එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Tuesday 10 December 2013

෴ අපි එකම රෑනෙ කු‍රුල්ලෝ.... වරෙල්ලා මේ රෑනේ... ෴





             බ්ලොග් ලියන සරසවි සහෘදයන්ටයි මේ ඇරැයුම්.....

 ගෙවී ගිය සති දෙක තුනේ බ්ලොග් අවකාශයේ සහෘදයන් කීපදෙනක් එකතුවෙලා මාතලන් සහෘදයාගේ මූලිකත්වයෙන් අලුත් වැඩකට ආරම්භ කරල තිබුණා. යහපත් දැක්මක්, හොඳ අරමුණක් වෙනුවෙන් සමාජය මීට වඩා යහපත් තැනකට ගේන්න සහෘදයන් එකතුවෙන වෙලාවක අස්වැන්න ලියන මාත්  ඒ සහෘදයන් සමග ඔවුන්ගේ සද්කාර්යයට යම් තරමක අත්වැලක් සපයන්න කල්පනා කළා. මේ තොරතුර දැනටමත් බොහෝ දෙනෙක් දන්න නිසා මම “කැම්පස් සින්ඩිය” තොරතුර ඔබට ගෙනෙන්නේ තරමක් ප්‍රමාදවෙලා. ඒකට හේතුව ජාලයේ සැරිසරන කාලය පිළිබඳ පවතින ගැටලුවයි. ඒ නිසා මාතලන් සහෘදයා ඇතුළු සහෘදයන් පිරිසගේ මේ අලුත් වෑයම වෙනුවෙන් අද අස්වැන්න වෙන්කරන්න කල්පනා කළා.

අන්තර්ජාලයේ බ්ලොග් කලාව වර්තමානයේ අදහස් හුවමාරු කරගැනීමෙහි ලා ඉතාමත් සාර්ථක මාධයයක්, ආගම, කලාව, සංස්කෘතිය, දේශපාලනය ඔස්සේ සමාජයක යථාර්ථ හෝ කල්පිතය නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමත්, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් තරමක් දුරට ගිලිහී ගිය කාලයක නැවත ඒ සමාජය ගොඩනගන්නට හොඳ කතිකාවක් සමාජය තුළින්ම බිහි විය යුතුයි. ඒ සඳහා අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයයන් සහ උපාංග හෝ  මෙවලම් නිසිලෙස භාවිතයට ගැනිමත් කළ යුතුයි.

විශේෂයෙන්ම 70, 80 දශකවල මේ රටේ එකල සියලු විශ්ව විද්‍යාල හරහා ගොඩනැගුණ හරවත් සංවාද තුළින් නව දැක්මක් සහිත නිර්මාණ බිහිවුණා. එකල ගොඩනැගුණ මේ විචාරශීලි සංස්කෘතික හා සාහිත්‍යමය වටපිටාවත්  ගොඩනැගුණේ මේ හරවත් සංවාද මගින්. එසේම එකල බිහි වූ සාහිත්‍ය හෝ සංස්කෘතික වටිනාකම් ඇති නිර්මාණ, ඒ නිර්මාණවල පසුබිමේ සිටි නිර්මාණකරුවන් සහ ඒවාට පුරෝගාමීත්ව සැපයූ මිනිසුන් අදටත් සාහිත්‍ය සංගීතය සිනමාව, විචාරය ඈ සකලවිධ කලාවන් තුල දැවැන්තයන්. ඔවුන්ට ඒ සියලු ජවයන් ලැබුණෙ එකල සරසවි පද්ධතිය තුළ තිබූ සංවාද විසංවාද මගින්.


පසු කාලයේ සමාජය තුළ  ඇති වූ  විවිධ දේශපාලන  සංකූලතාවයන් එක්ක ආගම, කලාව, සංස්කෘතිය සහ දේශපාලනය සම්බන්ධයෙන් තිබූ තරුණ සංවාද විසංවාද අකර්මණ්‍ය වෙලා මුලුමහත් සමාජයම රෝගී වෙනව. අද වන විට  අදහස් ප්‍රකාශ කිරීම සහ විචාරශීලි නොවීමේ හේතුවෙන් වර්තමාන සමාජයම නිද්‍රාවකට පත්වෙලා.



ඒ අයුරින් නිද්‍රාවට ‍එහෙමත් නැත්නම් අකර්මණ්‍ය බවට පත්වූ තරුණ අදහස් ප්‍රකාශනයේ සහ නිර්මාණශිලි ලේඛකත්වයේ හැකියාවන් ආයෙමත් ගොඩගන්න ඇති කළ වෑයමක් තමයි ලංකාවෙ සියළුම සරසවි වල අධ්‍යන කටයුතු වල නිරත වෙන සහ නිරත වූ සහෘදයන් අතරින් බ්ලොග් ලියන සහෘදයන් වෙනුවෙන් වෙන්වූ “කැම්පස් සිංඩිය”. මේක අලුත් වෑයමක්, අලුත් මාවතක්, අලුත් දැක්මක් වෙන්නෙ බ්ලොග් අවකාශයේ සැරිසරන  අපේම සහෘදයන්ට.

බ්ලොග් කළාවේ උන්නතිය වෙනුවෙන්, යහපත් සිතිවිල්ලෙන් පටන් ගත්ත හොඳ වැඩක්, වැඩේ පටන් ගන්න පළමුව වැඩේ සාර්ථකයි කියලා හිතෙනවා. නමුත්, එවැනි සහෘදයන් එකතු කිරිමත් ඒක දිගටම ගෙනියන එක සංනිවේදන කුසලතාවයෙන් හෙබි විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ නිරත වූ හෝ තවමත් නිරතවන බ්ලොග් ලියන ඔබේ යුතුකමක්.



ඔබ කැමති නම් මෙන්න ‍තොරතුරු ලබාගැනිම සඳහා  ඊමේල් ලිපිනය campuscyndi@gmail.com  ඒ වගේම කැමපස් සිංඩිය ගැන තව තොරතුරු එතනින් ලබාගන්න පුළුවන්.

ඒත් ඉතින් අස්වැන්න ලියන මට ඔය කතාව ඔය ආකාරයෙන් කිව්වට ටිකක් මදි මදි වගේ කොහොම වුණත් කියන ඕනෙම දෙයක් ගීතයෙන් කිව්වාම කියනදේ කාටත් වැටහෙනවා. සාමාන්‍යයෙන් අස්වැන්න ලියන සටහනකට ගීතයක් එකතු නොවුණොත් ඒකත් අඩුවක් වගේ දැනෙනවා. ඒ නිසා මෙච්චරවෙලා මම කිව්ව කැම්පස් සිංඩියට ගැලපෙනම ගීතය මේක තමයි කියල මට හිතෙනවා. මම වැඩිය මොනවත් නොකිව්වත් මේ ගීතය ඒ සියලු දේවල් කියනවා...අහල නැත්නම් අහලම බලන්න...

මේ ගීතය ලියූ පද රචකයා ගැන මගේ කිසිඳු ප්‍රසන්නතාවයක් හෝ පැහැදිමක් නැතත් ගීතයෙන් කියවෙන අදහසට කැමැතියි.



අපි එකම රෑනෙ කුරුල්ලෝ

මේ පාරාදීසේ

නෑ වෙන්වන්නේ නෑ තනි‍වන්නේ

වරෙල්ලා මේ රෑනේ




මදු තියලා දැල් එළලා

නෑ පැටලෙන්නේ අපී

අපේම ලොවකට පියඹා යන්නේ

වරෙල්ලා මේ රෑනේ



තටු ලැබුණේ පියඹා යන්නයි

කූඩුව දොරකඩ ඉන්න නොවේ

අපේම ලොවකට පියඹා යන්නේ

වරෙල්ලා මේ රෑනේ

පදරචනය: ඇල්ලේ ගුණවංශ හිමි

සංගිතය: සහ ගායනය: විජේසුන්දර වේරගොඩ
                        










31 comments:

  1. ඇත්තෙන්ම දයා ඒ කාලේ අපි බෝඩිමේ හොස්ටල් වල බොහෝ රාත්‍රීන් ගෙව්වේ සංවාද එක්ක. නොයෙක් අදහස් නොයෙක් නොයෙක් විෂයයන් අපිට ගෙනාවේ පුදුම දැණීමක්. ඒවා අදටත් වැදගත්. අපි මේ වැඩෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒ වගේ දෙයක්. හැබැයි අනික් සහෘදයින්වත් එක් කරගෙන ලොකු ගමනක් යන්න. ස්තුතියි ඔබට!!

    ReplyDelete
    Replies
    1. රොහාන්...

      ඔය හැත්තෑව අසූව දශක නිසා තමයි අපට රස විදින්නට තරම් හොඳ දේවල් අදටත් ඉතිරිවෙලා තියෙන්නේ. එට හිතෙනවා මේ අලුත්වැඩේ ඒවන් ගමනකට අත්වැලක් සපයාවි කියා.

      Delete
  2. මම ඒ කාළේ නහයට අහන්නේ නෑ නේ. ඉතින් සමාජය අයතා සම්බන්ධතා කියලා පිලිගන්න වැඩකට ගිහින් අපේ වත්තේ ඉස්සරහම ගෙදර අන්කල්ට මහ රෑ මාව මාට්ටු උනා. ඕක පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කරන්න අර අංකල් උදේ පාන්දර අපේ ගෙදර ආවා. මේ අය බලංගොඩ වලව් පැලැන්තියේ මිනිස්සු. අපේ තාත්තා ඇහුවේ ඔයාලගේ කාට හරි වැරද්දක් උනාද කියලා. අරයා කිව්වා නෑ කියලා.. මේ කතාකරන්නේ ඉන්ගිරිස් බාසාවෙන්. ඊට පස්සෙ අපේ තාත්තා ඉන්ගිරිසියෙන්ම අර අන්කල්ට මෙන්න මෙහෙම කිව්වා.

    "you know Mr. Siriwardena.. the birds born in a cage think, flying is an illness"

    මේ ගීතය දැක්කම මට මතක් උනේ ඒ කතාව.

    බොහොම ස්තූතියි සොඳුරු මිතුරානනි.. මෙහෙම දෙයකට වචනයෙන් හරි උදව් කරන්න පුළුවන්, මනස නිදහස්, බොහොම විවෘත මිනිසුන්ට පමණයි. ඒය මා කුඩා කල සිට අත් දුටු දෙයක්.

    අපි අළුත් ළොවක් බිහි කරන්න උත්සාහ කරමු.

    ReplyDelete
    Replies
    1. //මෙහෙම දෙයකට වචනයෙන් හරි උදව් කරන්න පුළුවන්, මනස නිදහස්, බොහොම විවෘත මිනිසුන්ට පමණයි.//

      මේ ආන්ඩුවට සපොඑට් කරන අය දේශප්‍රේමි.....නැති අය දේශද්‍රෝහි කියන අය ඉන්න රටක්නේ...

      Delete
    2. මාතලන්...

      කොතැන හේ යහපත් දෙයක් සිදුවේ නම් අපි එතැන ඉන්නවා. ඒ විදියට අපි මේ සමාජය අලුත් ගමනකට හරවමු.

      මයියා...

      ආණ්ඩුවට ලේසිම ක්‍රමය ඒක. ආණ්ඩුවේ විරුද්ධ කාරයෙක් නම් කෙලින්ම එන්ජීඕ ලේබල් එක අලවනවා එතැනින්ම වැඩේ ඉවරයි

      Delete
  3. යමක් අලුතෙන් පටන් ගන්නකොට මුලින්ම එක ලක්වෙන්නේ නොසලකිල්ලටයි.
    එතනින් එය නවත්වන්නට නොහැකිවුණු විට එය අපහාසයට හා ගැරහීමට ලක් වෙනවා ,
    එතනිනුත් නවත්තන්නට බැරිවුනාම කඩාකප්පල් කරන්නට බලනවා ,
    එත් බැරි නම් ආදරයෙන් වැළඳ ගන්නවා,

    මේක මගේ අදහසක් නෙවෙයි ,මං මූණු පොතේ දැකපු එකක්. එත් එක හරි. කැම්පස් සින්ඩියටත් තව ඉදිරියට අභියෝග බොහෝ එන්නට පුළුවන් ,එත් අන්තිමට හැමෝම ආදරයෙන් වැළඳගන්න දවසකුත් ඒවි.

    ReplyDelete
    Replies
    1. Hariyata hari. Mamath me kathava ahala thiyanava Ivan.

      Delete
    2. මෙය මහත්මා ගාන්ධිගෙ කියමනක්...

      Delete
    3. බවාන් පවුලූෂා..

      අභියෝග එන තරමටම තමයි හොඳ ශක්තිමත් පදනමක් දාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා එහෙම පදනමක් ඇතිකරගමු.

      කුරුටු ගෑ ගී පොතේ දිලිනි සහ මයියා ටත් ස්තූතියි



      Delete
  4. මේ වෑයම දෙස සර්ව සුබවාදීව බැලූ දයා සහෝදරයාට ස්තුතිය. හරවත් කලාවකට විද්වත් සංවාදයක් අවශ්‍යයි.70 දශකයේ කලාව පෝෂණය වුණේ සරසවි කේන්ද්‍රකර ගනිමින් දයා...ඒකනේ වෙනම පේරාදෙණි සාහිත්‍යයක් පවා බිහිවුණේ. අපි බලමු.....

    ReplyDelete
    Replies
    1. නලීන්....

      70,80 දශකවල සරසවි පුනරුදය බිහිවූ නිසානේ අදටත් සරච්චන්ද්‍ර, සේකර, අමරදේව, නිහාල් සිංහ වගේ ස්වර්ණමය යුග හමුවෙන්නේ. ඒ ගමනට මේ අත්වැල මග පාදාවි

      Delete
  5. අභියෝගාත්මකව ඉදිරියට යා යුතුයි. හැබැයි මම හිතන දෙයක් තමා මේවා පිළිගනීද මන්දා...... අපි ඒ කිව්වේ දැනට කැම්පස් නොයන හාල්පාරුවෝ ඔය සින්ඩියේ එල්ලුනා කියල වැඩක් නැහැ. අපි බලන්න ඕන කැම්පස් දරු දැරියන් ඕකේ එල්ලන්නයි. ඒ වෙනුවෙන් වෙහෙස වෙන්නයි ඕන. මේ පනිවිඩය ඔවුන් අතරට ගෙනියන්නයි ඕන. ඔවුනගේ තියෙන නොයෙකුත් කලා දක්ෂතා නිකම්ම බිත්ති වල හා මිනිසුන් නැති විශ්වවිද්‍යාප ප්‍රදර්ශන තුල හිරවෙනවා හිතටවත් සතුටක් නැතිවට. අපි ඔවුන් මේකට ගන්න වැඩ පිළිවෙලක් යොදන්න ඕන.. අපි කැම්පස් සින්ඩියේ එල්ලිලා වැඩක් නැහැ. මමට හිතන ජයග්‍රහණය දක්ෂතා පිරි දරු දැරියන් වැඩි ප්‍රමාණයක් මේ සින්ඩියේ එල්ලිලා ඉන්න එකයි. අන්න ඒකයි ජයග්‍රහණය. ඒ වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් නං මේක සුපිරි වැඩක්. අර යුනිවර්සිටි රියලිටි ෂෝ එක කවීතා තරම්ම වටිනවා...

    ReplyDelete
    Replies
    1. එවන් වැඩපිළිවෙලක ඇරඹම පමණයි මේ දේශකයා

      Delete
    2. දේශකයා...

      ඇත්තටම සරසවි වල මේ නව අදහස් ප්‍රකාශනය නැවත පුරුදු කරන්න ඕනේ. එහෙම කළාම ටික කාලයක් යනකොට ඒක පුරුදු වෙයි.

      නලින්...

      මේ ඇරඹුම ඇත්තටම ශක්තියක්

      Delete
  6. ගීත රචකයාට බැන බැන ඒකම දානවා.. :D :D

    ReplyDelete
    Replies
    1. මේ පෞද්ගලික අදහසක්නේ තියන්නේ බැනලා නොවේ අකමැතියි කියල විතරයි. පද රචනය ගැන නොවේ. වරදවා වටහාගන්න එපා

      Delete
    2. භික්ෂුන් වහන්සේ යයි නොකියා රචකයා යයි කිමෙන්ම ඔබ ඒ භික්ෂුන් වහන්සේගේ භික්ෂුත්වය හෑල්ලුවට පත්කර ඇතැයි මා සිතනවා. සාමාන්‍යයෙන් බෞධයෝ මර්සලින් ජයකොඩි පියතුමාගේ ආගමික විශ්වාසය නොපිළිගත්තත් එතුමාගේ පුජකත්වයට ගරහන්න යන්නනෙ නැහැනෙ.ඇයි ඔබ ළඟ සාමාන්‍ය බෞධයෙක් තුල ඇති වටිනාකම් ඉවත්ව තිබෙන්නේ?

      Delete
    3. සංඝ රචකයා කියලා කිව්වොත් හරිද? ඇත්තටම අහන්නේ දන්නේ නැති නිසා.

      Delete
    4. කණියා...

      ගීත රචකයාට දොස් කියන්නේ මතවාදිව ඇති අරගලයක් නිසා...නිර්මාණයේ පිළිඹිඹු වන අරුත අපට අදාල කර ගත හැකි නම් ඒ නිර්මාණය බැහැර කරන්නේ නෑ. මම කිව්වේ මතය පිළිබඳ ඇති ගැටලුවයි.

      නලීන්...
      ඔබ හරි...


      ඩබ්. එම්.කේ. සමරසේකර

      මම භික්ෂූත්වය හෑල්ලු කලේ නෑ. අපි රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන්ටත් කියන්නේ ගිත රචතයා එහෙමත් නැත්නම් පදරචකයා රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ කියල. එහෙමත් නැත්නම් ගිත රචකයා පල්ලේගම හේමරතන හාමුදුරුවෝ කියල. ගීත රචකයා යන නම කීම ගිහි පැවදි දෙපාර්ශවයම ගීත නිර්මාණයේ දි හඳුන්වන නම.

      අනික් අතට ඇස් මහින්ද හිමි කවියා, වීදාගම මෛත්‍රී හිමි කාව්‍ය රචකයා වශයෙන් තමයි නිතරම හඳුන්වන්නේ. අනික ශාශනික කටයුතු වලින් බැහැරව කරන දේවල් වලට පූජ්‍ය කියල යොදන්නෙත් නෑ.

      අනික සිවුරක් දාගෙන පැවිදි බව ලැබූ පමණින් යමෙකු බුදුන් වහන්සේ භික්ෂූන් අරබයා පනවා ඇති විනය ශික්ෂාවන් වලට නොගැලපෙන දේ කරනවනම් මම කොහොමවත් ගරු කරන්නේ නෑ.

      අරු

      සංගිත විශයෙදි ගීත රචකයා/ ගේය පද රචකයා කියලම තමයි කියන්නේ

      Delete
    5. @ Daya
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  7. කතාව ඇත්ත.....සින්දුවටනම් මං පට්ට ආසයි...

    ReplyDelete
  8. මේ සින්දුවේ පද වලට වගේම තනුවටත් මම හරිම කැමතියි. කැම්පස් සින්ඩිය හොඳ වැඩක්. මමත් එකතු උනා ඔන්න.

    ReplyDelete
    Replies
    1. සයුරි...

      සයුරි කැම්පස් සිංඩියේ ඉන්නවා දැක්කා මමත්. ඒත් කැම්පස් සිංඩිය ට අපිටයන්න බෑ. ඒ ත් අපි සිංඩියේ යාලුවන්ට මෙහෙම හරි උදව් කරනවා

      Delete
  9. හරවත් / නිර්මාණාත්මක දෙයක් මේ කියන සින්ඩිය හරහා වෙන්නට පතමි.

    ReplyDelete
  10. සුබ පැතුම්!!!!!!!! ද‍යා මල්ලි මේ අලුත් සින්ඩියට. සමාජයට වටිනා දෙයක් දයාද කරන්නට සැමට හැකිවේවා!

    ReplyDelete
    Replies
    1. චාන්දි...

      ස්තූතියි මේ නැවුම් ගමනට අපි ඔවුන්ට සුබ පතමු

      Delete
  11. සුභ පැතුම්!!!!!!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...