ගං

    එළුවා එනවා එළුවා එනවා
    එයනු කියන විට එ..එ..එ..එ..
    ඒයනු කිය කිය කෑ ගසනා විට
    ඒ දණ්ඩෙන් පැන එළුවා එනවා..

    :)

    ReplyDelete
    Replies
    1. සයුරි..

      සින්දු හෝඩියම කටපාඩම් වගේ..

      පුංචි හිත්වලට මේවා කොයි තරම් කාවදිනවද කියල හිතෙන්නේ පුංචි පුංචි වචනවල තියෙන තේරුම් ගැන හිතනකොටයි. මට මේ ගි ඇහෙනකොට නන්දා මාලනිය පුංචි එවුන්ට උගන්වන හැටි මැවිල පේනවා. ඒතරමටම ලස්සනයි මිහිරියි.

      ස්තූතියි සයුරිටත්

      Delete
  11. ඇත්තෙන්ම දරුවන් කුඩා කල කිසියම් හෝ කලාවකට යොමු කල යුතුයි...එය සංගීතය ම විය යුතු නෑ... මෙහි පරමාර්ථය දරුවා පසුකලෙක වෘත්තීය ගායකයෙක් කිරීම නෙවෙයි... කලා විෂයක් හැදෑරීම තුලින් දරුවන් තම බුද්ධියට අමතරව සෞන්දර්යාත්මකව හදවතින් ලෝකය දකිනවා...
    -ලිපියට ගොඩක් ස්තුතියි අයියෙ :) -

    ReplyDelete
    Replies
    1. මේ කතාව සහතික ඇත්ත... දැං ළමයි මොන්ටිසෝරියේ ඉඳලම එලකියුෂන් ගියාට අඩුම ගානේ චිත්‍රයක්වත් ඇඳගන්න වෙලාවක් නෑ.. අම්මලා ඔක්කෝම ඕනෙ කරන ජාති ගෙනල්ලා දුන්නට ළමයින්ට හිතලා අඳින්න වෙලාවක් නැති උනාම ඉතිං වැඩක් තියෙනවයැ... මොන අම්මටද ළමයව ළඟින් තියාගෙන චිත්‍රයක් පාට කරන්න වෙලාව තියෙන්නේ.. ඒකටත් කලරින් බුක් එකක් කඩෙං ගෙනත් දෙන එකනේ...

      හැම ළමයවම මොකක් හරි සෞන්දර්‌ය විශයකට යොමු කරන්නම ඕනේ.. නැත්තම් ඉතිං රෝබෝලා විතරක් ඉතුරු වෙයි.. ( පෞද්ගලිකව මම දන්නවා ඒ වගේ රෝබෝලා වෙච්ච කීප දෙනෙක්ම.. වෘත්තීය මට්ටමෙන් ඉතා ඉහලයි.. හැබැයි සාමාජීය අත්දැකීම්, වගකීම් දැරීම, අඩුගා‌ෙන් දරුවෙන්ට පොතක් කියවලා දෙන්නවත් හරියට තේරෙන්නේනෑ.... )

      Delete
    2. රනිල්..

      ඔබේ දිරිගැන්විම තමයි මේක වෙනම පෝස්ට් එකක් විදියට දාන්න හිතුනේ. ඔබේ අදහසට සම්පූර්නයෙන් එකගයි. අද සංගිතය ඉගනගන්නවා කියන්නේ සමහරු සිංදු කියන්න. ඒත් රසවින්දනය ගැන කවුරුත් හිතන්නෙ නෑ.


      හිරු...

      අපිට අද අපේ දරුවන්ට සෞන්දර්යය උගන්වන්න සිදුවෙලා. ඉස්සර නම් ගමේ ගොඩේ වෙල් එලියේ. දැවටිලා දුවල පැනල ඒවා ලබා ගත්තා අදා යාන්ත්‍රික ලමයි ඉන්නේ. ඒකයි රස වින්දනය අලුතින් උගන්වන්න වෙලා තියෙන්නේ..

      Delete
  12. බොහොම හොද පණිවිඩයක් තියෙන්නේ. ඒත් අකුරු ගැන කියවෙන පද පෙළේ වියරණ නමි ගොඩක්ම වැරදියි. ඒවාත් නිවරද වුවා නම් අනගි.

    ReplyDelete
    Replies
    1. නලීන්

      මේවා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පදමාලා නිසා එතුමා ඒ ගැන හිතලා තමයි ලියන්න ඇත්තේ.කොහොමත් එතුමා වාග්ගේයකරුවෙක් නිසා හොඳින් දන්නවා ඇති.

      ස්තූතියි නලීන්

      Delete
  13. චූටි දුවලා, පුතාලාට හොඳ අවස්තාවක්...නන්දා මාලිනී වගේ තව ගායක, ගායිකාවන් පිරිසක් රටට බිහි කල හැකි හොඳ වැඩ පිලිවෙලක්.

    ඒ වගේම සංගීතයට, ගී ගැයීමට ආශා කරන අයට ඒ ආශාව සංසිඳවා ගැනීමටත් මින් කල හැකී.

    දයා දීලා තියෙන්නේ කියන්ට බැරි තරම් වර්ගයේ හොඳ පණිවිඩයක්. :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි..

      ඇත්තටම මේක මම හිතල දැම්ම එකක් නෙවෙයි. ඒත් මගෙන් පුංචි උදව්වක් ඉල්ලුවා මේ පනිවුඩය රසිකයන් අතරට ගෙනියන්න. ඒ යුතුකම කළා..

      සිංදු නොකිව්වත් හොඳ රසවින්දකයන් පිරිසක් බිහිවුනොත් ඒ ඇති.

      "දයා දීලා තියෙන්නේ කියන්ට බැරි තරම් වර්ගයේ හොඳ පණිවිඩයක්. :)"

      මාත් ඉඳ හිටලා මේවගේ සමාජ සත්කාර කරනවානේ..

      Delete
  14. අපේ දරුවන්ට වැදගත් පණිවිඩයක් , මේක වෙළඳ දැන්වීමක් විදියට මම දකින්න කැමති නැතත් , ලස්සන නිර්මාණයක් ලෙසින් අපට මේ පණිවිඩය දුන් ඔබට තුති පුදන්නට සිතුනා .
    මගේ ලොකු දුවත් (මෙන්න මේ බ්ලොග් එක ලියන http://dinithimithili.blogspot.ca/) ලංකාවේ ඉඳිත්දි හරිම ආසාවෙන් යන්න බලන්න හිටියේ මෙතුමිය ළඟට . තාමත් “රූං පෙත්තෙ“ නැන්ද කියල තමයි එයාලට මතක තියෙන්නේ .

    ReplyDelete
    Replies
    1. මහේෂ්...
      ඇත්තටම මට පුදුමත් හිතුනා ලාබාලම දරුවන් දෙදෙනෙක් විදියට දියණියන් දෙදෙනාගේ බ්ලොග් පෝස්ට් දැක්කාම මේවා තමයි සෞන්දර්යය කියන්නේ. ආයෙ අමුතුවෙන් උගන්වන්න දෙයක් නෑ.
      මේ සිංදු දරුවන්ට ආදරණිය බවක් ගෙ‍න දෙනවා..

      ස්තූතියි ඔබටත්

      Delete
  15. ලංකාවේ උන්න නම් පොඩි අයව යවන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. බින්දි..

      ඇත්තටම සතුටුයි.දරැවන්ට මේවගේ ගියක් දෙකක් අහන්න දුන්නා නම් ඔවුන්ට ඉබේම ලංකාවෙ ඉන්නවා කියල හිතේවි.

      ස්තූතියි බින්දිටත්

      Delete
  16. මේ පනිවිඩය නුගේගොඩ අවට ඉන්න සංගීත ලෝලීන් අතරට යවන්නම් , දුර බැහැර ඉන්න අයට එන්න අපහසු නිසා .බොහෝ සංගීතයට ලැදි දෙමාපියන් කැමතියි තම දරුවන්ට හොඳ සංගීත අධ්‍යාපනයක් ලබාදෙන්න . එහෙම අයට මෙය හොඳ අවස්ථාවක් .
    …ජය !

    ReplyDelete
    Replies
    1. ගිම්..
      අන්න හොඳ වැඩක්. ඔබ අගනුවර ආසන්නයේ ඉන්න කෙනෙක් නිසා කොළඹ අයට වැදගත් වේවි.

      ස්තූතියි ගිම්..

      Delete
  17. එල එල දයානන්ද අයියේ.... ප්‍රශ්නේ ලංකාවේ නැති එකයි.

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයා..

      ලංකාවේ නැතුවාට කමක් නෑ. පණිවුඩය දැනගත්තානේ. මතු දවසක ඕනෑ වුනොත් මතකයේ තියාගන්න.

      Delete
  18. අර එඩ්‍රස් එක දැක්කමයි හිතුනේ අපි ඉන්නේ ඔය ආශ්‍රමයට ලඟ තැනක කියලා.

    ReplyDelete
    Replies
    1. මධුරංග..

      ඒ කියන්නේ ඔබ වැඩ කරන්නේ නාවල විවෘත විශ්ව විද්‍යාලය ආසන්නයේ.

      Delete
  19. මගෙ ඉස්සර ඉඳන් ආසාවක් තිබුණා ඇයගෙන් ඉගෙන ගන්න. මගෙ හොඳම මිතුරිය ඇයගෙන් ඉගෙන ගත්තා. ඒත් මගෙ කැත කට හඬ නිසා කවදාවත් ඉදිරිපත් වෙන්න හිතුනෙ නෑ.දැන් ප්‍රමාද වැඩියි. අපරාදෙ අපේ නිකම් ගෙවුණ කාලය

    ReplyDelete
    Replies
    1. සිඳු...

      කොහොමද එක පාරටම කියන්නේ කටහඬ කැතයි කියලා.. කේමදාස මාස්ටර් එක වෙලාවක් කිව්වා ලංකාවෙ සංගීතඥයන්ගේ එක වැරැද්දක් තමයි "එයාට සිංදු කියන්න බෑ කියලා අයින් කරන එක" කියලා. ඔහු හැම කටහඬකටම ගැලපෙන්න ස්වර අභ්‍යාස උගන්වපු කෙනෙක්.

      ඒ නිසා ඉගනගන්වනවම් තාමත් පුමාද නැහැ. ඒත් දැන් කාලය එක්ක කරන සටන නිසා තමයි වෙලාව නැත්තේ.

      Delete
  20. ඉගෙන ගන්න කාට හරි ඕනේ නම් මේ විස්තර ටික දෙන්න පුළුවන්නේ

    ReplyDelete
    Replies
    1. පැතුම්..

      කවුරු හරි වෙගේ දෙයක් ගැන හැහුවොත් දෙන්න.ඒක හොඳ වැඩක්.

      Delete
  21. පුදුම වැඩේ කියන්නේ මං මේ සිංදු දෙකම මීට කලින් අහලා නෑනේ....:(

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ත..

      මේ ගී එකතුවේ තවත් ගීත 16 ක්ම තියෙනවා. අහන්න ඉන්න නියම ළමා ගිත ටිකක්. "සිංදු හෝඩිය" කැසට් එක සිංග් ලංකා කැසට් එකක්

      Delete
  22. මේ සින්දුත් නිකන් 'රම්බරි කියපන් උඹෙ නොම්බරේ' වගේ කියලයි මට හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. හරී...
      හැබැයි "රම්බරී" සිංදුවට වඩා ලස්නයි. මොකද අද ලමයි කැමති රම්බරි සිංදුවටනේ

      Delete
  23. දක්ෂතා තියෙන අවස්ථාවක් නැති අයට හුගක් ඉන්නවා..ඒ අයට මේක හොද අවස්ථාවක් වෙයි..

    ReplyDelete
    Replies
    1. බට්ටි

      කාලෙකින් ඇවිත්...
      ඇත්තටම සිංදු කියන්නම ඔනේ නෑ මේ වගේ විෂයක් ඉගනගත්තාම හොඳ මතක තබා ගැනීමේ හැකියාවක් වගේම හොඳ ඉවසීමේ හැකියාවකුත් පිහිටනවා.

      Delete
  24. අදත් හොද විස්තරයක්.. ඇත්තමයි මේ සිංදු දෙක මම කලින් අහලා නෑනේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්..

      මේවා අපිට නෙවෙයි දරුවන්ටයි නන්දා ගැයුවේ ඒත් අපිත් අහනවා. ලස්සන ලමා ගිත සෙට් එකක්.

      Delete
  25. සිංදු හෝඩිය.. අවුරුදු ගාණකට පස්සෙ මේ ගීත අහන්න සැලැස්සුවට ගොඩක් ස්තූතියි... :) ඒ වගේම දක්ෂතා ඇති අයට හොඳ පණිවිඩයක් රටට හොඳින් යමක් තිළිණ කරන්න..

    ReplyDelete
    Replies
    1. නන්දු..

      මමත් අවුරුදු ගනනකට පස්සේ මේ සිංදු ටික ඇහුවාම ආයෙමත් ළමා කාලයට ගියා කියල හිතුනා.
      ඇත්තටම දක්ෂතා ඇති දරුවන්නට තමන්ගෙ හැකියාවන් වර්ධනය කරගන්න හොඳ අවස්ථාවක්

      Delete
  26. සංගීත රුචිකත්වය තිබුණට වැස්සට සංගීත හැකියාව නැහැනේ.ඒක නිසා වැස්සට කෙසේ වෙතත් වැදගත් වේවි කියලා හිතෙන අයට දන්වන්න හොද ආරංචියක් මේ..

    .....බොහොම ස්තූතියි ඔබට ඒ ආරංචියත්,මින් පෙර කවදාවත් අහලා නොතිබුණු සින්දු හෝඩියත් අහන්නට සැලැස්සුවාට!

    ReplyDelete
  27. මම මෙයි එක ගිතයයි අහල තිබුණෙ..අන්තිම ගීතය අහලම නැහැ..අද තමා ඇහුවෙ.... ඒකට මුලින්ම ස්තුතියි කියන්න ඕනි..

    ඒ වගේම හොද ආරංචියක් ගෙනත් තියෙන්නෙ..දන්න කියන අයට කියන්න පුලුවන්.. මට ඉතින් සංගිතය නම් බැහැ....මොනා කරන්නද....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...