ආදරණීය කපුගේ
ගුවන් විදුලි මහ
ගෙදරින්
දේශපාලන ස්ථාන
මාරුවත් අරං
රජරට රැජින දුම්රියේ
තුනේ පන්තියේ ටිකට්
එකකින්
රජරටට ආ මගියා ඹබය
පුරන් කෙත්වතු අතර
විසිරුණු
රන් අස්වනු එකින් එක
ඇහිඳ
නැවුම් ගී කෙත අස්වැද්දූ
සැබෑ ගොවියා ඔබය
ඉර බහින හැන්දෑවක
සීත සුළඟේ මිහිර
විඳ විඳ
තිසාවැව් ඉවුර දිග
ඇවිද ගිය සැබෑ ගැමියා
ඔබය
මී බඳුන් එකින් එක
හිස් කොට
දැල්වුණු
සිගරැට්ටුවට
සිරවූ ඇගිලි තුඩු
දුවද්දී සරපිනාව මත
කිරට මිරිසට ගී හැදූ
සොඳුරු කවියා ඔබය
වැටි වැටී නැගිටින
දනන් අබිමුව
කම්හලේ වැඩපොලේ
ජන හඬට ජන අරගලයට
පණ පෙවූ මිනිසා ඔබය
රතුම රතු එරබදු
මල් පොකුරු අස්සෙන්
අතු අතර හිඳ ගී ගයා
සැඟව ගිය කොවුලා ඔබය
බක් මහේ දොරකඩ
අදත්
පිපුණු ඒ රතු එරබදු
පොකුරු අතරින්
අතු අතර හිඳ ගී ගැයූ
ඒ කොවුල් සර
කොහිදැයි
සොයමි මම තවම.....
කපුගේ ගැන මට හිතෙන හැටි
මුලු මහත් ජන සමාජයම බියෙන් තැති ගත්
කාලයක් විය. මිනිසුන් ජීවත් වනවාට වඩා මියෙන්නේ කවදා දැයි සොයමින්,
ඇඟිලි ගනිමින් සිටි යුගයක ඒ බියෙන් තැති ගත්
මියෙන, පණ අදින මිනිසුන් වෙනුවෙන් අවසන්
හුස්ම පොද දුන් පොදු ජනතාවගේ මිනිසා ඔබ ය.
ඔබ බොහෝ මිනිසුන්ගේ
ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් මරණය තුරුලට ගෙන ආදරය පරිත්‍යාග කළේ ය. "කාලයේ
රාවය" සහ "කම්පන" ප්‍රසංගයෙන්
පොදු ජනතාවගේ ආරක්ෂකයා වූයේ ඔබ ය. තල් වැට අයිනට වී වැලි බංකරයේ සිරව ගිනි අවි අතට
ගත් උතුරේ නඩරාජලාත්, දකුනේ සුමනසිරිලාත්, එකම පන්තියක මිනිසුන් බව කියාදී,
යුද්ධයෙන් රට ගිගුම් දෙන විට යුද්ධයෙන් තොර වූ ලෝකය පැතුවේ ඔබ ය.
දේශපාලන දර්ශනය
ආදරණීය කිරීම උදෙසා දෘෂ්ඨිමය හඬ අවදි කළ ඔබ කලාකරුවන්ගේ ලෝකයට මිනිස් දේශපාලනය
රැගෙන විත් යුගයේ අවශ්‍යතාවය හඳුනාගත් කලාකරුවා වූයේද ඔබ ම ය.
හෘද සාක්ෂියක්
නොමැති ජන සමාජයක ඒ හෘද සාක්ෂිය රැක ගැනීම
උදෙසා ඇවිලෙන කුසගින්නට වඩා හොඳින් ඔබ ජීවිතය
හඳුනාගෙන තිබුණි. විදුලි මිණි පහන්
මැද ඇතැමෙක් සතුටු සාදවල කකා බිබී හිඳිද්දී ඒ මැදුරු දොර අභියස සිට දුගී බවේ හංස
ගී ගයනා දරුවන්ගේ ලෝකය දුටුවේ ය. විවාහය කල් දමා ලෙළි තළන දෝණිටත්, ඉරුණු ඇඳුම් ඇඳ
අඩු කුලියට සළු මසන නැගණියටත් ඔබ එකසේ ආදරය කළේ ය. සැලුන් දොරකඩ හිඳින බාබර්ටත්
හිස නමන හැටි ජනතාවට කියා දුන්නේ ඔබ ය. ඔබේ කට හඬ ඒ අසරණ ජනතාවගේ ම හඬ බවට පත් කළේ
ය. කුරා කුහුඹු මිනිසුන් ඔබේ ලෝකයේ කිරුළු පැළඳුවේ ඒ නිසා ය.
ඒත් ඔබ කියාදුන් මග
ඔබ පසු පස ජනතාවාදී ලේබලය පැළඳ පැමිණි ඇතැමුන් ඒ ජනතාවාදී ලේබලය ජනතාව අත තබා ඔබ නියෝජනය කළ පීඩිත පන්තියෙන් පැන ගොස් ය.
එදා මෙන්ම අද ද ඔබේ ඒ ගී මගෙහි වූ අසරණ ජනතාව වෙනුවෙන් ඔබ පසු පස ඔබේ සෙවනැල්ලේ
සැඟව පැමිණ ඔබ තනිකර අන් මගක යද්දී සතුටු
සාදයක ඇසෙන වියරු ගෝෂාව අතරින් ඔබේ කට හඬ මතුව අවුදින්, ඔබේ ගී කැට මුගුරු ලෙස ඒ සමාජය වෙත දමා ගසනු ඇත.
ඔබ නියෝජනය කළ ඒ මානුෂීය දේශපාලනය ඒ සමාජයට එරෙහිව නැගී සිටිනු ඇත.
පෙර දවසක, දවසක්
පැල නැති හේනේ පැලක් තැනූ ඒ කලුමහත්තයා .
අද හෝ හෙට යළිත් ඒ දැයි ඒ අම්මාත්,
ඇගේ දරුවන් සමග ඒ පැළට වී මග බලනු ඇත. අපිද ඒ රුව යළිත් එනතුරු මග බලන්නෙමු.෴
මේ තියෙන්නෙ
කපුගේගේ සැබෑ මානව දෘෂ්ඨිය පිරුණු ගීයක්. ඔහු සැබෑ ජීවිතය තුළත් නියෝජනය කලේ මේ
පිඩීත දරුවන්ගේත්, ජනතාවගේත් ලෝකයයි. ඔබ කවදා හරි දවසක ජී.බී. සේනානායකගේ
“දුප්පතුන් නැති ලෝකය” කෙටිකතා පොතේ
“දුප්පතුන් නැති ලෝකය” කෙටි කතාව කියවල තියනවනම් මේ ගියත් ඒ කෙටි කතාවත්
සසඳා බලන්න ගද්‍ය සාහිත්‍යය සහ ගීත සාහිත්‍යය ජනතාව වෙනුවෙන් කොයිතරම් සේවයක් කරනවද
කියලා.
විදුලි මිණි පහන්
නිවී බොළඳ ගී සිනා රැළි
නිලංකාර අඳුරේ
සිරවී සාදයේ
කුරා කුහුඹු මිනිසා
වෙමි මා ඔබේ මන්දිරේ
කුරා කුහුඹු මිනිසා
වෙමි මා ඔබේ මන්දිරේ
එන්න කන්න බොන්න මිහිරේ
දෙනෙතින් ආරාධානා
ඔබේ හඬ කිඳී සිඳී යයි
කතා සරිත් සාගරේ
පුරාගෙන පිරූ විතේ
විසුලු කෙළි නැටුම් සිනා
යොමා ඇස බලන්
සොඳුරේ මැඳුරු දොර දිහා
දෙන්න කන්න බොන්න
නොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී
ඇස් ගයා හංස ගීතිකා
දෑත පා ඉඳුල් යදී
ඇස් ගයා හංස ගීතිකා
ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා හිඳී
පළා යයි ඔබේ ලොවෙන්
මා දෙපා සමු නොදී
ගේය පදමාලාව: ලූෂන්
බුලත්සිංහල
තනුව සහ සංගීතය: විශාරද
ගුණදාස කපුගේ
විදුලි මිණි පහන් ගීතය මෙතනින් අහන්න, ගන්න
(ඔබ අසා ඇති නින්ද නැති රැයේ ගීතය මෙතනින් බලන්න)
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ
කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ...
රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ
ගේය පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : විශාරද ගුණදාස කපුගේ
1976 දී මුල්වරට පටිගත කළ නින්ද නැති රැයේ ගීය මෙතනින් අහන්න
විදුලි මිණි පහන් ගීතය මෙතනින් අහන්න, ගන්න
ඒ සටහන තැබුවෙ මම
කපුගේ වෙනුවෙන්. අස්වැන්න මුල්ම පෝස්ට් එක
ලිව්වෙත් " සුනිල දිය දහර වෙමු එකම ගඟකකට වැටෙන
" කියලා ඒ කපුගේ වෙනුවෙන්. කපුගේ මියගියේ 2003 අප්‍රේල් මාසෙ 03 වැනිදා . ඒ හරියටම මීට අවුරුදු නවයකට කළින්. ඒ සොඳුරු මිනිසා වෙනුවෙන් ම අදත් “අස්වැන්න”
වෙන් කළා.
මට කපුගේ හමුවෙන්නෙ රජරට දී ඒ
අසූව දශකය මැද හරියේ දි විතර, කපුගේ රජරට
සේවයට ආවෙ 1981 දි විතර එතකොට මා පුංචි
පන්තිවල ඉගන ගත්ත කුඩා සිසුවෙක්. සාමාන්‍ය පෙළ කරපු කාලෙ කපුගේ ඉදිරිපත් කළ
නිර්මාණාත්මක වැඩසටහන්වල ගුණ සුවඳ මට දැනෙන්න පටන් අරන් තිබුණෙ ඒ කාලෙ. ඒ දවස්වල කපුගේ
රජරට සේවයේදි සෙනසුරදා
උදේ “මන්දාකිණිය” නමින් වැඩසටහනකුත් ඉරිදා දවස්වල “ රස දහර” නමින්
වැඩසටහනකුත් රසවින්දන වැඩසටහන් වශයෙන් කපුගේ ඉදිරිපත් කළා. ඒ දෙකම ඉතා අපූර්ව
රසවත් වැඩසටහන්. එතකොට රජරට
හිටපු මට "ඔසිබිසා" "යාල්ලා" ෆ්‍රැන්ක් සිනෙට්‍රා, බොබ් මාලේ වගේ අයගේ ගීත ගැන එතරම් දැනුමක් තිබුණෙ
නෑ. ඒත් කපුගේ ගේ ඒ වැඩසටහනෙන් පස්සෙ අපි ඒ ගීත ගැන හෙව්වා. ඒ වැඩ සටහන්වලට
නිරන්තයෙන් ලිව්වා. කපුගේ මගේ නමින් ම මං ඒ ලියපු ඒවා ආයෙමත් කපල කොටල රසට හදල ප්‍රචාරය කළා. ඒ නිසාම පාසල් සිසුවෙකුව සිටිය දීම මට කපුගේ
අඳුනගන්න ලැබුණෙ රජරට සේවයෙන්. එදා පළමු වරට දැන හඳුනාගෙන රජරට දී ඇරඹුන කපුගේ සමග පැවති සුහද මිතුදම ඔහු
මිය යන තෙක්ම පැවතුණු සදාකාලික මතකයක්. ඔහු මට පසු කාලීනව නිර්මාණාත්මක අත්වැලක්
වූවා වගේම අදටත් ඔහු මට ආලෝකයක්.
(ඔබ අසා ඇති නින්ද නැති රැයේ ගීතය මෙතනින් බලන්න)
අද ඔහු වෙනුවෙන් මා
තෝරාගත් මේ ගීතයත් ඉතාම විශේෂ ගීයක්. මේ ඔබ
කවුරුත් අසා ඇති “නින්ද නැති රැයේ” ගීතය.
ඒත් මේ ගීය සමහර විට ඔබට කවදාවත් ම අහලා නැතුව ඇති. මේ ගීය පටිගත කරල
තියෙන්නෙ 1976 දී විතර ඒ කලෙ මේ ගීය ජනප්‍රිය වුනේ නැහැ. කපුගේ මේක
කිව්වෙ ගුවන් විදු ලි සරල ගී වැඩසටහනකට.
පළමු පටිගත කිරීමෙන්ම ගීතය ඉවත් වුණා.
කොහොම වුනත් ඒ මුල් ගිය අහපු කපුගේටම හිතෙන්න ඇති මේ ගීයට ඔහු අතින් කිසිම සාධාරනයක් ඉටුවෙලා නෑ කියලා. ඒ
ගීයට සාධාරණයක් ඉටුනොවුන විට ඔහු කම්පනයට පත්වෙන්නත් ඇති. ඒ මොකද කපුගේ සැබෑ ගීතය වෙනුවෙන් පෙනී සිටි කෙනෙක් නිසා. ඒ නිසාම කපුගේ
මේ ගීය නැවත ඊට අවුරුදු දහය කට දොලහකට විතර පස්සෙ නැවත පටිගත කරනවා ඒ 1985 දී “මාවතේ
ගීතය” සිංග්ලංකා කැසට් පටය වෙනුවෙන්. දෙවන
වරට මේ ගීය අලුත් තනුවකට පටිගත කළා. ඉන් පස්සෙ ඒ ගීය ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ වගේ ම
ලංකාවෙම ජනප්‍රියම ගීත දර්ශක තෝරපු ආරම්භක වර්ෂවල පිට පිටම වසර 03 පළමු ස්ථානයේ
තිබ්බෙ “නින්ද නැති රැයේ” දෙවන පටිගත කළ ගීතයයි.
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ
කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ...
රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ
ගේය පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : විශාරද ගුණදාස කපුගේ
1976 දී මුල්වරට පටිගත කළ නින්ද නැති රැයේ ගීය මෙතනින් අහන්න
බෙහෝ වෙලාවට තමන්
අතින් අසාර්ථක වූ ගීයක් නැවත ශිල්පියෙකු
නැවත පටිගත කිරීමක් නොකර ඉවත දානවා. ඒත් කපුගේ තුල හිටපු සෙඳුරු මිනිසා
රත්නශ්‍රී විජේසිංහ ලියූ ගීතයට උපරිම
සාධාරනය ඉටු කළා. ශිල්පියෙකුගේ පරිණත භාවයත්, නිර්මාණයක තිබිය යුතු ගුණාත්මක බවත්
කපුගේ තේරුම් ගත්තා. ඒක තමයි නියම කලාකරුවකුගේ ස්වභාවය. කපුගේ
කියන්නෙ ඒවගේ සොඳුරු හදවතක් තිබූ සොඳුරුතම මිනිසෙක් ඒකයි ජනතාව කපුගේට ආදරේ කරන්නෙ.
මමත් කපුගේට ආදාරේ කරන්නෙ අන්න ඒ මානව වාදී ගුණය කපුගේ තුල තිබුණු නිසයි..෴
මේ පෝස්ට් එක දමා විනාඩි කීපයකින් පරිගණක දෝෂයක් හේතුවෙන් මැකී තිබුණා. නැවත සකර කළ පෝස්ට් එක මෙයයි. ඔබට සිදුවූ අපහසුතාවයට කණගාටුව
හිතට දැණුන දේ මෙහි ලියලම යන්න, ඔබේ වටිනා කාලයෙන් බිඳක් අස්වැන්ට වෙන් කලාට ස්තුතියි
සටහන:
හිතට දැණුන දේ මෙහි ලියලම යන්න, ඔබේ වටිනා කාලයෙන් බිඳක් අස්වැන්ට වෙන් කලාට ස්තුතියි
කපුගේ කියන්නේ මගේ ආසම ගායකයා.ඔහු ගැයූ ගීතවලින් රත්නශ්‍රීගේ නිර්මාණවලට මම පුදුමාකාර විදියට ආදරේ කරනවා.
ReplyDeleteවර්ෂාට
Deleteකපුගේගේ ගිත වලට වගේම රත්න ශ්‍රී ලියන පදමාලාවලින් කියවෙන්නෙත් සමාජ යථාර්ථය ඒකයි ඒ ගීත ලස්සන. හැම කලාකාරයෙක්ම ජනතාව ගැන හිතනවනම් ඔවුන් සැබෑ ජනතාවාදී මිනිස්සු දැන් එහෙම අය නෑ.
ස්තුතියි වර්ෂා ඔබේ වටිනා අදහසටත් කපුගේ වෙනුවෙන් තැබූ මේ සටහනටත්
මුලින්ම මා බොහොම ආඩබ්බරයෙන් කියනවා මේ ශ්‍රේෂ්ට ගායකය දකුණු පුරවරයෙන් බිහිවී අප පාසලෙන් සිප්සතර උගත් බව.. 1976 පටිගත කළ නින්ද නැති රැයේ පැරණි ගීය නම් මා මීට පෙර අසා නැහැ.. බොහොමත්න ස්තුතියි අප ඒ ගැන දැනුවත් කලාට.. ඔබතුමාගෙ අවසරය ලැබේනම් මෙම ගීය මම මුහුනූ පොත හරහා මා මිත්‍ර සහුර්දයන්ටද(මට singish වලින් ය0සය ලියන්නට නොහැකිවිම නිසා අක්ෂරවින්යාසෙ වැරදුනා) ඇසිමට පල කරන්නම්....
ReplyDeleteතොටියාට
Deleteසහෝ ඒ කියන්නෙ උඹ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යලයේද? නැත්නම් කරන්දෙණිය සෙන්ට්‍රල් එකේද ? කපුගේ ඔය දෙකටම ගියා.
ආයේ අහන්න දෙයක් ඇතෑ. මේකෙ පළවන දේවල් ඕනෑ විදියකට අවශ්‍ය විදියට අරන් පළකරන්න ආයෙ අවසර ඕනෙ නැහැ. කවුරු හරි කියවන්නයි වුවමනා වෙන්නෙ ඒ ටික වෙනව නම් ඇති
ස්තුතියි සහෝ ඔබේ වටිනා අදහසටත් කපුගේ වෙනුවෙන් තැබූ මේ සටහනටත්
This comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteඇත්තටම නිහතමානි කලාකරුවෙක්.. අද කපුගේ මහත්මා වගේ සුන්දර සරළ මිනිස්සු මේ කලා ලෝකේ අඩුයි.. ඔබේ සටහන ඇත්තටම හිතට දැනුනා..
ReplyDeleteදිනේෂ්ට
Deleteඇත්ටම මේ රටේ ජනතාව වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම සේවයක් කපුගේ කළා. මුලු ජීවිතේම කැප කලේ මේ ජනතාව වෙනුවෙන්. මන්දිර වල් ඉන්න මිනිසුන්ට වඩා අතු පැලක ඉන්න මිනිසුන්ට කපුගේ ආදරේ කළා.
ස්තුතියි දිනේෂ් ඔබේ වටිනා අදහසටත් කපුගේ වෙනුවෙන් තැබූ මේ සටහනටත්
නින්ද නැති රැයේ මුල් ගීතය අහනකොට මට මතක් උනේ "බින්දු බින්දු තාරකා" ගීතය. ටිකක් සමානයි වගේ නේද? :) ඔව් අස්වැන්නේ මුල්ම පෝස්ට් එක මමත් බැලුව. ඒක ඉතාමත් අනර්ඝයි වගේම පුදුම විදියට හිතට ඇල්ලුවා...
ReplyDeleteඇත්තටම කෝ ඒ ලිපිය...හොයා ගන්න බැහැ නේ..
Deleteසයුරීට
Deleteමුල් නින්ද නැති රැයේ 6/8 බීට් එකේ කරපු නිර්මාණයක්. දෙවනි පාර නින්ද නැති රැයේ 3/4 බීට් එකේ කියන්නෙ. කොහොමත් කපුගේට ගැලපෙන්නෙ 3/4 බීට් එක.
අපොයි මගේ මුල් පොස්ට් එක මැකිලා ගිය එකනම් මාරම අවුලක් වුනේ. යාන්තමට පොඩි කටුසටහනක් තිබ්බ නිසා මේ ටිකවත් අයෙ හදාගත්තා. මුල්ලිපියේ තිබුන දේවල්වලින් පිටු 02 ක් විතර අඩුවෙලා.
ස්තුතියි සයුරී ඔබටත් වටිනා කාලයෙන් බිඳක් වෙන්ක කපුගේ වෙනුවෙන් තැබූ මේ සටහනට
රත්නශ්රීය රනින් නිර්මාණය කල අලංකාර පිළිමයට ජිවයක් කපුගේගෙන් ලැබුනා කියලයි මට හිතෙන්නේ. කපුගේ කියන්නේ ඇත්තටම සදා අමණිය පුද්ගලයෙක්. පෝස්ට් එක ලස්සනයි.
ReplyDeleteමලින්ද
Deleteඔබේ අදහස නම් නියමෙට ගැලපෙනවා. ස්තුතියි මල්න්ද ඔබේ වටිනා අදහසටත් කපුගේ වෙනුවෙන් තැබූ මේ සටහනටත්
මුලින්ම දුටු නිසදැස තුල හුරුපුරුදු බවක් තියේ...ලස්සන පෝස්ටුවක්..
ReplyDeleteරූ...
Deleteමම මුලින්ම හිතුවෙ නිසඳැස විතරක් ලියල නවත්වන්න. ඒත් මගේ හිත ඒකට ඉඩ දුන්නෙ නෑ.
හැමදාමත් කපුගේ වෙනුවෙන් ලියපු අපිට නැවත නැවතත් ඒ දේවල් ලියන්න හිත බල කරනවා.
ඔබේ වටිනා කාලය වෙන්කර කපුගේ වෙනුවෙන් තැබූ මේ සටහනට ස්තූතියි.
මම පොඩි කාලෙ ගුනදාස කපුගේ මහත්මයයි වික්ටර් රත්නායක මහත්මායටයි චුට්ටක්වත් ආස නැහැ..විෂේශ හේතුවක් කියන්න දන්නැහැ..ඒත් කාලයත් එක්ක දැන් මම වැඩිපුරම ආස මේ වගේ ගායන ශිල්පීන්ගෙ ගීත වලට..දැන් තමයි තේරෙන්නෙ මේ ශිල්පීන් කොයි තරම් සරල සුන්දර අයද කියල..
ReplyDeleteනින්ද නැති රැයේ දැන් අපිට ඇහෙන ගීතයයි කලින් ගීතයයි අතර ලොකු වෙනසක් තියෙනවා..දැන් ගීතය කලින් එකට වඩා ලස්සනයි කියල මට හිතුනා..
ස්තූතියි ලිපියට.. :)
සිත් රූ සිහිනට
Deleteමට මුලින්ම කපුගේ හමුවුණු කාලෙ මම කපුගේගෙ ගීවලට ප්‍රිය කළත් ඔහු තමයි මටත් වික්ටර්ගෙ ගීවල රසය ගැන කියලා දුන්නෙ. කපුගේ ප්‍රිය කලෙත් වික්ටර්ගේ ගීවලටයි.
ඔිනැම නිර්මානයක් මුල්වතාවෙ ඇහුවාට හිතට දැනෙන්නෙ නැති වුණත් ඊට පස්සෙ අහන්න අහන්න ඒ ගිත නිරායාසයෙන් හිතේ තැන්පත් වෙනවා.
හැමෝම කැමති කපුගේගෙ දෙවනි නින්ද නැති රැයේ ගීයටයි.
ඔබේ වටිනා කාලය වෙන්කර කපුගේ වෙනුවෙන් තැබූ මේ සටහනට ස්තූතියි.
මම ආසම ගායන ශිල්පියෙක්.. එතුමා රජරටට යන්නේ දේශපාලන පත්වීමක් මතනෙ..
ReplyDeleteඑතුමා රජරට ඉපදුනු මනුස්සයෙක්ද?
කපුගේ ඉපදුනේ දකුණේ,ඇල්පිටිය කියන ගමේ!
Deleteහරී..
Deleteකුගේ ගාල්ල ඇල්පිටියෙ මිරිස්වත්ත ගමෙන් රජරටට එන්නෙ එහි උරුමයක් ඔහුට තිබුන නිසා කියලයි මට හිතෙන්නෙ. ඒක දේශපාලන පළිගැනීමට කළත් අපි සතුටුවෙනවා කුගේ රජරටට ආව එක ගැන බස්නාහිර පලාතට අමතරව කලා ලොවට වැඩිම ගායක ගායිකාවන්, ගීත රචකයන්, සංගීත අධ්‍යක්ෂවරු රැසක්ම රජරටින් ජාතික තලයේ නිර්මාණකරුවන් බවට පත්වුණා. ඒ ස්ථාන මාරුව හොඳටම පුමාණවත් මේ රට වෙනුවෙන් ඔහු කල මෙහෙයට
ලියන්න අමතක වුණා ඔබේ වටිනා කාලය වෙන්කර කපුගේ වෙනුවෙන් තැබූ මේ සටහනට ස්තූතියි හරී ඔබටත්
Delete“කළු මහත්තයා” මට ඇත්තටම දැනගන්න ආසයි මේ නම හැදුනේ කොහොමද කියලා. මං හිතන්නේ මේක දැනගන්න සුදුසුම කෙනා ඔයා තමා. මොකද ඔයා කපුගේගෙ ළඟින්ම හිටපු කෙනෙක් නිසා. අනිත් කාරනේ කපුගේ මහත්තය ගයන ඔයා ලියල දීපු සිංදු ටිකත් ඕනේ. මගේ ළඟ ඔයා ඩබ්.ඩී ආරියසිංහට ලියපු සිංදු ටිකක් තියෙනවා. පුලුවන්නම් ඒ ටිකත් දෙන්න. ස්තූතියි රත්නෙ අයියා.
ReplyDeleteමලින්දට
Deleteමලින්ද කපුගේට "කලුමහත්තයා" කිව්වෙ කපුගේගෙ අම්මා. ඒ අම්මා තමන්ගෙ පුතාට කතාකළ නම මේ පෝස්ට් එකට දාන්න හිතුවා කපුගේ කියනවට වැඩිය "කලුමහත්තයා" කිව්වම හදවතට දැනෙනවා.
අහල තියන අනික් ඒව ගැන මෙනවද මං ලියන්නෙ. හොඳ රසිකයෙක් වීම ගැන පුංචි සතුටක් හිතයට තියෙනවා. බලමු මොකක් හරි ක්‍රමයක් ඉදිරියට මම ඔබව මතකයේ රඳවා ගන්නම්
ලියන්න අමතක වුණා ඔබේ වටිනා කාලය වෙන්කර කපුගේ වෙනුවෙන් තැබූ මේ සටහනට ස්තූතියි මලින්ද ඔබටත්
රත්න ශ්‍රී මහත්මය දිය පාර කපුගේ දේශනයේදී කරපු කතාවක් අහන්න ලැබුණ.කපුගේ ගෙ සමීපතමයෙක් විදියට ඔහුගේ සියුම් තැන් විශ්ලේෂණය කරල ඒ කතාව කරේ.කපුගෙ කියන්නේ ශ්‍රේෂ්ට කලාකාරයෙක්,සමහරු හිතන් ඉන්නවා වගේ ගංජා ගහන්න ගතමනාව හොයාගන්න සින්දු කියපු කෙනෙක් නෙමෙයි කියලත් කියන්න ඕන.කපුගේ කියන්නේ වැඩ කරන මිනිස්සුන්ගේ ගායකයෙක්.ඔහුගෙ බිම්බරක් සෙනග වගේ ගීත වලින් ඔහු සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්න වලදී කොච්චර නම් සංවේදීද කියල පේනව.ඒ වගේම බෝදිලිමා නංගියේ,කුකුලාපොල කිරි අම්මා වගේ ගීත වලින් ඔහු සාමාන්‍ය ගැමි වහර කෙරෙහි කොච්චර සංවේදී ගයකයෙක්ද කියලත් පැහැදිලියි.
ReplyDeleteනින්ද නැති රැයේ ගීතය ගැනත් යමක කියන්න ඕන.මම අහපු හොදම විරහ ගීත 2,3න් මුල් ස්ථානයේ තියෙන ගීතයක් තමයි මේ ගීතය.විශිෂ්ට පද මාලාවක් වගේම කපුගේගෙ හඬ ඒ ගීතයට උපරිම සාධාරණයක් කරල තියෙනව.
ස්තුතියි දයාරත්න අයියෙ ඔබ වගේ කෙනෙක් කපුගේ ගැන මේ වගේ දවසක කතා කරපු 1 ගැන!
නුවන්ට..
Deleteකපුගේ ගැන දන්නෙ කපුගේ ළඟින් හිටි අයයි. ඔහු ඉතාම සරල සුන්දර මිනිසෙක් මීවිතක්, සිගරැට්ටුවක් නිරන්තරයෙන් ඔහු ළඟ හිටියා. ඒක රටටවත්, කපුගේගෙ ගෙදරටවත්, ඇසුරු කළ අයටවත්, කිසිම දවසක කරදරයක් වුනේ නැති වග මං හොඳටම දන්නවා.
මීවිතත් සිගරැට්ටුවත්, ඔහු අපුරු සුන්දර මිනිසෙක් කළා. ඒවා තමයි ඔබ අප විඳින ඔහුගේ නිර්මාණ.
මේවගේ අවුරුද්දකට වතාවක්වත් මේ අය ගැන කතා නොකර කවුරු ගැන ලියන්නද මල්ලියේ.
ඔබේ වටිනා කාලය වෙන්කර කපුගේ වෙනුවෙන් තැබූ මේ සටහනට ස්තූතියි නුවන් ඔබටත්
මටත් ගොඩක් සුවිශේෂී නිර්මාණ කරුවෙක්! එත්, අවසාන කාලයේ ඔහු ගේ පිළිවෙල ඔහු ගොඩ නගාගෙන තිබු අද්විතීය කමට හානි කළා කියල මට හැඟෙනවා.
ReplyDeleteමේ ලිපිය ඔහුට නියමාකාර බුහුමන් දැක්වීමක්!
ස්තුතියි!
රුමාල්ට
Deleteඔබ එය කියන්නෙ සන්ෆ්ලවර් එක්ක සිංදු කියපු එක ගැන වෙන්න ඇති. ඒගැන ලියනවනම් මට ඔහුව සාධාරණිකරණය කරල තව පෝස්ට් කීපයක් ලියන්න පුළුවන්.
ඒත් ඒ සිංදු කියල ඔහු ගත්ත මුදල් වලින් මොනවද කළේ කියල "සුගතපාලද සිල්වා " වැනි කලාකාරයෝ ආපහු වලෙන් නැගිටල ඇවිත් කියාවි කපුගේ නිර්දෝෂයි අපි වෙනුවෙන්, අපේ ලෙඩ දුක් වෙනුවෙන්,අපේ උගස් කරපු ගේ දොර බේරාගැන්න කපුගේ ඒ මුදල් අපි වෙනුවෙන් වියදම් කළා කියල.
ඔබේ වටිනා කාලය වෙන්කර කපුගේ වෙනුවෙන් තැබූ මේ සටහනට ස්තූතියි රුමාල් ඔබටත්
මල්ලී,
ReplyDeleteඋඹ හැමෝටම ස්තුති කරනව කපුගේ වෙනුවෙන් තැබූ සටහනට. උඹට ගොඩක්ම ස්තුතියි කපුගේ වෙනුවෙන් මේ කරපු දේට. මම කපුගේගෙ සිංදුවක් ඇහුවෙ නැත්නම් ඉතාම කලාතුරකින් දවසක. පාසල් කාලෙ ඉඳල අද වෙනකන්ම අහනව. කපුගේ සන්ෆලවර් ගීත වලින් ගත්තු සල්ලලි වලට කරපු දේවල් මමත් දැනගත්ත. ඒකට වඩා විශේෂම දේ තමයි. තමන්ගෙ ලෝකයක් වටින නිර්මාණ පරදුවට තියල තමන්ගෙ සහෘදයන්ට සලකපු එක. අනෙක් කාරනය කපුගේ ගෙදරට කියල තිබුණ මිනිස්සු කොච්චර බැන්නත් කමක් නෑ. ඒ සල්ලි වලින් කරපු දේවල් කියන්න එපා කියල තිබුණ. මුදල් දුන්නට තමන්ට ඒක ලෝකෙට කියන්න ඕන උනේ නෑ. තමන්ගෙ යුතුකමත් කරල අපහාස ටිකත් තමන්ම විඳ ගත්ත. මෙහෙම ලිව්වොත් මේක පෝස්ට් එකක් වේවි. කපුගේ මැරුණු දවස් වල කවුරු හෝ ලියල තිබුණු නිසඳැසක් මට තාම මතකයි. ලිව්වෙ කවුද කියල මම දන්නෙ නෑ.
"පන්සිළු හරවා යවා
කපුගේ රැගෙන ගියහ
දෙවිවරු ඉරිසියාවෙන්
මනු ලොව මිනිසුන්ට"
මේක තමයි ඇත්ත.
සින්දු අහන්න රසවිඳින්න පුරුදු වෙච්ච කාලෙ ඉඳලම මගේ කැමතිම ගායකයා උනේ කපුගේ. මට හිතෙන්නේ සින්දු වලටත් වඩා ඒ මනුස්සයගෙ තිබුන මනුස්සකමටයි නිර්ව්‍යාජකමටයි ඇතිවුන කැමත්තක් කියල. ඒ වගේ ගායකයෙක්වත් ඒ වගේ හදවතට දැනෙන සින්දු ටිකක්වත් ආයෙත්නම් බිහි වෙන එකක් නෑ.
ReplyDeleteඔබතුමාගෙ මුල්ම post කියවල, මූනුපොතෙත් දාල කමෙන්ට් එකක් දාන්න බලනකොට පොස්ට් එක නෑ..., මට මතක විදියටනම් මීට වඩා ගොඩක් දේවල් තිබුන වගෙ මුල් ලිපියේ. පරන නින්ද නැති රැයේ සින්දුවටත් ගොඩක් ස්තූති කරන්න ඕන. මේ වගෙ සැඟවුන විස්තර තියෙනවනම් කපුගේ ගැන තව ලියන්න කියල ඉල්ලීමක් කරන්නත් කැමති..,
@.. see jay
Deleteමටත් තවම හිතාගන්න බරි එකම දේ මුල් පෝස්ට් එක දාල පැය බාගයකට විතර පස්සෙ ඒ මැකී ගොස් තිබුණ එක ගැනයි. මේ ලිපයේ අන්තර ගතයට වඩා තවත් පිටු දෙකක පමණ කොටසක් නැතිවෙලා තිබුණා.
කොහොම වුනත් කුගේගෙ ගීතවලට පසුබිම් වූ අපූරු කතා ටිකක් තියනවා කපුගේ එක් එක අවස්ථාවල කියපු ඒවා.ඒවා වඉඩ ලැබෙන විදියට ඉදිරියේදි ලියන්න හිතාගෙන ඉන්නවා.
මේ නින්ද නැති රැයේ වගේම ඉහත දක්වලා තියෙන "විදුලි මිණි පහන්" ගීයත් 70 දශකයේ මුලම කරපු ගීයක් ඒකත් අද අපි අහන ගීයට වඩා හරිම වෙනස් ගී තනුවක් ඒ මුල්ම ගියත් මතු දවසක අහමු.
ඔබේ වටිනා කාලය බිඳක් වෙන්කර කපුගේ වැනි මානව හිතවාදී ගායන ශිල්පියෙකු වෙනුවෙන් තැබූ මේ සටහනට ස්තූතියි ඔබටත්
Delete
.
Deleteලිපි දිග වැඩි වුණාම
පිටු කිහිපයකට අංක යොදා හෝ
අදාළ මාතෘකා යොදා පළ කරන්න..
ඒ පිටු දෙක ගැනත්
ලොකු කුතුහලයක් ඇති වෙනවා.
මමත් කපුගේගෙ ගීත වලට ගොඩක් කැමතියි. ඒ අතරින් "දවසක් පැල නැති හේනේ" කියන ගීය අම්මා ගැන ලියවුන හොඳම ගී වලින් එකක්. ස්තුතියි දැනුවත් කලාට.
ReplyDeleteමැණික්
මැණික්ට
Deleteඅම්මාගේ ආදරේ ගැන මේ .මයි කියල තියන උපරිම විදිය. මේ අම්මා අභිබවා යන්න කාටවත්ම ලැබෙන එකක් නැහැ.
ඔබේ වටිනා කාලය වෙන්කර කපුගේ වෙනුවෙන් තැබූ මේ සටහනට ස්තූතියි මැණික් ඔබටත්
කපුගේ ගේ සින්දුවලට මමත් පුදුම විදිහට ආසයි ...
ReplyDeleteඅපි ලෝකය දන්න කාලෙ වෙන්න කොට තිබුණෙ ගුවන් විදුලි සංස්ථාවෙ නාලිකා විතරයි. කපුගේ හිටියෙ රජරට සේවයේ වුණාට ඔහුගෙ ගීත වෙළඳ සේවයේ හෝ ස්වදේශීය සේවයේ විකාශණය කෙරුණෙ කලාතුරකින්. ඒ යුගය ගුවන් විදුලි සංස්ථාව බොහෝ දුරට ස්වාධීනත්වයෙන් මිදිල දේශපාලන ආයතනයක් බවට පත් වෙමින් තිබුණ නිසා වෙන්න ඇති. කොහොම වුණත් රජරට සේවයේ වැඩ කරපු කපුගේගෙ ගීත අපිට අහන්න ලැබුණෙ නෑ. කලාතුරකින් විකාශණය කෙරුණෙත් ගීත කිහිපයක් විතරයි. "මගෙ මන්ද්‍ර නම් බිසෝ" "සද්ධර්ම මකරන්ද මුණි රශ්මි ජාලා" "පිහිටක් නැති සරණක් නැති" "දවසක් පැල නැති හේනෙ" වැනි කපුගේගෙ ගීත හතර පහකට වඩා අපිට අහන්න ලැබුණෙ නෑ. විශේෂයෙන්ම අසූව දශකයේ අග භාගෙ වෙන කොටත් ඒ තත්වෙ තමයි තිබුණෙ.
ReplyDeleteකොහොම වුණත් ඒ කාලෙ කැසට් පට ගම් වල ප්‍රචලිත වෙලා තිබුණෙ. කොහොම වුණත් කැසට් රෙකෝඩර් ගම් වලට බහුලව එන්න ගත්තට පස්සෙ තමයි කපුගේ කියන ගායකය හඳුනගන්න ලැබුණෙ සැබවින්ම. ඊට කළින් අර ගීත කිහිපයට සීමා වුණු කපුගේ අපේ හිත්වලට එතරම් ඇල්ලුවෙ නෑ. කොහොම වුණත් අහල නොතිබුණ ගීත කැසට් පට හරහා අහන්න ලැබුණට පස්සෙ තමයි කපුගේ කියන ගායකය මගේ ගීත රස වින්ඳනයේ අංක එක බවට පත් වුණේ.
කොහොම වුණත් ගීත රස වින්ඳනයට වඩා කපුගේ ගැන ගොඩක් මිනිස්සුන්ට වගේ මටත් තිබුණෙ ආදරයක්. ඒ ඔහු ගායනා කලේ අපි වෙනුවෙන් නිසා.
ඒත් කපුගේ සන්ෆ්ලවර් එක්ක හවුල් වී ජනප්‍රියම ගීත කිහිපයකට ලොකු අසාධාරණයක් කලා. ඒ අවස්ථාවෙදි නම් එයා ගැන තිබුණ භක්තිය අඩු වුණා තමයි. ඒත් අද දවසෙ නැවත ආපසු හැරිල බලද්දි කලාකාරයෙක් විදියට ඔහුගෙම ගීත කිහිපයක් මූල්‍යමය අවශ්‍යතාවයක් වෙනුවෙන් එසේ ගායනා කලා මිස අද බොහෝ කලාකරුවන් මෙන් තනතුරු, වරප්‍රසාද උදෙසා කලාව, ආත්මය හෝ මානුෂීය ප්‍රතිපත්ති පාවා නොදුන් බව වැටහෙනව.
කපුගේ කවදාවත් මිය යන ගායකයෙක් නෙවෙයි. ඔහු හැමදාම මිනිසුන් තුළ ජීවත් වෙන ගායකයෙක්.
@''' outsider
Deleteසහෝ හැමදාමත් අවිත් දිග අදහසක් පළකරල යනව ඒ ගැන නම් කියන්න වචන නැහැ. ඒ ස්තුතිය වචනයෙන් විස්තර කරන්න බැහැ.
කපුගේ නිසා රජරට සේවය ගුවන්විදුලියෙන් මිදුන ස්වාධීන ආයතනයක් තරමට නිදහසේ කටයුතු කළ ආයතනයක්. විශේෂයෙන්ම කපුගේ එහි සිටි සමය හඳුන්වන්න පුළුවන්. දිවුල්ගනේ, ජයතික බන්ඩාර, ජානකී සුමිත්‍රා, ඇතුළු ගායක ගායිකාවන් රැසක්ම තමන්ට ආවේණික ගායන මාර්ග කපුගේ නිසා හදාගත්තා. ඒ වගේම ගිත රචක පරපුරක් මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර,ඇතුළු. ඒවගේම දක්ෂ සංගිත නිර්මාන කරුවන් විහාල පිරිසක් සිය අනන්‍යතාව හදාගත්තෙ කපුගේ නිසා.
ඇත්ටම සන්ෆලවර් එක්ක ගී ගායනය විවාදයට තුඩු දෙන කරුණක්. ඒත් එහි පසුබිම බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක් කපුගේ අතටත් යම් කිසි මුදලක් ලැබුණ බව ඇත්ත ඒත් එයින් වැඩි කොටසක් වැය කලේ අසරණ පොදු ජනතාවසහ කලා කරුවන් වෙනුවෙන් කියන කාරණය කවුරුත් නොදන්න දෙයක්.
හැබැයි ඒබව පැහැදිලි කරන්න කපුගේ ගියෙත් නෑ. ඒ සියලු නින්දා විඳගෙන ඒ හම්බකළ මුදල් වලින් මොනවද කළේ කියල "සුගතපාලද සිල්වා " වැනි කලාකාරයෝ ආපහු වලෙන් නැගිටල ඇවිත් කියාවි කපුගේ නිර්දෝෂයි අපි වෙනුවෙන්, අපේ ලෙඩ දුක් වෙනුවෙන්,අපේ උගස් කරපු ගේ දොර බේරාගැන්න කපුගේ ඒ මුදල් අපි වෙනුවෙන් වියදම් කළා කියල.
කපුගේ අන්න ඒ වගේ හිත හොඳ ගායකයෙක් වගේම ගුණ දම් සහිත මිනිසෙක්
ඔබේ වටිනා කාලය වෙන්කර කපුගේ වෙනුවෙන් තැබූ මේ සටහනට ස්තූතියි පිටස්තරයාණෙනි ඔබටත්
අති විශිෂ්ඨයි.....
ReplyDeleteමම ජීවිතේට මේ සින්දුව අහලා තිබුනේ නැහැ.. කපුගේ ඒකට කරලා තියන වෙනස විශිෂ්ඨයි... දෙවන නිර්මාණය කෙතරම් ජනප්‍රියද ...
ඔබට ගොඩක් ස්තූතියි මේ හෙලිකිරීම ගැන..
කපුගේ ගැන කතා කලොත් ඔහු සැබෑම මිනිස් හදවතක් තිබුන මිනිසෙක් කියලා තමා හැමතැනදිම අහන්ඩ ලැබිලා තියෙන්නෙ.
ඔහු කළ නව නිර්මාණ වලට ගී ගැයීමත් ( සන්ෆ්ලවර් සමඟ ) සුගතපලද සිල්වාට සැත්කමකට ආධාර කිරීමට කළ දෙයක් ලෙස මා අසා තිබෙනවා. සත්‍ය අසත්‍ය තාවය නම් හරියටම නොදනිමි.
ආහ්.. දැනුයි අනිත් කමෙන්ට් ටික බැලුවෙ.. මේ තියෙන්නෙ ඔබත් ඒකම කියලා..
Deleteතමන්ගේ ප්‍රසංගයක වේදිකාවේ පසුතල නිර්මාණයට මුදල් නැතිව සිටියදී ලැබුණු මුදලක් ඉන් සුලු මොහොතකට පස්සේ රෝගියෙක්ගේ ජීවිතේ බේරගන්න කපුගේ මහත්තයා පරිත්‍යාග කරපු කතාවක් අහලා තියෙනවා......
ReplyDeleteඅව්‍යාජ කලාකරුවෙක්
අතරින් පතර ලිපි කිහිපයක් බැලුවා
ReplyDeleteකොහොම හරි වේළාව හොයාගන ඔක්කොම ඉවර කරනවාමයි
කපුගේ කියන්නේ නොමියෙන ගායකයෙක්. අපේ හදවත් ඇතුලේ ඔහු සදා අමරණීයයි. ඔහු ගැයුවේ අපි වෙනුවෙන්. දුක් විදින පංතිය වෙනුවෙන්..ඔහු සැබැ මනුෂ්‍යයෙක්.. තමා අත තිබු අන්තිම රුපියලත් අනුන් වෙනුවෙන් දන් දුන් උතුම් මනුෂ්‍යයෙක්..ඔහු මගේ පාසලේ වීම මට ආඩම්බරයක්
ReplyDelete"නින්ද නැති රැයේ" 6/8 ගීතය ලබා දුන්නාට බොහොම ස්තූතියි. ඒ ගැන දැනගෙන සිටියේ නැහැ.
ReplyDeleteකපුගේ ගැයූ ඉතාම මියුරු ගීයක් වන
ReplyDeleteමේ සොඳුරු ගීතයේ පළමුවන උත්සාහයත්
දෙවන නිර්මාණයත් අතර වෙනස
ඉතාම අපූරුයි.
එකම කලාකරුවෙකු එකම ගීයක්
ආසන්න තනුවකට ගයන විට
මෙතරම් වෙනසක් සිදුවිය හැකිදැයි
සිතාගත නොහැකි තරම්..
ගීතයක ලය වෙනස් කිරීම අනුව
අපි රස විඳින හැඟීම මෙන්ම
ගායකයා ගයන හැඟීමත්
කොතරම් වෙනස් කරනවාද...?
http://rasawindhana.blogspot.com/2012/12/blog-post_27.html
වෙලාවක් ලැබෙන හැටියට මමත් බ්ලොග් අස්සෙ රින්ගල බලනවා, නමුත් බොහෝ රචනා හරියට අනුන්ගෙ දිනපොත් කියවනව වගෙයි, සාරාංශ ගත කිරීමක් නෑ, එවිට කාලය අපතෙ යනවා, අස්වැන්නෙ රචනා ශෛලිය අගය කල යුතුයි...
ReplyDeleteවිශිෂ්ඨයි. "අස්වැන්න", හරිම විශිෂ්ඨයි.
ReplyDeleteවිශිෂ්ඨයි. "අස්වැන්න", හරිම විශිෂ්ඨයි.
ReplyDeleteමේ පොස්ට් එක හොයාගෙනම කියෙවුවෙ මේවා ගැන දැනගන්න ඉන්නේ ඔබ හැර වෙන කවුරුද?.
ReplyDeleteවිශිෂ්ට සේවයක්.
ReplyDeleteකපුගේ තව කාලයක් ජීවත් වෙලා හිටියනම් කියලා හිතෙනවා...මේ සින්දු අහනකොට...
ReplyDeleteඔබගේ ලිපිය අති විශිෂ්ටයි .. නොදන්න කාරණා බොහෝමයක් දැනගන්න ලැබුනා... අස්වැන්න දිගටම නෙලන්න ශක්තිය ලැබෙන්න ඕනෙ .. කපුගේ ගායකයෙක් සංගීතඥයෙක් තමයි . හැබැයි ඊට වඩා ඔහු මනුස්සයෙක්.. කපුගේ නිසා තමා කරුණාරත්න දිවුල්ගනේ වැනි ගායකයින් බිහිවුනේ .. ඔහු බොහෝ ප්‍රසංග වල මුදල් වලින් කරලා තියෙන්නේ අනුන්ට උදව් කරන එක ...
ReplyDeleteපොදු ජනතාවගේ ගායකයා ඔබයි...එම ජනතාවගේ කිරුළ ඔබයි..
ReplyDeleteපොදු ජනතාවගේ ගායකයා ඔබයි...එම ජනතාවගේ කිරුළ ඔබයි..
ReplyDelete