එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Monday 8 July 2013

෴ විස්ලිං නිහාල් 2 වන කොටස පන්සර ගී ෴

                     

                      සිවුරුහන් සංගීතයේ ලාංකේය  රිද්මය

ගුවන් විදුලි වාදක මණ්ඩලයේ බටනලා වාද්‍ය ශිල්පියකු ලෙස කටයුතු කරන අතර ගායක ගායිකාවන්ට සරල ගී වැඩසටහන් ලැබෙනවා සේම  සංගීත ශිල්පින්ට සිය නිර්මාණ ඉදිරිපත් කිරිමට ලැබෙන වැඩසටහන් එකල ගුවන්විදුලියේ ක්‍රියාත්මක වූ නිසා නිහාල්ටද එවැනි අවස්ථාවක් නැවුම් මිහිර වැඩසටහනෙන් ලැබුණි. එදා තමන් විසින්ම නිර්මාණය කර ගත් බටනලා වාදනයක් ( Flute Solo ) එම වැඩසටහනේ දී ඉදිරිපත් කිරිමට  හැකි විය. ඒ බටනලා වාදනය ගුවන්විදුලිය ඔස්සේ අසා සිටි සංගීතවේදී සරත් දසනායකයන් ද එවකට නිරන්තරයෙන් ගුවන් විදුලියට ආගිය සංගිත අධ්‍යක්ෂකවරයෙකු විය. පසු දින ගුවන් විදුලියට පැමිණි සරත් දසනායකයන්  එහිසිටි  සිය මිතුරකු වූ එවකට ගුවන් විදුලියේ සේවය කළ  ස්ටැන්ලි ද අල්විස් ගෙන් පෙර දින ඇසූ බටනලා වාදනය පිළිබඳවත් වාද්‍ය ශිල්පියා පිළිබඳවත් විස්තර විමසා සිටි නිසා ස්ටැන්ලි විසින් නිහාල් සී ජයවර්ධන සරත් දසනායකයන්ට හඳුන්වා දුන්නේ ය.

නිහාල්ගේ මුල්ම සංගිත වැඩසටහන ඇසු සරත් දසනායකයන්ට ඔහුගේ සංගිත භාවිතය පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබූ නිසා බාහිර පටිගත කිරිමකට බටනලා වාද්‍ය ශිල්පියකු ලෙසින් නිහාල් කැඳවූයේ බොරැල්ල බිෂොප් පැලස් හි තිබූ ශබ්දාගාරයට ය. එදා එහි පටිගත කිරිමට නියමිව තිබුණේ විජය රාමනායක නිෂ්පාදනය කරමින් තිබු අමරදේවයන්ගේ “පිපුණු කුසුම“ කැසට් පටයයි. එදා එහිදී පටිගත කළ අමරදේවයන්ගේ “පා වෙනා නිල් වලාවේ“ ගීතයට පළමු වරට බටනලා වාදනය මුසු කළේ නිහාල් විසිනි. එය ඔහුගේ පළමු බාහිර පටිගත කිරීම විය. එදා සරත් දසනායකය් පෙන්වා දුන් මංතලාවේ නිහාල් සරත් දසනායකයන්ගේ අමරණීය ගීතයක් විසිල් කළේ මෙසේ ය.



29 comments:

  1. ස්තුතියි අයියේ දැනුවත් කිරීමට.පාවෙනා නිල් වළා ගීතයත් අහන්න දුන්නම් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ගයානි
      නිහාල් පාවෙනා නිල්වලාවේ ගීය විසිල් කර නැහැ. ඉදිරියේදි විසිල් කලොත් අහන්න දෙන්නම්.

      Delete
  2. කෝ බලමු :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩවි රජතුමා

      ඔබටත් එසේම වේවා...

      Delete
  3. මේක තුන්වැනි කොටසද??එහෙනං මට දෙක මිස් වෙලා.. ජය වේවා. හැබෑට මේ වගේ පුද්ගල චරිත ගැන ඔබ වැනි කිහිප දෙනෙක් කතා කරාට නව පරපුර දන්නෙම නැහැ නෙව. මම දැක්කා සුදීක, ගාමිණි හත්තෙට්ටුවේගම මහතා ගැන ලියපු සටහනේදි තරුණ අය හුග දෙනෙක් ඔහු වැනි කලාව අතිශයින් පෝෂණය කරපු කෙනෙක් ගැන නමින්වත් අහල නැති බව.

    ReplyDelete
    Replies
    1. දේශකයා..
      මේ දෙවැනි කොටසයි. ලිපිය දිග වැඩි නිසා පෝස්ට් එක පබ්ලිෂ් වුනේ නෑ. ඒ නිසා කෙටියෙන් එකක් දැම්මා.
      මෙවැනි කලාකරුවන් එක් යුගයකදි විතරයි රසිකයන් හඳුනාගන්නේ. ඒ යුගයේ ඔවුන් ඉතාමත් ජනප්‍රියයි.

      Delete
  4. මෙහම කෙනක් ඉන්නවා කියලා හරි දනගත්යේ ඔයා ලියපු ලිපි වලින්.ඉද්රියටත් මෙවැනි ලිපි ලියන්න ඔබට ශක්තිය දිරිය ලැබේවා. සින්දු ටික ඇහෙව්වා අලුත්ම අත්දැකීමක්

    ReplyDelete
    Replies
    1. සංජීව..

      විස්ලිං නිහාල් නිර්මාණ කලේ 80 -90 දශක වලදීය් ඒ යුගයේ නම් නිහාල් ගැන රටම දන්නවා. ඒත් දැන් ඔහු ඒ සියලු කටයුතු වලින් සමුඅරන් ඉතාමත් නිදහසේ ඉන්නේ. පැරණි දේ වුණත් අලුත්වට පේනනේ ඒ නිසා

      Delete
  5. ගොඩක් දවසකින් ආවෙ. මේ සංගීතවේදීන් ගැන මෙහෙම සටහන් ලියැවෙන එක හරිම අගෙයි.
    මැණික්

    ReplyDelete
    Replies
    1. මැණික්...

      එම් අපේ රටේ එක්තරා යුගයක රටම නැළැවූ හඬක්.එවැනි අය ඉඳහිට හෝ සිහි කිරිම යුතුකමක්

      Delete
  6. බොහොම ස්තුතියි. පළමු කොටස වගේම ආදරයෙන් වැළඳගත් කොටසක් දයා.
    Samakaya Wate නලින්

    ReplyDelete
    Replies
    1. නලීන්...
      ස්තූතියි.. සෑහෙන උනන්දුවකින් නිහාල් හොයාගන්නත් ලැබුණා..

      Delete
    2. අපරාදෙ පින්තූරයක් දාන්න තිබ්බෙ..!

      Delete
    3. සමාවෙන්න මම පටලවා ගත්ත..! කලබලේට..!දෙවෙනි පෝස්ට් එකට ගියාමයි දැක්කෙ.

      Delete
  7. අපි කොල්ලො නාරාහේන්පිට රන්දෝලි එකේ සෙට් වෙන වෙලාවට යසපාලිතN/සරත්D එහෙම ඒ කාලෙ නිතර මුන ගැසෙනව.
    සරත් අයිය හිටියෙ රන්දෝලිය පහු කරල රේනුකා හෝටලය පහු කරපු ගමන් වම් පැත්තෙ තිබුන ප්ලැට් එකේද කොහෙද.
    මේ නිහාල්වත් මට සමහර විට මුන ගැහිල ඇති.
    දයා,මෙයා ගැන කවුරුත් තාම හෝඩුවාවක් දුන්නෙ නැද්ද?
    ඔබගෙ පළමු ලිපියෙන් නිහාල් ගැන කියද්දී මට මතක් වුනෙ අපේ නිහාල් ගුරුසිංහ සහෝදරයාගෙන් මේ ගැන අහන්න ඕන කියල.නමුත් ඔහු අප්‍රියල් සිට නිහඩයි.
    බලමු දයා,අපේ FBI සහන් මලයට භාර දෙමු මේ ගැන සොයන්න.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි..
      නිහාල් හමුවුණා මේ දාලා තියෙන පිංතූර බොහොමයක් ලැබුනේ නිහාල් ගෙන්. ඔහුගේ අලුත්ම පිංතූර තමයි පෝස්ට් එකේ අගටම තියෙන්නේ..තවත් පිංතූර සෑහෙන ප්‍රමාණයක් තියෙනවා මේකට නොදැම්ම ඒවා.

      සරත් දසනායක ගේ නිව තියෙන්නේ කොළඹ 05 ෆයිප් පාරේනේ.

      ස්තූතියි කෙන්ජි..

      Delete
  8. මේ සිංදු ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ද?

    ReplyDelete
    Replies
    1. පැතුම්..
      මේ‍ sound cloud වල ඩවුන්ලෝඩ් ලිංක් එක වැටිල නෑ මට ඊමේල් එකක් එවන්න මම ගිත ටික එවන්නම්.

      Delete
    2. පැතුම්..

      මේ සිංදු ඩවුන්ලෝඩ් කරගන්න පහසුකම වැටිල නෑ. මම මුල්වතාවට Sound cloud සොෆ්ට්වෙයා එක භාවිතා කළේ.
      ගීත ටික ඕනෙ නම් dayanandarathnayake@gmail.com වලට මේල් එකක් එවන්න මම ගීත ටික එවන්නම්

      Delete
  9. කලින් ලිපියේ තිබ්බ විසිල් හඩ මම ෆෝන් එකේ රිගින්ග් ටෝන් එකට දාගත්තා

    ReplyDelete
    Replies
    1. අටම්

      ඇත්තටම ‍රිංගින් ටෝන් වලට නම් නියම වාදන ටිකක්.

      Delete
  10. මුන්නැහේ ඇමරිකාවේදි අතුරුදහන් උනා නේද?

    ReplyDelete
    Replies
    1. මාතලන්..

      ටික කාලයක් තමයි ඇමරිකාවේ ඉඳල තියෙන්නේ.. මට පහුගිය සතියේ හමුවෙන්න හැකි වුණා. ඒ එදා මට දුන්න පිංතූර තමයි මම ඔය දාල තියෙන්නේ

      Delete
  11. නොදන්න ඉසව් නම් තව කොච්චරක් ඇත්ද? වටිනා කියන ලිපියක්. ඊලඟ එකත් ඉක්මනට දාන්න..

    ReplyDelete
    Replies
    1. රතී..
      ඊළගට දාන්න කොටසක් නෑ මෙතනින් ඉවරයි. අවසන් කොටස කියවන්න අවසන් පේලිය ක්ලික් කරන්න

      Delete
  12. මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
    ඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
    සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්

    ReplyDelete
    Replies
    1. සෙන් කෝලය..
      ඔන්න ඒපැත්තේ ගියා

      Delete
  13. කලින් ලිපිය වගේම මේකෙත් හොදට විදින්න පුලුවන්... හරිම සුන්දර මිනිස්සු ගැන අපි නොදන්න හැටි... ස්තුතියි අයියෙ පුරුදු විදිහටම ඔබට...

    ReplyDelete
    Replies
    1. දිනිති

      නොදන්න දේවල් කොයිතරම් තියේද?

      Delete

Related Posts Plugin for WordPress, Blogger...