෴ පූජ්‍ය රඹුකන
සිද්ධාර්ථ හිමියන්ගේ වෙසක් සිතුවිලි ෴
සම්බුදු
තෙමගුල වෙනුවෙන් රටම සූදාවනම් වන සතියක හැම
තැනම දකින්න ලැබෙන්නෙ වෙසක් සැරසිලි. ඒවගේම තොරණ, පහන් කූඩු ඉදිවන ආකාරය. අනෙක් අතට සියළුම විද්‍යුත් මාධ්‍ය
නාලිකා වලින් සම්බුදු ගුණ ගායන් ඇතුළත් වෙසක් බැති ගී ප්‍රචාරය වෙන්නත් පටන් අරන්.
වෙසක් බැති ගි
කිව්වාම මතක් වෙන්නෙ සම්බුදු ගුණ ගිත. අපේ ප්‍රවීන ශිල්පින්ගෙ පැරණි බුදු ගුණ ගිත
අයෙමත් ඇහෙන කාලය. එහෙම වුණත් බුදු ගුණ ගිත කලාව වෙනස් මගකට යොමු වුනේ පූජ්‍ය
රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ බුදුගුණ ගී නිසා. ඒත් අද මම අස්වැන්න තුළින්
උන්වහන්සේගේ බුදු ගුණ ගීත ගැන ලියන්න යන්නෙ නැහැ.
ඒත් පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් ගිත ලියන්න පටන් ගත්ත මුල් කාලෙ ඉඳ හිටල උන්වහන්සේ කවිත් ලිව්ව. පූජ්‍ය රඹුකන
සිද්ධාර්ථ හිමියන් එහෙම වෙසක් ගැන ලියපු පැරණි කවි පන්තියක් මගේ පොතක තිබිලා හමුවුණා.
ඉතින් මට හිතුන මේ කවි පන්තිය බොහොම රසවත් නිසා එය කියවන්න ඔබටත් අවස්ථාවක් උදා කර
දෙන්න.මේ කවි පන්තිය මට හිතෙන හැටියට වසර විසි පහක් තිහක් විතර පැරණියි. දළ වශයෙන් මේ කවි 1987 - 88 වසරවල ලියැවුණ නවි කියලා හිතන්න පුළුවන්.
ඒ වුනත් කවි වල රසය
නම් අඩුවක් නැහැ. මේ කවි ටික කියෙව්වාම මට හිතුනෙ උන්වහන්සේ ඉඳහිටල කවිත් ලිව්ව
නම් කොයි තරම් හොඳද කියල. මේ වගේ කවි ලිව්ව ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන්ගෙ
කවි වගේම මේ කවි ටකත් මිනිසුන්ට දැනෙන්නම ලියල තියෙනවා.
මේ සමහර කවි අද
කාලයට නො ගැලපුනත් එහි කවි රසය අඩුවක් නොවන නිසාත්, එවැනි සංස්කරණයක් කිරීම
නුසුදුසු නිසාත් මම ඒ කවි ඒ අකාරයෙන්ම මෙහි සටහන් කරනවා. මේ කවි හරියටම වෙසක් සුබ
පැතුම් පත්වල ලියල තියෙන කවි වගේම සරල කවි ආකෘතියකින් ලියල තියෙන්නෙ. අවශ්‍ය නම්
කෙනෙකුට මේ කවි උපුටා ගෙන සුබ පැතුම් යවන්නත් ඔබට පුළුවන්. එහෙනම් මෙන්න ඒ කවි ටික
කියවලම බලන්න කියලා ඔබට ඇරයුම් කරනවා.
![]() |
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ |
෴ පන්සලේ කවි ෴
සිල් ඇත්තෝ සිල්
අරගෙන පේලියට
සන්සුන් ගමන් යන කල
එක තාලයට
ඒ ලෙස රටම
සංවර කර සාමයට
මඟ හෙළි කරනු බරි
ඇයි අද ලෝකයට
පෙරදිග අහසෙ පායන
සඳ බලාගෙන
ලොව්තුරු බුදුන්
වෙත වන මල් නෙළාගෙන
ගොස් බුදු
පුදට සිරිපා මුල
වැටීගෙන
සාමය පතමු
මුලු ලොවටම සදාතන
මේ මල්
වෙසක් පුන් පෝදා
අපි එකට
එක බණ
මඩුවෙ සිල් අරගෙන
යස රුවට
වාද බේද
අත හැරදා පෙර ලෙසට
සාමය සොයමු බුදු බණ
පොත ගෙන පෙරට
එක පැදුරේ
එකට ඉඳගෙන මුළු රටම
බත් කන
දිනක් යළි ඒ විද
සිතමි මම
ඒ වගෙ
දිනක් ආ දවසට
අසම සම
බුදු හිමියනේ
යළි පා යුග
වඳිමි මම
මියගිය පුතුන්
වෙනුවෙන් දුක් කඳුළු
බොන
අම්මාවරුන් ඇත
සිරිලක සියළු තැන
ඒ දූ
පුතුන් හට පින්
දී පොහොය දින
යළි මේ
බිමේ උපදින්නට පතනු
මැන
සාමය උදා
වන තුරු මගෙ මව් බිමට
මේ ලෙස
හැලේ ලේ ගංගාවක් ලෙසට
නෑ සැනසුමක්
අත් වන්නේ රටට
සාමය පතා
එක්වව් මිනිසුනි එකට
අසරණ රටක
අපි අසරණ නොවී
ඉමූ
හෙණ ගෙඩි
වුණත් අපි උරදී
ඉවත ලමූ
නැති බැරි
කමට එරෙහිව අපි
පෙරට එමූ
ඒ මෙහෙවරට
ජාතිය එක ගොඩට ගමූ
අකුරට ගොසින්
එන මග වෙඩි
නැගෙනු එපා
මල් වැනි
ළමා ජීවිත තටු
සිඳිනු එපා
කුසගිනි රැඳුණු
ගම් මැද ගී
කියනු එපා
වෙසක් පැතුම
එය වේ එය බිඳිනු එපා
මෙහි ඉහත දැක්වෙන "සිරසා නමාමි" ඡායාරූපය "සිරස " මාධ්‍ය ජාලය විසින් නිකුත් කළ වෙසක් සුබ පැතුමි පතකින් උපුටා ගන්නා ලදි.
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ මේ කවි ගැන ඔබට හිතෙන දේ මෙහි ලියලම යන්න
රඹුක්කන සිද්ධාර්ථ හිමියන් රචිත ගීත වලට මමත් ගොඩක් කැමතියි.. මේ කවු පෙල නම් කලින් කියවලා තිබුනේ නෑ.. මෙය අපිත් එක්ක බෙදා ගැනිම ගැන ඔබට ගොඩක් පිං..
ReplyDeleteදිනේෂ්..
Deleteරඹුකන සිද්ධාර්ථ හිමියන් කිවි ලියල තියෙන්නේ මුල් අවදියේ. හැබැයි ඒ කවි හරිම ලස්සනයි. සරලයි. මහින්ද හාමුදුරුවන්ගේ කවි වගේ.
ස්තුතියි ඔබේ අගනා කාලයයෙන් බිඳක් අස්වැන්නටත් වෙන් කළාට.
දුර රටක හිටියත් ඔබේ සිත නිවි පහන් වූ සිතක් වේවා.. මේ මගේ වෙසක් පැතුමයි
ඒ කාලයටම උචිත විදියට ලියපු කවි ටිකක්...
ReplyDelete//අකුරට ගොසින් එන මග වෙඩි නැගෙනු එපා
මල් වැනි ළමා ජීවිත තටු සිඳිනු එපා//
ලස්සන පද වලින් පෙන්වපු කටුක යතාර්ථය...
ස්තුතියි ඔබට අපිත් එක්ක මේක බෙදා ගත්තට..
//අකුරට ගොසින් එන මග වෙඩි නැගෙනු එපා
Deleteමල් වැනි ළමා ජීවිත තටු සිඳිනු එපා//
ඇත්ටම ඒ 87- 89 කාලයත්, යුද්ධයත් වෙනුවෙන් වෙන් වු අදහසක්. හැබැයි අද දවසටත් වලංගුයි.
රඹුකන සිද්ධාර්ථ හිමියන් කවි ලියල තියෙන්නේ ඒ කටුක බව පසක් කර දිමටයි.
දුර රටක හිටියත් ඔබේත්, පවුලේ සියළු දෙනාගේත් සිත් බුදුන් දුටු සේ නිවී පහන් වී සුවපත් වේවා.. මේ මගේ වෙසක් පැතුමයි
එක පැදුරේ එකට ඉඳගෙන මුළු රටම
ReplyDeleteබත් කන දිනක් යළි ඒ විද සිතමි මම
ඇත්තටම ......
බන්දුල..
Deleteමොනව ලියන්නද
මේ තරමට "බුදු බණ අහනා රට දින දින පිරිහෙන කරුමය මන්දා"
ස්තුතියි සටහනට. සුබ වෙසක් තෙමඟුලක්ම වේවා
සරල වුනත් ගැඹුරු පැතුම් ගැන ලියැවුනු කවි පේළියක්..
ReplyDeleteස්තුතියි මේ වෙසඟේ යහපත් සිතුවිලි බෙදාගත්තට..
ඔබතුමාගේ ගීත ගැන අමතක වෙලා වගේ..
රූ...වෙසක් සමය වෙනුවෙන් ලියූ තව එක පෝස්ට් එකක් තියෙනවා. ඒක ඉවර වූ ගමන් ඊළඟට ඔබේ ඉල්ලිම ඉටු කරනවා.
Deleteරඹුකන හාමුදුරුවෝ මෙහෙමත් කිව්වා..
Deleteතුන්වේල හාමතේ ගෙවේය ජීවිතේ
එහෙව් අපෙන් මල් අරගෙන තොරන් බඳින්නේ
තොරන් බැදල අපට හොරා නිවන් පතන්නේ
ඒ වුනාට අපි කලියෙන් නිවන් දකින්නේ
ස්තුතියි ඔබේ අගනා කාලයයෙන් බිඳක් අස්වැන්නටත් වෙන් කළාට
සුබ වෙසක් තෙමඟුලක්ම වේවා
ලොකු ලොකු හරබර වදන් නැති උනාට යොදාගෙන තියන ඉතාම සරළ වදන් වලින් හිතට හොඳහැටි වදින්න ලියපු පද පෙළක්
ReplyDeleteතොටියා..
Delete"සසර දනව්වේ දුක් පීඩා විඳ
නවාතැන් සොයා අපි යනවා
ඒ යන ගමනේ කොතැනක දි හෝ
බුදු හිමි සෙවනේ සිහිල ලැබේවා"
ස්තුතියි ඔබේ සටහනට. සුබ වෙසක් තෙමඟුලක්ම වේවා මලේ..
අයියාටත් එසේම වේවා....!!
Deleteරඹුක්කන හාමුදුරුවෝ කපුගේ ට ලියපු අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..සින්දුවට ගොඩක් අස කරනව මම.උන්වහන්සේ ලියපු කවි පන්තියක්නම් දැක්කේ පලවෙනි වතාවට:)
ReplyDeleteනුවන්..
Deleteපූජ්‍ය රඹුකන හාමුදුරුවෝ වැඩියෙන් කවි ලිව්වා නම් හොඳයි කියල මටත් හිතෙනවා.
"නිවන් දකින්නට පින් මදිවෙන්නැති ඒකයි තවමත් සංසාරේ"
ස්තුතියි සටහනට. සුබ වෙසක් තෙමඟුලක්ම වේවා
ඒ යහපත් රට තවමත් ප්‍රමාද වී තිබීමනම් කණගාටුවක්.
ReplyDelete@..Outsider
Deleteකළගුණ නොදැනුනාට දඬුවම් නොලැබුණාට
බෝසත් මිනිස්සුන් අතින්
දුර්ජන කමේ පවට දඬුවම් ලැබුනු දාට
මිනිසකු කිමද ඇති පලේ...
රඹුකන හාමුදුරුවෝ එහෙමත් කිව්වා..
ස්තුතියි ඔබේ අගනා කාලයයෙන් බිඳක් අස්වැන්නටත් වෙන් කළාට
සුබ වෙසක් තෙමඟුලක්ම වේවා
කවි ටික ලස්සනයි. කොහොමත් මම් රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ ලියපු සින්දු වලට හිටන් කැමතියි.
ReplyDeleteමට මේ පෝස්ට් එක කියෙව්වට පස්සේ මතක් උනේ. ආයෙමත් බොහිදින් බෙග් මාස්ටර්ගේ කාලේ ඇවිදින්. දැන් කොළඹ ගියහම බෙග් මාස්ටර්ගේ සිංදු එකක් දෙකක් අනිවාර්යෙන්ම අහන්ඩ පුලුවන්
මධුරංග..
Deleteසද්ධර්ම මකරන්ද පද රශ්මි ජාලා
මුනි චන්දු ජයකේතු ආකශ මාලා
පරදුක්ඛ භව නාථ හිමි බුද්ධ ලීලා
දුක සෝක සංතාප පලවා හරිත්වා..
ඔබේ අදහස ගැන වෙන මොනව ලියන්නද?
ස්තුතියි ඔබේ අගනා කාලයයෙන් බිඳක් අස්වැන්නටත් වෙන් කළාට
සුබ වෙසක් තෙමඟුලක්ම වේවා
මම බොහොම ගරු කරන ස්වාමීන්වහන්සේ නමක්. හාමුදුරුවොන්ගේ බොහොමයක් ගීත පුදුමාකාර විදියට දැනෙනවා.. කපුගේ ගෙන් පටන් අරන් චාමර වීරසිංහ දක්වාත් එතනින් හර්ෂණ දිසානායක දක්වාත් ගයන උන් වහන්සේ ලියපු ගීත එක විදියට විඳින්න පුළුවන්..
ReplyDeleteමේ කවී ටිකත් එහෙමමයි. ජය!
NJ ranGO
Deleteවේදනා වැසි දියෙන් සරුවෙන
සසර මහ කුඹුරේ
වැඩුණු රතහැල් සහල් අරගෙන
උයමු එක නියරේ..
ස්තුතියි ඔබේ අගනා කාලයයෙන් බිඳක් අස්වැන්නටත් වෙන් කළාට
සුබ වෙසක් තෙමඟුලක්ම වේවා
රඹුකන හාමුදුරුවන්ගේ ගීත මිස කවි නම් අහලා තියෙනවා අඩුයි.ලස්සන කවිපෙළක්.බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට.
ReplyDeleteසුබ වෙසක් මංගල්‍යයක් වේවා!
සාදු කියන්නට මල් වට්ටියකට
Deleteතේ මල් අරගෙන පෙර කාලේ
ආවා මිනිසුන් පෝයට පන්සල්
ගම රට යහපත් ඒකාලේ..
ස්තුතියි ඔබේ අගනා කාලයයෙන් බිඳක් අස්වැන්නටත් වෙන් කළාට
වර්ෂා..ඔබටත් සුබ වෙසක් තෙමඟුලක්ම වේවා
අපුරු කවි පෙලක්..උන්වහන්සේගෙ ගීත වගේම ලස්සනක් මේ කවි පෙලෙත් තියෙනකවා.... අනෙක් අය වගේම උන් වහන්සේගෙ කවි පන්තියක් මමත් කියවපු පලමු අවස්ථාව මේක...මේ දේවල් අස්වැන්න හරහා අනාගත පරපුරට ගේනවට බොහොම ස්තුතියි...
ReplyDeleteපින්බර වෙසක් මංගල්‍යයක් වේවා...
හරි හම්බකරපු දේවල් දුක් මහන්සියෙන්
Deleteදනට පිනට ගෙදර දොරට
දුන්නේ මං හිතේ මනාපෙන්....
ස්තුතියි ඔබේ අගනා කාලයයෙන් බිඳක් අස්වැන්නටත් වෙන් කළාට
දිනිති ඔබටත්...සුබ වෙසක් තෙමඟුලක්ම වේවා
සිත් නිවි සැනනේසවා !
ReplyDeleteසෑම්..
Deleteස්තුතියි ඔබේ අගනා කාලයයෙන් බිඳක් අස්වැන්නටත් වෙන් කළාට
සෑම් ඔබටත්...සුබ වෙසක් තෙමඟුලක්ම වේවා
හරිම සරල විදියට ලියැ උනු ලස්සන කවි පෙලක්. මේ හාමුදුරුවන් ගී ලියා තියනබව අහලා තියනවා.
ReplyDeleteඅකාලයේ අපවත් උනු, කවුරු හරි හාමුදුරු නමක් ඉන්නවද ප්‍රසිද්ධ? සෝම හාමුදුරුවෝ නෙමේ. නෙලුම් මල් ගොඩක් පූජා කරපු කෙනෙක් හරි, මේ වගේ ගී ලීව කෙනෙක් හරි.
හිතේ මෙත් මල් පිපේවා!!!
පොඩි කුමාරිහාමි.
ReplyDeleteවැඩියෙන්ම බුදුගුණ ගීත ලියූ එකම ස්වාමීන්වහස්සේ තමයි රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ. ගීත ලිව වෙනත් යතිවරු නම් නැහැ. සමහර විට ඔබ සඳහන් කරන්නේ පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රි නාහාමි ගැන වෙන්න ඇති.
ස්තුතියි ඔබේ අගනා කාලයයෙන් බිඳක් අස්වැන්නටත් වෙන් කළාට
ඔබටත්...සුබ වෙසක් තෙමඟුලක්ම වේවා
ඔබ තුමාට බොහොම පිං මේ කවි ටික අපිට කියවන්න අවස්තාව දුන්නට,.
ReplyDeleteමට කියන්න දෙයක් තියෙනව.. වෙසක් දවසට සුබ පතනවට මම විරුද්දයි.. මොකද වෙසක් කියන්නේ සුබ පතන්න ඕනේ දවසක් නෙමෙයි. වෙසක් කියන්නේ අපේ සම්ම සම්බුදු තිලෝගුරු බුදු පියානන් වහන්සේගෙ සම්බුද්ධ තෙමඟුල සිදු වෙච්ච දවස.
ඉතින් ඒ දවසට
සුබ වෙසක් මංගල්‍යක් කියල සුබ පතන එක වැරදී...
කිණිහිරි මල් පාට පාට
ReplyDeleteකහ සිවුරක් ලැබුනු දාට
මට රජකම ලැබුණ වගෙයි
ලොව්තුරු බුදු රාජ්ජේ
මේ ගීතය ගැන කවුරු හරි දන්නවද?කවුද ගායනා කරන්නේ මේකත් රඹුකන සිද්ධාර්ථ හිමිගේ