එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Thursday, 26 April 2012

෴ මියුරු සරයෙන් වැයූ සම්බුදු සිරිතේ අසිරිය ෴



දෙවන කොටස
සංගිතයෙන් නව ඉසව් සොයා යන අපේ කාලයේ සංගිතවේදී දිනේෂ් සුබසිංහ පිළිබඳව මෙම සටහනේ පළමු කොටස අවසන් කළේ ඔහුගේ  Feel my heart සංගිත ඇල්බමයෙන්.  ඒ නිසා Feel my heart සංගිත ඇල්බමය පිළිබදව තවත් කරුණු  ටිකක් ඉතිරි විය.

දිනේෂ් සුබසිංහ  Feel my heart සංගිත ඇල්බමය  නිර්මාණය කරන්නේ  විශ්ව සංගිතය පිලිබඳව පුඵල් අවබෝධයක් ඇතිව ය. එම සංගීත රචනාවන්හි කිසිඳු අත්හදා බැලීමක් නැත. දිනේෂ් එය නිර්මාණය කරන මොහොත වන විටත් ගීතය නම් වූ ස්ථායි සහ අන්තරා කොටස් වලින් සුසැදි  ජනප්‍රිය ගීයේ ආකෘතිය සහ එයින් ලැබෙන ජනප්‍රියත්වය පිළිබඳව ඔහු නො දැන හිටියා නො වේ. සිංහල ගීතයක් ගායනා කල පමණින්  ජාත්‍යන්තර සංගිත ක්ෂේත්‍රයට අවතීර්ණ විය නො හැකි බව  ඔහු හොඳින් දැන සිටියේය. එහෙත් ඔහුට අවශ්‍ය වූයේ ඒ ජනප්‍රිය මාවතේ යාම නොව ගීතය නම් ජනප්‍රිය සංගීතයෙන්  ඔබ්බහි පුළුල් පරාසයක විහිද ගිය  සංගීත රචනා මගින් විශ්ව සංගිතය සොයා යාමට ය. 
ඒ මොහොතේ Feel my heart වැනි සංගිත රචනා ඇල්බමයක් නො කර  එක රැයින් සංගිත ක්ෂේත්‍රයේ නමක් දිනා ගත හැකි ගීත කීපයක් නිර්මාණය කිරීමට දිනේෂ්ට පුඵුල් ඉඩකඩක් තිබුණි. එහෙත් ඔහු ඒ ජනප්‍රියත්වය පසුපස හඹා නො ගොස් මොසාර්ට්, බීතෝවන්, බාක්, වැනි ශ්‍රේෂ්ඨ සංගිතඥයින්  හඳුන්වා දුන් ශ්‍රේෂ්ඨ සංගිත රචනා කෙරෙහි  අවධානය යොමු කර  Feel my heart  සංගිත රචනා එකතුවට  අත තැබුවේය. ගීතයට යා හාකි දුර ඉතාමත් සිමිත බවත්,  එවැනි ගීතයකින් විශ්ව සංගිතය සොයා ගත නො හැකි  බවත් ඔහුට වැටහී තිබුණි. ඔහු  තුළ තිබූ ඒ පරිණත අවබෝධයත්, අභියෝගාත්මක අපේක්ෂාවත් දිනේෂ්  Feel my heart  සංගිත රචනා එකතුවෙන්  ඉටු කර තිබේ.
එය මෙරට බහුතරයක් වූ සංගිත ලෝලීන්ගේ අවධානයට හෝ විචාරක ඇසට හසු නොවූ නිර්මාණයක් වුවත්, මගේ මතය අනුව නම් Feel my heart සංගිත රචනා එකතුව මෙරට සංගිත‍ ක්ෂේත්‍රයේ නැවුම් සංධිස්ථානයක් බවයි.

කේමදාසයන් සිංහල අවුරුද්ද, වැස්ස, නියඟය, සහ මගේ කාලයේ මවුනි සංධ්වනි සංගිත රචනා අත්හදා බැලූයේ අවස්ථා කිපයක දී පමණි. ඒ අත්හදා බැලිම් අද දැවැන්ත නිර්මාණ සේ  පෙනෙයි. එහෙත් දිනේෂ් කේමදාස මාස්ටර් නතර වූ තැනින් ඔබ්බට ගොස් සංගීත රචනා 18 ක නිර්මාණයන් හි දැවැන්ත අභියෝගය භාර ගෙන ජාත්‍යන්තරව පිළිගත හැකි නිර්මාණ සම්ප්‍රදායන් සමග අනුගත වෙමින් දේශීයත්වයේ සළකුණ විශ්ව සංගිතය තුළ සනිටුහන් කර ඇත. කමත ( Farmer's Sonata) අපේ මිනිසුන්ගේ වෘත්තාන්තය   ( Symphony of Our People ) සිදාදියට ඇසුණු දරු නැළැවිලි ( Unheard Lulluby)  වැනි සංගිත රචනා තුළ ‍ජන සම්ප්‍රදායේ නාද රටා ද රැගෙන දිනේෂ් විශ්ව සංගිතයේ මුද්‍රාව තැබුවේය. මෙහි සහරාවේ නළඟන  ( Dance Of Salomi )  නිර්මාණය තුළ අරාබි සංගිතයේ රිද්මය යුරෝපයට ගෙන යන්නේ දිනේෂ් තුළ තිබූ ඒ විශිෂ්ඨ දක්ෂතාවයයි.

ලංකාවට ප්‍රථම වරට හඳුන්වා දුන් "ඔරටෝරියෝ" ( Oratorio ) සංගිතය :
කේමදාසයන් සිංහල සංගීතයට හඳුනවා දුන්  සංධ්වනි, ඔපෙරා, කැන්ටාටා, සොනාටා, ආදී විශ්ව සංගීත සම්ප්‍රදායන් අතරට ඔරටෝරියෝ සංගීත සම්ප්‍රදාය ලංකාව තුළ අත්හදා බැලිමට කේමදාසයන්ට නො හැකි විය. එහෙත්  දිනේෂ් එය ඉටු කළේය.

දිනේෂ්  A.R. රහමන්ගේ සංගීත ඇකඩමියෙන් ලද අත්දැකිම් ඔස්සේත්, කේමදාසයන්ගේ නිර්මාණවලට දායක වීමමෙන් ලද පරිණත භාවයත් උපයෝගී කර ගෙන   යුරෝපයේ විශිෂ්ඨ සංගීත සම්ප්‍රදායක් වූ ඔරටෝරියෝ සංගීතය ලංකාව තුල අත්හදා බැලීමේ අභියයෝගය ද භාර ගනී. ඒ සත්තරින් ලියැවුණු බුදු සිරිතේ අසිරිය "කරුණා නදී" නිර්මාණය කිරීමෙනි. 

මොකක්ද මේ ඔරටෝරියෝව

ඔරටෝරියොවක් යනු සංගීතයට නැගුණු  ආගමික කතා පුවතකි. එය දැවැන්ත සංගීත රචනා ශෛලියක් වන අතර විශාල වද්‍ය වෘන්දයකින්ද, සමූහ ගායනා කණ්ඩායම්, ඒකල ගායනා විශේෂද, ඔරටෝරියෝ සංගීත සම්ප්‍රදායට ඇතුළත් වේ. එය ඔපෙරාවකින් වෙනස් වන්නේ සුළු වශයෙනි. ඔරටෝරියෝ සංගීතය 16 වන සියවසේ  විසු  බාක්, ජවාල්දි, හැන්ඩ්ල්, වැනි බටහිර ලෝකයේ මහා සංගිතවේදින් විසින් අත්හදා බලන ලද සංගිත සම්ප්‍රදායකි. ඔවුන් එකල ඔරටෝරියෝ සංගිත  නිර්මාණ කළේ  ආගමික කතා වස්තු  සහ තේමාවන් ඇසුරිනි. විශේෂයෙන් ම බයිබලයේ සඳහන් වන කතා පුවත් මෙන් ම යේසුස් වහන්සේගේ  ජීවිතයේ විවිධ අවස්ථාවන් නිරූපණය වන පරිදි දේවස්ථානවල ගීතිකා කණ්ඩායම්වල ගායනා ඇසුරින් එකල  ඔරටෝරියෝ නිර්මාණය කරන ලදි. ඒ අනුව එදා සිට අද දක්වා ම ඔරටෝරියෝ සංගීත නිර්මාණයක් ලොව කොතැනක හෝ බිහිවන්නේ නම් ඒ ආගමික පුවතක් අසුරින් වීම සම්ප්‍රදායක් විය.


"කරුණා නදී" සංයුක්ත තැටියේ ඇතුළත් "දේව ආරාධනාව" සංගීත රචනයේ වීඩියෝව මෙතනින් නැරඹිය හැක.
video

ලංකාවේදී මීට පෙර කේමදාස මාස්ටර් පිරිනිවන් මංගල්ලය බෞද්ධ කැන්ටාටාවද, ධම්ම පදය සංගිත නිර්මාණයද, සංගිත නිර්මාණ තුළින්ආගමික වශයෙන් නිර්මාණය කර තිබුණි. එහෙත් ඔරටෝරියෝ සම්ප්‍රදායෙන්  නිර්මාණය වූ සංගිත නිර්මාණ නො වේ..
මියුරු සරයෙන් ගැලූ කරුණා නදී......
දිනේෂ් සුබසිංහ  අපේ බෞද්ධ මූලාශ්‍ර ඇසුරින් ලංකාවේ ප්‍රථම වතාවට ඔරටෝරියෝවක් නිර්මාණය කරන්නේ  බුදු සිරිත සංගීතයට යොදා ගැනීමේ දී ඇති විය හැකි සියළු අභියෝග මනාව වටහාගෙනය.

දිනේෂ් මෙම "කරුණා නදී"  ඔරටෝරියොව නිර්මාණය කළේ 2600  සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් පසු ගිය වෙසක් මාසයේ දී ය. ඒ  සඳහා බුදු සිරිතේ අසිරිමත් අවස්ථා ගනනාවක් මේ සඳහා ඇසුරු කර ගත්තේය. ගෙවුණු වසර දෙස බලද්දී මේ නිර්මාණයද  වටහා ගත්තේ අතලොස්සක් වූ  සංගිත රසික පිරිසක් පමණි. එහෙත් එහි  අගය අනාගතයේදී අපට දැනෙනු ඇත. 
විශේෂයෙන් ම වෙළඳපොල ආර්ථිකයට ගැලපෙන නිර්මාණ බිහිවන මෙවන් සමයක තමා වෙත එල්ලවන සියළු ආර්ථික පීඩා බිඳ දමමින් "බුදු සිරිත" විශ්ව සංගිතය කරා ගෙන යාමට දිනේෂ් මේ මොහොතේ ද කැපවීම මෙහිදී වැදගත් වේ. මන්ද ඒ තුළ ඇත්තේ ආර්ථික වාසි ලබාගැනීමේ පරමාර්ථය නොව විශ්ව සංගීතය ජය ගැනීමේ අභියෝගයයි. විශේෂයෙන් ම ථෙරවාදී බුදු දහම අදහන ලංකාව තුළ සංගිත රචනාවක්  සඳහා මුලුමනින් ම පළමු වරට  "බුදු සිරිත" අසුරු කර ගැනිම අභියෝගයක් වූවා නිසැක ය.
" කරුණා නදී" සංගීත රචනා අතර අසිරිමත් බුදු සිරිතේ  " දේව ආරධනාව, ලුම්බිණි සල් උයන, (සිදුහත් උපත), සතර පෙර නිමිති, ලොව්තුරා බුද්ධත්වය, යශෝදරා, විශාලා මහනුවර තුන්බිය, දෙව්දත්, මහා පරිනිර්වාණය ඇතුළු ඔරටෝරියෝ සංගිත නිර්මාණ රැසක් වේ.
“ලුම්බිණි සල් උයන” නැමති මෙහි හමුවන සංගිත නිර්මාණයේ දී, ඒ අසිරිමත් මොහොත සිහි ගන්වන පරිසරයේ සහ ‍සොබාදහමේ වෙනස් වීමද,  මිනිසුන් තුළ දහසක් ප්‍රාර්ථනා දැල්වීම, සත්වයා සසර දුකින් මිදීමේ බාලාපොරොත්තව වැනි තේමාවන් සංගීතයේ යටි පෙළ අරුත කුළු ගැන්වෙන සේ  මේ නිර්මාණය කර ඇත.  
“ලොව්තුරා බුද්ධත්වය” නිර්මාණායේදී  මාර පරාජය, අසනිවැසි වැටීම, ලෝ ධාතුව කම්පා වීම,  අලුයම නැගෙන හිරු සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වීම  යන අසිරිමත් සිදුවීම් මේ සඳහා දිනේෂ්ගේ සංගිතයට තේමා වි ඇත. ජන නාද රටාවන්ගේත් බෙර දවුල් හේවිස් තම්මැට්ටම් වැනි සංගිත භාන්ඩයන්ගේ නාදයත් පසතුරු සංගිත භාණ්ඩ වලින් නැගෙන නාදයත් මිනිස් සිතුවිලි උද්දාමයෙන් පිරුණු අයුරු සිහිගන්වයි. 

 “ලොව්තුරා බුද්ධත්වය” ඔරටෝරියෝව මෙතනින් අහන්න කාලය විනාඩි 10.47

දිනේෂ් නිර්මාණය කළ බුදු සිරිත ඔරටෝරියෝවේ  මේ සියළු නිර්මාණයක්ම විඳීමේදී  වැටහෙන්නේ මේ අසිරිමත් සිදුවීම් දෙස නිවී පහන් වූ සිතකින්  බලා සිටින සර්ධාවෙන් පිරිපුන් මිනිසකුගේ සිතම ය. ඒ සංගිතයේ වෙසෙන්නේ බුදුන් වහන්සේ සරණ ගිය  ලාංකික බුද්ධ ශ්‍රාවකයෙකි. සිත නිවා පහන් කර ගත් උවැසි තැනැත්තෙකි.
මේ නිර්මාණ සියල්ල සංගීතයට කැටි කර ගැනිමේදී පිරිත් ස්වරයේ ශාන්තිය ද, සාදු කාරය ද, ඇතැම් තැනක රතන සූත්‍රය ඇතුළු සෙත් පිරිත් සජ්ගායනාවල කොටස්ද සංගීතයට  ඈතින් ශ්‍රාවකයාට දැනෙන සේ  නිර්මාණය කර ඇත. 

දිනේෂ් මේ ඔරටෝරියෝ නිර්මාණය සඳහා ටිබෙට් සංගීත සම්ප්‍රදාය, චීන සංගීත සම්ප්‍රදාය, මෙන්ම ජපන් සංගීත ආභාෂයත් බටහිර සංගීත සම්ප්‍රදායන්හි ඔපෙරා සහ සොනාටා  ආභාෂයත්, භාවිතා කරන අතරම ඉන්දියානු රාගධාරී සංගීත සම්ප්‍රදායද, දේශීය ජන සංගීතයේ නාද රටා ඇතුළු විවිධ සංගීත ශෛලීන්  රැසක් යොදා ගනී. දේශීය සංගීතය යොදා ගැනීමේ දී බෙර, දවුල්, හේවිසි, තම්මැට්ටම් වැනි සංගිත භාණ්ඩවල නාද රටාද, සිය නිර්මාණ තුළට දායක කරගෙන ඇත. මෙහි ගායනා  සඳහා අවම වචන භාවිතයත්, ඇතැම් පාලි ගාථා සහ පාඨයන්ද, පිරිත් සජ්ගායනාවල  විවිධ කොටස්ද උපයෝගි කර ගෙන තිබේ. මීට අමතරව විශ්ව සංගිත මුල්කරගෙන ඔරටෝරියෝවක ආකාරයෙන් නිර්මාණය කළ දන්නෝ බුදුන්ගේ ගීයද මෙහි ඇතුළත් විශේෂ නිර්මාණයකි.

 ඔරටෝරියෝවක ආකාරයෙන් නිර්මාණය කළ දන්නෝ බුදුන්ගේ ගීය මෙතනින් අහන්න
දිනේෂ්  "කරුණා නදී" සංගිත රචනා නිර්මාණය කිරීමේදී දේශීය ශිල්පීන්ට අමතරව විදේශීය සුප්‍රසිද්ධ වාදකයන් වන ජෝන් ඇනිතනී, එලිද් මාර්ටින්. ජෝන් ෆිලිප්ස්, ආදී ලොව සුපතල වාද්‍ය ශිල්පින් මෙන්ම A.R. රහමන්ගේ සංගිත ඇකඩමියේ සිටින වාද්‍ය ශිල්පින්ද සහභාගී කරගෙන සිය නිර්මාණය ඉතාමත් විශිෂ්ඨ නිර්මාණයක් බවට පත් කරගෙන ඇත. ඒ අනුව මෙය මනස සුවපත් කර ගැනීම පිණිස නිර්මාණය වූ විශිෂ්ඨ සංගිතමය නිර්මාණයක් වශයෙන් හැඳින්විය හැකි ය.
දිනේෂ් සුබසිංහගේ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට
 කෙසේ වුවත් දිනේෂ් පිළිබඳව ලියැවුණ මෙම සටහන අවසන් කිරිමට පෙර මා මුලින් සඳහන් කළ සංගිත නිර්මාණවලට අමතරව ඔහුගේ වෙනත් නිර්මාන කටයුතු පිලිබඳවද කෙටියෙන් සිහිපත් කරමි.
දිනේෂ්  දේශිය වශයෙන් නිර්මාණ රැසකට දායක වී තිබේ. දිනේෂ්ගේ ඒ නිර්මාණ අතර  රූපවාහිනී සංගිත වැඩසටහන් 06 ක්වාර්තා වැඩසටහන් 11 ක්ද,  ඔහුගේ සංගීත දිවියේ නිර්මාණ අතර වේ.  මීට අමතරව ටෙලි වෘත්තාන්ත 27 ක ද, ඒකාංගික ටෙලි නාට්‍ය 07 කද ටෙලි චිත්‍රපට 03 කද  පසුබිම් සංගිත නිර්මාණයෙන් දායක වී තිබේ.  සංගිත නිර්මාණ ශිල්පියෙකුගේ  ගමන් මගෙහි විශිෂ්ඨ නිර්මාණ අතරට මේ වසර තුළ දී තිරගතවීමට නියමිත දිනේෂ් පසුබිම් සංගීතය  නිර්මාණය කළ තවමත් තිර ගත නොවූ චිත්‍රපට 07 කි.  ඒ අතර උයනට මල්  ගේන්න,  සිහිනය දිගේ එන්න, පරාවර්තන, පරපුර, කල්පාන්ත සිහිනයක් ආදී විත්‍රපට වල සංගීතය ගැන මතු දවසක තව දුරටත් ඔහු පිළිබඳව කතා කළ හැකි ඔහුගේ නිර්මාණ වනු ඇත.  මීට අමතරව ඉන්දීය සම නිෂ්පාදයක් වූ "ශ්‍රී සිද්ධාර්ථ"  චිත්‍රපටයද "රාවන්ගේ පුත්තු" දිනේෂ්ගේ සංගිත නිර්මාණ පිලිබඳ තවදුරටත් බොහෝ බලාපොරොත්තු තැබිය හැකි චිත්‍රපට වේ. 
ජෑස් සංගීතය ඇසුරින් දිනේෂ්ගේ  පළමු අත්හදා බැලීම "ඒ කාලේ"
දිනේෂ් මේ  සියලු සංගීත කටයුතු වලට අමතරව ගායන ශිල්පියෙකු ලෙස ජෑස් සංගිතය ඇසුරින් ගීයක් නිර්මාණය කර මෑතක දී දුමාල් වර්ණකුලසූරිය සමග ගැයුවේය. “ඒකාලේ” නම් වූ ඒ ගීය නම් මේ යුගයේ ඉතාමත් ජනප්‍රිය වූ ගීයකි. ඒ අනුව ඔහු ගායන ශිල්පියෙකු වශයෙන්ද පියවරක් තබා ඇත. ඒ ඔහුගේ ගායන හැකියාව අනාගතයේදි රසිකයන් විසින් තහවුරු කරනු ඇත.
කෙසේ වුවද දිනේෂ් සුබසිංහ ලාංකේය සංගීතයේ අනාගත බලාපොරොත්තුවක් අප ඉදිරියේ තබා ඇත.  දිනේෂ්ගේ සංගිතමය චින්තනය  විශ්ව සංගිතය පිළිබඳ සුබ නිමිත්තකි. ඔහු කැපව සිටින්නේ ඒ වෙනුවෙනි. "යානිගේ" සංගිත කොන්සර්ට් පිළිබඳව ලෝකයම උනන්දුවෙන් බලා සිටින මෙකල දිනේෂ් සුබ සිංහගෙන්  එවැනි සංගිතමය අත්දැකිමක් විඳගන්නට ඉඩක් ලද හොත් එය අපේද වාසනාවකි. ෴


මෙහි ඇතුළත් දිනේෂ් සුබසිංහගේ ඡායාරූප ඔහුගේ Facebook ඡායාරූප එකතුවෙන් ලබාගත් ඒවා බව සැළකුව මැනැවි.

ඔබේ සිත ඇඳි සිතුවිලි මෙහි ලිය තබන්න. ඔබේ පැමිණීම මහත් සතුටක් ස්තුතියි.

32 comments:

  1. සංගීතඥයකුගේ අපරිමිත උත්සාහයට හොඳම පැසසුමක් ඔබගේ පෝස්ටුවේ තිබෙනවා..
    සංගීත ඛන්ඩ ටික නම් නිදහසේ අහන්න ඕන..

    දිනේශ්ගේ සංගීත නිමැවුම් එළියට එනතුරු බලා සිටිමි..

    ස්තුතියි

    ඊළඟ පෝස්ටුව ඔබේ ගීතයක් ගැන නේද?

    ReplyDelete
    Replies
    1. රූ....
      දිනේෂ් ගැන මට හදවතින්ම දැනුනු දේ ලිව්වා. කේමදාස මාස්ටර්ගේ නිර්මාණවලට දැඩි ඇල්මක් දැක්වූ මට ඔහුගෙන් පස්සෙ හමුවන විප්ලවකාරී සංගිතවේදියා දිනේෂ්.. ඒ නිසා දැන් දිනේෂ්ගෙ නිර්මානවලට හිත යොමුවෙලා. ඔහු අලුත් දෙයක් ජාත්‍යන්නතරයට දැනෙන්න කරාවි. මමත් දිනේෂ්ට සුබ පතනවා. ඒ ගමන යන්න.

      ආ.. මම වෙසක් සතිය සදහා පෝස්ට් දෙකක් ලියල තියෙන්නේ. ඒ දෙක දැම්මට පස්සේ ඒ ඉල්ලීම ඉටු කරන්නම්.

      රූ..ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් දිනේෂගේ මේ නිර්මාණ පිළිබඳ කතා කරන්න වැය කළාට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  2. ශා...පට්ටම පෝස්ට් එක. මන් හිතන්නේ ලංකාවෙ මෙතෙක් කිසිම මාධ්‍යයකවත් දිනේෂ් ගැන මේ තරම් කථා කරල නැතුව ඇති. නියමයි රත්නෙ අයියා. ඇත්තටම දිනේෂ් වගේ දුර්ලබ වස්තුවක් එලියට දාපු එකනම් සුපිරි. ඔයා දාල තිබ්බ සංගීත ඛන්ඩ ටික තමා මම නිතරම මේ දවස්වල අහන්නේ. කොච්චර ඇවත් එපා වෙන්නෙ නෑ. ඔයාට ගොඩක් ස්තූතියි මේවා අපිට දුන්නට. දිනේෂ්ටත් සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. මලී..

      ඇත්තටම මලීට මම මේත හොඳට ලිව්ව කියල දැනුනම් ඒ මගේත් සතුටට කාරනයක්. දිනේෂ්ගේ නිර්මාණ ටිකත් රස විඳිනව කියල කියනකොට ඒ සතුට ඇර වෙනත් සතුටක් කොහේද?
      මටත් වුවමනා වුනේ අපි විදින මේ ගීයෙන් එහා සංගිතය සොයායන කෙනෙක් හඳුන්වලා දෙන්න.

      මලී.. දහසකුත් එකක් වැඩ මැද්දේ ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් දිනේෂ්ගේ මේ නිර්මාණ පිළිබඳ කතා කරන්න කෙටි කාලක් වැය කළාට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  3. දිනේෂ් සුබසිංහ ගැන අයියගෙ දෙවනි ලිපියත් ආසාවෙන් කියෙව්වා.. මේ ලිපියේ තියන ස්0ගීත ඛණ්ඩත් ඉතාම ළගන්නා සුළුයී..ගොඩක් ස්තූතියි හරවත් රසවත් දෑ හැමදාමත් අපට ලබා දෙනවාට

    ReplyDelete
    Replies
    1. තොටියා..

      සහෝ...දිනේෂ්ගේ නිර්මාණ ටිකත් රස වින්දා කියල කියනකොට ඒ සතුට හොඳටම දැනෙනවා.
      මටත් වුවමනා වුනේ අපි විදින මේ ගීයෙන් එහා සංගිතය සොයායන කෙනෙක් හඳුන්වලා දෙන්න.

      දහසකුත් එකක් වැඩ මැද්දේ ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් දිනේෂ්ගේ මේ නිර්මාණ පිළිබඳ කතා කරන්න කෙටි කාලක් වැය කළාට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  4. අපේ කාලයේ විශිෂ්ඨ සංගීතඥයෙක්.. දිනේෂ් නම් අති දක්ෂයෙක් බවයි පේන්නෙ..

    ඒ විස්තර සිංහල බ්ලොග් කියවන්නන් වෙනුවෙන් මෙලෙස ගොනුකළ ඔබට මාගේ ප්‍රණාමය..

    මම මුලින්ම දැක්කෙ කරුණා නිදි වගේ..

    ReplyDelete
    Replies
    1. හරී..
      ඇත්තටම ඔහු අපේ කාලයේ විශිෂ්ඨයෙක්. අලුත් දැක්මක් සහ අලුත් මානයක් සොයන සංගිතඥයෙක්. අඩුම තරමින් බ්ලොග් කියවන අප අතර හෝ ඔහු පිලිබඳ කතිකාවක් ගොඩ නැගුන‍ා නම් සතුටක්. මගේ අපේක්ෂාව වුනෙත් එයයි.

      මටත් වුවමනා වුනේ අපි විදින මේ ගීයෙන් එහා සංගිතය සොයායන කෙනෙක් හඳුන්වලා දෙන්න.

      හරී.. දහසකුත් එකක් වැඩ මැද්දේ ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් දිනේෂ්ගේ මේ නිර්මාණ පිළිබඳ කතා කරන්න කෙටි කාලක් වැය කළාට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  5. අර වීඩියෝ ටිකත් හිමිහිට අහලා බලන්න ඕනා.
    අපේ කාලයේ සංගීතඥයෙක් ගැන අහන්නත් සතුටුයි.
    නැත්නම් අහන්න ලබෙන්නේ කොත්තුරොටි සංගීතය නේ.

    ReplyDelete
    Replies
    1. මධුරංග

      නිදහසේ මේ සංගිත ඛණ්ඩ ටික අහලම බලන්න ඒ විතක් නෙවේ මෙහි ඇති "සංධ්වනි" වාදක මණ්ඩලයක් වාදනය කරන " දන්නෝ බුදුන්ගේ" ගී අනුවාදන අහන්න. එවිට ඔබටත් දැනේවි ගිතය සහ සංගිතය කියන දෙක අතර විශාල වෙනසක්.

      මධුරංග දහසකුත් එකක් වැඩ මැද්දේ ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් දිනේෂ්ගේ මේ නිර්මාණ පිළිබඳ කතා කරන්න කෙටි කාලක් වැය කළාට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  6. ඔපෙරා ගැන අහල තිබුනත් ඔරටෝරියෝ ගැන ඇහුවේ මුල්ම වතාවට.අපේ කම ජාත්‍යන්තරයට ගෙනියන්න ඔහුට ශක්තිය ලැබේවා කියල පතනවා!

    ReplyDelete
    Replies
    1. නුවන්..

      මමත් ඔරටෝරියෝ ගැන එුලින්ම ඇහුවේ මේ කරුණා නදී ඇල්බමයෙන්. මේ පොස්ට් එක ලියන්න කරුණු මුලුමනින්ම හොයාගත්තෙ අන්තර් ජාලයෙන්. ලංකාවෙ සංගිතය තුළ
      ඔරටෝරියෝ ගැන මෙතෙක් කිසිවක් ලියැවිලා නැහැ.

      නුවන් දහසකුත් එකක් වැඩ මැද්දේ ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් දිනේෂ්ගේ මේ නිර්මාණ පිළිබඳ කතා කරන්න කෙටි කාලක් වැය කළාට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  7. ඔන්න දෙවැනි කොටසත් කියෙව්වා... ගොඩාක්ම ස්තුතියි...

    දිනේෂ විසින් නිර්මාණය කරන ලද නිර්මාණ අන්තර්ජාලයේ හොයාගන්න පුළුවන් ද ? ඇත්තටම ඒවා ෆෝන් එකට, ප්ලේයර් එකට දාගෙන නිතර අහන්න වටින ඒවා... සංගීතය කියන භාෂාව අඳුනගන්න පුළුවන් මේ වගේ නිර්මාණ වලින් තමයි... ආයෙමත් ස්තුතියි මේ සටහනට

    දිනේෂ් ! ඔබට ජය !!!

    ReplyDelete
    Replies
    1. චතුරංග..

      මට මුලින්ම දිනේෂ්ගේ නිර්මාණ අන්තර් ජාලයේ තියෙන තැන් ලියන්න අමතක වුණා. දිනේෂ් ගැන බොහොම තොරතුරු අන්තර් ජාලයෙන් හොයාගන්න පුළුවන්. දිනේෂ්ගේ නම ටයිප් කර සර්ච් කරන්න. යූ ටියුබ් එකේ ගොඩක් තියෙනවා.

      පහලින් පැතුම් හර්ෂණ ලියල තියෙන විස්තරය හරියටම හරි.
      චතුරංග.. දහසකුත් එකක් වැඩ මැද්දේ ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් දිනේෂ්ගේ මේ නිර්මාණ පිළිබඳ කතා කරන්න කෙටි කාලක් වැය කළාට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  8. දිනේෂ්ගේ කරුණා නදී ඇල්බමය මම කාලයක් තිස්සෙ පෙරුම් පුරලා හොයා ගෙන, දැන් දිගට හරහට අහනවා. මේ වගේම දර්ශන රුවන් දිසානායකගෙ නිර්මාණ ගැනත් ලියන්න දවසක. විශේෂයෙන්ම ඔහුගේ කැන්ටාටාව ගැන. ඒක මට තාම අහන්න ලැබුනේ නෑ.

    @Chathuranga Perera
    මෙතනින් දිනේෂ්ගෙ myspace අඩවියටත්, මෙතනින් ඔහුගේ soundcloud චැනල් එකටත් යන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි පැතුම් සහෝ !!! ජයවේවා !!!

      Delete
    2. පැතුම් හර්ෂණ
      දිනේෂ්ගේ නිර්මාණ ටිකත් රස විඳිනව කියල කියනකොට ඒ සතුට ඇර වෙනත් සතුටක් කොහේද?
      දර්ශන රුවන් දිසානායක කැන්ටාටාවක් කළ බව මම තවම දන්නෙ නැහැ පුළුවන්නම් ඒ පිළිබඳ විස්තරයක් දෙන්න.
      ඒත් දර්ශන අමරසිරි පිරිස් එක්ක කළ "ගඟ ගලා යාදෙන්" නිර්මාණ එකතුවනම් තියෙනවා.ඒ ඇර වෙනත් කැන්නටාටාවක් ගැන දන්නේ නෑ.

      පැතුම්.. දහසකුත් එකක් වැඩ මැද්දේ ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් දිනේෂ්ගේ මේ නිර්මාණ පිළිබඳ කතා කරන්න කෙටි කාලක් වැය කළාට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
    3. ගඟ ගලා යාදෙන් ගැන නෙමෙයි මම කිව්වෙ.

      මේ ගැන මමත් වැඩි විස්තරයක් දන්නෙ නෑ. මාස කීපයකට කලින් ඉරිදා පුවත්පතක තියෙනවා දැක්කා.

      Delete
  9. අද තමයි මම ඔරටෙරියෝ ගැන ඇහුවේ. අපි නොදන්නා දේවල් කොයි තරම් තියනවද? ඛේමදාස මාස්ටර්ගෙන් හිස් වුනු තැන පුරවන්න කවදාහරි මෙහෙම කෙනෙක් එනවනම් කොයි තරම් දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. සයුරි..

      අත්තටම දිනේෂ් කවද හරි කේමදාස මාස්ටර් වගේම ලොකු වැඩක් ලංකාවෙ ඇතුළත කරාවි. මමත් ඔරටෝරියෝ ගැන මුලින්ම ඇහුවෙ දිනේෂ්ගේ මේ කරුණා නදියෙන් තමයි. ඔරටෝරියෝ ගැන ලංකාවෙ කිසිම විස්තරයක් සඳහන් වෙන්නෙ නෑ.
      ඒ මම ලියපු තොරතුරු සියල්ලම අන්තර් ජාලයෙන් සොයාගත්ත කියවපු දේවල්.

      සයුරී.. දහසකුත් එකක් වැඩ මැද්දේ ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් දිනේෂ්ගේ මේ නිර්මාණ පිළිබඳ කතා කරන්න කෙටි කාලක් වැය කළාට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  10. අදත් නොදත් විස්තර ගොඩක් දැන ගත්තා...

    ReplyDelete
    Replies
    1. දිනේෂ්..

      ස්තුතියි. නිවාඩුවේ මෙහි "දන්නෝ බුදුන්ගේ" අනුවාදනය අහල බලන්න කොයිතරම් ලස්සනද කියලා.
      දිනේෂ්.. දහසකුත් එකක් වැඩ මැද්දේ ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් දිනේෂ්ගේ මේ නිර්මාණ පිළිබඳ කතා කරන්න කෙටි කාලක් වැය කළාට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  11. කවදාවත් නොඇසූ වෙනස්ම විදියේ සංගීතයක් අහන්න ලැබුනේ මේ ළිපි දෙක නිසා ගොඩාක් ස්තුතියි අපිව දැනුවත් කලාට.

    ReplyDelete
  12. අසරණයා...
    මමත් ඔරටෝරියෝ ගැන මුලින්ම ඇහුවෙ දිනේෂ්ගේ මේ කරුණා නදියෙන් ඒ වන තුරුත් මේ ගැන කිසිවක් දැන හිටියේ නැහැ. ඇහුවට පස්සේ හිතුණ‍ා සංගිතය කියන්නේ විශ්ව භාෂාවක් කියන එක සත්‍යයයි කියලා.

    දහසකුත් එකක් වැඩ මැද්දේ ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් දිනේෂ්ගේ මේ නිර්මාණ පිළිබඳ කතා කරන්න කෙටි කාලක් වැය කළාට බෙහෙවින්ම ස්තූතියි.

    ReplyDelete
  13. ඔබේ සංගීත දැනුම ඉතා ඉහළයි. මම වගේ අය දන්නෙ රස විඳින්න විතරයි.
    කොහොම වුණත් ‍මේ ඔර‍ටෝරියෝ සංගීත කලාවත් විශිෂ්ඨයි කියන එක දිනේෂ් ඔප්පු කරල තියෙනව. ‍‍‍බොහෝ කාලෙකින් අසන්න ලැබුණු හොඳම සංගීත ඛණ්ඩ කිහිපයක්. "ලොවුතුරා බුද්ධත්වය" අගනා නිර්මාණයක් කියල මට දැනෙනව.
    ටෙලි නාට්‍ය නැරඹීමක් නැති නිසා ඔහු එතරම් ටෙලි නාට්‍ය ප්‍රමාණයකට දායක වුණත් ඔහු ගැන දැන සිටියෙ නෑ. කොහොම වුණත් ඊට වඩා චිත්‍රපට ක්ෂේත්‍රයෙන් ඔහු යම් දෙයක් කරයි කියල හිතන්න පුඵවන්. ඕනෑවට වඩා ටෙලි නාට්‍ය වලට සම්බන්ධ නොවී සිටීමත් හොඳ සංගීතවේදියෙක්ට යහපතක්වෙයි කියල මටනම් හිතෙනව.
    කොහොම වුණත් නව පරපුර ගැන ඔබ කතා කරන බව සඳහන් කල මුල් අවස්ථාවේම මා තුළ තිබූ දැඩි විවේචනයට මේ හඳුන්වා දීම නිසි ප්‍රතිචාර දක්වා තියෙනව. පුංචි අවකාශයකට සීමා වෙන බ්ලොග්කරණය තුළට වඩා ඔහුට නිසි තැන ලැබිය යුත්තේ දැවන්ත මාධ්‍ය වලිනි. ඒත් ඒවා තුළ පුහු දේවල් වලට විතරක් ඉඩ ඇති කලෙක ඔබේ පුංචි අවකාශය තුළ හෝ හෙට දවස හිමි නවකයෙක් වෙනුවෙන් වෙන් කිරීම සුවිසල් සද්භාවයක්.

    ReplyDelete
    Replies
    1. @...Outsider

      හැමදාමත් වගේ ඔබේ විවවේචනාත්මක අදහසට මම අදත් හදවතින්ම කැමතියි. මොකද මේ වැනි අදහස් තුළින් හොඳ බලාපොරොත්තුවක් දැල්විය හැකි නිසා.

      සහෝ.. ඇත්තටම මට සංගිතය පිලිබඳ දැනුමක් නම් නැහැ. ඒත් හොඳසිගිත රසවිඳීමේ හැකියාවක් සහ ආශාවක් නම් තියෙනවා. ඒ හැරුනු විට මමත් ඔබ වැනිම සංගිත රසිකයෙක්.

      මමත් ඔබ වගේම ටෙලිනාට්‍ය නරඹීමක් නැහැ ඒනිසාම තමයි ඒගැන කිසිවක් නොලියා. සංක්‍යාත්මක විග්‍රහයක් කලේ. මටත් හිතෙනව දිනේෂ් වගේ පිරිපුන් හැකියාවක් ඇති අයෙක් ඕනෑවට වඩා ටෙලි නාට්‍ය සංගිතය කෙරෙහි යොමු නොවෙනව නම් හොඳයි කියල. විශේෂයෙන්ම ඔහුගේ හැකියාවට එය යහපතක් වේවි.මට අමතක වූ ඒ ටික ඔබේ සටහනෙන් සම්පුර්ණ වුණා.

      ඇත්තටම තව ටිකක් ඉදිරියේදි අපි නව පරපුර ගැන විවවේචනාත්මකව කතා කරමු. විශේෂයෙන් ජනප්‍රිය කලාව සහ සංගිතය හරහා.

      දහසකුත් එකක් වැඩ මැද්දේ ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් දිනේෂ්ගේ මේ නිර්මාණ පිළිබඳ කතා කරන්න කෙටි කාලක් වැය කළාට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  14. සංගිතය ගැන දන්නේ මොනවාද කියලා හිතුණා...
    ඔරටෝරියෝ විශ්ව සංගිත කලාව කොයි තරම් අපුරුද....ඔබ තුමාට ඇත්තටම බොහොම පින්. එකක් මෙවැනි අපේ කාලයේ තරුණයක් සමාජයට හදන්වා දීම. ඒවගේම සංගිතය ගැන මෙලෝ හසරක් නොදන්නා අපිව දැනුවත් කිරිම..

    මෙම ලිපිය පල කරපු දවසෙම කියෙවුවා. සටහනක් දැම්මෙ තව කිහිප විටක්ම කියවලා..ඒ තරම් අපුරු වටිනා ලිපියක්...බොහොම ස්තුතියි ඔබ තුමාට...

    ReplyDelete
    Replies
    1. දිනිති...

      ඇත්තටම මට සංගිතය පිලිබඳ දැනුමක් නම් නැහැ. ඒත් හොඳ ගීත රසවිඳීමේ හැකියාවක් සහ ආශාවක් නම් තියෙනවා. ඒ හැරුනු විට මමත් ඔබ වැනිම සංගිත රසිකයෙක්.
      මොනවා වුනත් අපේ කාලයේ දිනේෂ් වැනි දක්ෂයෙක් හඳුන්වා දීමට ලැබිම ගැන සතුටුයි.

      මමත් එබ වැනිම බ්ලොග් අවකාශයේ රසිකයෙක් ඒ නිසා "ඔබතුමා " කියල නොකියනව නම් සතුටුයි. මොකද අපි ඔබතුමා කියල කියන දියවන්නාවෙ ඉන්න මිනිස්සු මේ රටේ ඉන්න කපටි පිරිසක්

      Delete
    2. ම්... එහෙමනම් මම අයියා කියලා කියන්නම්කො.....දියවන්නාවෙ කපටි භාෂාවට වඩා බ්ලොග් අවකාශයේ අපේ සහෝදරත්ව බැදීම වටින නිසා.....

      Delete
  15. ඔරටෝරියෝවක් කියන්නේ මොකක්ද කියලා මෙච්චර කල් දැනං හිටියේ නෑ... ගොඩක් වටිනා ලිපියක්... ඇතුලත් කර ඇති ගීත සියල්ලම ඇහුවා... අමුතුම රසයක්....

    ReplyDelete
  16. අනූ..

    අපි සිංදු ඇහුවට සංගිතය කොයිතරම් පුළුල් පරාසයක විහිදෙනවද කියල හිතෙනකොටත් පුදුම හිතෙනවා. මාත් මේ දේවල් හොයාගත්තෙ අන්තර්ජාලයෙන්.

    දහසකුත් එකක් වැඩ මැද්දේ ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් දිනේෂ්ගේ මේ නිර්මාණ පිළිබඳ කතා කරන්න කෙටි කාලක් වැය කළාට බෙහෙවින්ම ස්තූතියි.

    ReplyDelete
  17. DRC members හි සාමාජිකයෙක් ලෙස දිනේෂ් හඳුනාගත්තා මතකයි. ඒ කණ්ඩායම දැන් නැද්ද ?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...