ජෝතිපාල
නැවත කියවමු - 08
පී.එල්.ඒ.සෝමපාලයන් ජෝතිපාලට හැදූ ස්වතන්ත්‍ර
ගීත
සිංහල ගීත
සාහිත්‍යයේ පෝෂණය උදෙසා ජෝතිපාල ගැයූ ගීත වලින්
ලැබුණ දායකත්වය කෙබඳු දැයි ඔහුගේම නිර්මාණ
ඇසුරින් කෙරෙන මේ විචාරශීලි අදහස් හුවමාරුවේදී
අපි මිට පෙර පී.එල්.ඒ. සෝමපාලයන් විසින් ජෝතිපාලට හැදූ අනුකාරක ගී ගැන කතා කළෙමු. ඒ සඳහා ලද සහෘද ප්‍රතිචාර කිපයක් ඔස්සේ තවත්
කොටස් තුනකට එහායින් ලියැවෙන්නට තිබූ මේ සටහන අට වැනි සටහන දක්වා කැඳවිමට සිදුවිය.
බ්ලොග් අවකාශයෙහි
ගී පැදුර රස ගන්වන සහෘද හරේෂ් විසින් පී.එල්.ඒ. සෝමපාල ජෝතිට හැදු ස්වතන්ත්‍ර
ගීත ගැන සටහන් කරන ලෙස ඉල්ලා තිබුණි. එසේම අනෙක් සෙසු සහෘද පිරිසද පී.එල්.ඒ
සෝමපාලයන්ගේ අනුකාරක ගී තනු නිර්මාණ ගැන පළ කර තිබූ අදහස්වලට සමගාමීව ඔහු ජෝතිපාලට හැදූ ස්වතන්ත්‍ර ගීත පිළිබඳව අද අස්වැන්නෙන් කතාබහ කරමු.
පී.එල්.ඒ.
සෝමපාල සිනමා සංගීතයට පිවිසෙන්නේ 1955 වර්ෂයේ දීය. ඒ ජෝතිපාල ගීත ගායනයට
පිවිසෙන්නට හරියටම වසරකට පෙර ය. සිරිසේන
විමලවීරගේ අසෝකා චිත්‍රපටයට සංගීතය සපයමින් සිනමා සංගීතයේ පළමු පියවර සෝමපාලයන්ට
හැකිවිය.
එතැන් පටන්
සිනමා සංගීතයේ ජනප්‍රිය තේමාවන්
ඔස්සේ නිර්මාණ කිරීමේ කාර්යය සෝමපාලයන්ට
පැවරුණි. වසර 40 ක් පුරා විහිදුනු ඔහුගේ සංගීත දිවිය නිමා වූයේ සිංහල චිත්‍රපට 48
ක්, හින්දි චිත්‍රපටයක් සහ මලයාලම් චිත්‍රපටයක්, සහ පාකිස්තාන් ශ්‍රී ලංකා හවුල් චිත්‍රපටයක
සංගීතය නිර්මාණය කිරීමෙනි.
පී.එල්.ඒ.
සෝමපාලයන් චිත්‍රපට සංගීතය වෙනුවෙන් සිය ජිවිතයෙන් වසර 40ක් කැපකර තිබුණි. එහෙත්
ඔහුගේ ඒ සිනමා සංගීත දිවිය නිසරු එකක් වූයේ අවාසනාවන්ත අයුරිනි. ඒ චිත්‍රපට 48 න් චිත්‍රපට 05 ක පමණක් ස්වතන්ත්‍ර
ගී තනු තිබීමත් ඉතිරි චිත්‍රපට 43 ම අනුකාරක ගීතවලින් පුරවා තිබූ බවත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සඳහන් කරයි.
පී.එල්.ඒ.
සෝමපාලයන් ස්වතන්ත්‍ර ගී තනු තිබූ චිත්‍රපට අතර
සරණ (1967) , ආදරේ හිතෙනව දැක්කම (1972) , ලස්සන කෙල්ල (1975), සරදියෙල්ගෙ
පුතා (1976) සහ පෙම්බර මධූ යන චිත්‍රපට
විය.
.jpg)
එහෙත් මුල්
ගීතයත් පෙම්බර මධූ ගීතයත් අතර විශාල වෙනසක් තිබුණි. එය ඇසූ විට මට නම් හැඟී
ගියේ පාකිස්තාන් ගීතය මුලුමනින්ම කොපි කර
නැතත් එහි ඡායාවක් ලබා ඇති බවයි. එහෙයින් ඒ ගීතය ස්වතන්ත්‍ර යැයි මතුවට කිව
නොහැකිය.
.jpg)
මතු දැක්වෙන්නේ
ආදරේ හිතෙනව දැක්කම චිත්‍රපටයට පී.එල්.ඒ.සෝමපාලයන් ජෝතිපාල හැදූ ස්වතන්ත්‍ර ගීයකි.
එය ඉතාමත් විශිෂ්ඨ ගීතයකි.
දෑසේ විමන් දොරින් සිහින රුවන්
තිරෙන්
නික්මී ගොලු බසින් පරෙවි රැජින
ලෙසින්
ඔබ පියඹා ගොසින්
පැහැය සුවඳ ඇතී සිහින් සුවඳ
පෙතී
රේණු සැලෙන මුදු පිපුණු මලක්
බඳු
දෑසේ විමන් දොරින්...
ඔබේ සළුවෙ වැදී සිහිල් සුලං
ඇදී
හෙමින් සැරේ එබී මගේ සවන් සිඹී
දෑසේ විමන් දොරින්....
මහද කුටිය පුරා ඔබ සැරි සර සරා
බෙදයි මියුරු නුරා විඳිමි
පෙරුම් පුරා
දෑසේ විමන් දොරින්...
ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
ගැයුම:
එච්.ආර්.ජෝතිපාල
සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
චිත්‍රපටය: ආදරේ හිතෙනව දැක්කම
අධ්‍යක්ෂණය: නීල් රූපසිංහ
තිරගත වූ වසර :1972
ආදරයේ චමත්කාරය
යෞවනත්වයේ රඳවන ගීත අතර දෑසේ විමන් දොරින් ගීතය ඉතාමත් විශිෂ්ඨ නිර්මාණයකි. කරුණාරත්න
අබේසේකරයන්ගේ ගී පදමාලාවද සෝමපාලයන්ගේ මියුරු සංගීතය තරමටම මිහිරිය. ඔහුගේ චිත්‍රපට
ගී අතර මිහිරිම චිත්‍රපට ගීය මේ ගීතය යැයි මට සිතේ. අවාසනාවට එවන් මිහිරි ගි තනු
ඔහුගේ සිනමා කෘතිවලින් ගිලිහී ගොස් ඇත.
එසේ වුවද, නීල්
රූපසිංහගේ ආදරේ හිතෙනව දැක්කම චිත්‍රපටයට ජෝතිපාල ගැයූ පී.එල්.ඒ. සෝමපාලයන්ගේ
අනෙක් ගීතනුව රසවත් ගී තනුවක් වුවද එය
සාර්ථක නිර්මාණයක් බවට පත් නොවන්නේ එහි
පදමාලාව නිසාය. එය එතරම් ව්‍යක්ත කවි බසකින් යුත් පදමාලාවක් නොවේ. එහි ගීතවත් බවක්ද දක්නට නැත. සුසුම් පද වලින් පිරී ඇති මේ ගීතය ළාමක බොළඳ
සල්ලාපයකි. ඒත් ගී තනුව ස්ව තන්ත්රය. මිහිරිය. ඔබ අසා හුරු පුරුදු ගී අතර මේ ගීතය නැතත් ගී තනුවේ
ඇති මධුර බව නිසාම මෙහි සදහන් කරමි. මතු දැක්වෙන්නේ ඒ ගීතයයි.
අඬන්නෙපා සුදු මැණිකේ
මා ඔබ ළඟමයි ඉන්නේ
අඬන්නෙපා සුදු මැණිකේ
මා නැත ඔබ හැර යන්නේ.
රෑ දාවල් යයි ගෙවිලා
මම ඉමි ඔබ වෙත රැඳිලා
මධු රස බසකින් නළවා
මම ඉමි පාළුව පළවා
අද මෙන් හෙට සනසන්නම්
මිහිරෙන් මිහිර පොවන්නම්
සැප සම්පත් ගෙන එන්නම්
සුබ සිහින සැබෑ කරවන්නම්
මල් යහනක සතපන්නම්
මල්පැණි රස පෙරලා දෙන්නම්
මුතු වැල ගෙල පළඳන්නම්
රන් විමනක රඳවන්නම්
ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
ගැයුම: එච්.ආර්.ජෝතිපාල
සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
චිත්‍රපටය: ආදරේ හිතෙනව දැක්කම
අධ්‍යක්ෂණය: නීල් රූපසිංහ
තිරගත වූ වසර :1972
"
අඬන්නෙපා සුදු මැණිකේ " ගීතය මෙතනින් අහන්න.
කෙසේ වුවද චිත්‍රපට
සංගීතය සඳහා චිත්‍රපට නිෂ්පාදකයා ඔහුගෙන් ඉල්ලා සිටින්නට ඇත්තේ ස්වතන්න්‍ර ගී තනු
නොව, ජනප්‍රිය හින්දි, දෙමල, හෝ ඉංග්‍රීසි ගීවල අනුකරණයෙන් නිර්මාණය කර ගන්නා ලද
කොපි ගීත බව ඉඳුරාම පැහැදිළිය. ඒ නිසාම ඔහුගේ හතළිස් වසරක සිනමා සංගීතය දිවිය
ස්වතන්ත්‍ර ගීතනු ඇතුළත් චිත්‍රපට 05 කට සීමා වීම නිසා ඔහුගේ නිර්මාණාත්මක සංගිත
වැයම නිසරු එකක් විම අරුමයක් නොවේ. චිත්‍රපට
නිෂ්පාදකයන්ගේ ඉල්ලිම අනුව සැපයිම කළා විනා බුද්ධිමත් රසික පර්ෂදවලට ආමන්ත්‍රණය
කිරිමට තරම් ශක්තිමත් නිර්මාණාත්මක සංගීතයක් නිර්මාණය කිරීමේ වගකිම ඔහු අතින්
ගිළිහි යන්නට ඇත. එයින් සිදු වූයේ සෝමපාලයන්ට බුද්ධිමත් සංගීත රසික විචාරක
දෝෂාභියෝගයන්ට මුහුණ දිමටය. චිත්‍රපට සංගීතයේ සතුටුදායක මෙහෙයක් ඉටු නොකළ ඔහු
අනුකාරක සංගීතයේ සංකේතය ලෙසින්ද ඒ යුගයේ ඔහු හඳුන්වනු ලැබිය.
වරෙක ඒ සියලු විචාර
සඳහා ඔහු විසින් පිළිතුරු සපයා ඇත්තේ "මම හින්දි සින්දු කොපි කරන්නේ නැහැ. මා
අතින් සිදුවන්නේ නොතේරෙන හින්දුස්ථානි පදමාලා වෙනුවට දේශීය පදමාලාවක් හින්දුස්ථානි
සංගීතයේ ආභාෂය ලබා හදවතට සමීප වන නාද රූප මාලාවක් ඉදිරිපත් කිරිමයි.”

පී.එල්.ඒ.
සෝමපාලයන් ජෝතිපාලට හැදූ ස්වතන්ත්‍ර ගීත ගණන හතරක් වුවද, ඔහුගේ මධුර අනුකාරක ගීතනු
ප්‍රමාණය ඊට වඩා වැඩිය. ඒ තනු අනුකාරක වුවද සෝමපාලයන් මුල් ගීය අමතක කර ඒවායේ සංගීත
අනුඛණ්ඩ යොදා ඇති සැටි විස්මිතය. රසිකයන්ගේ සවන් මන්මත් කරවන ඒ ගීත සදාකල්හිම
නින්නාද දෙන්නේ ඒ නිසාය. මතු දැක්වෙන්නේද නීල් රූපසිංහගේ ආදරේ හිතෙනව දැක්කම චිත්‍රපටයට
ජෝතිපාල ගැයූ පී.එල්.ඒ. සෝමපාලයන්ගේ මධුර අනුකාරක ගීයකි. ගීතයේ මුල් ගීතය ජනප්‍රිය
හින්දි ගිතයකි.
රෑ දවල් මල් රැඟුම් සිරි පානා
මනරම් සිහිනෙකි මට පේනා
රෑ දවල් මල් රැඟුම් සිරි පානා
මනරම් සිහිනෙකි මට පේනා
හිනැහෙන විට මුතු දිලිසෙනවා
නළලේ අඩ සඳ බැබලෙනවා
පතන්න බැරි කොයි කාටදෝ
සිතනා විලසට සිදුවේදෝ
ගීතෙක රස ඉතිරේ මුවගින්
නා දළු ලෙළ දෙනවා තොළගින්
අපි සිඹ හමනා සුළඟින්
ඔබ නවතින්නේ කොතැන දෝ
මලක
බඹර තුඩ ගෑවෙයි දෝ
විලක ගිලිලා තැවෙයි දෝ
ඔහු කියවූ පොත මට හිමිවී
පෙරලුණ පිටු යළි පෙරළේදෝ.
ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
ගැයුම: එච්.ආර්.ජෝතිපාල
සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
චිත්‍රපටය: ආදරේ හිතෙනව දැක්කම
අධ්‍යක්ෂණය: නීල් රූපසිංහ
තිරගත වූ වසර :1972
ජෝතිපාලයන්ගේ
ගීවලින් හමුවු පී.එල්.ඒ. සෝමපාලයන්ගේ සංගීත භුමිකාව මෙතැනින් අවසන් වුවත් තවදුරටත්
ඔහු ජෝතිපාලට නිර්මාණය කළ සාර්ථක මට්ටමක
ඇති චිත්‍රපට අනුකාරක ගීත පිළිබඳව
තවදුරටත් ඉදිරියේදී කතා කරමු.෴
නැවත ජෝතිපාලයන්
ගැයූ ගී පිලිබදව අස්වැන්නේ සටහන් වන්නේ තව
මාස එක හමාරකින් පමණ පසුවය. එනම් 2013 වර්ෂයේ ජනවාරි මස මැද දීය.
ආශ්රිත ග්රන්ථ:
ගාන්ධර්ව ආපදාන
-5, මොහොමඩ් සාලි සහ පී.එල්.ඒ. සෝමපාල
(මහාචාර්ය
සුනිල් ආරියරත්න - 1997 එස්.ගොඩගේ සමාගම)
ඔබේ
හිතේ ජෝතිපාල පිලිබඳව විචාරාත්මක අදහසක් හෝ මේ ලියූ දේ ගැන විචාරයක් හෝ ඔබ දකින වැරැද්දක්
ඇත්නම් ලියන්න. කැමති විදියට ලිවිමට ඔබට නිදහස ඇත.