ටික කලකින් සිංහල හාලේ
ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන්
පන්නන්නට සැරසෙව් රාලේ
ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි
බලු කුක්කට මොන බදුද අනේ
තනේ තිබෙන කිරි ටිකටත් බද්දක්
ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ
අනේ මගේ ළමයිනේ අඬන විට
මොනවද උඹලට මම දෙන්නේ
වනේ සිටින දෙවියෝ ඇත්නම්
සුද්දව හතරට පලනවනේ
ඇහළ මහේ සිට නිදහස ඉල්ලා
පිපී වැනී ගිය මල් පිපුණා
කඩුවට කොපුවක ඉන්නට කල් නැත
කන්දේ යුද ගිනි දැල් නැගුණා
සප්පායම් වී ජාතික ආලෙන්
කොස් කොටනා කඩු මුව තියලා
හප්පන්නේ කවදද කලු සුද්දන්
සිංහල පොළොවේ කැති ගහලා
කන්දෙ ගෙදර දුප්පත් නෑදෑයින්
පෙරමුණකට රැස්වන සද්දේ
කකුළු ලෙසට සුද්දන් කෙළියාවේ
ටිකකට උතුරන තුරු හොද්දේ
සිංහල දරුවන් උඩ විසිකරලා
අමුණයි බයිනෙත්තුවෙ ඉබ්බේ
පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක්
මාර සෙනග මැද යම යුද්දේ
කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්
අට ඉස්බෙක් විසිවී වැටුණා
රණ බිම මරණය මියුරුය කියලා
පුරන් අප්පු සටනට වැදුනා.......
ගේය පද: පරාක්‍රම කොඩිතුවක්කු
මියුරු සර: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
සුගැයුම: සුනිල් එදිරිසිංහ
චිත්‍රපටය: වීර පුරන් අප්පු
රංගනය: රවීන්ද්‍ර රන්දෙණිය සහ මාලනී ෆොන්සේකා
අධ්‍යක්ෂණය: ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස්
නිෂ්පාදන: ටිරෝන් ප්‍රනාන්දු සහ ධර්මසිරි බණ්ඩාරනායක
තිරගත වූ දිනය: 1978 අගෝස්තු 08
අද අස්වැන්න තුළින් සුනිල් එදිරිසිංහ මීට කලකට ඉහත දී ගැයූ උදාන ගී දෙකක් ඇසුරින් අපේ නිදහස ගැන මට පෙනෙන මට දැනෙන හැටියට ලියන්න හිතුවා.
සුනිල් එදිරිසිංහ ගැයූ "බත කා ඉවරයි" ගීතය සිංහල චිත්‍රපට ගීත සාහිත්‍යයේ හමුවන විශිෂ්ඨතම ගීයක්. ගීතය ලිව්වෙ පරාක්‍රම කොඩිතුවක්කු ඔහු සිංහ ගීත ක්ෂේත්‍රයටම ලියා ඇත්තෙ ගීත තුනක් පමණයි.එයින් එක ගීයක් නන්දා මාලනිය විසින් මීට කලකට පෙර නිකුත් කල “කිඳුරියකගේ විලාපය” ගී එකතුවට ඇතුළත් කර තිබුණා. අනෙක් ගී දෙකම ගායනා කළේ සුනිල් එදිරිසිංහ. ඔහු “ වීර පුරන් අප්පු” චිත්‍රපටයට ලියූ “ බතකා ඉවරයි” ගීය වගේම සුනිල්ට ලියූ අනෙක් ගීතයත් ඉතාමත් ජනප්‍රිය ගීයක් බවට පත් වුණා.
“ සොර දෙටුවෙක් කස තැලුම් කකා
දංගෙඩියට ගෙන යන ගමනේ
වදක බෙරේ දැක සොරාගන්න එය
කදිමයි ලොබ සිතුවාලූ.....
අනේ මෙහෙම තන්හාවක්
අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්.....
ඔය ගීත හැරුනු විට පරාක්‍රම කොඩිතුවක්කු ලියූ වෙනත් ගීත සිංහල ගීත සාහිත්‍යයේදි හමුවන්නෙ නැහැ.
පරාක්‍රම කොඩිතුවක්කු අපට සිටින විශිෂ්ඨතව කවියෙක්. 70 දශකයේ ඔහු ආරම්භ කළ නව කවි සම්ප්‍රදාය සිංහල කවිවේ අලුත් මගක් ගත්තා.පසුකාලීනව බිහිවූ නූතන කවියන්ද පරාක්‍රමගේ කවි මගට අනුගත වුණා. පොඩි මල්ලියෙ, අකීකරු පුත්‍රයෙක්ගේ ලෝකය සහ අලුත් මිනිහෙක් ඇවිත් වැනි විශිෂ්ඨතම කාව්‍ය සංග්‍රහ ඇතුළු කවි පොත් 15 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ඔහු ලියා තිබෙනවා.පසු ගිය වසරේ ඔහු විසින් නිකුත් කල “ඔබ සමග” නවකතාවත්, “ සුළඟේ දිවූ කෙල්ල” කෙටිකතා එකතුවත් පරාක්‍රම සිය කවි මඟෙන් බැහැරව නිර්මාණය කල කෘති දෙකක්. මේ පොත් දෙකම ඔහුගෙ කවි සම්ප්‍රදාය අභියෝගයට ලක් කළ කෘති දෙකක්.
පරාක්‍රම කොඩිතුවක්කු “බතකා ඉවරයි” ගීය සදහා යොදා ගන්නෙ ජන වහර එය ඔහුගෙ කාව්‍ය සම්ප්‍රදාය තුළද දකින්න පුළුවන්.
සුනිල් එදිරිසිංහ චිත්‍රපට පසුබිම් ගී විශාල ප්‍රමාණයක් ගයා නැහැ. ඒත් කලාතුරකින් හෝ චිත්‍රපට පසුබිම් ගීයක් ගායනා කලොත් එය ඉතාමත් ජනප්‍රිය ගීයක් බවට පත්වෙනවා. ඒ සමාජ ගත වීම සුනිල්ගේ හඬෙහි තිබෙන සෞන්දර්යාත්මක ජීව ගුණයත්, දාර්ශනික ගායන ශෛලියත් එකතු වූ තැන ඔහුගෙන් පිරිපුන් ගීයක් බිහිවීමටත් එක හේතුවක්.
ප්‍රේමසිරි කේමදාස, විසිවන සියවසේ මෙරට පහළ වූ විශිෂ්ඨතම සංගීතකරුවා. ඔහු මේ ගීය සදහා භාවිතා කරන්නෙ දේශිය සංගීත භාණ්ඩ කීපයක් පමණයි. එය චිත්‍රපටයේ ජීව ගුණයට වගේම ගීතයේ ජීව ගුණයටත් බලපා තියෙනවා. අතීතයේ කවි කොලකරුවන්ගේ කාව්‍ය රීතිය ගීතයේ තනුව සඳහා සෘජුවම භාවිතා කරනවා. ඒක තමයි කේමදාස සම්ප්‍රදාය.
මේ ගීතය මෙතැනින් අහලම බලන්න
මහත්වරුණි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ
නිදහස..... ඉංග්‍රීසි..... නිදහස ගැන මට හිතෙන හැටි.... මේ....
පුරන් අප්පු:
පුරන් අප්පු එහෙමත් නැත්නම් “ වීරහැන්නදිගේ ෆ්‍රැන්සිස්කෝ ප්‍රනාන්දු” 1812 නොවැම්බර් මාසෙ දවසක බස්නාහිර පළාතෙ කොළඹ දිස්ත්‍රික්කයේ , මොරටුවෙ ඉපදුනෙ. වයස අවුරුදු 13 දී රත්නපුරයට ගියා. පුරන් අප්පුගෙ බිරිඳ “බණ්ඩාර මැණිකේ” ඔවුන්ගෙ එකම දියණිය “ගුන්නෑපාන ආරච්චි” මහනුවර පැත්තෙ ජීවත් වූ බවට ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉංග්‍රීසි ජාතීන්ට එරෙහිව කුඩාපොල හිමි, ගොන්ගාලේ ගොඩබණ්ඩා, සහ මඩුගල්ලේ නිළමේ සමග එක්ව මාතලේ කැරැල්ල මෙහයෙ වූවා. අනතුරුව ඉංග්‍රීසින්ගේ අත් අඩංගුවට පත් ඔහු 1848 අගෝස්තු 08 වන දා මහනුවර බෝගම්බර පිටියේදී ඉංග්‍රීසින් විසින් මරා දැමුවා. පුරන් අප්පු මිය යන විට ඔහුගෙ වයස අවුරුදු 35 යි.
හිරු නොබසින අධිරාජ්‍ය:
1796 දී ලංකාවෙ මුහුදු බඩ පළාත් ඉංග්‍රීසින් අතට පත්වුනත්, 1815 මාර්තු 02 දා අපේ රට මුලුමනින්ම ඉංග්‍රීසින්ගේ තවත් කොළනියක් බවට පත් වුණා. ඒ 1815 මාර්තු 05 වන දා අත්සන් කළ උඩරට ගිවිසුමත් සමගයි. ඒ වන විට ලෝකයේ තවත් රටවල් රැසක්ම ඉංග්‍රීසි පාලනයට නතුව තිබුණා දවසේ පැය 24 න්, ඔවුන් අත්පත් කරගත් කුමන රටකට හෝ හිරු එළිය වැටී තිබුන නිසා තමයි “හිරු නොබසින අධිරාජ්‍ය” නම ඔවුන්ට පට බැඳුනෙ.
ඉංග්‍රීසින් මේ රට පාලනය කල සමයේ අපට අයිති අපේ උරුමය සමග සියලුම සම්පත් කොල්ලකෑවා පමණක් නොව වටිනා හැම සම්පතක්ම එංගලන්තෙට ගෙන ගියා.වෙන එකක් තබා වීර කැප්පෙටිපොල නිළමෙගෙ හිසත් එංගලෙන්තෙට ගෙන ගියා.ඉංග්‍රීසින්ගේ පාලන සමය තුළ තේ, රබර්,කෝපි, කුරුඳු, ගම්මිරිස් වගේ බෝග ව්‍යාප්ත කළේ ඔවුගේ වෙළඳ ව්‍යාපාර දියිණු කර ගැනීමටයි.
ඉන්දියාවට නිදහස ලැබීම:
1947 අගෝස්තු 15 වන දා ඉන්දියාවට නිදහස ලැබුණා. ඒ අපිට නිදහස ලැබෙන්න මාස පහ හමාරකට විතර කලින්. ඊට පස්සෙ තමයි අපට නිදහස ලැබුණෙ.
1948 අපට නිදහස දුන්නෙ ඇයි?
ඉංග්‍රීසින්ට කොල්ල කන්න තරම් හෝ පැහැරගෙන යන්න තරම් කිසිඳු වටිනා වස්තුවක් තවත් ඉතිරිව නොතිබුණ නිසා ලංකාව, ඉන්දියාව වගේම තවත් නොවටිනා රටක් වුණා. මට හිතෙන හැටියට අපේ රට තව දුරටත් හිරු නොබසින අධිරාජ්‍යයේ කොළනියක් ලෙස තබා ගන්නවාට වඩා 1948 පෙබරවාරි 04 අපිට නිදහස දීල ඉංග්‍රීසින් අපෙන් නිදහස් වුණා.
ඔවුන් ලංකාව පාලනය කළ කාලය තුළ මෙරට ව්‍යාප්ත කළ තේ, රබර්,කෝපි, කුරුඳු, ගම්මිරිස් අපනයන බෝග හැටියටම තමන්ගෙ රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර මෙරට බහු ජාතික සමාගම් කීපක්ම ස්ථාපිත කරලයි ඉංග්‍රීසීන් ආපසු එංගලන්තෙට ගියේ. මොකද ඔවුන් දැනගෙන හිටිය 1948 වෙද්දි අපේ රටේ බහුතරයක් ජනතාව තේ නොබීපු බව. ඒ වෙනුවට අපේ රට වැසියන් හකුරු කෑල්ලක් හපල බිව්වෙ රණවරා, පොල්පලා, ඉරමුසු, සහ බෙලිමල් වගේ දේවල්.ඒ නිසාම ඉංග්‍රීසීන් දැනගෙන හිටිය ඔවුන් වගා කළ බෝග නැවත ඔවුන්ටම ලැබෙන බව.හැබැයි ලංකාවට ආව සුදු ජාතිකයන් අතර ලංකාවට ආදරය කළ කීපදෙනෙකුත් හිටියා. ඒ අය අතර ආර්.එල්. ස්පිට්ල්, රොබට් නොක්ස් වගේ අයත් ඉන්නවා.
නිදහසෙන් පසුව මොකද වුණේ..?
කොහොම හරි අපට 1948 පෙබරවාරි 04 දා නිදහස ලැබුණා. ඉංග්‍රීසින් ආපසු එංගලන්තෙට යන විට අපට දීලා ගිය හොඳ දේකුත් තිබුණා. ඒ තමයි ඉංග්‍රීසි භාෂාව ඒත් ඒක ටික කාලෙකට විතරයි. 1956 දී රාජ්‍ය භාෂාව සිංහල භාෂාව බවට පත් වුණා. අපිට නිකං හම්බ වුණු ඉංග්‍රීසි භාෂාව අපිම අත හැරල දැම්මා. හැබැයි ඊට පස්සෙ ඒ පාලක පන්තිවල ජනතාවගෙ දරුවන් එංගලන්තෙට ගිහින් උසස් අධ්‍යාපන කටයුතු කළා. මේ රටේ දුප්පත්ග්‍රාමීය ජනතාවගෙ දරුවන් සිංහල ඉගන ගත්තා වෙනස ඒකයි.෴
මේ අනෙක් ගීය, මේ ගීයත් මා මුලින් කියූ ගීය වගේමයි රත්න ශ්‍රී විජේසිංහ අපට අද දවසේ සිටින විශිෂ්ඨතම කවියෙකු වගේම , විශිෂ්ඨතම ගේය පද රචකයෙක්. රත්න ශ්‍රී ගේ කාව්‍යමය භාෂව මේ ගීයට විශාල ආලෝකයක්. ගී තනුවත් සංගීතයත් ඒ වගේම මියුරුයි. අපේ නිදහස ගැන නැවත වතාවක් අපිටම හිතන්න පුළුවන්.
හත් දෙයියන් බලා ඉද්දි - සුද්දො ආවෙ රට කරන්ඩ
මහත්වරුණි දන්නවාද - සුද්දො ආවෙ රට කරන්ඩ
ඇත් දත් ගම්මිරිස් කුරුඳු - මැණික් අරන් එතෙර යන්ඩ
ලක් මවුන්ගෙ දරු පැටවුන් - වාල් කමේ තියා ගන්ඩ
වැව් බිඳ රන් කොත බිමලා - දාගැබ පිට කොඩි දමන්ඩ
යෝද කඳු වළලු වටලා - වන හිස මුඩු බිම් කරන්ඩ
කෝපි, තේ, රබර් වවලා එතෙර එ දේසෙට යවන්ඩ
ඉර නොබහින පොළව වටේ - කතිර කොඩිය ලෙළ දෙවන්ඩ
මහත්වරුණි දන්නවාද - සුද්දො ආවෙ රට කරන්ඩ
සත්තු වගේ මඩ කාගෙන - දිව කාගෙන බර අදින්ඩ
අනේ අපොයි අපිත් ගියා - පය පාමුල වාල් වෙන්ඩ
මහත්වරුණි දන්නවාද - සුද්දො ආවෙ රට කරන්ඩ
මහත්වරුණි පේනවාද අදත් එනව රට කරන්ඩ.....
ගේය පද: රත්න ශ්‍රී විජේසිංහ
මියුරු සර: ආචාර්ය රෝහණ වීරසිංහ
බත කා ඉවරයි සිංහල හාලේ ගීය මෙතැනින් බලන්න
කැමති නම් බත කා ඉවරයි සිංහල හාලේ ගීය මෙතැනින් අහන්න
අදහස් ඇත්නම් ලියලම යන්න
ප්‍රබුද්ධ ගණයේ ලා සැළකෙන ගායකයන් අතර මගේ ප්‍රියතම ගායකයා සුනිල් එදිරිසිංහ මහතායි. ඔහුගේ හඬ පෞරුෂයට මනාව ගැළපෙන දේශාභිමානී ගීත ගායනයේදී ඔහු විශිෂ්ටයි... ඔබතුමාගේ ලිපිය හරහා මීට පෙර අසා නොතිබූ ගීත කීපයක් ඇසුවා.. බොහොම අගෙයි.. ලිපිය වෙනුවෙන් මගේ ස්තුතිය.!!!
ReplyDeleteශානි...
Deleteසුනිල් ගේ හැම ගීයකම දාර්ශනිකයෙකුගේ ගායනයක් තියනවා. හැමදාම ඇහෙන ගිත වලට වඩා ඉඳහිට හෝ මෙවැනි ගීයක් ඇහුණාම පුංචි සතුටක් දැනෙනවා. ස්තුතියි ඔබට
"සොර දෙටුවෙක්" ගීතයේ රචකයා ගැන මම දැන ගත්තේ අදයි. "බත කා ඉවරයි" ගීතය ගැන අහලවත් තිබුනේ නැහැ...මේ නොදන්නා දේවල් කියල දෙනවට ඔබට බොහොම ස්තුතියි..
ReplyDeleteඉස්සර කාලේ පනවලා තිබුන "ඇඟ බද්ධ" කියල එකක් ගැනත් මම අහල තියනවා...ඉංග්‍රීසි කාලේද ලන්දේසි කාලේද කියලා හරියට දන්නේ නැහැ..
නැවතත් ස්තුතියි...
සයුරී....
Deleteලංකාවෙ ක්‍රියාත්මක වන හැම බදු ක්‍රමයක්ම, හැම ආඥා පනතක්ම ඉංග්‍රීසින් විසින් පනවපු ඒවා.. ඒ.. බදු සහ නීති අනපනත් අදටත් වලංගුයි. "ඇඟ බද්ද" 'බල්ලන් ලියාපදිංචි කිරීම" ඒ ඉංග්‍රීසින්ගේ අණපනත් අදටත් වලංගුයි. මේ වන විට මේ සියලු අනපනත් වර්තමානයට ගැලපෙන්න සංශෝධනය වෙමින් පවතිනවා.සමහර විට මේ වසර අවසන් වීමට පෙර 'බල්ලන් ලියාපදිංචි කිරීම" වගේ පනත් නැවත් අදට ගැලපෙන්න නීතිගත වේවි.
ස්තුතියි ඔබට
ඔය ගීතවල ගායකයා දැන හිටියත් රචකයා කවුදැයි දැනගත්තෙ අදයි..මම මෙච්චර කල් හිතන් හිටියෙ මුල් ගීය ලිව්වෙ එස්. මහින්ද හිමියෝ කියලා..ඒ ගී පද නම් ඇඟේ ලේ රත් වෙන ජාතියෙ විශිෂ්ඨ ගීයක්..තනුවත් ඒ වගේමයි...
ReplyDeleteබදු ගැන කියනවානම් අද බල්ලන්ට පූසන්ට බදු නොගෙව්වත් ඔයිට වඩා අපි බදු ගෙවනවාද මන්දා..
--
හරී
http://dreamsofharee.blogspot.com/
--
හරී...
Deleteඔබේ පැමිණිමට ස්තුතියි.
ගීතය ජනප්‍රිය වුණාම ගීත රචකයා මතකයෙන් බැහැර වෙනවා. ඒක ස්වභාවිකයි.
අද අපි ගෙවන බදු වලට වඩා පුලුල් රටේ හැම පුරවැසියාටම බදු ගෙවන්න සිදුවන ක්‍රමයක් ඉදිරියේදි එිවි..
ඒකයි මම මාතෘකාව ඒ විදියටම දැම්මේ.
අගනා ලිපියක්.. ලියන ශෛලිය නිසා කියවන්නත් කම්මැලි නෑ...
ReplyDeleteහොය හොයා හිටපු සින්දුවක් හම්බවුනේ....
බොහෝම ස්තූතියි...
උපේන්ද්‍ර ට..
Deleteහැමදාමත් වගේම සටහනක් ලියල යන, එහෙමත් නැත්නම් දුරකථන ඇමතුමකින් හෝ දිරියක් ලබා දෙන ඔබට බෙහෙවින්ම ස්තුතියි.
ගොඩක් වටින ගීත දෙකක් !!
ReplyDeleteඅද කාලේ මේ වගේ ගීත නිදහස් දවසේවත් ඇහෙනවද කියලා ප්‍රශ්නයක් !
මධුරංග ට...
Deleteහැමදාමත් වගේම සටහනක් ලියල යන,ඔබටත් බෙහෙවින්ම ස්තුතියි. හැමදාම වගේ මමත් මේ ගී ඇහුවත් මේ සතියෙ මමත් වැඩියෙන්ම ඇහුවෙත් කටපාඩමේ තියෙන්නෙත්, නිතර නිතර මුමුණන්නෙත් මේ ගී දෙක, වඩාත් හදට දැණුන ගී දෙකක් කියල මටත් හිතෙනවා.
ගීතයක් ගත්තහම ගොඩක් වෙලාවට මතකයේ රැදේන්නේ එහි ගායකයා පමනයි! නමුත් ගීතය ගීතයක් කරන,ඒ තුලින් හදවතට ආමන්ත්‍රනය කරන රචකයාට වෙන්නේ බලවත් අසාධාරණයක්! ගීතය ගැන කිව්වොත් මෑත් කාලයේ ඉතාමත් හිතට හදවතට ආමන්ත්‍රනය කරන හැඟීම් අවුස්සන ගීයක්!
ReplyDeleteසබිත්.. ට
Deleteශිල්පියෙකුගෙ කටහඬ හිතට වැදුනාම පදමාලාව ගැන හිතනවා අඩුයි. පදමාලවෙ , ගිතනුවෙ හිමිකරුවන් කවුද කියල මුලින්ම දැනගෙන ගීය ඇහුවාම ඒ නිර්මාණකරුවන් දෙදෙනාත් සදාකාලිකව මතකයේ රඳවාගන්න පුළුවන්.
හැමදාමත් වගේම සටහනක් ලියල යන ඔබටත් මගේ ස්තූතිය.
ගොඩක් වෙලාවට ගීතයකදී මම බලන්නේ පද රචනය දිහා.මම ඉතාමත් කැමතිම රචකයෝ දෙන්නෙක්ගේ තමයි මේ ගීත දෙකම.නමුත් ඔවුන්ගෙන් අද දවසේ කාර්යභාරය ඔවුන් හදුනගෙනද කියන එක මට ප්‍රශ්නයක්!
ReplyDeleteඅනික අර මුල් ගීතය එදාට වැඩ ගැලපෙන්නේ අදට!:)
අපූරු ගී දෙකක්. කදිම ලියමනක්. බෙදා හදා ගත්තාට බොහොම ස්තුතියි !!
ReplyDeleteඅනේ මෙහෙම තණ්හාවක් ගීතය මගේ ප්‍රියතම ගීතයක්. මරණ තුනක් ඇති මිනිසා පැණි කෑවා වගේ මිනිස්සුන්ගේ තියෙන කෙලෙස් ගැන හරි සරලව කතා කරනවා. කොටින්ම ඒ ගීතය බණක් වගේ
ReplyDelete