සිත් ගන්නා සුළු කෙටි කතා පොතක් කියවන්න අවස්ථාව ලැබුණා. මේ කෙටි කතා පොත මුල් වරට කියවලා දවස් ගානක් ගත වුනත් ඊට පස්සෙ ආයෙමත් නැවත දෙතුන් වතාවක් කියෙව්වා. සාමාන්‍යයෙන් නිරන්තරයෙන් කියවන කෙටි කතා පොත් අතරින් හමු වූ ඉතාම විරල ගණයේ කෙටි කතා පොතක් වූ නිසාම " මිනිස් වටය " කෙටි කතා එකතුව පිලිබඳව අද "අස්වැන්න" ලියා තබමි.
කෙටි කතාවක හෝ කෙටි කතා පොතක කලාත්මක භාවයත් එහි සාහිත්‍යමය ගුණයත් රඳා පවතින්නේ ලේඛකයා විසින් තම කතාව ලිවීමට පාදක කරගන්නා උපක්‍රම සහ ඊට භාවිතා කරන භාෂාව මතය. නිරන්තයෙන් කියවන්නට ලැබෙන බොහොමයක් කෙටිකතා ගොඩ නැගී ඇත්තේ අදාල ලේඛකයාගේ මනෝ සිතුවිලි මතය. ඔහු හෝ ඇය මනෝ සංකල්ප ගොඩ නගා ගනිමින් භාෂාව භාවිතා කර අඳින සිතුවම්වලින් සිය නිර්මාණය සරසයි. එය ඇතැම් විටක එය ලේඛකයාගේ නිර්මාණාත්මක "හිතළුවකි" එය ලේඛකයාගෙන් ලේඛකයාට වෙනස් වේ.
එහෙත් "මිනිස් වටය" කෙටිකතා එකතුව සඳහා එරික් ඉලයප්ආරච්චි මහතා තෝරා ගන්නේ ඊට හාත්පස වූ රීතියකි. මෙම කෘතියේ ඇතුළත් සියළුම කෙටිකතා අප එදිනෙදා ගැටෙන මේ භෞතික ලෝකයේ සිදුවන සැබෑ සිදුවීම් සහ සැබෑ ජීවන අත්දැකීම් ඇසුරින් සකස් කර නිර්මාණය කර ගන්නා ඒවා වීම විශේෂත්වයකි. ඒ අනුව එදිනෙදා සමාජය තුල සිදුවන සහ ලේඛකයා මුහුණ දෙන සැබෑ තාත්වික සිද්ධීන් රැසක් මෙම " මිනිස් වටය" කෙටි කතා එකතුවට එකතුවී තිබේ. එය තමා ගැටෙන සමාජය තුළ හමුවන සංස්කෘතික හා සාමාජීය හැඩතලවල හරස්කඩක් නිරූපණය කිරීමට මෙම කෙටි කතා එකතුව පැහැදී සිටී.
යම් කිසි කතා පුවතක රසය ඇති වන්නේ කුතුහලය ඇවිස්සීමෙන් නොව එහි නිරූපණය වන චරිත සහ සියළු සිදුවීම් පවතින තත්වයන් තුළම සරල භාෂා ව්‍යවහාරයන් භාවිතා කර පාඨකයා වෙත සම්ප්‍රේෂණය කිරීමෙන් බව මේ "මිනිස් වටය" කෙටි කතා එකතුව තහවුරු කොට ඇත.
මේ සමාජ ජාලයේ සියල්ලෝම විවිධාකාර සංස්කෘතිකමය රංගනයන්ට හසුවී සිටී. මේ සමාජ ප්‍රවාහය අභිමුව යථාර්ථය මගින් ඒ සමාජය විනිවිද දැකිය හැකි තරම් විචාරශීලී නිර්මාණ බිහිවීමේ අවශ්‍යතාවය ලේඛකයාට මෙන්ම පාඨකයාට ද දැඩිව දැනෙයි. එවැනි සමාජ යථාර්ථ පසෙක තබා "හිතළු" හෝ නිර්මාණාත්මක සංකල්ප මත පිහිටා තවදුරටත් පාඨකයා රඳවා ගැනීමට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ ඒ පාඨකයා තවදුරටත් විද්‍යුත් මාධ්‍ය තුළට ගාල් කිරීමකි.
එකී ඉලෙක්ට්‍රොනික් සංස්කෘතියේ බැමි කඩා බිඳ දමා සිය පාඨකයා යථාර්ථයේ පිහිටුවා තමා උරදෙන සමාජ තලයම නැවුම් සිතුවිලි මාලාවක් මගින් නව කතිකාවක් ගොඩ නැගිමට එරික් ඉලයප්ආරච්චි මහතාගේ " මිනිස් වටය" කෙටි කතා එකතුව සමත් වී සිටී.
"මිනිස් වටය" කෙටි කතාව වූ කලී නූතන තරුණ පරපුර මුහුණ දෙන රැකියා වියුක්තිය හේතුවෙන් අයාලේ යන තරුණ ජීවිත පිලිබඳව විග්‍රහයක යෙදෙයි. මෙහි ප්‍රධාන චරිතය වන "ලැයියා" රැකියා වියුක්තියෙන් පෙලෙන ඉහළ අධ්‍යාපන සුදුසු කමක් නොලැබූ තරුණ පරපුරේ සංකේතයකි. විටෙක ජීවිත ගැට ගසා ගැනීම සඳහා කරන්නා වූ ජීවන අරගලයෙන්ද, තවත් විටක සමාජ විරෝධී ක්‍රියා මගින් උපයාගන්නා මුදලින් ගොඩ නැගෙන ජීවිත අභිමුව ලැයියලාට ද එකී සමාජ ප්‍රවාහයට අනුගත වීමට සිදුවේ. මීගමුව සිට හලාවත දක්වා වයඹ දිග මුහුදු තීරයේ වෙසෙන තරුණ පරපුරේ සිතුවිලි වල තිබෙන ඉතාලියට පැන ගැනීමේ ඛේදවාචකය මගින් සමස්තයක් වශයෙන් ගත් කල නූතන තරුණ පරපුර ඉතාලි සංස්කෘතිය තුළ සිරවන සැටි කෙටි කතාව තුළ විග්‍රහයක යෙදෙයි. ලැයියයාත් නොදැනම ලැයියාගේ ආදර ලෝකය සොයා ගෙන මුහුදු මාර්ග ඔස්සේ ඉතාලියට සංක්‍රමණය වීමට ඔහු පොළඹවන්නේ ඔහු නියෝජනය කරන එකී සමාජ රැල්ලයි.
"උළු කැටය" කෙටි කතාවේ "ඇල්බට් මාමා" ද සෝදා පාලුවට ලක් වූ අක් මුල් නැති සමාජ සංස්කෘතියක හරස් කඩකි. ලොරි රියැදුරු ජීවිතයේ දී නවාතැන් ගන්නා නැවතුම්පොලවල අනියම් බිරියන් සමග ගත කරන ඇල්බට් මාමා ද "නරක මිනිස් " චරිතයකි. ඇල්බට් මාමා ඒ චරිතය ගොඩ නගන්නේ ගමේ ජීවත් වූ වෙද මහතා ආදර්ශයට ගැනීමෙනි. වෙද මහතාගේ ආවතේවකරුවා වූ ඇල්බට් මාමා වෙද මහතාගේ කළු චරිතයේ අඳුරු පැතිකඩකි. වෙද මහතා මිය යන්නේ ඔහු තුළ වූ කළු චරිතයෙන් උපන් පියෙකු නැති තරුණයෙකුගේ වෙඩි පහරට ලක් වීමෙනි. ඇල්බට් මාමා ද එහි සංකේතයකි.
"අස්ස කරත්තෙ" කෙටි කතාවෙන් ධනවත් සමාජ පසුබිමක සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන "අචලා" නම් තරුණිය තමා ජීවත්වන සමාජය තුළ හුදකලා වූ චරිතයකි. එක් මොහොතක ඇයට පුද්ගලිකව ඇරයුම් කරන විවාහ මංලෝත්සවයකට සහභාගී වීම පිණිස අය නියෝජනය කරන සමාජ පන්තිය අනුව ඇයට යාමට සිදුවන්නේ සිය ඥාති ඇමතිවරයාගේ පුද්ගලික ආරක්ෂක ප්‍රධානියා සමග ලැබෙන අති සුඛෝපභෝගී රථයෙනි. එහෙත් ඒ මංගලෝත්සව ගමන කෙලවර වන්නේ ඊට සහභාගී නොවී පුද්ගලික ආරක්ෂක ප්‍රධානියා වන තිරිමාදුර සමග කෙටි මධු සමයක් ගත කිරීම පිණිස වෙනත් හෝටලයකට යාමට සිදුවීමෙනි.
ඒ අනුව මේ " මිනිස් වටය" කෙටි කතා එකතුව තුළ තිබෙන කෙටි කතා එකින් එකට වෙනස් තේමාවන් ඔස්සේ සමාජයේ විවිධ පැතිඩ අඳුරු යථාර්ථය සාකච්ඡාවට බඳුන් කරයි. ඇතැම් කෙටි කතා සිනමාත්මක ස්වරූපයෙන් ලියැවුණු සිනමා තිර රචනා බඳුය. ඇතම් කෙටි කතා චරිත සහ සිද්ධි වර්තමාන සමාජ සහ දේශපාලනික සිදුවීම් හරහා ගොඩ නැගී ඇත. තවත් වරෙක ධනවාදී ආර්ථික රටාවන් අභිමුවෙහි සංස්කෘතිය හා සිනමා සහ කලා රසාස්වාදනය පවා බිඳ වැටෙන අයුරු විග්‍රහ කරයි. මෙය එරික් ඉලයප්ආරච්චි මහතාගේ " මිනිස් වටය" කෙටි කතා එකතුවෙහි දැකිය හැකි සාධනීය ලක්ෂණයකි. ෴
ඉඩක් ඇත්නම් ඔබේ අදහස් මෙහි ලියා තබන්න එය.හෙට දවස සඳහා අත්වැලක් වේවි.
පහුගිය දවසක එරික් ඉලයප්ආරච්චි මහතාගේ පියස්සක් නැති පරවියෙක් පොත කියවන්න ලැබුණ!
ReplyDeleteඑක නම් කවි පොතක්,මේ පොතත් හොද ඇති කියල හිතනව!:)
මගේ මතකය හරි නම් කේමදාසයන්ගේ මොකක්හරි ඔපෙරාවක රචකයත් මෙතුමා නේද??
(අස්වැන්නේ කලින් ලිපියක තිබුණ මතකයි!)
නුවන්ට
Deleteමට තාම ඒ පියස්සක් නැති පරවියෙක් පොත කියවන්න ලැබුනෙ නෑ. එරික් ඉලයප්ආරච්චි මහතා තමයි කේමදාසයන්ගේ අවසන් ඔපෙරාව වූ "අග්නි ඔපෙරාව" ලිව්වේ. මීට කල්න අස්වැන්න ලියපු දවසක කේමදාස මාස්ටර්ගෙ මගේ කාලයේ මවුනි සංධිවනිය ගැන එතුමාගේ ලිපියක් පළකලා
ස්තුතියි නුවන් ඔබේ වටිනා කාලයේ කොටසක් වෙන්කර අස්වැන්නට ඇවිත් තැබූ මේ සටහනට
ගොඩක් හොද විචාරයක්..
ReplyDeleteදිනේෂ්ට
Deleteදිනේෂ් ස්තුතියි කරන ලද අගය කිරිමටත් වටිනා කාලයේ කොටසක් වෙන්කර අස්වැන්නට ඇවිත් තැබූ මේ සටහනටත්
විස්තරය දැක්කම කියවන්න ආස හිතුනා. ලංකාවට ගිය දවසක තමා ඉතින් බලන්න වෙන්නේ...මොනව උනත් බොහොම ස්තුතියි විස්තරය ට...
ReplyDeleteසයුරිට
Deleteඔබ ඈත රටක ඉන්නෙ ලංකාවට ඇවිත් ආයෙ කියවන්න පොත් තෝරාගන්න වෙලාවක හමු වුනොත් කියවන්න ලස්සන පොතක්
ඔබත් ඔබේ වටිනා කාලයේ කොටසක් වෙන්කර අස්වැන්නට ඇවිත් තැබූ මේ සටහනට ස්තුතියි
ස්තුතියි! ඉඩක් ලැබුනු වෙලේක කියවලා බලන්නම්.. (දිය හොලමනත් තාම කියෙව්වෙ නෑ :))
ReplyDeleteඑකිනෙකට වෙනස් කෙටි කථා බව නම් පේනවා..
කෙටි කථාවකුත් නව කථාවකුත් එකිනෙකින් වෙනස් වන්නේ කොහොමද?
කෙටි කථා කෙටියි නව කථා දිගයි කියලා නම් දන්නවා.. වෙනත් වෙනස්කමක් තියෙනවාද?
හරී..ට
Deleteහරී ඔබ සඳහන් කරල තියනවා වගේ කෙටි කතාවක සහ නව කතාවක මුලිකම ලක්ෂනය එයයි. ඊට අමතරව නව කතාවක් චරිත, කාල පරාසය තේමාව අනුව වෙනස් වෙනවා කෙටි කතාවක ඉතා සුලු සිද්ධියක් එක් චර්තයක් හෝ සිදුවීමක් කේන්දු කරගෙන ගොඩ නැගෙන්නේ. තවනම් ලක්ෂන ගනනාවක්ම තියෙනවා
හරී..ඔබේ වටිනා කාලයේ කොටසක් වෙන්කර අස්වැන්නට ඇවිත් තැබූ මේ සටහනට ඔබටත් ස්තුතියි
ලස්සන කතා ටිකක් වගේ..මම සාමාන්‍යයයෙන් මේ වගේ වර්ථමාන ජීවන රටා ගැන ලියැවී තියන කතා කියවීමට කැමති නෑ..
ReplyDeleteස්තුතියි ඔබේ විචාරයට..බලමු ලැබුනොත් කියවන්න...
රූ..
Deleteවරතමානය කියන්නේ ඔබ අප ජීවත් වන මේ පරිසරය මයි මේ වකවානුවේ සිදුවූ සියල්ල කෙටි කතා වශයෙන් ලියැවී තියෙනවා.ඒවා ඉතින් නිර්මානාත්මක සංකල්ප නොවේ.හමුවුන වෙලාවක කියවලම බලන්න.
රූ..ඔබේ වටිනා කාලයේ කොටසක් වෙන්කර අස්වැන්නට ඇවිත් තැබූ මේ සටහනට ඔබටත් ස්තුතියි
අපූරු විචාරය . . .
ReplyDeleteතව සති දෙකකින් නිවාඩු එනවනේ . .
නිවාඩුවේදි ගන්න ඕන පොත් ලිස්ට් එකට දා ගත්තා . .
බොහෝම ස්තූතියි . .
දුකා..
Deleteස්තුතියි දුකා ඔබේ අගැයුමට.
ආයෙ විදේශගතවෙන්න කලින් ගෙන යන පොත් අතරට හොඳයි. සැබැවින්ම හොඳ පොතක්
දුකා..
Deleteලියන්න අමතක වුණා ඔබේ වටිනා කාලයේ කොටසක් වෙන්කර අස්වැන්නට ඇවිත් තැබූ මේ සටහනට ඔබටත් ස්තුතියි
මේක නම් මම මීට කලින් කියවා ඇතිබවක් මතක නෑ... අයියගෙ විචාරය දැක්කම කියවන්නට හිතුන..බොහෝම ස්තූතියි
ReplyDeleteතොටියා..
Deleteමේ පොත නිකුත්වෙලා මාස කීපයයි.
ස්තුතිතිය කරන ලද අගය කිරීමට
ඔබේ වටිනා කාලයේ කොටසක් වෙන්කර අස්වැන්නට ඇවිත් තැබූ මේ සටහනට ඔබටත් ස්තුතියි මල්ලියේ
අහම්බෙන් වගේ කියවන්න ලැබුණු ලිපියක්. බ්ලොගය follow කලා.. දිගට ම එනවා.. ඊළඟ පාර BMICH ඒකෙන් තමයි බලන්න වෙන්නේ..
ReplyDelete@..NJ ranGO
Deleteඔබේ පැමිණීම සතුටට කාරණයක්. ආයත් එන්න.
ඔබේ වටිනා කාලයේ කොටසක් වෙන්කර අස්වැන්නට ඇවිත් තැබූ මේ සටහනට ඔබටත් ස්තුතියි
කාලෙකින් හොඳ පොතක් කියවන්න බැරි වුනා..ආයෙත් පොත් කියවන්න ඕනෙ කියල දැනුන මේ විචාරය කියෙව්වම.. :)
ReplyDeleteසිත් රූ සිහින..
Deleteබ්ලොග් සහ මූනු පොතට කොටු වුණාම කාලය ගත වෙනවා වෙනත් වැඩකට යෙදිය හැකි කාලය සීමිත වෙනවා. ඒත් වැඩිපුර කියවනවා නම් හොඳට ලියන්න පුළුවන් වෙනවා
සිතු රූ..ඔබේ වටිනා කාලයේ කොටසක් වෙන්කර අස්වැන්නට ඇවිත් තැබූ මේ සටහනට ඔබටත් ස්තුතියි
ඔබ වැනි කෙනෙක් බ්ලොග් ළොව සැරිසැරීමම සතුටක්..
ReplyDeleteමාතලන්..
Deleteසහෝ.. උඹේ පැමිණීමම සතුටක් වගේම ශක්තියක්. ස්තුතියි අගය කිරිම වෙනුවෙන්.
මාතලන් ඔබේ වටිනා කාලයේ කොටසක් වෙන්කර අස්වැන්නට ඇවිත් තැබූ මේ සටහනට ඔබටත් ස්තුතියි
එරික් මහත්තයා ඇත්තටම දක්ෂයි. මමත් එතුමගේ පොත් ටිකක් කියවල තියෙනවා. ඒ හැම එකක්ම එකිනෙකට අළුත් දෘෂ්ඨියකින් තමා ලියල තියෙන්නේ. කියවන්න ආස හිතෙනවා. ඔයාටත් ස්තූතියි මේ ගැන ලිවුවට.
ReplyDeleteමලී..
Deleteනිරන්තරයෙන් පොතපත් කියවනවා කිව්වාම පුංචි සතුටක් දැණුනා. එරික් මහතොගේ දෘෂ්ඨිය ටිකක් ගැඹුරු සංකල්ප මත පිහිටා ලියන නිසා තේරුම් ගන්න අමාරුයි. එත් ඔබ වැන් කෙනෙක් ගැන මට හරිම සතුටුයි.
මලී..ඔබේ වටිනා කාලයේ කොටසක් වෙන්කර අස්වැන්නට ඇවිත් තැබූ මේ සටහනට ඔබටත් ස්තුතියි
බ්ලොග් ලොව තුල විචාරයක අවශ්යතාවය සපුරනවාට ඔබට තුති !!
ReplyDeleteරසික
Deleteඔබේ අගැයුම මට හරිමවැදගත්. රසික ඔබේ වටිනා කාලයේ කොටසක් වෙන්කර අස්වැන්නට ඇවිත් තැබූ මේ සටහනට ඔබටත් ස්තුතියි
හොඳ ලිපියක් බ්ලොග් ලියන අපිටත් මේ විචාරයෙන් ගත ගැකි ආදර්ශ බෝමයි.අපි ලියන අපේ ජිවන අත්දැකීමක් වුනාත් ඒ කියවන කෙනාගේ හිතේ ඇඳෙන විදියට ලියන්න තියෙනවනම් ඒ බ්ලොක් කරුවන් සාර්ථකයි.
ReplyDeleteමම දාපු පලවෙනි කමෙන්ට් එකද කොහෙද?
අසරණයාට
Deleteඔබගේ පැමිණීම පිළිබඳව සතුටුයි. අස්වැන්නට සාදරයෙන් පිළිගන්නව.
ඔබේ අදහස මමත් පිළිගන්නව අපි අපේ පෞද්ගලික අත්දැකිමක් කියවන්නාගෙ හිතේ ඇඳෙනව නම් එය පොදු බවට පත්වෙලා එහෙම නම් ඒ ලියන හැමදෙනාම සාර්ථක නිර්මාණකරුවො.
ඔබ මේ පැත්තට ආව පළමු වතාවආයෙත් එන්න.ඔබේ වටිනා කාලයේ කොටසක් වෙන්කර අස්වැන්නට ඇවිත් තැබූ මේ සටහනට ඔබටත් ස්තුතියි
නෑ.. මම ආපු පලවෙනි වතාව නෙවෙයි.මිට කලිනුත් ඇවිත් තියෙනවා.ඒත් කමෙන්ට් කරපු පලවෙනි අවස්තාව.
Deleteකාලය සමග කරන අරගලය නිසා දැන් දැන් කෙටි කතාවක්, නව කතාවක් කියවන්න ලැබෙන්නෙම නැති තරම්. එරික් ඉලයප්ආරච්චි මහතාගෙ මීට කලින් එක් පොතක් හෝ දෙකක් කියවල තියෙන බව මතකයි ගොඩක් කලින්.
ReplyDeleteකොහොම වුණත් මේ ඔත්තුව වැදගත්. කොතනකදි හරි පොත අහුවුණොත් අරන් කියවන්න පුඵවන්.
ගොඩක් හොද විචාරයක්
ReplyDelete