එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Wednesday 25 January 2012

දුක කියන්නට කෙනෙක් නැතිදා පන්හිඳෙන් මැවූ වියෝ ගී වරුසාව


Facebook සමහර අයට නම් “ නයාට අඳු කොළ” වගේ තැනක්. තවත් සමහර අයට නම් සුන්දර නවාතැනක්. මටත්  සුන්දර නවාතැනක්. ඕනෑම දෙයක් හරියට තේරුම් අරන් නිවැරදි අවබෝධයකින් යම් දෙයක් කරනවා නම් එතරම් ගැටලුවක් නැහැ. ලද ඉසිඹුවක මමත් Facebook යන්නෙ මනස සැහැල්ලු කර ගන්න. එහෙම Facebook ගිය අවස්ථාවල හමු වූ දන්නා හඳුනන හිත මිතුරු පිරිස වගේම ජීවිතේටම කිසිම දවසක හමුවෙලා නැති, නො දුටු , කතාබහ නො කළ යහලු යෙහෙළියන් පිරිසක් Facebook එකෙන් හමුවුණා. ඒ නො දුටු හැමෝම මග තොට දී හමුවුණ දන්නා හදුනන හිත මිතුරු පිරිස වගේම සරළ සුන්දර අදහස් ඇති විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විශේෂ හැකියාවන් ඇති අයයි.

මෙවැනි හඳුනාගැනීම් වැදගත් වෙන්නෙ යම් කිසි තොරතුරක්, දැනුමක් අවබෝධයක් හුවමාරු කර ගන්න ගියාමයි. මේ නොදුටු Facebook හිත මිතුරු පිරිස අතර විදේශ ගතවෙලා ඉන්න පිරිසකුත් ඉන්නවා. 

Facebook පිළිබඳව මේතරම් දිග සටහනක් කළේ අද මගේ “අස්වැන්න” වෙන් කරන්නෙ එවැනි කිසි දිනක නො දුටු Facebook මිතුරකු වෙනුවෙන් මේ මිත්‍රයා කැනඩාවෙ ඉන්නෙ. ඒත් මේ දවස්වල  නිවාඩුව මාස කීපයක්  ඕස්ට්‍රේලියාවෙ ගත කරනව කියලයි දැනගන්න ලැබුණෙ.ඒ ටිකත් දැනගත්තෙ Facebook Chat එකකින්.
කොහොම වුණත් විදේශ ගතව සිටින මේ Facebook මිත්‍රයා මීට සති දක තුනකට කළින් මට පුංචි තෑග්ගක් එව්වා. කවදාවත්ම නො දුටු, අදටත් සජීවිව කතබහ කරලත් නැති Facebook එකේ සත පහක් තරම් කුඩා ඡායාරූපයකින් පමණක් දන්නා හදුනන මිත්‍රයෙකු එවැනි තෑග්ගක් එව්වාම දැනුනෙ ලොකු සතුටක්.


ඔහු නමින් "ඩිෂාන් නානායක්කාර" ඩිෂාන් ලියූ ගීත ඇතුළත් ගී ඇල්බම් එකක් (CD) එකක් මේ තෑග්ගෙ තිබුණා. ගීතයට සංගිතයට කැමති හොඳ ගී පිපාසයෙන් පෙළෙන මට ඒ ගී ඇල්බම් එක දිව ඔසුවක්.ඩිෂාන්  මේ ගී ඇල්බම් එක  නම් කරල තියෙන්නෙ “මට මවක් ලෙසින්” කියල. මේ ගී තැටියේ සියළුම ගීත ප්‍රේමයේ විප්‍රයෝගය එහෙමත් නැත්නම් වියෝගය පිළිබඳව ලියැවුණු සහ ගැයුණු ගීත. ඒ ගීත අතරින් කීපයක් ඩිෂාන් වෙනුවෙන් මේ සටහනට එකතු කරන්න හිතුවා.

දුක කියන්නට කෙනෙක් නැතිදා
දුක ඇසූ නුඹ අද මගේ
දුකට හිනැහෙන්නේ

වියළි කරතරට වැහි පොදක් ලෙස
කඩාගෙන වැටි නුඹේ සෙනෙහස
මහා මේඝයක් ලෙසින් හමාවිත්
මට මාවත් නැති කළේ කොහොමද

හදවත ඇවිළුණු අතීත දුක්ගිනි
සුවපත් කළ පින නුඹට අයිති මුත්
ප්‍රේමය මිය ගිය නුඹ හද දෙවොලේ
හෙටක් පතන්නට හිතට වාරු නැත

ගැයුම: වික්ටර් රත්නායක
සංගීතය: එච්. එම්. ජයවර්ධන

“ කාත් කවුරුවත් නැති හුදකලා වූ වෙලාවක ඇයගෙන් ලද ආදරය හරියට කාන්තාරයක වට  වැස්සක් වගේ කියල හිතුනත්, ඇය මා හැර යන විට ඇය පිළිබඳව වෛරයක් නම් ඇති වුණේ නැහැ. ඒත් හිත ඇතුලෙ ළතැවිල්ලක් වගේම වේදනා දෙන පුංචි තුවාලයක් ඉතිරි කරලයි ඇය යන්න ගියේ. ඒත් ඒ දුක කාට කියන්නද ඇයත් මා හැර ගියදා...”

“මට මවක් ලෙසින්” ගී තැටියේ ඇති මේ ගීය ගයන්නෙ වික්ටර්. සංගීතය එච්.එම්.ජයවර්ධන. එච්.එම්. ගෙ ප්‍රේමනීය මධුර ගී තනු හැම එකක්ම ඉතාම සුමිහිරි හදට දැනෙන, විඳින්න පුළුවන් ගී තනු නිර්මාණ. ගොඩක් කාලෙකට පස්සෙ එච්.එම්.ගේ ගී තනු නිර්මාණයකට වික්ටර් හඬ මුසු කර ඇති බව දැනුනාම වික්ටර්ගෙ අති මධුර වියපත් නොවූ ගායනය හදවතට දැනෙන්නෙ ලේ මස් නහර වලට විතරක් නෙවෙයි ඇට මිදුලුවලට පවා කිඳා බැහැලයි. මගේ ගීත ලෝකයේ වැඩිපුරම ගැවසෙන්නෙ වික්ටර් නිසා ඒ බව මට වැඩියෙන් දැනෙනවා ඇති. වික්ටර් ගැයූ ඩිෂාන්ගෙ මේ ගී සිතුවිල්ල ඉතාම සියුම් මනරම් ගී සිතුවිල්ලක්. ගීය ඇහෙන වාරයක් වාරයක් පාසා වියෝගයේ අනන්තයටම හිත ගෙන යන්න ඩිෂාන්ගෙ ගී සිතුවිල්ලට හැකි වෙලා තියනවා.


සෙවනැල්ල ඔබේ මා වෙන්නම්                       
මගෙ හිත රිදවූ තරම මදී
වියපත් වූ දා අතීතතය අපේ
ඔබ ආවොත් හොඳටෝම ඇතී

බාධක හමුවේ නොසැලී ආ මග
ආපසු හැරිලා බලනු බැරී
මටත් වඩා ඔබ ගැන සිතු හින්දද
මගේ ලොවත් අද මට අහිමී

ලොවට හොරා හිත දන් දුන් හින්දද
ඔහු හමු වූ පසු එය වැරදී
කළ වරදට පසු තැවෙන්න නම්
මුළු ජීවිතයම වුණත් මදී

ගැයුම: කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය: කරුණාරත්න විජේවර්ධන

මේ ගීයත්  මා මුලින් සඳහන් කල ගීය වගේමයි “මට මවක් ලෙසින්”  ගී තැටියට  ගායනා කර තියෙන්නෙ දිවුල්ගනේ. සංගීතය කරුණාරත්න විජේවර්ධන. කාගේ ගී තනුවකට වුවත් ගීයක වියෝගයේ රසය හදවතට දැනෙන්න, රිදවන්න, හඬවන්න,  හැකි හඬක් දිවුල්ගෙ ගායනයේ රැඳිලා තියනවා දිවුල්ගෙ හැම ගීයකම වගේම මේ ගීයෙත් එහෙමයි. ඔහුගෙ හැඟුම්බර ගායනනය වියෝගය විඳල ඇති අයෙකුට නම් අහල හොඳට අඬන්නත් පුළුවන්. ඩිෂාන්ගෙ ගීත පද මාලාව හැඩ කරන්න කරුණාරත්න විජේවර්ධන සංගීතයෙන් ගී තනුව තුල ලොකු වැඩ කොටසක් කරල තියෙනවා. දිවුල් සිය ගායනයෙන් ගී රසෝඝය කළඹන්නෙ ඒ නිසා.

මෙච්චරයි කියන්නට බෑ
 එච්චරටම ඔබ ගැන කළකිරිලා මම
ජීවිතය ඉපදුනේ ඔබට කඩා බිඳ දමන්නට නොව
 පූජනීය වූ මගේ ප්‍රේමය
ඔබට මේතරම් විහිළුවක් වුණේ කොහොමද

මගේ කදුළින් ඔබේ දිවි මග
එලිය කළ අසරණ අතීතය
තැනූ ඒ ජීවිතය අරගෙන
ඔබේ ලොව ඔබ රජ කරනු මැන

කවුරුවත් නැති පාළු නිවසක
මගේ දිවි මග අවුල් වී ඇත
තේරුම් ගන්නට තවම බෑ මට
ජීවිතය දන් දුන්නෙ ඔබටද

ගැයුම: බණ්ඩාර අතාවුද
සංගීතය: රෝහණ වීරසිංහ

බණ්ඩාර අතාවුද අපට සිටින තවත් විශිෂ්ඨ හඬක් සතු ප්‍රේමනීය හඬක් ඇති ගායන  ශිල්පියෙක්. ඔහුගෙ මේ ගැයුමත් රමණියයි.

“මා එපමණටම ආදරය කළ ඇය ගැන ඒතරමටම කළකිරිලා. මගේ තනිකම වෙනුවෙන් ඇය දුන් ආදරය ඇය රැගෙන ගිය පසුව ආයෙමත් ඒ තනිකම මා වෙලාගෙන හරියටම ඒ ආදරය තුළ හිරකාරයෙක් වුණාම ආයෙ හෙට දවසක් ගැන කොහොම හිතන්නද? ඩිෂාන් ගීයට ගලපන මේ සිතුවිල්ලට බණ්ඩාර අතාවුදගෙ හඬ මුසු වෙන කොට මම තව මොනව ලියන්නද? 

යළි සමරන්නට දෑස වසාගෙන
අතීතයක් මට මතක නැතී
ඔබ සමුගත් දින දෑත බදාගෙන
හැඬුවා පමණක් මතක තියේ

සරසවි උයනේ නිල් තුරු සෙවනේ ඔබේ අහිංසක සිනා නොවේ
අනාගතය ගැන ප්‍රාර්ථනාවන් හදේ කොනක ඉදි වුණා ප්‍රියේ
ශිල්ප සතර දැන ඔබ උගතෙකු වී දෙපා නැගූ ලොව අහිමි වුණේ
සුසුමක් ඔබ හදේ රැ‍ඳෙන්නට උගත්කමද අප දුරස් කළේ

දෙගුරුන් සනසා මා සිත හඬවා යස ඉසුරින් පිරි ඇගේ ලොවේ
අද ඔබ ගෙවනා සුවබර දිවියට සාප කරන්නට නොහැක ප්‍රියේ
මට හිමි නැති ලොව ඔබෙ සෙනෙහස අබියස අනාගතය සිහිනයක් වගේ
අතීතයම වල දමන්න හැකි මුත් ලෝකය නෑ මට සමා කලේ

ගැයුම: නිර්මලා රණතුංග
සංගීතය: සමන්ත පෙරේරා

ප්‍රමාණාත්මකව විශාල ගීත සංඛාවක් ගායනා කරල නැති වුවත් නිර්මලා රණතුංගගෙ හැම ගීයක්ම මිහිරියි. “ මේ උයන් තෙරේ මේ තුරු සෙවනේ” “ගලන ගලන දොල පාරේ”  “ මේ ප්‍රේම සීමා මාලකේ තනිවී” වගේ ගීත ඇගේ ගායනයේ මිහිරිම මතක සටහන්.එහෙම වුණත් වසර ගණනාවකට පස්සෙ නිර්මලා ඩිෂාන්ගෙ ගීත ඇල්බම් එකට හඬ මුසු කර තියෙනවා.

“සරසවි බිමක බැඳි ප්‍රේමයට සරසවි බිමේදීම සමු‍දීමට සිදුවූ කල්හි එය කෙසේ දරන්නද? සියළු මතකයන් අතීතය තුළ මකා දැමූවද හෙට ලෝකයා මගෙන් විමසන දේට මා කුමන පිළිතුරක් දෙන්නද?” 

 ඩිෂාන්ගෙ මේ මියුරු ගීය නිර්මලාගෙ ගායනය හැකියාව නැවත තහවුරු කරන්න සමත් වෙලා තියනව. සරසවි ප්‍රේමය පිළිබඳ ලියැවුණු ගී අතරට ඩිෂාන්ගෙ මේ ගීයත් එකතු වේවි.

එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුන සොහොන ළඟ

ඔබ මවෙත තිළිණ කළ ඔබේ බැති බර සුවඳ
මගේ මතකය වසා සදාකල් රැ‍ඳෙනු ඇත
සංසාරයේ යළිඳු නවාතැන් සොයා යන
මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න

ගැයුම: සුනිල් එදිරිසිංහ
සංගීතය: කරුණාරත්න විජේවර්ධන
ඩිෂාන්ගෙ ගී පද වලට හඬ මුසු කල අය අතර සුනිල් එදිරිසිංහගෙ හඬ “මට මවක් ලෙසින්” සී.ඩී තැටියට විශාල ආලෝකයක්. ගායනයේ දාර්ශනික හඬ පෞරුෂයක් හෙබි සුනිල්ගෙ ගායන ප්‍රතිභාව, මේ ගීයේ රැඳිලා තියනවා ගීතය තුළ තිබෙන කාව්‍යමය සිතුවිල්ල ඩිෂාන් හොඳ ගේය කාව්‍ය රචකයෙකු බවට පත් කරලත් තියනවා.
සුනිල්ගෙ දාර්ශනික හඬ පෞරුෂය ප්‍රේමයේ විරහවට එකතු කරන්නෙ අපූරු රසයක්. ප්‍රේමයත්,වියෝගයත්,එකතුව තැනෙන වියෝ ගීයක රසය ගැන හිතන්නත්, විඳින්නත්,විඳල විඳල කාටවත් නොදැනෙන සේ හදවතින් හඬා වැටෙන්නත් මේ ගීයඅපට කියල දෙනවා.
ඩිෂාන් නානායක්කාරගෙ “ මට මවක් ලෙසින්” මේ ගීත එකතුවට වික්ටර්, සුනිල්, බණ්ඩාර අතාවුද, නිර්මලා, දිවුල්ට අමතරව දීපිකා ප්‍රියදර්ශනී, සෝමසිරි මැදගෙදර, සමන්ත පෙරේරා,සහ ශ්‍රී ලාල් අමරසිංහත් හඬ මුසු කරල තියනවා සංගීත නිර්මාණයෙන් රෝහණ වීරසිංහ, එච්.එම්.ජයවර්ධන,තිස්සසිරි පෙරේරා, කරුණාරත්න විජේවර්ධන,සමන්ත පෙරේරා සහ සෝමසිරි මැදගෙදර දායක ව තියනවා.

“මට මවක් ලෙසින්” මේ ඇල්බම් එක (CD) ලංකාව ඇතුළත නම් අලෙවියට දාලා නැහැ.ඊට හේතුව මේ ගී එකතුව නිෂ්පාදනය කරල තියෙන්නෙ කැනඩාවෙදි නිසා. ඒ නිසා ලංකාවෙ ගී රසිකයන්ට නම් ලංකාවෙ කැසට් සාප්පු තුළ දී මේ ගී එකතුව හොයාගන්න ලැබෙන එකක් නැහැ.
කැනඩාවේ ලෝරියන් විශ්වවිද්‍යාලය විසින් 2005වර්ෂයේදී රටවල් 70 ක් අතර පවත්වන ලද ජත්‍යන්තර ගීත රචනා තරඟයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඩිෂාන් 24 වන ස්ථානයට පත්වූ අතර ඔහු විසින් ලියා ස්ටැන්ලි පීරිස්ගේ සංගීතයට මිල්ටන් මල්ලවාරච්චි ගැයූ" හිරු දේවනේ" ගීය මිල්ටන් 1997 වර්ෂයේ දී නිකුත් කල " ප්‍රිය සාදයේ " කැසට් පටයටද ඇතුළත් විය. ඩිෂාන් ටෙලි නාට්‍ය සඳහාද ගී ලියා තිබේ. 2000 වර්ෂයේදී ශ්‍රියානි අමරසේන නිෂ්පාදනය කළ "මගී" ටෙලි වෘත්තාන්තය ඒ අතර වේ.
උපන් බිමෙන් බැහැරව හුදකලාව දුර රටක සිට ඩිෂාන් නානායක්කාරගෙ පන්හිඳ මැවූ මේ වියෝ ගී රසය ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යයට තවත් ආලෝකයක්.හරසුන් බොල් ගී රැල්ලෙන් මිදෙන්න හොඳ මාවතක්.

ඩිෂාන් ඔබ Facebook එකේදි හමුවුණත් මතු දවසක මේ පුංචි රටේ අපි කොහෙදි හරි මුණ ගැසේවි.  එහෙමත් නැත්නම් මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න
 එහෙම නොවුණත් ඔබේ පන්හිඳ මැවූ මේ ගී සුවඳ සදාකාලික මතකයක්ම තමයි.


ඩිෂාන් ලියූ වික්ටර් රත්නායක ගැයූ “දුක කියන්නට කෙනෙක් නැතිදා” ගීයත් සුනිල් එදිරිසිංහ ගැයූ “එපා යළි හමුවන්න” මේ මියුරු ගීය යූ ටියුබ් එකෙන් හොයාගත්තා. ඒ ගී දෙකත් මෙතනින් විඳින්න ඔබට ඇරයුම් කරමි.


මොනව හරි හොඳ සිතුවිල්ලක් පහළ වුණොත් වචන දෙක තුනකින් වුණත් කමක් නෑ  මෙතනින් ලියලම යන්න

24 comments:

  1. හ්ම්ම්... ලස්සන ගීත, අපූරු සිතුවිලි...

    ReplyDelete
  2. හැමදාම වගේ හදවතට දැනෙන පදවැලක් අරන් එන ඩිල්ෂාන් අයියේ ඔබට ජය....

    ReplyDelete
    Replies
    1. Thank you Dinithi nangi..oyaala wage geetha rasavindanayak athi rasikaawiyan sitina thaak kal lankeeya subavitha geethaya atharaman nowe!!!

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. Dishan << Niyamai Machan. Mage Suba Pathum!

    Mata Mawak Lesin >> http://www.youtube.com/watch?v=tvjcW9GC138

    ReplyDelete
  5. ශබ්ධ රසයට වඩා අර්ථ රසයට මුල් තැන් දෙන/ඉස්මතුකරන ගීත යුගයේ අවශ්‍යතාවක්!

    ReplyDelete
    Replies
    1. Sabith,
      shabdha rasayen pamanak yepena rasikathwayak athi nuuthna geetha strawaka parapurakata oba hoda aadarshayak!! thanks any way.

      Delete
  6. harima lassanay.... dan ahanna labenne goshakari sangeethayak witharayne wachana monada kiyalawath therenne na... mehema sindu nam koytharam ahuwath athi wenne na... hamadama me wage geetha nirmanaya karanna shakthiya dahiriya labewa obata....

    ReplyDelete
  7. මේ ගීත එකතුව ලංකාවෙත් බෙදා හරින්න බලාපොරොත්තුවක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. @Sayuri - Lankawe beda harinna balaporuththuwak thiyenawa. e sadaha weda katayuthu denata keri gena yanawa. mage 2nd album ekath ekkama nikuth karanna boho durata ida thiyenawa. any way thanks for your concern.

      Delete
  8. අලුත්ම ගීත එකතුවක් !!!
    හොයාගෙන අහන්න වටිනවා.

    ReplyDelete
  9. ඇත්තමයි අයියා... ඔයාට ගීතයෙන් හදවතට කථා කරන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි.. පවතින නිර්මාණ කරන්නත් පුළුවන්.. මගෙත් සුභ පැතුම් අයියා ඔයාට.. හැමදාමත් හදවතින්....

    ReplyDelete
  10. මම මේ දහාතේ කල්පනා කරන්නේ මට මේ බ්ලොග් එක මගෑරුණේ මොහොමද කියලා..
    ගමනක් දෙගමනක් ආවා වගේ මතකයක් තියේ
    මොනව වුනත් බොහොම හොඳ සටහන් මෙව්වා!

    එක දෙයක් කීමට අවසර
    නූතන ගායකයන් ගීයක් දෙක තුනක් ජනප්‍රිය වූ පසු ඇල්බමයක් කිරීමේ උවමනාව මත කඩිමුඩියෙන් තව ගී කිහිපයක් නිර්මාණය කරගන්නවා. මේ නිසා එහෙම හැදෙන ගී වල විවේක සුවය නෑ කියල මට හිතේ - මර්වින් පෙරේරා, ප්‍රියා සූර්‍යසේන වාගේ අය කැසට් එකකට ප්‍රමාණවත් හිට් සින්දු හැදුනට පස්සේ තමා කැසට් එකක් එහෙම කලේ. දොසක් කියනවා නෙමේ. නමුත් මේ හැදෙන ගී වල මතකයේ රැඳෙන ගුණය අඩු ඒවා නිරායාසයෙන්ම බිහිවුණු නිර්මාණ නොවීම් කියා හිතේ - කොපමණ දක්ෂ නිර්මාණ කරුවන් සම්බන්ධ වුනද - මට හිතෙන හැටි

    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. තිස්ස දොඩංගොඩ මහතාට
      ඔබේ පැමිණීම මහත් ශක්තියක්.ඔබේ අදස් දැක්වීම මට මහත් සතුටක්. වඩාත් යහපත් වූ රසවින්දන කලාවක් ගොඩනැගීමට මේ අදහස් ඉතා වැදගත්. ස්තුතියි පැමිණියාට.

      Delete
  11. මම ඇහුවා මේකේ වික්ටර් රත්නායකයන් කියන සිංදුව... මට දැනුනේ නෑ ඒ සිංදුව කියන්නේ වික්ටර් රක්නායකයන් කියලා... මොකද ඒ සිංදුවේ සංගීතය වික්ටර් රත්නායකයන්ගේ රටාවට ගැලපෙන්නේ නෑ කියලා මට හිතුනේ... අනිත් එක නම් ඇහුවේ නෑ...

    ඔය මට දැනුන හැටි...

    ජය වේවා...!!

    ReplyDelete
    Replies
    1. සෝරෝට
      පළමුවෙන්ම ඔබේ පැමිණීම සාදරයෙන් පිළිගන්නවා. අදහස් දැක්වීමටත් අනේකවාරයක් ස්තුතියි.
      වික්ටර්ගේ ගී බොහොමයක්ම වික්ටර්ම සංගීතවත් කොට ගැයූ ඒවා. ඒ රසය වෙනස් වූවිට වික්ටර්ගේ ගී රසවිඳින අයට වඩාත් දැනෙනවා. මටත් එහෙමයි. හැබැයි වික්ටර් එච්.එම්. ජයවර්ධනගේ තනුවකට මේ ගීය ගයා ඇත්තේ දිගු කාලයකට පසුවයි. එච්.එම්. මේ තනුවෙන් වික්ටර්ට හොඳ සාධාරණයක් ඉටු කර තිබෙනවා.

      Delete
    2. Hi Soro Thanks for your valuable comment. Thanks Daya ayiya too.I would like to invite you to listen to the other song as well (Epa Yali hamuwanna by Sunil Edirisinghe) and would appreaciate if you could let us know about your personal thoughts of that song too. Thank you once again for your attention.

      Delete
  12. එපා යළි හමුවන්න ගීය යූ ටියුබයෙන් ඇහුවට පස්සෙ ඒකේ තිබුන වදන් පෙලට ගොඩක් හිත ගියා.ඒනිසාම ගීය යලී යළි ඇහුවා. ඒකෙනුත් නතර වෙන්නෙ නැතිව FB එකට ලින්ක් එකකුත් දැම්මෙ සින්දුවට ඒතරම්ම හිත ගිය නිසයි. ඒවෙනකොටත් මම දැනගෙන හිටියෙ නෑ කවුද මේකෙ නිර්මාණකරු කියල.මට තිබුන ලොකුම ගැටළුව වුනේ සුනිල් එදිරිසිංහයන්ගේ මේ ගීතය මෙච්ච්ර කාලයක් මට මඟගැරුනෙ කොහොමද කියන එකයි.. හැබැයි මම ෆේස්බුක් දාපු ඒ ලින්ක් එකට අයිය දාපු කමෙන්ට් එක සහ ඒ එක්ක මේ ලිපියට ගොඩවෙන්න දාපු ලින්ක් එක මට තිබුන ප්‍රශ්න ගොඩකට පිලීතුරු සැපයුවා.. දැන්තමා මම දැනගත්තෙ ඩිෂාන් නානායක්කාර කියන ඒ සැගවුන දක්ෂ ගිපද රචකය ගැන.. බොහොම ස්තූතියි...

    ReplyDelete
  13. ටිකක් පරක්කු වෙලා හරි මේක කියෙව්වා.......හරිම ලස්සනයි.......
    අහපු නැති සිංදු දෙකක්ම තිබුණා...බොහොම ස්තූතියි.......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...